සංයුත්තනිකායො | සංයුත්තනිකායො |
සගාථාවග්ගො | සගාථ වර්ගය |
1. දෙවතාසංයුත්තං | 1. දෙවතා සංයූත්තය |
1. නළවග්ගො | 1. නළ වර්ගය |
1. ඔඝතරණසුත්තං | 1. ඕඝ සූත්‍රය |
1
එවං
‘‘චිරස්සං වත පස්සාමි, බ්රාහ්මණං පරිනිබ්බුතං;
අප්පතිට්ඨං අනායූහං, තිණ්ණං ලොකෙ විසත්තික’’න්ති. -
ඉදමවොච
|
1
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඩු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එකතරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබලන ශරීර වර්ණය ඇත්තේ සියලු ජේතවනය බබුලුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේට “නිදුකානන් වහන්ස, කෙසේනම් ඔබ (සංසාර සාගරය) මහාජලය පිහිනා ගොඩ වූවෝදැ” යි කීය.
“ඇවැත්නි මම පිහිටාද නොසිට පැදීමද නොකොට පිහිනා එතර වූයෙමි.”
“නිදුකානනි ඔබ කෙසේනම් පිහිටාද නොසිට පැදීම්ද නොකොට මහා ජලය තරණය කළෝද ?”
“ඇවැත්නි යම්විටක මම පිහිටා සිටින්නෙම්ද එකල ගිලා බසින්නෙමි. ඇවැත්නි යම් කලෙක මම පදින්නෙම්ද එකල පාවී යන්නෙමි” යි ඇවැත්නි මෙසේ වනාහි මම පිහිටා නොසිට නොපැද (සංසාර සාගරය) මහාජලය එතෙර කළෙමි.”
“පිහිටා සිටීමත් නොකොට පැදීමත් නොකොට ලෝකයෙහි තණ්හාව එතර කළාවූ එහෙයින්ම කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවියාවූ බ්‍රාහ්මණයෙකු (පව් නැසූ කෙනෙකු) බොහෝ කලෙකින් පසු දැක්කෙමි” යි
මෙසේ ඒ දෙවිතෙම කීය. ශාස්තෘන් වහන්සේ එය අනුමත කළසේක. එකල වනාහි ඒ දෙවිතෙම ශාස්තෘාන් වහන්සේ මගේ වචනය අනුමත කළසේකැයි සතුටුව භාග්‍යවතුන්වහන්සේ වැඳ පැදකුනුකොට එහිම අතුරුදහන්විය.
|
2. නිමොක්ඛසුත්තං | 2. නිමොක්ඛ සූත්‍රය |
2
සාවත්ථිනිදානං
‘‘ජානාසි නො ත්වං, මාරිස, සත්තානං නිමොක්ඛං පමොක්ඛං විවෙක’’න්ති?
‘‘ජානාමි ඛ්වාහං, ආවුසො, සත්තානං නිමොක්ඛං පමොක්ඛං විවෙක’’න්ති.
‘‘යථා කථං පන ත්වං, මාරිස, ජානාසි සත්තානං නිමොක්ඛං පමොක්ඛං විවෙක’’න්ති?
‘‘නන්දීභවපරික්ඛයා
|
2
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඩු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබලන ශරීර වර්ණ ඇත්තේ සියලු ජේතවනය බබුලුවා භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන්වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි ඒ දෙවිතෙම “නිදුකාණනි ඔබ සත්වයන්ගේ නිමොක්ඛයත් (ආර්‍ය්‍ය මාර්ගය) පමෝක්ඛයත් (ආර්‍ය්‍ය ඵලය) විවේකයත් (නිර්වාණය) දන්නෝදැ ?” යි (ඇසීය)
“ඇවැත්නි මම් වනාහි සත්ත්වයන්ගේ නිමෝක්ඛයත් පමෝක්ඛයත් විවේකයත් දනිමි.”
“නිදුකාණනි, සත්ත්වයන්ගේ නිමෝක්ඛය, විමෝක්ඛය, විවේකය, කුමකැයි ඔබ දන්නෝද?”
“තණහාව මුල්කොට ඇති භවය සර්වප්රකාරයෙන් ක්ෂයබවට පැමිණීමෙන්ද, සංඥාස්කන්‍ධ විඥානස්කන්‍ධයන්ගේ ක්ෂය බවට පැමිණීමෙන්ද, වේදනාවන්ගේ නිරුද්ධවීමෙන්, සංසිඳීයෑමෙන්ද මෙසේ සත්ත්වයන්ගේ නිමෝක්ඛය, පමෝක්ඛය, විවේකය වේයැයි මෙසේ, ඇවැත්නි, මෙය මම දනිමි” යි (භාග්‍යවතුන්වහන්සේ වදාළසේක,)
|
3. උපනීයසුත්තං | 3. උපන්‍යෙය සූත්‍රය |
3
සාවත්ථිනිදානං
‘‘උපනීයති ජීවිතමප්පමායු,
ජරූපනීතස්ස න සන්ති තාණා;
එතං භයං මරණෙ පෙක්ඛමානො,
පුඤ්ඤානි කයිරාථ සුඛාවහානී’’ති.
‘‘උපනීයති ජීවිතමප්පමායු,
ජරූපනීතස්ස න සන්ති තාණා;
එතං භයං මරණෙ පෙක්ඛමානො,
ලොකාමිසං පජහෙ සන්තිපෙක්ඛො’’ති.
|
3
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඩු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙකද එතැනට පැම්ණියේය. පැමිණ, භාග්‍යවතුන්වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
ඉක්බිති ඒ දෙවිතෙම භාග්‍යවතුන්වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීය:
“ජීවිතය ගෙවෙයි. ආයුෂ ස්වල්පය. ජරාව කරා එළඹියාහට පිහිටවිය හැකි කෙනෙක් නැත්තාහ. මේ මරණ භය දක්නා තැනැත්තේ සැප ගෙනදෙන පින් කරන්නේය.”
(එවිට භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළසේක :-)
“ජීවිතය ගෙවෙයි. ආයුෂ ස්වල්පය. ජරාවට පැමිණියාහට පිහිට විය හැකි කෙනෙක් නැත්තාහ. මේ මරණ භය උතුම් නිවන් දක්නා තැනැත්තේ බලාපොරොත්තු වන්නෙක්ව ලෞකික සම්පත් හැර දමන්නේය.”
|
4. අච්චෙන්තිසුත්තං | 4. අච්චෙන්ති සූත්‍රය |
4
සාවත්ථිනිදානං
‘‘අච්චෙන්ති කාලා තරයන්ති රත්තියො,
වයොගුණා අනුපුබ්බං ජහන්ති;
එතං භයං මරණෙ පෙක්ඛමානො,
පුඤ්ඤානි කයිරාථ සුඛාවහානී’’ති.
‘‘අච්චෙන්ති කාලා තරයන්ති රත්තියො,
වයොගුණා අනුපුබ්බං ජහන්ති;
එතං භයං මරණෙ පෙක්ඛමානො,
ලොකාමිසං පජහෙ සන්තිපෙක්ඛො’’ති.
|
4
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඩු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්ණ ඇත්තේ සියලු ජේකවනය බබුලුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවකුන්වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන්වහන්සේට ගාථාවකින් (මෙසේ) කීය.
“කාලයෝ ඉක්ම යෙත්. රාත්‍රීහු (මරණය කරා) පමුණුවත්. වයස් රාශීහු පිළිවෙළින් හැර යෙත්. මේ මරණ භය දක්නා තැනැත්තේ සැප ගෙන දෙන පින් කරන්නේය.”
“කාලයෝ ඉක්මෙත්. රාත්‍රීහු (මරණය කරා) ගෙනයත්. වයස් රාශීහු පිළිවෙළින් හැරයෙත්. මේ මරණ භය දන්නා තැනැත්තේ උතුම් නිවන බලාපොරොත්තුවෙන් ලෞකික සම්පත් හැර දමන්නේය.” (භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළසේක.)
|
5. කතිඡින්දසුත්තං | 5. කතිඡින්ද සූත්‍රය |
5
සාවත්ථිනිදානං
‘‘කති ඡින්දෙ කති ජහෙ, කති චුත්තරි භාවයෙ;
කති සඞ්ගාතිගො භික්ඛු, ඔඝතිණ්ණොති වුච්චතී’’ති.
‘‘පඤ්ච ඡින්දෙ පඤ්ච ජහෙ, පඤ්ච චුත්තරි භාවයෙ;
පඤ්ච සඞ්ගාතිගො භික්ඛු, ඔඝතිණ්ණොති වුච්චතී’’ති.
|
5
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමැණියේය. පැමිණ, භාග්‍යවතුන්වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන්වහන්සේට ගාථාවකින් (මෙසේ) කීය.
“කීයක් සිඳ ලන්නේද? කීයක් දුර ලන්නේද? මත්තෙහි කීයක් වඩන්නේද? බන්ධන කීයක් ඉක්මවූ භික්ෂුතෙම ඕඝයයන් එතර කළ තැනැත්තේයයි කියනු ලැබේද?”
(භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළසේක.)
“(කෙලෙස්) බැඳුම් පසක් සිඳලන්නේය. (කෙලෙස්) බැඳුම් පසක් දුරලන්නේය. මත්තෙහි (ශ්‍රද්ධාදී ඉන්ද්රිය) පසක් වඩන්නේය. (බන්ධන) පසක් ඉක්මවූ භික්ෂූතෙම ඕඝයයන් එතරකළ තැනැත්තේයයි කියනුලැබේ.
|
6. ජාගරසුත්තං | 6. ජාගර සූත්‍රය |
6
සාවත්ථිනිදානං. එකමන්තං
‘‘කති ජාගරතං සුත්තා, කති සුත්තෙසු ජාගරා;
කතිභි
(කතීහි (සී.)) රජමාදෙති, කතිභි
(කතීහි (සී.)) පරිසුජ්ඣතී’’ති.
‘‘පඤ්ච ජාගරතං සුත්තා, පඤ්ච සුත්තෙසු ජාගරා;
පඤ්චභි
(පඤ්චහි (සී.)) රජමාදෙති, පඤ්චභි
(පඤ්චහි (සී.)) පරිසුජ්ඣතී’’ති.
|
6
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබළන ශරීර වර්ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.
එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මෙී ගාථාව කීය:
“කීදෙනෙකුන් පිබිද සිටින කල්හි කීදෙනෙක් නින්දට පැමිණියෝද ? කීදෙනෙකුන් නිදාගත් කල්හි කීදෙනෙක් පිබිද ඉන්නාහුද? කීයෙකින් (කෙලෙස්) ධූලි අල්ලා ගනීද? කීයෙකින් පිරිසිදූවේද?”
“පස් දෙනෙකුන් (පඤෙචන්‍ද්‍රිය ධර්මයන්) පිබිද සිටින කල පස්දෙනෙක් (පඤච නීවරණයෝ) නිදා ඉන්නාහුය. පස්දෙනෙකුන් (පඤචනීවරණයන්) නිදිගත්කල පස්දෙනෙක් (පඤෙචන්‍ද්‍රිය ධර්මයෝ) පිබිද සිටින්නාහ. පස් දැයෙකින් (පඤචනීවරණයන් නිසා) කෙලෙස් ධූලි අල්ලාගනී. කරුණු පසක් කරණ කොටගෙන (ශ්‍රද්ධාදී පඤෙචන්‍ද්‍රියයන් නිසා) පිරිසිදුවේ.” (භග්‍යවතුන් වහන්සේ වදාළසේක.)
|
7. අප්පටිවිදිතසුත්තං | 7. අප්පටිවිදිත සූත්‍රය |
7
සාවත්ථිනිදානං
‘‘යෙසං ධම්මා අප්පටිවිදිතා, පරවාදෙසු නීයරෙ
(නිය්යරෙ (ක.));
සුත්තා තෙ නප්පබුජ්ඣන්ති, කාලො තෙසං පබුජ්ඣිතු’’න්ති.
‘‘යෙසං ධම්මා සුප්පටිවිදිතා, පරවාදෙසු න නීයරෙ;
තෙ සම්බුද්ධා සම්මදඤ්ඤා, චරන්ති විසමෙ සම’’න්ති.
|
7
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හිබබළන ශරීර වර්ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එක් පසෙක සිටි ඒ දෙවතාවා භාග්‍යවතුන්වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“යම් කෙනෙකුන් විසින් ධර්මයෝ හාත්පසින් අවබෝධ නොකරන ලද්දෝද ඔවුහු මිත්‍ථ්‍යාදෘෂ්ටීන් කරා ගෙනයනු ලැබෙත්. (සංසාරයෙහි) නිදිගත් ඔවුහු නොපුබුදිත්. ඔවුන්ට පිබිදෙන්නට දැන් කාලයයි.”
“යම් කෙනෙකුන් විසින් ධර්මයෝ හාත්පසින් අවබෝධ කරන ලද්දෝද, ඔවුහු මිත්‍ථ්‍යාදෘෂ්ටීන් කරා ගෙනයනු නොලැබෙත්. මනාකොට දැන අවබෝධ කළ උතුමෝ (බුදුවරයෝ) විෂමයෙහි සමව හැසිරෙත්.”
|
8. සුසම්මුට්ඨසුත්තං | 8. සුසම්මුටඨ සූත්‍රය |
8
සාවත්ථිනිදානං. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘යෙසං
සුත්තා තෙ නප්පබුජ්ඣන්ති, කාලො තෙසං පබුජ්ඣිතු’’න්ති.
‘‘යෙසං
තෙ සම්බුද්ධා සම්මදඤ්ඤා, චරන්ති විසමෙ සම’’න්ති.
|
8
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශොභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.
එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“යම් කෙනෙකුන් විසින් (සත්‍යයෝ) ධර්මයෝ හාත්පසින් අවබෝධ නොකරන ලද්දෝද, ඔවුහු මිථ්‍යාදෘෂ්ටීන් කරා ගෙනයනු ලැබෙත්. නිදාගත් ඔවුහු නොපුබුදිත්. ඔවුන්ට (දැන්) පිබිදෙන්නට කාලයයි.”
(බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක:)
“යම් කෙනෙකුන් විසින් (සත්‍යයෝ) ධර්මයෝ හාත්පසින් අවබෝධ කරන ලද්දෝද, ඔවුහු මිත්ථ්යාදෘෂටීන් කරා ගෙනගයනු නොලැබෙත්. මනාව දැන අවබෝධ කළාවූ (බුදුවරයෝ) විෂමයෙහි සමව හැසිරෙත්.”
|
9. මානකාමසුත්තං | 9. මානකාම සූත්‍රය |
9
සාවත්ථිනිදානං. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘න මානකාමස්ස දමො ඉධත්ථි,
න මොනමත්ථි අසමාහිතස්ස;
එකො අරඤ්ඤෙ විහරං පමත්තො,
න මච්චුධෙය්යස්ස තරෙය්ය පාර’’න්ති.
‘‘මානං පහාය සුසමාහිතත්තො,
සුචෙතසො සබ්බධි විප්පමුත්තො;
එකො අරඤ්ඤෙ විහරං අප්පමත්තො,
ස මච්චුධෙය්යස්ස තරෙය්ය පාර’’න්ති.
|
9
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේට මේ ගාථාව කීය:
“මේ ලෝකයෙහි මානය කැමැත්තහුට සිතෙහි දමනයක් නැත. (එහෙයින්ම) සමාධියට නොපැමිණි (එකඟ නොවූ) සිතැත්තහුට මුනි බවෙක් නැත. (එසේවූ) ප්‍රමාදව හුදෙකලාව වෙනෙහි වසන්නේ නමුදු, මරහු සිටින තැනින් (සසරින්) එගොඩ යාගත නොහෙන්නේය.”
“මානය දුරලා මොනොවට එකඟවූ සිතැත්තේ ප්‍රඥායෙන් යුක්තවූයේ, විශේෂයෙන් මිදුණේ, හුදෙකලාව වෙනෙහි පමා නොවී වසනුයේ ඔහු සසර ඉක්මවා එගොඩ (නිවනට) පැමිණෙන්නේය” යි (භාග්‍යවතුන් වහන්සේ කී සේක.)
|
10. අරඤ්ඤසුත්තං | 10. අරඤඤ සූත්‍රය |
10
සාවත්ථිනිදානං
‘‘අරඤ්ඤෙ
එකභත්තං භුඤ්ජමානානං, කෙන වණ්ණො පසීදතී’’ති.
‘‘අතීතං නානුසොචන්ති, නප්පජප්පන්ති නාගතං;
පච්චුප්පන්නෙන යාපෙන්ති, තෙන වණ්ණො පසීදති’’.
‘‘අනාගතප්පජප්පාය, අතීතස්සානුසොචනා;
එතෙන බාලා සුස්සන්ති, නළොව හරිතො ලුතො’’ති.
|
10
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දේවතාවෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:
“වනයෙහි වසන, එක් වේලක් පමණක් වළඳන, ශාන්තවූ බ්‍රහ්මචාරීන්ගේ (ශරීර) වර්ණය කවරහෙයකින් ප්‍රසන්න වේද?”
“වනයෙහි වසන (ඒ භික්ෂූහු) ගිය දේ ගැන ශෝක නොකෙරෙත්. (නොපතත්) දැන් ලත් දෙයෙකින් යැපෙත්. එහෙයින් ඔවුන්ගේ (ශරීර) වර්ණය ප්‍රසන්න වේ.”
“නොපැමිණි දේ පැතීමෙන්ද, ගිය දේ ගැන ශෝක කිරීමෙන්ද, අනුවණයෝ රත්වූ ගලක් මත්තෙහි කපා දැමූ ළා බට දණ්ඩක් සේ වියලෙත්.” (භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.)
|
2. නන්දනවග්ගො | 2. නන්දන වර්ගය |
1. නන්දනසුත්තං | 1. නන්දන සූත්‍රය |
11
එවං
‘‘භූතපුබ්බං, භික්ඛවෙ, අඤ්ඤතරා තාවතිංසකායිකා දෙවතා නන්දනෙ වනෙ අච්ඡරාසඞ්ඝපරිවුතා දිබ්බෙහි පඤ්චහි කාමගුණෙහි සමප්පිතා සමඞ්ගීභූතා පරිචාරියමානා
(පරිචාරියමානා (ස්‍යා. කං. ක.)) තායං වෙලායං ඉමං ගාථං අභාසි -
‘‘න
ආවාසං නරදෙවානං, තිදසානං යසස්සින’’න්ති.
‘‘එවං
‘‘න ත්වං බාලෙ පජානාසි, යථා අරහතං වචො;
අනිච්චා සබ්බසඞ්ඛාරා
(සබ්බෙ සඞ්ඛාරා (සී. ස්‍යා. කං.)), උප්පාදවයධම්මිනො;
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති, තෙසං වූපසමො සුඛො’’ති.
|
11
මා විසින් මෙසේ අසන ලදී. එත් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හ් වනාහි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” කියා භික්ෂූන්ට කථා කළසේක.
“පින්වතුන් වහන්සැ” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, පෙර වූවක් කියමි. තව්තිසා දෙව්ලෝ වැසි එක්තරා දෙවියෙක් නන්දන වනයෙහි දෙවඟනන් සමූහයා විසින් පිරිවරන ලද්දේ, දිව්‍යමයවූ පඤචකාම සම්පත්තීන් යුක්තවූයේ, සමන්විතවූයේ, රූප ශබ්දාදියෙන් විනෝද වනුයේ ඒ වේලාවෙහි මේ ගාථාව කීය:
“පරිවාර සම්පත් ඇති තව්තිසා දෙවියන්ගේ වාසස්ථානයවූ නන්දනවනය යම් කෙනෙක් නොදකිත්නම්, ඔවුහු සැප නම් කිමෙක්දැයි නොදක්නාහ.” යනුයි.
මෙසේ කී කළ වෙනත් දෙවියෙක් ඒ දෙවියාට :
“අනුවණය, රහතුන්ගේ වචනය යම්සේ නම් එසේ තෝ නොදන්නෙහිය. සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. (ඔහු) ඉපැදීම හා නැස්ම ස්වභාවයකොට ඇතියහ. ඒ සියල්ල ඉපිද නැසෙත්. ඒ සංස්කාරයන්ගේ සංසිඳීම (නිවන) ම සැප වේයැ’යි ගාථාවෙකින් පෙරළා කීය.”
|
2. නන්දතිසුත්තං | 2. නන්දති සූත්‍රය |
12
සාවත්ථිනිදානං. එකමන්තං
‘‘නන්දති පුත්තෙහි පුත්තිමා,
ගොමා
(ගොමිකො (සී. ස්‍යා. කං. පී.)) ගොහි තථෙව නන්දති;
උපධීහි
න හි සො නන්දති යො නිරූපධී’’ති.
‘‘සොචති පුත්තෙහි පුත්තිමා,
ගොමා ගොහි තථෙව සොචති;
උපධීහි නරස්ස සොචනා,
න හි සො සොචති යො නිරූපධී’’ති.
|
12
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය.
එකත් පසෙක සිටි ඒ දෙවි තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය :
“දරුවන් ඇත්තේ දරුවන් කරණකොට සතුටුවේ. ගවයන් ඇත්තාද එසේම ගවයන් කරණකොට සතුටුවේ. උපධීන් (කාමසැප) කරණකොට සත්වයාට සතුට ඇතිවේ. යමෙක් උපධි නැත්තේද (පස්කම් සැප නැත්තෙක් වේද) ඔහු නොම සතුටු වේ.”
“දරුවන් ඇත්තේ දරුවන් කරණකොට ශෝක කෙරේ. ගවයන් ඇත්තාත් එසේම ගවයන් කරණකොට ශෝක කෙරේ. උපධීන් (කාම සැප) කරණකොට සත්ත්වයාට ශෝක ඇතිවේ. යමෙක් උපධි (කාම සැප) නැත්තේද ඔහු ශෝක නොකෙරේ.”ය (යි කී සේක.)
|
3. නත්ථිපුත්තසමසුත්තං | 3. නත්ථිපුත්තසම සූත්‍රය |
13
සාවත්ථිනිදානං. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘නත්ථි පුත්තසමං පෙමං, නත්ථි ගොසමිතං ධනං;
නත්ථි සූරියසමා
(සුරියසමා (සී. ස්‍යා. කං. පී.)) ආභා, සමුද්දපරමා සරා’’ති.
‘‘නත්ථි අත්තසමං පෙමං, නත්ථි ධඤ්ඤසමං ධනං;
නත්ථි පඤ්ඤාසමා ආභා, වුට්ඨි වෙ පරමා සරා’’ති.
|
13
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එතල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත් පසෙක සිටියේය.
එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීය:
“පුත්‍ර ප්‍රේමය බඳු අන් ප්‍රේමයක් නැත. ගවසම්පත වැනි වෙන සම්පතෙක් නැත. හිරුට සමවූ වෙන එළියෙක් නැත. මුහුද බඳුවූ අන් විලක් නැත.”
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)
“තමා කෙරෙහි ප්‍රේමය බඳු ප්‍රේමයක් වෙන නැත. ධාන්‍ය හා සමාන ධනයෙක් නැත. ප්‍රඥාව හා සමාන ආලෝකයෙක් නැත. වැස්ස හා සමාන විලක් නැත.”
|
4. ඛත්තියසුත්තං | 4. ඛත්තිය සූත්‍රය |
14
‘‘ඛත්තියො
කොමාරී සෙට්ඨා භරියානං, යො ච පුත්තාන පුබ්බජො’’ති.
‘‘සම්බුද්ධො ද්විපදං සෙට්ඨො, ආජානීයො චතුප්පදං;
සුස්සූසා සෙට්ඨා භරියානං, යො ච පුත්තානමස්සවො’’ති.
|
14
මා විසිත් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:
“දෙපා ඇතියන්ගෙන් ක්ෂත්රියයා ශ්‍රේෂඨය. සිවුපාවුන් අතුරෙන් ගවයා ශ්‍රේෂ්ඨ ය. අඹුවන්ගෙන් බාල වයසෙහි සිටි බිරින්දෑ ශ්‍රේෂ්ඨය. පුතුන්ගෙන් පළමුව උපන් පුතා ශ්‍රේෂ්ඨය.”
