ත්‍රිපිටකය
4. විභඞ්ගවග්ගො 4. විභංග වර්ගය
1. භද්දෙකරත්තසුත්තං 1. භද්දෙකරත්ත සූත්‍රය
2. ආනන්දභද්දෙකරත්තසුත්තං 2. ආනන්ද භද්දෙකරත්ත සූත්‍රය
3. මහාකච්චානභද්දෙකරත්තසුත්තං 3. මහා කච්චායන භද්දේකරත්ත සූත්‍රය
4. ලොමසකඞ්ගියභද්දෙකරත්තසුත්තං 4. ලොමසකඩ්ගිය භද්දෙකරත්ත සූත්‍රය
5. චූළකම්මවිභඞ්ගසුත්තං (සුභසුත්තන්තිපි වුච්චති) 5. චූලකම්ම විභංග සූත්‍රය
6. මහාකම්මවිභඞ්ගසුත්තං 6. මහාකම්ම විභංග සූත්‍රය
7. සළායතනවිභඞ්ගසුත්තං 7. සළායතන විභංග සූත්‍රය
8. උද්දෙසවිභඞ්ගසුත්තං 8. උද්දෙස විභංග සූත්‍රය
9. අරණවිභඞ්ගසුත්තං 9. අරණ විභංග සූත්‍රය
10. ධාතුවිභඞ්ගසුත්තං 10. ධාතු විභංග සූත්‍රය
11. සච්චවිභඞ්ගසුත්තං 11. සච්චවිභංග සූත්‍රය
371
එවං මෙ සුතං - එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘තථාගතෙන, භික්ඛවෙ, අරහතා සම්මාසම්බුද්ධෙන බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පටිවත්තියං සමණෙන වා බ්‍රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං, යදිදං - චතුන්නං අරියසච්චානං ආචික්ඛනා දෙසනා පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං. කතමෙසං චතුන්නං? දුක්ඛස්ස අරියසච්චස්ස ආචික්ඛනා දෙසනා පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං, දුක්ඛසමුදයස්ස අරියසච්චස්ස ආචික්ඛනා දෙසනා පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං, දුක්ඛනිරොධස්ස අරියසච්චස්ස ආචික්ඛනා දෙසනා පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්චස්ස ආචික්ඛනා දෙසනා පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං. තථාගතෙන, භික්ඛවෙ, අරහතා සම්මාසම්බුද්ධෙන බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පටිවත්තියං සමණෙන වා බ්‍රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං , යදිදං - ඉමෙසං චතුන්නං අරියසච්චානං ආචික්ඛනා දෙසනා පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං.
‘‘සෙවථ, භික්ඛවෙ, සාරිපුත්තමොග්ගල්ලානෙ; භජථ, භික්ඛවෙ, සාරිපුත්තමොග්ගල්ලානෙ. පණ්ඩිතා භික්ඛූ අනුග්ගාහකා සබ්‍රහ්මචාරීනං. සෙය්‍යථාපි, භික්ඛවෙ, ජනෙතා (ජනෙත්ති (සී. පී.)), එවං සාරිපුත්තො; සෙය්‍යථාපි ජාතස්ස ආපාදෙතා, එවං මොග්ගල්ලානො. සාරිපුත්තො, භික්ඛවෙ, සොතාපත්තිඵලෙ විනෙති, මොග්ගල්ලානො උත්තමත්ථෙ. සාරිපුත්තො, භික්ඛවෙ, පහොති චත්තාරි අරියසච්චානි විත්ථාරෙන ආචික්ඛිතුං දෙසෙතුං පඤ්ඤාපෙතුං පට්ඨපෙතුං විවරිතුං විභජිතුං උත්තානීකාතු’’න්ති. ඉදමවොච භගවා. ඉදං වත්වාන සුගතො උට්ඨායාසනා විහාරං පාවිසි.
