ත්‍රිපිටකය
3. කොසලසංයුත්තං 3. කොසල සංයුත්තය
1. පඨමවග්ගො 1. ප්‍රථම වර්‍ගය
1. දහරසුත්තං 1. දහර සූත්‍රය
2. පුරිසසුත්තං 2. පුරිස සූත්‍රය
3. ජරාමරණසුත්තං 3. රාජ සූත්‍රය
114
සාවත්ථිනිදානං . එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච - ‘‘අත්ථි නු ඛො, භන්තෙ, ජාතස්ස අඤ්ඤත්‍ර ජරාමරණා’’ති? ‘‘නත්ථි ඛො, මහාරාජ, ජාතස්ස අඤ්ඤත්‍ර ජරාමරණා. යෙපි තෙ, මහාරාජ, ඛත්තියමහාසාලා අඩ්ඪා මහද්ධනා මහාභොගා පහූතජාතරූපරජතා පහූතවිත්තූපකරණා පහූතධනධඤ්ඤා, තෙසම්පි ජාතානං නත්ථි අඤ්ඤත්‍ර ජරාමරණා. යෙපි තෙ, මහාරාජ, බ්‍රාහ්මණමහාසාලා...පෙ.... ගහපතිමහාසාලා අඩ්ඪා මහද්ධනා මහාභොගා පහූතජාතරූපරජතා පහූතවිත්තූපකරණා පහූතධනධඤ්ඤා, තෙසම්පි ජාතානං නත්ථි අඤ්ඤත්‍ර ජරාමරණා. යෙපි තෙ, මහාරාජ, භික්ඛූ අරහන්තො ඛීණාසවා වුසිතවන්තො කතකරණීයා ඔහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසංයොජනා සම්මදඤ්ඤාවිමුත්තා, තෙසං පායං කායො භෙදනධම්මො නික්ඛෙපනධම්මො’’ති. ඉදමවොච...පෙ....
‘‘ජීරන්ති වෙ රාජරථා සුචිත්තා,
අථො සරීරම්පි ජරං උපෙති;
සතඤ්ච ධම්මො න ජරං උපෙති,
සන්තො හවෙ සබ්භි පවෙදයන්තී’’ති.
114
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි පසේනදි කොසොල් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ එකත් පසෙක හුන්නේය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජතෙමේ “ස්වාමීනි, උපන් තැනැත්තාට ජරා මරණ දෙකින් ගැළවීමක් ඇත්තේදැ” යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීය.
“මහරජ, උපන් තැනැත්තාට ජරා මරණ දෙකින් ගැළවීමක් නැත. මහරජ, මහාසාර කුලවල උපන් යම් ඒ ක්‍ෂත්‍රියයෝ ධනයෙන් ආඪ්‍යවූ, මහත් ධන ඇත්තාවූ, බොහෝ සම්පත් ඇත්තාවූ, බොහෝ රන්රුවන් ඇත්තාවූ, මන පිනවන බොහෝ දේ ඇත්තාවූ, බොහෝ ධන ධාන්‍ය ඇත්තාවූ වෙත්ද, ඔවුන්ටද, ජරා මරණ දෙකින් ගැළවීමක් නැත. මහාසාර කුලවල උපන් බ්‍රාහ්මණයෝ ධනයෙන් ආඪ්‍යවූ, මහත් ධන ඇත්තාවූ, බොහෝ සම්පත් ඇත්තාවූ, බොහෝ රන්රුවන් ඇත්තාවූ, මන පිනවන බොහෝ දේ ඇත්තාවූ, බොහෝ ධන ධාන්‍ය ඇත්තාවූ වෙත්ද, ඔවුන්ටද, ජරා මරණ දෙකින් ගැළවීමක් නැත. මහාසාර කුලවල උපන් ගෘහපතියෝ ධනයෙන් ආඪ්‍යවූ, මහත් ධන ඇත්තාවූ, බොහෝ සම්පත් ඇත්තාවූ, බොහෝ රන්රුවන් ඇත්තාවූ, මන පිනවන බොහෝ දේ ඇත්තාවූ, බොහෝ ධන ධාන්‍ය ඇත්තාවූ වෙත්ද, ඔවුන්ටද, ජරා මරණ දෙකින් ගැළවීමක් නැත. මහරජ, කෙලෙස් නැසූ, මග බඹසර වැස නිමවූ, සතර මගින් කටයුතු කොට නිමවූ, කෙලෙස් බර බහා තැබූ, රහත් බවට පැමිණි, භව බන්‍ධන නැසූ, සතර සත්‍යයන් තතුසේ දැන කෙලෙසුන් ගෙන් මිදුනාවූ, යම් ඒ රහත් භික්‍ෂු කෙනෙක් වෙත්ද, ඔවුන්ගේත් මේ කය බිඳෙන ස්වභාව ඇත්තේය. ඉවත දැමියයුතු ස්වභාව ඇත්තේය.”
“විසිතුරු කරනලද රජුන්ගේ රථද දිරති. එසේම ශරීරයද දිරීමට පැමිණෙයි. එහෙත් බුද්‍ධාදී උත්තමයන්ගේ සද්‍ධර්‍මය දිරුමට නොපැමිණේ. එහෙයින් ඒ උත්තමයෝ ඒ සද්‍ධර්‍මය (නිවන) ඒකාන්ත පිහිට ලෙස ඔවුනොවුන්ට ප්‍රකාශ කරති.”
4. පියසුත්තං 4. පිය (නොහොත් පියඅත්ත) සූත්‍රය
5. අත්තරක්ඛිතසුත්තං 5. අත්තරක්ඛිත (රක්ඛිතන්ත) සූත්‍රය
6. අප්පකසුත්තං 6. අප්පකා සූත්‍රය
7. අඩ්ඩකරණසුත්තං 7. අත්‍ථකරණ සූත්‍රය
8. මල්ලිකාසුත්තං 8. මල්ලිකා සූත්‍රය
9. යඤ්ඤසුත්තං 9. යඤඤ සූත්‍රය
10. බන්ධනසුත්තං 10. බන්‍ධන සූත්‍රය
2. දුතියවග්ගො 2. දෙවෙනි වර්‍ගය
1. සත්තජටිලසුත්තං 1. ජටිල සූත්‍රය
2. පඤ්චරාජසුත්තං 2. පඤ්චරාජ සූත්‍රය
3. දොණපාකසුත්තං 3. දොණපාක සූත්‍රය
4. පඨමසඞ්ගාමසුත්තං 4. සඞගාමවත්‍ථු සූත්‍රය
5. දුතියසඞ්ගාමසුත්තං 5. සඞගාමවත්‍ථු සූත්‍රය
6. මල්ලිකාසුත්තං 6. ධීතු සූත්‍රය
7. අප්පමාදසුත්තං 7. අප්පමාදසුත්තං
8. කල්‍යාණමිත්තසුත්තං 8. දුතියප්පමාද සූත්‍රය
9. පඨමඅපුත්තකසුත්තං 9. පඨමා පුත්තක සූත්‍රය
10. දුතියඅපුත්තකසුත්තං 10. දුතියාපුත්තක සූත්‍රය
3. තතියවග්ගො 3. තුන්වෙනි වර්ගය
1. පුග්ගලසුත්තං 1. පුග්ගල සූත්‍රය
2. අය්‍යිකාසුත්තං 2. අය්‍යතා සූත්‍රය
3. ලොකසුත්තං 3. ලොක සූතුය
4. ඉස්සත්තසුත්තං 4. ඉස්සත්ත සූත්‍රය
5. පබ්බතූපමසුත්තං 5. පබ්බතූපම සූත්‍රය