ත්‍රිපිටකය
4. මාරසංයුත්තං 4. මාර සංයුත්තය
1. පඨමවග්ගො 1. පළමු (ආයු) වග
1. තපොකම්මසුත්තං 1. තපොකම්ම සූත්‍රය
2. හත්ථිරාජවණ්ණසුත්තං 2. නාග සූත්‍රය
3. සුභසුත්තං 3. සුභ සූත්‍රය
4. පඨමමාරපාසසුත්තං 4. (පළමුවන) පාස සූත්‍රය
5. දුතියමාරපාසසුත්තං 5. (දෙවෙනි) පාස සූත්‍රය
6. සප්පසුත්තං 6. සප්ප සූත්‍රය
7. සුපතිසුත්තං 7. සුප්පති සූත්‍රය
8. නන්දතිසුත්තං 8. නන්‍දන සූත්‍රය
9. පඨමආයුසුත්තං 9. (පළමුවන) ආයු සූත්‍රය
10. දුතියආයුසුත්තං 10. (දෙවෙනි) ආයු සූත්‍රය
2. දුතියවග්ගො 2. දෙවෙනි (රජ්ජ) වර්‍ගය
1. පාසාණසුත්තං 1. පාසාන සූත්‍රය
2. කින්නුසීහසුත්තං 2. සීහ සූත්‍රය
3. සකලිකසුත්තං 3. සකලික සූත්‍රය
4. පතිරූපසුත්තං 4. පතිරූප සූත්‍රය
5. මානසසුත්තං 5. මානස සූත්‍රය
6. පත්තසුත්තං 6. පත්ත සූත්‍රය
7. ඡඵස්සායතනසුත්තං 7. ආයතන සූත්‍රය
8. පිණ්ඩසුත්තං 8. පිණ්ඩ සූත්‍රය
9. කස්සකසුත්තං 9. කස්සන සූත්‍රය
10. රජ්ජසුත්තං 10. රජ්ජ සූත්‍රය
3. තතියවග්ගො 3. තුන්වෙනි වර්‍ගය
1. සම්බහුලසුත්තං 1. සම්බහුල සූත්‍රය
2. සමිද්ධිසුත්තං 2. සමිද්ධි සූත්‍රය
3. ගොධිකසුත්තං 3. ගෝධික සූත්‍රය
4. සත්තවස්සානුබන්ධසුත්තං 4. සත්තවස්ස සූත්‍රය
5. මාරධීතුසුත්තං 5. මාරධීතු (නොහොත් ධීතරො) සූත්‍රය
161
අථ ඛො මාරො පාපිමා භගවතො සන්තිකෙ ඉමා නිබ්බෙජනීයා ගාථායො අභාසිත්වා තම්හා ඨානා අපක්කම්ම භගවතො අවිදූරෙ පථවියං පල්ලඞ්කෙන නිසීදි තුණ්හීභූතො මඞ්කුභූතො පත්තක්ඛන්ධො අධොමුඛො පජ්ඣායන්තො අප්පටිභානො කට්ඨෙන භූමිං විලිඛන්තො. අථ ඛො තණ්හා ච අරති ච රගා ච මාරධීතරො යෙන මාරො පාපිමා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා මාරං පාපිමන්තං ගාථාය අජ්ඣභාසිංසු -
‘‘කෙනාසි දුම්මනො තාත, පුරිසං කං නු සොචසි;
මයං තං රාගපාසෙන, ආරඤ්ඤමිව කුඤ්ජරං;
බන්ධිත්වා ආනයිස්සාම, වසගො තෙ භවිස්සතී’’ති.
‘‘අරහං සුගතො ලොකෙ, න රාගෙන සුවානයො;
මාරධෙය්‍යං අතික්කන්තො, තස්මා සොචාමහං භුස’’න්ති.
අථ ඛො තණ්හා ච අරති ච රගා ච මාරධීතරො යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං එතදවොචුං - ‘‘පාදෙ තෙ, සමණ, පරිචාරෙමා’’ති. අථ ඛො භගවා න මනසාකාසි, යථා තං අනුත්තරෙ උපධිසඞ්ඛයෙ විමුත්තො.
අථ ඛො තණ්හා ච අරති ච රගා ච මාරධීතරො එකමන්තං අපක්කම්ම එවං සමචින්තෙසුං - ‘‘උච්චාවචා ඛො පුරිසානං අධිප්පායා. යංනූන මයං එකසතං එකසතං කුමාරිවණ්ණසතං අභිනිම්මිනෙය්‍යාමා’’ති. අථ ඛො තණ්හා ච අරති ච රගා ච මාරධීතරො එකසතං එකසතං කුමාරිවණ්ණසතං අභිනිම්මිනිත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං එතදවොචුං - ‘‘පාදෙ තෙ, සමණ, පරිචාරෙමා’’ති. තම්පි භගවා න මනසාකාසි, යථා තං අනුත්තරෙ උපධිසඞ්ඛයෙ විමුත්තො.
