ත්‍රිපිටකය
5. සළායතනවග්ගො 5. සළායතන වර්ගය
1. අනාථපිණ්ඩිකොවාදසුත්තං 1. අනාථ පිණ්ඩිකොවාද සූත්‍රය
2. ඡන්නොවාදසුත්තං 2. ඡන්නොවාද සූත්‍රය
3. පුණ්ණොවාදසුත්තං 3. පුණ්ණොවාද සූත්‍රය
4. නන්දකොවාදසුත්තං 4. නන්දකොවාද සූත්‍රය
398
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො මහාපජාපතිගොතමී පඤ්චමත්තෙහි භික්ඛුනිසතෙහි සද්ධිං යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො මහාපජාපතිගොතමී භගවන්තං එතදවොච - ‘‘ඔවදතු, භන්තෙ, භගවා භික්ඛුනියො; අනුසාසතු, භන්තෙ, භගවා භික්ඛුනියො; කරොතු, භන්තෙ, භගවා භික්ඛුනීනං ධම්මිං කථ’’න්ති (ධම්මිකථන්ති (ස්‍යා. කං. ක.)).
තෙන ඛො පන සමයෙන ථෙරා භික්ඛූ භික්ඛුනියො ඔවදන්ති පරියායෙන. ආයස්මා නන්දකො න ඉච්ඡති භික්ඛුනියො ඔවදිතුං පරියායෙන. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි - ‘‘කස්ස නු ඛො, ආනන්ද, අජ්ජ පරියායො භික්ඛුනියො ඔවදිතුං පරියායෙනා’’ති? ‘‘සබ්බෙහෙව, භන්තෙ, කතො (නන්දකස්ස භන්තෙ (සී. පී.)) පරියායො භික්ඛුනියො ඔවදිතුං පරියායෙන. අයං, භන්තෙ, ආයස්මා නන්දකො න ඉච්ඡති භික්ඛුනියො ඔවදිතුං පරියායෙනා’’ති.
අථ ඛො භගවා ආයස්මන්තං නන්දකං ආමන්තෙසි - ‘‘ඔවද, නන්දක, භික්ඛුනියො; අනුසාස, නන්දක, භික්ඛුනියො; කරොහි ත්වං, බ්‍රාහ්මණ, භික්ඛුනීනං ධම්මිං කථ’’න්ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා නන්දකො භගවතො පටිස්සුත්වා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො අත්තදුතියො යෙන රාජකාරාමො තෙනුපසඞ්කමි. අද්දසංසු ඛො තා භික්ඛුනියො ආයස්මන්තං නන්දකං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන ආසනං පඤ්ඤාපෙසුං, උදකඤ්ච පාදානං උපට්ඨපෙසුං. නිසීදි ඛො ආයස්මා නන්දකො පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ පාදෙ පක්ඛාලෙසි. තාපි ඛො භික්ඛුනියො ආයස්මන්තං නන්දකං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තා භික්ඛුනියො ආයස්මා නන්දකො එතදවොච - ‘‘පටිපුච්ඡකථා ඛො, භගිනියො, භවිස්සති. තත්ථ ආජානන්තීහි - ‘ආජානාමා’ තිස්ස වචනීයං, න ආජානන්තීහි - ‘න ආජානාමා’ තිස්ස වචනීයං. යස්සා වා පනස්ස කඞ්ඛා වා විමති වා අහමෙව තත්ථ පටිපුච්ඡිතබ්බො - ‘ඉදං, භන්තෙ, කථං; ඉමස්ස ක්වත්ථො’’’ති? ‘‘එත්තකෙනපි මයං, භන්තෙ, අය්‍යස්ස නන්දකස්ස අත්තමනා අභිරද්ධා (අභිනන්දාම (ස්‍යා. කං.)) යං නො අය්‍යො නන්දකො පවාරෙතී’’ති.
398
මා විසින් මෙසේ අසනලදී එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ පන්සියයක් පමණවූ භික්ෂුණීන් සමග භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට එළඹියාය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පස්ව සිටියාය. එකත් පස්ව සිටියාවූ මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළාය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූණීන්ට අවවාද කරණ සේක්වා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූණීන්ට අනුශාසනා කරණ සේක්වා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූණීන්ට ධර්ම කථාව කරණ සේක්වා” යනුයි.
“එකල්හි වනාහි ස්ථවිර භික්ෂූහු වාරවශයෙන් භික්ෂූණීන්ට අවවාද කරත්. ආයුෂ්මත් නන්දක ස්ථවිර තෙමේ වනාහි වාරවශයෙන් භික්ෂූණීන්ට අවවාද කරන්ට නොකැමැති වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්දස්ථවිරයන්ට ආමන්ත්‍රණය කළසේක. “ආනන්දය, වාරවශයෙන් භික්ෂූණීන්ට අවවාද කිරීම සඳහා අද කවරෙකුගේ වාරය වේදැයි” ඇසූහ.
“ස්වාමීනි, වාරවශයෙන් භික්ෂූණීන්ට අවවාද කිරීම සඳහා අද නන්දක ස්ථවිරයන්ගේ වාරයවේ. ස්වාමීනි, මේ ආයුෂ්මත් නන්දකස්ථවිර තෙම වාරය වශයෙන් භික්ෂූණීන්ට අවවාද කරන්ට නොකැමැති වේයයි” කීය.
“එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ නන්දකස්ථවිරයන්ට ආමන්ත්‍රණය කළසේක. “නන්දකය, භික්ෂූණීන්ට අවවාද කරව, නන්දකය, භික්ෂුණීන්ට අනුශාසනා කරව. බ්‍රාහ්මණය, නුඹ භික්ෂුණීන්ට ධර්ම කථාව කරවයි” (වදාළේය.)
“එසේය ස්වාමීන් වහන්සැයි, ඒ ආයුෂ්මත්වූ නන්දක ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තරදී පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිව්රු ගෙණ සැවැත් නුවරට පිඬුපිණිස පිවිසියේය. සැවැත්නුවර පිඩු පිණිස හැසිර පසු බත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුනේ දෙවැන්නෙකු ඇතිව රාජකාරාමය යම් තැනෙක්හිද එැතනට එළඹියේය.
“ඒ භික්ෂුණීහු දුරදීම එන්නාවූ ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් දුටුවාහුමය, දැක ආසනයක් පැනවූවාහුය, පා සේදීමට දියද එලෙව්වාහුය. ආයුෂ්මත් නන්දක ස්ථවිර තෙමේ පනවනලද ආසනයෙහි වැඩ හුන්නේමය. වැඩහිඳ පා සේදූයේය. ඒ භික්ෂුණීහුද ආයුෂ්මත්වූ නන්දක ස්ථවිරයන්ට වැඳ එකත් පස්ව හුන්නාහුය. එකත් පස්ව හුන්නාවූ ඒ භික්ෂුණීන්ට ආයුෂ්මත් නන්දක ස්ථවිර තෙමේ මෙය ප්‍රකාශ කෙළේය. “නැගණිවරුනි, ප්‍රශ්න කොට කීමක් වන්නේය. එහි දන්නවුන් විසින් දනිමුයි, කියයුතු වන්නේය. නොදන්නවුන් විසින් නොදනිමුයි කියයුතු වන්නේය. යම් භික්ෂුණියකට සැකයක් හෝ විමතියක් හෝ වන්නේද, එය ‘ස්වාමීනි, මෙය කෙසේද මෙහි අර්ථය කවරේදැයි, මගෙන්ම ඇසිය යුත්තේය.’ (ප්‍රකාශ කෙළේය.)
“ස්වාමීනි, ආර්‍ය්‍යවූ නන්දක ස්ථවිරයන් වහන්සේ අපට යමක් පවරාද එපමණකින්ම අපි ආර්‍ය්‍යවූ නන්දක ස්ථවිරයන් වහන්සේට සතුටු සිත් ඇත්තේ කැමැතිවූවෝ වෙමුයි” කීවාහුය.
399
‘‘තං කිං මඤ්ඤථ, භගිනියො, චක්ඛු නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං , භන්තෙ’’. ‘‘තං කිං මඤ්ඤථ, භගිනියො, සොතං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ...පෙ.... ඝානං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’... ‘‘ජිව්හා නිච්චා වා අනිච්චා වා’’ති? ‘‘අනිච්චා, භන්තෙ’’... ‘‘කායො නිච්චො වා අනිච්චො වා’’ති? ‘‘අනිච්චො, භන්තෙ’’... ‘‘මනො නිච්චො වා අනිච්චො වා’’ති? ‘‘අනිච්චො, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං , කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘පුබ්බෙව නො එතං, භන්තෙ, යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං - ‘ඉතිපිමෙ ඡ අජ්ඣත්තිකා ආයතනා අනිච්චා’’’ති. ‘‘සාධු, සාධු, භගිනියො! එවඤ්හෙතං, භගිනියො, හොති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො’’.
