ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්තනිකායො
නිදානවග්ගො නිදාන වර්ගය
1. නිදානසංයුත්තං 1. නිදාන සංයුත්තය
1. බුද්ධවග්ගො 1. බුද්ධ වර්ගය
1. පටිච්චසමුප්පාදසුත්තං 1. පටිච්ච සමුප්පාද සූත්‍රය
2. විභඞ්ගසුත්තං 2. විභඩ්ග සූත්‍රය
3. පටිපදාසුත්තං 3. ප්‍රතිපදා සූත්‍රය
4. විපස්සීසුත්තං 4. විපස්සී සූත්‍රය
5. සිඛීසුත්තං 5. සිඛී සූත්‍රය
6. වෙස්සභූසුත්තං 6. වෙස්සභූ සූත්‍රය
7. කකුසන්ධසුත්තං 7. කකුසඳ සූත්‍රය
8. කොණාගමනසුත්තං 8. කෝනාගම සූත්‍රය
9. කස්සපසුත්තං 9. කස්සප සූත්‍රය
10. ගොතමසුත්තං 10. ගෞතම සූත්‍රය
2. ආහාරවග්ගො 2. ආහාර වර්ගය
1. ආහාරසුත්තං 1. ආහාර සූත්‍රය
2. මොළියඵග්ගුනසුත්තං 2. ඵග්ගුන සූත්‍රය
12
සාවත්ථියං විහරති...පෙ.... ‘‘චත්තාරොමෙ , භික්ඛවෙ, ආහාරා භූතානං වා සත්තානං ඨිතියා සම්භවෙසීනං වා අනුග්ගහාය. කතමෙ චත්තාරො? කබළීකාරො ආහාරො - ඔළාරිකො වා සුඛුමො වා, ඵස්සො දුතියො, මනොසඤ්චෙතනා තතියා, විඤ්ඤාණං චතුත්ථං. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො ආහාරා භූතානං වා සත්තානං ඨිතියා සම්භවෙසීනං වා අනුග්ගහායා’’ති.
එවං වුත්තෙ, ආයස්මා මොළියඵග්ගුනො භගවන්තං එතදවොච - ‘‘කො නු ඛො, භන්තෙ, විඤ්ඤාණාහාරං ආහාරෙතී’’ති? ‘‘නො කල්ලො පඤ්හො’’ති භගවා අවොච - ‘‘‘ආහාරෙතී’ති අහං න වදාමි. ‘ආහාරෙතී’ති චාහං වදෙය්‍යං, තත්‍රස්ස කල්ලො පඤ්හො - ‘කො නු ඛො, භන්තෙ, ආහාරෙතී’ති ? එවං චාහං න වදාමි. එවං මං අවදන්තං යො එවං පුච්ඡෙය්‍ය - ‘කිස්ස නු ඛො, භන්තෙ, විඤ්ඤාණාහාරො’ති, එස කල්ලො පඤ්හො. තත්‍ර කල්ලං වෙය්‍යාකරණං - ‘විඤ්ඤාණාහාරො ආයතිං පුනබ්භවාභිනිබ්බත්තියා පච්චයො, තස්මිං භූතෙ සති සළායතනං, සළායතනපච්චයා ඵස්සො’’’ති.
‘‘කො නු ඛො, භන්තෙ, ඵුසතී’’ති? ‘‘නො කල්ලො පඤ්හො’’ති භගවා අවොච - ‘‘‘ඵුසතී’ති අහං න වදාමි. ‘ඵුසතී’ති චාහං වදෙය්‍යං, තත්‍රස්ස කල්ලො පඤ්හො - ‘කො නු ඛො, භන්තෙ, ඵුසතී’ති? එවං චාහං න වදාමි. එවං මං අවදන්තං යො එවං පුච්ඡෙය්‍ය - ‘කිංපච්චයා නු ඛො, භන්තෙ, ඵස්සො’ති, එස කල්ලො පඤ්හො. තත්‍ර කල්ලං වෙය්‍යාකරණං - ‘සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා’’’ති.