අථ ඛො තණ්හා ච අරති ච රගා ච මාරධීතරො එකමන්තං අපක්කම්ම එවං සමචින්තෙසුං - ‘‘උච්චාවචා ඛො පුරිසානං අධිප්පායා . යංනූන මයං එකසතං එකසතං අවිජාතවණ්ණසතං අභිනිම්මිනෙය්‍යාමා’’ති. අථ ඛො තණ්හා ච අරති ච රගා ච මාරධීතරො එකසතං එකසතං අවිජාතවණ්ණසතං අභිනිම්මිනිත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං එතදවොචුං - ‘‘පාදෙ තෙ, සමණ, පරිචාරෙමා’’ති. තම්පි භගවා න මනසාකාසි, යථා තං අනුත්තරෙ උපධිසඞ්ඛයෙ විමුත්තො.
අථ ඛො තණ්හා ච...පෙ.... යංනූන මයං එකසතං එකසතං සකිං විජාතවණ්ණසතං අභිනිම්මිනෙය්‍යාමාති. අථ ඛො තණ්හා ච...පෙ.... සකිං විජාතවණ්ණසතං අභිනිම්මිනිත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං එතදවොචුං - ‘‘පාදෙ තෙ, සමණ, පරිචාරෙමා’’ති. තම්පි භගවා න මනසාකාසි, යථා තං අනුත්තරෙ උපධිසඞ්ඛයෙ විමුත්තො.
අථ ඛො තණ්හා ච...පෙ.... යංනූන මයං එකසතං එකසතං දුවිජාතවණ්ණසතං අභිනිම්මිනෙය්‍යාමාති. අථ ඛො තණ්හා ච...පෙ.... දුවිජාතවණ්ණසතං අභිනිම්මිනිත්වා යෙන භගවා...පෙ.... යථා තං අනුත්තරෙ උපධිසඞ්ඛයෙ විමුත්තො. අථ ඛො තණ්හා ච...පෙ.... මජ්ඣිමිත්ථිවණ්ණසතං අභිනිම්මිනෙය්‍යාමාති. අථ ඛො තණ්හා ච...පෙ.... මජ්ඣිමිත්ථිවණ්ණසතං අභිනිම්මිනිත්වා...පෙ.... අනුත්තරෙ උපධිසඞ්ඛයෙ විමුත්තො.
අථ ඛො තණ්හා ච...පෙ.... මහිත්ථිවණ්ණසතං අභිනිම්මිනෙය්‍යාමාති . අථ ඛො තණ්හා ච...පෙ.... මහිත්ථිවණ්ණසතං අභිනිම්මිනිත්වා යෙන භගවා...පෙ.... අනුත්තරෙ උපධිසඞ්ඛයෙ විමුත්තො. අථ ඛො තණ්හා ච අරති ච රගා ච මාරධීතරො එකමන්තං අපක්කම්ම එතදවොචුං - සච්චං කිර නො පිතා අවොච -
‘‘අරහං සුගතො ලොකෙ, න රාගෙන සුවානයො;
මාරධෙය්‍යං අතික්කන්තො, තස්මා සොචාමහං භුස’’න්ති.
‘‘යඤ්හි මයං සමණං වා බ්‍රාහ්මණං වා අවීතරාගං ඉමිනා උපක්කමෙන උපක්කමෙය්‍යාම හදයං වාස්ස ඵලෙය්‍ය, උණ්හං ලොහිතං වා මුඛතො උග්ගච්ඡෙය්‍ය, උම්මාදං වා පාපුණෙය්‍ය චිත්තක්ඛෙපං වා. සෙය්‍යථා වා පන නළො හරිතො ලුතො උස්සුස්සති විසුස්සති මිලායති; එවමෙව උස්සුස්සෙය්‍ය විසුස්සෙය්‍ය මිලායෙය්‍යා’’ති.
අථ ඛො තණ්හා ච අරති ච රගා ච මාරධීතරො යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො තණ්හා මාරධීතා භගවන්තං ගාථාය අජ්ඣභාසි -
‘‘සොකාවතිණ්ණො නු වනම්හි ඣායසි,
විත්තං නු ජීනො උද පත්ථයානො;
ආගුං නු ගාමස්මිමකාසි කිඤ්චි,
කස්මා ජනෙන න කරොසි සක්ඛිං;
සක්ඛී න සම්පජ්ජති කෙනචි තෙ’’ති.
