ත්‍රිපිටකය
7. බ්‍රාහ්මණසංයුත්තං 7. බ්‍රාහ්මණ සංයුත්තය
1. අරහන්තවග්ගො 1. අරහන්ත වර්‍ගය
1. ධනඤ්ජානීසුත්තං 1. ධනඤජානි සූත්‍රය
2. අක්කොසසුත්තං 2. අක්කෝස සූත්‍රය
3. අසුරින්දකසුත්තං 3. අසුරින්‍ද සූත්‍රය
4. බිලඞ්ගිකසුත්තං 4. බිලඞ්ගික සූත්‍රය
5. අහිංසකසුත්තං 5. අහිංසක සූත්‍රය
6. ජටාසුත්තං 6. ජටා සූත්‍රය
192
සාවත්ථිනිදානං . අථ ඛො ජටාභාරද්වාජො බ්‍රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජටාභාරද්වාජො බ්‍රාහ්මණො භගවන්තං ගාථාය අජ්ඣභාසි -
‘‘අන්තොජටා බහිජටා, ජටාය ජටිතා පජා;
තං තං ගොතම පුච්ඡාමි, කො ඉමං විජටයෙ ජට’’න්ති.
‘‘සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො, චිත්තං පඤ්ඤඤ්ච භාවයං;
ආතාපී නිපකො භික්ඛු, සො ඉමං විජටයෙ ජටං.
‘‘යෙසං රාගො ච දොසො ච, අවිජ්ජා ච විරාජිතා;
ඛීණාසවා අරහන්තො, තෙසං විජටිතා ජටා.
‘‘යත්ථ නාමඤ්ච රූපඤ්ච, අසෙසං උපරුජ්ඣති;
පටිඝං රූපසඤ්ඤා ච, එත්ථෙසා ඡිජ්ජතෙ ජටා’’ති.
එවං වුත්තෙ, ජටාභාරද්වාජො භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භො ගොතම...පෙ.... අඤ්ඤතරො ච පනායස්මා භාරද්වාජො අරහතං අහොසී’’ති.
192
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
ඉක්බිති ජටාභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හා, සතුටු සාමීචි කථා කෙළේය. සතුටු විය යුතු කථා සිහිකටයුතු කථා නිමවා එකත්පසෙක හුන්නේය.
එකත්පසෙක හුන් ජටාභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථාවක් කීය:
“ඇතුලතද අවුල් වෙයි. පිටතද අවුල් වෙයි. (සත්ත්‍වයා) අවුලෙන් වෙළන ලදී. ලෞතමයන් වහන්ස, එහෙයින් මේ කාරණය ඔබගෙන් විචාරමි. කවරෙක් මේ අවුල ලිහන්නේද?”
“උත්පත්තියෙන් ඥානවන්‍තවූ, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තාවූ, (කටයුතු පිළියෙල කරන) නුවණ ඇතිවූ, (යම්) භික්‍ෂුවක් ශීලයෙහි පිහිටා සමාධියද, (විදර්‍ශනා) ප්‍රඥාවද වඩන්නේ වේද,හෙතෙම මේ අවුල ලිහන්නේය.
“යමෙකුන් විසින් රාගයද, ද්වේෂයද, අවිද්‍යාවද දුරු කරන ලද්දාහුද, ආශ්‍රවයන් නැතිනළ ඒ රහත්හු වෙත්. ඔවුන් විසින් (තණ්හා) අවුල ලිහන ලද්දේය.
“යම් තැනෙක නාමයද, රූපයද, කාම භවයද, රූප භවය හා අරූප භවයද සම්පූර්‍ණයෙන් අතුරුදහන් වේද, එහි මේ (තණ්හා) අවුල සිඳෙයි.”
මෙසේ කීකල ජටාභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. “පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවූවකුට මාර්‍ගය කියන්නේද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේය.” මේ මම භාභ්‍යවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, සංඝයාද සමග පිහිටකොට යමි. භවත් ගෞතමයන් වෙතින් පැවිද්ද ලබන්නෙම් නම්, උපසම්පදාවද ලබන්නෙම් නම් යෙහෙක.” (යි කීය)
ජටාභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ලැබීය, උපසම්පදාවද ලැබීය. උපසම්පන්නවී නොබෝ කල් ඇති ආයුෂ්මත් ජටාභාරවාජ තෙම තනිවූයේ, වෙන්වූයේ, පමා නොවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, නිවන් පිණිස මෙහෙයූ සිතැත්තේ, යම් අර්‍ථයක් සඳහා කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවෙත්ද, නොබෝ කලකින්ම ඒ නිරුත්තරවූ බ්‍රහ්මචර්‍ය්‍යයාව කෙළවරවූ නිවන මේ ආත්මයෙහි තමා විශේෂ ඥානයෙන් අවබෝධ කොට, එයට පැමිණ විසීය. ‘ජාතිය ක්‍ෂය වූය, බඹසර වැස නිමවන ලදී. මාර්‍ග කෘත්‍යය කරනලදී. මෙයින් අන් ආත්මයක් නැතැ’ යි හෙතෙම නිසැකව දත්තේය.
ආයුෂ්මත් භාරවාජගෝත්‍රික ජටා බමුණුතෙම රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක් විය.
7. සුද්ධිකසුත්තං 7. සුද්ධික සූත්‍රය
8. අග්ගිකසුත්තං 8. අග්ගික සූත්‍රය
9. සුන්දරිකසුත්තං 9. සුන්‍දරික සූත්‍රය
10. බහුධීතරසුත්තං 10. බහුධිනි සූත්‍රය
2. උපාසකවග්ගො 2. උපාසක වර්‍ගය
1. කසිභාරද්වාජසුත්තං 1. කසි සූත්‍රය
2. උදයසුත්තං 2. උදය සූත්‍රය
3. දෙවහිතසුත්තං 3. දෙවහිත සූත්‍රය
4. මහාසාලසුත්තං 4. මහාසාල (නොහොත් ලුඛපාපුරණ) සූත්‍රය
5. මානත්ථද්ධසුත්තං 5. මානත්‍ථද්ධ සූත්‍රය
6. පච්චනීකසුත්තං 6. පච්චනීක සූත්‍රය
7. නවකම්මිකසුත්තං 7. නවකම්මික සූත්‍රය
8. කට්ඨහාරසුත්තං 8. කට්ඨහාර සූත්‍රය
9. මාතුපොසකසුත්තං 9. මාතුපෝසක සූත්‍රය
10. භික්ඛකසුත්තං 10. භික්ඛක සූත්‍රය
11. සඞ්ගාරවසුත්තං 11. සඞ්ගාරව සූත්‍රය
12. ඛොමදුස්සසුත්තං 12. ඛොමදුස්සසුත්තං