‘‘කො නු ඛො, භන්තෙ, වෙදයතී’’ති (වෙදියතීති (සී. පී. ක.))? ‘‘නො කල්ලො පඤ්හො’’ති භගවා අවොච - ‘‘‘වෙදයතී’ති අහං න වදාමි. ‘වෙදයතී’ති චාහං වදෙය්‍යං, තත්‍රස්ස කල්ලො පඤ්හො - ‘කො නු ඛො, භන්තෙ, වෙදයතී’ති? එවං චාහං න වදාමි. එවං මං අවදන්තං යො එවං පුච්ඡෙය්‍ය - ‘කිංපච්චයා නු ඛො, භන්තෙ, වෙදනා’ති, එස කල්ලො පඤ්හො. තත්‍ර කල්ලං වෙය්‍යාකරණං - ‘ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා’’’ති.
‘‘කො නු ඛො, භන්තෙ, තසතී’’ති (තණ්හීයතීති (සී. ස්‍යා. කං.))? ‘‘නො කල්ලො පඤ්හො’’ති භගවා අවොච - ‘‘‘තසතී’ති අහං න වදාමි . ‘තසතී’ති චාහං වදෙය්‍යං, තත්‍රස්ස කල්ලො පඤ්හො - ‘කො නු ඛො, භන්තෙ, තසතී’ති? එවං චාහං න වදාමි. එවං මං අවදන්තං යො එවං පුච්ඡෙය්‍ය - ‘කිංපච්චයා නු ඛො, භන්තෙ, තණ්හා’ති, එස කල්ලො පඤ්හො. තත්‍ර කල්ලං වෙය්‍යාකරණං - ‘වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදාන’’’න්ති.
‘‘කො නු ඛො, භන්තෙ, උපාදියතී’’ති? ‘‘නො කල්ලො පඤ්හො’’ති භගවා අවොච - ‘‘‘උපාදියතී’ති අහං න වදාමි. ‘උපාදියතී’ති චාහං වදෙය්‍යං, තත්‍රස්ස කල්ලො පඤ්හො - ‘කො නු ඛො, භන්තෙ, උපාදියතී’ති? එවං චාහං න වදාමි. එවං මං අවදන්තං යො එවං පුච්ඡෙය්‍ය - ‘කිංපච්චයා නු ඛො, භන්තෙ, උපාදාන’න්ති, එස කල්ලො පඤ්හො. තත්‍ර කල්ලං වෙය්‍යාකරණං - ‘තණ්හාපච්චයා උපාදානං; උපාදානපච්චයා භවො’ති...පෙ.... එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
‘‘ඡන්නං ත්වෙව, ඵග්ගුන, ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා ඵස්සනිරොධො; ඵස්සනිරොධා වෙදනානිරොධො; වෙදනානිරොධා තණ්හානිරොධො; තණ්හානිරොධා උපාදානනිරොධො; උපාදානනිරොධා භවනිරොධො; භවනිරොධා ජාතිනිරොධො; ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී’’ති. දුතියං.
12
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, උපන් සත්වයින්ගේ පැවැත්ම පිණිසද, උපදිමින් සිටින සත්වයින්ට උපකාර පිණිසද, පවත්නාවූ මේ ආහාරයෝ (හේතු) සතරක් වෙත්. කවර සතරක්ද යත්? මහත්වූ හෝ සියුම්වූ හෝ කබලිංකාර ආහාරය, දෙවැනිවූ ස්පර්ශාහාරය, තුන්වැනිවූ මනොසංචෙතනාහාරය, සතරවැනිවූ විඤ්ඤාණාහාරය යන මොහුයි. මහණෙනි, උපන් සත්වයින්ගේ පැවැත්ම පිණිසද, උපදිමින් සිටින්නාවූ සත්වයින්ට උපකාරය පිණිසද මේ සතර ආහාරයෝ පවතිත්.
මෙසේ වදාළ කල්හි, ආයුෂ්මත් “මෝළිය ඵග්ගුන” (නම් භික්ෂුව) භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය “ස්වාමීනි, කවරෙක් වනාහි විඤ්ඤාණය ආහාරය අනුභව කෙරේද?” කියායි.
