ත්‍රිපිටකය
6. බ්‍රහ්මසංයුත්තං 6. බ්‍රහ්ම සංයුත්තය
1. පඨමවග්ගො 1. ප්‍රථම (කොකලික) වර්‍ගය
1. බ්‍රහ්මායාචනසුත්තං 1. ආයාචන සූත්‍රය
2. ගාරවසුත්තං 2. ගාරව සූත්‍රය
3. බ්‍රහ්මදෙවසුත්තං 3. බ්‍රහ්මදේව සූත්‍රය
4. බකබ්‍රහ්මසුත්තං 4. බකබ්‍රහ්ම සූත්‍රය
5. අඤ්ඤතරබ්‍රහ්මසුත්තං 5. අපරාදිට්ඨි සූත්‍රය
6. බ්‍රහ්මලොකසුත්තං 6. පමාද සූත්‍රය
7. කොකාලිකසුත්තං 7. කෝකාලික (හෙවත් කෝකාලිය) සූත්‍රය
8. කතමොදකතිස්සසුත්තං 8. තිස්සක සූත්‍රය
9. තුරූබ්‍රහ්මසුත්තං 9. තුදු බ්‍රහ්මා සූත්‍රය
10. කොකාලිකසුත්තං 10. දෙවෙනි කෝකාලික සූත්‍රය
181
සාවත්ථිනිදානං . අථ ඛො කොකාලිකො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි ; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො කොකාලිකො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘පාපිච්ඡා, භන්තෙ, සාරිපුත්තමොග්ගල්ලානා පාපිකානං ඉච්ඡානං වසං ගතා’’ති. එවං වුත්තෙ, භගවා කොකාලිකං භික්ඛුං එතදවොච - ‘‘මා හෙවං, කොකාලික, අවච; මා හෙවං, කොකාලික, අවච. පසාදෙහි, කොකාලික, සාරිපුත්තමොග්ගල්ලානෙසු චිත්තං. පෙසලා සාරිපුත්තමොග්ගල්ලානා’’ති. දුතියම්පි ඛො කොකාලිකො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කිඤ්චාපි මෙ, භන්තෙ, භගවා සද්ධායිකො පච්චයිකො; අථ ඛො පාපිච්ඡාව භන්තෙ, සාරිපුත්තමොග්ගල්ලානා පාපිකානං ඉච්ඡානං වසං ගතා’’ති. දුතියම්පි ඛො භගවා කොකාලිකං භික්ඛුං එතදවොච - ‘‘මා හෙවං, කොකාලික, අවච; මා හෙවං, කොකාලික, අවච. පසාදෙහි, කොකාලික, සාරිපුත්තමොග්ගල්ලානෙසු චිත්තං. පෙසලා සාරිපුත්තමොග්ගල්ලානා’’ති. තතියම්පි ඛො කොකාලිකො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කිඤ්චාපි...පෙ.... ඉච්ඡානං වසං ගතා’’ති. තතියම්පි ඛො භගවා කොකාලිකං භික්ඛුං එතදවොච - ‘‘මා හෙවං...පෙ.... පෙසලා සාරිපුත්තමොග්ගල්ලානා’’ති.
අථ ඛො කොකාලිකො භික්ඛු උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අචිරපක්කන්තස්ස ච කොකාලිකස්ස භික්ඛුනො සාසපමත්තීහි පීළකාහි (පිළකාහි (සී. පී.)) සබ්බො කායො ඵුටො අහොසි. සාසපමත්තියො හුත්වා මුග්ගමත්තියො අහෙසුං, මුග්ගමත්තියො හුත්වා කලායමත්තියො අහෙසුං, කලායමත්තියො හුත්වා කොලට්ඨිමත්තියො අහෙසුං, කොලට්ඨිමත්තියො හුත්වා කොලමත්තියො අහෙසුං, කොලමත්තියො හුත්වා ආමලකමත්තියො අහෙසුං, ආමලකමත්තියො හුත්වා බෙලුවසලාටුකමත්තියො අහෙසුං, බෙලුවසලාටුකමත්තියො හුත්වා බිල්ලමත්තියො අහෙසුං, බිල්ලමත්තියො හුත්වා පභිජ්ජිංසු. පුබ්බඤ්ච ලොහිතඤ්ච පග්ඝරිංසු. අථ ඛො කොකාලිකො භික්ඛු තෙනෙව ආබාධෙන කාලමකාසි . කාලඞ්කතො ච කොකාලිකො භික්ඛු පදුමං නිරයං උපපජ්ජි සාරිපුත්තමොග්ගල්ලානෙසු චිත්තං ආඝාතෙත්වා.
