ත්‍රිපිටකය
4. මාරසංයුත්තං 4. මාර සංයුත්තය
1. පඨමවග්ගො 1. පළමු (ආයු) වග
1. තපොකම්මසුත්තං 1. තපොකම්ම සූත්‍රය
2. හත්ථිරාජවණ්ණසුත්තං 2. නාග සූත්‍රය
3. සුභසුත්තං 3. සුභ සූත්‍රය
4. පඨමමාරපාසසුත්තං 4. (පළමුවන) පාස සූත්‍රය
5. දුතියමාරපාසසුත්තං 5. (දෙවෙනි) පාස සූත්‍රය
6. සප්පසුත්තං 6. සප්ප සූත්‍රය
7. සුපතිසුත්තං 7. සුප්පති සූත්‍රය
8. නන්දතිසුත්තං 8. නන්‍දන සූත්‍රය
9. පඨමආයුසුත්තං 9. (පළමුවන) ආයු සූත්‍රය
10. දුතියආයුසුත්තං 10. (දෙවෙනි) ආයු සූත්‍රය
2. දුතියවග්ගො 2. දෙවෙනි (රජ්ජ) වර්‍ගය
1. පාසාණසුත්තං 1. පාසාන සූත්‍රය
2. කින්නුසීහසුත්තං 2. සීහ සූත්‍රය
3. සකලිකසුත්තං 3. සකලික සූත්‍රය
4. පතිරූපසුත්තං 4. පතිරූප සූත්‍රය
5. මානසසුත්තං 5. මානස සූත්‍රය
6. පත්තසුත්තං 6. පත්ත සූත්‍රය
152
සාවත්ථිනිදානං . තෙන ඛො පන සමයෙන භගවා පඤ්චන්නං උපාදානක්ඛන්ධානං උපාදාය භික්ඛූනං ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති (සමාදාපෙති (?)) සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ ච භික්ඛූ අට්ඨිං කත්වා (අට්ඨිකත්වා (සී. ස්‍යා. කං. පී.)) මනසි කත්වා සබ්බචෙතසා (සබ්බචෙතසො (සී. ස්‍යා. කං. පී.), සබ්බං චෙතසා (ක.)) සමන්නාහරිත්වා ඔහිතසොතා ධම්මං සුණන්ති.
අථ ඛො මාරස්ස පාපිමතො එතදහොසි - ‘‘අයං ඛො සමණො ගොතමො පඤ්චන්නං උපාදානක්ඛන්ධානං උපාදාය භික්ඛූනං ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ ච භික්ඛූ අට්ඨිං කත්වා මනසි කත්වා සබ්බචෙතසා සමන්නාහරිත්වා ඔහිතසොතා ධම්මං සුණන්ති. යංනූනාහං යෙන සමණො ගොතමො තෙනුපසඞ්කමෙය්‍යං විචක්ඛුකම්මායා’’ති.
තෙන ඛො පන සමයෙන සම්බහුලා පත්තා අබ්භොකාසෙ නික්ඛිත්තා හොන්ති. අථ ඛො මාරො පාපිමා බලීබද්දවණ්ණං අභිනිම්මිනිත්වා යෙන තෙ පත්තා තෙනුපසඞ්කමි. අථ ඛො අඤ්ඤතරො භික්ඛු අඤ්ඤතරං භික්ඛුං එතදවොච - ‘‘භික්ඛු, භික්ඛු, එසො බලීබද්දො පත්තෙ භින්දෙය්‍යා’’ති. එවං වුත්තෙ භගවා තං භික්ඛුං එතදවොච - ‘‘න සො, භික්ඛු, බලීබද්දො. මාරො එසො පාපිමා තුම්හාකං විචක්ඛුකම්මාය ආගතො’’ති. අථ ඛො භගවා ‘‘මාරො අයං පාපිමා’’ ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාය අජ්ඣභාසි -
‘‘රූපං වෙදයිතං සඤ්ඤා, විඤ්ඤාණං යඤ්ච සඞ්ඛතං;
නෙසොහමස්මි නෙතං මෙ, එවං තත්ථ විරජ්ජති.
‘‘එවං විරත්තං ඛෙමත්තං, සබ්බසංයොජනාතිගං;
අන්වෙසං සබ්බට්ඨානෙසු, මාරසෙනාපි නාජ්ඣගා’’ති.
