ත්‍රිපිටකය
11. සක්කසංයුත්තං 11. සක්කා (හෙවත් වාසව) සංයුත්තය
1. පඨමවග්ගො 1. සුවීර වර්‍ගය
1. සුවීරසුත්තං 1. සුවීර සූත්‍රය
2. සුසීමසුත්තං 2. සුසීම සූත්‍රය
3. ධජග්ගසුත්තං 3. ධජග්ග සූත්‍රය
4. වෙපචිත්තිසුත්තං 4. වේපචිත්ති (නොහොත් ඛන්ති) සූත්‍රය
5. සුභාසිතජයසුත්තං 5. සුභාෂිත ජය සූත්‍රය
6. කුලාවකසුත්තං 6. කුලාවක සූත්‍රය
7. නදුබ්භියසුත්තං 7. න දුබ්භිය සූත්‍රය
8. වෙරොචනඅසුරින්දසුත්තං 8. වීරෝවන් අසුරින්‍ද (නොහොත් අත්‍ථ) සූත්‍රය
9. අරඤ්ඤායතනඉසිසුත්තං 9. ඉසයො අරඤ්ඤතා (නොහොත් ගන්‍ධ) සූත්‍රය
10. සමුද්දකසුත්තං 10. ඉසයො සමුද්දකා (නොහොත් සම්බර) සූත්‍රය
2. දුතියවග්ගො 2. සත්තවත වර්‍ගය
1. වතපදසුත්තං 1. දේවා (නොහොත් වතපද) සූත්‍රය
2. සක්කනාමසුත්තං 2. දේවා සූත්‍රය
3. මහාලිසුත්තං 3. දේවා සූත්‍රය
4. දලිද්දසුත්තං 4. දළිද්ද සූත්‍රය
260
එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘භූතපුබ්බං, භික්ඛවෙ, අඤ්ඤතරො පුරිසො ඉමස්මිංයෙව රාජගහෙ මනුස්සදලිද්දො (මනුස්සදළිද්දො (සී. ස්‍යා. කං.)) අහොසි මනුස්සකපණො මනුස්සවරාකො. සො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ සද්ධං සමාදියි, සීලං සමාදියි, සුතං සමාදියි, චාගං සමාදියි, පඤ්ඤං සමාදියි. සො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ සද්ධං සමාදියිත්වා සීලං සමාදියිත්වා සුතං සමාදියිත්වා චාගං සමාදියිත්වා පඤ්ඤං සමාදියිත්වා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජි දෙවානං තාවතිංසානං සහබ්‍යතං. සො අඤ්ඤෙ දෙවෙ අතිරොචති වණ්ණෙන චෙව යසසා ච. තත්‍ර සුදං, භික්ඛවෙ, දෙවා තාවතිංසා උජ්ඣායන්ති ඛිය්‍යන්ති විපාචෙන්ති - ‘අච්ඡරියං වත භො, අබ්භුතං වත භො! අයඤ්හි දෙවපුත්තො පුබ්බෙ මනුස්සභූතො සමානො මනුස්සදලිද්දො අහොසි මනුස්සකපණො මනුස්සවරාකො; සො කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නො දෙවානං තාවතිංසානං සහබ්‍යතං. සො අඤ්ඤෙ දෙවෙ අතිරොචති වණ්ණෙන චෙව යසසා චා’’’ති.
