ත්‍රිපිටකය
6. බ්‍රහ්මසංයුත්තං 6. බ්‍රහ්ම සංයුත්තය
1. පඨමවග්ගො 1. ප්‍රථම (කොකලික) වර්‍ගය
1. බ්‍රහ්මායාචනසුත්තං 1. ආයාචන සූත්‍රය
172
එවං මෙ සුතං - එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ අජපාලනිග්‍රොධමූලෙ පඨමාභිසම්බුද්ධො. අථ ඛො භගවතො රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘‘අධිගතො ඛො ම්‍යායං ධම්මො ගම්භීරො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො. ආලයරාමා ඛො පනායං පජා ආලයරතා ආලයසම්මුදිතා. ආලයරාමාය ඛො පන පජාය ආලයරතාය ආලයසම්මුදිතාය දුද්දසං ඉදං ඨානං යදිදං ඉදප්පච්චයතාපටිච්චසමුප්පාදො. ඉදම්පි ඛො ඨානං දුද්දසං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හාක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. අහඤ්චෙව ඛො පන ධම්මං දෙසෙය්‍යං; පරෙ ච මෙ න ආජානෙය්‍යුං; සො මමස්ස කිලමථො, සා මමස්ස විහෙසා’’ති. අපිස්සු භගවන්තං ඉමා අනච්ඡරියා ගාථායො පටිභංසු පුබ්බෙ අස්සුතපුබ්බා -
‘‘කිච්ඡෙන මෙ අධිගතං, හලං දානි පකාසිතුං;
රාගදොසපරෙතෙහි, නායං ධම්මො සුසම්බුධො.
‘‘පටිසොතගාමිං නිපුණං, ගම්භීරං දුද්දසං අණුං;
රාගරත්තා න දක්ඛන්ති, තමොඛන්ධෙන ආවුටා’’ති (තමොක්ඛන්ධෙන ආවුතාති (සී. ස්‍යා. කං. පී.)).
ඉතිහ භගවතො පටිසඤ්චික්ඛතො අප්පොස්සුක්කතාය චිත්තං නමති, නො ධම්මදෙසනාය.
අථ ඛො බ්‍රහ්මුනො සහම්පතිස්ස භගවතො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය එතදහොසි - ‘‘නස්සති වත භො ලොකො, විනස්සති වත භො ලොකො, යත්‍ර හි නාම තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස අප්පොස්සුක්කතාය චිත්තං නමති (නමිස්සති (?)), නො ධම්මදෙසනායා’’ති. අථ ඛො බ්‍රහ්මා සහම්පති - සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං (සම්මිඤ්ජිතං (සී. ස්‍යා. කං. පී.)) වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය එවමෙව - බ්‍රහ්මලොකෙ අන්තරහිතො භගවතො පුරතො පාතුරහොසි. අථ ඛො බ්‍රහ්මා සහම්පති එකංසං උත්තරාසඞ්ගං කරිත්වා දක්ඛිණජාණුමණ්ඩලං පථවියං නිහන්ත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච - ‘‘දෙසෙතු, භන්තෙ, භගවා ධම්මං, දෙසෙතු සුගතො ධම්මං. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවනතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො’’ති. ඉදමවොච බ්‍රහ්මා සහම්පති, ඉදං වත්වා අථාපරං එතදවොච -
‘‘පාතුරහොසි මගධෙසු පුබ්බෙ,
ධම්මො අසුද්ධො සමලෙහි චින්තිතො;
අපාපුරෙතං (අවාපුරෙතං (සී.)) අමතස්ස ද්වාරං,
සුණන්තු ධම්මං විමලෙනානුබුද්ධං.
‘‘සෙලෙ යථා පබ්බතමුද්ධනිට්ඨිතො,
යථාපි පස්සෙ ජනතං සමන්තතො;
තථූපමං ධම්මමයං සුමෙධ,
පාසාදමාරුය්හ සමන්තචක්ඛු;
සොකාවතිණ්ණං (සොකාවකිණ්ණං (සී.)) ජනතමපෙතසොකො,
අවෙක්ඛස්සු ජාතිජරාභිභූතං.
‘‘උට්ඨෙහි වීර විජිතසඞ්ගාම,
සත්ථවාහ අනණ (අණණ (රූපසිද්ධිටීකා)) විචර ලොකෙ;
දෙසස්සු (දෙසෙතු (ස්‍යා. කං. පී. ක.)) භගවා ධම්මං,
අඤ්ඤාතාරො භවිස්සන්තී’’ති.
අථ ඛො භගවා බ්‍රහ්මුනො ච අජ්ඣෙසනං විදිත්වා සත්තෙසු ච කාරුඤ්ඤතං පටිච්ච බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙසි. අද්දසා ඛො භගවා බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්‍රියෙ මුදින්ද්‍රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ, අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනෙ විහරන්තෙ, අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනෙ (දස්සාවිනො (සී. ස්‍යා. කං. පී.)) විහරන්තෙ. සෙය්‍යථාපි නාම උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවඩ්ඪානි උදකානුග්ගතානි අන්තො නිමුග්ගපොසීනි, අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවඩ්ඪානි සමොදකං ඨිතානි, අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවඩ්ඪානි උදකා අච්චුග්ගම්ම ඨිතානි (තිට්ඨන්ති (සී. ස්‍යා. කං. පී.)) අනුපලිත්තානි උදකෙන; එවමෙව භගවා බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො අද්දස සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්‍රියෙ මුදින්ද්‍රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ, අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනෙ විහරන්තෙ, අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනෙ විහරන්තෙ. දිස්වාන බ්‍රහ්මානං සහම්පතිං ගාථාය පච්චභාසි -
‘‘අපාරුතා තෙසං අමතස්ස ද්වාරා,
යෙ සොතවන්තො පමුඤ්චන්තු සද්ධං;
විහිංසසඤ්ඤී පගුණං න භාසිං,
ධම්මං පණීතං මනුජෙසු බ්‍රහ්මෙ’’ති.
අථ ඛො බ්‍රහ්මා සහම්පති ‘‘කතාවකාසො ඛොම්හි භගවතා ධම්මදෙසනායා’’ති භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායීති.
172
මා විසින් මෙසේ අසනලදී. භාග්‍යවතුන් වහන්සේ බුදුවූ පළමු කාලයේම එක් කලෙක උරුවෙල් දනව්වෙහි නේරංජරා ගංග තෙර අජපල් නුග රුක මුල වසනසේක.
එකල්හි තනිව චිත්තවිවේකයෙන් හුන් උන්වහන්සේට මෙබඳු කල්පනාවක් ඇතිවිය: ‘මා අවබෝධකළ මේ දහම ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය, දුකසේ අවබෝධ කටයුතුය. ශාන්තය, ප්‍රණීතය, තර්‍කයෙන් බැසගත නොහැක්ක. සියුම්ය, පණ්ඩිතයන් විසින්ම දතයුතුය. එහෙත් මේ සත්ත්‍ව සමූහයා ආලයෙන් බැඳුනේය. ආලයයෙහි ලැගුනේය. ආලයයෙහි සතුටුය. ආලයයෙහි ලැගුණු ආලයයෙහි සතුටුවූ සත්ත්‍ව සමූහයා විසින් මේ හේතුවෙන් මේ ඵලය වන්නේයයි දක්වන පටිච්චසමුප්පාද නම්වූ යම් දහමෙක් ඇද්ද එය දැක්ම දුෂ්කරය. සියලු සංස්කාරයන් නිවීමට කරුණුවූ, සියලු කෙලෙස් දුරලීමට හේතුවූ, තණ්හාව නැසීමට අරමුණුවූ, රාගය පහකිරීමට අරමුණුවූ, දුක්මුල් සුන්කිරීමට හේතුවූ යම් නිවනෙක් ඇද්ද, එය දැක්ම ඔවුන්ට දුෂ්කරය. මෙසේ ඇතිකල මමත් ඔවුන්ට දහම් දෙසන්නෙම් වීම් නම්, ඒ අන්‍යයෝත් මා දෙසන දේ තේරුම් නොගන්නෝ නම්, එය මට මහන්සිය පමණෙකි. එය මා කය වෙහෙසීම පමණෙකි.”
එපමණක්ද නොව පෙර නෙඇසූ මේ ගාථාවෝද භාග්‍යවතුන් වහන්සේගේ සිතට වැටහුණහ:
“මා දුකසේ අවබෝධකළ දහම දැන් දෙසීම නිෂ්ඵලය. රාග ද්වේෂ දෙකින් මඩනා ලද්දාවුන් විසින් මේ දහම සුවසේ අවබෝධ කට නොහැක්ක. රාගයෙන් රත්වූ මොහාන්‍ධකාරයෙන් වැසුණු සත්ත්‍වයෝ උඩුහොයට යන සියුම්, ගැඹුරු, ඉතා සූක්‍ෂමවූ මේ ධර්‍මය නොදක්නාහ.”
මෙසේ සලකන භාග්‍යවතුන් වහන්සේගේ සිත මන්දෝත්සාහයට, දහම් නො දෙසීමට නැමෙන්නේ විය.
ඒකල්හි භාග්‍යවතුන් වහන්සේටවූ කල්පනාව තම සිතින් දැන්මෙන් සහම්පති බඹහට මෙබඳු අදහසෙක් විය. “යම් තැනෙක අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ සිත මන්දෝත්සාහයට, දහම් නොදෙසීමට නැමේද, ඒ ලොව අහෝ නැසේ, අහෝ ලොව වැනසේ.”
ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙම ශක්තිමත් මිනිසෙක් යම්සේ වහා නැමූ අත දික් කරන්නේද, දික්කළ අත හෝ නවන්නේද, එසේම බඹලොව අතුරුදන්ව භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළවිය.
ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙම උතුරු සළුව එකස්කොට දකුණු දණමඬල බිම හැන භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි නමා (වැඳ) භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, භාග්‍යවත්හු දහම් දෙසත්වා’. සුගතයෝ දහම් දෙසත්වා’. මඳ කෙලෙස් ධූලියෙන් වැසුණු, නුවණ ඇස ඇති සත්ත්‍වයෝ ඇත්තෝහ. දහම් නොඅසනු හෙයින් ඔහු පිරිහෙන්නාහ. දහම් අවබෝධ කරන්නෝ ඇති වන්නාහ.”
සහම්පති බ්‍රහ්මතෙම මෙය කීය. මෙය කියා ඉක්බිති ගාථා වශයෙන් අන්‍යවූ මෙ බස් පැවසීය:
“(කෙලෙස්) මල සහිතයන් විසින් සිතා කියනලද අශුද්‍ධ ධර්‍මයෙක් පෙර මගධ රටෙහි පහළවිය. මේ අමා දොර හරින්න. නිර්‍මලයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද සත්‍ය ධර්‍මය (සත්ත්‍වයෝ) අසත්වා.
“ශිලාමය පර්‍වත මුදුනෙහි සිටියෙක් හාත්පස බිම සිටිනා ජන සමූහයා යම්සේ දක්නේද, ප්‍රාඥයන් වහන්ස, සර්‍වඥ වූ, ශෝක දුරු කළ ඔබද එසේ වූ ධර්‍මමය ප්‍රාසාදයට නැඟ, ජාති ජරාදී දුකින් මැඩුණු ශෝකයට බට ජනතාව නුවණින් බලා වදාරන්න.
“වීරයන් වහන්ස, සටනින් ජයලත් භාග්‍යවතුන් වහන්ස, නැගී සිටින්න. ණය නැති සාත්තුනායකයන් වහන්ස, ලොව හැසිරෙන්න. භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක්වා. එය අසා අවබෝධ කරන්නෝ ඇතිවන්නාහ.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මයාගේ අයදුමක් ලැබ, සත්ත්‍වයන් කෙරෙහි පතළ කරුණාවත් නිසා බුදු ඇසින් ලොව බැලූ සේක.
භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලොව බලනසේක්, මඳ කෙලෙස් රජසින් වැසුණු ප්‍රඥා ඇස ඇති සත්ත්‍වයන්ද, බොහෝ කෙලෙස් රජසින් වැසුණු ප්‍රඥා ඇස ඇති සත්ත්‍වයන්ද, තියුණුවූ (ශ්‍රද්‍ධාදී) ඉන්‍ද්‍රියයන් ඇති සත්ත්‍වයන්ද, (ශ්‍රද්‍ධාදී) උතුම් ආකාර ඇති සත්ත්‍වයන්ද, (අශ්‍රද්‍ධාදී) හීන ආකාර ඇති සත්ත්‍වයන්ද, සුවසේ කරුණු අවබෝධ කරවිය හැකි සත්ත්‍වයන්ද, කරුණු අවබෝධ කරවීමට දුෂ්කර සත්ත්‍වයන්ද, පරලොවත් අකුසලුත් භය වශයෙන් දක්නා ඇතැම් සත්ත්‍වයන්ද දුටුසේක.
යම්සේ වනාහි මහනෙල් විලක හෝ රත්පියුම් විලෙක හෝ හෙළ පියුම් විලෙක හෝ ඇතැම් නිල් මහනෙල් කෙනෙක් හෝ රත් පියුම් කෙනෙක් හෝ හෙළ පියුම් කෙනෙක් හෝ දියෙහි උපන්නෝ දියෙහි වැඩුණෝ දියෙන් මතු නොවූවෝ දිය යටම ගිලුනෝව පෝෂිත වෙත්ද, ඇතැම් නෙලුම් රත් පියුම් හෙළ පියුම් කෙනෙක් දියෙහි උපන්නෝ, දියෙහි වැඩුනෝ දිය මතුපිටට සමව සිටියෝ වෙත්ද, ඇතැම් නෙලුම් හෝ රත් පියුම් හෝ හෙළ පියුම් කෙනෙක් දියෙහි උපන්නෝ, දියෙහි වැඩුනෝ, දියෙන් ඉහළ නැග සිටියෝ දියෙන් දිය නොගෑවුනෝද, එසේම (ලොව) අල්ප රජස්කවූ ඇතැම් සතුන්ද, මහා රජස්කවූ ඇතැම් සතුන්ද, තියුණු ඉඳුරන් ඇති ඇතැම් සතුන්ද, නොතියුණු ඉඳුරන් ඇති ඇතැම් සතුන්ද, මනා ආකාර ඇති ඇතැම් සතුන්ද, නොමනා ආකාර ඇති ඇතැම් සතුන්ද, පහසුවෙන් අවබෝධ කළ හැකි ඇතැම් සතුන්ද, පහසුවෙන් අවබෝධ නොකළ හැකි ඇතැම් සතුන්ද, පරලොවත් අකුසලුත් බිය වශයෙන් දක්නා සුලුව වසන ඇතැම් සතුන්ද, බුදු ඇසින් ලොව බලන භාග්‍යවතුන් වහන්සේ දුටු සේක.
දැක සහම්පති බ්‍රහ්මයාට ගාථායෙන් මෙසේ වදාළසේක:
“බ්‍රහ්මය, (අවබෝධයට උත්සාහ නැතියන්ට දම් දෙසීම) කය වෙහෙසීම පමණෙකැයි යන හැඟීම ඇත්තෙම්, ප්‍රගුණවූ උතුම් ධර්‍මය මිනිසුන් අතර (මේතාක්) නෙදෙසීමි. කන් ඇති යම් කෙනෙක් වෙත්ද ඔවුහු ශ්‍රද්‍ධාව විහිදුවත්වා, ඔවුන්ට අමා දොරවල් හරන ලදහ.”
එවිට සහම්පති බ්‍රහ්මයා ‘භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් දෙසීමට කරන ලද අවකාශ ඇතියෙමි’ යි සතුටුව භාග්‍යවතුන් වහන්සේට සාදරව නමස්කාර කොට, පැදකුණු කොට එහිම අතුරුදහන්විය.
2. ගාරවසුත්තං 2. ගාරව සූත්‍රය
3. බ්‍රහ්මදෙවසුත්තං 3. බ්‍රහ්මදේව සූත්‍රය
4. බකබ්‍රහ්මසුත්තං 4. බකබ්‍රහ්ම සූත්‍රය
5. අඤ්ඤතරබ්‍රහ්මසුත්තං 5. අපරාදිට්ඨි සූත්‍රය
6. බ්‍රහ්මලොකසුත්තං 6. පමාද සූත්‍රය
7. කොකාලිකසුත්තං 7. කෝකාලික (හෙවත් කෝකාලිය) සූත්‍රය
8. කතමොදකතිස්සසුත්තං 8. තිස්සක සූත්‍රය
9. තුරූබ්‍රහ්මසුත්තං 9. තුදු බ්‍රහ්මා සූත්‍රය
10. කොකාලිකසුත්තං 10. දෙවෙනි කෝකාලික සූත්‍රය
2. දුතියවග්ගො 2. පරිනිර්‍වාණ වර්‍ගය
1. සනඞ්කුමාරසුත්තං 1. සනංකුමාර (හෙවත්) බ්‍රහ්මාසනා සූත්‍රය
2. දෙවදත්තසුත්තං 2. දේවදත්ත සූත්‍රය
3. අන්ධකවින්දසුත්තං 3. අන්‍ධකවින්‍ද සූත්‍රය
4. අරුණවතීසුත්තං 4. අරුණවතී සූත්‍රය
5. පරිනිබ්බානසුත්තං 5. පරිනිබ්බාන සූත්‍රය