ත්‍රිපිටකය
3. කොසලසංයුත්තං 3. කොසල සංයුත්තය
1. පඨමවග්ගො 1. ප්‍රථම වර්‍ගය
1. දහරසුත්තං 1. දහර සූත්‍රය
2. පුරිසසුත්තං 2. පුරිස සූත්‍රය
3. ජරාමරණසුත්තං 3. රාජ සූත්‍රය
4. පියසුත්තං 4. පිය (නොහොත් පියඅත්ත) සූත්‍රය
5. අත්තරක්ඛිතසුත්තං 5. අත්තරක්ඛිත (රක්ඛිතන්ත) සූත්‍රය
6. අප්පකසුත්තං 6. අප්පකා සූත්‍රය
7. අඩ්ඩකරණසුත්තං 7. අත්‍ථකරණ සූත්‍රය
8. මල්ලිකාසුත්තං 8. මල්ලිකා සූත්‍රය
9. යඤ්ඤසුත්තං 9. යඤඤ සූත්‍රය
10. බන්ධනසුත්තං 10. බන්‍ධන සූත්‍රය
2. දුතියවග්ගො 2. දෙවෙනි වර්‍ගය
1. සත්තජටිලසුත්තං 1. ජටිල සූත්‍රය
2. පඤ්චරාජසුත්තං 2. පඤ්චරාජ සූත්‍රය
3. දොණපාකසුත්තං 3. දොණපාක සූත්‍රය
4. පඨමසඞ්ගාමසුත්තං 4. සඞගාමවත්‍ථු සූත්‍රය
5. දුතියසඞ්ගාමසුත්තං 5. සඞගාමවත්‍ථු සූත්‍රය
6. මල්ලිකාසුත්තං 6. ධීතු සූත්‍රය
7. අප්පමාදසුත්තං 7. අප්පමාදසුත්තං
8. කල්‍යාණමිත්තසුත්තං 8. දුතියප්පමාද සූත්‍රය
9. පඨමඅපුත්තකසුත්තං 9. පඨමා පුත්තක සූත්‍රය
10. දුතියඅපුත්තකසුත්තං 10. දුතියාපුත්තක සූත්‍රය
3. තතියවග්ගො 3. තුන්වෙනි වර්ගය
1. පුග්ගලසුත්තං 1. පුග්ගල සූත්‍රය
2. අය්‍යිකාසුත්තං 2. අය්‍යතා සූත්‍රය
3. ලොකසුත්තං 3. ලොක සූතුය
4. ඉස්සත්තසුත්තං 4. ඉස්සත්ත සූත්‍රය
5. පබ්බතූපමසුත්තං 5. පබ්බතූපම සූත්‍රය
136
සාවත්ථිනිදානං . එකමන්තං නිසින්නං ඛො රාජානං පසෙනදිං කොසලං භගවා එතදවොච - ‘‘හන්ද, කුතො නු ත්වං, මහාරාජ, ආගච්ඡසි දිවා දිවස්සා’’ති? ‘‘යානි තානි, භන්තෙ, රඤ්ඤං ඛත්තියානං මුද්ධාවසිත්තානං ඉස්සරියමදමත්තානං කාමගෙධපරියුට්ඨිතානං ජනපදත්ථාවරියප්පත්තානං මහන්තං පථවිමණ්ඩලං අභිවිජිය අජ්ඣාවසන්තානං රාජකරණීයානි භවන්ති, තෙසු ඛ්වාහං, එතරහි උස්සුක්කමාපන්නො’’ති.
