ත්‍රිපිටකය
4. විභඞ්ගවග්ගො 4. විභංග වර්ගය
1. භද්දෙකරත්තසුත්තං 1. භද්දෙකරත්ත සූත්‍රය
2. ආනන්දභද්දෙකරත්තසුත්තං 2. ආනන්ද භද්දෙකරත්ත සූත්‍රය
3. මහාකච්චානභද්දෙකරත්තසුත්තං 3. මහා කච්චායන භද්දේකරත්ත සූත්‍රය
4. ලොමසකඞ්ගියභද්දෙකරත්තසුත්තං 4. ලොමසකඩ්ගිය භද්දෙකරත්ත සූත්‍රය
5. චූළකම්මවිභඞ්ගසුත්තං (සුභසුත්තන්තිපි වුච්චති) 5. චූලකම්ම විභංග සූත්‍රය
6. මහාකම්මවිභඞ්ගසුත්තං 6. මහාකම්ම විභංග සූත්‍රය
7. සළායතනවිභඞ්ගසුත්තං 7. සළායතන විභංග සූත්‍රය
304
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච - ‘‘සළායතනවිභඞ්ගං වො, භික්ඛවෙ, දෙසෙස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ; භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘‘ඡ අජ්ඣත්තිකානි ආයතනානි වෙදිතබ්බානි, ඡ බාහිරානි ආයතනානි වෙදිතබ්බානි, ඡ විඤ්ඤාණකායා වෙදිතබ්බා, ඡ ඵස්සකායා වෙදිතබ්බා, අට්ඨාරස මනොපවිචාරා වෙදිතබ්බා, ඡත්තිංස සත්තපදා වෙදිතබ්බා, තත්‍ර ඉදං නිස්සාය ඉදං පජහථ, තයො සතිපට්ඨානා යදරියො සෙවති යදරියො සෙවමානො සත්ථා ගණමනුසාසිතුමරහති, සො වුච්චති යොග්ගාචරියානං (යොගාචරියානං (ක.)) අනුත්තරො පුරිසදම්මසාරථී’ති - අයමුද්දෙසො සළායතනවිභඞ්ගස්ස.
304
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඬු මහසිටුහුගේ ආරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට “මහණෙනි” කියා ආමන්ත්‍රණය කළසේක. “පින්වතුන් වහන්සැයි,” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය. “මහණෙනි, ෂඩායතනයන්ගේ විස්තර තොපට දේශනා කරන්නෙමි. එය අසව් යහපත්කොට මෙනෙහි කරව්. කියන්නෙමි” යනුයි. “එසේය ස්වාමීනියි” ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“ආධ්‍යාත්මික ආයතන සයක් (විදර්ශනා සහිත මාර්ග ඥානයෙන්) දතයුතුය. බාහිර ආයතන සයක් දතයුතුය විඤ්ඤාණ කාය සයක් දතයුතුය. ස්පර්ශ කාය සයක් දතයුතුය. මනොපවිචාර (විතර්ක විචාර) අටළොසක් දත යුතුය. සත්ව පද සතිසක් දතයුතුය. එහි මෙය නිසා මෙය දුරුකරව්. ආර්‍ය්‍යතෙම යම් සතිපට්ඨාන තුනක් සේවනය කෙරේද, යම් සතිපට්ඨාන තුනක් සේවනය කරන්නාවූ ආර්‍ය්‍යවූ ශාස්තෘතෙම සමූහයාට අනුශාසනා කරන්ට සුදුසුවෙයි. හෙතෙම දමනය කළයුත්තවුන් දමනය කරන්නවුන් අතුරෙන් නිරුත්තරවූ පුරිසදම්මසාරථි යයි කියනු ලැබේ. මෙය සළායතන විභංගයාගේ උද්දේස යයි. (මාතෘකාවයි.)
305
‘‘‘ඡ අජ්ඣත්තිකානි ආයතනානි වෙදිතබ්බානී’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? ‘චක්ඛායතනං සොතායතනං ඝානායතනං ජිව්හායතනං කායායතනං මනායතනං - ඡ අජ්ඣත්තිකානි ආයතනානි වෙදිතබ්බානී’ති - ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
‘‘‘ඡ බාහිරානි ආයතනානි වෙදිතබ්බානී’ති - ඉති ඛො පනෙතං වුත්තං . කිඤ්චෙතං පටිච්ච වුත්තං? ‘රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං ධම්මායතනං - ඡ බාහිරානි ආයතනානි වෙදිතබ්බානී’ති - ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
‘‘‘ඡ විඤ්ඤාණකායා වෙදිතබ්බා’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? ‘චක්ඛුවිඤ්ඤාණං සොතවිඤ්ඤාණං ඝානවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණං කායවිඤ්ඤාණං මනොවිඤ්ඤාණං - ඡ විඤ්ඤාණකායා වෙදිතබ්බා’ති - ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
‘‘‘ඡ ඵස්සකායා වෙදිතබ්බා’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? ‘චක්ඛුසම්ඵස්සො සොතසම්ඵස්සො ඝානසම්ඵස්සො ජිව්හාසම්ඵස්සො කායසම්ඵස්සො මනොසම්ඵස්සො - ඡ ඵස්සකායා වෙදිතබ්බා’ති - ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
‘‘‘අට්ඨාරස මනොපවිචාරා වෙදිතබ්බා’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? ‘චක්ඛුනා රූපං දිස්වා සොමනස්සට්ඨානීයං රූපං උපවිචරති, දොමනස්සට්ඨානීයං රූපං උපවිචරති, උපෙක්ඛාට්ඨානීයං රූපං උපවිචරති. සොතෙන සද්දං සුත්වා...පෙ.... ඝානෙන ගන්ධං ඝායිත්වා... ජිව්හාය රසං සායිත්වා... කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා... මනසා ධම්මං විඤ්ඤාය සොමනස්සට්ඨානීයං ධම්මං උපවිචරති, දොමනස්සට්ඨානීයං ධම්මං උපවිචරති, උපෙක්ඛාට්ඨානීයං ධම්මං උපවිචරති. ඉති ඡ සොමනස්සූපවිචාරා, ඡ දොමනස්සූපවිචාරා, ඡ උපෙක්ඛූපවිචාරා, අට්ඨාරස මනොපවිචාරා වෙදිතබ්බා’ති - ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
305
“ආධ්‍යාත්මිකවූ ආයතන සයක් දතයුතුයයි, මෙසේ වනාහි මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? චක්ඛායතනය, සොතායතනය, ඝානායතනය, ජිව්හායතනය කායායතනය, මනායතනය, යන මොහුයි. ආධ්‍යාත්මිකවූ ආයතන සයක් දතයුතුයයි. මෙසේ ඒ යමක් කියන ලද නම් එය මේ සඳහා කියන ලදී. බාහිර ආයතන සයක් දත යුතුයයි, මෙසේ වනාහි මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? රූපායතනය සද්දායතනය, ගන්ධායතනය, රසායතනය, පොට්ඪබ්බායතනය, ධම්මායතනය, යන මොහුයි. බාහිරවූ ආයතන සයක් දතයුතුයයි, මෙසේ ඒ යමක් කියනලද නම් එය මේ සඳහා කියනලදී. විඤ්ඤාණ කාය සයක් දතයුතුයයි, මෙසේ වනාහි මේ කියනලදී. කුමක් සඳහා මෙය කියනලදද? චක්ඛු විඤ්ඤාණය, සොත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනො විඤ්ඤාණය, යන මොහුයි. විඤ්ඤාණ කාය සයක් දතයුතුයයි, මෙසේ ඒ යමක් කියන ලදද? එය මේ සඳහා කියනලදී.
“පොට්ඪබ්බකාය සයක් දතයුතුයයි, මෙසේ වනාහි මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියනලදද? චක්ඛුසම්ඵස්සය, සොත සම්ඵස්සය, ඝාන සම්ඵස්සය, ජිව්හා සම්ඵස්සය, කාය සම්ඵස්සය මනො සම්ඵස්සය, යන මොහුය. ඵස්ස කාය සයක් දත යුතුයයි මෙසේ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.
“මනොපවිචාර (විතර්කවිචාරයෝ) අටළොසක් දතයුතු යයි, මෙසේ වනාහි මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියනලදද? ඇසින් රූපයක් දැක සොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි. උපෙක්ෂාවට කරුණුවූ රූපය අනුව හැසිරෙයි. කණින් ශබ්දය අසා සොම්නසට කරුණුවූ, ශබ්දය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ, ශබ්දය අනුව හැසිරෙයි. මැදහත් බවට කරුණුවූ, ශබ්දය අනුව හැසිරෙයි. නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට සොම්නසට කරුණුවූ, ගන්ධය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ, ගන්ධය අනුව හැසිරෙයි. මැදහත් බවට කරුණුවූ, ගන්ධය අනුව හැසිරෙයි. දිවෙන් රසය විඳ සොම්නසට කරුණුවූ, රසය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ, රසය අනුව හැසිරෙයි. මැදහත් බවට කරුණුවූ, රසය අනුව හැසිරෙයි. කයින් ස්පර්ශ කළයුත්ත ස්පර්ශකොට සොම්නසට කරුණුවූ ධර්මාරමුණ අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ, ධර්මාරමුණ අනුව හැසිරෙයි. මැදහත් බවට කරුණුවූ ධර්මාරමුණ අනුව හැසිරෙයි. සිතින් ධර්මය දැන සොම්නසට කරුණුවූ ධර්මය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ, ධර්මය අනුව හැසිරෙයි. උපෙක්ෂාවට කරුණුවූ, ධර්මය අනුව හැසිරෙයි. මෙසේ සොමනස්සුපවිචාරයෝ සයක්ද, දොමනස්සුප විචාරයෝ සයක්ද, උපෙක්ෂොපවිචාරයෝ සයක්ද යන මනොපවිචාරයෝ අටළොසක් දතයුතුයයි. මෙසේ ඒ යමක් කියන ලද නම් එය මේ සඳහා කියනලදී.
306
‘‘‘ඡත්තිංස සත්තපදා වෙදිතබ්බා’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? ඡ ගෙහසිතානි (ගෙහස්සිතානි (?)) සොමනස්සානි, ඡ නෙක්ඛම්මසිතානි (නෙක්ඛම්මස්සිතානි (ටීකා)) සොමනස්සානි, ඡ ගෙහසිතානි දොමනස්සානි, ඡ නෙක්ඛම්මසිතානි දොමනස්සානි, ඡ ගෙහසිතා උපෙක්ඛා, ඡ නෙක්ඛම්මසිතා උපෙක්ඛා. තත්ථ කතමානි ඡ ගෙහසිතානි සොමනස්සානි? චක්ඛුවිඤ්ඤෙය්‍යානං රූපානං ඉට්ඨානං කන්තානං මනාපානං මනොරමානං ලොකාමිසපටිසංයුත්තානං පටිලාභං වා පටිලාභතො සමනුපස්සතො පුබ්බෙ වා පටිලද්ධපුබ්බං අතීතං නිරුද්ධං විපරිණතං සමනුස්සරතො උප්පජ්ජති සොමනස්සං. යං එවරූපං සොමනස්සං ඉදං වුච්චති ගෙහසිතං සොමනස්සං. සොතවිඤ්ඤෙය්‍යානං සද්දානං... ඝානවිඤ්ඤෙය්‍යානං ගන්ධානං... ජිව්හාවිඤ්ඤෙය්‍යානං රසානං... කායවිඤ්ඤෙය්‍යානං ඵොට්ඨබ්බානං... මනොවිඤ්ඤෙය්‍යානං ධම්මානං ඉට්ඨානං කන්තානං මනාපානං...පෙ.... සොමනස්සං. යං එවරූපං සොමනස්සං ඉදං වුච්චති ගෙහසිතං සොමනස්සං. ඉමානි ඡ ගෙහසිතානි සොමනස්සානි.
‘‘තත්ථ කතමානි ඡ නෙක්ඛම්මසිතානි සොමනස්සානි? රූපානංත්වෙව අනිච්චතං විදිත්වා විපරිණාමවිරාගනිරොධං (විපරිණාමං විරාගං නිරොධං (ක.)), ‘පුබ්බෙ චෙව රූපා එතරහි ච සබ්බෙ තෙ රූපා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො උප්පජ්ජති සොමනස්සං. යං එවරූපං සොමනස්සං ඉදං වුච්චති නෙක්ඛම්මසිතං සොමනස්සං. සද්දානංත්වෙව... ගන්ධානංත්වෙව... රසානංත්වෙව... ඵොට්ඨබ්බානංත්වෙව... ධම්මානංත්වෙ අනිච්චතං විදිත්වා විපරිණාමවිරාගනිරොධං, ‘පුබ්බෙ චෙව ධම්මා එතරහි ච සබ්බෙ තෙ ධම්මා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො උප්පජ්ජති සොමනස්සං. යං එවරූපං සොමනස්සං ඉදං වුච්චති නෙක්ඛම්මසිතං සොමනස්සං. ඉමානි ඡ නෙක්ඛම්මසිතානි සොමනස්සානි.
306
“සත්වයන්ගේ පදයෝ (වට්ටවිවට්ට වශයෙන් සත්වයන්ගේ පැවැත්මට හේතු) සතිසක් දත යුතුයයි, මෙසේ වනාහි මේ කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෙහසිතවූ (පස්කම්ගුණ ඇසුරු කළාවූ) සොමනස්සයෝ සයක් වෙත්. නෛෂ්ක්‍රම්‍ය ඇසුරුකළාවූ (විදර්ශනාව ඇසුරු කළාවූ) සොමනස්සයෝ සයක් වෙත්. ගෙහසිතවූ දොමනස්සයෝ සයක් වෙත්. නෛෂ්ක්‍රම්‍ය ඇසුරු කළාවූ දොමනස්සයෝ සයක් වෙත්. කාම ගුණයන් ඇසුරු කළාවූ උපෙක්ෂා සයක් වෙත්. නෛෂක්‍රම්‍යය ඇසුරු කළාවූ උපෙක්ෂා සයක් වෙත්. එහි කාම ගුණයන් ඇසුරු කළාවූ සොම්නස් හය කවරහුද? චක්ෂුර්විඥානයෙන් දතයුතුවූ කැමතිවූ මනාපවූ සිත සතුටු කරන්නාවූ තෘෂ්ණාවෙන් යුක්තවූ රූපයන්ගේ ලැබීම ලාභයක් වශයෙන් සලකන්නාහටද පූර්වයෙහි ලබන ලද ඉකුත්වූ නිරුද්ධවූ වෙනස්වූ (රූපය) සිහි කරන්නහුටද සොම්නසක් උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය ගෙහසිත (කාම ගුණයන් ඇසුරු කළාවූ) සොම්නසයයි කියනු ලැබේ. සොත විඥානයෙන් දතයුතුවූ කැමැති වන්නාවූ, මන වඩන්නාවූ, සතුටු වන්නාවූ, ලෝකාමිෂ සංඛ්‍යාත තෘෂ්ණාවෙන් යුක්තවූ, ශබ්දයන්ගේ ලැබීම හෝ ලැබීම් වශයෙන් දක්නහුටද පූර්වයෙහි හෝ ලබන ලද ඉකුත්වූ, නිරුද්ධවූ, වෙනස්වූ, (ශබ්දය) සිහි කරන්නහුටද සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය කාම ගුණයන් ඇසුරු කළාවූ, සොම්නසයයි කියනු ලැබේ. ඝාණවිඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්ධයන්ගේ (ගන්ධය) කැමැති වන්නාවූ, මන වඩන්නාවූ, සතුටු වන්නාවූ ලෝකාමිෂ සංඛ්‍යාත තෘෂ්ණාවෙන් යුක්තවූ, ගන්ධයන්ගේ ලැබීම හෝ ලැබීම් වශයෙන් දක්නහුටද පූර්වයෙහි හෝ ලබනලද ඉකුත්වූ, නිරුද්ධවූ, වෙනස්වූ, (ගන්ධය) සිහිකරන්නහුටද, සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය කාම ගුණයන් ඇසුරු කළාවූ, සොම්නසයයි කියනු ලැබේ. ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ, “රසයන්ගේ” (රසය) කැමති වන්නාවූ, මන වඩන්නාවූ, සතුටු වන්නාවූ, ලෝකාමිෂ සංඛ්‍යාත තෘෂ්ණාවෙන් යුක්තවූ, රසයන්ගේ ලැබීම හෝ ලැබීම් වශයෙන් දක්නහුටද පූර්වයෙහි හෝ ලබනලද ඉකුත්වූ, නිරුද්ධවූ, වෙනස්වූ, (ගන්ධය) සිහිකරන්නහුටද, සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය කාම ගුණයන් ඇසුරු කළාවූ, සොම්නසයයි කියනු ලැබේ. කාය විඥානයෙන් දතයුතුවූ, “ස්පර්ශ කළයුත්තවුන්ගේ” (ස්පර්ශ කළයුත්ත) කැමති වන්නාවූ, මන වඩන්නාවූ, සතුටු වන්නාවූ, ලෝකාමිෂ සංඛ්‍යාත තෘෂ්ණාවෙන් යුක්තවූ, ස්පර්ශයන්ගේ ලැබීම හෝ ලැබීම් වශයෙන් දක්නහුටද පූර්වයෙහි හෝ ලබනලද, ඉකුත්වූ, නිරුද්ධවූ, වෙනස්වූ, ස්පර්ශය සිහිකරන්නහුටද සොම්නස උපදියි, මෙබඳු යම් සොම්නසක් වේද, මෙය කාම ගුණයන් ඇසුරු කළාවූ, සොම්නසයයි කියනු ලැබේ. මනො විඥානයෙන් දතයුතුවූ කැමතිවූ, මන වඩන්නාවූ, සතුටු වන්නාවූ, සිත පිනවන්නාවූ, තෘෂ්ණාවන්ගෙන් යුක්තවූ, ධර්මයන්ගේ ලැබීම ලැබීම් වශයෙන් සලකන්නහුටද පූර්වයෙහි ලබනලද, ඉකුත්වූ නිරුද්ධවූ වෙනස්වූ (ධර්මාරමුණ) සිහිකරන්නහුටද සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය කාම ගුණයන් ඇසුරු කළාවූ සොම්නසයයි කියනු ලැබේ. මොහු ගේහසිත (කාම ගුණයන් ඇසුරු කළාවූ) සොම්නස් හය වෙත්.
