ත්‍රිපිටකය
4. මාරසංයුත්තං 4. මාර සංයුත්තය
1. පඨමවග්ගො 1. පළමු (ආයු) වග
1. තපොකම්මසුත්තං 1. තපොකම්ම සූත්‍රය
2. හත්ථිරාජවණ්ණසුත්තං 2. නාග සූත්‍රය
3. සුභසුත්තං 3. සුභ සූත්‍රය
4. පඨමමාරපාසසුත්තං 4. (පළමුවන) පාස සූත්‍රය
5. දුතියමාරපාසසුත්තං 5. (දෙවෙනි) පාස සූත්‍රය
6. සප්පසුත්තං 6. සප්ප සූත්‍රය
7. සුපතිසුත්තං 7. සුප්පති සූත්‍රය
8. නන්දතිසුත්තං 8. නන්‍දන සූත්‍රය
9. පඨමආයුසුත්තං 9. (පළමුවන) ආයු සූත්‍රය
10. දුතියආයුසුත්තං 10. (දෙවෙනි) ආයු සූත්‍රය
2. දුතියවග්ගො 2. දෙවෙනි (රජ්ජ) වර්‍ගය
1. පාසාණසුත්තං 1. පාසාන සූත්‍රය
2. කින්නුසීහසුත්තං 2. සීහ සූත්‍රය
3. සකලිකසුත්තං 3. සකලික සූත්‍රය
4. පතිරූපසුත්තං 4. පතිරූප සූත්‍රය
5. මානසසුත්තං 5. මානස සූත්‍රය
6. පත්තසුත්තං 6. පත්ත සූත්‍රය
7. ඡඵස්සායතනසුත්තං 7. ආයතන සූත්‍රය
8. පිණ්ඩසුත්තං 8. පිණ්ඩ සූත්‍රය
9. කස්සකසුත්තං 9. කස්සන සූත්‍රය
10. රජ්ජසුත්තං 10. රජ්ජ සූත්‍රය
3. තතියවග්ගො 3. තුන්වෙනි වර්‍ගය
1. සම්බහුලසුත්තං 1. සම්බහුල සූත්‍රය
2. සමිද්ධිසුත්තං 2. සමිද්ධි සූත්‍රය
3. ගොධිකසුත්තං 3. ගෝධික සූත්‍රය
159
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ගොධිකො ඉසිගිලිපස්සෙ විහරති කාළසිලායං. අථ ඛො ආයස්මා ගොධිකො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො සාමයිකං චෙතොවිමුත්තිං ඵුසි. අථ ඛො ආයස්මා ගොධිකො තම්හා සාමයිකාය චෙතොවිමුත්තියා පරිහායි . දුතියම්පි ඛො ආයස්මා ගොධිකො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො සාමයිකං චෙතොවිමුත්තිං ඵුසි. දුතියම්පි ඛො ආයස්මා ගොධිකො තම්හා සාමයිකාය චෙතොවිමුත්තියා පරිහායි. තතියම්පි ඛො ආයස්මා ගොධිකො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො සාමයිකං චෙතොවිමුත්තිං ඵුසි. තතියම්පි ඛො ආයස්මා ගොධිකො තම්හා...පෙ.... පරිහායි. චතුත්ථම්පි ඛො ආයස්මා ගොධිකො අප්පමත්තො...පෙ.... විමුත්තිං ඵුසි . චතුත්ථම්පි ඛො ආයස්මා ගොධිකො තම්හා...පෙ.... පරිහායි. පඤ්චමම්පි ඛො ආයස්මා ගොධිකො...පෙ.... චෙතොවිමුත්තිං ඵුසි. පඤ්චමම්පි ඛො ආයස්මා...පෙ.... විමුත්තියා පරිහායි. ඡට්ඨම්පි ඛො ආයස්මා ගොධිකො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො සාමයිකං චෙතොවිමුත්තිං ඵුසි. ඡට්ඨම්පි ඛො ආයස්මා ගොධිකො තම්හා සාමයිකාය චෙතොවිමුත්තියා පරිහායි. සත්තමම්පි ඛො ආයස්මා ගොධිකො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො සාමයිකං චෙතොවිමුත්තිං ඵුසි.
