ත්‍රිපිටකය
5. භික්ඛුනීසංයුත්තං 5. භික්ඛුනී සංයුත්තය
1. ආළවිකාසුත්තං 1. ආළවිකා සූත්‍රය
2. සොමාසුත්තං 2. සෝමා සූත්‍රය
3. කිසාගොතමීසුත්තං 3. ගෝතමී සූත්‍රය
4. විජයාසුත්තං 4. විජයා සූත්‍රය
5. උප්පලවණ්ණාසුත්තං 5. උප්පලවණ්ණා සූත්‍රය
6. චාලාසුත්තං 6. චාලා සූත්‍රය
7. උපචාලාසුත්තං 7. උපචාලා සූත්‍රය
8. සීසුපචාලාසුත්තං 8. සිසුපචාලා සූත්‍රය
9. සෙලාසුත්තං 9. සේලා සූත්‍රය
10. වජිරාසුත්තං 10. වජිරා සූත්‍රය
171
සාවත්ථිනිදානං . අථ ඛො වජිරා භික්ඛුනී පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන අන්ධවනං තෙනුපසඞ්කමි දිවාවිහාරාය. අන්ධවනං අජ්ඣොගාහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. අථ ඛො මාරො පාපිමා වජිරාය භික්ඛුනියා භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො සමාධිම්හා චාවෙතුකාමො යෙන වජිරා භික්ඛුනී තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා වජිරං භික්ඛුනිං ගාථාය අජ්ඣභාසි -
‘‘කෙනායං පකතො සත්තො, කුවං සත්තස්ස කාරකො;
කුවං සත්තො සමුප්පන්නො, කුවං සත්තො නිරුජ්ඣතී’’ති.
අථ ඛො වජිරාය භික්ඛුනියා එතදහොසි - ‘‘කො නු ඛ්වායං මනුස්සො වා අමනුස්සො වා ගාථං භාසතී’’ති? අථ ඛො වජිරාය භික්ඛුනියා එතදහොසි - ‘‘මාරො ඛො අයං පාපිමා මම භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො සමාධිම්හා චාවෙතුකාමො ගාථං භාසතී’’ති. අථ ඛො වජිරා භික්ඛුනී ‘‘මාරො අයං පාපිමා’’ ඉති විදිත්වා, මාරං පාපිමන්තං ගාථාහි පච්චභාසි -
‘‘කිං නු සත්තොති පච්චෙසි, මාර දිට්ඨිගතං නු තෙ;
සුද්ධසඞ්ඛාරපුඤ්ජොයං, නයිධ සත්තුපලබ්භති.
‘‘යථා හි අඞ්ගසම්භාරා, හොති සද්දො රථො ඉති;
එවං ඛන්ධෙසු සන්තෙසු, හොති සත්තොති සම්මුති (සම්මති (ස්‍යා. කං.)).
‘‘දුක්ඛමෙව හි සම්භොති, දුක්ඛං තිට්ඨති වෙති ච;
නාඤ්ඤත්‍ර දුක්ඛා සම්භොති, නාඤ්ඤං දුක්ඛා නිරුජ්ඣතී’’ති.
අථ ඛො මාරො පාපිමා ‘‘ජානාති මං වජිරා භික්ඛුනී’’ති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
171
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වජිරා මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන, සැවැත් නුවරට පිඬු පිණිස පිවිසියාය. සැවැත්හි පිඬු සිඟා ඇවිද, පසුබත් කාලයෙහි පෙරළා අවුත්, දහවල් ගතකරන පිණිස අන්‍ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්‍ධවනයට බැස එක්තරා ගසක් මුල දහවල් ගතකරන පිණිස උන්නීය.
එකල්හි පාපීවූ මාරයා වජිරා මෙහෙණියට බිය, තැතිගැනුම්, ලොමුදැහැගැනුම් ඇතිකරනු කැමැත්තේ සමාධියෙන් තොරකරනු කැමැතිව, වජිරා මෙහෙණිය යම් තැනෙකද එතැනට පැමිණියේය.
පැමිණ වජිරා මෙහෙණියගෙන් ගාථායෙන් මෙසේ ඇසීය. ‘මේ සත්ත්‍වයා කවුරුන් විසින් මවන ලද්දක්ද? මැවු තැනැත්තා කොහිද? සත්ත්‍වයා කොහි උපදින්නේද? සත්ත්‍වයා කොහි නිරුද්‍ධවන්නේද?”
එවිට වජිරා මෙහෙණියට මේ සිත විය: “මේ කවරෙක්ද? මේ ගාථා කියනුයේ මිනිසෙක්ද නැතහොත් නොමිනිසෙක්ද? “
ඉක්බිති වජිරා මෙහෙණියට මේ අදහස විය. “මේ මට බිය, තැතිගැනුම්, ලොමුදැහැගැනුම්,උපදවනු කැමැත්තේ, මා සමාධියෙන් වෙන්කරනු කැමතිව, පාපීවූ මාරයා ගාථා කියයි. “
ඉක්බිති වජිරා මෙහෙණි ‘මේ පාපීවූ මාරයා යයි දැන ගාථායෙන්ම පාපීවූ මාරයාට මෙසේ උත්තර දුන්නාය.
“මරුව, කිම? ‘සත්ත්‍වයෙකැ’ යි අදහයිද? මාරය, තට දෘෂ්ටියෙක් වීද? මේ තනි සංස්කාර පිඩෙක. මෙහි ‘සත්ත්‍වවයැ’ යි ගත යුත්තෙක් නොලැබේ.
“අවයව රැස නිසා රථයයි ව්‍යවහාරයක් යම්සේවේද, එසේම ස්කන්‍ධයන් ඇතිකල්හි සත්ත්‍වයැයි ව්‍යවහාරයවේ.
“මෙහි දුකෙක්ම පහළවේ, දුකෙක්ම සිටියි, දුක්ම ක්‍ෂයවෙයි. දුක් මිස අන් කිසිත් මෙහි පහළ නොවේ. දුකෙන් අන්‍යවූ කිසිත් මෙහි නිරුද්ධ නොවේ.”
එවිට පාපීවූ මාරයා ‘වජිරා මෙහෙණිය මා දනීයැ’ යි, දුක් දොම්නස් ඇතිව එහිම අතුරුදන් විය.