ත්‍රිපිටකය
5. සළායතනවග්ගො 5. සළායතන වර්ගය
1. අනාථපිණ්ඩිකොවාදසුත්තං 1. අනාථ පිණ්ඩිකොවාද සූත්‍රය
2. ඡන්නොවාදසුත්තං 2. ඡන්නොවාද සූත්‍රය
3. පුණ්ණොවාදසුත්තං 3. පුණ්ණොවාද සූත්‍රය
4. නන්දකොවාදසුත්තං 4. නන්දකොවාද සූත්‍රය
5. චූළරාහුලොවාදසුත්තං 5. චූල රාහුලොවාද සූත්‍රය
6. ඡඡක්කසුත්තං 6. ඡඡක්ක සූත්‍රය
7. මහාසළායතනිකසුත්තං 7. මහාසළායතන සූත්‍රය
8. නගරවින්දෙය්‍යසුත්තං 8. නගරවින්දෙය්‍ය සූත්‍රය
9. පිණ්ඩපාතපාරිසුද්ධිසුත්තං 9. පිණ්ඩපාත පාරිශුද්ධි සූත්‍රය
438
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං සාරිපුත්තං භගවා එතදවොච -
‘‘විප්පසන්නානි ඛො තෙ, සාරිපුත්ත, ඉන්ද්‍රියානි, පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදාතො. කතමෙන ඛො ත්වං, සාරිපුත්ත, විහාරෙන එතරහි බහුලං විහරසී’’ති? ‘‘සුඤ්ඤතාවිහාරෙන ඛො අහං, භන්තෙ, එතරහි බහුලං විහරාමී’’ති. ‘‘සාධු, සාධු, සාරිපුත්ත! මහාපුරිසවිහාරෙන කිර ත්වං, සාරිපුත්ත, එතරහි බහුලං විහරසි. මහාපුරිසවිහාරො එසො (හෙස (සී. ස්‍යා. කං. පී.)), සාරිපුත්ත, යදිදං - සුඤ්ඤතා. තස්මාතිහ, සාරිපුත්ත, භික්ඛු සචෙ ආකඞ්ඛෙය්‍ය - ‘සුඤ්ඤතාවිහාරෙන බහුලං (එතරහි බහුලං (සී. පී.)) විහරෙය්‍ය’න්ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං - ‘යෙන චාහං මග්ගෙන ගාමං පිණ්ඩාය පාවිසිං, යස්මිඤ්ච පදෙසෙ පිණ්ඩාය අචරිං, යෙන ච මග්ගෙන ගාමතො පිණ්ඩාය පටික්කමිං, අත්ථි නු ඛො මෙ තත්ථ චක්ඛුවිඤ්ඤෙය්‍යෙසු රූපෙසු ඡන්දො වා රාගො වා දොසො වා මොහො වා පටිඝං වාපි චෙතසො’ති? සචෙ, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘යෙන චාහං මග්ගෙන ගාමං පිණ්ඩාය පාවිසිං, යස්මිඤ්ච පදෙසෙ පිණ්ඩාය අචරිං, යෙන ච මග්ගෙන ගාමතො පිණ්ඩාය පටික්කමිං, අත්ථි මෙ තත්ථ චක්ඛුවිඤ්ඤෙය්‍යෙසු රූපෙසු ඡන්දො වා රාගො වා දොසො වා මොහො වා පටිඝං වාපි චෙතසො’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පන, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘යෙන චාහං මග්ගෙන ගාමං පිණ්ඩාය පාවිසිං, යස්මිඤ්ච පදෙසෙ පිණ්ඩාය අචරිං, යෙන ච මග්ගෙන ගාමතො පිණ්ඩාය පටික්කමිං, නත්ථි මෙ තත්ථ චක්ඛුවිඤ්ඤෙය්‍යෙසු රූපෙසු ඡන්දො වා රාගො වා දොසො වා මොහො වා පටිඝං වාපි චෙතසො’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
438
මා විසින් මෙසේ අසනලදී එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ කලන්දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේ සවස් කාලයෙහි ඵලසමවතින් නැගී සිටියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළැඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ශාරීපුත්‍රය, තොපගේ ඉන්ද්‍රියයෝ විශේෂයෙන් ප්‍රසන්නයහ. ඡවිවර්ණය පිරිසිදුය. ශාරීපුත්‍රය, ඔබ දැන් කවර විහරණයකින් බහුලව වසන්නෙහි දැයි ඇසූහ. “ස්වාමීනි, මම මේ කාලයෙහි බහුලකොට ශූන්‍යතා ඵලසමාපත්ති විහරණයෙන් වෙසෙමි” යි කීයේය.
