ත්‍රිපිටකය
2. දෙවපුත්තසංයුත්තං 2. දෙවපුත්ත සංයුත්තය
1. පඨමවග්ගො 1. (ප්‍රථම) සූරිය වර්‍ගය
1. පඨමකස්සපසුත්තං 1. කස්සප සූත්‍රය
2. දුතියකස්සපසුත්තං 2. (දෙවැනි) කස්සප සූත්‍රය
3. මාඝසුත්තං 3. මාඝ සූත්‍රය
4. මාගධසුත්තං 4. මාගධ සූත්‍රය
5. දාමලිසුත්තං 5. දාමලි සූත්‍රය
6. කාමදසුත්තං 6. කාමද සූත්‍රය
7. පඤ්චාලචණ්ඩසුත්තං 7. පඤචාලචණ්ඩ සූත්‍රය
8. තායනසුත්තං 8. තායන සූත්‍රය
9. චන්දිමසුත්තං 9. චන්‍දිම සූත්‍රය
10. සූරියසුත්තං 10. සූරිය සූත්‍රය
2. අනාථපිණ්ඩිකවග්ගො 2. අනාථපිණ්ඩික වර්‍ගය
1. චන්දිමසසුත්තං 1. චන්‍දිමස සූත්‍රය
2. වෙණ්ඩුසුත්තං 2. වෙණ්හු සූත්‍රය
3. දීඝලට්ඨිසුත්තං 3. දීගලට්ඨි සූත්‍රය
4. නන්දනසුත්තං 4. නන්දනසුත්තං
5. චන්දනසුත්තං 5. චන්‍දන සූත්‍රය
6. වාසුදත්තසුත්තං 6. සුදත්ත සූත්‍රය
7. සුබ්‍රහ්මසුත්තං 7. සුබ්‍රහ්ම සූත්‍රය
8. කකුධසුත්තං 8. කකුධ සූත්‍රය
9. උත්තරසුත්තං 9. උත්තර සූත්‍රය
10. අනාථපිණ්ඩිකසුත්තං 10. අනාථපිණ්ඩිකසුත්තං
3. නානාතිත්ථියවග්ගො 3. නාන තිත්‍ථිය වර්‍ගය
1. සිවසුත්තං 1. සිව සූතුය
2. ඛෙමසුත්තං 2. ඛෙම සූත්‍රය
3. සෙරීසුත්තං 3. සේරී සූත්‍රය
4. ඝටීකාරසුත්තං 4. ඝටීකාර සූත්‍රය
5. ජන්තුසුත්තං 5. ජන්තු සූත්‍රය
6. රොහිතස්සසුත්තං 6. රොහිතසස සූත්‍රය
107
සාවත්ථිනිදානං. එකමන්තං ඨිතො ඛො රොහිතස්සො දෙවපුත්තො භගවන්තං එතදවොච - ‘‘යත්ථ නු ඛො, භන්තෙ, න ජායති න ජීයති න මීයති (න ජිය්‍යති න මිය්‍යති (ස්‍යා. කං. ක.)) න චවති න උපපජ්ජති, සක්කා නු ඛො සො, භන්තෙ, ගමනෙන ලොකස්ස අන්තො ඤාතුං වා දට්ඨුං වා පාපුණිතුං වා’’ති? ‘‘යත්ථ ඛො, ආවුසො, න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති, නාහං තං ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්‍යං දට්ඨෙය්‍යං පත්තෙය්‍යන්ති වදාමී’’ති.
‘‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙ! යාවසුභාසිතමිදං, භන්තෙ, භගවතා - ‘යත්ථ ඛො, ආවුසො, න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති, නාහං තං ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්‍යං දට්ඨෙය්‍යං පත්තෙය්‍යන්ති වදාමී’ති.
