ත්‍රිපිටකය
4. මාරසංයුත්තං 4. මාර සංයුත්තය
1. පඨමවග්ගො 1. පළමු (ආයු) වග
1. තපොකම්මසුත්තං 1. තපොකම්ම සූත්‍රය
2. හත්ථිරාජවණ්ණසුත්තං 2. නාග සූත්‍රය
3. සුභසුත්තං 3. සුභ සූත්‍රය
4. පඨමමාරපාසසුත්තං 4. (පළමුවන) පාස සූත්‍රය
5. දුතියමාරපාසසුත්තං 5. (දෙවෙනි) පාස සූත්‍රය
6. සප්පසුත්තං 6. සප්ප සූත්‍රය
7. සුපතිසුත්තං 7. සුප්පති සූත්‍රය
8. නන්දතිසුත්තං 8. නන්‍දන සූත්‍රය
9. පඨමආයුසුත්තං 9. (පළමුවන) ආයු සූත්‍රය
10. දුතියආයුසුත්තං 10. (දෙවෙනි) ආයු සූත්‍රය
2. දුතියවග්ගො 2. දෙවෙනි (රජ්ජ) වර්‍ගය
1. පාසාණසුත්තං 1. පාසාන සූත්‍රය
2. කින්නුසීහසුත්තං 2. සීහ සූත්‍රය
3. සකලිකසුත්තං 3. සකලික සූත්‍රය
4. පතිරූපසුත්තං 4. පතිරූප සූත්‍රය
5. මානසසුත්තං 5. මානස සූත්‍රය
6. පත්තසුත්තං 6. පත්ත සූත්‍රය
7. ඡඵස්සායතනසුත්තං 7. ආයතන සූත්‍රය
8. පිණ්ඩසුත්තං 8. පිණ්ඩ සූත්‍රය
154
එකං සමයං භගවා මගධෙසු විහරති පඤ්චසාලායං බ්‍රාහ්මණගාමෙ. තෙන ඛො පන සමයෙන පඤ්චසාලායං බ්‍රාහ්මණගාමෙ කුමාරිකානං පාහුනකානි භවන්ති. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය පඤ්චසාලං බ්‍රාහ්මණගාමං පිණ්ඩාය පාවිසි. තෙන ඛො පන සමයෙන පඤ්චසාලෙය්‍යකා බ්‍රාහ්මණගහපතිකා මාරෙන පාපිමතා අන්වාවිට්ඨා භවන්ති - මා සමණො ගොතමො පිණ්ඩමලත්ථාති.
අථ ඛො භගවා යථාධොතෙන පත්තෙන පඤ්චසාලං බ්‍රාහ්මණගාමං පිණ්ඩාය පාවිසි තථාධොතෙන (යථාධොතෙන (?)) පත්තෙන පටික්කමි. අථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච - ‘‘අපි ත්වං, සමණ, පිණ්ඩමලත්ථා’’ති? ‘‘තථා නු ත්වං, පාපිම, අකාසි යථාහං පිණ්ඩං න ලභෙය්‍ය’’න්ති. ‘‘තෙන හි, භන්තෙ, භගවා දුතියම්පි පඤ්චසාලං බ්‍රාහ්මණගාමං පිණ්ඩාය පවිසතු. තථාහං කරිස්සාමි යථා භගවා පිණ්ඩං ලච්ඡතී’’ති.
‘‘අපුඤ්ඤං පසවි මාරො, ආසජ්ජ නං තථාගතං;
කිං නු මඤ්ඤසි පාපිම, න මෙ පාපං විපච්චති.
‘‘සුසුඛං වත ජීවාම, යෙසං නො නත්ථි කිඤ්චනං;
පීතිභක්ඛා භවිස්සාම, දෙවා ආභස්සරා යථා’’ති.
අථ ඛො මාරො පාපිමා ‘‘ජානාති මං භගවා, ජානාති මං සුගතො’’ති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
154
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධරට පඤචසාලා නම් බමුණුගම වැඩවසනසේක.
එකල වනාහි පඤචසාලා බමුණුගම කුමරුවන්ගේ පඬුරු කෙනෙක් වෙත්. (තුටු පඬුරු එළවන සැණකෙළියෙක් වේ.)
එකල භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරුගෙන එගමට පිඬු පිණිස වන්සේක.
එකල පඤචසාලා බමුණුගම වැසි බමුණන්ටත් ගෘහපතියන්ටත් පාපී මාරයා ‘ශ්‍රමණ ගෞතම තෙම පිණ්ඩපාතය නොලබාවා’ යි සිතා ආවේශ විය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සේදූ පාත්‍රයෙන් යුතුව යම්සේ එගමට පිඬු පිණිස වැඩිසේක්ද, එසේම සේදූ පමණක්මවූ හිස් පාත්‍රයෙන් යුතුව ආපසු වැඩිසේක.
ඉක්බිති පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, “මහණ, පිණ්ඩපාතය ලද්දෙහිදැ” යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීය.
“පාපී මාරය, මා පි්ඩු නොලබන ලෙසක් තෝ කෙළෙහි නොවේද?”
ස්වාමීණි, එසේනම් භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වරෙකද පඤචසාලා බමුණුගමට පිඬුපිණිස පිවිසෙන සේක්වා. යම්සේ භාග්‍යවතුන් වහන්සේ පිඬු ලබනසේක් වන්නෝද, ඒ සැටි කරන්නෙමි.”
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “මාරතෙම තථාගතයන් වහන්සේ ගටා පව් රැස්කරගත. පවිට, තෝ ‘මට පව් පල නොදෙතැ’ යි සිතහිද? එසේ නොසිතව.
“බලව, යම්බඳු අපට කිසි හිරිහැරයක් නැද්ද, ඒ අපි ඉතා සුවසේ ජිවත්වම්හ. ආභස්සර දෙවියන් සේ ප්‍රීතියම ආහාරකොටැති වන්නෙමු.”
එවිට පාපී මාරයා ‘භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.
9. කස්සකසුත්තං 9. කස්සන සූත්‍රය
10. රජ්ජසුත්තං 10. රජ්ජ සූත්‍රය
3. තතියවග්ගො 3. තුන්වෙනි වර්‍ගය
1. සම්බහුලසුත්තං 1. සම්බහුල සූත්‍රය
2. සමිද්ධිසුත්තං 2. සමිද්ධි සූත්‍රය
3. ගොධිකසුත්තං 3. ගෝධික සූත්‍රය
4. සත්තවස්සානුබන්ධසුත්තං 4. සත්තවස්ස සූත්‍රය
5. මාරධීතුසුත්තං 5. මාරධීතු (නොහොත් ධීතරො) සූත්‍රය