ත්‍රිපිටකය
6. බ්‍රහ්මසංයුත්තං 6. බ්‍රහ්ම සංයුත්තය
1. පඨමවග්ගො 1. ප්‍රථම (කොකලික) වර්‍ගය
1. බ්‍රහ්මායාචනසුත්තං 1. ආයාචන සූත්‍රය
2. ගාරවසුත්තං 2. ගාරව සූත්‍රය
173
එවං මෙ සුතං - එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ අජපාලනිග්‍රොධමූලෙ පඨමාභිසම්බුද්ධො. අථ ඛො භගවතො රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘‘දුක්ඛං ඛො අගාරවො විහරති අප්පතිස්සො, කං නු ඛ්වාහං සමණං වා බ්‍රාහ්මණං වා සක්කත්වා ගරුං කත්වා (ගරුකත්වා (සී. ස්‍යා. කං. පී.)) උපනිස්සාය විහරෙය්‍ය’’න්ති?
අථ ඛො භගවතො එතදහොසි - ‘‘අපරිපුණ්ණස්ස ඛො සීලක්ඛන්ධස්ස පාරිපූරියා අඤ්ඤං සමණං වා බ්‍රාහ්මණං වා සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරෙය්‍යං . න ඛො පනාහං පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අත්තනා සීලසම්පන්නතරං අඤ්ඤං සමණං වා බ්‍රාහ්මණං වා, යමහං සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරෙය්‍යං.
‘‘අපරිපුණ්ණස්ස ඛො සමාධික්ඛන්ධස්ස පාරිපූරියා අඤ්ඤං සමණං වා බ්‍රාහ්මණං වා සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරෙය්‍යං. න ඛො පනාහං පස්සාමි සදෙවකෙ ලොකෙ...පෙ.... අත්තනා සමාධිසම්පන්නතරං අඤ්ඤං සමණං වා බ්‍රාහ්මණං වා, යමහං සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරෙය්‍යං.
‘‘අපරිපුණ්ණස්ස පඤ්ඤාක්ඛන්ධස්ස පාරිපූරියා අඤ්ඤං සමණං වා බ්‍රාහ්මණං වා සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරෙය්‍යං. න ඛො පනාහං පස්සාමි සදෙවකෙ...පෙ.... අත්තනා පඤ්ඤාසම්පන්නතරං අඤ්ඤං සමණං වා බ්‍රාහ්මණං වා, යමහං සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරෙය්‍යං.
‘‘අපරිපුණ්ණස්ස ඛො විමුත්තික්ඛන්ධස්ස පාරිපූරියා අඤ්ඤං සමණං වා බ්‍රාහ්මණං වා සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරෙය්‍යං. න ඛො පනාහං පස්සාමි සදෙවකෙ...පෙ.... අත්තනා විමුත්තිසම්පන්නතරං අඤ්ඤං සමණං වා බ්‍රාහ්මණං වා, යමහං සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරෙය්‍යං.
‘‘අපරිපුණ්ණස්ස ඛො විමුත්තිඤාණදස්සනක්ඛන්ධස්ස පාරිපූරියා අඤ්ඤං සමණං වා බ්‍රාහ්මණං වා සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරෙය්‍යං. න ඛො පනාහං පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අත්තනා විමුත්තිඤාණදස්සනසම්පන්නතරං අඤ්ඤං සමණං වා බ්‍රාහ්මණං වා, යමහං සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරෙය්‍යං. යංනූනාහං ය්වායං ධම්මො මයා අභිසම්බුද්ධො තමෙව ධම්මං සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරෙය්‍ය’’න්ති.
අථ ඛො බ්‍රහ්මා සහම්පති භගවතො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය - සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය එවමෙව - බ්‍රහ්මලොකෙ අන්තරහිතො භගවතො පුරතො පාතුරහොසි. අථ ඛො බ්‍රහ්මා සහම්පති එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච - ‘‘එවමෙතං , භගවා, එවමෙතං, සුගත! යෙපි තෙ, භන්තෙ, අහෙසුං අතීතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, තෙපි භගවන්තො ධම්මඤ්ඤෙව සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරිංසු; යෙපි තෙ, භන්තෙ, භවිස්සන්ති අනාගතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා තෙපි භගවන්තො ධම්මඤ්ඤෙව සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරිස්සන්ති. භගවාපි, භන්තෙ, එතරහි අරහං සම්මාසම්බුද්ධො ධම්මඤ්ඤෙව සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරතූ’’ති. ඉදමවොච බ්‍රහ්මා සහම්පති, ඉදං වත්වා අථාපරං එතදවොච -
‘‘යෙ ච අතීතා සම්බුද්ධා, යෙ ච බුද්ධා අනාගතා;
යො චෙතරහි සම්බුද්ධො, බහූනං (බහුන්නං (සී. ස්‍යා. කං. පී.)) සොකනාසනො.
‘‘සබ්බෙ සද්ධම්මගරුනො, විහංසු (විහරිංසු (සී. ස්‍යා. කං. පී.)) විහරන්ති ච;
තථාපි විහරිස්සන්ති, එසා බුද්ධාන ධම්මතා.
‘‘තස්මා හි අත්තකාමෙන (අත්ථකාමෙන (සී. පී. ක.)), මහත්තමභිකඞ්ඛතා;
සද්ධම්මො ගරුකාතබ්බො, සරං බුද්ධාන සාසන’’න්ති.
173
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදුව නොබෝ කලකින් උරුවෙල් දනව්වෙහි නේරංජරා ගංතෙර අජපල් නුග රුක මුල වැඩවසනසේක.
එකල්හි තනිව චිත්ත විවේකයෙන් හුන් භාග්‍යවතුන් වහන්සේට මේ සංකල්පනාව ඇතිවිය. “කිසිවකු ගුරුතන්හි නොතබා, කිසිවකු දෙටු තන්හි නොතබා, ඉන්නා තැනැත්තේ දුකසේ වෙසේ. මම් කවරනම් මහණකුට හෝ බමුණකුට හෝ සත්කාරකොට, ගෞරවකොට, ඇසුරුකොට වෙසෙන්නෙම්ද?’
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මෙසේ සිතෙක්විය. “පරිපූර්‍ණ නොවූ ශීලස්කන්‍ධයක් පුරාලීමට යම් අන් මහණකුට හෝ බමුණකුට හෝ සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරුකොට වසන්නෙම් නම්, එසේවූ මාහට වැඩි තරම් ශීලසම්පන්නවූ, සත්කාර ගරුකාර ලැබියයුතු, මා විසින් ඇසුරු කටයුතු, කිසිම පුද්ගලයකු දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලොවෙහි, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්ත්‍ව සමූහයා අතර නොමදකිමි.”
“පරිපූර්‍ණ නොවූ සමාධිස්කන්‍ධයක් පුරාලීමට යම් අන් මහණකුට හෝ බමුණකුට හෝ සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරුකොට ඇසුරුකොට වසන්නෙම් නම්, එසේවූ මාහට වැඩි තරම් ශීලසම්පන්නවූ, සත්කාර ගරුකාර ලැබියයුතු, මා විසින් ඇසුරු කටයුතු, කිසිම පුද්ගලයකු දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලොවෙහි, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්ත්‍ව සමූහයා අතර නොමදකිමි.”
“පරිපූර්‍ණ නොවූ ප්‍රඥාස්කන්‍ධයක් පුරාලීමට යම් අන් මහණකුට හෝ බමුණකුට හෝ සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරුකොට වසන්නෙම් නම්, එසේවූ මාහට වැඩි තරම් ශීලසම්පන්නවූ, සත්කාර ගරුකාර ලැබියයුතු, මා විසින් ඇසුරු කටයුතු, කිසිම පුද්ගලයකු දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලොවෙහි, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්ත්‍ව සමූහයා අතර නොමදකිමි.”
“පරිපූර්‍ණ නොවූ විමුක්තිස්කන්‍ධයක් පුරාලීමට යම් අන් මහණකුට හෝ බමුණකුට හෝ සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරුකොට වසන්නෙම් නම්, එසේවූ මාහට වැඩි තරම් ශීලසම්පන්නවූ, සත්කාර ගරුකාර ලැබියයුතු, මා විසින් ඇසුරු කටයුතු, කිසිම පුද්ගලයකු දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලොවෙහි, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්ත්‍ව සමූහයා අතර නොමදකිමි.”
“පරිපූර්‍ණ නොවූ විමුක්තිඥාන දර්‍ශනස්කන්‍ධයක් පුරාලීමට යම් අන් මහණකුට හෝ බමුණකුට සත්කාර ගරුකාරකොට, ඇසුරුකොට වසන්නෙම් නම්, එසේවූ මාහට වැඩි තරම් සමාධිසම්පන්නවූ, වැඩි තරම් ප්‍රඥාසම්පන්නවූ, වැඩි තරම් විමුක්තිසම්පන්නවූ, වැඩි තරම් විමුක්තිඥාන දර්‍ශනසම්පන්නවූ, මගෙන් සත්කාර ගරුකාර ලැබියයුතු, මා විසින් ඇසුරු කටයුතු, කිසිම පුද්ගලයකු දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලොවෙහි, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්ත්‍ව සමූහයා අතර නොමදකිමි.”
මා අවබෝධකළ යම් ධර්‍මයක් ඇද්ද, ඒ ධර්‍මයම සත්කාර ගරුකාර කොට, ඒ දහමම ඇසුරු කොට වෙසෙන්නෙම් නම් ඉතා යෙහෙක.”
එකල්හි සහම්පති බ්‍රහ්මතෙම තම සිතින් භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැන ශක්තිමත් මිනිසකු නවාගත් අත දික්කරන්නේ හෝ දික්කළ අත නවාගන්නේ යම්සේද එසේම (විගසින්) බඹලොවින් අතුරුදහන්ව භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළවිය.
ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙම උතුරු සළුව එකස්කොට පෙරව, භාග්‍යවතුන් වහන්සේ දිසාවට ඇඳිලි නමා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “භාග්‍යවතුන් වහන්ස, ඒ එසේය. සුගතයන් වහන්ස, ඒ එසේය. ස්වාමීනි, අතීත කාලයෙහි යම් රහත් සම්මා සම්බුදු කෙනෙක් වූහු නම්, ඒ භගවත්හුද ධර්‍මයටම සත්කාරකොට, ධර්‍මයටම ගරුකාරකොට, ධර්‍මයම ඇසුරුකොට විසූහ. ස්වාමීනි, මතු කාලයෙහිද යම් රහත් සම්මා සම්බුදු කෙනෙක් වන්නාහු නම්, ඒ භගවත්හුද ධර්‍මයටම සත්කාරකොට, ධර්‍මයටම ගරුකාරකොට, ධර්‍මයම ඇසුරුකොට වසන්නාහ. ස්වාමීනි, දැන් රහත් සම්මා සම්බුදුවූ භගවත් තෙමේද ධර්‍මයටම සත්කාරකොට, ධර්‍මයටම ගරුකාරකොට, ධර්‍මයම ඇසුරුකොට වෙසේවා.”
සහම්පති බ්‍රහ්මතෙම මෙය කීය. මෙය කියා නැවත අනෙකක්වූ මෙබස් පැවසීය:
“යම් අතීත සම්බුදු කෙනෙක් වූහුද, යම් අනාගත සම්බුදු කෙනෙක් වන්නාහුද, බොහෝ දෙනාගේ
ශෝක නසන සම්බුදුවරයෙක් දැන් ඇත්තේද,
“ඒ සියල්ලෝ දහමම ගුරු කොට ගෙන විසූහ, වසත්, වසන්නාහුද වෙත්. මේ බුදුවරුන්ගේ ධර්‍මතාවෙකි.
“එබැවින් තමහට වැඩ කැමති, තමාට මහත් බව පතන, බුද්‍ධානුශාසනය සිහි කරන්නහු විසින් සද්‍ධර්‍මය ගරුතන්හි තබා පිදිය යුතුයි.”
3. බ්‍රහ්මදෙවසුත්තං 3. බ්‍රහ්මදේව සූත්‍රය
4. බකබ්‍රහ්මසුත්තං 4. බකබ්‍රහ්ම සූත්‍රය
5. අඤ්ඤතරබ්‍රහ්මසුත්තං 5. අපරාදිට්ඨි සූත්‍රය
6. බ්‍රහ්මලොකසුත්තං 6. පමාද සූත්‍රය
7. කොකාලිකසුත්තං 7. කෝකාලික (හෙවත් කෝකාලිය) සූත්‍රය
8. කතමොදකතිස්සසුත්තං 8. තිස්සක සූත්‍රය
9. තුරූබ්‍රහ්මසුත්තං 9. තුදු බ්‍රහ්මා සූත්‍රය
10. කොකාලිකසුත්තං 10. දෙවෙනි කෝකාලික සූත්‍රය
2. දුතියවග්ගො 2. පරිනිර්‍වාණ වර්‍ගය
1. සනඞ්කුමාරසුත්තං 1. සනංකුමාර (හෙවත්) බ්‍රහ්මාසනා සූත්‍රය
2. දෙවදත්තසුත්තං 2. දේවදත්ත සූත්‍රය
3. අන්ධකවින්දසුත්තං 3. අන්‍ධකවින්‍ද සූත්‍රය
4. අරුණවතීසුත්තං 4. අරුණවතී සූත්‍රය
5. පරිනිබ්බානසුත්තං 5. පරිනිබ්බාන සූත්‍රය