ත්‍රිපිටකය
3. කොසලසංයුත්තං 3. කොසල සංයුත්තය
1. පඨමවග්ගො 1. ප්‍රථම වර්‍ගය
1. දහරසුත්තං 1. දහර සූත්‍රය
2. පුරිසසුත්තං 2. පුරිස සූත්‍රය
3. ජරාමරණසුත්තං 3. රාජ සූත්‍රය
4. පියසුත්තං 4. පිය (නොහොත් පියඅත්ත) සූත්‍රය
5. අත්තරක්ඛිතසුත්තං 5. අත්තරක්ඛිත (රක්ඛිතන්ත) සූත්‍රය
6. අප්පකසුත්තං 6. අප්පකා සූත්‍රය
7. අඩ්ඩකරණසුත්තං 7. අත්‍ථකරණ සූත්‍රය
8. මල්ලිකාසුත්තං 8. මල්ලිකා සූත්‍රය
9. යඤ්ඤසුත්තං 9. යඤඤ සූත්‍රය
10. බන්ධනසුත්තං 10. බන්‍ධන සූත්‍රය
2. දුතියවග්ගො 2. දෙවෙනි වර්‍ගය
1. සත්තජටිලසුත්තං 1. ජටිල සූත්‍රය
2. පඤ්චරාජසුත්තං 2. පඤ්චරාජ සූත්‍රය
3. දොණපාකසුත්තං 3. දොණපාක සූත්‍රය
4. පඨමසඞ්ගාමසුත්තං 4. සඞගාමවත්‍ථු සූත්‍රය
5. දුතියසඞ්ගාමසුත්තං 5. සඞගාමවත්‍ථු සූත්‍රය
6. මල්ලිකාසුත්තං 6. ධීතු සූත්‍රය
7. අප්පමාදසුත්තං 7. අප්පමාදසුත්තං
8. කල්‍යාණමිත්තසුත්තං 8. දුතියප්පමාද සූත්‍රය
129
සාවත්ථිනිදානං. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච - ‘‘ඉධ මය්හං , භන්තෙ, රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො, සො ච ඛො කල්‍යාණමිත්තස්ස කල්‍යාණසහායස්ස කල්‍යාණසම්පවඞ්කස්ස, නො පාපමිත්තස්ස නො පාපසහායස්ස නො පාපසම්පවඞ්කස්සා’’’ති.
‘‘එවමෙතං, මහාරාජ, එවමෙතං, මහාරාජ! ස්වාක්ඛාතො , මහාරාජ, මයා ධම්මො. සො ච ඛො කල්‍යාණමිත්තස්ස කල්‍යාණසහායස්ස කල්‍යාණසම්පවඞ්කස්ස, නො පාපමිත්තස්ස නො පාපසහායස්ස නො පාපසම්පවඞ්කස්සාති.
‘‘එකමිදාහං, මහාරාජ, සමයං සක්කෙසු විහරාමි නගරකං නාම සක්‍යානං නිගමො. අථ ඛො, මහාරාජ, ආනන්දො භික්ඛු යෙනාහං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො, මහාරාජ, ආනන්දො භික්ඛු මං එතදවොච - ‘උපඩ්ඪමිදං, භන්තෙ, බ්‍රහ්මචරියස්ස - යදිදං කල්‍යාණමිත්තතා කල්‍යාණසහායතා කල්‍යාණසම්පවඞ්කතා’’’ති.
‘‘එවං වුත්තාහං, මහාරාජ, ආනන්දං භික්ඛුං එතදවොචං - ‘මා හෙවං, ආනන්ද, මා හෙවං, ආනන්ද! සකලමෙව හිදං, ආනන්ද, බ්‍රහ්මචරියං - යදිදං කල්‍යාණමිත්තතා කල්‍යාණසහායතා කල්‍යාණසම්පවඞ්කතා. කල්‍යාණමිත්තස්සෙතං, ආනන්ද, භික්ඛුනො පාටිකඞ්ඛං කල්‍යාණසහායස්ස කල්‍යාණසම්පවඞ්කස්ස අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සති’’’.
‘‘කථඤ්ච, ආනන්ද, භික්ඛු කල්‍යාණමිත්තො කල්‍යාණසහායො කල්‍යාණසම්පවඞ්කො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති? ඉධානන්ද, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං, සම්මාසඞ්කප්පං භාවෙති...පෙ.... සම්මාවාචං භාවෙති...පෙ.... සම්මාකම්මන්තං භාවෙති...පෙ.... සම්මාආජීවං භාවෙති...පෙ.... සම්මාවායාමං භාවෙති...පෙ.... සම්මාසතිං භාවෙති...පෙ.... සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො, ආනන්ද, භික්ඛු කල්‍යාණමිත්තො කල්‍යාණසහායො කල්‍යාණසම්පවඞ්කො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති. තදමිනාපෙතං, ආනන්ද, පරියායෙන වෙදිතබ්බං යථා සකලමෙවිදං බ්‍රහ්මචරියං - යදිදං කල්‍යාණමිත්තතා කල්‍යාණසහායතා කල්‍යාණසම්පවඞ්කතා’’ති.
