ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්තනිකායො
සගාථාවග්ගො සගාථ වර්ගය
1. දෙවතාසංයුත්තං 1. දෙවතා සංයූත්තය
1. නළවග්ගො 1. නළ වර්‍ගය
1. ඔඝතරණසුත්තං 1. ඕඝ සූත්‍රය
2. නිමොක්ඛසුත්තං 2. නිමොක්ඛ සූත්‍රය
3. උපනීයසුත්තං 3. උපන්‍යෙය සූත්‍රය
4. අච්චෙන්තිසුත්තං 4. අච්චෙන්ති සූත්‍රය
5. කතිඡින්දසුත්තං 5. කතිඡින්‍ද සූත්‍රය
6. ජාගරසුත්තං 6. ජාගර සූත්‍රය
7. අප්පටිවිදිතසුත්තං 7. අප්පටිවිදිත සූත්‍රය
8. සුසම්මුට්ඨසුත්තං 8. සුසම්මුටඨ සූත්‍රය
9. මානකාමසුත්තං 9. මානකාම සූත්‍රය
10. අරඤ්ඤසුත්තං 10. අරඤඤ සූත්‍රය
2. නන්දනවග්ගො 2. නන්‍දන වර්‍ගය
1. නන්දනසුත්තං 1. නන්‍දන සූත්‍රය
2. නන්දතිසුත්තං 2. නන්‍දති සූත්‍රය
3. නත්ථිපුත්තසමසුත්තං 3. නත්‍ථිපුත්තසම සූත්‍රය
4. ඛත්තියසුත්තං 4. ඛත්තිය සූත්‍රය
5. සණමානසුත්තං 5. සකමාය (සන්නිකාය) සූත්‍රය
6. නිද්දාතන්දීසුත්තං 6. නිද්දාතන්‍දි සූත්‍රය
7. දුක්කරසුත්තං 7. දුක්කර (කුම්ම) සූත්‍රය
8. හිරීසුත්තං 8. හිරි සූත්‍රය
9. කුටිකාසුත්තං 9. කුටිකා සූත්‍රය
10. සමිද්ධිසුත්තං 10. සමිද්ධි සූත්‍රය
20
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති තපොදාරාමෙ. අථ ඛො ආයස්මා සමිද්ධි රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය යෙන තපොදා තෙනුපසඞ්කමි ගත්තානි පරිසිඤ්චිතුං. තපොදෙ ගත්තානි පරිසිඤ්චිත්වා පච්චුත්තරිත්වා එකචීවරො අට්ඨාසි ගත්තානි පුබ්බාපයමානො. අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං තපොදං ඔභාසෙත්වා යෙන ආයස්මා සමිද්ධි තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා වෙහාසං ඨිතා ආයස්මන්තං සමිද්ධිං ගාථාය අජ්ඣභාසි -
‘‘අභුත්වා භික්ඛසි භික්ඛු, න හි භුත්වාන භික්ඛසි;
භුත්වාන භික්ඛු භික්ඛස්සු, මා තං කාලො උපච්චගා’’ති.
‘‘කාලං වොහං න ජානාමි, ඡන්නො කාලො න දිස්සති;
තස්මා අභුත්වා භික්ඛාමි, මා මං කාලො උපච්චගා’’ති.
අථ ඛො සා දෙවතා පථවියං (පඨවියං (සී. ස්‍යා. කං. පී.)) පතිට්ඨහිත්වා ආයස්මන්තං සමිද්ධිං එතදවොච - ‘‘දහරො ත්වං භික්ඛු, පබ්බජිතො සුසු කාළකෙසො, භද්‍රෙන යොබ්බනෙන සමන්නාගතො, පඨමෙන වයසා, අනික්කීළිතාවී කාමෙසු. භුඤ්ජ, භික්ඛු, මානුසකෙ කාමෙ; මා සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවී’’ති.
‘‘න ඛ්වාහං, ආවුසො, සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවාමි. කාලිකඤ්ච ඛ්වාහං, ආවුසො, හිත්වා සන්දිට්ඨිකං අනුධාවාමි. කාලිකා හි, ආවුසො, කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා; ආදීනවො එත්ථ භිය්‍යො. සන්දිට්ඨිකො අයං ධම්මො අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’’ති.