399
“නැගණි වරුනි, ඒ කුමකැයි හඟිව්ද? ඇස නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය”
“යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැපවේද?”
“ස්වාමීනි, දුක්ය”
“යමක් වනාහි අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන ස්වභාව ඇත්තේ නම් එය, මාගේය එය මම වෙමියි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?”
“ස්වාමීනි, (සුදුසු) නොවේමය” “නැගණිවරුණි, කුමකැයි හඟිව්ද, කණ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය
“නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’
“ස්වාමීනි, අනිත්‍යය”
“කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යය නම් එය දුක හෝ සැප හෝ වේද?”
“ස්වාමීනි, දුකය. ‘යමක් වනාහි අනිත්‍යය නම්, දුක නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම් එය, මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?”
“ස්වාමීනි, එය (සුදුසු) නොවේමැයි”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, මෙසේද මෙසේ මාගේ අධ්‍යාත්මික ආයතන සය අනිත්‍ය වෙත්යයි අප විසින් පළමු කොටම මෙය තත්වූ පරිදි මනා නුවණින් දක්නා ලදී”
“නැගණිවරුනි, යහපත, යහපත. නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නාවූ, ආර්‍ය්‍යශ්‍රාවකයාහට ඒ කාරණය එසේමය.
400
‘‘තං කිං මඤ්ඤථ, භගිනියො, රූපා නිච්චා වා අනිච්චා වා’’ති? ‘‘අනිච්චා, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිං මඤ්ඤථ, භගිනියො, සද්දා නිච්චා වා අනිච්චා වා’’ති? ‘‘අනිච්චා, භන්තෙ...පෙ.... ගන්ධා නිච්චා වා අනිච්චා වා’’ති? ‘‘අනිච්චා, භන්තෙ’’... ‘‘රසා නිච්චා වා අනිච්චා වා’’ති? ‘‘අනිච්චා, භන්තෙ’’... ‘‘ඵොට්ඨබ්බා නිච්චා වා අනිච්චා වා’’ති? ‘‘අනිච්චා , භන්තෙ’’... ‘‘ධම්මා නිච්චා වා අනිච්චා වා’’ති? ‘‘අනිච්චා, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘පුබ්බෙව නො එතං, භන්තෙ, යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං - ‘ඉතිපිමෙ ඡ බාහිරා ආයතනා අනිච්චා’’’ති . ‘‘සාධු, සාධු, භගිනියො! එවඤ්හෙතං, භගිනියො, හොති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො’’.
400
“නැගණිවරුනි, ඒ කුමකැයි හඟිව්ද, රූපයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙත්ද?” “ස්වාමීනි, අනිත්‍ය වෙත්.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම් එය, මාගේය, එය මම වෙමියි, එය මාගේ ආත්මයයි, දැක්මට සුදුසුද?”
“ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “නැගණිවරුනි, ඒ කුමකැයි හඟිව්ද?” ශබ්දයෝ නිත්‍ය හෝ
අනිත්‍ය හෝ වෙත්ද?” “ස්වාමීනි, අනිත්‍ය වෙත්.” “ගන්ධයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?” “ස්වාමීනි, අනිත්‍ය වෙත්.” “රසයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?” “ස්වාමීනි, අනිත්‍ය වෙත්.” “ස්පර්ශයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?” “ස්වාමීනි, අනිත්‍ය වෙත්.” “ධර්මයෝ නිත්‍ය හෝ අනිත්‍ය වෙත්ද?” “ස්වාමීනි, අනිත්‍ය වෙත්.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි, දකින්ට සුදුසුද?”
“ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, මෙසේද, මෙසේ මේ බාහිරවූ ආයතනයෝ සදෙන අනිත්‍ය වෙත්යයි අප විසින් පළමුකොටම තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් මනාකොට දක්නාලදී.”
“නැගණිවරුනි, යහපත, යහපත, නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නාවූ ආර්‍ය්‍යශ්‍රාවකයාහට ඒ කාරණය එසේමයි.”
401
‘‘තං කිං මඤ්ඤථ, භගිනියො, චක්ඛුවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිං මඤ්ඤථ, භගිනියො, සොතවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ...පෙ.... ඝානවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’... ‘‘ජිව්හාවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’... ‘‘කායවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’... ‘‘මනොවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති’’? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘පුබ්බෙව නො එතං, භන්තෙ, යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං - ‘ඉතිපිමෙ ඡ විඤ්ඤාණකායා අනිච්චා’’’ති. ‘‘සාධු, සාධු, භගිනියො! එවඤ්හෙතං, භගිනියො, හොති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො’’.
401
“නැගණිවරුනි, ඒ කුමකැයි හඟිව්ද, චක්ඛු විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, එය දුක හෝ සැප හෝ වේද?”
“ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, දුක නම්, පෙරළෙන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැක්මට සුදුසුද?”
“ස්වාමීනි, එය නොවේමැයි.”
“නැගණිවරුනි, ඒ කුමකැයි හඟිව්ද? සොතවිඤ්ඤාණය
නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“ඝාණවිඤ්ඤාණය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“නැගණිවරුනි, ඒ කුමකැයි හඟිව්ද? ජිව්හා විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?”
“ස්වාමීනි අනිත්‍යය”
“නැගණිවරුනි, ඒ කුමකැයි හඟිව්ද? මනොවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’
“ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, විපරිනාම ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දක්නට සුදුසුද?”
“ස්වාමීනි, මෙය නුසුදුසුමැයි.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, මෙසේද, මෙසේ මේ විඤ්ඤාණකායයෝ සදෙන අනිත්‍යයෝයයි අප විසින් පළමුකොටම තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් මනාකොට දක්නාලදී.”
“නැගණිවරුනි, යහපත, යහපත. නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නාවූ ආර්‍ය්‍යශ්‍රාවකයාහට ඒ කාරණය එසේමැයි.”
402
‘‘සෙය්‍යථාපි , භගිනියො, තෙලප්පදීපස්ස ඣායතො තෙලම්පි අනිච්චං විපරිණාමධම්මං, වට්ටිපි අනිච්චා විපරිණාමධම්මා, අච්චිපි අනිච්චා විපරිණාමධම්මා, ආභාපි අනිච්චා විපරිණාමධම්මා. යො නු ඛො, භගිනියො, එවං වදෙය්‍ය - ‘අමුස්ස තෙලප්පදීපස්ස ඣායතො තෙලම්පි අනිච්චං විපරිණාමධම්මං, වට්ටිපි අනිච්චා විපරිණාමධම්මා, අච්චිපි අනිච්චා විපරිණාමධම්මා; යා ච ඛ්වාස්ස ආභා සා නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා’ති; සම්මා නු ඛො සො, භගිනියො, වදමානො වදෙය්‍යා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘අමුස්ස හි, භන්තෙ, තෙලප්පදීපස්ස ඣායතො තෙලම්පි අනිච්චං විපරිණාමධම්මං, වට්ටිපි අනිච්චා විපරිණාමධම්මා, අච්චිපි අනිච්චා විපරිණාමධම්මා; පගෙවස්ස ආභා අනිච්චා විපරිණාමධම්මා’’ති. ‘‘එවමෙව ඛො, භගිනියො, යො නු ඛො එවං වදෙය්‍ය - ‘ඡ ඛොමෙ අජ්ඣත්තිකා ආයතනා අනිච්චා (අනිච්චා විපරිණාමධම්මා (?)); යඤ්ච ඛො ඡ අජ්ඣත්තිකෙ ආයතනෙ පටිච්ච පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්ම’න්ති; සම්මා නු ඛො සො, භගිනියො, වදමානො වදෙය්‍යා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘තජ්ජං තජ්ජං, භන්තෙ, පච්චයං පටිච්ච තජ්ජා තජ්ජා වෙදනා උප්පජ්ජන්ති. තජ්ජස්ස තජ්ජස්ස පච්චයස්ස නිරොධා තජ්ජා තජ්ජා වෙදනා නිරුජ්ඣන්තී’’ති. ‘‘සාධු, සාධු, භගිනියො! එවඤ්හෙතං, භගිනියො, හොති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො’’.
