ත්‍රිපිටකය
6. බ්‍රහ්මසංයුත්තං 6. බ්‍රහ්ම සංයුත්තය
1. පඨමවග්ගො 1. ප්‍රථම (කොකලික) වර්‍ගය
1. බ්‍රහ්මායාචනසුත්තං 1. ආයාචන සූත්‍රය
2. ගාරවසුත්තං 2. ගාරව සූත්‍රය
3. බ්‍රහ්මදෙවසුත්තං 3. බ්‍රහ්මදේව සූත්‍රය
174
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරිස්සා බ්‍රාහ්මණියා බ්‍රහ්මදෙවො නාම පුත්තො භගවතො සන්තිකෙ අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති.
අථ ඛො ආයස්මා බ්‍රහ්මදෙවො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො නචිරස්සෙව - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ‘‘ඛීණා ජාති , වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’’ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පනායස්මා බ්‍රහ්මදෙවො අරහතං අහොසි.
අථ ඛො ආයස්මා බ්‍රහ්මදෙවො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං සපදානං පිණ්ඩාය චරමානො යෙන සකමාතු නිවෙසනං තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන ආයස්මතො බ්‍රහ්මදෙවස්ස මාතා බ්‍රාහ්මණී බ්‍රහ්මුනො ආහුතිං නිච්චං පග්ගණ්හාති . අථ ඛො බ්‍රහ්මුනො සහම්පතිස්ස එතදහොසි - ‘‘අයං ඛො ආයස්මතො බ්‍රහ්මදෙවස්ස මාතා බ්‍රාහ්මණී බ්‍රහ්මුනො ආහුතිං නිච්චං පග්ගණ්හාති. යංනූනාහං තං උපසඞ්කමිත්වා සංවෙජෙය්‍ය’’න්ති. අථ ඛො බ්‍රහ්මා සහම්පති - සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය එවමෙව - බ්‍රහ්මලොකෙ අන්තරහිතො ආයස්මතො බ්‍රහ්මදෙවස්ස මාතු නිවෙසනෙ පාතුරහොසි. අථ ඛො බ්‍රහ්මා සහම්පති වෙහාසං ඨිතො ආයස්මතො බ්‍රහ්මදෙවස්ස මාතරං බ්‍රාහ්මණිං ගාථාය අජ්ඣභාසි -
‘‘දූරෙ ඉතො බ්‍රාහ්මණි බ්‍රහ්මලොකො,
යස්සාහුතිං පග්ගණ්හාසි නිච්චං;
නෙතාදිසො බ්‍රාහ්මණි බ්‍රහ්මභක්ඛො,
කිං ජප්පසි බ්‍රහ්මපථං අජානං (අජානන්තී (සී. පී. ක.)).
‘‘එසො හි තෙ බ්‍රාහ්මණි බ්‍රහ්මදෙවො,
නිරූපධිකො අතිදෙවපත්තො;
අකිඤ්චනො භික්ඛු අනඤ්ඤපොසී,
යො තෙ සො (තෙ සො (සී. පී.), යො තෙ ස (?)) පිණ්ඩාය ඝරං පවිට්ඨො.
‘‘ආහුනෙය්‍යො වෙදගු භාවිතත්තො,
නරානං දෙවානඤ්ච දක්ඛිණෙය්‍යො;
බාහිත්වා පාපානි අනූපලිත්තො,
ඝාසෙසනං ඉරියති සීතිභූතො.
‘‘න තස්ස පච්ඡා න පුරත්ථමත්ථි,
සන්තො විධූමො අනිඝො නිරාසො;
නික්ඛිත්තදණ්ඩො තසථාවරෙසු,
සො ත්‍යාහුතිං භුඤ්ජතු අග්ගපිණ්ඩං.
‘‘විසෙනිභූතො උපසන්තචිත්තො,
නාගොව දන්තො චරති අනෙජො;
භික්ඛු සුසීලො සුවිමුත්තචිත්තො,
සො ත්‍යාහුතිං භුඤ්ජතු අග්ගපිණ්ඩං.
‘‘තස්මිං පසන්නා අවිකම්පමානා,
පතිට්ඨපෙහි දක්ඛිණං දක්ඛිණෙය්‍යෙ;
කරොහි පුඤ්ඤං සුඛමායතිකං,
දිස්වා මුනිං බ්‍රාහ්මණි ඔඝතිණ්ණ’’න්ති.
‘‘තස්මිං පසන්නා අවිකම්පමානා,
පතිට්ඨපෙසි දක්ඛිණං දක්ඛිණෙය්‍යෙ;
අකාසි පුඤ්ඤං සුඛමායතිකං,
දිස්වා මුනිං බ්‍රාහ්මණී ඔඝතිණ්ණ’’න්ති.
174
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල්හි වනාහි එක්තරා බැමිණියකගේ බ්‍රහ්මදේව නම් පුතෙක් ගිහිගෙන් නික්ම භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි විය.
ඉක්බිති ආයුෂ්මත් බ්‍රහ්මදේවතෙම තනිව සමූහයාගෙන් වෙන්ව, නොපමාව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවන් කරා මෙහෙයූ සිතැතිව වෙසෙන්නේ නොබෝ කලෙකින්ම යමක් පිණිස කුලපුත්තු ගිහිගෙන් නික්ම සස්නට වදිත්නම්, මහ බ්‍රහ්මචර්‍ය්‍යාව අවසන්වූ ඒ නිරුත්තර රහත් ඵලය මේ ආත්මභාවයෙහිම, නොබෝ කලෙකින්ම, තෙමේම වෙසෙසින් දැන, පැහැදිලිකොට ලැබ විසීය. ‘ජාතිය ක්‍ෂීණ විය.මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවිණි. කළයුත්ත කරණලදී. මේ රහත්බව පිණිස තවත් කළයුතු දෙයක් නැතැ’ යි (තෙමේම)වෙසෙසා දැනගත්තේය. ආයුෂ්මත් බ්‍රහ්මදේවතෙම රහතුන්ගෙන් කෙනෙක්විය.
ඉක්බිති ආයුෂ්මත් බ්‍රහ්මදේවතෙම පෙරවරුයෙහි හැඳ පෙරව පාත්‍ර සිවුරු ගෙන සැවැක් නුවරට පිඬු පිණිස පිවිසියේය. සැවැත් නුවර ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරෙනුයේ සිය මවු නිවෙස යම් තැනෙකද එතැනට පැමිණියේය.
එකල වනාහි ආයුෂ්මත් බ්‍රහ්මදේවයන්ගේ මවු බැමිණි බ්‍රහ්මයාහට නිතිපතා හෝම පූජා කෙරෙයි. එකල්හි සහම්පති බ්‍රහ්මයාහට ‘ආයුෂ්මත් බ්‍රහ්මදේවයන් වහන්සේගේ මේ මවු බැමිණි බ්‍රහ්මයාහට නිතිපතා හෝම පූජා කෙරෙයි. මම් ඇය කරා පැමිණ සංවේගයට පමුණුවන්නෙම් නම් (මනා පිළිවෙත්හි යෙදුවෙම් වීම් නම්) යෙහෙකැ’ යි සිත්විය.
ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙම ශක්තිමත් මිනිසකු නවාගත් අත දික්කරන හෝ දික්කළ අත නවන හෝ තරම් විගසින් බඹලොවින් අතුරුදහන්ව බ්‍රහ්මදේවයන්ගේ මවගේ ගෙයි පහළවිය.
ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙම අසා සිට ආයුෂ්මත් බ්‍රහ්මදේවයන්ගේ මවු බැමිණියට ගාථාවලින් මෙසේ කීය:
“බැමිණිය, යමෙකුට (යම් බඹෙකුට) නිතර හෝම පුදහිද, ඒ බ්‍රහ්මයාගේ බඹලොව මෙයින් ඈත්හිය. බැමිණිය, යමෙකුට (යම් බඹෙකුට) නිතර හෝම පුදහිද, මෙවැනි බඹහු කන දේ නොවේ. බ්‍රහ්මලෝක මාර්‍ගය නොදැන කුමක් දොඩන්නෙහිද?