‘‘භූතපුබ්බාහං, භන්තෙ, රොහිතස්සො නාම ඉසි අහොසිං භොජපුත්තො ඉද්ධිමා වෙහාසඞ්ගමො. තස්ස මය්හං, භන්තෙ, එවරූපො ජවො අහොසි; සෙය්‍යථාපි නාම දළ්හධම්මා (දළ්හධම්මො (සබ්බත්ථ) ටීකා ච මොග්ගල්ලානබ්‍යාකරණං ච ඔලොකෙතබ්බං) ධනුග්ගහො සුසික්ඛිතො කතහත්ථො කතයොග්ගො කතූපාසනො ලහුකෙන අසනෙන අප්පකසිරෙනෙව තිරියං තාලච්ඡායං අතිපාතෙය්‍ය. තස්ස මය්හං, භන්තෙ, එවරූපො පදවීතිහාරො අහොසි; සෙය්‍යථාපි නාම පුරත්ථිමා සමුද්දා පච්ඡිමො සමුද්දො. තස්ස මය්හං, භන්තෙ, එවරූපං ඉච්ඡාගතං උප්පජ්ජි - ‘අහං ගමනෙන ලොකස්ස අන්තං පාපුණිස්සාමී’ති. සො ඛ්වාහං, භන්තෙ, එවරූපෙන ජවෙන සමන්නාගතො එවරූපෙන ච පදවීතිහාරෙන අඤ්ඤත්‍රෙව අසිත-පීත-ඛායිත-සායිතා අඤ්ඤත්‍ර උච්චාර-පස්සාවකම්මා අඤ්ඤත්‍ර නිද්දාකිලමථපටිවිනොදනා වස්සසතායුකො වස්සසතජීවී වස්සසතං ගන්ත්වා අප්පත්වාව ලොකස්ස අන්තං අන්තරාව කාලඞ්කතො.
‘‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙ! යාවසුභාසිතමිදං, භන්තෙ, භගවතා - ‘යත්ථ ඛො, ආවුසො, න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති, නාහං තං ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්‍යං දට්ඨෙය්‍යං පත්තෙය්‍යන්ති වදාමී’’’ති.
‘‘න ඛො පනාහං, ආවුසො, අප්පත්වා ලොකස්ස අන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමි. අපි ච ඛ්වාහං, ආවුසො, ඉමස්මිංයෙව බ්‍යාමමත්තෙ කළෙවරෙ සසඤ්ඤිම්හි සමනකෙ ලොකඤ්ච පඤ්ඤපෙමි ලොකසමුදයඤ්ච ලොකනිරොධඤ්ච ලොකනිරොධගාමිනිඤ්ච පටිපදන්ති.
‘‘ගමනෙන න පත්තබ්බො, ලොකස්සන්තො කුදාචනං;
න ච අප්පත්වා ලොකන්තං, දුක්ඛා අත්ථි පමොචනං.
‘‘තස්මා හවෙ ලොකවිදූ සුමෙධො,
ලොකන්තගූ වුසිතබ්‍රහ්මචරියො;
ලොකස්ස අන්තං සමිතාවි ඤත්වා,
නාසීසති ලොකමිමං පරඤ්චා’’ති.
107
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් නරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු රොහිතස්ස දෙව්පුත් තෙම බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි රොහිතස්ස දෙව්පුත්තෙම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මෙසේ කීය.
“ස්වාමීනි, යම් තැනෙක නොඋපදීනම්, මහළු නොවේ නම්, චුත නොවේ නම්, නැවත නොඋපදී නම් එසේ වූ ඒ ලෝක කෙලවර දැනගන්නට හෝ දැකගන්නට හෝ එහි යා ගන්නට හෝ හැකිද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “ඇවැත්නි, යම් තැනෙක්හි ඉපැද්මෙක් නැද්ද, ජරාවෙක් නැද්ද, මරණයෙක් නැද්ද, චුතවීමක් නැද්ද, මැරී නැවත ඉපදීමෙක් නැද්ද, ඒ ලෝකාන්තය ගමනෙකින් දත හැක්කැයි, දැක්ක හැක්කැයි, එහි යාගත හැක්කැයි මම නොකියමි.”
“ස්වාමීනි, ‘යමෙක්හි ඉපදීමෙක්, ජරායෙක්, මරණයෙක්, චුතවීමෙක්, නැවත ඉපදීමෙක් නැත්නම් එය ගමනින් දත හැක්කැයි නොකියමි’ යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් කොතරම් හොඳින් වදාරණ ලදද? ස්වාමීනි, ආශ්චර්‍ය්‍යයි.’ ස්වාමීනි, පුදුමයි.’
