ත්‍රිපිටකය
7. බ්‍රාහ්මණසංයුත්තං 7. බ්‍රාහ්මණ සංයුත්තය
1. අරහන්තවග්ගො 1. අරහන්ත වර්‍ගය
1. ධනඤ්ජානීසුත්තං 1. ධනඤජානි සූත්‍රය
2. අක්කොසසුත්තං 2. අක්කෝස සූත්‍රය
3. අසුරින්දකසුත්තං 3. අසුරින්‍ද සූත්‍රය
4. බිලඞ්ගිකසුත්තං 4. බිලඞ්ගික සූත්‍රය
5. අහිංසකසුත්තං 5. අහිංසක සූත්‍රය
6. ජටාසුත්තං 6. ජටා සූත්‍රය
7. සුද්ධිකසුත්තං 7. සුද්ධික සූත්‍රය
193
සාවත්ථිනිදානං . අථ ඛො සුද්ධිකභාරද්වාජො බ්‍රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සුද්ධිකභාරද්වාජො බ්‍රාහ්මණො භගවතො සන්තිකෙ ඉමං ගාථං අජ්ඣභාසි -
‘‘න බ්‍රාහ්මණො (නාබ්‍රාහ්මණො (?)) සුජ්ඣති කොචි, ලොකෙ සීලවාපි තපොකරං;
විජ්ජාචරණසම්පන්නො, සො සුජ්ඣති න අඤ්ඤා ඉතරා පජා’’ති.
‘‘බහුම්පි පලපං ජප්පං, න ජච්චා හොති බ්‍රාහ්මණො;
අන්තොකසම්බු සඞ්කිලිට්ඨො, කුහනං උපනිස්සිතො.
‘‘ඛත්තියො බ්‍රාහ්මණො වෙස්සො, සුද්දො චණ්ඩාලපුක්කුසො;
ආරද්ධවීරියො පහිතත්තො, නිච්චං දළ්හපරක්කමො;
පප්පොති පරමං සුද්ධිං, එවං ජානාහි බ්‍රාහ්මණා’’ති.
එවං වුත්තෙ, සුද්ධිකභාරද්වාජො බ්‍රාහ්මණො භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භො ගොතම...පෙ.... අඤ්ඤතරො ච පනායස්මා භාරද්වාජො අරහතං අහොසී’’ති.
193
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
ඉක්බිති සුද්‍ධිකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හා, සතුටු සාමීචි කථා කෙළේය. සතුටු විය යුතු කථා සිහිකටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නේය.
එකත්පසෙක හුන් සුද්ධිකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහිදී මේ ගාථාවක් කීය:
“ලොව කිසි බමුණෙක් සිල්වත් වේද, තපස්කර්‍ම කරන්නේද (එපමණින්) පිරිසිදු නොවේ. ඒ තෙම විද්‍යාවෙන් හා චරණයන්ගෙන් යුක්තවූයේම පිරිසිදු වේ. මෙයින් අන්‍යවූ සත්ත්‍වයා පිරිසිදු නොවේ.
“බොහෝ ප්‍රලාප කියන්නේ, ඇතුළත කෙලෙස් කසලින් කිලිටිවූයේ, කිලිටි කායකර්‍මාදිය ඇත්තේ, කුහකවූයේ ජාතියෙන් පමණක් බමුණෙක් නොවේ.
“පටන්ගත් වීර්‍ය්‍ය ඇති, නිවන් පිණඍ මෙහෙයූ ඍිත් ඇති, නිරන්තර දැඩි වීර්‍ය්‍ය ඇති, ක්‍ෂත්‍රියයාද, බ්‍රාහ්මණයාද, වෛශ්‍යයාද, ශුද්‍රයාද, සැඩොලාද, කසල ශෝධකයාද නිවනට පැමිණේ. බමුණ මෙසේ දනුව.”
මෙසේ කීකල සුද්ධිනභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. “පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවූවකුට මාර්‍ගය කියන්නේද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේය.”
ඒ මම භාභ්‍යවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, සංඝයාද සරණකොට යමි. මම භවත් ගෞතමයන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පත්තිය ලබන්නෙමි.”
භාරවාජගොත්‍රික බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පත්තිය ලැබීය.
උපසපන්වී නොබෝ කල් ඇති ආයුෂ්මත් සුද්ධිකභාරවාජ තෙම තනිවූයේ, වෙන්වූයේ, පමා නොවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, නිවන් පිණිස මෙහෙයූ සිතැත්තේ වෙසෙන්නේ, නොබෝ කලෙකින්ම, යම් අර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ සසුනෙහි පැවිදිවෙත්ද, ඒ බඹසර කෙළවර (වූ නිවන) මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට, එයට පැමිණ විසීය. ‘ජාතිය ක්‍ෂයවූවා, බ්‍රහමචර්‍ය්‍යව වැස නිමවන ලදී. සියලු මාර්‍ග කෘත්‍යය කරවනලදී. මේ ආත්මභාවයෙන් අන් ආත්මයක් නැතැ’ යි යටපත්කොට අවබෝධ කෙළේය.
ආයුෂ්මත් සුද්‍ධිකභාරවාජ තෙම රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් විය.
8. අග්ගිකසුත්තං 8. අග්ගික සූත්‍රය
9. සුන්දරිකසුත්තං 9. සුන්‍දරික සූත්‍රය
10. බහුධීතරසුත්තං 10. බහුධිනි සූත්‍රය
2. උපාසකවග්ගො 2. උපාසක වර්‍ගය
1. කසිභාරද්වාජසුත්තං 1. කසි සූත්‍රය
2. උදයසුත්තං 2. උදය සූත්‍රය
3. දෙවහිතසුත්තං 3. දෙවහිත සූත්‍රය
4. මහාසාලසුත්තං 4. මහාසාල (නොහොත් ලුඛපාපුරණ) සූත්‍රය
5. මානත්ථද්ධසුත්තං 5. මානත්‍ථද්ධ සූත්‍රය
6. පච්චනීකසුත්තං 6. පච්චනීක සූත්‍රය
7. නවකම්මිකසුත්තං 7. නවකම්මික සූත්‍රය
8. කට්ඨහාරසුත්තං 8. කට්ඨහාර සූත්‍රය
9. මාතුපොසකසුත්තං 9. මාතුපෝසක සූත්‍රය
10. භික්ඛකසුත්තං 10. භික්ඛක සූත්‍රය
11. සඞ්ගාරවසුත්තං 11. සඞ්ගාරව සූත්‍රය
12. ඛොමදුස්සසුත්තං 12. ඛොමදුස්සසුත්තං