ත්‍රිපිටකය
11. සක්කසංයුත්තං 11. සක්කා (හෙවත් වාසව) සංයුත්තය
1. පඨමවග්ගො 1. සුවීර වර්‍ගය
1. සුවීරසුත්තං 1. සුවීර සූත්‍රය
2. සුසීමසුත්තං 2. සුසීම සූත්‍රය
3. ධජග්ගසුත්තං 3. ධජග්ග සූත්‍රය
4. වෙපචිත්තිසුත්තං 4. වේපචිත්ති (නොහොත් ඛන්ති) සූත්‍රය
250
සාවත්ථිනිදානං. ‘‘භූතපුබ්බං , භික්ඛවෙ, දෙවාසුරසඞ්ගාමො සමුපබ්‍යූළ්හො අහොසි. අථ ඛො, භික්ඛවෙ, වෙපචිත්ති අසුරින්දො අසුරෙ ආමන්තෙසි - ‘සචෙ, මාරිසා, දෙවානං අසුරසඞ්ගාමෙ සමුපබ්‍යූළ්හෙ අසුරා ජිනෙය්‍යුං දෙවා පරාජිනෙය්‍යුං (පරාජෙය්‍යුං (සී. පී.)), යෙන නං සක්කං දෙවානමින්දං කණ්ඨපඤ්චමෙහි බන්ධනෙහි බන්ධිත්වා මම සන්තිකෙ ආනෙය්‍යාථ අසුරපුර’න්ති. සක්කොපි ඛො, භික්ඛවෙ, දෙවානමින්දො දෙවෙ තාවතිංසෙ ආමන්තෙසි - ‘සචෙ, මාරිසා, දෙවානං අසුරසඞ්ගාමෙ සමුපබ්‍යූළ්හෙ දෙවා ජිනෙය්‍යුං අසුරා පරාජිනෙය්‍යුං, යෙන නං වෙපචිත්තිං අසුරින්දං කණ්ඨපඤ්චමෙහි බන්ධනෙහි බන්ධිත්වා මම සන්තිකෙ ආනෙය්‍යාථ සුධම්මසභ’’’න්ති. තස්මිං ඛො පන, භික්ඛවෙ, සඞ්ගාමෙ දෙවා ජිනිංසු , අසුරා පරාජිනිංසු (පරාජිංසු (සී. පී.)). අථ ඛො, භික්ඛවෙ, දෙවා තාවතිංසා වෙපචිත්තිං අසුරින්දං කණ්ඨපඤ්චමෙහි බන්ධනෙහි බන්ධිත්වා සක්කස්ස දෙවානමින්දස්ස සන්තිකෙ ආනෙසුං සුධම්මසභං. තත්‍ර සුදං, භික්ඛවෙ, වෙපචිත්ති අසුරින්දො කණ්ඨපඤ්චමෙහි බන්ධනෙහි බද්ධො සක්කං දෙවානමින්දං සුධම්මසභං පවිසන්තඤ්ච නික්ඛමන්තඤ්ච අසබ්භාහි ඵරුසාහි වාචාහි අක්කොසති පරිභාසති. අථ ඛො, භික්ඛවෙ, මාතලි සඞ්ගාහකො සක්කං දෙවානමින්දං ගාථාහි අජ්ඣභාසි -
‘‘භයා නු මඝවා සක්ක, දුබ්බල්‍යා නො තිතික්ඛසි;
සුණන්තො ඵරුසං වාචං, සම්මුඛා වෙපචිත්තිනො’’ති.
‘‘නාහං භයා න දුබ්බල්‍යා, ඛමාමි වෙපචිත්තිනො;
කථඤ්හි මාදිසො විඤ්ඤූ, බාලෙන පටිසංයුජෙ’’ති.
‘‘භිය්‍යො බාලා පභිජ්ජෙය්‍යුං, නො චස්ස පටිසෙධකො;
තස්මා භුසෙන දණ්ඩෙන, ධීරො බාලං නිසෙධයෙ’’ති.