‘‘අත්ථස්ස පත්තිං හදයස්ස සන්තිං,
ජෙත්වාන සෙනං පියසාතරූපං;
එකොහං (එකාහං (ස්‍යා. කං. පී. ක.)) ඣායං සුඛමනුබොධිං,
තස්මා ජනෙන න කරොමි සක්ඛිං;
සක්ඛී න සම්පජ්ජති කෙනචි මෙ’’ති.
අථ ඛො අරති (අරති ච (ක.)) මාරධීතා භගවන්තං ගාථාය අජ්ඣභාසි -
‘‘කථං විහාරීබහුලොධ භික්ඛු,
පඤ්චොඝතිණ්ණො අතරීධ ඡට්ඨං;
කථං ඣායිං (කථං ඣායං (ස්‍යා. කං. පී.), කථජ්ඣායං (ක.)) බහුලං කාමසඤ්ඤා,
පරිබාහිරා හොන්ති අලද්ධ යො ත’’න්ති.
‘‘පස්සද්ධකායො සුවිමුත්තචිත්තො,
අසඞ්ඛරානො සතිමා අනොකො;
අඤ්ඤාය ධම්මං අවිතක්කඣායී,
න කුප්පති න සරති න ථිනො (න කුප්පතී නස්සරතී න ථීනො (සී.)).
‘‘එවංවිහාරීබහුලොධ භික්ඛු,
පඤ්චොඝතිණ්ණො අතරීධ ඡට්ඨං;
එවං ඣායිං බහුලං කාමසඤ්ඤා,
පරිබාහිරා හොන්ති අලද්ධ යො ත’’න්ති.
අථ ඛො රගා (රගාච (ක.)) මාරධීතා භගවතො සන්තිකෙ ගාථාය අජ්ඣභාසි -
‘‘අච්ඡෙජ්ජ තණ්හං ගණසඞ්ඝචාරී,
අද්ධා චරිස්සන්ති (තරිස්සන්ති (සී.)) බහූ ච සද්ධා;
බහුං වතායං ජනතං අනොකො,
අච්ඡෙජ්ජ නෙස්සති මච්චුරාජස්ස පාර’’න්ති.
‘‘නයන්ති වෙ මහාවීරා, සද්ධම්මෙන තථාගතා;
ධම්මෙන නයමානානං, කා උසූයා විජානත’’න්ති.
අථ ඛො තණ්හා ච අරති ච රගා ච මාරධීතරො යෙන මාරො පාපිමා තෙනුපසඞ්කමිංසු. අද්දසා ඛො මාරො පාපිමා තණ්හඤ්ච අරතිඤ්ච රගඤ්ච මාරධීතරො දූරතොව ආගච්ඡන්තියො. දිස්වාන ගාථාහි අජ්ඣභාසි -
‘‘බාලා කුමුදනාළෙහි, පබ්බතං අභිමත්ථථ (අභිමන්ථථ (සී.));
ගිරිං නඛෙන ඛනථ, අයො දන්තෙහි ඛාදථ.
‘‘සෙලංව සිරසූහච්ච (සිරසි ඌහච්ච (සී.), සිරසි ඔහච්ච (ස්‍යා. කං.)), පාතාලෙ ගාධමෙසථ;
ඛාණුංව උරසාසජ්ජ, නිබ්බිජ්ජාපෙථ ගොතමා’’ති.
‘‘දද්දල්ලමානා ආගඤ්ඡුං, තණ්හා ච අරතී රගා;
තා තත්ථ පනුදී සත්ථා, තූලං භට්ඨංව මාලුතො’’ති.
161
මා විසින් මෙසේ අසනලදී එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙහි නේරංජරා ගංතෙර අජපල් නුගරුක මුල වසනසේක.
එකල්හි මරහුගේ දූ වූ, තණහාද, අරතිද, රගාද, යන තිදෙන පාපී මාරයා යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ පාපී මාරයාට ගාථායෙකින් (මෙසේ) කීය.
‘පියාණනි, කවර හෙයින් නොසතුටුයෙහිද? කවර කවර පුරුෂයෙකු නිසා ශෝකකෙරෙයිද? අපි ඔහු, වනෙහි ඉන්නා ඇතෙකු මෙන්, රාග මලපුඩුයෙන් බැඳ ගෙනෙන්නෙමු. ඔබට යටත් වන්නේය.