402
“නැගණිවරුනි, යම්සේත් ඇවිලෙන්නාවූ තෙල් පහණක්හුගේ තෙලද අනිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තේ වේද, පහන් වැටියද අනිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තීද, පහන් සිළුවද අනිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තීද, ආලෝකයද අනිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තීද, නැගණිවරුනි, යමෙක් වනාහි මෙසේ කියන්නේද, ‘ඇවිලෙන්නාවූ මේ තෙල් පහණෙහි තෙලද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තේය. පහන්වැටියද අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තීය. පහන් සිලද අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තීය. ඒ පහණේ යම් ආලෝකයක් වේද, එය නිත්‍යය. ස්ථිරය, ශාස්වතය, වෙනස් නොවන ස්වභාව ඇත්තීයයි’ (කියන්නේද), නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම මනාකොට කියන්නේද?”
“ස්වාමීනි, එසේ නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, මේ ඇවිලෙන්නාවූ තෙල් පහණේ තෙලද අනිත්‍ය නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, පහන්සිලද අනිත්‍ය නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එහි ආලෝකය අනිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තේයයි කියනුම කවරේද?”
“නැගණිවරුනි, මෙපරිද්දෙන්ම මේ අධ්‍යාත්මිකවූ ආයතනයෝ සදෙන වනාහි අනිත්‍යයෝය. ‘අධ්‍යාත්මිකවූ ආයතනයන් සදෙන නිසා යම් සැපයක් හෝ දුකක් හෝ උපෙක්ෂාවක් හෝ විඳීද, එය නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය. නොනැසෙන ස්වභාව ඇත්තේයයි’ යමෙක් කියන්නේද, නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම එය මනාකොට කියන්නේද?”
“ස්වාමීනි, එසේ නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
“ඒ ඒ වේදනා උපදින හේතූන් නිසා ඒ ඒ හේතුවෙන් හටගත්තාවූ වේදනාවෝ උපදිත්. ඒ ඒ වේදනා උපදින හේතූන්ගේ නිරුද්ධවීමෙන් ඒ ඒ හේතුවෙන් හටගත් වේදනාවෝ නිරුද්ධවෙත්, එහෙයිනි.”
“නැගණිවරුනි, යහපත, යහපත. නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නාවූ ආර්‍ය්‍යශ්‍රාවකයෙකුට ඒ කාරණය එසේමැයි.”
403
‘‘සෙය්‍යථාපි, භගිනියො, මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො මූලම්පි අනිච්චං විපරිණාමධම්මං, ඛන්ධොපි අනිච්චො විපරිණාමධම්මො, සාඛාපලාසම්පි අනිච්චං විපරිණාමධම්මං, ඡායාපි අනිච්චා විපරිණාමධම්මා. යො නු ඛො, භගිනියො, එවං වදෙය්‍ය - ‘අමුස්ස මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො මූලම්පි අනිච්චං විපරිණාමධම්මං, ඛන්ධොපි අනිච්චො විපරිණාමධම්මො, සාඛාපලාසම්පි අනිච්චං විපරිණාමධම්මං, යා ච ඛ්වාස්ස ඡායා සා නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා’ති; සම්මා නු ඛො සො, භගිනියො, වදමානො වදෙය්‍යා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘අමුස්ස හි, භන්තෙ, මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො මූලම්පි අනිච්චං විපරිණාමධම්මං, ඛන්ධොපි අනිච්චො විපරිණාමධම්මො, සාඛාපලාසම්පි අනිච්චං විපරිණාමධම්මං; පගෙවස්ස ඡායා අනිච්චා විපරිණාමධම්මා’’ති. ‘‘එවමෙව ඛො, භගිනියො, යො නු ඛො එවං වදෙය්‍ය - ‘ඡ ඛොමෙ බාහිරා ආයතනා අනිච්චා (අනිච්චා විපරිණාමධම්මා (සී. පී.)). යඤ්ච ඛො ඡ බාහිරෙ ආයතනෙ පටිච්ච පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්ම’න්ති; සම්මා නු ඛො සො, භගිනියො, වදමානො වදෙය්‍යා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘තජ්ජං තජ්ජං, භන්තෙ, පච්චයං පටිච්ච තජ්ජා තජ්ජා වෙදනා උප්පජ්ජන්ති. තජ්ජස්ස තජ්ජස්ස පච්චයස්ස නිරොධා තජ්ජා තජ්ජා වෙදනා නිරුජ්ඣන්තී’’ති. ‘‘සාධු, සාධු, භගිනියො! එවඤ්හෙතං, භගිනියො, හොති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො’’.
403
“නැගණිවරුනි, යම්සේත් පිහිටියාවූ හර ඇත්තාවූ මහත්වූ වෘක්ෂයක්හුගේ මුලත් අනිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තේ වේද, කඳත් අනිත්‍යවූයේ වෙනස්වන ස්වභාව ඇත්තේද, අතු හා කොළද අනිත්‍යවූයේ වෙනස්වන ස්වභාව ඇත්තේද, සෙවනැල්ලද අනිත්‍යවූවා පෙරළෙන ස්වභාව ඇත්තීද, නැගණිවරුනි, යමෙක් වනාහි පිහිටියාවූ සාරවත්වූ මේ මහත්වූ වෘක්ෂයාගේ මුලත් අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය. කඳත් අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය. අතු හා කොළත් අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය. ගසේ යම් ඡායාවක් වන්නීද, එය නිත්‍යවූ ස්ථිරවූ සදාකාලිකවූ වෙනස් නොවන්නකැයි මෙසේ කියන්නේද, නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම වනාහි මනාකොට කියන්නේද?”
“ස්වාමීනි, එසේ නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, පිහිටියාවූ සාරවත්වූ මේ මහත්වූ වෘක්ෂයාගේ වනාහි මුලත් අනිත්‍ය නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, කඳත් අනිත්‍ය නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, අතු හා කොළත් අනිත්‍ය නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, ගසේ ඡායාවත් අනිත්‍යවූ වෙනස්වන බවක් ඇත්තීයයි කියනුම කවරේද?”
‘නැගණිවරුනි, එපරිද්දෙන්ම යමෙක් වනාහි මේ බාහිරවූ ආයතනයෝ සදෙන වනාහි අනිත්‍යයෝය, වෙනස්වන ස්වභාව ඇත්තෝය. බාහිරවූ ආයතනයෝ සදෙන නිසා යම් සැපක් හෝ දුකක් හෝ උපෙක්ෂාවක් හෝ විඳිම්ද, එය නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය, වෙනස් නොවන ස්වභාව ඇත්තේයයි මෙසේ කියන්නේද, නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම වනාහි මනාකොට කියන්නේද?”
“එසේ නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, ඒ ඒ වේදනාව උපදින හේතූන් ඒ ඒ හේතුවෙන් හටගන්නාවූ වේදනාවෝ උපදිත්. ඒ ඒ වේදනා උපදින හේතූන්ගේ නිරුද්ධවීමෙන් ඒ ඒ හේතුවෙන් උපදින වේදනාවෝ නිරුද්ධවෙත්, එහෙයිනි.”
“නැගණිවරුනි, යහපත, යහපත. නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නාවූ ආර්‍ය්‍යශ්‍රාවකයෙකුට ඒ කාරණය එසේමැයි.”
404
‘‘සෙය්‍යථාපි, භගිනියො, දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා ගාවිං වධිත්වා තිණ්හෙන ගොවිකන්තනෙන ගාවිං සඞ්කන්තෙය්‍ය අනුපහච්ච අන්තරං මංසකායං අනුපහච්ච බාහිරං චම්මකායං. යං යදෙව තත්ථ අන්තරා විලිමංසං (විලිමං (සී. පී. ක.)) අන්තරා න්හාරු අන්තරා බන්ධනං තං තදෙව තිණ්හෙන ගොවිකන්තනෙන සඤ්ඡින්දෙය්‍ය සඞ්කන්තෙය්‍ය සම්පකන්තෙය්‍ය සම්පරිකන්තෙය්‍ය. සඤ්ඡින්දිත්වා සඞ්කන්තිත්වා සම්පකන්තිත්වා සම්පරිකන්තිත්වා විධුනිත්වා බාහිරං චම්මකායං තෙනෙව චම්මෙන තං ගාවිං පටිච්ඡාදෙත්වා එවං වදෙය්‍ය - ‘තථෙවායං ගාවී සංයුත්තා ඉමිනාව චම්මෙනා’ති; සම්මා නු ඛො සො, භගිනියො, වදමානො වදෙය්‍යා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘අමු හි, භන්තෙ, දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා ගාවිං වධිත්වා තිණ්හෙන ගොවිකන්තනෙන ගාවිං සඞ්කන්තෙය්‍ය අනුපහච්ච අන්තරං මංසකායං අනුපහච්ච බාහිරං චම්මකායං. යං යදෙව තත්ථ අන්තරා විලිමංසං අන්තරා න්හාරු අන්තරා බන්ධනං තං තදෙව තිණ්හෙන ගොවිකන්තනෙන සඤ්ඡින්දෙය්‍ය සඞ්කන්තෙය්‍ය සම්පකන්තෙය්‍ය සම්පරිකන්තෙය්‍ය. සඤ්ඡින්දිත්වා සඞ්කන්තිත්වා සම්පකන්තිත්වා සම්පරිකන්තිත්වා විධුනිත්වා බාහිරං චම්මකායං තෙනෙව චම්මෙන තං ගාවිං පටිච්ඡාදෙත්වා කිඤ්චාපි සො එවං වදෙය්‍ය - ‘තථෙවායං ගාවී සංයුත්තා ඉමිනාව චම්මෙනා’ති; අථ ඛො සා ගාවී විසංයුත්තා තෙනෙව චම්මෙනා’’ති.