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.)
“සම්‍යක් සම්බුදු තෙමේ දෙපා ඇතියන්ගෙන් ශ්‍රේෂ්ඨය. සිව්පාවුන්ගෙන් ආජානීයයා ශ්‍රේෂ්ඨය.(කී දේ තේරුම් ගන්නා සතා) ශ්‍රේෂ්ඨය. අඹුවන්ගෙන් කියන දේ අසන කීකරු භාර්‍ය්‍යාව ශ්‍රේෂ්ඨය. පුතුන්ගෙන් මව්පියන්ට කීකරු පුතා ශ්‍රේෂ්ඨය.”
|
5. සණමානසුත්තං | 5. සකමාය (සන්නිකාය) සූත්‍රය |
15
‘‘ඨිතෙ
සණතෙව බ්රහාරඤ්ඤං
(මහාරඤ්ඤං (ක. සී. ස්‍යා. කං. ක.)), තං භයං පටිභාති ම’’න්ති.
‘‘ඨිතෙ මජ්ඣන්හිකෙ කාලෙ, සන්නිසීවෙසු පක්ඛිසු;
සණතෙව බ්රහාරඤ්ඤං, සා රති පටිභාති ම’’න්ති.
|
15
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එතල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්ාස් වැඳ එකත්පසෙක සිටියේය.
එකත් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:
“ඉර මුදුන් වේලෙහි පක්ෂීන් එකතුව විවේක ගෙන හුන් කලැ මහ වනය (ගස් එතට ගැටීමෙන් ඇතිවූ නාදය) මහ මඬින් හඬන්නාක් මෙනි. එය මට බියෙක්ව වැටහේ.”
(භාග්‍යවතුන් වහන්සේ:) “ඉර මුදුන් වේලෙහි පක්ෂීන් රැස්ව හුන් කල්හි මහ වනය හඬන්නාසේ ශබ්ද කෙරේ. එය මට සැපයෙක්ව වැටහේ.”
|
6. නිද්දාතන්දීසුත්තං | 6. නිද්දාතන්‍දි සූත්‍රය |
16
‘‘නිද්දා
එතෙන නප්පකාසති, අරියමග්ගො ඉධ පාණින’’න්ති.
‘‘නිද්දං තන්දිං විජම්භිතං, අරතිං භත්තසම්මදං;
වීරියෙන
(විරියෙන (සී. ස්‍යා. කං. පී.)) නං පණාමෙත්වා, අරියමග්ගො විසුජ්ඣතී’’ති.
|
16
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකළ වනාහි එකතරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබලන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“නින්ද, මැලිබව, බඩගිනි හෝ සීත ආදිය නිසා ඇඟමැලිකැඩුම, කුසල්හි නොඇල්ම, බත්මත යන මේ උපක්ලේශ (සිත කිලිටිකරණ කාරණයන්) නිසා මෙහි සත්ත්වයන්ට ආර්‍ය්‍ය මාර්ගය නොපැනේ.”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) “නින්ද, මැලිබව, ඇඟමැලිකැඩුම, කුසල්හි නොඇල්ම, බත්මත යන මේ දේ වීර්‍ය්‍යයෙන් පලවා හැරීමෙන් ආර්ය්යමාර්ගය පිරිසිදුවේ.”
|
7. දුක්කරසුත්තං | 7. දුක්කර (කුම්ම) සූත්‍රය |
17
‘‘දුක්කරං
බහූහි තත්ථ සම්බාධා, යත්ථ බාලො විසීදතී’’ති.
‘‘කතිහං චරෙය්ය සාමඤ්ඤං, චිත්තං චෙ න නිවාරයෙ;
පදෙ පදෙ විසීදෙය්ය, සඞ්කප්පානං වසානුගො’’ති.
‘‘කුම්මොව අඞ්ගානි සකෙ කපාලෙ,
සමොදහං භික්ඛු මනොවිතක්කෙ;
අනිස්සිතො අඤ්ඤමහෙඨයානො,
පරිනිබ්බුතො නූපවදෙය්ය කඤ්චී’’ති.
|
17
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එක් පසෙක සිටි ඒ දෙවිතෙම බෘග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:
“බාලයා විසින් මහණදම් කළ නොහැක්ක, ඉවසිය නොහැක්ක. යම් ඒ මහණදමෙක්හි අව්‍යක්තයා පසුබසීද, එහිලා ඔහුට සම්බාධකයෝ බොහෝ වෙත්.
“ඉදින් (නොමගින් උපන්) සිත නොවළක්වන්නේ නම්, ඔහු කී දිනක් මහණකම් කරන්නේද? ඔහු පාප විතර්කයන්ට වසඟවූයේ අරමුණක් පාසා පසුබස්නේය.”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:)
“අවයවයන් සිය කබලතුළ බහා ගන්නා ඉදිබුවාසේ මහණතෙම සිතේ උපන් විතර්කයන් භාවනාලම්බන නමැති කබලෙහි එක්කොට බහාලන්නේ, තෘෂ්ණාදෘෂ්ටි ආදීන්ගේ ආශ්රයෙන් තොරවූයේ, අනුන් නොවෙහෙසන්නේ: කෙලෙස් පිරිනිවනින් පිරිනිවියේ කිසිවෙකුටත් නින්දා නොකරන්නේය.”
|
8. හිරීසුත්තං | 8. හිරි සූත්‍රය |
18
‘‘හිරීනිසෙධො
යො නින්දං අපබොධති
(අපබොධෙති (ස්‍යා. කං. ක.)), අස්සො භද්රො කසාමිවා’’ති.
‘‘හිරීනිසෙධා තනුයා, යෙ චරන්ති සදා සතා;
අන්තං දුක්ඛස්ස පප්පුය්ය, චරන්ති විසමෙ සම’’න්ති.
|
18
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබලන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය, පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“ආජානීය අශ්වයා කසය තමා මත හෙනු නොදී වළක්වන්නා සේ යමෙක් තමහට නින්දා ඇතිවනු නොදී වළක්වාද, (එසේවූ) ලජ්ජා හේතුයෙන් පව් දුර ලා සිටින කිසි පුරුෂයෙක් ලොවැ ඇත්තේද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:)
“යම් කෙනෙක් ලජ්ජායෙන් පව් නොකොට ඉන් වැළැක හැම කල්හි සිහි ඇතිව හැසිරෙත්ද, දුක් කෙළවරට පැමිණ, විෂමවූ ලොව සමව හැසිරෙත්ද, එසේවූ පුද්ගලයෝ ස්වල්ප දෙනෙක් ඇත්තාහුය.”
|
9. කුටිකාසුත්තං | 9. කුටිකා සූත්‍රය |
19
‘‘කච්චි
කච්චි සන්තානකා නත්ථි, කච්චි මුත්තොසි බන්ධනා’’ති.
‘‘තග්ඝ මෙ කුටිකා නත්ථි, තග්ඝ නත්ථි කුලාවකා;
තග්ඝ සන්තානකා නත්ථි, තග්ඝ මුත්තොම්හි බන්ධනා’’ති.
‘‘කින්තාහං
කිං තෙ සන්තානකං බ්රූමි, කින්තාහං බ්රූමි බන්ධන’’න්ති.
‘‘මාතරං කුටිකං බ්රූසි, භරියං බ්රූසි කුලාවකං;
පුත්තෙ සන්තානකෙ බ්රූසි, තණ්හං මෙ බ්රූසි බන්ධන’’න්ති.
‘‘සාහු තෙ කුටිකා නත්ථි, සාහු නත්ථි කුලාවකා;
සාහු සන්තානකා නත්ථි, සාහු මුත්තොසි බන්ධනා’’ති.
|
19
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:
“ඔබට කුටියක් නැද්ද? ඔබට කූඩුවක් නැද්ද? ඔබට වැළක් නැද්ද? ඔබ බැම්මෙන් මිදුනේද?”
“මට කුටියක් කිසිසේත් නැත. කිසි ලෙසිනුත් කූඩුවක් නැත. වැළකුත් කිසිසේත් නැත. ඒකාන්තයෙන් බැම්මෙන් මිදුනෙමි.
“මම් ඔබට කුමක් නම් කුටියෙකැයි කීයෙම්ද? කුමක් නම් ඔබට කූඩුවකැයි කීයෙම්ද? ඔබට කුමක්නම් වැළක් යයි කීයෙම්ද? කුමක්නම් ඔබට බැම්ම යයි කීයෙම්ද?”
“මව කුටිය යයි කීයෙහිය. භාර්‍ය්‍යාව කූඩුව යයි කීයෙහිය. පුත්‍රයන් වැළයයි කීයෙහිය. තණ්හාව බැඳුම යයි මට කීයෙහිය.”
(දෙවියා.) “ඔබට කුටියක් නැතියේ යහපත. කූඩුවකුත් නැතියේ යහපත. වැලුත් නැතියේ යහපත. බන්ධනයන්ගෙන් මිදුනුසේ යහපත.”
|
10. සමිද්ධිසුත්තං | 10. සමිද්ධි සූත්‍රය |
20
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති තපොදාරාමෙ. අථ ඛො ආයස්මා සමිද්ධි රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය යෙන තපොදා තෙනුපසඞ්කමි ගත්තානි පරිසිඤ්චිතුං. තපොදෙ ගත්තානි පරිසිඤ්චිත්වා පච්චුත්තරිත්වා එකචීවරො අට්ඨාසි ගත්තානි පුබ්බාපයමානො. අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං තපොදං ඔභාසෙත්වා යෙන ආයස්මා සමිද්ධි තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා වෙහාසං ඨිතා ආයස්මන්තං සමිද්ධිං ගාථාය අජ්ඣභාසි -
‘‘අභුත්වා
භුත්වාන භික්ඛු භික්ඛස්සු, මා තං කාලො උපච්චගා’’ති.
‘‘කාලං
තස්මා අභුත්වා භික්ඛාමි, මා මං කාලො උපච්චගා’’ති.
අථ ඛො සා දෙවතා පථවියං
(පඨවියං (සී. ස්‍යා. කං. පී.)) පතිට්ඨහිත්වා ආයස්මන්තං සමිද්ධිං එතදවොච - ‘‘දහරො ත්වං භික්ඛු, පබ්බජිතො සුසු කාළකෙසො, භද්රෙන යොබ්බනෙන සමන්නාගතො, පඨමෙන වයසා, අනික්කීළිතාවී කාමෙසු. භුඤ්ජ, භික්ඛු, මානුසකෙ කාමෙ; මා සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවී’’ති.
‘‘න ඛ්වාහං, ආවුසො, සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවාමි. කාලිකඤ්ච ඛ්වාහං, ආවුසො, හිත්වා සන්දිට්ඨිකං අනුධාවාමි. කාලිකා හි, ආවුසො, කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා; ආදීනවො එත්ථ භිය්යො. සන්දිට්ඨිකො අයං ධම්මො අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’’ති.
‘‘කථඤ්ච, භික්ඛු, කාලිකා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්යො? කථං සන්දිට්ඨිකො අයං ධම්මො අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’’ති?
‘‘අහං ඛො, ආවුසො, නවො අචිරපබ්බජිතො අධුනාගතො ඉමං ධම්මවිනයං. න තාහං
(න ඛ්වාහං (සී. පී.)) සක්කොමි විත්ථාරෙන ආචික්ඛිතුං. අයං සො භගවා අරහං සම්මාසම්බුද්ධො රාජගහෙ විහරති තපොදාරාමෙ. තං භගවන්තං උපසඞ්කමිත්වා එතමත්ථං පුච්ඡ. යථා තෙ භගවා බ්යාකරොති තථා නං ධාරෙය්යාසී’’ති.
‘‘න ඛො, භික්ඛු, සුකරො සො භගවා අම්හෙහි උපසඞ්කමිතුං
‘‘ඉධාහං
‘‘අභුත්වා භික්ඛසි භික්ඛු, න හි භුත්වාන භික්ඛසි;
භුත්වාන භික්ඛු භික්ඛස්සු, මා තං කාලො උපච්චගා’’ති.
‘‘එවං වුත්තෙ අහං, භන්තෙ, තං දෙවතං ගාථාය පච්චභාසිං -
‘‘කාලං වොහං න ජානාමි, ඡන්නො කාලො න දිස්සති;
තස්මා අභුත්වා භික්ඛාමි, මා මං කාලො උපච්චගා’’ති.
‘‘අථ ඛො, භන්තෙ, සා දෙවතා පථවියං පතිට්ඨහිත්වා මං එතදවොච - ‘දහරො
‘‘එවං වුත්තාහං, භන්තෙ, තං දෙවතං එතදවොචං - ‘න ඛ්වාහං, ආවුසො, සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවාමි; කාලිකඤ්ච ඛ්වාහං, ආවුසො, හිත්වා සන්දිට්ඨිකං අනුධාවාමි. කාලිකා හි, ආවුසො, කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා; ආදීනවො එත්ථ භිය්යො. සන්දිට්ඨිකො අයං ධම්මො අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’’’ති.
‘‘එවං වුත්තෙ, භන්තෙ, සා දෙවතා මං එතදවොච - ‘කථඤ්ච, භික්ඛු, කාලිකා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා; ආදීනවො එත්ථ භිය්යො? කථං සන්දිට්ඨිකො
‘‘එවං
එවං වුත්තෙ, සා දෙවතා ආයස්මන්තං සමිද්ධිං එතදවොච - ‘‘පුච්ඡ, භික්ඛු, පුච්ඡ, භික්ඛු, යමහං අනුප්පත්තා’’ති.
අථ ඛො භගවා තං දෙවතං ගාථාහි අජ්ඣභාසි -
‘‘අක්ඛෙය්‍යසඤ්ඤිනො සත්තා, අක්ඛෙය්යස්මිං පතිට්ඨිතා;
අක්ඛෙය්‍යං අපරිඤ්ඤාය, යොගමායන්ති මච්චුනො.
‘‘අක්ඛෙය්‍යඤ්ච පරිඤ්ඤාය, අක්ඛාතාරං න මඤ්ඤති;
තඤ්හි තස්ස න හොතීති, යෙන නං වජ්ජා න තස්ස අත්ථි;
සචෙ විජානාසි වදෙහි යක්ඛා’’ති
(යක්ඛීති (පී. ක.)).
‘‘න ඛ්වාහං, භන්තෙ, ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාමි. සාධු මෙ, භන්තෙ, භගවා තථා භාසතු යථාහං ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ජානෙය්ය’’න්ති.
‘‘සමො
යො මඤ්ඤතී සො විවදෙථ
(සොපි වදෙථ (ක.)) තෙන;
තීසු
සමො විසෙසීති න තස්ස හොති;
සචෙ විජානාසි වදෙහි යක්ඛා’’ති.
‘‘ඉමස්සාපි
‘‘පහාසි සඞ්ඛං න විමානමජ්ඣගා, අච්ඡෙච්ඡි
(අච්ඡෙජ්ජි (ස්‍යා. කං. ක.)) තණ්හං ඉධ නාමරූපෙ;
තං ඡින්නගන්ථං අනිඝං නිරාසං, පරියෙසමානා නාජ්ඣගමුං;
දෙවා මනුස්සා ඉධ වා හුරං වා, සග්ගෙසු වා සබ්බනිවෙසනෙසු;
සචෙ විජානාසි වදෙහි යක්ඛා’’ති.
‘‘ඉමස්ස
‘‘පාපං න කයිරා වචසා මනසා,
කායෙන වා කිඤ්චන සබ්බලොකෙ;
කාමෙ පහාය සතිමා සම්පජානො,
දුක්ඛං න සෙවෙථ අනත්ථසංහිත’’න්ති.
|
20
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහිවූ තපෝදාරාමයෙහි වැඩ වෙසෙන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් සම්ද්ධි භික්ෂුතෙම රෑ අලුයම නැගී සිට තපෝදා දියවිල යම්තැනෙකද එතැනට ඇඟ සේදීම පිණිස පැමිණියේය. තපෝදායෙහි ඇඟ සෝදා ගොඩ අවුත්, එක් සිවුරක් පමණක් ඇකිව ඇඟ තෙත සිඳුවමින් සිටියේය.
එකල්හි එක්තරා දෙවියෙක් රෑ පෙරයම ගෙවුනු කල්හි බබළන පැහැ ඇත්තේ, සියලු තපෝදා පෙදෙස බබුළුවා, ආයුෂ්මත් සමිද්ධි භික්ෂුතෙම යම් තැනෙකද එතැන්හි එළඹියේය. එළඹ අහසෙහි සිට ආයුෂමක් සමිද්ධි භික්ෂුහට ගාථායෙන් (මෙසේ) කීවේය.
“භික්ෂූන් වහන්ස, ඔබ (කම් සැප) නොවලඳා සිඟා කති. ඔබ (කම් සුව) වලඳා සිඟා නොකති. භික්ෂූන් වහන්ස, (පස් කම් සුව) වලඳා (පසුව) සිඟා කන්න. (තරුණ) කාලය ඔබ ඉක්මවා නොයේවා.”
එවිට ආයුෂ්මත් සමිද්ධි තෙම මෙසේ කීය.) “(මැරෙන) කාලය නම් මම නොදනිමි. වැසුණු කාලය නොපෙනේ. එබැවින් (කම් සුව) නොවලඳා සිඟා වලඳමි. කාලය මා ඉක්මවා නොයේවා.”
එවිට ඒ දෙවිතෙම පොළොවෙහි සිට ආයුෂ්මත් සමිද්ධි භික්ෂුහට මෙසේ කීය:
“භික්ෂූන් වහන්ස, ඔබ ළදරු වියෙහිම පැවැදිවූ කෙනෙක, තරුණය, ඉතා කළු කෙස් ඇත්තෝය. යහපත් තරුණ භාවයෙන් හා ප්‍රථම වයසින් සමන්විතයෝය. කාම ක්‍රීඩා නොකළ කෙනෙක. භික්ෂූන් වහන්ස, මනුෂ්‍යයන්ට අයත් කම් සැප වැළඳුව මැනව. මෙහි මේ ආත්මයෙහිම වැළඳිය හැකි කම් සැප හැරදමා කල්ගතව ලැබෙන කාම සම්පත් අනුව නොදුවනු මැනව.”
“ඇවැත්නි, මම වනාහි මේ ආත්මයෙහි වින්ද හැකි සැපයක් හැර දමා කල්ගතව ලැබෙන සැපයක් පස්සේ නොදුවමි. ඇවැත්නි, මම වනාහි කල්ගතව ලැබෙන සැප හැරදමාමේ ආත්මයෙහිම ලැබිය හැකි සැප පස්සේ දුවමි. ඇවැත්නි, කාමයෝ වූකලී කාලිකයෝය, (කලින්කල ලැබිය යුත්තෝය) බොහෝ දුක් පමුනුවන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන දෙන්නෝය, එහි දෝෂයෝ නම් බොහෝයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මේ ධර්මය වනාහි මේ ආත්මයෙහිම තමා ඇස් හමුයෙහි ඵල ඇත්තේය. අකාලිකය, (කල් නොයවා පල දෙන්නේය.) එහිපස්සිකය, (එව බලවයි අන්‍යයන් තමා වෙතට කැඳවන්නට සුදුසුය.) ඔපනේයකය (වහා තම සිතට පැමිණවීමට සුදුසුය.) නුවනැත්තන් විසින් තම තමා කෙරෙහි දතයුතුයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි” (කීය.)
“භික්ෂූන් වහන්ස, කෙසේ නම් කාමයෝ කාලිකයෝය, බොහෝ දුක් සලසන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන දෙන්නෝය, එහි දොස් බොහෝයයි, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද? කෙසේ නම් (ඔබ කියන) මේ ධර්මය අකාලිකයයි, එහිඵස්සිකයයි, ඔපනේයකයයි, නුවණැත්තන් විසින් තම තමා කෙරෙහි දතයුතුයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද?”
ඇවැත්නි, මම වනාහි ළඟදී පැවිදිවූයෙක්මි. මේ ධර්ම විනයට අළුත ආයෙක්මි, (එබැවින්) විස්තරකොට කියන්නට නොහැත්තෙමි. අර්හත් සම්යක්සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි තපෝදාරාමයෙහි වෙසෙති. ඒ භාග්‍යවතුන් වහන්ාස් වෙත එළඹ මෙ නරුණ විචාරව, යම්සේ ඔබට භාග්‍යවතුන් වහන්සේ (මෙය) තෝරා දෙන සේක්ද, එසේ එය සිතෙහි දරාගනු මැනවැ” යි කීය.
“භික්ෂූන් වහන්ස, අන් මහේශාක්‍ය දේවතාවන් විසින් පිරිවරනලද ඒ භාග්‍යවතුන් වහන්සේ කරා අප වැන්නවුන්ට පැමිණීම පහසු නොවේ, ඉදින් භික්ෂූන් වහන්ස, ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ මෙ කරුණ අසන්නෙහි නම් අපිත් බණ අසන්නට එන්නෙමු.”
“එසේය ඇවැත්නි” යි ආයුෂ්මත් සමිද්ධි මහණ තෙම ඒ දෙවියාට උත්තරදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක ඉඳගත්තේය. එක් පසෙක උන් ආයුෂ්මත් සමිද්ධි තෙම මෙසේ කීය.
“ස්වාමීනි, මම රෑ අළුයම්හි නැගී සිට තපෝදා විල යම් තැනෙකද එතැනට ඇඟ සෝදා ගන්නට ගියෙමි. තපෝදායෙහි ඇඟ සෝදා ගොඩවුත් එක් සිවුරක් ඇතිව ඇඟ තෙත සිඳුවමින් සිටියෙමි. ස්වාමීනි, එකල එක්තරා දෙවියෙක් රෑ (පෙරයම) ගෙවුන කල්හි දිලිසෙන පැහැ ඇත්තේ මුලු තපෝදා විල් පෙදෙස බබුලුවමින් මම් යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, අහසෙහි සිට:
“භික්ෂූන් වහන්ස, ඔබ නොකා හිඟති. කා නො සිඟති. භික්ෂූන් වහන්ස, කා ඉන්පසු සිඟන්න. කාලය ඔබ ඉක්මවා නොයේවා” යි මේ ගාථායෙන් කීවේය.
“එසේ කීකල, ස්වාමීනි, මම ඒ දෙවියාට ගාථාවෙකින් ‘කාලය මම නොදනිමි. වැසුණු කාලය නොපැනේ. එබැවින් නොකා සිඟමි. කාලය මා නොඉක්මවා’ යි පෙරළා කීමි.
“ස්වාමීනි, එවිට ඒ දෙවියා පොළොවට බැස සිට, භික්ෂූන් වහන්ස, ඔබ ළදරු වියෙහිම පැවිදිවූ කෙනෙක, තරුණය, ඉතා කළු කෙස් ඇත්තෝය, යහපත් තරුණ භාවයෙන්, ප්‍රථම වයසින් යුක්තයෝය, කාම ක්‍රීඩා නොකළ කෙනෙක. භික්ෂූන් වහන්ස, මනුෂ්‍යයන් අයත් කම් සැප වැළඳුව මැනව. මේ ආත්මයෙහි වින්දයුතු සැප හැර දමා කල් පසුව ලැබෙන කම් සැප පස්සේ නොදූවන්නැ) යි මට කීවේය.
“මෙසේ කීකල, ස්වාමීනි, මම ඒ දෙවියාට ‘ඇවැත්නි, මම් වනාහි මේ ආත්මයෙහිම වින්දහැකි සැප හැර දමා කල්ගතව ලැබෙන සැප පස්සේ නොදුවමි. මම කාලික සැප හැරලා මේ ආත්මයෙහිම වින්දහැකි සැප පස්සේ නම් දුවමි. ඇවැත්නි, කාමයෝ වූකලී කාලිකයහ, බොහෝ දුක් පමුණවන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන
දෙන්නෝය, එහි දොස් බොහෝයයිද, එහෙත් මේ ධර්‍මයතමා ඇස් හමුවෙහි ඵල ඇත්තේය, කල් නොයවා පල දෙන්නේය, එව බලවයි අන්‍යයන් තමා වෙතට කැඳවන්නට සුදුසුය, වහා තම සිතට පැමිණවීමට සුදුසුය.න්වණ ඇත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දතසුතුයයිද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදැ’යි කීමි.
