ත්‍රිපිටකය
3. කොසලසංයුත්තං 3. කොසල සංයුත්තය
1. පඨමවග්ගො 1. ප්‍රථම වර්‍ගය
1. දහරසුත්තං 1. දහර සූත්‍රය
112
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො රාජා පසෙනදි කොසලො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච - ‘‘භවම්පි නො ගොතමො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති පටිජානාතී’’ති? ‘‘යඤ්හි තං, මහාරාජ, සම්මා වදමානො වදෙය්‍ය ‘අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති, මමෙව (මමං (සබ්බත්ථ)) තං සම්මා වදමානො වදෙය්‍ය. අහඤ්හි, මහාරාජ, අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’’ති.
‘‘යෙපි තෙ, භො ගොතම, සමණබ්‍රාහ්මණා සඞ්ඝිනො ගණිනො ගණාචරියා ඤාතා යසස්සිනො තිත්ථකරා සාධුසම්මතා බහුජනස්ස, සෙය්‍යථිදං - පූරණො කස්සපො, මක්ඛලි ගොසාලො, නිගණ්ඨො නාටපුත්තො, සඤ්චයො බෙලට්ඨපුත්තො, පකුධො කච්චායනො, අජිතො කෙසකම්බලො; තෙපි මයා ‘අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති පටිජානාථා’ති පුට්ඨා සමානා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති න පටිජානන්ති. කිං පන භවං ගොතමො දහරො චෙව ජාතියා නවො ච පබ්බජ්ජායා’’ති?
‘‘චත්තාරො ඛො මෙ, මහාරාජ, දහරාති න උඤ්ඤාතබ්බා, දහරාති න පරිභොතබ්බා. කතමෙ චත්තාරො? ඛත්තියො ඛො, මහාරාජ, දහරොති න උඤ්ඤාතබ්බො, දහරොති න පරිභොතබ්බො. උරගො ඛො, මහාරාජ, දහරොති න උඤ්ඤාතබ්බො, දහරොති න පරිභොතබ්බො. අග්ගි ඛො, මහාරාජ, දහරොති න උඤ්ඤාතබ්බො, දහරොති න පරිභොතබ්බො. භික්ඛු, ඛො, මහාරාජ, දහරොති න උඤ්ඤාතබ්බො, දහරොති න පරිභොතබ්බො. ඉමෙ ඛො, මහාරාජ, චත්තාරො දහරාති න උඤ්ඤාතබ්බා, දහරාති න පරිභොතබ්බා’’ති.
ඉදමවොච භගවා. ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා -
‘‘ඛත්තියං ජාතිසම්පන්නං, අභිජාතං යසස්සිනං;
දහරොති නාවජානෙය්‍ය, න නං පරිභවෙ නරො.
‘‘ඨානඤ්හි සො මනුජින්දො, රජ්ජං ලද්ධාන ඛත්තියො;
සො කුද්ධො රාජදණ්ඩෙන, තස්මිං පක්කමතෙ භුසං;
තස්මා තං පරිවජ්ජෙය්‍ය, රක්ඛං ජීවිතමත්තනො.
‘‘ගාමෙ වා යදි වා රඤ්ඤෙ, යත්ථ පස්සෙ භුජඞ්ගමං;
දහරොති නාවජානෙය්‍ය, න නං පරිභවෙ නරො.
‘‘උච්චාවචෙහි වණ්ණෙහි, උරගො චරති තෙජසී (තෙජසා (සී. ක.), තෙජසි (පී. ක.));
සො ආසජ්ජ ඩංසෙ බාලං, නරං නාරිඤ්ච එකදා;
තස්මා තං පරිවජ්ජෙය්‍ය, රක්ඛං ජීවිතමත්තනො.
‘‘පහූතභක්ඛං ජාලිනං, පාවකං කණ්හවත්තනිං;
දහරොති නාවජානෙය්‍ය, න නං පරිභවෙ නරො.
‘‘ලද්ධා හි සො උපාදානං, මහා හුත්වාන පාවකො;
සො ආසජ්ජ ඩහෙ (දහෙ) බාලං, නරං නාරිඤ්ච එකදා;
තස්මා තං පරිවජ්ජෙය්‍ය, රක්ඛං ජීවිතමත්තනො.
‘‘වනං යදග්ගි ඩහති (දහති (ක.)), පාවකො කණ්හවත්තනී;
ජායන්ති තත්ථ පාරොහා, අහොරත්තානමච්චයෙ.
‘‘යඤ්ච ඛො සීලසම්පන්නො, භික්ඛු ඩහති තෙජසා;
න තස්ස පුත්තා පසවො, දායාදා වින්දරෙ ධනං;
අනපච්චා අදායාදා, තාලාවත්ථූ භවන්ති තෙ.
‘‘තස්මා හි පණ්ඩිතො පොසො, සම්පස්සං අත්ථමත්තනො;
භුජඞ්ගමං පාවකඤ්ච, ඛත්තියඤ්ච යසස්සිනං;
භික්ඛුඤ්ච සීලසම්පන්නං, සම්මදෙව සමාචරෙ’’ති.
එවං වුත්තෙ, රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භන්තෙ, අභික්කන්තං, භන්තෙ! සෙය්‍යථාපි භන්තෙ, නික්කුජ්ජිතං (නිකුජ්ජිතං (?)) වා උක්කුජ්ජෙය්‍ය , පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය , අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්‍ය - ‘චක්ඛුමන්තො රූපානි දක්ඛන්තී’ති; එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං, භන්තෙ, භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං, භන්තෙ, භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති.
112
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, සතුටු විය. සතුටු වියයුතු, සිහි කටහුතු කථා පවත්වා එක් පසෙක හුන්නේය.
එක් පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “භවත් ගෞතමයන් වහන්සේත් ‘අනුත්තර සම්‍යක් සම්බෝධිය ලදුම්හ’ යි ප්‍රතිඥා කෙරෙත්ද?”
“මහරජ, සරිලෙස කියන තැනැත්තේ ‘මේ තෙම සම්‍යක් සම්බෝධියට පැමිණියේය’ යි යමකු ගැන කියන්නේ නම්, ඒ නිවැරැදි සේ කියන තැනැත්තා එය මා ගැනම කියන්නේය. මහරජ, මම් වනාහි ඉතා උතුම් සම්‍යක් සම්බෝධියට පැමිණියෙක්මි” යි (භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දුන් සේක.)
“භවත් ගෞතමයන් වහන්ස, පූරණකස්සප, මක්ඛලීගොසාල, නිගණ්ඨනාථපුත්ත, සඤජයබෙල්ලට්ඨපුත්ත, පකුධකච්චායන, අජිත කෙසකම්බල යන පැවිදි සමූහයා ඇති, පැවිදි ගනයා ඇති, ගණාචාර්‍ය්‍යවූ, ප්‍රකටවූ යසස් ඇති, ලබ්ධි ඇති කරන්නාවූ, බොහෝ දෙනා විසින් යහපත්යයි සම්මත කරණලද යම් ඒ මහණ බමුණු කෙනෙක් වෙත්ද, ඔවුහුත් අනුත්තර සම්මා සම්බෝධිය ලදුම්හයි ප්‍රතිඥා කරනුදැයි මවිසින් ප්‍රශ්න කරන ලද්දෝ අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කෙළෙමුයි ප්‍රතිඥා නොකරති. උත්පත්තියෙන් තරුණුවූත්, පැවිද්දෙන් ආධුනිකවූත්, අළුත පැවිදිවූ භවත් ගෞතමයන් වහන්සේ කෙසේ නම් ප්‍රතිඥා කරන සේක්ද?”
“මහරජ, මේ සතරදෙනෙක් තරුණයයි හෙවත් ළදරුයයි ලඝු කොට සැලකිය යතු නොවෙති, පරිභව කටයුතු නොවෙති. එනම්:- ක්‍ෂත්‍රිය රජ කුමරා ළදරුයයි සැහැල්ලුකොට සිතියයුතු නොවේ. සර්‍පයා ළදරුයයි සැහැල්ල්‍රකොට සිතියයුතු නොවේ. ගින්න කුඩායයි නොසැලකියයුතු නොවේ. භික්‍ෂුව තරුණයයි පහත්සේ සිතියයුතු නොවේ. මහරජ, මේ සතරදෙන තරුණයයි අවමන් නොකටයුතු වෙති. පරිභව නොකටයුතු වෙති.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත මේ ගාථා වදාළ සේක.
නුවණැති මිනිස් තෙමේ ජාති සම්පන්නවූ, උසස් කුලයෙහි උපන්නාවූ, යසස් ඇති, ක්‍ෂත්‍රිය රාජකුමාරයාට, ළදරුයයි අවමන් නොකරන්නේය. පරිභව නොකරන්නේය, ඊට කරුණු ඇත්තාහ, මනුජෙන්‍ද්‍රවූ ඒ ක්‍ෂත්‍රිය තෙමේ රජකම ලබාගෙන තමන්ට අවමන්කළ තැනැත්තා කෙරෙහි කිපියේ බෙහෙවින් ඔහුට රාජ දඬුවම් කරන්නේය. එහෙයින් තම දිවි රකින්නා ඒ ක්‍ෂත්‍රිය (උතුම්) කුමරුන් නොගටා ඈත්වන්නේය.
“නුවණැති මිනිසා ගමෙහි හෝ වෙනෙහි හෝ යම්කිසි තැනෙක සර්‍පයෙක් දකීද, ඒ සර්පයා කුඩායයි සැහැල්ලුකොට නොසිතන්නේය. අවමන් නොකරන්නේය. තෙදින් යුත් සර්පයා උස් පහත් නොයෙක් වෙසින් හැසිරෙන්නේය. ඒ සර්පයා තමහට ගැහැට කළ අඥාන මිනිසා හෝ ගැහැනිය වෙත පැමිණ දෂ්ට කරන්නේය. එහෙයින් තම දිවි රකින්නේ ඒ සර්පයා වෙත නොයන්නේය.
“බොහෝ කොට කන, ගිනි දැල් ඇති, ගිය මග කළුකරණ ගින්න නුවණැති මිනිසා කුඩායයි ලඝුකොට නොසිතන්නේය. පරිභව නොකරන්නේය. ඒ ගින්න ඇවිලීමට උපකරණ ලැබ මහත්වී ඒ අවමන්කළ අඥාන මිනිසා හෝ ගැහැනිය වෙත පැමිණ දවන්නේය. එහෙයින් තම දිවි රකින්නා ඒ ගින්න ඈත් කරන්නේය.
“ගිය මග කළුකරන්නාවූද, පව් දවන්නා යන අර්ත්‍ථයෙන් පාචක නම්වූද ගින්න යම් වනයක් දවානම් එහි කලකට පසු පැල හටගනිති. නමුත් සිල්වත් භික්‍ෂු සිල් තෙදින් යමෙකුන් දවානම් ඔහුට පුත්තු නැති වෙති. ගෙරි සරක් නැති වෙති. ඔහුගේ දායාදයෝ හෙවත් ධනයට හිමිකම් ඇති නෑදෑයෝ ඔහුගේ ධනය නොලබති. ඔවුහු දූ දරුවන් නැත්තෝව, ධනයට හිමි නෑයන් නැත්තෝව කරටියෙන් කැඩූ තල් ගස් මෙන් වෙති.
එහෙයින් තමන්ට යහපත බලාපොරොත්තුවන නුවණැති මනුෂ්‍යයා සර්පයාද, ගින්නද, කීර්තිමත් උතුම් කුමරාද, සිල්වත් භික්‍ෂුවද යන මොවුන් කෙරෙයි යහපත්ව හැසිරෙන්නේය.”
මෙසේ වදාළ කල්හි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. “ස්වාමීනි, ඉතා රම්‍යයි, ඉතා මනොඥයි. ස්වාමීනි, යටිකුරු වූවක් යම්සේ උඩුකුරු කරන්නේද, වැසුනු දෙයක් යම්සේ මතුකරන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරේ තෙල් පහනක් දල්වන්නේ යම්සේද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්‍මය ප්‍රකාශකරණ ලදී. ස්වාමීනි, මේ මම බුදුන්, දහම්, සංඝයා සරණ යමි. භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණ ගිය උපාසකයෙකු ලෙස සලකන සේක්වා.”
2. පුරිසසුත්තං 2. පුරිස සූත්‍රය
3. ජරාමරණසුත්තං 3. රාජ සූත්‍රය
4. පියසුත්තං 4. පිය (නොහොත් පියඅත්ත) සූත්‍රය
5. අත්තරක්ඛිතසුත්තං 5. අත්තරක්ඛිත (රක්ඛිතන්ත) සූත්‍රය
6. අප්පකසුත්තං 6. අප්පකා සූත්‍රය
7. අඩ්ඩකරණසුත්තං 7. අත්‍ථකරණ සූත්‍රය
8. මල්ලිකාසුත්තං 8. මල්ලිකා සූත්‍රය
9. යඤ්ඤසුත්තං 9. යඤඤ සූත්‍රය
10. බන්ධනසුත්තං 10. බන්‍ධන සූත්‍රය
2. දුතියවග්ගො 2. දෙවෙනි වර්‍ගය
1. සත්තජටිලසුත්තං 1. ජටිල සූත්‍රය
2. පඤ්චරාජසුත්තං 2. පඤ්චරාජ සූත්‍රය
3. දොණපාකසුත්තං 3. දොණපාක සූත්‍රය
4. පඨමසඞ්ගාමසුත්තං 4. සඞගාමවත්‍ථු සූත්‍රය
5. දුතියසඞ්ගාමසුත්තං 5. සඞගාමවත්‍ථු සූත්‍රය
6. මල්ලිකාසුත්තං 6. ධීතු සූත්‍රය
7. අප්පමාදසුත්තං 7. අප්පමාදසුත්තං
8. කල්‍යාණමිත්තසුත්තං 8. දුතියප්පමාද සූත්‍රය
9. පඨමඅපුත්තකසුත්තං 9. පඨමා පුත්තක සූත්‍රය
10. දුතියඅපුත්තකසුත්තං 10. දුතියාපුත්තක සූත්‍රය
3. තතියවග්ගො 3. තුන්වෙනි වර්ගය
1. පුග්ගලසුත්තං 1. පුග්ගල සූත්‍රය
2. අය්‍යිකාසුත්තං 2. අය්‍යතා සූත්‍රය
3. ලොකසුත්තං 3. ලොක සූතුය
4. ඉස්සත්තසුත්තං 4. ඉස්සත්ත සූත්‍රය
5. පබ්බතූපමසුත්තං 5. පබ්බතූපම සූත්‍රය