‘‘එතදෙව අහං මඤ්ඤෙ, බාලස්ස පටිසෙධනං;
පරං සඞ්කුපිතං ඤත්වා, යො සතො උපසම්මතී’’ති.
‘‘එතදෙව තිතික්ඛාය, වජ්ජං පස්සාමි වාසව;
යදා නං මඤ්ඤති බාලො, භයා ම්‍යායං තිතික්ඛති;
අජ්ඣාරුහති දුම්මෙධො, ගොව භිය්‍යො පලායින’’න්ති.
‘‘කාමං මඤ්ඤතු වා මා වා, භයා ම්‍යායං තිතික්ඛති;
සදත්ථපරමා අත්ථා, ඛන්ත්‍යා භිය්‍යො න විජ්ජති.
‘‘යො හවෙ බලවා සන්තො, දුබ්බලස්ස තිතික්ඛති;
තමාහු පරමං ඛන්තිං, නිච්චං ඛමති දුබ්බලො.
‘‘අබලං තං බලං ආහු, යස්ස බාලබලං බලං;
බලස්ස ධම්මගුත්තස්ස, පටිවත්තා න විජ්ජති.
‘‘තස්සෙව තෙන පාපියො, යො කුද්ධං පටිකුජ්ඣති;
කුද්ධං අප්පටිකුජ්ඣන්තො, සඞ්ගාමං ජෙති දුජ්ජයං.
‘‘උභින්නමත්ථං චරති, අත්තනො ච පරස්ස ච;
පරං සඞ්කුපිතං ඤත්වා, යො සතො උපසම්මති.
‘‘උභින්නං තිකිච්ඡන්තානං, අත්තනො ච පරස්ස ච;
ජනා මඤ්ඤන්ති බාලොති, යෙ ධම්මස්ස අකොවිදා’’ති.
‘‘සො හි නාම, භික්ඛවෙ, සක්කො දෙවානමින්දො සකං පුඤ්ඤඵලං උපජීවමානො දෙවානං තාවතිංසානං ඉස්සරියාධිපච්චං රජ්ජං කාරෙන්තො ඛන්තිසොරච්චස්ස වණ්ණවාදී භවිස්සති. ඉධ ඛො තං, භික්ඛවෙ, සොභෙථ යං තුම්හෙ එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිතා සමානා ඛමා ච භවෙය්‍යාථ සොරතා චා’’ති.
250
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්‍ෂූන් ඇමතූසේක. “ස්වාමීනී” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. “මහණෙනි, පෙර වූවක් කියමි. දෙවියන්ගේද අසුරයන්ගේද යුද්ධයක් ඇතිවිය.
“මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරේන්‍ද්‍රතෙම අසුරයන්ට මෙසේ කීයේය. ‘පින්වත්නි, ඉදින් දේව අසුර යුද්ධය වූ කල අසුරයෝ දිනන්නහු නම් දෙවියෝ පරදින්නහු නම් ඒ ශක්‍ර දේවේන්‍ද්‍රයා කණ්ඨපඤ්චම බැඳුමෙන් (දෙඅත්, දෙපා, බෙල්ල යන මේ පස්තැනින්) බැඳ අසුර පුරයෙහි මා සමීපයට ගෙනෙව්’ (යි කීය.)
“මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍ර තෙමේත් තව්තිසා වැසි දෙවියන්ට මෙසේ කීය: “පින්වතුනි, ඉදින් දේව අසුර යුද්‍ධය වූ
කල දෙවියෝ දිනන්නාහු නම් අසුරයෝ පරදින්නාහු නම් එවිට ඒ (අසුර රජවූ) වේපචිත්ති අසුරේන්‍ද්‍රයා කණ්ඨපඤ්චම බන්‍ධනයෙන් බැඳ සුධර්‍ම සභායෙහි මා සමීපයට ගෙනෙව්’ (යි කීය.)
“මහණෙනි, ඒ යුද්ධයෙහි දෙවියෝ දිනූහ, අසුරයෝ පැරදුනහ.
“මහණෙනි, ඉක්බිති තව්තිසා වැසි දෙවියෝ වේපචිත්ති අසුරිඳු කණ්ඨපඤ්චම බැම්මෙන් බැඳ ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ සමීපයෙහි සුධර්‍මා සභාවට ගෙනාහ.
“මහණෙනි, එහි වනාහි කණ්ඨපඤ්චම බන්‍ධනයෙන් බැඳුනු වේපචිත්ති අසුරිඳු තෙම සුධර්‍මා සභාවට පිවිසෙන විටද, නිත්මෙන විටද ශක්‍ර දේවේන්‍ද්‍රයාට අසභ්‍ය ඵරුෂ වචනයෙන් ආක්‍රෝෂ කෙරෙයි, පරිභව කෙරෙයි.
“මහණෙනි, ඉක්බිති මාතලී රථාචාර්‍ය්‍ය තෙම ශක්‍ර දේවේන්‍ද්‍රයාට ගාථායෙන් (මෙසේ) කීය.
“ශක්‍රය, වේපචිත්තිගේ පරොස් බස් ඉදිරියෙහි අසමින් ඉවසන්නේ භයින්ද නොහොත් දුබල බැවින්ද?”
“(ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම මෙසේ කීය:) ‘වේපචිත්තිගේ පරොස් බස් ඉවසන්නේ බියෙන් හෝ දුබල බැවින් නොවේ. මා වැනිවූ නුවණැත්තෙක් එබඳු බාලයකු හා කෙසේ නම් සටන් කරන්නේද, (එකටෙක කරන්නේද?’)
“(මාතලී මෙසේ කීය:) ‘වළක්වන්නෙක් නොවේ නම්, අඥානයෝ ඉතා බොහෝසේ විරුද්ධව
ඉදිරියට එන්නාහුය. එහෙයින් නුවණැති ජනතෙම මහත්වූ දඬුවමින් බාලයා වළක්වන්නේය.
“(ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම මෙසේ කීය:) ‘ඉතා කිපියාවූ අන්‍යයකු දැක යමෙක් සිහි ඇතිව සන්සිඳේද, එයම බාලයන්ගේ නියම වැළකීමයයි හඟිමි.”
“(මාතලී මෙසේ කීය:) ‘මෙතෙම මට භයින් ඉවසා’ යයි අඥානතෙම යම් හෙයකින් හඟීද, ශක්‍රය, පැන දුවන ගොනෙකු පසුපස්සේ එළවායන්නාවූ ගවමුලක් මෙන් නුවණ මඳ ජන තෙම වැඩියක් පසුපස්සේ එළවා යයි.’
“(ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම මෙසේ කීය:) ‘හෙතෙම මට භයින් ඉවසාය’ යි ඒකාන්තයෙන් හඟනේ හෝ වේවා නොහඟනේ හෝ වේවා සියලු අර්ත්‍ථයෝ ස්වකීය දියුණුව පරමකොට ඇත්තාහුය. ඉවසීමට වඩා උතුම් වූවක් නැත්තේය.’,
“ ‘යමෙක් තෙම ඒකාන්තයෙන් බලවත් වූයේ දුර්‍වලයකුගේ (නින්‍දාකිරීම්) ඉවසාද, ඔහුගේ ඒ ඉවසීම උතුම් ඉවසීමයයි (ආර්‍ය්‍යයෝ) කියත්. දුර්‍වල ජනතෙම හැමවිටම ඉවසයි.”
“ ‘යමෙකුගේ බලය අඥාන බලය නම් ඒ බලය බලයක් නොවේයයි ආර්‍ය්‍යයෝ කියති. ධර්‍මයෙන් සංවර කරන ලද්දාවූ තැනැත්තාගේ බලය නියම බලයම නොවේය’ යි කියන්නෙක් නැත.
“ ‘යමෙක් පළමු කිපුනහුට පෙරළා කිපේද, ඔහුගේ පෙරළා කිපීම ඊටත් වඩා පාපිෂ්ඨයි. කිපුනහුට පෙරලා නොකිපෙන ජනතෙම දිනීමට ඉතා දුෂ්කරවූ සටනක් දිනයි.
“ ‘අන්‍යයෙකු කිපුන බව දැන යමෙක් සිහි ඇතිව සන්සිඳේද? (ඉවසාද), හෙතෙම තමහටද පරහටද යන දෙකොටසටම යහපත සලසයි.’
“ ‘යම් ජන කෙනෙක් ධර්‍මයෙහි අදක්‍ෂද, ඒ අන්‍ධබාල ජනයෝ තමන්ටද අනුන්ටද යන දෙදෙනාටම පිළියම් කරන්නාවූ පුද්ගලයා අන්‍ධබාලයෙකැයි හඟිත්.’
“මහණෙනි, ඒ ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම වනාහි ස්වකීය පුණ්‍ය ඵලය නිසා ජීවත්වන්නේ, තව්තිසා වැසි දෙවියන්ගේ අධිපති භාවයෙන් රාජ්‍යය කරවන්නේ, ඉවසීමෙහි හා මෘදු බැව්හි ගූණ කියන්නෙක් වේ.
“මහණෙනි, මෙහි (මේ ශාසනයෙහි) ද එය (ඒ ගුණය) හොබවව්. තෙපි මෙසේ හොඳින් දේශනා කරන ලද ධර්‍ම විනයෙහි පැවිදිවූවාහු ඉවසීම ඇත්තෝද මෘදු බව ඇත්තාහුද වව්.”
5. සුභාසිතජයසුත්තං 5. සුභාෂිත ජය සූත්‍රය
6. කුලාවකසුත්තං 6. කුලාවක සූත්‍රය
7. නදුබ්භියසුත්තං 7. න දුබ්භිය සූත්‍රය
8. වෙරොචනඅසුරින්දසුත්තං 8. වීරෝවන් අසුරින්‍ද (නොහොත් අත්‍ථ) සූත්‍රය
9. අරඤ්ඤායතනඉසිසුත්තං 9. ඉසයො අරඤ්ඤතා (නොහොත් ගන්‍ධ) සූත්‍රය
10. සමුද්දකසුත්තං 10. ඉසයො සමුද්දකා (නොහොත් සම්බර) සූත්‍රය
2. දුතියවග්ගො 2. සත්තවත වර්‍ගය
1. වතපදසුත්තං 1. දේවා (නොහොත් වතපද) සූත්‍රය
2. සක්කනාමසුත්තං 2. දේවා සූත්‍රය
3. මහාලිසුත්තං 3. දේවා සූත්‍රය
4. දලිද්දසුත්තං 4. දළිද්ද සූත්‍රය
5. රාමණෙය්‍යකසුත්තං 5. රාමණෙය්‍යක සූත්‍රය
6. යජමානසුත්තං 6. යජමාන සූත්‍රය
7. බුද්ධවන්දනාසුත්තං 7. වන්‍දනා සූත්‍රය
8. ගහට්ඨවන්දනාසුත්තං 8. (පළමුවන) සක්ක නමස්සන සූත්‍රය
9. සත්ථාරවන්දනාසුත්තං 9. (දෙවෙනි) සක්ක නමස්සන සූත්‍රය
10. සඞ්ඝවන්දනාසුත්තං 10. (තුන්වෙනි) සක්ක නමස්සන සූත්‍රය
3. තතියවග්ගො 3. තුන්වන වග. (සක්ක පඤ්චකය)
1. ඡෙත්වාසුත්තං 1. ඣත්‍වා සූත්‍රය
2. දුබ්බණ්ණියසුත්තං 2. දුඛණ්ණීය සූත්‍රය
3. සම්බරිමායාසුත්තං 3. මායා සූත්‍රය
4. අච්චයසුත්තං 4. අච්චය (නොහොත් අකෝධන) සූත්‍රය
5. අක්කොධසුත්තං 5. අක්කොධ (හෙවත් අවිහිංසා) සූත්‍රය