371
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි, භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර සමීපයෙහි මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට “මහණෙනි, කියා ආමන්ත්‍රණය කළ සේක. “පින්වතුන් වහන්සැයි,” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ විසින් බරණැස්නුවර සමීපයෙහිවූ මිගදාය නම් ඉසිපතනාරාමයෙහිදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොපැවැත්විය හැකි නිරුත්තරවූ ධර්මචක්‍රය පවත්වන ලදී. එනම්, චතුරාර්‍ය්‍ය සත්‍යයන්ගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය, (යනුයි.) කවර චතුරාර්‍ය්‍ය සත්‍යයන්ගේද? දුක්ඛ නම් ආර්‍ය්‍ය සත්‍යයාගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය, දුක්ඛ සමුදය නම් ආර්‍ය්‍ය සත්‍යයාගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය. දුක්ඛ නිරෝධ නම් ආර්‍ය්‍ය සත්‍යයාගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා නම් ආර්‍ය්‍ය සත්‍යයාගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය, (යන සතරයි). මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ විසින් බරණැස් සමීපයෙහිවූ මිගදාය නම් ඉසිපතනාරාමයෙහි මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලොව කිසිකෙනෙකු විසිනුත් නොපැවැත්විය හැකි නිරුත්තරවූ ධර්මචක්‍රය පවත්වන ලදී. එනම්, මේ සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමට, ප්‍රකට කිරීමය.
“මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලායනයන් සේවනය කරව්. මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලානයන් භජනය කරව්. පණ්ඩිතවූ (ඒ) භික්ෂූහු බඹසර ඇත්තවුන්ට අනුග්‍රහ කරන්නාහුය. මහණෙනි, වැදූ මව යම්සේද ශාරීපුත්‍ර තෙමේ එමෙනි. උපන්නහුගේ පොෂණය කරන්නාවූ මව යම්සේද, මොග්ගල්ලාන තෙමේ එවැනි වේ. මහණෙනි, ශාරීපුත්‍ර තෙමේ සෝවාන් ඵලයෙහි හික්මවයි. මොග්ගල්ලාන තෙමේ ඉහළ ඵලයන්හි හික්මවයි. මහණෙනි, ශාරීපුත්‍ර තෙම චතුරාර්‍ය්‍ය සත්‍යයන් විස්තර වශයෙන් කියන්ට දේශනා කරන්ට පනවන්ට පිහිටුවන්ට විචරණය කරන්ට විභාග කරන්ට ප්‍රකට කරන්ට සමර්ථවේයයි.” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩිසේක.
372
තත්‍ර ඛො ආයස්මා සාරිපුත්තො අචිරපක්කන්තස්ස භගවතො භික්ඛූ ආමන්තෙසි - ‘‘ආවුසො, භික්ඛවෙ’’ති. ‘‘ආවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච -
‘‘තථාගතෙන, ආවුසො, අරහතා සම්මාසම්බුද්ධෙන බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පටිවත්තියං සමණෙන වා බ්‍රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං, යදිදං - චතුන්නං අරියසච්චානං ආචික්ඛනා දෙසනා පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං. කතමෙසං චතුන්නං? දුක්ඛස්ස අරියසච්චස්ස ආචික්ඛනා දෙසනා පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං, දුක්ඛසමුදයස්ස අරියසච්චස්ස ආචික්ඛනා දෙසනා පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං, දුක්ඛනිරොධස්ස අරියසච්චස්ස ආචික්ඛනා දෙසනා පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්චස්ස ආචික්ඛනා දෙසනා පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං.
372
එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ බැහැර ගිය නොබෝ කල්හි භික්ෂූන්ට “ඇවැත් මහණෙනියි” ආමන්ත්‍රණය කළ සේක. “ඇවැත්නි,” කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිර තෙමේ මෙය ප්‍රකාශ කෙළේය. “ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ විසින් බරණැස්නුවර මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලොව කිසිවෙකු විසින් හෝ නොපැවැත්විය හැකි නිරුත්තරවූ ධර්මචක්‍රය පවත්වන ලදී. එනම්, මේ චතුරාර්‍ය්‍ය සත්‍යයන්ගේ කීමයි, දෙසීමයි, පැනවීමයි, පිහිටුවීමයි, ප්‍රකාශ කිරීමයි, විභාග කිරීමයි, ප්‍රකට කිරීමයි. කවර සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේද? දුක්ඛ නම් ආර්‍ය්‍ය සත්‍යයාගේ කීමය දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය, දුක්ඛ සමුදය නම් ආර්‍ය්‍ය සත්‍යයාගේ දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය. දුක්ඛ නිරෝධ නම් ආර්‍ය්‍ය සත්‍යයාගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා නම් ආර්‍ය්‍ය සත්‍යයාගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, විවරණය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය, (යනුයි).