‘‘අථ ඛො, භික්ඛවෙ, සක්කො දෙවානමින්දො දෙවෙ තාවතිංසෙ ආමන්තෙසි - ‘මා ඛො තුම්හෙ, මාරිසා, එතස්ස දෙවපුත්තස්ස උජ්ඣායිත්ථ. එසො ඛො, මාරිසා, දෙවපුත්තො පුබ්බෙ මනුස්සභූතො සමානො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ සද්ධං සමාදියි, සීලං සමාදියි, සුතං සමාදියි, චාගං සමාදියි, පඤ්ඤං සමාදියි. සො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ සද්ධං සමාදියිත්වා සීලං සමාදියිත්වා සුතං සමාදියිත්වා චාගං සමාදියිත්වා පඤ්ඤං සමාදියිත්වා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නො දෙවානං තාවතිංසානං සහබ්‍යතං . සො අඤ්ඤෙ දෙවෙ අතිරොචති වණ්ණෙන චෙව යසසා චා’’’ති. අථ ඛො, භික්ඛවෙ, සක්කො දෙවානමින්දො දෙවෙ තාවතිංසෙ අනුනයමානො තායං වෙලායං ඉමා ගාථායො අභාසි -
‘‘යස්ස සද්ධා තථාගතෙ, අචලා සුප්පතිට්ඨිතා;
සීලඤ්ච යස්ස කල්‍යාණං, අරියකන්තං පසංසිතං.
‘‘සඞ්ඝෙ පසාදො යස්සත්ථි, උජුභූතඤ්ච දස්සනං;
අදලිද්දොති තං ආහු, අමොඝං තස්ස ජීවිතං.
‘‘තස්මා සද්ධඤ්ච සීලඤ්ච, පසාදං ධම්මදස්සනං;
අනුයුඤ්ජෙථ මෙධාවී, සරං බුද්ධාන සාසන’’න්ති.
260
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසල කලන්‍දකනිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි ඒ භික්‍ෂූන්ට කථාකළසේක. “ස්වාමීනී” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: “මහණෙනි, පෙරවූ දෙයක් කියමි. මේ රජගයනුවරම හිඟන්නාවූ නිවටවූ දිළිඳුවූ එක්තරා පුරුෂයෙක් විය.
“හෙතෙම තථාගතයන් වදාළ ධර්‍මවිනයෙහි ශ්‍රද්‍ධාව පිහිටවීය, සීලය සමාදන්වීය. ධර්‍මය ඉගෙනීමෙහි යෙදුනේය, ත්‍යාගය සමාදන්වීය, ප්‍රඥාව සමාදන් වීය.
“හෙතෙම තථාගතයන් වහන්සේ විසින් දේශනාකරනලද ධර්‍මවිනයෙහි ශ්‍රද්‍ධාව සමාදන්ව, සීලය සමාදන්ව, ධර්‍මය ඉගෙණගැනීමෙහි යෙදී, ත්‍යාගය සමාදන්ව, ප්‍රඥාව
සමාදන්ව, මැරී ශරීරය බිඳී ගියපසු තව්තිසා වැසි දෙවියන්ගේ සමාගමයට යහපත් ගති ඇත්තාවූ ස්වර්‍ග ලෝකයට උප්පත්තිවශයෙන් පැමිණියේය. හෙතෙම ශරීර ශෝභාවෙන්ද යසසින්ද අන් දෙවියන් පරදවයි.
“මහණෙනි, එහි තව්තිසා වැසි දෙවියෝ (ඒ දෙවියා) ලාමක වශයෙන් සිතත්:, (ඒ බව) ප්‍රකාශ කෙරෙත්., ඒ ඒ තැන පතුරවත්: ‘පින්වත්නි, (මේදේ) ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයි: පින්වතුනි, ඒකාන්තයෙන් පුදුමයි, මේ දිව්‍යපුත්‍ර තෙම වනාහි පෙර මිනිස්බවෙහි සිටිකල දිළින්දෙක් විය. (හිඟන්නෙක්) විය, නිවටෙක් විය. හෙතෙම මැරී ශරීරය බිඳීගිය පසු තව්තිසාවැසි දෙවියන්ගේ සමාගමයට, ස්වර්‍ග ලෝකයට උප්පත්ති වශයෙන් පැමිණියේය. හෙතෙම අන් දෙවියන් වර්‍ණයෙන්ද යසසින්ද පරදවයි. (කියායි.)
“මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම තව්තිසා වැසි දෙවියන් (මෙසේ) ඇමතීය. පින්වතුනි, තෙපි මේ දෙව්පුතු ලාමකකොට නොසිතව්, පින්වතුනි, මේ දෙව්පුත්තෙම පෙර මිනිස් භවයෙහි සිටිකල තථාගතයන් වහන්සේ විසින් දේශනා කරනලද ධර්‍මවිනයෙහි ශ්‍රද්‍ධාව සමාදන්විය, සීලය සමාදන්විය, ධර්‍මය ඉගෙනගැනීමෙහි යෙදුනි, ත්‍යාගය සමාදන්විය, ප්‍රඥාව සමාදන්විය, හෙතෙම තථාගතයන් වදාළ ධර්‍මවිනයෙහි ශ්‍රද්‍ධාව සමාදන්ව, සීලය සමාදන්ව, ශ්‍රුතය සමාදන්ව, ත්‍යාගය සමාදන්ව, ප්‍රඥාව සමාදන්ව, මැරී ශරීරය බිඳීගිය පසු තව්තිසා වැසි දෙවියන්ගේ සමාගමයට සුගති නම්වූ ස්වර්‍ග ලෝකයට උප්පත්ති වශයෙන් පැමිණියේය. හෙතෙම අන් දෙවියන් වර්‍ණයෙන්ද යසසින්ද පරදවයි.” (කියායි.)
“මහණෙනි, එකල සක් දෙවිඳු තෙම තව්තිසා වැසි දෙවියන් සතුටු කරනුයේ, ඒ වේලාවෙහි මේ ගාථාවන් කීය:
“යමකුට තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්‍ධාව ස්ථිරවේද, නිශ්චලව හොඳින් පිහිටියේ වේද, යමකුගේ යහපත්වූ ශීලයන් ආර්‍ය්‍යයන් විසින් ප්‍රිය කරන ලද්දේ ඔවුන් විසින් ප්‍රශංසා කරන ලද්දේද,
“යමකුට සංඝයා කෙරෙහි පැහැදීම ඇත්තේද, යමකුගේ දර්‍ශනයත් ඎජුවූයේවේද, ඔහු දිළිඳු නොවූවෙකැයි උතුමෝ කියති. ඔහුගේ ජීවිතය හිස් නොවේ.
“එහෙයින් ප්‍රාඥතෙමේ බුදුවරයන්ගේ ශාසනය සිහිකරන්නේ, ශ්‍රද්‍ධාවද, ශීලයද, පැහැදීමද, ධර්‍මය දැකීමද, එහි යෙදීමෙන් පිරිසිදු කරන්නේය.”
5. රාමණෙය්‍යකසුත්තං 5. රාමණෙය්‍යක සූත්‍රය
6. යජමානසුත්තං 6. යජමාන සූත්‍රය
7. බුද්ධවන්දනාසුත්තං 7. වන්‍දනා සූත්‍රය
8. ගහට්ඨවන්දනාසුත්තං 8. (පළමුවන) සක්ක නමස්සන සූත්‍රය
9. සත්ථාරවන්දනාසුත්තං 9. (දෙවෙනි) සක්ක නමස්සන සූත්‍රය
10. සඞ්ඝවන්දනාසුත්තං 10. (තුන්වෙනි) සක්ක නමස්සන සූත්‍රය
3. තතියවග්ගො 3. තුන්වන වග. (සක්ක පඤ්චකය)
1. ඡෙත්වාසුත්තං 1. ඣත්‍වා සූත්‍රය
2. දුබ්බණ්ණියසුත්තං 2. දුඛණ්ණීය සූත්‍රය
3. සම්බරිමායාසුත්තං 3. මායා සූත්‍රය
4. අච්චයසුත්තං 4. අච්චය (නොහොත් අකෝධන) සූත්‍රය
5. අක්කොධසුත්තං 5. අක්කොධ (හෙවත් අවිහිංසා) සූත්‍රය