“ස්වාමීනි, මෙසේ මා කී විට, ඒ දෙව් තෙමේ ‘කෙසේ නම් කාමයෝ කාලිකය, බොහෝ දුක් පමුණුවන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන දෙන්නෝය, එහි දොස් බොහෝයයිද, එහෙත් මේ ධර්මය තමා ඇස් හමුවෙහි ඵල ඇත්තේය, කල් නොයවා පල දෙන්නේය, එව බලවයි අන්‍යයන් තමා වෙතට කැඳවන්නට සුදුසුය, වහා තම සිතට පැමිණවීමට සුදුසුය, නුවණ ඇත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දතයුතුයයිද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදැයි” ඇසුවේය,
“ස්වාමීනි, මෙසේ ඔහු කී කල, මම ‘ඇවැත්නි, මම නවක වෙමි, ළඟදී පැවිදිවූයෙකිමි, මේ සස්නට අළුත ආයෙකිමි, විස්කරයෙන් කීමට නොහැක්කෙමි. අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි තපෝදාරාමයෙහි වෙසෙති. උන්වහන්සේ වෙත එළඹ, මේ කරුණු විචාරන්න, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සේ ඔබට මෙය තෝරා දෙන සේක්ද එසේ සිත දරාගන්නැ’ යි කීමි.
“ස්වාමීනි, මෙසේ කී කල, ‘අන් මහේශාක්‍ය දේවතාවන් විසින් පිරිවරනලද ඒ භාග්‍යවතුන් වහන්සේ කරා අප වැන්නවුන් පැමිණීම පහසු නොවේ. ශ්රමණයන් වහන්ස, ඉදින් ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, මේ කරුණු අසන්නෙහි නම්, අපිත් බණ අසන්නට එන්නම්හ’ යි ඒ දෙවියා කීවේය. ස්වාමීණි, ඉදින් ඒ දෙවියාගේ කීම සැබෑ නම් ඒ දෙවියා මේ ළඟම ඇතැ” යි කීයේය.
මෙසේ කී කල ඒ දෙවියා ‘භික්ෂූන් වහන්ස, විචාරන්න. භික්ෂූන් වහන්ස, විචාරන්න. මේ මම් පැමිණියෙමි” යි මේ වචන සමිද්ධි ආයුෂ්මතුන්ට කීවේය.
එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ දෙවියාට ගාථායෙන් මෙසේ කීහ:
“සත්ත්වයෝ උපාදානස්කන්ධ පසෙහි සත්ත්ව පුද්ගල ආදී වශයෙන් වරදවා හඳුනනසුලු වෙත්. පඤ්චඋපාදානස්කන්ධයෙහි පිහිටියාහු වෙත්. ඔවුහු ඒ උපාදානස්කන්ධයන් පිරිසිඳ නොදැන්මෙන් මරහුගේ වසඟයට පැමිණෙත්.
“එහෙත් (යමෙක්) උපාදානස්කන්ධයන් පිරිසිඳ දැන්මෙන් නම් කළ යුතු කිසිවකු නොදක්නේද, එසේවූ ඔහුට ‘රාගාදී යමෙකින් මෙතෙම මැඩුනේය’ යි කිසිවෙක් ඔහුට දොස් කිය හැකි නොවේ. යක්ෂය එසේවූ තැනැත්තකු දන්නෙහි නම් කියව.”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මේ වචනයේ අදහස විස්තර වශයෙන් නොදනිමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කොටින් වදාළ මේ වචනයේ අදහස යම් සේ විස්තරයෙන් මම් දැනගත හැකි වන්නෙම්ද, එසේ මට භාග්‍යවතුන් වහන්සේ වදාරනසේක්වා” (යි කීවේය.)
“යමෙක් මම් ‘සමයෙමි’ කියා හෝ ‘විශේෂ වන්නෙමි’ කියා හෝ නැතහොත් ‘හීනයෙමි’ කියා හෝ කමා සලකාද, ඔහු එයින් අනුන් හා විවාද කරන්නේය, යමෙක් ඒ මානයන්හි නොසැලෙන්නේද, (මාන නැසූ) ඔහුට මම ‘සමයෙමි’ කියා හෝ ‘විශේෂවෙමි’ කියා හෝ ‘හීනයෙමි’ කියා හෝ හැඟීමෙක් නැත. යක්ෂය, එවැන්නකු දන්නෙහි නම් කියව” යි (වදාළසේක.)
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් වදාළ මෙහිද අදහස විස්තරයෙන් නොදනිමි. යහපත, ස්වාමීනි, සැකෙවින් වදාළ එහි අදහස විස්තරයෙන් මට දැනගත හැකිවන සේ භාග්‍යවතුන් වහන්සේ එය වදාරනසේක්වා” (යි කීවේය.)
“ක්ෂීණාශ්රව තෙමේ පැණවීම් හැරදැමුයේය. මානයට නොබටුයේය. හේ නාමරූපයෙහි ඇල්ම දුරු කෙළේය. ගැට නැසූ, දුත් නැති, තණ්හා නැති ඒ රහතුන් දෙවියෝත් මිනිස්සුත් මෙහි හෝ අන් ලොවක හෝ ස්වර්ගයන්හි හෝ සියලු සත්වාවාසයන්හි හෝ සොයන්නාහු නමුත් නොදක්නාහ. එසේවූ පුඟුලකු දන්නෙහි නම්, යක්ෂය කියව” (යි වදාළසේක.)
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් වදාළ මේ වචනයේ අර්ථ විස්තර වශයෙන් මෙසේ දනිමි.”
“වචනයෙන් හෝ සිතින් හෝ කයින් හෝ කිසි පවක් හැම වේලෙහි නොකරන්නේය. (නොකළ යුතුය.) කාමයන් දුරුකොට, සිහි ඇත්තේ, මනා නුවණැත්තේ, අවැඩ ඇසුරු කළ දුකද සේවනය නොකරන්නේය” යි (කීයේය.)
|
3. සත්තිවග්ගො | 3. සත්ති වර්ගය |
1. සත්තිසුත්තං | 1. සත්ති සූත්‍රය |
21
සාවත්ථිනිදානං
‘‘සත්තියා විය ඔමට්ඨො, ඩය්හමානොව
(ඩය්හමානෙව (සබ්බත්ථ)) මත්ථකෙ;
කාමරාගප්පහානාය, සතො භික්ඛු පරිබ්බජෙ’’ති.
‘‘සත්තියා විය ඔමට්ඨො, ඩය්හමානොව මත්ථකෙ;
සක්කායදිට්ඨිප්පහානාය, සතො භික්ඛු පරිබ්බජෙ’’ති.
|
21
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීයේය:
“හුලකින් අනින ලද්දකු මෙන්ද, හිස ගිනි ඇවිල ගත්තකු මෙන්ද, මහණ තෙමේ කාමරාගය නසනු පිණිස සිහි ඇතිව වසන්නේය.”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) “හුලකින් අනින ලද්දකු සේත්, හිස ගිනි ඇවිලගත්තකු සේත් මහණ තෙමේ සක්කායදෘෂ්ටිය නසනු පිණිස සිහි ඇතිව (අප්‍රමාදව) වසන්නේය.”
|
2. ඵුසතිසුත්තං | 2. ඵුසති සූත්‍රය |
22
‘‘නාඵුසන්තං ඵුසති ච, ඵුසන්තඤ්ච තතො ඵුසෙ;
තස්මා ඵුසන්තං ඵුසති, අප්පදුට්ඨපදොසින’’න්ති.
‘‘යො
සුද්ධස්ස පොසස්ස අනඞ්ගණස්ස;
තමෙව බාලං පච්චෙති පාපං,
සුඛුමො රජො පටිවාතංව ඛිත්තො’’ති.
|
22
මා විසින් මෙසේ අසන ලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි රක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ. භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.
එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීයේය:
“කර්මය ස්පර්ශ නොකරන්නා ස්පර්ශ නොකෙරේ. (කර්ම ත්නාකරන්නාහට විපාක නොලැබේ.) කර්මය ස්පර්ශ කරන්නහුම විපාකතෙමේ ස්පර්ශ කෙරේ (කර්ම ඛරන්නාහටම විපාකය වේ.) එහෙයින් නොකිපුණාවූ පුද්ගලයන්ට ද්වේෂ කරන, පාප කර්ම ෂ්පර්ශ කරන්නහු (පව් කම් කරන්නා) වහි නපුරු විපාකය තෙමේ ස්පර්ශ කරයි. (ඔහුට ඒ පව්කම්හි විපාක ලැබේ.)”
(භාග්යන්තුන් වහන්සේ මෙසේ වදාළසේක:) “කිසිවෙකුට වරද (ද්වේෂ) නොකළ, නිරපරාධ (පිරිසිදු)වූ, කෙළෙස් නැති සත්ත්වයකුට (යමෙක්) වරද කෙරේද, ඒ පාපයම උඩුසුළඟට දැමූ සියුම් දූවිල්ල සේ දුක් විපාක වශයෙන් ඒ අඥානයා කරාම පෙරළා එයි.”
|
3. ජටාසුත්තං | 3. ජටා සූත්‍රය |
23
‘‘අන්තො
තං තං ගොතම පුච්ඡාමි, කො ඉමං විජටයෙ ජට’’න්ති.
‘‘සීලෙ
ආතාපී නිපකො භික්ඛු, සො ඉමං විජටයෙ ජටං.
‘‘යෙසං රාගො ච දොසො ච, අවිජ්ජා ච විරාජිතා;
ඛීණාසවා අරහන්තො, තෙසං විජටිතා ජටා.
‘‘යත්ථ නාමඤ්ච රූපඤ්ච, අසෙසං උපරුජ්ඣති;
පටිඝං රූපසඤ්ඤා ච, එත්ථෙසා ඡිජ්ජතෙ
(විජටෙ (ක.)) ජටා’’ති.
|
23
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීයේය:
“ඇතුළතද අවුල්ය. පිටතද අවුල්ය. සත්ත්ව සමූහයා අවුලෙන් බැඳුණේය. ගෞතමයන් වහන්ස, කවරෙක් මේ අවුල බේරිය හැකි වන්නේද? එය ඔබ අතින් විචාරමි”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)
“නුවණැති යම් කෙනෙක් ශීලයෙහි පිහිටා, චිත්තයත් (සමාධියත්), ප්‍රඥාවත් (විදර්ශනාවත්) වඩන්නේද, කෙලෙස් තවන වීර්‍ය්‍ය උැති, ස්ථානොචිත ප්‍රඥාවෙන් යුක්තවූ (සසර බිය දක්නා ගති ඇති) ඒ භික්ෂු තෙම මේ අවුල බේරිය හැකි වන්නේය.
“රාගයත්, ද්වේෂයත්, අවිද්‍යාවත් යම් කෙනෙකුන් විසින් දුරලන ලද්දාහුද, ඔවුහු ආශ්‍රව (කෙලෙස්) දුරලූ රහත්හු වෙති. ඔවුන් විසින් මේ අවුල ලිහන ලදී.
“යම් තැනෙක නාමයත්, රූපයත් නොඉතිරිවම නිරුද්ධ වේද, කාම භවයත්, රූප භවයත් අරූප භවයත් නැසේද එතැනදී මේ අවුල සිඳීයෙයි.”
|
4. මනොනිවාරණසුත්තං | 4. මනො නිවාරණ සූත්‍රය |
24
‘‘යතො
න දුක්ඛමෙති නං තතො තතො;
ස සබ්බතො මනො නිවාරයෙ,
ස සබ්බතො දුක්ඛා පමුච්චති’’.
‘‘න සබ්බතො මනො නිවාරයෙ,
න මනො සංයතත්තමාගතං;
යතො යතො ච පාපකං,
තතො තතො මනො නිවාරයෙ’’ති.
|
24
මා විසින් මෙසේ අසනලදී. එත් තලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලදජේතවනාරාමයෙහි වැඩවසන සේත.
එකල වනාහි එකතරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එකත් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“යමෙකින් යමෙකින් සිත වළක්වා ගන්නේ නම්, ඒ ඒ දෙයින් ඔහුට දුකෙක් නොපැමිණේ. එබැවින් සියල්ල කෙරෙන්ම සිත වළක්වා ලන්නේ නම් ඔහු සියලු දුකින් මිදේ.”
. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.)
“සිත සියල්ලෙන්ම නොවළකන්නේය. (වැළකිය යුතු නොවේ.) සංයත බවට පැමිණි සිත නොම වළකන්නේය. යමෙකින යමෙකින් අකුසල් උපදනේ නම්, ඒ ඒ දෙයින් සිත වළක්වා රැකගන්ාන්ය.”
|
5. අරහන්තසුත්තං | 5. අරහන්ත සූත්‍රය |
25
‘‘යො හොති භික්ඛු අරහං කතාවී,
ඛීණාසවො අන්තිමදෙහධාරී;
අහං
මමං වදන්තීතිපි සො වදෙය්යා’’ති.
‘‘යො
ඛීණාසවො අන්තිමදෙහධාරී;
අහං වදාමීතිපි සො වදෙය්ය,
මමං වදන්තීතිපි සො වදෙය්ය;
ලොකෙ සමඤ්ඤං කුසලො විදිත්වා,
වොහාරමත්තෙන සො
(ස (?)) වොහරෙය්යා’’ති.
‘‘යො හොති භික්ඛු අරහං කතාවී,
ඛීණාසවො අන්තිමදෙහධාරී;
මානං නු ඛො සො උපගම්ම භික්ඛු,
අහං වදාමීතිපි සො වදෙය්ය;
මමං වදන්තීතිපි සො වදෙය්යා’’ති.
‘‘පහීනමානස්ස න සන්ති ගන්ථා,
විධූපිතා මානගන්ථස්ස සබ්බෙ;
ස වීතිවත්තො මඤ්ඤතං
(මානනං (සී.), මඤ්ඤීතං (?)) සුමෙධො,
අහං
‘‘මමං වදන්තීතිපි සො වදෙය්ය;
ලොකෙ සමඤ්ඤං කුසලො විදිත්වා;
වොහාරමත්තෙන සො වොහරෙය්යා’’ති.
|
25
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සිවිත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැ්මිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.
එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:
“සිවු මගින් කළ යුතු දෙ කොට නිමවූ, කෙලෙස් නැසූ, අන්තිම ආත්ම බව දරන යම් රහත් භික්ෂුවෙක් වේනම්, ඔහු ‘මම කිසමි’ කියාත් කියන්නේද? ‘(ඔවුහු) මට කියති’ කියාත් කියන්නේද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “කළ යුතු දේ කොට නිමවූ, කෙලෙස් නැසූ, අන්තිම ආත්ම බව දරන්නාවූ, යම් රහත් භික්ෂුවෙක් වේ නම්, ඔහු ‘මම කියමි’ කියාත් කියන්නේය. ‘මට කියත්ය’ කියාත් කියන්නේය. නුවණැති ඔහු ලෝක ව්‍යවහාරයද දැන ව්‍යවහාර මාත්‍රයෙන් (’මම කියමි’, ‘මට කියති’ යනාදිය) ව්‍යවහාර කරන්නේය.”
“කළයුතු දේ කොට නිමවූ, කෙලෙස් නැසූ, අන්තිම ආත්ම බව දරන, යම් රහත් භික්ෂුවෙක් වේ නම්, ඔහු මානය නිසා හෝ ‘මම කියමි’ කියාත් ‘මට කියති’ යි කියාත් කියන්නේද?”
“ඔහුගේ මානය ප්‍රහීණය. මාන (ගැට) ඔහුට නැත. ඔහු විසිත් සියලු මාන ගැට හාත්පසින් නසනලදී. මනා නුවණැති ඔහු තණ්හා ඉක්මවූයෙක. (එසේවූ) ඔහු ‘මම කියමි’ කියාද, ‘මට කියති’ කියාද කියන්නේය. නුවණැති ඔහු ලෝක ව්‍යවහාරයද දැන හුදෙක් ව්‍යවහාර වශයෙන් (’මම’, ‘මට’ යන ආදිය) කියන්නේය.
|
6. පජ්ජොතසුත්තං | 6. පජ්ජොත සූත්‍රය |
26
‘‘කති
භගවන්තං
(භවන්තං (ක.)) පුට්ඨුමාගම්ම, කථං ජානෙමු තං මය’’න්ති.
‘‘චත්තාරො
දිවා තපති ආදිච්චො, රත්තිමාභාති චන්දිමා.
‘‘අථ අග්ගි දිවාරත්තිං, තත්ථ තත්ථ පකාසති;
සම්බුද්ධො තපතං සෙට්ඨො, එසා ආභා අනුත්තරා’’ති.
|
26
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය..
එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:
“යමෙකින් ලොව බබළා නම්, ඒ ලොව එලිය කරන දේ කොතෙක්ද? භාග්‍යවතුන් වශන්සේ වෙතින් විචාරන්නට අවුත් සිටිමු. අපි එය කෙසේ නම් දැන ගනිමුද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “ලොව එළිය කරන දේ සතරෙකි. මෙහි පස්වැන්නෙක් නැත. දහවල් හිරු බබළයි. රෑ සඳු බබළයි. තවද දිවා රෑ
දෙක්හි ගින්න ඒ ඒ තැන බබළයි. සම්බුද්ධයන් වහන්සේ බබළන්නවුන් අතරෙහි ශ්‍රේෂ්ඨය. මේ හැමටම වැඩි තරම්වූ ආලෝකයයි.”
|
7. සරසුත්තං | 7. සර සූත්‍රය |
27
‘‘කුතො
කත්ථ නාමඤ්ච රූපඤ්ච, අසෙසං උපරුජ්ඣතී’’ති.
‘‘යත්ථ ආපො ච පථවී, තෙජො වායො න ගාධති;
අතො සරා නිවත්තන්ති, එත්ථ වට්ටං න වත්තති;
එත්ථ නාමඤ්ච රූපඤ්ච, අසෙසං උපරුජ්ඣතී’’ති.
|
27
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“(සංසාර) කඳුරැළි කොතන්හි නවතීද? (සංසාර) දියසුලිය කොතැනදී නවත්නේද? නාමයත් රූපයත් කොතැනදී නොයිතිරිව නැතිවේද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “යම් තැනෙක ආපෝ ධාතුවත්, පඨවි ධාතුවත්, තේාජා් ධාතුවත්, වායෝ ධාතුවත් නොපිහිටාද, (ඒ මේ නිවනෙහි) සසර කඳුරැළි නවතී. (ඒ මේ නිවනෙහි) සසර දිය සුලිය නොපෙරළෙයි. (ඒ මේ නිවනෙහි) නාමයත් රූපයත් මුඵමනින් නැතිවේ.”
|
8. මහද්ධනසුත්තං | 8. මහද්ධන සූත්‍රය |
28
‘‘මහද්ධනා මහාභොගා, රට්ඨවන්තොපි ඛත්තියා;
අඤ්ඤමඤ්ඤාභිගිජ්ඣන්ති, කාමෙසු අනලඞ්කතා.
‘‘තෙසු උස්සුක්කජාතෙසු, භවසොතානුසාරිසු;
කෙධ තණ්හං
(රොධතණ්හං (ස්‍යා. කං.), ගෙධතණ්හං (ක.)) පජහිංසු
(පවාහිංසු (ස්‍යා. කං. ක.)), කෙ ලොකස්මිං අනුස්සුකා’’ති.
‘‘හිත්වා
හිත්වා රාගඤ්ච දොසඤ්ච, අවිජ්ජඤ්ච විරාජිය;
ඛීණාසවා අරහන්තො, තෙ ලොකස්මිං අනුස්සුකා’’ති.
|
28
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එකතරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එත් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ මෙීපයෙහි මේ ගාථාව කීය:
“මහත් ධන ඇති, මහත් වස්තු ඇති, රටවල් අයිති රජහු පවා කාමයන්හි තෘප්තියට නොපැමිණියාහු එකෙක් අනෙකකුගේ වස්තුව පතත්. ඔවුන් සසර මහ වතුර අනුව යන්නන්ව උත්සාහීවූ කල්හි මෙහි (ලොව) කවුරුනම් තණ්හාව දුරැලුවෝද? ලොව කවුරු නම් උත්සාහ නැත්තෝද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “ගිහි ගෙය හැර ප්‍රියවූ දරුවන්ද, ගව මහිෂාදී සිවුපා සමූහයාද හැර පැවිදිවූ, රාගයත් ද්වේෂයත් දුරලා අවිද්‍යාවත් පහකොට සිටි, කෙලෙස් නැසූ ඒ රහත්හු ලොව කාමයන් සෙවීම් ආදියෙහි උත්සාහ නැත්තෝය.”
|
9. චතුචක්කසුත්තං | 9. චතුචක්ක සූත්‍රය |
29
‘‘චතුචක්කං
පඞ්කජාතං මහාවීර, කථං යාත්‍රා භවිස්සතී’’ති.
‘‘ඡෙත්වා නද්ධිං වරත්තඤ්ච, ඉච්ඡා ලොභඤ්ච පාපකං;
සමූලං තණ්හමබ්බුය්හ, එවං යාත්‍රා භවිස්සතී’’ති.
|
29
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැක් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහත්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත් පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“මහා වීරයන් වහන්ස, රෝද ෂතරක් ඇති, දොර නවයක් ඇකිථ අසූචියෙන් පිරුණු, ලෝභයෙන් යුක්තවූ, මඩෙන් උපන් ශරීරයාගේ එතරවීම කෙසේ වන්නේද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “බද්ධ වෛර නමැති ලනුවද, (කෙලෙස් නමැති) වරපටද, (නොලත් දේ පැතුම නම්) ලාමකවූ ඉච්ඡාවද, ලත් දැයෙහි ඇල්මද, සිඳ දමා, (අවිද්‍යා නමැති) මුල සහිත තණ්හාව උදුරා දැමීමෙන් මෙසේ ශරීරයාගේ එතරවීම වන්නේය.”
|
10. එණිජඞ්ඝසුත්තං | 10. ඵණිජඞඝ සූත්‍රය |
30
‘‘එණිජඞ්ඝං කිසං වීරං, අප්පාහාරං අලොලුපං;
සීහං වෙකචරං නාගං, කාමෙසු අනපෙක්ඛිනං;
උපසඞ්කම්ම පුච්ඡාම, කථං දුක්ඛා පමුච්චතී’’ති.
‘‘පඤ්ච
එත්ථ ඡන්දං විරාජෙත්වා, එවං දුක්ඛා පමුච්චතී’’ති.
|
30
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“ඒණි මුවෙකුගේ බඳු වට කෙණ්ඩා ඇති, කෘශවූ, ස්වල්පාහාර ඇති, ලොල් බැව් නැති, හුදෙකලිව හැසිරෙන සිංහයෙකු බඳු, ඇතකු බඳු, කාම අපේක්ෂා නැති, වීරයන් වහන්සේ කරා එළඹ විචාරම්හ: දුකින් කෙසේ මිදෙමුද?” (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “ලොව මනැස සවැනි කොට ඇති පඤචකාම බන්ධන ප්‍රසිද්ධයහ. මෙහි ඇල්ම දුරලීමෙන් මෙසේ දුකින් මිදේ”
|
4. සතුල්ලපකායිකවග්ගො | 4. සතුල්ලපකායික වර්ගය |
1. සබ්භිසුත්තං | 1. සබ්භි සූත්‍රය |
31
එවං
‘‘සබ්භිරෙව සමාසෙථ, සබ්භි කුබ්බෙථ
(ක්රුබ්බෙථ (ක.)) සන්ථවං;
සතං සද්ධම්මමඤ්ඤාය, සෙය්යො හොති න පාපියො’’ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘සබ්භිරෙව සමාසෙථ, සබ්භි කුබ්බෙථ සන්ථවං;
සතං සද්ධම්මමඤ්ඤාය, පඤ්ඤා ලබ්භති
(පඤ්ඤං ලභති (ස්‍යා. කං.)) නාඤ්ඤතො’’ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘සබ්භිරෙව සමාසෙථ, සබ්භි කුබ්බෙථ සන්ථවං;
සතං සද්ධම්මමඤ්ඤාය, සොකමජ්ඣෙ න සොචතී’’ති.