“ස්වාමීනි, පෙර මම් ඎද්‍ධිමත්, අහසින් යත හැකි, භෝජපුත්‍රවූ රෝහිතස්ස නම් ඎෂියෙක් වීමි. දුනු ශිල්පය උගත්, විදීමෙහි මනා පුරුදුබව ඇති, අන් දුනුවායන් හා කළ ද්වන්ද්ව යුද්ධ ඇති, රාජාදීන් හමුයෙහි දැක්වූ ශිල්ප ඇති, මහත්ම දුන්නක් අත ගත් දුනුවායෙක් හෑල්ලු ඊයෙකින් ගැහැටක් නැතිවම යම්සේ තල්ගසෙක සෙවනැල්ල ඉක්මවාලිය හැකි වන්නේද, එබඳුවූ ගමන් වේගයක් මට විය.
“පෙරදිග මුහුදින් අවරදිග මුහුද යම් පමණ දුරද, ඒ මගේ එපමණ දුරින් පිය ඔසවා තැබීමෙක් විය. ඒ මට ලොව කෙලවරට ගමනින් පැමිණෙන්නෙමියි” ආශාවෙක් විය.
“ස්වාමීනි, ඒ මම මෙබඳු ජවයෙන්ද, මෙබඳු පිය ඉක්මවා තැබීමෙන්ද, සමන්විත වූයෙම්, කන බොන වේලාවල් හැර, මල මූත්‍ර පහ කරන වේලාවල් හැර නිදාගන්නා විඩා දුරුකරනා වේලාවල් හැර, අවුරුදු සියයක් ආයු ඇත්තෙම්, අවුරුදු සියක් ජීවත් වන්නෙම්, අවුරුදු සියක්ම ඎද්‍ධිමය ගමනින් ගොස් ද ලොව කෙළවරට නොපැමිණ අතර (මග)දීම මැරුණෙමි.
“පුදුමයි. ‘ස්වාමීනි, ඉතා පුදුමයි.’ ස්වාමීනි, ‘යමෙක ජාතියෙක්, ජරාවෙක්, මරණයෙක්, චුතවීමෙක්, මැරී නැවත ඉපදීමෙක් නැත්නම් ඒ ලෝක කෙළවර, ගමනින් දතහැක්කැයි, දැක්ක හැක්කැයි, පැමිණිය හැක්කැයි නොකියමි.’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළා කොතරම් සරිද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “එතෙකුදු වුවත් ඇවැත්නි, ලොවේ කෙලවරට නොපැමිණ, දුක් කෙළවර කිරීමක් මම නොකියමි. තවද ඇවැත්නි සංඥා සහිතවූ, සිත සහිතවූ, බඹයක් තරම්වූ මේ ආත්ම භාවයෙහිම, ලෝකයත්, ලෝක සමුදයත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධගාමී ප්‍රතිපත්තියත් පණවමි.”
“ලොව කෙළවරට ගමනෙකින් කිසි කලෙකත් පැමිණිය නොහැක්ක, ලොව කෙළවරට නොපැමිණත් දුකින් මිදීමෙක් නැත.
“එබැවින් ලොව දන්නා, මනා නුවණැති, (සංස්කාර) ලෝකයේ කෙළවරට ගිය, වැස නිමවූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාව ඇති, කෙලෙසුන් සංසිඳුවාලූ (රහත්) පුද්ගලතෙමේ (සංස්කාර) ලෝකයේ කෙළවර දැන, මෙලොවද, පරලොවක්ද, නොපතයි.”
7. නන්දසුත්තං 7. නන්‍ද සූත්‍රය
8. නන්දිවිසාලසුත්තං 8. නන්‍දිවිසාල සූත්‍රය
9. සුසිමසුත්තං 9. සුසිම සූත්‍රය
10. නානාතිත්ථියසාවකසුත්තං 10. නානාතිර්‍ථය සූත්‍රය