ත්‍රිපිටකය
4. මාරසංයුත්තං 4. මාර සංයුත්තය
1. පඨමවග්ගො 1. පළමු (ආයු) වග
1. තපොකම්මසුත්තං 1. තපොකම්ම සූත්‍රය
2. හත්ථිරාජවණ්ණසුත්තං 2. නාග සූත්‍රය
3. සුභසුත්තං 3. සුභ සූත්‍රය
4. පඨමමාරපාසසුත්තං 4. (පළමුවන) පාස සූත්‍රය
5. දුතියමාරපාසසුත්තං 5. (දෙවෙනි) පාස සූත්‍රය
6. සප්පසුත්තං 6. සප්ප සූත්‍රය
7. සුපතිසුත්තං 7. සුප්පති සූත්‍රය
8. නන්දතිසුත්තං 8. නන්‍දන සූත්‍රය
9. පඨමආයුසුත්තං 9. (පළමුවන) ආයු සූත්‍රය
10. දුතියආයුසුත්තං 10. (දෙවෙනි) ආයු සූත්‍රය
2. දුතියවග්ගො 2. දෙවෙනි (රජ්ජ) වර්‍ගය
1. පාසාණසුත්තං 1. පාසාන සූත්‍රය
2. කින්නුසීහසුත්තං 2. සීහ සූත්‍රය
3. සකලිකසුත්තං 3. සකලික සූත්‍රය
4. පතිරූපසුත්තං 4. පතිරූප සූත්‍රය
5. මානසසුත්තං 5. මානස සූත්‍රය
6. පත්තසුත්තං 6. පත්ත සූත්‍රය
7. ඡඵස්සායතනසුත්තං 7. ආයතන සූත්‍රය
153
එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන භගවා ඡන්නං ඵස්සායතනානං උපාදාය භික්ඛූනං ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ ච භික්ඛූ අට්ඨිං කත්වා මනසි කත්වා සබ්බචෙතසා සමන්නාහරිත්වා ඔහිතසොතා ධම්මං සුණන්ති.
අථ ඛො මාරස්ස පාපිමතො එතදහොසි - ‘‘අයං ඛො සමණො ගොතමො ඡන්නං ඵස්සායතනානං උපාදාය භික්ඛූනං ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සප්පහංසෙති . තෙ ච භික්ඛූ අට්ඨිං කත්වා මනසි කත්වා සබ්බචෙතසා සමන්නාහරිත්වා ඔහිතසොතා ධම්මං සුණන්ති. යංනූනාහං යෙන සමණො ගොතමො තෙනුපසඞ්කමෙය්‍යං විචක්ඛුකම්මායා’’ති. අථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතො අවිදූරෙ මහන්තං භයභෙරවං සද්දමකාසි, අපිස්සුදං පථවී මඤ්ඤෙ උන්ද්‍රීයති (උද්‍රීයති (සී. ස්‍යා. කං. පී) උ + දර + ය + ති = උද්‍රීයති). අථ ඛො අඤ්ඤතරො භික්ඛු අඤ්ඤතරං භික්ඛුං එතදවොච - ‘‘භික්ඛු, භික්ඛු, එසා පථවී මඤ්ඤෙ උන්ද්‍රීයතී’’ති. එවං වුත්තෙ, භගවා තං භික්ඛුං එතදවොච - ‘‘නෙසා භික්ඛු පථවී උන්ද්‍රීයති. මාරො එසො පාපිමා තුම්හාකං විචක්ඛුකම්මාය ආගතො’’ති. අථ ඛො භගවා ‘‘මාරො අයං පාපිමා’’ ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාය අජ්ඣභාසි -
‘‘රූපා සද්දා රසා ගන්ධා, ඵස්සා ධම්මා ච කෙවලා;
එතං ලොකාමිසං ඝොරං, එත්ථ ලොකො විමුච්ඡිතො.
‘‘එතඤ්ච සමතික්කම්ම, සතො බුද්ධස්ස සාවකො;
මාරධෙය්‍යං අතික්කම්ම, ආදිච්චොව විරොචතී’’ති.
අථ ඛො මාරො පාපිමා...පෙ.... තත්ථෙවන්තරධායීති.
153
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර අසල මහා වනයෙහි කූටාගාරශාලා නම් වෙහෙර වැඩවසනසේක.
එකල භාග්‍යවතුන් වහන්සේ ස්පර්‍ශායතන සය ගැන මහණ සමූහයාට දැහැමි කථායෙන් කරුණු දක්වනසේක. ඒ ඔවුන් සිතෙහි ගන්වනසේක. එහි ඔවුන් උනන්දුකරනසේක. ඔවුන් සිත පහදවනසේක. ඒ මහණ සමූහයාද ඒ වැඩ ඇති දෙයක් කොටගෙන, සිත්හි ලා, මුළු සිතින් ඒ එක්කොටගෙන කන් යොමා බණ අසත්.
එකල පාපී මාරයාට මේ සිත විය. “ශ්‍රමණ ගෞතම තෙම ස්පර්‍ශායතන සය ගැන දහම් කථාවෙන් මහණ සමූහයාට කරුණු දක්වයි. ඒ ඔවුන් සිත්හි ගන්වයි. එහි ඔවුන් උනන්දුකරයි. ඔවුන් සිත ප්‍රීතිකරවයි. ඒ ඝික්‍ෂූහුද එයට කැමතිව සිත්හි ලා මුළු සිතින් එක්කොටගෙන කන් යොමා අසන්නාහ. ඔවුන් නුවණැස් කණකරලන්නට ශ්‍රමණ ගෞතමයන් කරා ගියොත් යහපත.”
ඉක්බිති පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් නොදුරෙහි පොළොව පැළී යන කලක් සෙයින් මහා භයානක හඬක් කෙළේය.
එවිට එක්තරා මහණෙක් අන් මහණෙකුට “මහණ, මහණ. මේ පොළොව පැළී විවරවන්නා සේය” යි කීය.
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහට “මහණ, මෙය පොළොව පැළී යන්නා නොවේ. මේ පාපී මාරයාය. ඔහු තොප නුවණැස් පියවාලන්නට ආයේය” යි වදාළසේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘මේ පාපී මාරයාය’ යි දැන ඔහුට ගාථායෙන් මෙය වදාළසේක:
“රූපයද, ශබ්දයද, ගන්‍ධයද, කය හැපෙන දේද, සිතෙහි අරමුණුද, යන මේ හැම නපුරු ඇමය
ලෝ වැස්සා මෙහි දැඩිසේ ඇලී ගියේය.”
“බුදුහුගේ සිහි ඇති ශ්‍රාවකතෙම මේ (ආයතන සයද) ඉක්මවා, මාරයාට ස්ථානයවූ මේ (තුන් භවයද) පසුකොටලා, සූය්‍යර්‍යා මෙන් බැබළෙයි.”
එවිට පාපී මාරයා ‘භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.
8. පිණ්ඩසුත්තං 8. පිණ්ඩ සූත්‍රය
9. කස්සකසුත්තං 9. කස්සන සූත්‍රය
10. රජ්ජසුත්තං 10. රජ්ජ සූත්‍රය
3. තතියවග්ගො 3. තුන්වෙනි වර්‍ගය
1. සම්බහුලසුත්තං 1. සම්බහුල සූත්‍රය
2. සමිද්ධිසුත්තං 2. සමිද්ධි සූත්‍රය
3. ගොධිකසුත්තං 3. ගෝධික සූත්‍රය
4. සත්තවස්සානුබන්ධසුත්තං 4. සත්තවස්ස සූත්‍රය
5. මාරධීතුසුත්තං 5. මාරධීතු (නොහොත් ධීතරො) සූත්‍රය