‘‘තං කිං මඤ්ඤසි, මහාරාජ, ඉධ තෙ පුරිසො ආගච්ඡෙය්‍ය පුරත්ථිමාය දිසාය සද්ධායිකො පච්චයිකො. සො තං උපසඞ්කමිත්වා එවං වදෙය්‍ය - ‘යග්ඝෙ, මහාරාජ, ජානෙය්‍යාසි, අහං ආගච්ඡාමි පුරත්ථිමාය දිසාය. තත්ථද්දසං මහන්තං පබ්බතං අබ්භසමං සබ්බෙ පාණෙ නිප්පොථෙන්තො ආගච්ඡති. යං තෙ, මහාරාජ, කරණීයං, තං කරොහී’ති. අථ දුතියො පුරිසො ආගච්ඡෙය්‍ය පච්ඡිමාය දිසාය...පෙ.... අථ තතියො පුරිසො ආගච්ඡෙය්‍ය උත්තරාය දිසාය...පෙ.... අථ චතුත්ථො පුරිසො ආගච්ඡෙය්‍ය දක්ඛිණාය දිසාය සද්ධායිකො පච්චයිකො. සො තං උපසඞ්කමිත්වා එවං වදෙය්‍ය - ‘යග්ඝෙ මහාරාජ, ජානෙය්‍යාසි, අහං ආගච්ඡාමි දක්ඛිණාය දිසාය. තත්ථද්දසං මහන්තං පබ්බතං අබ්භසමං සබ්බෙ පාණෙ නිප්පොථෙන්තො ආගච්ඡති. යං තෙ, මහාරාජ, කරණීයං තං කරොහී’ති. එවරූපෙ තෙ, මහාරාජ, මහති මහබ්භයෙ සමුප්පන්නෙ දාරුණෙ මනුස්සක්ඛයෙ (මනුස්සකායෙ (ක.)) දුල්ලභෙ මනුස්සත්තෙ කිමස්ස කරණීය’’න්ති?
‘‘එවරූපෙ මෙ, භන්තෙ, මහති මහබ්භයෙ සමුප්පන්නෙ දාරුණෙ මනුස්සක්ඛයෙ දුල්ලභෙ මනුස්සත්තෙ කිමස්ස කරණීයං අඤ්ඤත්‍ර ධම්මචරියාය අඤ්ඤත්‍ර සමචරියාය අඤ්ඤත්‍ර කුසලකිරියාය අඤ්ඤත්‍ර පුඤ්ඤකිරියායා’’ති?
‘‘ආරොචෙමි ඛො තෙ, මහාරාජ, පටිවෙදෙමි ඛො තෙ, මහාරාජ, අධිවත්තති ඛො තං, මහාරාජ, ජරාමරණං. අධිවත්තමානෙ චෙ තෙ, මහාරාජ, ජරාමරණෙ කිමස්ස කරණීය’’න්ති? ‘‘අධිවත්තමානෙ ච මෙ, භන්තෙ, ජරාමරණෙ කිමස්ස කරණීයං අඤ්ඤත්‍ර ධම්මචරියාය සමචරියාය කුසලකිරියාය පුඤ්ඤකිරියාය? යානි තානි, භන්තෙ, රඤ්ඤං ඛත්තියානං මුද්ධාවසිත්තානං ඉස්සරියමදමත්තානං කාමගෙධපරියුට්ඨිතානං ජනපදත්ථාවරියප්පත්තානං මහන්තං පථවිමණ්ඩලං අභිවිජිය අජ්ඣාවසන්තානං හත්ථියුද්ධානි භවන්ති; තෙසම්පි, භන්තෙ, හත්ථියුද්ධානං නත්ථි ගති නත්ථි විසයො අධිවත්තමානෙ ජරාමරණෙ. යානිපි තානි, භන්තෙ, රඤ්ඤං ඛත්තියානං මුද්ධාවසිත්තානං...පෙ.... අජ්ඣාවසන්තානං අස්සයුද්ධානි භවන්ති...පෙ.... රථයුද්ධානි භවන්ති ...පෙ.... පත්තියුද්ධානි භවන්ති; තෙසම්පි , භන්තෙ, පත්තියුද්ධානං නත්ථි ගති නත්ථි විසයො අධිවත්තමානෙ ජරාමරණෙ. සන්ති ඛො පන, භන්තෙ, ඉමස්මිං රාජකුලෙ මන්තිනො මහාමත්තා, යෙ පහොන්ති (යෙසං හොන්ති (ක.)) ආගතෙ පච්චත්ථිකෙ මන්තෙහි භෙදයිතුං. තෙසම්පි, භන්තෙ, මන්තයුද්ධානං නත්ථි ගති නත්ථි විසයො අධිවත්තමානෙ ජරාමරණෙ. සංවිජ්ජති ඛො පන, භන්තෙ, ඉමස්මිං රාජකුලෙ පහූතං හිරඤ්ඤසුවණ්ණං භූමිගතඤ්චෙව වෙහාසට්ඨඤ්ච, යෙන මයං පහොම ආගතෙ පච්චත්ථිකෙ ධනෙන උපලාපෙතුං. තෙසම්පි, භන්තෙ, ධනයුද්ධානං නත්ථි ගති නත්ථි විසයො අධිවත්තමානෙ ජරාමරණෙ. අධිවත්තමානෙ ච මෙ, භන්තෙ, ජරාමරණෙ කිමස්ස කරණීයං අඤ්ඤත්‍ර ධම්මචරියාය සමචරියාය කුසලකිරියාය පුඤ්ඤකිරියායා’’ති?
‘‘එවමෙතං, මහාරාජ, එවමෙතං, මහාරාජ! අධිවත්තමානෙ ජරාමරණෙ කිමස්ස කරණීයං අඤ්ඤත්‍ර ධම්මචරියාය සමචරියාය කුසලකිරියාය පුඤ්ඤකිරියායා’’ති? ඉදමවොච භගවා...පෙ.... සත්ථා -
‘‘යථාපි සෙලා විපුලා, නභං ආහච්ච පබ්බතා;
සමන්තානුපරියායෙය්‍යුං, නිප්පොථෙන්තො චතුද්දිසා.
‘‘එවං ජරා ච මච්චු ච, අධිවත්තන්ති පාණිනෙ (පාණිනො (සී. ස්‍යා. කං. පී.));
ඛත්තියෙ බ්‍රාහ්මණෙ වෙස්සෙ, සුද්දෙ චණ්ඩාලපුක්කුසෙ;
කිඤ්චි (න කඤ්චි (?)) පරිවජ්ජෙති, සබ්බමෙවාභිමද්දති.
‘‘න තත්ථ හත්ථීනං භූමි, න රථානං න පත්තියා;
න චාපි මන්තයුද්ධෙන, සක්කා ජෙතුං ධනෙන වා.
‘‘තස්මා හි පණ්ඩිතො පොසො, සම්පස්සං අත්ථමත්තනො;
බුද්ධෙ ධම්මෙ ච සඞ්ඝෙ ච, ධීරො සද්ධං නිවෙසයෙ.
‘‘යො ධම්මං චරි (ධම්මචාරී (සී. ස්‍යා. කං. පී.)) කායෙන, වාචාය උද චෙතසා;
ඉධෙව නං පසංසන්ති, පෙච්ච සග්ගෙ පමොදතී’’ති.
136
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත් පස්ව හුන් පසේනදි කොසොල් රජුගෙන් භාග්‍යවතුන් වහන්සේ “මහරජ, මේ මැදුම් දවල් කොහි සිට එහිදැ” යි ඇසූ සේක.
“ස්වාමීනි, ඔටුනු පැළැන්දාවූ, ඓශචර්‍ය්‍ය මදයෙන් මත්වූ, කාම සම්පතෙහි ගිජුකමින් වැඩුනාවූ, දනව්වල ස්ථිරත්‍වයට පැමිණ, මහත් මිහිමඬල (පොළොව) දිනා වසන්නාවූ, ක්‍ෂත්‍රිය රජවරුන් පිළිබඳ යම් ඒ කටයුතු වෙත් නම්, මම දැන් ඒ කාර්‍ය්‍යයන්හි උද්‍යොගවත් බවට පැමිණ සිටිමි.”
“මහරජ, ඒ කුමැයි සිතනෙහිද? මහරජ, ඇදහිය යුතු වචන ඇති, විශ්වාස කටයුතු වචන ඇති, පුරුෂයෙක් මෙහිදී පෙරදිග සිට ඔබවෙත එන්නේය. ඔහු ඔබ වෙත පැමිණ, මෙසේ කියන්නේය. ‘මහරජ, දන්නෙහිද? මම පෙරදිග සිට එමි. මම එහි අහස සම මහ පර්‍වතයක් හැම සතුන් සුනු විසුනු කරමින් පෙරළී එනු දිටිමි. මහරජ, ඔබ විසින් යමක් කටයුතු නම් ඒ කරනු මැනව.’
“නැවත, ඇදහිය යුතු වචන ඇති, විශ්වාස කටයුතු වචන ඇති, දෙවෙනි පුරුෂයෙක් මෙහිදී බටහිරදිග සිට ඔබවෙත එන්නේය. ඔහු ඔබ වෙත පැමිණ, මෙසේ කියන්නේය. ‘මහරජ, දන්නෙහිද? මම බටහිරදිග සිට එමි. මම එහි අහස සම මහ පර්‍වතයක් හැම සතුන් සුනු විසුනු කරමින් පෙරළී එනු දිටිමි. මහරජ, ඔබ විසින් යමක් කටයුතු නම් ඒ කරනු මැනව.’