භාග්‍යවතුන් වහන්සේ “ප්‍රශ්නය නුසුදුසුය”යි වදාළ සේක. ‘අනුභව කෙරේයයි මම නොකියමි ඉදින් මම අනුභව කෙරේයයි කියම් නම්, “ස්වාමීනි, කවරෙක් වනාහි අනුභව කෙරේද? යන ප්‍රශ්නය සුදුසු වන්නේය. මම වනාහි මෙසේ නොකියමි මෙසේ නොකියන්නාවූ, මාගෙන් ‘ස්වාමීනි, විඤ්ඤාණ ආහාරය කුමකට උපකාර වේද?’ කියා මෙසේ යමෙක් අසයි නම්, එය සුදුසු ප්‍රශ්නයකි. විඤ්ඤාණ ආහාරය සසර නැවත ඉපදීමට උපකාර වෙයි. ඒ ඉපදීම ඇතිවූ කල්හි සළායතන ඇතිවෙයි. සළායතනයන් නිසා ස්පර්ශය ඇතිවේයයි කියා එහිදී විසඳීම සුදුසුය.”
“ස්වාමීනි, කවරෙක් වනාහි ස්පර්ශය කෙරේද?
“ප්‍රශ්නය නුසුදුසුයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘ස්පර්ශය කෙරේයයි’ මම නොකියමි. ඉදින් ‘ස්පර්ශය කෙරේයයි’ මම කියම් නම් එකල ‘ස්වාමීනි, කවරෙක් වනාහි ස්පර්ශය කෙරේද?’ යන ප්‍රශ්නය සුදුසු වන්නේය. මම වනාහි එසේ නොකියමි. එසේ නොකියන්නාවූ මාගෙන් ‘ස්වාමීනි, ස්පර්ශය කුමක් නිසා ඇතිවේද?’ කියා, මෙසේ යමෙක් අසයි නම් එය සුදුසු ප්‍රශ්නයකි. සළායතනයන් නිසා ස්පර්ශය ඇති වෙයි. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේයයි කියා එහිදී විසඳීම සුදුසුය.”
“ස්වාමීනි, කවරෙක් වනාහි විඳීද?”
“ප්‍රශ්නය නුසුදුසුයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “විඳීයයි මම නොකියමි. ඉදින් මම විඳීයයි කියම් නම්, ‘ස්වාමීනි, කවරෙක් වනාහි විඳීද?’ යන ප්‍රශ්නය එහිදී සුදුසු වන්නේය. එසේ වනාහි මම නොකියමි. එසේ නොකියන්නාවූ මාගෙන් ‘ස්වාමීනි කුමක් නිසා වේදනාව ඇතිවේද?’ කියා, මෙසේ යමෙක් අසයි නම්, මෙය සුදුසු ප්‍රශ්නයකි. එහිදී ස්පර්ශය නිසා වේදනාව ඇතිවෙයි. වේදනාව නිසා තණ්හාව ඇතිවේයයි කියා විසඳීම
සුදුසුය.”
“ස්වාමීනි, කවරෙක් වනාහි ආශා කරයිද?”
භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නය නුසුදුසුයයි වදාළ සේක “මම ආශා කෙරේයයි නොකියමි. ඉදින් මම ආශා කෙරේයයි කියම් නම්, ‘ස්වාමීනි, කවරෙක් වනාහි ආශා කෙරේද?’ යන ප්‍රශ්නය එහිදී සුදුසු වන්නේය. එසේ වනාහි මම නොකියමි. එසේ නොකියන්නාවූ මාගෙන් ‘ස්වාමීනි, කුමක් නිසා ආශාව ඇතිවේද?” කියා මෙසේ යමෙක් අසයි නම් මෙය සුදුසු ප්‍රශ්නයකි. එහිදී වේදනාව නිසා තණ්හාව (ආශාව) ඇතිවේ. තණ්හාව නිසා උපාදානය (දැඩිකොට අල්වාගැනීම) ඇති වේයයි කියා විසඳීම සුදුසුය.”
“ස්වාමීනි, කවරෙක් වනාහි උපාදානය (දැඩිකොට අල්වාගැනීම) කෙරෙත්ද?”
භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නය නුසුදුසුයයි වදාළ සේක. “මම උපාදානය කෙරේයයි නොකියමි. ඉදින් මම උපාදානය කෙරේයයි කියම් නම් ‘ස්වාමීනි, කවරෙක් වනාහි උපාදානය ඇති කෙරේද?’ යන ප්‍රශ්නය එහිදී සුදුසු වන්නේය. එසේ වනාහි මම නොකියමි. එසේ නොකියන්නාවූ මාගෙන් ‘ස්වාමීනි, කුමක්නිසා උපාදානය ඇතිවේද?’ කියා මෙසේ යමෙක් අසයි නම්, මෙය සුදුසු ප්‍රශ්නයකි. එහිදී තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇතිවෙත්. මෙසේ මේ සියලු තනිකර දුක් සමූහය ඇතිවෙයි.
“ඵග්ගුනය, සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ මුළුමනින් නැසීම හේතුකොටගෙන ස්පර්ශය නැතිවේ. ස්පර්ශය නැතිවීම හේතුකොටගෙන වේදනාව නැතිවේ. වේදනාව නැතිවීම හේතුකොටගෙන තණ්හාව නැතිවේ. තණ්හාව නැතිවීම හේතුකොටගෙන උපාදානය නැතිවේ. උපාදානය නැතිවීම හේතුකොටගෙන භවය නැතිවේ. භවය නැතිවීම හේතුකොට
ගෙන ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීම හේතුකොටගෙන ජරාව මරණය, ශෝකය. පරිදේව (හැඬීම) දුක්, දොම්නස් සහ උපායාසයෝ (තද ශෝක) නැතිවෙත්. මෙසේ මේ සියලු තනිකර දුක් සමූහය නැතිවෙයි.
(දෙවෙනි ඵග්ගුන සූත්‍රය නිමි.)
3. සමණබ්‍රාහ්මණසුත්තං 3. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
4. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 4. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
5. කච්චානගොත්තසුත්තං 5. කාත්‍යායන ගෝත්‍ර සූත්‍රය
6. ධම්මකථිකසුත්තං 6. ධර්ම කථික සූත්‍රය
7. අචෙලකස්සපසුත්තං 7. අචේල කස්සප සූත්‍රය
8. තිම්බරුකසුත්තං 8. තිම්බරුක සූත්‍රය
9. බාලපණ්ඩිතසුත්තං 9. බාලපණ්ඩිත සූත්‍රය
10. පච්චයසුත්තං 10. ප්‍රත්‍යය සූත්‍රය
3. දසබලවග්ගො 3. දසබල වර්ගය
1. දසබලසුත්තං 1. දසබල සූත්‍රය
2. දුතියදසබලසුත්තං 2. දසබල සූත්‍රය
3. උපනිසසුත්තං 3. උපනිසා සූත්‍රය
4. අඤ්ඤතිත්ථියසුත්තං 4. අඤ්ඤතිත්ථිය සූත්‍රය
5. භූමිජසුත්තං 5. භූමිජ සූත්‍රය
6. උපවාණසුත්තං 6. උපවාණ සූත්‍රය
7. පච්චයසුත්තං 7. පච්චය සූත්‍රය
8. භික්ඛුසුත්තං 8. භික්ෂු සූත්‍රය
9. සමණබ්‍රාහ්මණසුත්තං 9. සමණ බ්‍රාහ්මණ සූත්‍රය
10. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 10. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
4. කළාරඛත්තියවග්ගො 4. කළාරඛත්තිය වර්ගය