අථ
‘‘සබ්භිරෙව
සතං සද්ධම්මමඤ්ඤාය, ඤාතිමජ්ඣෙ විරොචතී’’ති.
අථ
‘‘සබ්භිරෙව සමාසෙථ, සබ්භි කුබ්බෙථ සන්ථවං;
සතං සද්ධම්මමඤ්ඤාය, සත්තා ගච්ඡන්ති සුග්ගති’’න්ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘සබ්භිරෙව සමාසෙථ, සබ්භි කුබ්බෙථ සන්ථවං;
සතං සද්ධම්මමඤ්ඤාය, සත්තා තිට්ඨන්ති සාතත’’න්ති.
අථ ඛො අපරා දෙවතා භගවන්තං එතදවොච - ‘‘කස්ස නු ඛො, භගවා, සුභාසිත’’න්ති? සබ්බාසං වො සුභාසිතං පරියායෙන, අපි ච මමපි සුණාථ -
‘‘සබ්භිරෙව
සතං සද්ධම්මමඤ්ඤාය, සබ්බදුක්ඛා පමුච්චතී’’ති.
ඉදමවොච භගවා. අත්තමනා තා දෙවතායො භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායිංසූති.
|
31
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පිහිටි අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල සතුල්ලපකායික නම්න් දන්නාලද බොහෝ දෙවි කෙනෙක් රෑ පළමු දසපැය ඉක්මුණු කල මනා පැහැ ඇත්තාහු සියලු ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමුණුනාහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, පසෙක සිටියහ.
පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැනගැන්මෙන් වැඩි දියුණුව වෙයි. පිරිහීමෙක් නොවෙයි.”
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“සත් පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත් පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සදහම් දැනගැන්මෙන් ප්‍රඥාව ලැබෙයි. අන් පරිද්ිදකින් නොලැබෙයි.”
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:
“සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සත්දහම් දැන්මෙන් ශෝක කරන්නක් මැද ශෝක නොකෙරෙයි.”
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:
“සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සත්දහම් දැනගැන්මෙන් නෑයන් මැද වෙසෙසින් බබළයි.”
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:
“සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන්ගේ සාම මිත්‍ර සමාගමය කළ යුතුය
සත්පුරුෂයන්ගේ සත් දහම් දැනගැන්මෙන් සත්වයෝ සුගතියට යෙත්.”
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සත් දහම් දැනගැන්මෙන් නිරතුරුව සැපසේ සිටිත්.”
එවිට අන් දෙවියෙක් මෙසේ කීවේය. “භාග්‍යවතුන් වහන්ස, කාගේ කීම මනාකොට කීමද?”
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) “තොප සියල්ලන්ම කී දේ එකි එකී කාරණා වශයෙන් යහපත් කීම්ය. එතෙකුදු වුවත් මගේ වචන අසවු: “සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සත් දහම් අවබෝධ කරගැන්මෙන් සියඵම දුකින් මිදේ.”
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. සතුටු සිත් ඇති ඒ දෙවියෝ භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට, එහිම අතුරුදහන් වූහ.”
|
2. මච්ඡරිසුත්තං | 2. මච්ඡරි සූත්‍රය |
32
එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සම්බහුලා සතුල්ලපකායිකා දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං
‘‘මච්ඡෙරා
පුඤ්ඤං ආකඞ්ඛමානෙන, දෙය්යං හොති විජානතා’’ති.
අථ
‘‘යස්සෙව භීතො න දදාති මච්ඡරී, තදෙවාදදතො භයං;
ජිඝච්ඡා ච පිපාසා ච, යස්ස භායති මච්ඡරී;
තමෙව බාලං ඵුසති, අස්මිං ලොකෙ පරම්හි ච.
‘‘තස්මා විනෙය්ය මච්ඡෙරං, දජ්ජා දානං මලාභිභූ;
පුඤ්ඤානි පරලොකස්මිං, පතිට්ඨා හොන්ති පාණින’’න්ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි -
‘‘තෙ මතෙසු න මීයන්ති, පන්ථානංව සහබ්බජං;
අප්පස්මිං යෙ පවෙච්ඡන්ති, එස ධම්මො සනන්තනො.
‘‘අප්පස්මෙකෙ පවෙච්ඡන්ති, බහුනෙකෙ න දිච්ඡරෙ;
අප්පස්මා දක්ඛිණා දින්නා, සහස්සෙන සමං මිතා’’ති.
අථ
‘‘දුද්දදං දදමානානං, දුක්කරං කම්ම කුබ්බතං;
අසන්තො නානුකුබ්බන්ති, සතං ධම්මො දුරන්වයො
(දුරන්නයො (සී.)).
‘‘තස්මා
අසන්තො නිරයං යන්ති, සන්තො සග්ගපරායනා’’ති.
අථ
‘‘සබ්බාසං වො සුභාසිතං පරියායෙන; අපි ච මමපි සුණාථ -
‘‘ධම්මං චරෙ යොපි සමුඤ්ජකං චරෙ,
දාරඤ්ච පොසං දදමප්පකස්මිං;
සතං සහස්සානං සහස්සයාගිනං,
කලම්පි නාග්ඝන්ති තථාවිධස්ස තෙ’’ති.
අථ
‘‘කෙනෙස යඤ්ඤො විපුලො මහග්ගතො,
සමෙන දින්නස්ස න අග්ඝමෙති;
කථං
(ඉදං පදං කත්ථචි සීහළපොත්ථකෙ නත්ථි) සතං සහස්සානං සහස්සයාගිනං,
කලම්පි නාග්ඝන්ති තථාවිධස්ස තෙ’’ති.
‘‘දදන්ති හෙකෙ විසමෙ නිවිට්ඨා,
ඡෙත්වා වධිත්වා අථ සොචයිත්වා;
සා
සමෙන දින්නස්ස න අග්ඝමෙති.
‘‘එවං සතං සහස්සානං සහස්සයාගිනං;
කලම්පි නාග්ඝන්ති තථාවිධස්ස තෙ’’ති.
|
32
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පිහිටි අනේපිඬු
සිටාණන් විසින් කරවනලද ජෙීතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි සතුල්ලපකායික නම්න් දන්නා ලද බොහෝ දෙවි කෙනෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල බබළන පැහැ ඇත්තාහු සියලු ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියෝය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියහ.
එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“මෙසේ මසුරුබවත්, පමාවත්, කරණකොට ගෙන දන් දෙනු නොලැබේ. (දීමෙහි ඵල ඇතැයි) දන්නා පින් කැමැත්තහු විසින් දන් දිය යුතු වෙයි.”
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මේ ගාථා කීය:
“යමකට බියෙන් මසුරා දන් නොදේද, නොදෙන ඔහුට ඒ බියම වේ.
“බඩගින්නද පිපාසාවද යන යමකට මසුරා බිය වේද, එයම මෙලොවද පරලොවද ඒ දන් නොදෙන අනුවණයා වෙතම පැමිණෙයි.
“එබැවින් මසුරු බව දුරලා මසුරුමළ මැඩලන්නෙක්ව දන් දෙන්නේය. පින් පරලෙිවෙහිදී ෂත්හට පිහිටවේ.”
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුක් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:
“යම් කෙනෙක් මහ කතරක යන්නාහු, මඳ දෙයක් ඇති කලද, එය (තමා) සමග යන්නවුන්ට බෙදා දෙන්නාහු නම්, ඔවුහු මළවුන් අතුරෙහි නොමැරෙත්. මේ පුරාණ ධර්මයෙකි.
“ඇතැම් කෙනෙක් වස්තුව ස්වල්පව ඇතිකල්හිද දෙත්. ඇතැම්හු බොහෝ වස්තුයෙන් යුක්තව ඉඳත් දන් නොදෙත්. ස්වල්පයක් ඇතියහු ඒ ස්වල්ප දෙයින් දුන් දන දහසක් ධනයෙන් දුන් දනක් හා සමයැයි ප්‍රමාණ කරණ ලදී.”
එකල අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:
“දීමට දුෂ්කරවූ දානය දෙන, කරන්නට අමාරුවූ පින්කම් කරන, තැනැත්තවුන් අනුව අසත්පුරුෂයෝ ක්‍රියා නොකෙරෙත්. සත්පුරුෂයන්ගේ ධර්මය අසත්පුරුෂයන් විසින් අනුගමනය කළ නොහැක්ක. එබැවින් සත්පුරුෂයන්ගේද අසත්පුරුෂයන්ගේද මෙයින් මතු පරලොව ගතිය වෙනස් වෙයි. අසත්පුරුෂයෝ නිරයට යෙත්. සත්පුරුෂයෝ සුගතියට යත්.”
එවිට අන් දෙවියෙක්, “භාග්‍යවතුන් වහන්ස, මොවුන්ගෙන් කාගේ කියුම් මැනැවින් කියන ලද්දෙක්දැ?” යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසුවේය. “තොප හැම කීදේ ඒ ඒ කාරණයේ සැටියෙන ්මනා කොට කියන ලද්දේය. එතෙකුදු වුවත් මගේ කීමද අසවු:
“යමෙක් දුකසේ අඹු දරුවන් රකිමින් වෙසෙන්නේද, ඔහු ස්වල්ප වස්තුවක් ඇති කල්හි එයින් දන් දෙමින් කුසල් කරන්නේද, එසේ වූවහුගේ ඒ දානයේ සියයෙන් කොටසක් පමණටවත් වරකට දහසක් වියදම් කොට, ලක්ෂයක් දෙනෙකුට දන් දුන්නවුන්ගේ දාන සිය දහස නොවටනේය.
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:
“මහත්වූ උදාර බවට පත් මේ දානය කවර කරුණෙකින් (දිළින්දා) ඒ දැහැමෙන් උපයා දුන් දානයාගේ අගයට (ළංව) නොපැමිණේද? දහස් ගනන් දන් දෙන්නහුගේ ඒ දාන (දිළින්දා දුන්) එබඳු දානයාගේ සියෙන් පංගුවටක් කවර හෙයින් නො අගිත්ද?”
එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ දෙවියාට ගාථාවෙකින් මෙසේ වදාළසේක.
“ඇතැම්හු විෂම කර්මයන්හි පිහිටියාහු අනුන් ශෝකයට පත්කොට දන් දෙත්. ඒ ශෝකයට පත්කර දුන් දඬු මුගුරුවලින් අනුන් බියගන්වා තළාපෙළා දුන් දානය, දැහැමෙන් දිළින්දා දුන් දානයේ වටිනාකමට නොඑයි. මෙසේ වරකට ලක්ෂයක් දෙනෙකුට දහසක් බැගින් දුන් ඒ දානයෝ දිළින්දා අනුන් නොරිදුවා සපයාගත් දෙයින් දුන් එබඳු දානයේ සියෙන් කොටසකටද නොවටනේය.”
|
3. සාධුසුත්තං | 3. සාධු සූත්‍රය |
33
සාවත්ථිනිදානං
‘‘සාධු ඛො, මාරිස, දානං;
මච්ඡෙරා ච පමාදා ච, එවං දානං න දීයති;
පුඤ්ඤං ආකඞ්ඛමානෙන, දෙය්යං හොති විජානතා’’ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි -
‘‘සාධු ඛො, මාරිස, දානං;
අපි ච අප්පකස්මිම්පි සාහු දානං’’.
‘‘අප්පස්මෙකෙ පවෙච්ඡන්ති, බහුනෙකෙ න දිච්ඡරෙ;
අප්පස්මා දක්ඛිණා දින්නා, සහස්සෙන සමං මිතා’’ති.
අථ
‘‘සාධු ඛො, මාරිස, දානං; අප්පකස්මිම්පි සාහු දානං;
අපි ච සද්ධායපි සාහු දානං’’.
‘‘දානඤ්ච යුද්ධඤ්ච සමානමාහු,
අප්පාපි සන්තා බහුකෙ ජිනන්ති;
අප්පම්පි චෙ සද්දහානො දදාති,
තෙනෙව සො හොති සුඛී පරත්ථා’’ති.
අථ
‘‘සාධු
සද්ධායපි
‘‘යො ධම්මලද්ධස්ස දදාති දානං,
උට්ඨානවීරියාධිගතස්ස ජන්තු;
අතික්කම්ම සො වෙතරණිං යමස්ස,
දිබ්බානි ඨානානි උපෙති මච්චො’’ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි -
‘‘සාධු ඛො, මාරිස, දානං; අප්පකස්මිම්පි සාහු දානං;
සද්ධායපි සාහු දානං; ධම්මලද්ධස්සාපි සාහු දානං;
අපි
‘‘විචෙය්ය දානං සුගතප්පසත්ථං,
යෙ දක්ඛිණෙය්යා ඉධ ජීවලොකෙ;
එතෙසු දින්නානි මහප්ඵලානි,
බීජානි වුත්තානි යථා සුඛෙත්තෙ’’ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි -
‘‘සාධු ඛො, මාරිස, දානං; අප්පකස්මිම්පි සාහු දානං;
සද්ධායපි සාහු දානං; ධම්මලද්ධස්සාපි සාහු දානං;
විචෙය්ය දානම්පි සාහු දානං; අපි ච පාණෙසුපි සාධු සංයමො’’.
‘‘යො
පරූපවාදා න කරොන්ති පාපං;
භීරුං
භයා හි සන්තො න කරොන්ති පාප’’න්ති.
අථ ඛො අපරා දෙවතා භගවන්තං එතදවොච - ‘‘කස්ස
‘‘සබ්බාසං වො සුභාසිතං පරියායෙන, අපි ච මමපි සුණාථ -
‘‘සද්ධා හි දානං බහුධා පසත්ථං,
දානා ච ඛො ධම්මපදංව සෙය්යො;
පුබ්බෙ
නිබ්බානමෙවජ්ඣගමුං සපඤ්ඤා’’ති.
|
33
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි සතුල්ලපකායික නම්න් දන්නාලද බොහෝ දෙවි කෙනෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල මනා වර්ණ ඇත්තාහු සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්ාස් කරා එළඹුනාහ. එළඹ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත් පසෙක සිටියහ.
එක් පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේය.
“නිදුකානන් වහන්ස, දන් දීම යහපති.
“මසුරු බව නිසාත් ප්‍රමාදය නිසාත් මෙසේ දන් දෙනු නොලැබේ. පින් පල දන්නා, පින් නැමැත්තහු දන් දිය යුතු.”
එවිට වෙනත් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.
“නිදුකානන් වහන්ස, සැබව: දීම යහපත. තවද දාන වස්තු ස්වල්පයක් ඇති කලද දීම යහපත.
“ඇතැම්හු මඳ දෙයක් ඇති කලද දෙත්. ඇතැම්හු බොහෝ වස්තුව ඇතිවද නොදෙත්. මඳ දෙයින් දුන් දන, දහසක් ධන විසඳා දුන් දනට සමකොට ප්‍රමාණ කරනලදී.”
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේය.
“නිදුකානන් වහන්ස, දීම යහපත. මඳ දෙයක් ඇති කල වුවද දීම යහපති. තවද ශ්‍රද්ධාවෙන් දීම යහපති.
“දානයද, යුද්ධයද සමාන කොට කියත්. යුද්ධයෙහි ටික දෙනෙක්වම බොහෝ (ෂතුරන්) දිනත්ද, එමෙන්ම මඳ දෙයක් වුවද කම්පල අදහමින් දෙන්නේද ඒ හේතුයෙන්ම ඔහු පරලෙව්හිදී සැප ඇතියෙක් වෙයි.”
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේය. “නිදුකානන් වහන්ස, දීම යහපත. මඳක් ඇතිකලද දීම යහපත. ශ්‍රද්ධායෙන් දීමද යහපත. එහෙත් දැහැමින් ලත් වස්තුව ආර්‍ය්‍ය පුද්ගලයෙකුට දීමම යහපත.”
“යම් සත්වයෙක් නොපසුබට වීර්‍ය්‍යයෙන් සැපයූ, දැහැමින් ලත් වස්තුව දන්දේද, හෙතෙම යමයාගේ වේකරණී නිරය ඉක්මවා ගොස් දිව්‍යලෝකයට පැමිණේ.’
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත මේ ප්‍රීති වාක්‍යය පහළ කළේය.
“නිදුකානන් වහන්ස, දීම යහපත. මඳ දෙයක් ඇතිකල දීමද යහපත. ශ්‍රද්ධාවෙන් දීමද යහපත. දැහැමෙන් සැපයූ දෙයින් දීමද යහපත. එහෙත් දෙන දෙයක් සොයා බලා දීම යහපති.”
“පරීක්ෂාකොට බලා දීම බුද්ධාදී උතුමන් විසින් පසස්නාලදී. මේ සත්ත්ව ලෝකයෙහි දෙන දේ ලබන්නට සුදුසු පුද්ගල කෙනෙක් වෙත්ද, ඔවුන්ට දුන් දන් මහත්ඵලය. සරු කෙතක වැපුරූ ධාන්‍ය මෙනි.”
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේය.
“නිදුකානන් වහන්ස, දීම යහපත්මය. මඳ දෙයක් ඇතිකල එයින් දීමද යහපත්මය. සැදැහැයෙන් දීමද යහපත්මය. දැහැමින් ලත් දෙයින් දීමද යහපත්මය. විමසා බලා දීමද යහපත්මය. තවද ප්‍රාණවධයෙන් වැළැක්මද යහපත.
“යමෙක් සතුන් කෙරේ හිංසා නොකොට හැසිරෙනුයේ අනුන්ගෙන් ලැබෙන චෝදනාවට බියෙන් ප්‍රාණඝාත ආදී පවු නොකෙරේද, ඒ බිය තැනැත්තා (නුවණැත්තෝ) පසසත්. එහි (පවට) බියනැති ප්‍රාණවධයෙහි දක්ෂයා ඔවුහු නොපසසත්. සත්පුරුෂයෝ (පවට) බියෙන් පව් නොකෙරෙත්.”
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට, “භාග්‍යවතුන් වහන්ස,” (මොවුන්ගෙන්) කාගේ නම් කීම මැනැවින් කියන ලද්දේදැ” යි කීය.
(එවිට භාග්‍යවතුන් වහන්සේ) “තොප හැම කීදේම ඒ එ ්කාරණය අනුව යහපත්ය. එහෙත් මාගේ වචනද අසවු.
“සැදැහැයෙන් දීම බොහෝ ලෙස පසස්නා ලදී. එහෙත් දානයට වඩා ධර්මපදය (නිවන) උතුමි. පෙර සිටියාවූද වඩාත් පෙර සිටියාවූද නුවණ ඇති සත්පුරුෂයෝ නිර්වාණයම ලැබූහ” යි. (වදාළ සේක.)
|
4. නසන්තිසුත්තං | 4. න සන්ති සූත්‍රය |
34
එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සම්බහුලා සතුල්ලපකායිකා දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘න සන්ති කාමා මනුජෙසු නිච්චා,
සන්තීධ කමනීයානි යෙසු
(කාමෙසු (ක.)) බද්ධො;
යෙසු පමත්තො අපුනාගමනං,
අනාගන්තා පුරිසො මච්චුධෙය්යා’’ති.
‘‘ඡන්දජං අඝං ඡන්දජං දුක්ඛං;
ඡන්දවිනයා අඝවිනයො;
අඝවිනයා දුක්ඛවිනයො’’ති.
‘‘න
සඞ්කප්පරාගො
තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලොකෙ,
අථෙත්ථ ධීරා විනයන්ති ඡන්දං.
‘‘කොධං
සංයොජනං සබ්බමතික්කමෙය්ය;
තං නාමරූපස්මිමසජ්ජමානං,
අකිඤ්චනං නානුපතන්ති දුක්ඛා.
‘‘පහාසි සඞ්ඛං න විමානමජ්ඣගා
(න ච මානමජ්ඣගා (ක. සී.), න විමානමාගා (ස්‍යා. කං.)),
අච්ඡෙච්ඡි තණ්හං ඉධ නාමරූපෙ;
තං ඡින්නගන්ථං අනිඝං නිරාසං,
පරියෙසමානා නාජ්ඣගමුං;
දෙවා මනුස්සා ඉධ වා හුරං වා,
සග්ගෙසු වා සබ්බනිවෙසනෙසූ’’ති.
‘‘තං චෙ හි නාද්දක්ඛුං තථාවිමුත්තං (ඉච්චායස්මා මොඝරාජා),
දෙවා මනුස්සා ඉධ වා හුරං වා;
නරුත්තමං අත්ථචරං නරානං,
යෙ තං නමස්සන්ති පසංසියා තෙ’’ති.
‘‘පසංසියා තෙපි භවන්ති භික්ඛූ (මොඝරාජාති භගවා),
යෙ තං නමස්සන්ති තථාවිමුත්තං;
අඤ්ඤාය
සඞ්ගාතිගා තෙපි භවන්ති භික්ඛූ’’ති.
|
34
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිඅනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි සතුල්ලපකායික නම්න් දන්නා ලද බොහෝ දෙවි කෙනෙක් රෑ පෙරයම ඉක්මුණුකල මනා පැහැ ඇක්කාහු සියලු ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමුණුනාහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක සිටියහ.
එක් පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“මිනිසුන් කෙරෙහි නිත්‍ය කාම වස්තූහු නැත්තාහ. යම් කාම වස්තුවක් කෙරෙහි බැඳුණු තැනැත්තේ, යම් කාම වස්තූන්හි පමාවූ තැනැත්තේ භවයන් (නික්ම) නිවණට නොයන්නේ වේද, එසේවූ, සිත් අදනා, රූපාදී ආරම්මණයෝ නම් මෙහි (ලෝකයෙහි) ඇත්තාහ.
(පඤචස්කන්ධ) දුක තන්හායෙන් උපදනේය. සසර දුක තණ්හායෙන් හටගැනේ. තණ්හාව නිරුද්ධ කිරීමෙන් (පඤච) ස්කන්ධ නිරෝධය වේ. ස්කන්ධ නිරෝධයෙන් (සංසාර) දුක්ඛ නිරෝධය වේ.”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “ලොව විසිතුරු රූපාදී යම් අරමුණු කෙනෙක් වෙත්ද, ඔවුහු කාමයෝ නොවෙති. පුරුෂයාගේ ඇලීම නම්වූ රාගය කාම නම්. ලොව විසිතුරු රූපාදීහු තමන් සිටි ලෙසම සිටිත්. එතෙකුදූ වුවත් නුවණ ඇත්තෝ එහි ඇල්ම දුරලත්.
“ක්‍රෝධය දුරලන්නේය. මානය හාත්පසින් බැහැර ලන්නේය. සියලු සංයෝජනයන් ඉක්මවන්නේය. නාම රූප දෙක්හි නොඇලෙන්නාවූ, ලොව කිසිත් (ඇලුම්) නැති, ඔවුන් අතර දුක්ඛයෝ කඩා නොවැටෙත්.”
“යමෙක් සත්ත්වාදී ප්රඥප්තිය දුරලීද, නැවත ඉපදීම් වශයෙන් මවුකුෂ නමැති විමානයට නොපැමිණියේද, මේ නාම රූප දෙකෙහි තණ්හාව දුරලීද, සිඳලූ සියලු පළිබෝධ ඇති, දුක් නැති, ආශා නැති, ඒ රහතුන් දෙවියෝත් මිනිස්සුත් මෙහි හෝ පරලොව හෝ ස්වර්ගයන්හි හෝ සියලු සත්වාවාසයන්හි හෝ සොයන්නාහු නුමුත් දැක්ක නොහැක්ක.”