“නැවත, ඇදහිය යුතු වචන ඇති, විශ්වාස කටයුතු වචන ඇති, තුන්වෙනි පුරුෂයෙක් මෙහිදී උතුරුදිග සිට ඔබවෙත එන්නේය. ඔහු ඔබ වෙත පැමිණ, මෙසේ කියන්නේය. ‘මහරජ, දන්නෙහිද? මම උතුරුදිග සිට එමි. මම එහි අහස සම මහ පර්‍වතයක් හැම සතුන් සුනු විසුනු කරමින් පෙරළී එනු දිටිමි. මහරජ, ඔබ විසින් යමක් කටයුතු නම් ඒ කරනු මැනව.’
“නැවත, ඇදහිය යුතු වචන ඇති, විශ්වාස කටයුතු වචන ඇති, හතරවෙනි පුරුෂයෙක් මෙහිදී දකුණුදිග සිට ඔබවෙත එන්නේය. ඔහු ඔබ වෙත පැමිණ, මෙසේ කියන්නේය. ‘මහරජ, දන්නෙහිද? මම දකුණුදිග සිට එමි. මම එහි අහස සම මහ පර්‍වතයක් හැම සතුන් සුනු විසුනු කරමින් පෙරළී එනු දිටිමි. මහරජ, ඔබ විසින් යමක් කටයුතු නම් ඒ කරනු මැනව.’
“මහරජ, දරුණුවූ, මිනිසුන් වනසන්නාවූ, මහත්වූ මෙබඳු භයක් හටගත් කල්හි, දුර්ලභවූ මිනිසත් බැව්හි සිටින ඔබ විසින් කුමක් කටයුතුද?” “ස්වාමීනි, දරුණුවූ, මිනිසුන් වනසන්නාවූ, මහත්වූ මෙබඳු භයක් හටගත් කල්හි, දුර්ලභ මනුෂ්‍යාතමයෙහි සිටින මවිසින් ධර්‍මයෙහි හැසිරීම, සම බැව්හි හැසිරීම, කුසල් කිරීම, පින් කිරීම හැර කුමක් කටයුතුද?”
“මහරජ, මම ඔබට කියමි. මම ඔබට දන්වමි. මහරජ, ජරා මරණ දෙක ඔබ මැඩගෙන සිටිති. මහරජ, ජරා මරණ දෙක ඔබ මැඩගෙන සිටින කල්හි ඊට කුමක් කටයුතුද?
“ස්වාමීනි, ජරා මරණ දෙක මා මැඩගෙන සිටින කල්හි ධර්‍මයෙහි හැසිරීම, සම බැව්හි හැසිරීම, කුසල් කිරීම, පින් කිරීම හැර කුමක් කටයුතුද?” ස්වාමීනි, ඔටුනු පැළැන්දාවූ, ඉසුරුමදින් මත්වූ, කම් සැපෙහි ගිජුකමින් වැඩුනු, දනව්වල ස්ථිරත්‍වයට පැමිණි, මහපොළොව දිනා වසන, ක්‍ෂත්‍රිය රජවරුන්ගේ යම් ඒ ඇත් යුද වෙත්ද? ස්වාමීනි, ජරා මරණ දෙක අප මඩින කල ඒ ඇත් යුදවලින්ද පිහිටක් නැත. අප රැකීමට ඒ ඇත් යුදවලට සමත්කමක් නැත. ස්වාමීනි, ඔටුනුපලන් ක්‍ෂත්‍රිය රජවරුන්ගේ යම් ඒ අශ්ව යුද්ධ වෙත්ද? ස්වාමීනි, ජරා මරණ දෙක අප මඩින කල ඒ අශ්ව යුද්‍ධවලින්ද පිහිටක් නැත. අප රැකීමට ඒ අශ්ව යුද්‍ධවලට සමත්කමක් නැත. ස්වාමීනි, ඔටුනුපලන් ක්‍ෂත්‍රිය රජවරුන්ගේ යම් ඒ රථ යුද්ධ වෙත්ද? ස්වාමීනි, ජරා මරණ දෙක අප මඩින කල ඒ රථ යුද්ධවලින්ද පිහිටක් නැත. අප රැකීමට ඒ රථ යුද්ධවලට සමත්කමක් නැත. ස්වාමීනි, ඔටුනුපලන් ක්‍ෂත්‍රිය රජවරුන්ගේ යම් ඒ පාබල සෙනගින් කරන යුද්ධ වෙත්ද? ස්වාමීනි, ජරා මරණ දෙකින් අප මඩින කල්හි ඒ පාබල යුද්ධවලින්ද ඩැඩක් නැත. ඒ යුද්ධවලට අප රැකීමට පුළුවන්කමක් නැත.
“ස්වාමීනි, විරුද්ධව පැමිණි සතුරන් මන්ත්‍රණයෙන් බිඳ හැරීමෙහි පොහොසත්වූ, මන්ත්‍රණයෙහි දක්‍ෂ මහ ඇමතියෝ මේ රාජකුලයෙහි ඇත්තාහ. ස්වාමීනි, ජරා මරණ දෙක අප මඩින කල්හි ඒ මන්ත්‍රණ යුද්ධවලින්ද ප්‍රයෝජනයක් නැත. ඒ මන්ත්‍රණ යුද්ධවලින් අප රැකීමට නුපුළුවන.
“ස්වාමීනි, පැමිණි පසමිතුරන් ධනයෙන් පොළඹවන්ට සමත්වූ පොළොවෙහි නිදන් කළාවූද, උඩ තැබුවාවූද, බොහෝ රත්රන් මේ රාජකුලයෙහි ඇත්තාහ. ස්වාමීනි, ජරා මරණ දෙක අප මඩින කල්හි ඒ ධන යුද්ධවලින්ද වැඩක් නැත. ඒ ධන යුද්ධවලින්ද අප රැක්ක නොහැක.
“ස්වාමීනි, ජරා මරණ දෙක අප මඩින කල්හි කුසල් දහම්හි හැසිරීම, සම චරියාවෙහි හැසිරීම, කුසල් කිරීම, පින් කිරීම හැර වෙන කුමක් නම් කටයුතුද?”
“මහරජ, ඒ එසේය. මහරජ, ඒ එසේය. ජරා මරණ දෙකින් ඔබ මඩින කල්හි ධර්‍මයෙහි හැසිරීම, සමබැව්හි හැසිරීම, කුසල් කිරීම, පින් කිරීම හැර වෙන කුමක් නම් කටයුතුද?” (නැත්මය.)
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. මෙය වදාරා නැවත අන්‍යවූ මේ ගාථාද වදාලේය.
“යම්සේ අහස හැපී සිටි මහත්වූ ශෛලමය පර්‍වත දෙකක් හාත්පස සිව්දිගින් හැම දෙය මැඩ සුනුවිසුනු කරමින් පෙරලී එත්ද, එසේම ජරාවද මරණයද යන දෙක ක්‍ෂත්‍රියයන්ද, බ්‍රාහ්මණයන්ද, වෛශ්‍යයන්ද, ශ්‍රද්‍රයන්ද, චණ්ඩාලයන්ද, කසල ශෝධකයන්ද යන හැම සතුන්ම මැඩගෙන සිටිති. කිසිවෙකු අත් නොහරියි. හැම දෙනම මැඩලයි.
“එහිදී හෙවත් ජරා මරණ සතුන් මැඩලීමේදී ඇත් සෙනගටද, අස් සෙනගටද, රිය සෙනගටද, පාබල සෙනගටද, විෂයවූ භූමියක් නැත. මන්ත්‍රණ යුද්‍ධයෙන්ද,ධනයෙන්ද ඒ ජරා මරණ පරදවන්නට නොහැක්කේය.
“එහෙයින් පණ්ඩිත පුරුෂයා තමහට වැඩ කැමැත්තේ ධෘතිසම්පන්නවූයේ බුදුන්, දහම්, සඞඝ යන රත්නත්‍රය විෂයෙහි ශ්‍රද්‍ධාව පිහිට වන්නේය.
“යමෙක් කයින්ද, වචනයෙන්ද, නැවත සිතින්ද, ධර්‍මයෙහි හැසිරේද, ඔහුට මෙලොවදීත් පසසති. පරලොව ස්වර්‍ගයෙහි සතුටට පත්වේ.