“යහපති, යහපති. ශාරීපුත්‍රය, මහාපුරුෂයන්ගේ විහරණයෙන් ඔබ දැන් බහුලව වෙසෙයි. ශාරීපුත්‍රය, යම් මේ ශූන්‍යතා ඵල සමාපත්තියක් වේද, එය මහාපුරුෂයන්ගේ වාසය වන්නේය. එහෙයින් ශාරීපුත්‍රය, මේ ශාසනයෙහි මහණතෙම බහුලකොට ඵලසමාපත්ති විහරණයෙන් යුක්තව වසන්නෙමියි, කැමති වන්නේද, ශාරීපුත්‍රය, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතුයි. ‘මම යම් මගෙකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසෙක්හි පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මාර්ගයකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එහිදී චක්ෂුර්විඥානයෙන් දතයුතුවූ රූපාරම්මණයන්හි කැමැත්ත හෝ ඇලීම හෝ ද්වේෂය හෝ මුළාවීම හෝ කිපීම හෝ මාගේ සිතෙහි ඇත්තේද’ කියායි. ඉදින් ශාරීපුත්‍රය, මහණතෙම නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරන්නේ ‘මම යම් මඟකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසෙක්හි පිඬු පිණිස හැසුරුණෙම්ද, යම් මාර්ගයකින් ගමේ පිඬු සිඟීමෙන් වැළකී ආයෙම්ද, එතැන්හි චක්ෂුර්විඥානයෙන් දතයුතුවූ රූපාරම්මණයන්හි කැමැත්ත හෝ ඇලීම හෝ ද්වේෂය හෝ මෝහය හෝ කිපීම හෝ ඇතැයි’ දනී නම් ශාරීපුත්‍රය, ඒ මහණහු විසින් ලාමකවූ ඒ අකුසල කර්මයන්ගේම ප්‍රහාණය පිණිස වෑයම් කටයුතුය. ඉදින් වනාහි ශාරීපුත්‍රය, මෙනෙහි කරන්නාවූ ඒ මහණතෙම ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මඟකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එහි චක්ෂුර්විඥානයෙන් දතයුතුවූ රූපාරම්මණයන්හි ඡන්දය හෝ ඇලීම හෝ ද්වේෂය හෝ මෝහය හෝ කිපීම හෝ නැතැයි’ දනී නම් ශාරීපුත්‍රය, රෑ දාවල් දෙක්හි කුශල ධර්මයන්හි අනුව හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීතියෙන්ම වාසය කළ යුතුය.
439
‘‘පුන චපරං, සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං - ‘යෙන චාහං මග්ගෙන ගාමං පිණ්ඩාය පාවිසිං, යස්මිඤ්ච පදෙසෙ පිණ්ඩාය අචරිං, යෙන ච මග්ගෙන ගාමතො පිණ්ඩාය පටික්කමිං, අත්ථි නු ඛො මෙ තත්ථ සොතවිඤ්ඤෙය්‍යෙසු සද්දෙසු...පෙ.... ඝානවිඤ්ඤෙය්‍යෙසු ගන්ධෙසු... ජිව්හාවිඤ්ඤෙය්‍යෙසු රසෙසු ... කායවිඤ්ඤෙය්‍යෙසු ඵොට්ඨබ්බෙසු... මනොවිඤ්ඤෙය්‍යෙසු ධම්මෙසු ඡන්දො වා රාගො වා දොසො වා මොහො වා පටිඝං වාපි චෙතසො’ති? සචෙ , සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘යෙන චාහං මග්ගෙන ගාමං පිණ්ඩාය පාවිසිං, යස්මිඤ්ච පදෙසෙ පිණ්ඩාය අචරිං, යෙන ච මග්ගෙන ගාමතො පිණ්ඩාය පටික්කමිං, අත්ථි මෙ තත්ථ මනොවිඤ්ඤෙය්‍යෙසු ධම්මෙසු ඡන්දො වා රාගො වා දොසො වා මොහො වා පටිඝං වාපි චෙතසො’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පන, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘යෙන චාහං මග්ගෙන ගාමං පිණ්ඩාය පාවිසිං, යස්මිඤ්ච පදෙසෙ පිණ්ඩාය අචරිං, යෙන ච මග්ගෙන ගාමතො පිණ්ඩාය පටික්කමිං, නත්ථි මෙ තත්ථ මනොවිඤ්ඤෙය්‍යෙසු ධම්මෙසු ඡන්දො වා රාගො වා දොසො වා මොහො වා පටිඝං වාපි චෙතසො’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
439