‘‘කථඤ්ච, භික්ඛු, කාලිකා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්‍යො? කථං සන්දිට්ඨිකො අයං ධම්මො අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’’ති?
‘‘අහං ඛො, ආවුසො, නවො අචිරපබ්බජිතො අධුනාගතො ඉමං ධම්මවිනයං. න තාහං (න ඛ්වාහං (සී. පී.)) සක්කොමි විත්ථාරෙන ආචික්ඛිතුං. අයං සො භගවා අරහං සම්මාසම්බුද්ධො රාජගහෙ විහරති තපොදාරාමෙ. තං භගවන්තං උපසඞ්කමිත්වා එතමත්ථං පුච්ඡ. යථා තෙ භගවා බ්‍යාකරොති තථා නං ධාරෙය්‍යාසී’’ති.
‘‘න ඛො, භික්ඛු, සුකරො සො භගවා අම්හෙහි උපසඞ්කමිතුං , අඤ්ඤාහි මහෙසක්ඛාහි දෙවතාහි පරිවුතො. සචෙ ඛො ත්වං, භික්ඛු, තං භගවන්තං උපසඞ්කමිත්වා එතමත්ථං පුච්ඡෙය්‍යාසි, මයම්පි ආගච්ඡෙය්‍යාම ධම්මස්සවනායා’’ති. ‘‘එවමාවුසො’’ති ඛො ආයස්මා සමිද්ධි තස්සා දෙවතාය පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සමිද්ධි භගවන්තං එතදවොච -
‘‘ඉධාහං , භන්තෙ, රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය යෙන තපොදා තෙනුපසඞ්කමිං ගත්තානි පරිසිඤ්චිතුං. තපොදෙ ගත්තානි පරිසිඤ්චිත්වා පච්චුත්තරිත්වා එකචීවරො අට්ඨාසිං ගත්තානි පුබ්බාපයමානො. අථ ඛො, භන්තෙ, අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං තපොදං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා වෙහාසං ඨිතා ඉමාය ගාථාය අජ්ඣභාසි -
‘‘අභුත්වා භික්ඛසි භික්ඛු, න හි භුත්වාන භික්ඛසි;
භුත්වාන භික්ඛු භික්ඛස්සු, මා තං කාලො උපච්චගා’’ති.
‘‘එවං වුත්තෙ අහං, භන්තෙ, තං දෙවතං ගාථාය පච්චභාසිං -
‘‘කාලං වොහං න ජානාමි, ඡන්නො කාලො න දිස්සති;
තස්මා අභුත්වා භික්ඛාමි, මා මං කාලො උපච්චගා’’ති.
‘‘අථ ඛො, භන්තෙ, සා දෙවතා පථවියං පතිට්ඨහිත්වා මං එතදවොච - ‘දහරො ත්වං, භික්ඛු, පබ්බජිතො සුසු කාළකෙසො, භද්‍රෙන යොබ්බනෙන සමන්නාගතො, පඨමෙන වයසා, අනික්කීළිතාවී කාමෙසු. භුඤ්ජ, භික්ඛු, මානුසකෙ කාමෙ; මා සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවී’’’ති.
‘‘එවං වුත්තාහං, භන්තෙ, තං දෙවතං එතදවොචං - ‘න ඛ්වාහං, ආවුසො, සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවාමි; කාලිකඤ්ච ඛ්වාහං, ආවුසො, හිත්වා සන්දිට්ඨිකං අනුධාවාමි. කාලිකා හි, ආවුසො, කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා; ආදීනවො එත්ථ භිය්‍යො. සන්දිට්ඨිකො අයං ධම්මො අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’’’ති.
‘‘එවං වුත්තෙ, භන්තෙ, සා දෙවතා මං එතදවොච - ‘කථඤ්ච, භික්ඛු, කාලිකා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා; ආදීනවො එත්ථ භිය්‍යො? කථං සන්දිට්ඨිකො අයං ධම්මො අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’ති? එවං වුත්තාහං, භන්තෙ , තං දෙවතං එතදවොචං - ‘අහං ඛො, ආවුසො, නවො අචිරපබ්බජිතො අධුනාගතො ඉමං ධම්මවිනයං, න තාහං සක්කොමි විත්ථාරෙන ආචික්ඛිතුං. අයං සො භගවා අරහං සම්මාසම්බුද්ධො රාජගහෙ විහරති තපොදාරාමෙ. තං භගවන්තං උපසඞ්කමිත්වා එතමත්ථං පුච්ඡ. යථා තෙ භගවා බ්‍යාකරොති තථා නං ධාරෙය්‍යාසී’’’ති.
