ත්‍රිපිටකය
4. මාරසංයුත්තං 4. මාර සංයුත්තය
1. පඨමවග්ගො 1. පළමු (ආයු) වග
1. තපොකම්මසුත්තං 1. තපොකම්ම සූත්‍රය
2. හත්ථිරාජවණ්ණසුත්තං 2. නාග සූත්‍රය
3. සුභසුත්තං 3. සුභ සූත්‍රය
4. පඨමමාරපාසසුත්තං 4. (පළමුවන) පාස සූත්‍රය
5. දුතියමාරපාසසුත්තං 5. (දෙවෙනි) පාස සූත්‍රය
6. සප්පසුත්තං 6. සප්ප සූත්‍රය
7. සුපතිසුත්තං 7. සුප්පති සූත්‍රය
8. නන්දතිසුත්තං 8. නන්‍දන සූත්‍රය
9. පඨමආයුසුත්තං 9. (පළමුවන) ආයු සූත්‍රය
10. දුතියආයුසුත්තං 10. (දෙවෙනි) ආයු සූත්‍රය
2. දුතියවග්ගො 2. දෙවෙනි (රජ්ජ) වර්‍ගය
1. පාසාණසුත්තං 1. පාසාන සූත්‍රය
2. කින්නුසීහසුත්තං 2. සීහ සූත්‍රය
3. සකලිකසුත්තං 3. සකලික සූත්‍රය
4. පතිරූපසුත්තං 4. පතිරූප සූත්‍රය
5. මානසසුත්තං 5. මානස සූත්‍රය
6. පත්තසුත්තං 6. පත්ත සූත්‍රය
7. ඡඵස්සායතනසුත්තං 7. ආයතන සූත්‍රය
8. පිණ්ඩසුත්තං 8. පිණ්ඩ සූත්‍රය
9. කස්සකසුත්තං 9. කස්සන සූත්‍රය
10. රජ්ජසුත්තං 10. රජ්ජ සූත්‍රය
3. තතියවග්ගො 3. තුන්වෙනි වර්‍ගය
1. සම්බහුලසුත්තං 1. සම්බහුල සූත්‍රය
2. සමිද්ධිසුත්තං 2. සමිද්ධි සූත්‍රය
3. ගොධිකසුත්තං 3. ගෝධික සූත්‍රය
4. සත්තවස්සානුබන්ධසුත්තං 4. සත්තවස්ස සූත්‍රය
160
එවං මෙ සුතං - එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ අජපාලනිග්‍රොධෙ. තෙන ඛො පන සමයෙන මාරො පාපිමා සත්තවස්සානි භගවන්තං අනුබන්ධො හොති ඔතාරාපෙක්ඛො ඔතාරං අලභමානො. අථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි -
‘‘සොකාවතිණ්ණො නු වනම්හි ඣායසි,
විත්තං නු ජීනො උද පත්ථයානො;
ආගුං නු ගාමස්මිමකාසි කිඤ්චි,
කස්මා ජනෙන න කරොසි සක්ඛිං;
සක්ඛී න සම්පජ්ජති කෙනචි තෙ’’ති.
‘‘සොකස්ස මූලං පලිඛාය සබ්බං,
අනාගු ඣායාමි අසොචමානො;
ඡෙත්වාන සබ්බං භවලොභජප්පං,
අනාසවො ඣායාමි පමත්තබන්ධූ’’ති.
‘‘යං වදන්ති මම යිදන්ති, යෙ වදන්ති මමන්ති ච;
එත්ථ චෙ තෙ මනො අත්ථි, න මෙ සමණ මොක්ඛසී’’ති.
‘‘යං වදන්ති න තං මය්හං, යෙ වදන්ති න තෙ අහං;
එවං පාපිම ජානාහි, න මෙ මග්ගම්පි දක්ඛසී’’ති.
‘‘සචෙ මග්ගං අනුබුද්ධං, ඛෙමං අමතගාමිනං;
අපෙහි ගච්ඡ ත්වමෙවෙකො, කිමඤ්ඤමනුසාසසී’’ති.
‘‘අමච්චුධෙය්‍යං පුච්ඡන්ති, යෙ ජනා පාරගාමිනො;
තෙසාහං පුට්ඨො අක්ඛාමි, යං සච්චං තං නිරූපධි’’න්ති.