ආයුෂ්මත් මෝඝරාජ තෙම මෙසේ කීය. “ඉදින් දෙවියෝත් මිනිස්සුත් මෙලොවෙහිත් අන් තන්හිත් සොයන්නාහු, එසේ මිදුනු රහතුන් නොදක්නාහු නම්, නරෝත්තමවූ, සත්නට හිත වැඩ සලසන, එසේවූ බුදුරජුන් යම් කෙනෙක් නමදිත් නම් ඔවුහු පැසසුම් ලැබිය යුත්තෝය.”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “මොඝරාජය, එසේ මිදුණු රහතුන් යම් කෙනෙක් නමදිත්ද, ඒ භික්ෂූහු පැසසුම් ලද යුත්තෝය. ඒ භික්ෂූහු දහම් දැන, සැක දුරලා, රාගාදී බැමි ඉක්මවූවෝ වෙත්.”
|
5. උජ්ඣානසඤ්ඤිසුත්තං | 5. උජඣානසඤ්ඤී සූත්‍රය |
35
එකං
‘‘අඤ්ඤථා සන්තමත්තානං, අඤ්ඤථා යො පවෙදයෙ;
නිකච්ච කිතවස්සෙව, භුත්තං ථෙය්යෙන තස්ස තං.
‘‘යඤ්හි කයිරා තඤ්හි වදෙ, යං න කයිරා න තං වදෙ;
අකරොන්තං භාසමානානං, පරිජානන්ති පණ්ඩිතා’’ති.
‘‘න යිදං භාසිතමත්තෙන, එකන්තසවනෙන වා;
අනුක්කමිතවෙ සක්කා, යායං පටිපදා දළ්හා;
යාය ධීරා පමුච්චන්ති, ඣායිනො මාරබන්ධනා.
‘‘න
අඤ්ඤාය නිබ්බුතා ධීරා, තිණ්ණා ලොකෙ විසත්තික’’න්ති.
අථ
‘‘අච්චයං
කොපන්තරො දොසගරු, ස වෙරං පටිමුඤ්චතී’’ති.
‘‘අච්චයො චෙ න විජ්ජෙථ, නොචිධාපගතං
(නොචීධ අපහතං (ස්‍යා. කං.), නොචිධාපකතං (?)) සියා;
වෙරානි න ච සම්මෙය්යුං, කෙනීධ
(වෙරානි ච සම්මෙය්යුං, තෙනිධ (සී.)) කුසලො සියා’’ති.
‘‘කස්සච්චයා න විජ්ජන්ති, කස්ස නත්ථි අපාගතං;
කො න සම්මොහමාපාදි, කො ච ධීරො
(කොධ ධීරො (ස්‍යා. කං.)) සදා සතො’’ති.
‘‘තථාගතස්ස
තස්සච්චයා න විජ්ජන්ති, තස්ස නත්ථි අපාගතං;
සො න සම්මොහමාපාදි, සොව
(සොධ (ස්‍යා. කං.)) ධීරො සදා සතො’’ති.
‘‘අච්චයං දෙසයන්තීනං, යො චෙ න පටිගණ්හති;
කොපන්තරො
තං වෙරං නාභිනන්දාමි, පටිග්ගණ්හාමි වොච්චය’’න්ති.
|
35
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි වනාහි බොහෝ උජඣානසඤ්ඤික දේවතා කෙනෙක් රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීර ශෝභා ඇත්තාහු මුඵ ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ අහසේ සිටියාහ.
අහසෙහි සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“යමෙක් අන් සැටියෙන්වූ තමා ඉන් වෙනස් සැටියෙකින් ලොවට පෙන්වන්නේ නම්, ඔහුගේ ඒ සිව්පසය වැළඳීම - ළිහිණි වැද්දා වංචායෙන් ළිහිණි මස් කෑම මෙන් - සොරා කෑමෙකි.”
“යමෙක් කරන්නේ නම්, එයම කියයුතු. යමක් නොකරන්නේ නම් එය නොකිය යුතු. නොකරන දේ කියන තැනැත්තා නුවණැති අය හඳුනත්.”
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “ස්ථිරවූ මේ යම් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙක් වේද, යමෙක උපකාරයෙන් නුවණ ඇත්තෝ මර බැම්මෙන් මිදෙත්ද, ඒ ප්‍රතිපත්තිය පිළිපැදීමට කීම හෝ ඇසීම පමණින් නොහැක්ක.”
නුවණ ඇත්තෝ ලෝක ස්වභාවය දැන රැවැටිලි නොම කෙරෙත්. (සිවුසස්) දැන නිවුණු ඒ නුවණ ඇත්තෝ ලොව ඇල්ම ඉක්මවූවෝය.”
එවිට ඒ දේවතාවෝ පොළොවෙහි පිහිටා භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිසින් වැඳ වැටී භාග්‍යවතුන් වහන්සේට මෙබස් කීහ. “ස්වාමීනි, යම් බඳුවූ බාලයන්සේ, මෝඩයන්සේ, අඥානයන්සේ, භාග්‍යවතුන් වහන්සේ වචනයෙන් චෝදනා කළයුත්තකු කොට ඇනුම් බසින්, භාග්‍යවතුන් වහන්සේ වෙහෙසවන්නට සිතූයෙමුද, ඒ අප මැඩගෙන වරද පැවැත්තේය, අපෙන් වරද විය. ස්වාමීනි, මින් මතු මෙවැනි වරද නොකරනු පිණිස, භාග්‍යවතුන් වහන්සේ වරද වරද සේ පිළිගන්නා සේක්වා.”
එවිට භාග්‍යවතුන් වහන්සේ මඳ සිනහ පහළ කළ සේක.
එකල ඒ දේවතාවෝ වඩාලාත් දොස් නගමින් (කලකිරී) අහස නැංගහ.
එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීය:
“වරද දෙසන්නවුන්ගේ වරද යමෙක් නොපිළිගනීනම්, ඇතුළත කෝපය ඇති, ද්වේෂය ගරුකොට ගෙන හැසිරෙන හෙතෙම වෛරය (තමා සිතෙහි) බැඳගනී.”
“ඉදින් දෝෂයක් නොවේනම්, වරදකුත් නොවේනම්, වෛරයෝත් සංසිඳෙන්නාහු නම්, ඒ කරුණෙන් මෙහි කුශලයෙක් වන්නේය.”
“දොස් නැත්තේ කාගේද? වරද නැත්තේ කාගේද? කවරෙක් (මුළාවට) නොපැමිණෙන්නේද? කවරනම් නුවණ ඇත්තෙක් හැමවිටම එළඹ සිටි සිහි ඇත්තෙක් හෝ වේද? (නොවේමය.)”
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “සියලු සන්වයින්ට අනුකම්පා කරන ඒ තථාගත සම්‍යක් සම්බුද්ධයාගේ දොස් නැත. ඔහුගේ වරදෙක් නැත. හෙතෙම (කිසිවිටෙකත්) මුළාවට නොපැමිණියේය. හෙතෙමේම හැමකල්හි එළඹ සිටි සිහි ඇති නුවණ ඇත්තාය.” “වරද දෙසන්නවුන්ගේ වරද ඉදින් යමෙක් නොපිළිගන්නේ නම් සිත තුළ කෝපය ඇති, ද්වේෂය ගරුකොට හැසිරෙන ඔහු වෛරය (සිත) බැඳගනී (යයි තොප කීවා සරිය.) එහෙත් මම වනාහි ඒ වෛරය නොකැමැත්තෙමි. තොපගේ වරද පිළිගනිමි. (තොපට කමා කෙරෙමි)”
|
6. සද්ධාසුත්තං | 6. ශ්‍රද්ධා සූත්‍රය |
36
එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සම්බහුලා සතුල්ලපකායිකා දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං
‘‘සද්ධා දුතියා පුරිසස්ස හොති,
නො චෙ අස්සද්ධියං අවතිට්ඨති;
යසො
සග්ගඤ්ච සො ගච්ඡති සරීරං විහායා’’ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි -
‘‘කොධං ජහෙ විප්පජහෙය්‍ය මානං,
සංයොජනං සබ්බමතික්කමෙය්ය;
තං නාමරූපස්මිමසජ්ජමානං,
අකිඤ්චනං නානුපතන්ති සඞ්ගා’’ති.
‘‘පමාදමනුයුඤ්ජන්ති
අප්පමාදඤ්ච මෙධාවී, ධනං සෙට්ඨංව රක්ඛති.
‘‘මා පමාදමනුයුඤ්ජෙථ, මා කාමරති සන්ථවං;
අප්පමත්තො හි ඣායන්තො, පප්පොති පරමං සුඛ’’න්ත්න්ත්ති.
|
36
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි වනාහි බොහෝ සතුල්ලපකායික දෙවියෝ රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීර ප.්‍රභායෙන් සියලු ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක සිටියහ.
එක් පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වශන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.
“ලෞකික ලෝකෝත්තර සැප කරා යන පුරුෂයාට ශ්‍රද්ධාව ඔහු සමග යන දෙවැන්නා වෙයි ඔහු අශ්රද්ධායෙහි බැස නොසිටී නම් ඒ හේතුයෙන් ඔහුට පිරිවරද, කීර්තියද වෙයි. මේ ශරීරය හැර ඔහු ස්වර්ගයටද යෙයි.”
එකල අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කීය.
“ක්‍රෝධය නසන්නේ නම්, මානය දුරු කරන්නේ නම්, සියලු සංයෝජන ඉක්මවා ලන්නේ නම්, නාම රූප දෙක්හි නොඇලෙන, හිරිහැර නැති, ඒ පුද්ගලයා කරා සංයෝගයෝ (බැමි) නොපැමිණෙත්.”
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.) “අනුවණ මෝඩ ජනයෝ ප්‍රමාදයෙහි යෙදෙත්. නුවණැත්තේ අප්‍රමාදය ශ්‍රේෂ්ඨ ධනයක් මෙන් රකී.
“ප්‍රමාදයෙහි නොයෙදෙවු: කාමරතිය හා එක්වීමෙහි නොයෙදෙවු. ධ්‍යාන වඩන, නොපමා තැනැත්තාම පරම සැපයට පැමිණේ.
|
7. සමයසුත්තං | 7. සමය සූත්‍රය |
37
එවං
අථ
‘‘මහාසමයො පවනස්මිං, දෙවකායා සමාගතා;
ආගතම්හ ඉමං ධම්මසමයං, දක්ඛිතායෙ අපරාජිතසඞ්ඝ’’න්ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘තත්ර භික්ඛවො සමාදහංසු, චිත්තමත්තනො උජුකං අකංසු
(උජුකමකංසු (සී. ස්‍යා. කං. පී.));
සාරථීව නෙත්තානි ගහෙත්වා, ඉන්ද්රියානි රක්ඛන්ති පණ්ඩිතා’’ති.
අථ
‘‘ඡෙත්වා ඛීලං ඡෙත්වා පලිඝං, ඉන්දඛීලං ඌහච්ච මනෙජා;
තෙ චරන්ති සුද්ධා විමලා, චක්ඛුමතා සුදන්තා සුසුනාගා’’ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘යෙ කෙචි බුද්ධං සරණං ගතාසෙ, න තෙ ගමිස්සන්ති අපායභූමිං;
පහාය මානුසං දෙහං, දෙවකායං පරිපූරෙස්සන්තී’’ති.
|
37
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සියල්ලන්ම රහතුන්වූ, භික්ෂූන් පන්සියයක් පමණවූ මහද් ඝික්‍ෂු සමූහයා හා ශාක්‍ය රටෙහි කපිලවස්තු නගරය සමීපයේ මහා වනයෙහි වාසය කරන සේක. භාග්‍යවතුන් වහන්සේත්, භික්ෂු සංඝයාත් දැකීම පිණිස දසදහසක් සක්වළින් දෙවතාවෝ බොහෝ සෙයින් රැස් වූවාහුය.
එකල්හි වනාහි ශුද්ධාවාස බ්‍රහ්මලෝකවාසී දෙවියන් සතරදෙනෙකුන්ට මේ සිත විය. “මේ භාග්‍යවතුන් වහන්සේ වනාහි සියල්ලන්ම රහතුන්වූ භික්ෂූන් පන්සියයක් පමණවූ මහද් භික්ෂු සමූහයා හා සමගව ශාක්‍ය රටෙහි කිඹුල්වත් පුර සමීපයෙහිවූ මහ වනයෙහි වාසය කරන සේක. භාග්‍යවතුන් වහන්සේත් භික්ෂු සංඝයාත් දැකීම පිණිස දසසහස්‍ර ලෝක ධාතුවෙහි දේවතාවෝ බොහෝ සෙයින් රැස් වූවාහු වෙත්. අපිත් භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණෙන්නමෝ නම්, පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි වෙන වෙනම ගාථාවක් (බැගින්) කියන්නමෝ නම් ඉතා යෙහෙක.”
ඉක්බිති ඒ දෙවතාවෝ ශක්තිමත් පුරුෂයෙක් යම්සේ හැකුඵෑ අතක් දික් කරන්නේද, දික් කළ අතක් හකුළන්නේද, එමෙන්ම ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි අතුරුදහන් වූවාහු, භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළවූහු.
ඉක්බිති ඒ දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ, පසෙක සිටියහ. පසෙක සිටිඑක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.
“වනයෙහි මහා සමූහයෙකි. දේව සමූහයෝ එක් රැස් වූවාහ. අපිදු කිසිවකු විසිනුදු පැරදවිය නොහෙන, සංඝයා දැකීම සඳහා මේ ධර්ම සමාගමයට ආවෙමු.”
එවිට අන් දෙවියෙක් භග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.
“ඒ ධර්ම සමාගමයෙහි භික්ෂූහු තමන් සිත් සමාධියෙහි යෙදූහ. ඎජු කළහ. යොත් අල්ලාගෙන ඉන්නා රියැදුරන් මෙන් නුවණ ඇත්තෝ ඉන්ද්රියයන් රකිත්”
එවිට අන් දෙවියෙක් භග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.
“පසැස් ඇති ශාස්තෘාන් වහන්සේ විසින් මනාකොට හික්මවනලද, තරුණ ඇතුන් බඳුවූ, (රාග, ද්වේෂ, මෝහ නමැති) කණුව සිඳ, (රාග, ද්වේෂ, මෝහ නමැති) අගුල සිඳ, (රාග, ද්වේෂ, මෝහ නමැති) එළිපත උදුරා, තණ්හා කම්පන රහිත වූවාහු, උප ක්ලේශ නැත්තෝව, නිර්මලව හැසිරෙත්.”
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.
“යම් කෙනෙක් බුදුන් සරණ ගියෝ නම්, ඔවුහු අපාය භූමියට නොයන්නාහ, ඔවුහු මිනිසත් බව හැර දෙව් පිරිස පුරාලන්නාහ.”
|
8. සකලිකසුත්තං | 8. සකලික සූත්‍රය |
38
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති මද්දකුච්ඡිස්මිං
අථ
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි - ‘‘සීහො වත, භො, සමණො ගොතමො; සීහවතා ච සමුප්පන්නා සාරීරිකා වෙදනා දුක්ඛා තිබ්බා ඛරා කටුකා අසාතා අමනාපා සතො සම්පජානො අධිවාසෙති අවිහඤ්ඤමානො’’ති.
අථ
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි - ‘‘නිසභො වත, භො, සමණො ගොතමො; නිසභවතා ච සමුප්පන්නා සාරීරිකා වෙදනා දුක්ඛා තිබ්බා ඛරා කටුකා අසාතා අමනාපා සතො සම්පජානො අධිවාසෙති අවිහඤ්ඤමානො’’ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි - ‘‘ධොරය්හො වත, භො, සමණො ගොතමො; ධොරය්හවතා ච සමුප්පන්නා සාරීරිකා වෙදනා දුක්ඛා තිබ්බා ඛරා කටුකා අසාතා අමනාපා සතො සම්පජානො අධිවාසෙති අවිහඤ්ඤමානො’’ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි - ‘‘දන්තො වත, භො, සමණො
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි - ‘‘පස්ස සමාධිං සුභාවිතං චිත්තඤ්ච සුවිමුත්තං, න චාභිනතං න
‘‘පඤ්චවෙදා සතං සමං, තපස්සී බ්රාහ්මණා චරං;
චිත්තඤ්ච නෙසං න සම්මා විමුත්තං, හීනත්ථරූපා න පාරඞ්ගමා තෙ.
‘‘තණ්හාධිපන්නා වතසීලබද්ධා, ලූඛං තපං වස්සසතං චරන්තා;
චිත්තඤ්ච නෙසං න සම්මා විමුත්තං, හීනත්ථරූපා න පාරඞ්ගමා තෙ.
‘‘න මානකාමස්ස දමො ඉධත්ථි, න මොනමත්ථි අසමාහිතස්ස;
එකො අරඤ්ඤෙ විහරං පමත්තො, න මච්චුධෙය්යස්ස තරෙය්ය පාර’’න්ති.
‘‘මානං පහාය සුසමාහිතත්තො, සුචෙතසො සබ්බධි විප්පමුත්තො;
එකො අරඤ්ඤෙ විහරමප්පමත්තො, ස මච්චුධෙය්යස්ස තරෙය්ය පාර’’න්ත්න්ත්ති.
|
38
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි මද්දකුච්ඡි නම් මුව වෙනෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේගේ පාදයෙහි ගල් පතුරක් වැදුනේය. (එයින්) භාග්‍යවතුන් වහන්සේට දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, බලවත් කායික දුක් වේදනාවෝ උපන්හ. භාග්‍යවතුන් වහන්සේ වනාහි එළඹ සිටි සිහි ඇතිසේක්, නුවණ ඇති සේක්, එහෙයින් නොපෙළෙන්නාහු ඒ වේදනාවන් ඉවසන සේක.
එකළ භාග්‍යවතුන් වහන්සේ සඟළ සිවුර සතර පටක් කොට පණවාගෙන දකුණු පය පිට වම් පය මඳක් ඉක්මවා තබා සිහිනුවණැතිව දකුණු ඇලයෙන් (සිංහයෙකුගේ නිදීමට බඳු) ශයනය කළ සේක.
එකල්හි වනාහි සත්සියයක් සතුල්ලපකායික දෙවියෝ රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීර ශෝභා ඇත්තාහු සියලු මද්දකුච්ඡි වනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ වෙක පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියහ.
එවිට එක් පසෙක සිටියාවූ එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍ය පහළ කෙළේය.
“ස්වාමීනි, පුදුමයෙකි’. ශ්‍රමණ ගෞතම තෙම හස්තියෙකි. එසේ ඇතෙකු බැවින්ම තමහට ඇතිවූ දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ශරීරගත වේදනාවන් සිහිනුවණ ඇතිව පීඩා නොවිඳිමින් ඉවසයි.”
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.
“ස්වාමීනි, පුදුමයෙකි’. ශ්‍රමණ ගෞතම තෙම සිංහයෙක. සිංහයෙකු නිසාම, ඇතිවූ දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ශරීරගත වේදනාවන් සිහි නුවණ ඇතිව නොපෙළෙමින් ඉවසයි.”
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.
“ස්වාමීනි, පුදුමයෙකි’. ශ්‍රමණ ගෞතම තෙම ආජානීයයෙක’. ආජානීය බැවින්ම හටගත් දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ශාරීරික වේදනාවන් සිහි නුවණ ඇතිව නොපෙළෙමින් ඉවසයි.”
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.
“පින්වත්නි පුදුමයකි’. ශ්‍රමණ ගෞතම තෙම (ගවයන් ලක්සයකට අධිපතිවූ නීසහයෙක) අප්‍රතිසමයෙක.සමාන කිරීමට අනිකෙක් නැත්තෙක). අප්‍රතිසම බැවින්ම හටගත් දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ශාරීරික වේදනාවන් සිහිනුවණින් යෙදී පීඩා නොලබමින් ඉවසයි.”
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කෙළේය.
“පින්වත්නි, පුදුමයකි’. ශ්‍රමණ ගෞතම තෙම බර උසුලන්නෙකි. බර උසුලන්නෙකු හෙයින්ම හටගත් ශාරීරිකවූ, දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, වේදනාව සිහිනුවණින් යෙදී පීඩා නොලබමින් ඉවසයි.”
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.
“ස්වාමීනි, පුදුමයකි’. ශ්‍රමණ ගෞතම තෙම දැමුණු කෙනෙක, දැමුණු බැවින්ම ශාරීරිකවූ දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, වේදනාවන් සිහි නුවණින් යෙදී පීඩා නොලබමින් ඉවසයි.”
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.
“බලන්න, හොඳින් වඩනාලද සමාධියක්’. නොනැමුණු, අරමුණින් ඉවතට නොනැමුණු, අනුන්ගේ මෙහෙයීමෙන් කෙලෙසුන් මැඩ, ඔවුන් වළක්වාලීම් නැති තැන්පත්වූ සිතක්.’ මෙබඳුවූ පුරුෂ ඇතෙකු, පුරුෂ සිංහයෙකු, පුරුෂාජානීයකු, අසම පුරුෂයකු, පුරුෂ ධෝරය්හයකු, පුරුෂදාන්තයකු, පෙළියයුත්තකු කොට යමෙක් සිතන්නේ නම්, එය ඔහුගේ අඥාන බව විනා අන් කිමෙක්ද?”
“වේද පහ දරන්නාවූ අවුරුදු සියයක් තවුස්දම් රකිමින් හැසිරෙන බමුණෝ වෙද්ද, ඉදින් ඔවුන්ගේ සිත මනාකොට නොමිදුනේ නම්, හීන බව (මාර්ග ඵල නොලත් බව) ස්වභාව කොට ඇති ඔවුහු නිවන් කරා යන්නෝ නොවෙත්.
“තණ්හාවෙන් මැඩුණු ව්‍රත හා ශීලයෙන් බැඳුනු තැනැත්තෝ අවුරුදු සියයක් රූක්ෂ තපස් කරන්නෝ නමුත්, ඔවුන්ගේ සිත මනාව නොමිදුනේ නම් පිරිහුණු බව ස්වභාවකොට ඇති ඔවුහු නිවන් වෙත යන්නෝ නොවෙත්.
“මෙලොව මානය පතන්නහුගේ සිතේ දමනයක් නැත. එකඟ නොවූ සිතැති ඔහුගේ චතුරාර්‍ය්‍ය සත්‍යය දැනීමෙක් නැත. පමා තැනැත්තේ හුදකලාව වනයෙහි වසන්නේ නමුදු සසරින් පරතෙරට යාගත නොහැක්කේය.”
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “මානය දුරලා මනාව එකඟ නර ගත් සිතැත්තේ, නුවණින් යුක්තවූයේ, සියලු ලෙසින් මිදුණු තැනැත්තේ හුදෙකලාව අප්‍රමාදව වනයෙහි වසන්නේ, ඔහු සසරින් එගොඩට යන්නේය.”
|
9. පඨමපජ්ජුන්නධීතුසුත්තං | 9. පළමුවන පජ්ජුන්නධීතු සූත්‍රය |
39
එවං
‘‘වෙසාලියං
කොකනදාහමස්මි
‘‘සුතමෙව පුරෙ ආසි, ධම්මො චක්ඛුමතානුබුද්ධො;
සාහං දානි සක්ඛි ජානාමි, මුනිනො දෙසයතො සුගතස්ස.
‘‘යෙ කෙචි අරියං ධම්මං, විගරහන්තා චරන්ති දුම්මෙධා;
උපෙන්ති රොරුවං ඝොරං, චිරරත්තං දුක්ඛං අනුභවන්ති.
‘‘යෙ ච ඛො අරියෙ ධම්මෙ, ඛන්තියා උපසමෙන උපෙතා;
පහාය මානුසං දෙහං, දෙවකාය පරිපූරෙස්සන්තී’’ති.
|
39
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර සමීපයෙහිවූ මහවනයෙහි කූටාගාරශාලා විහාරයෙහි වසන සේක. එකල්හි වනාහි පජ්ජුන්ත දෙවිහුගෙ දූ වූ කෝකනදා දෙවඟන රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීර ප්‍රභා ඇත්තී සියලු මහාවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාය. එක් පසෙක සිටි පජ්ජුන්න දෙවියාගේ දූ වූ කෝකනදා දෙව්දූ තොම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීවාය.
“(වහන්ස,) විසාලාමහනුවර සමීපයෙහි මහවනයෙහි වසන සත්ත්ව සමූහයාට අග්‍රවූ සම්බුද්ධයන් වහන්සේ කෝකනදා නම්වූ මම හොඳින් වඳිමි. පජ්ජුන්නගේ දූවූ කෝකනදා මම වෙමි.