1. භූතසුත්තං 1. භූතමිදං සූත්‍රය
2. කළාරසුත්තං 2. කළාරඛත්තිය සූත්‍රය
3. ඤාණවත්ථුසුත්තං 3. ඤාණවත්ථු සූත්‍රය
4. දුතියඤාණවත්ථුසුත්තං 4. ඤාණවත්ථු සූත්‍රය
5. අවිජ්ජාපච්චයසුත්තං 5. අවිජ්ජා සූත්‍රය
6. දුතියඅවිජ්ජාපච්චයසුත්තං 6. අවිජ්ජා සූත්‍රය
7. නතුම්හසුත්තං 7. නතුම්හාක සූත්‍රය
8. චෙතනාසුත්තං 8. චේතනා සූත්‍රය
9. දුතියචෙතනාසුත්තං 9. චේතනා සූත්‍රය
10. තතියචෙතනාසුත්තං 10. චේතනා සූත්‍රය
5. ගහපතිවග්ගො 5. ගහපති වර්ගය
1. පඤ්චවෙරභයසුත්තං 1. පඤ්චවෙර භය සූත්‍රය
2. දුතියපඤ්චවෙරභයසුත්තං 2. පඤ්චවේරභය සූත්‍රය
3. දුක්ඛසුත්තං 3. දුක්ඛ සූත්‍රය
4. ලොකසුත්තං 4. ලෝක සූත්‍රය
5. ඤාතිකසුත්තං 5. ඤාතික සූත්‍රය
6. අඤ්ඤතරබ්‍රාහ්මණසුත්තං 6. අඤ්ඤතර සූත්‍රය
7. ජාණුස්සොණිසුත්තං 7. ජාණුස්සෝණි සූත්‍රය
8. ලොකායතිකසුත්තං 8. ලෝකායතික සූත්‍රය
9. අරියසාවකසුත්තං 9. ආර්යශ්‍රාවක සූත්‍රය
10. දුතියඅරියසාවකසුත්තං 10. ආර්යශ්‍රාවක සූත්‍රය
6. දුක්ඛවග්ගො 6. දුක්ඛ වර්ගය
1. පරිවීමංසනසුත්තං 1. පරිවීමංසමාන සූත්‍රය
2. උපාදානසුත්තං 2. උපාදාන සූත්‍රය
3. සංයොජනසුත්තං 3. සංයෝජන සූත්‍රය
4. දුතියසංයොජනසුත්තං 4. සංයෝජන සූත්‍රය
5. මහාරුක්ඛසුත්තං 5. මහාරුක්ඛ සූත්‍රය
6. දුතියමහාරුක්ඛසුත්තං 6. මහාරුක්ඛ සූත්‍රය
7. තරුණරුක්ඛසුත්තං 7. තරුණ රුක්ඛ සූත්‍රය
8. නාමරූපසුත්තං 8. නාමරූප සූත්‍රය
9. විඤ්ඤාණසුත්තං 9. විඤ්ඤාණ සූත්‍රය
10. නිදානසුත්තං 10. නිදාන සූත්‍රය
7. මහාවග්ගො 7. මහා වර්ගය
1. අස්සුතවාසුත්තං 1. අස්සුතවන්තු සූත්‍රය
2. දුතියඅස්සුතවාසුත්තං 2. අස්සුතවන්තු සූත්‍රය
3. පුත්තමංසූපමසුත්තං 3. පුත්‍ර මාංශ සූත්‍රය
4. අත්ථිරාගසුත්තං 4. රාග සූත්‍රය
5. නගරසුත්තං 5. නගර සූත්‍රය
6. සම්මසසුත්තං 6. සම්මසන සූත්‍රය
7. නළකලාපීසුත්තං 7. නළකලාපිය සූත්‍රය
8. කොසම්බිසුත්තං 8. කෝසම්බී සූත්‍රය
9. උපයන්තිසුත්තං 9. උපයන්ති සූත්‍රය
10. සුසිමසුත්තං 10. සුසීම සූත්‍රය
8. සමණබ්‍රාහ්මණවග්ගො 8. ශ්‍රමණ බ්‍රාහ්මණ වර්ගය
1. ජරාමරණසුත්තං 1. පච්චය සූත්‍රය
2-11. ජාතිසුත්තාදිදසකං 2-11. ජාති සූත්‍රය ආදී වූ දහය
9. අන්තරපෙය්‍යාලං 9. අන්තර පෙය්යාලය
1. සත්ථුසුත්තං 1. සත්ථු වර්ගය
2-11. දුතියසත්ථුසුත්තාදිදසකං 2-11. දෙවැනි සත්ථු සූත්‍රය ආදී වූ දහය
2-12. සික්ඛාසුත්තාදිපෙය්‍යාලඑකාදසකං 2-12. සික්ඛා සූත්‍රය ආදී වූ පෙය්යාල එකොළහ