අථ ඛො මාරො පාපිමා...පෙ.... තත්ථෙවන්තරධායීති.
152
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල භාග්‍යවතුන් වහන්සේ උපාදානස්කන්‍ධ තණ්හා පස පිළිබඳව භික්‍ෂූන්ට කරුණු දක්වනසේක. එහි සැටි ආදිය ඔවුන් සිකෙහි ගන්වනසේක. ඔවුන් උනන්‍දු කරන සේක. ඔවුන් අවබෝධකළ ගුණ වණා ඔවුන් සිත ප්‍රීති කරවනසේක. ඒ භික්‍ෂූහු එය වැඩ ඇති දෙයක් කොට ගෙන සිතෙහි ලා, මුළු සිතින් එය එක්කොටගෙන යොමුකළ කන් ඇතියෝව බණ අසත්
එකල්හි පාපී මාරයාහට මේ සිත ඇතිවිය. “ශ්‍රමණ ගෞකම තෙම උපාදානස්කන්‍ධ පස ගැන භික්‍ෂූන්ට දැහැමි කථායෙන් කරුණු දක්වයි. ඒ ඔවුන් සිතෙහි ගන්වයි. එහි ඔවුන් උනන්‍දුකරයි. ඔවුන් සිත ප්‍රීති කරයි. ඒ භික්‍ෂූහුද එයට කැමතිව ඒ සිත්හිලා මුළු සිතින් එක්කොටගෙන යොමුකළ කන් ඇතියෝව බණ අසත්. ඔවුන්ගේ නුවණැස කණකරලන්නට ශ්‍රමණ ගෞතම තෙම කරා ගියොත් යෙහෙක.”
එකල බොහෝ පාත්‍රා (වේලනු පිණිස) එළිමහණෙහි තබන ලද්දෝය.
එවිට පාපී මාරයා ගොන් වෙසක් මවාගෙන ඒ පාත්‍ර තිබුණු තැනට පැමිණියේය.
එවිට එක්තරා භික්‍ෂුවක් අන් භික්‍ෂුවකට “මහණ, මහණ, අර ගොනා පාත්‍රය බිඳී” යි කීය.
ඒසේ කීකල භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂුහට “භික්‍ෂුව, ඒ ගොනෙක් නොවේ, පාපී මාරයාය. තොප නූවනැස් කණ කරන්නට ආයේය.” යි වදාළසේක.
ඉක්බිති ‘මේ පාපී මාරයා’ යි දැන භාග්‍යවතුන් වහන්සේ ඔහුට ගාථායෙන් මෙසේ වදාළසේක:
“රූප, වේදනා, සංඥා, විඥාන සහ යම් සංස්කාර කෙනෙක් ඇද්ද, ඒ මේ පඤචකන්‍ධය “මම් නොවෙමි” ‘මෙය මාගේ නොවේයැ’ යි නුවණින් දක්නේ මෙසේ එහි ඇල්ම හරී.
“මෙසේ නොඇලුණු, උවදුරින් මිදුණු ආත්මභාවය ඇති, සියලු භව බැඳුම් (සංයෝජන) ඉක්මවා සිටි ඒ රහත්හු මරසෙන් පවා හැම තන්හිම සොයනුයේ නුමුදු ඔහු නොම දක්නේය.”
එවිට පාපී මාරයා ‘භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.
7. ඡඵස්සායතනසුත්තං 7. ආයතන සූත්‍රය
8. පිණ්ඩසුත්තං 8. පිණ්ඩ සූත්‍රය
9. කස්සකසුත්තං 9. කස්සන සූත්‍රය
10. රජ්ජසුත්තං 10. රජ්ජ සූත්‍රය
3. තතියවග්ගො 3. තුන්වෙනි වර්‍ගය
1. සම්බහුලසුත්තං 1. සම්බහුල සූත්‍රය
2. සමිද්ධිසුත්තං 2. සමිද්ධි සූත්‍රය
3. ගොධිකසුත්තං 3. ගෝධික සූත්‍රය
4. සත්තවස්සානුබන්ධසුත්තං 4. සත්තවස්ස සූත්‍රය
5. මාරධීතුසුත්තං 5. මාරධීතු (නොහොත් ධීතරො) සූත්‍රය