අථ ඛො ආයස්මතො ගොධිකස්ස එතදහොසි - ‘‘යාව ඡට්ඨං ඛ්වාහං සාමයිකාය චෙතොවිමුත්තියා පරිහීනො. යංනූනාහං සත්ථං ආහරෙය්‍ය’’න්ති. අථ ඛො මාරො පාපිමා ආයස්මතො ගොධිකස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං ගාථාහි අජ්ඣභාසි -
‘‘මහාවීර මහාපඤ්ඤ, ඉද්ධියා යසසා ජල;
සබ්බවෙරභයාතීත, පාදෙ වන්දාමි චක්ඛුම.
‘‘සාවකො තෙ මහාවීර, මරණං මරණාභිභූ;
ආකඞ්ඛති චෙතයති, තං නිසෙධ ජුතින්ධර.
‘‘කථඤ්හි භගවා තුය්හං, සාවකො සාසනෙ රතො;
අප්පත්තමානසො සෙක්ඛො, කාලං කයිරා ජනෙසුතා’’ති.
තෙන ඛො පන සමයෙන ආයස්මතො ගොධිකෙන සත්ථං ආහරිතං හොති. අථ ඛො භගවා ‘‘මාරො අයං පාපිමා’’ ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාය අජ්ඣභාසි -
‘‘එවඤ්හි ධීරා කුබ්බන්ති, නාවකඞ්ඛන්ති ජීවිතං;
සමූලං තණ්හමබ්බුය්හ, ගොධිකො පරිනිබ්බුතො’’ති.
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘ආයාම, භික්ඛවෙ, යෙන ඉසිගිලිපස්සං කාළසිලා තෙනුපසඞ්කමිස්සාම යත්ථ ගොධිකෙන කුලපුත්තෙන සත්ථං ආහරිත’’න්ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං.
අථ ඛො භගවා සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං යෙන ඉසිගිලිපස්සං කාළසිලා තෙනුපසඞ්කමි. අද්දසා ඛො භගවා ආයස්මන්තං ගොධිකං දූරතොව මඤ්චකෙ විවත්තක්ඛන්ධං සෙමානං (සෙය්‍යමානං (ස්‍යා. කං.), සොප්පමානං (ක.)). තෙන ඛො පන සමයෙන ධූමායිතත්තං තිමිරායිතත්තං ගච්ඡතෙව පුරිමං දිසං, ගච්ඡති පච්ඡිමං දිසං, ගච්ඡති උත්තරං දිසං, ගච්ඡති දක්ඛිණං දිසං, ගච්ඡති උද්ධං, ගච්ඡති අධො, ගච්ඡති අනුදිසං.
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘පස්සථ නො තුම්හෙ, භික්ඛවෙ, එතං ධූමායිතත්තං තිමිරායිතත්තං ගච්ඡතෙව පුරිමං දිසං, ගච්ඡති පච්ඡිමං දිසං, ගච්ඡති උත්තරං දිසං, ගච්ඡති දක්ඛිණං දිසං, ගච්ඡති උද්ධං, ගච්ඡති අධො, ගච්ඡති අනුදිස’’න්ති? ‘‘එවං, භන්තෙ’’. ‘‘එසො ඛො, භික්ඛවෙ, මාරො පාපිමා ගොධිකස්ස කුලපුත්තස්ස විඤ්ඤාණං සමන්වෙසති - ‘කත්ථ ගොධිකස්ස කුලපුත්තස්ස විඤ්ඤාණං පතිට්ඨිත’න්ති? අප්පතිට්ඨිතෙන ච, භික්ඛවෙ, විඤ්ඤාණෙන ගොධිකො කුලපුත්තො පරිනිබ්බුතො’’ති. අථ ඛො මාරො පාපිමා බෙලුවපණ්ඩුවීණං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි -
‘‘උද්ධං අධො ච තිරියං, දිසා අනුදිසා ස්වහං;
අන්වෙසං නාධිගච්ඡාමි, ගොධිකො සො කුහිං ගතො’’ති.
‘‘යො (සො (සී. පී.)) ධීරො ධිතිසම්පන්නො, ඣායී ඣානරතො සදා;
අහොරත්තං අනුයුඤ්ජං, ජීවිතං අනිකාමයං.