“බැමිණිය, (කාම ගුණ නමැති) උපධි රහිතව, දිව්‍ය බ්‍රහ්මයනුදු ඉක්මවා සිටි, රාගාදී පලිබෝධ නැති, අනෙකක්හු පෝෂිත නොකරන තිගේ මේ බ්‍රහ්මදේව තෙම තිගේ ගෙට පිඬු පිණිස පිවිසියේය.
“ඈත සිට ගෙනෙනලද පිණ්ඩය පිළිගන්නට සුදුසුවූ, වේදයෙන් (සිවු මගින්) දුක් කෙළවර කළ වඩන ලද සිත් ඇති දෙවි මිනිසුන්ට දක්‍ෂිණාර්‍හවූ, පව් දුරුකොට කෙලෙස් නොගෑවුණු නිවීගිය හෙතෙම අහර සෙවීම කෙරෙයි.
“ඔහුට අතීතයද නැත. අනාගතයද නැක. ඔහු ශාන්තය. (ක්‍රොධ) දුම් නැත්තෙක, ආශා නැත්තෙක. පෘතග්ජනයන් හා රහතුන් විෂයයෙහි බහා තැබූ දඬු ඇත්තෙක. හෙතෙම තිගේ ආහුතියි කියන ලද අග්‍ර ආහාරය වළඳාවා.
“සතුරු සෙනඟ නැත්තේ, උපශාන්තවූයේ, දැමුනු ඇතකුමෙන් වාසයකරයි. තණහා නැති, සුසිල්වූ, හොඳින් මිදුනු සිත් ඇති ඒ භික්‍ෂුතෙම තිගේ ආහුතියයි කියූ අග්‍ර ආහාරය වළඳාවා.
“බැමිණිය, උන්වහන්සේ කෙරෙහි පහන් සිතැත්තියක්ව, නොසෙලවෙන ශ්‍රද්‍ධා ඇත්තියක්ව, දක්‍ෂිණාර්‍හවූ උන්වහන්සේ කෙරෙහි දානය දෙව. තරණය කළ (කෙලෙස්) සයුරු ඇති, රහතුන් දැක, මතු සැප ඇතිකරණ පින් කරව.”
(සංගීතිකාරයෝ මෙසේ කීහු:) ඒ බැමිණි තොමෝ උන්වහන්සේ කෙරෙහි පැහැදුනාවූ සිතැත්තියක්ව, නොසෙලවෙන ශ්‍රද්‍ධා ඇත්තියක්ව, දක්‍ෂිණාවට සුදුසු සඟුන් කෙරෙහි දක්‍ෂිණාව පිහිටෙව්වාය. (කෙලෙස්) සයුර තරණය කළ රහතුන් දැක අනාගත සුව එලවන්නාවූ පින් කළාය.
4. බකබ්‍රහ්මසුත්තං 4. බකබ්‍රහ්ම සූත්‍රය
5. අඤ්ඤතරබ්‍රහ්මසුත්තං 5. අපරාදිට්ඨි සූත්‍රය
6. බ්‍රහ්මලොකසුත්තං 6. පමාද සූත්‍රය
7. කොකාලිකසුත්තං 7. කෝකාලික (හෙවත් කෝකාලිය) සූත්‍රය
8. කතමොදකතිස්සසුත්තං 8. තිස්සක සූත්‍රය
9. තුරූබ්‍රහ්මසුත්තං 9. තුදු බ්‍රහ්මා සූත්‍රය
10. කොකාලිකසුත්තං 10. දෙවෙනි කෝකාලික සූත්‍රය
2. දුතියවග්ගො 2. පරිනිර්‍වාණ වර්‍ගය
1. සනඞ්කුමාරසුත්තං 1. සනංකුමාර (හෙවත්) බ්‍රහ්මාසනා සූත්‍රය
2. දෙවදත්තසුත්තං 2. දේවදත්ත සූත්‍රය
3. අන්ධකවින්දසුත්තං 3. අන්‍ධකවින්‍ද සූත්‍රය
4. අරුණවතීසුත්තං 4. අරුණවතී සූත්‍රය
5. පරිනිබ්බානසුත්තං 5. පරිනිබ්බාන සූත්‍රය