ත්‍රිපිටකය
5. භික්ඛුනීසංයුත්තං 5. භික්ඛුනී සංයුත්තය
1. ආළවිකාසුත්තං 1. ආළවිකා සූත්‍රය
2. සොමාසුත්තං 2. සෝමා සූත්‍රය
3. කිසාගොතමීසුත්තං 3. ගෝතමී සූත්‍රය
4. විජයාසුත්තං 4. විජයා සූත්‍රය
5. උප්පලවණ්ණාසුත්තං 5. උප්පලවණ්ණා සූත්‍රය
6. චාලාසුත්තං 6. චාලා සූත්‍රය
7. උපචාලාසුත්තං 7. උපචාලා සූත්‍රය
8. සීසුපචාලාසුත්තං 8. සිසුපචාලා සූත්‍රය
9. සෙලාසුත්තං 9. සේලා සූත්‍රය
170
සාවත්ථිනිදානං . අථ ඛො සෙලා භික්ඛුනී පුබ්බණ්හසමයං නිවාසෙත්වා...පෙ.... අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. අථ ඛො මාරො පාපිමා සෙලාය භික්ඛුනියා භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො...පෙ.... සෙලං භික්ඛුනිං ගාථාය අජ්ඣභාසි -
‘‘කෙනිදං පකතං බිම්බං, ක්වනු (ක්වන්නු (සී. පී.), ක්වචි (ස්‍යා. කං. ක.)) බිම්බස්ස කාරකො;
ක්වනු බිම්බං සමුප්පන්නං, ක්වනු බිම්බං නිරුජ්ඣතී’’ති.
අථ ඛො සෙලාය භික්ඛුනියා එතදහොසි - ‘‘කො නු ඛ්වායං මනුස්සො වා අමනුස්සො වා ගාථං භාසතී’’ති? අථ ඛො සෙලාය භික්ඛුනියා එතදහොසි - ‘‘මාරො ඛො අයං පාපිමා මම භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො සමාධිම්හා චාවෙතුකාමො ගාථං භාසතී’’ති. අථ ඛො සෙලා භික්ඛුනී ‘‘මාරො අයං පාපිමා’’ ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාහි පච්චභාසි -
‘‘නයිදං අත්තකතං (නයිදං පකතං (ස්‍යා. කං.)) බිම්බං, නයිදං පරකතං (නයිදං පකතං (ස්‍යා. කං.)) අඝං;
හෙතුං පටිච්ච සම්භූතං, හෙතුභඞ්ගා නිරුජ්ඣති.
‘‘යථා අඤ්ඤතරං බීජං, ඛෙත්තෙ වුත්තං විරූහති;
පථවීරසඤ්චාගම්ම, සිනෙහඤ්ච තදූභයං.
‘‘එවං ඛන්ධා ච ධාතුයො, ඡ ච ආයතනා ඉමෙ;
හෙතුං පටිච්ච සම්භූතා, හෙතුභඞ්ගා නිරුජ්ඣරෙ’’ති.
අථ ඛො මාරො පාපිමා ‘‘ජානාති මං සෙලා භික්ඛුනී’’ති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
170
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි සේලා මෙහෙණී පෙරවරු කාලයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන, සැවැත් නුවරට පිඬු පිණිස පිවිසියාය. සැවැත්හි පිඬු සිඟා වළඳා, පසුබත් කාලයෙහි පෙරළා අවුත්, දහවල් ගතකරන පිණිස අන්‍ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්‍ධවනයෙහි බැස දහවල් ගතකරන පිණිස එක්තරා ගසක් මුල උන්නීය.
එකල්හි පාපීවූ මාරයා සේලා මෙහෙණිය බිය තැතිගැනුම්, ලොමුදැහැගැනුම් උපදවනු රිසිව, සමාධියෙන් ඇය තොරකරනු කැමැත්තේ, සේලා මෙහෙණිය යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ සේලා මෙහෙණියට ගාථායෙන් මෙසේ කීය.
“මේ අත්බව කවරකු විසින් උපදවන ලද්දක්ද ? මේ ආත්මභාවය කළ තැනැත්තේ කවරේද? කුමක් නිසා ආත්ම භාවය උපන්නේද? මේ ආත්ම භාවය කවර තන්හි නිරුද්‍ධ වන්නේද? “
එවිට සේලා මෙහෙණියට මේ සිත විය: “මේ කවරෙක්ද? මේ ගාථා කියනුයේ මිනිසෙක්ද නැතහොත් නොමිනිසෙක්ද? “
ඉක්බිති සේලා මෙහෙණියට මේ අදහස විය. “මේ පාපීවූ මාරයා මට බිය, තැති, ලොමුදැහැනුම්, ඇතිකිරීමට කැමති වූයේ මා සමාධියෙන් තොරකරනු කැමතිව ගාථා කියයි. “
ඉක්බිති සේලා මෙහෙණි ‘මේ පාපීවූ මාරයා යයි දැන පාපීවූ මාරයාට ගාථාවලින් මෙය පෙරළා කිවූය.’
“මේ ආත්මභාවය තමා විසින් කරණලද්දක්ද නොවේ. දුකට පිහිටි මේ ආත්මභාවය අනෙකෙකු කළ දැයෙකුත් නොවේ. මෙය හේතුව නිසා උපන, හේතුව බිඳීයාමෙන් නිරුද්‍ධ වේ.’
“යම්සේ කිසියම් බීජයක් කෙතෙහි වපුරන ලද්දේ පෘථිවි රසයත් ජලයත් නිසා පැලවේද,
“එපරිද්දෙන්ම ස්කන්‍ධද, ධාතුද, ආයතන සයද යන මොහු හේකුප්‍රත්‍යයන් නිසා උපන්නෝ වෙත්, හේතු ප්‍රත්‍යයන්ගේ නිරෝධයෙන් නිරුද්‍ධවෙත්.”
එවිට පාපීවූ මාරයා ‘සේලා මෙහෙණිය මා දන්නීය’ යි, දුක් දොම්නස් වැද එහිම අතුරුදන් විය.
10. වජිරාසුත්තං 10. වජිරා සූත්‍රය