‘‘මමඤ්හි, ආනන්ද, කල්‍යාණමිත්තං ආගම්ම ජාතිධම්මා සත්තා ජාතියා පරිමුච්චන්ති, ජරාධම්මා සත්තා ජරාය පරිමුච්චන්ති, බ්‍යාධිධම්මා සත්තා බ්‍යාධිතො පරිමුච්චන්ති, මරණධම්මා සත්තා මරණෙන පරිමුච්චන්ති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මා සත්තා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසෙහි පරිමුච්චන්ති. ඉමිනා ඛො එතං, ආනන්ද, පරියායෙන වෙදිතබ්බං යථා සකලමෙවිදං බ්‍රහ්මචරියං - යදිදං කල්‍යාණමිත්තතා කල්‍යාණසහායතා කල්‍යාණසම්පවඞ්කතා’’ති.
‘‘තස්මාතිහ තෙ, මහාරාජ, එවං සික්ඛිතබ්බං - ‘කල්‍යාණමිත්තො භවිස්සාමි කල්‍යාණසහායො කල්‍යාණසම්පවඞ්කො’ති. එවඤ්හි තෙ , මහාරාජ, සික්ඛිතබ්බං.
‘‘කල්‍යාණමිත්තස්ස තෙ, මහාරාජ, කල්‍යාණසහායස්ස කල්‍යාණසම්පවඞ්කස්ස අයං එකො ධම්මො උපනිස්සාය විහාතබ්බො - අප්පමාදො කුසලෙසු ධම්මෙසු.
‘‘අප්පමත්තස්ස තෙ, මහාරාජ, විහරතො අප්පමාදං උපනිස්සාය, ඉත්ථාගාරස්ස අනුයන්තස්ස එවං භවිස්සති - ‘රාජා ඛො අප්පමත්තො විහරති, අප්පමාදං උපනිස්සාය. හන්ද, මයම්පි අප්පමත්තා විහරාම, අප්පමාදං උපනිස්සායා’’’ති.
‘‘අප්පමත්තස්ස තෙ, මහාරාජ, විහරතො අප්පමාදං උපනිස්සාය, ඛත්තියානම්පි අනුයන්තානං එවං භවිස්සති - ‘රාජා ඛො අප්පමත්තො විහරති අප්පමාදං උපනිස්සාය. හන්ද, මයම්පි අප්පමත්තා විහරාම, අප්පමාදං උපනිස්සායා’’’ති.
‘‘අප්පමත්තස්ස තෙ, මහාරාජ, විහරතො අප්පමාදං උපනිස්සාය, බලකායස්සපි එවං භවිස්සති - ‘රාජා ඛො අප්පමත්තො විහරති අප්පමාදං උපනිස්සාය. හන්ද, මයම්පි අප්පමත්තා විහරාම, අප්පමාදං උපනිස්සායා’’’ති.
‘‘අප්පමත්තස්ස තෙ, මහාරාජ, විහරතො අප්පමාදං උපනිස්සාය, නෙගමජානපදස්සපි එවං භවිස්සති - ‘රාජා ඛො අප්පමත්තො විහරති, අප්පමාදං උපනිස්සාය. හන්ද, මයම්පි අප්පමත්තා විහරාම, අප්පමාදං උපනිස්සායා’’’ති?
‘‘අප්පමත්තස්ස තෙ, මහාරාජ, විහරතො අප්පමාදං උපනිස්සාය, අත්තාපි ගුත්තො රක්ඛිතො භවිස්සති - ඉත්ථාගාරම්පි ගුත්තං රක්ඛිතං භවිස්සති, කොසකොට්ඨාගාරම්පි ගුත්තං රක්ඛිතං භවිස්සතී’’ති. ඉදමවොච...පෙ....
‘‘භොගෙ පත්ථයමානෙන, උළාරෙ අපරාපරෙ;
අප්පමාදං පසංසන්ති, පුඤ්ඤකිරියාසු පණ්ඩිතා.
‘‘අප්පමත්තො උභො අත්ථෙ, අධිග්ගණ්හාති පණ්ඩිතො;
දිට්ඨෙ ධම්මෙ ච යො අත්ථො, යො චත්ථො සම්පරායිකො;
අත්ථාභිසමයා ධීරො, පණ්ඩිතොති පවුච්චතී’’ති.
