4. මාරසංයුත්තං | 4. මාර සංයුත්තය |
1. පඨමවග්ගො | 1. පළමු (ආයු) වග |
1. තපොකම්මසුත්තං | 1. තපොකම්ම සූත්‍රය |
137
එවං
අථ ඛො මාරො පාපිමා භගවතො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි -
‘‘තපොකම්මා අපක්කම්ම, යෙන න සුජ්ඣන්ති මාණවා;
අසුද්ධො මඤ්ඤසි සුද්ධො, සුද්ධිමග්ගා අපරද්ධො’’
(සුද්ධිමග්ගමපරද්ධො (සී. ස්‍යා. කං. පී.)) ති.
අථ ඛො භගවා ‘‘මාරො අයං පාපිමා’’ ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාහි අජ්ඣභාසි -
‘‘අනත්ථසංහිතං
සබ්බං නත්ථාවහං හොති, ඵියාරිත්තංව ධම්මනි
(වම්මනි (සී.), ධම්මනිං (පී.), ජම්මනිං (ක.) එත්ථායං ධම්මසද්දො සක්කතෙ ධන්වනං-සද්දෙන සදිසො මරුවාචකොති වෙදිතබ්බො, යථා දළ්හධම්මාතිපදං).
‘‘සීලං සමාධි පඤ්ඤඤ්ච, මග්ගං බොධාය භාවයං;
පත්තොස්මි පරමං සුද්ධිං, නිහතො ත්වමසි අන්තකා’’ති.
අථ
|
137
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදුව පළමු කාලයෙහි (බුදුවූ අළුතම) උරුවේලා ජනපදයෙහි නෙරංජරා ගං ඉවුරෙහි අජපාල නුගරුක මුල වෙසෙන සේක.
එකල වනාහි හුදකලාව චිත්ත විවේකයෙන් හුන් භාග්‍යවතුන් වහන්සේට “ප්‍රීතියෙන් මම් ඒසා දැඩිවූ දුෂ්කර ක්‍රියායෙන් මිදුනෙම් වෙමි. ඒ අවැඩ පිණිසවූ (අවැඩ ඇසුරු කළ) දුෂ්කරක්‍රියායෙන් ඒකාන්තයෙන් මනාව මිදුනෙම් වෙමි. ස්ථිරව එළඹ සිටි සිහි ඇතිව සත්‍යාවබෝධය ලදිමි.” යි මෙසේ සිතක් පහළ විය.
එකල පවිටුවූ මාර තෙම භාග්‍යවතුන් වහන්සේගේ සිත තම සිතින් දැනගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ ගාථායෙන් මෙසේ කීය:
“යම් තපසෙකින් සත්වයෝ පිරිසිදු වෙත්ද, එසේවූ ඒ දුෂ්කර ක්‍රියා තපසින් ඉවත්ව, අශුධවම හිඳ, ‘ශුද්ධයෙමි’ යි සිතන්නේහිය. ශුද්ධයට යන මග වරදවා ගත්තෙහිය.”
එවිට භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු වසවත් මරු යයි දැන ඔහුට ගාථාවලින් මෙසේ වදාළසේක.
“යම්කිසි අමර තපසක් (ශරීරයට දුක් දීමෙහි යෙදීමක්) වේද, එය අවැඩම පිණිස පවතීයයි. වනයෙහි රිටි පලුපත් (හබල් සුක්කානම්) ගෙන නැවක් ගෙන නැවක් පදවන්නට තැත් කිරීමක් මෙන් සියලු අනර්ථය ගෙන දෙන්නේයයි දැන,
“ශීල - සමාධි - පුඥා යන මාර්ගය සත්‍යාවබෝධය පිණිස වඩා පරම ශුද්ධිය (රහත් බව) අත්පත් කෙළෙමි. මරුව, තෝ පැරදුනෙහිය.”
එවිට පාපී මාර තෙම, ‘භාග්‍යවත්තෙම මා දනී, සුගතතෙමේ මා හඳුන” යි සිතා ශෝකීව දොම්නස්ව එහිම අතුරුදහන් විය.
|
2. හත්ථිරාජවණ්ණසුත්තං | 2. නාග සූත්‍රය |
138
එවං
‘‘සංසරං දීඝමද්ධානං, වණ්ණං කත්වා සුභාසුභං;
අලං තෙ තෙන පාපිම, නිහතො ත්වමසි අන්තකා’’ති.
අථ
|
138
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදුව පළමු කාලයෙහි උරුවෙල් දනව්වෙහි නෙරංජරා ගං ඉවුරෙහි අජපල් නුගරුක් මුල වසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ දිනෙක රෑ ගනඳුරෙහි එළිමහනෙක හුන්සේක. වැහි පොද ද එක දෙක වැටෙයි.
එකල පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ ට බිය, වෙවුලුම් හා ලොමු දැහැගැන්ම උපදවනු කැමැත්තේ මහ ඇත් රජෙක්හුගේ වෙස් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. ඔහුගේ හිස මහ කළුගලක් වැන්න: ඔහුගේ දත් පිරිසිදු රිදී වැන්න. ඔහුගේ සොඬ මහ නගුල් හිසක් වැන්න.
එවිට භාග්‍යවතුන් වහන්සේ ‘මේ පාපී මරුය’ යි දැන ඔහුට මෙසේ ගාථායෙන් වදාළසේක:
“දික් කලක්ම ප්‍රියවූත් අප්‍රියවූත් වෙස් ගෙන (තෝ) මා වෙත නැවත නැවත එන්නෙහිය. එයින් පව්කාරය, තට වැඩක් නැත. මාරය, තෝ පැරදුණෙහිය.”
එවිට පාපී මාර තෙමේ ‘භගවත් තෙම මා දනී. සුගතතෙම මා දනී’ යි සිතා දුකට දොම්නසට පත්ව එහිම අතුරුදහන් විය.
|
3. සුභසුත්තං | 3. සුභ සූත්‍රය |
139
එවං මෙ සුතං - එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ අජපාලනිග්රොධමූලෙ පඨමාභිසම්බුද්ධො. තෙන ඛො පන සමයෙන භගවා රත්තන්ධකාරතිමිසායං අබ්භොකාසෙ නිසින්නො හොති, දෙවො ච එකමෙකං ඵුසායති. අථ ඛො මාරො පාපිමා, භගවතො භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො, යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතො අවිදූරෙ උච්චාවචා වණ්ණනිභා උපදංසෙති, සුභා චෙව අසුභා ච. අථ ඛො භගවා ‘‘මාරො අයං පාපිමා’’ ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාහි අජ්ඣභාසි -
‘‘සංසරං
අලං තෙ තෙන පාපිම, නිහතො ත්වමසි අන්තක.
‘‘යෙ
න තෙ මාරවසානුගා, න තෙ මාරස්ස බද්ධගූ’’
(බද්ධභූ (ක.), පච්චගූ (සී. ස්‍යා. කං. පී.)) ති.
අථ ඛො මාරො...පෙ.... තත්ථෙවන්තරධායීති.
|
139
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදුව පළමු කාලයෙහි උරුවෙල් දනව්හි අජපල් නුගරුක මුල වසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ දැඩි ගනඳුරු රැයෙහි එළිමහනෙක හුන්සේක් වේ. වැහි පොද ද එක දෙක වැටෙයි.
එකල පාපී මාරතෙම භාග්‍යවතුන් වහන්සේ ට බිය, වෙවුලුම හා ලොමු දැහැගැන්ම උපදවනු කැමැත්තෙන් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ නොදුරෙහි කුදු මහත් නොයෙක් ආකාර පියකරු බියකරු වෙස් විලස් දැක්වීය.
එවිට භාග්‍යවතුන් වහන්සේ ‘මේ පාපී මාරයාය’ යි දැන පාපී මාරයාට මෙසේ ගාථායෙන් වදාළසේක:
“දික් කලක්ම ප්‍රියවූත් අප්‍රියවූත් වෙස් ගෙන තෝ මා වෙත නැවත නැවත එන්නෙහිය. එයින් පව්කාරය, තට වැඩෙක් නැත තෝ (පැරදුණෙහි)ය.”
“යම් කෙනෙක් කයින්, වචනයෙන්, සිතින් මනාව හික්මුනාද මරුව, ඔවුහු තා යටතට නොඑන්නාහ. මරුව, ඔහු තගේ බැම්මට අසු නොවන්නාහ.
එවිට පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ තමා දනිතැයි, සුගතයෝ තමා හඳුනතැයි සිතා දුක් දොම්නස් වූයේ එහිම අතුරුදහන් විය.
|
4. පඨමමාරපාසසුත්තං | 4. (පළමුවන) පාස සූත්‍රය |
140
එවං
‘‘මය්හං ඛො, භික්ඛවෙ, යොනිසො මනසිකාරා යොනිසො සම්මප්පධානා අනුත්තරා විමුත්ති අනුප්පත්තා, අනුත්තරා විමුත්ති සච්ඡිකතා. තුම්හෙපි, භික්ඛවෙ, යොනිසො මනසිකාරා යොනිසො සම්මප්පධානා අනුත්තරං විමුත්තිං අනුපාපුණාථ, අනුත්තරං විමුත්තිං සච්ඡිකරොථා’’ති. අථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි -
‘‘බද්ධොසි මාරපාසෙන, යෙ දිබ්බා යෙ ච මානුසා;
මාරබන්ධනබද්ධොසි, න මෙ සමණ මොක්ඛසී’’ති.
‘‘මුත්තාහං
(මුත්තොහං (සී. ස්‍යා. කං. පී.)) මාරපාසෙන, යෙ දිබ්බා යෙ ච මානුසා;
මාරබන්ධනමුත්තොම්හි, නිහතො ත්වමසි අන්තකා’’ති.
අථ ඛො මාරො පාපිමා...පෙ.... තත්ථෙවන්තරධායීති.
|
140
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර අසල ඉසිපතන් නම්වූ මුව වෙනෙහි වසනසේක. එහිදී භාග්‍යවත්හු “මහණනි” යි භික්ෂූන්ට කථාකළසේක. “ස්වාමීන් වහන්සැ” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් ට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: “මහණනි, න්වණින් මෙනෙහි කිරීමෙන්, නුවණින් ප්‍රධාන වීර්‍ය්‍ය වැඩීමෙන් හැමටම උතුම් (රහත්ඵල) මිදුම මට ලැබිණ, හැමටම උතුම් (රහත්ඵල) මිදුම මවිසින් ප්රත්යක්ෂ කරණ ලදී. තෙපිද මහණනි, නුවණින් මෙනෙහි කිරීමෙන්, නුවණින් ප්‍රධාන වීර්‍ය්‍ය වැඩීමෙන් පරම (රහත්ඵල) මිදුම ලබවු, පරම මිදුම පැහැදිලි කරවු.”
එවිට පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්ට ගාථායෙන් මෙසේ කීය:
“මහණ තෝ කෙලෙස් මල පුඩුයෙන් බැඳුනෙහි යම් දෙව්සැප කෙනෙක් මිනිස් කම්සැප කෙනෙක් වෙත්ද, ඒ මාර බැම්මෙන් (කෙලෙස් බැම්මෙන්) බැඳුණෙහිය. මහණ, මගෙන් තෝ නොගැලවෙන්නෙහි.”
“මාරය, මම් කෙලෙස් මලපුඩුයෙන් මිදුනෙමි. යම් දෙව් කම්සැප කෙනෙක් මිනිස් කම්සැප කෙනෙක් වෙද්ද, ඒ හැම මලපුඩුයෙන්ම මිදුනෙමි. මාරය තෝ නැසුණෙහිය.”
එවිට පාපී මාරතෙම භාග්‍යවතුන් වහන්සේ තමා හඳුනතැයි, දනිතැයි, දැන, දුක් දොම්නස් පත්ව එහිම අතුරුදහන් විය.
|
5. දුතියමාරපාසසුත්තං | 5. (දෙවෙනි) පාස සූත්‍රය |
141
එකං
‘‘මුත්තාහං, භික්ඛවෙ, සබ්බපාසෙහි යෙ දිබ්බා යෙ ච මානුසා. තුම්හෙපි, භික්ඛවෙ, මුත්තා සබ්බපාසෙහි යෙ දිබ්බා යෙ ච මානුසා. චරථ, භික්ඛවෙ, චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය
‘‘බද්ධොසි සබ්බපාසෙහි, යෙ දිබ්බා යෙ ච මානුසා;
මහාබන්ධනබද්ධොසි, න මෙ සමණ මොක්ඛසී’’ති.
‘‘මුත්තාහං සබ්බපාසෙහි, යෙ දිබ්බා යෙ ච මානුසා;
මහාබන්ධනමුත්තොම්හි, නිහතො ත්වමසි අන්තකා’’ති.
අථ ඛො මාරො පාපිමා...පෙ.... තත්ථෙවන්තරධායීති.
|
141
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස අසල ඉසිපතන් මුව වෙනෙහි වෙසෙනසේක. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ “මහණනි” භික්ෂූන්ට කථාකළසේක. ‘පින්වතුන් වහන්සැ” යි ඒ මහණහු භාග්‍යවතුන් ට පිළිවදන් දුන්හ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: “මහණෙනි, දෙව්කම් සැපද මිනිස් කම් සැපද යන යම් මලපුඩුකෙනෙක් ඇද්ද ඒ හැම මලපුඩුයෙන් ගැලවුනෙමි. මහණනි, යම් ඒ දෙව්සැප මිනිස්සැප යන මලපුඩු ඇත්නම්, තෙපිද ඒ සියල්ලෙන් මිදුනහුය. එබැවින් මහණනි, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝදෙනාට සුව පිණිස, අනුකම්පා සඳහා, දෙව් මිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස, රටින් රට, නුවරින් නුවර, ගමින් ගම සැරිසරවු. එක් පාරින් දෙදෙනෙක් නොයවු. මහණනි, මුල යහපත්, මැද යහපත්, අග යහපත් දහම අරුත් සහිතකොට දෙසවු. අකුරින් පෙදෙන් නොඅඩුකොට සම්පූර්ණකොට දෙසවු. සියලු අයුරින් පිරිපුන්, පිරිසුදු සසුන් බඹසර (බ්රහ්මර්ච්යාව) හෙළිකොට දක්වවු. ප්‍රඥා ඇස වසා සිටි මඳ කෙලෙස් ඇතිසේවූ සත්හු ඇත්තාහ. දහම් නොඅසන බැවින් දහමෙන් ඔහු පිරිහීයෙත්. දහම් දැනගන්නෝ ඇත්තාහ. මහණනි, මමත් දම් දෙසන්නට උරුවෙල් දනව් සේනානි නිගම යම් තැනකද එතැනට යන්නෙමි.”