‘‘උපමා ඛො මෙ අයං, භගිනියො, කතා අත්ථස්ස විඤ්ඤාපනාය. අයමෙවෙත්ථ අත්ථො; ‘අන්තරා මංසකායො’ති ඛො, භගිනියො, ඡන්නෙතං අජ්ඣත්තිකානං ආයතනානං අධිවචනං; ‘බාහිරො චම්මකායො’ති ඛො භගිනියො, ඡන්නෙතං බාහිරානං ආයතනානං අධිවචනං; ‘අන්තරා විලිමංසං, අන්තරා න්හාරු, අන්තරා බන්ධන’න්ති ඛො, භගිනියො, නන්දීරාගස්සෙතං අධිවචනං; ‘තිණ්හං ගොවිකන්තන’න්ති ඛො, භගිනියො, අරියායෙතං පඤ්ඤාය අධිවචනං; යායං අරියා පඤ්ඤා අන්තරා කිලෙසං අන්තරා සංයොජනං අන්තරා බන්ධනං සඤ්ඡින්දති සඞ්කන්තති සම්පකන්තති සම්පරිකන්තති.
404
“නැගණිවරුනි, යම්සේ දක්ෂවූ ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ දෙනක් මරා සියුම්වූ ගෙරි කපන කැත්තෙන් ගවදෙන මසටද තුවාල නොකොට, සමටද තුවාල නොකොට, සමත් මසත් අතර බැඳුණු යම් නහර වැදලි ඇත්නම් ඒ ඒ නහරවැදලි පමණක් තියුණු ආයුධයෙන් කපන්නේද, සිඳින්නේද, කපා සිඳ සමගසා ඒ පිට සමින්ම ඒ ගවදෙන වසා පෙරසේම ඒ ගවදෙන ඒ සමින් යුක්තවූවායයි කියන්නේ නම්, නැගණිවරුනි, එසේ කියන තැනැත්තේ මනාකොට කියන්නේවේද?”
“ස්වාමීනි, එසේ නොවේය.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, ඒ දක්ෂවූ ගවයන් මරන්නාවූ හෝ ගවයන් මරන්නෙකුගේ අතවැස්සෙක් හෝ ගවදෙනක් මරා සියුම්වූ ගෙරිකපන කැත්තෙන් ඇතුළත මසටද තුවාළ නොකොට පිටත සමටද තුවාල නොකොට, සමටත් මසටත් අතර බැඳුණ යම් නහර ආදියක් වෙත්ද, ඒ නහර ආදියම සියුම්වූ ගෙරිකපන කැත්තෙන් කපන්නේද, සිඳින්නේද, මනාව කපන්නේද කපා සිඳ පිටසම ගසාදමා, ඒ සමින්ම ඒ ගවදෙන වසාදමා පෙර සේම, මේ දෙන මේ සමින් යුක්ත වූවායයි කියන්නේ වේද, එතකුදු වුවත් ඒ සමින්ම යුක්ත නොවන්නීය.”
“නැගණිවරුනි, මා විසින් මේ උපමාව වනාහි අර්ථ හැඟවීමට දක්වන ලදී. මෙය මෙහි අර්ථයවේ. නැගණිවරුනි, ඇතුළත මස යනු අධ්‍යාත්මිකවූ ආයතනයන් සදෙනාට මේ නමකි. නැගණිවරුනි, පිට සම යනු බාහිර ආයතන සයට මේ නමකි. නැගණිවරුනි, අතර බැඳුණු නහර ආදිය යනු නන්දිරාගයයි කියනලද තෘෂ්ණාවට මෙය නමකි. නැගණිවරුනි, සියුම්වූ ගෙරිකපන කැත්තය යනු ආර්‍ය්‍යවූ ප්‍රඥාවට මේ නමකි. යම් මේ ආර්‍ය්‍යවූ ප්‍රඥාවක් වේද, ඕතොමෝ අධ්‍යාත්මික බාහිර ආයතනයන් අතර ඇති කෙලෙස් මනාව සිඳියි. අතර ඇති සංයෝජන අතර ඇති බන්ධන සිඳියි, කපයි.
405
‘‘සත්ත ඛො පනිමෙ, භගිනියො, බොජ්ඣඞ්ගා, යෙසං භාවිතත්තා බහුලීකතත්තා භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. කතමෙ සත්ත? ඉධ, භගිනියො, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙති...පෙ.... වීරියසම්බොජ්ඣඞ්ගං භාවෙති... පීතිසම්බොජ්ඣඞ්ගං භාවෙති... පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං භාවෙති... සමාධිසම්බොජ්ඣඞ්ගං භාවෙති... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමෙ ඛො, භගිනියො, සත්ත බොජ්ඣඞ්ගා, යෙසං භාවිතත්තා බහුලීකතත්තා භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී’’ති.
405
“නැගණිවරුනි, යම් ධර්මකෙනෙකුන් වැඩූ බැවින් බහුල වශයෙන් කළ බැවින් භික්ෂුතෙම ආශ්‍රවයන් නැසීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධියටද, අර්හත්ඵල ප්‍රඥාවටද මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන පැමිණ වාසය කෙරේද, ඒ මේ බොධ්‍යංග ධර්ම සතක් වෙත්. කවර සතක්ද යත්? නැගණිවරුනි, මේ ශාසනයෙහි භික්ෂුතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය, ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, කෙලෙස් දුරලීම පිණිස පවත්නාවූ සතිසම්බොජ්ඣංගය වඩයිද, ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, විරියසම්බොජ්ඣංගය වඩයිද, පීතිසම්බොජ්ඣංගය වඩයිද, පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, සමාධි සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, කෙලෙසුන් දුරලීම පිණිස පවත්නාවූ උපෙක්ෂා සම්බොජ්ඣංගය වඩයිද, නැගණිවරුනි, යම් ධර්මකෙනෙකුන් වඩනලද බැවින්, බහුල කරනලද බැවින් භික්ෂුතෙම ආශ්‍රවයන් නැසීමෙන්, ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධියට අර්හත්ඵල ප්‍රඥාවට මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට පැමිණ වාසය කෙරේද, ඒ මේ බොධ්‍යංගධර්ම සත වෙත්ය”යි ප්‍රකාශ කෙළේය.
406
අථ ඛො ආයස්මා නන්දකො තා භික්ඛුනියො ඉමිනා ඔවාදෙන ඔවදිත්වා උය්‍යොජෙසි - ‘‘ගච්ඡථ, භගිනියො; කාලො’’ති. අථ ඛො තා භික්ඛුනියො ආයස්මතො නන්දකස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා ආයස්මන්තං නන්දකං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො තා භික්ඛුනියො භගවා එතදවොච - ‘‘ගච්ඡථ, භික්ඛුනියො; කාලො’’ති. අථ ඛො තා භික්ඛුනියො භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු. අථ ඛො භගවා අචිරපක්කන්තීසු තාසු භික්ඛුනීසු භික්ඛූ ආමන්තෙසි - ‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, තදහුපොසථෙ චාතුද්දසෙ න හොති බහුනොජනස්ස කඞ්ඛා වා විමති වා - ‘ඌනො නු ඛො චන්දො, පුණ්ණො නු ඛො චන්දො’ති, අථ ඛො ඌනො චන්දොත්වෙව හොති. එවමෙව ඛො, භික්ඛවෙ, තා භික්ඛුනියො නන්දකස්ස ධම්මදෙසනාය අත්තමනා හොන්ති නො ච ඛො පරිපුණ්ණසඞ්කප්පා’’ති.
406
ඉක්බිති ආයුෂ්මත් නන්ද ස්ථවිරතෙම ඒ භික්ෂුණීන්ට මේ අවවාදයෙන් අවවාදකොට “නැගණිවරුනි, යව්. මේ සුදුසු කාලයයි යෙදවීය.” (පිටත්කෙළේය.)
ඉක්බිති ඒ භික්ෂූණීහු ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව හුනස්නෙන් නැඟිට ආයුෂ්මත්වූ නන්දක ස්ථවිරයන්ට වැඳ, ප්‍රදක්ෂිණාකොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට එළඹුනාහුය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව සිටියාහුය. එකත්පස්ව සිටියාවූම ඒ භික්ෂුණීන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
“මෙහෙණිනි, යව්. යාමට සුදුසු කාලයයි” වදාළේය.
“ඉක්බිති ඒ භික්ෂුණීහු භාග්‍යවතුන් වහන්සේට වැඳ, ප්‍රදක්ෂිණා කොට ගියාහුය. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ ඒ භික්ෂුණීන් බැහැරගිය නොබෝ වේලාවකින් භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. “මහණෙනි, යම්සේ තුදුස්වක් පොහෝ දිනයෙක සඳ අඩුද සම්පූර්ණදැයි බොහෝදෙනාට සැකයක් හෝ විමතියක් හෝ නැත. ‘සඳ අඩු වූයේම වෙයි. මහණෙනි, එපරිද්දෙන්ම ඒ භික්ෂූණීහු නන්දකගේ ධර්මදේශනාවෙන් සතුටු වූවාහුම වෙත්. එහෙත් සම්පූර්ණවූ අදහස් ඇත්තෝ නුවූවාහුමය.”
407
අථ ඛො භගවා ආයස්මන්තං නන්දකං ආමන්තෙසි - ‘‘තෙන හි ත්වං, නන්දක, ස්වෙපි තා භික්ඛුනියො තෙනෙවොවාදෙන ඔවදෙය්‍යාසී’’ති. ‘‘එවං , භන්තෙ’’ති ඛො ආයස්මා නන්දකො භගවතො පච්චස්සොසි. අථ ඛො ආයස්මා නන්දකො තස්සා රත්තියා අච්චයෙන පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො අත්තදුතියො යෙන රාජකාරාමො තෙනුපසඞ්කමි. අද්දසංසු ඛො තා භික්ඛුනියො ආයස්මන්තං නන්දකං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන ආසනං පඤ්ඤාපෙසුං, උදකඤ්ච පාදානං උපට්ඨපෙසුං. නිසීදි ඛො ආයස්මා නන්දකො පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ පාදෙ පක්ඛාලෙසි. තාපි ඛො භික්ඛුනියො ආයස්මන්තං නන්දකං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තා භික්ඛුනියො ආයස්මා නන්දකො එතදවොච - ‘‘පටිපුච්ඡකථා ඛො, භගිනියො, භවිස්සති. තත්ථ ආජානන්තීහි ‘ආජානාමා’ තිස්ස වචනීයං, න ආජානන්තීහි ‘න ආජානාමා’ තිස්ස වචනීයං. යස්සා වා පනස්ස කඞ්ඛා වා විමති වා, අහමෙව තත්ථ පටිපුච්ඡිතබ්බො - ‘ඉදං, භන්තෙ, කථං; ඉමස්ස ක්වත්ථො’’’ති. ‘‘එත්තකෙනපි මයං, භන්තෙ, අය්‍යස්ස නන්දකස්ස අත්තමනා අභිරද්ධා යං නො අය්‍යො නන්දකො පවාරෙතී’’ති.
407
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්දක ස්ථවිරයන්ට ආමන්ත්‍රණය කළසේක. “නන්දක, එසේවීනම් නුඹ හෙටද ඒ භික්ෂූණීන්ට ඒ අවවාදයෙන්ම අවවාද කරන්නෙහි යයි” වදාළේය. “එසේය, ස්වාමීනියයි” ආයුෂ්මත්වූ නන්දක ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය.
ඉක්බිති ආයුෂ්මත් නන්දක ස්ථවිරතෙමේ ඒ රාත්‍රිහුගේ ඇවෑමෙන් පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිව්රුගෙණ සැවැත්නුවරට පිඬු පිණිස වැඩිසේක. සැවැත් නුවර පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුනේ දෙවැන්නෙකු සමග රාජකාරාමය යම් තැනෙක්හිද එතැනට එළඹියේය. ඒ භික්ෂුණීහු වඩින්නාවූ ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් වහන්සේ දුරදීම දුටුවාහුය. දැක, ආසනයක් පැනවූවාහුය. ජලයද පාදයන් ධොවනයට එලවූවාහුය. ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් වහන්සේ වනාහි පනවනලද අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ, පාදයන් සේදූසේක. ඒ භික්ෂුණීහුද ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් වහන්සේට වැඳ, එකත්පස්ව උන්නාහුය. එකත්පස්ව උන්නාවූ ඒ භික්ෂුණීන්ට ආයුෂ්මත් නන්දක ස්ථවිරතෙම මෙය වදාළේය.
“නැගණිවරුනි, ප්‍රශ්නකර කිරීමක් වන්නේය. එහි දන්නවුන් විසින් දනිමුයි කියයුතු වන්නේය. නොදන්නවුන් විසින් නොදනිමුයි, කියයුතු වන්නේය. යමක් ගැන වනාහි සැකයක් හෝ විමතියක් හෝ වන්නේද? ස්වාමීනි, මෙය කෙසේද මෙහි අර්ථය කවරේදැ’යි එය මගෙන්ම ඇසිය යුතුය.
“ස්වාමීනි, ආර්‍ය්‍යවූ නන්දක ස්ථවිරයන් වහන්සේ අපට යමක් පවරයිද එතෙකින් සතුටු සිත් ඇත්තෝ කැමැතිවූවෝ වෙමු.”
408
‘‘තං කිං මඤ්ඤථ, භගිනියො, චක්ඛු නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං , භන්තෙ’’. ‘‘තං කිං මඤ්ඤථ, භගිනියො, සොතං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ...පෙ.... ඝානං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ... ජිව්හා... කායො... මනො නිච්චො වා අනිච්චො වා’’ති? ‘‘අනිච්චො, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘පුබ්බෙව නො එතං, භන්තෙ, යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං - ‘ඉතිපිමෙ ඡ අජ්ඣත්තිකා ආයතනා අනිච්චා’’’ති. ‘‘සාධු සාධු, භගිනියො! එවඤ්හෙතං, භගිනියො, හොති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො’’.
408
“නැගණිවරුනි, ඒ කුමකැයි හඟිව්ද, ඇස නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක හෝ සැප වේද?” “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දකින්ට සුදුසුද?”
“ස්වාමීනි, මෙය එසේ නොවේමැයි.” “නැගණිවරුනි, ඒ කුමකැයි හඟිව්ද? කණ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යය.” “නාසය නිත්‍යය හෝ අනිත්‍ය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යය.” “දිව නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යය.” “කය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යය.” “සිත නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍ය නම් දුක නම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මගේ ආත්මයයි දක්නට සුදුසුද?”
“ස්වාමීනි, එය එසේ නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, අප විසින් මෙසේද මෙසේ මේ අධ්‍යාත්මිකවූ ආයතනයෝ සදෙන අනිත්‍යහයි පළමුවම තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් මනාකොට දක්නාලදී.”
“නැගණිවරුනි, යහපත, යහපත. නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නාවූ ආර්‍ය්‍යශ්‍රාවකයෙකුට ඒ කාරණය එසේමයි.”
409
‘‘තං කිං මඤ්ඤථ, භගිනියො, රූපා නිච්චා වා අනිච්චා වා’’ති? ‘‘අනිච්චා, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිං මඤ්ඤථ, භගිනියො, සද්දා නිච්චා වා අනිච්චා වා’’ති? ‘‘අනිච්චා, භන්තෙ...පෙ.... ගන්ධා නිච්චා වා අනිච්චා වා’’ති? ‘‘අනිච්චා, භන්තෙ... රසා නිච්චා වා අනිච්චා වා’’ති? ‘‘අනිච්චා, භන්තෙ... ඵොට්ඨබ්බා නිච්චා වා අනිච්චා වා’’ති ? ‘‘අනිච්චා, භන්තෙ... ධම්මා නිච්චා වා අනිච්චා වා’’ති? ‘‘අනිච්චා, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘පුබ්බෙව නො එතං, භන්තෙ, යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං - ‘ඉතිපිමෙ ඡ බාහිරා ආයතනා අනිච්චා’’’ති. ‘‘සාධු සාධු, භගිනියො! එවඤ්හෙතං, භගිනියො, හොති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො’’.
409
“නැගණිවරුනි, ඒ කුමකැයි හඟිව්ද? රූපයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙත්ද?”
“ස්වාමීනි, අනිත්‍යයහ.”
“යමක් වනාහි අනිත්‍යනම්, එය දුක් හෝ සැප හෝ වේද?”
“ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍ය නම් දුක් නම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දක්නට සුදුසුද?”
“ස්වාමීනි, එසේ නොවේ.”
