ත්‍රිපිටකය
5. සළායතනවග්ගො 5. සළායතන වර්ගය
1. අනාථපිණ්ඩිකොවාදසුත්තං 1. අනාථ පිණ්ඩිකොවාද සූත්‍රය
383
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අනාථපිණ්ඩිකො ගහපති ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි - ‘‘එහි ත්වං, අම්භො පුරිස, යෙන භගවා තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි (වන්දාහි එවඤ්ච වදෙහි (සබ්බත්ථ) අඤ්ඤසුත්තෙසු පන නත්ථි) - ‘අනාථපිණ්ඩිකො, භන්තෙ, ගහපති ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. සො භගවතො පාදෙ සිරසා වන්දතී’ති. යෙන චායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා මම වචනෙන ආයස්මතො සාරිපුත්තස්ස පාදෙ සිරසා වන්දාහි (වන්දාහි එවඤ්ච වදෙහි (සබ්බත්ථ) අඤ්ඤසුත්තෙසු පන නත්ථි) - ‘අනාථපිණ්ඩිකො, භන්තෙ, ගහපති ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. සො ආයස්මතො සාරිපුත්තස්ස පාදෙ සිරසා වන්දතී’ති. එවඤ්ච වදෙහි - ‘සාධු කිර, භන්තෙ, ආයස්මා සාරිපුත්තො යෙන අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා’’’ති.
‘‘එවං, භන්තෙ’’ති ඛො සො පුරිසො අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො පුරිසො භගවන්තං එතදවොච - ‘‘අනාථපිණ්ඩිකො, භන්තෙ, ගහපති ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. සො භගවතො පාදෙ සිරසා වන්දතී’’ති. යෙන චායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො පුරිසො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච - ‘‘අනාථපිණ්ඩිකො, භන්තෙ, ගහපති ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. සො ආයස්මතො සාරිපුත්තස්ස පාදෙ සිරසා වන්දති; එවඤ්ච වදෙති - ‘සාධු කිර, භන්තෙ, ආයස්මා සාරිපුත්තො යෙන අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා’’’ති. අධිවාසෙසි ඛො ආයස්මා සාරිපුත්තො තුණ්හීභාවෙන.
383
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවන නම්වූ අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණසේක. ඒ කාලයෙහි වනාහි අනාථපිණ්ඩික නම් ගෘහපති තෙමේ දැඩි ගිලන් වූයේ, හටගත් ආබාධ ඇත්තේ, දුකින් පෙළුනේවේ.
එකල්හි වනාහි අනාථපිණ්ඩික නම් ගෘහපති තෙමේ එක්තරා පුරුෂයෙකුට ආමන්ත්‍රණය කෙළේය. “එම්බා පුරුෂය, නුඹ එව. භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට එළඹෙව. එළඹ, මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් සිරසින් වඳුව. ‘ස්වාමීනි, අනාථපිණ්ඩික ගෘහපති තෙමේ හටගත් ආබාධ ඇත්තේ, දුකින් පෙළුනේ, දැඩි ගිලන්වූයේවේ. ඒ අනාථපිණ්ඩික ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් සිරසින් වඳීයයි,’ (වැඳ) මෙසේද කියව. ‘ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ අනාථපිණ්ඩික ගෘහපතියාගේ ගෘහය යම් තැනෙක්හිද, අනුකම්පාකර එහි වඩිනසේක් නම් මැනවැයි’ (කියව.)
“එසේය, ස්වාමීනි” කියා ඒ පුරුෂතෙම අනාථපිණ්ඩික ගෘහපතියාට උත්තරදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි එළඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසක හුන්නේය. එකත්පසක හුන්නාවූ ඒ පුරුෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කෙළේය. “ස්වාමීනි, අනාථපිණ්ඩික ගෘහපති තෙමේ හටගත් ආබාධ ඇත්තේ, දුකින් පෙළුනේ, දැඩි ගිලන්වූයේ වේ. ඒ සිටුතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් සිරසින් වඳින්නේය කියායි.” ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට වැඳ, එකත්පසක හුන්නේය. එකත්පසක හුන්නාවූ ඒ පුරුෂතෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේටද මෙපවත් සැළකෙළේය. “ස්වාමීනි, අනාථපිණ්ඩික ගෘහපති තෙමේ හටගත් ආබාධ ඇත්තේ, දුකින් පෙළුනේ, දැඩි ගිලන්වූයේ වේ. ඒ සිටුතෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ පාදයන් සිරසින් වඳින්නේය. මෙසේද කියයි. ‘ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අනාථපිණ්ඩික ගෘහපතිහුගේ ගෘහය යම් තැනෙක්හිද අනුකම්පා කර එහි එළඹෙනසේක් නම් මැනවැයි කියායි.’
ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නිශ්ශබ්ද වීමෙන් ඉවසූසේක.
384
අථ ඛො ආයස්මා සාරිපුත්තො නිවාසෙත්වා පත්තචීවරමාදාය ආයස්මතා ආනන්දෙන පච්ඡාසමණෙන යෙන අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො ආයස්මා සාරිපුත්තො අනාථපිණ්ඩිකං ගහපතිං එතදවොච - ‘‘කච්චි තෙ, ගහපති, ඛමනීයං, කච්චි යාපනීයං? කච්චි තෙ දුක්ඛා වෙදනා පටික්කමන්ති, නො අභික්කමන්ති; පටික්කමොසානං පඤ්ඤායති, නො අභික්කමො’’ති?
‘‘න මෙ, භන්තෙ සාරිපුත්ත, ඛමනීයං න යාපනීයං. බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති; අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමො. සෙය්‍යථාපි, භන්තෙ සාරිපුත්ත, බලවා පුරිසො තිණ්හෙන සිඛරෙන මුද්ධනි (මුද්ධානං (සී. ස්‍යා. කං. පී.)) අභිමත්ථෙය්‍ය (අභිමන්ථෙය්‍ය (සී. පී.)); එවමෙව ඛො මෙ, භන්තෙ සාරිපුත්ත, අධිමත්තා වාතා මුද්ධනි (ඔහනන්ති (ස්‍යා. කං.)) ඌහනන්ති (අධිමත්තා වාතා සීලං පරිකන්තන්ති (සී. ස්‍යා. කං.)). න මෙ, භන්තෙ සාරිපුත්ත, ඛමනීයං න යාපනීයං. බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති; අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමො. සෙය්‍යථාපි, භන්තෙ සාරිපුත්ත, බලවා පුරිසො දළ්හෙන වරත්තඛණ්ඩෙන සීසෙ සීසවෙඨං දදෙය්‍ය; එවමෙව ඛො මෙ, භන්තෙ සාරිපුත්ත, අධිමත්තා සීසෙ සීසවෙදනා. න මෙ, භන්තෙ සාරිපුත්ත, ඛමනීයං න යාපනීයං. බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති; අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමො. සෙය්‍යථාපි, භන්තෙ සාරිපුත්ත, දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා තිණ්හෙන ගොවිකන්තනෙන කුච්ඡිං පරිකන්තෙය්‍ය; එවමෙව ඛො මෙ, භන්තෙ සාරිපුත්ත, අධිමත්තා වාතා කුච්ඡිං පරිකන්තන්ති. න මෙ, භන්තෙ සාරිපුත්ත, ඛමනීයං න යාපනීයං. බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති; අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමො. සෙය්‍යථාපි, භන්තෙ සාරිපුත්ත, ද්වෙ බලවන්තො පුරිසා දුබ්බලතරං පුරිසං නානාබාහාසු ගහෙත්වා අඞ්ගාරකාසුයා සන්තාපෙය්‍යුං, සම්පරිතාපෙය්‍යුං; එවමෙව ඛො මෙ, භන්තෙ සාරිපුත්ත, අධිමත්තො කායස්මිං ඩාහො. න මෙ, භන්තෙ සාරිපුත්ත, ඛමනීයං න යාපනීයං. බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති; අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමො’’ති.
384
එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ හැඳ පොරවා පාත්‍ර සිව්රු රැගෙණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්වහන්සේ පශ්චාත් ශ්‍රමණයෙකු කොට (දෙවැන්නකු කොටගෙණ) අනාථපිණ්ඩික ගෘහපතිහුගේ ගෘහය යම් තැනෙක්හිද එතැන්හි එළඹියේය. එළඹ, පනවනලද අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, අනේපිඩු සිටුහුගෙන් “කිමෙක්ද? ගෘහපතිය, නුඹට ඉවසිය හැක්කේද? කිමෙක්ද? යැපිය හැක්කේද? කිමෙක්ද? දුක් වේදනාවෝ අඩුවෙත්ද නැතහොත් වැඩිවෙත්ද, අඩුවීමක් පෙනේද, වැඩිවීමක් පෙනේදැ?යි” ඇසූහ.
“ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය නොහැක්කේය. යැපිය නොහැක්කේය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩිවෙත්. අඩු නොවෙත්. අඩුවීමක් නොපෙනේ. වැඩිවීමම පෙනෙන්නේයයි” කීය. “ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම්සේ බලවත් පුරුෂයෙක් තෙමේ සියුම්වූ විදින කටුවකින් හිස විදින්නේ යම්සේද, ස්වාමීනි, ශාරීපුත්‍රයන් වහන්ස, එපරිද්දෙන්ම වනාහි ඉතා දැඩි වාතයෝ හිස විදින්නාහුය. ස්වාමීනි, මට ඉවසිය නොහැක්කේය. යැපිය නොහැක්කේය. මාගේ දැඩිවූ දුක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩීම පෙනෙන්නේය. අඩුවීම නොපෙනෙන්නේය.
“ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම්සේ බලවත් පුරුෂයෙක් තෙමේ දැඩිවූ වරපට කඩකින් හිසට හිස්වෙළුමක් දෙන්නේ යම්සේද, ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එපරිද්දෙන්ම වනාහි මාගේ හිස දැඩි වාතයෝ හාත්පස සිඳින්නාහුය. ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය නොහැක්කේය. යැපිය නොහැක්කේය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩීම පෙනෙන්නේය. අඩුවීම නොපෙනෙන්නේය. ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම්සේ දක්ෂවූ ගවඝාතකයෙක් හෝ ගවඝාතක අතවැසියෙක් හෝ සියුම්වූ ගෙරි කපන කැත්තෙන් බඩ කපන්නේ වේද, ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එපරිද්දෙන්ම වනාහි දැඩි වාතයෝ කුස හාත්පස කපන්නාහුය. ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය නොහැක්කේය. යැපිය නොහැක්කේය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙත් අඩු නොවෙත්. වැඩීම පෙනෙන්නේය. අඩුවීම නොපෙන්නේය.
“ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම්සේ වනාහි බලවත් පුරුෂයෝ දෙදෙනෙක් ඉතාදුර්වලවූ පුරුෂයෙකු වන වෙනම අත්වලින් අල්වාගෙණ අඟුරු වලෙක්හි තවන්නාහුද නැවත නැවත තවන්නාහුද, ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එපරිද්දෙන්ම ශරීරයෙහි දැඩි දාහය (දැවීම) වේ. ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය නොහැක්කේය. යැපිය නොහැක්කේය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩීම පෙනෙන්නේය. අඩුවීම නොපෙනෙන්නේයයි” (කී.)
385
‘‘තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න චක්ඛුං උපාදියිස්සාමි, න ච මෙ චක්ඛුනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං.
‘‘තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න සොතං උපාදියිස්සාමි, න ච මෙ සොතනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න ඝානං උපාදියිස්සාමි, න ච මෙ ඝානනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න ජිව්හං උපාදියිස්සාමි, න ච මෙ ජිව්හානිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න කායං උපාදියිස්සාමි, න ච මෙ කායනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න මනං උපාදියිස්සාමි, න ච මෙ මනොනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං.
‘‘තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න රූපං උපාදියිස්සාමි, න ච මෙ රූපනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න සද්දං උපාදියිස්සාමි...පෙ.... න ගන්ධං උපාදියිස්සාමි... න රසං උපාදියිස්සාමි... න ඵොට්ඨබ්බං උපාදියිස්සාමි... න ධම්මං උපාදියිස්සාමි න ච මෙ ධම්මනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං.
‘‘තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න චක්ඛුවිඤ්ඤාණං උපාදියිස්සාමි, න ච මෙ චක්ඛුවිඤ්ඤාණනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න සොතවිඤ්ඤාණං උපාදියිස්සාමි... න ඝානවිඤ්ඤාණං උපාදියිස්සාමි... න ජිව්හාවිඤ්ඤාණං උපාදියිස්සාමි... න කායවිඤ්ඤාණං උපාදියිස්සාමි... න මනොවිඤ්ඤාණං උපාදියිස්සාමි න ච මෙ මනොවිඤ්ඤාණනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං.
‘‘තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න චක්ඛුසම්ඵස්සං උපාදියිස්සාමි, න ච මෙ චක්ඛුසම්ඵස්සනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න සොතසම්ඵස්සං උපාදියිස්සාමි... න ඝානසම්ඵස්සං උපාදියිස්සාමි... න ජිව්හාසම්ඵස්සං උපාදියිස්සාමි... න කායසම්ඵස්සං උපාදියිස්සාමි... න මනොසම්ඵස්සං උපාදියිස්සාමි, න ච මෙ මනොසම්ඵස්සනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං.
‘‘තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න චක්ඛුසම්ඵස්සජං වෙදනං උපාදියිස්සාමි, න ච මෙ චක්ඛුසම්ඵස්සජාවෙදනානිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ , ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න සොතසම්ඵස්සජං වෙදනං උපාදියිස්සාමි... න ඝානසම්ඵස්සජං වෙදනං උපාදියිස්සාමි... න ජිව්හාසම්ඵස්සජං වෙදනං උපාදියිස්සාමි... න කායසම්ඵස්සජං වෙදනං උපාදියිස්සාමි... න මනොසම්ඵස්සජං වෙදනං උපාදියිස්සාමි, න ච මෙ මනොසම්ඵස්සජාවෙදනානිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං.
385
“ගෘහපතිය, එසේනම් මේ කාරණයෙහිලා ඔබ විසින් මෙසේ හික්මිය යුත්තේය. ඇස මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ඇස ඇසුරු කළාවූ විඥානයෙක් නොවන්නේයයි, ගෘහපතිය, නුඹ විසින් මේ ආකාරයෙන් හික්මිය යුත්තේය.’ ගෘහපතිය, එහෙයින් නුඹ විසින් මේ කාරණයෙහිලා මෙසේ හික්මිය යුත්තේය. කණ මමය මාගේයයි නොගන්නෙමි. මාගේ කණ ඇසුරුකළාවූ විඥානයක් නොවන්නේයයි ගෘහපතිය, නුඹ විසින් මෙසේ හික්මිය යුත්තේය. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. නාසය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ නාසය ඇසුරු කළාවූ විඥානයක්ද නොවන්නේයයි, ගෘහපතිය මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. දිව මමය මාගේයයි නොගන්නෙමි. මාගේ දිව ඇසුරු කළාවූ, විඤ්ඤාණයක් නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. කය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ කය ඇසුරු කළාවූ විඤ්ඤාණයක් නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. සිත මමය මාගේයයි නොගන්නෙමි. මාගේ සිත ඇසුරු කළාවූ විඤ්ඤාණයක් නොවන්නේයයි ගෘහපතිය මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි.
“ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. රූපය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ රූපය ඇසුරු කළාවූ, විඤ්ඤාණයක් නොවන්නේයයි ගෘහපතිය, නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ශබ්දය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ශබ්දය ඇසුරු කළාවූ විඤ්ඤාණයක් නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ගන්ධය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ගන්ධය ඇසුරුකළාවූ, විඤ්ඤාණයක් නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. රසය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ‘රසය’ ඇසුරු කළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ස්පර්ශය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ‘ස්පර්ශ කළයුත්ත’ ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ධර්මාරමුණු මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ධර්මය ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි.
“ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ඇස පිළිබඳ විඤ්ඤාණය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ඇස පිළිබඳ විඤ්ඤාණය ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. කණ පිළිබඳ විඤ්ඤාණය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ කණ පිළිබඳ විඤ්ඤාණය ඇසුරු කළාවූ විඤ්ඤාණය නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. නාසය පිළිබඳ විඤ්ඤාණය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ නාසය පිළිබඳ විඤ්ඤාණය ඇසුරුකළාවූ, විඤ්ඤාණය නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. දිව පිළිබඳ විඤ්ඤාණය මමය මගේයයි නොගන්නෙමි. මාගේ දිව පිළිබඳ විඤ්ඤාණය ඇසුරු කළාවූ විඤ්ඤාණය නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. කය පිළිබඳ විඤ්ඤාණය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ කය පිළිබඳ විඤ්ඤාණය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ කය පිළිබඳ විඤ්ඤාණය ඇසුරුකළාවූ, විඤ්ඤාණය නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. සිත පිළිබඳ විඤ්ඤාණය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ සිත පිළිබඳ විඤ්ඤාණය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ සිත සිත පිළිබඳ විඤ්ඤාණය ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි.
“ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ඇස පිළිබඳ ස්පර්ශය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ඇස පිළිබඳ ස්පර්ශය ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. කණ පිළිබඳවූ ස්පර්ශය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ කණ පිළිබඳ ස්පර්ශය ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. නාසය පිළිබඳවූ ස්පර්ශය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ නාසය පිළිබඳ ස්පර්ශය ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. දිව පිළිබඳවූ ස්පර්ශය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ දිව පිළිබඳ ස්පර්ශය ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. කය පිළිබඳවූ ස්පර්ශය මමය. මාගේයයි නොගන්නෙමි. මාගේ කය පිළිබඳ ස්පර්ශය ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. සිත පිළිබඳවූ ස්පර්ශය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ සිත පිළිබඳවූ ස්පර්ශය ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි.
“ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ඇස පිළිබඳ ස්පර්ශයෙන් හටගත්තාවූ වේදනාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ ඇස පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. කණ පිළිබඳ ස්පර්ශයෙන් හටගත්තාවූ වේදනාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ කණ පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. නාසය පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ නාසය පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. දිව පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ දිව පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව ඇසුරු කළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. කය පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ කය පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව ඇසුරුකළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. සිත පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ සිත පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි.
386
‘‘තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න පථවීධාතුං උපාදියිස්සාමි, න ච මෙ පථවීධාතුනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න ආපොධාතුං උපාදියිස්සාමි... න තෙජොධාතුං උපාදියිස්සාමි... න වායොධාතුං උපාදියිස්සාමි... න ආකාසධාතුං උපාදියිස්සාමි... න විඤ්ඤාණධාතුං උපාදියිස්සාමි, න ච මෙ විඤ්ඤාණධාතුනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං.
‘‘තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න රූපං උපාදියිස්සාමි, න ච මෙ රූපනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න වෙදනං උපාදියිස්සාමි... න සඤ්ඤං උපාදියිස්සාමි... න සඞ්ඛාරෙ උපාදියිස්සාමි... න විඤ්ඤාණං උපාදියිස්සාමි, න ච මෙ විඤ්ඤාණනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං.
‘‘තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න ආකාසානඤ්චායතනං උපාදියිස්සාමි , න ච මෙ ආකාසානඤ්චායතනනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති . එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න විඤ්ඤාණඤ්චායතනං උපාදියිස්සාමි... න ආකිඤ්චඤ්ඤායතනං උපාදියිස්සාමි... න නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපාදියිස්සාමි න ච මෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං.
‘‘තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න ඉධලොකං උපාදියිස්සාමි, න ච මෙ ඉධලොකනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න පරලොකං උපාදියිස්සාමි, න ච මෙ පරලොකනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘යම්පි මෙ දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුපරියෙසිතං අනුචරිතං මනසා තම්පි න උපාදියිස්සාමි, න ච මෙ තංනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බ’’න්ති.
386
“එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි පඨවි ධාතුව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ පඨවි ධාතුව ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ආපො ධාතුව මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ආපොධාතුව ඇසුරුකළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. තෙජොධාතුව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ තෙජොධාතුව ඇසුරුකළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. වායොධාතුව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ වායොධාතුව ඇසුරුකළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ආකාශ ධාතුව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ ආකාසධාතුව ඇසුරුකළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. විඤ්ඤාණධාතුව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ විඤ්ඤාණධාතුව ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි.
“එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. රූපය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ රූපය ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. වේදනාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ වේදනාව ඇසුරුකළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. සංඥාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ සංඥාව ඇසුරුකළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. සංස්කාරයන් මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ සංස්කාරයන් ඇසුරුකළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. විඤ්ඤාණය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ විඤ්ඤාණය ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි.
“ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මියයුතු ආකාශානඤ්චායතනය මමය මගේයයි නොගන්නෙමි. මාගේ ආකාසානඤ්චායතනය ඇසුරු කළාවූ විඥාණයද වෙන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. විඤ්ඤාණඤ්චායතනය මමය මගේයයි නොගන්නෙමි. මාගේ විඤ්ඤාණඤ්චායතනය ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් තොප විසින් මෙසේ හික්මිය යුතුයි. ආකිඤ්චඤ්ඤායතනය, මමය මගේයයි නොගන්නෙමි. මාගේ ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය මමය මගේයයි නොගන්නෙමි. මාගේ නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය ඇසුරු කළාවූ විඥානයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි.
“ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. මෙලොව කිසිවක් මමය මාගේයයි නොගන්නෙමි. මාගේ මෙලොව කිසිවක් ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. පරලොව කිසිවක් මමය මාගේයයි නොගන්නෙමි. මාගේ පරලොව කිසිවක් ඇසුරු කළාවූ විඥානයද නොවන්නේයයි. ගෘහපතිය, නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි.
“ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. යම් මේ දක්නාලද අසනලද ආඝ්‍රාණය කරනලද රස විඳිනලද ස්පර්ශ කරනලද සිතින් දැනගන්නාලද සොයන ලද හැසිරෙනලද දෙයකුත් වේද, ඒ සියල්ලද මමය මාගේ යයි නොගන්නෙමි. එය ඇසුරු කළාවූ මාගේ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයයි” වදාළේය.