‘‘සෙය්‍යථාපි, භන්තෙ, ගාමස්ස වා නිගමස්ස වා අවිදූරෙ පොක්ඛරණී. තත්‍රස්ස කක්කටකො. අථ ඛො, භන්තෙ, සම්බහුලා කුමාරකා වා කුමාරිකායො වා තම්හා ගාමා වා නිගමා වා නික්ඛමිත්වා යෙන සා පොක්ඛරණී තෙනුපසඞ්කමෙය්‍යුං; උපසඞ්කමිත්වා තං කක්කටකං උදකා උද්ධරිත්වා ථලෙ පතිට්ඨපෙය්‍යුං. යං යදෙව හි සො, භන්තෙ, කක්කටකො අළං අභිනින්නාමෙය්‍ය තං තදෙව තෙ කුමාරකා වා කුමාරිකායො වා කට්ඨෙන වා කථලාය වා සඤ්ඡින්දෙය්‍යුං සම්භඤ්ජෙය්‍යුං සම්පලිභඤ්ජෙය්‍යුං. එවඤ්හි සො, භන්තෙ, කක්කටකො සබ්බෙහි අළෙහි සඤ්ඡින්නෙහි සම්භග්ගෙහි සම්පලිභග්ගෙහි අභබ්බො තං පොක්ඛරණිං ඔතරිතුං. එවමෙව ඛො, භන්තෙ, යානි කානිචි විසූකායිකානි (යානි විසුකායිකානි (සී. පී. ක.)) විසෙවිතානි විප්ඵන්දිතානි, සබ්බානි තානි (කානිචි කානිචි සබ්බානි (සී. පී. ක.)) භගවතා සඤ්ඡින්නානි සම්භග්ගානි සම්පලිභග්ගානි. අභබ්බො දානාහං, භන්තෙ, පුන භගවන්තං උපසඞ්කමිතුං යදිදං ඔතාරාපෙක්ඛො’’ති. අථ ඛො මාරො පාපිමා භගවතො සන්තිකෙ ඉමා නිබ්බෙජනීයා ගාථායො අභාසි -
‘‘මෙදවණ්ණඤ්ච පාසාණං, වායසො අනුපරියගා;
අපෙත්ථ මුදුං වින්දෙම, අපි අස්සාදනා සියා.
‘‘අලද්ධා තත්ථ අස්සාදං, වායසෙත්තො අපක්කමෙ;
කාකොව සෙලමාසජ්ජ, නිබ්බිජ්ජාපෙම ගොතමා’’ති.
160
මා විසින් මෙසේ අසනලදී එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙහි නේරංජරා ගංතෙර අජපල් නුගරුක මුල වසනසේක.
එකල වනාහි පාපී මාරතෙම සිදුරක් දක්නා කැමැත්තේ, එහෙත් සිදුරක් දක්නට නොලබනුයේ, සත් වසක්ම භාග්‍යවතුන් වහන්සේ පසුපස ගියේ වෙයි.
ඉක්බිති පාපී මාරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ ගාථායෙන් (මෙසේ) කීය:
“ශෝකයට පැමිණ වනයෙහි සිතිවිලි සිතහිද? ධනය පැරදුණෙහිද? නැතහොත් ඒ පැරදුන දේ පතමින් ඉන්නෙහිද? නැතහොත් ගම ඇතුළත කිසි වරදක් කෙළෙහිද? කවර හෙයින් මහජනයා හා යහළු බවක් නොකෙරෙහිද? කිසිවකු හා ඔබේ යහළු බවෙක් ඇති නොවේද?”
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:)’පමාවන්නන්ගේ ඥාතියා ශෝකයේ සියලු මුල සාරා උදුරාදමා, නිවැරුදිව, ශෝක නොකෙරෙමින්, ධ්‍යානයෙහි යෙදී ඉඳිමි. භවලෝකයයි කියනලද සියලු තණ්හාව සිඳ දමා, ආශ්‍රව නැතියෙම්, ධ්‍යාන කෙරෙමි.”
(එවිට මාරයා මෙසේ කීය:) “මෙය මගේයයි යමක් ගැන කියත්නම්, මේ දේ මගේයයි යම් කෙනෙක් ගැන කියත්නම්, මෙ කී තන්හි ඒකාන්තයෙන් යුෂ්මත්හුගේ සිත බැඳී ඇත. (එබැවින්) මහණ, ඔබ මගෙන් නොමිදෙන්නෙහිය.”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) “යමක් ‘මගේය’ යි කියත් නම්, එය මගේ නොවේ. යම් කෙනෙක් කියත් නම්, මම් ඔවුන්ගෙන් එකෙකුත් නොවෙමි. පාපිය මෙසේ දනුව, මා ගිය මගවත් තෝ නොදක්නෙහිය.”
(මාරයා මෙසේ කීය:) “ඉදින් බියක් නැති, නිවනට යන මග අවබෝධ කෙළෙහි නම් ඉවත්වෙන්න, ඔබම තනිව යන්න. අන්හට කුමකට අනුශාසන කෙරෙහිද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) “පරතෙර යනු කැමැති (නිවන් යනු කැමැති) යම් කෙනෙක් ඇද්ද, ඔවුහු මරුට ඉඩක් නැති නිවන මා (අතින්) විචාරත්. ඔවුන් විසින් විචාරනුලැබූ මම්, යමක් සියලු කෙලෙස් රහිතනම්, ඒ නිවන ඔවුන්ට කියමි.”
(ඉක්බිති මාරතෙම මෙසේ කීයේය:) “ස්වාමීනි, ගමෙක හෝ නියම් ගමෙක හෝ නොදුරෙහි පොකුණෙක් ඇත්නම්, එහි කකුළුවෙක්ද ඉඳීනම්, නැවත බොහෝ දරුවෝ හෝ දැරියෝ හෝ ඒ ගමෙන් හෝ ඒ නියම්ගමෙන් හෝ නික්ම ඒ පොකුණ යම් තැනෙකද එතැනට පැමිණෙන්නාහුනම්, පැමිණ ඒ කකුළුවා යම්සේ දියෙන් ඔසවා ගොඩ තබන්නාහුද, එවිට ඒ කකුළුවා යම් යම් අඬුවක් ඉදිරියට යොමුකරන්නේනම්, ඒ දරුවෝ හෝ දැරියෝ ඒ ඒ අඬුවම ලීයෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ යම්සේ සිඳ දමන්නාහුද, යම්සේ කැබලි කැබලි කොට දමන්නාහුද, ස්වාමීනි, මෙසේ ඒ කකුළුවා කැඩුණු, බිඳුණු, කැබැලිවී ගිය අඬුවලින් යලිත් ඒ පොකුණට පෙරමෙන් බසින්නට යම්සේ නොහැකි වන්නේද, එසේම ස්වාමීනි, මා කළ යම් විරුද්‍ධ දේ ඇද්ද, යම් නුසුදුසු දේ ඇද්ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ විසින් සිඳින ලදය, බිඳින ලදය, සුණුවිසුණු කරන ලදය. ස්වාමීනි, සිව්රු සොයන අපේක්‍ෂා ඇතිව නැවත භාග්‍යවතුන් වහන්සේවෙත පැමිනෙන්නට දැන් මම් නොහැකියෙමි” යි කීයේය.
ඉක්බිති පාපී මාරතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ කලකිරුම හඟවන ගාථා කීය:
“කවුඩෙක් මේදතෙල් පාට ඇති ගලක් දැක, ‘මෙහි මොළොක්බව විඳගත හෙන්නමු නම් ඉතා යෙහෙකැ’ යි ‘රස විඳ ගැන්මක් වෙතොත් ඉතා යෙහෙකැ’ යි ඒ හාත්පස ගැවසෙන්නේය. එහෙත් කවුඩා එහි කිසිද රස විඳුමක් නොලැබ එයින් ඉවත්ව යන්නේය. ඒ ගල වෙත පැමිණ රස විඳ ගැන්මක් නොලැබ ඉවත්ව යන කවුඩාසේ කලකිරී ගෞතමයන් වහන්සේගෙන් අපිද ඉවත්ව යම්හ.’
ඉක්බිති පාපී මාරතෙම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ කලකිරුම හඟවන ගාථා කියා එතැනින් ඉවත්ව භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි බිම පළක් බැඳ නිහඬව, තෙද නැතිව, කරබාගෙන, බිම බලාගෙන, සිතිවිලි සිතමින්, කිසිත් වටහාගත නොහැකිවලී කැබෙල්ලකින් බිම ඉරි අඳිමින් හුන්නේය.
5. මාරධීතුසුත්තං 5. මාරධීතු (නොහොත් ධීතරො) සූත්‍රය