ත්‍රිපිටකය
7. බ්‍රාහ්මණසංයුත්තං 7. බ්‍රාහ්මණ සංයුත්තය
1. අරහන්තවග්ගො 1. අරහන්ත වර්‍ගය
1. ධනඤ්ජානීසුත්තං 1. ධනඤජානි සූත්‍රය
2. අක්කොසසුත්තං 2. අක්කෝස සූත්‍රය
188
එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අස්සොසි ඛො අක්කොසකභාරද්වාජො බ්‍රාහ්මණො - ‘‘භාරද්වාජගොත්තො කිර බ්‍රාහ්මණො සමණස්ස ගොතමස්ස සන්තිකෙ අගාරස්මා අනගාරියං පබ්බජිතො’’ති කුපිතො අනත්තමනො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අසබ්භාහි ඵරුසාහි වාචාහි අක්කොසති පරිභාසති.
එවං වුත්තෙ, භගවා අක්කොසකභාරද්වාජං බ්‍රාහ්මණං එතදවොච - ‘‘තං කිං මඤ්ඤසි, බ්‍රාහ්මණ, අපි නු ඛො තෙ ආගච්ඡන්ති මිත්තාමච්චා ඤාතිසාලොහිතා අතිථියො (අතිථයො (?))’’ති? ‘‘අප්පෙකදා මෙ, භො ගොතම, ආගච්ඡන්ති මිත්තාමච්චා ඤාතිසාලොහිතා අතිථියො’’ති. ‘‘‘තං කිං මඤ්ඤසි, බ්‍රාහ්මණ, අපි නු තෙසං අනුප්පදෙසි ඛාදනීයං වා භොජනීයං වා සායනීයං වා’’’ති? ‘‘‘අප්පෙකදා නෙසාහං, භො ගොතම, අනුප්පදෙමි ඛාදනීයං වා භොජනීයං වා සායනීයං වා’’’ති. ‘‘‘සචෙ ඛො පන තෙ, බ්‍රාහ්මණ, නප්පටිග්ගණ්හන්ති , කස්ස තං හොතී’’’ති? ‘‘‘සචෙ තෙ, භො ගොතම, නප්පටිග්ගණ්හන්ති, අම්හාකමෙව තං හොතී’’’ති. ‘‘එවමෙව ඛො, බ්‍රාහ්මණ, යං ත්වං අම්හෙ අනක්කොසන්තෙ අක්කොසසි, අරොසෙන්තෙ රොසෙසි, අභණ්ඩන්තෙ භණ්ඩසි, තං තෙ මයං නප්පටිග්ගණ්හාම. තවෙවෙතං, බ්‍රාහ්මණ, හොති; තවෙවෙතං, බ්‍රාහ්මණ, හොති’’.
‘‘යො ඛො, බ්‍රාහ්මණ, අක්කොසන්තං පච්චක්කොසති, රොසෙන්තං පටිරොසෙති, භණ්ඩන්තං පටිභණ්ඩති, අයං වුච්චති, බ්‍රාහ්මණ, සම්භුඤ්ජති වීතිහරතීති. තෙ මයං තයා නෙව සම්භුඤ්ජාම න වීතිහරාම. තවෙවෙතං, බ්‍රාහ්මණ, හොති; තවෙවෙතං, බ්‍රාහ්මණ, හොතී’’ති. ‘‘භවන්තං ඛො ගොතමං සරාජිකා පරිසා එවං ජානාති - ‘අරහං සමණො ගොතමො’ති. අථ ච පන භවං ගොතමො කුජ්ඣතී’’ති.
‘‘අක්කොධස්ස කුතො කොධො, දන්තස්ස සමජීවිනො;
සම්මදඤ්ඤා විමුත්තස්ස, උපසන්තස්ස තාදිනො.
‘‘තස්සෙව තෙන පාපියො, යො කුද්ධං පටිකුජ්ඣති;
කුද්ධං අප්පටිකුජ්ඣන්තො, සඞ්ගාමං ජෙති දුජ්ජයං.
‘‘උභින්නමත්ථං චරති, අත්තනො ච පරස්ස ච;
පරං සඞ්කුපිතං ඤත්වා, යො සතො උපසම්මති.
‘‘උභින්නං තිකිච්ඡන්තානං, අත්තනො ච පරස්ස ච;
ජනා මඤ්ඤන්ති බාලොති, යෙ ධම්මස්ස අකොවිදා’’ති.
එවං වුත්තෙ, අක්කොසකභාරද්වාජො බ්‍රාහ්මණො භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භො ගොතම...පෙ.... එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්‍යාහං, භන්තෙ, භොතො ගොතමස්ස සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්‍යං උපසම්පද’’න්ති.
අලත්ථ ඛො අක්කොසකභාරද්වාජො බ්‍රාහ්මණො භගවතො සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථ උපසම්පදං. අචිරූපසම්පන්නො ඛො පනායස්මා අක්කොසකභාරද්වාජො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො නචිරස්සෙව - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ‘‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං නාපරං ඉත්ථත්තායා’’ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පනායස්මා භාරද්වාජො අරහතං අහොසීති.
188
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දක නිවාප (නම්වූ) වේළුවනයෙහි වැඩවසනසේක.
අක්කෝසකභාරද්වාජ බමුණුතෙම (මෙපුවත) ඇසීය, “භාරවාජ ගෝත්‍රික බමුණුතෙම ගිහිගෙයින් නික්ම ශ්‍රමණ ගෞතමයන්ගේ ශාසනයෙහි පැවිදිවේය (කියායි.)
(ඔහු එයින් කිපීයේ, නොසතුටු සිතැත්තේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ අසභ්‍ය යහපත් නුවූ පරුෂ බසින් අපහාස කරයි. නින්‍දා කරයි.
මෙසේ බැණ වැදුනු කල්හි භාග්‍යවතුන් වහන්සේ අක්කෝසකභාරද්වාජ බමුණාහට මෙය කීය: “බමුණ, මේ කිමැයි හඟිහිද? තාගේ අසල්වැසිවූ, නෑ වූ, සහ ලේ නෑ වූ ආගන්තුකයෝ (තොප කරා) එන්නෝ වෙත්ද?”
“භවත් ගෞතමයනි, සමහර කලෙක මාගේ නෑ වූ, සහ ලේ නෑ වූ ආගන්තුකයෝ එන්නාහුය.”
“බමුණ, මේ කුමැයි හඟිහිද? ඔවුන්ට කෑ යුත්තක් හෝ බුදිය යුත්තක් හෝ රස බැලිය යුත්තක් හෝ දෙන්නෙහිද?”
“ගෞතමයිනි, මම සමහර කලෙක ඔවුන්ට කෑ යුත්තක් හෝ බුදිය යුත්තක් හෝ රස බැලිය යුත්තක් හෝ දෙමි.”
“බමුණ, ඉදින් වනාහි ඔහු (ඒ) නොපිළිගනිත් නම් එය කවරකුහට වේද?”
“ගෞතමයිනි, ඉදින් ඔහු (ඒ) නෙපිළිගනිත් නම් එය අපටම වෙයි.”
“බමුණ, එපරිද්දෙන්ම නුඹ වනාහි ආක්‍රෝශ නොකරන අපට ආක්‍රෝශ කෙළෙහිද, පරුෂ වචන නොකියන අපට පරුෂ වචන කීයෙහිද, නොබණින අපට බැන්නෙහිද, ඒ ආක්‍රෝශාදිය අපි නොපිළිගනිමු, බමුණ, ඒ සියල්ල තටම වෙයි. බමුණ, යමෙක් වනාහි ආක්‍රෝශ කරන්නහුට පෙරළා ආක්‍රෝශ කරයිද, පරුෂ වචන කියන්නහුට පෙරළා පරුෂ වචන කියයිද, බණින්නහුට පෙරළා බණීද, බමුණ, එබඳු තැනැත්තේ එකතුව වළඳන්නේය, කළහු අනුව කරන්නේයයි කියනු ලැබේ. තා බිණූ ඒ ආක්‍රෝශාදිය අපි තා හා (හවුලේ) නොබුදිමු. තා අනුව නොකරමු බමුණ, මෙය (තා කළ දේ) තටම වෙයි. බමුණ, මෙය (තා කළ දේ) තටම වෙයි.”
“පින්වත, භවත් ගෞතමයන් (පිළිබඳව) රජු සහිත පිරිස් මෙසේ සලකති. ‘ශුමණ ගෞතමයෝ රහතෙක’. එසේ වුව පින්වත් ගෞතමයෝ කිපුනාහ. “
“දැමුනාවූ, සමජීවීවූ, සම්‍යක් පුඥාවෙන් දැන අර්හත් ඵල විමුක්ති වශයෙන් මිදුනු, ශාන්තවූ ශ්‍රේෂ්ඨත්වයට පැමිණි, ක්‍රෝධ නැති රහතන් වහන්සේට ක්‍රෝධයෙක් නම් කොයින්ද?
“යම් පුද්ගලයෙක් පළමු කිපියහුට පෙරළා කිපේද, ඒ ක්‍රෝධය කරණකොට ඒ පුද්ගලයාටම පව් වේ. පළමු කිපියහුට පෙරළා නොකිපෙන පුද්ගලයා දුකසේ දිනිය හැකි යුද්‍ධය ජයගනී.”
“යම් පුද්ගලයෙක් කිපුණු අන්‍යයකු දැක සිහි ඇතිව ඉවසාද, එතෙම තමහටද, පරහටද යන දෙදෙනාටම යහපතක් සලසයි.”
“තමාගේද අනුන්ගේද යන දෙදෙනාගේම ක්‍රෝධ ව්‍යාධියට (ඉවසීම නමැති) පිළියම් කරන පුද්ගලයා බාලයෙකැයි ධර්‍මයට අදක්‍ෂවූ අන්‍ධ බාල පෘතග්ජනයෝ හඟිත්.”
මෙසේ කී කල අක්කෝසකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. “භවත් ගෞතමයන්
වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවූවකුට හෝ මාර්‍ගය කියන්නේද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේය. ඒ මම භාග්‍යවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, සංඝයාද සමග පිහිටකොට යමි. භවත් ගෞතමයන් වෙතින් පැවිද්ද ලබන්නෙම්, උපසම්පදාවද ලබන්නෙම් නම් යෙහෙක, “
අක්කෝසකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ලැබීය. උපසම්පදාවද ලැබීය.
උපසම්පන්නවී නොබෝ කල් ඇති ආයුෂ්මත් අක්කෝසකභාරවාජ තෙම තනිවූයේ, වෙන්වූයේ, පමා නොවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, නිවන් පිණිස මෙහෙයූ සිතැත්තේ, යම් අර්‍ථයක් සඳහා කුලපුත්‍රයෝ ගිහි ගෙයින් නික්ම මනාව සස්නෙහි පැවිදිවෙත්ද, නොබෝ කලෙකින්ම ඒ නිරුත්තර බ්‍රහ්මචර්‍ය්‍යයාගේ කෙළවරවූ නිවන මේ ආත්මයෙහිම තමා විශේෂ ඥානයෙන් අවබෝධ කොට එයට පැමිණ විසීය. ‘ජාතිය ක්‍ෂයවූවා, බඹසර වැස නිමවන ලදී. සියලු මාර්‍ග කෘත්‍යය කරන ලදී. මෙයින් අන් ආත්මයක් නැතැ’ යි හෙතෙම නිසැකව දත්තේය. ආයුෂ්මත් භාරවාජ භික්‍ෂුකෙම රහතන් අතුරෙන් එක්තරා කෙනෙක් විය.
3. අසුරින්දකසුත්තං 3. අසුරින්‍ද සූත්‍රය
4. බිලඞ්ගිකසුත්තං 4. බිලඞ්ගික සූත්‍රය
5. අහිංසකසුත්තං 5. අහිංසක සූත්‍රය
6. ජටාසුත්තං 6. ජටා සූත්‍රය
7. සුද්ධිකසුත්තං 7. සුද්ධික සූත්‍රය
8. අග්ගිකසුත්තං 8. අග්ගික සූත්‍රය
9. සුන්දරිකසුත්තං 9. සුන්‍දරික සූත්‍රය
10. බහුධීතරසුත්තං 10. බහුධිනි සූත්‍රය
2. උපාසකවග්ගො 2. උපාසක වර්‍ගය
1. කසිභාරද්වාජසුත්තං 1. කසි සූත්‍රය
2. උදයසුත්තං 2. උදය සූත්‍රය
3. දෙවහිතසුත්තං 3. දෙවහිත සූත්‍රය
4. මහාසාලසුත්තං 4. මහාසාල (නොහොත් ලුඛපාපුරණ) සූත්‍රය
5. මානත්ථද්ධසුත්තං 5. මානත්‍ථද්ධ සූත්‍රය
6. පච්චනීකසුත්තං 6. පච්චනීක සූත්‍රය
7. නවකම්මිකසුත්තං 7. නවකම්මික සූත්‍රය
8. කට්ඨහාරසුත්තං 8. කට්ඨහාර සූත්‍රය
9. මාතුපොසකසුත්තං 9. මාතුපෝසක සූත්‍රය
10. භික්ඛකසුත්තං 10. භික්ඛක සූත්‍රය
11. සඞ්ගාරවසුත්තං 11. සඞ්ගාරව සූත්‍රය
12. ඛොමදුස්සසුත්තං 12. ඛොමදුස්සසුත්තං