ත්‍රිපිටකය
5. සළායතනවග්ගො 5. සළායතන වර්ගය
1. අනාථපිණ්ඩිකොවාදසුත්තං 1. අනාථ පිණ්ඩිකොවාද සූත්‍රය
2. ඡන්නොවාදසුත්තං 2. ඡන්නොවාද සූත්‍රය
3. පුණ්ණොවාදසුත්තං 3. පුණ්ණොවාද සූත්‍රය
4. නන්දකොවාදසුත්තං 4. නන්දකොවාද සූත්‍රය
5. චූළරාහුලොවාදසුත්තං 5. චූල රාහුලොවාද සූත්‍රය
6. ඡඡක්කසුත්තං 6. ඡඡක්ක සූත්‍රය
7. මහාසළායතනිකසුත්තං 7. මහාසළායතන සූත්‍රය
428
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච - ‘‘මහාසළායතනිකං වො, භික්ඛවෙ, දෙසෙස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ; භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
428
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඬු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩවාසය කරණසේක. එකල්හි වනාහි භාග්‍යවතුන්වහන්සේ “මහණෙනි” කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. “ස්වාමීනි” ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළේය.
“මහණෙනි, මම තොපට මහත්වූ ෂඩායතනයන් ප්‍රකාශකරන්නාවූ ධර්ම කොට්ඨාශයක් දේශනා කරන්නෙමි. එය අසව්. මොනවට මෙනෙහි කරව්. කියන්නෙමි” වදාළේය. “එසේය ස්වාමීනි යයි” ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන්වහන්සේ මේ මෙසේ වදාළහ.
429
‘‘චක්ඛුං, භික්ඛවෙ, අජානං අපස්සං යථාභූතං, රූපෙ අජානං අපස්සං යථාභූතං, චක්ඛුවිඤ්ඤාණං අජානං අපස්සං යථාභූතං, චක්ඛුසම්ඵස්සං අජානං අපස්සං යථාභූතං, යමිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අජානං අපස්සං යථාභූතං, චක්ඛුස්මිං සාරජ්ජති, රූපෙසු සාරජ්ජති, චක්ඛුවිඤ්ඤාණෙ සාරජ්ජති, චක්ඛුසම්ඵස්සෙ සාරජ්ජති, යමිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි සාරජ්ජති.
‘‘තස්ස සාරත්තස්ස සංයුත්තස්ස සම්මූළ්හස්ස අස්සාදානුපස්සිනො විහරතො ආයතිං පඤ්චුපාදානක්ඛන්ධා උපචයං ගච්ඡන්ති. තණ්හා චස්ස පොනොබ්භවිකා නන්දීරාගසහගතා තත්‍රතත්‍රාභිනන්දිනී, සා චස්ස පවඩ්ඪති. තස්ස කායිකාපි දරථා පවඩ්ඪන්ති, චෙතසිකාපි දරථා පවඩ්ඪන්ති; කායිකාපි සන්තාපා පවඩ්ඪන්ති , චෙතසිකාපි සන්තාපා පවඩ්ඪන්ති; කායිකාපි පරිළාහා පවඩ්ඪන්ති, චෙතසිකාපි පරිළාහා පවඩ්ඪන්ති. සො කායදුක්ඛම්පි (කායිකදුක්ඛම්පි (ස්‍යා. කං.), කායිකං දුක්ඛම්පි (ක.)) චෙතොදුක්ඛම්පි පටිසංවෙදෙති.
‘‘සොතං , භික්ඛවෙ, අජානං අපස්සං යථාභූතං...පෙ.... ඝානං, භික්ඛවෙ, අජානං අපස්සං යථාභූතං...පෙ.... ජිව්හං, භික්ඛවෙ, අජානං අපස්සං යථාභූතං...පෙ.... කායං, භික්ඛවෙ, අජානං අපස්සං යථාභූතං...පෙ.... මනං, භික්ඛවෙ, අජානං අපස්සං යථාභූතං, ධම්මෙ, භික්ඛවෙ, අජානං අපස්සං යථාභූතං, මනොවිඤ්ඤාණං, භික්ඛවෙ, අජානං අපස්සං යථාභූතං , මනොසම්ඵස්සං, භික්ඛවෙ, අජානං අපස්සං යථාභූතං, යමිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අජානං අපස්සං යථාභූතං, මනස්මිං සාරජ්ජති, ධම්මෙසු සාරජ්ජති, මනොවිඤ්ඤාණෙ සාරජ්ජති, මනොසම්ඵස්සෙ සාරජ්ජති, යමිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි සාරජ්ජති.
