ත්‍රිපිටකය
4. මාරසංයුත්තං 4. මාර සංයුත්තය
1. පඨමවග්ගො 1. පළමු (ආයු) වග
1. තපොකම්මසුත්තං 1. තපොකම්ම සූත්‍රය
2. හත්ථිරාජවණ්ණසුත්තං 2. නාග සූත්‍රය
3. සුභසුත්තං 3. සුභ සූත්‍රය
4. පඨමමාරපාසසුත්තං 4. (පළමුවන) පාස සූත්‍රය
5. දුතියමාරපාසසුත්තං 5. (දෙවෙනි) පාස සූත්‍රය
6. සප්පසුත්තං 6. සප්ප සූත්‍රය
7. සුපතිසුත්තං 7. සුප්පති සූත්‍රය
8. නන්දතිසුත්තං 8. නන්‍දන සූත්‍රය
9. පඨමආයුසුත්තං 9. (පළමුවන) ආයු සූත්‍රය
10. දුතියආයුසුත්තං 10. (දෙවෙනි) ආයු සූත්‍රය
2. දුතියවග්ගො 2. දෙවෙනි (රජ්ජ) වර්‍ගය
1. පාසාණසුත්තං 1. පාසාන සූත්‍රය
2. කින්නුසීහසුත්තං 2. සීහ සූත්‍රය
3. සකලිකසුත්තං 3. සකලික සූත්‍රය
4. පතිරූපසුත්තං 4. පතිරූප සූත්‍රය
5. මානසසුත්තං 5. මානස සූත්‍රය
6. පත්තසුත්තං 6. පත්ත සූත්‍රය
7. ඡඵස්සායතනසුත්තං 7. ආයතන සූත්‍රය
8. පිණ්ඩසුත්තං 8. පිණ්ඩ සූත්‍රය
9. කස්සකසුත්තං 9. කස්සන සූත්‍රය
10. රජ්ජසුත්තං 10. රජ්ජ සූත්‍රය
156
එකං සමයං භගවා කොසලෙසු විහරති හිමවන්තපදෙසෙ (හිමවන්තපස්සෙ (සී.)) අරඤ්ඤකුටිකායං. අථ ඛො භගවතො රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘‘සක්කා නු ඛො රජ්ජං කාරෙතුං අහනං අඝාතයං අජිනං අජාපයං අසොචං අසොචාපයං ධම්මෙනා’’ති?
අථ ඛො මාරො පාපිමා භගවතො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච - ‘‘කාරෙතු, භන්තෙ, භගවා රජ්ජං, කාරෙතු, සුගතො, රජ්ජං අහනං අඝාතයං අජිනං අජාපයං අසොචං අසොචාපයං ධම්මෙනා’’ති. ‘‘කිං පන මෙ ත්වං, පාපිම, පස්සසි යං මං ත්වං එවං වදෙසි - ‘කාරෙතු, භන්තෙ, භගවා රජ්ජං, කාරෙතු සුගතො , රජ්ජං අහනං අඝාතයං අජිනං අජාපයං අසොචං අසොචාපයං ධම්මෙනා’’’ති? ‘‘භගවතා ඛො, භන්තෙ, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. ආකඞ්ඛමානො ච, භන්තෙ, භගවා හිමවන්තං පබ්බතරාජං සුවණ්ණං ත්වෙව අධිමුච්චෙය්‍ය සුවණ්ණඤ්ච පනස්සා’’ති (සුවණ්ණපබ්බතස්සාති (සී. ස්‍යා. කං.), සුවණ්ණඤ්ච පබ්බතස්සාති (පී.)).
‘‘පබ්බතස්ස සුවණ්ණස්ස, ජාතරූපස්ස කෙවලො;
ද්විත්තාව නාලමෙකස්ස, ඉති විද්වා සමඤ්චරෙ.
‘‘යො දුක්ඛමද්දක්ඛි යතොනිදානං,
කාමෙසු සො ජන්තු කථං නමෙය්‍ය;
උපධිං විදිත්වා සඞ්ගොති ලොකෙ,
තස්සෙව ජන්තු විනයාය සික්ඛෙ’’ති.