373
‘‘කතමඤ්චාවුසො, දුක්ඛං අරියසච්චං? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං; සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.
‘‘කතමා චාවුසො, ජාති? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො, අයං වුච්චතාවුසො - ‘ජාති’’’.
‘‘කතමා චාවුසො, ජරා? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්ද්‍රියානං පරිපාකො, අයං වුච්චතාවුසො - ‘ජරා’’’.
‘‘කතමඤ්චාවුසො, මරණං? යා තෙසං තෙසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භෙදො අන්තරධානං මච්චු මරණං කාලංකිරියා ඛන්ධානං භෙදො කළෙවරස්ස නික්ඛෙපො ජීවිතින්ද්‍රියස්සුපච්ඡෙදො, ඉදං වුච්චතාවුසො - ‘මරණං’’’.
‘‘කතමො චාවුසො, සොකො? යො ඛො, ආවුසො, අඤ්ඤතරඤ්ඤතරෙන බ්‍යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස සොකො සොචනා සොචිතත්තං අන්තොසොකො අන්තොපරිසොකො, අයං වුච්චතාවුසො - ‘සොකො’’’.
‘‘කතමො චාවුසො, පරිදෙවො? යො ඛො, ආවුසො, අඤ්ඤතරඤ්ඤතරෙන බ්‍යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස ආදෙවො පරිදෙවො ආදෙවනා පරිදෙවනා ආදෙවිතත්තං පරිදෙවිතත්තං, අයං වුච්චතාවුසො - ‘පරිදෙවො’’’.
‘‘කතමඤ්චාවුසො, දුක්ඛං? යං ඛො, ආවුසො, කායිකං දුක්ඛං කායිකං අසාතං කායසම්ඵස්සජං දුක්ඛං අසාතං වෙදයිතං, ඉදං වුච්චතාවුසො - ‘දුක්ඛං’’’.
‘‘කතමඤ්චාවුසො, දොමනස්සං? යං ඛො, ආවුසො, චෙතසිකං දුක්ඛං චෙතසිකං අසාතං මනොසම්ඵස්සජං දුක්ඛං අසාතං වෙදයිතං, ඉදං වුච්චතාවුසො - ‘දොමනස්සං’’’.
‘‘කතමො චාවුසො, උපායාසො? යො ඛො, ආවුසො, අඤ්ඤතරඤ්ඤතරෙන බ්‍යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස ආයාසො උපායාසො ආයාසිතත්තං උපායාසිතත්තං, අයං වුච්චතාවුසො - ‘උපායාසො’’’.
‘‘කතමඤ්චාවුසො, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං? ජාතිධම්මානං, ආවුසො, සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති - ‘අහො වත, මයං න ජාතිධම්මා අස්සාම; න ච, වත, නො ජාති ආගච්ඡෙය්‍යා’ති. න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි - ‘යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං’. ජරාධම්මානං, ආවුසො, සත්තානං...පෙ.... බ්‍යාධිධම්මානං, ආවුසො, සත්තානං... මරණධම්මානං, ආවුසො, සත්තානං... සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මානං, ආවුසො, සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති - ‘අහො වත, මයං න සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මා අස්සාම ; න ච, වත, නො සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා ආගච්ඡෙය්‍යු’න්ති . න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි - ‘යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං’’’.
‘‘කතමෙ චාවුසො, සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා? සෙය්‍යථිදං - රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරුපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො. ඉමෙ වුච්චන්තාවුසො - ‘සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා’. ඉදං වුච්චතාවුසො - ‘දුක්ඛං අරියසච්චං’’’.