‘‘තස්ස සාරත්තස්ස සංයුත්තස්ස සම්මූළ්හස්ස අස්සාදානුපස්සිනො විහරතො ආයතිං පඤ්චුපාදානක්ඛන්ධා උපචයං ගච්ඡන්ති. තණ්හා චස්ස පොනොබ්භවිකා නන්දීරාගසහගතා තත්‍රතත්‍රාභිනන්දිනී, සා චස්ස පවඩ්ඪති. තස්ස කායිකාපි දරථා පවඩ්ඪන්ති, චෙතසිකාපි දරථා පවඩ්ඪන්ති; කායිකාපි සන්තාපා පවඩ්ඪන්ති, චෙතසිකාපි සන්තාපා පවඩ්ඪන්ති; කායිකාපි පරිළාහා පවඩ්ඪන්ති, චෙතසිකාපි පරිළාහා පවඩ්ඪන්ති. සො කායදුක්ඛම්පි චෙතොදුක්ඛම්පි පටිසංවෙදෙති.
429
“මහණෙනි, චක්ඛායතනය තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේවේද, රූපායතනයන් තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේවේද, චක්ඛු විඤ්ඤාණය තත්වූ පරිද්දෙන් නොදන්නේ නොදක්නේවේද, චක්ඛුසම්ඵස්සය තත්වූ පරිද්දෙන් නොදන්නේ නොදක්නේවේද, යම් මේ චක්ඛුසම්ඵස්සය හේතුකොටගෙණ සැපවූ හෝ දුක්වූ හෝ සැප නොවූ දුක් නොවූ හෝ විඳීමක් උපදීද, එයද තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේ උපදීද, චක්ඛායතනයෙහි ඇලෙන්නේ වේද, රූපායතනයන්හි ඇලෙන්නේ වේද, චක්ඛු විඤ්ඤාණයෙහි ඇලෙන්නේවේද, චක්ඛුසම්ඵස්සයෙහි ඇලෙන්නේවේද, යම් මේ චක්ඛුසම්ඵස්සය හේතුකොටගෙණ සැපවූ හෝ දුක්වූ හෝ සැප නොවූ දුක් නොවූ හෝ වේදනාවක් උපදීද, එහි ඇලෙන්නේද, එහි ඇළුනාවූ එයින් යුක්තවූ එයින් මුළාවූ ආශ්වාද වශයෙන් දකිමින් වාසය කරන්නාවූ ඔහුගේ මත්තෙහි පඤ්චූපාදානස්කන්ධයෝ වැඩීමට පැමිණෙත්. ඔහුගේ දෙවෙනි භව ඇතිකරන්නාවූ ඒ ඒ භවයෙහි ඇලෙන්නාවූ නන්දිරාගය සමග පවත්නාවූ තෘෂ්ණාවක්වේද, ඔහුගේ ඒ තෘෂ්ණාවද වැඩෙන්නීය. ඔහුගේ කායික දාහයෝද වැඩෙන්නාහුය. මානසික දාහයෝද වැඩෙන්නාහුය. කායික සන්තාපයෝද වැඩෙන්නාහුය. මානසික සන්තාපයෝද වැඩෙන්නාහුය. කායික පරිදැවිලිද වැඩෙන්නාහුය. මානසික දැවිලිද වැඩෙන්නාහුය. හෙතෙමේ කායික දුකද මානසික දුකද විඳින්නේ වේ.
