ත්‍රිපිටකය
5. භික්ඛුනීසංයුත්තං 5. භික්ඛුනී සංයුත්තය
1. ආළවිකාසුත්තං 1. ආළවිකා සූත්‍රය
2. සොමාසුත්තං 2. සෝමා සූත්‍රය
163
සාවත්ථිනිදානං . අථ ඛො සොමා භික්ඛුනී පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන අන්ධවනං තෙනුපසඞ්කමි දිවාවිහාරාය. අන්ධවනං අජ්ඣොගාහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. අථ ඛො මාරො පාපිමා සොමාය භික්ඛුනියා භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො සමාධිම්හා චාවෙතුකාමො යෙන සොමා භික්ඛුනී තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා සොමං භික්ඛුනිං ගාථාය අජ්ඣභාසි -
‘‘යං තං ඉසීහි පත්තබ්බං, ඨානං දුරභිසම්භවං;
න තං ද්වඞ්ගුලපඤ්ඤාය, සක්කා පප්පොතුමිත්ථියා’’ති.
අථ ඛො සොමාය භික්ඛුනියා එතදහොසි - ‘‘කො නු ඛ්වායං මනුස්සො වා අමනුස්සො වා ගාථං භාසතී’’ති? අථ ඛො සොමාය භික්ඛුනියා එතදහොසි - ‘‘මාරො ඛො අයං පාපිමා මම භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො සමාධිම්හා චාවෙතුකාමො ගාථං භාසතී’’ති. අථ ඛො සොමා භික්ඛුනී ‘‘මාරො අයං පාපිමා’’ ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාහි පච්චභාසි -
‘‘ඉත්ථිභාවො කිං කයිරා, චිත්තම්හි සුසමාහිතෙ;
ඤාණම්හි වත්තමානම්හි, සම්මා ධම්මං විපස්සතො.
‘‘යස්ස නූන සියා එවං, ඉත්ථාහං පුරිසොති වා;
කිඤ්චි වා පන අඤ්ඤස්මි (අස්මීති (ස්‍යා. කං. පී.)), තං මාරො වත්තුමරහතී’’ති.
අථ ඛො මාරො පාපිමා ‘‘ජානාති මං සොමා භික්ඛුනී’’ති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
163
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි සෝමා මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියාය.
සැවැත්නුවර පිඬු සිඟා වළඳා පසුබත් කල්හි පෙරළා ආ තැනැත්තී දිවා විහරණය පිණිස අන්‍ධවනය කරා පැමිණියාය. අන්‍ධවනයට බැස දාවල් විවේකය පිණිස එක්තරා රුක්මුලෙක උන්නාය.
එකල්හි පාපීවූ මාරයා සෝමා මෙහෙණියට බිය තැති ලොමුදැහැගැනුම් උපදවනු කැමැත්තේ, සමාධියෙන් තොරකරනු කැමැත්තේ. ඒ මෙහෙණිය යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ සෝමා මෙහෙණියට ගාථායෙන් (මෙසේ) කීය:
“ඎෂීන් විසින් ලැබියයුතු, දුර්ලභවූ, යම් පදවියක් (රහත් බවෙක්) ඇද්ද, එය දෑඟුල් නුවණ ඇති, ස්ත්‍රියක විසින් ලැබිය නොහැක්ක.”
එවිට සෝමා මෙහෙණියට මෙසේ සිත්විය: “මේ ගාථා කියනුයේ කවරෙක්ද? මිනිසෙක්ද නොහොත් නොමිනිසෙක්ද?’
ඉක්බිති ඇයට, ‘මේ පාපීවූ මාරයාය. මට බිය, තැතිගැන්ම, ලොමුදැහැගැන්ම උපදවනු කැමැතිව, සමාධියෙන් තොරකරනු කැමැත්තෙ ඔහු ගාථා කියාය’ යි මේ අදහස විය.
ඉක්බිති සෝමා මෙහෙණිය ‘මේ පාපීවූ මාරයාය’ යි දැන පාපීවූ මාරයාට ගාථාවලින් මෙසේ කීවාය:
“සිත මොනවට සමාධියට පැමිණි කල්හි, නුවණ ඇති කල්හි, දහම් ඇතිසැටියෙන් දක්නහුට ස්ත්‍රීබව කුමක් කරන්නේද?
“‘මම් ස්ත්‍රියකමි’ යි හෝ ‘පිරිමියෙකිමි’ යි කියා හෝ ‘එයින් අන් යම් එකෙකිමි’ යි කියා හෝ යමෙකුට මෙබඳු අදහසෙක් ඒකාන්තයෙන් වන්නේ නම්, මාරයා ඔහුට නම් (මට කී දේ) කියන්නට සෑහේ.”
එවිට පාපීවූ මාරයා, ‘සෝමා මෙහෙණිය මා දන්නීය’ යි දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.
3. කිසාගොතමීසුත්තං 3. ගෝතමී සූත්‍රය
4. විජයාසුත්තං 4. විජයා සූත්‍රය
5. උප්පලවණ්ණාසුත්තං 5. උප්පලවණ්ණා සූත්‍රය
6. චාලාසුත්තං 6. චාලා සූත්‍රය
7. උපචාලාසුත්තං 7. උපචාලා සූත්‍රය
8. සීසුපචාලාසුත්තං 8. සිසුපචාලා සූත්‍රය
9. සෙලාසුත්තං 9. සේලා සූත්‍රය
10. වජිරාසුත්තං 10. වජිරා සූත්‍රය