‘‘ජෙත්වාන මච්චුනො (භෙත්වා නමුචිනො (සී.)) සෙනං, අනාගන්ත්වා පුනබ්භවං;
සමූලං තණ්හමබ්බුය්හ, ගොධිකො පරිනිබ්බුතො’’ති.
‘‘තස්ස සොකපරෙතස්ස, වීණා කච්ඡා අභස්සථ;
තතො සො දුම්මනො යක්ඛො, තත්ථෙවන්තරධායථා’’ති (තත්ථෙවන්තරධායිථාති (ස්‍යා. කං.), තත්ථෙව අන්තරධායීති (ක.)).
159
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසළ කලන්‍දකනිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසනසේක.
එකල්හි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඉසිගිලි කන්ද පැත්තක කළුගලෙහි වෙසෙති.
එකල ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවන් කරා මෙහෙයූ සිතැතිව, වසනුවෝ ලෞකික ධ්‍යාන ලැබූහ. ඉක්බිති ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික ධ්‍යානයෙන් ලත් චිත්ත විමුක්තියෙන් පිරිහුණහ.
දෙවෙනිවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවන් කරා මෙහෙයූ සිතැතිව, වසනුවෝ ලෞකික ධ්‍යාන ලැබූහ. දෙවෙනිවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික ධ්‍යානයෙන් ලත් චිත්ත විමුක්තියෙන් පිරිහුණහ.
තුන්වෙනිවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවන් කරා මෙහෙයූ සිතැතිව, වසනුවෝ ලෞකික ධ්‍යාන ලැබූහ. තුන්වෙනිවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික ධ්‍යානයෙන් ලත් චිත්ත විමුක්තියෙන් පිරිහුණහ.
සතරවනවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවන් කරා මෙහෙයූ සිතැතිව, වසනුවෝ ලෞකික ධ්‍යාන ලැබූහ. සතරවනවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික ධ්‍යානයෙන් ලත් චිත්ත විමුක්තියෙන් පිරිහුණහ.
පස්වනවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවන් කරා මෙහෙයූ සිතැතිව, වසනුවෝ ලෞකික ධ්‍යාන ලැබූහ. පස්වනවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික ධ්‍යානයෙන් ලත් චිත්ත විමුක්තියෙන් පිරිහුණහ.
හයවනවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවන් කරා මෙහෙයූ සිතැතිව, වසනුවෝ ලෞකික ධ්‍යාන ලැබූහ. හයවනවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික ධ්‍යානයෙන් පිරිහුණහ.
සත්වනවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවන් කරා මෙහෙයූ සිතැතිව, වසනුවෝ ලෞකික ධ්‍යාන ලදහ.
ඉක්බිති ආයුෂ්මත් ගෝධික තෙරුන්හට මේ සිතවිය. ‘සත්වනවර දක්වාම මම ලෞකික ධ්‍යානයෙන් පිරිහිණිමි. ආයුධයෙන් දිවි නසාගන්නෙම් නම් යෙහෙක.’
ඉක්බිති පවිටු මරතෙම ආයුෂ්මත් ගෝධික තෙරුන්ගේ සිත තම සිතින් දැන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, ගාථායෙන් මෙසේ කීයේය:
“මහා වීරයෙනි, මහ පැණැතියෙනි, ඎද්‍ධියෙන්, යසසින් දිලෙන තැතැත්තෙනි, හැම වෛර හා බිය ඉක්මවූවෙනි, පසැස් ඇතියෙනි, මම ඔබ දෙපා වඳිමි.
“මහා වීරයාණනි, මාරයා මැඩලූ තැනැත්තෙනි, ඔබේ ශ්‍රාවකයෙක් මැරෙනු කැමැති වෙයි, මැරෙන්න සිතයි. මහ තෙදැතියෙනි, එය වළක්වනු මැනවි.
“ජනයා අතර ප්‍රකට වූ භාග්‍යවතුන් වහන්ස, සස්නෙහි ඇලුණු රහත් බව නොලත්, තවම සිල් ආදිය පුරා නොනිමි, ඔබ ශ්‍රාවකයෙක් කෙසේ නම් මැරෙන්නේද?’
එකල වනාහි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ආයුධයක් ගෙන උගුරුදණ්ඩ සිඳගත්තේය.
