5. භික්ඛුනීසංයුත්තං | 5. භික්ඛුනී සංයුත්තය |
1. ආළවිකාසුත්තං | 1. ආළවිකා සූත්‍රය |
162
එවං
‘‘නත්ථි නිස්සරණං ලොකෙ, කිං විවෙකෙන කාහසි;
භුඤ්ජස්සු කාමරතියො, මාහු පච්ඡානුතාපිනී’’ති.
අථ ඛො ආළවිකාය භික්ඛුනියා එතදහොසි - ‘‘කො නු ඛ්වායං මනුස්සො වා අමනුස්සො වා ගාථං භාසතී’’ති? අථ ඛො ආළවිකාය භික්ඛුනියා එතදහොසි - ‘‘මාරො ඛො අයං පාපිමා මම භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො විවෙකම්හා චාවෙතුකාමො ගාථං භාසතී’’ති. අථ ඛො ආළවිකා භික්ඛුනී ‘‘මාරො අයං පාපිමා’’ ඉති විදිත්වා මාරං පාපිමන්තං
‘‘අත්ථි නිස්සරණං ලොකෙ, පඤ්ඤාය මෙ සුඵුස්සිතං
(සුඵස්සිතං (සී. පී.));
පමත්තබන්ධු පාපිම, න ත්වං ජානාසි තං පදං.
‘‘සත්තිසූලූපමා
යං ත්වං කාමරතිං බ්රූසි, අරති මය්හ සා අහූ’’ති.
අථ
|
162
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල්හි ආළවිකා මෙහෙණිය හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස ගියාය. සැවැත්නුවරෙහි පිඬු සිඟා හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආ තැනැත්තී, විවේකය කැමැත්තී, අන්ධවනය කරා පැමිණියාය.
එකල්හි පාපී මාරයා ආළවිකා මෙහෙණියට බිය හා තැතිගැන්ම හා ලොමුදැහැගැන්ම උපදවනු කැමැත්තේ, විවේකයෙන් තොරකරනු කැමැත්තේ. ආළවිකා මෙහෙණිය යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, ආළවිකා මෙහෙණියට ගාථායෙන් මෙසේ කීය:
“ලොවෙහි එතරවීමෙක් පැමිණ නැත. විවේකයෙන් කවර වැඩක් සිදුකරගන්නෙහිද? කම් සැප විඳුව, එසේ නොකොට පසුතැවෙන්නියක් නොවව.”
එවිට ආළවිකා මෙහෙණියට මෙසේ අදහස්විය. ‘මේ ගාථාව කීයේ කවරෙක්ද? මිනිසෙක්ද නොහොත් නොමිනිසෙක්ද?’
ඉක්බිති ආලවිකා මෙහෙණියට, ‘මේ පාපීවූ මාරයා මට බිය හා තැතිගැන්ම හා ලොමුදැහැගැන්ම උපදවනු කැමැතිව, විවේකයෙන් තොරකරනු කැමැතිව ගාථාව කීයේය’ යි සිත්විය.
ඉක්බිති ආලවිකා මෙහෙණිය මේ පාපීවූ මාරයායයි දැන ඔහුට ගාථාවලින් මෙසේ පෙරළා කීවේය:
“ලොවෙහි එතරවීමක් ඇත. මවිසින් එය නුවණින් දැනගන්නාලදී පමාවූවන්ගේ නෑ වූ පවිට, තෝ ඒ නිවන හෝ නිවන්මග නොදන්නෙහිය.
“පස්කම් ආයුධ හුල් බඳුය. පඤචස්කන්ධය ඔවුන්ට මස් ලොඹු (මස් කපන කොටය) බඳුය. තෝ ඒ කාමයෙහි ඇලීමක් කීයෙහිද, එය මට නොඇල්මක් විය.
එවිට පවිටු මාරතෙම ‘ආළවිකා මෙහෙණී මා දනීය’ යි දුක් දොම්නස් ඇතිව එහිම අතුරුදන්විය.
|
2. සොමාසුත්තං | 2. සෝමා සූත්‍රය |
163
සාවත්ථිනිදානං
‘‘යං තං ඉසීහි පත්තබ්බං, ඨානං දුරභිසම්භවං;
න තං ද්වඞ්ගුලපඤ්ඤාය, සක්කා පප්පොතුමිත්ථියා’’ති.
අථ ඛො සොමාය භික්ඛුනියා එතදහොසි - ‘‘කො නු ඛ්වායං මනුස්සො වා අමනුස්සො වා ගාථං භාසතී’’ති? අථ ඛො සොමාය භික්ඛුනියා
‘‘ඉත්ථිභාවො කිං කයිරා, චිත්තම්හි සුසමාහිතෙ;
ඤාණම්හි වත්තමානම්හි, සම්මා ධම්මං විපස්සතො.
‘‘යස්ස
කිඤ්චි වා පන අඤ්ඤස්මි
(අස්මීති (ස්‍යා. කං. පී.)), තං මාරො වත්තුමරහතී’’ති.
අථ ඛො මාරො පාපිමා ‘‘ජානාති මං සොමා භික්ඛුනී’’ති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
|
163
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි සෝමා මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියාය.