373
“ඇවැත්නි, දුක්ඛ නම් ආර්‍ය්‍ය සත්‍යය කවරේද? ඉපදීමද දුක්වේ. දිරීමද දුක්වේ. මැරීමද දුක්වේ. සොක කිරීමය, වැලපීමය, කායික දුකය, දොම්නසය, දැඩි වෙහෙසය යන මොහුද දුක් වෙත්. කැමැති වන්නාවූ යමක් නොලැබේද, එයද දුක් වේ. කොටින්, පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයෝ දුක් වෙත්.
“ඇවැත්නි, ඉපදීම නම් කවරීද, ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයෙහි යම් ඉපදීමක්, හටගැනීමක්, පිළිසිඳීමක්, පහළවීමක්, ස්කන්ධයන්ගේ පහළවීමක්, ආයතනයන්ගේ ප්‍රතිලාභයක් වේද, ඇවැත්නි, මෙය ජාතියයි කියනු ලැබේ. (ඉපදීමයයි කියනු ලැබේ).
“ඇවැත්නි, ජරාව කවරීද? ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයෙහි යම් ජරාවක්, දිරණ බවක්, කැඩෙන බවක්, පැසෙන බවක්, රැලි වැටුනු සිවිය ඇති බවක්, ආයුෂයාගේ පිරිහීමක්, ඉන්ද්‍රියන්ගේ මේරීමක් වේද, ඇවැත්නි, මෙය ජරාවයයි කියනු ලැබේ.
“ඇවැත්නි, මරණය කවරේද? ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයෙන් යම් චුතවීමක්, චුතවන බවක්, බිඳීමක්, අතුරුදන්වීමක්, මරණයක්, කළුරිය කිරීමක්, ස්කන්ධයන්ගේ බිඳීමක්, ශරීරයාගේ බහාතැබීමක් වේද, ඇවැත්නි, මේ මරණයයි කියනු ලැබේ.
“ඇවැත්නි, ශෝක කිරීම නම් කවරේද? ඇවැත්නි, එක්තරා එක්තරා විනාශයකින් යුක්තවූවහුට එක්තරා එක්තරා දුක් ස්වභාවයක් පැමිණියහුට යම් ශෝකයක්, තැවීමක්, තැවීම් ඇතිබවක්, ඇතුළත තැවීමක්, ඇතුළත අතිශයින් තැවීමක් වේද, ඇවැත්නි, මේ ශෝකයයි කියනු ලැබේ.
“ඇවැත්නි, වැළපීම කවරේද, ඇවැත්නි, එක්තරා එක්තරා විනාශයකින් යුක්තවූවහුගේ එක්තරා එක්තරා දුක් ස්වභාවයක් පැමිණියහුගේ යම් ආදෙවයක්, පරිදෙවයක්, හැඬීමක්, වැළපීමක්, හැඬීම ඇතිබවක්, වැළපෙන ස්වභාවයක් වේද, ඇවැත්නි, මේ වැළපීමයයි කියනු ලැබේ.
“ඇවැත්නි, දුක නම් කවරේද? ඇවැත්නි, යම් කයෙහි හටගන්නාවූ දුකක්, කයෙහි හටගන්නාවූ නොසැපයක්, කයේ වැදීමෙන් හටගන්නාවූ දුකක් නොසැපයක්, විඳ ගැනීමක් වේද, ඇවැත්නි, මේ දුකයයි කියනු ලැබේ.
“ඇවැත්නි, දොම්නස කවරේද? ඇවැත්නි, යම් සිතෙහි හටගන්නාවූ දුකක් වේද, සිතෙහි හටගන්නාවූ නොසැපවූ විඳ ගැනීමක් වේද, මනො සම්ඵස්සයෙන් හට ගන්නාවූ දුකක් නොසැපවූවක් විඳගැනීමක් වේද, ඇවැත්නි, මෙය දොම්නසයයි කියනු ලැබේ.
“ඇවැත්නි, දැඩිවූ වෙහෙස කවරේද? ඇවැත්නි, එක්තරා එක්තරා විනාශයකින් යුක්තවූවහුට එක්තරා එක්තරා දුක් ස්වභාවයක් පැමිණියාහුට යම් වෙහෙසක්, දැඩිවූ ශෝකයක්, වෙහෙසට පැමිණි බවක්, දැඩිවූ ශොක ඇති බවක් වේද, ඇවැත්නි, මෙය උපායාසයයි කියනු ලැබේ.