අථ ඛො මාරො පාපිමා ‘‘ජානාති මං භගවා, ජානාති මං සුගතො’’ති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
156
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල්රට හිමවත පැත්තේ අරණ්‍ය කුටියක වැඩවසනසේක.
එකල්හි තනිව විවේකයෙන් සිටියාවූ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කල්පනාවෙක් විය. “අනුන් නොනසමින්, නොනස්වමින්, නොදිනම්න්, නොදිනවමින්, ශෝක නොකරමින්, ශෝක නොකරවමින්, දැහැමෙන් රජය කරවත හැකිද?”
පාපී මාරයා, භාග්‍යවතුන් වහන්සේගේ සිතෙහි කල්පනාව තම සිතින් දැන, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, නොනසමින්, නොනස්වමින්, නොදිනම්න්, නොදිනවමින්, ශෝක නොකෙරෙමින්, ශෝක නොකරවමින්, භාග්‍යවතුන් වහන්සේ දැහැමෙන් රජය කරවනසේක්වා “
එවිට භාග්‍යවතුන් වහන්සේ “පාපිය, ‘නොනසමින්, නොනස්වමින්, නොදිනම්න්, නොදිනවමින්, ශෝක නොකෙරෙමින්, ශෝක නොකරවමින්, භාග්‍යවතුන් වහන්සේ දැහැමෙන් රජය කරවනසේක්වා’ යි මට මෙසේ කියන්නට තෝ කවර කරුණක් දන්නෙයිදැ?” යි කීහ.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ඎද්ධිපාද සතර වඩන ලදහ. බහුල කරන ලදහ. යෙදූ යානයක්සේ කරන ලදහ. තහවුරුකොට තම සිත පිහිටුවන ලදහ. නොහැර නිතර තමා කෙරෙහි පවත්වන ලදහ. පුරුදුකරන ලදහ. මැනැවින් සම්පූර්‍ණකරන ලදහ. ඉදින් භාග්‍යවතුන් වහන්සේ කැමතිනම් ‘හිමාලය පර්‍වතය රන් ගොඩක්ම වේවා’ යි සිතුවහොත් ඒ පර්‍වතය රන් ගොඩක්ම වන්නේය.” යි (මාරයා කීය.)
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “රනින්ම නිමියාවූ රන් ගොඩක්මවූ එක පර්‍වතයක් තබා
එමෙන් දෙගුණයක් මහත් පර්‍වතයක් වුවද, එය එක් පුරුෂයෙකුට සිතට නොසෑහේ. මෙසේ මෙකරුණ දන්නා නුවනැත්තේ සමව හැසිරෙන්නේය.
“යම් පස්කම් හේතුයෙන් දුක් පහළවේයයි යමෙක් මෙසේ දුක දුටීනම්, ඒ සත්තෙම කෙසේනම් එකී පස්කම්හි නැමෙන්නේද? නුවණැති පුද්ගලතෙම ‘පස්කම් ලෝකයෙහි සිත බැඳෙනා දේය’ යි දැන එය දුරුකිරීම පිණිස හික්මියයුතු.”
එවිට පාපී මාරයා ‘බුදුරජහු මා දැනගති. සුගතයෝ මා දැනගති’ යි සලකා දුක්ව නොසතුටුව එහිම අතුරුදන්විය.
3. තතියවග්ගො 3. තුන්වෙනි වර්‍ගය
1. සම්බහුලසුත්තං 1. සම්බහුල සූත්‍රය
2. සමිද්ධිසුත්තං 2. සමිද්ධි සූත්‍රය
3. ගොධිකසුත්තං 3. ගෝධික සූත්‍රය
4. සත්තවස්සානුබන්ධසුත්තං 4. සත්තවස්ස සූත්‍රය
5. මාරධීතුසුත්තං 5. මාරධීතු (නොහොත් ධීතරො) සූත්‍රය