එවිට පාපී මාරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:
“මහණ, දෙව්සැපද, මිනිස්සැපද, යන මේ මලපුඩු ඇද්ද, සියල්ලෙන් ඔබ බඳනා ලද්දෙහි. මහ කෙලෙස් බැම්මෙන්ම ඔබ බඳනා ලදුයෙහි. ඔබ නොමිදෙන්නෙහිය” යි කීය.
දෙව්සැපද, මිනිස්සැපද යන මලපුඩුයෙන් මම් මිදී ගතිමි. මහ කෙලෙස් බැම්මෙන් මිදුනෙමි. මාරය තෝ නැසුණෙහිය.” යි වදාළසේක.
එවිට පාපී මාරයා ‘භාග්‍යවතුන් වහන්සේ මා හැඳිනගත්හ, සුගතයෝ මා හැඳිනගත්හ’ යි දැන දුක්ව දොම්නස්ව අතුරුදන්විය.
|
6. සප්පසුත්තං | 6. සප්ප සූත්‍රය |
142
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන භගවා රත්තන්ධකාරතිමිසායං අබ්භොකාසෙ නිසින්නො හොති, දෙවො ච එකමෙකං ඵුසායති.
අථ
අථ ඛො භගවා ‘‘මාරො අයං පාපිමා’’ ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාහි අජ්ඣභාසි -
‘‘යො සුඤ්ඤගෙහානි සෙවති,
සෙය්යො සො මුනි අත්තසඤ්ඤතො;
වොස්සජ්ජ චරෙය්ය තත්ථ සො,
පතිරූපඤ්හි තථාවිධස්ස තං.
‘‘චරකා
අථො ඩංසසරීසපා
(ඩංස සිරිංසපා (සී. ස්‍යා. කං. පී.)) බහූ;
ලොමම්පි
සුඤ්ඤාගාරගතො මහාමුනි.
‘‘නභං
සබ්බෙපි පාණා උද සන්තසෙය්යුං;
සල්ලම්පි චෙ උරසි පකප්පයෙය්යුං,
උපධීසු තාණං න කරොන්ති බුද්ධා’’ති.
අථ ඛො මාරො පාපිමා ‘‘ජානාති මං භගවා, ජානාති මං සුගතො’’ති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
|
142
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දප නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙනසේක.
එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ එක් මහත් අන්ධකාරය ඇති රැයෙක එළිමහණෙහි හුන්සේක. වැහි පොදද එක දෙක වැටෙයි.
එකල පාපීවූ මාරයා භාග්‍යවතුන් වහන්සේට බිය, තැතිගැනුම්, ලොමුඩැහැගැනුම් ඇතිනරනු කැමැත්තෙන් මහත් නා රජකුගේ වෙස් ගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය.
තනි රුකෙකින්ම කළ මහ ඔරුවක් යම්සේද, ඔහුගේ කඳ එසේම විය. සුරා සාදන්නෙක්ගේ පිටෙහි අතුරන කලාලය යම් තරම්ද ඔහුගේ පෙණයද එතරම්ම වේ. කොසොල් රජු ආහාර ගන්නා රන් තලිය යම් පමණද,
ඔහුගේ ඇස්ද එපමණම වේ. අහස ගුගුරන කල්හි නික්මෙන විදුලිය යම්සේද එසේම ඔහුගේ දිව මුවතුලින් නික්මෙයි. කඹුරුසම (මයිනහම) සුළඟින් පිරෙන කල ඇතිවන හඬ යම් බඳුද, ඔහු හුස්ම ගන්නා පිටකරනා හඬද එබඳුම වේ.
එවිට භාග්‍යවතුන් වහන්සේ ‘මේ පාපී මාරයායැ’ යි දැන ඔහුට මෙසේ ගාථාවෙන් වදාළසේක.
“යමෙක් හිඳීමාදිය පිණිස මිනිසුනිගෙන් හිස්වූ ගෙවල් සෙව්නේද, ඒ තමා සංවරවූ මුනිතෙම ඔහු ඔහුගේ ආත්මභාවයෙහි ඇල්ම දුරුකොට හැසිරෙන්නේය. එබඳුවූ මුනිරජුන්ට මේ ආත්මයෙහි භයානක සත්තුද, අරමුණුද බොහෝය. තවත් ඇටමැස්සෝද, සර්පයෝද බොහෝය. එහෙත් හිස් ගෙට වන් ඒ මුනි උතුමා ඒ හේතුකොට ගෙන ලොම් ගසක් පමණකුදු නොසෙලෙන්නේය.”
“අහස පුපුරතත්, පොළොව සෙලවෙතත්, සියලුම සතුන් තැති ගනිතත්, තියුණු යකඩ උලක් පපුවෙහි ගසතත්, බුදුවරු පඤචස්කන්‍ධයන්හි රැක්මක් නොකෙරෙත්.”
ඉක්බිති ඒ පාපී මාරයා, “භාග්‍යවත්හු මා දැනගත්හ, සුගතයෝ මා දැනගක්හ” යි සිතා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.
|
7. සුපතිසුත්තං | 7. සුප්පති සූත්‍රය |
143
එකං
‘‘කිං සොප්පසි කිං නු සොප්පසි,
කිමිදං සොප්පසි දුබ්භගො
(දුබ්භතො (ස්‍යා. කං.), දුබ්භයො (පී.)) විය;
සුඤ්ඤමගාරන්ති සොප්පසි,
කිමිදං සොප්පසි සූරියෙ උග්ගතෙ’’ති.
‘‘යස්ස
තණ්හා නත්ථි කුහිඤ්චි නෙතවෙ;
සබ්බූපධිපරික්ඛයා බුද්ධො,
සොප්පති කිං තවෙත්ථ මාරා’’ති.
අථ ඛො මාරො පාපිමා...පෙ.... තත්ථෙවන්තරධායීති.
|
143
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දප නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙනසේක.
එකල භාග්‍යවතුන් වහන්සේ දවසෙක රෑ බොහෝ වේලාවක්ම සක්මන්කොට රෑ ඉතා අලුයම්හි පා සෝදා විහාරයට ඇතුල්වී, දකුණු පය මත වම් පය මඳක් ඉක්මවා තබා, සිහිනුවණ ඇතිව, ‘අසුවල් වේලෙහි නැගී සිටුම්හ’ යි අදහස සිත්හි කොට, දකුණු ඇලයෙන් උත්‍රම් සැතපුම (සිංහශය්‍යාව) කළසේක.
එකල්හි පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්ට ගාථායෙන් මෙසේ කීය:
“කිමෙක්ද, නිදන්නෙහිද? කුමට නිදන්නෙහිද? මළ එකකු සෙයින් මේ කුමට සැතපෙන්නෙහිද? ‘මට හිස් ගෙයක් ලැබිණැ’ යි සිතා සැතපෙන්නෙහිද? මේ හිරු නැගි කල්හි කවර හෙයින් නිදන්නෙහිද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “දැලක් බඳුවූ ඒ ඒ රූපාදීවූ අරමුණෙහි ඇලෙන
තෘෂ්ණාව කිසි අරමුණකට (තමා) පමුණුවන්නට (හැකිසේ) යමකු තුළ නැද්ද, එසේවූ බුදුවරතෙම සියලු උපධි නසා ලීමෙන් (සුවපත්ව) සැතපෙන්නේය. මරුව මෙහි ලා තට කවර වැඩෙක්ද?”
පාපී මාරයා එය අසා, ‘භගවත්හු මා හැඳිනගත්හ, සුගතයෝ මා දැනගත්හයි සිතා දුක් දොම්නස් වැද එහිම අතුරුදන් විය.
|
8. නන්දතිසුත්තං | 8. නන්දන සූත්‍රය |
144
එවං
‘‘නන්දති පුත්තෙහි පුත්තිමා, ගොමා ගොභි තථෙව නන්දති;
උපධීහි
‘‘සොචති
උපධීහි නරස්ස සොචනා, න හි සො සොචති යො නිරූපධී’’ති.
අථ ඛො මාරො පාපිමා ‘‘ජානාති මං භගවා, ජානාති මං සුගතො’’ති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
|
144
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල්හි පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.
“දරුවන් ඇති තැනැත්තේ දරුවන් කරණකොට සතුටුවේ. එසෙයින්ම ගවයින් ඇති තැනැත්තේ ගවයින් කරණකොට සතුටුවේ. උපධිහු (පස්කම් ගුණයෝ) වනාහි සත්වයන්ට සතුටට කරුණුයහ. යමෙක් උපධි (පස්කම් ගුණයන්) නැතියේනම්, හේ සතුටක් නොම ලබයි.”
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) “දරුවන් ඇත්තේ දරුවන් කරණකොට ශෝකකෙරේ. එසේම ගවයින් ඇත්තේද ගවයින් කරණකොට ශෝකකෙරේ. උපධීහු (කාමවස්තූහු) වනාහි සත්වයන්හට ශෝකයට කරුණුයහ. යමෙක් උපධි (පස්කම්) නැතියේනම් ඔහු ශෝක නොකෙරේ
ඉක්බිති පාපී මාරයා ‘භාග්‍යවත්හු මා දැනගත්හ, සුගතයෝ මා දැනගත්හ’ යි සිතා එහිම අතුරුදන්විය.
|
9. පඨමආයුසුත්තං | 9. (පළමුවන) ආයු සූත්‍රය |
145
එවං
‘‘අප්පමිදං, භික්ඛවෙ, මනුස්සානං ආයු. ගමනීයො සම්පරායො, කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්රහ්මචරියං. නත්ථි ජාතස්ස අමරණං. යො, භික්ඛවෙ, චිරං ජීවති, සො වස්සසතං අප්පං වා භිය්යො’’ති.
අථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි -
‘‘දීඝමායු මනුස්සානං, න නං හීළෙ සුපොරිසො;
චරෙය්ය ඛීරමත්තොව, නත්ථි මච්චුස්ස ආගමො’’ති.
‘‘අප්පමායු මනුස්සානං, හීළෙය්ය නං සුපොරිසො;
චරෙය්යාදිත්තසීසොව, නත්ථි මච්චුස්ස නාගමො’’ති.
අථ ඛො මාරො...පෙ.... තත්ථෙවන්තරධායීති.
|
145
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ කලන්දකනිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” කියා භික්ෂූන්ට කථාකළසේක. “පින්වතුන් වහන්සැ” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් ට පිළිවදන් දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ (ඔවුන්ට) මෙසේ වදාළසේක. “මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂ මඳ එකෙක. පරලොව යා යුතුය, (එබැවින්) කුසල් කළ යුතුය. බ්‍රහ්මචරියාවෙහි හැසිරිය යුතුය. උපන්නහුට නොමැරී සිටීමෙක් නම් නැත. මහණෙනි, යමෙක් වැඩිම කලක් ජීවත්වන්නේ නම්, ඔහු සියක් අවුරුද්දක් හෝ එයට මඳක් වැඩියෙන් හෝ ජීවත්වෙයි.”
ඉක්බිති පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්ට ගාථාවෙන් මෙය කීය.
“මිනිසුන්ගේ ආයුෂ දිගය. නුවණැති මිනිසා එය හෙළා නොදක්නේය. කිරිබීම් පමණක් ඇති ළදරුවෙකු මෙන් හැසිරෙන්නේය. මරණය ළංවී ඊමෙක් නැත.
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:)” මිනිසුන්ගේ ආයු මඳය. නුවණැති පුරුෂයා එය හෙළා දක්නේය. ඉස ගිනි ගත්තකු සේ හැසිරෙන්නේය. මරණය නොඊමෙක් නැත.”
එවිට පාපී මාරයා, ‘භාග්‍යවතුන් වහන්සේ මා දැනගත්හ, සුගතයෝ මා දැනගත්හ,යි සිතා දුක් දොම්නස් වැද එහිම අතුරුදන් විය.
|
10. දුතියආයුසුත්තං | 10. (දෙවෙනි) ආයු සූත්‍රය |
146
එවං
‘‘අප්පමිදං, භික්ඛවෙ, මනුස්සානං ආයු. ගමනීයො සම්පරායො, කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්රහ්මචරියං. නත්ථි ජාතස්ස අමරණං. යො, භික්ඛවෙ, චිරං ජීවති, සො වස්සසතං අප්පං වා භිය්යො’’ති.
අථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා
‘‘නාච්චයන්ති
ආයු අනුපරියායති, මච්චානං නෙමීව රථකුබ්බර’’න්ති.
‘‘අච්චයන්ති අහොරත්තා, ජීවිතං උපරුජ්ඣති;
ආයු ඛීයති මච්චානං, කුන්නදීනංව ඔදක’’න්ති.
අථ ඛො මාරො පාපිමා ‘‘ජානාති මං භගවා, ජානාති මං සුගතො’’ති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
|
146
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ කලන්දකනිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” කියා භික්ෂූන්ට කථාකළසේක. “පින්වතුන් වහන්සැ” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් ට පිළිවදන් දුන්හ.
එකල භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: “මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂ මඳය. පරලොව යා යුතුය, කුසල් කළ යුතුය. බ්‍රහ්මචරියාවෙහි හැසිරිය යුතුය. උපන්නහු නොමැරී ඉඳුමෙක් නැත. මහණෙනි, යමෙක් වැඩිම කලක් ජීවත්වන්නේ නම්, ඔහු අවුරුදු සියයක් හෝ එයට මඳක් වැඩියෙන් හෝ ජීවත්වෙයි.”
එවිට පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්ට ගාථාවෙන් මෙය කීය:
“රෑ දාවල්හු මිනිසා ඉක්ම නොයත්. ජීවිතය නිරුද්ධ නොවේ. සතුන්ගේ ආයුෂ ඔවුන් අනුවම යයි. ඔවුන් අත් නොහරියි. රියෙහි ඒරියාකඳ අනුව යන නිම්වළල්ල මෙනි.”
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) “රෑ දාවල්හු මිනිසා ඉක්ම යෙත්. ජීවිතය නිරුද්ධ වේ. මිනිසුන්ගේ ආයුෂ ගෙවේ. කුඩා ඇල දොළවල දිය මෙනි.”
එවිට පාපී මාරයා ‘බුදුහු මා හඳුනති. සුගතයෝ මා දනිතැ’ යි දැන දුක් දොම්නස්ව එහිම අතුරුදහන්විය.
|
2. දුතියවග්ගො | 2. දෙවෙනි (රජ්ජ) වර්ගය |
1. පාසාණසුත්තං | 1. පාසාන සූත්‍රය |
147
එකං
අථ ඛො භගවා ‘‘මාරො අයං පාපිමා’’ ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාය අජ්ඣභාසි -
‘‘සචෙපි කෙවලං සබ්බං, ගිජ්ඣකූටං චලෙස්සසි
(ගළෙය්යසි (ස්‍යා. කං.), චලෙය්යාසි (ක.));
නෙව සම්මාවිමුත්තානං, බුද්ධානං අත්ථි ඉඤ්ජිත’’න්ත්න්ත්ති.
අථ ඛො මාරො පාපිමා ‘‘ජානාති මං භගවා, ජානාති මං සුගතො’’ති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
|
147
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසළ ගිජුකුළුපව්වෙහි වසනසේක. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ ඉතා කළුවර රැයෙහි එළිමහනෙහි වැඩහුන්සේක. වැසි පොදද එක දෙක වැටේ.
එකල පාපී මාරයා භාග්‍යවතුන්ට බිය හා වෙවුලුම හා ලොමුදැහැගැන්ම ඇතිකරනු කැමැත්තේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි මහත් ගල් උගුළුවා පෙරළා ලීය.
එවිට භාග්‍යවතුන් වහන්සේ ‘මේ පාපී මාරයා’ යයි දැන ඔහුට ගාථායෙන් මෙසේ වදාළසේක:
“ඉදින් මේ සියලුම ගිජුකුළුපව්ව සොලවන්නෙහි නමුදු මනාව කෙලෙසුන්ගෙන් මිදුනු බුදුවරුන්ගේ සෙලවීමෙක් නැත.”
එවිට පාපී මාරතෙම ‘භාග්‍යවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස්ව එහිම අතුරුදහන් විය.
|
2. කින්නුසීහසුත්තං | 2. සීහ සූත්‍රය |
148
එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස
අථ
‘‘කින්නු
පටිමල්ලො හි තෙ අත්ථි, විජිතාවී නු මඤ්ඤසී’’ති.
‘‘නදන්ති වෙ මහාවීරා, පරිසාසු විසාරදා;
තථාගතා බලප්පත්තා, තිණ්ණා ලොකෙ විසත්තික’’න්ති.
අථ ඛො මාරො පාපිමා ‘‘ජානාති මං භගවා, ජානාති මං සුගතො’’ති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
|
148
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලදුව දම් දෙසති.
එකල පාපී මාරයාහට “මේ ගෞතම ශ්‍රමණ තෙමේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දේ දහම් දෙසයි. දහම් අසන්නවුන්ගේ නුවණ ඇස කණ කරන්නට ශ්‍රමණ ගෞතමයන් කරා ගියොත් යෙහෙකැ” යි මේ සිත විය.
ඉක්බිති පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:
“කිම? පිරිසෙහි සිංහ රජෙකු නිර්භයව නාද කෙරෙහිද? දනුව, තට සමවූ සතුරෙක් ඇත. ‘දිනූයෙකිමි’ යි සිතන්නෙහිද?”
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) “ලොව ඇල්ම ඇතිකරන තණ්හාව ඉක්මවාලූ, බල (දසය) ලැබූ මහා වීරවූ, තථාගතවරු පිරිස්හි නොබියව නාද කෙරෙත්මය. (ඉන් තට කිම?)”
එවිට පාපී මාරතෙම ‘භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස්ව එහිම අතුරුදහන් විය.
|
3. සකලිකසුත්තං | 3. සකලික සූත්‍රය |
149
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති මද්දකුච්ඡිස්මිං මිගදායෙ. තෙන ඛො පන සමයෙන භගවතො පාදො සකලිකාය
‘‘මන්දියා නු ඛො සෙසි උදාහු කාවෙය්යමත්තො,
අත්ථා නු තෙ සම්පචුරා න සන්ති;
එකො විවිත්තෙ සයනාසනම්හි,
නිද්දාමුඛො කිමිදං සොප්පසෙ වා’’ති.
‘‘න මන්දියා සයාමි නාපි කාවෙය්යමත්තො,
අත්ථං සමෙච්චාහමපෙතසොකො;
එකො විවිත්තෙ සයනාසනම්හි,
සයාමහං සබ්බභූතානුකම්පී.
‘‘යෙසම්පි සල්ලං උරසි පවිට්ඨං,
මුහුං මුහුං හදයං වෙධමානං;
තෙපීධ
තස්මා
‘‘ජග්ගං න සඞ්කෙ නපි භෙමි සොත්තුං,
රත්තින්දිවා නානුතපන්ති මාමං;
හානිං න පස්සාමි කුහිඤ්චි ලොකෙ,
තස්මා සුපෙ සබ්බභූතානුකම්පී’’ති.
අථ
|
149
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසළ මද්දකුච්ඡි නම් මුව වෙනෙහි වැඩවසනසේක.
එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ ගේ පය ගල් පතුරෙකින් පැහැරුනේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ ගේ ශරීරයෙහි හටගත් දැඩිවූ, රළුවූ, නොමිහිරිවූ, නොමනාවූ මහත් දුක් වේදනා පැවැත්තේය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ ඒ හැම එළඹ සිටි සිහි ඇතිව, නුවණ ඇතිව, නොපෙළමින් ඉවසති. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඟළ සිවුර හතරට නමා එළා (දකුණු) පය මත (වම්) පය මඳක් ඉක්මවා තබා සිහි නුවණ ඇතිව උතුම් සැතපුමෙන් සැතපුණුසේක.
එවේලෙහි පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:
“සිහි මුළායෙන් නොහොත් කවි බැඳීමට සිත සිතා කවි බැඳුමෙන් මත්ව නිදන කවියෙකු මෙන් මත්ව නිදන්නෙහිද? කළයුතු (අන්) බොහෝ වැඩ යුෂ්මතාට නැද්ද? කිසිවෙකු නැති මේ සස්නෙහි මේ කුමට තනිව නිදිබර මුහුණ ඇතිව නිදන්නෙහිද?”
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) මුළායෙකින් නොමනිදමි. කවි බැඳීමට සිත සිතා කවි බැඳුමෙහි මත්ව නිදනා කවියෙකු මෙන් මත්ව නිදන්නෙක්ද නොවෙමි. අර්ථයට පැමිණෙන එහෙයින්ම පහවූ ශෝක ඇතිව, සියලු සතුන්ට අනුකම්පා ඇතිව, කිසිවකු නැති සෙනස්නෙහි තනිව සැතපෙමි.
“යම් කෙනෙකුන්ගේ පපුවෙහි (කෙලෙස්) හුල ඇනුණේද, එහෙයින්ම සැනෙන් සැනෙන් ළය සැලෙනුයේද, ඒ (කෙලෙස්) හුල් ඇති, ඔහු පවා නිදි ලබත්. එසේ කල්හි පහවූ සියලු හුල් ඇති මේ මම් කවර හෙයකින් නොනිදම්ද?
“මම් වූකලී අවදිව ඉඳිමිනුත් සැක බිය නොගනිමි. නිදන්නට වුවද සැක බිය නැතියෙමි. රෑ දවල්හු මා නොතවත්. ලොව කිසිම තැනෙක (මට) පිරිහීමක් නොදකිමි. එබැවින් සියලු සත් වග කෙරේ දයාවෙන් සැතපෙමි.
එවිට පාපී මාරයා ‘භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස්ව එහිම අතුරුදහන් විය.
|
4. පතිරූපසුත්තං | 4. පතිරූප සූත්‍රය |
150
එකං සමයං භගවා කොසලෙසු විහරති එකසාලායං බ්රාහ්මණගාමෙ. තෙන ඛො පන සමයෙන භගවා මහතියා ගිහිපරිසාය පරිවුතො ධම්මං දෙසෙති.
අථ
‘‘නෙතං තව පතිරූපං, යදඤ්ඤමනුසාසසි;
අනුරොධවිරොධෙසු, මා සජ්ජිත්ථො තදාචර’’න්ති.
‘‘හිතානුකම්පී සම්බුද්ධො, යදඤ්ඤමනුසාසති;
අනුරොධවිරොධෙහි, විප්පමුත්තො තථාගතො’’ති.
අථ
|
150
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් රට ඒකසාල නම් බමුණු ගමෙහි වැඩවසනසේක. එකල භාග්‍යවතුන් වහන්සේ මහ ගිහි පිරිසක් විසින් පිරිවරණ ලද්දේ දහම් දෙසති.
එකල්හි පාපී මාරයාට මේ සිත පහළ විය. “මේ ශ්‍රමණ ගෞතමයා මහ ගිහි පිරිසක් විසින් පිරිවරණ ලද්දේ දහම් දෙසයි. නුවණැස කණ කරනු පිණිස ශ්‍රමණ ගෞතමයා යම් තැනෙකද, එතැනට පැමිණීම යහපති.”
ඉක්බිති පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:
“අන්හට අනුශාසනා කෙරුම යුෂ්මත්හට නොවටී. එය කෙරෙමින් රිසිබැව් නොරිසිබැව් දෙක්හි නොඇලෙව.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:)” බුදුවරයෙක් ලොවට හිත කැමතියේ, දයා පතුරුවනුයේ අන්හට අනුශාසන කෙරේද, තථාගතවූ හෙතෙම රිසි-නොරිසි දෙකින්ම මිදුනෙක.”
එවිට පාපී මාරයා ‘භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස්ව එහිම අතුරුදහන් විය.
|
5. මානසසුත්තං | 5. මානස සූත්‍රය |
151
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ
‘‘අන්තලික්ඛචරො පාසො, ය්වායං චරති මානසො;
තෙන තං බාධයිස්සාමි, න මෙ සමණ මොක්ඛසී’’ති.
‘‘රූපා සද්දා රසා ගන්ධා, ඵොට්ඨබ්බා ච මනොරමා;
එත්ථ මෙ විගතො ඡන්දො, නිහතො ත්වමසි අන්තකා’’ති.
අථ ඛො මාරො පාපිමා ‘‘ජානාති මං භගවා, ජානාති මං සුගතො’’ති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
|
151
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල පාපී මාරයා භාග්‍යවතුන් වෙත පැමිණියේය, පැමිණ, භාග්‍යවතුන්ට ගාථායෙන් මෙසේ කීය:
“අහසින් යන්නවුන් පවා බැඳගන්නා, සිත පහළවන යම් රාග මල පුඩුයෙක් ලොව නැත්තේද, එයින් තා පෙළා බැඳගන්නෙමි. මහණ, තෝ මගෙන් නොමිදෙන්නෙහිය.”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) “ඇදගන්නාවූ රූප, ශබ්ද, ගන්ධ, රස හා කය හැපෙන දේ යන පස්කම් කෙනෙක් වෙද්ද, එහි ඇල්ම පහව ගියේය. මාරය තෝ නැසුනෙහිය.”
එවිට පාපී මාරයා ‘භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස්ව එහිම අතුරුදහන් විය.
|
6. පත්තසුත්තං | 6. පත්ත සූත්‍රය |
152
සාවත්ථිනිදානං
අථ ඛො මාරස්ස පාපිමතො එතදහොසි - ‘‘අයං ඛො සමණො ගොතමො පඤ්චන්නං උපාදානක්ඛන්ධානං උපාදාය භික්ඛූනං ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ ච භික්ඛූ අට්ඨිං කත්වා මනසි කත්වා සබ්බචෙතසා සමන්නාහරිත්වා ඔහිතසොතා
තෙන ඛො පන සමයෙන සම්බහුලා පත්තා අබ්භොකාසෙ නික්ඛිත්තා හොන්ති. අථ
‘‘රූපං වෙදයිතං සඤ්ඤා, විඤ්ඤාණං යඤ්ච සඞ්ඛතං;
නෙසොහමස්මි නෙතං මෙ, එවං තත්ථ විරජ්ජති.
‘‘එවං විරත්තං ඛෙමත්තං, සබ්බසංයොජනාතිගං;
අන්වෙසං සබ්බට්ඨානෙසු, මාරසෙනාපි නාජ්ඣගා’’ති.