‘‘එවං වුත්තෙ, භන්තෙ, සා දෙවතා මං එතදවොච - ‘න ඛො, භික්ඛු, සුකරො සො භගවා අම්හෙහි උපසඞ්කමිතුං, අඤ්ඤාහි මහෙසක්ඛාහි දෙවතාහි පරිවුතො. සචෙ ඛො, ත්වං භික්ඛු, තං භගවන්තං උපසඞ්කමිත්වා එතමත්ථං පුච්ඡෙය්‍යාසි, මයම්පි ආගච්ඡෙය්‍යාම ධම්මස්සවනායා’ති. සචෙ, භන්තෙ, තස්සා දෙවතාය සච්චං වචනං, ඉධෙව සා දෙවතා අවිදූරෙ’’ති.
එවං වුත්තෙ, සා දෙවතා ආයස්මන්තං සමිද්ධිං එතදවොච - ‘‘පුච්ඡ, භික්ඛු, පුච්ඡ, භික්ඛු, යමහං අනුප්පත්තා’’ති.
අථ ඛො භගවා තං දෙවතං ගාථාහි අජ්ඣභාසි -
‘‘අක්ඛෙය්‍යසඤ්ඤිනො සත්තා, අක්ඛෙය්‍යස්මිං පතිට්ඨිතා;
අක්ඛෙය්‍යං අපරිඤ්ඤාය, යොගමායන්ති මච්චුනො.
‘‘අක්ඛෙය්‍යඤ්ච පරිඤ්ඤාය, අක්ඛාතාරං න මඤ්ඤති;
තඤ්හි තස්ස න හොතීති, යෙන නං වජ්ජා න තස්ස අත්ථි;
සචෙ විජානාසි වදෙහි යක්ඛා’’ති (යක්ඛීති (පී. ක.)).
‘‘න ඛ්වාහං, භන්තෙ, ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාමි. සාධු මෙ, භන්තෙ, භගවා තථා භාසතු යථාහං ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ජානෙය්‍ය’’න්ති.
‘‘සමො විසෙසී උද වා (අථවා (සී. පී.)) නිහීනො,
යො මඤ්ඤතී සො විවදෙථ (සොපි වදෙථ (ක.)) තෙන;
තීසු විධාසු අවිකම්පමානො,
සමො විසෙසීති න තස්ස හොති;
සචෙ විජානාසි වදෙහි යක්ඛා’’ති.
‘‘ඉමස්සාපි ඛ්වාහං, භන්තෙ, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස න විත්ථාරෙන අත්ථං ආජානාමි. සාධු මෙ, භන්තෙ, භගවා තථා භාසතු යථාහං ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ජානෙය්‍ය’’න්ති.
‘‘පහාසි සඞ්ඛං න විමානමජ්ඣගා, අච්ඡෙච්ඡි (අච්ඡෙජ්ජි (ස්‍යා. කං. ක.)) තණ්හං ඉධ නාමරූපෙ;
තං ඡින්නගන්ථං අනිඝං නිරාසං, පරියෙසමානා නාජ්ඣගමුං;
දෙවා මනුස්සා ඉධ වා හුරං වා, සග්ගෙසු වා සබ්බනිවෙසනෙසු;
සචෙ විජානාසි වදෙහි යක්ඛා’’ති.
‘‘ඉමස්ස ඛ්වාහං, භන්තෙ, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි -
‘‘පාපං න කයිරා වචසා මනසා,
කායෙන වා කිඤ්චන සබ්බලොකෙ;
කාමෙ පහාය සතිමා සම්පජානො,
දුක්ඛං න සෙවෙථ අනත්ථසංහිත’’න්ති.
20
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහිවූ තපෝදාරාමයෙහි වැඩ වෙසෙන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් සම්ද්ධි භික්‍ෂුතෙම රෑ අලුයම නැගී සිට තපෝදා දියවිල යම්තැනෙකද එතැනට ඇඟ සේදීම පිණිස පැමිණියේය. තපෝදායෙහි ඇඟ සෝදා ගොඩ අවුත්, එක් සිවුරක් පමණක් ඇකිව ඇඟ තෙත සිඳුවමින් සිටියේය.
එකල්හි එක්තරා දෙවියෙක් රෑ පෙරයම ගෙවුනු කල්හි බබළන පැහැ ඇත්තේ, සියලු තපෝදා පෙදෙස බබුළුවා, ආයුෂ්මත් සමිද්ධි භික්‍ෂුතෙම යම් තැනෙකද එතැන්හි එළඹියේය. එළඹ අහසෙහි සිට ආයුෂමක් සමිද්ධි භික්‍ෂුහට ගාථායෙන් (මෙසේ) කීවේය.
“භික්‍ෂූන් වහන්ස, ඔබ (කම් සැප) නොවලඳා සිඟා කති. ඔබ (කම් සුව) වලඳා සිඟා නොකති. භික්‍ෂූන් වහන්ස, (පස් කම් සුව) වලඳා (පසුව) සිඟා කන්න. (තරුණ) කාලය ඔබ ඉක්මවා නොයේවා.”
එවිට ආයුෂ්මත් සමිද්ධි තෙම මෙසේ කීය.) “(මැරෙන) කාලය නම් මම නොදනිමි. වැසුණු කාලය නොපෙනේ. එබැවින් (කම් සුව) නොවලඳා සිඟා වලඳමි. කාලය මා ඉක්මවා නොයේවා.”
එවිට ඒ දෙවිතෙම පොළොවෙහි සිට ආයුෂ්මත් සමිද්ධි භික්‍ෂුහට මෙසේ කීය:
“භික්‍ෂූන් වහන්ස, ඔබ ළදරු වියෙහිම පැවැදිවූ කෙනෙක, තරුණය, ඉතා කළු කෙස් ඇත්තෝය. යහපත් තරුණ භාවයෙන් හා ප්‍රථම වයසින් සමන්විතයෝය. කාම ක්‍රීඩා නොකළ කෙනෙක. භික්‍ෂූන් වහන්ස, මනුෂ්‍යයන්ට අයත් කම් සැප වැළඳුව මැනව. මෙහි මේ ආත්මයෙහිම වැළඳිය හැකි කම් සැප හැරදමා කල්ගතව ලැබෙන කාම සම්පත් අනුව නොදුවනු මැනව.”
“ඇවැත්නි, මම වනාහි මේ ආත්මයෙහි වින්ද හැකි සැපයක් හැර දමා කල්ගතව ලැබෙන සැපයක් පස්සේ නොදුවමි. ඇවැත්නි, මම වනාහි කල්ගතව ලැබෙන සැප හැරදමාමේ ආත්මයෙහිම ලැබිය හැකි සැප පස්සේ දුවමි. ඇවැත්නි, කාමයෝ වූකලී කාලිකයෝය, (කලින්කල ලැබිය යුත්තෝය) බොහෝ දුක් පමුනුවන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන දෙන්නෝය, එහි දෝෂයෝ නම් බොහෝයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මේ ධර්‍මය වනාහි මේ ආත්මයෙහිම තමා ඇස් හමුයෙහි ඵල ඇත්තේය. අකාලිකය, (කල් නොයවා පල දෙන්නේය.) එහිපස්සිකය, (එව බලවයි අන්‍යයන් තමා වෙතට කැඳවන්නට සුදුසුය.) ඔපනේයකය (වහා තම සිතට පැමිණවීමට සුදුසුය.) නුවනැත්තන් විසින් තම තමා කෙරෙහි දතයුතුයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි” (කීය.)
“භික්‍ෂූන් වහන්ස, කෙසේ නම් කාමයෝ කාලිකයෝය, බොහෝ දුක් සලසන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන දෙන්නෝය, එහි දොස් බොහෝයයි, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද? කෙසේ නම් (ඔබ කියන) මේ ධර්‍මය අකාලිකයයි, එහිඵස්සිකයයි, ඔපනේයකයයි, නුවණැත්තන් විසින් තම තමා කෙරෙහි දතයුතුයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද?”
ඇවැත්නි, මම වනාහි ළඟදී පැවිදිවූයෙක්මි. මේ ධර්‍ම විනයට අළුත ආයෙක්මි, (එබැවින්) විස්තරකොට කියන්නට නොහැත්තෙමි. අර්‍හත් සම්‍යක්සම්බුද්‍ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි තපෝදාරාමයෙහි වෙසෙති. ඒ භාග්‍යවතුන් වහන්ාස් වෙත එළඹ මෙ නරුණ විචාරව, යම්සේ ඔබට භාග්‍යවතුන් වහන්සේ (මෙය) තෝරා දෙන සේක්ද, එසේ එය සිතෙහි දරාගනු මැනවැ” යි කීය.
“භික්‍ෂූන් වහන්ස, අන් මහේශාක්‍ය දේවතාවන් විසින් පිරිවරනලද ඒ භාග්‍යවතුන් වහන්සේ කරා අප වැන්නවුන්ට පැමිණීම පහසු නොවේ, ඉදින් භික්‍ෂූන් වහන්ස, ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ මෙ කරුණ අසන්නෙහි නම් අපිත් බණ අසන්නට එන්නෙමු.”
“එසේය ඇවැත්නි” යි ආයුෂ්මත් සමිද්ධි මහණ තෙම ඒ දෙවියාට උත්තරදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක ඉඳගත්තේය. එක් පසෙක උන් ආයුෂ්මත් සමිද්ධි තෙම මෙසේ කීය.
“ස්වාමීනි, මම රෑ අළුයම්හි නැගී සිට තපෝදා විල යම් තැනෙකද එතැනට ඇඟ සෝදා ගන්නට ගියෙමි. තපෝදායෙහි ඇඟ සෝදා ගොඩවුත් එක් සිවුරක් ඇතිව ඇඟ තෙත සිඳුවමින් සිටියෙමි. ස්වාමීනි, එකල එක්තරා දෙවියෙක් රෑ (පෙරයම) ගෙවුන කල්හි දිලිසෙන පැහැ ඇත්තේ මුලු තපෝදා විල් පෙදෙස බබුලුවමින් මම් යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, අහසෙහි සිට:
“භික්‍ෂූන් වහන්ස, ඔබ නොකා හිඟති. කා නො සිඟති. භික්‍ෂූන් වහන්ස, කා ඉන්පසු සිඟන්න. කාලය ඔබ ඉක්මවා නොයේවා” යි මේ ගාථායෙන් කීවේය.
“එසේ කීකල, ස්වාමීනි, මම ඒ දෙවියාට ගාථාවෙකින් ‘කාලය මම නොදනිමි. වැසුණු කාලය නොපැනේ. එබැවින් නොකා සිඟමි. කාලය මා නොඉක්මවා’ යි පෙරළා කීමි.
“ස්වාමීනි, එවිට ඒ දෙවියා පොළොවට බැස සිට, භික්‍ෂූන් වහන්ස, ඔබ ළදරු වියෙහිම පැවිදිවූ කෙනෙක, තරුණය, ඉතා කළු කෙස් ඇත්තෝය, යහපත් තරුණ භාවයෙන්, ප්‍රථම වයසින් යුක්තයෝය, කාම ක්‍රීඩා නොකළ කෙනෙක. භික්‍ෂූන් වහන්ස, මනුෂ්‍යයන් අයත් කම් සැප වැළඳුව මැනව. මේ ආත්මයෙහි වින්දයුතු සැප හැර දමා කල් පසුව ලැබෙන කම් සැප පස්සේ නොදූවන්නැ) යි මට කීවේය.
“මෙසේ කීකල, ස්වාමීනි, මම ඒ දෙවියාට ‘ඇවැත්නි, මම් වනාහි මේ ආත්මයෙහිම වින්දහැකි සැප හැර දමා කල්ගතව ලැබෙන සැප පස්සේ නොදුවමි. මම කාලික සැප හැරලා මේ ආත්මයෙහිම වින්දහැකි සැප පස්සේ නම් දුවමි. ඇවැත්නි, කාමයෝ වූකලී කාලිකයහ, බොහෝ දුක් පමුණවන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන
දෙන්නෝය, එහි දොස් බොහෝයයිද, එහෙත් මේ ධර්‍මයතමා ඇස් හමුවෙහි ඵල ඇත්තේය, කල් නොයවා පල දෙන්නේය, එව බලවයි අන්‍යයන් තමා වෙතට කැඳවන්නට සුදුසුය, වහා තම සිතට පැමිණවීමට සුදුසුය.න්වණ ඇත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දතසුතුයයිද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදැ’යි කීමි.
“ස්වාමීනි, මෙසේ මා කී විට, ඒ දෙව් තෙමේ ‘කෙසේ නම් කාමයෝ කාලිකය, බොහෝ දුක් පමුණුවන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන දෙන්නෝය, එහි දොස් බොහෝයයිද, එහෙත් මේ ධර්‍මය තමා ඇස් හමුවෙහි ඵල ඇත්තේය, කල් නොයවා පල දෙන්නේය, එව බලවයි අන්‍යයන් තමා වෙතට කැඳවන්නට සුදුසුය, වහා තම සිතට පැමිණවීමට සුදුසුය, නුවණ ඇත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දතයුතුයයිද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදැයි” ඇසුවේය,
“ස්වාමීනි, මෙසේ ඔහු කී කල, මම ‘ඇවැත්නි, මම නවක වෙමි, ළඟදී පැවිදිවූයෙකිමි, මේ සස්නට අළුත ආයෙකිමි, විස්කරයෙන් කීමට නොහැක්කෙමි. අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි තපෝදාරාමයෙහි වෙසෙති. උන්වහන්සේ වෙත එළඹ, මේ කරුණු විචාරන්න, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සේ ඔබට මෙය තෝරා දෙන සේක්ද එසේ සිත දරාගන්නැ’ යි කීමි.
“ස්වාමීනි, මෙසේ කී කල, ‘අන් මහේශාක්‍ය දේවතාවන් විසින් පිරිවරනලද ඒ භාග්‍යවතුන් වහන්සේ කරා අප වැන්නවුන් පැමිණීම පහසු නොවේ. ශ්‍රමණයන් වහන්ස, ඉදින් ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, මේ කරුණු අසන්නෙහි නම්, අපිත් බණ අසන්නට එන්නම්හ’ යි ඒ දෙවියා කීවේය. ස්වාමීණි, ඉදින් ඒ දෙවියාගේ කීම සැබෑ නම් ඒ දෙවියා මේ ළඟම ඇතැ” යි කීයේය.
මෙසේ කී කල ඒ දෙවියා ‘භික්‍ෂූන් වහන්ස, විචාරන්න. භික්‍ෂූන් වහන්ස, විචාරන්න. මේ මම් පැමිණියෙමි” යි මේ වචන සමිද්ධි ආයුෂ්මතුන්ට කීවේය.
එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ දෙවියාට ගාථායෙන් මෙසේ කීහ:
“සත්ත්‍වයෝ උපාදානස්කන්‍ධ පසෙහි සත්ත්‍ව පුද්ගල ආදී වශයෙන් වරදවා හඳුනනසුලු වෙත්. පඤ්චඋපාදානස්කන්‍ධයෙහි පිහිටියාහු වෙත්. ඔවුහු ඒ උපාදානස්කන්‍ධයන් පිරිසිඳ නොදැන්මෙන් මරහුගේ වසඟයට පැමිණෙත්.
“එහෙත් (යමෙක්) උපාදානස්කන්‍ධයන් පිරිසිඳ දැන්මෙන් නම් කළ යුතු කිසිවකු නොදක්නේද, එසේවූ ඔහුට ‘රාගාදී යමෙකින් මෙතෙම මැඩුනේය’ යි කිසිවෙක් ඔහුට දොස් කිය හැකි නොවේ. යක්‍ෂය එසේවූ තැනැත්තකු දන්නෙහි නම් කියව.”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මේ වචනයේ අදහස විස්තර වශයෙන් නොදනිමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කොටින් වදාළ මේ වචනයේ අදහස යම් සේ විස්තරයෙන් මම් දැනගත හැකි වන්නෙම්ද, එසේ මට භාග්‍යවතුන් වහන්සේ වදාරනසේක්වා” (යි කීවේය.)
“යමෙක් මම් ‘සමයෙමි’ කියා හෝ ‘විශේෂ වන්නෙමි’ කියා හෝ නැතහොත් ‘හීනයෙමි’ කියා හෝ කමා සලකාද, ඔහු එයින් අනුන් හා විවාද කරන්නේය, යමෙක් ඒ මානයන්හි නොසැලෙන්නේද, (මාන නැසූ) ඔහුට මම ‘සමයෙමි’ කියා හෝ ‘විශේෂවෙමි’ කියා හෝ ‘හීනයෙමි’ කියා හෝ හැඟීමෙක් නැත. යක්‍ෂය, එවැන්නකු දන්නෙහි නම් කියව” යි (වදාළසේක.)
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් වදාළ මෙහිද අදහස විස්තරයෙන් නොදනිමි. යහපත, ස්වාමීනි, සැකෙවින් වදාළ එහි අදහස විස්තරයෙන් මට දැනගත හැකිවන සේ භාග්‍යවතුන් වහන්සේ එය වදාරනසේක්වා” (යි කීවේය.)
“ක්‍ෂීණාශ්‍රව තෙමේ පැණවීම් හැරදැමුයේය. මානයට නොබටුයේය. හේ නාමරූපයෙහි ඇල්ම දුරු කෙළේය. ගැට නැසූ, දුත් නැති, තණ්හා නැති ඒ රහතුන් දෙවියෝත් මිනිස්සුත් මෙහි හෝ අන් ලොවක හෝ ස්වර්‍ගයන්හි හෝ සියලු සත්වාවාසයන්හි හෝ සොයන්නාහු නමුත් නොදක්නාහ. එසේවූ පුඟුලකු දන්නෙහි නම්, යක්‍ෂය කියව” (යි වදාළසේක.)
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් වදාළ මේ වචනයේ අර්‍ථ විස්තර වශයෙන් මෙසේ දනිමි.”
“වචනයෙන් හෝ සිතින් හෝ කයින් හෝ කිසි පවක් හැම වේලෙහි නොකරන්නේය. (නොකළ යුතුය.) කාමයන් දුරුකොට, සිහි ඇත්තේ, මනා නුවණැත්තේ, අවැඩ ඇසුරු කළ දුකද සේවනය නොකරන්නේය” යි (කීයේය.)
3. සත්තිවග්ගො 3. සත්ති වර්‍ගය
1. සත්තිසුත්තං 1. සත්ති සූත්‍රය
2. ඵුසතිසුත්තං 2. ඵුසති සූත්‍රය
3. ජටාසුත්තං 3. ජටා සූත්‍රය
4. මනොනිවාරණසුත්තං 4. මනො නිවාරණ සූත්‍රය
5. අරහන්තසුත්තං 5. අරහන්ත සූත්‍රය
6. පජ්ජොතසුත්තං 6. පජ්ජොත සූත්‍රය
7. සරසුත්තං 7. සර සූත්‍රය
8. මහද්ධනසුත්තං 8. මහද්ධන සූත්‍රය
9. චතුචක්කසුත්තං 9. චතුචක්ක සූත්‍රය
10. එණිජඞ්ඝසුත්තං 10. ඵණිජඞඝ සූත්‍රය
4. සතුල්ලපකායිකවග්ගො 4. සතුල්ලපකායික වර්‍ගය
1. සබ්භිසුත්තං 1. සබ්භි සූත්‍රය
2. මච්ඡරිසුත්තං 2. මච්ඡරි සූත්‍රය
3. සාධුසුත්තං 3. සාධු සූත්‍රය
4. නසන්තිසුත්තං 4. න සන්ති සූත්‍රය
5. උජ්ඣානසඤ්ඤිසුත්තං 5. උජඣානසඤ්ඤී සූත්‍රය
6. සද්ධාසුත්තං 6. ශ්‍රද්‍ධා සූත්‍රය
7. සමයසුත්තං 7. සමය සූත්‍රය
8. සකලිකසුත්තං 8. සකලික සූත්‍රය
9. පඨමපජ්ජුන්නධීතුසුත්තං 9. පළමුවන පජ්ජුන්නධීතු සූත්‍රය
10. දුතියපජ්ජුන්නධීතුසුත්තං 10. දෙවෙනි පජ්ජුන්නධීතු සූත්‍රය
5. ආදිත්තවග්ගො 5. ආදිත්ත වර්‍ගය
1. ආදිත්තසුත්තං 1. ආදිත්ත සූත්‍රය
2. කිංදදසුත්තං 2. කිංදද සූත්‍රය
3. අන්නසුත්තං 3. අන්න සූත්‍රය
4. එකමූලසුත්තං 4. ඒකමූල සූත්‍රය
5. අනොමසුත්තං 5. අනොමය (හෙවත් අනොනාම) සූත්‍රය
6. අච්ඡරාසුත්තං 6. අච්ඡරා සූත්‍රය
7. වනරොපසුත්තං 7. වනරොප සූත්‍රය
8. ජෙතවනසුත්තං 8. ජේතවන (නොහොත් ඉදඤ්හි) සූත්‍රය
9. මච්ඡරිසුත්තං 9. මච්ඡෙර (නොහොත් මච්ඡරි) සූත්‍රය
10. ඝටීකාරසුත්තං 10. ඝටීකාර සූත්‍රය
6. ජරාවග්ගො 6. ජරා වර්‍ගය
1. ජරාසුත්තං 1. ජරා (හෙවත් කිංසුජරා) සූත්‍රය
2. අජරසාසුත්තං 2. අජරසා සූත්‍රය
3. මිත්තසුත්තං 3. මිත්ත (හෙවත් කිංසුමිත්ත) සූත්‍රය
4. වත්ථුසුත්තං 4. වත්‍ථු (හෙවත් කිංසුවත්‍ථු) සූත්‍රය
5. පඨමජනසුත්තං 5. පළමුවන ජන (හෙවත් ජනෙති) සූත්‍රය
6. දුතියජනසුත්තං 6. දෙවෙනි ජන (හෙවත් ජනෙති) සූත්‍රය
7. තතියජනසුත්තං 7. තුන්වෙනි ජන (හෙවත් ජනෙති) සූත්‍රය
8. උප්පථසුත්තං 8. උපපථ සූත්‍රය
9. දුතියසුත්තං 9. දෙවෙනි උපපථ සූත්‍රය
10. කවිසුත්තං 10. කවි (හෙවත් ගාථා නිදාන) සූත්‍රය
7. අද්ධවග්ගො 7. අන්ව වර්‍ගය
1. නාමසුත්තං 1. නාම (හෙවත් නාමද්ධභවන) සූත්‍රය
2. චිත්තසුත්තං 2. චිතත සූත්‍රය
3. තණ්හාසුත්තං 3. තණ්හා සූත්‍රය
4. සංයොජනසුත්තං 4. සංයෝජන සූත්‍රය
5. බන්ධනසුත්තං 5. බන්‍ධන සූත්‍රය
6. අත්තහතසුත්තං 6. අබිභාහත (හෙවත් මචිචුනබිභාහත) සූත්‍රය
7. උඩ්ඩිතසුත්තං 7. උඩිඩ්ත (හෙවත් තණ්හාඋඩිඩ්ත) සූත්‍රය
8. පිහිතසුත්තං 8. පිහිත (හෙවත් මචිචුපිහිත) සූත්‍රය
9. ඉච්ඡාසුත්තං 9. ඉචඡා (හෙවත් ඉචඡාබද්ධ) සූත්‍රය
10. ලොකසුත්තං 10. ලොක (හෙවත් ජස්සුලොක) සූත්‍රය
8. ඡෙත්වාවග්ගො 8. ඣත්‍වා වර්‍ගය
1. ඡෙත්වාසුත්තං 1. ඣත්‍වා සූත්‍රය
2. රථසුත්තං 2. රථ (හෙවත් එථපඤඤාණ) සූත්‍රය
3. විත්තසුත්තං 3. චිතත සූත්‍රය
4. වුට්ඨිසුත්තං 4. වුටඨි සූත්‍රය
5. භීතාසුත්තං 5. භීත සූත්‍රය
6. නජීරතිසුත්තං 6. නජීරති සූත්‍රය
7. ඉස්සරියසුත්තං 7. ඉස්සර සූත්‍රය
8. කාමසුත්තං 8. කාම සූත්‍රය
9. පාථෙය්‍යසුත්තං 9. පාථෙය්‍ය සූත්‍රය
10. පජ්ජොතසුත්තං 10. පජ්ජොත සූත්‍රය
11. අරණසුත්තං 11. අරණ සූත්‍රය