‘එහි නෙක්ඛම්මසිත (නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ) සොම්නස් හය කවරහුදයත්? රූපයන්ගේම අනිත්‍ය බව වෙනස්වීම, නොඇල්ම, නිරුද්ධවීම, දැන පූර්වයෙහි යම් රූපයෝ වූවාහුද දැන් යම් රූපයෝ වෙත්ද, ඒ සියලු රූපයෝ අනිත්‍යයහ, දුක්යහ, විපරිනාම ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නහුට සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ සොම්නසයයි කියනු ලැබේ. ශබ්දයන්ගේම අනිත්‍යබව, වෙනස්වීම, විරාගය, නිරෝධය දැන පූර්වයෙහිවූද, මේ කාලයෙහිවූද, ශබ්දයෝ වෙත්ද, සියලු ඒ ශබ්දයෝ අනිත්‍යයහ, දුක්යහ, විපරිනාම ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නහුට සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ, සොම්නසයයි කියනු ලැබේ. ගන්ධයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, විරාගය, නිරෝධය, දැන, පූර්වයෙහිවූද, මේ කාලයෙහි වූද, ගන්ධයෝ වෙත්ද, සියලු ඒ ගන්ධයෝ අනිත්‍යයහ, දුක්යහ, විපරිනාම ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නහුටද සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ, සොම්නසයයි කියනු ලැබේ. රසයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, විරාගය, නිරෝධය දැන, පූර්වයෙහිවූද, මේ කාලයෙහිවූද, රසයෝ වෙත්ද, සියලු ඒ රසයෝ අනිත්‍යයහ, දුක්යහ, විපරිනාම ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නහුට සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ, සොම්නසයයි කියනු ලැබේ. ස්පර්ශ කටයුත්තන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, විරාගය, නිරෝධය දැන, පූර්වයෙහිවූද, මේ කාලයෙහිවූද, ස්පර්ශයෝ වෙත්ද, සියලු ඒ ස්පර්ශයෝ අනිත්‍යයහ, දුක්යහ, විපරිනාම ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නහුට සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ, සොම්නස යයි කියනු ලැබේ. ධර්මයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, විරාගය, නිරෝධය, දැන පූර්වයෙහි යම් ධර්මායතනයෝ වූවාහුද, දැන යම් ධර්මායතනයෝ වෙත්ද, ඒ සියලු ධර්මයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාව ඇත්තාහුයයි, මෙසේ තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නහුට සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය නෙක්ඛම්ම සිත (නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ) සොම්නස යයි කියනු ලැබේ. මොහු නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ සොම්නස් හය වෙත්.
307
‘‘තත්ථ කතමානි ඡ ගෙහසිතානි දොමනස්සානි? චක්ඛුවිඤ්ඤෙය්‍යානං රූපානං...පෙ.... සොතවිඤ්ඤෙය්‍යානං සද්දානං... ඝානවිඤ්ඤෙය්‍යානං ගන්ධානං... ජිව්හාවිඤ්ඤෙය්‍යානං රසානං... කායවිඤ්ඤෙය්‍යානං ඵොට්ඨබ්බානං... මනොවිඤ්ඤෙය්‍යානං ධම්මානං ඉට්ඨානං කන්තානං මනාපානං මනොරමානං ලොකාමිසපටිසංයුත්තානං අප්පටිලාභං වා අප්පටිලාභතො සමනුපස්සතො පුබ්බෙ වා අප්පටිලද්ධපුබ්බං අතීතං නිරුද්ධං විපරිණතං සමනුස්සරතො උප්පජ්ජති දොමනස්සං. යං එවරූපං දොමනස්සං ඉදං වුච්චති ගෙහසිතං දොමනස්සං. ඉමානි ඡ ගෙහසිතානි දොමනස්සානි.
‘‘තත්ථ කතමානි ඡ නෙක්ඛම්මසිතානි දොමනස්සානි? රූපානංත්වෙව අනිච්චතං විදිත්වා විපරිණාමවිරාගනිරොධං, ‘පුබ්බෙ චෙව රූපා එතරහි ච සබ්බෙ තෙ රූපා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුත්තරෙසු විමොක්ඛෙසු පිහං උපට්ඨාපෙති - ‘කුදාස්සු (කදාස්සු (ස්‍යා. කං. පී.)) නාමාහං තදායතනං උපසම්පජ්ජ විහරිස්සාමි යදරියා එතරහි ආයතනං උපසම්පජ්ජ විහරන්තී’ති ඉති අනුත්තරෙසු විමොක්ඛෙසු පිහං උපට්ඨාපයතො උප්පජ්ජති පිහපච්චයා දොමනස්සං. යං එවරූපං දොමනස්සං ඉදං වුච්චති නෙක්ඛම්මසිතං දොමනස්සං. සද්දානංත්වෙව...පෙ.... ගන්ධානංත්වෙව... රසානංත්වෙව... ඵොට්ඨබ්බානංත්වෙව... ධම්මානංත්වෙව අනිච්චතං විදිත්වා විපරිණාමවිරාගනිරොධං, ‘පුබ්බෙ චෙව ධම්මා එතරහි ච සබ්බෙ තෙ ධම්මා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුත්තරෙසු විමොක්ඛෙසු පිහං උපට්ඨාපෙති - ‘කුදාස්සු නාමාහං තදායතනං උපසම්පජ්ජ විහරිස්සාමි යදරියා එතරහි ආයතනං උපසම්පජ්ජ විහරන්තී’ති ඉති අනුත්තරෙසු විමොක්ඛෙසු පිහං උපට්ඨාපයතො උප්පජ්ජති පිහපච්චයා දොමනස්සං. යං එවරූපං දොමනස්සං ඉදං වුච්චති නෙක්ඛම්මසිතං දොමනස්සං. ඉමානි ඡ නෙක්ඛම්මසිතානි දොමනස්සානි.
