ත්‍රිපිටකය
4. මාරසංයුත්තං 4. මාර සංයුත්තය
1. පඨමවග්ගො 1. පළමු (ආයු) වග
1. තපොකම්මසුත්තං 1. තපොකම්ම සූත්‍රය
2. හත්ථිරාජවණ්ණසුත්තං 2. නාග සූත්‍රය
3. සුභසුත්තං 3. සුභ සූත්‍රය
4. පඨමමාරපාසසුත්තං 4. (පළමුවන) පාස සූත්‍රය
5. දුතියමාරපාසසුත්තං 5. (දෙවෙනි) පාස සූත්‍රය
6. සප්පසුත්තං 6. සප්ප සූත්‍රය
7. සුපතිසුත්තං 7. සුප්පති සූත්‍රය
8. නන්දතිසුත්තං 8. නන්‍දන සූත්‍රය
9. පඨමආයුසුත්තං 9. (පළමුවන) ආයු සූත්‍රය
10. දුතියආයුසුත්තං 10. (දෙවෙනි) ආයු සූත්‍රය
2. දුතියවග්ගො 2. දෙවෙනි (රජ්ජ) වර්‍ගය
1. පාසාණසුත්තං 1. පාසාන සූත්‍රය
2. කින්නුසීහසුත්තං 2. සීහ සූත්‍රය
3. සකලිකසුත්තං 3. සකලික සූත්‍රය
4. පතිරූපසුත්තං 4. පතිරූප සූත්‍රය
5. මානසසුත්තං 5. මානස සූත්‍රය
6. පත්තසුත්තං 6. පත්ත සූත්‍රය
7. ඡඵස්සායතනසුත්තං 7. ආයතන සූත්‍රය
8. පිණ්ඩසුත්තං 8. පිණ්ඩ සූත්‍රය
9. කස්සකසුත්තං 9. කස්සන සූත්‍රය
155
සාවත්ථිනිදානං. තෙන ඛො පන සමයෙන භගවා භික්ඛූනං නිබ්බානපටිසංයුත්තාය ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති . තෙ ච භික්ඛූ අට්ඨිං කත්වා මනසි කත්වා සබ්බචෙතසා සමන්නාහරිත්වා ඔහිතසොතා ධම්මං සුණන්ති.
අථ ඛො මාරස්ස පාපිමතො එතදහොසි - ‘‘අයං ඛො සමණො ගොතමො භික්ඛූනං නිබ්බානපටිසංයුත්තාය ධම්මියා කථාය...පෙ.... යංනූනාහං යෙන සමණො ගොතමො තෙනුපසඞ්කමෙය්‍යං විචක්ඛුකම්මායා’’ති. අථ ඛො මාරො පාපිමා කස්සකවණ්ණං අභිනිම්මිනිත්වා මහන්තං නඞ්ගලං ඛන්ධෙ කරිත්වා දීඝපාචනයට්ඨිං ගහෙත්වා හටහටකෙසො සාණසාටිනිවත්ථො කද්දමමක්ඛිතෙහි පාදෙහි යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච - ‘‘අපි, සමණ, බලීබද්දෙ අද්දසා’’ති? ‘‘කිං පන, පාපිම, තෙ බලීබද්දෙහී’’ති? ‘‘මමෙව, සමණ, චක්ඛු, මම රූපා, මම චක්ඛුසම්ඵස්සවිඤ්ඤාණායතනං. කුහිං මෙ, සමණ, ගන්ත්වා මොක්ඛසි? මමෙව, සමණ, සොතං, මම සද්දා...පෙ.... මමෙව, සමණ, ඝානං, මම ගන්ධා; මමෙව, සමණ, ජිව්හා, මම රසා; මමෙව, සමණ, කායො, මම ඵොට්ඨබ්බා; මමෙව, සමණ, මනො, මම ධම්මා, මම මනොසම්ඵස්සවිඤ්ඤාණායතනං. කුහිං මෙ, සමණ, ගන්ත්වා මොක්ඛසී’’ති?
‘‘තවෙව , පාපිම, චක්ඛු, තව රූපා, තව චක්ඛුසම්ඵස්සවිඤ්ඤාණායතනං. යත්ථ ච ඛො, පාපිම, නත්ථි චක්ඛු, නත්ථි රූපා, නත්ථි චක්ඛුසම්ඵස්සවිඤ්ඤාණායතනං, අගති තව තත්ථ, පාපිම. තවෙව, පාපිම , සොතං, තව සද්දා, තව සොතසම්ඵස්සවිඤ්ඤාණායතනං. යත්ථ ච ඛො, පාපිම, නත්ථි සොතං, නත්ථි සද්දා, නත්ථි සොතසම්ඵස්සවිඤ්ඤාණායතනං, අගති තව තත්ථ, පාපිම. තවෙව , පාපිම, ඝානං, තව ගන්ධා, තව ඝානසම්ඵස්සවිඤ්ඤාණායතනං. යත්ථ ච ඛො, පාපිම, නත්ථි ඝානං, නත්ථි ගන්ධා, නත්ථි ඝානසම්ඵස්සවිඤ්ඤාණායතනං, අගති තව තත්ථ, පාපිම. තවෙව, පාපිම, ජිව්හා, තව රසා, තව ජිව්හාසම්ඵස්සවිඤ්ඤාණායතනං...පෙ.... තවෙව, පාපිම, කායො, තව ඵොට්ඨබ්බා, තව කායසම්ඵස්සවිඤ්ඤාණායතනං...පෙ.... තවෙව, පාපිම, මනො, තව ධම්මා, තව මනොසම්ඵස්සවිඤ්ඤාණායතනං. යත්ථ ච ඛො, පාපිම, නත්ථි මනො, නත්ථි ධම්මා, නත්ථි මනොසම්ඵස්සවිඤ්ඤාණායතනං, අගති තව තත්ථ, පාපිමා’’ති.
‘‘යං වදන්ති මම යිදන්ති, යෙ වදන්ති මමන්ති ච;
එත්ථ චෙ තෙ මනො අත්ථි, න මෙ සමණ මොක්ඛසී’’ති.
‘‘යං වදන්ති න තං මය්හං, යෙ වදන්ති න තෙ අහං;
එවං පාපිම ජානාහි, න මෙ මග්ගම්පි දක්ඛසී’’ති.
අථ ඛො මාරො පාපිමා...පෙ.... තත්ථෙවන්තරධායීති.
155
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහණ සමූහයාට නිවන් පිළිබඳවූ දහම් කථායෙන් කරුණු දක්වනසේක. කරුණු සිතෙහි ගන්වනසේක. එහි ඔවුන් උනන්දු කරවනසේක. ඔවුන් සිත ප්‍රීතිකළසේක. ඒ මහණ සමූහයාද එයට කැමැතිව, සිත්හි ලාගෙන, මුළු සිතින්ම එක්කොටගෙන යොමාලූ කන් ඇතිව බණ අසත්.
එවිට පාපී මාරයාට මේ අදහස විය. “මේ ශ්‍රමණ ගෞතමයා නිවන් පිළිබඳවූ දහම් කථායෙන් මහණ සමූහයාට කරුණු දක්වයි. කරුණු සිතෙහි ගන්වයි. එහි ඔවුන් උනන්දු කරවයි. ඔවුන් සිත ප්‍රීතිකරවයි. ඒ මහණ සමූහයාද එයට කැමැතිව, සිත්හි ලාගෙන, මුළු සිතින්ම එක්කොටගෙන යොමාලූ කන් ඇතියෝව බණ අසත්. ඔවුන් නුවණැස් අවුරනු සඳහා මහණ ගොහුම්හු කරා යන්නෙම් නම් යෙහෙක.”
පාපී මාරයා ගොවි වෙස් ගෙන, මහ නගුලක් කරෙහි තබාගෙන, දික් කැවිටි ලීයක් අතින් ගෙන, විසිරගිය කෙස් ඇතිව, හණ රෙද්දක් පොරවාගෙන, මඩ වැකුණු පයින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය.
පැමිණ, “මහණ, මා ගොනුන් දුටුයෙහිදැ” යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීය.
“පව්කාරය, තට ගොනුන්ගෙන් කවර වැඩෙක්ද?”
“මහණ, ඇස මගේමය, රූප මගේමය, ඇස හා රූපයාගේ පහසින් උපදනා විඤඤාණායතනයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? මහණ, කණද මගේමය, හඬද මගේමය, කණ හි හඬෙහි පහසින් උපදනා විඤඤාණායතනයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? නැහැය මගේමය, ගඳද මගේමය, ඒ දෙකෙහි පහසින් උපදනා විඤඤාණායතනයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? දිව මගේමය, රසද මගේමය, ඒ දෙකෙහි පහසින් උපදනා විඤඤාණායතනයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? කයද මගේමය, එහි හැපෙන දේත් මගේමය, ඒ දෙකෙහි පහසින් උපදනා විඤඤාණයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? මනස මගේමය, දහම් අරමුණුත් මගේමය. ඒ දෙකෙහි පහසින් උපදනා විඤඤාණායතනයත් මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් ගැලවෙන්නෙහිද?
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “පව්කාරය, ඇස තගේමය, රූප තගේමය, ඇස හා රූපයෙන් හටගන්නා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි ඇසත් නැත්නම්, රූපයත් නැත්නම්, ඇස් පහසින් උපදනා විඤඤාණයත් නැත්නම්, එහි තාගේ ගමනෙක් නැත.
“පව්කාරය, කණද තගේමය, ශබ්දයද තගේමය, කණ හා ශබ්දයෙන් උපදනා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි කණත් නැත්නම්, ශබ්දයත් නැත්නම්, කණෙ පහසින් උපදනා විඤඤාණයත් නැත්නම්, එහි තාගේ ගමනෙක් නැත.
“පව්කාරය, නැහැය තගේමය, ගඳ තගේමය, නැහැය හා ගඳෙන් උපදනා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි නහැයත් නැත්නම්, ගඳත් නැත්නම්, ගඳෙන් උපදනා විඤඤාණයත් නැත්නම්, එහි තගේ ගමනෙක් නැත.
“පව්කාරය, දිව තගේමය, රසත් තගේමය, දිව හා රසෙන් උපදනා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි දිවත් නැත්නම්, රසත් නැත්නම්, දිවේ පහසින් උපදනා විඤඤාණයත් නැත්නම්, එහි තගේ ගමනෙක් නැත.
“පව්කාරය, සිත තගේමය, සිත් අරමුණු තගේමය, සිත හා සිත් අරමුණෙන් උපදනා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම් තැනෙක වනාහි සිතත් නැත්නම් සිත් අරමුණුත් නැත්නම් සිතේ පහසින් උපදනා විඤඤාණයත් නැත්නම් එහි තාගේ ගමනෙක් නැත.
(එවිට මාරයා මෙසේ කීය:) “යමෙකුට ‘මෙය මගේය’ යි කියත්ද, යම් කෙනෙක්, ‘මෙය මගේය’
යි කියත්ද, එතන්හි ඉදින් ඔබගේ සිත ඇත්තේනම්, මහණ, ඔබට මගෙන් මිදීමෙක් නැත.”
(බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක.) “යමෙක් ‘මෙය මගේය’ යි කියත්ද, ඒ කිසිත් මගේ නොවේ, යම් කෙනෙක් හෝ ‘මෙය මගේය’ යි කියත්ද, මම ඒ කිසිවෙකුත් නොවෙමි. පාපිය, කාරණය මෙසේ දනුව. මා ගිය මාර්‍ගයවත් තෝ නොදත්තෙහිය.”
එවිට පාපී මාරයා ‘භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.
10. රජ්ජසුත්තං 10. රජ්ජ සූත්‍රය
3. තතියවග්ගො 3. තුන්වෙනි වර්‍ගය
1. සම්බහුලසුත්තං 1. සම්බහුල සූත්‍රය
2. සමිද්ධිසුත්තං 2. සමිද්ධි සූත්‍රය
3. ගොධිකසුත්තං 3. ගෝධික සූත්‍රය
4. සත්තවස්සානුබන්ධසුත්තං 4. සත්තවස්ස සූත්‍රය
5. මාරධීතුසුත්තං 5. මාරධීතු (නොහොත් ධීතරො) සූත්‍රය