“ඇවැත්නි, කැමතිවූ යමක් නොලබාද එයද දුක් වේ, යනු කවරේද? ඇවැත්නි, ඉපදීම ස්වභාවකොට ඇත්තාවූ සත්වයන්ට මෙබඳු කැමැත්තක් පහළවේ. ‘අපි ඉපදීම ස්වභාව කොට ඇත්තාහු නොවන්නෙමු නම්, ඒකාන්තයෙන් අපට ඉපදීම නොපැමිණෙන්නේ නම් යහපතැයි’ කියායි. මේ වනාහි කැමැත්තෙන් නොපැමිණිය යුත්තකි. මෙයද කැමති යමක් නොලබා නම්, එයද දුක්වේ. ඇවැත්නි, දිරීම ස්වභාව කොට ඇති සත්වයන්ට මෙබඳු කැමැත්තක් පහළවේ. ‘අපි දිරීම ස්වභාවකොට ඇත්තාහු නොවන්නෙමු නම්, ඒකාන්තයෙන් අපට දිරීම නොපැමිණෙන්නේ නම් ඉතා හොඳය’ කියායි. මේ වනාහි කැමැත්තෙන් නොපැමිණිය යුත්තකි මෙයද කැමති යමක් නොලබා නම් එයද දුක්වේ. ඇවැත්නි, ව්‍යාධිය ස්වභාවකොට ඇති සත්වයන්ට මෙබඳු කැමැත්තක් පහළවේ. ‘අපි ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාහු නොවන්නෙමු නම්, ඒකාන්තයෙන් අපට ව්‍යාධිය නොපැමිණෙන්නේ නම්, ඉතා හොඳයයි’ කියායි. මේ වනාහි කැමැත්තෙන් නොපැමිණිය යුත්තකි. මෙයද, කැමති යමක් නොලබානම් එයද දුක් වේ.
“ඇවැත්නි, මරණය ස්වභාවකොට ඇති සත්වයන්ට මෙබඳු කැමැත්තක් පහළවේ. ‘අපි මරණය ස්වභාවකොට ඇත්තාහු නොවන්නෙමු නම්, ඒකාන්තයෙන් අපට මරණය නොපැමිණෙන්නේ නම් ඉතා හොඳය’ කියායි. මේ වනාහි කැමැත්තෙන් නොපැමිණිය යුත්තකි මෙයද කැමති යමක් නොලබා නම් එයද දුක් වේ.
“ඇවැත්නි, ඇතුළත තැවීමය, වැළපීමය, කායික දුකය, චෛතසික දුකය, දැඩිවූ ආයාසය යන මොවුන් ස්වභාව කොට ඇති සත්වයන්ට මෙබඳු කැමැත්තක් උපදියි. ‘අපි ඇතුළත තැවීමය, විලාප කීමය, කායික දුකය, චෛතසික දුකය, දැඩිවූ ආයාසය යන මොවුන් ස්වභාව කොට ඇත්තෝ නොවන්නෙමු නම්, අපට ඒකාන්තයෙන් ශොක, පරිදෙව, දුක්, දොම්නස් යන මොහු නොපැමිණෙන්නාහු නම් යහපති, කියායි. මෙය වනාහි කැමැත්තෙන් නොපැමිණිය යුතුයි. මෙයද කැමැති යමක් නොලබයිද, එයද දුක් වේ.
“ඇවැත්නි, සැකෙවින් පඤ්ච උපාදාන ස්කන්ධයෝ දුක් වෙති, යනු කවරහුද, එනම් රූපොපාදාන ස්කන්ධය වේදනොපාදාන ස්කන්ධය, සංඥොපාදාන ස්කන්ධය, සංස්කාරොපාදාන ස්කන්ධය, විඥානොපාදන ස්කන්ධය යන මොහුයි. ඇවැත්නි, මොව්හු සැකෙවින් පඤ්චොපාදාන ස්කන්ධයෝ දුක් වෙත්යයි කියනු ලැබෙත්.