307
“එහි කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නස් හය කවරහුද? චක්ෂුර්විඥානයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ මනොරම්‍යවූ ලොකාමිෂයන්ගෙන් යුක්තවූ රූපයන්ගේ නොලැබීම හෝ නොලැබීම් වශයෙන් දක්නහුට පූර්වයෙහි හෝ නොලැබූ ඉක්ම ගියාවූ නිරුද්ධවූ වෙනස්වූ (රූපය) සිහිකරන්නහුට දොම්නස උපදියි. මෙබඳු යම් දොම්නසක් වේද, මෙය කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. සොත විඥානයෙන් දතයුතුවූ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, සතුටු වන්නාවූ, තෘෂ්ණාවෙන් යුක්තවූ, ශබ්දයන්ගේ නොලැබීම හෝ නොලැබීම් වශයෙන් දක්නහුටද, පූර්වයෙහි හෝ නොලද්දාවූ, ඉක්ම ගියාවූ, නිරුද්ධවූ, වෙනස්වූ, (රූපය) සිහිකරන්නහුටද දොම්නස උපදියි. මෙබඳුවූ යම් දොම්නසක් වේද, මෙය කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. ඝ්‍රාණවිඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, සතුටු වන්නාවූ, තෘෂ්ණාවෙන් යුක්තවූ, ගන්ධයන්ගේ නොලැබීම හෝ නොලැබීම් වශයෙන් දක්නහුටද, පූර්වයෙහි හෝ නොලද්දාවූ, ඉක්ම ගියාවූ, නිරුද්ධවූ, වෙනස්වූ, (ගන්ධය) සිහිකරන්නහුටද දොම්නස උපදියි. මෙබඳුවූ යම් දොම්නසක් වේද, මෙය කාමගුණයන් ඇසුරු කළාවූ, දොම්නසයයි කියනු ලැබේ. ජිව්හා විඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, සතුටුවන්නාවූ, තෘෂ්ණාවෙන් යුක්තවූ, රසයන්ගේ නොලැබීම හෝ නොලැබීම් වශයෙන් දක්නහුටද, පූර්වයෙහි හෝ නොලද්දාවූ, ඉක්ම ගියාවූ, නිරුද්ධවූ, වෙනස්වූ, (රසය) සිහිකරන්නහුටද, දොම්නස උපදියි. මෙබඳුවූ යම් දොම්නසක් වේද, මෙය කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. කාය විඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, සතුටු වන්නාවූ, තෘෂ්ණාවෙන් යුක්තවූ, ස්පර්ශයන්ගේ නොලැබීම හෝ නොලැබීම් වශයෙන් දක්නහුටද, පූර්වයෙහි හෝ නොලද්දාවූ, ඉක්ම ගියාවූ, නිරුද්ධවූ, වෙනස්වූ, (ස්පර්ශය) සිහිකරන්නහුටද දොම්නස උපදියි. මෙබඳුවූ යම් දොම්නසක් වේද, මෙය කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. මනො විඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කැමතිවන්නාවූ, මනාපවූ, සතුටු වන්නාවූ, තෘෂ්ණාවෙන් යුක්තවූ, ධර්මායතනයන්ගේ නොලැබීම හෝ නොලැබීම් වශයෙන් දක්නහුටද, පූර්වයෙහි හෝ නොලද විරූ ඉකුත්වූ, නිරුද්ධවූ, වෙනස්වූ, (ධර්මය) දක්නහුට දොම්නස උපදියි. මෙබඳුවූ යම් දොම්නසක් වේද, මෙය කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. මොහු සදෙන කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නස් වෙත්.
“එහි නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ දොම්නස් හය කවරහුද? රූපයන්ගේම අනිත්‍ය බව වෙනස්වීම නොඇල්ම වැළැක්ම දැන, පූර්වයෙහිද මේ කාලයෙහිද, යම් රූපයෝ වෙත්ද, ඒ සියලු රූපයෝ අනිත්‍යයහ, දුක්යහ, පෙරළෙන ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දැක නිරුත්තරවූ විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව තබයි. මේ කාලයෙහි ආර්‍ය්‍යයෝ යම් රහත් බවකට පැමිණ වාසය කරත්ද, කවර කලෙක්හි නම් මම ඒ රහත් බවට පැමිණ වාසය කරන්නෙම් දැයි, මෙසේ නිරුත්තරවූ විමොක්ෂයන්හි (රහත්බැව්හි) ප්‍රාර්ථනාව පිහිටු වන්නහුට ඒ ප්‍රාර්ථනා හේතුවෙන් දොම්නස උපදියි. මෙබඳු යම් දොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍ය ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. ශබ්දයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නැතිවීම දැන, පූර්වයෙහිද, මේ කාලයෙහිද, යම් ශබ්දයෝ වෙත්ද, ඒ සියලු ශබ්දයෝ අනිත්‍යයහ, දුක්යහ, පෙරළෙන ස්වභාව ඇත්තාහයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දැක, නිරුත්තරවූ විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව තබයි. මේ කාලයෙහි ආර්‍ය්‍යයෝ යම් රහත් බවකට පැමිණ වාසය කරත්ද, කවර කලෙක්හි නම් මම ඒ රහත් බවට පැමිණ වාසය කරන්නෙම් දැයි, මෙසේ නිරුත්තරවූ විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව පිහිටුවන්නහුට ප්‍රාර්ථනා හේතුවෙන් දොම්නස උපදියි. මෙබඳු යම් දොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. ගන්ධයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නැතිවීම දැන, පූර්වයෙහිද, මේ කාලයෙහිද, යම් ගන්ධයෝ වෙත්ද, ඒ සියලු ගන්ධයෝ අනිත්‍යයහ, දුක්යහ, පෙරළෙන ස්වභාව ඇත්තාහයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දැක, නිරුත්තරවූ, විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව තබයි. මේ කාලයෙහි ආර්‍ය්‍යයෝ යම් රහත් බවකට පැමිණ වාසය කරත්ද, කවර කලෙක්හි නම් මම ඒ රහත් බවට පැමිණ වාසය කරන්නෙම් දැයි, මෙසේ නිරුත්තරවූ, විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව පිහිටුවන්නහුට ප්‍රාර්ථනාව හේතුවෙන් දොම්නස උපදියි. මෙබඳු යම් දොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. රසයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නැතිවීම දැන, පූර්වයෙහිද, මේ කාලයෙහිද, යම් රසයෝ වෙත්ද, ඒ සියලු රසයෝ අනිත්‍යයහ, දුක්යහ, පෙරළෙන ස්වභාව ඇත්තාහයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් ප්‍රඥාවෙන් දැක, නිරුත්තරවූ, විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව තබයි. මේ කාලයෙහි ආර්‍ය්‍යයෝ යම් රහත් බවකට පැමිණ වාසය කරත්ද, කවර කලෙහි නම් මම ඒ රහත් බවට පැමිණ වාසය කරන්නෙම් දැයි, මෙසේ නිරුත්තරවූ, විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව පිහිටුවන්නහුට ප්‍රාර්ථනා හේතුවෙන් දොම්නස උපදියි. මෙබඳු යම් දොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. ස්පර්ශ කළ යුත්තන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නැතිවීම දැන, පූර්වයෙහිද, මේ කාලයෙහිද, යම් ස්පර්ශයෝ වෙත්ද, ඒ සියලු ස්පර්ශයෝ අනිත්‍යයහ, දුක්යහ, පෙරළෙන ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් ප්‍රඥාවෙන් දැක, නිරුත්තරවූ, විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව තබයි. මේ කාලයෙහි ආර්‍ය්‍යයෝ යම් රහත් බවකට පැමිණ වාසය කරත්ද, කවර කලෙක්හි නම් මම ඒ රහත් බවට පැමිණ වාසය කරන්නෙම් දැයි මෙසේ නිරුත්තරවූ, විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව පිහිටු වන්නහුට ප්‍රාර්ථනා හේතුවෙන් දොම්නස උපදියි. මෙබඳු යම් දොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. ධර්මයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නැසීම, දැන පූර්වයෙහිද, මේ කාලයෙහිද, ධර්මායතනයෝ වෙත්ද, ඒ සියලු ධර්මායතනයෝ අනිත්‍යයහ, දුක්යහ, පෙරළෙන ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දැක, නිරුත්තරවූ විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව පිහිටුවයි. ආර්‍ය්‍යයෝ මේ කාලයෙහි යම් රහත් බවකට පැමිණ වාසය කෙරෙත්ද, කවර කලෙක්හි නම්, මම ඒ රහත් බවට පැමිණ වාසය කරන්නෙම් දැයි, මෙසේ නිරුත්තරවූ විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව තබන්නහුට ප්‍රාර්ථනාව නිසා දොම්නස උපදියි. මෙබඳු යම් දොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. මොහු සදෙන නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ දොම්නස් වෙත්.
308
‘‘තත්ථ කතමා ඡ ගෙහසිතා උපෙක්ඛා? චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති උපෙක්ඛා බාලස්ස මූළ්හස්ස ( ) ((මන්දස්ස) (ක.)) පුථුජ්ජනස්ස අනොධිජිනස්ස අවිපාකජිනස්ස අනාදීනවදස්සාවිනො අස්සුතවතො පුථුජ්ජනස්ස. යා එවරූපා උපෙක්ඛා, රූපං සා නාතිවත්තති. තස්මා සා (සායං (ක.)) උපෙක්ඛා ‘ගෙහසිතා’ති වුච්චති. සොතෙන සද්දං සුත්වා... ඝානෙන ගන්ධං ඝායිත්වා... ජිව්හාය රසං සායිත්වා... කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා... මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජති උපෙක්ඛා බාලස්ස මූළ්හස්ස පුථුජ්ජනස්ස අනොධිජිනස්ස අවිපාකජිනස්ස අනාදීනවදස්සාවිනො අස්සුතවතො පුථුජ්ජනස්ස. යා එවරූපා උපෙක්ඛා, ධම්මං සා නාතිවත්තති. තස්මා සා උපෙක්ඛා ‘ගෙහසිතා’ති වුච්චති. ඉමා ඡ ගෙහසිතා උපෙක්ඛා.
‘‘තත්ථ කතමා ඡ නෙක්ඛම්මසිතා උපෙක්ඛා? රූපානංත්වෙව අනිච්චතං විදිත්වා විපරිණාමවිරාගනිරොධං, ‘පුබ්බෙ චෙව රූපා එතරහි ච සබ්බෙ තෙ රූපා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො උප්පජ්ජති උපෙක්ඛා. යා එවරූපා උපෙක්ඛා, රූපං සා අතිවත්තති. තස්මා සා උපෙක්ඛා ‘නෙක්ඛම්මසිතා’ති වුච්චති. සද්දානංත්වෙව... ගන්ධානංත්වෙව... රසානංත්වෙව... ඵොට්ඨබ්බානංත්වෙව... ධම්මානංත්වෙව අනිච්චතං විදිත්වා විපරිණාමවිරාගනිරොධං, ‘පුබ්බෙ චෙව ධම්මා එතරහි ච සබ්බෙ තෙ ධම්මා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො උප්පජ්ජති උපෙක්ඛා. යා එවරූපා උපෙක්ඛා, ධම්මං සා අතිවත්තති. තස්මා සා උපෙක්ඛා ‘නෙක්ඛම්මසිතා’ති වුච්චති. ඉමා ඡ නෙක්ඛම්මසිතා උපෙක්ඛා. ‘ඡත්තිංස සත්තපදා වෙදිතබ්බා’ති - ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
308
“එහි කාමගුණයන් ඇසුරු කළාවූ උපෙක්ෂා සය කවරහුද යත්? ඇසින් රූපය දැක බාලවූ මූඪවූ පෘථග්ජනවූ ක්ෂීණාශ්‍රව නොවූ, රහත් නොවූ ආදිනව නොදක්නා සුළුවූ අශ්‍රැතවත් පෘථග්ජනයාහට අඥානකම නිසා උපදනා උපෙක්ෂාව උපදියි. මෙබඳු යම් උපෙක්ෂාවක් වේද, ඕතොමෝ රූපය නොඉක්මවයි. එහෙයින් ඒ උපෙක්ෂාව කාමගුණ නිශ්‍රිත උපෙක්ෂායයි කියනු ලැබේ. කණින් ශබ්දය අසා බාලවූ, මූඪවූ, පෘථග්ජනවූ, ක්ෂීණාශ්‍රව නොවූ, රහත් නොවූ, ආදීනව නොදන්නාවූ, ඇසූපිරූතැන් නැති, පෘථග්ජනයා හට නොදැනීමෙන් උපදනා මැදහත් බව උපදියි. මෙබඳුවූ යම් උපෙක්ෂාවක් වේද, ඒ උපෙක්ෂාව ශබ්දය නොයික්මවයි. එහෙයින් ඒ උපෙක්ෂාව කාමගුණ ඇසුරු කළාවූ, උපේක්ෂාව යයි කියනු ලැබේ. නාසයෙන් ගඳ දැන බාලවූ, මූඪවූ, පෘථග්ජනවූ, ක්ෂීණාශ්‍රව නොවූ, රහත් නොවූ, ආදීනව නොදන්නාවූ, ඇසූපිරූ තැන් නැති, පෘථග්ජනයාහට නොදැනීමෙන් උපදනා මැදහත් බව උපදියි. මෙබඳුවූ යම් උපෙක්ෂාවක් වේද, ඒ උපෙක්ෂාව ශබ්දය නොයික්මවයි. එහෙයින් ඒ උපෙක්ෂාව කාමගුණ ඇසුරු කළාවූ, උපෙක්ෂාව යයි කියනු ලැබේ. දිවෙන් රසවිඳ බාලවූ, මූඪවූ, පෘථග්ජනවූ, ක්ෂීණාශ්‍රව නොවූ, රහත් නොවූ, ආදීනව නොදන්නාවූ, ඇසූපිරූතැන් නැති පෘථග්ජනයාහට නොදැනීමෙන් උපදනා මැදහත් බව උපදියි. මෙබඳුවූ යම් උපෙක්ෂාවක් වේද, ඒ උපෙක්ෂාව රසය නොයික්මවයි. එහෙයින් ඒ උපෙක්ෂාව කාමගුණ ඇසුරු කළාවූ, උපෙක්ෂාවයි කියනු ලැබේ. කයින් ස්පර්ශ කටයුත්ත ස්පර්ශකොට බාලවූ, මූඪවූ, පෘථග්ජනවූ, ක්ෂීණාශ්‍රව නොවූ, රහත් නොවූ, ආදීනව නොදන්නාවූ, ඇසූපිරූතැන් නැති පෘථග්ජනයාහට නොදැනීමෙන් උපදනා මැදහත් බව උපදියි. මෙබඳුවූ යම් උපෙක්ෂාවක් වේද, ඒ උපෙක්ෂාව ස්පර්ශය නොයික්මවයි. එහෙයින් ඒ උපෙක්ෂාව කාමගුණ ඇසුරු කළාවූ උපෙක්ෂාවයයි කියනු ලැබේ. සිතින් ධර්මාරම්මණය දැන බාලවූ, මූඪවූ, පෘථග්ජනවූ, ක්ෂීණාශ්‍රව නොවූ, රහත් නොවූ, ආදීනව නොදන්නා සුළුවූ, ඇසූපිරූතැන් නැති පෘථග්ජනයාහට අඥානකමින් හටගන්නා උපෙක්ෂාව උපදියි. මෙබඳු යම් උපෙක්ෂාවක් වේද, ඕතොමෝ ධර්මාරම්මණය නොඉක්මවයි. එහෙයින් ඕතොමෝ කාමගුණ නිශ්‍රිත උපෙක්ෂායයි කියනු ලැබේ. මොහු සදෙන කාමගුණ නිශ්‍රීත උපෙක්ෂාවෝ වෙත්.
