ත්‍රිපිටකය
10. යක්ඛසංයුත්තං 10. යක්ඛ සංයුත්තය
1. ඉන්දකසුත්තං 1. ඉන්‍දක සූත්‍රය
235
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති ඉන්දකූටෙ පබ්බතෙ, ඉන්දකස්ස යක්ඛස්ස භවනෙ. අථ ඛො ඉන්දකො යක්ඛො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි -
‘‘රූපං න ජීවන්ති වදන්ති බුද්ධා, කථං න්වයං වින්දතිමං සරීරං;
කුතස්ස අට්ඨීයකපිණ්ඩමෙති, කථං න්වයං සජ්ජති ගබ්භරස්මි’’න්ති.
‘‘පඨමං කලලං හොති, කලලා හොති අබ්බුදං;
අබ්බුදා ජායතෙ පෙසි, පෙසි නිබ්බත්තතී ඝනො;
ඝනා පසාඛා ජායන්ති, කෙසා ලොමා නඛාපි ච.
‘‘යඤ්චස්ස භුඤ්ජතී මාතා, අන්නං පානඤ්ච භොජනං;
තෙන සො තත්ථ යාපෙති, මාතුකුච්ඡිගතො නරො’’ති.
235
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉන්‍දකූට පර්‍වතයෙහි ඉන්‍දක නම් යක්‍ෂයාගේ භවනයෙහි වැඩවසන සේක.
ඉක්බිති ඉන්‍දක යක්‍ෂතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් (මෙසේ) කීය.
“සම්බුදුවරයෝ රූපය ජීවය නොවේයයි කියති. ඉදික් මේ (සත්ත්‍වවකෙම) මේ සිරුර කෙසේ නම් විඳීද? මේ සත්ත්‍වයාගේ ඇට හා මස්පිඬු කොයි සිට ඒද? මේ (සත්ත්‍වතෙම) කවරහෙයකින් මවුකුසෙහි ඇලී සිටීද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) “පළමුව ප්‍රතිසන්‍ධි විඥානයත් සමග කලලය වේ. ඒ කලලයෙන් අර්බුදය වේ, ඒ අර්බුදයෙන් පේශිය හට ගනී, ඒ පේශියෙන් ඝන නම් මස්පිඩක් හටගණී. ඒ ඝන නම්වූ මස්පිඩෙන් පිළික පසක් හටගණී, ඉන්පසු කෙස්ද, ලොම්ද. නියද හටගණී.
“ඔහුගේ මව යම් ආහාරයකුත් යම් පානයකුත් යම් බොජුනකුත් වළඳාද, මව් කුසට පැමිණි ඒ සත්ත්‍වතෙම ඒ ආහාර පානාදියෙන් ඒ මව් කුසෙහි යැපෙයි.”
2. සක්කනාමසුත්තං 2. සක්ක සූත්‍රය
3. සූචිලොමසුත්තං 3. සුචිලෝම සූත්‍රය
4. මණිභද්දසුත්තං 4. මණිභද්ද සූත්‍රය
5. සානුසුත්තං 5. සානු සූත්‍රය
6. පියඞ්කරසුත්තං 6. පියඞ්කර සූත්‍රය
7. පුනබ්බසුසුත්තං 7. පුනබ්බසු සූත්‍රය
8. සුදත්තසුත්තං 8. සුදත්තසුත්තං
9. පඨමසුක්කාසුත්තං 9. (පළමුවන) සුක්කා සූත්‍රය
10. දුතියසුක්කාසුත්තං 10. (දෙවෙනි) සුක්කා සූත්‍රය
11. චීරාසුත්තං 11. වීරා (චීරා) සූත්‍රය
12. ආළවකසුත්තං 12. ආළවක සූත්‍රය