“ශාරීපුත්‍රය, නැවතද ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින් කල්පනා කටයුතුය. ‘මම යම් මගකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මඟකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, ශ්‍රොතා විඥානයෙන් දතයුතුවූ ශබ්දයන්හිද, ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ මාගේ සිතෙහි ඇත්තේදැයි’ මෙනෙහි කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණතෙම නුවණින් කල්පනාකොට බලන්නේ මෙසේ දකීද, ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළැකී පෙරළා ආයෙම්ද, එතැන්හි කණින් දතයුතුවූ ශබ්දයන්හි මා සිත පිළිබඳව ඡන්දය හෝ රාගය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ ඇතැයි’ දනී නම් ශාරීපුත්‍රය, ඒ මහණහු විසින් ලාමකවූ ඒ අකුශල ධර්මයන්ගේම ප්‍රහාණිය පිණිස වෑයම් කළයුතුය. ශාරීපුත්‍රය, ඉදින් වනාහි නුවණින් කල්පනාකොට බලන්නාවූ මහණතෙම ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එහි කණින් දතයුතුවූ ශබ්දයන්හි ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ නැතැයි’ දනී නම් රෑ දාවල් දෙක්හි කුශල ධර්මයන්හි අනුව හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීතියෙන්ම වාසය කළ යුතුය.
“ශාරීපුත්‍රය නැවතද ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින්කල්පනා කටයුතුය. ‘මම යම් මගකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මඟකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, ඝ්‍රාණ විඥානයෙන් දතයුතුවූ ගන්ධයන්හිද ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ මාගේ සිතෙහි ඇත්තේදැයි, මෙනෙහි කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණතෙම නුවණින් කල්පනා කොට බලන්නේ මෙසේ දකීද, ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළැකී පෙරළා ආයෙම්ද, එතැන්හි නාසයෙන් දතයුතුවූ ගන්ධයන්හි මා සිත පිළිබඳව ඡන්දය හෝ රාගය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ ඇතැයි’ දනී නම්, ශාරීපුත්‍රය, ඒ මහණහු විසින් ලාමකවූ ඒ අකුශල ධර්මයන්ගේම ප්‍රහාණිය පිණිස වෑයම් කළයුතුය. ශාරීපුත්‍රය, ඉදින් වනාහි නුවණින් කල්පනාකොට බලන්නාවූ මහණතෙම ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මඟකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එහි නාසයෙන් දතයුතුවූ, ගන්ධයන්හි ඡන්දය හෝ ද්වේෂය හෝ රාගය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ නැතැයි දනී නම් රෑ දාවල් දෙක්හි කුශල ධර්මයන්හි අනුව හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීතියෙන්ම වාසය කළයුතුය.
“ශාරීපුත්‍රය, නැවතද ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින් කල්පනා කළයුතුය. ‘මම යම් මගෙකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, ජිහ්වා විඥානයෙන් දතයුතුවූ රසයන්හිද, ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ මාගේ සිතෙහි ඇත්තේදැයි, මෙනෙහි කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙම නුවණින් කල්පනාකොට බලන්නේ මෙසේ දකීද, ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එතැන්හි දිවෙන් දතයුතුවූ රසයන්හි මා සිත පිළිබඳ ඡන්දය හෝ රාගය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ ඇතැයි’ දනී නම්, ශාරීපුත්‍රය, ඒ මහණහු විසින් ලාමකවූ ඒ අකුශල ධර්මයන්ගේම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතුය. ශාරීපුත්‍රය, ඉදින් වනාහි නුවණින් කල්පනා කොට බලන්නාවූ මහණතෙම ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එහි දිවෙන් දතයුතුවූ රසයන්හි ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ නැතැයි දනී නම් රෑ දාවල් දෙක්හි කුශල ධර්මයන්හි අනුව හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීතියෙන්ම වාසය කළයුතුය.
“ශාරීපුත්‍රය, නැවතද ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින් කල්පනා කළයුතුය. ‘මම යම් මගෙකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, කාය විඥානයෙන් දතයුතුවූ ස්පර්ශයන්හිද ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ මාගේ සිතෙහි ඇත්තේදැයි මෙනෙහි කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණතෙම නුවණින් කල්පනාකොට බලන්නේ මෙසේ දකීද, ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එතැන්හි කයෙන් දතයුතුවූ ස්පර්ශයන්හි මා සිත පිළිබඳව ඡන්දය හෝ රාගය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ ඇතැයි’ දනී නම්, ශාරීපුත්‍රය, ඒ මහණහු විසින් ලාමකවූ ඒ අකුශල ධර්මයන්ගේම ප්‍රහාණය පිණිස වෑයම් කළ යුතුය. ශාරීපුත්‍රය, ඉදින් වනාහි නුවණින් කල්පනා කොට බලන්නාවූ මහණතෙම ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගෙකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එහි කයින් දතයුතුවූ ස්පර්ශයන්හි ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ නැතැයි දනී නම් රෑ දාවල් දෙක්හි කුශල ධර්මයන්හි අනුව හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීතියෙන්ම වාසය කළයුතුය.
“ශාරීපුත්‍රය නැවතද ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින් කල්පනා කළයුතුය. ‘මම යම් මගකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, මනොවිඥානයෙන් දතයුතුවූ ධර්මයන්හිද ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ මාගේ සිතෙහි ඇත්තේදැයි, මෙනෙහි කළ යුතුය. ශාරීපුත්‍රය, ඉදින් මහණ තෙම නුවණින් කල්පනාකොට බලන්නේ මෙසේ දකීද, ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළැකී පෙරළා ආයෙම්ද, එතැන්හී සිතින් දතයුතුවූ ධර්මයන්හි මා සිත පිළිබඳව ඡන්දය හෝ රාගය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ ඇතැයි’ දනී නම්, ශාරීපුත්‍රය, ඒ මහණහු විසින් ලාමකවූ ඒ අකුශල ධර්මයන්ගේම ප්‍රහාණය පිණිස වෑයම් කළ යුතුයි. ශාරීපුත්‍රය, ඉදින් වනාහි නුවණින් කල්පනාකොට බලන්නාවූ මහණතෙම ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මඟකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එහි සිතින් දතයුතුවූ, ධර්මයන්හි ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ නැතැයි’ දනී නම් රෑ දාවල් දෙක්හි කුශල ධර්මයන්හි අනුව හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීතියෙන්ම වාසය කළ යුතුය.
440
‘‘පුන චපරං, සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං - ‘පහීනා නු ඛො මෙ පඤ්ච කාමගුණා’ති? සචෙ, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘අප්පහීනා ඛො මෙ පඤ්ච කාමගුණා’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා පඤ්චන්නං කාමගුණානං පහානාය වායමිතබ්බං. සචෙ පන, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘පහීනා ඛො මෙ පඤ්ච කාමගුණා’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
440
‘නැවතද ශාරීපුත්‍රය, මහණහු විසින් මාගේ පස්කම් ගුණයෝ ප්‍රහීණවූවාහුදැයි මෙසේ සැලකිය යුතුය. ඉදින් ශාරීපුත්‍රය, නුවණින් සලකන්නාවූ මහණතෙමේ “මා විසින් පස්කම් ගුණ ප්‍රහාණය නොකරන ලද්දාහ”යි දනී නම්, ශාරීපුත්‍රය, ඒ භික්ෂුව විසින් පඤ්චකාම බන්ධනයන්ගේ පහකිරීම පිණිස වෑයම් කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, නුවණින් කල්පනා කරන්නාවූ මහණතෙමේ ‘මා විසින් පඤ්චකාම ගුණයෝ පහකරන ලද්දාහුය’යි මෙසේ දනී නම්, ශාරීපුත්‍රය, රෑ දාවල්හි කුශල ධර්මයන්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීතියෙන් යුක්තවම විසිය යුතුයි.
441
‘‘පුන චපරං, සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං - ‘පහීනා නු ඛො මෙ පඤ්ච නීවරණා’ති? සචෙ, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘අප්පහීනා ඛො මෙ පඤ්ච නීවරණා’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා පඤ්චන්නං නීවරණානං පහානාය වායමිතබ්බං. සචෙ පන, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘පහීනා ඛො මෙ පඤ්ච නීවරණා’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
441
“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් පඤ්චනීවරණයෝ පහකරන ලද්දාහුදැ”යි භික්ෂුව විසින් මෙසේ නුවණින් සැලකිය යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණතෙමේ මෙනෙහි කරන්නේ ‘මා විසින් පඤ්චනීවරණයෝ පහනොකරන ලද්දාහ’යි මෙසේ දනී නම් ශාරීපුත්‍රය, ඒ මහණහු විසින් පඤ්චනීවරණයන්ගේ ප්‍රහාණය පිණිස වෑයම් කළ යුතුය. ඉදින් වනාහි ශාරීපුත්‍රය, මහණ තෙමේ මෙනෙහි කරන්නේ ‘මාගේ පඤ්චනීවරණයෝ ප්‍රහීණ වූවාහ’යි මෙසේ දනී නම්, ශාරීපුත්‍රය, රෑ දාවල්හි කුසල් දහම්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ මහණහු විසින් එම ප්‍රීතියෙන් වාසය කළ යුතුය.
442
‘‘පුන චපරං, සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං - ‘පරිඤ්ඤාතා නු ඛො මෙ පඤ්චුපාදානක්ඛන්ධා’ති? සචෙ, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘අපරිඤ්ඤාතා ඛො මෙ පඤ්චුපාදානක්ඛන්ධා’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා පඤ්චන්නං උපාදානක්ඛන්ධානං පරිඤ්ඤාය වායමිතබ්බං. සචෙ පන, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘පරිඤ්ඤාතා ඛො මෙ පඤ්චුපාදානක්ඛන්ධා’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
442
“නැවතද ශාරීපුත්‍රය, භික්ෂුව විසින් ‘මා විසින් පඤ්ච උපාදානස්කන්ධයෝ මෙනෙහි කරන්නේ පිරිසිඳ දන්නා ලද්දාහුදැ’යි නුවණින් මෙනෙහි කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණතෙමේ ‘මා විසින් පඤ්චඋපාදානස්කන්ධයෝ පිරිසිඳ නොදන්නා ලද්දාහුය’යි දනී නම් ශාරීපුත්‍රය, ඒ භික්ෂුව විසින් පඤ්චඋපාදානස්කන්ධයන් පිරිසිඳ දැනීම පිණිස උත්සාහ කටයුතුය. ඉදින් වනාහි ශාරීපුත්‍රය, නුවණින් සලකන්නාවූ මහණතෙම ‘මා විසින් පඤ්චඋපාදානස්කන්ධයෝ පිරිසිඳ දන්නා ලද්දාහුය’යි මෙසේ දනී නම් ශාරීපුත්‍රය, රෑ දාවල්හි කුශල ධර්මයන්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ මහණහු විසින් ඒ ප්‍රීතියෙන් විසිය යුතුය.
443
‘‘පුන චපරං, සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං - ‘භාවිතා නු ඛො මෙ චත්තාරො සතිපට්ඨානා’ති? සචෙ, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘අභාවිතා ඛො මෙ චත්තාරො සතිපට්ඨානා’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා චතුන්නං සතිපට්ඨානානං භාවනාය වායමිතබ්බං. සචෙ පන, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘භාවිතා ඛො මෙ චත්තාරො සතිපට්ඨානා’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
443
“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් සතර සතිපට්ඨානයෝ වඩන ලද්දාහුදැයි’ භික්ෂුව විසින් මෙසේ මෙනෙහි කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙමේ මෙසේ මෙනෙහි කරන්නේ ‘මා විසින් සතර සතිපට්ඨානයෝ නොවඩන ලද්දාහුය’යි මෙසේ දනීනම්, ශාරිපුත්‍රය, ඒ භික්ෂුව විසින් සතර සතිපට්ඨානයන්ගේ වැඩීම පිණිස උත්සාහ කළයුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙමේ නුවණින් සලකන්නේ, ‘මා විසින් සතර සතිපට්ඨානයෝ වඩන ලද්දාහු’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, රෑ දාවල් දෙක්හි කුශල ධර්මයන්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ මහණහු විසින් එම ප්‍රීතියෙන් (යුක්තව) විසිය යුතුය.
444
‘‘පුන චපරං, සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං - ‘භාවිතා නු ඛො මෙ චත්තාරො සම්මප්පධානා’ති? සචෙ, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘අභාවිතා ඛො මෙ චත්තාරො සම්මප්පධානා’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා චතුන්නං සම්මප්පධානානං භාවනාය වායමිතබ්බං. සචෙ පන, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘භාවිතා ඛො මෙ චත්තාරො සම්මප්පධානා’ති , තෙන, සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
444
“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් සතර සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෝ වඩන ලද්දාහුදැ’යි මහණහු විසින් මෙසේ නුවණින් කල්පනා කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මෙසේ කල්පනා කරන්නාවූ මහණ තෙමේ ‘මා විසින් සතර සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෝ නොවඩන ලද්දාහයි’ මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, ඒ මහණ විසින් සතර සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයන්ගේ වැඩීම පිණිස වෑයම් කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙම මෙසේ මෙනෙහි කරන්නේ ‘මා විසින් සතර සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෝ වඩන ලද්දාහ’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, රෑ දාවල්හි කුසල් දහම්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ මහණහු විසින් එම ප්‍රීතියෙන් (යුතුව) විසිය යුතුය.
445
‘‘පුන චපරං, සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං - ‘භාවිතා නු ඛො මෙ චත්තාරො ඉද්ධිපාදා’ති? සචෙ, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘අභාවිතා ඛො මෙ චත්තාරො ඉද්ධිපාදා’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා චතුන්නං ඉද්ධිපාදානං භාවනාය වායමිතබ්බං. සචෙ පන, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘භාවිතා ඛො මෙ චත්තාරො ඉද්ධිපාදා’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
445
“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් සතර ඍද්ධිපාදයෝ වඩනා ලද්දාහුදැ’යි භික්ෂුව විසින් මෙනෙහි කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙම මෙසේ මෙනෙහි කරන්නේ ‘මා විසින් සතර ඍද්ධිපාදයෝ නොවඩනා ලද්දාහයි’ මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, ඒ භික්ෂුව විසින් සතර ඍද්ධිපාදයන්ගේ වැඩීම පිණිස උත්සාහ කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙම නුවණින් කල්පනා කරන්නේ ‘මා විසින් සතර ඍද්ධිපාදයෝ වඩන ලද්දාහයි’ මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, රෑ දාවල්හි කුසල් දහම්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ මහණහු විසින් එම ප්‍රීතියෙන් (යුක්තව) විසිය යුතුය.
446
‘‘පුන චපරං, සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං - ‘භාවිතානි නු ඛො මෙ පඤ්චින්ද්‍රියානී’ති? සචෙ, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘අභාවිතානි ඛො මෙ පඤ්චින්ද්‍රියානී’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා පඤ්චන්නං ඉන්ද්‍රියානං භාවනාය වායමිතබ්බං. සචෙ පන, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘භාවිතානි ඛො මෙ පඤ්චින්ද්‍රියානී’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
446
“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් පඤ්චෙන්ද්‍රියයෝ වඩන ලද්දාහුදැ’යි භික්ෂුව විසින් මෙසේ නුවණින් සැලැකිය යුතුය. ඉදින් ශාරීපුත්‍රය, භික්ෂු තෙම මෙසේ සලකන්නේ ‘මා විසින් පඤ්චෙන්ද්‍රියයෝ නොවඩනා ලද්දාහුය’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, ඒ භික්ෂුව විසින් පඤ්චෙන්ද්‍රියයන් වැඩීම පිණිස වෑයම් කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මෙනෙහි කරන්නාවූ භික්ෂු තෙම ‘මා විසින් පඤ්චෙන්ද්‍රියයෝ වඩන ලද්දාහ’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, ඒ භික්ෂුව කුසල් දහම්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ මහණහු විසින් එම ප්‍රීතියෙන් (යුක්තව) විසිය යුතුය.
447
‘‘පුන චපරං, සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං - ‘භාවිතානි නු ඛො මෙ පඤ්ච බලානී’ති? සචෙ, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘අභාවිතානි ඛො මෙ පඤ්ච බලානී’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා පඤ්චන්නං බලානං භාවනාය වායමිතබ්බං. සචෙ පන, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘භාවිතානි ඛො මෙ පඤ්ච බලානී’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
447
“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් පඤ්බලයෝ වඩනා ලද්දාහුදැ’යි භික්ෂුව විසින් මෙසේ (නුවණින්) සැලැකිය යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙම මෙසේ නුවණින් බලන්නේ ‘මා විසින් පඤ්ච බලයෝ නොවඩන ලද්දාහුය’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, ඒ භික්ෂුව විසින් පඤ්චබල වඩනු පිණිස වෑයම් කළයුතුය. ඉදින් ශාරීපුත්‍රය, මෙනෙහි කරන්නාවූ මහණතෙමේ ‘මා විසින් පඤ්චබල වඩන ලද්දාහ’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, කුසල් දහම්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ මහණහු විසින් එම ප්‍රීතියෙන් (යුක්තව) විසිය යුතුය.
448
‘‘පුන චපරං, සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං - ‘භාවිතා නු ඛො මෙ සත්ත බොජ්ඣඞ්ගා’ති? සචෙ, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘අභාවිතා ඛො මෙ සත්ත බොජ්ඣඞ්ගා’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා සත්තන්නං බොජ්ඣඞ්ගානං භාවනාය වායමිතබ්බං. සචෙ පන, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘භාවිතා ඛො මෙ සත්ත බොජ්ඣඞ්ගා’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
448
“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් සප්තබෝධ්‍යංගයෝ වඩන ලද්දාහුදැ’යි භික්ෂුව විසින් මෙසේ සැලැකිය යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙම නුවණින් බලන්නේ ‘මා විසින් සප්තබොධ්‍යංගයෝ නොවඩන ලද්දාහුය’යි මෙසේ දනී නම්, ශාරීපුත්‍රය, ඒ භික්ෂුව විසින් සප්තබෝධ්‍යංගයන්ගේ වැඩීම පිණිස උත්සාහ කටයුතුය. ඉදින් ශාරීපුත්‍රය, භික්ෂු තෙම මෙනෙහි කරන්නේ ‘මා විසින් සප්තබෝධ්‍යංගයෝ වඩන ලද්දාහුය’යි මෙසේ දනී නම්, ශාරීපුත්‍රය, කුසල් දහම්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ මහණහු විසින් එම ප්‍රීතියෙන් (යුක්තව) විසිය යුතුය.
449
‘‘පුන චපරං, සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං - ‘භාවිතො නු ඛො මෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගො’ති? සචෙ, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘අභාවිතො ඛො මෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගො’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස භාවනාය වායමිතබ්බං. සචෙ පන, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘භාවිතො ඛො මෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගො’ති , තෙන, සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
449
“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්ගය වඩන ලද්දේදැ’යි භික්ෂුව විසින් මෙසේ (නුවණින්) සැලැකිය යුතුය. ඉදින් ශාරීපුත්‍ර තෙම මෙනෙහි කරන්නේ ‘මා විසින් ආර්‍ය්‍යඅෂ්ටාංගිකමාර්ගය නොවඩන ලදැ’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, ඒ මහණ විසින් ආර්‍ය්‍යඅෂ්ටාංගිකමාර්ගය වඩන පිණිස වෑයම් කළයුතුය, ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙමේ මෙනෙහි කරන්නේ ‘මා විසින් ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්ගය වඩන ලදැ’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, කුසල් දහම්හි දිවා රෑ දෙක්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් එම ප්‍රීතියෙන් (යුක්තව) විසිය යුතුය.
450
‘‘පුන චපරං, සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං - ‘භාවිතා නු ඛො මෙ සමථො ච විපස්සනා චා’ති? සචෙ, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘අභාවිතා ඛො මෙ සමථො ච විපස්සනා චා’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා සමථවිපස්සනානං භාවනාය වායමිතබ්බං. සචෙ පන, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘භාවිතා ඛො මෙ සමථො ච විපස්සනා චා’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
450
“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් සමථයත් විදර්ශනාවත් වඩන ලද්දාහුදැ’යි භික්ෂුව විසින් මෙසේ (නුවණින්) සැලැකිය යුතුය ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙමේ ‘මා විසින් සමථයද, විදර්ශනාවද නොවඩන ලද්දාහුය’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, ඒ භික්ෂුව විසින් සමථ විදර්ශනා වන්ගේ වැඩීම පිණිස වෑයම් කළයුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙම මෙනෙහි කරන්නේ ‘මා විසින් සමථයද විදර්ශනාවද වඩන ලද්දාහුය’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, කුසල් දහම්හි දිවා රෑ දෙක්හි හික්මෙන්නාවු ඒ භික්ෂුව විසින් එම ප්‍රීතියෙන් (යුක්තව) විසිය යුතුය.
451
‘‘පුන චපරං, සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං - ‘සච්ඡිකතා නු ඛො මෙ විජ්ජා ච විමුත්ති චා’ති? සචෙ, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘අසච්ඡිකතා ඛො මෙ විජ්ජා ච විමුත්ති චා’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා විජ්ජාය විමුත්තියා සච්ඡිකිරියාය වායමිතබ්බං. සචෙ පන, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘සච්ඡිකතා ඛො මෙ විජ්ජා ච විමුත්ති චා’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
451
“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් විද්‍යාව (ඵලඤාණය) ද විමුක්තිය (ඵලසම්ප්‍රයුක්ත සෙසු ධර්මයෝ) ද ප්‍රත්‍යක්ෂ කරන ලද්දාහුදැයි” භික්ෂුව විසින් මෙසේ (නුවණින්) මෙනෙහි කළ යුතුය, ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙමේ (නුවණින්) සලකන්නේ, ‘මා විසින් විද්‍යාවද විමුක්තියද ප්‍රත්‍යක්ෂ නොකරන ලද්දාහුයයි’ මෙසේ දනීනම් ශාරිපුත්‍රය, ඒ මහණ විසින් විද්‍යා විමුක්තීන්ගේ ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස වෑයම් කළ යුතුය. ඉදින් ශාරිපුත්‍රය, මහණ තෙම මෙනෙහි කරන්නේ ‘මා විසින් විද්‍යාවද, විමුක්තියද ප්‍රත්‍යක්ෂ කරන ලද්දාහුය’යි මෙසේ දනී නම් ශාරීපුත්‍රය, කුසල් දහම්හි රෑ දාවල් දෙක්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් එම ප්‍රීති ප්‍රමෝද්‍යයෙන් (යුක්තව) විසිය යුතුය.
452
‘‘යෙ හි කෙචි, සාරිපුත්ත, අතීතමද්ධානං සමණා වා බ්‍රාහ්මණා වා පිණ්ඩපාතං පරිසොධෙසුං, සබ්බෙ තෙ එවමෙව පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා පිණ්ඩපාතං පරිසොධෙසුං. යෙපි හි කෙචි, සාරිපුත්ත, අනාගතමද්ධානං සමණා වා බ්‍රාහ්මණා වා පිණ්ඩපාතං පරිසොධෙස්සන්ති, සබ්බෙ තෙ එවමෙව පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා පිණ්ඩපාතං පරිසොධෙස්සන්ති. යෙපි හි කෙචි, සාරිපුත්ත, එතරහි සමණා වා බ්‍රාහ්මණා වා පිණ්ඩපාතං පරිසොධෙන්ති, සබ්බෙ තෙ එවමෙව පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා පිණ්ඩපාතං පරිසොධෙන්ති. තස්මාතිහ, සාරිපුත්ත (වො සාරිපුත්ත එවං සික්ඛිතබ්බං (සී. පී.)), ‘පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා පිණ්ඩපාතං පරිසොධෙස්සාමා’ති - එවඤ්හි වො, සාරිපුත්ත, සික්ඛිතබ්බ’’න්ති.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා සාරිපුත්තො භගවතො භාසිතං අභිනන්දීති.
452
‘ශාරීපුත්‍රය, අතීත කාලයෙහි යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ පිණ්ඩපාතය පිරිසිදු කළාහුද, ඒ සියල්ලෝ මෙසේ මෙනෙහිකොට මෙනෙහිකොට පිණ්ඩපාතය පිරිසිදු කළහ. ශාරීපුත්‍රය, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ අනාගතයෙහි පිණ්ඩපාතය පිරිසිදු කරන්නාහුද, ඒ සියල්ලෝ මෙසේම මෙනෙහිකොට මෙනෙහිකොට පිණ්ඩපාතය පිරිසිදු කරන්නාහුය ශාරීපුත්‍රය, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ දැන් (මෙකල) පිණ්ඩපාතය පිරිසිදු කෙරෙද්ද, ඒ සියල්ලෝ මෙසේම පිණ්ඩපාතය පිරිසිදු කෙරෙති. එහෙයින් ශාරීපුත්‍රය, තොප විසින් ප්‍රත්‍යවෙක්ෂා කොට ප්‍රත්‍යවෙක්ෂා කොට පිණ්ඩපාතය පිරිසිදු කරන්නෙමුයි’ මෙසේ හික්මිය යුතුයි. ශාරීපුත්‍රය තොප විසින් මෙසේම හික්මිය යුතුයයි වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. සතුටු සිත් ඇති ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ.
10. ඉන්ද්‍රියභාවනාසුත්තං 10. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය