5. සළායතනවග්ගො | 5. සළායතන වර්ගය |
1. අනාථපිණ්ඩිකොවාදසුත්තං | 1. අනාථ පිණ්ඩිකොවාද සූත්‍රය |
383
එවං
‘‘එවං, භන්තෙ’’ති ඛො සො පුරිසො අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො පුරිසො භගවන්තං එතදවොච - ‘‘අනාථපිණ්ඩිකො, භන්තෙ, ගහපති ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. සො භගවතො පාදෙ සිරසා වන්දතී’’ති. යෙන චායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං
|
383
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවන නම්වූ අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණසේක. ඒ කාලයෙහි වනාහි අනාථපිණ්ඩික නම් ගෘහපති තෙමේ දැඩි ගිලන් වූයේ, හටගත් ආබාධ ඇත්තේ, දුකින් පෙළුනේවේ.
එකල්හි වනාහි අනාථපිණ්ඩික නම් ගෘහපති තෙමේ එක්තරා පුරුෂයෙකුට ආමන්ත්‍රණය කෙළේය. “එම්බා පුරුෂය, නුඹ එව. භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට එළඹෙව. එළඹ, මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් සිරසින් වඳුව. ‘ස්වාමීනි, අනාථපිණ්ඩික ගෘහපති තෙමේ හටගත් ආබාධ ඇත්තේ, දුකින් පෙළුනේ, දැඩි ගිලන්වූයේවේ. ඒ අනාථපිණ්ඩික ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් සිරසින් වඳීයයි,’ (වැඳ) මෙසේද කියව. ‘ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ අනාථපිණ්ඩික ගෘහපතියාගේ ගෘහය යම් තැනෙක්හිද, අනුකම්පාකර එහි වඩිනසේක් නම් මැනවැයි’ (කියව.)
“එසේය, ස්වාමීනි” කියා ඒ පුරුෂතෙම අනාථපිණ්ඩික ගෘහපතියාට උත්තරදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි එළඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසක හුන්නේය. එකත්පසක හුන්නාවූ ඒ පුරුෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කෙළේය. “ස්වාමීනි, අනාථපිණ්ඩික ගෘහපති තෙමේ හටගත් ආබාධ ඇත්තේ, දුකින් පෙළුනේ, දැඩි ගිලන්වූයේ වේ. ඒ සිටුතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් සිරසින් වඳින්නේය කියායි.” ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට වැඳ, එකත්පසක හුන්නේය. එකත්පසක හුන්නාවූ ඒ පුරුෂතෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේටද මෙපවත් සැළකෙළේය. “ස්වාමීනි, අනාථපිණ්ඩික ගෘහපති තෙමේ හටගත් ආබාධ ඇත්තේ, දුකින් පෙළුනේ, දැඩි ගිලන්වූයේ වේ. ඒ සිටුතෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ පාදයන් සිරසින් වඳින්නේය. මෙසේද කියයි. ‘ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අනාථපිණ්ඩික ගෘහපතිහුගේ ගෘහය යම් තැනෙක්හිද අනුකම්පා කර එහි එළඹෙනසේක් නම් මැනවැයි කියායි.’
ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නිශ්ශබ්ද වීමෙන් ඉවසූසේක.
|
384
අථ ඛො ආයස්මා සාරිපුත්තො නිවාසෙත්වා පත්තචීවරමාදාය ආයස්මතා ආනන්දෙන පච්ඡාසමණෙන යෙන අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ
‘‘න මෙ, භන්තෙ සාරිපුත්ත, ඛමනීයං න යාපනීයං. බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති; අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමො. සෙය්යථාපි, භන්තෙ සාරිපුත්ත, බලවා පුරිසො තිණ්හෙන සිඛරෙන
|
384
එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ හැඳ පොරවා පාත්‍ර සිව්රු රැගෙණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්වහන්සේ පශ්චාත් ශ්‍රමණයෙකු කොට (දෙවැන්නකු කොටගෙණ) අනාථපිණ්ඩික ගෘහපතිහුගේ ගෘහය යම් තැනෙක්හිද එතැන්හි එළඹියේය. එළඹ, පනවනලද අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, අනේපිඩු සිටුහුගෙන් “කිමෙක්ද? ගෘහපතිය, නුඹට ඉවසිය හැක්කේද? කිමෙක්ද? යැපිය හැක්කේද? කිමෙක්ද? දුක් වේදනාවෝ අඩුවෙත්ද නැතහොත් වැඩිවෙත්ද, අඩුවීමක් පෙනේද, වැඩිවීමක් පෙනේදැ?යි” ඇසූහ.
“ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය නොහැක්කේය. යැපිය නොහැක්කේය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩිවෙත්. අඩු නොවෙත්. අඩුවීමක් නොපෙනේ. වැඩිවීමම පෙනෙන්නේයයි” කීය. “ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම්සේ බලවත් පුරුෂයෙක් තෙමේ සියුම්වූ විදින කටුවකින් හිස විදින්නේ යම්සේද, ස්වාමීනි, ශාරීපුත්‍රයන් වහන්ස, එපරිද්දෙන්ම වනාහි ඉතා දැඩි වාතයෝ හිස විදින්නාහුය. ස්වාමීනි, මට ඉවසිය නොහැක්කේය. යැපිය නොහැක්කේය. මාගේ දැඩිවූ දුක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩීම පෙනෙන්නේය. අඩුවීම නොපෙනෙන්නේය.
“ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම්සේ බලවත් පුරුෂයෙක් තෙමේ දැඩිවූ වරපට කඩකින් හිසට හිස්වෙළුමක් දෙන්නේ යම්සේද, ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එපරිද්දෙන්ම වනාහි මාගේ හිස දැඩි වාතයෝ හාත්පස සිඳින්නාහුය. ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය නොහැක්කේය. යැපිය නොහැක්කේය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩීම පෙනෙන්නේය. අඩුවීම නොපෙනෙන්නේය. ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම්සේ දක්ෂවූ ගවඝාතකයෙක් හෝ ගවඝාතක අතවැසියෙක් හෝ සියුම්වූ ගෙරි කපන කැත්තෙන් බඩ කපන්නේ වේද, ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එපරිද්දෙන්ම වනාහි දැඩි වාතයෝ කුස හාත්පස කපන්නාහුය. ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය නොහැක්කේය. යැපිය නොහැක්කේය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙත් අඩු නොවෙත්. වැඩීම පෙනෙන්නේය. අඩුවීම නොපෙන්නේය.
“ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම්සේ වනාහි බලවත් පුරුෂයෝ දෙදෙනෙක් ඉතාදුර්වලවූ පුරුෂයෙකු වන වෙනම අත්වලින් අල්වාගෙණ අඟුරු වලෙක්හි තවන්නාහුද නැවත නැවත තවන්නාහුද, ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එපරිද්දෙන්ම ශරීරයෙහි දැඩි දාහය (දැවීම) වේ. ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය නොහැක්කේය. යැපිය නොහැක්කේය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩීම පෙනෙන්නේය. අඩුවීම නොපෙනෙන්නේයයි” (කී.)
|
385
‘‘තස්මාතිහ
‘‘තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න සොතං උපාදියිස්සාමි, න ච මෙ සොතනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න ඝානං උපාදියිස්සාමි, න ච මෙ ඝානනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න ජිව්හං උපාදියිස්සාමි, න ච මෙ ජිව්හානිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න කායං උපාදියිස්සාමි, න ච මෙ කායනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න මනං උපාදියිස්සාමි, න ච මෙ මනොනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං.
‘‘තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න රූපං උපාදියිස්සාමි, න ච මෙ රූපනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න සද්දං උපාදියිස්සාමි...පෙ.... න ගන්ධං උපාදියිස්සාමි... න රසං උපාදියිස්සාමි... න ඵොට්ඨබ්බං උපාදියිස්සාමි... න ධම්මං උපාදියිස්සාමි න
‘‘තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න චක්ඛුවිඤ්ඤාණං උපාදියිස්සාමි, න ච මෙ චක්ඛුවිඤ්ඤාණනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න සොතවිඤ්ඤාණං උපාදියිස්සාමි... න ඝානවිඤ්ඤාණං උපාදියිස්සාමි... න ජිව්හාවිඤ්ඤාණං උපාදියිස්සාමි... න කායවිඤ්ඤාණං උපාදියිස්සාමි... න මනොවිඤ්ඤාණං උපාදියිස්සාමි න ච මෙ මනොවිඤ්ඤාණනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං.
‘‘තස්මාතිහ
‘‘තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න චක්ඛුසම්ඵස්සජං වෙදනං උපාදියිස්සාමි, න ච මෙ චක්ඛුසම්ඵස්සජාවෙදනානිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ
|
385
“ගෘහපතිය, එසේනම් මේ කාරණයෙහිලා ඔබ විසින් මෙසේ හික්මිය යුත්තේය. ඇස මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ඇස ඇසුරු කළාවූ විඥානයෙක් නොවන්නේයයි, ගෘහපතිය, නුඹ විසින් මේ ආකාරයෙන් හික්මිය යුත්තේය.’ ගෘහපතිය, එහෙයින් නුඹ විසින් මේ කාරණයෙහිලා මෙසේ හික්මිය යුත්තේය. කණ මමය මාගේයයි නොගන්නෙමි. මාගේ කණ ඇසුරුකළාවූ විඥානයක් නොවන්නේයයි ගෘහපතිය, නුඹ විසින් මෙසේ හික්මිය යුත්තේය. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. නාසය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ නාසය ඇසුරු කළාවූ විඥානයක්ද නොවන්නේයයි, ගෘහපතිය මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. දිව මමය මාගේයයි නොගන්නෙමි. මාගේ දිව ඇසුරු කළාවූ, විඤ්ඤාණයක් නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. කය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ කය ඇසුරු කළාවූ විඤ්ඤාණයක් නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. සිත මමය මාගේයයි නොගන්නෙමි. මාගේ සිත ඇසුරු කළාවූ විඤ්ඤාණයක් නොවන්නේයයි ගෘහපතිය මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි.
“ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. රූපය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ රූපය ඇසුරු කළාවූ, විඤ්ඤාණයක් නොවන්නේයයි ගෘහපතිය, නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ශබ්දය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ශබ්දය ඇසුරු කළාවූ විඤ්ඤාණයක් නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ගන්ධය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ගන්ධය ඇසුරුකළාවූ, විඤ්ඤාණයක් නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. රසය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ‘රසය’ ඇසුරු කළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ස්පර්ශය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ‘ස්පර්ශ කළයුත්ත’ ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ධර්මාරමුණු මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ධර්මය ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි.
“ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ඇස පිළිබඳ විඤ්ඤාණය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ඇස පිළිබඳ විඤ්ඤාණය ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. කණ පිළිබඳ විඤ්ඤාණය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ කණ පිළිබඳ විඤ්ඤාණය ඇසුරු කළාවූ විඤ්ඤාණය නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. නාසය පිළිබඳ විඤ්ඤාණය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ නාසය පිළිබඳ විඤ්ඤාණය ඇසුරුකළාවූ, විඤ්ඤාණය නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. දිව පිළිබඳ විඤ්ඤාණය මමය මගේයයි නොගන්නෙමි. මාගේ දිව පිළිබඳ විඤ්ඤාණය ඇසුරු කළාවූ විඤ්ඤාණය නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. කය පිළිබඳ විඤ්ඤාණය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ කය පිළිබඳ විඤ්ඤාණය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ කය පිළිබඳ විඤ්ඤාණය ඇසුරුකළාවූ, විඤ්ඤාණය නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. සිත පිළිබඳ විඤ්ඤාණය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ සිත පිළිබඳ විඤ්ඤාණය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ සිත සිත පිළිබඳ විඤ්ඤාණය ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි.
“ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ඇස පිළිබඳ ස්පර්ශය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ඇස පිළිබඳ ස්පර්ශය ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. කණ පිළිබඳවූ ස්පර්ශය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ කණ පිළිබඳ ස්පර්ශය ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. නාසය පිළිබඳවූ ස්පර්ශය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ නාසය පිළිබඳ ස්පර්ශය ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. දිව පිළිබඳවූ ස්පර්ශය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ දිව පිළිබඳ ස්පර්ශය ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. කය පිළිබඳවූ ස්පර්ශය මමය. මාගේයයි නොගන්නෙමි. මාගේ කය පිළිබඳ ස්පර්ශය ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. සිත පිළිබඳවූ ස්පර්ශය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ සිත පිළිබඳවූ ස්පර්ශය ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි.
“ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ඇස පිළිබඳ ස්පර්ශයෙන් හටගත්තාවූ වේදනාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ ඇස පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. කණ පිළිබඳ ස්පර්ශයෙන් හටගත්තාවූ වේදනාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ කණ පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. නාසය පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ නාසය පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. දිව පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ දිව පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව ඇසුරු කළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. කය පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ කය පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව ඇසුරුකළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. සිත පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ සිත පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි.
|
386
‘‘තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න පථවීධාතුං උපාදියිස්සාමි, න ච මෙ පථවීධාතුනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න ආපොධාතුං උපාදියිස්සාමි... න තෙජොධාතුං උපාදියිස්සාමි... න වායොධාතුං උපාදියිස්සාමි... න ආකාසධාතුං උපාදියිස්සාමි... න විඤ්ඤාණධාතුං උපාදියිස්සාමි, න ච මෙ විඤ්ඤාණධාතුනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං.
‘‘තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න රූපං උපාදියිස්සාමි, න ච මෙ රූපනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න වෙදනං උපාදියිස්සාමි... න සඤ්ඤං උපාදියිස්සාමි... න සඞ්ඛාරෙ උපාදියිස්සාමි... න විඤ්ඤාණං උපාදියිස්සාමි, න ච මෙ විඤ්ඤාණනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං.
‘‘තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න ආකාසානඤ්චායතනං
‘‘තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න ඉධලොකං උපාදියිස්සාමි, න ච මෙ ඉධලොකනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න පරලොකං උපාදියිස්සාමි, න ච මෙ පරලොකනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘යම්පි මෙ දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුපරියෙසිතං අනුචරිතං මනසා තම්පි න උපාදියිස්සාමි, න ච මෙ තංනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බ’’න්ති.
|
386
“එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි පඨවි ධාතුව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ පඨවි ධාතුව ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ආපො ධාතුව මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ආපොධාතුව ඇසුරුකළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. තෙජොධාතුව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ තෙජොධාතුව ඇසුරුකළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. වායොධාතුව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ වායොධාතුව ඇසුරුකළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ආකාශ ධාතුව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ ආකාසධාතුව ඇසුරුකළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. විඤ්ඤාණධාතුව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ විඤ්ඤාණධාතුව ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි.
“එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. රූපය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ රූපය ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. වේදනාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ වේදනාව ඇසුරුකළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. සංඥාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ සංඥාව ඇසුරුකළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. සංස්කාරයන් මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ සංස්කාරයන් ඇසුරුකළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. විඤ්ඤාණය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ විඤ්ඤාණය ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි.
“ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මියයුතු ආකාශානඤ්චායතනය මමය මගේයයි නොගන්නෙමි. මාගේ ආකාසානඤ්චායතනය ඇසුරු කළාවූ විඥාණයද වෙන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. විඤ්ඤාණඤ්චායතනය මමය මගේයයි නොගන්නෙමි. මාගේ විඤ්ඤාණඤ්චායතනය ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් තොප විසින් මෙසේ හික්මිය යුතුයි. ආකිඤ්චඤ්ඤායතනය, මමය මගේයයි නොගන්නෙමි. මාගේ ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය මමය මගේයයි නොගන්නෙමි. මාගේ නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය ඇසුරු කළාවූ විඥානයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි.
“ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. මෙලොව කිසිවක් මමය මාගේයයි නොගන්නෙමි. මාගේ මෙලොව කිසිවක් ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. පරලොව කිසිවක් මමය මාගේයයි නොගන්නෙමි. මාගේ පරලොව කිසිවක් ඇසුරු කළාවූ විඥානයද නොවන්නේයයි. ගෘහපතිය, නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි.
“ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. යම් මේ දක්නාලද අසනලද ආඝ්‍රාණය කරනලද රස විඳිනලද ස්පර්ශ කරනලද සිතින් දැනගන්නාලද සොයන ලද හැසිරෙනලද දෙයකුත් වේද, ඒ සියල්ලද මමය මාගේ යයි නොගන්නෙමි. එය ඇසුරු කළාවූ මාගේ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයයි” වදාළේය.
|
387
එවං වුත්තෙ, අනාථපිණ්ඩිකො ගහපති පරොදි, අස්සූනි පවත්තෙසි. අථ ඛො ආයස්මා ආනන්දො අනාථපිණ්ඩිකං ගහපතිං එතදවොච - ‘‘ඔලීයසි ඛො ත්වං, ගහපති, සංසීදසි ඛො ත්වං, ගහපතී’’ති? ‘‘නාහං, භන්තෙ ආනන්ද, ඔලීයාමි, නපි සංසීදාමි; අපි ච මෙ දීඝරත්තං සත්ථා පයිරුපාසිතො මනොභාවනීයා ච භික්ඛූ; න ච මෙ එවරූපී ධම්මී
අථ ඛො ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච ආනන්දො අනාථපිණ්ඩිකං ගහපතිං ඉමිනා ඔවාදෙන ඔවදිත්වා උට්ඨායාසනා පක්කමිංසු. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති, අචිරපක්කන්තෙ ආයස්මන්තෙ ච සාරිපුත්තෙ ආයස්මන්තෙ ච ආනන්දෙ
‘‘ඉදඤ්හි තං ජෙතවනං, ඉසිසඞ්ඝනිසෙවිතං;
ආවුත්ථං ධම්මරාජෙන, පීතිසඤ්ජනනං මම.
‘‘කම්මං විජ්ජා ච ධම්මො ච, සීලං ජීවිතමුත්තමං;
එතෙන මච්චා සුජ්ඣන්ති, න ගොත්තෙන ධනෙන වා.
‘‘තස්මා හි පණ්ඩිතො පොසො, සම්පස්සං අත්ථමත්තනො;
යොනිසො විචිනෙ ධම්මං, එවං තත්ථ විසුජ්ඣති.
‘‘සාරිපුත්තොව
යොපි පාරඞ්ගතො භික්ඛු, එතාවපරමො සියා’’ති.
ඉදමවොච අනාථපිණ්ඩිකො දෙවපුත්තො. සමනුඤ්ඤො සත්ථා අහොසි. අථ ඛො අනාථපිණ්ඩිකො දෙවපුත්තො - ‘‘සමනුඤ්ඤො මෙ සත්ථා’’ති භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
|
387
මෙසේ කීකල්හි අනාථපිණ්ඩික ගෘහපතිතෙම හැඬූයේය. කඳුළු වැගිර වූයේය. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම අනේපිඩු සිටුහුට “ගෘහපතිය, නුඹ වනාහි සම්පත්තීන්හි ඇලෙන්නෙහිද? ගෘහපතිය, නුඹ වනාහි සම්පත්තීන්හි ගැලෙන්නෙහි දැයි” ඇසීය.
“ස්වාමීනි, ආනන්දස්ථවිරයන් වහන්ස, මම සම්පත්තීන්හි නොඇලෙන්නෙමි, නොගැලෙන්නෙමි. එතකුදු වූවත් මා විසින් බොහෝ කලක් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරන ලද්දේය. සිත දියුණු කළාවූ භික්ෂූහුද ඇසුරු කරණ ලද්දාහ. මාවිසින් මෙබඳු ධර්ම කථාවක් නොඅසනලදැයි” (කීයේය).
“ගෘහපතිය, සුදුවත් හඳනාවූ ගිහිවූවන්ට මෙබඳු ධර්මකථා නොවැටහේ. ගෘහපතිය, පැවිද්දන්ට වනාහි මෙබඳු ධර්ම කථා වැටහේයයි” කීය.
“ස්වාමීනි, ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එසේ වීනම් සුදුවත් හඳනාවූ ගිහිවූවන්ටද මෙබඳු ධර්ම කථා දේශනා කෙරේවා. ස්වාමීනි, ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ස්වල්ප කෙලෙස් සහගතවූ කුලපුත්‍රයෝ ඇත්තාහුමය, ධර්මය නොඇසීම හේතුකොටගෙන ඔව්හු පිරිහෙන්නාහුය. ධර්මය දැනගන්නාහු වන්නාහුයයි” කීය. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද, අනේපිඩු සිටුහට මේ අවවාදයෙන් අවවාද කොට හුනස්නෙන් නැගිට වැඩියාහුය. ඉක්බිති අනේපිඩු සිටුතෙම ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද, වැඩිය නොබෝ කලකින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු තුසිත දිව්‍යලෝකයට උත්පත්ති වශයෙන් පැමිණියේය.
“එකල්හි අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රතෙම ඉක්ම ගියාවූ රාත්‍රියෙහි බබළන වර්ණ ඇත්තේ සියලු ජේතවනාරාමය ආලෝක කොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසක සිටියේය. එකත් පසක සිටියාවූ අනාථපිණ්ඩික නම් දිව්‍ය පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට ගාථාවලින් (මෙය) කීයේය.
[1] “ඍෂි සමූහයා විසින් නිතර සේවනය කරණ ලද්දාවූ ධර්මරාජන්වූ භාග්‍යවතුන් වහන්සේ විසින් වැඩ වසන ලද්දාවූ ඒ මේ ජේතවනාරාමය මට ප්‍රීති උපද වන්නක් වේ.
[2] “(මාර්ග චේතනාවූ) කර්මයද (මාර්ග ප්‍රඥාවවූ) විද්‍යාවද (සමාධිය පාක්ෂිකවූ) කර්මයද ශීලයෙන් යුක්තවූ උතුම් ජීවිතයද, යන මෙයින් සත්වයෝ පිරිසිදු වෙත්. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ පිරිසිදු නොවෙත්.
[3] “එහෙයින් තමහට වැඩ කැමැත්තාවූ නුවණැති පුරුෂතෙම ධර්මය නුවණින් සොයන්නේය. මෙසේ ඒ ආර්‍ය්‍ය මාර්ගයෙන් පිරිසිදුවේ.
[4] “ප්‍රඥාවෙන්ද, ශීලයෙන්ද, සංසිඳීමෙන්ද ශාරිපුත්‍ර ස්ථවිරතෙමේම ප්රධානවේ. යම් භික්ෂුවක් වනාහි පරතෙරට ගියේවේද (නිවණට ගියේවේද) ඒ සියල්ලන්ට වඩා මේ සැරියුත් තෙරුන් වහන්සේම උතුම් වන්නේය” යනුයි.
අනාථ පිණ්ඩික නම් දිව්‍යපුත්‍රතෙම මෙය ප්‍රකාශ කෙළේය. ශාස්තෲන් වහන්සේ අනුමත කළසේක. ඉක්බිති අනාථ පිණ්ඩික නම් දිව්‍යපුත්‍රතෙම “ශාස්තෲන් වහන්සේ මාගේ කීම අනුමත කළසේකැයි” භාග්‍යවතුන් වහන්සේට වැඳ ප්රදක්ෂිණාකොට එහිම අතුරුදහන් වූයේය.
|
388
අථ ඛො භගවා තස්සා රත්තියා අච්චයෙන භික්ඛූ ආමන්තෙසි - ‘‘ඉමං, භික්ඛවෙ, රත්තිං අඤ්ඤතරො දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සො දෙවපුත්තො මං ගාථාහි අජ්ඣභාසි -
‘‘ඉදඤ්හි තං ජෙතවනං, ඉසිසඞ්ඝනිසෙවිතං;
ආවුත්ථං ධම්මරාජෙන, පීතිසඤ්ජනනං මම.
‘‘කම්මං විජ්ජා ච ධම්මො ච, සීලං ජීවිතමුත්තමං;
එතෙන මච්චා සුජ්ඣන්ති, න ගොත්තෙන ධනෙන වා.
‘‘තස්මා
යොනිසො විචිනෙ ධම්මං, එවං තත්ථ විසුජ්ඣති.
‘‘සාරිපුත්තොව පඤ්ඤාය, සීලෙන උපසමෙන;
යොපි පාරඞ්ගතො භික්ඛු, එතාවපරමො සියා’’ති.
‘‘ඉදමවොච
එවං
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
|
388
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිහුගේ ඉක්මීමෙන් භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. “මහණෙනි, මේ රාත්‍රියෙහි එක්තරා දිව්‍යපුත්‍රයෙක් ඉක්ම ගියාවූ රාත්‍රිය ඇති කල්හි බබළන ශරීර වර්ණය ඇත්තේ සියලු ජේතවනාරාමය බබුළුවා මම යම් තැනෙක්හිද, එතැනට එළඹුණේය. එළඹ මට වැඳ එකත්පස්ව සිටියේය. මහණෙනි, එකත්පස්ව සිටියාවූ ඒ දිව්‍යපුත්‍ර තෙම මට ගාථාවලින් මෙසේ කීයේය,
[1] “ඍෂි සමූහයා විසින් නිතර සේවනය කරන ලද්දාවූ, ධර්මරාජන්වූ භාග්‍යවතුන් වහන්සේ විසින් වැඩ වසන ලද්දාවූ ඒ මේ ජේතවනාරාමය මට ප්‍රීති උපද වන්නක්වේ.
[2] “(මාර්ග චේතනාවූ) ධර්මයද, (මාර්ග ප්‍රඥාවවූ) වීද්යාවද, (සමාධිපාක්ෂිකවූ) කර්මයද, ශීලයෙන් යුක්තවූ උතුම් ජීවිතයද යන මෙයින් සත්වයෝ පිරිසිදුවෙත්. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ පිරිසිදු නොවෙත්.
[3] “එහෙයින් තමහට වැඩ කැමැත්තාවූ, නුවණ ඇති පුරුෂතෙම ධර්මය නුවණින් සොයන්නේය. මෙසේ ආර්‍ය්‍ය මාර්ගයෙන් පිරිසිදුවේ.
[4] ප්‍රඥාවෙන්ද, ශීලයෙන්ද, සංසිඳීමෙන්ද ශාරිපුත්රයන්ම ප්රධානවේ. යම් භික්ෂුවක් වනාහි පරතෙරට ගියේ වේද මේ සැරියුත් තෙරුන් වහන්සේම ප්‍රධාන වන්නාහ.
“මහණෙනි, ඒ දිව්‍යපුත්‍රතෙම ශාස්තෲන් වහන්සේ මාගේ වචනය අනුමත කළසේකැයි මට වැඳ ප්රදක්ෂිණා කොට එහිම අතුරුදහන්වීයයි.”
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය. “ස්වාමීනි, ඒ මේ දිව්‍යපුත්‍රතෙමේ වනාහි ඒකාන්තයෙන් අනාථපිණ්ඩික නම් දිව්‍යපුත්‍රතෙම වන්නේය. ස්වාමිනි, අනාථපිණ්ඩික ගෘහපතිතෙම ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් කෙරෙහි අචලවූ ප්‍රසාද ඇත්තෙක් වූයේය” කියායි.
“ආනන්දය, යහපත, යහපත, ආනන්දය, යම්තාක්ම කල්පනා කිරීමෙන් පැමිණිය යුතුද ඒතාක්ම නුඹ විසින් පැමිණෙන ලද්දේය. ආනන්දය, හෙතෙම අනාථපිණ්ඩික නම් දිව්‍යපුත්‍රයාවේ. අනිකෙක් නොවේයයි” වදාළේය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටුවූ සිත් ඇති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය.
|
2. ඡන්නොවාදසුත්තං | 2. ඡන්නොවාද සූත්‍රය |
389
එවං
අථ ඛො ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාචුන්දො යෙනායස්මා ඡන්නො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා ආයස්මතා ඡන්නෙන සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං
‘‘න මෙ, ආවුසො සාරිපුත්ත, ඛමනීයං න යාපනීයං. බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති; අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමො. සෙය්යථාපි
|
389
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්දක නිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වැඩ වසනසේක, එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ හටගත් ආබාධ ඇත්තේ දුකින් පෙළුනේ දැඩි ගිලන්වූයේ වෙයි. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සවස් වේලෙහි පල සමවතින් නැගී සිටියේ, ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේට මෙය සැල කෙළේය. “ඇවැත්වූ චුන්දය, අපි ආයුෂ්මත් ඡන්න තෙම යම් තැනෙක්හිද එතැනට ඔහුගේ අසනීප විමසනු සඳහා යමුයයි” කීහ.
“ඇවැත්නි, එසේයයි’ කියා ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිර තෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹුනාහුය. එළඹ ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූවාහුය. සතුටු වියයුතු සිහිකටයුතුවූ කථාව කොට නිමවා එකත්පසක හුන්නාහුය. එකත්පසක හුන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේගෙන් “ඇවැත්වූ ඡන්නය, කිමෙක්ද තොපට ඉවසිය හැකිද? කිම යැපිය හැකිද, කිම දුක් වේදනාවෝ අඩුවෙත්ද නොවැඩෙත්ද, අඩුවීමක් පැනේද වැඩිදියුණුවීම නොපැනේදැයි” ඇසූහ.
“ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය නොහැක. යැපිය නොහැක. මාගේ දැඩිවූ දුක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩිවන බව පෙනේ. අඩුවන බවක් නොපෙනේයයි” ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම්සේ බලවත් පුරුෂයෙක් සියුම්වූ විදින කටුවකින් හිස විදින්නේද, ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස මෙපරිද්දෙන්ම මාගේ බලවත් වාතයෝ හිස විදින්නාහ. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ඉවසිය නොහැක. යැපිය නොහැක. දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩිවන බව පෙනේ. අඩුවන බව නොපෙනේ. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම්සේ බලවත් පුරුෂයෙක් දැඩිවූ වරපටකින් හිසෙහි හිස් වෙළුමක් දෙන්නේද, ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එපරිද්දෙන්ම මාගේ බලවත්වූ වාතයෝ හිස සිඳින්නාහුය. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය නොහැක. යැපිය නොහැක. දැඩිවූ මාගේ දුක්වේදනාවෝ වැඩෙත්. අඩුනොවෙත්. වැඩිවන බැව් පෙනේ, අඩුවන බවක් නොපෙනේ. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්ස, යම්සේත් දක්ෂවූ ගවඝාතකයෙක් හෝ ගවඝාතකයෙකුගේ අතවැසියෙක් හෝ සියුම් ගෙරිකපන කැත්තෙන් කුස කපන්නේද, ඇවැත්වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එපරිද්දෙන්ම බලවත්වූ වාතයෝ කුස කපන්නාහුය. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය හැකි නොවේ. යැපිය හැකි නොවේ. දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩෙන බව පෙනේ. අඩුවන බවක් නොපෙනේ. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්ස, යම්සේ බලවත්වූ පුරුෂයෝ දෙදෙනෙක් ඉතා දුර්වල පුරුෂයෙකු වෙන වෙනම අත්වලින් අල්වාගෙණ අඟුරු වලෙක්හි ලා තවන්නාහුද, නැවත නැවත තවන්නාහුද, ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එපරිද්දෙන්ම මාගේ ශරීරයෙහි බලවත්වූ දාහයක්වේ. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය හැකි නොවේ. යැපිය හැකි නොවේ. දැඩිවූ මාගේ දුක් වේදනා වැඩෙත්. අඩු නොවෙත්. වැඩිවන බව පැනේ. අඩුවන බව නොපැනේයයි” කීය. “ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ආයුධයකින් ගෙල සිඳින්නෙමි. ජීවිතය බලාපොරොත්තු නොවෙමියි, (කීයේය.)
|
390
‘‘මායස්මා ඡන්නො සත්ථං ආහරෙසි. යාපෙතායස්මා ඡන්නො. යාපෙන්තං මයං ආයස්මන්තං ඡන්නං ඉච්ඡාම. සචෙ ආයස්මතො ඡන්නස්ස නත්ථි සප්පායානි භොජනානි, අහං ආයස්මතො ඡන්නස්ස සප්පායානි භොජනානි පරියෙසිස්සාමි. සචෙ ආයස්මතො ඡන්නස්ස නත්ථි සප්පායානි භෙසජ්ජානි, අහං ආයස්මතො ඡන්නස්ස සප්පායානි භෙසජ්ජානි පරියෙසිස්සාමි. සචෙ ආයස්මතො ඡන්නස්ස නත්ථි පතිරූපා උපට්ඨාකා, අහං ආයස්මන්තං ඡන්නං උපට්ඨහිස්සාමි. මායස්මා ඡන්නො සත්ථං ආහරෙසි. යාපෙතායස්මා ඡන්නො. යාපෙන්තං මයං ආයස්මන්තං ඡන්නං ඉච්ඡාමා’’ති.
‘‘නපි මෙ, ආවුසො සාරිපුත්ත, නත්ථි සප්පායානි භොජනානි; නපි මෙ නත්ථි සප්පායානි භෙසජ්ජානි; නපි මෙ නත්ථි පතිරූපා උපට්ඨාකා; අපි චාවුසො සාරිපුත්ත
|
390
“ආයුෂ්මත් ඡන්න තෙමේ ආයුධයකින් දිවි තොර කර නොගණීවා. ආයුෂ්මත් ඡන්න තෙමේ යැපේවා. ආයුෂ්මත් ඡන්නයන්ගේ යැපීම (ජීවත්වීම) අපි බලාපොරොත්තු වෙමු. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සැපවූ ආහාර නැත්නම් මම ආයුෂ්මත් ඡන්නයන්ට සැපවූ ආහාර සපයන්නෙමි. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සැපවූ බෙහෙත් නැතිනම් මම ආයුෂ්මත් ඡන්නයන්ට සැපවූ බෙහෙත් සපයන්නෙමි. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසුවූ උපස්ථානයෙක් නැතිනම් මම ආයුෂ්මත් ඡන්නයන්ට උපස්ථාන කරන්නෙමි. ආයුෂ්මත් ඡන්න තෙමේ ආයුධ ගෙන දිවි නසා නොගණීවා. ආයුෂ්මත් ඡන්න තෙමේ යැපේවා. ආයුෂ්මත් ඡන්නයන්ගේ යැපීම අපි අපෙක්ෂා කරමු.”
“ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට සැපවූ ආහාර නැත්තේද නොවෙයි. මට සැපවූ බෙහෙත් නැත්තේද නොවෙයි. මට සුදුසුවූ උපස්ථායකයෙක් නැත්තේද නොවෙයි. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එතකුදු වුවත් මා විසින් ශාස්තෲන්වහන්සේ බොහෝකලක් මනාපයෙන්ම සේවනය කරනලදී. අමනාපයෙන් නොවේ. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ශාස්තෲන්වහන්සේ මනාපයෙන්ම සේවනය කරන්නේය. අමනාපයෙන් නොවේය යන යමක් වේද, මෙය වනාහි ශ්රාවකයා හට සුදුසුය. ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්ස, ඡන්න භික්ෂුතෙම නැවත උත්පත්තියක් නැතුව ආයුධයකින් දිවි තොරකර ගන්නේයයි” දනු මැනවයි” කීය. “ඉදින් ආයුෂ්මත් ඡන්න තෙමේ ප්‍රශ්න ඇසීමට අවකාශ කෙරේනම්, අපි ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්ගෙන් කිසියම් කාරණයක් අසන්නෙමු” “ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, අසනු මැනව. අසා දැනගන්නෙයි.” (කීයේය.)
|
391
‘‘චක්ඛුං, ආවුසො ඡන්න, චක්ඛුවිඤ්ඤාණං චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ ‘එතං මම, එසොහමස්මි, එසො
‘‘චක්ඛුං, ආවුසො සාරිපුත්ත, චක්ඛුවිඤ්ඤාණං චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සාමි. සොතං, ආවුසො සාරිපුත්ත...පෙ.... ඝානං, ආවුසො සාරිපුත්ත... ජිව්හං, ආවුසො සාරිපුත්ත... කායං, ආවුසො සාරිපුත්ත... මනං, ආවුසො සාරිපුත්ත, මනොවිඤ්ඤාණං මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සාමී’’ති.
|
391
“ඇවැත්වූ ඡන්නය, ඇසය, ඇසෙහි උපදින විඤ්ඤාණය, ඇසෙහි උපදින විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය යන මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි දක්නෙහිද, ඇවැත්වූ ඡන්නය, කණය, කණෙහි උපදින විඤ්ඤාණය කණ පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය. (යන මොවුන්) මෙය මාගේය මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මයයි දක්නෙහිද? ඇවැත්වූ ඡන්නය, නාසය, නාසයෙහි උපදින විඤ්ඤාණය, (නාසය පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේය, මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මයයි දක්නෙහිද, ඇවැත්වූ ඡන්නය, දිවය, දිවෙහි උපදින විඤ්ඤාණය දිව පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය, (යන මොවුන්) මෙය මාගේය. මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මයයි දක්නෙහිද, ඇවැත්වූ ඡන්නය කයය, කයෙහි උපදින විඤ්ඤාණය, කය පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය, (යන මොවුන්) මෙය මාගේය, මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මයයි දක්නෙහිද, ඇවැත්වූ ඡන්නය, මනොවිඤ්ඤාණය, මනො විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය යන මෙය මාගේය, මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මයයි, දක්නෙහිදැයි?” (ඇසුවේය.)
“ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ඇසය, ඇස පිළිබඳවූ විඤ්ඤාණය ඇස පිළිබඳ විඤ්ඤාණයෙන් දත යුතු ධර්මයන්ය යන මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මයයි නොදක්නෙමි. ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, කණය කණ පිළිබඳවූ විඤ්ඤාණය කණ පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මයයි නොදකිමි. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස නාසය, නාසය පිළිබඳවූ විඥානය නාසය පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය. (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මයයි නොදකිමි. ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, දිවය දිව පිළිබඳවූ විඥානය දිව පිළිබඳ වූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මයයි නොදකිමි. ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, කයය කය පිළිබඳවූ විඤ්ඤාණය කය පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මයයි නොදකිමි. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්ස, මනසය මනස පිළිබඳවූ විඥානය මනස පිළිබඳ විඥානයෙන් දතයුතුවූ ධර්මයන්ය, යන මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දක්නෙමියි” (කීයේය.)
|
392
‘‘චක්ඛුස්මිං, ආවුසො ඡන්න, චක්ඛුවිඤ්ඤාණෙ චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු කිං දිස්වා කිං අභිඤ්ඤාය චක්ඛුං චක්ඛුවිඤ්ඤාණං චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සසි? සොතස්මිං, ආවුසො ඡන්න, සොතවිඤ්ඤාණෙ
‘‘චක්ඛුස්මිං
|
392
“ආයුෂ්මත්වූ ඡන්න ස්ථවිරයෙනි, ඇසෙහි ඇස පිළිබඳවූ විඥානයෙහි, ඇස පිළිබඳවූ විඥානයෙන් දතයුතු ධර්මයන් කෙරෙහි කුමක් දැක කුමක් දැන, ඇසය, ඇස පිළිබඳවූ විඥානය, ඇස පිළිබඳවූ විඥානයෙන් දතයුතු ධර්මයන්ය යන මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දක්නෙහිද, ආයුෂ්මත්වූ ඡන්න ස්ථවිරයෙනි, කණෙහිද කණ පිළිබඳවූ විඥානයෙහිද, කණ පිළිබඳ වූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දක්නෙහිද? ආයුෂ්මත්වූ ඡන්න ස්ථවිරයෙනි, නාසයෙහිද, නාසය පිළිබඳවූ විඥානයෙහිද, නාසය පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දක්නෙහිද? ආයුෂ්මත්වූ ඡන්න ස්ථවිරයෙනි, දිවෙහිද දිව පිළිබඳවූ විඥානයෙහිද, දිව පිළිබඳවූ, විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දක්නෙහිද? ආයුෂ්මත්වූ ඡන්න ස්ථවිරයෙනි, කයෙහිද කය පිළිබඳවූ විඥානයෙහිද, කය පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දක්නෙහිද? ආයුෂ්මත්වූ ඡන්න ස්ථවිරයෙනි, මනසෙහිද, මනස පිළිබඳවූ විඥානයෙහිද, මනස පිළිබඳ විඥානයෙන් දතයුතු ධර්මයන්කෙරෙහිද, කුමක් දැක, කුමක් දැන මනසය, මනස පිළිබඳවූ විඥානය, මනස පිළිබඳවූ විඥානයෙන් දතයුතු ධර්මයන්ය, යන මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දක්නෙහිදැයි,” (ඇසීය.)
ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ඇසෙහිද ඇස පිළිබඳවූ විඥානයෙහිද, ඇස පිළිබඳවූ විඥානයෙන් දතයුතු ධර්මයන් කෙරෙහිද, නිරුද්ධවීම දැක නිරුද්ධවීම දැන ඇසය ඇස පිළිබඳවූ විඥානය ඇස පිළිබඳවූ විඥානයෙන් දතයුතුවූ ධර්මයන්ය යන මෙය මාගේ නොවෙයි, මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දකිමි. ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්ස, කණෙහිද, කණ පිළිබඳවූ විඥානයෙහිද, කණ පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දකිමි. ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, නාසයෙහිද, නාසය පිළිබඳවූ විඥානයෙහිද, නාසය පිළිබඳවූ, විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය යන මොවුන් මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දකිමි. ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, දිවෙහිද දිව පිළිබඳවූ විඥානයෙහිද, දිව පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි, මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දකිමි. ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, කයෙහිද, කය පිළිබඳවූ විඥානයෙහිද, කය පිළිබඳවූ, විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දකිමි. ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මනසෙහිද, මනස පිළිබඳවූ විඥානයෙහිද මනස පිළිබඳවූ විඥානයෙන් දතයුතු ධර්මයන් කෙරෙහිද නිරුද්ධවීම දැක, නිරුද්ධවීම දැන මනසය මනස පිළිබඳවූ විඥානය මනස පිළිබඳවූ විඥානයෙන් දතයුතු වූ ධර්මයන් යන මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දකිමියි” (කීයේය.)
|
393
එවං වුත්තෙ, ආයස්මා මහාචුන්දො ආයස්මන්තං ඡන්නං එතදවොච - ‘‘තස්මාතිහ, ආවුසො ඡන්න, ඉදම්පි තස්ස භගවතො සාසනං
(වචනං (සී.)), නිච්චකප්පං මනසි කාතබ්බං - ‘නිස්සිතස්ස චලිතං, අනිස්සිතස්ස චලිතං
|
393
මෙසේ කීකල්හි ආයුෂ්මත්වූ චුන්ද ස්ථවිර තෙම ආයුෂ්මත්වූ ඡන්න ස්ථවිරයන්ට මෙය කීයේය. “ආයුෂ්මත්වූ ඡන්න ස්ථවිරයෙනි, එහෙයින් මෙහි මේ ඒ භාග්‍යවතුන්වහන්සේගේ වචනය නිතර මෙනෙහි කටයුතුයි. තෘෂ්ණා දෘෂ්ටීන් ඇසුරුකළවුන්ට කම්පාවීම ඇත්තේය. තෘෂ්ණා දෘෂ්ටීන් ඇසුරු නොකළවුන්ට කම්පාවීමක් නැත්තේය. කම්පාවීමක් නැතිකල්හි කෙලෙසුන්ගේ සංසිඳීම ඇතිවෙයි. සංසිඳීම ඇති කල්හි ඇලීම නැතිවෙයි, ඇලීම නැතිකල්හි ප්රතිසන්ධි වශයෙන් ඊමද චුතවීම් වශයෙන් යාමද නොවේ. යාම්ඊම් නැති කල්හි චුතවීම හා උත්පත්තිය නොවේ, චුතවීම හා උත්පත්තිය නැතිකල්හි මේ ලෝකයෙහිද පරලෝකයෙහිද ඒ දෙලොවෙහිම නොවේ. මෙයට දුක්ඛයාගේ කෙළවරවේය” (කියායි.)
එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේද ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්වහන්සේට මේ අවවාදයෙන් අවවාදකොට, හුනස්නෙන් නැගිට වැඩියාහුය.
|
394
අථ ඛො ආයස්මා ඡන්නො අචිරපක්කන්තෙ ආයස්මන්තෙ ච සාරිපුත්තෙ ආයස්මන්තෙ ච මහාචුන්දෙ සත්ථං ආහරෙසි. අථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච - ‘‘ආයස්මතා, භන්තෙ, ඡන්නෙන සත්ථං ආහරිතං. තස්ස කා ගති, කො අභිසම්පරායො’’ති? ‘‘නනු තෙ, සාරිපුත්ත, ඡන්නෙන භික්ඛුනා සම්මුඛායෙව අනුපවජ්ජතා බ්යාකතා’’ති? ‘‘අත්ථි, භන්තෙ, පුබ්බජිරං
(පප්පජිතඤ්හිතං (ක.), උපවජ්ජිතං (ක.), පුබ්බවිජ්ජනං, පුබ්බවිජ්ඣනං, පුබ්බවිචිරං (සංයුත්තකෙ)) නාම වජ්ජිගාමො. තත්ථායස්මතො ඡන්නස්ස මිත්තකුලානි සුහජ්ජකුලානි උපවජ්ජකුලානී’’ති. ‘‘හොන්ති
(පොසන්ති (ක.)) හෙතෙ, සාරිපුත්ත, ඡන්නස්ස භික්ඛුනො මිත්තකුලානි සුහජ්ජකුලානි උපවජ්ජකුලානි. නාහං, සාරිපුත්ත, එත්තාවතා
ඉදමවොච
|
394
ඉක්බිති ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් චුන්ද ස්ථවිරයන් වහන්සේද, බැහැර ගිය නොබෝ කල්හි ආයුධයකින් දිවි තොර කර ගත්තේය. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ භාග්‍යවතුන්වහන්සේට වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. “ස්වාමීනි, ආයුෂ්මත් ඡන්නයන් විසින් ආයුධයකින් දිවි තොරකරගන්නා ලදී. උන්වහන්සේගේ ගතිය කවරීද පරලොව කවරේදැයි” ඇසූහ. “ශාරීපුත්‍රය, ඡන්න භික්ෂුව විසින් තොප ඉදිරියෙහිදීම නැවත උත්පත්තියක් නැතියි ප්‍රකාශ කරනලද්දේ නොවේද?”
“ස්වාමීනි, පුබ්බජ්ජිර නම් වජ්ජිග්‍රාමයක් ඇත්තේය. එහි ආයුෂ්මත් ඡන්නයන්ගේ මිත්‍රවූ කුලගෙවල් යහලු කුලගෙවල් එළඹියයුතු ගෙවල් ඇත්තේයයි” කීයේය. “ශාරීපුත්‍රය ඡන්න නම් භික්ෂුහුගේ මේ මිත්‍රවූ කුලයෝ යහළු කුලයෝ එළඹියයුතු කුලයෝ වෙත්මය. ශාරීපුත්‍රය, මම මෙතෙක් එළඹිය යුත්තෙකැයි නොකියමි. ශාරීපුත්‍රය, යමෙක් වනාහි මේ කයත් බහා තබාද අන්‍යවූ කයකුත් ගනීද මම ඔහු එළඹිය යුත්තෙකැයි කියමි. ඡන්න නම් භික්ෂුවට එය නැත්තේය. ඡන්නනම් භික්ෂුතෙමේ නැවත උත්පත්තියක් නොගෙන ආයුධයෙන් දිවි නැති කෙළේය.” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටුසිත් ඇත්තාවූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේ භාග්‍යවතුන්වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේ යි.
|
3. පුණ්ණොවාදසුත්තං | 3. පුණ්ණොවාද සූත්‍රය |
395
එවං
‘‘සන්ති ඛො, පුණ්ණ, චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තං චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දී
(නන්දි (ස්‍යා. කං.)). ‘නන්දීසමුදයා දුක්ඛසමුදයො, පුණ්ණා’ති වදාමි.
‘‘සන්ති ඛො, පුණ්ණ, සොතවිඤ්ඤෙය්යා සද්දා... ඝානවිඤ්ඤෙය්යා ගන්ධා... ජිව්හාවිඤ්ඤෙය්යා රසා... කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා... මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තං චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො
‘‘සන්ති
‘‘සන්ති
‘‘ඉමිනා ච ත්වං පුණ්ණ, මයා සංඛිත්තෙන ඔවාදෙන ඔවදිතො කතරස්මිං ජනපදෙ විහරිස්සසී’’ති? ‘‘ඉමිනාහං, භන්තෙ, භගවතා සංඛිත්තෙන ඔවාදෙන ඔවදිතො, අත්ථි සුනාපරන්තො නාම ජනපදො, තත්ථාහං විහරිස්සාමී’’ති.
|
395
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත්වූ පුණ්ණ ස්ථවිරතෙමේ සවස් වේලෙහි ඵලසමවතින් නැගීසිටියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූ ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය.
“ස්වාමීන් වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගෙන් යම් ධර්මයක් අසා හුදකලා වූයේ, ගණයාගෙන් වෙන් වූයේ, අප්‍රමාද වූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ එබඳු සංක්ෂෙප අවවාදයකින් මට අවවාද කරණසේක් නම් යහපතී” කියායි. “පුණ්ණ, එසේ වීනම් අසව, යහපත්කොට මෙනෙහි කරව, කියන්නෙමි”යි වදාළේය. “එසේය, ස්වාමීන් වහන්සැ”යි ආයුෂ්මත්වූ පුණ්ණ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
“පුණ්ණය, ඇසින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ (කම් සැප ගෙනදෙන්නාවූ) ඇලුම් කරන්නාවූ රූපයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටුවේද, එය හොඳය, හොඳයයි කියයිද, එයට බැසගෙන සිටීද, එයට සතුටුවන්නාවූ එය හොඳය හොඳයයි කියන්නාවූ, එයට බැසගෙන සිටින්නාවූ ඔහුට ආශාව උපදියි. පුණ්ණය, ආශාව හටගැණීමෙන් දුක් හටගැණීම වේයයි කියමි.
“පුණ්ණය, කණින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ, “ශබ්දයෝ” වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටුවේද, එය හොඳය හොඳයයි කියාද, එයට බැස ගෙන සිටීද, එයට සතුටුවන්නාවූ එය හොඳය හොඳයයි කියන්නාවූ, එයට බැසගෙන සිටින්නාවූ, ඔහුට ආශාව උපදියි. පුණ්ණය, ආශාව හටගැණීමෙන් දුක් හටගැණීම වේයයි කියමි.
“නාසයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ, ගන්ධයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටුවේද, එය හොඳය හොඳයයි කියාද, එයට බැසගෙන සිටීද, එයට සතුටු වන්නාවූ, එය හොඳය හොඳයයි කියන්නාවූ, එයට බැසගෙන සිටින්නාවූ ඔහුට ආශාව උපදියි. පුණ්ණය, ආශාව හටගැණීමෙන් දුක් හටගැණීම වේයයි කියමි.
“දිවෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ, රසයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටුවේද, එය හොඳය හොඳයයි කියාද, එයට බැසගෙන සිටීද, එයට සතුටු වන්නාවූ, එය හොඳය හොඳයයි කියන්නාවූ, එයට බැසගෙන සිටින්නාවූ, ඔහුට ආශාව උපදියි. පුණ්ණය, ආශාව හටගැණීමෙන් දුක් හටගැණීම වේයයි කියමි.
“කයින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ ස්පර්ශයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටු වේද එය හොඳය හොඳයයි කියාද, එයට බැසගෙන සිටීද, එයට සතුටු වන්නාවූ, එය හොඳය හොඳයයි කියන්නාවූ, එයට බැසගෙන සිටින්නාවූ, ඔහුට ආශාව උපදියි. පුණ්ණය, ආශාව හටගැණීමෙන් දුක් හටගැණීම වේයයි කියමි.
“සිතින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප පිණිස පවතින්නාවූ, ඇලුම් කටයුතුවූ, ධර්මයෝද වෙත්මය.
“ඉදින් මහණතෙම එයට සතුටු වෙයිද, එය හොඳය, හොඳයයි කියයිද, එයට බැසගෙන සිටීද, එයට සතුටු වන්නාවූ එය හොඳය හොඳයයි කියන්නාවූ එයට බැසගෙන සිටින්නාවූ, ඒ මහණහට ආශාව උපදියි. පුණ්ණය, ආශාව හටගැණීමෙන් දුක් හටගැණීම වේයයි කියමි. පුණ්ණ, ඇසින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇළුම් කරන්නාවූ, රූපයෝද වෙත්ද ඉදින් මහණතෙම එයට සතුටු නොවේද, එය හොඳය හොඳයයි නොකියාද, එයට බැසගෙන නොසිටීද, එයට සතුටු නොවන්නාවූ, එය හොඳය හොඳයයි නොකියන්නාවූ, එයට බැසගෙන නොසිටින්නාවූ ඔහුගේ ආශාව නිරුද්ධවේ. පුණ්ණ ආශාව නිරුද්ධවීමෙන් දුක් නිරුද්ධවීම වේයයි කියමි.
“පුණ්ණ, කණින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ, ශබ්දයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටු නොවේද, එය හොඳය හොඳයයි නොකියාද, එයට බැස ගෙන නොසිටීද, එයට සතුටු නොවන්නාවූ, ඒ ගැන එය හොඳය හොඳයයි නොකියන්නාවූ, එයට බැසගෙන නොසිටින්නාවූ, ඔහුගේ ආශාව නැතිවේ. ආශාව නැතිවීමෙන් දුක් නැතිවීම වේයයි කියමි.
“නාසයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ ඇලුම් කටයුතුවූ, ගන්ධයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටු නොවේද, එය හොඳය හොඳයයි නොකියාද, එයට බැසගෙන නොසිටීද, එයට සතුටු නොවන්නාවූ, ඒ ගැන එය හොඳය හොඳයයි නොකියන්නාවූ, එයට බැසගෙන නොසිටින්නාවූ, ඔහුගේ ආශාව නැතිවේ. ආශාව නැතිවීමෙන් දුක් නැතිවීම වේයයි කියමි.
“දිවෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ, රසයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටු නොවේද, එය හොඳය හොඳයයි නොකියාද, එයට බැසගෙන නොසිටීද, එයට සතුටු නොවන්නාවූ, ඒ ගැන එය හොඳය හොඳයයි නොකියන්නාවූ, එයට බැසගෙන නොසිටින්නාවූ, ඔහුගේ ආශාව නැතිවේ. ආශාව නැතිවීමෙන් දුක් නැතිවේයයි කියමි.
“කයින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ, ස්පර්ශයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටු නොවේද, එය හොඳය හොඳයයි නොකියාද, එයට බැස ගෙන නොසිටීද, එයට සතුටු නොවන්නාවූ, ඒ ගැන එය හොඳය හොඳයයි නොකියන්නාවූ, එයට බැසගෙන නොසිටින්නාවූ, ඔහුගේ ආශාව නැතිවේ. ආශාව නැතිවීමෙන් දුක් නැතිවීම වේයයි කියමි.
“සිතින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇළුම් කටයුතුවූ ධර්මයෝ වෙත්මය.
“ඉදින් මහණතෙම එයට සතුටු නොවේද, එය හොඳය හොඳයයි නොකියාද, එයට බැසගෙන නොසිටීද, එයට සතුටු නොවන්නාවූ, එය නොකියන්නාවූ, එයට බැසගෙන නොසිටින්නාවූ, ඔහුගේ ආශාව නිරුද්ධවේ. පුණ්ණ, ආශාව නිරුද්ධවීමෙන් දුක් නිරුද්ධවීම වේයයි කියමි.
“පුණ්ණ, මා විසින් මේ සංක්ෂෙප අවවාදයෙන් අවවාද කරණ ලද්දාවූ නුඹ, කිනම් ජනපදයක වාසය කරන්නෙහිද?”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සංක්ෂෙප අවවාදයෙන් අවවාද කරනු ලැබූ මම සුනාපරන්ත නම් ජනපදයක් ඇත්තේය. එහි වාසය කරන්නෙමි.”
|
396
‘‘චණ්ඩා ඛො, පුණ්ණ, සුනාපරන්තකා මනුස්සා; ඵරුසා ඛො, පුණ්ණ, සුනාපරන්තකා මනුස්සා. සචෙ තං, පුණ්ණ, සුනාපරන්තකා මනුස්සා අක්කොසිස්සන්ති පරිභාසිස්සන්ති, තත්ථ තෙ, පුණ්ණ, කින්ති භවිස්සතී’’ති? ‘‘සචෙ මං, භන්තෙ, සුනාපරන්තකා මනුස්සා අක්කොසිස්සන්ති පරිභාසිස්සන්ති, තත්ථ මෙ එවං භවිස්සති - ‘භද්දකා
(භද්රකා (ක.)) වතිමෙ සුනාපරන්තකා
‘‘සචෙ පන තෙ, පුණ්ණ, සුනාපරන්තකා මනුස්සා පාණිනා පහාරං දස්සන්ති, තත්ථ පන තෙ, පුණ්ණ, කින්ති භවිස්සතී’’ති? ‘‘සචෙ මෙ, භන්තෙ, සුනාපරන්තකා මනුස්සා පාණිනා පහාරං දස්සන්ති, තත්ථ මෙ එවං භවිස්සති - ‘භද්දකා වතිමෙ සුනාපරන්තකා මනුස්සා, සුභද්දකා වතිමෙ සුනාපරන්තකා මනුස්සා, යං මෙ නයිමෙ ලෙඩ්ඩුනා පහාරං දෙන්තී’ති. එවමෙත්ථ, භගවා, භවිස්සති; එවමෙත්ථ, සුගත, භවිස්සතී’’ති.
‘‘සචෙ පන තෙ, පුණ්ණ, සුනාපරන්තකා මනුස්සා ලෙඩ්ඩුනා පහාරං දස්සන්ති, තත්ථ පන තෙ, පුණ්ණ, කින්ති භවිස්සතී’’ති? ‘‘සචෙ මෙ, භන්තෙ, සුනාපරන්තකා මනුස්සා
‘‘සචෙ
‘‘සචෙ පන තෙ, පුණ්ණ, සුනාපරන්තකා මනුස්සා සත්ථෙන පහාරං දස්සන්ති, තත්ථ පන තෙ, පුණ්ණ, කින්ති භවිස්සතී’’ති? ‘‘සචෙ මෙ, භන්තෙ, සුනාපරන්තකා මනුස්සා සත්ථෙන පහාරං දස්සන්ති, තත්ථ මෙ එවං භවිස්සති - ‘භද්දකා වතිමෙ සුනාපරන්තකා මනුස්සා, සුභද්දකා වතිමෙ සුනාපරන්තකා මනුස්සා, යං මං
(යං මෙ (සී. පී. ක.)) නයිමෙ තිණ්හෙන සත්ථෙන ජීවිතා වොරොපෙන්තී’ති. එවමෙත්ථ, භගවා, භවිස්සති; එවමෙත්ථ, සුගත, භවිස්සතී’’ති.
‘‘සචෙ පන තං, පුණ්ණ, සුනාපරන්තකා මනුස්සා තිණ්හෙන සත්ථෙන ජීවිතා වොරොපෙස්සන්ති, තත්ථ පන තෙ, පුණ්ණ, කින්ති භවිස්සතී’’ති? ‘‘සචෙ මං, භන්තෙ, සුනාපරන්තකා මනුස්සා තිණ්හෙන සත්ථෙන ජීවිතා වොරොපෙස්සන්ති, තත්ථ මෙ එවං භවිස්සති - ‘සන්ති ඛො භගවතො සාවකා කායෙ ච ජීවිතෙ ච අට්ටීයමානා හරායමානා ජිගුච්ඡමානා සත්ථහාරකං පරියෙසන්ති. තං මෙ ඉදං අපරියිට්ඨංයෙව සත්ථහාරකං ලද්ධ’න්ති. එවමෙත්ථ, භගවා, භවිස්සති; එවමෙත්ථ, සුගත, භවිස්සතී’’ති. ‘‘සාධු, සාධු, පුණ්ණ! සක්ඛිස්සසි ඛො ත්වං, පුණ්ණ, ඉමිනා දමූපසමෙන සමන්නාගතො සුනාපරන්තස්මිං ජනපදෙ විහරිතුං. යස්සදානි ත්වං, පුණ්ණ, කාලං මඤ්ඤසී’’ති.
|
396
පුණ්ණ, සුනාපරන්ත ජනපද වැසි මිනිස්සු චණ්ඩය. පුණ්ණ, සුනාපරන්ත ජනපද වැසි මිනිසුන් රෞද්‍රය. පුණ්ණ, ඉදින් තොපට සුනාපරන්ත වැසි මිනිස්සු ආක්‍රොෂ කරන්නාහුද, පරිභව කරන්නාහුද? පුණ්ණය, එහිදී තට කෙබඳු සිතක් වන්නේද?”
“ස්වාමීනි, ඉදින් මට සුනාපරන්ත වැසි මිනිස්සු ආක්‍රොෂ කරන්නාහුද, පරිභව කරන්නාහුද, එහිදී මට මෙබඳු සිතක් වන්නේය. ඒකාන්තයෙන් යහපත්වෙත්. ‘මේ සුනාපරන්ත වැසි මිනිස්සු ඒකාන්තයෙන් වඩා යහපත් වෙත්. යම් හෙයකින් මොවුහු මට අතින් පහර නොදෙත්ද, (එහෙයිනි.) භාග්‍යවතුන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය.”
“පුණ්ණ, ඉදින් වනාහි තොපට සුනාපරන්ත වැසි මිනිස්සු අතින් පහර දෙන්නාහු නම්, පුණ්ණ, එහිදී වනාහි තොපට කෙබඳු සිතක් වන්නේද?”
“ස්වාමීනි, ඉදින් මට සුනාපරන්ත දනව් වැසි මිනිස්සු අතින් පහර දෙන්නාහු නම් එහිදී මට මෙබඳු සිතක් වන්නේය. ‘මේ සුනාපරන්ත දනව්වැසි මිනිස්සු ඒකාන්තයෙන් යහපත්ය. මේ සුනාපරන්ත දනව් වැසි මිනිස්සු ඒකාන්තයෙන් ඉතා යහපත්ය. යම් හෙයකින් මොව්හු මට කැටකින් පහර නොදෙත්ද, එහෙයිනි, භාග්‍යවතුන් වහන්ස මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය.”
“පුණ්ණ, ඉදින් වනාහි තොපට සුනාපරන්ත දනව් වැසි මිනිස්සු කැටයකින් පහර දෙන්නාහු නම්, පුණ්ණ, එහිදී වනාහි තොපට කෙබඳු සිතක් වන්නේද?”
“ස්වාමීනි, ඉදින් මට සුනාපරන්ත දනව් වැසි මිනිස්සු කැටකින් පහර දෙන්නාහු නම් එහිදී මට මෙබඳු සිතක් වන්නේය. ‘ඒකාන්තයෙන් මේ සුනාපරන්ත දනව් වැසි මිනිස්සු යහපත්ය. ඒකාන්තයෙන් මේ සුනාපරන්ත දනව් වැසි මිනිස්සු ඉතා යහපත්ය. යම් හෙයකින් මට මොව්හු දණ්ඩකින් පහර නොදෙත්ද, එහෙයිනි.’ භාග්‍යවතුන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය.”
“පුණ්ණ ඉදින් වනාහි තොපට සුනාපරන්ත දනව් වැසි මිනිස්සු දණ්ඩෙන් පහර දෙන්නාහු නම්, පුණ්ණ තොපට එහිදී වනාහි කෙබඳු සිතක් වන්නේද?”
“ස්වාමීනි, ඉදින් වනාහි මට සුනාපරන්ත දනව් වැසි මිනිස්සු දණ්ඩෙන් පහර දෙන්නාහු නම්, එහිදී මට මෙබඳු සිතක් වන්නේය. ඒකාන්තයෙන් මේ සුනාපරන්ත දනව් වැසි මිනිස්සු යහපත්ය, ඒකාන්තයෙන් මේ සුනාපරන්ත දනව් වැසි මිනිස්සු ඉතා යහපත්ය. යම් හෙයකින් මට මේ මිනිස්සු ආයුධයකින් පහර නොදෙත්ද, එහෙයිනි’ භාග්‍යවතුන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය”
“පුණ්ණ ඉදින් වනාහි තොපට සුනාපරන්ත දනව් වැසි මිනිස්සු ආයුධයෙන් පහර දෙන්නාහු නම්, පුණ්ණ එහි වනාහි තොපට කෙබඳු සිතක් වන්නේද?”
“ස්වාමීනි, ඉදින් මට සුනාපරන්ත දනව් වැසි මිනිස්සු ආයුධයෙන් පහර දෙන්නාහු නම් එහිදී මට මෙබඳු සිතක් වන්නේය. ‘ඒකාන්තයෙන් මේ සුනාපරන්ත දනව් වැසි මිනිස්සු යහපත්ය. ඒකාන්තයෙන් මේ සුනාපරන්ත දනව් වැසි මිනිස්සු ඉතා යහපත්ය. යම් හෙයකින් මට මේ මිනිස්සු සියුම් ආයුධයකින් මා ජීවිතයෙන් තොර නොකෙරෙත්ද, (එහෙයිනි.)’ භාග්‍යවතුන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය.”
“පුණ්ණ, ඉදින් වනාහි සුනාපරන්ත දනව් වැසි මිනිස්සු සියුම් ආයුධයකින් තා ජීවිතයෙන් තොර කරන්නාහු නම්, පුණ්ණ, එහිදී තොපට කෙබඳු සිතක් වන්නේද?”
“ස්වාමීනි, ඉදින් මා සුනාපරන්ත දනව් වැසි මිනිස්සු සියුම් ආයුධයකින් ජීවිතයෙන් තොර කෙරෙත්ද, එහිදී මට මෙබඳු සිතක් වන්නේය. ශරීරයත් ජීවිතයත් පිළිකුල් කරනු ලබමින් දිවිනැසීම පිණිස ආයුධ තනන්නවුන් සොයන්නාවූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙත්මය. මා විසින් ඒ මේ ආයුධයෙන් දිවි තොර කරන්නෝ නොසොයාම ලදහ.’ භාග්‍යවතුන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය.”
“පුණ්ණ, යහපත යහපත පුණ්ණ, නුඹ මේ ඉන්ද්රිය දමනයෙන් හා සංසිඳීමෙන් යුක්තවූයේ සුනාපරන්ත නම් දනව්වෙහි වාසය කරන්ට හැකිවන්නෙහිමය. පුණ්ණ, දැන් නුඹ යම් අදහස් කෙළෙහි නම් ඊට සුදුසු කාලය දනුවයි” (වදාළේය.)
|
397
අථ ඛො ආයස්මා පුණ්ණො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා
අථ
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
|
397
ඉක්බිති ආයුෂ්මත් පුණ්ණ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ප්රදක්ෂිණා කොට සෙනස්න තැන්පත් කොට තබා පාත්‍ර සිව්රු ගෙණ සුනාපරන්ත ජනපදය යම් තැනෙක්හිද එහි චාරිකාවෙහි ගියේය. පිළිවෙළින් චාරිකා කරන්නේ සුනාපරන්ත නම් ජනපදය යම් තැනෙක්හිද එතැනට ගියේය.
‘එකල්හි ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයන් වහන්සේ සුනාපරන්ත නම් ජනපදයෙහි වාසය කරත්. ඉක්බිති ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයන් වහන්සේ ඒ වස්කාලය තුළම පන්සියයක් පමණ උපාසකවරු පිළියෙළ කළේය. ඒ වස්කාලය තුළම පන්සියයක් පමණ උපාසිකාවරු පිළියෙළ කෙළේය. ඒ වස්කාලය තුළම ත්‍රිවිද්‍යාව ප්රත්යක්ෂ කෙළේය. ඉක්බිති ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරතෙමේ මෑතකලෙක්හි පිරිනිවියේය.
“එකල්හි බොහෝවූ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක් හිද එතැනට එළඹුනාහුය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පස්ව හුන්නාහුය. එකත් පස්ව හුන්නාවූම ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළාහුය.
“ස්වාමීනි, යම් ඒ පුණ්ණ නම් කුලපුත්‍රයෙක් තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙප අවවාදයෙන් අවවාද කරණ ලද්දේද, හෙතෙම කළුරිය කළේය.
“ඔහුගේ ගතිය කුමක්ද? පරලොව කුමක්ද?”
“මහණෙනි පුණ්ණ නම් කුලපුත්‍ර තෙමේ පණ්ඩිතය ධර්මානුධර්ම ප්‍රතිපත්තියට පිළිපන්නේය. ධර්මාවබොධය කරුණු කොට මට වෙහෙස නොකෙළේය. මහණෙනි, පුණ්ණ නම් කුලපුත්‍ර තෙමේ, පිරිනිවියේයයි” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.
|
4. නන්දකොවාදසුත්තං | 4. නන්දකොවාද සූත්‍රය |
398
එවං
තෙන ඛො පන සමයෙන ථෙරා භික්ඛූ භික්ඛුනියො ඔවදන්ති පරියායෙන. ආයස්මා නන්දකො න ඉච්ඡති භික්ඛුනියො ඔවදිතුං පරියායෙන. අථ
අථ ඛො භගවා ආයස්මන්තං නන්දකං ආමන්තෙසි - ‘‘ඔවද, නන්දක, භික්ඛුනියො; අනුසාස, නන්දක, භික්ඛුනියො; කරොහි ත්වං, බ්‍රාහ්මණ, භික්ඛුනීනං ධම්මිං කථ’’න්ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා
|
398
මා විසින් මෙසේ අසනලදී එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ පන්සියයක් පමණවූ භික්ෂුණීන් සමග භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට එළඹියාය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පස්ව සිටියාය. එකත් පස්ව සිටියාවූ මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළාය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූණීන්ට අවවාද කරණ සේක්වා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූණීන්ට අනුශාසනා කරණ සේක්වා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූණීන්ට ධර්ම කථාව කරණ සේක්වා” යනුයි.
“එකල්හි වනාහි ස්ථවිර භික්ෂූහු වාරවශයෙන් භික්ෂූණීන්ට අවවාද කරත්. ආයුෂ්මත් නන්දක ස්ථවිර තෙමේ වනාහි වාරවශයෙන් භික්ෂූණීන්ට අවවාද කරන්ට නොකැමැති වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්දස්ථවිරයන්ට ආමන්ත්‍රණය කළසේක. “ආනන්දය, වාරවශයෙන් භික්ෂූණීන්ට අවවාද කිරීම සඳහා අද කවරෙකුගේ වාරය වේදැයි” ඇසූහ.
“ස්වාමීනි, වාරවශයෙන් භික්ෂූණීන්ට අවවාද කිරීම සඳහා අද නන්දක ස්ථවිරයන්ගේ වාරයවේ. ස්වාමීනි, මේ ආයුෂ්මත් නන්දකස්ථවිර තෙම වාරය වශයෙන් භික්ෂූණීන්ට අවවාද කරන්ට නොකැමැති වේයයි” කීය.
“එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ නන්දකස්ථවිරයන්ට ආමන්ත්‍රණය කළසේක. “නන්දකය, භික්ෂූණීන්ට අවවාද කරව, නන්දකය, භික්ෂුණීන්ට අනුශාසනා කරව. බ්‍රාහ්මණය, නුඹ භික්ෂුණීන්ට ධර්ම කථාව කරවයි” (වදාළේය.)
“එසේය ස්වාමීන් වහන්සැයි, ඒ ආයුෂ්මත්වූ නන්දක ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තරදී පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිව්රු ගෙණ සැවැත් නුවරට පිඬුපිණිස පිවිසියේය. සැවැත්නුවර පිඩු පිණිස හැසිර පසු බත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුනේ දෙවැන්නෙකු ඇතිව රාජකාරාමය යම් තැනෙක්හිද එැතනට එළඹියේය.
“ඒ භික්ෂුණීහු දුරදීම එන්නාවූ ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් දුටුවාහුමය, දැක ආසනයක් පැනවූවාහුය, පා සේදීමට දියද එලෙව්වාහුය. ආයුෂ්මත් නන්දක ස්ථවිර තෙමේ පනවනලද ආසනයෙහි වැඩ හුන්නේමය. වැඩහිඳ පා සේදූයේය. ඒ භික්ෂුණීහුද ආයුෂ්මත්වූ නන්දක ස්ථවිරයන්ට වැඳ එකත් පස්ව හුන්නාහුය. එකත් පස්ව හුන්නාවූ ඒ භික්ෂුණීන්ට ආයුෂ්මත් නන්දක ස්ථවිර තෙමේ මෙය ප්‍රකාශ කෙළේය. “නැගණිවරුනි, ප්‍රශ්න කොට කීමක් වන්නේය. එහි දන්නවුන් විසින් දනිමුයි, කියයුතු වන්නේය. නොදන්නවුන් විසින් නොදනිමුයි කියයුතු වන්නේය. යම් භික්ෂුණියකට සැකයක් හෝ විමතියක් හෝ වන්නේද, එය ‘ස්වාමීනි, මෙය කෙසේද මෙහි අර්ථය කවරේදැයි, මගෙන්ම ඇසිය යුත්තේය.’ (ප්‍රකාශ කෙළේය.)
“ස්වාමීනි, ආර්‍ය්‍යවූ නන්දක ස්ථවිරයන් වහන්සේ අපට යමක් පවරාද එපමණකින්ම අපි ආර්‍ය්‍යවූ නන්දක ස්ථවිරයන් වහන්සේට සතුටු සිත් ඇත්තේ කැමැතිවූවෝ වෙමුයි” කීවාහුය.
|
399
‘‘තං කිං මඤ්ඤථ, භගිනියො, චක්ඛු නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං
|
399
“නැගණි වරුනි, ඒ කුමකැයි හඟිව්ද? ඇස නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය”
“යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැපවේද?”
“ස්වාමීනි, දුක්ය”
“යමක් වනාහි අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන ස්වභාව ඇත්තේ නම් එය, මාගේය එය මම වෙමියි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?”
“ස්වාමීනි, (සුදුසු) නොවේමය” “නැගණිවරුණි, කුමකැයි හඟිව්ද, කණ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය
“නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’
“ස්වාමීනි, අනිත්‍යය”
“කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යය නම් එය දුක හෝ සැප හෝ වේද?”
“ස්වාමීනි, දුකය. ‘යමක් වනාහි අනිත්‍යය නම්, දුක නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම් එය, මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?”
“ස්වාමීනි, එය (සුදුසු) නොවේමැයි”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, මෙසේද මෙසේ මාගේ අධ්‍යාත්මික ආයතන සය අනිත්‍ය වෙත්යයි අප විසින් පළමු කොටම මෙය තත්වූ පරිදි මනා නුවණින් දක්නා ලදී”
“නැගණිවරුනි, යහපත, යහපත. නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නාවූ, ආර්‍ය්‍යශ්‍රාවකයාහට ඒ කාරණය එසේමය.
|
400
‘‘තං කිං මඤ්ඤථ, භගිනියො, රූපා නිච්චා වා අනිච්චා වා’’ති? ‘‘අනිච්චා, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිං මඤ්ඤථ, භගිනියො, සද්දා නිච්චා වා අනිච්චා වා’’ති? ‘‘අනිච්චා, භන්තෙ...පෙ.... ගන්ධා නිච්චා වා අනිච්චා වා’’ති? ‘‘අනිච්චා, භන්තෙ’’... ‘‘රසා නිච්චා වා අනිච්චා වා’’ති? ‘‘අනිච්චා, භන්තෙ’’... ‘‘ඵොට්ඨබ්බා නිච්චා වා අනිච්චා වා’’ති? ‘‘අනිච්චා
|
400
“නැගණිවරුනි, ඒ කුමකැයි හඟිව්ද, රූපයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙත්ද?” “ස්වාමීනි, අනිත්‍ය වෙත්.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම් එය, මාගේය, එය මම වෙමියි, එය මාගේ ආත්මයයි, දැක්මට සුදුසුද?”
“ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “නැගණිවරුනි, ඒ කුමකැයි හඟිව්ද?” ශබ්දයෝ නිත්‍ය හෝ
අනිත්‍ය හෝ වෙත්ද?” “ස්වාමීනි, අනිත්‍ය වෙත්.” “ගන්ධයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?” “ස්වාමීනි, අනිත්‍ය වෙත්.” “රසයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?” “ස්වාමීනි, අනිත්‍ය වෙත්.” “ස්පර්ශයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?” “ස්වාමීනි, අනිත්‍ය වෙත්.” “ධර්මයෝ නිත්‍ය හෝ අනිත්‍ය වෙත්ද?” “ස්වාමීනි, අනිත්‍ය වෙත්.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි, දකින්ට සුදුසුද?”
“ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, මෙසේද, මෙසේ මේ බාහිරවූ ආයතනයෝ සදෙන අනිත්‍ය වෙත්යයි අප විසින් පළමුකොටම තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් මනාකොට දක්නාලදී.”
“නැගණිවරුනි, යහපත, යහපත, නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නාවූ ආර්‍ය්‍යශ්‍රාවකයාහට ඒ කාරණය එසේමයි.”
|
401
‘‘තං කිං මඤ්ඤථ, භගිනියො, චක්ඛුවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං
|
401
“නැගණිවරුනි, ඒ කුමකැයි හඟිව්ද, චක්ඛු විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, එය දුක හෝ සැප හෝ වේද?”
“ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, දුක නම්, පෙරළෙන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැක්මට සුදුසුද?”
“ස්වාමීනි, එය නොවේමැයි.”
“නැගණිවරුනි, ඒ කුමකැයි හඟිව්ද? සොතවිඤ්ඤාණය
නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“ඝාණවිඤ්ඤාණය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“නැගණිවරුනි, ඒ කුමකැයි හඟිව්ද? ජිව්හා විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?”
“ස්වාමීනි අනිත්‍යය”
“නැගණිවරුනි, ඒ කුමකැයි හඟිව්ද? මනොවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’
“ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, විපරිනාම ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දක්නට සුදුසුද?”
“ස්වාමීනි, මෙය නුසුදුසුමැයි.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, මෙසේද, මෙසේ මේ විඤ්ඤාණකායයෝ සදෙන අනිත්‍යයෝයයි අප විසින් පළමුකොටම තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් මනාකොට දක්නාලදී.”
“නැගණිවරුනි, යහපත, යහපත. නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නාවූ ආර්‍ය්‍යශ්‍රාවකයාහට ඒ කාරණය එසේමැයි.”
|
402
‘‘සෙය්යථාපි
|
402
“නැගණිවරුනි, යම්සේත් ඇවිලෙන්නාවූ තෙල් පහණක්හුගේ තෙලද අනිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තේ වේද, පහන් වැටියද අනිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තීද, පහන් සිළුවද අනිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තීද, ආලෝකයද අනිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තීද, නැගණිවරුනි, යමෙක් වනාහි මෙසේ කියන්නේද, ‘ඇවිලෙන්නාවූ මේ තෙල් පහණෙහි තෙලද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තේය. පහන්වැටියද අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තීය. පහන් සිලද අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තීය. ඒ පහණේ යම් ආලෝකයක් වේද, එය නිත්‍යය. ස්ථිරය, ශාස්වතය, වෙනස් නොවන ස්වභාව ඇත්තීයයි’ (කියන්නේද), නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම මනාකොට කියන්නේද?”
“ස්වාමීනි, එසේ නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, මේ ඇවිලෙන්නාවූ තෙල් පහණේ තෙලද අනිත්‍ය නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, පහන්සිලද අනිත්‍ය නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එහි ආලෝකය අනිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තේයයි කියනුම කවරේද?”
“නැගණිවරුනි, මෙපරිද්දෙන්ම මේ අධ්‍යාත්මිකවූ ආයතනයෝ සදෙන වනාහි අනිත්‍යයෝය. ‘අධ්‍යාත්මිකවූ ආයතනයන් සදෙන නිසා යම් සැපයක් හෝ දුකක් හෝ උපෙක්ෂාවක් හෝ විඳීද, එය නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය. නොනැසෙන ස්වභාව ඇත්තේයයි’ යමෙක් කියන්නේද, නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම එය මනාකොට කියන්නේද?”
“ස්වාමීනි, එසේ නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
“ඒ ඒ වේදනා උපදින හේතූන් නිසා ඒ ඒ හේතුවෙන් හටගත්තාවූ වේදනාවෝ උපදිත්. ඒ ඒ වේදනා උපදින හේතූන්ගේ නිරුද්ධවීමෙන් ඒ ඒ හේතුවෙන් හටගත් වේදනාවෝ නිරුද්ධවෙත්, එහෙයිනි.”
“නැගණිවරුනි, යහපත, යහපත. නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නාවූ ආර්‍ය්‍යශ්‍රාවකයෙකුට ඒ කාරණය එසේමැයි.”
|
403
‘‘සෙය්යථාපි, භගිනියො, මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො මූලම්පි අනිච්චං විපරිණාමධම්මං, ඛන්ධොපි අනිච්චො විපරිණාමධම්මො, සාඛාපලාසම්පි අනිච්චං විපරිණාමධම්මං, ඡායාපි අනිච්චා විපරිණාමධම්මා. යො නු ඛො, භගිනියො, එවං වදෙය්ය - ‘අමුස්ස මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො මූලම්පි අනිච්චං විපරිණාමධම්මං, ඛන්ධොපි අනිච්චො විපරිණාමධම්මො, සාඛාපලාසම්පි අනිච්චං විපරිණාමධම්මං, යා ච ඛ්වාස්ස ඡායා සා නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා’ති; සම්මා නු ඛො සො, භගිනියො, වදමානො වදෙය්යා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘අමුස්ස හි, භන්තෙ, මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො මූලම්පි අනිච්චං විපරිණාමධම්මං, ඛන්ධොපි අනිච්චො විපරිණාමධම්මො, සාඛාපලාසම්පි අනිච්චං විපරිණාමධම්මං; පගෙවස්ස ඡායා අනිච්චා විපරිණාමධම්මා’’ති. ‘‘එවමෙව ඛො, භගිනියො, යො නු ඛො එවං වදෙය්ය - ‘ඡ ඛොමෙ බාහිරා ආයතනා
|
403
“නැගණිවරුනි, යම්සේත් පිහිටියාවූ හර ඇත්තාවූ මහත්වූ වෘක්ෂයක්හුගේ මුලත් අනිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තේ වේද, කඳත් අනිත්‍යවූයේ වෙනස්වන ස්වභාව ඇත්තේද, අතු හා කොළද අනිත්‍යවූයේ වෙනස්වන ස්වභාව ඇත්තේද, සෙවනැල්ලද අනිත්‍යවූවා පෙරළෙන ස්වභාව ඇත්තීද, නැගණිවරුනි, යමෙක් වනාහි පිහිටියාවූ සාරවත්වූ මේ මහත්වූ වෘක්ෂයාගේ මුලත් අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය. කඳත් අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය. අතු හා කොළත් අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය. ගසේ යම් ඡායාවක් වන්නීද, එය නිත්‍යවූ ස්ථිරවූ සදාකාලිකවූ වෙනස් නොවන්නකැයි මෙසේ කියන්නේද, නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම වනාහි මනාකොට කියන්නේද?”
“ස්වාමීනි, එසේ නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, පිහිටියාවූ සාරවත්වූ මේ මහත්වූ වෘක්ෂයාගේ වනාහි මුලත් අනිත්‍ය නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, කඳත් අනිත්‍ය නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, අතු හා කොළත් අනිත්‍ය නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, ගසේ ඡායාවත් අනිත්‍යවූ වෙනස්වන බවක් ඇත්තීයයි කියනුම කවරේද?”
‘නැගණිවරුනි, එපරිද්දෙන්ම යමෙක් වනාහි මේ බාහිරවූ ආයතනයෝ සදෙන වනාහි අනිත්‍යයෝය, වෙනස්වන ස්වභාව ඇත්තෝය. බාහිරවූ ආයතනයෝ සදෙන නිසා යම් සැපක් හෝ දුකක් හෝ උපෙක්ෂාවක් හෝ විඳිම්ද, එය නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය, වෙනස් නොවන ස්වභාව ඇත්තේයයි මෙසේ කියන්නේද, නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම වනාහි මනාකොට කියන්නේද?”
“එසේ නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, ඒ ඒ වේදනාව උපදින හේතූන් ඒ ඒ හේතුවෙන් හටගන්නාවූ වේදනාවෝ උපදිත්. ඒ ඒ වේදනා උපදින හේතූන්ගේ නිරුද්ධවීමෙන් ඒ ඒ හේතුවෙන් උපදින වේදනාවෝ නිරුද්ධවෙත්, එහෙයිනි.”
“නැගණිවරුනි, යහපත, යහපත. නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නාවූ ආර්‍ය්‍යශ්‍රාවකයෙකුට ඒ කාරණය එසේමැයි.”
|
404
‘‘සෙය්යථාපි, භගිනියො, දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා ගාවිං වධිත්වා තිණ්හෙන ගොවිකන්තනෙන ගාවිං සඞ්කන්තෙය්ය අනුපහච්ච අන්තරං මංසකායං අනුපහච්ච බාහිරං චම්මකායං. යං යදෙව තත්ථ අන්තරා විලිමංසං
(විලිමං (සී. පී. ක.)) අන්තරා න්හාරු අන්තරා බන්ධනං තං තදෙව තිණ්හෙන ගොවිකන්තනෙන
‘‘උපමා ඛො මෙ අයං, භගිනියො, කතා අත්ථස්ස විඤ්ඤාපනාය. අයමෙවෙත්ථ අත්ථො; ‘අන්තරා මංසකායො’ති ඛො, භගිනියො, ඡන්නෙතං අජ්ඣත්තිකානං ආයතනානං අධිවචනං; ‘බාහිරො චම්මකායො’ති ඛො භගිනියො, ඡන්නෙතං බාහිරානං ආයතනානං අධිවචනං; ‘අන්තරා විලිමංසං, අන්තරා න්හාරු, අන්තරා බන්ධන’න්ති ඛො, භගිනියො, නන්දීරාගස්සෙතං අධිවචනං; ‘තිණ්හං
|
404
“නැගණිවරුනි, යම්සේ දක්ෂවූ ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ දෙනක් මරා සියුම්වූ ගෙරි කපන කැත්තෙන් ගවදෙන මසටද තුවාල නොකොට, සමටද තුවාල නොකොට, සමත් මසත් අතර බැඳුණු යම් නහර වැදලි ඇත්නම් ඒ ඒ නහරවැදලි පමණක් තියුණු ආයුධයෙන් කපන්නේද, සිඳින්නේද, කපා සිඳ සමගසා ඒ පිට සමින්ම ඒ ගවදෙන වසා පෙරසේම ඒ ගවදෙන ඒ සමින් යුක්තවූවායයි කියන්නේ නම්, නැගණිවරුනි, එසේ කියන තැනැත්තේ මනාකොට කියන්නේවේද?”
“ස්වාමීනි, එසේ නොවේය.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, ඒ දක්ෂවූ ගවයන් මරන්නාවූ හෝ ගවයන් මරන්නෙකුගේ අතවැස්සෙක් හෝ ගවදෙනක් මරා සියුම්වූ ගෙරිකපන කැත්තෙන් ඇතුළත මසටද තුවාළ නොකොට පිටත සමටද තුවාල නොකොට, සමටත් මසටත් අතර බැඳුණ යම් නහර ආදියක් වෙත්ද, ඒ නහර ආදියම සියුම්වූ ගෙරිකපන කැත්තෙන් කපන්නේද, සිඳින්නේද, මනාව කපන්නේද කපා සිඳ පිටසම ගසාදමා, ඒ සමින්ම ඒ ගවදෙන වසාදමා පෙර සේම, මේ දෙන මේ සමින් යුක්ත වූවායයි කියන්නේ වේද, එතකුදු වුවත් ඒ සමින්ම යුක්ත නොවන්නීය.”
“නැගණිවරුනි, මා විසින් මේ උපමාව වනාහි අර්ථ හැඟවීමට දක්වන ලදී. මෙය මෙහි අර්ථයවේ. නැගණිවරුනි, ඇතුළත මස යනු අධ්‍යාත්මිකවූ ආයතනයන් සදෙනාට මේ නමකි. නැගණිවරුනි, පිට සම යනු බාහිර ආයතන සයට මේ නමකි. නැගණිවරුනි, අතර බැඳුණු නහර ආදිය යනු නන්දිරාගයයි කියනලද තෘෂ්ණාවට මෙය නමකි. නැගණිවරුනි, සියුම්වූ ගෙරිකපන කැත්තය යනු ආර්‍ය්‍යවූ ප්‍රඥාවට මේ නමකි. යම් මේ ආර්‍ය්‍යවූ ප්‍රඥාවක් වේද, ඕතොමෝ අධ්‍යාත්මික බාහිර ආයතනයන් අතර ඇති කෙලෙස් මනාව සිඳියි. අතර ඇති සංයෝජන අතර ඇති බන්ධන සිඳියි, කපයි.
|
405
‘‘සත්ත ඛො පනිමෙ, භගිනියො, බොජ්ඣඞ්ගා, යෙසං භාවිතත්තා බහුලීකතත්තා භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. කතමෙ සත්ත? ඉධ, භගිනියො, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙති...පෙ.... වීරියසම්බොජ්ඣඞ්ගං භාවෙති... පීතිසම්බොජ්ඣඞ්ගං භාවෙති... පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං භාවෙති... සමාධිසම්බොජ්ඣඞ්ගං භාවෙති... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං
|
405
“නැගණිවරුනි, යම් ධර්මකෙනෙකුන් වැඩූ බැවින් බහුල වශයෙන් කළ බැවින් භික්ෂුතෙම ආශ්‍රවයන් නැසීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධියටද, අර්හත්ඵල ප්‍රඥාවටද මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන පැමිණ වාසය කෙරේද, ඒ මේ බොධ්‍යංග ධර්ම සතක් වෙත්. කවර සතක්ද යත්? නැගණිවරුනි, මේ ශාසනයෙහි භික්ෂුතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය, ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, කෙලෙස් දුරලීම පිණිස පවත්නාවූ සතිසම්බොජ්ඣංගය වඩයිද, ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, විරියසම්බොජ්ඣංගය වඩයිද, පීතිසම්බොජ්ඣංගය වඩයිද, පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, සමාධි සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, කෙලෙසුන් දුරලීම පිණිස පවත්නාවූ උපෙක්ෂා සම්බොජ්ඣංගය වඩයිද, නැගණිවරුනි, යම් ධර්මකෙනෙකුන් වඩනලද බැවින්, බහුල කරනලද බැවින් භික්ෂුතෙම ආශ්‍රවයන් නැසීමෙන්, ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධියට අර්හත්ඵල ප්‍රඥාවට මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කෙරේද, ඒ මේ බොධ්‍යංගධර්ම සත වෙත්ය”යි ප්‍රකාශ කෙළේය.
|
406
අථ
|
406
ඉක්බිති ආයුෂ්මත් නන්ද ස්ථවිරතෙම ඒ භික්ෂුණීන්ට මේ අවවාදයෙන් අවවාදකොට “නැගණිවරුනි, යව්. මේ සුදුසු කාලයයි යෙදවීය.” (පිටත්කෙළේය.)
ඉක්බිති ඒ භික්ෂූණීහු ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව හුනස්නෙන් නැඟිට ආයුෂ්මත්වූ නන්දක ස්ථවිරයන්ට වැඳ, ප්රදක්ෂිණාකොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට එළඹුනාහුය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව සිටියාහුය. එකත්පස්ව සිටියාවූම ඒ භික්ෂුණීන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
“මෙහෙණිනි, යව්. යාමට සුදුසු කාලයයි” වදාළේය.
“ඉක්බිති ඒ භික්ෂුණීහු භාග්‍යවතුන් වහන්සේට වැඳ, ප්රදක්ෂිණා කොට ගියාහුය. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ ඒ භික්ෂුණීන් බැහැරගිය නොබෝ වේලාවකින් භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. “මහණෙනි, යම්සේ තුදුස්වක් පොහෝ දිනයෙක සඳ අඩුද සම්පූර්ණදැයි බොහෝදෙනාට සැකයක් හෝ විමතියක් හෝ නැත. ‘සඳ අඩු වූයේම වෙයි. මහණෙනි, එපරිද්දෙන්ම ඒ භික්ෂූණීහු නන්දකගේ ධර්මදේශනාවෙන් සතුටු වූවාහුම වෙත්. එහෙත් සම්පූර්ණවූ අදහස් ඇත්තෝ නුවූවාහුමය.”
|
407
අථ ඛො භගවා ආයස්මන්තං නන්දකං ආමන්තෙසි - ‘‘තෙන හි ත්වං, නන්දක, ස්වෙපි තා භික්ඛුනියො තෙනෙවොවාදෙන ඔවදෙය්යාසී’’ති. ‘‘එවං
|
407
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්දක ස්ථවිරයන්ට ආමන්ත්‍රණය කළසේක. “නන්දක, එසේවීනම් නුඹ හෙටද ඒ භික්ෂූණීන්ට ඒ අවවාදයෙන්ම අවවාද කරන්නෙහි යයි” වදාළේය. “එසේය, ස්වාමීනියයි” ආයුෂ්මත්වූ නන්දක ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය.
ඉක්බිති ආයුෂ්මත් නන්දක ස්ථවිරතෙමේ ඒ රාත්‍රිහුගේ ඇවෑමෙන් පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිව්රුගෙණ සැවැත්නුවරට පිඬු පිණිස වැඩිසේක. සැවැත් නුවර පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුනේ දෙවැන්නෙකු සමග රාජකාරාමය යම් තැනෙක්හිද එතැනට එළඹියේය. ඒ භික්ෂුණීහු වඩින්නාවූ ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් වහන්සේ දුරදීම දුටුවාහුය. දැක, ආසනයක් පැනවූවාහුය. ජලයද පාදයන් ධොවනයට එලවූවාහුය. ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් වහන්සේ වනාහි පනවනලද අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ, පාදයන් සේදූසේක. ඒ භික්ෂුණීහුද ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් වහන්සේට වැඳ, එකත්පස්ව උන්නාහුය. එකත්පස්ව උන්නාවූ ඒ භික්ෂුණීන්ට ආයුෂ්මත් නන්දක ස්ථවිරතෙම මෙය වදාළේය.
“නැගණිවරුනි, ප්‍රශ්නකර කිරීමක් වන්නේය. එහි දන්නවුන් විසින් දනිමුයි කියයුතු වන්නේය. නොදන්නවුන් විසින් නොදනිමුයි, කියයුතු වන්නේය. යමක් ගැන වනාහි සැකයක් හෝ විමතියක් හෝ වන්නේද? ස්වාමීනි, මෙය කෙසේද මෙහි අර්ථය කවරේදැ’යි එය මගෙන්ම ඇසිය යුතුය.
“ස්වාමීනි, ආර්‍ය්‍යවූ නන්දක ස්ථවිරයන් වහන්සේ අපට යමක් පවරයිද එතෙකින් සතුටු සිත් ඇත්තෝ කැමැතිවූවෝ වෙමු.”
|
408
‘‘තං කිං මඤ්ඤථ, භගිනියො, චක්ඛු නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ
|
408
“නැගණිවරුනි, ඒ කුමකැයි හඟිව්ද, ඇස නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක හෝ සැප වේද?” “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දකින්ට සුදුසුද?”
“ස්වාමීනි, මෙය එසේ නොවේමැයි.” “නැගණිවරුනි, ඒ කුමකැයි හඟිව්ද? කණ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යය.” “නාසය නිත්‍යය හෝ අනිත්‍ය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යය.” “දිව නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යය.” “කය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යය.” “සිත නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍ය නම් දුක නම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මගේ ආත්මයයි දක්නට සුදුසුද?”
“ස්වාමීනි, එය එසේ නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, අප විසින් මෙසේද මෙසේ මේ අධ්‍යාත්මිකවූ ආයතනයෝ සදෙන අනිත්‍යහයි පළමුවම තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් මනාකොට දක්නාලදී.”
“නැගණිවරුනි, යහපත, යහපත. නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නාවූ ආර්‍ය්‍යශ්‍රාවකයෙකුට ඒ කාරණය එසේමයි.”
|
409
‘‘තං කිං මඤ්ඤථ, භගිනියො, රූපා නිච්චා වා අනිච්චා වා’’ති? ‘‘අනිච්චා, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො
|
409
“නැගණිවරුනි, ඒ කුමකැයි හඟිව්ද? රූපයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙත්ද?”
“ස්වාමීනි, අනිත්‍යයහ.”
“යමක් වනාහි අනිත්‍යනම්, එය දුක් හෝ සැප හෝ වේද?”
“ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍ය නම් දුක් නම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දක්නට සුදුසුද?”
“ස්වාමීනි, එසේ නොවේ.”
“නැගණිවරුනි, එය කුමකැයි හඟිව්ද? ශබ්දයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙත්ද?”
“ස්වාමීනි, අනිත්‍යයහ.”
“ගන්ධයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙත්ද?” “ස්වාමීනි, අනිත්‍යයහ.” “රසයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙත්ද?” “ස්වාමීනි, අනිත්‍යයහ.” “ස්පර්ශයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙත්ද?” “ස්වාමීනි, අනිත්‍යයහ.” “ධර්මයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙද්ද?” “ස්වාමීනි, අනිත්‍යයහ.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍ය නම් දුක් නම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දක්නට සුදුසුද?”
“ස්වාමීනි, එසේ නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, අප විසින් මෙසේද මෙසේ මේ බාහිරවූ ආයතනයෝ සදෙන අනිත්‍යහයි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් මනාකොට දක්නා ලදී.”
“නැගණිවරුනි, යහපත, යහපත. නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත්වූ නුවණින් දක්නාවූ ආර්‍ය්‍යශ්‍රාවකයෙකුට ඒ කාරණය එසේයි.”
|
410
‘‘තං කිං මඤ්ඤථ, භගිනියො, චක්ඛුවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ...පෙ.... සොතවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ... ඝානවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ... ජිව්හාවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ... කායවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ... මනොවිඤ්ඤාණං නිච්චං
|
410
“නැගණිවරුනි, ඒ කුමකැයි හඟිව්ද, චක්ඛු විඤ්ඤාණය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යනම්, එය දුක හෝ සැප හෝ වේද?”
“ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දක්නට සුදුසුද?”
“ස්වාමීනි, එසේ නොවේමැයි.”
‘නැගණිවරුනි, ඒ කුමකැයි හඟිව්ද? සොත විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍යය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යය.” “ඝාණවිඤ්ඤාණය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යය.” “ජිව්හාවිඤ්ඤාණය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යය.” “කාය විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යය.” “මනොවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යනම් එය දුක හෝ සැප හෝ වේද?” “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍ය නම් දුක නම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමියි, එය මාගේ ආත්මයයි දකින්ට සුදුසුද?” “ස්වාමීනි, එසේ නොවේමැයි.” “ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, මෙසේද මෙසේ විඤ්ඤාණ කායයෝ සදෙන අනිත්‍යයෝයයි, අප විසින් පළමුකොටම තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් මනාකොට දක්නාලදී.”
“නැගණිවරුනි, යහපත, යහපත, නැගණිවරුනි තත්වූ පරිද්දෙන් මනානුවණින් දක්නාවූ ආර්‍ය්‍ය ශ්රාවකයෙකුට ඒ කාරණය එසේමයි.”
|
411
‘‘සෙය්යථාපි, භගිනියො, තෙලප්පදීපස්ස ඣායතො තෙලම්පි අනිච්චං විපරිණාමධම්මං, වට්ටිපි අනිච්චා විපරිණාමධම්මා, අච්චිපි අනිච්චා විපරිණාමධම්මා, ආභාපි අනිච්චා විපරිණාමධම්මා. යො නු ඛො, භගිනියො, එවං වදෙය්ය - ‘අමුස්ස තෙලප්පදීපස්ස ඣායතො තෙලම්පි අනිච්චං විපරිණාමධම්මං, වට්ටිපි අනිච්චා විපරිණාමධම්මා, අච්චිපි අනිච්චා විපරිණාමධම්මා; යා ච ඛ්වාස්ස ආභා සා නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා’ති; සම්මා නු ඛො සො, භගිනියො, වදමානො වදෙය්යා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘අමුස්ස හි, භන්තෙ, තෙලප්පදීපස්ස ඣායතො තෙලම්පි අනිච්චං විපරිණාමධම්මං, වට්ටිපි අනිච්චා විපරිණාමධම්මා, අච්චිපි අනිච්චා විපරිණාමධම්මා
|
411
“නැගණිවරුනි, යම්සේත් ඇවිලෙන්නාවූ තෙල් පහනක තෙලද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තේ වේද, පහන් වැටියද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තේ වේද, පහන් සිලද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තී වේද, ආලෝකයද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තක් වේද? නැගණිවරුනි, යමෙක් වනාහි මේ ඇවිලෙන්නාවූ තෙල් පහනෙහි තෙලද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තේය. වැටියද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තීය. පහන්සිලද අනිත්‍ය වෙනස්වන ස්වභාව ඇත්තීය. මේ පහණේ ආලෝකයක් වේද, එය නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය, වෙනස් නොවන ස්වභාව ඇත්තේයයි, කියන්නේද නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම මනාකොටම කියන්නේද?”
“ස්වාමීනි, එසේ නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, මේ ඇවිලෙන්නාවූ තෙල් පහණේ තෙලද අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය. වැටියද අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය. පහන් සිලද අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය. ඒ පහණේ ආලෝකය අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය යනු කියනුම කවරේද?”
“නැගණිවරුනි, එපරිද්දෙන්ම යමෙක් වනාහි මේ අධ්‍යාත්මිකවූ ආයතනයෝ සදෙන වනාහි අනිත්‍යයහ. අධ්‍යාත්මිකවූ ආයතනයන් සදෙන නිසා යම් සැපයක් හෝ දුකක් හෝ උපෙක්ෂාවක් හෝ විඳිම්ද, එය නිත්‍යය. ස්ථිරය, සදාකාලිකය, වෙනස් නොවන ස්වභාව ඇත්තේයයි කියන්නේ නම්, නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම වනාහි මනාකොට කියන්නේද?”
“ස්වාමීනි, එසේ නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
‘ස්වාමීනි, ඒ ඒ වේදනා හටගන්නාවූ හේතූන් නිසා ඒ ඒ හේතුවෙන් හටගන්නා වේදනාවෝ උපදිත්. ඒ ඒ වේදනා හටගන්නා ඒ ඒ හේතූන්ගේ නිරුද්ධවීමෙන් ඒ ඒ හේතූන්ගෙන් හටගත් වේදනාවෝ නිරුද්ධ වෙත්මයි.”
“නැගණිවරුනි, යහපත යහපත, නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නාවූ ආර්‍ය්‍ය ශ්රාවකයෙකුට ඒ කාරණය එසේමයි.”
|
412
‘‘සෙය්යථාපි, භගිනියො, මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො මූලම්පි අනිච්චං විපරිණාමධම්මං, ඛන්ධොපි අනිච්චො විපරිණාමධම්මො, සාඛාපලාසම්පි අනිච්චං විපරිණාමධම්මං, ඡායාපි අනිච්චා විපරිණාමධම්මා. යො නු ඛො, භගිනියො, එවං වදෙය්ය - ‘අමුස්ස මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො මූලම්පි අනිච්චං විපරිණාමධම්මං, ඛන්ධොපි අනිච්චො විපරිණාමධම්මො, සාඛාපලාසම්පි අනිච්චං විපරිණාමධම්මං; යා ච ඛ්වාස්ස ඡායා සා නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා’ති; සම්මා නු ඛො සො භගිනියො, වදමානො වදෙය්යා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘අමුස්ස හි, භන්තෙ, මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො මූලම්පි අනිච්චං විපරිණාමධම්මං, ඛන්ධොපි අනිච්චො විපරිණාමධම්මො, සාඛාපලාසම්පි අනිච්චං විපරිණාමධම්මං; පගෙවස්ස ඡායා අනිච්චා විපරිණාමධම්මා’’ති. ‘‘එවමෙව ඛො, භගිනියො, යො නු ඛො එවං වදෙය්ය - ‘ඡ ඛොමෙ
|
412
“නැගණිවරුනි, යම්සේක් පිහිටියාවූ සාරවත්වූ මහත් වූ වෘක්ෂයාගේ මුලත් අනිත්‍යද වෙනස්වන ස්වභාව ඇත්තේද, කඳත් අනිත්‍යද වෙනස්වන ස්වභාව ඇත්තේද, අතු හා කොළත් අනිත්‍යද වෙනස්වන ස්වභාව ඇත්තේද, සෙවනැල්ලත් අනිත්‍යද වෙනස්වන ස්වභාව ඇත්තේද, නැගණිවරුනි, යමෙක් වනාහි පිහිටියාවූ සාරවත්වූ මේ මහත්වූ වෘක්ෂයාගේ මුලත් අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය, කඳත් අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තේය. අතු හා කොළත් අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තේය. මේ ගසේ යම් සෙවනැල්ලක් වන්නීද, එය නිත්‍යය. ස්ථිරය, සදාකාලිකය. යමක් වෙනස්වන ස්වභාව නැත්තේයයි යමෙක් කියන්නේ නම් නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම මනාකොටම කියන්නේද?”
“ස්වාමීනි, පිහිටියාවූ සාරවත්වූ මේ මහත්වූ වෘක්ෂයාගේ වනාහි මුලත් අනිත්‍යනම්, විපරිනාම ස්වභාව ඇත්තේනම් කඳත් අනිත්‍යනම් වෙනස්වන ස්වභාව ඇත්තේනම් අතු හා කොළත් අනිත්‍යනම් වෙනස්වන ස්වභාව ඇත්තේනම් ඒ ගසේ සෙවනැල්ලද අනිත්‍යවූ වෙනස්වන ස්වභාව ඇත්තේය යනු කියනුම කවරේද?”
නැගණිවරුනි, එපරිද්දෙන්ම මේ බාහිරවූ ආයතනයෝ සදෙන වනාහි අනිත්‍යයහ. වෙනස්වන ස්වභාව ඇත්තාහ. බාහිරවූ ආයතනයන් සදෙන නිසා යම් සැපයක් හෝ දුකක් හෝ උපෙක්ෂාවක් හෝ විඳීද, එය නිත්‍යය. ස්ථිරය. සදාකාලිකය. වෙනස්වන ස්වභාව නැත්තේයයි යමෙක් කියා නම් නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම මනාකොටම කියන්නේද?”
“ස්වාමීනි මෙය එසේ නොවේමැයි”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි ඒ ඒ වේදනා හටගන්නාවූ හෙතූන් නිසා ඒ ඒ හේතුවෙන් හටගන්නාවූ වේදනාවෝ උපදිත්. ඒ ඒ වේදනා හටගන්නාවූ හෙතූන් නිරුද්ධවීමෙන් ඒ ඒ වේදනා උපදින්නාවූ හෙතූන්ගෙන් හටගන්නාවූ වේදනාවෝ නිරුද්ධ වෙත්මයි”
“නැගණිවරුනි, යහපත යහපත, නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දන්නාවූ ආර්‍ය්‍ය ශ්රාවකයෙකුට ඒ කාරණය එසේමැයි.
|
413
‘‘සෙය්යථාපි, භගිනියො, දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා ගාවිං වධිත්වා තිණ්හෙන ගොවිකන්තනෙන ගාවිං සඞ්කන්තෙය්ය අනුපහච්ච
‘‘උපමා ඛො මෙ අයං, භගිනියො, කතා අත්ථස්ස විඤ්ඤාපනාය අයමෙවෙත්ථ අත්ථො. ‘අන්තරා මංසකායො’ති ඛො, භගිනියො, ඡන්නෙතං අජ්ඣත්තිකානං ආයතනානං අධිවචනං; ‘බාහිරො චම්මකායො’ති ඛො, භගිනියො, ඡන්නෙතං බාහිරානං ආයතනානං අධිවචනං; ‘අන්තරා විලිමංසං අන්තරා න්හාරු අන්තරා බන්ධන’න්ති ඛො, භගිනියො, නන්දීරාගස්සෙතං අධිවචනං; ‘තිණ්හං ගොවිකන්තන’න්ති ඛො, භගිනියො, අරියායෙතං පඤ්ඤාය අධිවචනං; යායං අරියා පඤ්ඤා අන්තරා කිලෙසං අන්තරා සංයොජනං අන්තරා බන්ධනං සඤ්ඡින්දති සඞ්කන්තති සම්පකන්තති සම්පරිකන්තති.
|
413
නැගණිවරුනි, යම්සේ දක්ෂවූ ගවඝාතකයෙක් හෝ ගවඝාතකයෙකුගේ අතවැසියෙක් හෝ ගවදෙනක් මරා සියුම්වූ ගෙරිකපන කැත්තෙන් ඇතුළත මසත් පලුදුනොකොට පිටත සමත් පලුදුනොකොට අතර බැඳී පවත්නා සිවියද, අතරවූ නහරද, අතරවූ බැඳුම්ද ඇත්තේද, එපමණක්ම සියුම්වූ ගෙරිකපන කැත්තෙන් සිඳින්නේද, කපන්නේද, නැවත නැවත කපන්නේද, සිඳ කපා නැවත නැවත කපා පිට හම ගසා ඒ සමින්ම ඒ ගවදෙන වසා දමා පළමුසේම මේ ගවදෙන මේ සමින් යුක්තවූවායයි කියන්නේය. නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම මනාකොටම කියන්නේද?”
“ස්වාමීනි මෙය එසේ නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, මේ දක්ෂවූ ගවඝාතකයා හෝ ගවඝාතකයාගේ අතවැසියා හෝ ගවදෙනක් මරා සියුම්වූ ගෙරිකපන කැත්තෙන් ඇතුළත මසද පලුදු නොකොට පිට සමද පලුදු නොකොට එහි අතර සිවිද අතර නහරද අතර බැඳුම්ද ඇත්නම් එපමණක්ම සියුම්වූ ගෙරිකපන කැත්තෙන් සිඳින්නේය. කපන්නේය, හාත්පස කපන්නේය. සිඳ කපා හාත්පස කපා පිට සම ගසා ඒ සමින්ම ඒ ගවදෙන වසා, හෙතෙම පෙරසේම මේ ගවදෙන මේ සමින් යුක්තවූවායයි කියන්නේද එතකුදු වුවත් ඒ ගවදෙන ඒ සමින් යුක්ත නොවූවා වෙයි.”
“නැගණිවරුනි, මා විසින් මේ උපමාව වනාහි අර්ථය හැඟවීමට දක්වනලදී. මෙය එහි අර්ථය වේ නැගණිවරුනි, ඇතුළත මස යනු අධ්‍යාත්මිකවූ ආයතන සයට මෙය නමකි නැගණිවරුනි, පිටත සම යනු බාහිර ආයතන සයට මෙය නමකි. නැගණිවරුනි, අතරවූ සිවිය අතරවූ නහරය, අතරවූ බැඳුම්ය යනු නන්දිරාගයයි කියනලද තෘෂ්ණාවට මෙය නමකි. නැගණිවරුනි, තියුණුවූ ගෙරි කපන කැත්තය යනු ආර්‍ය්‍යවූ ප්‍රඥාවට මේ නමකි. යම් මේ ආර්‍ය්‍යවූ ප්‍රඥාවක් වේද, ඕතොමෝ අධ්‍යාත්මික බාහිර ආයතන අතර ඇති ක්ලෙශය අතරවූ සංයෝජනය අතරවූ බන්ධනය, සිඳියි, කපයි, හාත්පසින් කපයි.
|
414
‘‘සත්ත ඛො පනිමෙ, භගිනියො, බොජ්ඣඞ්ගා, යෙසං භාවිතත්තා බහුලීකතත්තා භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ
|
414
“නැගණිවරුනි, යමෙකුන් වඩනලද බහුලවශයෙන් කරණලද භික්ෂුතෙම ආශ්‍රවයන් නැසීමෙන් අනාශ්‍රවවූ අර්හත් ඵල සමාධියට අර්හත් ඵල ප්‍රඥාවට මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කෙරේද ඒ බොජ්ඣංග ධර්ම සතක් වෙත්. කවර සතක්දයත්? නැගණිවරුනි, මේ ශාසනයෙහි භික්ෂුතෙම විවේකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ නිරෝධය ඇසුරු කළාවූ කෙලෙස් දුරුකිරීම පිණිස පවත්නාවූ සති සම්බොජ්ඣංගය වඩයිද, ධම්මවිවය සම්බොජ්ඣංගය වඩයිද, විරිය සම්බොජ්ඣංගය වඩයිද, පීති සම්බොජ්ඣංගය වඩයිද, පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, සමාධි සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් දුරලීම පිණිස පවත්නාවූ උපෙක්ෂා සම්බොජ්ඣංගය වඩයිද, නැගණිවරුනි, මොහු වනාහි බොජ්ඣංග සතවෙත්. යම් ධර්ම කෙනෙකුන් වඩනලද බහුල වශයෙන් කරනලද භික්ෂුතෙම ආශ්‍රවයන් නැසීමෙන් අනාශ්‍රවවූ අර්හත් ඵල සමාධියටද, අර්හත්ඵල ප්‍රඥාවටද මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට පැමිණ වාසය කෙරේද, ඔහුයි.
|
415
අථ ඛො ආයස්මා නන්දකො තා භික්ඛුනියො ඉමිනා ඔවාදෙන ඔවදිත්වා උය්යොජෙසි - ‘‘ගච්ඡථ, භගිනියො; කාලො’’ති. අථ ඛො තා භික්ඛුනියො ආයස්මතො නන්දකස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා ආයස්මන්තං නන්දකං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො තා භික්ඛුනියො භගවා එතදවොච -‘‘ගච්ඡථ, භික්ඛුනියො; කාලො’’ති. අථ ඛො තා භික්ඛුනියො භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු. අථ ඛො භගවා අචිරපක්කන්තීසු තාසු භික්ඛුනීසු භික්ඛූ ආමන්තෙසි - ‘‘සෙය්යථාපි, භික්ඛවෙ, තදහුපොසථෙ පන්නරසෙ න හොති බහුනො ජනස්ස කඞ්ඛා වා විමති වා - ‘ඌනො නු ඛො චන්දො, පුණ්ණො නු ඛො චන්දො’ති, අථ ඛො පුණ්ණො චන්දොත්වෙව හොති; එවමෙව ඛො, භික්ඛවෙ, තා භික්ඛුනියො නන්දකස්ස ධම්මදෙසනාය අත්තමනා චෙව පරිපුණ්ණසඞ්කප්පා ච. තාසං, භික්ඛවෙ, පඤ්චන්නං භික්ඛුනිසතානං යා
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
|
415
“ඉක්බිති ආයුෂ්මත් නන්දක ස්ථවිර තෙමේ ඒ භික්ෂුණීන්ට මේ අවවාදයෙන් අවවාදකොට නැගණිවරුනි, යව් මේ සුදුසු කල්වේයයි” කාලයද දැන්වීය.
එකල්හි ඒ භික්ෂුණීහු අයුෂ්මත් නන්දක ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව, හුනස්නෙන් නැගිට ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් වහන්සේට වැඳ ප්රදක්ෂිණාකොට, භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද, එතැනට එළඹියාහුය. එළඹ භාග්‍යවතුන්වහන්සේට වැඳ එකත්පස්ව සිටියාහුය. එකත්පස්ව සිටියාවූම ඒ භික්ෂූණීන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය (වදාළේය.) “භික්ෂුණීවරුනි, මේ සුදුසු කාලය වේයයි” (වදාළේය.)
ඉක්බිති ඒ භික්ෂුණීහු භාග්‍යවතුන් වහන්සේට වැඳ ප්රදක්ෂිණා කොට ගියාහුය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුණීන් බැහැරගියාවූ නොබෝ කල්හි භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. “මහණෙනි, යම්සේක් එදවස්හිවූ පසළොස්වක් පොහොය ඇතිකල්හි සඳ අඩුද සම්පූර්ණදැයි බොහෝදෙනාට සැකයක් හෝ විමතියක් හෝ නොවේද සඳ සම්පූර්ණවූයේම වේද, මහණෙනි, එපරිද්දෙන්ම ඒ භික්ෂුණීහු නන්දකයාගේ ධර්මදේශනාවෙන් සතුටුසිත් ඇත්තාහුද, සම්පූර්ණවූ අදහස් ඇත්තාහුද වූහ. මහණෙනි, ඒ පන්සියයක් පමණ භික්ෂුණීන්ගෙන් පශ්චිමවූ යම් භික්ෂුණියක්වීද, ඕතොමෝ සෝවාන් වූවා අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තී නියත වූවා සම්බොධිය පිහිටකොට ඇත්තීවීයයි” වදාළේය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුයි.
|
5. චූළරාහුලොවාදසුත්තං | 5. චූල රාහුලොවාද සූත්‍රය |
416
එවං
තෙන ඛො පන සමයෙන අනෙකානි දෙවතාසහස්සානි භගවන්තං අනුබන්ධානි හොන්ති - ‘‘අජ්ජ භගවා ආයස්මන්තං රාහුලං උත්තරිං ආසවානං ඛයෙ විනෙස්සතී’’ති. අථ ඛො භගවා අන්ධවනං අජ්ඣොගාහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. ආයස්මාපි ඛො රාහුලො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං රාහුලං භගවා එතදවොච -
|
416
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල්හි ඵල සමාපත්තියෙන් නැගීසිටි භාග්‍යවතුන් වහන්සේහට මෙබඳු අදහසක් පහළවූසේක. ‘රාහුලගේ අර්හත්ඵල ඥානය මූකරවන්නාවූ ධර්මයෙහි මේරීමට පැමිණියාහුය. දැන් මම රාහුල මත්තෙහි ආශ්‍රවයන් ක්ෂය කරන්නාවූ ධර්මයන්හි හික්මවන්නෙම් නම් යහපති’ කියායි. එකල වනාහි භාග්‍යවතුන්වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිව්රු ගෙන සැවැත් නුවරට පිඬු පිණිස වැඩිසේක. සැවැත් නුවර පිඬු පිණිස හැසිර පසු බත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළැක්කේ ආයුෂ්මත් රාහුලයන්ට ආමන්ත්‍රණයකළ සේක. ‘රාහුලය නිසීදනය (හිඳිනා අසුන) ගනුව අන්ධවනය යම් තැනෙක්හිද, දවල් කාලයෙහි විසීම පිණිස එහි යන්නෙමුයි” (වදාළේය) “ස්වාමීනි, එසේය කියා ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන්වහන්සේට උත්තරදී නිසීදනය රැගෙන භාග්‍යවතුන් වහන්සේගේ පිටිපසින් ගියේය.
ඒ කාලයෙහි බොහෝ දහස් ගණන් දෙවියෝ අද භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් රාහුල භද්‍රයන් මත්තෙහි ආශ්‍රවයන් ක්ෂයකිරීමෙහි හික්මවන්නේයයි භාග්‍යවතුන් වහන්සේ පසුපස ගියාහුය.
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ අන්ධවනයට පැමිණ එක්තරා ගසක් මුල පණවන ලද අස්නෙහි වැඩහුන්සේක. ආයුෂ්මත් රාහුල තෙමේද භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවූ ආයුෂ්මත් රාහුල භද්‍රයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
|
417
‘‘තං කිං මඤ්ඤසි, රාහුල, චක්ඛු නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ
|
417
“රාහුලය, තා කුමකැයි” සිතන්නෙහිද? චක්ෂු ප්‍රසාදය නිත්‍ය වන්නේද? අනිත්‍ය වන්නේද?” යනුයි.
“ස්වාමීනි අනිත්‍ය වන්නේය” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් වන්නේද සැප වන්නේද?
“ස්වාමීන් වහන්ස දුක් වන්නේය. ස්වාමීනි එය දුකය.”
“යමක් දුක නම් අනිත්‍ය නම් එය මාගේය. එය මම වෙමි.
එය මාගේ ආත්මයයි දැකීමට සුදුසු වන්නේද?”
“ස්වාමීනි සුදුසු නොවන්නේමයයි” කී.
“රාහුල ඒ කුමකැයි හඟින්නෙහිද? රූපයෝ නිත්‍ය වන්නාහුද? අනිත්‍ය වන්නාහුද?”
“ස්වාමීනි අනිත්‍ය වන්නාහුය.”
“යමක් වනාහි අනිත්‍ය නම් ඒ දුක් වන්නේද? සැප වන්නේද?”
“ස්වාමීනි දුක් වන්නේය.”
“යමක් වනාහි අනිත්‍ය නම් දුක්නම් පෙරළෙන ස්වභාව
ඇත්තේ නම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසු වන්නේද?”
“ස්වාමීනි සුදුසු නොවන්නේය.”
“රාහුලය, ඒ කුමකැයි සිතන්නෙහිද? චක්ෂුර් විඥානය නිත්‍යවන්නේද, අනිත්‍ය වන්නේද?”
“ස්වාමීනි අනිත්‍ය වන්නේය.”
“යමක් වනාහි අනිත්‍ය නම් එය දුක්වන්නේද? සැප වන්නේද?”
“ස්වාමීනි දුක්වන්නේය.”
“යමක් වනාහි අනිත්‍යවේද? දුක්වේද? පෙරළෙන ස්වභාව ඇත්තේද එය මාගේය එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසු වන්නේද?”
ස්වාමීනි, නොවන්නේයයි” (කී)
“රාහුලය ඒ කුමකැයි සිතන්නෙහිද? චක්ඛුසම්ඵස්සය නිත්‍ය වන්නේද?” අනිත්‍ය වන්නේද?
“ස්වාමීනි අනිත්‍ය වන්නේයි”
“යමක් වනාහි අනිත්‍ය වේනම් එය දුක්වන්නේද සැප වන්නේද?”
“ස්වාමීනි දුක්වන්නේය.”
“යමක් වනාහි අනිත්‍යනම් දුකනම් පෙරලෙන ස්වභාවයක් ඇත්තේනම් එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසු වන්නේද?”
“ස්වාමීනි, නොවන්නේය”
“රාහුලය, ඒ කුමකැයි හඟින්නෙහිද? චක්ඛුසම්ඵස්සය නිසා හටගන්නාවූ යම් වේදනාවක් යම් සංඥාවක් යම් සංඛාරයක් යම් විඤ්ඤාණයක් වේද? එය නිත්‍ය හෝ වේද අනිත්‍ය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍ය වන්නේය.”
“යමක් වනාහි අනිත්‍ය වන්නේ නම් එය දුක්වන්නේද? සැපවන්නේද?”
“ස්වාමීනි එය දුක්වන්නේය. යමක් වනාහි අනිත්‍යනම් දුක නම් පෙරළෙන ස්වභාව ඇත්තේ නම් එය මාගේය එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසු වන්නේද?”
“ස්වාමීනි සුදුසු නොවන්නේය”
|
418
‘‘තං කිං මඤ්ඤසි රාහුල, සොතං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ...පෙ.... ඝානං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ...පෙ.... ජිව්හා නිච්චා වා අනිච්චා වා’’ති? ‘‘අනිච්චා, භන්තෙ...පෙ.... කායො නිච්චො වා අනිච්චො වා’’ති? ‘‘අනිච්චො, භන්තෙ...පෙ.... මනො නිච්චො වා අනිච්චො වා’’ති? ‘‘අනිච්චො, භන්තෙ’’. ‘‘යං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං -‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිං මඤ්ඤසි රාහුල, ධම්මා නිච්චා වා අනිච්චා වා’’ති? ‘‘අනිච්චා, භන්තෙ’’. ‘‘යං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං
|
418
“රාහුලය ඒ කුමකැයි සිතන්නෙහිද? ශ්‍රොතප්‍රසාදය නිත්‍ය වන්නේද? අනිත්‍ය වන්නේද?”
“ස්වාමීනි අනිත්‍ය වන්නේය.”
“යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප වන්නේද?” “ස්වාමීනි, එය දුක්වන්නේය” “යමක් වනාහි පෙරළෙන ස්වභාව ඇත්තේ නම්, අනිත්‍ය නම්, දුක්නම් එය මාගේය එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසු ද?” “ස්වාමීනි, සුදුසු නොවන්නේය.” “ඝාණප්‍රසාදය නිත්‍ය වන්නේද? අනිත්‍ය වන්නේද?” “ස්වාමීනි අනිත්‍ය වන්නේය.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප වන්නේද?” “ස්වාමීනි, එය දුක් වන්නේය.”
“යමක් වනාහි පෙරළෙන ස්වභාව ඇත්තේනම් අනිත්‍ය නම් දුක් නම් එය මාගේය. එය මමවෙමි. එම මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසුද?”
“ස්වාමීනි, සුදුසු නොවන්නේය” “ජිව්හා ප්‍රසාදය නිත්‍යවන්නේද? අනිත්‍ය වන්නේද?” “ස්වාමීනි අනිත්‍ය වන්නාහුයයි” “යමක් වනාහි අනිත්‍යනම් එය දුක් හෝ සැප වන්නේද? “ස්වාමීනි, එය දුක්වන්නේය.” “යමක් වනාහි පෙරළෙන ස්වභාව ඇත්තේනම් අනිත්‍ය
නම් දුක්නම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසුද?” “ස්වාමීනි, සුදුසු නොවන්නේමය.” “කායප්‍රසාදය නිත්‍යවන්නේද? අනිත්‍ය වන්නේද?” “ස්වාමීනි අනිත්‍යවන්නේය.”
“යමක් වනාහි අනිත්‍යනම් එය දුක් හෝ සැපවන්නේද?” “ස්වාමීනි, එය දුක් වන්නේය” “යමක් වනාහි පෙරළෙන ස්වභාව ඇත්තේනම් අනිත්‍ය නම්, දුක්නම්, එය මාගේය. එය මමවෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැක්මට සුදුසුද?”
“ස්වාමීනි, සුදුසු නොවන්නේය.”
“සිත නිත්‍ය වන්නේද?” අනිත්යවන්නේද?”
“ස්වාමීනි අනිත්‍ය වන්නේය.”
“යමක් වනාහි අනිත්‍ය වන්නේනම් එය දුක්වන්නේද, සැප වන්නේද?”
“ස්වාමීනි දුක්වන්නේය.” “යමක් වනාහි අනිත්‍ය නම්, දුක් වන්නේ නම් පෙරළෙන ස්වභාව ඇත්තේ නම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසු වන්නේද?”
“ස්වාමීනි සුදුසු නොවන්නේය”
“රාහුලය, එය කුමක් සිතන්නෙහිද? ධර්මයෝ නිත්‍ය වන්නාහුද අනිත්‍ය වන්නාහුද?”
“ස්වාමීනි අනිත්යවන්නාහුය.”
“යමක් වනාහි අනිත්‍ය වන්නේ නම් එය දුක් වන්නේද සැපවන්නේද?”
“ස්වාමීනි දුක් වන්නේය.”
“යමක් වනාහි අනිත්‍ය වන්නේ නම් පෙරළෙන ස්වභාව ඇත්තේනම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසු වන්නේද?”
“ස්වාමීනි සුදුසු නොවන්නේය”
“රාහුලය, ඒ කුමකැයි සිතන්නෙහිද? මනො විඤ්ඤාණය නිත්‍යවන්නේද අනිත්‍ය වන්නේද?”
“ස්වාමීනි අනිත්‍යවන්නේය.”
“යමක් වනාහි අනිත්‍යනම් එය දුක් වන්නේද සැප වන්නේද?”
‘ස්වාමීනි දුක්වන්නේය.”
“යමක් වනාහි අනිත්‍යනම්, දුක්නම්, පෙරළෙන ස්වභාව ඇත්තේනම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසු වන්නේද?”
“ස්වාමීනි, සුදුසු නොවන්නේය.”
“රාහුලය, ඒ කුමකැයි සිතන්නෙහිද? මනොසම්ඵස්සය නිත්‍ය වන්නේද, අනිත්‍ය වන්නේද?”
“ස්වාමීනි, අනිත්‍ය වන්නේය.”
“යමක් අනිත්‍යනම් එය දුක් වන්නේද, සැපවන්නේද?”
“ස්වාමීනි, දුක් වන්නේය.”
“යමක් වනාහි අනිත්‍යනම් දුක්නම්, පෙරළෙන ස්වභාව ඇත්තේනම් එය මාගේය. එය මමවෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසු වන්නේද?”
“ස්වාමීනි, සුදුසු නොවන්නේය.”
“රාහුලය, ඒ කුම කැයි හඟින්නෙහිද? මනො ස්පර්ශය හේතුකොටගෙන යම් වේදනාවක්, යම් සංඥාවක් යම් සංඛාරයක් යම් විඤ්ඤාණයක් උපදීනම් එය නිත්‍ය වන්නේද, අනිත්‍ය වන්නේද?”
“ස්වාමීනි අනිත්‍යවන්නේය.”
“යමක් වනාහි අනිත්‍යනම් එය දුක්වන්නේද, සැප වන්නේද?”
“ස්වාමීනි දුක් වන්නේය.”
“යමක් වනාහි අනිත්‍යනම් දුක්නම් පෙරළෙන ස්වභාව ඇත්තේනම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්ම යයි දැකීමට සුදුසු වන්නේද?”
“ස්වාමීනි සුදුසු නොවන්නේය”
|
419
‘‘එවං පස්සං, රාහුල, සුතවා අරියසාවකො චක්ඛුස්මිං
(චක්ඛුස්මිම්පි (ස්‍යා. කං.) එවමිතරෙසුපි) නිබ්බින්දති, රූපෙසු නිබ්බින්දති, චක්ඛුවිඤ්ඤාණෙ නිබ්බින්දති, චක්ඛුසම්ඵස්සෙ නිබ්බින්දති, යමිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං තස්මිම්පි නිබ්බින්දති. සොතස්මිං
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා රාහුලො භගවතො භාසිතං අභිනන්දීති. ඉමස්මිඤ්ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ ආයස්මතො රාහුලස්ස අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චි. තාසඤ්ච අනෙකානං දෙවතාසහස්සානං විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි - ‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’’න්ති.
|
419
“රාහුලය, මෙසේ දකින්නාහු ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේ ඇසෙහි කලකිරෙන්නේය, රූපයන්හි කලකිරෙන්නේය. චක්ඛු විඤ්ඤාණයෙහි කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහි කලකිරෙයි. යම් මේ චක්ඛුසම්ඵස්සයන් හේතුකොට ගෙන වේදනාවක් සංඥාවක් සංඛාරයක් විඤ්ඤාණයක් උපදීද, එහිද කලකිරෙයි. කණෙහි කලකිරෙයි. ශබ්දයන්හි කලකිරෙයි. නාසයෙහි කලකිරෙයි. ගන්ධයන්හි කලකිරෙයි. දිවෙහි කලකිරෙයි. රසයන්හි කලකිරෙයි. කයෙහි කලකිරෙයි. ස්පර්ශයන්හි කලකිරෙයි. සිතෙහි කලකිරෙයි. ධර්මායතනයන්හි කලකිරෙයි. මනෝවිඥානයෙහි කලකිරෙයි. මනොසම්ඵස්සයෙහි කලකිරෙයි. මනොසම්ඵස්සය හේතු කොටගෙන යම් වේදනාවක් සංඥාවක් සංඛාරයක් විඤ්ඤාණයක් උපදීද, එහිද කලකිරෙන්නේය. කලකිරෙන්නේ නොඇලෙන්නේය. නොඇලීමෙන් ක්ලෙශයන්ගෙන් මිදෙන්නේය. මිදුන කල්හි මිදුනේය යන අර්හත් ඤාණ ඵල උපදියි. ඉපදීම කෙළවර වන්නේය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. කළයුත්ත කරන ලද්දේය. ඉන්පසු මේ ආත්මභාව පිණිස කළයුත්තක් නැතැයි දන්නේය.”
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය. සතුටු සිත් ඇති ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටුවූයේ වෙයි.
මේ දේශනාව කරනු ලබන කල්හි ආයුෂ්මත් රාහුලයන්ගේ සිත උපාදානයන්ගෙන් තොරව කාමාදී ආශ්‍රවයන් ගෙන් මිදුනේ වේ. ඒ බොහෝ දහස් ගණන් දෙවියන්ටද හටගැනීම් ස්වභාවය ඇති යම් කිසිවක් ඇත්නම් ඒ සියල්ල හැකිවන ස්වභාව ඇත්තේයයි කෙලෙස් රජස් නැති දුරුවූ කෙලෙස් මළ ඇති ධර්ම චක්ෂුසයයි කියනලද මාර්ගඥාන පහළ විය.
|
6. ඡඡක්කසුත්තං | 6. ඡඡක්ක සූත්‍රය |
420
එවං
‘‘ඡ අජ්ඣත්තිකානි ආයතනානි වෙදිතබ්බානි, ඡ බාහිරානි ආයතනානි වෙදිතබ්බානි, ඡ විඤ්ඤාණකායා වෙදිතබ්බා, ඡ ඵස්සකායා වෙදිතබ්බා, ඡ වෙදනාකායා වෙදිතබ්බා, ඡ තණ්හාකායා වෙදිතබ්බා.
|
420
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු මහසිටුහු විසින් කරවනලද ආරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනි’යි අඬගැසූ සේක. ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට ‘ස්වාමීනි’යි උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, තොපට මුල යහපත්වූද, මැද යහපත්වූද, අග යහපත්වූද, අර්ථ සහිතවූද, ව්‍යඤ්ජන සහිතවූද, ධර්මයක් දේශනා කරමි. ප්‍රකාශ කරමි. එනම් සයේ ධර්ම සයක්ය. එය අසව්. මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමියි” වදාළේය. ඒ භික්ෂූහු “එසේය, ස්වාමීනි යයි” භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ “අධ්‍යාත්මික ආයතන සයක් දතයුතුය. බාහිරායතන සයක් දතයුතුය. විඤ්ඤාණකාය සයක් දතයුතුය. ඵස්සකාය සයක් දතයුතුය. වේදනාකාය සයක් දතයුතුය. තණ්හාකාය සයක් දතයුතුයයි” වදාළේය.
|
421
‘‘‘ඡ අජ්ඣත්තිකානි ආයතනානි වෙදිතබ්බානී’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? චක්ඛායතනං, සොතායතනං, ඝානායතනං, ජිව්හායතනං
‘‘‘ඡ
‘‘‘ඡ විඤ්ඤාණකායා වෙදිතබ්බා’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, සොතඤ්ච පටිච්ච සද්දෙ ච උප්පජ්ජති
‘‘‘ඡ ඵස්සකායා වෙදිතබ්බා’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො; සොතඤ්ච පටිච්ච සද්දෙ ච උප්පජ්ජති සොතවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො; ඝානඤ්ච පටිච්ච ගන්ධෙ ච උප්පජ්ජති ඝානවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො; ජිව්හඤ්ච පටිච්ච රසෙ ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො; කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බෙ ච උප්පජ්ජති කායවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො; මනඤ්ච පටිච්ච ධම්මෙ ච
‘‘‘ඡ වෙදනාකායා වෙදිතබ්බා’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො, ඵස්සපච්චයා වෙදනා; සොතඤ්ච පටිච්ච සද්දෙ ච උප්පජ්ජති සොතවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො, ඵස්සපච්චයා වෙදනා; ඝානඤ්ච පටිච්ච ගන්ධෙ ච උප්පජ්ජති ඝානවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො, ඵස්සපච්චයා වෙදනා; ජිව්හඤ්ච පටිච්ච රසෙ ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො, ඵස්සපච්චයා වෙදනා; කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බෙ ච උප්පජ්ජති කායවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො, ඵස්සපච්චයා
‘‘‘ඡ තණ්හාකායා වෙදිතබ්බා’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා; සොතඤ්ච පටිච්ච සද්දෙ ච උප්පජ්ජති සොතවිඤ්ඤාණං...පෙ.... ඝානඤ්ච පටිච්ච ගන්ධෙ ච උප්පජ්ජති ඝානවිඤ්ඤාණං... ජිව්හඤ්ච පටිච්ච රසෙ ච උප්පජ්ජති
|
421
“සවැදෑරුම් අධ්‍යාත්මික ආයතන දතයුතුයයි මෙසේ කියනලදී. එය කුමක් සඳහා කියන ලද්දේද? චක්ඛායතනය, සොතායතනය, ඝාණායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය යන මොහුයි. සවැදෑරුම් අධ්‍යාත්මිකායතන දතයුතුයයි යමක් කියන ලද්දේ නම් එය මේ සඳහා කියන ලදී. මේ පළමුවැනි ධර්ම සයයි.
“සවැදෑරුම් බාහිරායතන දතයුතුයයි මෙසේ කියන ලදී. ඒ කුමක් සඳහා කියන ලද්දේද? රූපායතනය, සද්දායතනය, ගන්ධායතනය, රසායතනය, පොට්ඨබ්බායතනය, ධම්මායතනය යන මොහුයි. සවැදෑරුම් බාහිරායතන දතයුතුයයි යමක් කියන ලද්දේ නම් ඒ මේ සඳහා කියන ලදී. මේ දෙවැනි ධර්ම සයයි.
“සවැදෑරුම් විඤ්ඤාණකාය දතයුතුයයි මෙසේ කියන ලදී. එය කුමක් සඳහා කියන ලද්දේද? ඇසත් රූපයනුත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදියි. කණත් ශබ්දයනුත් නිසා සොතවිඤ්ඤාණය උපදියි. නාසයත් ගන්ධයනුත් නිසා ඝාණ විඤ්ඤාණය උපදියි. දිවත් රසයනුත් නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි. කයත් ප්රෂ්ටව්යයනුත් නිසා කාය විඤ්ඤාණය උපදියි. සිතත් ධර්මාරම්මණයනුත් නිසා මනො විඤ්ඤාණය උපදියි. සවැදෑරුම් විඤ්ඤාණකාය දතයුතු යයි යමක් කියන ලද්දේ නම් ඒ මේ සඳහා කියනලදී. මේ තුන්වැනි ධර්ම සයයි.
“සවැදෑරුම් ඵස්සකාය දතයුතුයයි මෙසේ කියනලදී. ඒ කුමක් සඳහා කියන ලද්දේද? ඇසත් රූපයත් නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. කණත් ශබ්දයත් නිසා සොතවිඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. නාසයත් ගඳත් නිසා ඝාණවිඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. කයත් ස්පර්ශයත් නිසා කායවිඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. සිතත් ධර්මාරම්මණත් නිසා මනොවිඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. සවැදෑරුම් ඵස්සකාය දතයුතුය යමක් කියන ලද්දේ නම් ඒ මේ සඳහා කියනලදී. මේ සතරවැනි ධර්ම සයයි.
“සවැදෑරුම් වේදනාකාය දතයුතුයයි මෙසේ කියනලදී. එය කුමක් සඳහා කියන ලද්දේද? ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා වේදනාව උපදියි. කණත් ශබ්දයත් නිසා සොත විඤ්ඤාණය උපදියි. නාසයත් ගඳත් නිසා ඝාණවිඤ්ඤාණය උපදියි. දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදියි. කයත් ප්‍රෂ්ටව්‍යයත් නිසා කායවිඤ්ඤාණය උපදියි. සිතත් ධර්මාරම්මණත් නිසා මනොවිඤ්ඤාණය උපදියි. තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා වේදනාව උපදියි. සවැදෑරුම් වේදනාකාය දතයුතුයයි යමක් කියන ලද්දේ නම්, ඒ මේ සඳහා කියනලදී. මේ පස්වැනි ධර්ම සයයි.
“සවැදෑරුම් තණ්හාකාය දතයුතුයයි මෙසේ කියන ලදි. එය කුමක් සඳහා කියන ලද්දේද? ඇසත් රූපයත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදියි. තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා වේදනාව උපදියි. වේදනාව නිසා තණ්හාව උපදියි. කණත් ශබ්දයත් නිසා සොතවිඤ්ඤාණය උපදියි. නාසයත් ගඳත් නිසා ඝාණවිඤ්ඤාණය උපදියි. දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදියි. කයත් ප්‍රෂ්ටව්‍යයත් නිසා කායවිඤ්ඤාණය උපදියි. සිතත් ධර්මාරම්මණයත් නිසා මනො විඤ්ඤාණය උපදියි. තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා වේදනාව උපදියි. වේදනාව නිසා තණ්හාව උපදියි. සවැදෑරුම් තණ්හාකාය දතයුතුය යන යමක් කියන ලද්දේ නම් ඒ මේ සඳහා කියනලදී. මේ සයවැනි ධර්ම සයයි.
|
422
‘‘‘චක්ඛු අත්තා’ති යො වදෙය්ය තං න උපපජ්ජති. චක්ඛුස්ස උප්පාදොපි වයොපි පඤ්ඤායති. යස්ස ඛො පන උප්පාදොපි වයොපි පඤ්ඤායති, ‘අත්තා මෙ උප්පජ්ජති ච වෙති චා’ති ඉච්චස්ස එවමාගතං හොති. තස්මා තං න උපපජ්ජති - ‘චක්ඛු අත්තා’ති යො වදෙය්ය. ඉති චක්ඛු අනත්තා.
‘‘‘රූපා අත්තා’ති යො වදෙය්ය තං න උපපජ්ජති. රූපානං උප්පාදොපි වයොපි පඤ්ඤායති. යස්ස ඛො පන උප්පාදොපි වයොපි පඤ්ඤායති, ‘අත්තා මෙ උප්පජ්ජති ච වෙති චා’ති ඉච්චස්ස එවමාගතං හොති. තස්මා තං න උපපජ්ජති - ‘රූපා අත්තා’ති යො වදෙය්ය. ඉති චක්ඛු අනත්තා, රූපා අනත්තා.
‘‘‘චක්ඛුවිඤ්ඤාණං අත්තා’ති යො වදෙය්ය තං න උපපජ්ජති. චක්ඛුවිඤ්ඤාණස්ස උප්පාදොපි වයොපි පඤ්ඤායති. යස්ස ඛො පන උප්පාදොපි වයොපි පඤ්ඤායති, ‘අත්තා මෙ උප්පජ්ජති ච වෙති චා’ති ඉච්චස්ස එවමාගතං හොති. තස්මා තං න උපපජ්ජති - ‘චක්ඛුවිඤ්ඤාණං අත්තා’ති යො වදෙය්ය. ඉති චක්ඛු අනත්තා, රූපා අනත්තා, චක්ඛුවිඤ්ඤාණං අනත්තා.
‘‘‘චක්ඛුසම්ඵස්සො අත්තා’ති යො වදෙය්ය තං න උපපජ්ජති. චක්ඛුසම්ඵස්සස්ස උප්පාදොපි වයොපි පඤ්ඤායති
‘‘‘වෙදනා
‘‘‘තණ්හා අත්තා’ති යො වදෙය්ය තං න උපපජ්ජති. තණ්හාය උප්පාදොපි වයොපි පඤ්ඤායති. යස්ස ඛො පන උප්පාදොපි වයොපි පඤ්ඤායති, ‘අත්තා මෙ උප්පජ්ජති ච වෙති චා’ති ඉච්චස්ස එවමාගතං හොති. තස්මා තං න උපපජ්ජති - ‘තණ්හා අත්තා’ති යො වදෙය්ය. ඉති චක්ඛු අනත්තා, රූපා අනත්තා, චක්ඛුවිඤ්ඤාණං අනත්තා, චක්ඛුසම්ඵස්සො අනත්තා, වෙදනා අනත්තා, තණ්හා අනත්තා.
|
422
“ඇස ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් සෙයින්ද?) ඇසේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මයද උපදින්නේය, බිඳෙන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් ඇස ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. එහෙයින් ඇස අනාත්මයි. රූපයෝ ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. කුමක් හෙයින්ද? රූපයන්ගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදින්නේය, විනාශවන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් යමෙක් රූප ආත්මයයි කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ ඇසත් අනාත්මයී. රූපයෝත් අනාත්මයි
“චක්ඛුවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. කුමක් හෙයින්ද? චක්ඛුවිඤ්ඤාණයාගේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදියි. විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් චක්ඛුවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ ඇසත් අනාත්මය, රූපයෝත් අනාත්මය චක්ඛුවිඤ්ඤාණයත් අනාත්මයයි දතයුතුය.
“චක්ඛුසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඔහුගේ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) චක්ඛුසම්ඵස්සයාගේ ඉපදීමත් විනාශයත් පෙණෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදියි, විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් චක්ඛුසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ ඇසත් අනාත්මය, රූපයෝත් අනාත්මය, චක්ඛුවිඤ්ඤාණයත් අනාත්මය, චක්ඛුසම්ඵස්සයත් අනාත්මයි.
“වේදනාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඔහුගේ ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) වේදනාවගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදියි, විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් වේදනාව ආත්ම යයි යමෙක් කියන්නේ නම්, ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ ඇසත් අනාත්මය, රූපයෝත් අනාත්මය, චක්ඛුවිඤ්ඤාණයත් අනාත්මය, චක්ඛුසම්ඵස්සයත් අනාත්මය, වේදනාවත් අනාත්මයි.
“තණ්හාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) තණ්හාවගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මයත් උපදියි, විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් තණ්හාව ආත්ම යයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ ඇසත් අනාත්මය, රූපයෝත් අනාත්මය, චක්ඛුවිඤ්ඤාණයත් අනාත්මය, චක්ඛුසම්ඵස්සයත් අනාත්මය, වේදනාවත් අනාත්මය, තණ්හාවත් අනාත්මය.
|
423
‘‘‘සොතං අත්තා’ති යො වදෙය්ය...පෙ.... ‘ඝානං අත්තා’ති යො වදෙය්ය... ‘ජිව්හා අත්තා’ති යො වදෙය්ය... ‘කායො අත්තා’ති යො වදෙය්ය... ‘මනො අත්තා’ති යො වදෙය්ය තං න උපපජ්ජති. මනස්ස උප්පාදොපි වයොපි පඤ්ඤායති. යස්ස ඛො පන උප්පාදොපි වයොපි
‘‘‘ධම්මා අත්තා’ති යො වදෙය්ය තං න උපපජ්ජති. ධම්මානං උප්පාදොපි වයොපි පඤ්ඤායති. යස්ස ඛො පන උප්පාදොපි වයොපි පඤ්ඤායති, ‘අත්තා මෙ උප්පජ්ජති ච වෙති චා’ති ඉච්චස්ස එවමාගතං හොති. තස්මා තං න උපපජ්ජති - ‘ධම්මා අත්තා’ති යො වදෙය්ය. ඉති මනො අනත්තා, ධම්මා අනත්තා.
‘‘‘මනොවිඤ්ඤාණං අත්තා’ති යො වදෙය්ය තං න උපපජ්ජති. මනොවිඤ්ඤාණස්ස උප්පාදොපි වයොපි පඤ්ඤායති. යස්ස ඛො පන උප්පාදොපි වයොපි පඤ්ඤායති, ‘අත්තා මෙ උප්පජ්ජති ච වෙති චා’ති ඉච්චස්ස එවමාගතං හොති. තස්මා තං න උපපජ්ජති - ‘මනොවිඤ්ඤාණං අත්තා’ති
‘‘‘මනොසම්ඵස්සො
‘‘‘වෙදනා අත්තා’ති යො වදෙය්ය තං න උපපජ්ජති. වෙදනාය උප්පාදොපි වයොපි පඤ්ඤායති. යස්ස ඛො
‘‘‘තණ්හා අත්තා’ති යො වදෙය්ය තං න උපපජ්ජති. තණ්හාය උප්පාදොපි වයොපි පඤ්ඤායති. යස්ස ඛො පන උප්පාදොපි වයොපි පඤ්ඤායති, ‘අත්තා මෙ උප්පජ්ජති ච වෙති චා’ති ඉච්චස්ස එවමාගතං හොති. තස්මා තං න උපපජ්ජති - ‘තණ්හා අත්තා’ති යො වදෙය්ය. ඉති මනො අනත්තා, ධම්මා අනත්තා, මනොවිඤ්ඤාණං අනත්තා, මනොසම්ඵස්සො අනත්තා, වෙදනා අනත්තා, තණ්හා අනත්තා.
|
423
“කණ ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) කණේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මයද උපදින්නේය, බිඳෙන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් කණ ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. එහෙයින් කණ අනාත්මයි.
“ශබ්දයෝ ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) ශබ්දයන්ගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදින්නේය, විනාශවන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් යමෙක් ශබ්ද ආත්මයයි කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ කණත් අනාත්මයි. ශබ්දයෝත් අනාත්මයි.
“සොතවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) සොතවිඤ්ඤාණයාගේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මය උපදියි, විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් සොතවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ කණත් අනාත්මය, ශබ්දයෝත් අනාත්මය, සොතවිඤ්ඤාණයත් අනාත්මයි.
“සොතසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) සොතසම්ඵස්සයාගේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මය උපදියි’ විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් සොතසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ කණත් අනාත්මය, ශබ්දයෝත් අනාත්මය, සොතසම්ඵස්සයත් අනාත්මයි.
“වේදනාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඔහුගේ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) වේදනාවගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේනම් මගේ ආත්මය උපදියි, විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් වේදනාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ කණත් අනාත්මය ශබ්දයෝත් අනාත්මය සොතවිඤ්ඤාණයත් අනාත්මය සොතසම්ඵස්සයත් අනාත්මය වේදනාවත් අනාත්මයි.
“තණ්හාව ආත්මයයි යමෙක් කියන්නේනම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) තණ්හාවෙන් ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයක් පෙනේනම් මගේ ආත්මය උපදියි විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් තණ්හාව ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ කණත් අනාත්මය ශබ්දයෝත් අනාත්මය සොතවිඤ්ඤාණයත් අනාත්මය සොතසම්ඵස්සයත් අනාත්මය වේදනාවත් අනාත්මය තණ්හාවත් අනාත්මය.
“නාසය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) නාසයේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මයද උපදින්නේය, බිඳෙන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් නාසය ආත්මයයි, යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. එහෙයින් නාසය අනාත්මයි.
“ගන්ධයෝ ආත්මයයි යමෙක් කියන්නේනම් එය නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) ගන්ධයන්ගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මය උපදින්නේය, විනාශ වන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් යමෙක් ගන්ධයෝ ආත්මයයි කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ නාසයත් අනාත්මයි. ගන්ධයෝත් අනාත්මයි.
“ඝාණවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) ඝාණවිඤ්ඤාණයාගේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මය උපදියි, විනාශ වෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් ඝාණවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ නාසයත් අනාත්මය, ගන්ධයෝත් අනාත්මය ඝාණවිඤ්ඤාණයත් අනාත්මයි.
“ඝාණසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) ඝාණසම්ඵස්සයාගේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මය උපදියි, විනාශ වෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් ඝාණසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ නාසයත් අනාත්මය, ගන්ධයෝත් අනාත්මය ඝාණවිඤ්ඤාණයත් අනාත්මය, ඝාණසම්ඵස්සයත් අනාත්මයි.
“වේදනාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඔහුගේ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) වේදනාවගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදියි, විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් වේදනාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ නාසයත් අනාත්මය ගන්ධයෝත් අනාත්මය ඝාණවිඤ්ඤාණයත් අනාත්මය ඝානසම්පස්සයත් අනාත්මය වේදනාවත් අනාත්මයයි.
“තණ්හාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) තණ්හාවගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මයත් උපදියි, විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් තණ්හාව ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ නාසයත් අනාත්මය, ගන්ධයෝත් අනාත්මය, ඝාණවිඤ්ඤාණයත් අනාත්මය, ඝාණසම්ඵස්සයත් අනාත්මය වේදනාවත් අනාත්මය, තණ්හාවත් අනාත්මය.
“දිව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) දිවේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මයද උපදින්නේය, බිඳෙන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් දිව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. එහෙයින් දිව අනාත්මයි.
“රසයන් ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) රසයන්ගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මය උපදින්නේය, විනාශවන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් යමෙක් රසයන් ආත්මයයි කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ දිවත් අනාත්මයි. රසයෝත් අනාත්මයි.
“ජිව්හාවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) ජිව්හාවිඤ්ඤාණයාගේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මය උපදියි විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් ජිව්හාවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ දිවත් අනාත්මය, රසයෝත් අනාත්මය ජිව්හාවිඤ්ඤාණයත් අනාත්මයි.
“ජිව්හාසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඔහුගේ ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) ජිව්හාසම්ඵස්සයාගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මය උපදියි, විනාශවෙයි. යන කාරණයට ඊට පැමිණෙන්නේය. එහෙයින් ජිව්හාසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ දිවත් අනාත්මය, රසයෝත් අනාත්මය ජිව්හාවිඤ්ඤාණයත් අනාත්මය, ජිව්හා සම්ඵස්සයත් අනාත්මයි.
“වේදනාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඔහුගේ ඒ කීම නොයෙදෙන්නේය. (කුමක්හෙයින්ද?) වේදනාවගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදියි, විනාශවෙයි යන කාරණයට ඊට පැමිණෙන්නේය. එහෙයින් වේදනාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ දිවත් අනාත්මය, රසයෝත් අනාත්මය ජිව්හාවිඤ්ඤාණයත් අනාත්මය, ජිව්හාසම්ඵස්සයත් අනාත්මය, වේදනාවත් අනාත්මයි.
“තණ්හාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) තණ්හාවගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මයත් උපදියි, විනාශ වෙයි යන කාරණයට ඊට පැමිණෙන්නේය. එහෙයින් තණ්හාව ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ දිවත් අනාත්මය, රසයෝත් අනාත්මය, ජිව්හාවිඤ්ඤාණයත් අනාත්මය, ජිව්හාසම්ඵස්සයත් අනාත්මය, වේදනාවත් අනාත්මය, තණ්හාවත් අනාත්මය.
“කය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) කයේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මයද උපදින්නේය, බිඳෙන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් කය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. එහෙයින් කය අනාත්මයි.
“ප්රෂ්ටව්යයෝ ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) ප්රෂ්ටව්යයන්ගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදින්නේය, විනාශ වන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය එහෙයින් යමෙක් ප්‍රෂ්ටව්‍යය ආත්මයයි කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ කයත් අනාත්මයි. ප්‍රෂ්ටව්‍යයෝත් අනාත්මයි.
“කායවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) කායවිඤ්ඤාණයාගේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදියි, විනාශවෙයි යන කාරණයට ඊට පැමිණෙන්නේය. එහෙයින් කායවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ කයත් අනාත්මය, ප්‍රෂ්ටව්‍යයෝත් අනාත්මය, කාය විඤ්ඤාණයත් අනාත්මය.
“කායසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඔහුගේ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) කායසම්ඵස්සාගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේනම් මාගේ ආත්මය උපදියි, යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් කායසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ කයත් අනාත්මය ප්‍රෂ්ටව්‍යයෝත් අනාත්මය කාය විඤ්ඤාණයත් අනාත්මය කායසම්ඵස්සයත් අනාත්මයි.
“වේදනාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඔහුගේ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) වේදනාවගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදියි, විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් වේදනාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ කයත් අනාත්මය, ප්‍රෂ්ටව්‍යයත් අනාත්මය, කාය විඤ්ඤාණයත් අනාත්මය, කායසම්ඵස්සයත් අනාත්මය, වේදනාවත් අනාත්මය.
“තණ්හාව ආත්මයයි යමෙක් කියන්නේ නම් කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) තණ්හාවගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදියි, විනාශවෙයි යන කාරණය ඊට පැමිනෙන්නේය. එහෙයින් තණ්හාව ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ කයත් අනාත්මය, ප්‍රෂ්ටව්‍යයත් අනාත්මය, කායවිඤ්ඤාණයත් අනාත්මය, කායසම්ඵස්සයත් අනාත්මය, වේදනාවත් අනාත්මය, තණ්හාවත් අනාත්මය.
“සිත ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) සිතේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මයද උපදින්නේය, බිඳෙන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් සිත ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. එහෙයින් සිත අනාත්මයි.
“ධර්මාරම්මණයන් ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) ධර්මාරම්මණයන්ගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදින්නේය, විනාශ වන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් යමෙක් ධර්මාරම්මණයෝ ආත්මයයි යමෙක් කියන්නේනම් එය නොයෙදෙන්නේය. මගේ සිත අනාත්මයි. ධර්මාරම්මණත් අනාත්මයි.
“මනොවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) මනොවිඤ්ඤාණයේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය. යමක ඉපදීමද විනාශයද පෙනේ නම් මගේ ආත්මය උපදියි, විනාශවෙයි යනමේ කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් මනොවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේනම් එය නොයෙදෙන්නේය. මගේ සිතද අනාත්මයි, ධර්මාරම්මණයෝ ද අනාත්මයි මනොවිඤ්ඤාණයද අනාත්මයි.
“මනොසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේනම් ඔහුගේ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) මනොසම්ඵස්සයාගේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදියි බිඳෙයි යන මේ කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් මනොසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ සිතද අනාත්මයි, ධර්මාරම්මණයෝ ද අනාත්මයි, මනොවිඤ්ඤාණයද අනාත්මයි. මනොසම්ඵස්සයද අනාත්මයි.
“වේදනාව ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) වේදනාවගේ ඉපදීමද විනාශයද පෙනෙයි. යමක ඉපදීමද විනාශයද පෙනේනම් මාගේ ආත්මය උපදියි විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් යමෙක් වේදනාව ආත්මයයි කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ සිතද අනාත්මයි. ධර්මයෝ ද අනාත්මයි මනොවිඤ්ඤාණයද අනාත්මයි. මනොසම්ඵස්සයද අනාත්මයි. වේදනාවද අනාත්මයි.
“තණ්හාව ආත්මයයි යමෙක් කියන්නේනම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) තණ්හාවගේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය. යමක ඉපදීමද විනාශයද පෙනේ නම් මගේ ආත්මය උපදියි බිඳෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් යමෙක් තණ්හාව ආත්මයයි කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ සිතද අනාත්මයි. ධර්මාරම්මණයෝ ද අනාත්මයි. මනොවිඤ්ඤාණයද අනාත්මයි. මනොසම්ඵස්සයද අනාත්මයි. වේදනාවද අනාත්මයි. තණ්හාවද අනාත්මයි.
|
424
‘‘අයං ඛො පන, භික්ඛවෙ, සක්කායසමුදයගාමිනී පටිපදා - චක්ඛුං ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සති; රූපෙ ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සති; චක්ඛුවිඤ්ඤාණං ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සති; චක්ඛුසම්ඵස්සං ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සති; වෙදනං ‘එතං මම
‘‘අයං
|
424
“මහණෙනි, මේ වනාහි මමයයි ගන්නා වැරදි දැකීම ඉපදීම කරා යන්නාවූ ප්‍රතිපදාව වෙයි. ‘එනම්, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, ඇස දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, රූපයන් දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, චක්ඛුවිඤ්ඤාණය දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, චක්ඛුසම්ඵස්සය දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි වේදනාව දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි තණ්හාව දකියිද,
“මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, කණ දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි ශබ්දයන් දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි සොත විඤ්ඤාණය දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි සොත සම්ඵස්සය දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි වේදනාව දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි තණ්හාව දකියිද,
“මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි නාසය දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි ගන්ධයන් දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි ඝාණ විඤ්ඤාණය දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි ඝාණ සම්ඵස්සය දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි වේදනාව දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි තණ්හාව දකියිද,
“මෙය මගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි, දිව දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, රසයන් දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි. ජිව්හාවිඤ්ඤාණය දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, ජිව්හාසම්ඵස්සය දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, වේදනාව දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, තණ්හාව දකියිද,
“මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි කය දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, ප්‍රෂ්ටව්‍යයන් දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, කායවිඤ්ඤාණය දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, කායසම්ඵස්සය දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, වේදනාව දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, තණ්හාව දකියිද,
“මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, සිත දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, ධර්මරම්මණයන් දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, මනොවිඤ්ඤාණය දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, මනොසම්ඵස්සය දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, වේදනාව දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, තණ්හාව දකියිද, යන මේ, මාර්ගයයි,
“මහණෙනි, මේ වනාහි මමයයි ගැනීම නිරුද්ධකිරීමේ මාර්ගයවේ. එනම්: මෙය මගේ නොවේය මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, ඇස දකියිද, මෙය මගේ නෙවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේ යයි, රූපයන් දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, චක්ඛුවිඤ්ඤාණය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, චක්ඛුසම්ඵස්සය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, වේදනාව දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, තණ්හාව දකියිද,
“මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, කණ දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, ශබ්දයන් දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නෙවේයයි, සොතවිඤ්ඤාණය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, සොතසම්ඵස්සය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, වේදනාව දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි තණ්හාව දකියිද,
“මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි නාසය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි ගන්ධයන් දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි ඝාණවිඤ්ඤාණය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි ඝාණසම්ඵස්සය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, වේදනාව දකියිද, මෙය මගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි තණ්හාව දකියිද,
“මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි දිව දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි රසයන් දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නෙවේයයි ජිව්හාවිඤ්ඤාණය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි ජිව්හාසම්ඵස්සය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි වේදනාව දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි තණ්හාව දකියිද,
“මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි කය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි ප්‍රෂ්ටව්‍යයන් දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නෙවේයයි කායවිඤ්ඤාණය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි කායසම්ඵස්සය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි වේදනාව දකියිද, මෙය මගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි තණ්හාව දකියිද,
“මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි සිත දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ නොවේයයි ධර්මාරම්මණයන් දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, මනොවිඤ්ඤාණය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේ යයි මනොසම්ඵස්සය දකියිද, මෙය මගේ නොවේ මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි වේදනාව දකියිද, මෙය මගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි තණ්හාව දකියිද යන මේ මාර්ගයයි.
|
425
‘‘චක්ඛුඤ්ච, භික්ඛවෙ, පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති
‘‘සොතඤ්ච, භික්ඛවෙ, පටිච්ච සද්දෙ ච උප්පජ්ජති සොතවිඤ්ඤාණං...පෙ.... ඝානඤ්ච, භික්ඛවෙ, පටිච්ච ගන්ධෙ ච උප්පජ්ජති ඝානවිඤ්ඤාණං...පෙ.... ජිව්හඤ්ච, භික්ඛවෙ, පටිච්ච රසෙ ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං...පෙ.... කායඤ්ච, භික්ඛවෙ, පටිච්ච ඵොට්ඨබ්බෙ ච උප්පජ්ජති කායවිඤ්ඤාණං...පෙ.... මනඤ්ච, භික්ඛවෙ, පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති මනොවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො, ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා. සො සුඛාය වෙදනාය ඵුට්ඨො සමානො අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස රාගානුසයො අනුසෙති. දුක්ඛාය වෙදනාය ඵුට්ඨො සමානො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං
|
425
“මහණෙනි, ඇසත් රූපයනුත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ මැදහත්වූ හෝ යම් විඳීමක් උපදියිද, සැප වේදනාවක් ලැබුණු හෙතෙම සතුටු වෙයි. හොඳය හොඳයයි කියයි. එහි බැසගෙණ සිටියි. ඔහුගේ රාගානුසය වැඩෙයි. හෙතෙම දුක් වේදනාවක් ලැබුයේ ශෝක වෙයි, ක්ලාන්තවෙයි, වැළපෙයි. පපුවේ අත් ගසමින් හඬයි. මුළාවට පැමිණෙයි. ඔහුගේ පටිඝානුසය වැඩෙයි. මැදහත් වේදනාවක් ලැබුයේ ඒ වේදනාවේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වාකාරයෙන් නොදකියි. ඔහුගේ අවිජ්ජානුසය වැඩෙයි. මහණෙනි, හෙතෙමේ සුඛ වේදනාවෙහි රාගානුසය පහ නොකොට දුක්ඛ වේදනාවෙහි පටිඝානුසය දුරු නොකොට අදුක්ඛමසුඛ වේදනාවෙහි අවිජ්ජානුසය නූදුරා අවිද්‍යාව දුරුකොට විද්‍යාව නූපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන කාරණය සිදු නොවන්නේය.
“මහණෙනි, කණත් ශබ්දයනුත් නිසා සොත විඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ මැදහත්වූ හෝ යම් විඳීමක් උපදියිද, සැප වේදනාවක් ලැබුණු හෙතෙම සතුටු වෙයි. හොඳය, හොඳයයි කියයි. එහි බැසගෙණ සිටියි. ඔහුගේ රාගානුසය වැඩෙයි. හෙතෙම දුක් වේදනාවක් ලැබුයේ ශෝකවෙයි, ක්ලාන්තවෙයි, වැළපෙයි. පපුවේ අත් ගසමින් හඬයි. මුළාවට පැමිණෙයි. ඔහුගේ පටිඝානුසය වැඩෙයි. මැදහත් වේදනාවක් ලැබුයේ ඒ වේදනාවේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වාකාරයෙන් නොදකියි. ඔහුගේ අවිජ්ජානුසය වැඩෙයි. මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහ නොකොට දුක්ඛ වේදනාවෙහි පටිඝානුසය දුරු නොකොට අදුක්ඛමසුඛ වේදනාවෙහි අවිජ්ජානුසය නූදුරා අවිද්‍යාව දුරුකොට විද්‍යාව නූපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන කාරණය සිදු නොවන්නේය.
‘මහණෙනි, නාසයත් ගන්ධයනුත් නිසා ඝාණවිඤ්ඤාණය උපදියි ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ මැදහත්වූ හෝ යම් විඳීමක් උපදියිද, සැප වේදනාවක් ලැබුණු හෙතෙම සතුටු වෙයි. හොඳය හොඳයයි කියයි. එහි බැසගෙණ සිටියි. ඔහුගේ රාගානුසය වැඩෙයි. හෙතෙම දුක් වේදනාවක් ලැබුයේ ශෝකවෙයි, ක්ලාන්තවෙයි, වැළපෙයි. පපුවේ අත් ගසමින් හඬයි මුළාවට පැමිණෙයි. ඔහුගේ පටිඝානුසය වැඩෙයි. මැදහත් වේදනාවක් ලැබුයේ ඒ වේදනාවේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වාකාරයෙන් නොදකියි. ඔහුගේ අවිජ්ජානුසය වැඩෙයි. මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහ නොකොට දුක්ඛ වේදනාවෙහි පටිඝානුසය දුරු නොකොට අදුක්ඛමසුඛ වේදනාවෙහි අවිජ්ජානුසය නූදුරා අවිද්‍යාව දුරුකොට විද්‍යාව නූපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන කාරණය සිදු නොවන්නේය.
“මහණෙනි, දිවත් රසයත් නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ මැදහත්වූ හෝ යම් විඳීමක් උපදියිද, සැප වේදනාවක් ලැබුණු හෙතෙම සතුටු වෙයි. හොඳය හොඳයයි කියයි. එහි බැසගෙණ සිටියි. ඔහුගේ රාගානුසය වැඩෙයි. හෙතෙම දුක් වේදනාවක් ලැබුයේ ශෝක වෙයි, ක්ලාන්තවෙයි, වැළපෙයි. පපුවේ අත් ගසමින් හඬයි. මුළාවට පැමිණෙයි. ඔහුගේ පටිඝානුසය වැඩෙයි. මැදහත් වේදනාවක් ලැබුයේ ඒ වේදනාවේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වාකාරයෙන් නොදකියි. ඔහුගේ අවිජ්ජානුසය වැඩෙයි. මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහ නොකොට දුක්ඛ වේදනාවෙහි පටිඝානුසය දුරු නොකොට අදුක්ඛමසුඛ වේදනාවෙහි අවිජ්ජානුසය නූදුරා අවිද්‍යාව දුරුකොට විද්‍යාව නූපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන කාරණය සිදු නොවන්නේය.
“මහණෙනි, කයත් ප්රශ්ටව්යයත් නිසා කායවිඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ මැදහත්වූ හෝ යම් විඳීමක් උපදියිද, සැප වේදනාවක් ලැබුණු හෙතෙම සතුටු වෙයි. හොඳය හොඳයයි කියයි. එහි බැසගෙන සිටියි. ඔහුගේ රාගානුසය වැඩෙයි. හෙතෙම දුක් වේදනාවක් ලැබුයේ ශෝක වෙයි, ක්ලාන්තවෙයි, වැළපෙයි. පපුවේ අත් ගසමින් හඬයි. මුළාවට පැමිණෙයි. ඔහුගේ පටිඝානුසය වැඩෙයි. මැදහත් වේදනාවක් ලැබුයේ ඒ වේදනාවේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වාකාරයෙන් නොදකියි. ඔහුගේ අවිජ්ජානුසය වැඩෙයි. මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහ නොකොට දුක්ඛ වේදනාවෙහි පටිඝානුසය දුරු නොකොට අදුක්ඛම සුඛ වේදනාවෙහි අවිජ්ජානුසය නූදුරා අවිද්‍යාව දුරුකොට විද්‍යාව නූපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන කාරණය සිදු නොවන්නේය.
“මහණෙනි, සිතත් ධර්මාරම්මණයනුත් නිසා මනො විඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ නිදුක් නොසැපවූ හෝ විඳීම උපදියි. හෙතෙමේ සැප වේදනාවක් ලැබුයේ සතුටුවෙයි. හොඳය හොඳයයි කියයි. එහි ගිලී සිටියි. ඔහුගේ රාගානුසය වැඩෙයි. දුක් වේදනාවක් ලැබුයේ ශොක කරයි, ක්ලාන්තවෙයි. වැළපෙයි. පපුවට අතගසමින් හඬයි. මුළාවට පැමිණෙයි. ඔහුගේ පටිඝානුසය වැඩෙයි. නිදුක් නොසැප වේදනාවක් ලැබුයේ ඒ වේදනාවගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද ඇති සැටියෙන් නොදනියි. ඔහුගේ අවිජ්ජානුසය වැඩෙයි. මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහනොකොට දුක්ඛවේදනාවෙහි පටිඝානුසය දුරු නොකොට මොහානුසය මුලින් නූපුටා අවිද්‍යාව දුරු නොකොට විද්‍යාව නූපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේය යන කාරණය සිදු නොවන්නේය.
|
426
‘‘චක්ඛුඤ්ච
‘‘සොතඤ්ච, භික්ඛවෙ, පටිච්ච සද්දෙ ච උප්පජ්ජති සොතවිඤ්ඤාණං...පෙ.....
‘‘ඝානඤ්ච, භික්ඛවෙ, පටිච්ච ගන්ධෙ ච උප්පජ්ජති ඝානවිඤ්ඤාණං...පෙ.....
‘‘ජිව්හඤ්ච, භික්ඛවෙ, පටිච්ච රසෙ ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං...පෙ....
‘‘කායඤ්ච, භික්ඛවෙ, පටිච්ච ඵොට්ඨබ්බෙ ච උප්පජ්ජති කායවිඤ්ඤාණං...පෙ.....
‘‘මනඤ්ච, භික්ඛවෙ, පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති මනොවිඤ්ඤාණං තිණ්ණං සඞ්ගති ඵස්සො, ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා. සො සුඛාය වෙදනාය ඵුට්ඨො සමානො නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස රාගානුසයො නානුසෙති. දුක්ඛාය වෙදනාය ඵුට්ඨො සමානො න සොචති න කිලමති න පරිදෙවති න උරත්තාළිං කන්දති න සම්මොහං ආපජ්ජති. තස්ස පටිඝානුසයො නානුසෙති. අදුක්ඛමසුඛාය වෙදනාය ඵුට්ඨො සමානො තස්සා වෙදනාය සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. තස්ස අවිජ්ජානුසයො නානුසෙති. සො වත, භික්ඛවෙ, සුඛාය වෙදනාය රාගානුසයං පහාය දුක්ඛාය වෙදනාය පටිඝානුසයං පටිවිනොදෙත්වා අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයං සමූහනිත්වා අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො භවිස්සතීති - ඨානමෙතං විජ්ජති.
|
426
“මහණෙනි, ඇසත් රූපයනුත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදියි. තිදෙනාගේ එක්වීම ඵස්සය වේ ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ නිදුක් නොසැපවූ හෝ වේදනාව උපදියි. හෙතෙම සැප වේදනාවක් ලැබුයේ සතුටු නොවෙයි. හොඳය හොඳයයි නොකියයි. එහි නොගිලෙයි. ඔහුගේ රාගානුසය දුරු වන්නේය. දුක් වේදනාවක් ලැබුයේ ශෝක නොකරයි, ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. පපුවට අත ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි, ඔහුගේ පටිඝානුසය දුරුවෙයි. නිදුක් නොසැප වේදනාවක් ලැබුයේ ඒ වේදනාවගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද ඇති සැටියෙන් දනියි. ඔහුගේ අවිජ්ජානුසය දුරුවෙයි.
මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහකොට දුක් වේදනාවෙහි පටිඝානුසය දුරුකොට නිදුක් නොසැප වේදනාවෙහි අවිජ්ජානුසය මුලින් උදුරා අවිද්‍යාව පහකොට විද්‍යාව උපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන මෙය සිදුවන්නේය.
“මහණෙනි, කණත් ශබ්දයනුත් නිසා සොත විඤ්ඤාණය උපදියි. තිදෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ නිදුක් නොසැපවූ හෝ වේදනාව උපදියි. හෙතෙම සැප වේදනාවක් ලැබුයේ සතුටු නොවෙයි. හොඳය හොඳයයි නොකියයි. එහි නොගිලෙයි. ඔහුගේ රාගානුසය දුරු වන්නේය. දුක් වේදනාවක් ලැබුයේ ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. පපුවට අත ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි, ඔහුගේ පටිඝානුසය දුරු වෙයි. නිදුක් නොසැප වේදනාවක් ලැබුයේ ඒ වේදනාවගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද ඇතිසැටියෙන් දනියි. ඔහුගේ අවිජ්ජානුසය දුරුවෙයි.
මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහකොට දුක් වේදනාවෙහි පටිඝානුසය දුරුකොට නිදුක් නොසැප වේදනාවෙහි අවිජ්ජානුසය මුලින් උපුටා අවිද්‍යාව පහකොට විද්‍යාව උපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන මෙය සිදුවන්නේය.
“මහණෙනි, නාසයත් ගන්ධයනුත් නිසා ඝාණවිඤ්ඤාණය උපදියි. තිදෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ නිදුක් නොසැපවූ හෝ වේදනාව උපදියි. හෙතෙම සැප වේදනාවක් ලැබුයේ සතුටු නොවෙයි. හොඳය හොඳයයි නොකියයි. එහි නොගිලෙයි. ඔහුගේ රාගානුසය දුරු වන්නේය. දුක් වේදනාවක් ලැබුයේ ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි, පපුවට අත ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි, ඔහුගේ පටිඝානුසය දුරුවෙයි. නිදුක් නොසැප වේදනාවක් ලැබුයේ ඒ වේදනාවගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද ඇති සැටියෙන් දනියි. ඔහුගේ අවිජ්ජානුසය දුරුවෙයි.
මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහකොට දුක් වේදනාවෙහි පටිඝානුසය දුරුකොට නිදුක් නොසැප වේදනාවෙහි අවිජ්ජානුසය මුලින් උපුටා අවිද්‍යාව පහකොට විද්‍යාව උපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන මෙය සිදුවන්නේය.
“මහණෙනි, දිවත් රසයනුත් නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි. තිදෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ නිදුක් නොසැපවූ හෝ වේදනාව උපදියි. හෙතෙම සැප වේදනාවක් ලැබුයේ සතුටු නොවෙයි. හොඳය හොඳයයි නොකියයි. එහි නොගිලෙයි. ඔහුගේ රාගානුසය දුරු වන්නේය. දුක් වේදනාවක් ලැබුයේ ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. පපුවට අත ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි, ඔහුගේ පටිඝානුසය දුරුවෙයි. නිදුක් නොසැප වේදනාවක් ලැබුයේ ඒ වේදනාවගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද ඇති සැටියෙන් දනියි. ඔහුගේ අවිජ්ජානුසය දුරුවෙයි.
මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහකොට දුක් වේදනාවෙහි පටිඝානුසය දුරුකොට නිදුක් නොසැප වේදනාවෙහි අවිජ්ජානුසය මුලින් උපුටා අවිද්‍යාව පහකොට විද්‍යාව උපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන මෙය සිදුවන්නේය.
“මහණෙනි, කයත් ප්‍රෂ්ටව්‍යයත් නිසා කාය විඤ්ඤාණය උපදියි. තිදෙනාගේ එක්වීම ඵස්සයවේ. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ නිදුක් නොසැපවූ හෝ වේදනාව උපදියි. හෙතෙම සැප වේදනාවක් ලැබුයේ සතුටු නොවෙයි. හොඳය හොඳයයි නොකියයි. එහි නොගිලෙයි. ඔහුගේ රාගානුසය දුරුවන්නේය. දුක් වේදනාවක් ලැබුයේ ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. පපුවට අත ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි, ඔහුගේ පටිඝානුසය දුරුවෙයි. නිදුක් නොසැප වේදනාවක් ලැබුයේ ඒ වේදනාවගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද ඇති සැටියෙන් දනියි. ඔහුගේ අවිජ්ජානුසය දුරුවෙයි.
මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහකොට දුක් වේදනාවෙහි පටිඝානුසය දුරුකොට නිදුක් නොසැප වේදනාවෙහි අවිජ්ජානුසය මුලින් උපුටා අවිද්‍යාව පහකොට විද්‍යාව උපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන මෙය සිදුවන්නේය.
“මහණෙනි, සිතත් ධර්මාරම්මණයනුත් නිසා මනො විඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ නිදුක් නොසැපවූ හෝ වේදනාව උපදියි. හෙතෙම සැප වේදනාවක් ලැබුයේ සතුටු නොවෙයි. හොඳය හොඳයයි නොකියයි. එහි ගැලී නොසිටියි. ඔහුගේ රාගානුසය දුරු වෙයි. හෙතෙම දුක් වේදනාවක් ලැබුයේ ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. පපුවට අත ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි. ඔහුගේ පටිඝානුසය දුරුවෙයි. නිදුක් නොසැප වේදනාවක් ලැබුයේ ඒ වේදනාවගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද ඇති සැටියෙන් දනියි. ඔහුගේ අවිජ්ජානුසය දුරුවෙයි.
මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහකොට දුක් වේදනාවෙහි පටිඝානුසය දුරුකොට නිදුක් නොසැප වේදනාවෙහි අවිජ්ජානුසය මුලින් උපුටා අවිද්‍යාව පහකොට විද්‍යාව උපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන මෙය සිදු වන්නේය.
|
427
‘‘එවං පස්සං, භික්ඛවෙ, සුතවා අරියසාවකො චක්ඛුස්මිං
(චක්ඛුස්මිම්පි (ස්‍යා. කං.) එවමිතරෙසුපි) නිබ්බින්දති, රූපෙසු නිබ්බින්දති, චක්ඛුවිඤ්ඤාණෙ නිබ්බින්දති, චක්ඛුසම්ඵස්සෙ
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති. ඉමස්මිං ඛො පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ සට්ඨිමත්තානං භික්ඛූනං අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසූති.
|
427
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇසෙහි කලකිරෙයි. රූපයන්හි කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණයෙහි කලකිරෙයි. චක්ඛු සම්ඵස්සයෙහි කලකිරෙයි. වේදනාවෙහි කලකිරෙයි. තණ්හාවෙහි කලකිරෙයි. කණෙහි කලකිරෙයි. ශබ්දයන්හි කලකිරෙයි. නාසයෙහි කලකිරෙයි. ගන්ධයන්හි කලකිරෙයි. දිවෙහි කලකිරෙයි. රසයන්හි කලකිරෙයි. කයෙහි කලකිරෙයි. ප්රෂ්ටව්යයන්හි කලකිරෙයි. සිතෙහි කලකිරෙයි. ධර්මාරම්මණයන්හි කලකිරෙයි. මනො විඤ්ඤාණයෙහි කලකිරෙයි. මනොසම්ඵස්සයෙහි කලකිරෙයි. වේදනාවෙහි කලකිරෙයි. තණ්හාවෙහි කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීම හේතුකොටගෙන කෙලෙසුන් කෙරෙන් මිදෙයි. මිදුණ කල්හි මිදුණේය යන ඤාණය උපදියි. ඉපදීම ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මින් පසු කළයුත්තක් නැතැයි දැනගනී.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තාහුය. මේ සූත්‍ර දේශනාව දේශනා කරන කල්හි සැට නමක් භික්ෂූන්ගේ සිත් තණ්හා දිට්ඨි මානයන් විසින් අල්වානොගෙන ආශ්‍රව ධර්මයන් කෙරෙන් මිදුනාහුය.
|
7. මහාසළායතනිකසුත්තං | 7. මහාසළායතන සූත්‍රය |
428
එවං
|
428
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඬු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩවාසය කරණසේක. එකල්හි වනාහි භාග්‍යවතුන්වහන්සේ “මහණෙනි” කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. “ස්වාමීනි” ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළේය.
“මහණෙනි, මම තොපට මහත්වූ ෂඩායතනයන් ප්‍රකාශකරන්නාවූ ධර්ම කොට්ඨාශයක් දේශනා කරන්නෙමි. එය අසව්. මොනවට මෙනෙහි කරව්. කියන්නෙමි” වදාළේය. “එසේය ස්වාමීනි යයි” ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන්වහන්සේ මේ මෙසේ වදාළහ.
|
429
‘‘චක්ඛුං, භික්ඛවෙ, අජානං අපස්සං යථාභූතං, රූපෙ අජානං අපස්සං යථාභූතං, චක්ඛුවිඤ්ඤාණං අජානං අපස්සං යථාභූතං, චක්ඛුසම්ඵස්සං අජානං අපස්සං යථාභූතං, යමිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අජානං අපස්සං යථාභූතං, චක්ඛුස්මිං සාරජ්ජති, රූපෙසු සාරජ්ජති, චක්ඛුවිඤ්ඤාණෙ සාරජ්ජති, චක්ඛුසම්ඵස්සෙ සාරජ්ජති, යමිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි සාරජ්ජති.
‘‘තස්ස සාරත්තස්ස සංයුත්තස්ස සම්මූළ්හස්ස අස්සාදානුපස්සිනො විහරතො ආයතිං පඤ්චුපාදානක්ඛන්ධා උපචයං ගච්ඡන්ති. තණ්හා චස්ස පොනොබ්භවිකා නන්දීරාගසහගතා තත්රතත්රාභිනන්දිනී, සා චස්ස පවඩ්ඪති. තස්ස කායිකාපි දරථා පවඩ්ඪන්ති, චෙතසිකාපි
‘‘සොතං
‘‘තස්ස සාරත්තස්ස සංයුත්තස්ස සම්මූළ්හස්ස අස්සාදානුපස්සිනො විහරතො ආයතිං පඤ්චුපාදානක්ඛන්ධා උපචයං ගච්ඡන්ති. තණ්හා චස්ස පොනොබ්භවිකා නන්දීරාගසහගතා තත්රතත්රාභිනන්දිනී, සා චස්ස පවඩ්ඪති. තස්ස කායිකාපි දරථා පවඩ්ඪන්ති, චෙතසිකාපි දරථා පවඩ්ඪන්ති; කායිකාපි සන්තාපා පවඩ්ඪන්ති, චෙතසිකාපි සන්තාපා පවඩ්ඪන්ති; කායිකාපි පරිළාහා පවඩ්ඪන්ති, චෙතසිකාපි පරිළාහා පවඩ්ඪන්ති. සො කායදුක්ඛම්පි චෙතොදුක්ඛම්පි පටිසංවෙදෙති.
|
429
“මහණෙනි, චක්ඛායතනය තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේවේද, රූපායතනයන් තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේවේද, චක්ඛු විඤ්ඤාණය තත්වූ පරිද්දෙන් නොදන්නේ නොදක්නේවේද, චක්ඛුසම්ඵස්සය තත්වූ පරිද්දෙන් නොදන්නේ නොදක්නේවේද, යම් මේ චක්ඛුසම්ඵස්සය හේතුකොටගෙණ සැපවූ හෝ දුක්වූ හෝ සැප නොවූ දුක් නොවූ හෝ විඳීමක් උපදීද, එයද තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේ උපදීද, චක්ඛායතනයෙහි ඇලෙන්නේ වේද, රූපායතනයන්හි ඇලෙන්නේ වේද, චක්ඛු විඤ්ඤාණයෙහි ඇලෙන්නේවේද, චක්ඛුසම්ඵස්සයෙහි ඇලෙන්නේවේද, යම් මේ චක්ඛුසම්ඵස්සය හේතුකොටගෙණ සැපවූ හෝ දුක්වූ හෝ සැප නොවූ දුක් නොවූ හෝ වේදනාවක් උපදීද, එහි ඇලෙන්නේද, එහි ඇළුනාවූ එයින් යුක්තවූ එයින් මුළාවූ ආශ්වාද වශයෙන් දකිමින් වාසය කරන්නාවූ ඔහුගේ මත්තෙහි පඤ්චූපාදානස්කන්ධයෝ වැඩීමට පැමිණෙත්. ඔහුගේ දෙවෙනි භව ඇතිකරන්නාවූ ඒ ඒ භවයෙහි ඇලෙන්නාවූ නන්දිරාගය සමග පවත්නාවූ තෘෂ්ණාවක්වේද, ඔහුගේ ඒ තෘෂ්ණාවද වැඩෙන්නීය. ඔහුගේ කායික දාහයෝද වැඩෙන්නාහුය. මානසික දාහයෝද වැඩෙන්නාහුය. කායික සන්තාපයෝද වැඩෙන්නාහුය. මානසික සන්තාපයෝද වැඩෙන්නාහුය. කායික පරිදැවිලිද වැඩෙන්නාහුය. මානසික දැවිලිද වැඩෙන්නාහුය. හෙතෙමේ කායික දුකද මානසික දුකද විඳින්නේ වේ.
“මහණෙනි, හෙතෙමේ සෝතායතනය තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේද, මහණෙනි, ඝාණායතනය තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේද, මහණෙනි, ජිහ්වායතනය තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේද, මහණෙනි, කායායතනය තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේද, මහණෙනි, මනායතනය තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේද, මහණෙනි, ධර්මායතනයන් තත්වූ පරිද්දෙන් නොදන්නේ නොදක්නේද, මහණෙනි, මනො විඥානය තත්වූපරිදි නොදන්නේ නොදක්නේද, මහණෙනි, මනොසම්ඵස්සය තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේද, යම් මේ මනොසම්ඵස්සය හේතුකොටගෙණ සැපවූ හෝ දුක්වූ හෝ සැප නොවූ දුක් නොවූ හෝ වේදනාවක් උපදීද, එයද තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේද සිතෙහි ඇලෙන්නේද ධර්මයන්හි ඇලෙන්නේද, මනොවිඥානයෙහි ඇලෙන්නේද, මනොසම්ඵස්සයෙහි ඇලෙන්නේද යම් මේ මනොසම්ඵස්සය හේතුකොටගෙණ සැපවූ හෝ දුක්වූ හෝ සැප නොවූ හෝ දුක් නොවූ හෝ වේදනාවක් උපදීද, එහිද ඇලෙන්නේද, එහි ඇළුනාවූද යෙදුනාවූද මුළාවූද ආශ්වාද වශයෙන් දකිමින් වාසය කරන්නහුගේ පඤ්චූපාදානස්කන්ධයෝ මත්තෙහි වැඩීමට යන්නාහුය. ඔහුගේ දෙවෙනි භවය ඇතිකරන්නාවූ නන්දිරාගයෙන් යුක්තවූ ඒ ඒ තැන ඇලෙන්නාවූ තෘෂ්ණාවක් වේද ඒ තෘෂ්ණාවද වැඩෙන්නීය. ඔහුගේ දාහයෝද වැඩෙන්නාහුය. මානසික දාහයෝද වැඩෙන්නාහුය. කායික සන්තාපයෝද වැඩෙන්නාහුය. මානසික සන්තාපයෝද වැඩෙන්නාහුය. කායික දැවීම්ද වැඩෙන්නාහුය. මානසික දැවීම්ද වැඩෙන්නාහුය. හෙතෙමේ කායික දුකද මානසික දුකද විඳින්නේය.
|
430
‘‘චක්ඛුඤ්ච
‘‘තස්ස අසාරත්තස්ස අසංයුත්තස්ස අසම්මූළ්හස්ස ආදීනවානුපස්සිනො විහරතො ආයතිං පඤ්චුපාදානක්ඛන්ධා අපචයං ගච්ඡන්ති. තණ්හා චස්ස පොනොබ්භවිකා නන්දීරාගසහගතා තත්රතත්රාභිනන්දිනී, සා චස්ස පහීයති. තස්ස කායිකාපි දරථා පහීයන්ති, චෙතසිකාපි දරථා පහීයන්ති; කායිකාපි සන්තාපා පහීයන්ති, චෙතසිකාපි සන්තාපා පහීයන්ති; කායිකාපි පරිළාහා පහීයන්ත්න්ත්ති
|
430
“මහණෙනි, චක්ඛායතනයද තත්වූපරිද්දෙන් දන්නේ, දක්නේද, රූපයන් තත්වූපරිද්දෙන් දන්නේ, දක්නේද, චක්ඛුවිඤ්ඤාණය තත්වූපරිද්දෙන් දන්නේ, දක්නේද, චක්ඛුසම්ඵස්සය තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද යම් මේ චක්ඛුසම්ඵස්සයක් හේතුකොටගෙණ සැපවූ හෝ දුක්වූ හෝ දුක් නොවූ සැප නොවූ හෝ විඳීමක් උපදීද, එයද තත්වූපරිදි දන්නේ දක්නේද, චක්ඛායතනයෙහි නොඇලෙන්නේද රූපායතනයන්හි නොඇලෙන්නේද, චක්ෂුර්විඥානයෙහි නොඇලෙන්නේද, චක්ඛුසම්ඵස්සයෙහි නොඇලෙන්නේද, යම් මේ චක්ඛුසම්ඵස්සය හේතු කොටගෙණ සැපවූ හෝ දුක්වූ හෝ දුක් නොවූ සැප නොවූ හෝ විඳීමක් උපදීද, එහිද නොඇලෙයිද, එහි නොඇළුනාවූ නොයෙදුනාවූ මුළා නොවූ ආදීනව වශයෙන් දක්නා ස්වභාව ඇතිව වාසයකරන්නහුගේ පඤ්චූපාදානස්කන්ධයෝ මත්තෙහි වැඩීමට නොයන්නාහුය. ඔහුගේ දෙවන භවය ඇතිකරන්නාවූ නන්දිරාගයෙන් යුක්තවූ ඒ ඒ තන්හි ඇලෙන්නාවූ තෘෂ්ණාවක් වෙයිද ඔහුගේ ඒ තෘෂ්ණාවද ප්‍රහීණවෙයි. ඔහුගේ කායික දාහයෝද ප්‍රහීණවෙත්. මානසික දාහයෝද ප්‍රහීණවෙත්. කායික සන්තාපයෝද ප්‍රහීණවෙත්. මානසික සන්තාපයෝද ප්‍රහීණවෙත්. කායික දැවිලිද ප්‍රහීණවෙත්. මානසික දැවිලිද ප්‍රහීණවෙත්.
“හෙතෙමේ කායික සැපයද, මානසික සැපයද විඳියි.
|
431
‘‘යා
‘‘තස්ස
‘‘තස්සිමෙ ද්වෙ ධම්මා යුගනන්ධා
(යුගනද්ධා (සී. ස්‍යා. කං.)) වත්තන්ති - සමථො ච විපස්සනා ච. සො යෙ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්යා තෙ ධම්මෙ අභිඤ්ඤා පරිජානාති. යෙ ධම්මා අභිඤ්ඤා පහාතබ්බා තෙ ධම්මෙ අභිඤ්ඤා පජහති. යෙ ධම්මා අභිඤ්ඤා භාවෙතබ්බා තෙ ධම්මෙ අභිඤ්ඤා භාවෙති. යෙ ධම්මා අභිඤ්ඤා සච්ඡිකාතබ්බා තෙ ධම්මෙ අභිඤ්ඤා සච්ඡිකරොති.
‘‘කතමෙ ච, භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්යා? ‘පඤ්චුපාදානක්ඛන්ධා’ තිස්ස වචනීයං, සෙය්යථිදං - රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරුපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො. ඉමෙ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්යා.
‘‘කතමෙ ච, භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා පහාතබ්බා? අවිජ්ජා ච භවතණ්හා ච - ඉමෙ ධම්මා අභිඤ්ඤා පහාතබ්බා.
‘‘කතමෙ ච, භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා භාවෙතබ්බා? සමථො ච විපස්සනා ච - ඉමෙ ධම්මා අභිඤ්ඤා භාවෙතබ්බා.
‘‘කතමෙ
|
431
ඔහුගේ කුසල් සිත සමග යෙදුණු සැපයෙන් යුත් යම් දැකීමක් වේද, එය ඔහුගේ සම්‍යක්දෘෂ්ටිය වන්නීය. ඒ ආකාරයෙන්වූ ඔහුගේ යම් කල්පනාවක් වේද, එය ඔහුගේ සම්‍යක් සංකල්පනාව වන්නේය. ඒ ආකාරයෙන්වූ ඔහුගේ යම් ව්‍යායාමක් වේද, එය ඔහුගේ යම් සිහියක් වේද, එය ඔහුගේ සම්‍යක් ස්මෘතිය වේ. ඒ ආකාරයෙන්වූ ඔහුගේ යම් සමාධියක් වේද, එය ඔහුගේ සම්‍යක් සමාධිය වේ. ඒ ආකාරයෙන්වූ ඔහුගේ කාය කර්මයද වාක් කර්මයද, ආජීවයද පළමුවෙන්ම පිරිසිදුවූයේවේ. මෙසේ වනාහි ඔහුගේ මේ ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්ගය තෙමේ වැඩීමට සම්පූර්ණ බවට යන්නේය.
“මෙසේ මේ ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්ගය වඩන්නාවූ ඔහුට සතර සතිපට්ඨානයෝද වැඩීමට සම්පූර්ණ බවට යන්නාහුය. සතර සම්‍යක් ප්‍රධානයෝද වැඩීමට සම්පූර්ණ බවට යන්නාහුය. සතර ඍද්ධිපාදයෝද වැඩීමට සම්පූර්ණ බවට යන්නාහුය. පඤ්චෙන්ද්රිය ධර්මයෝද වැඩීමට සම්පූර්ණ බවට යන්නාහුය. පඤ්ච බලයෝද වැඩීමට සම්පූර්ණ බවට යන්නාහ. සප්තබොධ්යංගයෝද වැඩීමට සම්පූර්ණ බවට යන්නාහ. ඕහට සමථයද විදර්ශනාවද යන මේ ධර්මදෙක යුගන්ධවූවාහු (එක්ව) පවතිත්.
‘හෙතෙමේ යම් ධර්මකෙනෙක් විශිෂ්ටඥානයෙන් පිරිසිඳ දතයුත්තාහුද, ඒ ධර්මයන් විශේෂඥානයෙන් පිරිසිඳ දන්නේය. යම් ධර්ම කෙනෙක් විශිෂ්ටඥානයෙන් දැන පහ කළ යුත්තාහුද, ඒ ධර්මයන් විශිෂ්ටඥානයෙන් දැන දුරුකරන්නේය. යම් ධර්ම කෙනෙක් විශේෂඥානයෙන් දැන වැඩිය යුත්තාහුද, ඒ ධර්මයන් විශේෂ ඥානයෙන් දැන වඩන්නේය. යම් ධර්මකෙනෙක් විශේෂඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකළ යුත්තාහුද, ඒ ධර්මයන් විශේෂඥානයෙන් දැන ප්රත්යක්ෂ කරන්නේය.
“මහණෙනි, කිනම් ධර්මකෙනෙක් විශේෂප්රඥාවෙන් පිරිසිඳ දතයුත්තාහුද, පඤ්ච උපාදානස්කන්ධයෝයයි කිය යුත්තේය. හේ කවරේද? රූපූපාදානස්කන්ධය, වේදනානූපාදානස්කන්ධය සංඥොපාදානස්කන්ධය, සංස්කාරෝපා දානස්කන්ධය, විඥානොපාදානස්කන්ධය, (යන මොහුයි) මේ ධර්මයෝ විශේෂ ඥානයෙන් පිරිසිඳ දතයුත්තාහුය. මහණෙනි, කිනම් ධර්ම කෙනෙක් විශේෂඥානයෙන් ප්‍රහීණ කළයුත්තාහුද, අවිද්‍යාවද, භවතෘෂ්ණාවද, යන දෙකය. මේ ධර්මයෝ විශේෂඥානයෙන් ප්‍රහීණ කටයුත්තාහ. මහණෙනි, කිනම් ධර්මකෙනෙක් විශේෂ ඥානයෙන් වැඩියයුත්තාහුද, සමථයද විදර්ශනාවද යන දෙකය. මේ ධර්මයෝ විශේෂ ඥානයෙන් වැඩියයුත්තාහුය. මහණෙනි, කිනම් ධර්මකෙනෙක් විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂකළ යුත්තාහුද? අර්හත් මාර්ගඥාන විද්‍යාවද ඵලවිමුක්තියද (යන දෙකය.)
“මේ ධර්මදෙක විශේෂඥානයෙන් ප්‍රත්‍යක්ෂකළ යුත්තාහුය.
|
432
‘‘සොතං
‘‘තස්ස අසාරත්තස්ස අසංයුත්තස්ස අසම්මූළ්හස්ස ආදීනවානුපස්සිනො විහරතො ආයතිං පඤ්චුපාදානක්ඛන්ධා අපචයං ගච්ඡන්ති. තණ්හා චස්ස පොනොබ්භවිකා නන්දීරාගසහගතා තත්රතත්රාභිනන්දිනී
|
432
“මහණෙනි, සොතායතනය තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද, මහණෙනි, ඝාණායතනය තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද, මහණෙනි, ජිහ්වායතනය තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද, මහණෙනි, කායායතනය තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද, මහණෙනි, මනායතනය තත්වූපරිද්දෙන් දන්නේද දක්නේද, මහණෙනි, ධර්මාරම්මණයන් තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද, මහණෙනි, මනොවිඥානය තත්වූ පරිද්දෙන් දන්නේ, දක්නේද, මහණෙනි, මනොසම්ඵස්සය තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද, යම් මේ මනොසම්ඵස්සය හේතුකොටගෙණ සැපවූ හෝ දුක්වූ හෝ දුක් නොවූ සැප නොවූ හෝ විඳීමක් උපදීද, එයද තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද, සිතෙහි නොඇලෙන්නේද, ධර්මාරම්මණයන්හි නොඇලෙන්නේද, මනොවිඥානයෙහි නොඇලෙන්නේද, මනොසම්ඵස්සයෙහි නොඇලෙන්නේ යම් මේ මනොසම්ඵස්සය හේතුකොටගෙණ සැපවූ හෝ දුක්වූ හෝ දුක් නොවූ සැප නොවූ හෝ විඳීමක් උපදීද, එහිද නොඇලෙන්නේ ද එහි නොඇළුනාවූ මුළා නොවූ නොයෙදුනාවූ ආදීනව දක්නා ස්වභාව ඇතිව වාසය කරන්නහුගේ මත්තෙහි පඤ්චූපාදානස්කන්ධයෝ විනාශයට යන්නාහුය.
“ඔහුගේ ඒ ඒ තැන ඇලෙන්නාවූ දෙවෙනි භවයෙහි ඉපදීම ඇතිකරන්නාවූ නන්දිරාගයෙන් යුත් තෘෂ්ණා තොමෝ වන්නීද, ඒ තෘෂ්ණා තොමෝද ප්‍රහීණ වන්නේය. ඔහුගේ කායික දාහයෝද ප්‍රහීණවෙත්. මානසික දාහයෝද ප්‍රහීණවෙත්. කායික සන්තාපයෝද ප්‍රහීණවෙත්. මානසික සන්තාපයෝද ප්‍රහීණවෙත්. කායික දැවිලිද ප්‍රහීණවෙත්. මානසික දැවිලිද ප්‍රහීණවෙත්. හෙතෙම කායික සැපයද මානසික සැපයද විඳින්නේවේ.
|
433
‘‘යා තථාභූතස්ස දිට්ඨි සාස්ස හොති සම්මාදිට්ඨි; යො තථාභූතස්ස සඞ්කප්පො ස්වාස්ස හොති සම්මාසඞ්කප්පො; යො තථාභූතස්ස වායාමො ස්වාස්ස හොති සම්මාවායාමො; යා තථාභූතස්ස සති සාස්ස හොති සම්මාසති; යො තථාභූතස්ස සමාධි ස්වාස්ස හොති සම්මාසමාධි. පුබ්බෙව ඛො පනස්ස කායකම්මං වචීකම්මං ආජීවො සුපරිසුද්ධො හොති. එවමස්සායං
‘‘තස්ස එවං ඉමං අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවයතො චත්තාරොපි සතිපට්ඨානා භාවනාපාරිපූරිං ගච්ඡන්ති, චත්තාරොපි සම්මප්පධානා භාවනාපාරිපූරිං ගච්ඡන්ති, චත්තාරොපි ඉද්ධිපාදා භාවනාපාරිපූරිං ගච්ඡන්ති, පඤ්චපි ඉන්ද්රියානි භාවනාපාරිපූරිං ගච්ඡන්ති, පඤ්චපි බලානි භාවනාපාරිපූරිං ගච්ඡන්ති, සත්තපි බොජ්ඣඞ්ගා භාවනාපාරිපූරිං ගච්ඡන්ති.
‘‘තස්සිමෙ ද්වෙ ධම්මා යුගනන්ධා වත්තන්ති - සමථො ච විපස්සනා ච. සො යෙ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්යා තෙ ධම්මෙ අභිඤ්ඤා පරිජානාති. යෙ
‘‘කතමෙ ච, භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්යා? ‘පඤ්චුපාදානක්ඛන්ධා’ තිස්ස වචනීයං, සෙය්යථිදං - රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරුපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො. ඉමෙ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්යා.
‘‘කතමෙ ච, භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා පහාතබ්බා? අවිජ්ජා ච භවතණ්හා ච - ඉමෙ ධම්මා අභිඤ්ඤා පහාතබ්බා.
‘‘කතමෙ ච, භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා භාවෙතබ්බා? සමථො ච විපස්සනා ච - ඉමෙ ධම්මා අභිඤ්ඤා භාවෙතබ්බා.
‘‘කතමෙ
ඉදමවොච
|
433
ඔහුගේ තත්වූපරිදි දක්නාවූ දෘෂ්ටියක් වේද එය ඔහුගේ සම්‍යක් දෘෂ්ටිය වෙයි. ඔහුගේ තත්වූපරිදිවූ යම් කල්පනාවක් වේද, එය ඔහුගේ සම්‍යක් සංකල්පනාව වේ. ඔහුගේ තත්වූපරිදිවූ යම් ව්‍යායාමයෙක් වේද, එය ඔහුගේ සම්‍යක් ව්‍යායාමයවේ ඔහුගේ තත්වූපරිදිවූ යම් සිහියක් වේද, එය ඔහුගේ සම්‍යක් ස්මෘතිය වෙයි.
ඔහුගේ තත්වූපරිදිවූ යම් සමාධියක්වේද, එය ඔහුගේ සම්‍යක්සමාධිය වන්නේය. පළමුව ඔහුගේ කායකර්මයද වාක්කර්මයද ආජීවයද පිරිසිදුවූයේ වේ. මෙසේ ඔහුගේ මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට යන්නේය. මෙසේ මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වඩන්නාවූ ඔහුට සතර සතිපට්ඨානයෝ වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙත්. සතර සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෝ වැඩීමට සම්පූර්ණ බවට යන්නාහ. සතර ඍද්ධිපාදයෝ වැඩීමට සම්පූර්ණ බවට යන්නාහ. පඤ්චෙන්ද්රියයෝ වැඩීමට සම්පූර්ණ බවට යන්නාහ. පඤ්චබලයෝ වැඩීමට සම්පූර්ණ බවට යන්නාහ. සප්තබොධ්‍යංගයෝ වැඩීමට සම්පූර්ණ බවට යන්නාහ. ඔහුට සමථයද විදර්ශනාවද එක්ව පවත්නාහුය.
“හෙතෙමේ යම් ධර්මකෙනෙක් විශේෂඥානයෙන් පිරිසිඳ දතයුත්තාහුද ඒ ධර්මයන් විශේෂඥානයෙන් පිරිසිඳ දැනගන්නේය. යම් ධර්මකෙනෙක් විශේෂඥානයෙන් දැන පහ කළයුත්තාහුද, ඒ ධර්මයන් විශේෂඥානයෙන් දැන පහකරන්නේය. යම් ධර්මකෙනෙක් විශේෂඥානයෙන් දැන වැඩිය යුත්තාහුද, ඒ ධර්මයන් විශේෂ ඥානයෙන් දැන වඩන්නේය. යම් ධර්මකෙනෙක් විශේෂ ඥානයෙන් දැන ප්රත්යක්ෂ කළයුත්තාහුද ඒ ධර්මයන් විශේෂ ඥානයෙන් දැන ප්රත්යක්ෂ කරයි. මහණෙනි, කිනම් ධර්මකෙනෙක් විශේෂඥානයෙන් දැන පිරිසිඳ දතයුත්තාහුද, පඤ්චොපාදානස්කන්ධයෝයයි කියයුතු වන්නේය. හේ කවරේද? රූපූපාදානස්කන්ධය, වේදනූපාදානස්කන්ධය, සංඥොපාදානස්කන්ධය, සංස්කාරොපොදානස්කන්ධය විඥානොපාදනස්කන්ධය, යන මොහුය. මේ ධර්මයෝ විශේෂ ඥානයෙන් දැන පිරිසිඳ දතයුත්තාහුය.
“මහණෙනි, කිනම් ධර්මකෙනෙක් විශේෂ ඥානයෙන් දැන පහකළ යුත්තාහුද, අවිද්‍යාවත් භව තෘෂ්ණාවත්ය. මේ ධර්මයෝ විශේෂඥානයෙන් දැන පහකළ යුත්තාහුය. මහණෙනි, කිනම් ධර්මකෙනෙක් විශේෂඥානයෙන් දැන වැඩියයුත්තාහුද, සමථයත් විදර්ශනාවත්ය. මේ ධර්මයෝ විශේෂ ඥානයෙන් දැන වැඩිය යුත්තාහුය.
“මහණෙනි, කිනම් ධර්මකෙනෙක් විශේෂ ප්‍රඥාවෙන් දැන ප්රත්යක්ෂ කළයුත්තාහුද, අර්හත් මාර්ගඥාන විද්‍යාවත් ඵල විමුක්තියත්ය. මේ ධර්මයෝ විශේෂ ප්‍රඥාවෙන් දැන ප්රත්යක්ෂ කළ යුත්තාහුයයි” වදාළේය.
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළේය. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටුවූවාහුයි.
|
8. නගරවින්දෙය්‍යසුත්තං | 8. නගරවින්දෙය්ය සූත්‍රය |
434
එවං
අථ ඛො නගරවින්දෙය්යකා බ්රාහ්මණගහපතිකා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු; සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතො සන්තිකෙ නාමගොත්තං සාවෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ තුණ්හීභූතා එකමන්තං නිසීදිංසු. එකමන්තං
|
434
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්ෂුසංඝයා සමග කොසොල් දනව්වෙහි චාරිකාවෙහි හැසිරෙනු ලබන්නේ, නගරවින්දෙය්ය නම්වූ කොසොල්රට වැස්සන්ගේ බමුණු ගම යම් තැනෙක්හිද එහි වැඩමවූසේක. නගරවින්දෙය්‍යක නම් බ්‍රාහ්මණ ගෘහපතීහු වනාහි, ශාක්‍යපුත්‍රවූ ශාක්‍ය කුලයෙන් පැවිදිවූ ශ්‍රමණ භවත් ගෞතම තෙමේ මහත්වූ භික්ෂු සංඝයා සමග කොසොල් දනව්වෙහි චාරිකාවෙහි හැසිරෙනු ලබන්නේ නගරවින්දෙය්ය නම් බමුණු ගමට පැමිණියේය.
ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳුවූ යහපත් කීර්ති ශබ්දයක් පැනනැංගේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙනුදු අර්හත් නම් වූයේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙනුදු සම්‍යක් සම්බුද්ධ නම් වූයේය. අෂ්ටවිද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත හෙයින් විද්‍යාචරණ සම්පන්න නම් වන සේක. යහපත් ගති ඇති හෙයින් සුගත නම් වන සේක. සියලු ලොව දත් හෙයින් ලොකවිදූ නම් වන සේක. තමන් වහන්සේට වඩා උසස් කෙනෙක් නැති හෙයින් නිරුත්තර නම් වන සේක. දමනය නොකොට හැකි පුරුෂයන් දමනය කරණ හෙයින් පුරිසදම්ම සාරථි නම් වන සේක. දෙවි මිනිසුන්ට අනුශාසනා කරණ හෙයින් ශාස්තෲ නම් වනසේක. චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ කළ හෙයින් බුද්ධ නම් වන සේක. රාගාදිය නැසූ හෙයින් භාග්‍යවත් නම් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිතවූද, මාරයා සහිතවූද, බ්‍රහ්මයා සහිතවූද, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවූද, දෙවි මිනිසුන් සහිතවූද, මේ ලෝකය තමන් වහන්සේ විසින් විශේෂ ප්‍රඥාවෙන් දැන ප්රත්යක්ෂකොට ප්‍රකාශ කරන්නේය.
ඒ භාග්‍යවතුන් වහන්සේ මුල යහපත්වූද, මැද යහපත්වූද, කෙළවර යහපත්වූද, අර්ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, හාත්පස සම්පූර්ණවූ ධර්මය දේශනා කරන්නේය. පිරිසිදුවූ බ්‍රාහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරන්නේය. එබඳුවූ රහතුන්ගේ දැකීම යහපත් වන්නේය’ කියායි.
එකල්හි වනාහි නගරවින්දෙය්‍යක නම් බ්‍රාහ්මණ ගෘහපතීහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි එළඹියාහුය. එළඹ, ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසක හුන්නාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූවාහුය. සතුටු විය යුතුවූ, සිහි එලවිය යුතුවූ කථාව කොට නිමවා එකත්පසක හුන්නාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි ඇඳිළිබැඳ වැඳ, එකත්පසක හුන්නාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි නාම ගොත්‍රයන් හඟවා එකත්පසක හුන්නාහුය. ඇතැම් කෙනෙක් නිශ්ශබ්දව එකත්පසක හුන්නාහුය.
එකත්පසක හුන්නාවූ නගරවින්දෙය්‍යක නම් බ්‍රාහ්මණ ගෘහපතීන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
|
435
‘‘සචෙ වො, ගහපතයො, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං - ‘කථංභූතා, ගහපතයො, සමණබ්රාහ්මණා න සක්කාතබ්බා න ගරුකාතබ්බා න මානෙතබ්බා න පූජෙතබ්බා’ති? එවං පුට්ඨා තුම්හෙ, ගහපතයො, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං බ්යාකරෙය්යාථ - ‘යෙ තෙ සමණබ්රාහ්මණා චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු අවීතරාගා අවීතදොසා අවීතමොහා, අජ්ඣත්තං අවූපසන්තචිත්තා, සමවිසමං චරන්ති කායෙන වාචාය මනසා, එවරූපා සමණබ්රාහ්මණා න සක්කාතබ්බා න ගරුකාතබ්බා න මානෙතබ්බා න පූජෙතබ්බා. තං කිස්ස හෙතු? මයම්පි හි චක්ඛුවිඤ්ඤෙය්යෙසු
|
435
‘ගෘහපතියෙනි, ඉදින් තොප අතින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ ‘ගෘහපතියෙනි, කෙබඳුවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සත්කාර නොකට යුත්තාහුද, ගරුකාර නොකට යුත්තාහුද, බුහුමන් නොකට යුත්තාහුද, නොපිදිය යුත්තාහුදැ’යි මෙසේ විචාරන්නාහුද? ගෘහපතියෙනි, මෙසේ විචාරණ ලද්දාහු තොපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ට මෙසේ ප්‍රකාශ කරන්නාහුය. ‘යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඇසින් දතයුතුවූ රූපාරම්මණයන්හි පහනොකළ රාගය ඇත්තාහුද, පහනොකළ ද්වේෂය ඇත්තාහුද, පහනොකළ මෝහය ඇත්තාහුද, ඇතුළත නොසන්සුන් සිත් ඇත්තාහු, කයින්ද, වචනයෙන්ද, මනසින්ද, කලින් කල යහපත්වූද, අයහපත්වූද, පැවතුමෙන් හැසිරෙත්ද, මෙබඳුවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සත්කාර නොකට යුත්තාහුය. ගරුකාර නොකට යුත්තාහුය. බුහුමන් නොකට යුත්තාහුය. නොපිදිය යුත්තාහුය.’
ඊට කාරණා කවරේද? අපිදු වනාහි ඇසින් දතයුතුවූ රූපාරම්මණයන් කෙරෙහි පහනොකරණ ලද රාග ඇත්තාහුය. පහනොකරණ ලද ද්වේෂ ඇත්තාහුය. පහනොකරණ ලද මෝහ ඇත්තාහුය. ඇතුළත නොසන්සුන් සිත් ඇත්තාහු කයින්ද, වචනයෙන්ද, සිතින්ද, කලින් කල සම විෂම චර්ය්යාවන්ගේ වශයෙන් හැසිරෙන්නමු. ඒ අපගේ මේ සම චර්ය්යා වශයෙන් හැසිරීමද මත්තෙහි නොදක්නවුන්ගේය. එහෙයින් පින්වත්වූ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සත්කාර නොකටයුත්තාහුය. ගරු නොකටයුත්තාහුය. බුහුමන් නොකටයුත්තාහුය. නොපිදිය යුත්තාහුය. යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ශ්රොතාවිඥෙය ශබ්දාරම්මණයන් කෙරෙහිද, ඝ්‍රාණ විඥෙය ගන්ධාරම්මණයන් කෙරෙහිද ජිහ්වා විඥෙය රසාරම්මණයන් කෙරෙහිද, කායවිඥෙය ස්පර්ශ ආරම්මණයන් කෙරෙහිද, සිතින් දැනගතයුතු ධර්මාරම්මණයන් කෙරෙහිද පහනොකරණලද රාග ඇත්තාහු, පහ නොකරණලද ද්වේෂ ඇත්තාහු, පහනොකරණලද මෝහ ඇත්තාහු, ඇතුළත නොසන්සුන් සිත් ඇත්තාහු කයින්ද, වචනයෙන්ද, මනසින්ද, කලින්කල සම විසමයන්ගේ වශයෙන් හැසිරෙත්ද, එබඳුවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සත්කාර නොකළ යුත්තාහුය, ගරු නොකට යුත්තාහුය, බුහුමන් නොකට යුත්තාහුය, නොපිදිය යුත්තාහුය. ඊට කාරණා කවරේද? අපිදු වනාහි සිතින් දැනගතයුතු ධර්මාරම්මණයන්හි පහනොකළ රාගය ඇත්තාහු, පහනොකළ ද්වේෂය ඇත්තාහු, පහනොකළ මෝහය ඇත්තාහු, ඇතුළත නොසන්සුන් සිත් ඇත්තාහු කයින්ද, වචනයෙන්ද, මනසින්ද සම විසමචර්ය්යා වශයෙන් හැසිරෙමු. ඒ අපගේ මේ සමවූ හැසිරීමද, මතු නොබලන්නවුන්ගේය. එහෙයින් පින්වත්වූ ඒ මහණ බමුණෝ සත්කාර නොකට යුත්තාහුය, ගරු නොකටයුත්තාහුය, බුහුමන් නොකට යුත්තාහුය, නොපිදිය යුත්තාහුයි. ගෘහපතියෙනි, මෙසේ අසන ලද්දාවූ තොපි ඒ අන්‍ය තීර්ථක පරිබ්රාජිකයින්ට මෙසේ ප්‍රකාශ කරන්නාහුය.
|
436
‘‘සචෙ පන වො, ගහපතයො, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං - ‘කථංභූතා, ගහපතයො, සමණබ්රාහ්මණා සක්කාතබ්බා ගරුකාතබ්බා මානෙතබ්බා පූජෙතබ්බා’ති? එවං පුට්ඨා තුම්හෙ, ගහපතයො, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං බ්යාකරෙය්යාථ - ‘යෙ තෙ සමණබ්රාහ්මණා චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු වීතරාගා වීතදොසා වීතමොහා, අජ්ඣත්තං වූපසන්තචිත්තා, සමචරියං චරන්ති කායෙන වාචාය මනසා, එවරූපා සමණබ්රාහ්මණා සක්කාතබ්බා ගරුකාතබ්බා මානෙතබ්බා පූජෙතබ්බා. තං කිස්ස හෙතු? මයම්පි හි
(මයං හි (?)) චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු අවීතරාගා අවීතදොසා අවීතමොහා, අජ්ඣත්තං අවූපසන්තචිත්තා, සමවිසමං චරාම කායෙන වාචාය මනසා, තෙසං නො සමචරියම්පි හෙතං උත්තරි පස්සතං. තස්මා තෙ භොන්තො සමණබ්රාහ්මණා සක්කාතබ්බා ගරුකාතබ්බා මානෙතබ්බා පූජෙතබ්බා. යෙ තෙ සමණබ්රාහ්මණා සොතවිඤ්ඤෙය්යෙසු සද්දෙසු... ඝානවිඤ්ඤෙය්යෙසු ගන්ධෙසු... ජිව්හාවිඤ්ඤෙය්යෙසු රසෙසු... කායවිඤ්ඤෙය්යෙසු ඵොට්ඨබ්බෙසු... මනොවිඤ්ඤෙය්යෙසු
|
436
“ගෘහපතියෙනි, ඉදින් වනාහි තොපගෙන් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ අසන්නාහුද, ගෘහපතියෙනි, කෙබඳුවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සත්කාර කටයුත්තාහුද, ගරු කටයුත්තාහුද, බුහුමන් කටයුත්තාහුද, පිදිය යුත්තාහුද කියායි. ගෘහපතියෙනි, මෙසේ අසන ලද්දාහු තොපි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරන්නාහුය. යම් ඒ මහණ බමුණු කෙනෙක් ඇසින් දතයුතු රූපාරම්මණයන් කෙරෙහි පහවූ රාග ඇත්තාහු, පහවූ ද්වේෂ ඇත්තාහු, පහවූ මෝහ ඇත්තාහු, ඇතුළත සන්සුන් සිත් ඇත්තාහු කයින්, වචනයින්, මනසින් සමචරියා වශයෙන් හැසිරෙද්ද, මෙබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සත්කාර කටයුත්තාහුය, ගරු කටයුත්තාහුය, බුහුමන් කටයුත්තාහුය, පිදිය යුත්තාහුය. ඊට හේතු කවරේද? අපි වනාහි ඇසින් දතයුතුවූ රූපාරම්මණයන් කෙරෙහි පහනොවූ රාග ඇත්තාහු, පහනොවූ ද්වේෂ ඇත්තාහු, පහනොවූ මෝහ ඇත්තාහු, ඇතුළත නොසන්සුන් සිත් ඇත්තාහු, කයින්, වචනයින්, මනසින්, සම විසමචරියා වශයෙන් හැසිරෙන්නමු. ඒ අපගේ මේ සමචරියා වශයෙන් හැසිරීමද, මතු බලන්නවුන්ගේය. එහෙයින් ඒ පින්වත්වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සත්කාර කටයුත්තාහුය, ගරු කටයුත්තාහුය, බුහුමන් කටයුත්තාහුය, පිදියයුත්තාහුය. යම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් කණින් දතයුතුවූ ශබ්දාරම්මණයන්හිද, නාසයෙන් දතයුතුවූ ගන්ධා රම්මණයන්හිද, දිවෙන් දතයුතුවූ රසාරම්මණයන්හිද, කයින් දතයුතුවූ ඵොට්ඨබ්බාරම්මණයන්හිද, සිතින් දත යුතුවූ ධර්මාරම්මණයන්හිද, පහවූ රාග ඇත්තාහු, පහවූ ද්වේෂ ඇත්තාහු, පහවූ මෝහ ඇත්තාහු, ඇතුළත සන්සුන් සිත් ඇත්තාහු, කයින් වචනයින්, මනසින්, සම හැසිරීමෙන් හැසිරෙත්ද, මෙබඳුවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සත්කාර කටයුත්තාහුය, ගරු කටයුත්තාහුය, බුහුමන් කටයුත්තාහුය, පිදිය යුත්තාහුය. ඊට හේතු කවරේද? අපි වනාහි සිතින් දතයුතුවූ ධර්මයන් කෙරෙහි පහනොවූ රාග ඇත්තාහු, පහනොවූ ද්වේෂ ඇත්තාහු, පහනොවූ මෝහ ඇත්තාහු, ඇතුළත නොසන්සුන් සිත් ඇත්තාහු, කයින්, වචනයින්, මනසින්, කලින් කල සම විසම වශයෙන් හැසිරෙන්නමු. ඒ අපගේ මේ සම චරියා වශයෙන් හැසිරීම්ද, මතු බලන්නවුන්ගේය. එහෙයින් පින්වත්වූ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සත්කාර කටයුත්තාහ, ගරු කටයුත්තාහ, බුහුමන් කටයුත්තාහ පිදිය යුත්තාහුයි. ගෘහපතියෙනි, මෙසේ විචාරණ ලද්දාහු තොපි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරන්නහුය.
|
437
‘‘සචෙ පන වො
(සචෙ තෙ (ස්‍යා. කං. පී. ක.)), ගහපතයො, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං - ‘කෙ පනායස්මන්තානං ආකාරා, කෙ අන්වයා, යෙන තුම්හෙ ආයස්මන්තො
එවං වුත්තෙ, නගරවින්දෙය්යකා බ්රාහ්මණගහපතිකා භගවන්තං එතදවොචුං - ‘‘අභික්කන්තං, භො ගොතම, අභික්කන්තං, භො ගොතම! සෙය්යථාපි, භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය - ‘චක්ඛුමන්තො රූපානි දක්ඛන්තී’ති; එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එතෙ මයං භවන්තං ගොතමං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකෙ නො භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතෙ සරණං ගතෙ’’ති.
|
437
“ගෘහපතියෙනි, ඉදින් වනාහි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ තොප අතින් මෙසේ විචාරන්නාහුද, ආයුෂ්මත්නි, යම් හෙයකින් තොපි මෙසේ කියන්නාහුද, ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු, පහවූ රාග ඇත්තාහු හෝ වෙත්, රාගය දුරු කිරීම පිණිස පිළිපන්නාහු හෝ වෙත්, පහකරණ ලද ද්වේෂ ඇත්තාහු හෝ වෙත්, ද්වේෂය නැති කිරීම පිණිස පිළිපන්නාහු හෝ වෙත්, පහකරණලද මෝහය ඇත්තාහු හෝ වෙත්, මෝහය දුරු කිරීම පිණිස පිළිපන්නාහු හෝ වෙත් ඒ ආයුෂ්මත් වරුන්ගේ වනාහි කවර ආකාරයක් වන්නාහුද, කවර වංශයක් වන්නාහුද කියායි. ගෘහපතියෙනි, මෙසේ අසන ලද්දාහු තොපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරන්නාහුය. එපරිද්දෙන් වනාහි ඒ ආයුෂ්මත්හු වනයෙහි ග්‍රාමාන්තය ඉක්මවා වනගතවූ ග්‍රාමාන්ත සේනාසනයන් සේවනය කරත්. යම්බඳු රූපයන් දැක දැක ඇලෙන්නාහුද, එහි එබඳුවූ ඇසින් දතයුතුවූ රූපයෝ නැත්තාහුමය. යම්බඳුවූ ශබ්දයන් අස අසා ආශාවෙන් සිත් අලවන්නාහුද, එහි එබඳුවූ කණින් දතයුතුවූ ශබ්දයෝ නැත්තාහුමය. යම් සුවඳක් ආඝ්‍රාණය කොට සිත් අලවන්නාහුද, එබඳුවූ නාසයෙන් දතයුතුවූ සුගන්ධයෝ එහි නැත්තාහුමය. යම් රසයක් විඳ විඳ සිත් අලවන්නාහුද, එබඳුවූ දිවෙන් දතයුතුවූ රසයෝ එහි නැත්තාහුමය. යම් ස්පර්ශයක් ස්පර්ශ කොට සිත් අලවන්නාහුද, එබඳුවූ කයින් දතයුතුවූ ස්පර්ශයෝ එහි නැත්තාහුමය. ඇවැත්නි, මේ ආකාර ඇත්තාහුමය. මේ වංශ ඇත්තාහුමය. ආයුෂ්මත්නි, යම් හෙයකින් අපි මෙසේ කියන්නෙමුද, ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු පහ කරණලද රාග ඇත්තෝ හෝ රාගය දුරුකිරීම පිණිස පිළිපන්නේ හෝ පහකරණ ලද ද්වේෂය ඇත්තේ හෝ ද්වේෂය දුරු කිරීම පිණිස පිළිපන්නේ හෝ පහකරණලද මෝහය ඇත්තෝ හෝ මෝහය දුරුකිරීම පිණිස පිළිපන්නෝ වෙත්යයි, ගෘහපතියෙනි, මෙසේ අසන ලද්දාහු තොපි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ කියන්නාහුයයි වදාළේය.
මෙසේ වදාළ කල්හි නගරවින්දෙය්‍යක නම් බ්‍රාහ්මණ ගෘහපතිහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළාහුය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, ඉතා යහපත භවත් ගෞතමයන් වහන්ස, යටිකුරු කරණලද්දක් උඩුකුරු කරන්නේ හෝ වසන ලද්දක් විවෘත කරන්නේ හෝ මංමුලාවූවෙක්හට
මග කියන්නේ හෝ අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි, තෙල් පහනක් දරන්නේ හෝ යම්සේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයාණන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය තෙමේ ප්‍රකාශ කර වදාරණ ලද්දේය. ඒ අපි භාග්‍යවත්වූ ගෞතමයන් වහන්සේද, ධර්මයද, භික්ෂු සංඝයාද සරණකොට යන්නෙමු භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගියාවූ අපි උපාසකයන් කොට දරණ සේක්වායි” යනුයි.
|
9. පිණ්ඩපාතපාරිසුද්ධිසුත්තං | 9. පිණ්ඩපාත පාරිශුද්ධි සූත්‍රය |
438
එවං
‘‘විප්පසන්නානි
|
438
මා විසින් මෙසේ අසනලදී එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ කලන්දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේ සවස් කාලයෙහි ඵලසමවතින් නැගී සිටියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළැඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ශාරීපුත්‍රය, තොපගේ ඉන්ද්රියයෝ විශේෂයෙන් ප්‍රසන්නයහ. ඡවිවර්ණය පිරිසිදුය. ශාරීපුත්‍රය, ඔබ දැන් කවර විහරණයකින් බහුලව වසන්නෙහි දැයි ඇසූහ. “ස්වාමීනි, මම මේ කාලයෙහි බහුලකොට ශූන්‍යතා ඵලසමාපත්ති විහරණයෙන් වෙසෙමි” යි කීයේය.
“යහපති, යහපති. ශාරීපුත්‍රය, මහාපුරුෂයන්ගේ විහරණයෙන් ඔබ දැන් බහුලව වෙසෙයි. ශාරීපුත්‍රය, යම් මේ ශූන්‍යතා ඵල සමාපත්තියක් වේද, එය මහාපුරුෂයන්ගේ වාසය වන්නේය. එහෙයින් ශාරීපුත්‍රය, මේ ශාසනයෙහි මහණතෙම බහුලකොට ඵලසමාපත්ති විහරණයෙන් යුක්තව වසන්නෙමියි, කැමති වන්නේද, ශාරීපුත්‍රය, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතුයි. ‘මම යම් මගෙකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසෙක්හි පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මාර්ගයකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එහිදී චක්ෂුර්විඥානයෙන් දතයුතුවූ රූපාරම්මණයන්හි කැමැත්ත හෝ ඇලීම හෝ ද්වේෂය හෝ මුළාවීම හෝ කිපීම හෝ මාගේ සිතෙහි ඇත්තේද’ කියායි. ඉදින් ශාරීපුත්‍රය, මහණතෙම නුවණින් ප්රත්යවේක්ෂා කරන්නේ ‘මම යම් මඟකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසෙක්හි පිඬු පිණිස හැසුරුණෙම්ද, යම් මාර්ගයකින් ගමේ පිඬු සිඟීමෙන් වැළකී ආයෙම්ද, එතැන්හි චක්ෂුර්විඥානයෙන් දතයුතුවූ රූපාරම්මණයන්හි කැමැත්ත හෝ ඇලීම හෝ ද්වේෂය හෝ මෝහය හෝ කිපීම හෝ ඇතැයි’ දනී නම් ශාරීපුත්‍රය, ඒ මහණහු විසින් ලාමකවූ ඒ අකුසල කර්මයන්ගේම ප්රහාණය පිණිස වෑයම් කටයුතුය. ඉදින් වනාහි ශාරීපුත්‍රය, මෙනෙහි කරන්නාවූ ඒ මහණතෙම ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මඟකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එහි චක්ෂුර්විඥානයෙන් දතයුතුවූ රූපාරම්මණයන්හි ඡන්දය හෝ ඇලීම හෝ ද්වේෂය හෝ මෝහය හෝ කිපීම හෝ නැතැයි’ දනී නම් ශාරීපුත්‍රය, රෑ දාවල් දෙක්හි කුශල ධර්මයන්හි අනුව හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීතියෙන්ම වාසය කළ යුතුය.
|
439
‘‘පුන
|
439
“ශාරීපුත්‍රය, නැවතද ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින් කල්පනා කටයුතුය. ‘මම යම් මගකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මඟකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, ශ්‍රොතා විඥානයෙන් දතයුතුවූ ශබ්දයන්හිද, ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ මාගේ සිතෙහි ඇත්තේදැයි’ මෙනෙහි කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණතෙම නුවණින් කල්පනාකොට බලන්නේ මෙසේ දකීද, ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළැකී පෙරළා ආයෙම්ද, එතැන්හි කණින් දතයුතුවූ ශබ්දයන්හි මා සිත පිළිබඳව ඡන්දය හෝ රාගය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ ඇතැයි’ දනී නම් ශාරීපුත්‍රය, ඒ මහණහු විසින් ලාමකවූ ඒ අකුශල ධර්මයන්ගේම ප්‍රහාණිය පිණිස වෑයම් කළයුතුය. ශාරීපුත්‍රය, ඉදින් වනාහි නුවණින් කල්පනාකොට බලන්නාවූ මහණතෙම ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එහි කණින් දතයුතුවූ ශබ්දයන්හි ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ නැතැයි’ දනී නම් රෑ දාවල් දෙක්හි කුශල ධර්මයන්හි අනුව හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීතියෙන්ම වාසය කළ යුතුය.
“ශාරීපුත්‍රය නැවතද ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින්කල්පනා කටයුතුය. ‘මම යම් මගකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මඟකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, ඝ්‍රාණ විඥානයෙන් දතයුතුවූ ගන්ධයන්හිද ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ මාගේ සිතෙහි ඇත්තේදැයි, මෙනෙහි කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණතෙම නුවණින් කල්පනා කොට බලන්නේ මෙසේ දකීද, ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළැකී පෙරළා ආයෙම්ද, එතැන්හි නාසයෙන් දතයුතුවූ ගන්ධයන්හි මා සිත පිළිබඳව ඡන්දය හෝ රාගය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ ඇතැයි’ දනී නම්, ශාරීපුත්‍රය, ඒ මහණහු විසින් ලාමකවූ ඒ අකුශල ධර්මයන්ගේම ප්‍රහාණිය පිණිස වෑයම් කළයුතුය. ශාරීපුත්‍රය, ඉදින් වනාහි නුවණින් කල්පනාකොට බලන්නාවූ මහණතෙම ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මඟකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එහි නාසයෙන් දතයුතුවූ, ගන්ධයන්හි ඡන්දය හෝ ද්වේෂය හෝ රාගය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ නැතැයි දනී නම් රෑ දාවල් දෙක්හි කුශල ධර්මයන්හි අනුව හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීතියෙන්ම වාසය කළයුතුය.
“ශාරීපුත්‍රය, නැවතද ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින් කල්පනා කළයුතුය. ‘මම යම් මගෙකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, ජිහ්වා විඥානයෙන් දතයුතුවූ රසයන්හිද, ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ මාගේ සිතෙහි ඇත්තේදැයි, මෙනෙහි කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙම නුවණින් කල්පනාකොට බලන්නේ මෙසේ දකීද, ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එතැන්හි දිවෙන් දතයුතුවූ රසයන්හි මා සිත පිළිබඳ ඡන්දය හෝ රාගය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ ඇතැයි’ දනී නම්, ශාරීපුත්‍රය, ඒ මහණහු විසින් ලාමකවූ ඒ අකුශල ධර්මයන්ගේම ප්රහාණය පිණිස වෑයම් කළයුතුය. ශාරීපුත්‍රය, ඉදින් වනාහි නුවණින් කල්පනා කොට බලන්නාවූ මහණතෙම ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එහි දිවෙන් දතයුතුවූ රසයන්හි ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ නැතැයි දනී නම් රෑ දාවල් දෙක්හි කුශල ධර්මයන්හි අනුව හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීතියෙන්ම වාසය කළයුතුය.
“ශාරීපුත්‍රය, නැවතද ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින් කල්පනා කළයුතුය. ‘මම යම් මගෙකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, කාය විඥානයෙන් දතයුතුවූ ස්පර්ශයන්හිද ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ මාගේ සිතෙහි ඇත්තේදැයි මෙනෙහි කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණතෙම නුවණින් කල්පනාකොට බලන්නේ මෙසේ දකීද, ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එතැන්හි කයෙන් දතයුතුවූ ස්පර්ශයන්හි මා සිත පිළිබඳව ඡන්දය හෝ රාගය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ ඇතැයි’ දනී නම්, ශාරීපුත්‍රය, ඒ මහණහු විසින් ලාමකවූ ඒ අකුශල ධර්මයන්ගේම ප්රහාණය පිණිස වෑයම් කළ යුතුය. ශාරීපුත්‍රය, ඉදින් වනාහි නුවණින් කල්පනා කොට බලන්නාවූ මහණතෙම ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගෙකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එහි කයින් දතයුතුවූ ස්පර්ශයන්හි ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ නැතැයි දනී නම් රෑ දාවල් දෙක්හි කුශල ධර්මයන්හි අනුව හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීතියෙන්ම වාසය කළයුතුය.
“ශාරීපුත්‍රය නැවතද ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින් කල්පනා කළයුතුය. ‘මම යම් මගකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, මනොවිඥානයෙන් දතයුතුවූ ධර්මයන්හිද ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ මාගේ සිතෙහි ඇත්තේදැයි, මෙනෙහි කළ යුතුය. ශාරීපුත්‍රය, ඉදින් මහණ තෙම නුවණින් කල්පනාකොට බලන්නේ මෙසේ දකීද, ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළැකී පෙරළා ආයෙම්ද, එතැන්හී සිතින් දතයුතුවූ ධර්මයන්හි මා සිත පිළිබඳව ඡන්දය හෝ රාගය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ ඇතැයි’ දනී නම්, ශාරීපුත්‍රය, ඒ මහණහු විසින් ලාමකවූ ඒ අකුශල ධර්මයන්ගේම ප්රහාණය පිණිස වෑයම් කළ යුතුයි. ශාරීපුත්‍රය, ඉදින් වනාහි නුවණින් කල්පනාකොට බලන්නාවූ මහණතෙම ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මඟකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එහි සිතින් දතයුතුවූ, ධර්මයන්හි ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ නැතැයි’ දනී නම් රෑ දාවල් දෙක්හි කුශල ධර්මයන්හි අනුව හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීතියෙන්ම වාසය කළ යුතුය.
|
440
‘‘පුන චපරං, සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං - ‘පහීනා නු ඛො මෙ පඤ්ච කාමගුණා’ති? සචෙ, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘අප්පහීනා ඛො මෙ පඤ්ච කාමගුණා’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා පඤ්චන්නං කාමගුණානං පහානාය වායමිතබ්බං. සචෙ පන, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘පහීනා ඛො මෙ පඤ්ච කාමගුණා’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
|
440
‘නැවතද ශාරීපුත්‍රය, මහණහු විසින් මාගේ පස්කම් ගුණයෝ ප්රහීණවූවාහුදැයි මෙසේ සැලකිය යුතුය. ඉදින් ශාරීපුත්‍රය, නුවණින් සලකන්නාවූ මහණතෙමේ “මා විසින් පස්කම් ගුණ ප්රහාණය නොකරන ලද්දාහ”යි දනී නම්, ශාරීපුත්‍රය, ඒ භික්ෂුව විසින් පඤ්චකාම බන්ධනයන්ගේ පහකිරීම පිණිස වෑයම් කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, නුවණින් කල්පනා කරන්නාවූ මහණතෙමේ ‘මා විසින් පඤ්චකාම ගුණයෝ පහකරන ලද්දාහුය’යි මෙසේ දනී නම්, ශාරීපුත්‍රය, රෑ දාවල්හි කුශල ධර්මයන්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීතියෙන් යුක්තවම විසිය යුතුයි.
|
441
‘‘පුන චපරං, සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං - ‘පහීනා නු ඛො මෙ පඤ්ච නීවරණා’ති? සචෙ, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘අප්පහීනා ඛො මෙ පඤ්ච නීවරණා’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා පඤ්චන්නං නීවරණානං පහානාය වායමිතබ්බං. සචෙ පන, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘පහීනා ඛො
|
441
“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් පඤ්චනීවරණයෝ පහකරන ලද්දාහුදැ”යි භික්ෂුව විසින් මෙසේ නුවණින් සැලකිය යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණතෙමේ මෙනෙහි කරන්නේ ‘මා විසින් පඤ්චනීවරණයෝ පහනොකරන ලද්දාහ’යි මෙසේ දනී නම් ශාරීපුත්‍රය, ඒ මහණහු විසින් පඤ්චනීවරණයන්ගේ ප්රහාණය පිණිස වෑයම් කළ යුතුය. ඉදින් වනාහි ශාරීපුත්‍රය, මහණ තෙමේ මෙනෙහි කරන්නේ ‘මාගේ පඤ්චනීවරණයෝ ප්‍රහීණ වූවාහ’යි මෙසේ දනී නම්, ශාරීපුත්‍රය, රෑ දාවල්හි කුසල් දහම්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ මහණහු විසින් එම ප්‍රීතියෙන් වාසය කළ යුතුය.
|
442
‘‘පුන
|
442
“නැවතද ශාරීපුත්‍රය, භික්ෂුව විසින් ‘මා විසින් පඤ්ච උපාදානස්කන්ධයෝ මෙනෙහි කරන්නේ පිරිසිඳ දන්නා ලද්දාහුදැ’යි නුවණින් මෙනෙහි කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණතෙමේ ‘මා විසින් පඤ්චඋපාදානස්කන්ධයෝ පිරිසිඳ නොදන්නා ලද්දාහුය’යි දනී නම් ශාරීපුත්‍රය, ඒ භික්ෂුව විසින් පඤ්චඋපාදානස්කන්ධයන් පිරිසිඳ දැනීම පිණිස උත්සාහ කටයුතුය. ඉදින් වනාහි ශාරීපුත්‍රය, නුවණින් සලකන්නාවූ මහණතෙම ‘මා විසින් පඤ්චඋපාදානස්කන්ධයෝ පිරිසිඳ දන්නා ලද්දාහුය’යි මෙසේ දනී නම් ශාරීපුත්‍රය, රෑ දාවල්හි කුශල ධර්මයන්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ මහණහු විසින් ඒ ප්‍රීතියෙන් විසිය යුතුය.
|
443
‘‘පුන චපරං, සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං - ‘භාවිතා නු ඛො මෙ චත්තාරො සතිපට්ඨානා’ති? සචෙ, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘අභාවිතා ඛො මෙ චත්තාරො සතිපට්ඨානා’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා චතුන්නං සතිපට්ඨානානං භාවනාය වායමිතබ්බං. සචෙ පන, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘භාවිතා ඛො මෙ චත්තාරො සතිපට්ඨානා’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
|
443
“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් සතර සතිපට්ඨානයෝ වඩන ලද්දාහුදැයි’ භික්ෂුව විසින් මෙසේ මෙනෙහි කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙමේ මෙසේ මෙනෙහි කරන්නේ ‘මා විසින් සතර සතිපට්ඨානයෝ නොවඩන ලද්දාහුය’යි මෙසේ දනීනම්, ශාරිපුත්‍රය, ඒ භික්ෂුව විසින් සතර සතිපට්ඨානයන්ගේ වැඩීම පිණිස උත්සාහ කළයුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙමේ නුවණින් සලකන්නේ, ‘මා විසින් සතර සතිපට්ඨානයෝ වඩන ලද්දාහු’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, රෑ දාවල් දෙක්හි කුශල ධර්මයන්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ මහණහු විසින් එම ප්‍රීතියෙන් (යුක්තව) විසිය යුතුය.
|
444
‘‘පුන චපරං, සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං - ‘භාවිතා නු ඛො මෙ චත්තාරො සම්මප්පධානා’ති? සචෙ, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘අභාවිතා ඛො මෙ චත්තාරො සම්මප්පධානා’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා චතුන්නං සම්මප්පධානානං භාවනාය වායමිතබ්බං. සචෙ පන, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘භාවිතා ඛො මෙ චත්තාරො සම්මප්පධානා’ති
|
444
“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් සතර සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෝ වඩන ලද්දාහුදැ’යි මහණහු විසින් මෙසේ නුවණින් කල්පනා කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මෙසේ කල්පනා කරන්නාවූ මහණ තෙමේ ‘මා විසින් සතර සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෝ නොවඩන ලද්දාහයි’ මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, ඒ මහණ විසින් සතර සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයන්ගේ වැඩීම පිණිස වෑයම් කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙම මෙසේ මෙනෙහි කරන්නේ ‘මා විසින් සතර සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෝ වඩන ලද්දාහ’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, රෑ දාවල්හි කුසල් දහම්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ මහණහු විසින් එම ප්‍රීතියෙන් (යුතුව) විසිය යුතුය.
|
445
‘‘පුන චපරං, සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං - ‘භාවිතා නු ඛො මෙ චත්තාරො ඉද්ධිපාදා’ති? සචෙ, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘අභාවිතා ඛො මෙ චත්තාරො ඉද්ධිපාදා’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා චතුන්නං ඉද්ධිපාදානං භාවනාය වායමිතබ්බං. සචෙ පන, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘භාවිතා ඛො මෙ චත්තාරො ඉද්ධිපාදා’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
|
445
“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් සතර ඍද්ධිපාදයෝ වඩනා ලද්දාහුදැ’යි භික්ෂුව විසින් මෙනෙහි කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙම මෙසේ මෙනෙහි කරන්නේ ‘මා විසින් සතර ඍද්ධිපාදයෝ නොවඩනා ලද්දාහයි’ මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, ඒ භික්ෂුව විසින් සතර ඍද්ධිපාදයන්ගේ වැඩීම පිණිස උත්සාහ කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙම නුවණින් කල්පනා කරන්නේ ‘මා විසින් සතර ඍද්ධිපාදයෝ වඩන ලද්දාහයි’ මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, රෑ දාවල්හි කුසල් දහම්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ මහණහු විසින් එම ප්‍රීතියෙන් (යුක්තව) විසිය යුතුය.
|
446
‘‘පුන
|
446
“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් පඤ්චෙන්ද්රියයෝ වඩන ලද්දාහුදැ’යි භික්ෂුව විසින් මෙසේ නුවණින් සැලැකිය යුතුය. ඉදින් ශාරීපුත්‍රය, භික්ෂු තෙම මෙසේ සලකන්නේ ‘මා විසින් පඤ්චෙන්ද්රියයෝ නොවඩනා ලද්දාහුය’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, ඒ භික්ෂුව විසින් පඤ්චෙන්ද්රියයන් වැඩීම පිණිස වෑයම් කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මෙනෙහි කරන්නාවූ භික්ෂු තෙම ‘මා විසින් පඤ්චෙන්ද්රියයෝ වඩන ලද්දාහ’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, ඒ භික්ෂුව කුසල් දහම්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ මහණහු විසින් එම ප්‍රීතියෙන් (යුක්තව) විසිය යුතුය.
|
447
‘‘පුන
|
447
“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් පඤ්බලයෝ වඩනා ලද්දාහුදැ’යි භික්ෂුව විසින් මෙසේ (නුවණින්) සැලැකිය යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙම මෙසේ නුවණින් බලන්නේ ‘මා විසින් පඤ්ච බලයෝ නොවඩන ලද්දාහුය’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, ඒ භික්ෂුව විසින් පඤ්චබල වඩනු පිණිස වෑයම් කළයුතුය. ඉදින් ශාරීපුත්‍රය, මෙනෙහි කරන්නාවූ මහණතෙමේ ‘මා විසින් පඤ්චබල වඩන ලද්දාහ’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, කුසල් දහම්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ මහණහු විසින් එම ප්‍රීතියෙන් (යුක්තව) විසිය යුතුය.
|
448
‘‘පුන චපරං, සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං - ‘භාවිතා නු ඛො මෙ සත්ත බොජ්ඣඞ්ගා’ති? සචෙ, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘අභාවිතා ඛො මෙ සත්ත බොජ්ඣඞ්ගා’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා සත්තන්නං බොජ්ඣඞ්ගානං භාවනාය වායමිතබ්බං. සචෙ පන, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘භාවිතා ඛො මෙ සත්ත බොජ්ඣඞ්ගා’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
|
448
“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් සප්තබෝධ්‍යංගයෝ වඩන ලද්දාහුදැ’යි භික්ෂුව විසින් මෙසේ සැලැකිය යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙම නුවණින් බලන්නේ ‘මා විසින් සප්තබොධ්‍යංගයෝ නොවඩන ලද්දාහුය’යි මෙසේ දනී නම්, ශාරීපුත්‍රය, ඒ භික්ෂුව විසින් සප්තබෝධ්යංගයන්ගේ වැඩීම පිණිස උත්සාහ කටයුතුය. ඉදින් ශාරීපුත්‍රය, භික්ෂු තෙම මෙනෙහි කරන්නේ ‘මා විසින් සප්තබෝධ්‍යංගයෝ වඩන ලද්දාහුය’යි මෙසේ දනී නම්, ශාරීපුත්‍රය, කුසල් දහම්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ මහණහු විසින් එම ප්‍රීතියෙන් (යුක්තව) විසිය යුතුය.
|
449
‘‘පුන චපරං, සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං - ‘භාවිතො නු ඛො මෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගො’ති? සචෙ, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘අභාවිතො ඛො මෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගො’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස භාවනාය වායමිතබ්බං. සචෙ පන, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘භාවිතො ඛො මෙ අරියො අට්ඨඞ්ගිකො
|
449
“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්ගය වඩන ලද්දේදැ’යි භික්ෂුව විසින් මෙසේ (නුවණින්) සැලැකිය යුතුය. ඉදින් ශාරීපුත්‍ර තෙම මෙනෙහි කරන්නේ ‘මා විසින් ආර්ය්යඅෂ්ටාංගිකමාර්ගය නොවඩන ලදැ’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, ඒ මහණ විසින් ආර්ය්යඅෂ්ටාංගිකමාර්ගය වඩන පිණිස වෑයම් කළයුතුය, ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙමේ මෙනෙහි කරන්නේ ‘මා විසින් ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්ගය වඩන ලදැ’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, කුසල් දහම්හි දිවා රෑ දෙක්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් එම ප්‍රීතියෙන් (යුක්තව) විසිය යුතුය.
|
450
‘‘පුන
|
450
“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් සමථයත් විදර්ශනාවත් වඩන ලද්දාහුදැ’යි භික්ෂුව විසින් මෙසේ (නුවණින්) සැලැකිය යුතුය ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙමේ ‘මා විසින් සමථයද, විදර්ශනාවද නොවඩන ලද්දාහුය’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, ඒ භික්ෂුව විසින් සමථ විදර්ශනා වන්ගේ වැඩීම පිණිස වෑයම් කළයුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙම මෙනෙහි කරන්නේ ‘මා විසින් සමථයද විදර්ශනාවද වඩන ලද්දාහුය’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, කුසල් දහම්හි දිවා රෑ දෙක්හි හික්මෙන්නාවු ඒ භික්ෂුව විසින් එම ප්‍රීතියෙන් (යුක්තව) විසිය යුතුය.
|
451
‘‘පුන චපරං, සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං - ‘සච්ඡිකතා නු ඛො මෙ විජ්ජා ච විමුත්ති චා’ති? සචෙ, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘අසච්ඡිකතා ඛො මෙ විජ්ජා ච විමුත්ති චා’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා විජ්ජාය විමුත්තියා සච්ඡිකිරියාය වායමිතබ්බං. සචෙ පන, සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘සච්ඡිකතා ඛො මෙ විජ්ජා ච විමුත්ති චා’ති, තෙන, සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
|
451
“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් විද්‍යාව (ඵලඤාණය) ද විමුක්තිය (ඵලසම්ප්‍රයුක්ත සෙසු ධර්මයෝ) ද ප්රත්යක්ෂ කරන ලද්දාහුදැයි” භික්ෂුව විසින් මෙසේ (නුවණින්) මෙනෙහි කළ යුතුය, ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙමේ (නුවණින්) සලකන්නේ, ‘මා විසින් විද්‍යාවද විමුක්තියද ප්රත්යක්ෂ නොකරන ලද්දාහුයයි’ මෙසේ දනීනම් ශාරිපුත්‍රය, ඒ මහණ විසින් විද්‍යා විමුක්තීන්ගේ ප්රත්යක්ෂ කිරීම පිණිස වෑයම් කළ යුතුය. ඉදින් ශාරිපුත්‍රය, මහණ තෙම මෙනෙහි කරන්නේ ‘මා විසින් විද්‍යාවද, විමුක්තියද ප්රත්යක්ෂ කරන ලද්දාහුය’යි මෙසේ දනී නම් ශාරීපුත්‍රය, කුසල් දහම්හි රෑ දාවල් දෙක්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් එම ප්‍රීති ප්‍රමෝද්‍යයෙන් (යුක්තව) විසිය යුතුය.
|
452
‘‘යෙ හි කෙචි, සාරිපුත්ත, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා පිණ්ඩපාතං පරිසොධෙසුං, සබ්බෙ තෙ එවමෙව පච්චවෙක්ඛිත්වා
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා සාරිපුත්තො භගවතො භාසිතං අභිනන්දීති.
|
452
‘ශාරීපුත්‍රය, අතීත කාලයෙහි යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ පිණ්ඩපාතය පිරිසිදු කළාහුද, ඒ සියල්ලෝ මෙසේ මෙනෙහිකොට මෙනෙහිකොට පිණ්ඩපාතය පිරිසිදු කළහ. ශාරීපුත්‍රය, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ අනාගතයෙහි පිණ්ඩපාතය පිරිසිදු කරන්නාහුද, ඒ සියල්ලෝ මෙසේම මෙනෙහිකොට මෙනෙහිකොට පිණ්ඩපාතය පිරිසිදු කරන්නාහුය ශාරීපුත්‍රය, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ දැන් (මෙකල) පිණ්ඩපාතය පිරිසිදු කෙරෙද්ද, ඒ සියල්ලෝ මෙසේම පිණ්ඩපාතය පිරිසිදු කෙරෙති. එහෙයින් ශාරීපුත්‍රය, තොප විසින් ප්රත්යවෙක්ෂා කොට ප්රත්යවෙක්ෂා කොට පිණ්ඩපාතය පිරිසිදු කරන්නෙමුයි’ මෙසේ හික්මිය යුතුයි. ශාරීපුත්‍රය තොප විසින් මෙසේම හික්මිය යුතුයයි වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. සතුටු සිත් ඇති ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ.
|
10. ඉන්ද්‍රියභාවනාසුත්තං | 10. ඉන්ද්රිය භාවනා සූත්‍රය |
453
එවං
අථ ඛො භගවා උත්තරං මාණවං පාරාසිවියන්තෙවාසිං තුණ්හීභූතං
|
453
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කජංගල නම් නියම්ගම සමීපයෙහිවූ මුවෙලු වෙනෙහි (මුඛෙලු නම් එක් වෘක්ෂ විශේෂයෙකි. ඒ මුවෙලු රුකින් ගැවසීගත් මහ වනලැහැබෙක) වැඩවසන සේක. ඉක්බිති “පාරාසරිය” නම් බමුණාගේ අතවැසිවූ “උත්තර” නම් මානවකතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට එළඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පස්ව උන්නාවූ පාරාසරිය බ්‍රාහ්මණයාගේ අතවැසිවූ උත්තර නම් මානවකයාට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළසේක. “උත්තරය, පාරාසරිය බ්‍රාහ්මණ තෙමේ ශ්‍රාවකයන්ට ඉන්ද්රිය භාවනාව දේශනා කෙරේදැයි’ ඇසූහ. “ගෞතමයන් වහන්ස, පාරාසරිය, බමුණු තෙමේ ශ්‍රාවකයන්ට ඉන්ද්රිය භාවනාව දේශනා කෙරේයයි” (කීය.)
“උත්තරය, ඒ කෙසේ වනාහි පාරාසරිය බමුණු තෙමේ ශ්‍රාවකයන්ට ඉන්ද්රිය භාවනාව දේශනා කෙරේදැයි” වදාළසේක. “භවත් ගෞතමයන් වහන්ස, මේ ලෝකයෙහි ඇසින් රූපය නොබලයි. කණින් ශබ්දය නොඅසයි. භවත් ගෞතමයන් වහන්ස, මෙසේ පාරාසරිය බමුණුතෙමේ ශ්‍රාවකයන්ට ඉන්ද්රිය භාවනාව දේශනා කෙරේ” (යයි කීය.)
“උත්තරය, පාරාසරිය බමුණාගේ වචනය යම් ප්‍රකාරයකින් වේද, එසේ ඇති කල්හි වනාහි අන්ධතෙම වඩන ලද ඉඳුරන් ඇත්තෙක් වන්නේය. බිහිරා වඩනලද ඉඳුරන් ඇත්තෙක් වන්නේය. ඒ එසේමැයි, අන්ධ තෙමේ රූප නොදකී. බිහිරා හඬ නොඅසායයි” (වදාළසේක.)
මෙසේ වදාළ කල්හි පාරාසරිය බමුණාගේ අතවැසිවූ උත්තර මානවක තෙමේ නිහඬ බවට පැමිණියේ තේජස් රහිත බවට පැමිණියේ කරබා ගත්තේ යට හෙලා ලු මුව ඇත්තේ සිතිවිලි සිතමින් වැටහීම නැත්තෙක්ව හුන්නේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාරාසරිය බමුණාගේ අතැවැසිවූ, නිශ්ශබ්දවූ, තේජස් නැති බවට පැමිණියාවූ, කරබාගත් මුහුණ පහත් කරගෙන කල්පනා කරන්නාවූ, කරුණු නොවැටහෙන්නාවූ උත්තර මානවකයා දැක, ආයුෂ්මත් ආනන්දස්ථවිරයන්ට කථා කළසේක. ආනන්දය, පරාසරිය බමුණා ශ්‍රාවකයන්ට ඉඳුරන් වැඩීම අන් ආකාරයකින් කියයි. ආර්‍ය්‍ය විනයෙහි නිරුත්තරවූ ඉන්ද්රිය භාවනාව අන් ආකාරයකින් වේයයි (වදාළසේක.)
“යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ ආර්‍ය්‍ය විනයෙහි නිරුත්තරවූ ඉන්ද්රිය භාවනාව දේශනා කරන්නේ නම් භාග්‍යවතුන් වහන්ස, මේ එයට කල් වන්නේය. සුගතයන් වහන්ස, මේ එයට කල් වන්නේය. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහුයයි” (කීය.)
“එසේවී නම් ආනන්දය, අසව මනාකොට මෙනෙහිකරව. කියන්නෙමි”යි වදාළේය. “එසේය, වහන්සැ”යි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවත්හට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
|
454
‘‘කථඤ්චානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්රියභාවනා හොති? ඉධානන්ද, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති - ‘උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං
|
454
“ආනන්දය, කෙසේ වනාහි ආර්‍ය්‍ය විනයෙහි නිරුත්තරවූ ඉන්ද්රිය භාවනාව වේද යත්? ආනන්දය, මේ ශාසනයෙහි මහණහට ඇසින් රූප දැක ඇලීම උපදියිද, කිපීම උපදියිද, සිත ඇලීම හා කිපීම උපදියිද, හෙතෙම මෙසේ මට ලෝභය උපන්නේය. ද්වේෂය උපන්නේය. ලෝභය හා ද්වේෂය උපන්නේය. එය වනාහි ප්‍රත්‍යයන් විසින් කරන ලද්දේය. ඕළාරිකය, හේතුවෙන් උපන්නේය. යම් මේ විදර්ශනොපෙක්ෂාවක් වේද, එය ශාන්තය. එය ප්‍රණීතයයි දනීද, ඔහුට උපන් ඒ ලෝභ සිතද, උපන් කෝප සිතද, ලෝභ සිත හා කෝප සිතද නිරුද්ධ වෙයි. විදර්ශනා උපෙක්ෂාව මනාව පිහිටයි. ආනන්දය, යම්සේ වනාහි පිරිසිදු ඇස් ඇති පුරුෂයෙක් ඇස්පිය අරින්නේද, ඇස් ඇර පියන්නේද, ආනන්දය, එපරිද්දෙන්ම යම් කිසිවෙකුට මෙසේ වහා, මෙසේ ඉක්මනින්, මෙසේ පහසුවෙන් උපන් ලෝභ සිතද, උපන් කෝප සිතද, උපන් ලෝභ සහ කෝප සිතද නිරුද්ධ වෙයි. විදර්ශනොපෙක්ෂාව මනාව සිටී. ආනන්දය, ආර්‍ය්‍යවිනයයෙහි මෙය ඇසින් දතයුතුවූ රූපාරම්මණයන්හි නිරුත්තරවූ ඉන්ද්රිය භාවනාවයයි කියනු ලැබේ.
|
455
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛුනො සොතෙන සද්දං සුත්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති - ‘උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං. එතං සන්තං එතං පණීතං යදිදං - උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති; උපෙක්ඛා සණ්ඨාති. සෙය්යථාපි, ආනන්ද, බලවා පුරිසො අප්පකසිරෙනෙව අච්ඡරං
(අච්ඡරිකං (ස්‍යා. කං. පී. ක.)) පහරෙය්ය; එවමෙව ඛො, ආනන්ද, යස්ස කස්සචි එවංසීඝං එවංතුවටං එවංඅප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති - අයං වුච්චතානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්රියභාවනා සොතවිඤ්ඤෙය්යෙසු සද්දෙසු.
|
455
“නැවතද ආනන්දයෙනි, භික්ෂුවට කණින් (ශ්‍රොත විඥානයෙන්) ශබ්ද අසා මනාප සිතද උපදී. අමනාප සිතද උපදී. මනාප අමනාප සිතද උපදී. හෙතෙම මෙසේ දනීද, මට මේ ලෝභ සහගත සිත උපන්නේය. ද්වේෂ සහගත සිත උපන්නේය. එයද වනාහි හේතුවෙන් හටගත් ඕළාරිකාරම්මණය නිසා උපන්නේය. යම් මේ (විදර්ශනා) උපෙක්ෂාවක් වේද, මෝතොමෝ ශාන්ත වන්නීය. මෝතොමෝ ප්‍රණීත වන්නීය. ඔහුගේ උපන් ඒ මනාප සිතද, උපන් අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැති වෙයි. විදර්ශනොපෙක්ෂාව මනාව සිටීයයි ආනන්දයෙනි, යම්සේ වනාහි ශක්තිමත් පුරුෂයෙක් අසුර ගසන්නේද, එපරිද්දෙන්ම ආනන්දයෙනි, යම් කිසිවෙකුට මෙසේ වහා මෙසේ ඉක්මනින් මෙසේ පහසුවෙන් උපන් මනාපවූ සිතද, උපන් අමනාපවූ සිතද උපන් මනාප අමනාප සිතද, නිරුද්ධ වෙයි. විදර්ශනොපෙක්ෂාව මනාව සිටීද, ආනන්දය, මෙය ආර්‍ය්‍ය විනයයෙහි කණින් දතයුතුවූ ශබ්දයන්හි නිරුත්තරවූ ඉන්ද්රිය භාවනාවයයි කියනු ලැබේ.
|
456
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛුනො ඝානෙන ගන්ධං ඝායිත්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති - ‘උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං. එතං සන්තං එතං පණීතං යදිදං - උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති; උපෙක්ඛා සණ්ඨාති. සෙය්යථාපි, ආනන්ද
|
456
“නැවතද ආනන්දයෙහි, මහණහට ඝ්‍රාණවිඥානයෙන් (නැහැයෙන්) ගඳ ආඝ්‍රාණයකොට මනාප සිතද උපදී. අමනාප සිතද උපදී. මනාප-අමනාප සිතද උපදී. හෙතෙම මෙසේ දනී. මට මේ ලෝභ සහගත සිත උපන්නේය. ද්වේෂ සහගත සිත උපන්නේය. එයද වනාහි හේතුවෙන් හටගත් ඕළාරිකාරම්මණය නිසා උපන්නේය. යම් මේ (විදර්ශනා) උපෙක්ෂාවක් වේද, මෝතොමෝ ශාන්ත වන්නීය, මෝතොමෝ ප්‍රණීත වන්නීය. ඔහුගේ උපන් ඒ මනාප සිතද, උපන් අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැතිවෙයි. විදර්ශනොපෙක්ෂාව මනාව සිටී. ආනන්දයෙනි, යම්සේ වනාහි මඳක් නැබුරුවූ නෙලුම් කොළයෙකැ වැටෙන්නාවූ දියබින්දු නොසිටිද්ද, එපරිද්දෙන්ම ආනන්දයෙනි, යම් කිසිවෙකුට මෙසේ වහා, මෙසේ ඉක්මනින්, මෙසේ පහසුවෙන්, උපන් මනාප සිතද, උපන් අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැති වෙයිද, විදර්ශනොපෙක්ෂාව මනාව සිටීද, ආනන්දයෙනි, මෙය ආර්ය විනයයෙහි නාසයෙන් දතයුතුවූ ගන්ධයන්හි නිරුත්තරවූ ඉන්ද්රිය භාවනාවයයි කියනු ලැබේ.
|
457
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛුනො ජිව්හාය රසං සායිත්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති
|
457
‘නැවතද ආනන්දය, භික්ෂුහට ජිව්හා විඥානයෙන් (දිවෙන්) රස විඳගෙන මනාප සිත උපදී. අමනාප සිතද උපදී. මනාප-අමනාප සිතද උපදී. හෙතෙම මෙසේ දනී. මට මේ ලෝභ සහගත සිත උපන්නේය. ද්වේෂ සහගත සිත උපන්නේය. එයද වනාහි හේතුවෙන් හටගත් ඕළාරිකාරම්මණය නිසා උපන්නේය. යම් මේ (විදර්ශනා) උපෙක්ෂාවක් වේද, මෝතොමෝ ශාන්ත වන්නීය. මෝතොමෝ ප්‍රණීත වන්නීය. ඔහුගේ උපන් ඒ මනාප සිතද, උපන් අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැති වෙයි. විදර්ශනාඋපෙක්ෂාව මනාව පිහිටයි. ආනන්දයෙනි, යම්සේ ශක්තිය ඇති පුරුෂයෙක් දිවග කෙළ පිඩක් එකතුකොට පහසුවෙන් කෙළගසන්නේද, එපරිද්දෙන්ම ආනන්දය, යම් කිසිවෙකුට මෙසේ වහා, මෙසේ ඉක්මනින්, මෙසේ පහසුවෙන්, උපන් මනාප සිතද, අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැති වෙයි. විදර්ශනොපෙක්ෂාව මනාව පිහිටයිද ආනන්දය, එය ආර්ය විනයෙහි දිවෙන් දතයුතු රසයන්හි නිරුත්තරවූ ඉන්ද්රිය භාවනාවයයි කියනු ලැබේ.
|
458
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛුනො කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති - ‘උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං
|
458
“නැවතද ආනන්දය, මහණහට කයින් පහස ස්පර්ශකොට මනාපවූ සිතද උපදී. අමනාප සිතද උපදී. මනාප-අමනාප සිතද උපදී. හෙතෙම මෙසේ දනී මට මේ ලෝභ සහගත සිත උපන්නේය. ද්වේෂ සහගත සිත උපන්නේය. එයද වනාහි හේතුවෙන් හටගත් ඕළාරිකාරම්මණය නිසා උපන්නේය. යම් මේ (විදර්ශනා) උපෙක්ෂාවක් වේද, මෝතොමෝ ශාන්ත වන්නීය. මෝතොමෝ ප්‍රණීත වන්නීය, ඔහුගේ උපන් ඒ මනාප සිතද, උපන් අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැතිවෙයි. විදර්ශනොපෙක්ෂා මනාව පිහිටයි. ආනන්දය, යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළුෑ අත හෝ දිගහරින්නේද, දික්කළ අත හෝ වක් කරන්නේද, එපරිද්දෙන්ම ආනන්දය, යම් කිසිවෙකුට මෙසේ වහා, මෙසේ ඉක්මනින්, මෙසේ පහසුවෙන්, උපන් මනාප සිතද, අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැති වෙයිද, විදර්ශනොපෙක්ෂාව මනාව සිටීද, ආනන්දය, මෙය ආර්ය විනයෙහි කයින් දතයුතු ස්පර්ශයන්හි නිරුත්තරවූ ඉන්ද්රිය භාවනාවයයි කියනු ලැබේ.
|
459
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛුනො මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති - ‘උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං. එතං සන්තං එතං පණීතං යදිදං - උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති; උපෙක්ඛා සණ්ඨාති. සෙය්යථාපි, ආනන්ද, බලවා පුරිසො දිවසංසන්තත්තෙ
(දිවසසන්තෙත්තෙ (සී.)) අයොකටාහෙ ද්වෙ වා තීණි වා උදකඵුසිතානි නිපාතෙය්ය. දන්ධො, ආනන්ද, උදකඵුසිතානං නිපාතො, අථ ඛො නං ඛිප්පමෙව පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය; එවමෙව ඛො, ආනන්ද, යස්ස කස්සචි එවංසීඝං එවංතුවටං එවංඅප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං
|
459
‘නැවතද ආනන්දය, මහණහට මනසින් ධර්මාරම්මණයන් දැන මනාප සිත උපදී. අමනාප සිතද උපදී. මනාප අමනාප සිතද උපදී. හෙතෙම මෙසේ දනී. මට මේ ලෝභ සහගත සිත උපන්නේය. ද්වේෂ සහගත සිත උපන්නේය. එයද වනාහි හේතුවෙන් හටගත් ඕළාරිකාරම්මණය නිසා උපන්නේය. යම් මේ (විදර්ශනා) උපෙක්ෂාවක් වේද, මෝතොමෝ ශාන්ත වන්නීය. මෝතොමෝ ප්‍රණීත වන්නීය. ඔහුගේ උපන් ඒ මනාප සිතද, උපන් අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැතිවෙයි. විදර්ශනොපෙක්ෂාව මනාව සිටී. ආනන්දයෙනි, යම්සේ වනාහි ශක්ති ඇති පිරිමියෙක් දවස මුළුල්ලෙහි තැවුණු යකඩ තැටියක දිය බින්දු දෙකක් හෝ තුනක් හෝ හෙලන්නේද, ආනන්දයෙනි, ඒ දිය බින්දු වැටීම හෙමිහිටය. එතකුදුවුවත් වහාම ඒ දිය බින්දු හාත්පස ක්ෂයවීමට වැනසීමට යන්නේද, එපරිද්දෙන්ම ආනන්දයෙනි, යම් කිසිවෙකුට මෙසේ වහා, මෙසේ ඉක්මනින්, මෙසේ පහසුවෙන් උපන් මනාප සිතද, අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැතිවෙයිද, විදර්ශනොපෙක්ෂාව මනාව සිටීද, ආනන්දයෙනි, එය ආර්යවිනයයෙහි සිතින් දතයුතුවූ, ධර්මාරම්මණයන්හි නිරුත්තරවූ ඉන්ද්රිය භාවනාවයයි කියනු ලැබේ.
“ආනන්දයෙනි, මෙසේ වනාහි ආර්‍ය්‍යවිනයයෙහි නිරුත්තරවූ ඉන්ද්රිය භාවනාව වේ” (යයි වදාළසේක.)
|
460
‘‘කථඤ්චානන්ද
|
460
“නැවතද ආනන්දය, කෙසේ නම් ශෛක්ෂ තෙමේ ප්‍රතිපදාවෙන් යුක්තවේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණහට ඇසින් රූප දැක මනාප සිතද උපදී, අමනාප සිතද උපදී. මනාප අමනාප සිතද උපදී. හෙතෙම උපන් ඒ මනාප සිත කරණකොටද, උපන් අමනාප සිත කරණකොටද, උපන් මනාප අමනාප සිත කරණකොටද හැකිලෙයි, ලජ්ජා වෙයි, පිළිකුල් කෙරෙයි. කණින් ශබ්ද අසා මනාප සිතද උපදී. අමනාප සිතද උපදී. මනාප-අමනාප සිතද උපදී. හෙතෙම උපන් ඒ මනාප සිත කරණකොටද, උපන් අමනාප සිත කරණකොටද, උපන් මනාප-අමනාප සිත කරණකොටද හැකිලෙයි, ලජ්ජාවෙයි, පිළිකුල් කෙරෙයි. නාසයෙන් ගඳ ආඝ්‍රාණය කොට මනාප සිතද උපදී, අමනාප සිතද උපදී, මනාප-අමනාප සිතද උපදී. හෙතෙම උපන් ඒ මනාප සිත කරණකොටද, උපන් අමනාප සිත කරණකොටද, උපන් මනාප-අමනාප සිත කරණකොටද, හැකිලෙයි, ලජ්ජාවෙයි. පිළිකුල් කෙරෙයි. දිවෙන් රස ආස්වාදනයකොට (විඳ) මනාප සිතද උපදී. අමනාප සිතද උපදී. මනාප අමනාප සිතද උපදී. හෙතෙම උපන් ඒ මනාප සිත කරණකොටද, උපන් අමනාප සිත කරණකොටද, උපන් මනාප-අමනාප සිත කරණකොටද හැකිලෙයි, ලජ්ජාවෙයි, පිළිකුල් කෙරෙයි. කයින් ප්‍රෂ්ටව්‍යය ස්පර්ශකොට මනාප සිතද උපදී. අමනාප සිතද උපදී. මනාප අමනාප සිතද උපදී. හෙතෙම උපන් ඒ මනාප සිත කරණ කොටද, උපන් අමනාප සිත කරණකොටද, උපන් මනාප-අමනාප සිත කරණකොටද, හැකිලෙයි, ලජ්ජාවෙයි, පිළිකුල් කෙරෙයි. සිතින් ධර්මාරම්මණය දැන මනාපවූ සිතද උපදී. අමනාපවූ සිතද උපදී. මනාප-අමනාපවූ සිතද උපදී. හෙතෙම උපන් ඒ මනාප සිතින්ද, උපන් අමනාප සිතින්ද, උපන් මනාප අමනාප සිතින්ද කරණකොටගෙන හැකිලෙයි, ලජ්ජා වෙයි, පිළිකුල් කෙරෙයි, ආනන්දය, මෙසේ වනාහි ශෛක්ෂ තෙමේ පිළිපැදීමෙන් යුක්ත වේ.
|
461
‘‘කථඤ්චානන්ද, අරියො හොති භාවිතින්ද්රියො? ඉධානන්ද, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො සචෙ ආකඞ්ඛති - ‘පටිකූලෙ
(පටික්කූලෙ (සබ්බත්ථ)) අප්පටිකූලසඤ්ඤී විහරෙය්ය’න්ති, අප්පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති - ‘අප්පටිකූලෙ පටිකූලසඤ්ඤී විහරෙය්ය’න්ති, පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති - ‘පටිකූලෙ ච අප්පටිකූලෙ ච අප්පටිකූලසඤ්ඤී
|
461
“ආනන්දය, කෙසේ නම් ආර්‍ය්‍යතෙමේ වැඩුණු ඉඳුරන් ඇත්තේ වේද, ආනන්දය; මේ ශාසනයෙහි මහණහට ඇසින් රූප දැක මනාප සිත උපදීද, අමනාපවූ සිත උපදීද, මනාප අමනාපවූ සිතද උපදී. ඉදින් පිළිකුල් අරමුණෙහි ‘අප්‍රතිකූල සංඥාව ඇත්තෙක්ව වසන්නෙමි’යි කැමැති වේද, එහි අප්‍රතිකූල සංඥාව ඇත්තෙක්ව වාසය කෙරේ. ඉදින් පිළිකුල් නොවූ අරමුණෙහි ‘පිළිකුලය යන සංඥාව ඇත්තෙක්ව වසන්නෙමි’යි කැමැති වේද, එහි පිළිකුලය යන හැඟීම ඇත්තෙක්ව වාසය කෙරේ. ‘ඉදින් පිළිකුල් අරමුණෙහිද නොපිළිකුල් අරමුණෙහිද, නොපිළිකුල්ය යන සංඥාව ඇත්තෙක්ව වසන්නෙමි’යි කැමැති වේද, එහි අප්‍රතිකූල සංඥාව ඇත්තෙක්ව වසයි. ‘ඉදින් නොපිළිකුල් අරමුණෙහිද පිළිකුල් අරමුණෙහිද පිළිකුල් සංඥාව ඇත්තෙක්ව වසන්නෙමි’යි කැමැති වේද, එහි පිළිකුලය යන සංඥාව ඇත්තෙක්ව වසයි. ‘ඉදින් පිළිකුල් අරමුණෙහිද, නොපිළිකුල් අරමුණෙහිද (පිළිකුලය නොපිළිකුලය යන) ඒ සංඥා දෙකම හැර සිහි ඇත්තෙක්ව, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව, උපෙක්ෂා ඇත්තෙක්ව (මැදහත්ව) වසන්නෙමි’යි කැමැති වේද, සිහියෙන් යුක්තව නුවණින් යුක්තව, මැදහත්ව වාසය කෙරේ.
|
462
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛුනො සොතෙන සද්දං සුත්වා...පෙ.... ඝානෙන ගන්ධං ඝායිත්වා... ජිව්හාය රසං සායිත්වා... කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා... මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො සචෙ ආකඞ්ඛති - ‘පටිකූලෙ අප්පටිකූලසඤ්ඤී විහරෙය්ය’න්ති, අප්පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති - ‘අප්පටිකූලෙ පටිකූලසඤ්ඤී විහරෙය්ය’න්ති, පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති - ‘පටිකූලෙ ච අප්පටිකූලෙ ච අප්පටිකූලසඤ්ඤී විහරෙය්ය’න්ති, අප්පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති - ‘අප්පටිකූලෙ ච පටිකූලෙ ච පටිකූලසඤ්ඤී විහරෙය්ය’න්ති, පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති - ‘පටිකූලඤ්ච අප්පටිකූලඤ්ච තදුභයම්ප්ම්ප්පි
|
462
“නැවතද ආනන්දය, කණින් ශබ්ද අසා, නාසයෙන් ආඝ්‍රාණය කොට, දිවෙන් රස විඳ, කයින් ස්පර්ශකොට, සිතින් ධර්මයන් දැන, මනාප සිත උපදීද, අමනාප සිත උපදීද, මනාප අමනාප සිත උපදීද, ‘ඉදින් පිළිකුල් අරමුණෙහි නොපිළිකුලය යන සංඥාව ඇත්තෙක්ව වසන්නෙමි’යි කැමැති වේද, එහි නොපිළිකුල්ය යන සංඥාව ඇතිව වාසය කෙරෙයි. ඉදින් නොපිළිකුල් අරමුණෙහි පිළිකුල්ය යන සංඥා ඇත්තෙක්ව වසන්නෙමි’යි කැමැතිවේද, එහි පිළිකුල්ය යන සංඥා ඇතිව වාසය කෙරෙයි. ‘ඉදින් පිළිකුල් අරමුණෙහිද, නොපිළිකුල් අරමුණෙහිද නොපිළිකුල්ය යන සංඥා ඇතිව වසන්නෙමි’යි කැමැති වේද, එහි නොපිළිකුල්ය යන සංඥා ඇතිව වාසය කෙරෙයි.. ‘ඉදින් නොපිළිකුල් අරමුණෙහිද, පිළිකුල් අරමුණෙහිද, පිළිකුල් සංඥා ඇතිව වසන්නෙමි’යි කැමැති වේද, එහි පිළිකුල්ය යන සංඥා ඇතිව වසයි. ‘ඉදින් නොපිළිකුල් අරමුණෙහිද, පිළිකුල් අරමුණෙහිද, පිළිකුල්ය යන සංඥා ඇතිව වසන්නෙමි’යි කැමැති වේද, එහි පිළිකුල්ය යන සංඥා ඇතිව වසයි. ‘ඉදින් පිළිකුල් අරමුණෙහිද, නොපිළිකුල් අරමුණෙහිද, ඒ පිළිකුල් නොපිළිකුල් දෙකද හැර සිහි නුවණින් යුක්තව, උපෙක්ෂාව ඇත්තෙක්ව, වසන්නෙමි’යි කැමැති වේද, එහි සිහි නුවණින් යෙදී මැදහත්ව වසයි. ආනන්දය, මෙසේ වනාහි ආර්‍ය්‍යතෙමේ වඩනලද ඉඳුරන් ඇත්තේ වේ.
|
463
‘‘ඉති
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
|
463
“ආනන්දයෙනි, මෙසේ වනාහි මා විසින් ආර්‍ය්‍ය විනයෙහි නිරුත්තරවූ, ඉන්ද්රිය භාවනාව දේශනා කරනලදී. ශෛක්ෂ ප්‍රතිපදාව ඇති පුද්ගලයා දේශනා කරන ලද්දේය. වඩනලද ඉන්ද්රියයන් ඇති ආර්‍ය්‍යතෙම දේශනා කරන ලද්දේය. ආනන්දයෙනි, ශ්‍රාවකයනට හිතෛෂීවූ අනුකම්පා කරන්නාවූ ශාස්තෲන් විසින් අනුකම්පා පිණිස යමක් කටයුතුද, එය මා විසින් තොපට කරනලදී. ආනන්දය, ඒ වෘක්ෂමූලයෝ වෙති. ඒ සූන්‍යාගාරයෝ වෙති. ආනන්දය, භාවනා කරව්. පමා වූවෝ නොවව්. පසුව විපිළිසර වූවෝ නොවව්. මේ තොපට අපගේ අනුශාසනයයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. සතුටු සිතැති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය.
|