“මහණෙනි, හෙතෙමේ සෝතායතනය තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේද, මහණෙනි, ඝාණායතනය තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේද, මහණෙනි, ජිහ්වායතනය තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේද, මහණෙනි, කායායතනය තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේද, මහණෙනි, මනායතනය තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේද, මහණෙනි, ධර්මායතනයන් තත්වූ පරිද්දෙන් නොදන්නේ නොදක්නේද, මහණෙනි, මනො විඥානය තත්වූපරිදි නොදන්නේ නොදක්නේද, මහණෙනි, මනොසම්ඵස්සය තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේද, යම් මේ මනොසම්ඵස්සය හේතුකොටගෙණ සැපවූ හෝ දුක්වූ හෝ සැප නොවූ දුක් නොවූ හෝ වේදනාවක් උපදීද, එයද තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේද සිතෙහි ඇලෙන්නේද ධර්මයන්හි ඇලෙන්නේද, මනොවිඥානයෙහි ඇලෙන්නේද, මනොසම්ඵස්සයෙහි ඇලෙන්නේද යම් මේ මනොසම්ඵස්සය හේතුකොටගෙණ සැපවූ හෝ දුක්වූ හෝ සැප නොවූ හෝ දුක් නොවූ හෝ වේදනාවක් උපදීද, එහිද ඇලෙන්නේද, එහි ඇළුනාවූද යෙදුනාවූද මුළාවූද ආශ්වාද වශයෙන් දකිමින් වාසය කරන්නහුගේ පඤ්චූපාදානස්කන්ධයෝ මත්තෙහි වැඩීමට යන්නාහුය. ඔහුගේ දෙවෙනි භවය ඇතිකරන්නාවූ නන්දිරාගයෙන් යුක්තවූ ඒ ඒ තැන ඇලෙන්නාවූ තෘෂ්ණාවක් වේද ඒ තෘෂ්ණාවද වැඩෙන්නීය. ඔහුගේ දාහයෝද වැඩෙන්නාහුය. මානසික දාහයෝද වැඩෙන්නාහුය. කායික සන්තාපයෝද වැඩෙන්නාහුය. මානසික සන්තාපයෝද වැඩෙන්නාහුය. කායික දැවීම්ද වැඩෙන්නාහුය. මානසික දැවීම්ද වැඩෙන්නාහුය. හෙතෙමේ කායික දුකද මානසික දුකද විඳින්නේය.
430
‘‘චක්ඛුඤ්ච ඛො, භික්ඛවෙ, ජානං පස්සං යථාභූතං, රූපෙ ජානං පස්සං යථාභූතං, චක්ඛුවිඤ්ඤාණං ජානං පස්සං යථාභූතං, චක්ඛුසම්ඵස්සං ජානං පස්සං යථාභූතං, යමිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි ජානං පස්සං යථාභූතං, චක්ඛුස්මිං න සාරජ්ජති, රූපෙසු න සාරජ්ජති, චක්ඛුවිඤ්ඤාණෙ න සාරජ්ජති, චක්ඛුසම්ඵස්සෙ න සාරජ්ජති, යමිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි න සාරජ්ජති.
‘‘තස්ස අසාරත්තස්ස අසංයුත්තස්ස අසම්මූළ්හස්ස ආදීනවානුපස්සිනො විහරතො ආයතිං පඤ්චුපාදානක්ඛන්ධා අපචයං ගච්ඡන්ති. තණ්හා චස්ස පොනොබ්භවිකා නන්දීරාගසහගතා තත්‍රතත්‍රාභිනන්දිනී, සා චස්ස පහීයති. තස්ස කායිකාපි දරථා පහීයන්ති, චෙතසිකාපි දරථා පහීයන්ති; කායිකාපි සන්තාපා පහීයන්ති, චෙතසිකාපි සන්තාපා පහීයන්ති; කායිකාපි පරිළාහා පහීයන්ත්න්ත්ති , චෙතසිකාපි පරිළාහා පහීයන්ති. සො කායසුඛම්පි චෙතොසුඛම්පි පටිසංවෙදෙති.
