ත්‍රිපිටකය
6. බ්‍රහ්මසංයුත්තං 6. බ්‍රහ්ම සංයුත්තය
1. පඨමවග්ගො 1. ප්‍රථම (කොකලික) වර්‍ගය
1. බ්‍රහ්මායාචනසුත්තං 1. ආයාචන සූත්‍රය
2. ගාරවසුත්තං 2. ගාරව සූත්‍රය
3. බ්‍රහ්මදෙවසුත්තං 3. බ්‍රහ්මදේව සූත්‍රය
4. බකබ්‍රහ්මසුත්තං 4. බකබ්‍රහ්ම සූත්‍රය
5. අඤ්ඤතරබ්‍රහ්මසුත්තං 5. අපරාදිට්ඨි සූත්‍රය
6. බ්‍රහ්මලොකසුත්තං 6. පමාද සූත්‍රය
7. කොකාලිකසුත්තං 7. කෝකාලික (හෙවත් කෝකාලිය) සූත්‍රය
8. කතමොදකතිස්සසුත්තං 8. තිස්සක සූත්‍රය
9. තුරූබ්‍රහ්මසුත්තං 9. තුදු බ්‍රහ්මා සූත්‍රය
10. කොකාලිකසුත්තං 10. දෙවෙනි කෝකාලික සූත්‍රය
2. දුතියවග්ගො 2. පරිනිර්‍වාණ වර්‍ගය
1. සනඞ්කුමාරසුත්තං 1. සනංකුමාර (හෙවත්) බ්‍රහ්මාසනා සූත්‍රය
2. දෙවදත්තසුත්තං 2. දේවදත්ත සූත්‍රය
3. අන්ධකවින්දසුත්තං 3. අන්‍ධකවින්‍ද සූත්‍රය
4. අරුණවතීසුත්තං 4. අරුණවතී සූත්‍රය
5. පරිනිබ්බානසුත්තං 5. පරිනිබ්බාන සූත්‍රය
186
එකං සමයං භගවා කුසිනාරායං විහරති උපවත්තනෙ මල්ලානං සාලවනෙ අන්තරෙන යමකසාලානං පරිනිබ්බානසමයෙ. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘හන්ද දානි, භික්ඛවෙ , ආමන්තයාමි වො - ‘වයධම්මා සඞ්ඛාරා, අප්පමාදෙන සම්පාදෙථා’ති. අයං තථාගතස්ස පච්ඡිමා වාචා’’.
අථ ඛො භගවා පඨමං ඣානං (පඨමජ්ඣානං (ස්‍යා. කං.) එවං දුතියං ඣානං ඉච්චාදීසුපි) සමාපජ්ජි. පඨමා ඣානා (පඨමජ්ඣානා (ස්‍යා. කං.) එවං දුතියා ඣානා ඉච්චාදීසුපි) වුට්ඨහිත්වා දුතියං ඣානං සමාපජ්ජි. දුතියා ඣානා වුට්ඨහිත්වා තතියං ඣානං සමාපජ්ජි. තතියා ඣානා වුට්ඨහිත්වා චතුත්ථං ඣානං සමාපජ්ජි. චතුත්ථා ඣානා වුට්ඨහිත්වා ආකාසානඤ්චායතනං සමාපජ්ජි. ආකාසානඤ්චායතනා වුට්ඨහිත්වා විඤ්ඤාණඤ්චායතනං සමාපජ්ජි. විඤ්ඤාණඤ්චායතනා වුට්ඨහිත්වා ආකිඤ්චඤ්ඤායතනං සමාපජ්ජි. ආකිඤ්චඤ්ඤායතනා වුට්ඨහිත්වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපජ්ජි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනා වුට්ඨහිත්වා සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජි.
සඤ්ඤාවෙදයිතනිරොධා වුට්ඨහිත්වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපජ්ජි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනා වුට්ඨහිත්වා ආකිඤ්චඤ්ඤායතනං සමාපජ්ජි. ආකිඤ්චඤ්ඤායතනා වුට්ඨහිත්වා විඤ්ඤාණඤ්චායතනං සමාපජ්ජි. විඤ්ඤාණඤ්චායතනා වුට්ඨහිත්වා ආකාසානඤ්චායතනං සමාපජ්ජි. ආකාසානඤ්චායතනා වුට්ඨහිත්වා චතුත්ථං ඣානං සමාපජ්ජි. චතුත්ථා ඣානා වුට්ඨහිත්වා තතියං ඣානං සමාපජ්ජි. තතියා ඣානා වුට්ඨහිත්වා දුතියං ඣානං සමාපජ්ජි. දුතියා ඣානා වුට්ඨහිත්වා පඨමං ඣානං සමාපජ්ජි. පඨමා ඣානා වුට්ඨහිත්වා දුතියං ඣානං සමාපජ්ජි. දුතියා ඣානා වුට්ඨහිත්වා තතියං ඣානං සමාපජ්ජි. තතියා ඣානා වුට්ඨහිත්වා චතුත්ථං ඣානං සමාපජ්ජි. චතුත්ථා ඣානා වුට්ඨහිත්වා සමනන්තරං භගවා පරිනිබ්බායි. පරිනිබ්බුතෙ භගවති සහ පරිනිබ්බානා බ්‍රහ්මා සහම්පති ඉමං ගාථං අභාසි -
‘‘සබ්බෙව නික්ඛිපිස්සන්ති, භූතා ලොකෙ සමුස්සයං;
යත්ථ එතාදිසො සත්ථා, ලොකෙ අප්පටිපුග්ගලො;
තථාගතො බලප්පත්තො, සම්බුද්ධො පරිනිබ්බුතො’’ති.
පරිනිබ්බුතෙ භගවති සහ පරිනිබ්බානා සක්කො දෙවානමින්දො ඉමං ගාථං අභාසි -
‘‘අනිච්චා වත සඞ්ඛාරා, උප්පාදවයධම්මිනො;
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති, තෙසං වූපසමො සුඛො’’ති.
පරිනිබ්බුතෙ භගවති සහ පරිනිබ්බානා ආයස්මා ආනන්දො ඉමං ගාථං අභාසි -
‘‘තදාසි යං භිංසනකං, තදාසි ලොමහංසනං;
සබ්බාකාරවරූපෙතෙ, සම්බුද්ධෙ පරිනිබ්බුතෙ’’ති.
පරිනිබ්බුතෙ භගවති සහ පරිනිබ්බානා ආයස්මා අනුරුද්ධො ඉමා ගාථායො අභාසි -
‘‘නාහු අස්සාසපස්සාසො, ඨිතචිත්තස්ස තාදිනො;
අනෙජො සන්තිමාරබ්භ, චක්ඛුමා පරිනිබ්බුතො (යං කාලමකරී මුනි (මහාපරිනිබ්බානසුත්තෙ)).
‘‘අසල්ලීනෙන චිත්තෙන, වෙදනං අජ්ඣවාසයි;
පජ්ජොතස්සෙව නිබ්බානං, විමොක්ඛො චෙතසො අහූ’’ති.
186
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුසිනාරානුවර මල්ල රජුන්ගේ උපවත්තන නම් සල්වෙනෙහි සල්ගස් දෙක අතරෙහි පිරිනිවන් කාලයෙහි වාසය කරනසේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට (මෙසේ) වදාළසේක: “මහණෙනි, දැන් වනාහි තොප අමකමි. සියලු සංස්කාර ධර්‍මයෝ නැසෙන ස්වභාව ඇත්තෝය. අප්‍රමාදයෙන් ත්‍රිශික්‍ෂාව සම්පාදනය කරව්.” මේ තථාගතයන්ගේ අන්තිම වචනයයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ප්‍රථමධ්‍යානයට සමවැදුනුසේක. ප්‍රථමධ්‍යානයෙන් නැගිට ද්‍විතීයධ්‍යානයට සමවැදුනුසේක. ද්‍විතීයධ්‍යානයෙන් නැගිට තෘතීයධ්‍යානයට සමවැදුනුසේක. තෘතීයධ්‍යානයෙන් නැගිට චතුර්ථධ්‍යානයට සමවැදුනුසේක. චතුර්ථධ්‍යානයෙන් නැගිට ආකාසානඤචායතනධ්‍යානයට සමවැදුනුසේක. ආකාසානඤචායතනධ්‍යානයෙන් නැගිට විඤඤානඤ්චායතනධ්‍යානයට සමවැදුනුසේක. විඤඤානඤ්චායතනයෙන් නැගිට ආකිඤචඤඤායතනධ්‍යානයට සමවැදුනුසේක. ආකිඤචඤඤායතනයෙන් නැගිට නේවසඤ්ඤානාසඤඤායතනයට සමවැදුනුසේක. නේවසඤ්ඤානාසඤඤායතනයෙන් නැගිට සඤඤාවේදයිතනිරෝධසමාපත්තියට සමවැදුනුසේක.
සඤඤාවේදයිත නිරෝධසමාපත්තයෙන් නැගී නේවසඤ්ඤානාසඤඤායතන සමාපත්තියට සමවැදුනුසේක. නේවසඤ්ඤානාසඤඤායතනයෙන් නැගී ආකිඤචඤඤායතනයට සමවැදුනුසේක. ආකිඤචඤඤායතනයෙන් නැගී විඤඤානඤ්චායතනයට සමවැදුනුසේක. විඤඤානඤ්චායතනයෙන් නැගී ආකාසානඤචායතනයට සමවැදුනුසේක. ආකාසානඤචායතනයෙන් නැගී චතුර්ථධ්‍යානයට සමවැදුනුසේක. චතුර්ථධ්‍යානයෙන් නැගිට තෘතීයධ්‍යානයට සමවැදුනුසේක. තෘතීයධ්‍යානයෙන් නැගිට ද්‍විතීයධ්‍යානයට සමවැදුනුසේක. ද්‍විතීයධ්‍යානයෙන් නැගිට ප්‍රථමධ්‍යානයට සමවැදුනුසේක. ප්‍රථමධ්‍යානයෙන් නැගිට ද්‍විතීයධ්‍යානයට සමවැදුනුසේක. ද්‍විතීයධ්‍යානයෙන් නැගිට තෘතීයධ්‍යානයට සමවැදුනුසේක. තෘතීයධ්‍යානයෙන් නැගිට චතුර්ථධ්‍යානයට සමවැදුනුසේක. චතුර්ථධ්‍යානයෙන් නැගිට ධ්‍යානයෙන් නැගිටීම සමගම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑසේක.
භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි පිරිනිවීමත් සමගම සහම්පතී බඹතෙම මේ ගාථාව කීය:
“ලොව යැම සත්හුම සිරුර ඉවත දමන්නාහුය. ලොව සමකළ නොහැකිවූ, තථාගතවූ, (දශවිධ ඥාන) බලයට පැමිණි, සියලු ධර්‍මයන් ඉතිරි නොකොට දත්, මෙබඳු ශාස්තෲන් වහන්සේ පවා යම්සේ පිරිනිවිසේක්ද (එමෙනි.)
භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල පිරිනිවීමත් සමගම සක්දෙවිඳු මේ ගාථාව කීය:
“සංස්කාරයෝ ඉපදීම නැසීම ස්වභාවකොට ඇත්තාහු ඒකාන්තයෙන් අනිත්‍යයහ. (ඔවුහු) ඉපිද නිරුද්‍ධ (විනාශ) වෙත්. ඒ සංස්කාරයන්ගේ සංසිඳීම සැපයි.”
භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල පිරිනිවීමත් සමගම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම මේ ගාථාව කීය:
“සියලු උතුම් කරුණුවලින් යුක්තවූ, සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේ පිරිනිවි කල (ඒ) පරිනිර්‍වානය සමගම භය උපදවන කරුණු (පහළ) විය. එවිට ලොමු ඩැහැගැනීම්ද විය.”
භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල පිරිනිවීමත් සමගම අනුරුද්‍ධ ස්ථවිරතෙම මේ ගාථාවන් කීය:
“සමාහික සිත් ඇති, තාදී ගුණවත්, බුදුරජාණන් වහන්සේගේ ආශවාස ප්‍රශ්වාසය නොවූයේය. (නතරවිය.) තණ්හාව නැත්තාවූ, පසැස් ඇත්තාවූ, සම්බුද්ධයන් වහන්සේ අනුපදිශේෂ නිර්‍වාණය නිසා ස්කන්‍ධපරිනිර්‍වාණයෙන් පිරිනිවිසේක.
“නොහැකුළුණු සිතින් යුක්තව වේදනාව ඉවසූසේක. චිත්තය සම්බන්‍ධවූ මිදීම ප්‍රදීපයේ නිවීම මෙන් විය.”