එවිටම භාග්‍යවතුන් වහන්සේ ‘මේ පාපී මරුය’ යි දැන, ගාථායෙන් මෙසේ වදාළසේක:
“නුවණැතියෝ එසේම කෙරෙත්. දිවි නොබලත්. ගෝධික තෙරණුවෝ තෘෂ්ණාව සහමුලින් ඇද දමා පිරිනිවියහ.”
ඉක්බිති භාග්‍යවකුන් වහන්සේ භික්‍ෂූන්ට කථාකර, “මහණෙනි, එමු ඉසිගිලි කන්ද පැත්තක ගෝධික කුලපුතු ආයුධයකින් (උගුරුදන්ඩ) සිඳගත් තැනවූ තළුගල වෙත පැමිණෙන්නෙමු” යි වදාළසේක.
“එසේය, ස්වාමීනි” යි ඒ භික්‍ෂූහු භාග්‍යවකුන් වහන්සේට උත්තර දුන්හ.
ඉක්බිති භාග්‍යවකුන් වහන්සේ බොහෝ භික්‍ෂූන් හා ඉසිගිලිය පැත්තක කළුගල යම් තැනෙකද එතැනට පැමිණිසේක. භාග්‍යවකුන් වහන්සේ දුරදීම පෙරළුණු කඳ ඇතිව ඇඳෙහි හෝනා ආයුෂ්මත් ගෝධික තෙරුන් දුටුසේක.
එකල්හි වනාහි දුම් වලාවක් බඳු, අඳුරු වලාවක් බඳු, දෙයක් නැගෙණහිර දෙසටද යයි, බස්නාහිර දෙසටද යයි, උතුරු දෙසටද යයි, දකුණු දෙසටද යයි, උඩු අතටද යයි, යට දෙසටද යයි, අනු දිග්වලටද යයි.
එකල භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට කථාකර, “මහණෙනි, තෙපි ඔය නැගෙණහිර දෙසටද යන. බස්නාහිර දෙසටද යන, උතුරු දෙසටද යන, දකුණු දෙසටද යන, උඩ දෙසටද යන, යට අතටද යන, දුම් වලාවක් බඳු, අඳුරු වලාවක් බඳු, දෙය දක්නහු දැ?” යි ඇසූසේක. ‘එසේය, ස්වාමීනි,” යි (භික්‍ෂූහු උත්තරදුන්හ,)
මහණෙනි, ඒ පාපී මරුවාය. ඔහු ගෝධික කුලපුතුගේ (පුතිසන්‍ධි) විඥානය කොහි පිහිටියේදැයි සොය සොයා යයි. එහෙත් මහණෙනි, ගෝධික කුලපුතුගේ විඥානය කිසි තැනෙකත් නොපිහිටියේය. කිසි තැනෙක නොපිහිටි (පුතිසන්‍ධි) විඥානයෙන් ගෝධික කුලපුත්තෙම පිරිනිවියේය” යි වදාළසේක.
ඉක්බිති පාපී මාරතෙම බේපුවපණඩුවීණාව ගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ ගාථායෙන් (මෙසේ) කීය.
“මම උඩද යටද සරසද සිව්දිග හා අනුදිසාද සෙව්යෙම් (ඔහු) නොදක්මි. ඒ ගෝධිත කෙම කොහි ගියේද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) “දිරිමත්වූ ධ්‍යාන වඩන ගති ඇති, හැම විටම ධ්‍යානයෙහි ඇලුණු, දිවි නොතකමින් දිවා රෑ දෙක්හි භාවනාවෙහි යෙදුන ඒ ගෝධිකතෙම මරහුගේ සේනා බිඳ, නැවත ඉපදීමකට නොපැමිණ, තණ්හාව සහමුලින් උපුටාදමා පිරිනිවියේය.”
ශෝකයෙන් මැඩුණු ඒ මරහුගේ කිසිල්ලෙන් වීණාව ගිලිහුණේය. ඉක්බිති දුකටපත්වූ ඒ යක්තෙම එහිම අතුරුදන්විය.
4. සත්තවස්සානුබන්ධසුත්තං 4. සත්තවස්ස සූත්‍රය
5. මාරධීතුසුත්තං 5. මාරධීතු (නොහොත් ධීතරො) සූත්‍රය