අථ ඛො බ්‍රහ්මා සහම්පති අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො බ්‍රහ්මා සහම්පති භගවන්තං එතදවොච - ‘‘කොකාලිකො, භන්තෙ, භික්ඛු කාලඞ්කතො. කාලඞ්කතො ච, භන්තෙ, කොකාලිකො භික්ඛු පදුමං නිරයං උපපන්නො සාරිපුත්තමොග්ගල්ලානෙසු චිත්තං ආඝාතෙත්වා’’ති. ඉදමවොච බ්‍රහ්මා සහම්පති, ඉදං වත්වා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායීති.
අථ ඛො භගවා තස්සා රත්තියා අච්චයෙන භික්ඛූ ආමන්තෙසි - ‘‘ඉමං, භික්ඛවෙ, රත්තිං බ්‍රහ්මා සහම්පති අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො, භික්ඛවෙ, බ්‍රහ්මා සහම්පති මං එතදවොච - ‘කොකාලිකො, භන්තෙ, භික්ඛු කාලඞ්කතො. කාලඞ්කතො ච, භන්තෙ, කොකාලිකො භික්ඛු පදුමං නිරයං උපපන්නො සාරිපුත්තමොග්ගල්ලානෙසු චිත්තං ආඝාතෙත්වා’ති. ඉදමවොච, භික්ඛවෙ , බ්‍රහ්මා සහම්පති, ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායී’’ති.
එවං වුත්තෙ, අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කීවදීඝං නු ඛො, භන්තෙ, පදුමෙ නිරයෙ ආයුප්පමාණ’’න්ති? ‘‘දීඝං ඛො, භික්ඛු, පදුමෙ නිරයෙ ආයුප්පමාණං. තං න සුකරං සඞ්ඛාතුං - එත්තකානි වස්සානි ඉති වා, එත්තකානි වස්සසතානි ඉති වා, එත්තකානි වස්සසහස්සානි ඉති වා, එත්තකානි වස්සසතසහස්සානි ඉති වා’’ති. ‘‘සක්කා පන, භන්තෙ, උපමං කාතු’’න්ති? ‘‘සක්කා , භික්ඛූ’’ති භගවා අවොච -
‘‘සෙය්‍යථාපි, භික්ඛු වීසතිඛාරිකො කොසලකො තිලවාහො. තතො පුරිසො වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන එකමෙකං තිලං උද්ධරෙය්‍ය; ඛිප්පතරං ඛො සො, භික්ඛු, වීසතිඛාරිකො කොසලකො තිලවාහො ඉමිනා උපක්කමෙන පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්‍ය, න ත්වෙව එකො අබ්බුදො නිරයො. සෙය්‍යථාපි, භික්ඛු, වීසති අබ්බුදා නිරයා, එවමෙකො නිරබ්බුදනිරයො. සෙය්‍යථාපි, භික්ඛු, වීසති නිරබ්බුදා නිරයා, එවමෙකො අබබො නිරයො. සෙය්‍යථාපි, භික්ඛු, වීසති අබබා නිරයා, එවමෙකො අටටො නිරයො. සෙය්‍යථාපි, භික්ඛු, වීසති අටටා නිරයා, එවමෙකො අහහො නිරයො. සෙය්‍යථාපි, භික්ඛු, වීසති අහහා නිරයා, එවමෙකො කුමුදො නිරයො. සෙය්‍යථාපි, භික්ඛු, වීසති කුමුදා නිරයා, එවමෙකො සොගන්ධිකො නිරයො. සෙය්‍යථාපි, භික්ඛු, වීසති සොගන්ධිකා නිරයා, එවමෙකො උප්පලනිරයො. සෙය්‍යථාපි, භික්ඛු, වීසති උප්පලා නිරයා, එවමෙකො පුණ්ඩරිකො නිරයො. සෙය්‍යථාපි , භික්ඛු, වීසති පුණ්ඩරිකා නිරයා, එවමෙකො පදුමො නිරයො. පදුමෙ පන, භික්ඛු, නිරයෙ කොකාලිකො භික්ඛු උපපන්නො සාරිපුත්තමොග්ගල්ලානෙසු චිත්තං ආඝාතෙත්වා’’ති. ඉදමවොච භගවා, ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා -
‘‘පුරිසස්ස හි ජාතස්ස,
කුඨාරී ජායතෙ මුඛෙ;
යාය ඡින්දති අත්තානං,
බාලො දුබ්භාසිතං භණං.
‘‘යො නින්දියං පසංසති,
තං වා නින්දති යො පසංසියො;
විචිනාති මුඛෙන සො කලිං,
කලිනා තෙන සුඛං න වින්දති.
‘‘අප්පමත්තකො අයං කලි,
යො අක්ඛෙසු ධනපරාජයො;
සබ්බස්සාපි සහාපි අත්තනා,
අයමෙව මහන්තරො කලි;
යො සුගතෙසු මනං පදොසයෙ.
‘‘සතං සහස්සානං නිරබ්බුදානං,
ඡත්තිංසති පඤ්ච ච අබ්බුදානි;
යමරියගරහී නිරයං උපෙති,
වාචං මනඤ්ච පණිධාය පාපක’’න්ති.
181
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. ඉක්බිති කෝකාලික භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පසෙක හුන්නාවූ කෝකාලික භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, සැරියුත් මුගලන් තෙරහු ලාමක අදහස් ඇත්තාහු ලාමක අදහස්වලට වසඟවූවාහුය.”
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කෝකාලික භික්‍ෂුවට මෙසේ වදාළසේක: “එසේ නොකියව, කෝකාලික, එසේ නොකියව, කෝකාලික, කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන් දෙනම ශීලවන්තයෝය.”
දෙවනුවත් කෝකාලික භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි විශ්වාසකට හැක්කේය, ඇදහියයුතු කථා ඇත්තේය, එසේ වුව සැරියුත් මුගලන් තෙරහු පවිටු අදහස් ඇත්තෝය, පවිටු අදහස්වලට වසඟ වූවාහුය.”
දෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ කෝකාලික භික්‍ෂුවට මෙසේ කීය: “එසේ නොකියව, කෝකාලික, එසේ නොකියව, කෝකාලික, කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන් දෙනම ශීලවන්තයෝය.”
තුන්වෙනුවත් කෝකාලික භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි විශ්වාසකට හැක්කේය, ඇදහියයුතු කථා ඇත්තේය, එසේ වුව සැරියුත් මුගලන් තෙරහු පවිටු අදහස් ඇත්තෝය, පවිටු අදහස්වලට වසඟ වූවාහුය.”
තුන්වෙනුවද භාග්‍යවතුන් වහන්සේ කෝකාලික භික්‍ෂුවට මෙය කීය: “එසේ නොකියව, කෝකාලික, එසේ නොකියව, කෝකාලික, කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන් දෙනම ශීලවන්තයෝය.”
ඉක්බිති කෝකාලික භික්‍ෂුතෙම අසුනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ, ප්‍රදක්‍ෂිණාකොට ගියේය. එසේගොස් නොබෝ වේලාවකින් කෝකාලික භික්‍ෂුවගේ සකල ශරීරය අබැට පමණවූ පිළිකාවලින් පැතුරුනේ විය. අබ ඇට පමණව, මුං ඇට පමණ විය. මුං ඇට පමණව කඩල පමණ විය. කඩල ඇට පමණව ඩෙබර ඇට පමණ විය. ඩෙබර ඇට පමණව නෙල්ලි පමණ විය. නෙල්ලි පමණව නොපැසුණු බෙලි පමණ විය. නොපැසුණු බෙලි පමණව බෙලි පමණ විය. බෙලි පමණව ගැහුනේය. සැරවද ලේද වැගිරිණි.
ඉක්බිති කෝකාලික භික්‍ෂුව ඒ ලෙඩින්ම මැරුණේය. මැරුණාවූ කෝකාලික භික්‍ෂුතෙම සැරියුත් මුගලන් කෙරෙහි වෛර බැඳ පදුම නිරයෙහි උපන්නේය.
ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙම රෑ පෙරයම ඉකුත් කල සියලු ශරීර ආලෝකයෙන් ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවත්හු වැඳ එකතපසෙක සිටියේය. එකත්පසෙක හුන් සහම්පති බ්‍රහ්මතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, කෝකාලික භික්‍ෂුතෙම මැරුණේය. මැරී සැරියුත් මුගලන් දෙතෙරුන් කෙරෙහි වෛර බැඳ පදුම නරකයෙහි උපන්නේය.” සහම්පති බ්‍රහ්මතෙම මෙය කීය. මෙසේ කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ ප්‍රදක්‍ෂිණා කොට එහිම අතුරුදහන්විය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිය ඉක්මුණු පසු භික්‍ෂූන්ට කථාකළසේක. “මහණෙනි, මේ රාත්‍රියේ සහම්පති බ්‍රහ්මතෙම රෑ පෙරයම ඉකුත් කල සියලු ජේතවනය ශරීර ආලෝකයෙන් බබුළුවා මම යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, මා වැඳ එකතපස්ව සිටියේය. මහණෙනි, එකත්පස්ව සිටි බ්‍රහ්මතෙම මට මෙය කීය: “ස්වාමීනි, කෝකාලික භික්‍ෂුතෙම මැරුණේය. ස්වාමීනි, මැරී කෝකාලික භික්‍ෂුතෙම සැරියුත් මුගලන් දෙතෙරුන් කෙරෙහි වෛර බැඳ පදුම නිරයට උත්පත්තිය වශයෙන් පැමිණියේය.” මහණෙනි, සහම්පති බ්‍රහ්මතෙම මෙය කීය. මෙය කියා මා වැඳ ප්‍රදක්‍ෂිණා කොට එහිම අතුරුදහන්විය.”
මෙසේ කීකල එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය: “ස්වාමීනි, පදුම නිරයෙහි ආයුෂ කොපමණ දිගද?” “මහණෙනි, පදුම නිරයෙහි ආයුෂ ප්‍රමාණය දිග්මය, වර්‍ෂ මෙපමණැයි හෝ ශත වර්‍ෂ මෙපමණැයි හෝ සහශ්‍ර වර්‍ෂ මෙපමණැයි හෝ සතසහශ්‍ර වර්‍ෂ මෙපමණැයි හෝ සංඛ්‍යා කිරීමට පහසු නොවේ.”
“ස්වාමීනි, උපමා කළ හැකිද?”
“හැකිය මහණෙනි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. “මහණෙනි, යම්සේ කොසොල්රට සංඛ්‍යායෙන් වීසතිඛාරිකයෙක් (දෝන තුන්සිය විස්සක්) ඇති තල කරත්තයක් වේ නම් එයින් පුරුෂයෙක් වර්‍ෂ සියයක් හෝ දාහක් අවෑමෙන් එක් තල ඇටයක් බැගින් ඉවත දමන්නේනම් මහණෙනි, ඒ කොසොල්රට සංඛ්‍යායෙන් වීසතිඛාරිකයෙක් ඇති තල කරත්තය ඉතා ඉක්මනින් මේ අයුරින් ගෙවීමෙන් අවසානයට යන්නේය, එහෙත් එතරම් ඉක්මනින් එක අර්බුද නරකයෙක ආයුෂ නොගෙවෙන්නේමය. මහණෙනි, අර්බුද නරකයට අයත් කාල ප්‍රමාණයෙන් විසි ගුණයෙන් නිරර්බුද නරකයෙහි එක් කාලයෙකි. මහණෙනි, නිරබ්බුද නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් අබබ නරකයෙහි එක් කාලයෙකි.මහණෙනි, අබබ නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් එක් අටට නරකයට අයත් කාලයෙකි. මහණෙනි, අටට නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙන් එක් අහහ නරකයට අයත් කාලයකි. මහණෙනි, අහහ නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් එක් කුමුදු නරකයට අයත් කාලයෙකි. මහණෙනි, කුමුදු නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් එක් සෝගන්‍ධික කාලයෙකි. මහණෙනි, සෝගන්‍ධික නරක ප්‍රමාණයෙන් විංශති ගුණයෙක් එක් උප්පල නරකයට අයත් කාලයෙකි. මහණෙනි, උප්පල නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් එක පුණ්ඩරීක නරකයට අයත් කාලයෙකි. මහණෙනි, පුණ්ඩරීක නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් එක් පදුම නරකයට අයත් කාලයෙකි. මහණෙනි, කෝකාලික භික්‍ෂුව සැරියුත් මුගලන් දෙතෙරුන් කෙරෙහි වෛර බැඳ උපන්නේ පදුම නිරයෙහිය.”
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: සුගතවූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා ඉක්බිතිව මෙසේද වදාළසේක:
“මෙලොව උපන් තැනැත්තාගේ මුඛයෙහි කෙටේරියක් ඇත්තේය. නපුරු වචන කියන අන්‍ධබාල දුර්ජනතෙම ඒ කෙටේරියෙන් තමාම වනසයි.
“යමෙක් නින්‍දා කටයුත්තාට ප්‍රශංසාද, ප්‍රශංසා කටයුත්තාට නින්‍දා හෝ කෙරේද, හෙතෙම මුඛයෙන් අපරාධ රැස් කර ගනී ඒ අපරාධ කරණකොට සුවයක් නම් නොවිඳී.
“යම් වස්තු පරාදයෙක් වේද, තමනුත් සමග ස්වකීය සියලු දේ සම්බන්‍ධ ඒ අපරාධය ස්වල්පයි. යම් කිසිවෙක් යහපත්ව ගිය පුද්ගලයන් (රහතුන්) කෙරෙහි සිත දූෂ්‍ය කරන්නේද, මේ වනාහි (ඊට වඩා) ඉතා විශාලවූ අපරාධයයි.
“ලාමකවූ වචනයෙන්ද, සිතෙන්ද, ආර්‍ය්‍යයන්ට ගරහන පුද්ගලතෙම යම් නරකයකට උප්පත්ති වශයෙන් පැමිණේද, (එහි ආයුෂ) නිරබ්බුදයන් සිය දහසෙක් හා (නිරබ්බුද) සතිසෙක්ද අර්බුද පසෙක්ද වේ.”
2. දුතියවග්ගො 2. පරිනිර්‍වාණ වර්‍ගය
1. සනඞ්කුමාරසුත්තං 1. සනංකුමාර (හෙවත්) බ්‍රහ්මාසනා සූත්‍රය
2. දෙවදත්තසුත්තං 2. දේවදත්ත සූත්‍රය
3. අන්ධකවින්දසුත්තං 3. අන්‍ධකවින්‍ද සූත්‍රය
4. අරුණවතීසුත්තං 4. අරුණවතී සූත්‍රය
5. පරිනිබ්බානසුත්තං 5. පරිනිබ්බාන සූත්‍රය