430
“මහණෙනි, චක්ඛායතනයද තත්වූපරිද්දෙන් දන්නේ, දක්නේද, රූපයන් තත්වූපරිද්දෙන් දන්නේ, දක්නේද, චක්ඛුවිඤ්ඤාණය තත්වූපරිද්දෙන් දන්නේ, දක්නේද, චක්ඛුසම්ඵස්සය තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද යම් මේ චක්ඛුසම්ඵස්සයක් හේතුකොටගෙණ සැපවූ හෝ දුක්වූ හෝ දුක් නොවූ සැප නොවූ හෝ විඳීමක් උපදීද, එයද තත්වූපරිදි දන්නේ දක්නේද, චක්ඛායතනයෙහි නොඇලෙන්නේද රූපායතනයන්හි නොඇලෙන්නේද, චක්ෂුර්විඥානයෙහි නොඇලෙන්නේද, චක්ඛුසම්ඵස්සයෙහි නොඇලෙන්නේද, යම් මේ චක්ඛුසම්ඵස්සය හේතු කොටගෙණ සැපවූ හෝ දුක්වූ හෝ දුක් නොවූ සැප නොවූ හෝ විඳීමක් උපදීද, එහිද නොඇලෙයිද, එහි නොඇළුනාවූ නොයෙදුනාවූ මුළා නොවූ ආදීනව වශයෙන් දක්නා ස්වභාව ඇතිව වාසයකරන්නහුගේ පඤ්චූපාදානස්කන්ධයෝ මත්තෙහි වැඩීමට නොයන්නාහුය. ඔහුගේ දෙවන භවය ඇතිකරන්නාවූ නන්දිරාගයෙන් යුක්තවූ ඒ ඒ තන්හි ඇලෙන්නාවූ තෘෂ්ණාවක් වෙයිද ඔහුගේ ඒ තෘෂ්ණාවද ප්‍රහීණවෙයි. ඔහුගේ කායික දාහයෝද ප්‍රහීණවෙත්. මානසික දාහයෝද ප්‍රහීණවෙත්. කායික සන්තාපයෝද ප්‍රහීණවෙත්. මානසික සන්තාපයෝද ප්‍රහීණවෙත්. කායික දැවිලිද ප්‍රහීණවෙත්. මානසික දැවිලිද ප්‍රහීණවෙත්.
“හෙතෙමේ කායික සැපයද, මානසික සැපයද විඳියි.
431
‘‘යා තථාභූතස්ස (යථාභූතස්ස (සී. පී.)) දිට්ඨි සාස්ස හොති සම්මාදිට්ඨි; යො තථාභූතස්ස (යථාභූතස්ස (සී. පී.)) සඞ්කප්පො ස්වාස්ස හොති සම්මාසඞ්කප්පො; යො තථාභූතස්ස (යථාභූතස්ස (සී. පී.)) වායාමො ස්වාස්ස හොති සම්මාවායාමො; යා තථාභූතස්ස (යථාභූතස්ස (සී. පී.)) සති සාස්ස හොති සම්මාසති; යො තථාභූතස්ස (යථාභූතස්ස (සී. පී.)) සමාධි ස්වාස්ස හොති සම්මාසමාධි. පුබ්බෙව ඛො පනස්ස කායකම්මං වචීකම්මං ආජීවො සුපරිසුද්ධො හොති. එවමස්සායං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවනාපාරිපූරිං ගච්ඡති.
‘‘තස්ස එවං ඉමං අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවයතො චත්තාරොපි සතිපට්ඨානා භාවනාපාරිපූරිං ගච්ඡන්ති, චත්තාරොපි සම්මප්පධානා භාවනාපාරිපූරිං ගච්ඡන්ති, චත්තාරොපි ඉද්ධිපාදා භාවනාපාරිපූරිං ගච්ඡන්ති, පඤ්චපි ඉන්ද්‍රියානි භාවනාපාරිපූරිං ගච්ඡන්ති, පඤ්චපි බලානි භාවනාපාරිපූරිං ගච්ඡන්ති, සත්තපි බොජ්ඣඞ්ගා භාවනාපාරිපූරිං ගච්ඡන්ති.
‘‘තස්සිමෙ ද්වෙ ධම්මා යුගනන්ධා (යුගනද්ධා (සී. ස්‍යා. කං.)) වත්තන්ති - සමථො ච විපස්සනා ච. සො යෙ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්‍යා තෙ ධම්මෙ අභිඤ්ඤා පරිජානාති. යෙ ධම්මා අභිඤ්ඤා පහාතබ්බා තෙ ධම්මෙ අභිඤ්ඤා පජහති. යෙ ධම්මා අභිඤ්ඤා භාවෙතබ්බා තෙ ධම්මෙ අභිඤ්ඤා භාවෙති. යෙ ධම්මා අභිඤ්ඤා සච්ඡිකාතබ්බා තෙ ධම්මෙ අභිඤ්ඤා සච්ඡිකරොති.
‘‘කතමෙ ච, භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්‍යා? ‘පඤ්චුපාදානක්ඛන්ධා’ තිස්ස වචනීයං, සෙය්‍යථිදං - රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරුපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො. ඉමෙ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්‍යා.
‘‘කතමෙ ච, භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා පහාතබ්බා? අවිජ්ජා ච භවතණ්හා ච - ඉමෙ ධම්මා අභිඤ්ඤා පහාතබ්බා.
‘‘කතමෙ ච, භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා භාවෙතබ්බා? සමථො ච විපස්සනා ච - ඉමෙ ධම්මා අභිඤ්ඤා භාවෙතබ්බා.
‘‘කතමෙ , භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා සච්ඡිකාතබ්බා? විජ්ජා ච විමුත්ති ච - ඉමෙ ධම්මා අභිඤ්ඤා සච්ඡිකාතබ්බා.
431
ඔහුගේ කුසල් සිත සමග යෙදුණු සැපයෙන් යුත් යම් දැකීමක් වේද, එය ඔහුගේ සම්‍යක්දෘෂ්ටිය වන්නීය. ඒ ආකාරයෙන්වූ ඔහුගේ යම් කල්පනාවක් වේද, එය ඔහුගේ සම්‍යක් සංකල්පනාව වන්නේය. ඒ ආකාරයෙන්වූ ඔහුගේ යම් ව්‍යායාමක් වේද, එය ඔහුගේ යම් සිහියක් වේද, එය ඔහුගේ සම්‍යක් ස්මෘතිය වේ. ඒ ආකාරයෙන්වූ ඔහුගේ යම් සමාධියක් වේද, එය ඔහුගේ සම්‍යක් සමාධිය වේ. ඒ ආකාරයෙන්වූ ඔහුගේ කාය කර්මයද වාක් කර්මයද, ආජීවයද පළමුවෙන්ම පිරිසිදුවූයේවේ. මෙසේ වනාහි ඔහුගේ මේ ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්ගය තෙමේ වැඩීමට සම්පූර්ණ බවට යන්නේය.
“මෙසේ මේ ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්ගය වඩන්නාවූ ඔහුට සතර සතිපට්ඨානයෝද වැඩීමට සම්පූර්ණ බවට යන්නාහුය. සතර සම්‍යක් ප්‍රධානයෝද වැඩීමට සම්පූර්ණ බවට යන්නාහුය. සතර ඍද්ධිපාදයෝද වැඩීමට සම්පූර්ණ බවට යන්නාහුය. පඤ්චෙන්ද්‍රිය ධර්මයෝද වැඩීමට සම්පූර්ණ බවට යන්නාහුය. පඤ්ච බලයෝද වැඩීමට සම්පූර්ණ බවට යන්නාහ. සප්තබොධ්‍යංගයෝද වැඩීමට සම්පූර්ණ බවට යන්නාහ. ඕහට සමථයද විදර්ශනාවද යන මේ ධර්මදෙක යුගන්ධවූවාහු (එක්ව) පවතිත්.
‘හෙතෙමේ යම් ධර්මකෙනෙක් විශිෂ්ටඥානයෙන් පිරිසිඳ දතයුත්තාහුද, ඒ ධර්මයන් විශේෂඥානයෙන් පිරිසිඳ දන්නේය. යම් ධර්ම කෙනෙක් විශිෂ්ටඥානයෙන් දැන පහ කළ යුත්තාහුද, ඒ ධර්මයන් විශිෂ්ටඥානයෙන් දැන දුරුකරන්නේය. යම් ධර්ම කෙනෙක් විශේෂඥානයෙන් දැන වැඩිය යුත්තාහුද, ඒ ධර්මයන් විශේෂ ඥානයෙන් දැන වඩන්නේය. යම් ධර්මකෙනෙක් විශේෂඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකළ යුත්තාහුද, ඒ ධර්මයන් විශේෂඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කරන්නේය.
“මහණෙනි, කිනම් ධර්මකෙනෙක් විශේෂප්‍රඥාවෙන් පිරිසිඳ දතයුත්තාහුද, පඤ්ච උපාදානස්කන්ධයෝයයි කිය යුත්තේය. හේ කවරේද? රූපූපාදානස්කන්ධය, වේදනානූපාදානස්කන්ධය සංඥොපාදානස්කන්ධය, සංස්කාරෝපා දානස්කන්ධය, විඥානොපාදානස්කන්ධය, (යන මොහුයි) මේ ධර්මයෝ විශේෂ ඥානයෙන් පිරිසිඳ දතයුත්තාහුය. මහණෙනි, කිනම් ධර්ම කෙනෙක් විශේෂඥානයෙන් ප්‍රහීණ කළයුත්තාහුද, අවිද්‍යාවද, භවතෘෂ්ණාවද, යන දෙකය. මේ ධර්මයෝ විශේෂඥානයෙන් ප්‍රහීණ කටයුත්තාහ. මහණෙනි, කිනම් ධර්මකෙනෙක් විශේෂ ඥානයෙන් වැඩියයුත්තාහුද, සමථයද විදර්ශනාවද යන දෙකය. මේ ධර්මයෝ විශේෂ ඥානයෙන් වැඩියයුත්තාහුය. මහණෙනි, කිනම් ධර්මකෙනෙක් විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂකළ යුත්තාහුද? අර්හත් මාර්ගඥාන විද්‍යාවද ඵලවිමුක්තියද (යන දෙකය.)
“මේ ධර්මදෙක විශේෂඥානයෙන් ප්‍රත්‍යක්ෂකළ යුත්තාහුය.
432
‘‘සොතං , භික්ඛවෙ, ජානං පස්සං යථාභූතං...පෙ.... ඝානං භික්ඛවෙ, ජානං පස්සං යථාභූතං...පෙ.... ජිව්හං, භික්ඛවෙ, ජානං පස්සං යථාභූතං... කායං, භික්ඛවෙ, ජානං පස්සං යථාභූතං... මනං, භික්ඛවෙ, ජානං පස්සං යථාභූතං, ධම්මෙ ජානං පස්සං යථාභූතං, මනොවිඤ්ඤාණං ජානං පස්සං යථාභූතං, මනොසම්ඵස්සං ජානං පස්සං යථාභූතං, යමිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි ජානං පස්සං යථාභූතං, මනස්මිං න සාරජ්ජති, ධම්මෙසු න සාරජ්ජති, මනොවිඤ්ඤාණෙ න සාරජ්ජති, මනොසම්ඵස්සෙ න සාරජ්ජති, යමිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි න සාරජ්ජති.
‘‘තස්ස අසාරත්තස්ස අසංයුත්තස්ස අසම්මූළ්හස්ස ආදීනවානුපස්සිනො විහරතො ආයතිං පඤ්චුපාදානක්ඛන්ධා අපචයං ගච්ඡන්ති. තණ්හා චස්ස පොනොබ්භවිකා නන්දීරාගසහගතා තත්‍රතත්‍රාභිනන්දිනී , සා චස්ස පහීයති. තස්ස කායිකාපි දරථා පහීයන්ති, චෙතසිකාපි දරථා පහීයන්ති; කායිකාපි සන්තාපා පහීයන්ති, චෙතසිකාපි සන්තාපා පහීයන්ති; කායිකාපි පරිළාහා පහීයන්ති, චෙතසිකාපි පරිළාහා පහීයන්ති. සො කායසුඛම්පි චෙතොසුඛම්පි පටිසංවෙදෙති.
432
“මහණෙනි, සොතායතනය තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද, මහණෙනි, ඝාණායතනය තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද, මහණෙනි, ජිහ්වායතනය තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද, මහණෙනි, කායායතනය තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද, මහණෙනි, මනායතනය තත්වූපරිද්දෙන් දන්නේද දක්නේද, මහණෙනි, ධර්මාරම්මණයන් තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද, මහණෙනි, මනොවිඥානය තත්වූ පරිද්දෙන් දන්නේ, දක්නේද, මහණෙනි, මනොසම්ඵස්සය තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද, යම් මේ මනොසම්ඵස්සය හේතුකොටගෙණ සැපවූ හෝ දුක්වූ හෝ දුක් නොවූ සැප නොවූ හෝ විඳීමක් උපදීද, එයද තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද, සිතෙහි නොඇලෙන්නේද, ධර්මාරම්මණයන්හි නොඇලෙන්නේද, මනොවිඥානයෙහි නොඇලෙන්නේද, මනොසම්ඵස්සයෙහි නොඇලෙන්නේ යම් මේ මනොසම්ඵස්සය හේතුකොටගෙණ සැපවූ හෝ දුක්වූ හෝ දුක් නොවූ සැප නොවූ හෝ විඳීමක් උපදීද, එහිද නොඇලෙන්නේ ද එහි නොඇළුනාවූ මුළා නොවූ නොයෙදුනාවූ ආදීනව දක්නා ස්වභාව ඇතිව වාසය කරන්නහුගේ මත්තෙහි පඤ්චූපාදානස්කන්ධයෝ විනාශයට යන්නාහුය.
“ඔහුගේ ඒ ඒ තැන ඇලෙන්නාවූ දෙවෙනි භවයෙහි ඉපදීම ඇතිකරන්නාවූ නන්දිරාගයෙන් යුත් තෘෂ්ණා තොමෝ වන්නීද, ඒ තෘෂ්ණා තොමෝද ප්‍රහීණ වන්නේය. ඔහුගේ කායික දාහයෝද ප්‍රහීණවෙත්. මානසික දාහයෝද ප්‍රහීණවෙත්. කායික සන්තාපයෝද ප්‍රහීණවෙත්. මානසික සන්තාපයෝද ප්‍රහීණවෙත්. කායික දැවිලිද ප්‍රහීණවෙත්. මානසික දැවිලිද ප්‍රහීණවෙත්. හෙතෙම කායික සැපයද මානසික සැපයද විඳින්නේවේ.
433
‘‘යා තථාභූතස්ස දිට්ඨි සාස්ස හොති සම්මාදිට්ඨි; යො තථාභූතස්ස සඞ්කප්පො ස්වාස්ස හොති සම්මාසඞ්කප්පො; යො තථාභූතස්ස වායාමො ස්වාස්ස හොති සම්මාවායාමො; යා තථාභූතස්ස සති සාස්ස හොති සම්මාසති; යො තථාභූතස්ස සමාධි ස්වාස්ස හොති සම්මාසමාධි. පුබ්බෙව ඛො පනස්ස කායකම්මං වචීකම්මං ආජීවො සුපරිසුද්ධො හොති. එවමස්සායං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවනාපාරිපූරිං ගච්ඡති.
‘‘තස්ස එවං ඉමං අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවයතො චත්තාරොපි සතිපට්ඨානා භාවනාපාරිපූරිං ගච්ඡන්ති, චත්තාරොපි සම්මප්පධානා භාවනාපාරිපූරිං ගච්ඡන්ති, චත්තාරොපි ඉද්ධිපාදා භාවනාපාරිපූරිං ගච්ඡන්ති, පඤ්චපි ඉන්ද්‍රියානි භාවනාපාරිපූරිං ගච්ඡන්ති, පඤ්චපි බලානි භාවනාපාරිපූරිං ගච්ඡන්ති, සත්තපි බොජ්ඣඞ්ගා භාවනාපාරිපූරිං ගච්ඡන්ති.
‘‘තස්සිමෙ ද්වෙ ධම්මා යුගනන්ධා වත්තන්ති - සමථො ච විපස්සනා ච. සො යෙ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්‍යා තෙ ධම්මෙ අභිඤ්ඤා පරිජානාති. යෙ ධම්මා අභිඤ්ඤා පහාතබ්බා තෙ ධම්මෙ අභිඤ්ඤා පජහති. යෙ ධම්මා අභිඤ්ඤා භාවෙතබ්බා තෙ ධම්මෙ අභිඤ්ඤා භාවෙති. යෙ ධම්මා අභිඤ්ඤා සච්ඡිකාතබ්බා තෙ ධම්මෙ අභිඤ්ඤා සච්ඡිකරොති.
‘‘කතමෙ ච, භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්‍යා? ‘පඤ්චුපාදානක්ඛන්ධා’ තිස්ස වචනීයං, සෙය්‍යථිදං - රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරුපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො. ඉමෙ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්‍යා.
‘‘කතමෙ ච, භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා පහාතබ්බා? අවිජ්ජා ච භවතණ්හා ච - ඉමෙ ධම්මා අභිඤ්ඤා පහාතබ්බා.
‘‘කතමෙ ච, භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා භාවෙතබ්බා? සමථො ච විපස්සනා ච - ඉමෙ ධම්මා අභිඤ්ඤා භාවෙතබ්බා.
‘‘කතමෙ ච, භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා සච්ඡිකාතබ්බා? විජ්ජා ච විමුත්ති ච - ඉමෙ ධම්මා අභිඤ්ඤා සච්ඡිකාතබ්බා’’ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
433
ඔහුගේ තත්වූපරිදි දක්නාවූ දෘෂ්ටියක් වේද එය ඔහුගේ සම්‍යක් දෘෂ්ටිය වෙයි. ඔහුගේ තත්වූපරිදිවූ යම් කල්පනාවක් වේද, එය ඔහුගේ සම්‍යක් සංකල්පනාව වේ. ඔහුගේ තත්වූපරිදිවූ යම් ව්‍යායාමයෙක් වේද, එය ඔහුගේ සම්‍යක් ව්‍යායාමයවේ ඔහුගේ තත්වූපරිදිවූ යම් සිහියක් වේද, එය ඔහුගේ සම්‍යක් ස්මෘතිය වෙයි.
ඔහුගේ තත්වූපරිදිවූ යම් සමාධියක්වේද, එය ඔහුගේ සම්‍යක්සමාධිය වන්නේය. පළමුව ඔහුගේ කායකර්මයද වාක්කර්මයද ආජීවයද පිරිසිදුවූයේ වේ. මෙසේ ඔහුගේ මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට යන්නේය. මෙසේ මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වඩන්නාවූ ඔහුට සතර සතිපට්ඨානයෝ වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙත්. සතර සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෝ වැඩීමට සම්පූර්ණ බවට යන්නාහ. සතර ඍද්ධිපාදයෝ වැඩීමට සම්පූර්ණ බවට යන්නාහ. පඤ්චෙන්ද්‍රියයෝ වැඩීමට සම්පූර්ණ බවට යන්නාහ. පඤ්චබලයෝ වැඩීමට සම්පූර්ණ බවට යන්නාහ. සප්තබොධ්‍යංගයෝ වැඩීමට සම්පූර්ණ බවට යන්නාහ. ඔහුට සමථයද විදර්ශනාවද එක්ව පවත්නාහුය.
“හෙතෙමේ යම් ධර්මකෙනෙක් විශේෂඥානයෙන් පිරිසිඳ දතයුත්තාහුද ඒ ධර්මයන් විශේෂඥානයෙන් පිරිසිඳ දැනගන්නේය. යම් ධර්මකෙනෙක් විශේෂඥානයෙන් දැන පහ කළයුත්තාහුද, ඒ ධර්මයන් විශේෂඥානයෙන් දැන පහකරන්නේය. යම් ධර්මකෙනෙක් විශේෂඥානයෙන් දැන වැඩිය යුත්තාහුද, ඒ ධර්මයන් විශේෂ ඥානයෙන් දැන වඩන්නේය. යම් ධර්මකෙනෙක් විශේෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කළයුත්තාහුද ඒ ධර්මයන් විශේෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කරයි. මහණෙනි, කිනම් ධර්මකෙනෙක් විශේෂඥානයෙන් දැන පිරිසිඳ දතයුත්තාහුද, පඤ්චොපාදානස්කන්ධයෝයයි කියයුතු වන්නේය. හේ කවරේද? රූපූපාදානස්කන්ධය, වේදනූපාදානස්කන්ධය, සංඥොපාදානස්කන්ධය, සංස්කාරොපොදානස්කන්ධය විඥානොපාදනස්කන්ධය, යන මොහුය. මේ ධර්මයෝ විශේෂ ඥානයෙන් දැන පිරිසිඳ දතයුත්තාහුය.
“මහණෙනි, කිනම් ධර්මකෙනෙක් විශේෂ ඥානයෙන් දැන පහකළ යුත්තාහුද, අවිද්‍යාවත් භව තෘෂ්ණාවත්ය. මේ ධර්මයෝ විශේෂඥානයෙන් දැන පහකළ යුත්තාහුය. මහණෙනි, කිනම් ධර්මකෙනෙක් විශේෂඥානයෙන් දැන වැඩියයුත්තාහුද, සමථයත් විදර්ශනාවත්ය. මේ ධර්මයෝ විශේෂ ඥානයෙන් දැන වැඩිය යුත්තාහුය.
“මහණෙනි, කිනම් ධර්මකෙනෙක් විශේෂ ප්‍රඥාවෙන් දැන ප්‍රත්‍යක්ෂ කළයුත්තාහුද, අර්හත් මාර්ගඥාන විද්‍යාවත් ඵල විමුක්තියත්ය. මේ ධර්මයෝ විශේෂ ප්‍රඥාවෙන් දැන ප්‍රත්‍යක්ෂ කළ යුත්තාහුයයි” වදාළේය.
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළේය. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටුවූවාහුයි.
8. නගරවින්දෙය්‍යසුත්තං 8. නගරවින්දෙය්‍ය සූත්‍රය
9. පිණ්ඩපාතපාරිසුද්ධිසුත්තං 9. පිණ්ඩපාත පාරිශුද්ධි සූත්‍රය
10. ඉන්ද්‍රියභාවනාසුත්තං 10. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය