ත්‍රිපිටකය
6. බ්‍රහ්මසංයුත්තං 6. බ්‍රහ්ම සංයුත්තය
1. පඨමවග්ගො 1. ප්‍රථම (කොකලික) වර්‍ගය
1. බ්‍රහ්මායාචනසුත්තං 1. ආයාචන සූත්‍රය
2. ගාරවසුත්තං 2. ගාරව සූත්‍රය
3. බ්‍රහ්මදෙවසුත්තං 3. බ්‍රහ්මදේව සූත්‍රය
4. බකබ්‍රහ්මසුත්තං 4. බකබ්‍රහ්ම සූත්‍රය
5. අඤ්ඤතරබ්‍රහ්මසුත්තං 5. අපරාදිට්ඨි සූත්‍රය
6. බ්‍රහ්මලොකසුත්තං 6. පමාද සූත්‍රය
177
සාවත්ථිනිදානං. තෙන ඛො පන සමයෙන භගවා දිවාවිහාරගතො හොති පටිසල්ලීනො. අථ ඛො සුබ්‍රහ්මා ච පච්චෙකබ්‍රහ්මා සුද්ධාවාසො ච පච්චෙකබ්‍රහ්මා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා පච්චෙකං ද්වාරබාහං (පච්චෙකද්වාරබාහං (පී. ක.)) උපනිස්සාය අට්ඨංසු. අථ ඛො සුබ්‍රහ්මා පච්චෙකබ්‍රහ්මා සුද්ධාවාසං පච්චෙකබ්‍රහ්මානං එතදවොච - ‘‘අකාලො ඛො තාව, මාරිස, භගවන්තං පයිරුපාසිතුං; දිවාවිහාරගතො භගවා පටිසල්ලීනො ච. අසුකො ච බ්‍රහ්මලොකො ඉද්ධො චෙව ඵීතො ච, බ්‍රහ්මා ච තත්‍ර පමාදවිහාරං විහරති. ආයාම, මාරිස, යෙන සො බ්‍රහ්මලොකො තෙනුපසඞ්කමිස්සාම; උපසඞ්කමිත්වා තං බ්‍රහ්මානං සංවෙජෙය්‍යාමා’’ති. ‘‘එවං , මාරිසා’’ති ඛො සුද්ධාවාසො පච්චෙකබ්‍රහ්මා සුබ්‍රහ්මුනො පච්චෙකබ්‍රහ්මුනො පච්චස්සොසි.
අථ ඛො සුබ්‍රහ්මා ච පච්චෙකබ්‍රහ්මා සුද්ධාවාසො ච පච්චෙකබ්‍රහ්මා - සෙය්‍යථාපි නාම බලවා පුරිසො...පෙ.... එවමෙව - භගවතො පුරතො අන්තරහිතා තස්මිං බ්‍රහ්මලොකෙ පාතුරහෙසුං. අද්දසා ඛො සො බ්‍රහ්මා තෙ බ්‍රහ්මානො දූරතොව ආගච්ඡන්තෙ. දිස්වාන තෙ බ්‍රහ්මානො එතදවොච - ‘‘හන්ද කුතො නු තුම්හෙ, මාරිසා, ආගච්ඡථා’’ති? ‘‘ආගතා ඛො මයං, මාරිස, අම්හ තස්ස භගවතො සන්තිකා අරහතො සම්මාසම්බුද්ධස්ස. ගච්ඡෙය්‍යාසි පන ත්වං, මාරිස, තස්ස භගවතො උපට්ඨානං අරහතො සම්මාසම්බුද්ධස්සා’’ති?
එවං වුත්තො (එවං වුත්තෙ (සී. ස්‍යා. කං.)) ඛො සො බ්‍රහ්මා තං වචනං අනධිවාසෙන්තො සහස්සක්ඛත්තුං අත්තානං අභිනිම්මිනිත්වා සුබ්‍රහ්මානං පච්චෙකබ්‍රහ්මානං එතදවොච - ‘‘පස්සසි මෙ නො ත්වං, මාරිස, එවරූපං ඉද්ධානුභාව’’න්ති? ‘‘පස්සාමි ඛො ත්‍යාහං, මාරිස, එවරූපං ඉද්ධානුභාව’’න්ති. ‘‘සො ඛ්වාහං, මාරිස, එවංමහිද්ධිකො එවංමහානුභාවො කස්ස අඤ්ඤස්ස සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා උපට්ඨානං ගමිස්සාමී’’ති?
අථ ඛො සුබ්‍රහ්මා පච්චෙකබ්‍රහ්මා ද්විසහස්සක්ඛත්තුං අත්තානං අභිනිම්මිනිත්වා තං බ්‍රහ්මානං එතදවොච - ‘‘පස්සසි මෙ නො ත්වං, මාරිස, එවරූපං ඉද්ධානුභාව’’න්ති? ‘‘පස්සාමි ඛො ත්‍යාහං, මාරිස, එවරූපං ඉද්ධානුභාව’’න්ති. ‘‘තයා ච ඛො, මාරිස, මයා ච ස්වෙව භගවා මහිද්ධිකතරො චෙව මහානුභාවතරො ච. ගච්ඡෙය්‍යාසි ත්වං, මාරිස, තස්ස භගවතො උපට්ඨානං අරහතො සම්මාසම්බුද්ධස්සා’’ති? අථ ඛො සො බ්‍රහ්මා සුබ්‍රහ්මානං පච්චෙකබ්‍රහ්මානං ගාථාය අජ්ඣභාසි -
‘‘තයො සුපණ්ණා චතුරො ච හංසා,
බ්‍යග්ඝීනිසා පඤ්චසතා ච ඣායිනො;
තයිදං විමානං ජලතෙ ච (ජලතෙව (පී. ක.)) බ්‍රහ්මෙ,
ඔභාසයං උත්තරස්සං දිසාය’’න්ති.
‘‘කිඤ්චාපි තෙ තං ජලතෙ විමානං,
ඔභාසයං උත්තරස්සං දිසායං;
රූපෙ රණං දිස්වා සදා පවෙධිතං,
තස්මා න රූපෙ රමතී සුමෙධො’’ති.
අථ ඛො සුබ්‍රහ්මා ච පච්චෙකබ්‍රහ්මා සුද්ධාවාසො ච පච්චෙකබ්‍රහ්මා තං බ්‍රහ්මානං සංවෙජෙත්වා තත්ථෙවන්තරධායිංසු . අගමාසි ච ඛො සො බ්‍රහ්මා අපරෙන සමයෙන භගවතො උපට්ඨානං අරහතො සම්මාසම්බුද්ධස්සාති.
177
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ දහවල් ගතකිරීම පිණිස චිත්තවිවේකයෙන් හුන්සේක.
ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මද, ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාසද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියෝය. පැමිණ, වෙන වෙනම උළුවහුකනු වෙත සිටියහ.
ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්ම, ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාසට මෙය කීය. ‘නිදුකාණනි, භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට කල් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ දහවල් ගතකිරීමට වැඩියෝ විවේකීවූසේක. අසුවල් බ්‍රහ්ම ලෝකය ධ්‍යාන සැපයෙන් සමෘද්‍ධවූයේවෙයි. අභිඥා මලින් පිපුනේවෙයි. එහි බ්‍රහ්මයෙක්ද පමාව වෙසේ. නිදුකාණනි යමු, ඒ බ්‍රහ්ම ලෝකය යම් තැනෙකද එතැනට පැමිණෙමු. පැමිණ ඒ බඹු උනන්දු ඇත්තකු කරමු.”
“එසේය, නිදුකාණනි” යි ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාස ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මට උත්තරදුනි.
ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මද, ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාසද, ශක්තිමත් පුරුෂයෙක් නැවුන අත දික් කරන්නේ හෝ දික්කළ අත නවන්නේ හෝ යම්සේද, එසේ ක්‍ෂණයෙන් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙන් අතුරුදන්ව ඒ බඹලොව පහළවූහ.
ඒ බඹතෙම දුරදීම එන ඒ බඹුන් දුටුවේය. දැක ඔවුන්ට මෙසේ කීය: ‘අහ’. දුක් නැත්තාහු, නුඹලා කොතැන්හි සිට එන්නහුද?”
“නිදුකාණනි, අපි වනාහි අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් එන්නමු. නිදුකාණනි, ඒ අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන පිණිස නුඹත් යන්නෙහිද?”