(ඔහු) “සුගතයෝ ලොව රහත් කෙනෙක. රාගයෙන් බැඳ ගෙනිය නොහැක්ක. මරහුගේ බල පවත්නා සීමාව ඉක්මවූ කෙනෙක. එබැවින් මම් බොහෝ සේ ශෝක කෙරෙමි” යි (මාරතෙම කීය.)
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට “ශ්‍රමණයාණනි, ඔබට පා මෙහෙවර කරමෝදැ?” යි කීහ. එවිට භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙස් ක්‍ෂයයෙහි මිදුනුසේක්ද, එහෙයින්ම ඔවුන්ගේ වචනය සිතට නොගත්සේක.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු එක් පැත්තකට ඉවත්වගොස් “පිරිමින්ගේ අදහස් නොඑක් සැටිය. අප එකි එකිය එක් සියක් එක් සියක් කුමරියන්ගේ වෙස් මවා ගතහොත් ඉතා යහපත්” යි නිශ්චය කර ගත්හ.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු එකි එකිය එක් සියක් එක් සියක් කුමරි වෙස් සියයක් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ: “ශ.්‍රමණයාණනි, ඔබේ පා මෙහෙවර කරම්හ” යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්‍යවතුන් වහන්සේ සිතට නොගත්සේක.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු මෙසේ නිශ්චය කර ගත්හ. “පිරිමින්ගේ අදහස් නානාවිධය. අප දරුවන් නොවැදූ අඹුවන් සියදෙනෙකුන්සේ එකි එකියක සියය සියය බැගින් මවා ගතහොත් ඉතා යහපති” යි නිශ්චය කර ගත්හ.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු එකි එකියක නොවැදූ අඹුවන් සියයක බැගින් වෙස් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ ‘මහණ, ඔබට පා මෙහෙවර කරම්හ” යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්‍යවතුන් වහන්සේ සිතට නොගත්සේක.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු එක් වරක් වැදූ ස්ත්‍රීන්ගේ වෙස් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ ‘මහණ, ඔබට පා මෙහෙවර කරම්හ” යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්‍යවතුන් වහන්සේ සිතට නොගත්සේක.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු දෙවරක් වැදූ ස්ත්‍රීන්ගේ වෙස් සියය බැගින් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ ‘මහණ, ඔබට පා මෙහෙවර කරම්හ” යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්‍යවතුන් වහන්සේ සිතට නොගත්සේක.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු මැදුම් වයස් පත් ස්ත්‍රීන්ගේ වෙස් සියය බැගින් මවාගෙන, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ ‘මහණ, ඔබට පා මෙහෙවර කරම්හ” යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්‍යවතුන් වහන්සේ සිතට නොගත්සේක.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු වයසින් බොහෝ වැඩුනු ස්ත්‍රීන් සිය දෙනෙකුන්ගේ වෙස් මවාගෙන, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ ‘මහණ, ඔබට පා මෙහෙවර කරම්හ” යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්‍යවතුන් වහන්සේ සිතට නොගත්සේක.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු පසෙක ඉවත්ව සිට, ‘අප පියා කීයේ ඇත්තක්මය. (එනම්)
“සුගතයෝ ලොව රහත් කෙනෙක. රාගයෙන් බැඳ ගෙනිය නොහැක්ක. මරහුගේ බල පැවති පෙදෙස ඉක්මවාලූ කෙනෙක. එබැවින් මම් බොහෝ සේ ශෝක කෙරෙමි” යි.
“අපි රාගය පහ නොකළ මොනම මහණකු කරා හෝ බමුණකු කරා හෝ මේ උපක්‍රමයෙන් එඵඹුණමෝ නම් ඔහුගේ ළය හෝ පැලෙන්නේය, උණු ලේ හෝ ඔහුගේ කටින් පිටවන්නේය, උමතු බවට හෝ පැමිණෙන්නේය. සිත් කැලඹුමට හෝ පැමිණෙන්නේය. සිඳිනු ලැබූ යම් නිල් බටගසක් යම් සේ වියලෙන්නේද, වෙසෙසින් වියලෙන්නේද, මැලවෙන්නේද, එසේම හෙතෙම වියලෙන්නේය, වෙසෙසින් වියලෙන්නේය, මැලවෙන්නේය” යි කීහ.
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ පසෙක සිටියහ.
පසෙක සිටි තණ්හා මාරදූ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීවාය:
“ශෝකයට පැමිණ, වෙනෙහි සිතිවිලි සිත සිතා ඉන්නෙහිද? වස්තුවක් පැරදුණෙහිද? නැතහොත් වස්තුවක් පතමින් ඉන්නෙහිද? ගමෙහි යම් අපරාධයක් හෝ කෙළෙහිද? මහජනයා හා කවර හෙයින් යහළුකම් නොකෙරෙහිද? කිසිවකු හා ඔබේ යහළුබවෙක් ඇති නොවේද?”
එවිට භාග්‍යවතුන් වහන්සේ: “මම් ප්‍රියවූ, මිහිරි ස්වභාවය ඇති, කෙලෙස් සෙනඟ පරදවා, තනිව ධ්‍යාන කිරීමෙන් අභිමතාර්ථය ලැබගැන්ම වූ, ළය නිවීම වූ, රහත්ඵලය අවබෝධ කෙළෙමි. එබැවින් ජනයා හා යහඑකම් නොකරමි. කිසිවකු හා මගේ යහඑකමෙක් නැත්තේය” යි වදාළ සේක.
ඉක්බිති අරති මාරදූතොම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීවාය.
“මෙහි කවර විහරණයක් බහුලකොට ඇති මහණතෙම පඤ්චවාරික (කෙළෙස්) මහවතුර තරණය කෙළේද? මෙලොව සයවැනි (මනෝවාරික කෙලෙස්) මහවතුරත් එතර කෙළේද? කාමසංඥාවෝ බොහෝ සෙයින් කෙසේ ධ්‍යාන කරන ඔහු නොලැබ මුඑමනින් බැහැර වෙත්ද? “
(එවිට භාග්‍යවතුන් වහන්සේ :) “සන්සුන් කය ඇති, මොනවට මිදුණු සිතැති, කර්‍ම රැස් නොකරන, සිහියෙන් යුක්තවූ කාමාදී ආලය නැති රහත්තෙම චතුස්සත්‍යධර්‍මය දැන, විතර්‍ක රහිත ධ්‍යාන ඇක්තේ නොකිපෙයි, නොම සිහිකෙරෙයි, නොම හැකුඑනේද වෙයි.’
“එසේ බහුල විහරණ ඇති මහණතෙම මෙහි තරණය කළ පඤචවාරික (කෙලෙස්) ඇතියේ, සයවැනි (මනෝවාරික කෙලෙස්) මහ වතුරත් තරණය කෙළේය. කාම සංඥාවෝ මෙසේ බහුල විහරණ ඇති, ධ්‍යාන කරන ඔහු නොලැබ, මුළුමනින් ඔහුගෙන් බැහැරවෙත්ය” යි වදාළසේක.
එවිට රගා නම් මරදූ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීවාය:
“ගණයා කෙරෙහිත්, සමූහයා කෙරෙහිත් හැසිරන මෙතෙම තෘෂ්ණාව සින්දේය. බොහෝ සත්ත්‍වයෝද ඒකාන්තයෙන් මොහු ගිය මගින් යන්නාහ. ආලය නැති මෙතෙම බොහෝ ජන සමූහයක් මාර රාජයාගෙන් පැහැරගෙන පරතෙරට (නිවනට) පමුණුවන්නේය.”
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “මහාවීරවූ කථාගතවරු සද්‍ධර්‍මයෙන් සත්ත්‍වයන් එතෙරට (නිවනට) පමුණුවත්මය. නුවණැතියන් ධර්‍මයෙන් සත්ත්‍වයන් එතෙර පමුණුවනකල්හි එයට කවර ඊර්‍ෂ්‍යාවෙක්ද?”
ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු පාපී මාරයා යම් තැනෙකද එතැනට පැමිණියහ.
පාපී මාරයා, එන තණහාද, අරතිද, රගාද, යන මාරදූන් දුරදීම දිටී. දැක මෙසේ ගාථාවලින් කීය:
“අනුවණයිනි, නෙළුම් දඬුයෙන් කන්දක් පළන්නට සිතවුද? නියෙන් පර්‍වතයක් සාරන්නහුද? දතින් යකඩ විකන්නහුද?
“හිස මතුයෙහි මහ ගලක් තබාගෙන ගැඹුරෙහි පය ගසන්නට තැනක් සොයවුද? ළයෙහි උලක් වැදුණු සෙයින් කලකිරී ගෞතමයන් පසුව එවුද?
(සංගායනා කළ තෙරහු මෙසේ කීහ:) තණ්හාද, අරතිද, රගාද යන මාර දූහු දිලිහි දිලිහී බුදුරජුන් වෙත ආහ. එහෙත් සුළඟ පුළුන්පෙදක් ඉවතලූවා සේ ශාස්තෲන් වහන්සේ එහිදී ඒ මර දූන් දුරුකළ සේක.