387
එවං වුත්තෙ, අනාථපිණ්ඩිකො ගහපති පරොදි, අස්සූනි පවත්තෙසි. අථ ඛො ආයස්මා ආනන්දො අනාථපිණ්ඩිකං ගහපතිං එතදවොච - ‘‘ඔලීයසි ඛො ත්වං, ගහපති, සංසීදසි ඛො ත්වං, ගහපතී’’ති? ‘‘නාහං, භන්තෙ ආනන්ද, ඔලීයාමි, නපි සංසීදාමි; අපි ච මෙ දීඝරත්තං සත්ථා පයිරුපාසිතො මනොභාවනීයා ච භික්ඛූ; න ච මෙ එවරූපී ධම්මී කථා සුතපුබ්බා’’ති. ‘‘න ඛො, ගහපති, ගිහීනං ඔදාතවසනානං එවරූපී ධම්මී කථා පටිභාති; පබ්බජිතානං ඛො, ගහපති, එවරූපී ධම්මී කථා පටිභාතී’’ති. ‘‘තෙන හි, භන්තෙ සාරිපුත්ත, ගිහීනම්පි ඔදාතවසනානං එවරූපී ධම්මී කථා පටිභාතු. සන්ති හි, භන්තෙ, කුලපුත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවනතා ධම්මස්ස පරිහායන්ති; භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො’’ති.
අථ ඛො ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච ආනන්දො අනාථපිණ්ඩිකං ගහපතිං ඉමිනා ඔවාදෙන ඔවදිත්වා උට්ඨායාසනා පක්කමිංසු. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති, අචිරපක්කන්තෙ ආයස්මන්තෙ ච සාරිපුත්තෙ ආයස්මන්තෙ ච ආනන්දෙ , කාලමකාසි තුසිතං කායං උපපජ්ජි. අථ ඛො අනාථපිණ්ඩිකො දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ජ්ඨිතො ඛො අනාථපිණ්ඩිකො දෙවපුත්තො භගවන්තං ගාථාහි අජ්ඣභාසි -
‘‘ඉදඤ්හි තං ජෙතවනං, ඉසිසඞ්ඝනිසෙවිතං;
ආවුත්ථං ධම්මරාජෙන, පීතිසඤ්ජනනං මම.
‘‘කම්මං විජ්ජා ච ධම්මො ච, සීලං ජීවිතමුත්තමං;
එතෙන මච්චා සුජ්ඣන්ති, න ගොත්තෙන ධනෙන වා.
‘‘තස්මා හි පණ්ඩිතො පොසො, සම්පස්සං අත්ථමත්තනො;
යොනිසො විචිනෙ ධම්මං, එවං තත්ථ විසුජ්ඣති.
‘‘සාරිපුත්තොව පඤ්ඤාය, සීලෙන උපසමෙන;
යොපි පාරඞ්ගතො භික්ඛු, එතාවපරමො සියා’’ති.
ඉදමවොච අනාථපිණ්ඩිකො දෙවපුත්තො. සමනුඤ්ඤො සත්ථා අහොසි. අථ ඛො අනාථපිණ්ඩිකො දෙවපුත්තො - ‘‘සමනුඤ්ඤො මෙ සත්ථා’’ති භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
387
මෙසේ කීකල්හි අනාථපිණ්ඩික ගෘහපතිතෙම හැඬූයේය. කඳුළු වැගිර වූයේය. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම අනේපිඩු සිටුහුට “ගෘහපතිය, නුඹ වනාහි සම්පත්තීන්හි ඇලෙන්නෙහිද? ගෘහපතිය, නුඹ වනාහි සම්පත්තීන්හි ගැලෙන්නෙහි දැයි” ඇසීය.
“ස්වාමීනි, ආනන්දස්ථවිරයන් වහන්ස, මම සම්පත්තීන්හි නොඇලෙන්නෙමි, නොගැලෙන්නෙමි. එතකුදු වූවත් මා විසින් බොහෝ කලක් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරන ලද්දේය. සිත දියුණු කළාවූ භික්ෂූහුද ඇසුරු කරණ ලද්දාහ. මාවිසින් මෙබඳු ධර්ම කථාවක් නොඅසනලදැයි” (කීයේය).
“ගෘහපතිය, සුදුවත් හඳනාවූ ගිහිවූවන්ට මෙබඳු ධර්මකථා නොවැටහේ. ගෘහපතිය, පැවිද්දන්ට වනාහි මෙබඳු ධර්ම කථා වැටහේයයි” කීය.
“ස්වාමීනි, ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එසේ වීනම් සුදුවත් හඳනාවූ ගිහිවූවන්ටද මෙබඳු ධර්ම කථා දේශනා කෙරේවා. ස්වාමීනි, ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ස්වල්ප කෙලෙස් සහගතවූ කුලපුත්‍රයෝ ඇත්තාහුමය, ධර්මය නොඇසීම හේතුකොටගෙන ඔව්හු පිරිහෙන්නාහුය. ධර්මය දැනගන්නාහු වන්නාහුයයි” කීය. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද, අනේපිඩු සිටුහට මේ අවවාදයෙන් අවවාද කොට හුනස්නෙන් නැගිට වැඩියාහුය. ඉක්බිති අනේපිඩු සිටුතෙම ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද, වැඩිය නොබෝ කලකින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු තුසිත දිව්‍යලෝකයට උත්පත්ති වශයෙන් පැමිණියේය.
“එකල්හි අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රතෙම ඉක්ම ගියාවූ රාත්‍රියෙහි බබළන වර්ණ ඇත්තේ සියලු ජේතවනාරාමය ආලෝක කොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසක සිටියේය. එකත් පසක සිටියාවූ අනාථපිණ්ඩික නම් දිව්‍ය පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට ගාථාවලින් (මෙය) කීයේය.
[1] “ඍෂි සමූහයා විසින් නිතර සේවනය කරණ ලද්දාවූ ධර්මරාජන්වූ භාග්‍යවතුන් වහන්සේ විසින් වැඩ වසන ලද්දාවූ ඒ මේ ජේතවනාරාමය මට ප්‍රීති උපද වන්නක් වේ.
[2] “(මාර්ග චේතනාවූ) කර්මයද (මාර්ග ප්‍රඥාවවූ) විද්‍යාවද (සමාධිය පාක්ෂිකවූ) කර්මයද ශීලයෙන් යුක්තවූ උතුම් ජීවිතයද, යන මෙයින් සත්වයෝ පිරිසිදු වෙත්. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ පිරිසිදු නොවෙත්.
[3] “එහෙයින් තමහට වැඩ කැමැත්තාවූ නුවණැති පුරුෂතෙම ධර්මය නුවණින් සොයන්නේය. මෙසේ ඒ ආර්‍ය්‍ය මාර්ගයෙන් පිරිසිදුවේ.
[4] “ප්‍රඥාවෙන්ද, ශීලයෙන්ද, සංසිඳීමෙන්ද ශාරිපුත්‍ර ස්ථවිරතෙමේම ප්‍රධානවේ. යම් භික්ෂුවක් වනාහි පරතෙරට ගියේවේද (නිවණට ගියේවේද) ඒ සියල්ලන්ට වඩා මේ සැරියුත් තෙරුන් වහන්සේම උතුම් වන්නේය” යනුයි.
අනාථ පිණ්ඩික නම් දිව්‍යපුත්‍රතෙම මෙය ප්‍රකාශ කෙළේය. ශාස්තෲන් වහන්සේ අනුමත කළසේක. ඉක්බිති අනාථ පිණ්ඩික නම් දිව්‍යපුත්‍රතෙම “ශාස්තෲන් වහන්සේ මාගේ කීම අනුමත කළසේකැයි” භාග්‍යවතුන් වහන්සේට වැඳ ප්‍රදක්ෂිණාකොට එහිම අතුරුදහන් වූයේය.
388
අථ ඛො භගවා තස්සා රත්තියා අච්චයෙන භික්ඛූ ආමන්තෙසි - ‘‘ඉමං, භික්ඛවෙ, රත්තිං අඤ්ඤතරො දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සො දෙවපුත්තො මං ගාථාහි අජ්ඣභාසි -
‘‘ඉදඤ්හි තං ජෙතවනං, ඉසිසඞ්ඝනිසෙවිතං;
ආවුත්ථං ධම්මරාජෙන, පීතිසඤ්ජනනං මම.
‘‘කම්මං විජ්ජා ච ධම්මො ච, සීලං ජීවිතමුත්තමං;
එතෙන මච්චා සුජ්ඣන්ති, න ගොත්තෙන ධනෙන වා.
‘‘තස්මා හි පණ්ඩිතො පොසො, සම්පස්සං අත්ථමත්තනො;
යොනිසො විචිනෙ ධම්මං, එවං තත්ථ විසුජ්ඣති.
‘‘සාරිපුත්තොව පඤ්ඤාය, සීලෙන උපසමෙන;
යොපි පාරඞ්ගතො භික්ඛු, එතාවපරමො සියා’’ති.
‘‘ඉදමවොච , භික්ඛවෙ, සො දෙවපුත්තො. ‘සමනුඤ්ඤො මෙ සත්ථා’ති මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායී’’ති.
එවං වුත්තෙ, ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘සො හි නූන සො, භන්තෙ, අනාථපිණ්ඩිකො දෙවපුත්තො භවිස්සති. අනාථපිණ්ඩිකො, භන්තෙ, ගහපති ආයස්මන්තෙ සාරිපුත්තෙ අභිප්පසන්නො අහොසී’’ති. ‘‘සාධු, සාධු, ආනන්ද! යාවතකං ඛො, ආනන්ද, තක්කාය පත්තබ්බං, අනුප්පත්තං තං තයා. අනාථපිණ්ඩිකො සො, ආනන්ද, දෙවපුත්තො’’ති.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
388
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිහුගේ ඉක්මීමෙන් භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. “මහණෙනි, මේ රාත්‍රියෙහි එක්තරා දිව්‍යපුත්‍රයෙක් ඉක්ම ගියාවූ රාත්‍රිය ඇති කල්හි බබළන ශරීර වර්ණය ඇත්තේ සියලු ජේතවනාරාමය බබුළුවා මම යම් තැනෙක්හිද, එතැනට එළඹුණේය. එළඹ මට වැඳ එකත්පස්ව සිටියේය. මහණෙනි, එකත්පස්ව සිටියාවූ ඒ දිව්‍යපුත්‍ර තෙම මට ගාථාවලින් මෙසේ කීයේය,
[1] “ඍෂි සමූහයා විසින් නිතර සේවනය කරන ලද්දාවූ, ධර්මරාජන්වූ භාග්‍යවතුන් වහන්සේ විසින් වැඩ වසන ලද්දාවූ ඒ මේ ජේතවනාරාමය මට ප්‍රීති උපද වන්නක්වේ.
[2] “(මාර්ග චේතනාවූ) ධර්මයද, (මාර්ග ප්‍රඥාවවූ) වීද්‍යාවද, (සමාධිපාක්ෂිකවූ) කර්මයද, ශීලයෙන් යුක්තවූ උතුම් ජීවිතයද යන මෙයින් සත්වයෝ පිරිසිදුවෙත්. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ පිරිසිදු නොවෙත්.
[3] “එහෙයින් තමහට වැඩ කැමැත්තාවූ, නුවණ ඇති පුරුෂතෙම ධර්මය නුවණින් සොයන්නේය. මෙසේ ආර්‍ය්‍ය මාර්ගයෙන් පිරිසිදුවේ.
[4] ප්‍රඥාවෙන්ද, ශීලයෙන්ද, සංසිඳීමෙන්ද ශාරිපුත්‍රයන්ම ප්‍රධානවේ. යම් භික්ෂුවක් වනාහි පරතෙරට ගියේ වේද මේ සැරියුත් තෙරුන් වහන්සේම ප්‍රධාන වන්නාහ.
“මහණෙනි, ඒ දිව්‍යපුත්‍රතෙම ශාස්තෲන් වහන්සේ මාගේ වචනය අනුමත කළසේකැයි මට වැඳ ප්‍රදක්ෂිණා කොට එහිම අතුරුදහන්වීයයි.”
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය. “ස්වාමීනි, ඒ මේ දිව්‍යපුත්‍රතෙමේ වනාහි ඒකාන්තයෙන් අනාථපිණ්ඩික නම් දිව්‍යපුත්‍රතෙම වන්නේය. ස්වාමිනි, අනාථපිණ්ඩික ගෘහපතිතෙම ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් කෙරෙහි අචලවූ ප්‍රසාද ඇත්තෙක් වූයේය” කියායි.
“ආනන්දය, යහපත, යහපත, ආනන්දය, යම්තාක්ම කල්පනා කිරීමෙන් පැමිණිය යුතුද ඒතාක්ම නුඹ විසින් පැමිණෙන ලද්දේය. ආනන්දය, හෙතෙම අනාථපිණ්ඩික නම් දිව්‍යපුත්‍රයාවේ. අනිකෙක් නොවේයයි” වදාළේය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටුවූ සිත් ඇති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය.
2. ඡන්නොවාදසුත්තං 2. ඡන්නොවාද සූත්‍රය
3. පුණ්ණොවාදසුත්තං 3. පුණ්ණොවාද සූත්‍රය
4. නන්දකොවාදසුත්තං 4. නන්දකොවාද සූත්‍රය
5. චූළරාහුලොවාදසුත්තං 5. චූල රාහුලොවාද සූත්‍රය
6. ඡඡක්කසුත්තං 6. ඡඡක්ක සූත්‍රය
7. මහාසළායතනිකසුත්තං 7. මහාසළායතන සූත්‍රය
8. නගරවින්දෙය්‍යසුත්තං 8. නගරවින්දෙය්‍ය සූත්‍රය
9. පිණ්ඩපාතපාරිසුද්ධිසුත්තං 9. පිණ්ඩපාත පාරිශුද්ධි සූත්‍රය
10. ඉන්ද්‍රියභාවනාසුත්තං 10. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය