ත්‍රිපිටකය
7. බ්‍රාහ්මණසංයුත්තං 7. බ්‍රාහ්මණ සංයුත්තය
1. අරහන්තවග්ගො 1. අරහන්ත වර්‍ගය
1. ධනඤ්ජානීසුත්තං 1. ධනඤජානි සූත්‍රය
2. අක්කොසසුත්තං 2. අක්කෝස සූත්‍රය
3. අසුරින්දකසුත්තං 3. අසුරින්‍ද සූත්‍රය
4. බිලඞ්ගිකසුත්තං 4. බිලඞ්ගික සූත්‍රය
5. අහිංසකසුත්තං 5. අහිංසක සූත්‍රය
6. ජටාසුත්තං 6. ජටා සූත්‍රය
7. සුද්ධිකසුත්තං 7. සුද්ධික සූත්‍රය
8. අග්ගිකසුත්තං 8. අග්ගික සූත්‍රය
9. සුන්දරිකසුත්තං 9. සුන්‍දරික සූත්‍රය
10. බහුධීතරසුත්තං 10. බහුධිනි සූත්‍රය
196
එකං සමයං භගවා කොසලෙසු විහරති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භාරද්වාජගොත්තස්ස බ්‍රාහ්මණස්ස චතුද්දස බලීබද්දා නට්ඨා හොන්ති. අථ ඛො භාරද්වාජගොත්තො බ්‍රාහ්මණො තෙ බලීබද්දෙ ගවෙසන්තො යෙන සො වනසණ්ඩො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා අද්දස භගවන්තං තස්මිං වනසණ්ඩෙ නිසින්නං පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. දිස්වාන යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි -
‘‘න හි නූනිමස්ස (නහනූනිමස්ස (සී. ස්‍යා. කං.)) සමණස්ස, බලීබද්දා චතුද්දස;
අජ්ජසට්ඨිං න දිස්සන්ති, තෙනායං සමණො සුඛී.
‘‘න හි නූනිමස්ස සමණස්ස, තිලාඛෙත්තස්මි පාපකා;
එකපණ්ණා දුපණ්ණා (ද්විපණ්ණා (සී. පී.)) ච, තෙනායං සමණො සුඛී.
‘‘න හි නූනිමස්ස සමණස්ස, තුච්ඡකොට්ඨස්මි මූසිකා;
උස්සොළ්හිකාය නච්චන්ති, තෙනායං සමණො සුඛී.
‘‘න හි නූනිමස්ස සමණස්ස, සන්ථාරො සත්තමාසිකො;
උප්පාටකෙහි සඤ්ඡන්නො, තෙනායං සමණො සුඛී.
‘‘න හි නූනිමස්ස සමණස්ස, විධවා සත්ත ධීතරො;
එකපුත්තා දුපුත්තා (ද්විපුත්තා (සී. පී.)) ච, තෙනායං සමණො සුඛී.
‘‘න හි නූනිමස්ස සමණස්ස, පිඞ්ගලා තිලකාහතා;
සොත්තං පාදෙන බොධෙති, තෙනායං සමණො සුඛී.
‘‘න හි නූනිමස්ස සමණස්ස, පච්චූසම්හි ඉණායිකා;
දෙථ දෙථාති චොදෙන්ති, තෙනායං සමණො සුඛී’’ති.
‘‘න හි මය්හං බ්‍රාහ්මණ, බලීබද්දා චතුද්දස;
අජ්ජසට්ඨිං න දිස්සන්ති, තෙනාහං බ්‍රාහ්මණා සුඛී.
‘‘න හි මය්හං බ්‍රාහ්මණ, තිලාඛෙත්තස්මි පාපකා;
එකපණ්ණා දුපණ්ණා ච, තෙනාහං බ්‍රාහ්මණා සුඛී.
‘‘න හි මය්හං බ්‍රාහ්මණ, තුච්ඡකොට්ඨස්මි මූසිකා;
උස්සොළ්හිකාය නච්චන්ති, තෙනාහං බ්‍රාහ්මණා සුඛී.
‘‘න හි මය්හං බ්‍රාහ්මණ, සන්ථාරො සත්තමාසිකො;
උප්පාටකෙහි සඤ්ඡන්නො, තෙනාහං බ්‍රාහ්මණා සුඛී.
‘‘න හි මය්හං බ්‍රාහ්මණ, විධවා සත්ත ධීතරො;
එකපුත්තා දුපුත්තා ච, තෙනාහං බ්‍රාහ්මණා සුඛී.
‘‘න හි මය්හං බ්‍රාහ්මණ, පිඞ්ගලා තිලකාහතා;
සොත්තං පාදෙන බොධෙති, තෙනාහං බ්‍රාහ්මණා සුඛී.
‘‘න හි මය්හං බ්‍රාහ්මණ, පච්චූසම්හි ඉණායිකා;
දෙථ දෙථාති චොදෙන්ති, තෙනාහං බ්‍රාහ්මණා සුඛී’’ති.
එවං වුත්තෙ, භාරද්වාජගොත්තො බ්‍රාහ්මණො භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භො ගොතම, අභික්කන්තං, භො ගොතම! සෙය්‍යථාපි, භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්‍ය - චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති; එවමෙව භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්‍යාහං භොතො ගොතමස්ස සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්‍යං උපසම්පද’’න්ති.
අලත්ථ ඛො භාරද්වාජගොත්තො බ්‍රාහ්මණො භගවතො සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථ උපසම්පදං. අචිරූපසම්පන්නො පනායස්මා භාරද්වාජො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො නචිරස්සෙව - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ‘‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’’ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පනායස්මා භාරද්වාජො අරහතං අහොසීති.
196
මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි එක්තරා වන ලැහැබෙක වසනසේක.
එකල භාරවාජගෝත්‍රික එක්තරා බමුණකුගේ ගොනුන් දහ හතර දෙනෙක් නැතිවූහ.
ඉක්බිති භාරවාජගෝත්‍රික බමුණුතෙමේ ඒ ගොනුන් සොයමින් වනලැහැබ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, එහි පළක් බැඳ ශරීරය කෙලින් පිහිටුවා සිහිය පරිමුඛ කොට වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දිටීය.
දැක භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය, පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කීය:
“මගේ ගොනුන් දහ හතර දෙනෙක් අදට සදවසක් පමණ දක්නට නැත. මේ ශ්‍රමණයන්ට එබන්දක් නැත්තෙන් ඒකාන්තයෙන් ඒ ශ්‍රමණතෙම සැපසේ වාසය කරයි.
“යම් හෙයකින් මේ ශ්‍රමණයන්ට කෙතෙහි කොළ එකක්වත් නැති (ලාමක) තලද, කොළ එකක් දෙකක් පමණ ඉතිරිවූ තලද, ඒකාන්තයෙන් නැත්තාහුද, එහෙයින්ම මේ ශ්‍රමණතෙම සැපසේ වාසය කරයි.
“හිස්වූ ධාන්‍යාගාරයෙහි මීයෝ දැඩි උත්සාහයෙන් නටති. මේ ශ්‍රමණයන්ට ඒකාන්තයෙන් එබන්දක් නැත. එහෙයින්ම මේ ශ්‍රමණතෙම සැපසේ වාසය කරයි.
“මාගේ තනපත් ඇතිරිය සත් මසක්ම ඉක්ම ගියේ එහිම උපන් ප්‍රාණීන්ගෙන් ගැවසී ගත්තේය. මේ ශ්‍රමණයන්ට ඒකාන්තයෙන් එවැන්නක් නැත. එහෙයින් මේ ශ්‍රමණතෙම සැපසේ වාසය කරයි.
“එක දරුවකු පමණක් ඇත්තාවූද, (දරුවන්) දෙදෙනෙතු ඇත්තාවූද, වැන්දඹුවූ දූවරු සත්දෙනෙක් මේ ශ්‍රමණයන්ට ඒකාන්තයෙන්ම නැත. එහෙයින් මේ ශ්‍රමණතෙම සැපසේ වාසය කරයි.
“දුඹුරු පාටට තල ඇට වැනි කැලැල්වලින් ගැවසුණු ශරීරය ඇති (මාගේ බැමිණි) මා සයනය කළ විට පයින් ගසා (මා) පුබුදුවයි. යම් හේතුවකින් මේ ශ්‍රමණයන්ට ඒකාන්තයෙන් එබන්දක් නැත්ද, එහෙයින්ම මේ ශ්‍රමණතෙම සැප ඇත්තේ වෙයි.”
“උදෑසන ණය හිමියෝ වුත් ‘අපට දෙව, අපට දෙව’ යි මට චෝදනා කෙරෙති. යම් හෙයකින් මේ ශ්‍රමණයන්ට එබඳු ණය නැත්තේද, එහෙයින්ම මේ ශ්‍රමණතෙම සුව ඇත්තේ වෙයි.”
“බමුණ, තාගේ ගොනුන් දහ හතර දෙන නැතිවී අදට සදිනක් නොදක්නා ලදී. බමුණ, යම් හෙයකින් මට එබන්දක් නැත්තේද, එහෙයින් මම ඒකාන්තයෙන් සුව ඇත්තෙමි.
“බමුණ, තාගේ කෙතෙහි ලාමකවූ තලද, කොළ එකක් දෙකක් පමණ ඉතිරිව ඇත්තාවූ තලද වෙති. බමුණ, යම් හෙයකින් මට එබන්දක් නැත්තෙන්, මම ඒකාන්තයෙන් සුව ඇත්තේ වෙමි.
“බමුණ, තාගේ හිස්වූ ධාන්‍යාගාරයෙහි මීයෝ දැඩි උත්සාහයෙන් නටති. බමුණ, එබඳු ධාන්‍යාගාරයක් මට නැත්තෙන් මම ඒකාන්තයෙන් සුව ඇත්තෙම් වෙමි.
“බමුණ, තාගේ තනපත් ඇතිරිය සත්මසක් ඉත්ම ගියේ එහිම උපන් ප්‍රාණීන්ගෙන් ගැවසුනේය. බමුණ, යම් හේතුවකින් මට එවැන්නක් නැත්තේද, එහෙයින් ඒකාන්තයෙන් සුව ඇත්තෙම් වෙමි.
“බමුණ, (තට මෙන්) එක දරුවකු පමණක් ඇත්තාවූද, දරුවන් දෙදෙනෙක් පමණක් ඇත්තාවූද, වැන්දඹුවූ දූන් සත්දෙනෙක් මට නැත. බමුණ, එහෙයින් මම ඒකාන්තයෙන් සුව ඇත්තෙම් වෙමි.
“බමුණ, තල ඇට වැනි කැළල්වලින් ගැවසුණු ශරීරය ඇති තාගේ බැමිණිය නිදිගත් තා පයින් ගසා පුබුදුවයි. බමුණ, මට එවැන්නෙක් නැත. එහෙයින් මම ඒකාන්තයෙන් සුව ඇත්තෙම් වෙමි.
“බමුණ, උදෑසන ණය හිමියෝ (පැමිණ) ‘අපට දෙව, අපට දෙව’ යි කියා තට චෝදනා කෙරෙති. බමුණ, මට යම් හේතුවකින් එබඳු චෝදනාවක් නැත්තේද, එහෙයින් මම ඒකාන්තයෙන් සුව ඇත්තෙම් වෙමි.” (යි වදාළහ.)
මෙසේ කී කල භාරවාජගෝත්‍රික බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. “පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි.
“පින්වත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වසන ලද්දක් විවෘත කරන්නේද, මංමුළාවූවකුට මාර්‍ගය කියන්නේද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය පවසන ලද්දේය. ඒ මම භාභ්‍යවතුන් වහන්සේද, ධර්‍මයද, සංඝයාද සරණකොට යමි. මම භවත් ගෞතමයන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පත්තිය ලබන්නෙමි.”
භාරවාජගොත්‍රික බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පත්තිය ලැබීය.
උපසපන්වී නොබෝ කල් ඇති ආයුෂ්මත් භාරවාජ තෙම තනිවූයේ, වෙන්වූයේ, පමා නොවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, නිවන් පිණිස මෙහෙයූ සිතැත්තේව වෙසෙන්නේ, නොබෝ කලෙකින්ම, යම් අර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ සසුනෙහි පැවිදිවෙත්ද, ඒ බඹසර කෙළවර (වූ නිවන) මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට, එයට පැමිණ විසීය. ‘ජාතිය ක්‍ෂයවූවා’, බ්‍රහමචර්‍ය්‍යාව වැස නිමවන ලදී. සියලු මාර්‍ග කෘත්‍යය කරනලදී. මේ ආත්මභාවයෙන් අන් ආත්මයෙක් නැතැ’ යි යහපත්කොට අවබෝධ කෙළේය.
ආයුෂ්මත් භාරවාජ භික්‍ෂුව රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක් විය.
2. උපාසකවග්ගො 2. උපාසක වර්‍ගය
1. කසිභාරද්වාජසුත්තං 1. කසි සූත්‍රය
2. උදයසුත්තං 2. උදය සූත්‍රය
3. දෙවහිතසුත්තං 3. දෙවහිත සූත්‍රය
4. මහාසාලසුත්තං 4. මහාසාල (නොහොත් ලුඛපාපුරණ) සූත්‍රය
5. මානත්ථද්ධසුත්තං 5. මානත්‍ථද්ධ සූත්‍රය
6. පච්චනීකසුත්තං 6. පච්චනීක සූත්‍රය
7. නවකම්මිකසුත්තං 7. නවකම්මික සූත්‍රය
8. කට්ඨහාරසුත්තං 8. කට්ඨහාර සූත්‍රය
9. මාතුපොසකසුත්තං 9. මාතුපෝසක සූත්‍රය
10. භික්ඛකසුත්තං 10. භික්ඛක සූත්‍රය
11. සඞ්ගාරවසුත්තං 11. සඞ්ගාරව සූත්‍රය
12. ඛොමදුස්සසුත්තං 12. ඛොමදුස්සසුත්තං