“ඇවැත්නි, මේ දුඃඛාර්‍ය්‍යසත්‍යයයි කියනු ලැබේ.
374
‘‘කතමඤ්චාවුසො, දුක්ඛසමුදයං (දුක්ඛසමුදයො (ස්‍යා. කං.)) අරියසච්චං? යායං තණ්හා පොනොබ්භවිකා (පොනොභවිකා (සී. පී.)) නන්දීරාගසහගතා (නන්දිරාගසහගතා (සී. ස්‍යා. කං. පී.)) තත්‍රතත්‍රාභිනන්දිනී, සෙය්‍යථිදං - කාමතණ්හා භවතණ්හා විභවතණ්හා , ඉදං වුච්චතාවුසො - ‘දුක්ඛසමුදයං (දුක්ඛසමුදයො (ස්‍යා. කං.)) අරියසච්චං’’’.
‘‘කතමඤ්චාවුසො, දුක්ඛනිරොධං (දුක්ඛනිරොධො (ස්‍යා. කං.)) අරියසච්චං? යො තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො, ඉදං වුච්චතාවුසො - ‘දුක්ඛනිරොධං (දුක්ඛනිරොධො (ස්‍යා. කං.)) අරියසච්චං’’’.
374
“ඇවැත්නි, දුක්ඛසමුදය නම් ආර්‍ය්‍යසත්‍යය කවරේද? නැවත භවය ගෙණදෙන්නාවූ සතුටුවීමයයි කියනලද ඇල්මෙන් යුක්තවූ ඒ ඒ තන්හි ඇළුම් කරන්නාවූ යම් මේ තෘෂ්ණාවක් වේද, එනම්, කාම තෘෂ්ණාවය, භව තෘෂ්ණාවය, විභව තෘෂ්ණාවය යන මොහුයි. ඇවැත්නි, මේ දුක්ඛසමුදය නම් ආර්‍ය්‍යසත්‍යයයි කියනු ලැබේ.
“ඇවැත්නි, දුක්ඛ නිරෝධ නම් ආර්‍ය්‍යසත්‍යය කවරේද? ඒ තෘෂ්ණාවගේම ශෙෂ රහිතව (ඉතිරිවීමක් නැතිව) නොඇලීමෙන් යම් නිරෝධයක්, ත්‍යාගයක්, දුරලීමක්, මිදීමක්, ඇළුම් රහිත බවක් වේද, ඇවැත්නි, මෙය දුක්ඛනිරෝධ නම් ආර්‍ය්‍යසත්‍යයයි කියනු ලැබේ.
375
‘‘කතමඤ්චාවුසො, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මාසති, සම්මාසමාධි.
‘‘කතමාචාවුසො, සම්මාදිට්ඨි? යං ඛො, ආවුසො, දුක්ඛෙ ඤාණං, දුක්ඛසමුදයෙ ඤාණං, දුක්ඛනිරොධෙ ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං, අයං වුච්චතාවුසො - ‘සම්මාදිට්ඨි’’’.
‘‘කතමො චාවුසො, සම්මාසඞ්කප්පො? නෙක්ඛම්මසඞ්කප්පො, අබ්‍යාපාදසඞ්කප්පො , අවිහිංසාසඞ්කප්පො, අයං වුච්චතාවුසො - ‘සම්මාසඞ්කප්පො’’’.
‘‘කතමා චාවුසො, සම්මාවාචා? මුසාවාදා වෙරමණී, පිසුණාය වාචාය වෙරමණී, ඵරුසාය වාචාය වෙරමණී, සම්ඵප්පලාපා වෙරමණී, අයං වුච්චතාවුසො - ‘සම්මාවාචා’’’.
‘‘කතමො චාවුසො, සම්මාකම්මන්තී? පාණාතිපාතා වෙරමණී, අදින්නාදානා වෙරමණී, කාමෙසුමිච්ඡාචාරා වෙරමණී, අයං වුච්චතාවුසො - ‘සම්මාකම්මන්තො’’’.
‘‘කතමො චාවුසො, සම්මාආජීවො? ඉධාවුසො, අරියසාවකො මිච්ඡාආජීවං පහාය සම්මාආජීවෙන ජීවිකං කප්පෙති, අයං වුච්චතාවුසො - ‘සම්මාආජීවො’’’.
‘‘කතමො චාවුසො, සම්මාවායාමො? ඉධාවුසො, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්‍යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, අයං වුච්චතාවුසො - ‘සම්මාවායාමො’’’.
‘‘කතමා චාවුසො, සම්මාසති? ඉධාවුසො, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු වෙදනානුපස්සී විහරති...පෙ.... චිත්තෙ චිත්තානුපස්සී විහරති... ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, අයං වුච්චතාවුසො - ‘සම්මාසති’’’.
‘‘කතමො චාවුසො, සම්මාසමාධි? ඉධාවුසො, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති, පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති...පෙ.... තතියං ඣානං... විහරති, අයං වුච්චතාවුසො - ‘සම්මාසමාධි’. ඉදං වුච්චතාවුසො - ‘දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං’’’.
‘‘තථාගතෙනාවුසො, අරහතා සම්මාසම්බුද්ධෙන බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පටිවත්තියං සමණෙන වා බ්‍රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං, යදිදං - ඉමෙසං චතුන්නං අරියසච්චානං ආචික්ඛනා දෙසනා පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්ම’’න්ති.
ඉදමවොච ආයස්මා සාරිපුත්තො. අත්තමනා තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දුන්ති.
සච්චවිභඞ්ගසුත්තං නිට්ඨිතං එකාදසමං.
375
“ඇවැත්නි, දුක් නිරුද්ධකිරීම පිණිස ගමන් කරන්නාවූ ප්‍රතිපදාව නම් ආර්‍ය්‍යසත්‍යය කවරේද? මේ ආර්‍ය්‍ය අෂ්ටාඩ්ගික මාර්ගය මැයි. එනම්, සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යනු මොහුයි.
“ඇවැත්නි, සම්‍යක් දෘෂ්ටිය කවරීද? ඇවැත්නි, දුක්ඛ සත්‍යයෙහි යම් දැනීමක් වේද, දුක්ඛ සමුදය සත්‍යයෙහි යම් දැනීමක් වේද, දුක්ඛ නිරෝධ සත්‍යයෙහි යම් දැනීමක් වේද, දුක් නිරුද්ධ කිරීම පිණිස පිළිපදින්නාවූ මාර්ග සත්‍යයෙහි යම් දැනීමක් වේද, ඇවැත්නි, මෙය සම්‍යක් දෘෂ්ටියයි කියනු ලැබේ.
“ඇවැත්නි, සම්‍යක් සංකල්පය නම් කවරීද? කාමයන්ගෙන් සිත බැහැර කිරීමෙහි සංකල්පනාවය. ක්‍රොධ නොකිරීම පිළිබඳ සංකල්පනාවය, හිංසා නොකිරීම පිළිබඳ සංකල්පනාවය යන මොහුයි. ඇවැත්නි, මේ සම්‍යක් සංකල්පයයි කියනු ලැබේ.
“ඇවැත්නි, සම්‍යක් වචනය කවරේද? බොරු කීමෙන් වැළකීමය, කේලාම් කීමෙන් වැළකීමය, රළුවචන කීමෙන් වැළකීමය, හිස් කථාවෙන් වැළකීමය යන මොහුයි ඇවැත්නි, මේ සම්‍යක් වචනයයි කියනු ලැබේ.
“ඇවැත්නි, සම්‍යක් කර්මාන්තය නම් කවරේද? සතුන් මැරීමෙන් වැළකීමය, සොරකම් කිරීමෙන් වැළකීමය, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීමය යන මොහුයි. ඇවැත්නි, මේ සම්‍යක් කර්මාන්තයයි කියනු ලැබේ
“ඇවැත්නි, සම්‍යක් ආජීවය නම් කවරේද? ඇවැත්නි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම වැරදිවූ ජීවිකාව හැර යහපත්වූ ජීවිකාවෙන් දිවි පැවැත්ම කෙරේද, ඇවැත්නි, මේ සම්‍යක් ආජීවයයි කියනු ලැබේ.
“ඇවැත්නි, සම්‍යක් ව්‍යායාමය නම් කවරේද? ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුතෙම නූපන්නාවූ ලාමකවූ අකුශල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයි. ව්‍යායාම කරයි. වීර්‍ය්‍ය පටන්ගනියි. සිත දැඩිකර ගණියි, උත්සාහ කරයි. උපන්නාවූ ලාමකවූ අකුසල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන්ගනියි. සිත දැඩිකර ගනියි. උත්සාහ කරයි. නූපන්නාවූ කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන්ගනියි. සිත දැඩිකර ගනියි. උත්සාහ කරයි. උපන්නාවූ කුසල කර්මයන්ගේ පැවැත්ම පිණිස, මුළා නොවීම පිණිස, වැඩිවීම පිණිස, මහත්වීම පිණිස, භාවනාවෙන් සම්පූර්ණ කිරීම පිණිස ආලය උපදවයි වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන්ගනියි. සිත දැඩිකර ගනියි. උත්සාහ කරයි. ඇවැත්නි, මේ සම්‍යක් ව්‍යායාමයයි කියනු ලැබේ.
“ඇවැත්නි, සම්‍යක් ස්මෘතිය නම් කවරේද? ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුතෙම කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, මනා දැනුම් ඇත්තේ, සිහි ඇත්තේ, ලෝකයෙහි ලෝභය හා දෝෂය දුරුකොට කයෙහි කය අනුව බලමින් වාසය කරයි. වේදනාවන්හි වේදනාවන් අනුව බලන්නේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, මනා දැනුම් ඇත්තේ, සිහි ඇත්තේ, ස්කන්ධ ලෝකයෙහි ලෝභය හා දෝෂය දුරු කොට වාසය කරයි. සිතෙහි සිත අනුව බලන්නේ කෙළෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, මනා දැනුම් ඇත්තේ, සිහි ඇත්තේ, ලෝකයෙහි ලෝභය හා දෝෂය දුරුකොට වාසය කරයි. කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, මනා දැනුම් ඇත්තේ, සිහි ඇත්තේ, ලෝකයෙහි ලෝභය හා දෝෂය දුරුකොට ධර්මයන්හි ධර්මය අනුව දකිමින් වාසය කරයි. ඇවැත්නි, මෙය සම්‍යක් ස්මෘතියයි කියනු ලැබේ.
“ඇවැත්නි, සම්‍යක් සමාධිය නම් කවරේද? ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුතෙම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති සිත පිළිබඳ එකඟ බැව් ඇත්තාවූ, විතර්ක සහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කෙරෙයි. සිහියෙන් යුක්තවූයේ, කයින් සැප විඳියි. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ, සිහියෙන් යුක්තවූයේ, සැප විහරණය ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. සැපය නැතිකිරීමෙන් දුක් නැති කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැත්තාවූද, සැප නැත්තාවූද උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරයි. ඇවැත්නි, මේ සම්‍යක් සමාධියයි කියනු ලැබේ. ඇවැත්නි, මේ දුක් නිරුද්ධකිරීම පිණිස ගමන් කරන්නාවූ මාර්ගය නම්, ආර්‍ය්‍යසත්‍යයයි කියනු ලැබේ.
“ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ විසින් බරණැස් නුවර මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරුවෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලෝ කිසිවෙකු විසිනුත් නොපැවැත්විය හැකි නිරුත්තරවූ ධර්මචක්‍රය පවත්වනලදී. එනම්, මේ සිව්වැදෑරුම්වූ ආර්‍ය්‍ය සත්‍යයන්ගෙන් කීම, දෙසීම, පැනවීම, පිහිටුවීම, විවරණය, විභජනය, ප්‍රකටකිරීම යනුයි.
ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරතෙමේ මෙය ප්‍රකාශ කෙළේය. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ගේ වචනය සතුටින් පිළිගත්තාහුයි.
එකළොස් වැනිවූ සච්චවිභංග සූත්‍රය නිමි. (4-11)
12. දක්ඛිණාවිභඞ්ගසුත්තං 12. දක්ඛිණවිභංග සූත්‍රය