“පසැස් ඇති තථාගතයන් වහන්සේ විසින් ධර්මය අවබෝධ කරන ලදැයි පෙර මවිසින් අසනලද පමණක්ම විය. ඒ මම දැන් දහම් දෙසන සුගත් මුනිහුගේ ධර්මය ප්රත්යක්ෂයෙන් දනිමි. යම් අනුවණ කෙනෙක් ආර්‍ය්‍ය ධර්මයට නින්දා කෙරෙමින් හැසිරෙක්ද, ඔවුහු දරුණුවූ නපුරු නරකයට පැමිණෙත්. (එහි) බොහෝ කාලයක් දුක් විඳිත්.
“යම් කෙනෙක් වනාහි ආර්‍ය්‍ය ධර්මයෙහි ක්‍ෂාන්තියෙන්ද, කෙලෙස් සන්සිඳීමෙන්ද යුක්ත නම්, ඔවුහු මනුෂ්‍යාත්මය හැර දෙව් පිරිස පුරා ලන්නාහ. (දෙව් ලොව උපදනාහ.)”
|
10. දුතියපජ්ජුන්නධීතුසුත්තං | 10. දෙවෙනි පජ්ජුන්නධීතු සූත්‍රය |
40
එවං
‘‘ඉධාගමා විජ්ජුපභාසවණ්ණා, කොකනදා පජ්ජුන්නස්ස ධීතා;
බුද්ධඤ්ච ධම්මඤ්ච නමස්සමානා, ගාථාචිමා අත්ථවතී අභාසි.
‘‘බහුනාපි
සංඛිත්තමත්ථං
(සංඛිත්තමත්තං (ක.)) ලපයිස්සාමි, යාවතා මෙ මනසා පරියත්තං.
‘‘පාපං න කයිරා වචසා මනසා,
කායෙන වා කිඤ්චන සබ්බලොකෙ;
කාමෙ
දුක්ඛං න සෙවෙථ අනත්ථසංහිත’’න්ති.
|
40
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසාලාමහනුවර සමීපයෙහි මහවනයෙහි කූටාගාර ශාලා විහාරයෙහි වසන සේක. එකල පජ්ජුන්න දෙවිහුගේ (බාල) දූ වූ චුල්ල කොකනදා තොම රෑ පෙරයම ඉක්මගිය පසු මනා වර්ණ ඇත්තී මුඵ මහවනය බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාය. එක් පසෙක සිටි පජ්ජුන්නගේ දූ වූ චුල්ල කෝකනදා තොම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීවාය.
“පජ්ජුන්නගේ දූ වූ විදුලිය පැහැ බඳු වර්ණ ඇති කොකනදා බුදුන්ද, දහම්ද, වඳින්නී (දැන්) මෙහි ආවාය. (ඕ තොමෝ අර්ථවත්වූ මේ ගාථා කීය.)
“ධර්මය විස්තර කරන්නෙම් නම් බොහෝ ආකාරයෙන් විස්තර කළ යුත්තකි. (එහෙත්) යම්තාක් මවිසින් සිතින් පුහුණු කරන ලද නම් කොටින් එපමණක් කියන්නෙමි.
“වචනයෙන් හෝ සිතින් හෝ කයින් හෝ මුඵ ලොව කිසිදු පවක් නොකට යුතුයි. සිහි නුවණැත්තේ පඤචකාම සම්පත් (විඳීම)ද හැර, අනර්ථය පිණිස පවත්නා කයට දුක් දීමද සේවනය නොකරන්නේය.
|
5. ආදිත්තවග්ගො | 5. ආදිත්ත වර්ගය |
1. ආදිත්තසුත්තං | 1. ආදිත්ත සූත්‍රය |
41
එවං
‘‘ආදිත්තස්මිං අගාරස්මිං, යං නීහරති භාජනං;
තං තස්ස හොති අත්ථාය, නො ච යං තත්ථ ඩය්හති.
‘‘එවං ආදිත්තකො ලොකො, ජරාය මරණෙන ච;
නීහරෙථෙව දානෙන, දින්නං හොති සුනීහතං.
‘‘දින්නං
චොරා හරන්ති රාජානො, අග්ගි ඩහති නස්සති.
‘‘අථ
එතදඤ්ඤාය මෙධාවී, භුඤ්ජෙථ ච දදෙථ ච;
දත්වා ච භුත්වා ච යථානුභාවං;
අනින්දිතො සග්ගමුපෙති ඨාන’’න්ති.
|
41
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන වර්ණ ඇත්තේ මුඵ ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය.
“ගෙයක් ගිනිගත් කල යම් භාජනයක් එයින් පිටතට ගනියිද, එය ඔහුට වැඩ පිණිස වේ. යමක් එහි දැවේ නම් එය වැඩ පිණිස නොවේ.
“එසේම ලොව ජරායෙනුත් මරණයෙනුත් ඇවිලගත්තේ වේ. දීමෙන්ම පිටතට ගතයුතු. දෙනලද දේ මැනවින් පිටත්කරන ලද්දේ නම්වේ.
“දුන් දේ සැප විපාක ඇතිකරන්නේ වේ. ත්‍නාදුන් දේ එසේ සැප විපාක නොදේ. එය සොරු හැරගෙන යත්. රජහු හෝ හැර ගනිත්. ගින්න හෝ දවයි. නැසී හෝ යන්නේය.
“තවද, වස්තු සහිත ශරීරය මරණයෙන් හැර දමයි. නුවණැත්තේ මෙය දැන තම වස්තුව ප්‍රයෝජනයට ගැනීමද කරන්නේය. දීමද කරන්නේය. එසේ ශක්ති පරිදි සම්පත් අනුභවයද කොට, දීමද කොට, නින්දා නොලබන්නෙක්ව දිව්‍ය ලෝකයට (සැප ඇති තැනට) පැමිණෙයි.”
|
2. කිංදදසුත්තං | 2. කිංදද සූත්‍රය |
42
‘‘කිංදදො බලදො හොති, කිංදදො හොති වණ්ණදො;
කිංදදො සුඛදො හොති, කිංදදො හොති චක්ඛුදො;
කො ච සබ්බදදො හොති, තං මෙ අක්ඛාහි පුච්ඡිතො’’ති.
‘‘අන්නදො බලදො හොති, වත්ථදො හොති වණ්ණදො;
යානදො සුඛදො හොති, දීපදො හොති චක්ඛුදො.
‘‘සො ච සබ්බදදො හොති, යො දදාති උපස්සයං;
අමතං දදො ච සො හොති, යො ධම්මමනුසාසතී’’ති.
|
42
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය කල්හි එක් දෙවියෙක් බබළන වර්ණ ඇත්තේ මුඵ ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“කුමක් දෙන තැනැත්තේ ශක්තිය දෙන්නේ වේද? කුමක් දෙන තැනැත්තේ පැහැය දෙන්නේ වේද? කුමක් දෙන තැනැත්තේ සැප දෙන්නේ වේද? කුමක්
දෙන තැනැත්තේ ඇස් දෙන්නේ වේද? සියල්ල දෙන තැනැත්තෙක් වේ නම් කවරෙක්ද? මවිසින් විචාරණ ලද ඔබ මට (මේ) කියාදෙනු මැනවි.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “ආහාර දෙන තැනැත්තේ ශක්තිය දෙන්නේ වේ. වස්ත්‍ර දෙන්නා වර්ණය දෙන තැනැත්තේ වේ. යාන වාහන දෙන තැනැත්තේ සැප පහසු දෙන තැනැත්තේ වේ. එලිය දෙන තැනැත්තේ ඇස් දෙන තැනැත්තේ වේ. යමෙක් වාසස්ථාන දේ නම් ඔහුම සියල්ල දෙන තැනැත්තා නම් වේ. යමෙක් ධර්‍මනුශාසනා කෙරේ නම් ඔහු අමෘත දානය දෙන තැනැත්තේ නම් වේ.”
|
3. අන්නසුත්තං | 3. අන්න සූත්‍රය |
43
‘‘අන්නමෙවාභිනන්දන්ති, උභයෙ දෙවමානුසා;
අථ කො නාම සො යක්ඛො, යං අන්නං නාභිනන්දතී’’ති.
‘‘යෙ
තමෙව අන්නං භජති, අස්මිං ලොකෙ පරම්හි ච.
‘‘තස්මා
පුඤ්ඤානි පරලොකස්මිං, පතිට්ඨා හොන්ති පාණින’’න්ති.
|
43
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු එක් දෙවියෙක් බබළන වර්ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක උන්නේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“දෙවියෝත් මිනිස්සුත් යන දෙකොටස ආහාර පතත්මය. එසේවූ කල කවර නම් සත්වයෙක් ආහාරයට සතුටු නොවේද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “යම් කෙනෙක් සර්‍ධායෙන්, වෙසෙසින් පහන්වූ සිවින්, (ආහාර) දෙත්ද, ඒ දානයාගේ විපාකයම මෙලොවත් පරලොවත් ඔහු අනුව යෙයි. “එබැවින් මසුරු බව දුරලිය යුතු. මසුරුමළ දුරලා දන් දෙන්නේය. දන් දිය යුතු සත්ත්වයන්ට පරලොවදී පුණ්‍යයෝ පිහිට වෙත්”
|
4. එකමූලසුත්තං | 4. ඒකමූල සූත්‍රය |
44
‘‘එකමූලං ද්විරාවට්ටං, තිමලං පඤ්චපත්ථරං;
සමුද්දං ද්වාදසාවට්ටං, පාතාලං අතරී ඉසී’’ති.
|
44
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය කල්හි එක් දෙවියෙක් බබළන වර්ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“එක් මුලක් (තණ්හාව) ඇති, දියසුළි (දෘෂ්ටි) දෙකක් ඇති, මල (රාග, ද්වේෂ, මොහ) තුනක්, ශාස්වත උච්ඡේද ඇති, පැතිරීම් (කාම වස්තු) පසක් ඇති, ආවර්ත (අධ්‍යාත්මික බාහිර ආයතන) දොළොසක්ද ඇති, පතුළක් නැති සමුද්‍රය (බුද්ධ) මහ ඉර්ෂිතෙම එතර කෙළේය.”
|
5. අනොමසුත්තං | 5. අනොමය (හෙවත් අනොනාම) සූත්‍රය |
45
‘‘අනොමනාමං
තං පස්සථ සබ්බවිදුං සුමෙධං, අරියෙ පථෙ කමමානං මහෙසි’’න්ති.
|
45
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙර යම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන වර්ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“සම්පූර්ණ නම් ඇති, සියුම් අර්ථ දක්නාවූ (අන්‍යයන්ටද) ප්‍රඥාව දෙන්නාවූ, කාම වස්තූන්හි නොඇලුණු, සියල්ල දන්නා, මනා නුවණ ඇති, ආර්‍ය්‍ය මාර්ගයෙහි ගිය ඒ (බුද්ධ) මහා ඉර්ෂිහු බලවු.”
|
6. අච්ඡරාසුත්තං | 6. අච්ඡරා සූත්‍රය |
46
‘‘අච්ඡරාගණසඞ්ඝුට්ඨං, පිසාචගණසෙවිතං;
වනන්තං මොහනං නාම, කථං යාත්‍රා භවිස්සතී’’ති.
‘‘උජුකො නාම සො මග්ගො, අභයා නාම සා දිසා;
රථො අකූජනො නාම, ධම්මචක්කෙහි සංයුතො.
‘‘හිරී තස්ස අපාලම්බො, සත්‍යස්ස පරිවාරණං;
ධම්මාහං සාරථිං බ්රූමි, සම්මාදිට්ඨිපුරෙජවං.
‘‘යස්ස එතාදිසං යානං, ඉත්ථියා පුරිසස්ස වා;
ස වෙ එතෙන යානෙන, නිබ්බානස්සෙව සන්තිකෙ’’ති.
|
46
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණ්න් විසින් කරවනලද ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන වර්ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“දිව්‍ය ස්ත්‍රී සමූහයාගේ ඝෝෂා සහිතවූ, දිව්‍ය ස්ත්‍රී නමැති පිශාච සමූහයා විසින් සේවනය කරනලද, ඒ උයන මෝහන නම්. මෙයින් නික්මීම කෙසේනම් වන්නේද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “ඒ මාර්ගය, ඎජු මාර්ගයකි. එයින් යන ඒ දිශාව (භය නැති) දිශාවකි. ධර්ම චක්‍ර දෙකින් යුත් ඒ රථය (බර වැඩි වීමෙන් හෝ තෙල් නොදැමීමෙන් හෝ) හඬ නොනගන්නේ වෙයි.
“හිරි ඔතප් දෙක (හේත්තුවන) පුවරුවය. සිහිය එහි පිරිවර උපකරණය. ධර්මය රියැදුරායයි මම කියමි. විදර්ශනා සම්‍යග්දෘෂ්ඨිය (රජු යන රථයට පෙරටුව යන පුරුෂයා මෙන් මාර්ග සම්‍යක්දෘෂ්ඨියට) පෙරටුව යන්නාහ.
“ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ යමකුහට මෙබඳු රථයක් වේ නම්, ඒකාන්තයෙන් හෙතෙම ඒ රථයෙන් නිවන් වෙතම යෙයි.”
|
7. වනරොපසුත්තං | 7. වනරොප සූත්‍රය |
47
‘‘කෙසං
ධම්මට්ඨා සීලසම්පන්නා, කෙ ජනා සග්ගගාමිනො’’ති.
‘‘ආරාමරොපා වනරොපා, යෙ ජනා සෙතුකාරකා;
පපඤ්ච උදපානඤ්ච, යෙ දදන්ති උපස්සයං.
‘‘තෙසං
ධම්මට්ඨා සීලසම්පන්නා, තෙ ජනා සග්ගගාමිනො’’ති.
|
47
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන වර්ණ ඇත්තේ මුලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක උන්නේය, එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.
“දහවලුත් රෑත් හැමවිටම කවුරුන්ගේ පින් වැඩේද? සුගතියට යන ධර්‍මස්ථයෝ (ධර්මයෙහි පිහිටියෝ) නම් කවුරුද? සිල්වත්තු නම් කවුරුද?
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “යම් ජනයෝ මල් වතු පලතුරු වතු (ආරාමයන්) වවන්නෝද, වන ලැහැබ් වවන්නෝද, හේදඬු පාලම් ආදිය කරවන්නෝද, යම් කෙනෙක් පැන්හලුත් වැව් පොකුණුත් කරවන්නෝද, වාසස්ථාන දෙන්නෝද, දිවා රෑ හැම විටම ඔවුන්ගේ පින් වැඩේ. මරණින් පසු ස්වර්ගයට යන, දහම්හි පිහිටි සිල්වත්තුත් ඒ ජනයෝයි.”
|
8. ජෙතවනසුත්තං | 8. ජේතවන (නොහොත් ඉදඤ්හි) සූත්‍රය |
48
‘‘ඉදඤ්හි තං ජෙතවනං, ඉසිසඞ්ඝනිසෙවිතං;
ආවුත්ථං
(ආවුට්ඨං (ක.)) ධම්මරාජෙන, පීතිසඤ්ජනනං මම.
‘‘කම්මං
එතෙන මච්චා සුජ්ඣන්ති, න ගොත්තෙන ධනෙන වා.
‘‘තස්මා හි පණ්ඩිතො පොසො, සම්පස්සං අත්ථමත්තනො;
යොනිසො විචිනෙ ධම්මං, එවං තත්ථ විසුජ්ඣති.
‘‘සාරිපුත්තොව පඤ්ඤාය, සීලෙන උපසමෙන ච;
යොපි පාරඞ්ගතො භික්ඛු, එතාවපරමො සියා’’ති.
|
48
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු ‘අනාථපිණ්ඩික දෙව්පුත්’ බබළන වර්ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි අනාථපිණ්ඩික දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“භික්ෂු සමූහයා විසින් නිතර සෙවුනා ලද, ධර්මරාජයානන් වහන්සේ විසින් වාසය කරන ලද මේ ජේතවනය වනාහි මට ප්‍රීතිය උපදවන්නේය.”
“කර්මයද (මාර්ග චේතනාවද), විද්‍යාවද (මාර්ග ප්‍රඥාවද), (සමාධිපාක්ෂික) ධර්මයද, ශීල සම්පන්න උතුම් ජීවිතයද, යන මෙයින් සත්ත්වයෝ ශුද්ධවෙත්. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් ශුද්ධනොවෙත්.”
“එබැවින්ම තමාගේ දියුණුව දක්නා නුවණ ඇති පුරුෂ තෙම නිසි මගින් ධර්ම සෙවිය යුතු. මෙසේ ඒ ආර්‍ය්‍ය මාර්ගයෙහි හෙතෙම පිරිසිදු වෙයි.”
“ප්‍රඥායෙන්ද, ශීලයෙන්ද, කෙලෙස් සංසිඳුවීමෙන්ද, ශාරීපුත්‍රයන් වහන්සේම උතුම්හ. පරතෙර පැමිණි යම් භික්ෂුවෙක් වේ නම් හේ මේ සැරියුත් තෙරුන් පරම කොට ඇත්තේම වන්නේය.”
|
9. මච්ඡරිසුත්තං | 9. මච්ඡෙර (නොහොත් මච්ඡරි) සූත්‍රය |
49
‘‘යෙධ
අඤ්ඤෙසං දදමානානං, අන්තරායකරා නරා.
‘‘කීදිසො
භගවන්තං පුට්ඨුමාගම්ම, කථං ජානෙමු තං මය’’න්ති.
‘‘යෙධ මච්ඡරිනො ලොකෙ, කදරියා පරිභාසකා;
අඤ්ඤෙසං දදමානානං, අන්තරායකරා නරා.
‘‘නිරයං තිරච්ඡානයොනිං, යමලොකං උපපජ්ජරෙ;
සචෙ එන්ති මනුස්සත්තං, දලිද්දෙ ජායරෙ කුලෙ.
‘‘චොළං පිණ්ඩො රතී ඛිඩ්ඩා, යත්ථ කිච්ඡෙන ලබ්භති;
පරතො ආසීසරෙ
(ආසිංසරෙ (සී. ස්‍යා. කං. පී.)) බාලා, තම්පි තෙසං න ලබ්භති;
දිට්ඨෙ ධම්මෙස විපාකො, සම්පරායෙ
(සම්පරායො (ස්‍යා. කං. පී.)) ච දුග්ගතී’’ති.
‘‘ඉතිහෙතං විජානාම, අඤ්ඤං පුච්ඡාම ගොතම;
යෙධ ලද්ධා මනුස්සත්තං, වදඤ්ඤූ වීතමච්ඡරා.
‘‘බුද්ධෙ
කීදිසො තෙසං විපාකො, සම්පරායො ච කීදිසො;
භගවන්තං පුට්ඨුමාගම්ම, කථං ජානෙමු තං මය’’න්ති.
‘‘යෙධ ලද්ධා මනුස්සත්තං, වදඤ්ඤූ වීතමච්ඡරා;
බුද්ධෙ පසන්නා ධම්මෙ ච, සඞ්ඝෙ ච තිබ්බගාරවා;
එතෙ සග්ගා
(සග්ගෙ (සී. ස්‍යා. කං.)) පකාසන්ති, යත්ථ තෙ උපපජ්ජරෙ.
‘‘සචෙ
චොළං පිණ්ඩො රතී ඛිඩ්ඩා, යත්ථාකිච්ඡෙන ලබ්භති.
‘‘පරසම්භතෙසු
දිට්ඨෙ ධම්මෙස විපාකො, සම්පරායෙ ච සුග්ගතී’’ති.
|
49
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසන සේක.එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු එක් දෙවියෙක් බබළන වර්ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය, එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“දැඩි මසුරුකම් ඇති, ක්‍රොධ කරන, අනුන් දන්දෙන කල්හි එයට අන්තරාය කරන, යම් මසුරු කෙනෙක් මෙලොව වෙත් නම්, ඔවුන්ට විපාකය
කෙබඳුද? ඔවුන්ගේ පරලොව ගතියත් කෙසේද? ඔබ වහන්සේගෙන් මෙය විචාරා දැනගන්නට අවුත් සිටුම්හ. එය අපි කෙසේ දැන ගනුමෝද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “දැඩි මසුරුවූ, සිඟන්නනට නින්දා කරන, දන් දෙන අන්‍යයන්ගේ ඒ දානයට අන්තරාය කරන, යම් මසුරු කෙනෙක් මෙලොව වෙත්ද, ඔවුහු මරණින් මතු නිරයට හෝ තිරිසන් යෝනියට හෝ යමලෝකයට හෝ පැමිණෙන්නාහ.”
“ඉදින් ඔවුහු (පසු) මිනිස් බවට එන්නාහු නම්, යම් කුලයෙක රෙදිපිළි, ආහාරපාන, කම්සැප ක්‍රීඩා දුකසේ ලැබේ නම් එබඳු කුලයෙහි උපදනාහ.”
“(ඒ) අඥානයෝ අනුන්ගෙන් යමක් පතන්නාහු නම්, එයද ඔවුන්ට නොලැබේ, මේ ඔවුන්ට මේ ආත්මයෙහි ලැබෙන විපාකයයි. ඔවුන්ට මරණින් පසු දූගතියෙහි උත්පත්තියද වේ.”
දෙවිතෙම මෙසේ කීවේය.) ‘ගෞකමයන් වහන්ස, මෙය මෙසේ දැනගතිමු. දැන් අන් කරුණක් විචාරමු, යම් කෙනෙක් මිනිස් බව ලද්දාහුද ඔවුහු තමන් වෙත පැමිණියවුන්ගේ වුවමනා වටහාගෙන දෙන පහවූ මසුරුබව ඇත්තාහු, බුදුන් කෙරෙහිත් ධර්මයෙහිත් සංඝයා කෙරෙහිත් පැහැහැදුණු දැඩි ගෞරව ඇත්තාහු වෙත් නම්, ඔවුනට (වන) විපාකය කෙබඳුද? ඔවුන්ගේ පරාලාව ගතිය තෙබඳුවේද? භවතුන්ගෙන් විචාරන්නට අවුත් සිටිමු. එය අපි කෙසේ දැන ගනිමුද?’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “මෙහි මිනිස් බව ලත් යම් කෙනෙක් තමන් වෙත පැමිණියවුන්ගේ වුවමනා වටහා ගෙන දන් දෙත්ද, මසුරුකම පහකළෝ වෙත්ද, බුදුන් කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි පැහැදුණාහු දැඩි ගෞරව ඇත්තාහුද, ඔවුහු යම් ඒ (ස්වර්ගයක උපදනාහු)ද, එහි බබළත්.” “ඉදින් ඔවුහු මිනිසත් බවට එන්නාහු නම්, යම් තැනෙක වස්ත්රාභරණ, ආහාරපාන, කම් සැප හා ක්‍රීඩා නිරායාසයෙන් ලැබේද, එසේවූ උසස් කුලයක උපදිත්.”
“එසේ උසස් කුලයේ උපන් ඔවුහු අනුන් රුස්කොට තැබූ වස්තුව එහි අයිතිකාරයන් මෙන් බුත්ති විඳිත්. මේ මේ ආත්මයෙහි ලැබෙන විපාකයයි. ඔවුන්ට මරණින් පසු වනාහි සුගතියෙහි උත්පත්තිය වේ.”
|
10. ඝටීකාරසුත්තං | 10. ඝටීකාර සූත්‍රය |
50
‘‘අවිහං උපපන්නාසෙ, විමුත්තා සත්ත භික්ඛවො;
රාගදොසපරික්ඛීණා, තිණ්ණා ලොකෙ විසත්තික’’න්ති.
‘‘කෙ ච තෙ අතරුං පඞ්කං
(සඞ්ගං (සී. ස්‍යා.)), මච්චුධෙය්යං සුදුත්තරං;
කෙ හිත්වා මානුසං දෙහං, දිබ්බයොගං උපච්චගු’’න්ති.
‘‘උපකො පලගණ්ඩො ච, පුක්කුසාති ච තෙ තයො;
භද්දියො ඛණ්ඩදෙවො ච, බාහුරග්ගි ච සිඞ්ගියො
(බහුදන්තී ච පිඞ්ගයො (සී.));
තෙ හිත්වා මානුසං දෙහං, දිබ්බයොගං උපච්චගු’’න්ති.
‘‘කුසලී භාසසී තෙසං, මාරපාසප්පහායිනං;
කස්ස තෙ ධම්මමඤ්ඤාය, අච්ඡිදුං භවබන්ධන’’න්ති.
‘‘න අඤ්ඤත්ර භගවතා, නාඤ්ඤත්ර තව සාසනා;
යස්ස තෙ ධම්මමඤ්ඤාය, අච්ඡිදුං භවබන්ධනං.
‘‘යත්ථ නාමඤ්ච රූපඤ්ච, අසෙසං උපරුජ්ඣති;
තං තෙ ධම්මං ඉධඤ්ඤාය, අච්ඡිදුං භවබන්ධන’’න්ති.
‘‘ගම්භීරං
කස්ස ත්වං
‘‘කුම්භකාරො
මාතාපෙත්තිභරො ආසිං, කස්සපස්ස උපාසකො.
‘‘විරතො
අහුවා තෙ සගාමෙය්යො, අහුවා තෙ පුරෙ සඛා.
‘‘සොහමෙතෙ පජානාමි, විමුත්තෙ සත්ත භික්ඛවො;
රාගදොසපරික්ඛීණෙ, තිණ්ණෙ ලොකෙ විසත්තික’’න්ති.
‘‘එවමෙතං තදා ආසි, යථා භාසසි භග්ගව;
කුම්භකාරො පුරෙ ආසි, වෙකළිඞ්ගෙ ඝටීකරො;
මාතාපෙත්තිභරො ආසි, කස්සපස්ස උපාසකො.
‘‘විරතො මෙථුනා ධම්මා, බ්‍රහ්මචාරී නිරාමිසො;
අහුවා මෙ සගාමෙය්යො, අහුවා මෙ පුරෙ සඛා’’ති.
‘‘එවමෙතං පුරාණානං, සහායානං අහු සඞ්ගමො;
උභින්නං භාවිතත්තානං, සරීරන්තිමධාරින’’න්ති.
|
50
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු ඝටීකාර බ්‍රහ්මතෙම බබළන වර්ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි ඝටීකාර බ්රහ්මකෙම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය.
“භික්ෂූන් සත් නමක් අවිහ බඹලොවට (උත්පත්ති වශයෙන්) පැමිණියාහු, කෙලෙසුන්ගෙන් මිදුණෝ රාග ද්වේෂයන් නැසුවෝ, ලොව ඇල්ම (තෘෂ්ණාව) තරණය කළහ.”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “කෙලෙස් මඩ ඇති, තරණයට දුෂ්කරවූ, සංසාර සාගරය ඒ කවර කෙනෙක් නම් තරණය කළෝද? කවුරු නම් මිනිස් කය (ඔරංභාගිය සංයෝජන) හැර දිව්‍යයෝගය (උද්දංභාගිය සංයෝජන) ඉක්මවා ලූවෝද?”
(ඝටීකාර බ්‍රහ්මයා මෙසේ කීය.) “උපකද පලගණ්ඩද පුක්කුසාතිද යන ඔවුහු තුන්දෙනාත්, භද්දියද ඛන්ඩදෙවද භාහුරග්ගියද පිඞගියද යන මොවුහුක් (සක්දෙන) මනුෂ්‍ය දේශය හැර, දිව්යයෝගයද ඉක්මවූහ.”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) මරහුගේ මළපුඩුව දුරැලූ ඔවුන්ගේ ගුණ පණ්ඩිතවූ ඔබ කීයෙහිය. ඔවුහු කාගේ ධර්මයක් දැනගෙන සසර බැම්ම සිඳලූහුද?”
(ඝටීකාර බ්‍රහ්මයා මෙසේ කීය.) “ස්වාමීනි, ඔවුහු යමෙකුගේ ධර්මය දැන සසර බැම්ම සින්දෝ නම්, ඒ භාග්‍යවතුන් වහන්සේගේ මීස අනෙකෙකුගේ නොවේ. ඔබගේ ශාසනය මිස අනෙකක් නොවේ.”
“යම් තැනෙක්හි (නිවනෙක්හි) සියලු නාමයත්, සියලු රූපයත් නිරුද්ධ වේද, (ඒ නිර්වාණ) ධර්මය ඔවුහු මේ සස්නෙහි දැන සසර බැම්ම සින්දහ.”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “දුකසේ දතයුතු අර්ථ ඇති, දුකසේ අවබෝධ කටයුතු අර්ථ ඇති, ගැඹුරු බසක් කියෙහි, යුෂ්මත් තෙම කාගේ ධර්මයක් දැනගෙන මෙබඳු බසක් කීයෙහිද?”
(ඝටීකාර බ්‍රහ්මතෙම මෙසේ කීය.) “ස්වාමීනි, මම පෙර වේහලිඞග ගම වළන් සාදන (ඝටීකාර නම් කුඹලෙක් වීමි. මව් පියන් රැත බලා ගන්නා ඒ මම කාශ්‍යප ශාස්තෘාන් වහන්සේගේ උපාසකයෙක් වීමි.”
“මෛථූන සේවනයෙන් වැළකුණෙක් වීමි. නිරාමිෂ බ්‍රහ්මචාරී (අනාගාමී) වීමි. ඔබ හා එකම ගම වසන්නෙක් වීමි. ඒ පෙර ආත්මයෙමි ඔබගේ යහළුවා වීමි. “ඒ මම රාග ද්වේෂ ක්ෂයකළ, ලොව තණ්හාව ඉක්මවූ, අර්හත් භාවයෙන් (කෙලෙසුන්ගෙන්) මිදුණු මේ භික්ෂූන් සත්දෙනම දනිමි.”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “කුම්භකාරය, ඔබ යම්සේ කීයෙහිද එසේම එය විය. පෙර ඔබ වේහලිඞග ගම වළන් සාදන කුඹලෙක් වූයෙහි, මවුපියන් රක්නෙක් වූයෙහි, කාශ්‍යප ශ්‍රාවකවූ උපාසක වූයෙහි.
“මෛථුන ධර්මයෙන් වැළකුණු, නිරාමිෂ බ්‍රහ්මචාරී වූයෙහි. මගේ ගමෙහි වැසියෙක් වූයෙහි. පෙර මගේ මිත්‍රයා වූයෙහි.”
(මෙසේ භාවනායෙන් වැඩූ සිතැති, අන්තිම සිරුරු දරන, පැරැණි යහළුවන් දෙදෙනාගේ මේ සංගමය විය.”
|
6. ජරාවග්ගො | 6. ජරා වර්ගය |
1. ජරාසුත්තං | 1. ජරා (හෙවත් කිංසුජරා) සූත්‍රය |
51
‘‘කිංසු
කිංසු නරානං රතනං, කිංසු චොරෙහි දූහර’’න්ති.
‘‘සීලං යාව ජරා සාධු, සද්ධා සාධු පතිට්ඨිතා;
පඤ්ඤා නරානං රතනං, පුඤ්ඤං චොරෙහි දූහර’’න්ති.
|
51
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“මහලු බව දක්වාම කිමෙක් නම් යහපත්ද? කිමෙක් (සිතෙහි) පිහිටීම යහපත්ද? කිමෙක් නම් මිනිසුන්ට රත්නයක් වේද? කිමෙක් නම් සොරුන් විසින් හැරගෙන යා නොහැකිද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “මහලුබව දක්වාම සිල් රැක්ම යහපති, ශ්‍රද්ධාව ස්ථිරව පිහිටීම මැනවි. ප්‍රඥාව මිනිසුන්ට රත්නය වේ. පින සොරුන් විසින් පැහැරගත හැකි නොවේ.”
|
2. අජරසාසුත්තං | 2. අජරසා සූත්‍රය |
52
‘‘කිංසු
කිංසු නරානං රතනං, කිංසු චොරෙහ්යහාරිය’’න්ති.
‘‘සීලං
පඤ්ඤා නරානං රතනං, පුඤ්ඤං චොරෙහ්යහාරිය’’න්ති.
|
52
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක ්බබළන ශරීර ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“නොදිරා යෑමෙන් කිමෙක් මනාප වේද? කුමක් නම් පිහිටියේ මනාප වේද? මිනිසුන්ට කිමෙක් නම් රත්න වේද? කුමක් නම් සොරුන් විසින් හැරගත නොහැකිද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “ශීලය නොදිරා යෑමෙන් මනාප වේ. ශ්‍රද්ධාව පිහිටියේ මනාප වේ. ප්‍රඥාව මිනිසුන්ට රත්නය වෙයි. පින සොරුන් විසින් හැරගත නොහැක්ක.”
|
3. මිත්තසුත්තං | 3. මිත්ත (හෙවත් කිංසුමිත්ත) සූත්‍රය |
53
‘‘කිංසු පවසතො
(පථවතො (පී. ක.)) මිත්තං, කිංසු මිත්තං සකෙ ඝරෙ;
කිං මිත්තං අත්ථජාතස්ස, කිං මිත්තං සම්පරායික’’න්ති.
‘‘සත්ථො පවසතො මිත්තං, මාතා මිත්තං සකෙ ඝරෙ;
සහායො
සයංකතානි පුඤ්ඤානි, තං මිත්තං සම්පරායික’’න්ති.
|
53
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීරවර්ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“පිටරට යන්නහුගේ මිත්‍රයා කවරේද? සිය ගෙයි වසන්නහුගේ මිතුරා කවරේද? උපන් කටයුත්තක් ඇත්තහුට මිත්‍රයා කවරේද? පරලොව යන්නහුට හිතවූ මිතුරා කවරේද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “පිටරට යන්නහුගේ මිත්‍රයා ගැල් රංචුව හෝ තවලමයි. සිය ගෙයිදී මිතුරා මවුයි. උපන් වැඩක් ඇත්තහුට යලි යලිත් මිතුරා යහළුවායි. තමා කළ යම් පින් ඇත්ද, ඒ පරලොවට හිතවූ මිතුරායි.”
|
4. වත්ථුසුත්තං | 4. වත්ථු (හෙවත් කිංසුවත්‍ථු) සූත්‍රය |
54
‘‘කිංසු
කිංසු භූතා උපජීවන්ති, යෙ පාණා පථවිස්සිතා’’ති
(පථවිං සිතාති (සී. ස්‍යා. කං. පී.)).
‘‘පුත්තා වත්ථු මනුස්සානං, භරියා ච
(භරියාව (සී.), භරියා (ස්‍යා. කං.)) පරමො සඛා;
වුට්ඨිං භූතා උපජීවන්ති, යෙ පාණා පථවිස්සිතා’’ති.
|
54
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිනූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“මිනිසුන්ට පිහිට කිමෙක්ද? මේ ලෝකයෙහි උතුම් යහළුවා කවරේද? යම් ප්‍රාණි කෙනෙක් පොළොවෙහි වෙත්ද ඒ සත්ත්වයෝ කුමක් ඇසුරුකොට ජීවත් වෙද්ද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “දරුවෝ මිනිසුන්ට පිහිටයි. භාර්ය්යාවම උතුම් යහළුවායි. යම් ප්‍රාණීහු පොළොවෙහි වෙත්නම් ඒ සත්තු වැස්ස ඇසුරු කොට ජීවත් වෙත්.”
|
5. පඨමජනසුත්තං | 5. පළමුවන ජන (හෙවත් ජනෙති) සූත්‍රය |
55
‘‘කිංසු ජනෙති පුරිසං, කිංසු තස්ස විධාවති;
කිංසු සංසාරමාපාදි, කිංසු තස්ස මහබ්භය’’න්ති.
‘‘තණ්හා ජනෙති පුරිසං, චිත්තමස්ස විධාවති;
සත්තො සංසාරමාපාදි, දුක්ඛමස්ස මහබ්භය’’න්ති.
|
55
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“කිමෙක් නම් සත්ත්වයා උපදවාද? ඔහුගේ කිමෙක් නම් ඒ මේ අත දිවේද? කිමෙක් නම් සසර වැදුනේද? කිමෙක් නම් ඔහුට(වූ) මහත්ම භය වේද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “තණ්හාව සත්ත්වයා උපදවයි. ඔහුගේ සිත ඒ මේ අත දිවෙයි. සත්ත්වයා සසර වැදුණේය. ජාති ජරාදී දුක ඔහුටවූ මහත් භයයි.”
|
6. දුතියජනසුත්තං | 6. දෙවෙනි ජන (හෙවත් ජනෙති) සූත්‍රය |
56
‘‘කිංසු
කිංසු සංසාරමාපාදි, කිස්මා න පරිමුච්චතී’’ති.
‘‘තණ්හා ජනෙති පුරිසං, චිත්තමස්ස විධාවති;
සත්තො සංසාරමාපාදි, දුක්ඛා න පරිමුච්චතී’’ති.
|
56
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“කිමෙක් නම් සත්ත්වයා උපදවාද? ඔහු පිළිබඳ කිමෙක් නම් ඈත මෑත දුවයිද? කිමෙක් නම් සසර වැදුනේද? ඔහු නොමිදෙනුයේ කුමකින්ද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළඍේක) “තණ්හාව සත්ත්වයා උපදවයි. ඔහුගේ සිත ඒ මේ අත දිවෙයි. සත්ත්වයා සසර වැදුණේය. ඔහු (නසි මග යන තෙක්ම) නොමිදෙනුයේ දුකිනි.”
|
7. තතියජනසුත්තං | 7. තුන්වෙනි ජන (හෙවත් ජනෙති) සූත්‍රය |
57
‘‘කිංසු
කිංසු සංසාරමාපාදි, කිංසු තස්ස පරායන’’න්ති.
‘‘තණ්හා
සත්තො සංසාරමාපාදි, කම්මං තස්ස පරායන’’න්ති.
|
57
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක උන්නේය. එක් පඍෙක ඍිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“කිමෙක් නම් සත්ත්වයා උපදවාද? ඔහු පිළිබඳ කිමෙක් නම් ඈත මෑත දිවේද? කිමෙක් නම් සසර වැදුනේද? කිමෙක් නම් ඔහුගේ ඉපදීමට පිහිට වේද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “තණ්හාව සත්ත්වයා උපදවයි. ඔහුගේ සිත ඈත මෑත දිවෙයි. සත්ත්වයා සසරට වැදුණේය. කර්මය ඔහුට පිහිටය.”
|
8. උප්පථසුත්තං | 8. උපපථ සූත්‍රය |
58
‘‘කිංසු උප්පථො අක්ඛාතො, කිංසු රත්තින්දිවක්ඛයො;
කිං මලං බ්රහ්මචරියස්ස, කිං සිනානමනොදක’’න්ති.
‘‘රාගො උප්පථො අක්ඛාතො, වයො රත්තින්දිවක්ඛයො;
ඉත්ථී මලං බ්රහ්මචරියස්ස, එත්ථායං සජ්ජතෙ පජා;
තපො ච බ්රහ්මචරියඤ්ච, තං සිනානමනොදක’’න්ත්න්ත්ති.
|
58
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“කිමෙක් නම් නොමඟයයි කියන ලදද? කිමෙක් නම් රෑ දාවල්හි ගෙවේද? බ්‍රහ්මචර්‍ය්‍යාවට කිලුට කිමෙක්ද? දිය නොමැති නෑම කිමෙක්ද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “රාගය නොමග යයි කියන ලදී. දිවා රෑ දෙක්හිම ගෙවෙන්නේ වයසය. බ්‍රහ්මචර්‍ය්‍යාවට කිලුට ස්ත්‍රියයි. (මේ සත්ත්ව සමූහයා මෙහි ඇලේ) තපසත් බඹසරත් යන යමෙක් ඇද්ද, එය දිය නැති නෑමයි. “
|
9. දුතියසුත්තං | 9. දෙවෙනි උපපථ සූත්‍රය |
59
‘‘කිංසු දුතියා
(දුතියං (ස්‍යා. කං. පී.)) පුරිසස්ස හොති, කිංසු චෙනං පසාසති;
කිස්ස චාභිරතො මච්චො, සබ්බදුක්ඛා පමුච්චතී’’ති.
‘‘සද්ධා දුතියා පුරිසස්ස හොති, පඤ්ඤා චෙනං පසාසති;
නිබ්බානාභිරතො මච්චො, සබ්බදුක්ඛා පමුච්චතී’’ති.
|
59
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබලන ශරීර වර්ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“පුරුෂයාට කිමෙක් නම් දෙවැන්නී (දුතියිකා) වේද? ඔහුට කවරෙක් නම් අනුශාසන කෙරේද? කුමක විශේෂයෙන් ඇලුණු සත්ත්වයා සියලු දුකින් මිදේද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “ශ්‍රද්ධාව පුරුෂයාට දෙවැන්නීය. ප්‍රඥාව ඔහුට අනුශාසනා කෙරේ. නිවනෙහි විශේෂයෙන් ඇලුණු සත්ත්වතෙම සැම දුකින් මිදේ.”
|
10. කවිසුත්තං | 10. කවි (හෙවත් ගාථා නිදාන) සූත්‍රය |
60
‘‘කිංසු නිදානං ගාථානං, කිංසු තාසං වියඤ්ජනං;
කිංසු සන්නිස්සිතා ගාථා, කිංසු ගාථානමාසයො’’ති.
‘‘ඡන්දො
නාමසන්නිස්සිතා ගාථා, කවි ගාථානමාසයො’’ති.
|
60
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබලන ශරීර වර්ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“ගාථාවන්ගේ මුල කිමෙක්ද? ඔවුන්ගේ අර්ථ උපදවන්නේ කවරෙක්ද? ගාථාවෝ කුමක් ඇසුරුකොට පවත්නෝද? කිමෙක් ගාථාවන්ට ආධාර ස්ථානද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “ඡන්දය ගාථාවන්ගේ මුලය. අකුරු ඔවුන් උපදවන්නේය. ගාථාවෝ නාමයන් ඇසුරුකොට ඇත්තෝය. කවි තෙම (පණ්ඩිතයා) ගාථාවන්ට ස්ථානයයි.”
|
7. අද්ධවග්ගො | 7. අන්ව වර්ගය |
1. නාමසුත්තං | 1. නාම (හෙවත් නාමද්ධභවන) සූත්‍රය |
61
‘‘කිංසු
කිස්සස්සු එකධම්මස්ස, සබ්බෙව වසමන්වගූ’’ති
(වසමද්ධගූ (ක.)).
‘‘නාමං සබ්බං අද්ධභවි, නාමා භිය්යො න විජ්ජති;
නාමස්ස එකධම්මස්ස, සබ්බෙව වසමන්වගූ’’ති.
|
61
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබලන ශරීර වර්ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
කිමෙක් නම් සියල්ල යටපත්කොට සිටියේද? කිමෙකින් වැඩි දැයෙක් නැද්ද? කිනම් එක් දැයකට සියල්ලම වසඟ වූවෝද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “නාමය සියල්ල යටපත්කොට ගෙන සිටියේය. නාමයට වැඩියෙන් දෙයෙක් නැත. නාම නමැති එකම දැයකට සියල්ලෝම වසඟ වූවාහු වෙත්.”
|
2. චිත්තසුත්තං | 2. චිතත සූත්‍රය |
62
‘‘කෙනස්සු නීයති ලොකො, කෙනස්සු පරිකස්සති;
කිස්සස්සු එකධම්මස්ස, සබ්බෙව වසමන්වගූ’’ති.
‘‘චිත්තෙන නීයති ලොකො, චිත්තෙන පරිකස්සති;
චිත්තස්ස එකධම්මස්ස, සබ්බෙව වසමන්වගූ’’ති.
|
62
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබලන ශරීර වර්ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ,
භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“කිමෙකින් ලෝ වැස්සා (අරමුණු දෙසට) පමුණුවනු ලැබේද? කිමෙකින් (ඒ මේ අතට) අදිනු ලැබේද? කවරනම් එකම දෙයක වසඟයට සියලු සත්ත්වයෝම ගියෝද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “ලෝවැසි තෙම සිතින් (අරමුණු දෙසට) පමුණුවනු ලැබේ. සිතින් (ඒ මේ අතට) අදනා ලැබේ. සියලු සත්හුම සිත නමැති එකම දෙයක වසඟයට ගියේය.”
|
3. තණ්හාසුත්තං | 3. තණ්හා සූත්‍රය |
63
‘‘කෙනස්සු නීයති ලොකො, කෙනස්සු පරිකස්සති;
කිස්සස්සු එකධම්මස්ස, සබ්බෙව වසමන්වගූ’’ති.
‘‘තණ්හාය
තණ්හාය එකධම්මස්ස, සබ්බෙව වසමන්වගූ’’ති.
|
63
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබලන ශරීර වර්ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක උන්නේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“කිමෙකින් ලෝ වැස්සා අරමුණු අතට යැවේද? කිමෙකින් ඒ මේ අතට ඇදේද? කවරනම් එක් දෙයකට සියල්ලෝම වසඟ වූවෝද?’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “ලෝ වැසි තෙම තණ්හායෙන් අරමුණු අතට යැවේ. තණ්හායෙන් ඒ මේ අතට ඇදේ. තණ්හා නම් එකම ධර්මයට සියල්ලෝම වසඟ වූවෝ වෙත්.”
|
4. සංයොජනසුත්තං | 4. සංයෝජන සූත්‍රය |
64
‘‘කිංසු
කිස්සස්සු විප්පහානෙන, නිබ්බානං ඉති වුච්චතී’’ති.
‘‘නන්දීසංයොජනො
(නන්දිසංයොජනො (සී. ස්‍යා. කං.)) ලොකො, විතක්කස්ස විචාරණං;
තණ්හාය විප්පහානෙන, නිබ්බානං ඉති වුච්චතී’’ති.
|
64
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබලන ශරීර වර්ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක උන්නේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“ලොව කුමක් බැඳුම් කොට ඇත්තේද? එහි ඇවිදින පාදයෝ කවරහුද? කුමක් නම් වෙසෙසින් පහ කිරීමෙන් නිවන වේයයි කියනු ලැබේද?’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “ලොව රාගය බැඳුම් කොට ඇත්තේය. (කාමාදී) විතර්කයෝ එහි ඇවිදින පාදයෝයි. තණ්හාව වෙසෙසින් නැසීමෙන් නිවන වේයයි කියනු ලැබේ.”
|
5. බන්ධනසුත්තං | 5. බන්ධන සූත්‍රය |
65
‘‘කිංසු සම්බන්ධනො ලොකො, කිංසු තස්ස විචාරණං;
කිස්සස්සු විප්පහානෙන, සබ්බං ඡින්දති බන්ධන’’න්ති.
‘‘නන්දීසම්බන්ධනො
තණ්හාය විප්පහානෙන, සබ්බං ඡින්දති බන්ධන’’න්ති.
|
65
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබලන ශරීර ශෝභා ඇත්තේ සියළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමැණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“ලොව කුමක් බන්ධන කොට ඇත්තේද? එහි යන පාදයෝ නම් කවරහුද? කුමක් නම් වෙසෙසින් දුරලීමෙන් සත්ත්ව තෙම සියලු බැඳුමි සිඳීද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “ලොව රාගය බැඳුමි කොට ඇත්තේය. (කාමාදී) විතර්කයෝ එහි යන පාදයෝයි. තණ්හාව හාත්පසින් දුරලීමෙන් සත්ත්ව තෙම සියලු බැමිම සිඳලයි.”
|
6. අත්තහතසුත්තං | 6. අබිභාහත (හෙවත් මචිචුනබිභාහත) සූත්‍රය |
66
‘‘කෙනස්සුබ්භාහතො ලොකො, කෙනස්සු පරිවාරිතො;
කෙන සල්ලෙන ඔතිණ්ණො, කිස්ස ධූපායිතො සදා’’ති.