සැවැත්නුවර පිඬු සිඟා වළඳා පසුබත් කල්හි පෙරළා ආ තැනැත්තී දිවා විහරණය පිණිස අන්ධවනය කරා පැමිණියාය. අන්ධවනයට බැස දාවල් විවේකය පිණිස එක්තරා රුක්මුලෙක උන්නාය.
එකල්හි පාපීවූ මාරයා සෝමා මෙහෙණියට බිය තැති ලොමුදැහැගැනුම් උපදවනු කැමැත්තේ, සමාධියෙන් තොරකරනු කැමැත්තේ. ඒ මෙහෙණිය යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ සෝමා මෙහෙණියට ගාථායෙන් (මෙසේ) කීය:
“ඎෂීන් විසින් ලැබියයුතු, දුර්ලභවූ, යම් පදවියක් (රහත් බවෙක්) ඇද්ද, එය දෑඟුල් නුවණ ඇති, ස්ත්‍රියක විසින් ලැබිය නොහැක්ක.”
එවිට සෝමා මෙහෙණියට මෙසේ සිත්විය: “මේ ගාථා කියනුයේ කවරෙක්ද? මිනිසෙක්ද නොහොත් නොමිනිසෙක්ද?’
ඉක්බිති ඇයට, ‘මේ පාපීවූ මාරයාය. මට බිය, තැතිගැන්ම, ලොමුදැහැගැන්ම උපදවනු කැමැතිව, සමාධියෙන් තොරකරනු කැමැත්තෙ ඔහු ගාථා කියාය’ යි මේ අදහස විය.
ඉක්බිති සෝමා මෙහෙණිය ‘මේ පාපීවූ මාරයාය’ යි දැන පාපීවූ මාරයාට ගාථාවලින් මෙසේ කීවාය:
“සිත මොනවට සමාධියට පැමිණි කල්හි, නුවණ ඇති කල්හි, දහම් ඇතිසැටියෙන් දක්නහුට ස්ත්රීබව කුමක් කරන්නේද?
“‘මම් ස්ත්රියකමි’ යි හෝ ‘පිරිමියෙකිමි’ යි කියා හෝ ‘එයින් අන් යම් එකෙකිමි’ යි කියා හෝ යමෙකුට මෙබඳු අදහසෙක් ඒකාන්තයෙන් වන්නේ නම්, මාරයා ඔහුට නම් (මට කී දේ) කියන්නට සෑහේ.”
එවිට පාපීවූ මාරයා, ‘සෝමා මෙහෙණිය මා දන්නීය’ යි දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.
|
3. කිසාගොතමීසුත්තං | 3. ගෝතමී සූත්‍රය |
164
සාවත්ථිනිදානං. අථ ඛො කිසාගොතමී භික්ඛුනී පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා
‘‘කිං
වනමජ්ඣගතා එකා, පුරිසං නු ගවෙසසී’’ති.
අථ ඛො කිසාගොතමියා භික්ඛුනියා එතදහොසි - ‘‘කො නු ඛ්වායං මනුස්සො වා අමනුස්සො වා ගාථං භාසතී’’ති? අථ ඛො කිසාගොතමියා භික්ඛුනියා එතදහොසි - ‘‘මාරො ඛො අයං පාපිමා මම භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො සමාධිම්හා චාවෙතුකාමො ගාථං භාසතී’’ති.
අථ ඛො කිසාගොතමී භික්ඛුනී ‘‘මාරො අයං පාපිමා’’ ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාහි පච්චභාසි -
‘‘අච්චන්තං
න සොචාමි න රොදාමි, න තං භායාමි ආවුසො.
‘‘සබ්බත්ථ විහතා නන්දී, තමොක්ඛන්ධො පදාලිතො;
ජෙත්වාන මච්චුනො
(ජෙත්වා නමුචිනො (සී.)) සෙනං, විහරාමි අනාසවා’’ති.
අථ ඛො මාරො පාපිමා ‘‘ජානාති මං කිසාගොතමී භික්ඛුනී’’ති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
|
164
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසනසේක. එකල්හි කිසාගෝතමී මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියාය.
සැවැත්නුවර පිඬු සිඟා හැසිර බතින් පසු පෙරළා අවුත් දවල් විවේකයට අන්ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්ධවනයට බැස දාවල් විවේකය පිණිස එක්තරා රුක්මුලෙක උන්නාය.
එවිට පාපීවූ මාරයා කිසාගෝතමී මෙහෙණියට බිය, තැති ලොමුදැහැගැනුම් උපදවනු කැමැත්තේ, සිත එකඟ බවින් (සමාධියෙන්) තොරකරනු කැමැත්තේ. කිසාගෝතමී මෙහෙණිය යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ කිසාගෝතමී මෙහෙණියට ගාථායෙන් (මෙසේ) කීය:
“(තෝ) දරුවා මළ එකියක සෙයින්, අඬන මුහුණ ඇතිව තනිව කුමට ඉන්නෙහිද? වනයට වැද තනිව පුරුෂයෙකුවත් සොයහිද?”
“එකල කිසාගෝතමී මෙහෙණියට මේ සිත්විය. ‘මේ කවරෙක්ද? ගාථා කියන මෙතෙම මිනිසෙක්ද? නොහොත් නොමිනිසෙක්ද?’ “
ඉක්බිති කිසාගෝතමී මෙහෙණියට, ‘මේ පාපීවූ මාරයාය. මට බිය, තැතිගැනුම්, ලොම්දැහැගැනුම් උපදවන්නට කැමැතිව, සමාධියෙන් මා තොරකරනු කැමැතිව, ඔහු ගාථා කියාය’ යි අදහස්විය.