129
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත් පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. “ස්වාමීනි, විවේකීව හුදකලාව හුන් මට මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය යහපත්සේ දෙසන ලද්දේය. හෙද යහපත් මිත්‍රයන් ඇත්තාටය. යහපත් යහළුවන් ඇත්තාටය. යහපතට නැමුණු තැනැත්තාටය, පාප මිත්‍රයන් ඇත්තාට නොවේ. පාප යහළුවන් ඇත්තාට නොවේ. පවට නැමුණහට නොවේ” යි කියායි.
“මහරජ, ඒ එසේය. මහරජ, ඒ එසේය. මහරජ, මවිසින් ධර්‍මය මනාකොට දෙසන ලදී. හෙද යහපත් මිතුරන් ඇත්තාටය. යහපත් යහළුවන් ඇත්තාටය. යහපතට නැමුණු තැනැත්තාටය, පාප මිත්‍රයන් ඇත්තාට නොවේ. පාප යහළුවන් ඇත්තාට නොවේ. පවට නැමුණු තැනැත්තාට නොවේ.
“මහරජ, මම එක් වතාවකදී, ශාක්‍ය ජනපදයේ ශාක්‍ය රජ දරුවන්ගේ නාගරක නම් නියම් ගම්හි වාසය කරමි. මහරජ, එවිට ආනන්‍ද භික්‍ෂු මා යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ එකත්පස්ව හිඳ ආනන්‍ද භික්‍ෂුව මෙසේ කීයේය. ‘ස්වාමීනි, යහපත් මිතුරන් ඇති බව යහපත් යහළුවන් ඇතිබව යහපතට නැමුනු බව මේ ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් බාගයක්සේ සලකමි’ යි.”
මහරජ, මෙසේ කියනු ලැබූ මම, ආනන්‍ද භික්‍ෂුවට මෙය කීමි. “ආනන්‍දය මෙසේ නොකියව, ආනන්‍දය මෙසේ නොකියව, ආනන්‍දය මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව එහෙම පිටින්ම යහපත් මිතුරන් ඇති බවය, යහපත් යහළුවන් ඇති බවය, යහපතට නැමුණු බවය, යහපත් මිතුරන් ඇත්තා, යහපත් යහළුවන් ඇත්තා, යහපතට නැමුණු තැනැත්තා ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්‍ගය භාවනා වශයෙන් වඩන්නේය. නැවත නැවත බහුල වශයෙන් සිත් සතන්හි පුරුදු කරන්නේය. යන මේ කරුණ යහපත් මිතුරන් ඇති භික්‍ෂුව විසින් බලාපොරොත්තු විය යුත්තකි.
“ආනන්‍දයෙනි, යහපත් මිතුරන් ඇති, යහපතට නැමුණු භික්‍ෂුව කෙසේනම් ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්‍ගය වඩන්නේද? කෙසේනම් ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්‍ගය බහුල වශයෙන් දියුණු කරන්නේද?”
“ආනන්‍දය, මේ ශාසනයෙහි භික්‍ෂුතෙමේ කෙලෙසුන්ගෙන් වෙන්වීමයයි කියනලද විවේකය ඇසුරුකළ, කෙලෙසුන් නැතිකිරීමයයි කියනලද නිරෝධය ඇසුරුකළ, කෙලෙසුන් හැරදැමීමයයි කියනලද නිස්සග්ගය කරා නැමුණු සම්මාදිටඨිය යහපත් දැකීම වඩයි. යහපත් කල්පනාව වඩයි. යහපත් වචනය වඩයි, යහපත් කම් වඩයි. යහපත් දිවි පැවතුම් වඩයි, යහපත් උත්සාහය වඩයි, යහපත් සිහිය වඩයි, යහපත් සමාධිය (භාවනාව) වඩයි. ආනන්‍දය, යහපත් මිතුරන් ඇති භික්‍ෂු මෙසේ ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්‍ගය වැඩිදියුණු කරන්නේය, භාවනා වශයෙන් නැවත නැවත පුහුණු කරන්නේය.”
“ආනන්‍දය, මේ ක්‍රමයෙන්ද මේ ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාව මුළුමනින්ම යහපත් මිතුරන් ඇති බවය, යහපත් යහළුවන් ඇති බවය, යහපතට නැමුණු බවය යනු දතයුතුයි. ආනන්‍දය, කළණ මිත් වූ මාවෙත පැමිණ උත්පත්තිය ස්වභාවකොට ඇති සත්ත්‍වයෝ උත්පත්තියෙන් මිදෙති. ජරාව ස්වභාවකොට ඇති සත්ත්‍වයෝ ජරාවෙන් මිදෙති. ලෙඩ ස්වභාවකොට ඇති සත්ත්‍වයෝ ලෙඩින් මිදෙති. මරණය ස්වභාවකොට ඇති සත්ත්‍වයෝ මරණින් මිදෙති. ශෝක කිරීම්, හැඬීම්, කායික දුක්, මානසික දොම්නස්, දැඩි ආයාස, යන මේ ස්වභාව කොට ඇති සත්ත්‍වයෝ ශෝකයෙන්, ඇඬීමෙන්, කායික දුකින්, මානසික දොම්නසෙන්, දැඩි ආයාසයෙන් මිදෙති. ආනන්‍දය, මේ ක්‍රමයෙන්ද ශාසන බුහ්මචර්‍ය්‍යාව මුළුමනින්ම යහපත් මිතුරන් ඇති බවය, යහපත් යහළුවන් ඇති බවය, යහපතට නැමුණු බව යයි දත යුතුයි.