‘‘මච්චුනාබ්භාහතො ලොකො, ජරාය පරිවාරිතො;
තණ්හාසල්ලෙන ඔතිණ්ණො, ඉච්ඡාධූපායිතො සදා’’ති.
|
66
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“ලොව කවරක්හු විසින් ලුහුබඳනා ලදද? කිමෙකින් වට කරන ලදද? කවර නම් හුලෙකින් ඇණ බැසගන්නා ලදද? කිමෙකින් හැම කල්හි ඇවිලුණේද? “
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “ලොව මරහු විසින් ලුහුබඳනා ලද්දේය. ජරායෙන් වට කරන ලද්දේය. තෘස්ණා නමැති හුලෙන් ඇනුමි ලද්දේය. ලාභ ආශායෙන් ඇවිලගන්නා ලද්දේය.”
|
7. උඩ්ඩිතසුත්තං | 7. උඩිඩ්ත (හෙවත් තණ්හාඋඩිඩ්ත) සූත්‍රය |
67
‘‘කෙනස්සු
කෙනස්සු පිහිතො ලොකො, කිස්මිං ලොකො පතිට්ඨිතො’’ති.
‘‘තණ්හාය උඩ්ඩිතො ලොකො, ජරාය පරිවාරිතො;
මච්චුනා පිහිතො ලොකො, දුක්ඛෙ ලොකො පතිට්ඨිතො’’ති.
|
67
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“ලෝ වැසි තෙම කිමෙකින් එල්ලන ලදද? කිමෙකින් පිරිවරන ලද්දේද? කිමෙකින් වැසුනේද? ලොව කිමෙක පිහිටියේද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “ලෝ වැසි තෙම තණ්හායෙන් එල්ලුනේය. ජරායෙන් පිරිවරන ලද්දේය. ලෝ වැසි තෙම මරණයෙන් වැසුණේය. ලෝ වැසි තෙම දුකෙහි පිහිටියේය.”
|
8. පිහිතසුත්තං | 8. පිහිත (හෙවත් මචිචුපිහිත) සූත්‍රය |
68
‘‘කෙනස්සු
කෙනස්සු උඩ්ඩිතො ලොකො, කෙනස්සු පරිවාරිතො’’ති.
‘‘මච්චුනා
තණ්හාය උඩ්ඩිතො ලොකො, ජරාය පරිවාරිතො’’ති.
|
68
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීය:
“ලොව කවරකු විසින් වසා ගන්නා ලදද? ලොව කිමෙක පිහිටියේද? ලොව කවරකු විසින් එල්ලන ලදද? ලොව කවරකු විසින් වටකර ගන්නා ලදද? “
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “ලොව මරහු විසින් වසාගන්නා ලදී. ලොව දුකෙහි පිහිටියේය. ලොව තණ්හාව විසින් එල්ලන ලදී. ජරාව විසින් වට කරගන්නා ලදී. “
|
9. ඉච්ඡාසුත්තං | 9. ඉචඡා (හෙවත් ඉචඡාබද්ධ) සූත්‍රය |
69
‘‘කෙනස්සු බජ්ඣතී ලොකො, කිස්ස විනයාය මුච්චති;
කිස්සස්සු විප්පහානෙන, සබ්බං ඡින්දති බන්ධන’’න්ති.
‘‘ඉච්ඡාය බජ්ඣතී ලොකො, ඉච්ඡාවිනයාය මුච්චති;
ඉච්ඡාය විප්පහානෙන, සබ්බං ඡින්දති බන්ධන’’න්ති.
|
69
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේට මේ ගාථාව කීය:
“ලෝ වැසි තෙම කිමෙකින් බැඳේද? කුමක් දුර ලීමෙන් මිදේද? කුමක් නම් විශේෂයෙන් පහ කිරීමෙන් සියලු බැමි සිඳේද? “
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “ලෝ වැසි තෙම ආශායෙන් බැඳේ. ආශාව දුරැලීමෙන් මිදේ. ආශාව විශේෂයෙන් පහකර දැමීමෙන් සියලු බැමි සිඳේ. “
|
10. ලොකසුත්තං | 10. ලොක (හෙවත් ජස්සුලොක) සූත්‍රය |
70
‘‘කිස්මිං
කිස්ස ලොකො උපාදාය, කිස්මිං ලොකො විහඤ්ඤතී’’ති.
‘‘ඡසු
ඡන්නමෙව උපාදාය, ඡසු ලොකො විහඤ්ඤතී’’ති.
|
70
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දේවතාවෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.
“කුමක් උපන් කල්හි ලෝ වැසි තෙම උපන්නේ නම් වේද? කිමෙක සඞගමය කෙරේද? ලෝ වැසි තෙම කුමක් ප්‍රත්‍යය කොට ගෙන කිමෙක පෙළේද (වෙහෙසේද)? “
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “(අධ්‍යාත්මික ආයතන) සය උපන් කල්හි ලොව උපන්නේ නම් වේ. (රූපාදී බාහිර ආයතන) සයෙහි සඞගමය කෙරෙයි. (අධ්‍යාත්මික ආයතන) සයම ප්‍රත්‍යය කොට ගෙන (බාහිර ආයතන) සයෙහි ලෝ වැසි තෙම පෙළෙයි (වෙහෙසෙයි) ”.
|
8. ඡෙත්වාවග්ගො | 8. ඣත්වා වර්ගය |
1. ඡෙත්වාසුත්තං | 1. ඣත්වා සූත්‍රය |
71
සාවත්ථිනිදානං. එකමන්තං
‘‘කිංසු ඡෙත්වා
(ඣත්වා (සී.), ඝත්වා (ස්‍යා. කං.) එවමුපරිපි) සුඛං සෙති, කිංසු ඡෙත්වා න සොචති;
කිස්සස්සු එකධම්මස්ස, වධං රොචෙසි ගොතමා’’ති.
‘‘කොධං
කොධස්ස විසමූලස්ස, මධුරග්ගස්ස දෙවතෙ;
වධං අරියා පසංසන්ති, තඤ්හි ඡෙත්වා න සොචතී’’ති.
|
71
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පලමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“කුමක් නම් නසා සුවෙන් වෙසේද? කුමක් නම් නසා ශෝක නොකෙරේද? ගෞතමයන් වහන්ස, කවර නම් ධර්මයක්හුගේ නැසීම කැමැත්තහුද? “
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “ක්‍රෝධය නැසීමෙන් සුවසේ වෙසෙයි. ක්‍රෝධය නසා ලීමෙන් ශෝක නොකෙරේ. දෙවිය, මිහිරි වූ අක් ඇති, විෂ සහිත මුල් ඇති, ක්‍රෝධයාගේ වැනසීම ආර්‍ය්‍යයෝ පසසත්. එය නැසීමෙන් ශෝක නොකෙරේ. “
|
2. රථසුත්තං | 2. රථ (හෙවත් එථපඤඤාණ) සූත්‍රය |
72
‘‘කිංසු රථස්ස පඤ්ඤාණං, කිංසු පඤ්ඤාණමග්ගිනො;
කිංසු රට්ඨස්ස පඤ්ඤාණං, කිංසු පඤ්ඤාණමිත්ථියා’’ති.
‘‘ධජො
රාජා රට්ඨස්ස පඤ්ඤාණං, භත්තා පඤ්ඤාණමිත්ථියා’’ති.
|
72
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දස පැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“රිය සලකුණ කිමෙක්ද? ගින්නට සලකුණ කිමෙක්ද? රටට සලකුණ කිමෙක්ද? භාර්‍ය්‍යාවට සලකුණ කිමෙක්ද? “
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “රථය දැනගන්නා සලකුණ කොඩියයි. ගින්න ඇති බවට ලකුණ දුමයි. රටට ලකුණ රජයයි. භාර්‍ය්‍යාව දැනගැනීමට ලකුණ සැමියායි. “
|
3. විත්තසුත්තං | 3. චිතත සූත්‍රය |
73
‘‘කිංසූධ විත්තං පුරිසස්ස සෙට්ඨං, කිංසු සුචිණ්ණො සුඛමාවහති;
කිංසු
‘‘සද්ධීධ විත්තං පුරිසස්ස සෙට්ඨං, ධම්මො සුචිණ්ණො සුඛමාවහති;
සච්චං හවෙ සාදුතරං රසානං, පඤ්ඤාජීවිං ජීවිතමාහු සෙට්ඨ’’න්ති.
|
73
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දස පැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. ඉක්බිති ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“මෙහි (මෙලොව) පුරුෂයාගේ ශ්‍රෙෂඨ ධනය නම් කිමෙක්ද? කුමක් නම් මනාව පුරුදු කරන ලද්දේ සුව ගෙන දේද? රස අතුරෙන් ඉතා මිහිරි රසය නම් කිමෙක්ද? කෙසේ නම් ජීවත් වන්නහුගේ ජීවිතය ශ්‍රෙෂඨයයි කියත්ද? “
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “මෙහි ශ්‍රද්ධාව (මෙලොව) පුරුෂයාගේ ශ්‍රෙෂඨ ධනයයි. හොඳින් පුරුදු කළ ධර්මය සැප ගෙන දෙයි. රස අතුරෙක් ඒකාන්තයෙන් ඉතා මිහිරි රසය නම් සත්‍ය රසයයි. ප්‍රඥායෙන් ජීවත්වන්නහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨයයි කියත්. “
|
4. වුට්ඨිසුත්තං | 4. වුටඨි සූත්‍රය |
74
‘‘කිංසු උප්පතතං සෙට්ඨං, කිංසු නිපතතං වරං;
කිංසු පවජමානානං, කිංසු පවදතං වර’’න්ති.
‘‘බීජං උප්පතතං සෙට්ඨං, වුට්ඨි නිපතතං වරා;
ගාවො පවජමානානං, පුත්තො පවදතං වරොති.
‘‘විජ්ජා උප්පතතං සෙට්ඨා, අවිජ්ජා නිපතතං වරා;
සඞ්ඝො පවජමානානං, බුද්ධො පවදතං වරො’’ති.
|
74
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දස පැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“නැගෙන්නවුන්හට කිමෙක් නම් ශ්‍රේෂ්ඨද? පහතට බසින්නවුන්හට කිමෙක් නම් ශ්‍රේෂ්ඨද? පයින් යන්නවුන්හට කිමෙක් නම් ශ්‍රේෂ්ඨද? කියන්නන්හට කිමෙක්නම් ශ්‍රේෂ්ඨද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “නැගෙන්නවුන් අතුරෙන් ප්‍රඥාව ශ්‍රේෂ්ඨය. වැටෙන්නවුන් අතුරෙන් අවිද්‍යාව ප්‍රධානය. පයින් යන්නවුන් අතුරෙන් සඞඝයා ශ්‍රේෂ්ඨය. කියන්නවුන් අතුරෙන් බුදුරජ ශ්‍රේෂ්ඨය.”
|
5. භීතාසුත්තං | 5. භීත සූත්‍රය |
75
‘‘කිංසූධ භීතා ජනතා අනෙකා,
මග්ගො චනෙකායතනප්පවුත්තො;
පුච්ඡාමි තං ගොතම භූරිපඤ්ඤ,
කිස්මිං ඨිතො පරලොකං න භායෙ’’ති.
‘‘වාචං
කායෙන
බව්හන්නපානං ඝරමාවසන්තො,
සද්ධො
එතෙසු ධම්මෙසු ඨිතො චතූසු,
ධම්මෙ ඨිතො පරලොකං න භායෙ’’ති.
|
75
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දස පැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“මහා ප්‍රාඥවූ ගෞතමයන් වහන්ස, ඔබ විසින් මාර්ගයද නොයෙක් කරුණු වශයෙන් වදාරණලදී. ඔබගෙන් විචාරමි, මෙහි නොයෙක් සත්ව සමූහයා කුමකට බිය ගත්තේද? කිමෙක පිහිටි තැනැත්තේ පරලොවට යන්නේ බිය නොවන්නේද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “බොහෝ කෑම බීම ඇති ගෘහයෙහි වසන තැනැත්තේ වචනයද, සිතද නිසි පරිදි පිහිටුවා, කයින් පවු නොකරන්නේ, ශ්‍රද්ධාව, මොළොක් බව, බෙදා වැළඳීම, ත්‍යාගවත් බව යන සතර ධර්මයන්හි සිටියේ වේද, (එබඳු) ධර්මයෙහි පිහිටි තැනැත්තේ පරලොවට බිය නොවන්නේය.”
|
6. නජීරතිසුත්තං | 6. නජීරති සූත්‍රය |
76
‘‘කිං ජීරති කිං න ජීරති, කිංසු උප්පථොති වුච්චති;
කිංසු ධම්මානං පරිපන්ථො, කිංසු රත්තින්දිවක්ඛයො;
කිං මලං බ්රහ්මචරියස්ස, කිං සිනානමනොදකං.
‘‘කති ලොකස්මිං ඡිද්දානි, යත්ථ විත්තං
(චිත්තං (සී. ස්‍යා. කං. පී.)) න තිට්ඨති;
භගවන්තං පුට්ඨුමාගම්ම, කථං ජානෙමු තං මය’’න්ති.
‘‘රූපං ජීරති මච්චානං, නාමගොත්තං න ජීරති;
රාගො උප්පථොති වුච්චති.
‘‘ලොභො ධම්මානං පරිපන්ථො, වයො රත්තින්දිවක්ඛයො;
ඉත්ථී මලං බ්රහ්මචරියස්ස, එත්ථායං සජ්ජතෙ පජා;
තපො ච බ්රහ්මචරියඤ්ච, තං සිනානමනොදකං.
‘‘ඡ ලොකස්මිං ඡිද්දානි, යත්ථ විත්තං න තිට්ඨති;
ආලස්යඤ්ච
(ආලස්සඤ්ච (සී. පී.)) පමාදො ච, අනුට්ඨානං අසංයමො;
නිද්දා තන්දී
(තන්දි (සී.)) ච තෙ ඡිද්දෙ, සබ්බසො තං විවජ්ජයෙ’’ති.
|
76
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දස පැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය:
“කිමෙක් නම් දිරාද? කිමෙක් නොදිරාද? කිමෙක් නම් නොමගයයි කියනු ලැබේද? කිමෙක් නම් ධර්මයන්හට උපද්‍රවද? කිමෙක් නම් රෑ දාවල් ගෙවන්නේද? බඹසරට කිලුට කිමෙක්ද? දිය නැති නෑම කිමෙක්ද? යමෙක සිත නොසිටී නම් ලොව එසේවූ සිදුරු කීයෙක්ද? භාග්‍යවතුන් වහන්සේගෙන් විචාරන්නට ආම්හ. එය අපි කෙසේ දැන ගන්නමුද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “සත්ත්වයන්ගේ රූපය දිරයි. නම් ගොත් නොදිරයි. රාගය නොමග යයි කියන ලදී. ලෝභය ධර්මයන්ට උවදුරය. වයස රෑ දාවල් ගෙවන්නේය. ස්ත්‍රිය පුරුෂයන්ගේ බඹසරට කිලුටෙකි. මෙහි මේ සත්ත්ව සමූහයා ඇලේ. “තපසද බඹසරට යන යමෙක් ඇද්ද, එය දිය නැති නෑමයි. කුශීත (අලස) බවද, ප්‍රමාදයද, වීර්‍ය්‍ය නැති බවද, ශීල සංයමය නැති බවද, නිදි බහුල බවද, ආගන්තුක අලස බවද යන මොහු ලොව සිත නොසිටිනා සිදුරු සයයි. ඒ සිදුරු සය සර්වප්රකාරයෙන් දුරලන්නේය.”
|
7. ඉස්සරියසුත්තං | 7. ඉස්සර සූත්‍රය |
77
‘‘කිංසු
කිංසු සත්‍ථමලං ලොකෙ, කිංසු ලොකස්මිමබ්බුදං.
‘‘කිංසු හරන්තං වාරෙන්ති, හරන්තො පන කො පියො;
කිංසු පුනප්පුනායන්තං, අභිනන්දන්ති පණ්ඩිතා’’ති.
‘‘වසො
කොධො සත්‍ථමලං ලොකෙ, චොරා ලොකස්මිමබ්බුදා.
‘‘චොරං හරන්තං වාරෙන්ති, හරන්තො සමණො පියො;
සමණං පුනප්පුනායන්තං, අභිනන්දන්ති පණ්ඩිතා’’ති.
|
77
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දස පැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය:
“ලොව අධිපති බව කිමෙක්ද? බඩු අතුරෙන් කිමෙක් උතුම්ද? ලොව ශාස්ත්‍රයට මලකව කිමෙක්ද? ලොව විනාශකාරී කවරේද?
“ගෙන යන කවරකු (මිනිස්සු) වළක්වත්ද? ගෙන යන කවරෙක් වනාහි ප්‍රිය වේද? නුවනැත්තෝ නැවත නැවත එන කවරකු පිළිගනිත්ද?
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “අණ පැවැත්වීම ලොව අධිපති බවයි. භාණ්ඩ අතුරෙන් ස්ත්‍රී උතුමි. ක්‍රෝධය ලොව ශාස්ත්‍රයට මලකඩයි. සොරු ලොව විනාශකාරීහුයි.
“බඩු ආදිය යමක් ගෙනයන සොරා (මිනිස්සු) වළක්වත්. තමාගෙන් යමක් ගෙන යන මහණ තෙම ප්‍රියවේ. නුවණැත්තෝ නැවත නැවත එන මහණහු සතුටින් පිළිගනිති.
|
8. කාමසුත්තං | 8. කාම සූත්‍රය |
78
‘‘කිමත්ථකාමො
කිංසු මුඤ්චෙය්ය කල්‍යාණං, පාපිකං න ච මොචයෙ’’ති.
‘‘අත්තානං න දදෙ පොසො, අත්තානං න පරිච්චජෙ;
වාචං මුඤ්චෙය්ය කල්‍යාණං, පාපිකඤ්ච න මොචයෙ’’ති.
|
78
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් (මෙසේ) කීය:
“වැඩ කැමැත්තේ කුමක් නොදන්නේද? කුමන් (අනුන්ගේ ප්‍රයෝජනයට) හැර නොදමන්නේද? යහපත්වූ කුමක් නම් මුදන්නේද? ලාමකවූ කුමක් නම් නොමුදන්නේද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “කිසි පුරුෂයෙක් තමා (අන් හට දාස කොට) නොදෙන්නේය. (බෝසතුන් හැර අන්)කිසිවෙක් තමා (සිංහ ව්යාඝ්රාදීන්ට) හැර නොදමන්නේය. යහපත් වචන මුදා ලන්නේය. ලාමක වචන නොමුදා ලන්නේය.”
|
9. පාථෙය්යසුත්තං | 9. පාථෙය්‍ය සූත්‍රය |
79
‘‘කිංසු බන්ධති පාථෙය්‍යං, කිංසු භොගානමාසයො;
කිංසු නරං පරිකස්සති, කිංසු ලොකස්මි දුජ්ජහං;
කිස්මිං බද්ධා පුථූ සත්තා, පාසෙන සකුණී යථා’’ති.
‘‘සද්ධා
ඉච්ඡා නරං පරිකස්සති, ඉච්ඡා ලොකස්මි දුජ්ජහා;
ඉච්ඡාබද්ධා පුථූ සත්තා, පාසෙන සකුණී යථා’’ති.
|
79
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය:
“කිමෙක් නම් මගට වුවමනා දේ බඳීද? භෝගයන් රැස් වන තැන නම් කිමෙක්ද? කිමෙක් නම් සත්ත්වයා ඒ මේ අතට අදීද? ලොව කිමෙක් නම් අපහසුවෙන් දුරලිය යුතුද? මලපුඩුවෙන් (බැඳුනු) කිරිල්ලක සෙයින් කිමෙක්හි බොහෝ සත්ත්වයෝ බැඳුනාහු වෙත්ද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “ශ්‍රද්ධාව සසර මගට වුවමනාදේ බඳී. (සපයයි) ඓශ්චර්යය භෝග රැස්වන තැනය. ආසාව සත්ත්වයා ඒ මේ අතට අදී. ආසාව ලොව අපහසුවෙන් දුරලිය යුතු දෑය. මලපුඩුවෙන් (බැඳුණු) කිරිල්ලක සෙයින් බොහෝ සත්ත්වයෝ ආසායෙන් බැඳුණාහු වෙති.”
|
10. පජ්ජොතසුත්තං | 10. පජ්ජොත සූත්‍රය |
80
‘‘කිංසු ලොකස්මි පජ්ජොතො, කිංසු ලොකස්මි ජාගරො;
කිංසු කම්මෙ සජීවානං, කිමස්ස ඉරියාපථො.
‘‘කිංසු අලසං අනලසඤ්ච
(කිං ආලස්යානාලස්යඤ්ච (ක.)), මාතා පුත්තංව පොසති;
කිං භූතා උපජීවන්ති, යෙ පාණා පථවිස්සිතා’’ති.
‘‘පඤ්ඤා ලොකස්මි පජ්ජොතො, සති ලොකස්මි ජාගරො;
ගාවො කම්මෙ සජීවානං, සීතස්ස ඉරියාපථො.
‘‘වුට්ඨි අලසං අනලසඤ්ච, මාතා පුත්තංව පොසති;
වුට්ඨිං භූතා උපජීවන්ති, යෙ පාණා පථවිස්සිතා’’ති.
|
80
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය:
“ලොව පහනක් වැනි වූයේ කිමෙක්ද? ලොව නොනිඳා සිටින්නා නම් කවරේද? කර්මයෙහි එක්ව ජීවත්වෙන්නා කවරේද? ජීවිකා වෘත්තිය නම් කිමෙක්ද?”
“මව පුතකු රක්නා සේ අලසයාත් අනලසයාත් කවරෙක් නම් රැකගනීද? යම් ප්‍රාණි කෙනෙක් පොළොව ඇසුරු කළාහු නම්, කුමක් උපකාර කොට ගෙන සත්ත්වයෝ ජීවත් වෙත්ද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “ප්‍රඥාව ලොව පහනක් වැනිය. සිහිය ලොව නොනිඳා සිටින්නායි. කර්මාන්ත ආදියෙහි සහායව ජීවත් වන්නෝ ගවයෝයි. සීසෑම (ගොයිතැන) ජීවිකා වෘත්තියයි. ධනය මව පුතකු රක්නාසේ අලසයාත් අනලසයාත් රකී. පොළොව ඇසුරු කළාවූ යම් ෂත්ත්වයෝ වෙත්ද ඔවුහු වැස්ස නිසා ජීවත් වෙත්.”
|
11. අරණසුත්තං | 11. අරණ සූත්‍රය |
81
‘‘කෙසූධ
කෙධ ඉච්ඡං පරිජානන්ති, කෙසං භොජිස්සියං සදා.
‘‘කිංසු
කිංසු ඉධ ජාතිහීනං, අභිවාදෙන්ති ඛත්තියා’’ති.
‘‘සමණීධ අරණා ලොකෙ, සමණානං වුසිතං න නස්සති;
සමණා ඉච්ඡං පරිජානන්ති, සමණානං භොජිස්සියං සදා.
‘‘සමණං
සමණීධ ජාතිහීනං, අභිවාදෙන්ති ඛත්තියා’’ති.
|
81
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය:
“මෙලොව කවුරු නම් කෙලෙස් නැත්තේද? කවුරුන් වුසූ වාසය නොනැසේද? මෙහි කවුරු තණ්හාව පිරිසිඳ දනිත්ද? කාගේ නම් හැම කල්හිම නිදහස් බව වේද? සිල්හි පිහිටි කවරකු මවත් පියාත් සොහොයුරාත් වඳිත්ද? මෙහි ජාතියෙන් පහත්වූ කාට නම් රජහු ආදරයෙන් නමස්කාර කෙරෙත්ද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) මහණහු මෙලොව කෙලෙස් නැත්තෝය. මහණුන් වුසූ (ආර්යමාර්ග) වාසය නොනැසේ. මහණහු (තණ්හාව) පිරිසිඳ දනිත්. හැම කල්හි මහණුන්ගේ නිදහස් බව වේ. ශීලයෙහි පිහිටි මහණහුට මවත් පියාත් සොහොයුරාත් ආදරයෙන් නමස්කාර කෙරෙති. මෙහි ජාතියෙන් පහත්වූ නමුත් මහණහට රජහුද ආදරයෙන් නමස්කාර කෙරෙත්.”
|