මෙසේ කියනු ලැබූ ඒ බඹතෙම ඒ වචනය නොයිවසන්නේ තමා දහස් දෙනෙකු කොට ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මට මෙසේ කීය. “නිදුකාණනි, නුඹ මෙබඳු ඎද්‍ධි හා ආනුභා ඇති මා නොදක්නෙහිද?”
“නිදුකාණනි, මෙබඳු ඎද්‍ධි හා ආනුභාව ඇති නුඹ මම ඇත්තෙන්ම දකිමි.”
“නිදුකාණනි, ඒ මම වනාහි මෙසේ මහත් ඎද්ධි මහත් ආනුභාව ඇත්තෙම්, අන් කවර ශ්‍රමණයෙකුගේ හෝ බ්‍රහ්මණයෙකුගේ හෝ උපස්ථානයට යන්නෙම්ද?”
ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්ම තමා දෙදහස් දෙනෙකු කොට මවා ඒ බඹහුට මෙසේ කීය. “නිදුකාණනි, මාගේ මෙබඳුවූ ඎද්‍ධි ආනුභාව නොදක්නෙහිද?’
“නිදුකාණනි, මෙබඳු ඎද්‍ධි ආනුභාව ඇති තොප ඇත්තෙන්ම දක්නෙමි.”
“නිදුකාණනි, තොපටත් අපටත් වඩා ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි මහත් ඎද්‍ධි ඇත්තේද, මහත් ආනුභා ඇත්තේද වනසේක. නිදුකාණනි ඒ අර්හත්වූ සම්මාසම්බුද්‍ධවූ භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන පිණිස තොප යනු මැනවි.”
ඉක්බිති ඒ බඹතෙම ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මහට ගාථායෙකින් (මෙසේ) කීය:
“සුපර්‍ණ (ගුරුළු) රූප තුන්සියයක්ද, හංස රූප හාරසියයක්ද, උකුසු රූප පන්සියයක්ද, ධ්‍යානයෙහි යෙදුනු මාගේ (විමනෙහි වෙත්.) බ්‍රහ්මය, මේ විමානය උතුරුදිග්හි ආලෝක කරමින් බබළයි. එසේ ඇති මම කෙසේ නම් අනිකෙකුගේ උපස්ථානයට යන්නෙම්ද?”
“නැවත යුෂ්මතුන්ගේ රන් විමානය උතුරුදිග්හි ආලෝක කරමින් බබළාද, රූපයෙහි ජාති, ජරා, මරණ යන දෝෂයද, හැමකල්හි ශීතාදියෙන් නිතර නම්පාවීමද දැක, එහෙයින් මනා නුවණැති තැනැත්තේ රූපයෙහි නොඇලෙයි.”
ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මද, ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාසද, ඒ බ්‍රහ්මයා කළකිරවා එහිම අතුරුදහන්වූහ. ඒ බ්‍රහ්මතෙමද පසු කලෙක වනාහි අර්හත්වූ සම්මාසම්බුද්‍ධවූ භාග්‍යවතුන් වහන්සේට උපස්ථානය පිණිස ගියේය.
7. කොකාලිකසුත්තං 7. කෝකාලික (හෙවත් කෝකාලිය) සූත්‍රය
8. කතමොදකතිස්සසුත්තං 8. තිස්සක සූත්‍රය
9. තුරූබ්‍රහ්මසුත්තං 9. තුදු බ්‍රහ්මා සූත්‍රය
10. කොකාලිකසුත්තං 10. දෙවෙනි කෝකාලික සූත්‍රය
2. දුතියවග්ගො 2. පරිනිර්‍වාණ වර්‍ගය
1. සනඞ්කුමාරසුත්තං 1. සනංකුමාර (හෙවත්) බ්‍රහ්මාසනා සූත්‍රය
2. දෙවදත්තසුත්තං 2. දේවදත්ත සූත්‍රය
3. අන්ධකවින්දසුත්තං 3. අන්‍ධකවින්‍ද සූත්‍රය
4. අරුණවතීසුත්තං 4. අරුණවතී සූත්‍රය
5. පරිනිබ්බානසුත්තං 5. පරිනිබ්බාන සූත්‍රය