“නැගණිවරුනි, එය කුමකැයි හඟිව්ද? ශබ්දයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙත්ද?”
“ස්වාමීනි, අනිත්‍යයහ.”
“ගන්ධයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙත්ද?” “ස්වාමීනි, අනිත්‍යයහ.” “රසයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙත්ද?” “ස්වාමීනි, අනිත්‍යයහ.” “ස්පර්ශයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙත්ද?” “ස්වාමීනි, අනිත්‍යයහ.” “ධර්මයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙද්ද?” “ස්වාමීනි, අනිත්‍යයහ.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍ය නම් දුක් නම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දක්නට සුදුසුද?”
“ස්වාමීනි, එසේ නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, අප විසින් මෙසේද මෙසේ මේ බාහිරවූ ආයතනයෝ සදෙන අනිත්‍යහයි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් මනාකොට දක්නා ලදී.”
“නැගණිවරුනි, යහපත, යහපත. නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත්වූ නුවණින් දක්නාවූ ආර්‍ය්‍යශ්‍රාවකයෙකුට ඒ කාරණය එසේයි.”
410
‘‘තං කිං මඤ්ඤථ, භගිනියො, චක්ඛුවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ...පෙ.... සොතවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ... ඝානවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ... ජිව්හාවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ... කායවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ... මනොවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘පුබ්බෙව නො එතං, භන්තෙ, යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං - ‘ඉතිපිමෙ ඡ විඤ්ඤාණකායා අනිච්චා’’’ති. ‘‘සාධු සාධු, භගිනියො! එවඤ්හෙතං, භගිනියො, හොති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො’’.
410
“නැගණිවරුනි, ඒ කුමකැයි හඟිව්ද, චක්ඛු විඤ්ඤාණය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යනම්, එය දුක හෝ සැප හෝ වේද?”
“ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දක්නට සුදුසුද?”
“ස්වාමීනි, එසේ නොවේමැයි.”
‘නැගණිවරුනි, ඒ කුමකැයි හඟිව්ද? සොත විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍යය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යය.” “ඝාණවිඤ්ඤාණය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යය.” “ජිව්හාවිඤ්ඤාණය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යය.” “කාය විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යය.” “මනොවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යනම් එය දුක හෝ සැප හෝ වේද?” “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍ය නම් දුක නම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමියි, එය මාගේ ආත්මයයි දකින්ට සුදුසුද?” “ස්වාමීනි, එසේ නොවේමැයි.” “ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, මෙසේද මෙසේ විඤ්ඤාණ කායයෝ සදෙන අනිත්‍යයෝයයි, අප විසින් පළමුකොටම තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් මනාකොට දක්නාලදී.”
“නැගණිවරුනි, යහපත, යහපත, නැගණිවරුනි තත්වූ පරිද්දෙන් මනානුවණින් දක්නාවූ ආර්‍ය්‍ය ශ්‍රාවකයෙකුට ඒ කාරණය එසේමයි.”
411
‘‘සෙය්‍යථාපි, භගිනියො, තෙලප්පදීපස්ස ඣායතො තෙලම්පි අනිච්චං විපරිණාමධම්මං, වට්ටිපි අනිච්චා විපරිණාමධම්මා, අච්චිපි අනිච්චා විපරිණාමධම්මා, ආභාපි අනිච්චා විපරිණාමධම්මා. යො නු ඛො, භගිනියො, එවං වදෙය්‍ය - ‘අමුස්ස තෙලප්පදීපස්ස ඣායතො තෙලම්පි අනිච්චං විපරිණාමධම්මං, වට්ටිපි අනිච්චා විපරිණාමධම්මා, අච්චිපි අනිච්චා විපරිණාමධම්මා; යා ච ඛ්වාස්ස ආභා සා නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා’ති; සම්මා නු ඛො සො, භගිනියො, වදමානො වදෙය්‍යා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘අමුස්ස හි, භන්තෙ, තෙලප්පදීපස්ස ඣායතො තෙලම්පි අනිච්චං විපරිණාමධම්මං, වට්ටිපි අනිච්චා විපරිණාමධම්මා, අච්චිපි අනිච්චා විපරිණාමධම්මා ; පගෙවස්ස ආභා අනිච්චා විපරිණාමධම්මා’’ති. ‘‘එවමෙව ඛො, භගිනියො, යො නු ඛො එවං වදෙය්‍ය - ‘ඡ ඛොමෙ අජ්ඣත්තිකා ආයතනා අනිච්චා. යඤ්ච ඛො ඡ අජ්ඣත්තිකෙ ආයතනෙ පටිච්ච පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්ම’න්ති; සම්මා නු ඛො සො, භගිනියො, වදමානො වදෙය්‍යා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘තජ්ජං තජ්ජං, භන්තෙ, පච්චයං පටිච්ච තජ්ජා තජ්ජා වෙදනා උප්පජ්ජන්ති. තජ්ජස්ස තජ්ජස්ස පච්චයස්ස නිරොධා තජ්ජා තජ්ජා වෙදනා නිරුජ්ඣන්තී’’ති. ‘‘සාධු සාධු, භගිනියො! එවඤ්හෙතං, භගිනියො, හොති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො’’.
411
“නැගණිවරුනි, යම්සේත් ඇවිලෙන්නාවූ තෙල් පහනක තෙලද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තේ වේද, පහන් වැටියද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තේ වේද, පහන් සිලද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තී වේද, ආලෝකයද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තක් වේද? නැගණිවරුනි, යමෙක් වනාහි මේ ඇවිලෙන්නාවූ තෙල් පහනෙහි තෙලද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තේය. වැටියද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තීය. පහන්සිලද අනිත්‍ය වෙනස්වන ස්වභාව ඇත්තීය. මේ පහණේ ආලෝකයක් වේද, එය නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය, වෙනස් නොවන ස්වභාව ඇත්තේයයි, කියන්නේද නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම මනාකොටම කියන්නේද?”
“ස්වාමීනි, එසේ නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, මේ ඇවිලෙන්නාවූ තෙල් පහණේ තෙලද අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය. වැටියද අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය. පහන් සිලද අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය. ඒ පහණේ ආලෝකය අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය යනු කියනුම කවරේද?”
“නැගණිවරුනි, එපරිද්දෙන්ම යමෙක් වනාහි මේ අධ්‍යාත්මිකවූ ආයතනයෝ සදෙන වනාහි අනිත්‍යයහ. අධ්‍යාත්මිකවූ ආයතනයන් සදෙන නිසා යම් සැපයක් හෝ දුකක් හෝ උපෙක්ෂාවක් හෝ විඳිම්ද, එය නිත්‍යය. ස්ථිරය, සදාකාලිකය, වෙනස් නොවන ස්වභාව ඇත්තේයයි කියන්නේ නම්, නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම වනාහි මනාකොට කියන්නේද?”
“ස්වාමීනි, එසේ නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
‘ස්වාමීනි, ඒ ඒ වේදනා හටගන්නාවූ හේතූන් නිසා ඒ ඒ හේතුවෙන් හටගන්නා වේදනාවෝ උපදිත්. ඒ ඒ වේදනා හටගන්නා ඒ ඒ හේතූන්ගේ නිරුද්ධවීමෙන් ඒ ඒ හේතූන්ගෙන් හටගත් වේදනාවෝ නිරුද්ධ වෙත්මයි.”
“නැගණිවරුනි, යහපත යහපත, නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නාවූ ආර්‍ය්‍ය ශ්‍රාවකයෙකුට ඒ කාරණය එසේමයි.”
412
‘‘සෙය්‍යථාපි, භගිනියො, මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො මූලම්පි අනිච්චං විපරිණාමධම්මං, ඛන්ධොපි අනිච්චො විපරිණාමධම්මො, සාඛාපලාසම්පි අනිච්චං විපරිණාමධම්මං, ඡායාපි අනිච්චා විපරිණාමධම්මා. යො නු ඛො, භගිනියො, එවං වදෙය්‍ය - ‘අමුස්ස මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො මූලම්පි අනිච්චං විපරිණාමධම්මං, ඛන්ධොපි අනිච්චො විපරිණාමධම්මො, සාඛාපලාසම්පි අනිච්චං විපරිණාමධම්මං; යා ච ඛ්වාස්ස ඡායා සා නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා’ති; සම්මා නු ඛො සො භගිනියො, වදමානො වදෙය්‍යා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘අමුස්ස හි, භන්තෙ, මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො මූලම්පි අනිච්චං විපරිණාමධම්මං, ඛන්ධොපි අනිච්චො විපරිණාමධම්මො, සාඛාපලාසම්පි අනිච්චං විපරිණාමධම්මං; පගෙවස්ස ඡායා අනිච්චා විපරිණාමධම්මා’’ති. ‘‘එවමෙව ඛො, භගිනියො, යො නු ඛො එවං වදෙය්‍ය - ‘ඡ ඛොමෙ බාහිරා ආයතනා අනිච්චා. යඤ්ච ඛො බාහිරෙ ආයතනෙ පටිච්ච පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්ම’න්ති; සම්මා නු ඛො සො, භගිනියො, වදමානො වදෙය්‍යා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘තජ්ජං තජ්ජං, භන්තෙ, පච්චයං පටිච්ච තජ්ජා තජ්ජා වෙදනා උප්පජ්ජන්ති. තජ්ජස්ස තජ්ජස්ස පච්චයස්ස නිරොධා තජ්ජා තජ්ජා වෙදනා නිරුජ්ඣන්තී’’ති. ‘‘සාධු සාධු, භගිනියො! එවඤ්හෙතං, භගිනියො, හොති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො’’.
412
“නැගණිවරුනි, යම්සේක් පිහිටියාවූ සාරවත්වූ මහත් වූ වෘක්ෂයාගේ මුලත් අනිත්‍යද වෙනස්වන ස්වභාව ඇත්තේද, කඳත් අනිත්‍යද වෙනස්වන ස්වභාව ඇත්තේද, අතු හා කොළත් අනිත්‍යද වෙනස්වන ස්වභාව ඇත්තේද, සෙවනැල්ලත් අනිත්‍යද වෙනස්වන ස්වභාව ඇත්තේද, නැගණිවරුනි, යමෙක් වනාහි පිහිටියාවූ සාරවත්වූ මේ මහත්වූ වෘක්ෂයාගේ මුලත් අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය, කඳත් අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තේය. අතු හා කොළත් අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තේය. මේ ගසේ යම් සෙවනැල්ලක් වන්නීද, එය නිත්‍යය. ස්ථිරය, සදාකාලිකය. යමක් වෙනස්වන ස්වභාව නැත්තේයයි යමෙක් කියන්නේ නම් නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම මනාකොටම කියන්නේද?”
“ස්වාමීනි, පිහිටියාවූ සාරවත්වූ මේ මහත්වූ වෘක්ෂයාගේ වනාහි මුලත් අනිත්‍යනම්, විපරිනාම ස්වභාව ඇත්තේනම් කඳත් අනිත්‍යනම් වෙනස්වන ස්වභාව ඇත්තේනම් අතු හා කොළත් අනිත්‍යනම් වෙනස්වන ස්වභාව ඇත්තේනම් ඒ ගසේ සෙවනැල්ලද අනිත්‍යවූ වෙනස්වන ස්වභාව ඇත්තේය යනු කියනුම කවරේද?”
නැගණිවරුනි, එපරිද්දෙන්ම මේ බාහිරවූ ආයතනයෝ සදෙන වනාහි අනිත්‍යයහ. වෙනස්වන ස්වභාව ඇත්තාහ. බාහිරවූ ආයතනයන් සදෙන නිසා යම් සැපයක් හෝ දුකක් හෝ උපෙක්ෂාවක් හෝ විඳීද, එය නිත්‍යය. ස්ථිරය. සදාකාලිකය. වෙනස්වන ස්වභාව නැත්තේයයි යමෙක් කියා නම් නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම මනාකොටම කියන්නේද?”
“ස්වාමීනි මෙය එසේ නොවේමැයි”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි ඒ ඒ වේදනා හටගන්නාවූ හෙතූන් නිසා ඒ ඒ හේතුවෙන් හටගන්නාවූ වේදනාවෝ උපදිත්. ඒ ඒ වේදනා හටගන්නාවූ හෙතූන් නිරුද්ධවීමෙන් ඒ ඒ වේදනා උපදින්නාවූ හෙතූන්ගෙන් හටගන්නාවූ වේදනාවෝ නිරුද්ධ වෙත්මයි”
“නැගණිවරුනි, යහපත යහපත, නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දන්නාවූ ආර්‍ය්‍ය ශ්‍රාවකයෙකුට ඒ කාරණය එසේමැයි.
413
‘‘සෙය්‍යථාපි, භගිනියො, දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා ගාවිං වධිත්වා තිණ්හෙන ගොවිකන්තනෙන ගාවිං සඞ්කන්තෙය්‍ය අනුපහච්ච අන්තරං මංසකායං අනුපහච්ච බාහිරං චම්මකායං. යං යදෙව තත්ථ අන්තරා විලිමංසං අන්තරා න්හාරු අන්තරා බන්ධනං තං තදෙව තිණ්හෙන ගොවිකන්තනෙන සඤ්ඡින්දෙය්‍ය සඞ්කන්තෙය්‍ය සම්පකන්තෙය්‍ය සම්පරිකන්තෙය්‍ය. සඤ්ඡින්දිත්වා සඞ්කන්තිත්වා සම්පකන්තිත්වා සම්පරිකන්තිත්වා විධුනිත්වා බාහිරං චම්මකායං තෙනෙව චම්මෙන තං ගාවිං පටිච්ඡාදෙත්වා එවං වදෙය්‍ය - ‘තථෙවායං ගාවී සංයුත්තා ඉමිනාව චම්මෙනා’ති; සම්මා නු ඛො සො, භගිනියො, වදමානො වදෙය්‍යා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘අමු හි, භන්තෙ, දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා ගාවිං වධිත්වා තිණ්හෙන ගොවිකන්තනෙන ගාවිං සඞ්කන්තෙය්‍ය අනුපහච්ච අන්තරං මංසකායං අනුපහච්ච බාහිරං චම්මකායං. යං යදෙව තත්ථ අන්තරා විලිමංසං අන්තරා න්හාරු අන්තරා බන්ධනං තං තදෙව තිණ්හෙන ගොවිකන්තනෙන සඤ්ඡින්දෙය්‍ය සඞ්කන්තෙය්‍ය සම්පකන්තෙය්‍ය සම්පරිකන්තෙය්‍ය. සඤ්ඡින්දිත්වා සඞ්කන්තිත්වා සම්පකන්තිත්වා සම්පරිකන්තිත්වා විධුනිත්වා බාහිරං චම්මකායං තෙනෙව චම්මෙන තං ගාවිං පටිච්ඡාදෙත්වා කිඤ්චාපි සො එවං වදෙය්‍ය - ‘තථෙවායං ගාවී සංයුත්තා ඉමිනාව චම්මෙනා’ති; අථ ඛො සා ගාවී විසංයුත්තා තෙනෙව චම්මෙනා’’ති.
‘‘උපමා ඛො මෙ අයං, භගිනියො, කතා අත්ථස්ස විඤ්ඤාපනාය අයමෙවෙත්ථ අත්ථො. ‘අන්තරා මංසකායො’ති ඛො, භගිනියො, ඡන්නෙතං අජ්ඣත්තිකානං ආයතනානං අධිවචනං; ‘බාහිරො චම්මකායො’ති ඛො, භගිනියො, ඡන්නෙතං බාහිරානං ආයතනානං අධිවචනං; ‘අන්තරා විලිමංසං අන්තරා න්හාරු අන්තරා බන්ධන’න්ති ඛො, භගිනියො, නන්දීරාගස්සෙතං අධිවචනං; ‘තිණ්හං ගොවිකන්තන’න්ති ඛො, භගිනියො, අරියායෙතං පඤ්ඤාය අධිවචනං; යායං අරියා පඤ්ඤා අන්තරා කිලෙසං අන්තරා සංයොජනං අන්තරා බන්ධනං සඤ්ඡින්දති සඞ්කන්තති සම්පකන්තති සම්පරිකන්තති.
413
නැගණිවරුනි, යම්සේ දක්ෂවූ ගවඝාතකයෙක් හෝ ගවඝාතකයෙකුගේ අතවැසියෙක් හෝ ගවදෙනක් මරා සියුම්වූ ගෙරිකපන කැත්තෙන් ඇතුළත මසත් පලුදුනොකොට පිටත සමත් පලුදුනොකොට අතර බැඳී පවත්නා සිවියද, අතරවූ නහරද, අතරවූ බැඳුම්ද ඇත්තේද, එපමණක්ම සියුම්වූ ගෙරිකපන කැත්තෙන් සිඳින්නේද, කපන්නේද, නැවත නැවත කපන්නේද, සිඳ කපා නැවත නැවත කපා පිට හම ගසා ඒ සමින්ම ඒ ගවදෙන වසා දමා පළමුසේම මේ ගවදෙන මේ සමින් යුක්තවූවායයි කියන්නේය. නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම මනාකොටම කියන්නේද?”
“ස්වාමීනි මෙය එසේ නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, මේ දක්ෂවූ ගවඝාතකයා හෝ ගවඝාතකයාගේ අතවැසියා හෝ ගවදෙනක් මරා සියුම්වූ ගෙරිකපන කැත්තෙන් ඇතුළත මසද පලුදු නොකොට පිට සමද පලුදු නොකොට එහි අතර සිවිද අතර නහරද අතර බැඳුම්ද ඇත්නම් එපමණක්ම සියුම්වූ ගෙරිකපන කැත්තෙන් සිඳින්නේය. කපන්නේය, හාත්පස කපන්නේය. සිඳ කපා හාත්පස කපා පිට සම ගසා ඒ සමින්ම ඒ ගවදෙන වසා, හෙතෙම පෙරසේම මේ ගවදෙන මේ සමින් යුක්තවූවායයි කියන්නේද එතකුදු වුවත් ඒ ගවදෙන ඒ සමින් යුක්ත නොවූවා වෙයි.”
“නැගණිවරුනි, මා විසින් මේ උපමාව වනාහි අර්ථය හැඟවීමට දක්වනලදී. මෙය එහි අර්ථය වේ නැගණිවරුනි, ඇතුළත මස යනු අධ්‍යාත්මිකවූ ආයතන සයට මෙය නමකි නැගණිවරුනි, පිටත සම යනු බාහිර ආයතන සයට මෙය නමකි. නැගණිවරුනි, අතරවූ සිවිය අතරවූ නහරය, අතරවූ බැඳුම්ය යනු නන්දිරාගයයි කියනලද තෘෂ්ණාවට මෙය නමකි. නැගණිවරුනි, තියුණුවූ ගෙරි කපන කැත්තය යනු ආර්‍ය්‍යවූ ප්‍රඥාවට මේ නමකි. යම් මේ ආර්‍ය්‍යවූ ප්‍රඥාවක් වේද, ඕතොමෝ අධ්‍යාත්මික බාහිර ආයතන අතර ඇති ක්ලෙශය අතරවූ සංයෝජනය අතරවූ බන්ධනය, සිඳියි, කපයි, හාත්පසින් කපයි.
414
‘‘සත්ත ඛො පනිමෙ, භගිනියො, බොජ්ඣඞ්ගා, යෙසං භාවිතත්තා බහුලීකතත්තා භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. කතමෙ සත්ත? ඉධ, භගිනියො, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙති...පෙ.... වීරියසම්බොජ්ඣඞ්ගං භාවෙති... පීතිසම්බොජ්ඣඞ්ගං භාවෙති... පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං භාවෙති... සමාධිසම්බොජ්ඣඞ්ගං භාවෙති... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමෙ ඛො, භගිනියො, සත්ත බොජ්ඣඞ්ගා යෙසං භාවිතත්තා බහුලීකතත්තා භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී’’ති.
414
“නැගණිවරුනි, යමෙකුන් වඩනලද බහුලවශයෙන් කරණලද භික්ෂුතෙම ආශ්‍රවයන් නැසීමෙන් අනාශ්‍රවවූ අර්හත් ඵල සමාධියට අර්හත් ඵල ප්‍රඥාවට මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට පැමිණ වාසය කෙරේද ඒ බොජ්ඣංග ධර්ම සතක් වෙත්. කවර සතක්දයත්? නැගණිවරුනි, මේ ශාසනයෙහි භික්ෂුතෙම විවේකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ නිරෝධය ඇසුරු කළාවූ කෙලෙස් දුරුකිරීම පිණිස පවත්නාවූ සති සම්බොජ්ඣංගය වඩයිද, ධම්මවිවය සම්බොජ්ඣංගය වඩයිද, විරිය සම්බොජ්ඣංගය වඩයිද, පීති සම්බොජ්ඣංගය වඩයිද, පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, සමාධි සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් දුරලීම පිණිස පවත්නාවූ උපෙක්ෂා සම්බොජ්ඣංගය වඩයිද, නැගණිවරුනි, මොහු වනාහි බොජ්ඣංග සතවෙත්. යම් ධර්ම කෙනෙකුන් වඩනලද බහුල වශයෙන් කරනලද භික්ෂුතෙම ආශ්‍රවයන් නැසීමෙන් අනාශ්‍රවවූ අර්හත් ඵල සමාධියටද, අර්හත්ඵල ප්‍රඥාවටද මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වාසය කෙරේද, ඔහුයි.
415
අථ ඛො ආයස්මා නන්දකො තා භික්ඛුනියො ඉමිනා ඔවාදෙන ඔවදිත්වා උය්‍යොජෙසි - ‘‘ගච්ඡථ, භගිනියො; කාලො’’ති. අථ ඛො තා භික්ඛුනියො ආයස්මතො නන්දකස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා ආයස්මන්තං නන්දකං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො තා භික්ඛුනියො භගවා එතදවොච -‘‘ගච්ඡථ, භික්ඛුනියො; කාලො’’ති. අථ ඛො තා භික්ඛුනියො භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු. අථ ඛො භගවා අචිරපක්කන්තීසු තාසු භික්ඛුනීසු භික්ඛූ ආමන්තෙසි - ‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, තදහුපොසථෙ පන්නරසෙ න හොති බහුනො ජනස්ස කඞ්ඛා වා විමති වා - ‘ඌනො නු ඛො චන්දො, පුණ්ණො නු ඛො චන්දො’ති, අථ ඛො පුණ්ණො චන්දොත්වෙව හොති; එවමෙව ඛො, භික්ඛවෙ, තා භික්ඛුනියො නන්දකස්ස ධම්මදෙසනාය අත්තමනා චෙව පරිපුණ්ණසඞ්කප්පා ච. තාසං, භික්ඛවෙ, පඤ්චන්නං භික්ඛුනිසතානං යා පච්ඡිමිතා භික්ඛුනී සා (යා පච්ඡිමා භික්ඛුනී, සා (සී. ස්‍යා. කං. පී.), යා පච්ඡිමිකා, තා භික්ඛුනියො (ක.)) සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායනා’’ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
415
“ඉක්බිති ආයුෂ්මත් නන්දක ස්ථවිර තෙමේ ඒ භික්ෂුණීන්ට මේ අවවාදයෙන් අවවාදකොට නැගණිවරුනි, යව් මේ සුදුසු කල්වේයයි” කාලයද දැන්වීය.
එකල්හි ඒ භික්ෂුණීහු අයුෂ්මත් නන්දක ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව, හුනස්නෙන් නැගිට ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් වහන්සේට වැඳ ප්‍රදක්ෂිණාකොට, භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද, එතැනට එළඹියාහුය. එළඹ භාග්‍යවතුන්වහන්සේට වැඳ එකත්පස්ව සිටියාහුය. එකත්පස්ව සිටියාවූම ඒ භික්ෂූණීන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය (වදාළේය.) “භික්ෂුණීවරුනි, මේ සුදුසු කාලය වේයයි” (වදාළේය.)
ඉක්බිති ඒ භික්ෂුණීහු භාග්‍යවතුන් වහන්සේට වැඳ ප්‍රදක්ෂිණා කොට ගියාහුය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුණීන් බැහැරගියාවූ නොබෝ කල්හි භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. “මහණෙනි, යම්සේක් එදවස්හිවූ පසළොස්වක් පොහොය ඇතිකල්හි සඳ අඩුද සම්පූර්ණදැයි බොහෝදෙනාට සැකයක් හෝ විමතියක් හෝ නොවේද සඳ සම්පූර්ණවූයේම වේද, මහණෙනි, එපරිද්දෙන්ම ඒ භික්ෂුණීහු නන්දකයාගේ ධර්මදේශනාවෙන් සතුටුසිත් ඇත්තාහුද, සම්පූර්ණවූ අදහස් ඇත්තාහුද වූහ. මහණෙනි, ඒ පන්සියයක් පමණ භික්ෂුණීන්ගෙන් පශ්චිමවූ යම් භික්ෂුණියක්වීද, ඕතොමෝ සෝවාන් වූවා අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තී නියත වූවා සම්බොධිය පිහිටකොට ඇත්තීවීයයි” වදාළේය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුයි.
5. චූළරාහුලොවාදසුත්තං 5. චූල රාහුලොවාද සූත්‍රය
6. ඡඡක්කසුත්තං 6. ඡඡක්ක සූත්‍රය
7. මහාසළායතනිකසුත්තං 7. මහාසළායතන සූත්‍රය
8. නගරවින්දෙය්‍යසුත්තං 8. නගරවින්දෙය්‍ය සූත්‍රය
9. පිණ්ඩපාතපාරිසුද්ධිසුත්තං 9. පිණ්ඩපාත පාරිශුද්ධි සූත්‍රය
10. ඉන්ද්‍රියභාවනාසුත්තං 10. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය