ත්‍රිපිටකය
5. සළායතනවග්ගො 5. සළායතන වර්ගය
1. අනාථපිණ්ඩිකොවාදසුත්තං 1. අනාථ පිණ්ඩිකොවාද සූත්‍රය
2. ඡන්නොවාදසුත්තං 2. ඡන්නොවාද සූත්‍රය
3. පුණ්ණොවාදසුත්තං 3. පුණ්ණොවාද සූත්‍රය
4. නන්දකොවාදසුත්තං 4. නන්දකොවාද සූත්‍රය
5. චූළරාහුලොවාදසුත්තං 5. චූල රාහුලොවාද සූත්‍රය
416
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො භගවතො රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘‘පරිපක්කා ඛො රාහුලස්ස විමුත්තිපරිපාචනීයා ධම්මා. යංනූනාහං රාහුලං උත්තරිං ආසවානං ඛයෙ විනෙය්‍ය’’න්ති. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො ආයස්මන්තං රාහුලං ආමන්තෙසි - ‘‘ගණ්හාහි, රාහුල, නිසීදනං; යෙන අන්ධවනං තෙනුපසඞ්කමිස්සාම දිවාවිහාරායා’’ති . ‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා රාහුලො භගවතො පටිස්සුත්වා නිසීදනං ආදාය භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි.
තෙන ඛො පන සමයෙන අනෙකානි දෙවතාසහස්සානි භගවන්තං අනුබන්ධානි හොන්ති - ‘‘අජ්ජ භගවා ආයස්මන්තං රාහුලං උත්තරිං ආසවානං ඛයෙ විනෙස්සතී’’ති. අථ ඛො භගවා අන්ධවනං අජ්ඣොගාහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. ආයස්මාපි ඛො රාහුලො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං රාහුලං භගවා එතදවොච -
416
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල්හි ඵල සමාපත්තියෙන් නැගීසිටි භාග්‍යවතුන් වහන්සේහට මෙබඳු අදහසක් පහළවූසේක. ‘රාහුලගේ අර්හත්ඵල ඥානය මූකරවන්නාවූ ධර්මයෙහි මේරීමට පැමිණියාහුය. දැන් මම රාහුල මත්තෙහි ආශ්‍රවයන් ක්ෂය කරන්නාවූ ධර්මයන්හි හික්මවන්නෙම් නම් යහපති’ කියායි. එකල වනාහි භාග්‍යවතුන්වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිව්රු ගෙන සැවැත් නුවරට පිඬු පිණිස වැඩිසේක. සැවැත් නුවර පිඬු පිණිස හැසිර පසු බත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළැක්කේ ආයුෂ්මත් රාහුලයන්ට ආමන්ත්‍රණයකළ සේක. ‘රාහුලය නිසීදනය (හිඳිනා අසුන) ගනුව අන්ධවනය යම් තැනෙක්හිද, දවල් කාලයෙහි විසීම පිණිස එහි යන්නෙමුයි” (වදාළේය) “ස්වාමීනි, එසේය කියා ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන්වහන්සේට උත්තරදී නිසීදනය රැගෙන භාග්‍යවතුන් වහන්සේගේ පිටිපසින් ගියේය.
ඒ කාලයෙහි බොහෝ දහස් ගණන් දෙවියෝ අද භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් රාහුල භද්‍රයන් මත්තෙහි ආශ්‍රවයන් ක්ෂයකිරීමෙහි හික්මවන්නේයයි භාග්‍යවතුන් වහන්සේ පසුපස ගියාහුය.
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ අන්ධවනයට පැමිණ එක්තරා ගසක් මුල පණවන ලද අස්නෙහි වැඩහුන්සේක. ආයුෂ්මත් රාහුල තෙමේද භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවූ ආයුෂ්මත් රාහුල භද්‍රයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
417
‘‘තං කිං මඤ්ඤසි, රාහුල, චක්ඛු නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිං මඤ්ඤසි, රාහුල, රූපා නිච්චා වා අනිච්චා වා’’ති? ‘‘අනිච්චා, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිං මඤ්ඤසි, රාහුල, චක්ඛුවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිං මඤ්ඤසි, රාහුල, චක්ඛුසම්ඵස්සො නිච්චො වා අනිච්චො වා’’ති? ‘‘අනිච්චො, භන්තෙ’’. ‘‘යං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිං මඤ්ඤසි, රාහුල, යමිදං (යම්පිදං (සී. ක.)) චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං තම්පි නිච්චං වා අනිච්චං වා’’ති ? ‘‘අනිච්චං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’.
417
“රාහුලය, තා කුමකැයි” සිතන්නෙහිද? චක්ෂු ප්‍රසාදය නිත්‍ය වන්නේද? අනිත්‍ය වන්නේද?” යනුයි.
“ස්වාමීනි අනිත්‍ය වන්නේය” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් වන්නේද සැප වන්නේද?
“ස්වාමීන් වහන්ස දුක් වන්නේය. ස්වාමීනි එය දුකය.”
“යමක් දුක නම් අනිත්‍ය නම් එය මාගේය. එය මම වෙමි.
එය මාගේ ආත්මයයි දැකීමට සුදුසු වන්නේද?”
“ස්වාමීනි සුදුසු නොවන්නේමයයි” කී.
“රාහුල ඒ කුමකැයි හඟින්නෙහිද? රූපයෝ නිත්‍ය වන්නාහුද? අනිත්‍ය වන්නාහුද?”
“ස්වාමීනි අනිත්‍ය වන්නාහුය.”
“යමක් වනාහි අනිත්‍ය නම් ඒ දුක් වන්නේද? සැප වන්නේද?”
“ස්වාමීනි දුක් වන්නේය.”
“යමක් වනාහි අනිත්‍ය නම් දුක්නම් පෙරළෙන ස්වභාව
ඇත්තේ නම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසු වන්නේද?”
“ස්වාමීනි සුදුසු නොවන්නේය.”
“රාහුලය, ඒ කුමකැයි සිතන්නෙහිද? චක්ෂුර් විඥානය නිත්‍යවන්නේද, අනිත්‍ය වන්නේද?”
“ස්වාමීනි අනිත්‍ය වන්නේය.”
“යමක් වනාහි අනිත්‍ය නම් එය දුක්වන්නේද? සැප වන්නේද?”
“ස්වාමීනි දුක්වන්නේය.”
“යමක් වනාහි අනිත්‍යවේද? දුක්වේද? පෙරළෙන ස්වභාව ඇත්තේද එය මාගේය එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසු වන්නේද?”
ස්වාමීනි, නොවන්නේයයි” (කී)
“රාහුලය ඒ කුමකැයි සිතන්නෙහිද? චක්ඛුසම්ඵස්සය නිත්‍ය වන්නේද?” අනිත්‍ය වන්නේද?
“ස්වාමීනි අනිත්‍ය වන්නේයි”
“යමක් වනාහි අනිත්‍ය වේනම් එය දුක්වන්නේද සැප වන්නේද?”
“ස්වාමීනි දුක්වන්නේය.”
“යමක් වනාහි අනිත්‍යනම් දුකනම් පෙරලෙන ස්වභාවයක් ඇත්තේනම් එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසු වන්නේද?”
“ස්වාමීනි, නොවන්නේය”
“රාහුලය, ඒ කුමකැයි හඟින්නෙහිද? චක්ඛුසම්ඵස්සය නිසා හටගන්නාවූ යම් වේදනාවක් යම් සංඥාවක් යම් සංඛාරයක් යම් විඤ්ඤාණයක් වේද? එය නිත්‍ය හෝ වේද අනිත්‍ය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍ය වන්නේය.”
“යමක් වනාහි අනිත්‍ය වන්නේ නම් එය දුක්වන්නේද? සැපවන්නේද?”
“ස්වාමීනි එය දුක්වන්නේය. යමක් වනාහි අනිත්‍යනම් දුක නම් පෙරළෙන ස්වභාව ඇත්තේ නම් එය මාගේය එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසු වන්නේද?”
“ස්වාමීනි සුදුසු නොවන්නේය”
418
‘‘තං කිං මඤ්ඤසි රාහුල, සොතං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ...පෙ.... ඝානං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ...පෙ.... ජිව්හා නිච්චා වා අනිච්චා වා’’ති? ‘‘අනිච්චා, භන්තෙ...පෙ.... කායො නිච්චො වා අනිච්චො වා’’ති? ‘‘අනිච්චො, භන්තෙ...පෙ.... මනො නිච්චො වා අනිච්චො වා’’ති? ‘‘අනිච්චො, භන්තෙ’’. ‘‘යං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං -‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිං මඤ්ඤසි රාහුල, ධම්මා නිච්චා වා අනිච්චා වා’’ති? ‘‘අනිච්චා, භන්තෙ’’. ‘‘යං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිං මඤ්ඤසි රාහුල, මනොවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිං මඤ්ඤසි රාහුල, මනොසම්ඵස්සො නිච්චො වා අනිච්චො වා’’ති? ‘‘අනිච්චො, භන්තෙ’’. ‘‘යං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිං මඤ්ඤසි, රාහුල, යමිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං, තම්පි නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’.
418
“රාහුලය ඒ කුමකැයි සිතන්නෙහිද? ශ්‍රොතප්‍රසාදය නිත්‍ය වන්නේද? අනිත්‍ය වන්නේද?”
“ස්වාමීනි අනිත්‍ය වන්නේය.”
“යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප වන්නේද?” “ස්වාමීනි, එය දුක්වන්නේය” “යමක් වනාහි පෙරළෙන ස්වභාව ඇත්තේ නම්, අනිත්‍ය නම්, දුක්නම් එය මාගේය එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසු ද?” “ස්වාමීනි, සුදුසු නොවන්නේය.” “ඝාණප්‍රසාදය නිත්‍ය වන්නේද? අනිත්‍ය වන්නේද?” “ස්වාමීනි අනිත්‍ය වන්නේය.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප වන්නේද?” “ස්වාමීනි, එය දුක් වන්නේය.”
“යමක් වනාහි පෙරළෙන ස්වභාව ඇත්තේනම් අනිත්‍ය නම් දුක් නම් එය මාගේය. එය මමවෙමි. එම මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසුද?”
“ස්වාමීනි, සුදුසු නොවන්නේය” “ජිව්හා ප්‍රසාදය නිත්‍යවන්නේද? අනිත්‍ය වන්නේද?” “ස්වාමීනි අනිත්‍ය වන්නාහුයයි” “යමක් වනාහි අනිත්‍යනම් එය දුක් හෝ සැප වන්නේද? “ස්වාමීනි, එය දුක්වන්නේය.” “යමක් වනාහි පෙරළෙන ස්වභාව ඇත්තේනම් අනිත්‍ය
නම් දුක්නම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසුද?” “ස්වාමීනි, සුදුසු නොවන්නේමය.” “කායප්‍රසාදය නිත්‍යවන්නේද? අනිත්‍ය වන්නේද?” “ස්වාමීනි අනිත්‍යවන්නේය.”
“යමක් වනාහි අනිත්‍යනම් එය දුක් හෝ සැපවන්නේද?” “ස්වාමීනි, එය දුක් වන්නේය” “යමක් වනාහි පෙරළෙන ස්වභාව ඇත්තේනම් අනිත්‍ය නම්, දුක්නම්, එය මාගේය. එය මමවෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැක්මට සුදුසුද?”
“ස්වාමීනි, සුදුසු නොවන්නේය.”
“සිත නිත්‍ය වන්නේද?” අනිත්‍යවන්නේද?”
“ස්වාමීනි අනිත්‍ය වන්නේය.”
“යමක් වනාහි අනිත්‍ය වන්නේනම් එය දුක්වන්නේද, සැප වන්නේද?”
“ස්වාමීනි දුක්වන්නේය.” “යමක් වනාහි අනිත්‍ය නම්, දුක් වන්නේ නම් පෙරළෙන ස්වභාව ඇත්තේ නම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසු වන්නේද?”
“ස්වාමීනි සුදුසු නොවන්නේය”
“රාහුලය, එය කුමක් සිතන්නෙහිද? ධර්මයෝ නිත්‍ය වන්නාහුද අනිත්‍ය වන්නාහුද?”
“ස්වාමීනි අනිත්‍යවන්නාහුය.”
“යමක් වනාහි අනිත්‍ය වන්නේ නම් එය දුක් වන්නේද සැපවන්නේද?”
“ස්වාමීනි දුක් වන්නේය.”
“යමක් වනාහි අනිත්‍ය වන්නේ නම් පෙරළෙන ස්වභාව ඇත්තේනම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසු වන්නේද?”
“ස්වාමීනි සුදුසු නොවන්නේය”
“රාහුලය, ඒ කුමකැයි සිතන්නෙහිද? මනො විඤ්ඤාණය නිත්‍යවන්නේද අනිත්‍ය වන්නේද?”
“ස්වාමීනි අනිත්‍යවන්නේය.”
“යමක් වනාහි අනිත්‍යනම් එය දුක් වන්නේද සැප වන්නේද?”
‘ස්වාමීනි දුක්වන්නේය.”
“යමක් වනාහි අනිත්‍යනම්, දුක්නම්, පෙරළෙන ස්වභාව ඇත්තේනම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසු වන්නේද?”
“ස්වාමීනි, සුදුසු නොවන්නේය.”
“රාහුලය, ඒ කුමකැයි සිතන්නෙහිද? මනොසම්ඵස්සය නිත්‍ය වන්නේද, අනිත්‍ය වන්නේද?”
“ස්වාමීනි, අනිත්‍ය වන්නේය.”
“යමක් අනිත්‍යනම් එය දුක් වන්නේද, සැපවන්නේද?”
“ස්වාමීනි, දුක් වන්නේය.”
“යමක් වනාහි අනිත්‍යනම් දුක්නම්, පෙරළෙන ස්වභාව ඇත්තේනම් එය මාගේය. එය මමවෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසු වන්නේද?”
“ස්වාමීනි, සුදුසු නොවන්නේය.”
“රාහුලය, ඒ කුම කැයි හඟින්නෙහිද? මනො ස්පර්ශය හේතුකොටගෙන යම් වේදනාවක්, යම් සංඥාවක් යම් සංඛාරයක් යම් විඤ්ඤාණයක් උපදීනම් එය නිත්‍ය වන්නේද, අනිත්‍ය වන්නේද?”
“ස්වාමීනි අනිත්‍යවන්නේය.”
“යමක් වනාහි අනිත්‍යනම් එය දුක්වන්නේද, සැප වන්නේද?”
“ස්වාමීනි දුක් වන්නේය.”
“යමක් වනාහි අනිත්‍යනම් දුක්නම් පෙරළෙන ස්වභාව ඇත්තේනම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්ම යයි දැකීමට සුදුසු වන්නේද?”
“ස්වාමීනි සුදුසු නොවන්නේය”
419
‘‘එවං පස්සං, රාහුල, සුතවා අරියසාවකො චක්ඛුස්මිං (චක්ඛුස්මිම්පි (ස්‍යා. කං.) එවමිතරෙසුපි) නිබ්බින්දති, රූපෙසු නිබ්බින්දති, චක්ඛුවිඤ්ඤාණෙ නිබ්බින්දති, චක්ඛුසම්ඵස්සෙ නිබ්බින්දති, යමිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං තස්මිම්පි නිබ්බින්දති. සොතස්මිං නිබ්බින්දති, සද්දෙසු නිබ්බින්දති...පෙ.... , ඝානස්මිං නිබ්බින්දති, ගන්ධෙසු නිබ්බින්දති... ජිව්හාය නිබ්බින්දති, රසෙසු නිබ්බින්දති... කායස්මිං නිබ්බින්දති, ඵොට්ඨබ්බෙසු නිබ්බින්දති... මනස්මිං නිබ්බින්දති, ධම්මෙසු නිබ්බින්දති, මනොවිඤ්ඤාණෙ නිබ්බින්දති, මනොසම්ඵස්සෙ නිබ්බින්දති, යමිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං තස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාතී’’ති.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා රාහුලො භගවතො භාසිතං අභිනන්දීති. ඉමස්මිඤ්ච පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානෙ ආයස්මතො රාහුලස්ස අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චි. තාසඤ්ච අනෙකානං දෙවතාසහස්සානං විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි - ‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’’න්ති.
419
“රාහුලය, මෙසේ දකින්නාහු ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේ ඇසෙහි කලකිරෙන්නේය, රූපයන්හි කලකිරෙන්නේය. චක්ඛු විඤ්ඤාණයෙහි කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහි කලකිරෙයි. යම් මේ චක්ඛුසම්ඵස්සයන් හේතුකොට ගෙන වේදනාවක් සංඥාවක් සංඛාරයක් විඤ්ඤාණයක් උපදීද, එහිද කලකිරෙයි. කණෙහි කලකිරෙයි. ශබ්දයන්හි කලකිරෙයි. නාසයෙහි කලකිරෙයි. ගන්ධයන්හි කලකිරෙයි. දිවෙහි කලකිරෙයි. රසයන්හි කලකිරෙයි. කයෙහි කලකිරෙයි. ස්පර්ශයන්හි කලකිරෙයි. සිතෙහි කලකිරෙයි. ධර්මායතනයන්හි කලකිරෙයි. මනෝවිඥානයෙහි කලකිරෙයි. මනොසම්ඵස්සයෙහි කලකිරෙයි. මනොසම්ඵස්සය හේතු කොටගෙන යම් වේදනාවක් සංඥාවක් සංඛාරයක් විඤ්ඤාණයක් උපදීද, එහිද කලකිරෙන්නේය. කලකිරෙන්නේ නොඇලෙන්නේය. නොඇලීමෙන් ක්ලෙශයන්ගෙන් මිදෙන්නේය. මිදුන කල්හි මිදුනේය යන අර්හත් ඤාණ ඵල උපදියි. ඉපදීම කෙළවර වන්නේය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. කළයුත්ත කරන ලද්දේය. ඉන්පසු මේ ආත්මභාව පිණිස කළයුත්තක් නැතැයි දන්නේය.”
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය. සතුටු සිත් ඇති ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටුවූයේ වෙයි.
මේ දේශනාව කරනු ලබන කල්හි ආයුෂ්මත් රාහුලයන්ගේ සිත උපාදානයන්ගෙන් තොරව කාමාදී ආශ්‍රවයන් ගෙන් මිදුනේ වේ. ඒ බොහෝ දහස් ගණන් දෙවියන්ටද හටගැනීම් ස්වභාවය ඇති යම් කිසිවක් ඇත්නම් ඒ සියල්ල හැකිවන ස්වභාව ඇත්තේයයි කෙලෙස් රජස් නැති දුරුවූ කෙලෙස් මළ ඇති ධර්ම චක්ෂුසයයි කියනලද මාර්ගඥාන පහළ විය.
6. ඡඡක්කසුත්තං 6. ඡඡක්ක සූත්‍රය
7. මහාසළායතනිකසුත්තං 7. මහාසළායතන සූත්‍රය
8. නගරවින්දෙය්‍යසුත්තං 8. නගරවින්දෙය්‍ය සූත්‍රය
9. පිණ්ඩපාතපාරිසුද්ධිසුත්තං 9. පිණ්ඩපාත පාරිශුද්ධි සූත්‍රය
10. ඉන්ද්‍රියභාවනාසුත්තං 10. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය