ත්‍රිපිටකය
11. සක්කසංයුත්තං 11. සක්කා (හෙවත් වාසව) සංයුත්තය
1. පඨමවග්ගො 1. සුවීර වර්‍ගය
1. සුවීරසුත්තං 1. සුවීර සූත්‍රය
2. සුසීමසුත්තං 2. සුසීම සූත්‍රය
3. ධජග්ගසුත්තං 3. ධජග්ග සූත්‍රය
4. වෙපචිත්තිසුත්තං 4. වේපචිත්ති (නොහොත් ඛන්ති) සූත්‍රය
5. සුභාසිතජයසුත්තං 5. සුභාෂිත ජය සූත්‍රය
6. කුලාවකසුත්තං 6. කුලාවක සූත්‍රය
7. නදුබ්භියසුත්තං 7. න දුබ්භිය සූත්‍රය
8. වෙරොචනඅසුරින්දසුත්තං 8. වීරෝවන් අසුරින්‍ද (නොහොත් අත්‍ථ) සූත්‍රය
9. අරඤ්ඤායතනඉසිසුත්තං 9. ඉසයො අරඤ්ඤතා (නොහොත් ගන්‍ධ) සූත්‍රය
10. සමුද්දකසුත්තං 10. ඉසයො සමුද්දකා (නොහොත් සම්බර) සූත්‍රය
256
සාවත්ථියං. ‘‘භූතපුබ්බං, භික්ඛවෙ, සම්බහුලා ඉසයො සීලවන්තො කල්‍යාණධම්මා සමුද්දතීරෙ පණ්ණකුටීසු සම්මන්ති. තෙන ඛො පන සමයෙන දෙවාසුරසඞ්ගාමො සමුපබ්‍යූළ්හො අහොසි. අථ ඛො, භික්ඛවෙ, තෙසං ඉසීනං සීලවන්තානං කල්‍යාණධම්මානං එතදහොසි - ‘ධම්මිකා ඛො දෙවා, අධම්මිකා අසුරා. සියාපි නො අසුරතො භයං. යංනූන මයං සම්බරං අසුරින්දං උපසඞ්කමිත්වා අභයදක්ඛිණං යාචෙය්‍යාමා’’’ති. ‘‘අථ ඛො, භික්ඛවෙ, තෙ ඉසයො සීලවන්තො කල්‍යාණධම්මා - සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය එවමෙව - සමුද්දතීරෙ පණ්ණකුටීසු අන්තරහිතා සම්බරස්ස අසුරින්දස්ස සම්මුඛෙ පාතුරහෙසුං. අථ ඛො, භික්ඛවෙ, තෙ ඉසයො සීලවන්තො කල්‍යාණධම්මා සම්බරං අසුරින්දං ගාථාය අජ්ඣභාසිංසු -
‘‘ඉසයො සම්බරං පත්තා, යාචන්ති අභයදක්ඛිණං;
කාමංකරො හි තෙ දාතුං, භයස්ස අභයස්ස වා’’ති.
‘‘ඉසීනං අභයං නත්ථි, දුට්ඨානං සක්කසෙවිනං;
අභයං යාචමානානං, භයමෙව දදාමි වො’’ති.
‘‘අභයං යාචමානානං, භයමෙව දදාසි නො;
පටිග්ගණ්හාම තෙ එතං, අක්ඛයං හොතු තෙ භයං.
‘‘යාදිසං වපතෙ බීජං, තාදිසං හරතෙ ඵලං;
කල්‍යාණකාරී කල්‍යාණං, පාපකාරී ච පාපකං;
පවුත්තං තාත තෙ බීජං, ඵලං පච්චනුභොස්සසී’’ති.
‘‘අථ ඛො, භික්ඛවෙ, තෙ ඉසයො සීලවන්තො කල්‍යාණධම්මා සම්බරං අසුරින්දං අභිසපිත්වා - සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය එවමෙව - සම්බරස්ස අසුරින්දස්ස සම්මුඛෙ අන්තරහිතා සමුද්දතීරෙ පණ්ණකුටීසු පාතුරහෙසුං. අථ ඛො, භික්ඛවෙ, සම්බරො අසුරින්දො තෙහි ඉසීහි සීලවන්තෙහි කල්‍යාණධම්මෙහි අභිසපිතො රත්තියා සුදං තික්ඛත්තුං උබ්බිජ්ජී’’ති.
256
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්‍ෂූන් ඇමතූසේක. “ස්වාමීනී” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) “මහණෙනි, පෙරවූ දෙයක් කියමි. සිල්වත් යහපත් දහම් ඇති ඎෂීහු මුහුදු තෙර පන්සල්හි වෙසෙත්.
“මහණෙනි, එසමයෙහි වනාහි දෙවි අසුර යුද්‍ධයක් ඇතිවිය. මහණෙනි, ඉක්බිති ඒ සිල්වත් යහපත් දහම් ඇති බොහෝ ඎෂීන්ට මේ අදහස විය: ‘දෙවියෝ ධාර්මිකයෝය. අසුරයෝ අධාර්මිකයෝය. අපට අසුරයන්ගෙන් බියෙක් විය හැකිය. අපි සම්බර අසුරිඳු වෙත පැමිණ අභයදානය (භය නැතිකිරීම) ඉල්ලන්නෙමු නම් මැනව.’
“මහණෙනි, ඉක්බිති ඒ සිල්වත්, යහපත් දහම් ඇති ඎෂීහු වීර්‍ය්‍ය ඇත්තෙක් හැකුළූ අත දික් කරන්නේ හෝ දික්කළ අත හකුළන්නේ හෝ යම්සේද, එසේම මුහුදු තෙර පන්සලින් අතුරුදන්ව සම්බර අසුරිඳු ඉදිරියෙහි පහළවූහ.
“මහණෙනි, ඉක්බිති ඒ සිල්වත්, යහපත් දහම් ඇති ඎෂීහු සම්බර අසුරිඳුට ගාථායෙන් මෙසේ කීහ:
“සම්බර කරා පැමිණි ඎෂීහු අභයදානය ඉල්වත්. ඔවුන්ට භය දෙන්නට හෝ අභය දෙන්නට හෙතෙම පොහොසති.”
(සම්බර අසුරයා මෙසේ කීය:) ‘අපට විරුද්‍ධවූ ශක්‍රයා සේවනය කරන්නාවූ මේ ඎෂීන්ට භයක් මුත් අභයක් නැත. නිර්භය ඉල්ලන්නාවූ තොපට බියක්ම දෙමි.’
(ඎෂීහු මෙසේ කීහ:) නිර්භය ඉල්ලන්නා අපට භයක්ම දෙන්නෙහිය. තාගේ මේ කීම පිළිගනිමු. තගේ බිය ක්‍ෂය නොවේවා. (යමෙක්) යම්බඳු බිජුවටක් වපුරාද එබඳුමවූ ඵලයක් (හෙතෙම) ලබයි. යහපත් දේ කරන්නා යහපතද, පව් කරන්නා පාප විපාකද ලබයි. දරුව, තා විසින් බීජයක් වපුරණ ලද්දේය. එහි ඵලය විඳින්නෙහිය.’
“මහණෙනි, ඉක්බිති ඒ සිල්වත්, යහපත් දහම් ඇති ඎෂීහු සම්බර අසුරිඳුට ශාපකොට වෙර ශක්තිමත් පුඟුලෙක් වක්කළ අත දික් කරන්නේ හෝ දික්කළ අත වක් කරන්නේ හෝ යම්සේද, එසේම සම්බර අසුරිඳු හමුයෙන් අතුරුදහන්ව සමුද්‍රතෙර පන්සල්හි පහළවූහ.
“මහණෙනි, ඉක්බිති ඒ සම්බර අසුරිඳු තෙම ඒ සිල්වත්, යහපත් දහම් ඇති ඎෂීන් විසින් ශාපකරණ ලද්දේ, රෑ තෙවිටක් තැතිගති.”
2. දුතියවග්ගො 2. සත්තවත වර්‍ගය
1. වතපදසුත්තං 1. දේවා (නොහොත් වතපද) සූත්‍රය
2. සක්කනාමසුත්තං 2. දේවා සූත්‍රය
3. මහාලිසුත්තං 3. දේවා සූත්‍රය
4. දලිද්දසුත්තං 4. දළිද්ද සූත්‍රය
5. රාමණෙය්‍යකසුත්තං 5. රාමණෙය්‍යක සූත්‍රය
6. යජමානසුත්තං 6. යජමාන සූත්‍රය
7. බුද්ධවන්දනාසුත්තං 7. වන්‍දනා සූත්‍රය
8. ගහට්ඨවන්දනාසුත්තං 8. (පළමුවන) සක්ක නමස්සන සූත්‍රය
9. සත්ථාරවන්දනාසුත්තං 9. (දෙවෙනි) සක්ක නමස්සන සූත්‍රය
10. සඞ්ඝවන්දනාසුත්තං 10. (තුන්වෙනි) සක්ක නමස්සන සූත්‍රය
3. තතියවග්ගො 3. තුන්වන වග. (සක්ක පඤ්චකය)
1. ඡෙත්වාසුත්තං 1. ඣත්‍වා සූත්‍රය
2. දුබ්බණ්ණියසුත්තං 2. දුඛණ්ණීය සූත්‍රය
3. සම්බරිමායාසුත්තං 3. මායා සූත්‍රය
4. අච්චයසුත්තං 4. අච්චය (නොහොත් අකෝධන) සූත්‍රය
5. අක්කොධසුත්තං 5. අක්කොධ (හෙවත් අවිහිංසා) සූත්‍රය