ඉක්බිති කිසාගෝතමී මෙහෙණිය, ‘මේ පාපීවූ මාරයාය’ යි දැන පාපීවූ මාරයාට ගාථාවලින් මෙසේ පෙරළා කීවාය:
“(මම) මළාවූ දරුවකු ඇතිබව ඉක්මවූ තැනැත්තියකිමි. සැමියෝද එයම කෙළවරකොට ඇත්තෝය. ශෝක නොකරමි, නොහඬමි. ඇවැත්නි, තට බියද නොවෙමි, හැම දැයෙහි ඇල්ම (මා විසින්) නසනලදී. මොහාන්ධකාරය නුවණින් (මා විසින්) බිඳ දමනලදී. මරසෙන් පරදවා ආශ්‍රව නැත්තියක්ව වෙසෙමි.”
එවිට පාපීවූ මාරයා, ‘කිසාගෝතමී මෙහෙණි මා දන්නීය’ යි දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.
|
4. විජයාසුත්තං | 4. විජයා සූත්‍රය |
165
සාවත්ථිනිදානං. අථ ඛො විජයා භික්ඛුනී පුබ්බණ්හසමයං නිවාසෙත්වා...පෙ.... අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. අථ ඛො මාරො පාපිමා විජයාය භික්ඛුනියා භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො සමාධිම්හා චාවෙතුකාමො යෙන විජයා භික්ඛුනී තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා විජයං භික්ඛුනිං ගාථාය අජ්ඣභාසි -
‘‘දහරා
පඤ්චඞ්ගිකෙන තුරියෙන, එහය්යෙභිරමාමසෙ’’ති
(එහි අය්යෙ රමාමසෙති (සී.)).
අථ ඛො විජයාය භික්ඛුනියා එතදහොසි - ‘‘කො නු ඛ්වායං මනුස්සො වා අමනුස්සො වා ගාථං භාසතී’’ති? අථ ඛො විජයාය භික්ඛුනියා එතදහොසි - ‘‘මාරො ඛො අයං පාපිමා මම භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො සමාධිම්හා චාවෙතුකාමො ගාථං භාසතී’’ති. අථ ඛො විජයා භික්ඛුනී ‘‘මාරො අයං පාපිමා’’ ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාහි පච්චභාසි -
‘‘රූපා සද්දා රසා ගන්ධා, ඵොට්ඨබ්බා ච මනොරමා;
නිය්යාතයාමි තුය්හෙව, මාර නාහං තෙනත්ථිකා.
‘‘ඉමිනා
අට්ටීයාමි හරායාමි, කාමතණ්හා සමූහතා.
‘‘යෙ ච රූපූපගා සත්තා, යෙ ච අරූපට්ඨායිනො
(ආරුප්පට්ඨායිනො (සී. පී.));
යා ච සන්තා සමාපත්ති, සබ්බත්ථ විහතො තමො’’ති.
අථ ඛො මාරො පාපිමා ‘‘ජානාති මං විජයා භික්ඛුනී’’ති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
|
165
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල්හි විජයා මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙවා පාත්‍ර සිවුරු ගෙන, සැවැත්නුවර පිඬු පිණිස පිවිසියාය. සැවැත්හි පිඬු සිඟා හැසිර, දන් වළඳා පෙරළා අවුත්, දවල් විවේකයට අන්ධවනයට පැමිණියාය. අන්ධවනයට පැමිණ එක්තරා රුක්මුලෙක දවල් විවේකය පිණිස උන්නාය.
එකල්හි පාපීවූ මාරයා විජයා මෙහෙණියට බිය, තැතිගැනුම්ි ලොමුදැහැගැනුම් උපදවනු කැමැත්තේ, සමාධියෙන් තොරකරනු කැමැත්තේ. විජයා මෙහෙණිය යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ විජයා මෙහෙණියට,
“ආර්‍ය්‍යාවෙනි, ඔබ තරුණයහ. මමද නවයොවුන්විය ඇතියෙමි. එන්න, ආර්‍ය්‍යාවෙනි, පසඟතුරුයෙන් (පංචාංගිකතූර්ය්යයෙන්) අඝිරමණය කරමු” යි ගාථායෙන් කීය.
එවිට විජයා මෙහෙණියට මේ සිත්විය. මේ ගාථා කියනුයේ කවරෙක්ද? මිනිසෙක්ද, නොහොත් නොමිනිසෙක්ද,
ඉක්බිති විජයා මෙහෙණියට, පාපීවූ මාරයා මා බිය, තැතිගැනුම්, ලොමුදැහැගැනුම් ගන්වනුවට සමාධියෙන් වෙන්කිරීමට කැමැතිව, ගාථා කිය’ යි මේ අදහස විය.
ඉක්බිති විජයා මෙහෙණි ‘මේ පාපීවූ මාරයා’ යි දැන, පාපීවූ මාරයාට ගාථාවලින් මෙසේ පෙරළා කීවාය:
“සිත අදනා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ප්‍රෂ්ටව්‍ය යන යමක් ඇද්ද, තටම ඒවා පවරමි. මාරය, මට ඉන් වැඩෙක් නැත. බිඳෙනසුලු, සුණුවිසුණුවනසුලු මේ කුණුකයින් පීඩිතවෙමි, මෙයට පිළිකුල් කෙරෙමි. කම් සැපෙහි ඇල්ම මාවිසින් මුලින් උදුරනලදය. රූප ලොවට එළඹී යම් සත්වකෙනෙක් වෙත්ද, අරූප ලොවෙහි සිටින යම් සත්ව කෙනෙක් වෙත්ද, යම් ශාන්කවූ ලෞකික සමාපත්තියෙක් වේද, ඒ සියල්ලෙහි (මුළාබව නමැති) අඳුර මා විසින් නසනලදී.”
ඉක්බිති පාපීවූ මාරයා ‘විජයා මෙහෙණි මා දනීයැ’ යි දුක් දොම්නස්ව එහිම අතුරුදන්විය.
|
5. උප්පලවණ්ණාසුත්තං | 5. උප්පලවණ්ණා සූත්‍රය |
166
සාවත්ථිනිදානං. අථ ඛො උප්පලවණ්ණා භික්ඛුනී පුබ්බණ්හසමයං නිවාසෙත්වා...පෙ.... අඤ්ඤතරස්මිං සුපුප්ඵිතසාලරුක්ඛමූලෙ අට්ඨාසි. අථ
‘‘සුපුප්ඵිතග්ගං උපගම්ම භික්ඛුනි,
එකා තුවං තිට්ඨසි සාලමූලෙ;
න චත්ථි තෙ දුතියා වණ්ණධාතු,
බාලෙ න ත්වං භායසි ධුත්තකාන’’න්ති.
අථ
‘‘සතං
ඉධාගතා තාදිසකා භවෙය්යුං;
ලොමං න ඉඤ්ජාමි න සන්තසාමි,
න මාර භායාමි තමෙකිකාපි.
‘‘එසා අන්තරධායාමි, කුච්ඡිං වා පවිසාමි තෙ;
පඛුමන්තරිකායම්පි, තිට්ඨන්තිං මං න දක්ඛසි.
‘‘චිත්තස්මිං
සබ්බබන්ධනමුත්තාම්හි, න තං භායාමි ආවුසො’’ති.
අථ ඛො මාරො පාපිමා ‘‘ජානාති මං උප්පලවණ්ණා භික්ඛුනී’’ති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
|
166
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල්හි උප්පලවණ්ණ මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන, සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියාය. සැවැත්හි පිඬු පිණිස හැසිර, පසුබත්හි පෙරළා අවුත්, දහවල් ගතකරනු සඳහා අන්ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්ධවනයට බැස දහවල් ගතකරනු පිණිස එක්තරා පිපී ගිය සල් රුක් මුලෙක සිටියාය.
එකල්හි පාපීවූ මාරයා උප්පලවණ්ණ මෙහෙණියට බිය, තැති, ලොමුදැහැගැනුම් උපදවනු කැමැතිව, සමාධියෙන් තොරකරනු කැමැතිව, උප්පලවණ්ණ මෙහෙණිය යම් තැනකද, එතැනට පැමිණියේය.
පැමිණ උප්පලවණ්ණ මෙහෙණියට,
“මෙහෙණියෙනි, ඔබ අග පටන් සුපිපි රුකක් කරා පැමිණ, ඒ සල් රුක් මුල්හි තනිව සිටිති. ඔබට රූපයෙන් ඔබ වැනි දෙවෙනි මෙහෙණියක් (යෙහෙළියක්) ද නැත. මෙහි පැමිණි අන් මෙහෙණියෝද ඔබ බඳු වන්නාහුය. මෙසේ තනිවූ ඔබ සලෙලුවන්ට බිය නැත්තේද?” යි ගාථායෙන් කීය.
එකල්හි උප්පලවණ්ණ මෙහෙණියට මේ ගාථා කියනුයේ කවරෙක්ද? මිනිසෙක්ද, නොහොත් නොමිනිසෙක්දැ?” යි සිත් විය,
ඉක්බිති උප්පලවණ්ණ මෙහෙණියට, මේ අදහස විය. ‘මේ පාපී මාරයාය. මට බිය, තැතිගැනුම්, ලොමුදැහැගැනුම් උපදවනු කැමැතිව, සමාධියෙන් මා තොරකරනු කැමැත්තෙන් ගාථා කියයි.
ඉක්බිති උප්පලවණ්ණ මෙහෙණිය ‘මේ පාපීවූ මරුවාය’ යිම දැන, පාපීවූ මාරයාට ගාථාවලින් මෙසේ කීවාය:
“ධූර්තයන් සිය දහසක් මෙහි ආවත් ඔවුහු තා බඳු වූවත් ඔවුන්ට ලෝමයකුත් නොසලමි. නොම තැතිගනිමි. මරුව, හුදකලාවූද මම් තට බය නොවෙමි.”
මාරයා මෙසේ කීය:) “මේ මම් අතුරුදන්වෙමි. ඔබ කුසට හෝ පිවිසෙමි. ඔබේ දෙබැම අතුරෙහිහෝ සිටින මා ඔබ නොදක්නෙහි.”
(උප්පලවණ්ණ මෙහෙණිය මෙසේ කීවාය:) “සිතෙහි වශීවූයෙමි. මා විසින් සතර ඎද්ධිපාදයෝ මොනවට වඩන ලදහ. (මම්) සියලු බැම්මෙන් මිදුනෙමි. ඇවත, එබැවින් තට බිය නොවෙමි.”
එවිට පාපීවූ මාරයා ‘උපුල්වන් මෙහෙණිය මා දන්නීයැ’ යි දුක් දොම්නස්ව එහිම අතුරුදන්විය.
|
6. චාලාසුත්තං | 6. චාලා සූත්‍රය |
167
සාවත්ථිනිදානං. අථ ඛො චාලා භික්ඛුනී පුබ්බණ්හසමයං නිවාසෙත්වා...පෙ.... අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. අථ ඛො මාරො පාපිමා යෙන චාලා භික්ඛුනී තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා චාලං භික්ඛුනිං එතදවොච - ‘‘කිං නු ත්වං, භික්ඛුනි, න රොචෙසී’’ති? ‘‘ජාතිං ඛ්වාහං, ආවුසො, න රොචෙමී’’ති.
‘‘කිං නු ජාතිං න රොචෙසි, ජාතො කාමානි භුඤ්ජති;
කො නු තං ඉදමාදපයි, ජාතිං මා රොච
(මා රොචෙසි (සී. පී.)) භික්ඛුනී’’ති.
‘‘ජාතස්ස මරණං හොති, ජාතො දුක්ඛානි ඵුස්සති
(පස්සති (සී. පී.));
බන්ධං වධං පරික්ලෙසං, තස්මා ජාතිං න රොචයෙ.
‘‘බුද්ධො
සබ්බදුක්ඛප්පහානාය, සො මං සච්චෙ නිවෙසයි.
‘‘යෙ
නිරොධං අප්පජානන්තා, ආගන්තාරො පුනබ්භව’’න්ති.
අථ ඛො මාරො පාපිමා ‘‘ජානාති මං චාලා භික්ඛුනී’’ති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
|
167
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි චාලා මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන, පිඬු පිණිස සැවැත්නුවරට පිවිසියාය. සැවැත්හි පිඬු සිඟා වැඩ දන වළඳා පෙරළා ආ තැනැත්තී දහවල් ගතකරනු පිණිස අන්ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්ධවනයට බැස දහවල් ගතකරනු පිණිස එක්තරා ගසක් මුල හුන්නාය.
එකල්හි පාපීවූ මාරයා, චාලා මෙහෙණිය යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, චාලා මෙහෙණියට මෙසේ කීය: “මෙහෙණියනි, ඔබ කුමකට නම් කැමති නොවෙහිදැ?” යි ඇසීය. “ඇවත, මම් වනාහි උත්පත්තියට කැමති නොවෙමි.”
(එවිට මාරයා මෙසේ කීය:) “උත්පත්තිය කැමති නොවන්නේ ඇයිද? උපන් තැනැත්තේ කම්සුව විඳී. මෙහෙණියනි, උත්පත්තිය කැමති නොවේවා, කවරෙක් නම් ඔබට මේ දෘෂ්ඨිය ගැන්වීද?”
(එවිට මෙහෙණී මෙසේ කීවාය:) “උපන්නහුට මරණය වේ. උපන් තැනැත්තේ බැඳුම්ද, වධද, උවදුරුද යන දුක් ස්පර්ශ කෙරෙයි. එබැවින් උත්පත්තිය නොකැමැත්තෙමි.
“බුදුරජාණන් වහන්සේ සියලු දුක් නසනු පිණිස උත්පත්තිය ඉක්මවාලන දහම දෙසූසේක. යම් රූප ලෝකයෙහි උපන් සත්ත්වකෙනෙක් ඇද්ද, අරූපලෝකයෙහි සිටිනා යම් සත්ත්වකෙනෙක් ඇද්ද, ඒ සියල්ලෝ නිවන නොදන්නාහු නැවත දෙවැනි භවයක ඉපැදීමට එන්නාහ.”
එවිට පාපීවූ මාරයා ‘චාලා මෙහෙණිය මා දන්නීයැ’ යි දුක් දොම්නස්ව එහිම අතුරුදන්විය.
|
7. උපචාලාසුත්තං | 7. උපචාලා සූත්‍රය |
168
සාවත්ථිනිදානං
‘‘තාවතිංසා ච යාමා ච, තුසිතා චාපි දෙවතා;
නිම්මානරතිනො දෙවා, යෙ දෙවා වසවත්තිනො;
තත්ථ චිත්තං පණිධෙහි, රතිං පච්චනුභොස්සසී’’ති.
‘‘තාවතිංසා ච යාමා ච, තුසිතා චාපි දෙවතා;
නිම්මානරතිනො දෙවා, යෙ දෙවා වසවත්තිනො;
කාමබන්ධනබද්ධා තෙ, එන්ති මාරවසං පුන.
‘‘සබ්බො ආදීපිතො
(සබ්බොව ආදිත්තො (ස්‍යා. කං.)) ලොකො, සබ්බො ලොකො පධූපිතො;
සබ්බො පජ්ජලිතො
(පජ්ජලිතො (සබ්බත්ථ)) ලොකො, සබ්බො ලොකො පකම්පිතො.
‘‘අකම්පිතං අපජ්ජලිතං
(අචලිතං (සී. ස්‍යා. කං. පී.)), අපුථුජ්ජනසෙවිතං;
අගති යත්ථ මාරස්ස, තත්ථ මෙ නිරතො මනො’’ති.
අථ
|
168
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි උපචාලා මෙහෙණී පෙරවරු කාලයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන, සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියාය. එහි පිඬු සිඟා වැඩ පසුබත්හි පෙරළා අවුත්, දහවල් ගතකරනු පිණිස අන්ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්ධවනයට බැස දහවල් ගතකරනු පිණිස එක්තරා ගසක් මුල උන්නීය.
එවිට පාපීවූ මාරයා, උපචාලා මෙහෙණිය යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, උපචාලා මෙහෙණියට මෙසේ කීය: “මෙහෙණියනි, ඔබ කොහි උපදිනු කැමැත්තෝද?”
“ඇවැත්නි, මම් වනාහි කොහේවත් උපදිනු නොකැමැත්තෙමි” යි (උපචාලා මෙහෙණිය කීවාය.)
(එවිට මාරයා මෙසේ කීය.) “තව්තිසා දෙව්ලෝ වැසි දෙවියෝද, යාම දෙව්ලෝ වැසි දෙවියෝද, තුසිත දෙව්ලෝ වැසි දෙවියෝද, නිර්මාණරති දෙව්ලෝ වැසි දෙවියෝද, වශවර්ති දෙව්ලෝ වැසි දෙවියෝද, යන යම් කෙනෙක් ඇද්ද, ඔවුන් කෙරෙහි සිත පිහිටුවන්න. එවිට ඔබ එහි සැප විඳින්නෙහිය. “
(මෙහෙණි මෙසේ පිළිතුරු දුන්නීය.) “තව්තිසා, යාම, තුසිත, නිර්මාණරති, වශවර්ති යන දෙව්ලෝ වැසි යම් දෙවි කෙනෙක් ඇද්ද, ඔහු කාම බැම්මෙන් බැඳුණෝ මරහුගේ වශයට නැවත එන්නාහ.
‘ (කෙළෙස් ගින්නෙන්) මුඑ ලොව ඇවිලගත්තේය, මුඑ ලොව තැවුණේය, සියඑ ලොව දිලිහී ගියේය, සියලු ලොව සැලී ගියේය.
“යම් තැනෙක මාරයාට පිහිටා සිටිය නොහැකිද, නොසැලුණු, කමිපිත නොවූ, පෘථග්ජන නොවූවන් විසින් (ආර්‍ය්‍යයන් විසින්) සෙවුනාලද යම් දහමෙක් ඇද්ද එහි (ඒ නිවනෙහි) මා සිත මුඑමනින් ඇලුණේය. “
එවිට පාපී වූ මාරයා ‘උපචාලා මෙහෙණිය මා දන්නීය’ යි දුක් දොම්නස්ව එහිම අතුරුදන් විය.
|
8. සීසුපචාලාසුත්තං | 8. සිසුපචාලා සූත්‍රය |
169
සාවත්ථිනිදානං
‘‘කං නු උද්දිස්ස මුණ්ඩාසි, සමණී විය දිස්සසි;
න ච රොචෙසි පාසණ්ඩං, කිමිව චරසි මොමූහා’’ති.
‘‘ඉතො බහිද්ධා පාසණ්ඩා, දිට්ඨීසු පසීදන්ති තෙ;
න තෙසං ධම්මං රොචෙමි, තෙ ධම්මස්ස අකොවිදා.
‘‘අත්ථ්ත්ථ්ථි
සබ්බාභිභූ මාරනුදො, සබ්බත්ථමපරාජිතො.
‘‘සබ්බත්ථ මුත්තො අසිතො, සබ්බං පස්සති චක්ඛුමා;
සබ්බකම්මක්ඛයං පත්තො, විමුත්තො උපධිසඞ්ඛයෙ;
සො මය්හං භගවා සත්ථා, තස්ස රොචෙමි සාසන’’න්ති.
අථ ඛො මාරො පාපිමා ‘‘ජානාති මං සීසුපචාලා භික්ඛුනී’’ති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
|
169
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි සිසුපචාලා මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන, සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියාය. සැවැත්හි පිඬු පිණිස හැසිර, පසුබත්හි පෙරළා අවුත්, දහවල් ගතකරනු පිණිස අන්ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්ධවනයට බැස දහවල් ගතකරනු පිණිස එක්තරා ගසක් මුල උන්නාය.
එකල පාපී වූ මාරයා සිසුපචාලා මෙහෙණිය යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ “මෙහෙණියනි, ඔබ කවරක්හුගේ දෘෂ්ටියක් කැමැත්තහුදැ” යි කීය.
ඇවැත, මම කිසිම පුද්ගලයෙකුගේ දෘෂ්ටියක් කැමති නොවන්නෙමි” යි (මෙහෙණිය කීවාය.)
(එවිට පාපී මාරයා මෙසේ කීය:) “ඔබ මෙහෙණියක මෙන් පෙණෙති. ඔබ කවුරු උදෙසා හිස මුඬු කළෝද ? (ඔබ) දෘෂ්ටියක් නොකැමැත්තෙහි, ඉතා මුළාව ගිය සෙයින් කුමට හැසිරෙන්නහුද? “
(මෙහෙණි මෙසේ පිළිතුරු දුන්නාය:) “දෘෂ්ටි මේ සස්නෙන් පිටත්හිය. යම් කෙනෙක් ඒ දෘෂ්ටීන්හි ගැලෙත්ද, ඔවුන්ගේ දහම් නොකැමැත්තෙමි. ඔහු ධර්මයට දක්ෂයෝ නොවෙත්.
“ශාක්‍ය කුලයෙහි උපන්, තමහට සම අනෙකෙක් නැති, සියල්ල මැඬගෙන සිටි, මරහු දුරු කළ, හැම තන්හිම දිනූ බුදුවරයෙක් ඇත.
“උන්වහන්සේ හැම තන්හිම මිදුණු කෙනෙක තෘෂ්ණාදෘෂ්ටීන් ඇසුරු නොකළ කෙනෙක. පසැස් ඇති උන්වහන්සේ සියල්ල දක්නාසේක. සියලු කර්මයන්ගේ ක්ෂය ෙ(රහත්බවට) පැමිණි සේක. උපධීන්ගේ කෙලෙස් ක්ෂයයෙහි මිදුණු සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ මගේ ශාස්තෲය. මම් උන්වහන්සේගේ සස්න කැමැත්තෙමි. “
එවිට පාපීවූ මාරයා ‘සිසුපචාලා මෙහෙණිය මා දන්නීය’ යි, දුක් දොම්නස් වැද එහිම අතුරුදන් විය.
|
9. සෙලාසුත්තං | 9. සේලා සූත්‍රය |
170
සාවත්ථිනිදානං
‘‘කෙනිදං පකතං බිම්බං, ක්වනු
(ක්වන්නු (සී. පී.), ක්වචි (ස්‍යා. කං. ක.)) බිම්බස්ස කාරකො;
ක්වනු බිම්බං සමුප්පන්නං, ක්වනු බිම්බං නිරුජ්ඣතී’’ති.
අථ ඛො සෙලාය භික්ඛුනියා එතදහොසි - ‘‘කො නු ඛ්වායං මනුස්සො වා අමනුස්සො වා ගාථං භාසතී’’ති? අථ ඛො සෙලාය භික්ඛුනියා
‘‘නයිදං අත්තකතං
(නයිදං පකතං (ස්‍යා. කං.)) බිම්බං, නයිදං පරකතං
(නයිදං පකතං (ස්‍යා. කං.)) අඝං;
හෙතුං පටිච්ච සම්භූතං, හෙතුභඞ්ගා නිරුජ්ඣති.
‘‘යථා අඤ්ඤතරං බීජං, ඛෙත්තෙ වුත්තං විරූහති;
පථවීරසඤ්චාගම්ම, සිනෙහඤ්ච තදූභයං.
‘‘එවං ඛන්ධා ච ධාතුයො, ඡ ච ආයතනා ඉමෙ;
හෙතුං පටිච්ච සම්භූතා, හෙතුභඞ්ගා නිරුජ්ඣරෙ’’ති.
අථ ඛො මාරො පාපිමා ‘‘ජානාති මං සෙලා භික්ඛුනී’’ති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
|
170
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි සේලා මෙහෙණී පෙරවරු කාලයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන, සැවැත් නුවරට පිඬු පිණිස පිවිසියාය. සැවැත්හි පිඬු සිඟා වළඳා, පසුබත් කාලයෙහි පෙරළා අවුත්, දහවල් ගතකරන පිණිස අන්ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්ධවනයෙහි බැස දහවල් ගතකරන පිණිස එක්තරා ගසක් මුල උන්නීය.
එකල්හි පාපීවූ මාරයා සේලා මෙහෙණිය බිය තැතිගැනුම්, ලොමුදැහැගැනුම් උපදවනු රිසිව, සමාධියෙන් ඇය තොරකරනු කැමැත්තේ, සේලා මෙහෙණිය යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ සේලා මෙහෙණියට ගාථායෙන් මෙසේ කීය.
“මේ අත්බව කවරකු විසින් උපදවන ලද්දක්ද ? මේ ආත්මභාවය කළ තැනැත්තේ කවරේද? කුමක් නිසා ආත්ම භාවය උපන්නේද? මේ ආත්ම භාවය කවර තන්හි නිරුද්ධ වන්නේද? “
එවිට සේලා මෙහෙණියට මේ සිත විය: “මේ කවරෙක්ද? මේ ගාථා කියනුයේ මිනිසෙක්ද නැතහොත් නොමිනිසෙක්ද? “
ඉක්බිති සේලා මෙහෙණියට මේ අදහස විය. “මේ පාපීවූ මාරයා මට බිය, තැති, ලොමුදැහැනුම්, ඇතිකිරීමට කැමති වූයේ මා සමාධියෙන් තොරකරනු කැමතිව ගාථා කියයි. “
ඉක්බිති සේලා මෙහෙණි ‘මේ පාපීවූ මාරයා යයි දැන පාපීවූ මාරයාට ගාථාවලින් මෙය පෙරළා කිවූය.’
“මේ ආත්මභාවය තමා විසින් කරණලද්දක්ද නොවේ. දුකට පිහිටි මේ ආත්මභාවය අනෙකෙකු කළ දැයෙකුත් නොවේ. මෙය හේතුව නිසා උපන, හේතුව බිඳීයාමෙන් නිරුද්ධ වේ.’
“යම්සේ කිසියම් බීජයක් කෙතෙහි වපුරන ලද්දේ පෘථිවි රසයත් ජලයත් නිසා පැලවේද,
“එපරිද්දෙන්ම ස්කන්ධද, ධාතුද, ආයතන සයද යන මොහු හේකුප්‍රත්‍යයන් නිසා උපන්නෝ වෙත්, හේතු ප්‍රත්‍යයන්ගේ නිරෝධයෙන් නිරුද්ධවෙත්.”
එවිට පාපීවූ මාරයා ‘සේලා මෙහෙණිය මා දන්නීය’ යි, දුක් දොම්නස් වැද එහිම අතුරුදන් විය.
|
10. වජිරාසුත්තං | 10. වජිරා සූත්‍රය |
171
සාවත්ථිනිදානං
‘‘කෙනායං පකතො සත්තො, කුවං සත්තස්ස කාරකො;
කුවං සත්තො සමුප්පන්නො, කුවං සත්තො නිරුජ්ඣතී’’ති.
අථ ඛො වජිරාය භික්ඛුනියා එතදහොසි - ‘‘කො නු ඛ්වායං මනුස්සො වා අමනුස්සො වා ගාථං භාසතී’’ති? අථ ඛො වජිරාය භික්ඛුනියා එතදහොසි - ‘‘මාරො ඛො අයං පාපිමා මම භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො සමාධිම්හා චාවෙතුකාමො ගාථං භාසතී’’ති. අථ ඛො
‘‘කිං නු සත්තොති පච්චෙසි, මාර දිට්ඨිගතං නු තෙ;
සුද්ධසඞ්ඛාරපුඤ්ජොයං, නයිධ සත්තුපලබ්භති.
‘‘යථා හි අඞ්ගසම්භාරා, හොති සද්දො රථො ඉති;
එවං ඛන්ධෙසු සන්තෙසු, හොති සත්තොති සම්මුති
(සම්මති (ස්‍යා. කං.)).
‘‘දුක්ඛමෙව
නාඤ්ඤත්ර දුක්ඛා සම්භොති, නාඤ්ඤං දුක්ඛා නිරුජ්ඣතී’’ති.
අථ
|
171
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වජිරා මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන, සැවැත් නුවරට පිඬු පිණිස පිවිසියාය. සැවැත්හි පිඬු සිඟා ඇවිද, පසුබත් කාලයෙහි පෙරළා අවුත්, දහවල් ගතකරන පිණිස අන්ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්ධවනයට බැස එක්තරා ගසක් මුල දහවල් ගතකරන පිණිස උන්නීය.
එකල්හි පාපීවූ මාරයා වජිරා මෙහෙණියට බිය, තැතිගැනුම්, ලොමුදැහැගැනුම් ඇතිකරනු කැමැත්තේ සමාධියෙන් තොරකරනු කැමැතිව, වජිරා මෙහෙණිය යම් තැනෙකද එතැනට පැමිණියේය.
පැමිණ වජිරා මෙහෙණියගෙන් ගාථායෙන් මෙසේ ඇසීය. ‘මේ සත්ත්වයා කවුරුන් විසින් මවන ලද්දක්ද? මැවු තැනැත්තා කොහිද? සත්ත්වයා කොහි උපදින්නේද? සත්ත්වයා කොහි නිරුද්ධවන්නේද?”
එවිට වජිරා මෙහෙණියට මේ සිත විය: “මේ කවරෙක්ද? මේ ගාථා කියනුයේ මිනිසෙක්ද නැතහොත් නොමිනිසෙක්ද? “
ඉක්බිති වජිරා මෙහෙණියට මේ අදහස විය. “මේ මට බිය, තැතිගැනුම්, ලොමුදැහැගැනුම්,උපදවනු කැමැත්තේ, මා සමාධියෙන් වෙන්කරනු කැමතිව, පාපීවූ මාරයා ගාථා කියයි. “
ඉක්බිති වජිරා මෙහෙණි ‘මේ පාපීවූ මාරයා යයි දැන ගාථායෙන්ම පාපීවූ මාරයාට මෙසේ උත්තර දුන්නාය.
“මරුව, කිම? ‘සත්ත්වයෙකැ’ යි අදහයිද? මාරය, තට දෘෂ්ටියෙක් වීද? මේ තනි සංස්කාර පිඩෙක. මෙහි ‘සත්ත්‍වවයැ’ යි ගත යුත්තෙක් නොලැබේ.
“අවයව රැස නිසා රථයයි ව්‍යවහාරයක් යම්සේවේද, එසේම ස්කන්ධයන් ඇතිකල්හි සත්ත්‍වයැයි ව්‍යවහාරයවේ.
“මෙහි දුකෙක්ම පහළවේ, දුකෙක්ම සිටියි, දුක්ම ක්ෂයවෙයි. දුක් මිස අන් කිසිත් මෙහි පහළ නොවේ. දුකෙන් අන්‍යවූ කිසිත් මෙහි නිරුද්ධ නොවේ.”
එවිට පාපීවූ මාරයා ‘වජිරා මෙහෙණිය මා දනීයැ’ යි, දුක් දොම්නස් ඇතිව එහිම අතුරුදන් විය.
|