අථ ඛො මාරො පාපිමා...පෙ.... තත්ථෙවන්තරධායීති.
|
152
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල භාග්‍යවතුන් වහන්සේ උපාදානස්කන්ධ තණ්හා පස පිළිබඳව භික්ෂූන්ට කරුණු දක්වනසේක. එහි සැටි ආදිය ඔවුන් සිකෙහි ගන්වනසේක. ඔවුන් උනන්දු කරන සේක. ඔවුන් අවබෝධකළ ගුණ වණා ඔවුන් සිත ප්‍රීති කරවනසේක. ඒ භික්ෂූහු එය වැඩ ඇති දෙයක් කොට ගෙන සිතෙහි ලා, මුළු සිතින් එය එක්කොටගෙන යොමුකළ කන් ඇතියෝව බණ අසත්
එකල්හි පාපී මාරයාහට මේ සිත ඇතිවිය. “ශ්‍රමණ ගෞකම තෙම උපාදානස්කන්ධ පස ගැන භික්ෂූන්ට දැහැමි කථායෙන් කරුණු දක්වයි. ඒ ඔවුන් සිතෙහි ගන්වයි. එහි ඔවුන් උනන්දුකරයි. ඔවුන් සිත ප්‍රීති කරයි. ඒ භික්ෂූහුද එයට කැමතිව ඒ සිත්හිලා මුළු සිතින් එක්කොටගෙන යොමුකළ කන් ඇතියෝව බණ අසත්. ඔවුන්ගේ නුවණැස කණකරලන්නට ශ්‍රමණ ගෞතම තෙම කරා ගියොත් යෙහෙක.”
එකල බොහෝ පාත්‍රා (වේලනු පිණිස) එළිමහණෙහි තබන ලද්දෝය.
එවිට පාපී මාරයා ගොන් වෙසක් මවාගෙන ඒ පාත්‍ර තිබුණු තැනට පැමිණියේය.
එවිට එක්තරා භික්ෂුවක් අන් භික්ෂුවකට “මහණ, මහණ, අර ගොනා පාත්‍රය බිඳී” යි කීය.
ඒසේ කීකල භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුහට “භික්ෂුව, ඒ ගොනෙක් නොවේ, පාපී මාරයාය. තොප නූවනැස් කණ කරන්නට ආයේය.” යි වදාළසේක.
ඉක්බිති ‘මේ පාපී මාරයා’ යි දැන භාග්‍යවතුන් වහන්සේ ඔහුට ගාථායෙන් මෙසේ වදාළසේක:
“රූප, වේදනා, සංඥා, විඥාන සහ යම් සංස්කාර කෙනෙක් ඇද්ද, ඒ මේ පඤචකන්‍ධය “මම් නොවෙමි” ‘මෙය මාගේ නොවේයැ’ යි නුවණින් දක්නේ මෙසේ එහි ඇල්ම හරී.
“මෙසේ නොඇලුණු, උවදුරින් මිදුණු ආත්මභාවය ඇති, සියලු භව බැඳුම් (සංයෝජන) ඉක්මවා සිටි ඒ රහත්හු මරසෙන් පවා හැම තන්හිම සොයනුයේ නුමුදු ඔහු නොම දක්නේය.”
එවිට පාපී මාරයා ‘භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.
|
7. ඡඵස්සායතනසුත්තං | 7. ආයතන සූත්‍රය |
153
එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන
අථ
‘‘රූපා සද්දා රසා ගන්ධා, ඵස්සා ධම්මා ච කෙවලා;
එතං ලොකාමිසං ඝොරං, එත්ථ ලොකො විමුච්ඡිතො.
‘‘එතඤ්ච සමතික්කම්ම, සතො බුද්ධස්ස සාවකො;
මාරධෙය්යං අතික්කම්ම, ආදිච්චොව විරොචතී’’ති.
අථ ඛො මාරො පාපිමා...පෙ.... තත්ථෙවන්තරධායීති.
|
153
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර අසල මහා වනයෙහි කූටාගාරශාලා නම් වෙහෙර වැඩවසනසේක.
එකල භාග්‍යවතුන් වහන්සේ ස්පර්ශායතන සය ගැන මහණ සමූහයාට දැහැමි කථායෙන් කරුණු දක්වනසේක. ඒ ඔවුන් සිතෙහි ගන්වනසේක. එහි ඔවුන් උනන්දුකරනසේක. ඔවුන් සිත පහදවනසේක. ඒ මහණ සමූහයාද ඒ වැඩ ඇති දෙයක් කොටගෙන, සිත්හි ලා, මුළු සිතින් ඒ එක්කොටගෙන කන් යොමා බණ අසත්.
එකල පාපී මාරයාට මේ සිත විය. “ශ්‍රමණ ගෞතම තෙම ස්පර්ශායතන සය ගැන දහම් කථාවෙන් මහණ සමූහයාට කරුණු දක්වයි. ඒ ඔවුන් සිත්හි ගන්වයි. එහි ඔවුන් උනන්දුකරයි. ඔවුන් සිත ප්‍රීතිකරවයි. ඒ ඝික්‍ෂූහුද එයට කැමතිව සිත්හි ලා මුළු සිතින් එක්කොටගෙන කන් යොමා අසන්නාහ. ඔවුන් නුවණැස් කණකරලන්නට ශ්‍රමණ ගෞතමයන් කරා ගියොත් යහපත.”
ඉක්බිති පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් නොදුරෙහි පොළොව පැළී යන කලක් සෙයින් මහා භයානක හඬක් කෙළේය.
එවිට එක්තරා මහණෙක් අන් මහණෙකුට “මහණ, මහණ. මේ පොළොව පැළී විවරවන්නා සේය” යි කීය.
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහට “මහණ, මෙය පොළොව පැළී යන්නා නොවේ. මේ පාපී මාරයාය. ඔහු තොප නුවණැස් පියවාලන්නට ආයේය” යි වදාළසේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘මේ පාපී මාරයාය’ යි දැන ඔහුට ගාථායෙන් මෙය වදාළසේක:
“රූපයද, ශබ්දයද, ගන්ධයද, කය හැපෙන දේද, සිතෙහි අරමුණුද, යන මේ හැම නපුරු ඇමය
ලෝ වැස්සා මෙහි දැඩිසේ ඇලී ගියේය.”
“බුදුහුගේ සිහි ඇති ශ්‍රාවකතෙම මේ (ආයතන සයද) ඉක්මවා, මාරයාට ස්ථානයවූ මේ (තුන් භවයද) පසුකොටලා, සූය්‍යර්‍යා මෙන් බැබළෙයි.”
එවිට පාපී මාරයා ‘භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.
|
8. පිණ්ඩසුත්තං | 8. පිණ්ඩ සූත්‍රය |
154
එකං සමයං භගවා මගධෙසු විහරති පඤ්චසාලායං බ්රාහ්මණගාමෙ. තෙන
අථ ඛො භගවා යථාධොතෙන පත්තෙන පඤ්චසාලං බ්රාහ්මණගාමං පිණ්ඩාය පාවිසි තථාධොතෙන
(යථාධොතෙන (?)) පත්තෙන පටික්කමි. අථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච - ‘‘අපි
‘‘අපුඤ්ඤං පසවි මාරො, ආසජ්ජ නං තථාගතං;
කිං නු මඤ්ඤසි පාපිම, න මෙ පාපං විපච්චති.
‘‘සුසුඛං වත ජීවාම, යෙසං නො නත්ථි කිඤ්චනං;
පීතිභක්ඛා භවිස්සාම, දෙවා ආභස්සරා යථා’’ති.
අථ ඛො මාරො පාපිමා ‘‘ජානාති මං භගවා, ජානාති මං සුගතො’’ති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
|
154
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධරට පඤචසාලා නම් බමුණුගම වැඩවසනසේක.
එකල වනාහි පඤචසාලා බමුණුගම කුමරුවන්ගේ පඬුරු කෙනෙක් වෙත්. (තුටු පඬුරු එළවන සැණකෙළියෙක් වේ.)
එකල භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරුගෙන එගමට පිඬු පිණිස වන්සේක.
එකල පඤචසාලා බමුණුගම වැසි බමුණන්ටත් ගෘහපතියන්ටත් පාපී මාරයා ‘ශ්‍රමණ ගෞතම තෙම පිණ්ඩපාතය නොලබාවා’ යි සිතා ආවේශ විය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සේදූ පාත්‍රයෙන් යුතුව යම්සේ එගමට පිඬු පිණිස වැඩිසේක්ද, එසේම සේදූ පමණක්මවූ හිස් පාත්‍රයෙන් යුතුව ආපසු වැඩිසේක.
ඉක්බිති පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, “මහණ, පිණ්ඩපාතය ලද්දෙහිදැ” යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීය.
“පාපී මාරය, මා පි්ඩු නොලබන ලෙසක් තෝ කෙළෙහි නොවේද?”
ස්වාමීණි, එසේනම් භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වරෙකද පඤචසාලා බමුණුගමට පිඬුපිණිස පිවිසෙන සේක්වා. යම්සේ භාග්‍යවතුන් වහන්සේ පිඬු ලබනසේක් වන්නෝද, ඒ සැටි කරන්නෙමි.”
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “මාරතෙම තථාගතයන් වහන්සේ ගටා පව් රැස්කරගත. පවිට, තෝ ‘මට පව් පල නොදෙතැ’ යි සිතහිද? එසේ නොසිතව.
“බලව, යම්බඳු අපට කිසි හිරිහැරයක් නැද්ද, ඒ අපි ඉතා සුවසේ ජිවත්වම්හ. ආභස්සර දෙවියන් සේ ප්‍රීතියම ආහාරකොටැති වන්නෙමු.”
එවිට පාපී මාරයා ‘භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.
|
9. කස්සකසුත්තං | 9. කස්සන සූත්‍රය |
155
සාවත්ථිනිදානං. තෙන ඛො පන සමයෙන භගවා භික්ඛූනං නිබ්බානපටිසංයුත්තාය ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති
අථ
‘‘තවෙව
‘‘යං වදන්ති මම යිදන්ති, යෙ වදන්ති මමන්ති ච;
එත්ථ චෙ තෙ මනො අත්ථි, න මෙ සමණ මොක්ඛසී’’ති.
‘‘යං වදන්ති න තං මය්හං, යෙ වදන්ති න තෙ අහං;
එවං පාපිම ජානාහි, න මෙ මග්ගම්පි දක්ඛසී’’ති.
අථ ඛො මාරො පාපිමා...පෙ.... තත්ථෙවන්තරධායීති.
|
155
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහණ සමූහයාට නිවන් පිළිබඳවූ දහම් කථායෙන් කරුණු දක්වනසේක. කරුණු සිතෙහි ගන්වනසේක. එහි ඔවුන් උනන්දු කරවනසේක. ඔවුන් සිත ප්‍රීතිකළසේක. ඒ මහණ සමූහයාද එයට කැමැතිව, සිත්හි ලාගෙන, මුළු සිතින්ම එක්කොටගෙන යොමාලූ කන් ඇතිව බණ අසත්.
එවිට පාපී මාරයාට මේ අදහස විය. “මේ ශ්‍රමණ ගෞතමයා නිවන් පිළිබඳවූ දහම් කථායෙන් මහණ සමූහයාට කරුණු දක්වයි. කරුණු සිතෙහි ගන්වයි. එහි ඔවුන් උනන්දු කරවයි. ඔවුන් සිත ප්‍රීතිකරවයි. ඒ මහණ සමූහයාද එයට කැමැතිව, සිත්හි ලාගෙන, මුළු සිතින්ම එක්කොටගෙන යොමාලූ කන් ඇතියෝව බණ අසත්. ඔවුන් නුවණැස් අවුරනු සඳහා මහණ ගොහුම්හු කරා යන්නෙම් නම් යෙහෙක.”
පාපී මාරයා ගොවි වෙස් ගෙන, මහ නගුලක් කරෙහි තබාගෙන, දික් කැවිටි ලීයක් අතින් ගෙන, විසිරගිය කෙස් ඇතිව, හණ රෙද්දක් පොරවාගෙන, මඩ වැකුණු පයින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය.
පැමිණ, “මහණ, මා ගොනුන් දුටුයෙහිදැ” යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීය.
“පව්කාරය, තට ගොනුන්ගෙන් කවර වැඩෙක්ද?”
“මහණ, ඇස මගේමය, රූප මගේමය, ඇස හා රූපයාගේ පහසින් උපදනා විඤඤාණායතනයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? මහණ, කණද මගේමය, හඬද මගේමය, කණ හි හඬෙහි පහසින් උපදනා විඤඤාණායතනයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? නැහැය මගේමය, ගඳද මගේමය, ඒ දෙකෙහි පහසින් උපදනා විඤඤාණායතනයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? දිව මගේමය, රසද මගේමය, ඒ දෙකෙහි පහසින් උපදනා විඤඤාණායතනයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? කයද මගේමය, එහි හැපෙන දේත් මගේමය, ඒ දෙකෙහි පහසින් උපදනා විඤඤාණයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? මනස මගේමය, දහම් අරමුණුත් මගේමය. ඒ දෙකෙහි පහසින් උපදනා විඤඤාණායතනයත් මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් ගැලවෙන්නෙහිද?
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “පව්කාරය, ඇස තගේමය, රූප තගේමය, ඇස හා රූපයෙන් හටගන්නා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි ඇසත් නැත්නම්, රූපයත් නැත්නම්, ඇස් පහසින් උපදනා විඤඤාණයත් නැත්නම්, එහි තාගේ ගමනෙක් නැත.
“පව්කාරය, කණද තගේමය, ශබ්දයද තගේමය, කණ හා ශබ්දයෙන් උපදනා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි කණත් නැත්නම්, ශබ්දයත් නැත්නම්, කණෙ පහසින් උපදනා විඤඤාණයත් නැත්නම්, එහි තාගේ ගමනෙක් නැත.
“පව්කාරය, නැහැය තගේමය, ගඳ තගේමය, නැහැය හා ගඳෙන් උපදනා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි නහැයත් නැත්නම්, ගඳත් නැත්නම්, ගඳෙන් උපදනා විඤඤාණයත් නැත්නම්, එහි තගේ ගමනෙක් නැත.
“පව්කාරය, දිව තගේමය, රසත් තගේමය, දිව හා රසෙන් උපදනා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි දිවත් නැත්නම්, රසත් නැත්නම්, දිවේ පහසින් උපදනා විඤඤාණයත් නැත්නම්, එහි තගේ ගමනෙක් නැත.
“පව්කාරය, සිත තගේමය, සිත් අරමුණු තගේමය, සිත හා සිත් අරමුණෙන් උපදනා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම් තැනෙක වනාහි සිතත් නැත්නම් සිත් අරමුණුත් නැත්නම් සිතේ පහසින් උපදනා විඤඤාණයත් නැත්නම් එහි තාගේ ගමනෙක් නැත.
(එවිට මාරයා මෙසේ කීය:) “යමෙකුට ‘මෙය මගේය’ යි කියත්ද, යම් කෙනෙක්, ‘මෙය මගේය’
යි කියත්ද, එතන්හි ඉදින් ඔබගේ සිත ඇත්තේනම්, මහණ, ඔබට මගෙන් මිදීමෙක් නැත.”
(බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක.) “යමෙක් ‘මෙය මගේය’ යි කියත්ද, ඒ කිසිත් මගේ නොවේ, යම් කෙනෙක් හෝ ‘මෙය මගේය’ යි කියත්ද, මම ඒ කිසිවෙකුත් නොවෙමි. පාපිය, කාරණය මෙසේ දනුව. මා ගිය මාර්ගයවත් තෝ නොදත්තෙහිය.”
එවිට පාපී මාරයා ‘භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.
|
10. රජ්ජසුත්තං | 10. රජ්ජ සූත්‍රය |
156
එකං සමයං භගවා කොසලෙසු විහරති හිමවන්තපදෙසෙ
(හිමවන්තපස්සෙ (සී.)) අරඤ්ඤකුටිකායං. අථ ඛො භගවතො රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො
අථ ඛො මාරො පාපිමා භගවතො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච - ‘‘කාරෙතු, භන්තෙ, භගවා රජ්ජං, කාරෙතු, සුගතො, රජ්ජං අහනං අඝාතයං අජිනං අජාපයං අසොචං අසොචාපයං ධම්මෙනා’’ති. ‘‘කිං පන මෙ ත්වං, පාපිම, පස්සසි යං මං ත්වං එවං වදෙසි - ‘කාරෙතු, භන්තෙ, භගවා රජ්ජං, කාරෙතු සුගතො
‘‘පබ්බතස්ස
ද්විත්තාව නාලමෙකස්ස, ඉති විද්වා සමඤ්චරෙ.
‘‘යො දුක්ඛමද්දක්ඛි යතොනිදානං,
කාමෙසු සො ජන්තු කථං නමෙය්ය;
උපධිං විදිත්වා සඞ්ගොති ලොකෙ,
තස්සෙව ජන්තු විනයාය සික්ඛෙ’’ති.
අථ ඛො
|
156
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල්රට හිමවත පැත්තේ අරණ්‍ය කුටියක වැඩවසනසේක.
එකල්හි තනිව විවේකයෙන් සිටියාවූ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කල්පනාවෙක් විය. “අනුන් නොනසමින්, නොනස්වමින්, නොදිනම්න්, නොදිනවමින්, ශෝක නොකරමින්, ශෝක නොකරවමින්, දැහැමෙන් රජය කරවත හැකිද?”
පාපී මාරයා, භාග්‍යවතුන් වහන්සේගේ සිතෙහි කල්පනාව තම සිතින් දැන, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, නොනසමින්, නොනස්වමින්, නොදිනම්න්, නොදිනවමින්, ශෝක නොකෙරෙමින්, ශෝක නොකරවමින්, භාග්‍යවතුන් වහන්සේ දැහැමෙන් රජය කරවනසේක්වා “
එවිට භාග්‍යවතුන් වහන්සේ “පාපිය, ‘නොනසමින්, නොනස්වමින්, නොදිනම්න්, නොදිනවමින්, ශෝක නොකෙරෙමින්, ශෝක නොකරවමින්, භාග්‍යවතුන් වහන්සේ දැහැමෙන් රජය කරවනසේක්වා’ යි මට මෙසේ කියන්නට තෝ කවර කරුණක් දන්නෙයිදැ?” යි කීහ.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ඎද්ධිපාද සතර වඩන ලදහ. බහුල කරන ලදහ. යෙදූ යානයක්සේ කරන ලදහ. තහවුරුකොට තම සිත පිහිටුවන ලදහ. නොහැර නිතර තමා කෙරෙහි පවත්වන ලදහ. පුරුදුකරන ලදහ. මැනැවින් සම්පූර්ණකරන ලදහ. ඉදින් භාග්‍යවතුන් වහන්සේ කැමතිනම් ‘හිමාලය පර්වතය රන් ගොඩක්ම වේවා’ යි සිතුවහොත් ඒ පර්වතය රන් ගොඩක්ම වන්නේය.” යි (මාරයා කීය.)
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “රනින්ම නිමියාවූ රන් ගොඩක්මවූ එක පර්වතයක් තබා
එමෙන් දෙගුණයක් මහත් පර්වතයක් වුවද, එය එක් පුරුෂයෙකුට සිතට නොසෑහේ. මෙසේ මෙකරුණ දන්නා නුවනැත්තේ සමව හැසිරෙන්නේය.
“යම් පස්කම් හේතුයෙන් දුක් පහළවේයයි යමෙක් මෙසේ දුක දුටීනම්, ඒ සත්තෙම කෙසේනම් එකී පස්කම්හි නැමෙන්නේද? නුවණැති පුද්ගලතෙම ‘පස්කම් ලෝකයෙහි සිත බැඳෙනා දේය’ යි දැන එය දුරුකිරීම පිණිස හික්මියයුතු.”
එවිට පාපී මාරයා ‘බුදුරජහු මා දැනගති. සුගතයෝ මා දැනගති’ යි සලකා දුක්ව නොසතුටුව එහිම අතුරුදන්විය.
|
3. තතියවග්ගො | 3. තුන්වෙනි වර්ගය |
1. සම්බහුලසුත්තං | 1. සම්බහුල සූත්‍රය |
157
එවං
අථ
‘‘නෙසො, භික්ඛවෙ, බ්රාහ්මණො. මාරො එසො පාපිමා තුම්හාකං විචක්ඛුකම්මාය ආගතො’’ති. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා
‘‘යො
කාමෙසු සො ජන්තු කථං නමෙය්ය;
උපධිං විදිත්වා සඞ්ගොති ලොකෙ,
තස්සෙව ජන්තු විනයාය සික්ඛෙ’’ති.
|
157
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය රටෙහි සීලාවතී ගමෙහි වැඩවසනසේක.
එකල වනාහි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට නොදුරු තැන, එළඹ සිටි සිහි ඇතිව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවන්කරා මෙහෙයූ සිත් ඇතිව, වෙසෙත්.
එකල්හි පාපී මාරයා බමුණු වෙසක් මවාගෙන, මහත් ජටාවක් බැඳගෙන, අඳුන් දිවි සම් හැඳ පොරවාගෙන, මහලුව වකුටු පරාලයක්සේ වක්වූ ශරීරයක් ඇතිව, ඝුරු ඝුරු යන හඬින් හුස්ම පිට කෙරෙමින්, දිඹුල් සැරයටියක් අතින් ගෙන, ඒ භික්ෂූහු යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, “පැවිදිවරු ළපටියහ, තරුණයහ, කළු කෙහෙ ඇතියහ, මනා තරුණ භාවයෙන් යුක්තයහ, කම්සුව නොවිඳියෝහ. භවත්හු මිනිස් කම්සැප විඳිත්වා. දැන් මේ ආත්මයෙහි වින්දයුතු සැප හැර, කල් ගොසින් වින්දයුතු සැපක් ඔස්සේ නොදුවත්වා” යි කීය.
එවිට ඒ භික්ෂූහු, “බමුණ, මේ ආත්මයෙහිදී වින්දයුතු සුව හැරදමා කල් ගොසින් ලැබෙන සැපක් ඔස්සේ අපි නොදුවමු. බමුණ, කල් ගොසින් ලැබෙන සැප හැර දමා මේ ආත්මයෙහිදීම ලැබියයුතු සැප ඔස්සේ දුවමු. බමුණ, ‘කම්සැප වනාහි කල් ගොසින් ලැබෙන දෙයක, බොහෝ දුක් ඇති එකෙක, දැඩි වෙහෙස ඇතිඑකෙක. මෙහි දොස් බොහෝයැ’ යිද, ‘මේ ලොවුතුරා දහම වනාහි මේ ආත්මයෙහිම කමා විසින්ම වින්දයුතුය. කල් නොයවා සැප පල දෙන ස්වභාව ඇත්තේය, එව බලවයි කියයුතුය. තම සිත්හි පමුණුවාලීමට සුදුසුය. නුවණ ඇත්තන් විසින් තම තමන් කෙරෙහිලා දතයුතුයැ’ යිද, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදැ” යි කීහ.
මෙසේ කී කල්හි පාපී මාරයා තම හිස පහතට වනා, දිව දික්කොට ලෙලවා, බැම හකුළුවා, නලළෙහි තුන් රුළි නංවා, සැරයටියට බරව (එබී) නික්ම ගියේය.
ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක උන්හ. එක් පසෙක හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාහුය.
“ස්වාමීනි, අපි මෙහි භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි නොපමාව එළඹ සිටි සිහි ඇතියෝව, කෙලෙස් කවන වීර්‍ය්‍ය ඇතියෝව, නිවන්කරා මෙහෙයූ සිතැතියෝව, විසීමු. එකල එක්තරා මහලුවූ, වකුටු පරාලයක්සේ වක්වූ බමුණෙක් ජටාවක් බැඳගෙන, අඳුන් දිවි සම් හැඳ පෙරවා, ඝුරු ඝුරු යන ශබ්දයෙන් හුස්ම පිට හෙලමින්, දිඹුල් ලීයෙන් කළ සැරයටියක් ගෙන, අපකරා පැමිණියේය. පැමිණ, “භවත් පැවිදිවරු ළපටියහ, තරුණයහ, කළු කෙහෙ ඇතියහ, මනා තරුණ බවෙන් යුක්තයහ, කම්සැප නොවිඳියෝහ. භවත්හු මිනිස් කම්සැප විඳිත්වා. දැන් මේ ආත්මයෙහි වින්දයුතු සැප හැර, කල් ගොසින් වින්දයුතු සැපක් ඔස්සේ නොදුවත්වා” යි අපට කීය.
“ස්වාමීනි, එසේ කී කල අපි ඔහුට, ‘බමුණ, මේ ආත්මයෙහිදී වින්දයුතු සැප හැරදමා කල් ගොසින් ලැබෙන සැපක් ඔස්සේ අපි නොදුවමු. බමුණ, ‘කම්සැප වනාහි කල් ගොසින් ලැබෙන දෙයකි, බොහෝ දුක් ඇති එකෙක, දැඩි වෙහෙසක් ඇති එකෙක. මෙහි දොස් බොහෝය’ යිද, ‘මේ ලොවුතුරා දහම වූකලී කල් නොයවා සැප ඵල දෙන ස්වභාව ඇත්තේය, එව බලවයි කියයුත්තෙක. තම සිත්හි පමුණුවාලීමට සුදුසුය. නුවණ ඇත්තන් විසින් තම තමන් කෙරෙහිලා දතයුතුයැ’ යිද, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදැ” යි කීමු.
“ස්වාමීනි, මෙසේ කී කල්හි ඒ බමුණුතෙම හිස පහතට වනා, දිව දික්කොට ලෙලවා, බැම හකුළුවා, නලළෙහි තුන් රුළි නංවා, සැරයටියට බරව, නික්ම ගියේය.”
එවිට භාග්‍යවතුන් වහන්සේ: “මහණෙනි, ඒ බමුණෙක් නොවේ. ඒ පාපී මාරයාය, තොපගේ නුවණ ඇස් වසාලන්නට ආයේය” යි වදාළසේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ සලකා එවේලෙහි මේ ගාථාව වදාළසේක.
“යමෙක් දුක පස්කම් සැපක් මුල්කොට පවතීයයි දිටීද, ඒ සත්ත්වතෙම ඒ කම්සැප කෙරෙහි කෙසේනම් නැමිය හැක්කේද? කම්සැප ලොව සතුන් ලැගෙනා දේයයි දැන සත්ත්වතෙම එයම දුරලනු පිණිස හික්මෙන්නේය.”
|
2. සමිද්ධිසුත්තං | 2. සමිද්ධි සූත්‍රය |
158
එකං
අථ ඛො ආයස්මා සමිද්ධි යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො
‘‘නෙසා, සමිද්ධි, පථවී උන්ද්රීයති. මාරො එසො පාපිමා තුය්හං විචක්ඛුකම්මාය ආගතො. ගච්ඡ ත්වං, සමිද්ධි, තත්ථෙව අප්පමත්තො ආතාපී පහිතත්තො විහරාහී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා සමිද්ධි භගවතො පටිස්සුත්වා
‘‘සද්ධායාහං පබ්බජිතො, අගාරස්මා අනගාරියං;
සති පඤ්ඤා ච මෙ බුද්ධා, චිත්තඤ්ච සුසමාහිතං;
කාමං කරස්සු රූපානි, නෙව මං බ්යාධයිස්සසී’’ති.
අථ ඛො මාරො පාපිමා ‘‘ජානාති මං සමිද්ධි භික්ඛූ’’ති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
|
158
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි සීලාවතියෙහි වැඩවසනසේක.
එකල වනාහි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි නොපමාව, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවන් අතට මෙහෙයූ සිතැතිව වෙසෙති.
එකල වනාහි තනිව විවේකයෙන් හුන් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන්ට ‘යම් බඳුවූ මාගේ ශාස්තෲන්වහන්සේ අර්හත් සම්‍යක් සම්බුද්ධද, ඉන් මට වූයේ ඒකාන්කයෙන් මහත් ලාභයෙක. මා ආත්මභාවය හොඳාකාර ලදුයේය. යම්බඳු මම් හොඳාකාර දෙසූ දහම් විනයෙහි (සස්නෙහි) පැවිදි වීම්ද, ඒ මට වූයේ මහත් ලාභයෙක. ඒ මා විසින් ආත්මභාවය මැනවින් ලදුයේවන. යම්බඳු මගේ සබ්රහ්මචාර්ය්යවරු සිල්වත් වෙත්ද, මනා ස්වභාව ඇතියෝ වෙත්ද, ඒ මට වූයේ මහත් ලාභයෙක. ඒ මා ආත්මභාවය මැනවින් ලදුයේය’ යි මෙසේ සිතෙහි කල්පනාවෙක් උපන.
එකල පාපී මාරයා, කම සිතින් ආයුෂ්මත් සමිද්ධි තෙරණුන්ගේ සිත දැන, සමිද්ධි ආයුෂ්මතුන් යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, සමිද්ධි ආයුෂ්මතුන්ට නොදුරෙහි පොළොව පැළී යන කලෙක සෙයින් බිය උපදවන මහත් භයානක හඬක් කෙළේය.
ඉක්බිති ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්හ. එසේ එක් පසෙක හුන් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, මම මෙහි භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි නොපමාව, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවන් අතට මෙහෙයූ සිතැතිව, විසීමි තනිව විවේකයෙන් හුන් ඒ මට යම්බඳුවූ මාගේ ශාස්තෲන්වහන්සේ අර්හත් සම්‍යක් සම්බුද්ධද, ඉන් මට වූයේ මහත් ලාභයෙකි. යම්බඳුවූ මම් යහපත්කොට දෙසූ ධර්ම විනයෙහි පැවිදි වීම්ද, එයින් මට වූයේ මහත් ලාභයෙකි. මාගේ බ්රහ්මචාර්ය්යවරු සිල්වත් වෙති, ගුණවත් වෙති, ඉන් මට වූයේ මහත් ලාභයෙක. මෙසේ කල්පනාවෙක් උපන. ස්වාමීනි, ඒ මා නොදුරෙහි පොළොව පැළී යන්නා බඳුවූ බිය උපදවන මහත් භයංකාර මහ හඬෙක් විය” යි,
එවිට භාග්‍යවතුන් වහන්සේ: “සමිද්ධිය, ඒ පොළොව පැළීගියා නොවේ. ඒ පාපී මාරයා තොපගේ නුවණ ඇස අඳුරු කරන්නට ආයේය. සමිද්ධියෙනි, තෙපි යව්. එහිම, නොපමාව, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවන් කරා මෙහෙයූ සිතැතිව වසවු” යයි වදාළසේක.
“එසේය, ස්වාමීනි,” යි කියා ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට උත්තර දී හුන් අස්නෙන් නැගී සිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණුකොට නික්මියේය.
දෙවෙනිවරද ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ එහිම, නොපමාවම, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවන් කරා යොමුකළ සිතැතිව විසූහ. දෙවෙනිවරද තනිව ආයුෂ්මත් සමිද්ධි තෙරුන්හට ‘යම් බඳුවූ මාගේ ශාස්තෲන්වහන්සේ අර්හත් සම්‍යක් සම්බුද්ධද, ඉන් මට වූයේ මහත් ලාභයෙකි. යම්බඳුවූ මම යහපත්කොට දෙසූ ධර්ම විනයෙහි පැවිදි වීම්ද, එයින් මට වූයේ මහත් ලාභයකි. මාගේ සබ්රහ්මචාර්ය්යවරු සිල්වත් වෙති. ගුණවත් වෙති, ඉන් මට වූයේ ලාභයෙක. මා විසින් ආත්මභාවය මැනවින් ලද්යේය’ යි මේ කල්පනාව සිතෙහි පහළවිය. දෙවෙනිවරද පාපී මාරතෙම, ආයුෂ්මත් සමිද්ධි තෙරණුන්ගේ සිතෙහි කල්පනාව කම සිතින් දැන, සමිද්ධි ආයුෂ්මතුන් යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ පොළොව පැළී යන කලෙක සෙයින් බිය උපදවන මහ භයංකාර හඬක් කෙළේය.
එවිට ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ ‘මේ පාපී මාරයා’ යි දැන, පාපී මාරයාට ගාථායෙන් මෙසේ කීය:
“මම ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම පැවිදිවූයෙම්. ඒ මගේ සිහියත් ප්‍රඥාවත් වැඩුණහ. මගේ සිත මැනවින් පිහිටුවන ලද්දේ වේ. තට කැමැතිසේ බිහිසුණුදේ කරව. එහෙත් තෝ මා නොසොලවන්නෙහි.”
එවිට පවිටු මරතෙම ‘සමිද්ධි මහණතෙම මා දනීය’ යි දුක් ඇතිව, දොම්නස් ඇතිව, එහිම අතුරුදන්විය.
|
3. ගොධිකසුත්තං | 3. ගෝධික සූත්‍රය |
159
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ගොධිකො ඉසිගිලිපස්සෙ විහරති කාළසිලායං. අථ ඛො ආයස්මා ගොධිකො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො සාමයිකං චෙතොවිමුත්තිං ඵුසි. අථ ඛො ආයස්මා ගොධිකො තම්හා සාමයිකාය චෙතොවිමුත්තියා පරිහායි
අථ ඛො ආයස්මතො ගොධිකස්ස එතදහොසි - ‘‘යාව ඡට්ඨං ඛ්වාහං සාමයිකාය චෙතොවිමුත්තියා පරිහීනො. යංනූනාහං සත්ථං ආහරෙය්ය’’න්ති. අථ ඛො මාරො පාපිමා ආයස්මතො ගොධිකස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං ගාථාහි අජ්ඣභාසි -
‘‘මහාවීර මහාපඤ්ඤ, ඉද්ධියා යසසා ජල;
සබ්බවෙරභයාතීත, පාදෙ වන්දාමි චක්ඛුම.
‘‘සාවකො තෙ මහාවීර, මරණං මරණාභිභූ;
ආකඞ්ඛති චෙතයති, තං නිසෙධ ජුතින්ධර.
‘‘කථඤ්හි භගවා තුය්හං, සාවකො සාසනෙ රතො;
අප්පත්තමානසො සෙක්ඛො, කාලං කයිරා ජනෙසුතා’’ති.
තෙන ඛො පන සමයෙන ආයස්මතො ගොධිකෙන සත්ථං ආහරිතං හොති. අථ ඛො භගවා ‘‘මාරො අයං පාපිමා’’ ඉති විදිත්වා මාරං
‘‘එවඤ්හි
සමූලං තණ්හමබ්බුය්හ, ගොධිකො පරිනිබ්බුතො’’ති.
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘ආයාම, භික්ඛවෙ, යෙන ඉසිගිලිපස්සං කාළසිලා තෙනුපසඞ්කමිස්සාම යත්ථ ගොධිකෙන කුලපුත්තෙන සත්ථං ආහරිත’’න්ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං.
අථ ඛො භගවා සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං යෙන ඉසිගිලිපස්සං කාළසිලා තෙනුපසඞ්කමි. අද්දසා ඛො භගවා ආයස්මන්තං ගොධිකං දූරතොව මඤ්චකෙ විවත්තක්ඛන්ධං සෙමානං
(සෙය්යමානං (ස්‍යා. කං.), සොප්පමානං (ක.)). තෙන
අථ
‘‘උද්ධං අධො ච තිරියං, දිසා අනුදිසා ස්වහං;
අන්වෙසං නාධිගච්ඡාමි, ගොධිකො සො කුහිං ගතො’’ති.
‘‘යො
(සො (සී. පී.)) ධීරො ධිතිසම්පන්නො, ඣායී ඣානරතො සදා;
අහොරත්තං අනුයුඤ්ජං, ජීවිතං අනිකාමයං.
‘‘ජෙත්වාන
සමූලං තණ්හමබ්බුය්හ, ගොධිකො පරිනිබ්බුතො’’ති.
‘‘තස්ස සොකපරෙතස්ස, වීණා කච්ඡා අභස්සථ;
තතො සො දුම්මනො යක්ඛො, තත්ථෙවන්තරධායථා’’ති
(තත්ථෙවන්තරධායිථාති (ස්‍යා. කං.), තත්ථෙව අන්තරධායීති (ක.)).
|
159
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසළ කලන්දකනිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසනසේක.
එකල්හි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඉසිගිලි කන්ද පැත්තක කළුගලෙහි වෙසෙති.
එකල ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවන් කරා මෙහෙයූ සිතැතිව, වසනුවෝ ලෞකික ධ්‍යාන ලැබූහ. ඉක්බිති ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික ධ්‍යානයෙන් ලත් චිත්ත විමුක්තියෙන් පිරිහුණහ.
දෙවෙනිවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවන් කරා මෙහෙයූ සිතැතිව, වසනුවෝ ලෞකික ධ්‍යාන ලැබූහ. දෙවෙනිවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික ධ්‍යානයෙන් ලත් චිත්ත විමුක්තියෙන් පිරිහුණහ.
තුන්වෙනිවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවන් කරා මෙහෙයූ සිතැතිව, වසනුවෝ ලෞකික ධ්‍යාන ලැබූහ. තුන්වෙනිවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික ධ්‍යානයෙන් ලත් චිත්ත විමුක්තියෙන් පිරිහුණහ.
සතරවනවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවන් කරා මෙහෙයූ සිතැතිව, වසනුවෝ ලෞකික ධ්‍යාන ලැබූහ. සතරවනවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික ධ්‍යානයෙන් ලත් චිත්ත විමුක්තියෙන් පිරිහුණහ.
පස්වනවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවන් කරා මෙහෙයූ සිතැතිව, වසනුවෝ ලෞකික ධ්‍යාන ලැබූහ. පස්වනවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික ධ්‍යානයෙන් ලත් චිත්ත විමුක්තියෙන් පිරිහුණහ.
හයවනවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවන් කරා මෙහෙයූ සිතැතිව, වසනුවෝ ලෞකික ධ්‍යාන ලැබූහ. හයවනවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික ධ්‍යානයෙන් පිරිහුණහ.
සත්වනවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවන් කරා මෙහෙයූ සිතැතිව, වසනුවෝ ලෞකික ධ්‍යාන ලදහ.
ඉක්බිති ආයුෂ්මත් ගෝධික තෙරුන්හට මේ සිතවිය. ‘සත්වනවර දක්වාම මම ලෞකික ධ්‍යානයෙන් පිරිහිණිමි. ආයුධයෙන් දිවි නසාගන්නෙම් නම් යෙහෙක.’
ඉක්බිති පවිටු මරතෙම ආයුෂ්මත් ගෝධික තෙරුන්ගේ සිත තම සිතින් දැන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, ගාථායෙන් මෙසේ කීයේය:
“මහා වීරයෙනි, මහ පැණැතියෙනි, ඎද්ධියෙන්, යසසින් දිලෙන තැතැත්තෙනි, හැම වෛර හා බිය ඉක්මවූවෙනි, පසැස් ඇතියෙනි, මම ඔබ දෙපා වඳිමි.
“මහා වීරයාණනි, මාරයා මැඩලූ තැනැත්තෙනි, ඔබේ ශ්‍රාවකයෙක් මැරෙනු කැමැති වෙයි, මැරෙන්න සිතයි. මහ තෙදැතියෙනි, එය වළක්වනු මැනවි.
“ජනයා අතර ප්‍රකට වූ භාග්‍යවතුන් වහන්ස, සස්නෙහි ඇලුණු රහත් බව නොලත්, තවම සිල් ආදිය පුරා නොනිමි, ඔබ ශ්‍රාවකයෙක් කෙසේ නම් මැරෙන්නේද?’
එකල වනාහි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ආයුධයක් ගෙන උගුරුදණ්ඩ සිඳගත්තේය.
එවිටම භාග්‍යවතුන් වහන්සේ ‘මේ පාපී මරුය’ යි දැන, ගාථායෙන් මෙසේ වදාළසේක:
“නුවණැතියෝ එසේම කෙරෙත්. දිවි නොබලත්. ගෝධික තෙරණුවෝ තෘෂ්ණාව සහමුලින් ඇද දමා පිරිනිවියහ.”
ඉක්බිති භාග්‍යවකුන් වහන්සේ භික්ෂූන්ට කථාකර, “මහණෙනි, එමු ඉසිගිලි කන්ද පැත්තක ගෝධික කුලපුතු ආයුධයකින් (උගුරුදන්ඩ) සිඳගත් තැනවූ තළුගල වෙත පැමිණෙන්නෙමු” යි වදාළසේක.
“එසේය, ස්වාමීනි” යි ඒ භික්ෂූහු භාග්‍යවකුන් වහන්සේට උත්තර දුන්හ.
ඉක්බිති භාග්‍යවකුන් වහන්සේ බොහෝ භික්ෂූන් හා ඉසිගිලිය පැත්තක කළුගල යම් තැනෙකද එතැනට පැමිණිසේක. භාග්‍යවකුන් වහන්සේ දුරදීම පෙරළුණු කඳ ඇතිව ඇඳෙහි හෝනා ආයුෂ්මත් ගෝධික තෙරුන් දුටුසේක.
එකල්හි වනාහි දුම් වලාවක් බඳු, අඳුරු වලාවක් බඳු, දෙයක් නැගෙණහිර දෙසටද යයි, බස්නාහිර දෙසටද යයි, උතුරු දෙසටද යයි, දකුණු දෙසටද යයි, උඩු අතටද යයි, යට දෙසටද යයි, අනු දිග්වලටද යයි.
එකල භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථාකර, “මහණෙනි, තෙපි ඔය නැගෙණහිර දෙසටද යන. බස්නාහිර දෙසටද යන, උතුරු දෙසටද යන, දකුණු දෙසටද යන, උඩ දෙසටද යන, යට අතටද යන, දුම් වලාවක් බඳු, අඳුරු වලාවක් බඳු, දෙය දක්නහු දැ?” යි ඇසූසේක. ‘එසේය, ස්වාමීනි,” යි (භික්ෂූහු උත්තරදුන්හ,)
මහණෙනි, ඒ පාපී මරුවාය. ඔහු ගෝධික කුලපුතුගේ (පුතිසන්ධි) විඥානය කොහි පිහිටියේදැයි සොය සොයා යයි. එහෙත් මහණෙනි, ගෝධික කුලපුතුගේ විඥානය කිසි තැනෙකත් නොපිහිටියේය. කිසි තැනෙක නොපිහිටි (පුතිසන්ධි) විඥානයෙන් ගෝධික කුලපුත්තෙම පිරිනිවියේය” යි වදාළසේක.
ඉක්බිති පාපී මාරතෙම බේපුවපණඩුවීණාව ගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ ගාථායෙන් (මෙසේ) කීය.
“මම උඩද යටද සරසද සිව්දිග හා අනුදිසාද සෙව්යෙම් (ඔහු) නොදක්මි. ඒ ගෝධිත කෙම කොහි ගියේද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) “දිරිමත්වූ ධ්‍යාන වඩන ගති ඇති, හැම විටම ධ්‍යානයෙහි ඇලුණු, දිවි නොතකමින් දිවා රෑ දෙක්හි භාවනාවෙහි යෙදුන ඒ ගෝධිකතෙම මරහුගේ සේනා බිඳ, නැවත ඉපදීමකට නොපැමිණ, තණ්හාව සහමුලින් උපුටාදමා පිරිනිවියේය.”
ශෝකයෙන් මැඩුණු ඒ මරහුගේ කිසිල්ලෙන් වීණාව ගිලිහුණේය. ඉක්බිති දුකටපත්වූ ඒ යක්තෙම එහිම අතුරුදන්විය.
|
4. සත්තවස්සානුබන්ධසුත්තං | 4. සත්තවස්ස සූත්‍රය |
160
එවං මෙ සුතං - එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ අජපාලනිග්රොධෙ. තෙන ඛො පන සමයෙන මාරො පාපිමා සත්තවස්සානි භගවන්තං අනුබන්ධො හොති ඔතාරාපෙක්ඛො ඔතාරං අලභමානො. අථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි -
‘‘සොකාවතිණ්ණො
විත්තං නු ජීනො උද පත්ථයානො;
ආගුං නු ගාමස්මිමකාසි කිඤ්චි,
කස්මා
සක්ඛී න සම්පජ්ජති කෙනචි තෙ’’ති.
‘‘සොකස්ස
අනාගු ඣායාමි අසොචමානො;
ඡෙත්වාන සබ්බං භවලොභජප්පං,
අනාසවො ඣායාමි පමත්තබන්ධූ’’ති.
‘‘යං වදන්ති මම යිදන්ති, යෙ වදන්ති මමන්ති ච;
එත්ථ චෙ තෙ මනො අත්ථි, න මෙ සමණ මොක්ඛසී’’ති.
‘‘යං
එවං පාපිම ජානාහි, න මෙ මග්ගම්පි දක්ඛසී’’ති.
‘‘සචෙ මග්ගං අනුබුද්ධං, ඛෙමං අමතගාමිනං;
අපෙහි ගච්ඡ ත්වමෙවෙකො, කිමඤ්ඤමනුසාසසී’’ති.
‘‘අමච්චුධෙය්යං පුච්ඡන්ති, යෙ ජනා පාරගාමිනො;
තෙසාහං පුට්ඨො අක්ඛාමි, යං සච්චං තං නිරූපධි’’න්ති.
‘‘සෙය්යථාපි, භන්තෙ, ගාමස්ස වා නිගමස්ස වා අවිදූරෙ පොක්ඛරණී. තත්රස්ස කක්කටකො. අථ ඛො, භන්තෙ, සම්බහුලා කුමාරකා වා කුමාරිකායො වා තම්හා ගාමා වා නිගමා වා නික්ඛමිත්වා යෙන සා පොක්ඛරණී තෙනුපසඞ්කමෙය්යුං; උපසඞ්කමිත්වා තං කක්කටකං උදකා උද්ධරිත්වා ථලෙ පතිට්ඨපෙය්යුං. යං යදෙව හි සො, භන්තෙ, කක්කටකො අළං අභිනින්නාමෙය්ය තං තදෙව තෙ කුමාරකා වා
‘‘මෙදවණ්ණඤ්ච පාසාණං, වායසො අනුපරියගා;
අපෙත්ථ මුදුං වින්දෙම, අපි අස්සාදනා සියා.
‘‘අලද්ධා
කාකොව සෙලමාසජ්ජ, නිබ්බිජ්ජාපෙම ගොතමා’’ති.
|
160
මා විසින් මෙසේ අසනලදී එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙහි නේරංජරා ගංතෙර අජපල් නුගරුක මුල වසනසේක.
එකල වනාහි පාපී මාරතෙම සිදුරක් දක්නා කැමැත්තේ, එහෙත් සිදුරක් දක්නට නොලබනුයේ, සත් වසක්ම භාග්‍යවතුන් වහන්සේ පසුපස ගියේ වෙයි.
ඉක්බිති පාපී මාරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ ගාථායෙන් (මෙසේ) කීය:
“ශෝකයට පැමිණ වනයෙහි සිතිවිලි සිතහිද? ධනය පැරදුණෙහිද? නැතහොත් ඒ පැරදුන දේ පතමින් ඉන්නෙහිද? නැතහොත් ගම ඇතුළත කිසි වරදක් කෙළෙහිද? කවර හෙයින් මහජනයා හා යහළු බවක් නොකෙරෙහිද? කිසිවකු හා ඔබේ යහළු බවෙක් ඇති නොවේද?”
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:)’පමාවන්නන්ගේ ඥාතියා ශෝකයේ සියලු මුල සාරා උදුරාදමා, නිවැරුදිව, ශෝක නොකෙරෙමින්, ධ්‍යානයෙහි යෙදී ඉඳිමි. භවලෝකයයි කියනලද සියලු තණ්හාව සිඳ දමා, ආශ්‍රව නැතියෙම්, ධ්‍යාන කෙරෙමි.”
(එවිට මාරයා මෙසේ කීය:) “මෙය මගේයයි යමක් ගැන කියත්නම්, මේ දේ මගේයයි යම් කෙනෙක් ගැන කියත්නම්, මෙ කී තන්හි ඒකාන්තයෙන් යුෂ්මත්හුගේ සිත බැඳී ඇත. (එබැවින්) මහණ, ඔබ මගෙන් නොමිදෙන්නෙහිය.”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) “යමක් ‘මගේය’ යි කියත් නම්, එය මගේ නොවේ. යම් කෙනෙක් කියත් නම්, මම් ඔවුන්ගෙන් එකෙකුත් නොවෙමි. පාපිය මෙසේ දනුව, මා ගිය මගවත් තෝ නොදක්නෙහිය.”
(මාරයා මෙසේ කීය:) “ඉදින් බියක් නැති, නිවනට යන මග අවබෝධ කෙළෙහි නම් ඉවත්වෙන්න, ඔබම තනිව යන්න. අන්හට කුමකට අනුශාසන කෙරෙහිද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) “පරතෙර යනු කැමැති (නිවන් යනු කැමැති) යම් කෙනෙක් ඇද්ද, ඔවුහු මරුට ඉඩක් නැති නිවන මා (අතින්) විචාරත්. ඔවුන් විසින් විචාරනුලැබූ මම්, යමක් සියලු කෙලෙස් රහිතනම්, ඒ නිවන ඔවුන්ට කියමි.”
(ඉක්බිති මාරතෙම මෙසේ කීයේය:) “ස්වාමීනි, ගමෙක හෝ නියම් ගමෙක හෝ නොදුරෙහි පොකුණෙක් ඇත්නම්, එහි කකුළුවෙක්ද ඉඳීනම්, නැවත බොහෝ දරුවෝ හෝ දැරියෝ හෝ ඒ ගමෙන් හෝ ඒ නියම්ගමෙන් හෝ නික්ම ඒ පොකුණ යම් තැනෙකද එතැනට පැමිණෙන්නාහුනම්, පැමිණ ඒ කකුළුවා යම්සේ දියෙන් ඔසවා ගොඩ තබන්නාහුද, එවිට ඒ කකුළුවා යම් යම් අඬුවක් ඉදිරියට යොමුකරන්නේනම්, ඒ දරුවෝ හෝ දැරියෝ ඒ ඒ අඬුවම ලීයෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ යම්සේ සිඳ දමන්නාහුද, යම්සේ කැබලි කැබලි කොට දමන්නාහුද, ස්වාමීනි, මෙසේ ඒ කකුළුවා කැඩුණු, බිඳුණු, කැබැලිවී ගිය අඬුවලින් යලිත් ඒ පොකුණට පෙරමෙන් බසින්නට යම්සේ නොහැකි වන්නේද, එසේම ස්වාමීනි, මා කළ යම් විරුද්ධ දේ ඇද්ද, යම් නුසුදුසු දේ ඇද්ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ විසින් සිඳින ලදය, බිඳින ලදය, සුණුවිසුණු කරන ලදය. ස්වාමීනි, සිව්රු සොයන අපේක්ෂා ඇතිව නැවත භාග්‍යවතුන් වහන්සේවෙත පැමිනෙන්නට දැන් මම් නොහැකියෙමි” යි කීයේය.
ඉක්බිති පාපී මාරතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ කලකිරුම හඟවන ගාථා කීය:
“කවුඩෙක් මේදතෙල් පාට ඇති ගලක් දැක, ‘මෙහි මොළොක්බව විඳගත හෙන්නමු නම් ඉතා යෙහෙකැ’ යි ‘රස විඳ ගැන්මක් වෙතොත් ඉතා යෙහෙකැ’ යි ඒ හාත්පස ගැවසෙන්නේය. එහෙත් කවුඩා එහි කිසිද රස විඳුමක් නොලැබ එයින් ඉවත්ව යන්නේය. ඒ ගල වෙත පැමිණ රස විඳ ගැන්මක් නොලැබ ඉවත්ව යන කවුඩාසේ කලකිරී ගෞතමයන් වහන්සේගෙන් අපිද ඉවත්ව යම්හ.’
ඉක්බිති පාපී මාරතෙම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ කලකිරුම හඟවන ගාථා කියා එතැනින් ඉවත්ව භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි බිම පළක් බැඳ නිහඬව, තෙද නැතිව, කරබාගෙන, බිම බලාගෙන, සිතිවිලි සිතමින්, කිසිත් වටහාගත නොහැකිවලී කැබෙල්ලකින් බිම ඉරි අඳිමින් හුන්නේය.
|
5. මාරධීතුසුත්තං | 5. මාරධීතු (නොහොත් ධීතරො) සූත්‍රය |
161
අථ
‘‘කෙනාසි දුම්මනො තාත, පුරිසං කං නු සොචසි;
මයං තං රාගපාසෙන, ආරඤ්ඤමිව කුඤ්ජරං;
බන්ධිත්වා ආනයිස්සාම, වසගො තෙ භවිස්සතී’’ති.
‘‘අරහං සුගතො ලොකෙ, න රාගෙන සුවානයො;
මාරධෙය්යං අතික්කන්තො, තස්මා සොචාමහං භුස’’න්ති.
අථ ඛො තණ්හා ච අරති ච රගා ච මාරධීතරො යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං එතදවොචුං - ‘‘පාදෙ තෙ, සමණ, පරිචාරෙමා’’ති. අථ ඛො භගවා න මනසාකාසි, යථා තං අනුත්තරෙ උපධිසඞ්ඛයෙ විමුත්තො.
අථ ඛො තණ්හා ච අරති ච රගා ච මාරධීතරො එකමන්තං අපක්කම්ම එවං සමචින්තෙසුං - ‘‘උච්චාවචා ඛො පුරිසානං අධිප්පායා. යංනූන මයං එකසතං එකසතං කුමාරිවණ්ණසතං අභිනිම්මිනෙය්යාමා’’ති. අථ
අථ ඛො තණ්හා ච අරති ච රගා ච මාරධීතරො එකමන්තං අපක්කම්ම එවං සමචින්තෙසුං - ‘‘උච්චාවචා ඛො පුරිසානං අධිප්පායා
අථ ඛො තණ්හා ච...පෙ.... යංනූන මයං එකසතං එකසතං සකිං විජාතවණ්ණසතං අභිනිම්මිනෙය්‍යාමාති. අථ ඛො තණ්හා ච...පෙ.... සකිං විජාතවණ්ණසතං අභිනිම්මිනිත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං එතදවොචුං - ‘‘පාදෙ තෙ, සමණ, පරිචාරෙමා’’ති. තම්පි භගවා න මනසාකාසි, යථා තං අනුත්තරෙ උපධිසඞ්ඛයෙ විමුත්තො.
අථ ඛො තණ්හා ච...පෙ.... යංනූන මයං එකසතං එකසතං දුවිජාතවණ්ණසතං අභිනිම්මිනෙය්‍යාමාති. අථ ඛො තණ්හා ච...පෙ.... දුවිජාතවණ්ණසතං අභිනිම්මිනිත්වා යෙන භගවා...පෙ.... යථා තං අනුත්තරෙ උපධිසඞ්ඛයෙ විමුත්තො. අථ ඛො තණ්හා ච...පෙ.... මජ්ඣිමිත්ථිවණ්ණසතං අභිනිම්මිනෙය්‍යාමාති. අථ ඛො තණ්හා ච...පෙ.... මජ්ඣිමිත්ථිවණ්ණසතං අභිනිම්මිනිත්වා...පෙ.... අනුත්තරෙ උපධිසඞ්ඛයෙ විමුත්තො.
අථ ඛො තණ්හා ච...පෙ.... මහිත්ථිවණ්ණසතං අභිනිම්මිනෙය්‍යාමාති
‘‘අරහං සුගතො ලොකෙ, න රාගෙන සුවානයො;
මාරධෙය්යං අතික්කන්තො, තස්මා සොචාමහං භුස’’න්ති.
‘‘යඤ්හි මයං සමණං වා බ්රාහ්මණං වා අවීතරාගං ඉමිනා උපක්කමෙන උපක්කමෙය්යාම හදයං වාස්ස ඵලෙය්ය, උණ්හං ලොහිතං වා මුඛතො උග්ගච්ඡෙය්ය, උම්මාදං
අථ
‘‘සොකාවතිණ්ණො නු වනම්හි ඣායසි,
විත්තං නු ජීනො උද පත්ථයානො;
ආගුං නු ගාමස්මිමකාසි කිඤ්චි,
කස්මා ජනෙන න කරොසි සක්ඛිං;
සක්ඛී න සම්පජ්ජති කෙනචි තෙ’’ති.
‘‘අත්ථස්ස
ජෙත්වාන සෙනං පියසාතරූපං;
එකොහං
(එකාහං (ස්‍යා. කං. පී. ක.)) ඣායං සුඛමනුබොධිං,
තස්මා ජනෙන න කරොමි සක්ඛිං;
සක්ඛී න සම්පජ්ජති කෙනචි මෙ’’ති.
අථ ඛො අරති
(අරති ච (ක.)) මාරධීතා භගවන්තං ගාථාය අජ්ඣභාසි -
‘‘කථං විහාරීබහුලොධ භික්ඛු,
පඤ්චොඝතිණ්ණො අතරීධ ඡට්ඨං;
කථං ඣායිං
(කථං ඣායං (ස්‍යා. කං. පී.), කථජ්ඣායං (ක.)) බහුලං කාමසඤ්ඤා,
පරිබාහිරා හොන්ති අලද්ධ යො ත’’න්ති.
‘‘පස්සද්ධකායො සුවිමුත්තචිත්තො,
අසඞ්ඛරානො සතිමා අනොකො;
අඤ්ඤාය
න කුප්පති න සරති න ථිනො
(න කුප්පතී නස්සරතී න ථීනො (සී.)).
‘‘එවංවිහාරීබහුලොධ භික්ඛු,
පඤ්චොඝතිණ්ණො අතරීධ ඡට්ඨං;
එවං ඣායිං බහුලං කාමසඤ්ඤා,
පරිබාහිරා හොන්ති අලද්ධ යො ත’’න්ති.
අථ
‘‘අච්ඡෙජ්ජ
අද්ධා චරිස්සන්ති
(තරිස්සන්ති (සී.)) බහූ ච සද්ධා;
බහුං වතායං ජනතං අනොකො,
අච්ඡෙජ්ජ නෙස්සති මච්චුරාජස්ස පාර’’න්ති.
‘‘නයන්ති වෙ මහාවීරා, සද්ධම්මෙන තථාගතා;
ධම්මෙන නයමානානං, කා උසූයා විජානත’’න්ති.
අථ ඛො තණ්හා ච අරති ච රගා ච මාරධීතරො යෙන මාරො පාපිමා තෙනුපසඞ්කමිංසු. අද්දසා ඛො මාරො පාපිමා තණ්හඤ්ච අරතිඤ්ච රගඤ්ච මාරධීතරො දූරතොව ආගච්ඡන්තියො. දිස්වාන ගාථාහි අජ්ඣභාසි -
‘‘බාලා කුමුදනාළෙහි, පබ්බතං අභිමත්ථථ
(අභිමන්ථථ (සී.));
ගිරිං නඛෙන ඛනථ, අයො දන්තෙහි ඛාදථ.
‘‘සෙලංව සිරසූහච්ච
(සිරසි ඌහච්ච (සී.), සිරසි ඔහච්ච (ස්‍යා. කං.)), පාතාලෙ ගාධමෙසථ;
ඛාණුංව උරසාසජ්ජ, නිබ්බිජ්ජාපෙථ ගොතමා’’ති.
‘‘දද්දල්ලමානා
තා තත්ථ පනුදී සත්ථා, තූලං භට්ඨංව මාලුතො’’ති.
|
161
මා විසින් මෙසේ අසනලදී එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙහි නේරංජරා ගංතෙර අජපල් නුගරුක මුල වසනසේක.
එකල්හි මරහුගේ දූ වූ, තණහාද, අරතිද, රගාද, යන තිදෙන පාපී මාරයා යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ පාපී මාරයාට ගාථායෙකින් (මෙසේ) කීය.
‘පියාණනි, කවර හෙයින් නොසතුටුයෙහිද? කවර කවර පුරුෂයෙකු නිසා ශෝකකෙරෙයිද? අපි ඔහු, වනෙහි ඉන්නා ඇතෙකු මෙන්, රාග මලපුඩුයෙන් බැඳ ගෙනෙන්නෙමු. ඔබට යටත් වන්නේය.
(ඔහු) “සුගතයෝ ලොව රහත් කෙනෙක. රාගයෙන් බැඳ ගෙනිය නොහැක්ක. මරහුගේ බල පවත්නා සීමාව ඉක්මවූ කෙනෙක. එබැවින් මම් බොහෝ සේ ශෝක කෙරෙමි” යි (මාරතෙම කීය.)
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට “ශ්‍රමණයාණනි, ඔබට පා මෙහෙවර කරමෝදැ?” යි කීහ. එවිට භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙස් ක්ෂයයෙහි මිදුනුසේක්ද, එහෙයින්ම ඔවුන්ගේ වචනය සිතට නොගත්සේක.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු එක් පැත්තකට ඉවත්වගොස් “පිරිමින්ගේ අදහස් නොඑක් සැටිය. අප එකි එකිය එක් සියක් එක් සියක් කුමරියන්ගේ වෙස් මවා ගතහොත් ඉතා යහපත්” යි නිශ්චය කර ගත්හ.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු එකි එකිය එක් සියක් එක් සියක් කුමරි වෙස් සියයක් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ: “ශ.්රමණයාණනි, ඔබේ පා මෙහෙවර කරම්හ” යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්‍යවතුන් වහන්සේ සිතට නොගත්සේක.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු මෙසේ නිශ්චය කර ගත්හ. “පිරිමින්ගේ අදහස් නානාවිධය. අප දරුවන් නොවැදූ අඹුවන් සියදෙනෙකුන්සේ එකි එකියක සියය සියය බැගින් මවා ගතහොත් ඉතා යහපති” යි නිශ්චය කර ගත්හ.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු එකි එකියක නොවැදූ අඹුවන් සියයක බැගින් වෙස් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ ‘මහණ, ඔබට පා මෙහෙවර කරම්හ” යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්‍යවතුන් වහන්සේ සිතට නොගත්සේක.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු එක් වරක් වැදූ ස්ත්රීන්ගේ වෙස් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ ‘මහණ, ඔබට පා මෙහෙවර කරම්හ” යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්‍යවතුන් වහන්සේ සිතට නොගත්සේක.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු දෙවරක් වැදූ ස්ත්රීන්ගේ වෙස් සියය බැගින් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ ‘මහණ, ඔබට පා මෙහෙවර කරම්හ” යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්‍යවතුන් වහන්සේ සිතට නොගත්සේක.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු මැදුම් වයස් පත් ස්ත්රීන්ගේ වෙස් සියය බැගින් මවාගෙන, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ ‘මහණ, ඔබට පා මෙහෙවර කරම්හ” යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්‍යවතුන් වහන්සේ සිතට නොගත්සේක.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු වයසින් බොහෝ වැඩුනු ස්ත්‍රීන් සිය දෙනෙකුන්ගේ වෙස් මවාගෙන, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ ‘මහණ, ඔබට පා මෙහෙවර කරම්හ” යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්‍යවතුන් වහන්සේ සිතට නොගත්සේක.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු පසෙක ඉවත්ව සිට, ‘අප පියා කීයේ ඇත්තක්මය. (එනම්)
“සුගතයෝ ලොව රහත් කෙනෙක. රාගයෙන් බැඳ ගෙනිය නොහැක්ක. මරහුගේ බල පැවති පෙදෙස ඉක්මවාලූ කෙනෙක. එබැවින් මම් බොහෝ සේ ශෝක කෙරෙමි” යි.
“අපි රාගය පහ නොකළ මොනම මහණකු කරා හෝ බමුණකු කරා හෝ මේ උපක්‍රමයෙන් එඵඹුණමෝ නම් ඔහුගේ ළය හෝ පැලෙන්නේය, උණු ලේ හෝ ඔහුගේ කටින් පිටවන්නේය, උමතු බවට හෝ පැමිණෙන්නේය. සිත් කැලඹුමට හෝ පැමිණෙන්නේය. සිඳිනු ලැබූ යම් නිල් බටගසක් යම් සේ වියලෙන්නේද, වෙසෙසින් වියලෙන්නේද, මැලවෙන්නේද, එසේම හෙතෙම වියලෙන්නේය, වෙසෙසින් වියලෙන්නේය, මැලවෙන්නේය” යි කීහ.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ පසෙක සිටියහ.
පසෙක සිටි තණ්හා මාරදූ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීවාය:
“ශෝකයට පැමිණ, වෙනෙහි සිතිවිලි සිත සිතා ඉන්නෙහිද? වස්තුවක් පැරදුණෙහිද? නැතහොත් වස්තුවක් පතමින් ඉන්නෙහිද? ගමෙහි යම් අපරාධයක් හෝ කෙළෙහිද? මහජනයා හා කවර හෙයින් යහළුකම් නොකෙරෙහිද? කිසිවකු හා ඔබේ යහළුබවෙක් ඇති නොවේද?”
එවිට භාග්‍යවතුන් වහන්සේ: “මම් ප්‍රියවූ, මිහිරි ස්වභාවය ඇති, කෙලෙස් සෙනඟ පරදවා, තනිව ධ්‍යාන කිරීමෙන් අභිමතාර්ථය ලැබගැන්ම වූ, ළය නිවීම වූ, රහත්ඵලය අවබෝධ කෙළෙමි. එබැවින් ජනයා හා යහඑකම් නොකරමි. කිසිවකු හා මගේ යහඑකමෙක් නැත්තේය” යි වදාළ සේක.
ඉක්බිති අරති මාරදූතොම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීවාය.
“මෙහි කවර විහරණයක් බහුලකොට ඇති මහණතෙම පඤ්චවාරික (කෙළෙස්) මහවතුර තරණය කෙළේද? මෙලොව සයවැනි (මනෝවාරික කෙලෙස්) මහවතුරත් එතර කෙළේද? කාමසංඥාවෝ බොහෝ සෙයින් කෙසේ ධ්‍යාන කරන ඔහු නොලැබ මුඑමනින් බැහැර වෙත්ද? “
(එවිට භාග්‍යවතුන් වහන්සේ :) “සන්සුන් කය ඇති, මොනවට මිදුණු සිතැති, කර්ම රැස් නොකරන, සිහියෙන් යුක්තවූ කාමාදී ආලය නැති රහත්තෙම චතුස්සත්යධර්මය දැන, විතර්ක රහිත ධ්‍යාන ඇක්තේ නොකිපෙයි, නොම සිහිකෙරෙයි, නොම හැකුඑනේද වෙයි.’
“එසේ බහුල විහරණ ඇති මහණතෙම මෙහි තරණය කළ පඤචවාරික (කෙලෙස්) ඇතියේ, සයවැනි (මනෝවාරික කෙලෙස්) මහ වතුරත් තරණය කෙළේය. කාම සංඥාවෝ මෙසේ බහුල විහරණ ඇති, ධ්‍යාන කරන ඔහු නොලැබ, මුළුමනින් ඔහුගෙන් බැහැරවෙත්ය” යි වදාළසේක.
එවිට රගා නම් මරදූ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීවාය:
“ගණයා කෙරෙහිත්, සමූහයා කෙරෙහිත් හැසිරන මෙතෙම තෘෂ්ණාව සින්දේය. බොහෝ සත්ත්වයෝද ඒකාන්තයෙන් මොහු ගිය මගින් යන්නාහ. ආලය නැති මෙතෙම බොහෝ ජන සමූහයක් මාර රාජයාගෙන් පැහැරගෙන පරතෙරට (නිවනට) පමුණුවන්නේය.”
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “මහාවීරවූ කථාගතවරු සද්ධර්මයෙන් සත්ත්වයන් එතෙරට (නිවනට) පමුණුවත්මය. නුවණැතියන් ධර්මයෙන් සත්ත්වයන් එතෙර පමුණුවනකල්හි එයට කවර ඊර්ෂ්යාවෙක්ද?”
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු පාපී මාරයා යම් තැනෙකද එතැනට පැමිණියහ.
පාපී මාරයා, එන තණහාද, අරතිද, රගාද, යන මාරදූන් දුරදීම දිටී. දැක මෙසේ ගාථාවලින් කීය:
“අනුවණයිනි, නෙළුම් දඬුයෙන් කන්දක් පළන්නට සිතවුද? නියෙන් පර්වතයක් සාරන්නහුද? දතින් යකඩ විකන්නහුද?
“හිස මතුයෙහි මහ ගලක් තබාගෙන ගැඹුරෙහි පය ගසන්නට තැනක් සොයවුද? ළයෙහි උලක් වැදුණු සෙයින් කලකිරී ගෞතමයන් පසුව එවුද?
(සංගායනා කළ තෙරහු මෙසේ කීහ:) තණ්හාද, අරතිද, රගාද යන මාර දූහු දිලිහි දිලිහී බුදුරජුන් වෙත ආහ. එහෙත් සුළඟ පුළුන්පෙදක් ඉවතලූවා සේ ශාස්තෲන් වහන්සේ එහිදී ඒ මර දූන් දුරුකළ සේක.
|