මහරජ, එහෙයින් මේ කරුණෙහිලා ඔබ විසින්ද මෙසේ හික්මිය යුතුයි, ‘යහපත් මිතුරන් ඇත්තෙක්, යහපත් යහළුවන් ඇත්තෙක්, යහපතට නැමුනෙක් වෙමි’ කියායි. මහරජ, ඔබ විසින් මෙලෙසින්ම හික්මිය යුතුයි. එනම් යහපත් මිතුරන් ඇති, යහපත් යහළුවන් ඇති, යහපතට නැමුණු ඔබ විසින් කුසල් දහම්හි අප්පමාදය යන මේ එකම ධර්‍මය ඇසුරුකොට වාසය කට යුතුය යනුයි.”
“මහරජ, නොපමාව අප්පමාදය ඇසුරුකොට වසන ඔබගේ ස්ත්‍රී නිවාසයටද මෙසේ සිත් වන්නේය. “රජතෙමේ අප්පමාදය ඇසුරුකොට අප්පමත්තව වසයි. එබැවින් අපිදු අප්පමාදය ඇසුරුකොට අප්පමත්තව වසමු’ කියයි.
“මහරජ, අප්පමාදය ඇසුරුකොට අප්‍රමත්තව වසන ඔබගේ අනුවර රජුන්ටද මෙසේ සිත් වන්නේය. “රජතෙමේ අප්පමාදය ඇසුරුකොට අප්‍රමත්තව වසයි. එබැවින් අපිදු අප්පමාදය ඇසුරුකොට අප්‍රමත්තව වසමු’ කියායි.
“මහරජ, අප්පමාදය ඇසුරුකොට අප්‍රමත්තව වසන ඔබගේ බල සෙනගටද මෙසේ සිත් වන්නේය. “රජතෙමේ අප්පමාදය ඇසුරුකොට අප්‍රමත්තව වෙසෙයි. එබැවින් අපිදු අප්පමාදය ඇසුරුකොට අප්‍රමත්තව වසමු’ කියායි.
“මහරජ, නොපමාව වසන ඔබගේ නියම්ගම් දනව් වැස්සන්ටද මෙසේ සිත් වන්නේය. “රජ අප්පමාදය ඇසුරුකොට නොපමාව වසෙයි. එහෙයින් අපිදු අප්පමාදය ඇසුරුකොට වසමු’ කියායි.
“මහරජ, අප්පමාදය ඇසුරුකොට නොපමාව වසන ඔබගේ (ආත්මයද) තමා ගෝපිතවූයේ රැකුනේවෙයි. ස්ත්‍රී නිවාසයද රැකුනේ වෙයි. ධන ගබඩා ධාන්‍ය ගබඩාද රක්‍ෂිත සුරක්‍ෂිත වෙති.
“නොයෙක් ආකාර මහත් භෝග සම්පත් පතන්නා විසින් පින්කම්හි නොපමාව පුහුණු කටයුතුයයි, පණ්ඩිතයෝ පසසා පවසති. කුසල් දහම්හි නොපමාව, නුවණැත්තා මෙලෝ වැඩද පරලෝ වැඩද යන දෙයාකාර අභිවෘද්‍ධිය ලැබගනී. දෙලෝ වැඩම සිද්‍ධකරගන්නා කාරණයෙන් ඒ ධීමතා පණ්ඩිතයයි කියනු ලැබේ.”
9. පඨමඅපුත්තකසුත්තං 9. පඨමා පුත්තක සූත්‍රය
10. දුතියඅපුත්තකසුත්තං 10. දුතියාපුත්තක සූත්‍රය
3. තතියවග්ගො 3. තුන්වෙනි වර්ගය
1. පුග්ගලසුත්තං 1. පුග්ගල සූත්‍රය
2. අය්‍යිකාසුත්තං 2. අය්‍යතා සූත්‍රය
3. ලොකසුත්තං 3. ලොක සූතුය
4. ඉස්සත්තසුත්තං 4. ඉස්සත්ත සූත්‍රය
5. පබ්බතූපමසුත්තං 5. පබ්බතූපම සූත්‍රය