“එහි නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්ෂාවෝ සදෙන කවරහුදයත්? රූපයන්ගේම අනිත්‍ය බව, වෙනස් වීම, නොඇලීම, නිරුද්ධවීම, දැන පූර්වයෙහිද, මේ කාලයෙහිද රූපයෝ වෙත්ද, ඒ සියලු රූපයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාව ඇත්තාහුයයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් බලන්නහුට උපෙක්ෂාව උපදියි. ඒ උපෙක්ෂාව රූපය ඉක්මවයි. එහෙයින් ඒ උපෙක්ෂාව නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්ෂායයි කියනු ලැබේ. ශබ්දයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නිරුද්ධවීම දැන, පූර්වයෙහිද, මේ කාලයෙහිද, ශබ්දයෝ වෙත්ද, ඒ සියලු ශබ්දයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාවය ඇත්තාහුයයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නහුට (විදර්ශනා ඥාන සම්ප්‍රයුක්තවූ) උපෙක්ෂාව උපදියි. මෙබඳු යම් උපෙක්ෂාවක් වේද, ඕතොමෝ නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්ෂාවයයි කියනු ලැබේ. ගන්ධයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නිරුද්ධවීම දැන, පූර්වයෙහිද, මේ කාලයෙහිද, ගන්ධයෝ වෙත්ද, ඒ සියලු ගන්ධයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාවය ඇත්තාහුයයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දක්නහුට (විදර්ශනා ඥාන සම්ප්‍රයුක්තවූ) උපෙක්ෂාව උපදියි. මෙබඳු යම් උපෙක්ෂාවක් වේද, ඕතොමෝ නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්ෂාවයයි කියනු ලැබේ. රසයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නිරුද්ධවීම දැන, පූර්වයෙහිද, මේ කාලයෙහිද, රසයෝ වෙත්ද, ඒ සියලු රසයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාවය ඇත්තාහුයයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දක්නහුට (විදර්ශනා ඥාන සම්ප්‍රයුක්තවූ) උපෙක්ෂාව උපදියි. මෙබඳු යම් උපෙක්ෂාවක් වේද, ඕතොමෝ නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්ෂාවයයි කියනු ලැබේ. ස්පර්ශකළ යුත්තන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නිරුද්ධවීම දැන, පූර්වයෙහිද, මේ කාලයෙහිද, ස්පර්ශයෝ වෙත්ද, ඒ සියලු ස්පර්ශයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාවය ඇත්තාහුයයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දක්නහුට (විදර්ශනා ඥාන සම්ප්‍රයුක්තවූ) උපෙක්ෂාව උපදියි. මෙබඳු යම් උපෙක්ෂාවක් වේද, ඕතොමෝ නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්ෂාවයයි කියනු ලැබේ. ධර්මාරම්මණයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නිරුද්ධවීම දැන, පූර්වයෙහිද, මේ කාලයෙහිද, ධර්මාරම්මණයෝ වෙත්ද, ඒ සියලු ධර්මාරම්මණයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාව ඇත්තාහුයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නහුට (විදර්ශනා ඥාන සම්ප්‍රයුක්තවූ) උපෙක්ෂාව උපදියි. මෙබඳු යම් උපෙක්ෂාවක් වේද, ඒ උපෙක්ෂාව ධර්මාරම්මණ ඉක්මවයි. එහෙයින් ඒ උපෙක්ෂාව නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්ෂායයි කියනු ලැබේ. මොහු සදෙන නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්ෂාවෝ වෙත්.
“සත්වයන්ගේ පදයෝ සතිස දතයුත්තාහුයයි, මෙසේ ඒ යමක් කියන ලදද, මෙය මේ සඳහා කියන ලදී.
309
‘‘තත්‍ර ඉදං නිස්සාය ඉදං පජහථා’’ති - ඉති ඛො පනෙතං වුත්තං; කිඤ්චෙතං පටිච්ච වුත්තං? තත්‍ර, භික්ඛවෙ, යානි ඡ නෙක්ඛම්මසිතානි සොමනස්සානි තානි නිස්සාය තානි ආගම්ම යානි ඡ ගෙහසිතානි සොමනස්සානි තානි පජහථ, තානි සමතික්කමථ. එවමෙතෙසං පහානං හොති, එවමෙතෙසං සමතික්කමො හොති.
‘‘තත්‍ර, භික්ඛවෙ, යානි ඡ නෙක්ඛම්මසිතානි දොමනස්සානි තානි නිස්සාය තානි ආගම්ම යානි ඡ ගෙහසිතානි දොමනස්සානි තානි පජහථ, තානි සමතික්කමථ. එවමෙතෙසං පහානං හොති, එවමෙතෙසං සමතික්කමො හොති.
‘‘තත්‍ර, භික්ඛවෙ, යා ඡ නෙක්ඛම්මසිතා උපෙක්ඛා තා නිස්සාය තා ආගම්ම යා ඡ ගෙහසිතා උපෙක්ඛා තා පජහථ, තා සමතික්කමථ. එවමෙතාසං පහානං හොති, එවමෙතාසං සමතික්කමො හොති.
‘‘තත්‍ර, භික්ඛවෙ, යානි ඡ නෙක්ඛම්මසිතානි සොමනස්සානි තානි නිස්සාය තානි ආගම්ම යානි ඡ නෙක්ඛම්මසිතානි දොමනස්සානි තානි පජහථ, තානි සමතික්කමථ. එවමෙතෙසං පහානං හොති, එවමෙතෙසං සමතික්කමො හොති.
‘‘තත්‍ර, භික්ඛවෙ, යා ඡ නෙක්ඛම්මසිතා උපෙක්ඛා තා නිස්සාය තා ආගම්ම යානි ඡ නෙක්ඛම්මසිතානි සොමනස්සානි තානි පජහථ, තානි සමතික්කමථ. එවමෙතෙසං පහානං හොති, එවමෙතෙසං සමතික්කමො හොති.
309
“එහි මෙය නිසා මෙය දුරුකරව් යයි මෙසේ කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද? මහණෙනි, එහි යම් නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ සොම්නස් හයක් වෙත්ද, ඔවුන් නිසා ඔවුන්ට පැමිණ, යම් කාමගුණ නිශ්‍රිත සොම්නස් හයක් වෙත්ද ඔවුන් දුරුකරව්. ඔවුන් ඉක්මවව්. මෙසේ මොවුන්ගේ දුරුකිරීම වේ. මෙසේ මොවුන්ගේ ඉක්මවීම වේ. මහණෙනි, එහි නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ දොම්නස් සයක් වෙත්ද, ඔවුන් නිසා ඔවුන්ට පැමිණ යම් කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නස් සයක් වෙත්ද ඔවුන් දුරුකරව්. ඔවුන් ඉක්මවව්. මෙසේ මොවුන්ගේ දුරුකිරීම වේ. මෙසේ මොවුන්ගේ ඉක්මවීම වේ. මහණෙනි, එහි නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ යම් උපෙක්ෂා සයක් වෙත්ද, ඔවුන් නිසා ඔවුන්ට පැමිණ යම් කාමගුණයන් ඇසුරු කළාවූ උපෙක්ෂා සයක් වෙත්ද, ඔවුන් දුරුකරව්. ඔවුන් ඉක්මවව්. මෙසේ මොවුන්ගේ දුරුකිරීම වේ. මෙසේ මොවුන්ගේ ඉක්මවීම වේ.
“මහණෙනි, එහි නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ යම් සොම්නස් සයක් වෙත්ද, ඔවුන් නිසා ඔවුන්ට පැමිණ නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ යම් දොම්නස් සයක් වෙත්ද, ඔවුන් දුරුකරව්, ඔවුන් ඉක්මවව්. මෙසේ මොවුන්ගේ දුරුකිරීම වේ. මෙසේ මොවුන්ගේ ඉක්මවීම වේ. මහණෙනි, එහි නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ යම් උපෙක්ෂා සයක් වෙත්ද, ඔවුන් නිසා ඔවුන්ට පැමිණ නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ යම් සොම්නස් සයක් වෙත්ද, ඔවුන් දුරු කරව්. ඔවුන් ඉක්මවව්. මෙසේ මොවුන්ගේ දුරුකිරීම වේ. මෙසේ මොවුන්ගේ ඉක්මවීම වේ.
310
‘‘අත්ථි , භික්ඛවෙ, උපෙක්ඛා නානත්තා නානත්තසිතා, අත්ථි උපෙක්ඛා එකත්තා එකත්තසිතා. කතමා ච, භික්ඛවෙ, උපෙක්ඛා නානත්තා නානත්තසිතා? අත්ථි, භික්ඛවෙ, උපෙක්ඛා රූපෙසු, අත්ථි සද්දෙසු , අත්ථි ගන්ධෙසු, අත්ථි රසෙසු, අත්ථි ඵොට්ඨබ්බෙසු - අයං, භික්ඛවෙ, උපෙක්ඛා නානත්තා නානත්තසිතා. කතමා ච, භික්ඛවෙ, උපෙක්ඛා එකත්තා එකත්තසිතා? අත්ථි, භික්ඛවෙ, උපෙක්ඛා ආකාසානඤ්චායතනනිස්සිතා, අත්ථි විඤ්ඤාණඤ්චායතනනිස්සිතා, අත්ථි ආකිඤ්චඤ්ඤායතනනිස්සිතා, අත්ථි නෙවසඤ්ඤානාසඤ්ඤායතනනිස්සිතා - අයං, භික්ඛවෙ, උපෙක්ඛා එකත්තා එකත්තසිතා.
‘‘තත්‍ර, භික්ඛවෙ, යායං උපෙක්ඛා එකත්තා එකත්තසිතා තං නිස්සාය තං ආගම්ම යායං උපෙක්ඛා නානත්තා නානත්තසිතා තං පජහථ, තං සමතික්කමථ. එවමෙතිස්සා පහානං හොති, එවමෙතිස්සා සමතික්කමො හොති.
‘‘අතම්මයතං, භික්ඛවෙ, නිස්සාය අතම්මයතං ආගම්ම යායං උපෙක්ඛා එකත්තා එකත්තසිතා තං පජහථ, තං සමතික්කමථ. එවමෙතිස්සා පහානං හොති, එවමෙතිස්සා සමතික්කමො හොති. ‘තත්‍ර ඉදං නිස්සාය ඉදං පජහථා’ති - ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
310
මහණෙනි, නානාත්වවූ (අනෙකප්‍රකාරවූ) නොයෙක් අරමුණු ඇසුරු කළාවූ උපෙක්ෂාවක් ඇත්තේය. එකත්වවූ එක් අරමුණක් ඇසුරු කළාවූ උපෙක්ෂාවක් ඇත්තේය. මහණෙනි, නානාත්වවූ නොයෙක් අරමුණු ඇසුරු කළාවූ උපෙක්ෂාව කවරද? මහණෙනි, රූපයන්හි උපෙක්ෂාව ඇත්තේය. ශබ්දයන්හි ඇත්තේය. ගන්ධයන්හි ඇත්තේය. රසයන්හි ඇත්තේය. ස්පර්ශයන්හි ඇත්තේය. මහණෙනි, මේ උපෙක්ෂාව නානාත්වවූ නොයෙක් අරමුණු ඇසුරු කළාවූ උපෙක්ෂාව වේ.
“මහණෙනි, ඒකත්වවූ එක අරමුණක් ඇසුරු කළාවූ උපෙක්ෂා කවරීද? මහණෙනි, ආකාසානඤ්චායතනය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් ඇත්තේය. විඤ්ඤාණඤ්චායතනය ඇසුරුකළාවූ උපෙක්ෂාවක් ඇත්තේය. ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් ඇත්තේය. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් ඇත්තේය. මහණෙනි, මේ උපෙක්ෂාව එකත්වවූ එක අරමුණක් ඇසුරු කළාවූ උපෙක්ෂාව වේ. මහණෙනි, එහි යම් මේ එකත්වවූ එක අරමුණක් ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, ඒ නිසා එයට පැමිණ යම් මේ නානාත්වවූ නොයෙක් අරමුණු ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, එය දුරුකරව්. එය ඉක්මවව්. මෙසේ මේ උපෙක්ෂාවගේ දුරුකිරීම වේ. මෙසේ මේ උපෙක්ෂාවගේ ඉක්මවීම වේ. මහණෙනි, තෘෂ්ණා රහිත බව නිසා තෘෂ්ණා රහිත බවට පැමිණ යම් මේ එකත්වවූ එක අරමුණක් ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, එය දුරු කරව්. එය ඉක්මවව්. මෙසේ මේ උපෙක්ෂාවෙන් දුරුකිරීම වේ. මෙසේ මේ උපෙක්ෂාවගේ ඉක්මවීම වේ. එහි මෙය නිසා මෙය දුරුකරව්යයි මෙසේ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.
311
‘‘‘තයො සතිපට්ඨානා යදරියො සෙවති, යදරියො සෙවමානො සත්ථා ගණමනුසාසිතුමරහතී’ති - ඉති ඛො පනෙතං වුත්තං; කිඤ්චෙතං පටිච්ච වුත්තං? ඉධ, භික්ඛවෙ, සත්ථා සාවකානං ධම්මං දෙසෙති අනුකම්පකො හිතෙසී අනුකම්පං උපාදාය - ‘ඉදං වො හිතාය, ඉදං වො සුඛායා’ති. තස්ස සාවකා න සුස්සූසන්ති, න සොතං ඔදහන්ති, න අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති , වොක්කම්ම ච සත්ථුසාසනා වත්තන්ති. තත්‍ර, භික්ඛවෙ, තථාගතො න චෙව අනත්තමනො හොති, න ච අනත්තමනතං පටිසංවෙදෙති, අනවස්සුතො ච විහරති සතො සම්පජානො. ඉදං, භික්ඛවෙ, පඨමං සතිපට්ඨානං යදරියො සෙවති, යදරියො සෙවමානො සත්ථා ගණමනුසාසිතුමරහති.
‘‘පුන චපරං, භික්ඛවෙ, සත්ථා සාවකානං ධම්මං දෙසෙති අනුකම්පකො හිතෙසී අනුකම්පං උපාදාය - ‘ඉදං වො හිතාය, ඉදං වො සුඛායා’ති. තස්ස එකච්චෙ සාවකා න සුස්සූසන්ති, න සොතං ඔදහන්ති, න අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති, වොක්කම්ම ච සත්ථුසාසනා වත්තන්ති; එකච්චෙ සාවකා සුස්සූසන්ති, සොතං ඔදහන්ති, අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති, න ච වොක්කම්ම සත්ථුසාසනා වත්තන්ති . තත්‍ර, භික්ඛවෙ, තථාගතො න චෙව අනත්තමනො හොති, න ච අනත්තමනතං පටිසංවෙදෙති; න ච අත්තමනො හොති, න ච අත්තමනතං පටිසංවෙදෙති. අනත්තමනතා ච අත්තමනතා ච - තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකො විහරති සතො සම්පජානො. ඉදං වුච්චති, භික්ඛවෙ, දුතියං සතිපට්ඨානං යදරියො සෙවති, යදරියො සෙවමානො සත්ථා ගණමනුසාසිතුමරහති.
‘‘පුන චපරං, භික්ඛවෙ, සත්ථා සාවකානං ධම්මං දෙසෙති අනුකම්පකො හිතෙසී අනුකම්පං උපාදාය - ‘ඉදං වො හිතාය, ඉදං වො සුඛායා’ති. තස්ස සාවකා සුස්සූසන්ති, සොතං ඔදහන්ති, අඤ්ඤාචිත්තං උපට්ඨපෙන්ති, න ච වොක්කම්ම සත්ථුසාසනා වත්තන්ති. තත්‍ර, භික්ඛවෙ, තථාගතො අත්තමනො චෙව හොති, අත්තමනතඤ්ච පටිසංවෙදෙති, අනවස්සුතො ච විහරති සතො සම්පජානො. ඉදං වුච්චති, භික්ඛවෙ, තතියං සතිපට්ඨානං යදරියො සෙවති, යදරියො සෙවමානො සත්ථා ගණමනුසාසිතුමරහති. ‘තයො සතිපට්ඨානා යදරියො සෙවති, යදරියො සෙවමානො සත්ථා ගණමනුසාසිතුමරහතී’ති - ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
311
“ආර්‍ය්‍ය පුද්ගල තෙමෙ යම් සතිපට්ඨාන තුනක් සේවනය කෙරේද, ආර්‍ය්‍යවූ ශාස්තෘතෙම යම් සතිපට්ඨාන තුනක් සේවනය කරන්නේ සමූහයාට අනුශාසනා කරන්ට සුදුසු වේයයි මෙසේ වනාහි මේ කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද? මහණෙනි, මේ ශාසනයෙහි ශාස්තෘතෙම ශ්‍රාවකයන්ට අනුකම්පා ඇත්තේ වැඩ කැමැත්තේ අනුකම්පා පිණිස, මෙය තොපට වැඩ පිණිස, මෙය තොපට සැප පිණිස වේයයි ධර්මය දේශනා කරයි.
“උන්වහන්සේගේ ඒ ධර්මය ශ්‍රාවකයෝ අසනු නො කැමැති වෙත්ද, කන් නොඑලවත්ද, දැනගැණීම පිණිස සිත නොපිහිටුවත්ද, ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාවෙන් ඉක්ම පවතිත්ද, මහණෙනි, එහි තථාගත තෙම නොම සතුටු සිත් ඇත්තේ වෙයි. සතුටු සිත් ඇති බව ප්‍රකාශ නොකරයි. ද්වේෂය වෑස්සීමක් නැතිව සිහියෙන් යුක්තව නුවණින් යුක්තව වාසය කරයි. මහණෙනි, ආර්‍ය්‍යවූ සම්‍යක් සම්බුද්ධ තෙම යම් සතිපට්ඨානයක් සේවනය කරයිද, යම් සතිපට්ඨානයක් සේවනය කරන්නාවූ ආර්‍ය්‍යවූ ශාස්තෘතෙම සමූහයාට අනුශාසනා කරන්ට සුදුසුවූ මේ පළමු වැනි සතිපට්ඨානයයි කියනු ලැබේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. ශාස්තෘතෙම අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ, අනුකම්පා පිණිස මෙය තොපට වැඩ පිණිස මෙය තොපට සැප පිණිසයයි, ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කරයි. උන්වහන්සේගේ ධර්මය ඇතැම් ශ්‍රාවකයෝ අසනු කැමැති නොවෙත්. කන් නොඑලවත්. දැන ගැණීමට සිත නොපිහිටුවත්. ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාවෙන් වෙන්ව පවතිත්. ඇතැම් ශ්‍රාවකයෝ අසනු කැමැති වෙත්. කන් එලවත්. දැනගැණීම පිණිස සිත පිහිටුවත්. ශාස්තෲන් වහන්සේගේ අනුශාසනා වෙන් වෙන්ව නොපවතිත්. මහණෙනි, එහි තථාගතතෙම සතුටු සිත් ඇත්තේද නොමවේ. සතුටු සිත් ඇති බවද ප්‍රකාශ නොකරයි. නොසතුටු සිත් ඇත්තේද නොවෙයි. නොසතුටු සිත් ඇති බවද ප්‍රකාශ නොකරයි. සතුටු සිත් ඇති බවද නොසතුටු සිත් ඇති බවද යන ඒ දෙකම දුරු කොට හෙතෙම මධ්‍යස්ථවූයේ සිහියෙන් යුක්තව නුවණින් යුක්තව වාසය කරයි. මහණෙනි, ආර්‍ය්‍යතෙම යම් සතිපට්ඨානයක් සේවනය කරයිද, ආර්‍ය්‍යවූ ශාස්තෘතෙම යම් සතිපට්ඨානයක් සේවනය කරන්නේ සමූහයාට අනුශාසනා කරන්ට සුදුසුවූ මේ දෙවැනි සතිපට්ඨානයයි කියනු ලැබේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. ශාස්තෘ තෙම අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ, අනුකම්පා පිණිස මෙය තොපට හිත පිණිසය, මෙය තොපට සැප පිණිසයයි, ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කරයි. උන්වහන්සේගේ ධර්මය ශ්‍රාවකයෝ අසනු කැමැති වෙත්. කන් එලවත්. දැන ගැණීමට සිත පිහිටුවත්. ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාවෙන් බැහැරවද නොපවතිත්. මහණෙනි, එහි තථාගත තෙම සතුටු සිත් ඇත්තේද වෙයි. සතුටු සිත් ඇති බවද ප්‍රකාශ කරයි. ආශාව වෑස්සීමෙන් තොරව සිහියෙන් යුක්තව, නුවණින් යුක්තව වාසය කරයි. මහණෙනි, ආර්‍ය්‍ය තෙම යම් සතිපට්ඨානයක් සේවනය කරයිද, ආර්‍ය්‍යවූ ශාස්තෘතෙම යම් සතිපට්ඨානයක් සේවනය කරන්නේ සමූහයාට අනුශාසනා කරන්ට සුදුසු තුන්වැනි සතිපට්ඨානයයි කියනු ලැබේ.
“ආර්‍ය්‍යවූ සම්‍යක් සම්බුද්ධ තෙම යම් සතිපට්ඨාන තුනක් සේවනය කෙරේද, ආර්‍ය්‍යවූ ශාස්තෘතෙම යමක් සේවනය කරන්නේ, සමූහයාට අනුශාසනා කරන්ට සුදුසුවේයයි, මෙසේ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.
312
‘‘‘සො වුච්චති යොග්ගාචරියානං අනුත්තරො පුරිසදම්මසාරථී’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? හත්ථිදමකෙන, භික්ඛවෙ, හත්ථිදම්මො සාරිතො එකංයෙව දිසං ධාවති - පුරත්ථිමං වා පච්ඡිමං වා උත්තරං වා දක්ඛිණං වා. අස්සදමකෙන, භික්ඛවෙ, අස්සදම්මො සාරිතො එකඤ්ඤෙව දිසං ධාවති - පුරත්ථිමං වා පච්ඡිමං වා උත්තරං වා දක්ඛිණං වා. ගොදමකෙන, භික්ඛවෙ, ගොදම්මො සාරිතො එකංයෙව දිසං ධාවති - පුරත්ථිමං වා පච්ඡිමං වා උත්තරං වා දක්ඛිණං වා. තථාගතෙන හි, භික්ඛවෙ, අරහතා සම්මාසම්බුද්ධෙන පුරිසදම්මො සාරිතො අට්ඨ දිසා විධාවති. රූපී රූපානි පස්සති - අයං එකා දිසා; අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති - අයං දුතියා දිසා; සුභන්ත්වෙව අධිමුත්තො හොති - අයං තතියා දිසා; සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති - අයං චතුත්ථී දිසා; සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති - අයං පඤ්චමී දිසා; සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති - අයං ඡට්ඨී දිසා; සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති - අයං සත්තමී දිසා; සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති - අයං අට්ඨමී දිසා. තථාගතෙන, භික්ඛවෙ, අරහතා සම්මාසම්බුද්ධෙන පුරිසදම්මො සාරිතො ඉමා අට්ඨ දිසා විධාවති. ‘සො වුච්චති යොග්ගාචරියානං අනුත්තරො පුරිසදම්මසාරථී’ති - ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්ත’’න්ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
312
“හෙතෙම දමනය කළ යුත්තන් දමනය කරන්නවුන් අතුරෙන් නිරුත්තරවූ පුරුෂයන් දමනය කිරීමෙහි සාර්ථ වාහකයෙකු බඳුයි කියනු ලැබේයයි, මෙසේ වනාහි මේ කියන ලදී. කුමක් සඳහා මේ කියන ලදද? මහණෙනි, ඇතුන් දමනය කරන්නෙකු විසින් දමනය කළාවූ ඇතා මෙහෙයවන ලද්දේ එකම දිසාවකට දුවයි-පූර්ව දිසාවට හෝ පශ්චිම දිසාවට හෝ උතුරු දිසාවට හෝ දකුණු දිසාවට හෝ (දුවයි). මහණෙනි, අසුන් දමනය කරන්නෙකු විසින් දමනය කළාවූ අසු මෙහෙයවන ලද්දේ, එකම දිසාවකට පූර්ව දිසාවට හෝ පශ්චිම දිසාවට හෝ උතුරු දිසාවට හෝ දකුණු දිසාවට හෝ දුවයි. මහණෙනි, ගවයන් දමනය කරන්නෙකු විසින් දමනය කළාවූ ගවයා මෙහෙයවන ලද්දේ එකම දිසාවකට පූර්වදිසාවට හෝ පශ්චිම දිසාවට හෝ උතුරු දිසාවට හෝ දකුණු දිසාවට හෝ දුවයි. මහණෙනි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් විසින් දමනය කළාවූ පුරුෂතෙම මෙහෙයවන ලද්දේ අටදිසාවන්ටම දුවයි. රූපී පුද්ගල තෙම රූපයන් දකියි. මේ පළමුවන දිසාවයි. තමා කෙරෙහි අරූප සංඥා ඇත්තේ පිටත්හි රූපයන් දකියි. මේ දෙවන දිසාවයි. සුභයයිම අදහස් ඇත්තේ වෙයි. මේ තුන් වන දිසාවයි සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝ සංඥාවන් නැසීමෙන් නානාත්ම සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ සතරවන දිසාවයි. සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ පස්වන දිසාවයි. සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැත්තේයයි, ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ සවන දිසාවයි. සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ සත්වන දිසාවයි සියලු ආකාරයෙන් නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තිය ඉක්මවා සඤ්ඤා වෙදයිත නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ අටවන දිසාවයි. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ විසින් දමනය කරණලද පුරුෂතෙම මෙහෙයවන ලද්දේ මේ අට දිසාවන්ට විශේෂයෙන් දිවීම කරයි. හෙතෙම දමනය කළයුත්තන් දමනය කරන්නවුන් අතුරෙන් නිරුත්තරවූ පුරිසදම්ම සාරථි, යි කියනු ලැබේයයි, මෙසේ ඒ යමක් කියන ලදද එය මේ සඳහා කියන ලදී.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තාහුය.
8. උද්දෙසවිභඞ්ගසුත්තං 8. උද්දෙස විභංග සූත්‍රය
9. අරණවිභඞ්ගසුත්තං 9. අරණ විභංග සූත්‍රය
10. ධාතුවිභඞ්ගසුත්තං 10. ධාතු විභංග සූත්‍රය
11. සච්චවිභඞ්ගසුත්තං 11. සච්චවිභංග සූත්‍රය
12. දක්ඛිණාවිභඞ්ගසුත්තං 12. දක්ඛිණවිභංග සූත්‍රය