4. විභඞ්ගවග්ගො | 4. විභංග වර්ගය |
1. භද්දෙකරත්තසුත්තං | 1. භද්දෙකරත්ත සූත්‍රය |
272
එවං
‘‘අතීතං නාන්වාගමෙය්ය, නප්පටිකඞ්ඛෙ අනාගතං;
යදතීතං පහීනං තං, අප්පත්තඤ්ච අනාගතං.
‘‘පච්චුප්පන්නඤ්ච යො
(යං (නෙත්තිපාළි)) ධම්මං, තත්ථ තත්ථ විපස්සති;
අසංහීරං
(අසංහිරං (ස්‍යා. කං. ක.)) අසංකුප්පං, තං විද්වා මනුබ්රූහයෙ.
‘‘අජ්ජෙව කිච්චමාතප්පං
(කිච්චං ආතප්පං (සී. ක.)), කො ජඤ්ඤා මරණං සුවෙ;
න හි නො සඞ්ගරං තෙන, මහාසෙනෙන මච්චුනා.
‘‘එවං විහාරිං ආතාපිං, අහොරත්තමතන්දිතං;
තං වෙ භද්දෙකරත්තොති, සන්තො ආචික්ඛතෙ මුනි’’
(මුනීති (සී. ස්‍යා. කං. පී.)).
|
272
මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසනලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමිපයෙහිවූ, ජේතවන නම්වූ අනේපිඩුමහ සිටුහුගේ ආරාමයෙහි වැඩවාසය කරණසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’ කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. ඒ භික්ෂූහු පින්වතුන් වහන්සැයි’ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
“මහණෙනි, තොපට විදර්ශනා භාවනාවෙහි යෙදී වාසය කරණ බැවින් යහපත්වූ එක් රැයක් පිළිබඳවූ උදෙසීමයයි කියනලද මාතෘකාවද විස්තර වශයෙන් බෙදීමද, දේශනා කරන්නෙමි. එය අසව්, මොනවට මෙනෙහි කරව්, කියන්නෙමියි” වදාළේය. “එසේය ස්වාමීන් වහන්සැයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේහට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
[1] “ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන් ගෙන් නොයන්නේය. අනාගත (නුපන්) පඤ්චස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යමක් ඉක්ම ගියේද එයා ප්‍රහීණ වූයේ (නැතිවූයේවේ.) අනාගත පඤ්චස්කන්ධය නොපැමිණියේ (නුපන්නේ) වෙයි.
[2] “වර්තමානවූ (ඉපද පවත්නාවූ) යම් පඤ්චස්කන්ධයක් වේද, ඒ පඤ්චස්කන්ධය ඒ ඒ උපන් තන්හිම අනිත්‍යාදී වශයෙන් බලන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට පණ්ඩිත භික්ෂුතෙමේ වඩන්නේය.
[3] “අදම කෙලෙස් තවන වීර්‍ය්‍යය කළ යුත්තේය. හෙට මරණය සිදුවන්නේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති ඒ මාරයා සමග ගිවිසුම්කොට නැවතීමක් නොවන්නේමය.
[4] “මෙසේ වාසය කරන්නාවූ කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ රෑ දාවල් දෙක්හි අනලස්වූ මෙසේ පිළිපන් පුද්ගලයා ඒකාන්තයෙන් යහපත්වූ එක් රැයක් ඇති භික්ෂුව යයි ශාන්තවූ බුද්ධ මුනිතෙමේ වදාළේය.
|
273
‘‘කථඤ්ච
‘‘කථඤ්ච, භික්ඛවෙ, අතීතං නාන්වාගමෙති? ‘එවංරූපො අහොසිං අතීතමද්ධාන’න්ති තත්ථ නන්දිං න සමන්වානෙති, ‘එවංවෙදනො අහොසිං අතීතමද්ධාන’න්ති තත්ථ නන්දිං න සමන්වානෙති, ‘එවංසඤ්ඤො අහොසිං අතීතමද්ධාන’න්ති
|
273
“මහණෙනි, කෙසේ වනාහි ඉකුත්ව ගිය ස්කන්ධයන් අනුව යන්නේද? අතීත කාලයෙහි මම මෙබඳු රූප ඇත්තෙක් වූයෙම් යයි එහි තෘෂ්ණාව අනුව පවත්වන්නේය. අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වූයෙම්යයි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අතීතකාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වූයෙම්යයි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වූයෙම්යයි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. අතීත කාලයෙහි මෙබඳු විඥාණ ඇත්තෙක් වූයෙම්යයි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. මහණෙනි, මෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව යන්නේය.
“මහණෙනි, කෙසේ නම් ඉකුත්වූ ස්කන්ධයක් අනුව නොයන්නේද? අතීත කාලයෙහි මෙබඳු රුප ඇත්තෙක් වූයෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්නේය. අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වූයෙම්යයි, එහි තෘෂ්ණාව නොපවත්නේය. අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වූයෙම්යයි, එහි තෘෂ්ණාව නොපවත්නේය. අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වූයෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්නේය. අතීත කාලයෙහි මෙබඳු විඥාණ ඇත්තෙක් වූයෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්නේය. මහණෙනි, මෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව නොයන්නේය.
|
274
‘‘කථඤ්ච, භික්ඛවෙ, අනාගතං පටිකඞ්ඛති? ‘එවංරූපො සියං අනාගතමද්ධාන’න්ති තත්ථ නන්දිං සමන්වානෙති, එවංවෙදනො සියං...පෙ.... එවංසඤ්ඤො සියං... එවංසඞ්ඛාරො සියං... එවංවිඤ්ඤාණො සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානෙති - එවං ඛො, භික්ඛවෙ, අනාගතං පටිකඞ්ඛති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, අනාගතං නප්පටිකඞ්ඛති? ‘එවංරූපො සියං අනාගතමද්ධාන’න්ති තත්ථ නන්දිං න සමන්වානෙති, එවංවෙදනො සියං
|
274
“මහණෙනි, කෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කෙරේද? අනාගත කාලයෙහිදී මෙබඳු රූප ඇත්තෙක් වන්නෙම් යයි එහි තෘෂ්ණාව පවත් වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව පවත් වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව පවත් වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු විඥාන ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව පවත් වන්නේය. මහණෙනි, මෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේය. මහණෙනි, කෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකෙරේද, අනාගත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්නේය. අනාගත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්නේය. අනාගත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. මහණෙනි, මෙසේ වනාහි අනාගත ස්කන්ධයන්හි ප්‍රාර්ථනා නොකරන්නේය.
|
275
‘‘කථඤ්ච, භික්ඛවෙ, පච්චුප්පන්නෙසු ධම්මෙසු සංහීරති? ඉධ, භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං; වෙදනං...පෙ.... සඤ්ඤං... සඞ්ඛාරෙ... විඤ්ඤාණං
‘‘කථඤ්ච
‘‘අතීතං
යදතීතං පහීනං තං, අප්පත්තඤ්ච අනාගතං.
‘‘පච්චුප්පන්නඤ්ච
අසංහීරං අසංකුප්පං, තං විද්වා මනුබ්රූහයෙ.
‘‘අජ්ජෙව කිච්චමාතප්පං, කො ජඤ්ඤා මරණං සුවෙ;
න හි නො සඞ්ගරං තෙන, මහාසෙනෙන මච්චුනා.
‘‘එවං විහාරිං ආතාපිං, අහොරත්තමතන්දිතං;
තං වෙ භද්දෙකරත්තොති, සන්තො ආචික්ඛතෙ මුනී’’ති.
‘‘‘භද්දෙකරත්තස්ස වො, භික්ඛවෙ, උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච දෙසෙස්සාමී’ති - ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්ත’’න්ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
|
275
“මහණෙනි, කෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන්හි විදර්ශනාවගේ අභාවයෙන් තෘෂ්ණා දෘෂ්ටීන් විසින් අදිනු ලැබේද? මහණෙනි, මේ ලෝකයෙහි ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂ නොවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුණාවූ, බුද්ධාදී සත්පුරුෂයන් නොදක්නාවූ, එම සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ නොවූ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණාවූ, ඇසූ පිරූ තැන් නැති පෘථග්ජන තෙමේ රූප ස්කන්ධය තමා වශයෙන් දකින්නේය. තමන් රූප ස්කන්ධය ඇත්තෙකැයි කියා හෝ දකින්නේය. රූප ස්කන්ධය තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකින්නේය. රූප ස්කන්ධයෙහි තමා ඇත්තේයයි කියා හෝ දකින්නේය. වේදනා ස්කන්ධය තමායයි දකින්නේය. තමා වේදනා ස්කන්ධය ඇත්තෙක කියා හෝ දකින්නේය. වේදනා ස්කන්ධය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දකින්නේය. වේදනා ස්කන්ධයෙහි තමා ඇත්තේය කියා හෝ දකින්නේය. සංඥා ස්කන්ධය තමා වශයෙන් දකින්නේය. තමා සංඥා ස්කන්ධය ඇත්තෙක කියා හෝ දකින්නේය. සංඥා ස්කන්ධය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දකින්නේය. සංඥා ස්කන්ධයෙහි තමා ඇත්තේය කියා හෝ දකින්නේය. සංස්කාර ස්කන්ධය තමා වශයෙන් දකින්නේය. තමා සංස්කාර ස්කන්ධය ඇත්තෙකැයි කියා හෝ දකින්නේය. සංස්කාර ස්කන්ධය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දකින්නේය සංස්කාර ස්කන්ධයෙහි තමා ඇත්තේය කියා හෝ දකින්නේය. විඥාන ස්කන්ධය තමා වශයෙන් දකින්නේය. තමා විඥාන ස්කන්ධය ඇත්තෙක කියා හෝ දකින්නේය. විඥාන ස්කන්ධය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දකින්නේය. තමා විඥාන ස්කන්ධය කෙරෙහි ඇත්තේය කියා හෝ දකින්නේය. මහණෙනි, මෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන්හි විදර්ශනා භාවනා නැති හෙයින් තෘෂ්ණා දෘෂ්ටීන් විසින් අදිනු ලැබේ.
“මහණෙනි, කෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන්හි තෘෂ්ණා දෘෂ්ටීන් විසින් නොඅදිනු ලැබේද, මහණෙනි, මේ සස්නෙහි ආර්‍ය්‍යයන් දක්නා ස්වභාව ඇත්තාවූ, ආර්ය්යධර්මයෙහි දක්ෂවූ, ආර්ය්යධර්මයෙහි හික්මුනාවූ, බුද්ධාදී සත්පුරුෂයන් දක්නා ස්වභාව ඇත්තාවූ, එම සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපය තමායයි නොදක්නේය. තමා රූප ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. රූප ස්කන්ධය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ නොදක්නේය. රූප ස්කන්ධය කෙරෙහි තමා ඇත්තේය කියා හෝ නොදක්නේය. වේදනා ස්කන්ධය තමා වශයෙන් නොදක්නේය. තමා වේදනාව ඇත්තෙකැයි හෝ නොදක්නේය. වේදනාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදක්නේය. තමා වේදනාව කෙරෙහි ඇත්තේ යයි කියා නොදක්නේය. සංඥා ස්කන්ධය තමා වශයෙන් නොදක්නේය. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. සංඥාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදක්නේය. තමා සංඥාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදක්නේය. සංස්කාර ස්කන්ධය තමා වශයෙන් නොදක්නේය. තමා සංස්කාර ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. සංස්කාර තමාකෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදක්නේය. තමා සංස්කාර කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදක්නේය. විඥාන ස්කන්ධය තමා වශයෙන් නොදක්නේය. තමා විඥාන ස්කන්ධය ඇත්තෙකැයි හෝ නොදක්නේය. විඥාන ස්කන්ධය තමා කෙරෙහි හෝ නොදක්නේද, තමා විඥාන ස්කන්ධය කෙරෙහි හෝ නොදක්නේද, මහණෙනි, මෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන්හි තෘෂ්ණා දෘෂ්ටීන් විසින් නොඅදිනු ලැබේ.
“අතීත පඤ්ච ස්කන්ධයන් අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය. අනාගත පඤ්ච ස්කන්ධයන් තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. ඒකාන්තයෙන් එබඳු පුද්ගලයා යහපත් එක් රැයක් ඇති තැනැත්තේයයි ශාන්තවූ බුද්ධ මුනි තෙමේ වදාරන්නේයි.
“මහණෙනි, තොපට යහපත් එක් රාත්‍රියක් ඇති තැනැත්තාගේ උද්දෙස සංඛ්‍යාත මාතෘකාවක් විභංගයයි කියනලද විස්තර දේශනාවක් දේශනා කරන්නෙමි යන යම් වචනයක් කියන කරන ලද්දේද, එය මේ සඳහා කියන ලද්දේ වෙයි.”
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළේය. සතුටු සිත් ඇති ඒ භික්ෂූන්වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටු වූවාහුය.
|
2. ආනන්දභද්දෙකරත්තසුත්තං | 2. ආනන්ද භද්දෙකරත්ත සූත්‍රය |
276
එවං
අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනුපට්ඨානසාලා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘කො නු ඛො, භික්ඛවෙ, උපට්ඨානසාලායං භික්ඛූනං ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි, භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච අභාසී’’ති? ‘‘ආයස්මා, භන්තෙ, ආනන්දො උපට්ඨානසාලායං භික්ඛූනං ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි, භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච අභාසී’’ති.
අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි - ‘‘යථා කථං පන ත්වං, ආනන්ද, භික්ඛූනං ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි
‘‘අතීතං
යදතීතං පහීනං තං, අප්පත්තඤ්ච අනාගතං.
‘‘පච්චුප්පන්නඤ්ච යො ධම්මං, තත්ථ තත්ථ විපස්සති;
අසංහීරං අසංකුප්පං, තං විද්වා මනුබ්රූහයෙ.
‘‘අජ්ජෙව
න හි නො සඞ්ගරං තෙන, මහාසෙනෙන මච්චුනා.
‘‘එවං විහාරිං ආතාපිං, අහොරත්තමතන්දිතං;
තං වෙ භද්දෙකරත්තොති, සන්තො ආචික්ඛතෙ මුනි’’.
|
276
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩවාසය කරණසේක. ඒ කාලයෙහි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ උපස්ථාන ශාලාවෙහි භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු ගෙණහැර දක්වයි. එහි යොදවයි. තෙද ගන්වයි. සතුටු කරවයි. යහපත් එක් රැයක් ඇත්තහුගේ උද්දේසයයි කියනලද මාතෘකාවක්, විභංගයයි කියනලද විස්තරයත් ප්‍රකාශ කරයි.
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමාපත්තියෙන් නැගිට උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද එතැන්හි වැඩිසේක. වැඩමවා පනවනලද බුද්ධාසනයෙහි වැඩහුන්සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. “මහණෙනි, කවරෙක් වනාහි උපස්ථාන ශාලාවෙහි භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු ගෙනහැර දැක්වූයේද, යෙදවූයේද, තෙදගැන්වූයේද සතුටු කෙළේද, යහපත් එක් රැයක් ඇත්තහුගේ මාතෘකාවත් විස්තරයත් කීයේදැයි ඇසූහ.
“ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ උපස්ථාන ශාලාවෙහි භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු දැක්වූයේය. යෙදවූයේය. තෙද ගැන්වූයේය. සතුටු කෙළේය යහපත් එක් රැයක් ඇත්තහුගේ මාතෘකාවත් විස්තරයත් කෙළේ යයි” (සැළකෙළේය.)
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට ආමන්ත්‍රණය කළසේක. “ආනන්දය, තෙපි වනාහි කවර පරිද්දෙකින් භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු දැක්වූයේද, යෙදවූයේද, තෙදගැන්වූයේද සතුටු කෙළේද, යහපත් එක් රැයක් ඇත්තහුගේ මාතෘකාවත් විස්තර බෙදීමත්, ප්‍රකාශ කෙළේදැයි” (විචාළසේක.) “ස්වාමීනි මම මෙසේ වනාහි භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු දැක්වූයෙමි. යෙදවූයෙමි. තෙද ගැන්වූයෙමි. සතුටුකෙළෙමි. යහපත් එක් රැයක් ඇත්තහුගේ මාතෘකාවත් විස්තර බෙදීමත් ප්‍රකාශ කෙළෙමියි (සැලකෙළේය.)
[1] “ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන් ගේ වශයෙන් නොයන්නේය. අනාගත පඤ්චස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්ම ගියේද, එය ප්‍රහීණවූයේ (නැතිවූයේ) වෙයි. අනාගතවූ යම් ස්කන්ධයක්වේද, එය නොපැමිණියේය.
[2] “වර්තමානවූ යම් ස්කන්ධයක් වේද, එය අනිත්‍යානු පස්සනාදීන්ගෙන් ඒ උපන් උපන් තන්හි විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට පණ්ඩිත භික්ෂුතෙමේ වඩන්නේය.
[3] “අදම කෙළෙස් තවන වීර්‍ය්‍යය කළ යුත්තේය. මරණය හෙට හෝ සිදුවන්නේයයි කවරෙක් දන්නේද, මහත් සෙනගක් ඇති ඒ මාරයා සමග ගිවිසුමක් නැත්තේය.
[4] “මෙසේ වාසය කරන්නාවූ කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ රෑ දාවල් දෙක්හි අනලස්ව පිළිපන්නාවූ ඒ පුද්ගලයා ඒකාන්තයෙන් යහපත්වූ එක් රැයක් ඇති භික්ෂුව යයි ශාන්තවූ බුද්ධ මුනි තෙමේ වදාළේයි.
|
277
‘‘කථඤ්ච, ආවුසො, අතීතං අන්වාගමෙති? එවංරූපො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානෙති, එවංවෙදනො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානෙති, එවංසඤ්ඤො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානෙති, එවංසඞ්ඛාරො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානෙති, එවංවිඤ්ඤාණො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානෙති - එවං ඛො, ආවුසො, අතීතං අන්වාගමෙති.
‘‘කථඤ්ච, ආවුසො, අතීතං නාන්වාගමෙති? එවංරූපො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති, එවංවෙදනො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති, එවංසඤ්ඤො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති, එවංසඞ්ඛාරො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති, එවංවිඤ්ඤාණො අහොසිං
‘‘කථඤ්ච, ආවුසො, අනාගතං පටිකඞ්ඛති? එවංරූපො සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානෙති, එවංවෙදනො සියං...පෙ.... එවංසඤ්ඤො සියං... එවංසඞ්ඛාරො
‘‘කථඤ්ච, ආවුසො, අනාගතං නප්පටිකඞ්ඛති? එවංරූපො සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති, එවංවෙදනො සියං...පෙ.... එවංසඤ්ඤො සියං... එවංසඞ්ඛාරො සියං... එවංවිඤ්ඤාණො සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති - එවං ඛො, ආවුසො, අනාගතං නප්පටිකඞ්ඛති.
‘‘කථඤ්ච, ආවුසො, පච්චුප්පන්නෙසු ධම්මෙසු සංහීරති? ඉධ, ආවුසො, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස
‘‘කථඤ්ච
‘‘අතීතං
යදතීතං පහීනං තං, අප්පත්තඤ්ච අනාගතං.
‘‘පච්චුප්පන්නඤ්ච යො ධම්මං, තත්ථ තත්ථ විපස්සති;
අසංහීරං අසංකුප්පං, තං විද්වා මනුබ්රූහයෙ.
‘‘අජ්ජෙව කිච්චමාතප්පං, කො ජඤ්ඤා මරණං සුවෙ;
න හි නො සඞ්ගරං තෙන, මහාසෙනෙන මච්චුනා.
‘‘එවං විහාරිං ආතාපිං, අහොරත්තමතන්දිතං;
තං වෙ භද්දෙකරත්තොති, සන්තො ආචික්ඛතෙ මුනී’’ති.
‘‘එවං
|
277
“ඇවැත්නි, කෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව යන්නේද, ‘මම අතීත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වූයෙමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය.
“මම අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තේ වීමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව පවත් වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව පවත්වන්නේය. ඇවැත්නි, මෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව යන්නේය.
“ඇවැත්නි, කෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව නොයන්නේද? ‘මම අතීත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි, එහි තෘෂ්ණාව නොපවත් වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු විඥාන ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය.’ ඇවැත්නි, මෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව නොයන්නේය.
“ඇවැත්නි, කෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේද? ‘අනාගත කාලයෙහි මම මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙමියි, එහි තෘෂ්ණාව පවත්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. මම අනාගත කාලයෙහි මෙබඳු විඥානය ඇත්තෙක් වන්නෙමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. ‘ඇවැත්නි, මෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේය.
“ඇවැත්නි, කෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේද? ‘අනාගත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමියයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙමියයි, එහි තෘෂ්ණාව නොපවත්නේය. අනාගතයෙහි මම මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙම්යයි, එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගතයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු විඥාන ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය.’ ඇවැත්නි, මෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේය.
“ඇවැත්නි, කෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන්හි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇද ගනීද? ඇවැත්නි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යයන් නොදක්නා ස්වභාව ඇත්තාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂ නොවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂයන් නොදක්නා ස්වභාව ඇත්තාවූ සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ, ඇසූ පිරූතැන් නැති පෘථග්ජන තෙමේ රූපය තමා වශයෙන් හෝ දක්නේය. තමා රූපය ඇත්තෙකැයි කියා හෝ දක්නේය. රූපය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දක්නේය. තමා රූපය කෙරෙහි ඇත්තේය කියා හෝ දක්නේය. වේදනාව තමා වශයෙන් හෝ දකියි. තමා වේදනාව ඇත්තෙකැයි කියා හෝ දකියි. වේදනාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. තමා වේදනාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. සංඥාව තමා වශයෙන් හෝ දකී. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝ දකී. සංඥාව තමා කෙරෙහි ඇත්තේ යයි කියා හෝ දකී. තමා සංඥාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. සංස්කාර තමා වශයෙන් හෝ දකී. තමා සංස්කාර ඇත්තෙකැයි කියා හෝ දකී. සංස්කාර තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. තමා සංස්කාර කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. විඥානය තමා වශයෙන් හෝ දකින්නේය. තමා විඥානය ඇත්තෙකැයි කියා හෝ දක්නේය. විඥානය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දක්නේය. තමා විඥානය කෙරෙහි ඇත්තේය කියා හෝ දක්නේය. ඇවැත්නි, මෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන් කෙරෙහි ඇද ගැනීම වේ.
“ඇවැත්නි, කෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන් කෙරෙහි ඇදීම නොවේද, ඇවැත්නි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යයන් දක්නා ස්වභාව ඇත්තාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි හික්මුනාවූ, සත්පුරුෂයන් දක්නා ස්වභාව ඇත්තාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ ඇසූපිරූතැන් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ රූපය තමා වශයෙන් හෝ නොදක්නේය. තමා රූපය ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. රූපය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ නොදක්නේය. වේදනාව තමා වශයෙන් හෝ නොදක්නේය. තමා වේදනාව ඇත්තෙකැයි කියා හෝ නොදකී. වේදනාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා වේදනාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. සංඥාව තමා වශයෙන් හෝ නොදක්නේය. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝ නොදකී. සංඥාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා සංඥාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. සංස්කාර තමා වශයෙන් හෝ නොදක්නේය. තමා සංස්කාර ඇත්තෙකැයි කියා හෝ නොදකී. සංස්කාර තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා සංස්කාර කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. විඥානය තමා වශයෙන් හෝ නොදක්නේය. තමා විඥානය ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. විඤ්ඤාණය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ නොදක්නේය. තමා විඤ්ඤාණය කෙරෙහි ඇත්තේය කියා හෝ නොදක්නේය.
ඇවැත්නි, මෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන්හි තෘෂ්ණා වශයෙන් ඇදගනීම නොවේ.
[1] “අතීත පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය. අනාගත පඤ්චස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්ම ගියේද එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.
[2] “වර්තමානවූ යම් ස්කන්ධයක් වේද, එය ඒ උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්ශනා වඩන්නේය. රාගාදීන්ගෙන් විසිරීමක් නැත්තාවූ කුපිත නොවන්නාවූ ඒ විදර්ශනාව පණ්ඩිත භික්ෂුතෙම වඩන්නේය.
[3] “අදම කෙළෙස් තවන වීර්‍ය්‍යය කළ යුත්තේය හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති, ඒ මාරයා සමග ගිවිසුමක් අපට නැත්තේය.
[4] “මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, රෑ දාවල් දෙක්හි අනලස්වූ, ඒකාන්තයෙන් මෙසේ පිළිපන් ඒ පුද්ගලයා යහපත්වූ එක් රැයක් ඇති තැනැත්තේයයි ශාන්තවූ බුද්ධමුනි තෙමේ වදාළේය.
“ස්වාමීනි, මම මෙසේ වනාහි භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු දැක්වූයෙමි. යෙදවූයෙමි. තෙද ගැන්වූයෙමි. සතුටු කෙළෙමි. යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවත් විස්තර විභාගයත් ප්‍රකාශ කෙළෙමියි’ සැලකෙළේය.
|
278
‘‘සාධු
‘‘අතීතං නාන්වාගමෙය්ය...පෙ....
තං වෙ භද්දෙකරත්තොති, සන්තො ආචික්ඛතෙ මුනී’’ති.
‘‘කථඤ්ච, ආනන්ද, අතීතං අන්වාගමෙති...පෙ.... එවං ඛො, ආනන්ද, අතීතං අන්වාගමෙති. කථඤ්ච, ආනන්ද, අතීතං නාන්වාගමෙති...පෙ.... එවං ඛො, ආනන්ද, අතීතං නාන්වාගමෙති. කථඤ්ච, ආනන්ද, අනාගතං පටිකඞ්ඛති...පෙ.... එවං ඛො, ආනන්ද, අනාගතං පටිකඞ්ඛති. කථඤ්ච, ආනන්ද, අනාගතං නප්පටිකඞ්ඛති...පෙ.... එවං ඛො, ආනන්ද, අනාගතං නප්පටිකඞ්ඛති. කථඤ්ච, ආනන්ද, පච්චුප්පන්නෙසු ධම්මෙසු සංහීරති...පෙ.... එවං ඛො, ආනන්ද, පච්චුප්පන්නෙසු ධම්මෙසු සංහීරති. කථඤ්ච, ආනන්ද, පච්චුප්පන්නෙසු ධම්මෙසු න සංහීරති...පෙ.... එවං ඛො, ආනන්ද, පච්චුප්පන්නෙසු ධම්මෙසු න සංහීරති.
‘‘අතීතං නාන්වාගමෙය්ය...පෙ....
තං වෙ භද්දෙකරත්තොති, සන්තො ආචික්ඛතෙ මුනී’’ති.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
|
278
‘යහපති ආනන්දය, යහපති ආනන්දය, ඔබ ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය. අනාගත පඤ්චස්කන්ධයෙහි තෘෂ්ණාව නොපවත්වන්නේය. යම් ස්කන්ධයක් ඉක්ම ගියේද එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය. ඒකාන්තයෙන් ඒ පුද්ගලයා යහපත් එක් රැයක් ඇති තැනැත්තේයයි ශාන්තවූ බුද්ධමුනි තෙම වදාළේයයි භික්ෂූන්ට ධර්ම කථාවක් දැක්වූයෙහිය, එහි සමාදන් කරවූයෙහිය, උත්සාහවත් කරවූයෙහිය, පැහැද වූයෙහිය, යහපත් රාත්‍රියකගේ සංක්ෂෙපයෙන්ද විස්තර වශයෙන්ද කීයෙහිය.
“ආනන්දය, කෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව යන්නේද? ‘මම අතීත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වූයෙමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වීමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි. එහි තෘෂ්ණාව පවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව පවත්වන්නේය.’ ආනන්දය, මෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව යන්නේය.
“ආනන්දය, කෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව නොයන්නේද? ‘මම අතීත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත් වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි. එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි. එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය.’ ආනන්දය, මෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව නොයන්නේය.
“ආනන්දය, කෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කෙරේද? ‘අනාගත කාලයෙහි මම මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වන්නේය.’ ආනන්දය, මෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේය.
“ආනන්දය, කෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකෙරේද? ‘අනාගත කාලයෙහි මම මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව නොපවත් වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය.’ ආනන්දය, මෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේය.
“ආනන්දය, කෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන්හි තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් ඇදගනීද? ආනන්දය, මේ ශාසනයෙහි ආර්‍ය්‍යයන් නොදක්නා ස්වභාවය ඇත්තාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂ නොවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂයන් නොදක්නා ස්වභාව ඇත්තාවූ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ, ඇසූපිරූතැන් නැති පෘථග්ජන තෙමේ රූපය තමා වශයෙන් හෝ දකී. තමා රූපය ඇත්තෙකැයි කියා හෝ දකී. රූපය තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. තමා රූපය කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. වේදනාව තමා වශයෙන් හෝ දකියි. තමා වේදනාව ඇත්තෙකැයි කියා හෝ දකියි. වේදනාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. තමා වේදනාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. සංඥාව තමා වශයෙන් හෝ දකී. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝ දකී. සංඥාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. තමා සංඥාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. සංස්කාර තමා වශයෙන් හෝ දකී. තමා සංස්කාර ඇත්තෙකැයි කියා හෝ දකී. සංස්කාර තමා කෙරෙහි ඇත්තේ යයි කියා හෝ දකී. තමා සංස්කාර කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. විඤ්ඤාණය තමා වශයෙන් හෝ දකී. තමා විඤ්ඤාණය ඇත්තෙකැයි කියා හෝ දකී. විඤ්ඤාණය තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. තමා විඤ්ඤාණය කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. ආනන්දය, මෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇදගනී.
“අනන්දය, කෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ ඇදීම නොකෙරේද? ආනන්දය, මේ ශාසනයෙහි ආර්‍ය්‍යයන් දක්නා ස්වභාව ඇත්තාවූ. ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි හික්මුනාවූ, සත්පුරුෂයින් දක්නා ස්වභාවය ඇත්තාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ, ඇසූපිරූතැන් ඇති, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ රූපය තමා වශයෙන් හෝ නොදකී. තමා රූපය ඇත්තෙකැයි කියා හෝ නොදකී. රූපය තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා රූපය කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. වේදනාව තමා වශයෙන් හෝ නොදකී. තමා වේදනාව ඇත්තෙකැයි කියා හෝ නොදකී. වේදනාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී තමා වේදනාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. සංඥාව තමා වශයෙන් හෝ නොදකී. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝ නොදකී. සංඥාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා සංඥාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. සංස්කාර තමා වශයෙන් හෝ නොදකී. තමා සංස්කාර ඇත්තෙකැයි කියා හෝ නොදකී. සංස්කාර තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා සංස්කාර කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී විඤ්ඤාණය තමා වශයෙන් හෝ නොදකී. තමා විඤ්ඤාණය ඇත්තෙකැයි කියා හෝ නොදකී. විඤ්ඤාණය තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා විඤ්ඤාණය කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. ආනන්දය, මෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණාදෘෂ්ටීන්ගේ වශයෙන් ඇදීම නොකෙරේ.
[1] “ඉකුත් පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් අනුව නොයන්නේය. නොපැමිණියාවූ පඤ්ච ස්කන්ධයෙහි තෘෂ්ණා වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්ම ගියේද එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.
[2] “වර්තමානවූ යම් ස්කන්ධයක් වේද, එය ඒ උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට, කුපිත නොකොට පණ්ඩිත භික්ෂු තෙමේ වඩන්නේය.
[3] “අදම කෙළෙස් තවන වීර්‍ය්‍යය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති ඒ මාරයා සමග අපට ගිවිසුමක් නැත්තේය.
[4] “මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, රෑ දාවල් දෙක්හි අනලස්වූ ඒකාකන්තයෙන් මෙසේ පිළිපන් ඒ පුද්ගලයා යහපත් රාත්‍රියක් ඇති තැනැත්තේයයි, ශාන්තවූ බුද්ධ මුනි තෙමේ වදාළේයයි, භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළේය.
සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටුවූයේයි.”
|
3. මහාකච්චානභද්දෙකරත්තසුත්තං | 3. මහා කච්චායන භද්දේකරත්ත සූත්‍රය |
279
එවං
|
279
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහිවූ තපෝදාරාමයෙහි වැඩවාසය කරණසේක. එකල්හි වනාහි ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙමේ රාත්‍රියෙහි අළුයම් කාලයෙහි හුනස්නෙන් නැඟිට, තපෝදා නම් උණුදිය ගඟ යම් තැනෙක්හිද එතැනට ස්නානය කිරීම පිණිස ගියේය.
තපෝදා නම් ගඟෙහි ස්නානය කොට ගොඩට පැමිණ එක් සිවුරකින් යුක්තව ශරීරය වියලනු ලබමින් සිටියේය. එකල්හි වනාහි එක්තරා දේවතාවෙක් රාත්‍රි කාලය බොහෝ ඉක්ම ගිය පසු බබළන ශරීර වර්ණය ඇතිව මුළු තපෝදා ගඟ බබුළුවා ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, එකත්පසක සිටියේය, එකත් පසක සිටියාවූ ඒ දෙවතා තොමෝ ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන් වහන්සේට මෙසේ කීවාය.
“භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ යහපත්වූ එක් රාත්‍රියක් ඇත්තාහුගේ උදෙසීම් සංඛ්‍යාත මාතෘකාවද, විභංග සංඛ්‍යාත විස්තර වශයෙන් බෙදීමදැයි, (යන මෙය) දරන්නෙහිද?” යනුයි. “ඇවත, මම යහපත් එක්රාත්රියකගේ මාතෘකාවද බෙදීමද නොමදරන්නෙමියි කීයෙමි ඇවත, තෙපි වනාහි යහපත්වූ එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවත් බෙදීමත් දරන්නෙහිදැයි (ඇසූ) මමද යහපත්වූ එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද නොදරන්නෙමියි” කීය “භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ යහපත්වූ එක්රාත්‍රියක් ඇත්තහුගේ ගාථාවන් දරන්නෙහිදැයි’ (ඇසී.) ඇවත, මම යහපත්වූ එක් රැයක් ඇත්තහුගේ ගාථාවන් නොදරන්නෙමියි කීයෙමි. “ඇවත, නුඹ වනාහි යහපත්වූ එක්රාත්‍රියක් ඇත්තහුගේ ගාථාවන් දරන්නෙහිදැයි, ඇසීමි.” “භික්ෂූන්වහන්ස, මමද යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේගාථාවන් නොදරන්නෙමියි” (කීයෙමි.)
“භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ යහපත්වූ එක් රැයක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද ඉගෙණගනු මැනවි. භික්ෂූන් වහන්ස, නුඹ වහන්සේ යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද පුරුදු කරණු මැනවි. භික්ෂූන්වහන්ස, නුඹ වහන්සේ යහපත් එක් රැයක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද දරණු මැනවි. “භික්ෂූන්වහන්ස, යහපත්වූ එක් රැයක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද අර්ථ සහිත වන්නේය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල වන්නේයයි” (කි.)
ඒ දේවතාතොමෝ මෙය කීවේය. මෙය කියා එහිම අතුරුදහන් විය.
|
280
අථ ඛො ආයස්මා සමිද්ධි තස්සා රත්තියා අච්චයෙන යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සමිද්ධි භගවන්තං එතදවොච -
‘‘ඉධාහං, භන්තෙ, රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය යෙන තපොදො තෙනුපසඞ්කමිං ගත්තානි පරිසිඤ්චිතුං. තපොදෙ
‘‘එවං වුත්තෙ අහං, භන්තෙ, තං දෙවතං එතදවොචං - ‘න ඛො අහං, ආවුසො, ධාරෙමි භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච. ත්වං පනාවුසො, ධාරෙසි
‘‘අතීතං නාන්වාගමෙය්ය, නප්පටිකඞ්ඛෙ අනාගතං;
යදතීතං පහීනං තං, අප්පත්තඤ්ච අනාගතං.
‘‘පච්චුප්පන්නඤ්ච යො ධම්මං, තත්ථ තත්ථ විපස්සති;
අසංහීරං අසංකුප්පං, තං විද්වා මනුබ්රූහයෙ.
‘‘අජ්ජෙව කිච්චමාතප්පං, කො ජඤ්ඤා මරණං සුවෙ;
න හි නො සඞ්ගරං තෙන, මහාසෙනෙන මච්චුනා.
‘‘එවං විහාරිං ආතාපිං, අහොරත්තමතන්දිතං;
තං වෙ භද්දෙකරත්තොති, සන්තො ආචික්ඛතෙ මුනී’’ති.
ඉදමවොච භගවා; ඉදං වත්වාන සුගතො උට්ඨායාසනා විහාරං පාවිසි. අථ ඛො තෙසං භික්ඛූනං
‘‘අතීතං නාන්වාගමෙය්ය, නප්පටිකඞ්ඛෙ අනාගතං;
යදතීතං පහීනං තං, අප්පත්තඤ්ච අනාගතං.
‘‘පච්චුප්පන්නඤ්ච යො ධම්මං, තත්ථ තත්ථ විපස්සති;
අසංහීරං අසංකුප්පං, තං විද්වා මනුබ්රූහයෙ.
‘‘අජ්ජෙව
න හි නො සඞ්ගරං තෙන, මහාසෙනෙන මච්චුනා.
‘‘එවං විහාරිං ආතාපිං, අහොරත්තමතන්දිතං;
තං වෙ භද්දෙකරත්තොති, සන්තො ආචික්ඛතෙ මුනී’’ති.
‘‘කො නු ඛො ඉමස්ස භගවතා සංඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්යා’’ති?
අථ
|
280
එකල්හි වනාහි ආයුෂ්මත් සමිද්ධි ස්ථවිර තෙමේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසක හුන්නේය. එකත්පසක හුන්නාවූ ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැලකෙළේය. “ස්වාමීනි, මම රාත්‍රියේ අළුයම් කාලයෙහි හුනස්නෙන් නැඟිට තපෝදා නම් ගඟ යම් තැනෙක්හිද ස්නානය කිරීම සඳහා එහි ගියෙමි. තපෝදා නම් ගඟෙහි ස්නානය කොට ගොඩ අවුත් ශරීරාවයවයන් වියලමින් එක සිවුරකින් යුක්තව සිටියෙමි. ස්වාමීනි, එකල්හි වනාහි එක්තරා දේවතාවෙක් රාත්‍රිය බොහෝ සෙයින් ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්ණයෙන් යුක්තව සියලු තපෝදා නම් ගංඟාව බබුළුවා මම යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ එකත්පසක සිටියේය. ස්වාමීනි, එකත්පසක සිටියාවූ ඒ දේවතාතොමෝ මට මෙසේ කීවාය. ‘භික්ෂූන් වහන්ස, නුඹ වහන්සේ යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවද විස්තර බෙදීමද දරන්නෙහිදැයි? ඇසී.
“ස්වාමීනි, මෙසේ කී කල්හි මම ඒ දේවතාවාට මෙසේ කීයෙමි. ‘ඇවැත්නි, මම යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවත් බෙදීමත් නොමදරමි.’
‘ඇවැත්නි, නුඹ වනාහි යහපත් එක් රාත්‍රියකගේ මාතෘකාවද බෙදීමද දරන්නෙහිදැයි’ (ඇසීමි.) ‘භික්ෂූන්වහන්ස, මමද යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද නොදරමි. ‘භික්ෂූන්වහන්ස, නුඹ වහන්සේ වනාහි යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේ ගාථාවන් දරන්නෙහිදැයි, (ඇසී.)
‘ඇවැත්නි, මම වනාහි යහපත්වූ එක් රාත්‍රියක් ඇත්තහුගේ ගාථාවන් නොදරමි. ඇවැත්නි, නුඹ වනාහි යහපත් එක් රාත්‍රිය සම්බන්ධ ගාථාවන් දරන්නෙහිදැයි,’ (ඇසීමි.) ‘භික්ෂූන්වහන්ස, මමද යහපත්වූ එක් රාත්‍රියක් ඇත්තහුගේ ගාථා නොදරමි. භික්ෂූන්වහන්ස, නුඹ වහන්සේ යහපත්වූ එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද ඉගෙණගනු මැනවි. භික්ෂූන්වහන්ස, නුඹ වහන්සේ යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද, පුරුදු කළ මැනවි. භික්ෂූන් වහන්ස, නුඹ වහන්සේ යහපත්වූ එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවද, බෙදීමද, දරාගත මැනවි. ‘භික්ෂූන්වහන්ස, යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේ උදෙසීමද, බෙදීමද, අර්ථයෙන් යුක්ත වන්නේය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල වන්නේය, ස්වාමීනි, ඒ දේවතාතොමෝ මෙසේ කීයේය. මෙසේ කියා එහිම අතුරුදහන් වූවාහ.
“ස්වාමීනි, මට භාග්‍යවතුන්වහන්සේ යහපත් එක්රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද දේශනා කරණ සේක්වායි” (සැලකෙළේය.) “මහණ, එසේ නම් අසව, මෙනෙහි කරව. කියන්නෙමියි” (වදාළේය.) “එසේය, ස්වාමීනියයි” ආයුෂ්මත් සමිද්ධි ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
[1] “ඉකුත්වූ ස්කන්ධයන් අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය. අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්ම ගියේද, එය ප්‍රහීණ වූයේ (නැතිවූයේ) වෙයි. අනාගත ස්කන්ධ නොපැමිණියේ වෙයි.
[2] “වර්තමානවූ යම් ස්කන්ධයක්වේද, එය අනිත්‍යානු පස්සනාදී වශයෙන් ඒ ඒ තන්හි විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට පණ්ඩිත භික්ෂුතෙමෙ වඩන්නේය.
[3] “අදම කෙලෙස් තවන වීර්ය්යයකළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහත් සෙනගක් ඇති ඒ මාරයා සමග, අපට ගිවිසුමක් නැත්තේය.
[4] “මෙසේ වාසය කරන්නාවූ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ රෑ දාවල් දෙක්හි අනලස්ව පිළිපන්නාවූ ඒ පුද්ගලයා ඒකාන්තයෙන්, යහපත්වූ එක් රැයක් ඇති තැනැත්තේයයි” ශාන්තවූ බුද්ධ මුනි තෙමේ වදාළේයි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩිසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ වැඩමවා නොබෝ වේලාවක් ගතවූ කල්හි ඒ භික්ෂූන්ට මෙබඳු සිතෙක් විය. ඇවැත්නි, මේ වනාහි අපට භාග්‍යවතුන් වහන්සේ සංක්ෂෙප වශයෙන් උදෙසීම වදාරා, විස්තර වශයෙන් අර්ථ විභාග නොකොට, හුනස්නෙන් නැගිට විහාරයට වැඩමවූසේක.
[1] “ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය. අනාගත පඤ්ච ස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්මගියේද එය ප්‍රහීණ වූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.
[2] ‘වර්තමානවූ යම් ස්කන්ධයක් වේද, එය ඒ උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට පණ්ඩිත භික්ෂු තෙමේ වඩන්නේය.
[3] “අදම කෙළෙස් තවන වීර්‍ය්‍යය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති ඒ මාරයා සමග අපට ගිවිසුමක් නැත්තේය.
[4] “මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, රෑ දාවල් දෙක්හි අනලස්වූ ඒකාන්තයෙන් මෙසේ පිළිපන් පුද්ගලයා යහපත් එක් රැ යක් ඇති තැනැත්තේයයි ශාන්තවූ බුද්ධ මුනි තෙමේ වදාළේය” (යනුවෙනි.)
කවරෙක් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙප වශයෙන් උදෙසීම පමණක් වදාළාවූ විස්තර වශයෙන් අර්ථ විභාග නොකළාවූ මේ දේශනාවගේ අර්ථ විස්තර වශයෙන් දේශනා කරන්නේද? කියායි. එකල්හි වනාහි ඒ භික්ෂූන්ට මෙබඳු සිතෙක් විය. මේ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ වනාහි ශාස්තෘන් වහන්සේ විසින්ද වර්ණනා කරණ ලද්දේය. නුවණැති සබ්රහ්මචාරී භික්ෂූන් විසින්ද බුහුමන් කරණ ලද්දේ වෙයි.
ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් උදෙසීම් මාත්‍රයක් වදාළාවූ විස්තර වශයෙන් අර්ථ විභාග නොකළාවූ මේ දේශනාවගේ අර්ථ විස්තර වශයෙන් දේශනා කිරීමට පොහොසත් වන්නේය. අපි ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද එහි පැමිණෙන්නෙමු. පැමිණ, කාරණය විචාරන්නෙමු නම් යෙහෙක කියායි.
|
281
අථ ඛො තෙ භික්ඛූ යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා ආයස්මතා මහාකච්චානෙන සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා
‘‘අතීතං නාන්වාගමෙය්ය...පෙ....
තං වෙ භද්දෙකරත්තොති, සන්තො ආචික්ඛතෙ මුනී’’ති.
‘‘තෙසං නො, ආවුසො කච්චාන, අම්හාකං, අචිරපක්කන්තස්ස භගවතො, එතදහොසි - ඉදං ඛො නො, ආවුසො, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො -
‘‘අතීතං නාන්වාගමෙය්ය...පෙ....
තං වෙ භද්දෙකරත්තොති, සන්තො ආචික්ඛතෙ මුනී’’ති.
‘‘කො
‘‘සෙය්යථාපි, ආවුසො, පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං
‘‘අද්ධාවුසො කච්චාන, භගවා ජානං ජානාති, පස්සං පස්සති, චක්ඛුභූතො ඤාණභූතො ධම්මභූතො බ්රහ්මභූතො වත්තා පවත්තා අත්ථස්ස නින්නෙතා අමතස්ස දාතා ධම්මස්සාමී තථාගතො. සො චෙව පනෙතස්ස කාලො අහොසි යං භගවන්තංයෙව එතමත්ථං පටිපුච්ඡෙය්යාම; යථා නො භගවා බ්යාකරෙය්ය තථා නං ධාරෙය්යාම. අපි චායස්මා මහාකච්චානො සත්ථුචෙව සංවණ්ණිතො සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං; පහොති චායස්මා මහාකච්චානො ඉමස්ස භගවතා සංඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. විභජතායස්මා මහාකච්චානො අගරුං කරිත්වා’’ති
(අගරුකරිත්වා (සී. ස්‍යා. කං. පී.)).
‘‘තෙන හාවුසො, සුණාථ, සාධුකං මනසි කරොථ; භාසිස්සාමී’’ති. ‘‘එවමාවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො මහාකච්චානස්ස පච්චස්සොසුං. ආයස්මා
‘‘යං
‘‘අතීතං නාන්වාගමෙය්ය...පෙ....
තං වෙ භද්දෙකරත්තොති, සන්තො ආචික්ඛතෙ මුනී’’ති.
ඉමස්ස ඛො අහං, ආවුසො, භගවතා සංඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි -
|
281
එකල්හි වනාහි ඒ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද එහි ගියාහුය. ගොස්, ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් සමග සතුටු වූවාහුය. සතුටු විය යුතුවූ සිහි එළවිය යුතුවූ කථාව කොට නිමවා එකත්පසක හුන්නාහුය. එකත්පසක හුන්නාවූ ඒ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන්ට මෙය කීවාහුය. “ඇවැත් කාත්‍යායන ස්ථවිරය, භාග්‍යවතුන් වහන්සේ අපට මේ ධර්මය සංක්ෂෙපයෙන් වදාරා විස්තර වශයෙන් දේශනා නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩමවූසේක.
[1] “ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය. නොපැමිණියාවූ පඤ්චස්කන්ධයෙහි තෘෂ්ණා වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්ම ගියේද, එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.
[2] “වර්තමානවූ යම් ස්කන්ධයක් වේද, එය උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්ශනා කරන්නේය. විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට, කුපිත නොකොට, පණ්ඩිත භික්ෂුතෙම වඩන්නේය.
[3] “අදම කෙළෙස් තවන වීර්‍ය්‍ය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති, ඒ මාරයා සමග ගිවිසුම් කොට, නැවතීමක් නොවන්නේමය
[4] “මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, රෑ දාවල් දෙක්හි අනලස්වූ ඒ පුද්ගලයා ඒකාන්තයෙන් යහපත් රැයක් ඇති තැනැත්තේයයි ශාන්තවූ බුද්ධ මුනි තෙමේ වදාළේය” යනුයි.
“ඇවැත් කාත්‍යායන ස්ථවිරය, ඒ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩමවා නොබෝ වේලාවකින් මෙබඳු සිතෙක් විය. ඇවැත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව සංක්ෂෙප වශයෙන් දක්වා විස්තර වශයෙන් නොවදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩමවූසේක.
[1] “ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය. නොපැමිණියාවූ පඤ්චස්කන්ධයෙහි තෘෂ්ණා වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්ම ගියේද, එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.
[2] “වර්තමානවූ යම් ස්කන්ධයක් වේද, එය උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නො කොට කුපිතනොකොට පණ්ඩිත භික්ෂුතෙමේ වඩන්නේය.
[3] “අදම කෙළෙස් තවන වීර්‍ය්‍යය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති ඒ මාරයා සමග ගිවිසුම්කොට නැවතීමක් නොවන්නේමය.
[4] ‘මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, රෑ දාවල් දෙක්හි අනලස්වූ ඒ පුද්ගලයා ඒකාන්තයෙන් යහපත්වූ එක් රැයක් ඇති තැනැත්තේයයි ශාන්තවූ බුද්ධ මුනිතෙමේ වදාළේය” යනුයි.
“භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් දක්වා විස්තර වශයෙන් නොවදාළාවූ මේ ධර්මයාගේ අර්ථ විස්තර වශයෙන් කවරෙක් නම් දේශනා කරන්නේද යනුවෙනි. ඇවැත් කෘත්‍යායන ස්ථවිරය, අපට මෙබඳු සිතෙක්වී. මේ ආයුෂ්මත් මහා කෘත්‍යායන ස්ථවිර තෙමේ ශාස්තෲන් වහන්සේ විසින්ද වර්ණනා කරණ ලද්දේය. නුවණැති සබ්‍රහ්මචාරීන් විසින්ද බුහුමන් කරණ ලද්දේ වේ. ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාළාවූ විස්තර වශයෙන් නොවදාළාවූ මේ ධර්මයාගේ අර්ථ විස්තර වශයෙන් දේශනා කිරීමට සමර්ථ වන්නේය. අපි ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද එතැනට යමු. ගොස්, ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් අතින් මෙපවත් විචාරන්නෙමු නම් යෙහෙකැයි කියායි. ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිර තෙමේ විස්තර වශයෙන් බෙදා වදාරණසේක්වායි (කීහු.)”
“ඇවැත්නි, යම්සේ වනාහි හරයෙන් (අරටුවෙන්) ප්‍රයෝජන ඇත්තාවූ, හරය සොයන්නාවූ පුරුෂයෙක් තෙමේ යම්සේ හරය සොයා ඇවිදින්නේ, හරය ඇත්තාවූ මහ ගසක මුල අත්හැර, කඳ අත්හැර, කොළ අතුවල හරය සෙවිය යුතුයයි සිතන්නේද, එපරිද්දෙන්ම ආයුෂ්මත්වරුන් විසින් ශාස්තෲන් වහන්සේ හමුවූ කල්හි ඒ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා අප මේ කාරණය ඇසිය යුත්තකු කොට සිතන්නාහුද? ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි දතයුත්ත දන්නේය, දැක්කයුතු දෙය දක්නේය, ප්‍රඥා චක්ෂුසින් යුක්ත වූයේය, සම්‍යක් ඥානයෙන් යුක්ත වූයේය, ධර්මඥානයෙන් යුක්ත වූයේය, ශ්‍රේෂ්ඨ වූයේය, චතුරාර්‍ය්‍ය සත්‍යය ප්‍රකාශ කරන්නේය, පවත්වන්නේය, අර්ථයට පමුණුවන්නේය, අමෘතය දෙන්නේය, ධර්මස්වාමි වූයේය, තථාගත වූයේය. මේ වනාහි ඒ භාග්‍යවතුන් වහන්සේ ගෙන්ම එය ඇසීමට සුදුසු කාලය විය. තොපට භාග්‍යවතුන් වහන්සේ යම් ආකාරයකින් ප්‍රකාශ කරන්නාහුද එපරිද්දෙන්ම එය දරාගනිව්යයි,” (කී).
“ඇවැත් කාත්යායනස්ථවිරය, ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ දතයුත්ත දන්නේය. දැක්කයුත්ත දක්නේය. ප්‍රඥා චක්ෂුසින් යුක්තවූයේ, ඥාන චක්ෂුසින් යුක්තවූයේ, ධර්ම චක්ෂුසින් යුක්තවූයේ, ශ්‍රේෂ්ඨවූයේ, දේශනා කරන්නේය, පවත්වන්නේ, අර්ථය කරා පමුණුවන්නේ අමෘතය දෙන්නේ, ධර්මස්වාමී වූයේය, තථාගත වූයේය. භාග්‍යවතුන් වහන්සේ ගෙන්ම එය ඇසීමට කාලය විය. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ අතින්ම මෙපවත් විචාරන්නෙමුද අපට භාග්‍යවතුන් වහන්සේ යම්සේ ප්‍රකාශ කරන්නේද, එය එසේ දරාගන්නෙමු. එතකුදු වුවත් මහා කාත්‍යායන ස්ථවිර තෙමේ ශාස්තෲන් වහන්සේ විසින්ද වර්ණනා කරණ ලද්දේය. නුවණැති සබ්රහ්මචාරී භික්ෂූන් විසින්ද බුහුමන් කරණ ලද්දේය. ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාළාවූ විස්තර වශයෙන් නොවදාළාවූ මේ ධර්මයාගේ අර්ථ විස්තර වශයෙන් දේශනා කිරීමට සමර්ථ වන්නේය. ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිර තෙමේ බරක් වශයෙන් නොසලකා විස්තර කරන සේක්වායි කීහ.
“ඇවැත්නි, එසේවී නම් අසව්. මොනවට මෙනෙහි කරව්. කියන්නෙමියි” (කීහ.) “ඇවැත්නි, එසේයයි” ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිර තෙමේ මෙසේ ප්‍රකාශ කෙළේය.
[1] “ඇවැත්නි, “ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව නොයන්නේය. නොපැමිණියාවූ පඤ්චස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්ම ගියේද, එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.
[2] “වර්තමානවූ යම් ස්කන්ධයක් වේද, එය උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට පණ්ඩිත භික්ෂුතෙම වඩන්නේය.
[3] “අදම කෙළෙස් තවන වීර්‍ය්‍ය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති ඒ මාරයා සමග ගිවිසුම්කොට, නැවතීමක් නොවන්නේය.
[4] “මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, රෑ දාවල් දෙක්හි අනලස්වූ, ඒ පුද්ගලයා ඒකාන්තයෙන් යහපත් එක් රැයක් ඇති තැනැත්තේයයි ශාන්තවූ බුද්ධ මුනි තෙම වදාළේය”යි
“භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් සංක්ෂෙපයෙන් දේශනාකොට විස්තර වශයෙන් විභාග නොකොට හුනස්නෙන් නැඟිට විහාරයට වැඩිසේක්ද,
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ සංක්ෂෙපයෙන් වදාළ විස්තර වශයෙන් අර්ථ බෙදා නොවදාළාවූ මේ ධර්මයාගේ අර්ථ විස්තර වශයෙන් මම මේ ආකාරයෙන් දනිමි.
|
282
‘‘කථඤ්ච, ආවුසො, අතීතං අන්වාගමෙති? ඉති මෙ චක්ඛු
‘‘කථඤ්ච
|
282
“ඇවැත්නි, කෙසේ නම් අතීත ස්කන්ධයන් අනුව යන්නේද? අතීත කාලයෙහි මාගේ ඇස මෙසේ වීය. මෙසේ රූපය වීයයි, එහි විඤ්ඤාණය ඡන්දරාගයෙන් බැඳුනේවෙයි. විඤ්ඤාණය තමා ඡන්දරාගයෙන් බැඳුනු බැවින් එහි ඇලෙයි. එහි ඇලෙන්නේ ඉකුත් පඤ්චස්කන්ධය අනුව යන්නේය.
“අතීත කාලයෙහි මාගේ කණ මෙසේවීය. ශබ්දයෝ මෙසේ වූවහුයයි එහි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ වෙයි. විඤ්ඤාණය තමා ඡන්දරාගය හා යෙදීම හේතුකොටගෙන එහි ඇලෙන්නේය. එහි ඇලෙන්නේ ඉකුත් ස්කන්ධයන් අනුව යන්නේය.
“අතීත කාලයෙහි මාගේ නාසය මෙසේ වීය. ගන්ධයෝ මෙසේ වූවාහුයයි එහි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදීම හේතුකොටගෙන එහි ඇලෙන්නේය. එහි ඇලෙන්නේ ඉකුත් ස්කන්ධයන් අනුව යන්නේය.
“අතීත කාලයෙහි මාගේ දිව මෙසේ වීය, රසයෝ මෙසේ වූවාහුයයි එහි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ වෙයි. විඤ්ඤාණය තමා ඡන්දරාගය හා යෙදීම හේතුකොටගෙන එහි ඇලෙන්නේය. එහි ඇලෙන්නේ ඉකුත් ස්කන්ධයන් අනුව යන්නේය.
“අතීත කාලයෙහි මාගේ කය මෙසේ වීය. මාගේ ස්පර්ශයෝ මෙසේ වූවාහුයයි එහි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ වෙයි. විඤ්ඤාණය තමා ඡන්දරාගය හා යෙදීම හේතුකොටගෙන එහි ඇලෙන්නේය. එහි ඇලෙන්නේ ඉකුත් ස්කන්ධයන් අනුව යන්නේය.
“අතීත කාලයෙහි මාගේ සිත මෙසේ වීය. ධර්මයෝ මෙසේ වූවාහුයයි එහි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේවෙයි. විඤ්ඤාණය තමා ඡන්දරාගය හා යෙදුනු හෙයින් එහි ඇලෙන්නේය. එහි ඇලෙන්නේ අතීත ස්කන්ධය අනුව යන්නේය. ඇවැත්නි, මෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව යන්නේය.
“ඇවැත්නි, කෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව නොයේද, අතීත කාලයෙහි මාගේ චක්ෂුව (ඇස) මෙසේ වීය. රූපයෝ මෙසේ වූහයි, එහි ඡන්දරාගය හා යෙදුනු විඤ්ඤාණය නොවේද, විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනු බැවින්, එහි නොඇලෙන්නේය. නොඇලෙන්නේ අතීත ස්කන්ධයන් අනුව නොයන්නේය. අතීත කාලයෙහි මාගේ කණ මෙසේ වීය. ශබ්දයෝ මෙසේ වූහයි එහි විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනු බැවින් එහි නොඇලෙන්නේය. එහි නොඇලීම හේතුකොට
ගෙන අතීත ස්කන්ධයන් අනුව (තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන්) නොයන්නේය.
“අතීත කාලයෙහි මාගේ නාසය මෙසේ වීය. ගන්ධයෝ මෙසේ වූහයි එහි විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනු බැවින් එහි නොඇලෙන්නේය. එහි නොඇලීම හේතුකොටගෙන අතීත ස්කන්ධයන් අනුව (තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන්) නොයන්නේය.
“අතීත කාලයෙහි මාගේ දිව මෙසේ වීය. රසයෝ මෙසේ වූහයි එහි විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනු බැවින් එහි නොඇලෙන්නේය. එහි නොඇලීම හේතුකොටගෙන අතීත ස්කන්ධයන් අනුව (තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන්) නොයන්නේය.
“අතීත කාලයෙහි මාගේ කය මෙසේ වීය. ස්පර්ශයෝ මෙසේ වූහයි එහි විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනු බැවින් එහි නොඇලෙන්නේය. එහි නොඇලීම හේතුකොටගෙන අතීත ස්කන්ධයන් අනුව (තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන්) යන්නේය.
“අතීත කාලයෙහි මාගේ සිත මෙසේ වීය. ධර්මයෝ මෙසේ වූහයි එහි ඡන්දරාගය හා යෙදුනු විඤ්ඤාණය නොවන්නේය. විඤ්ඤාණය තමා ඡන්දරාගය හා නොයෙදුනු හෙයින් එහි නොඇලෙන්නේය. එහි නොඇලෙන්නේ ස්කන්ධයන් අනුව නොයන්නේය. ඇවැත්නි, මෙසේ අතීත ස්කන්ධයන් අනුව නොයන්නේය.
|
283
‘‘කථඤ්ච
‘‘කථඤ්ච, ආවුසො, අනාගතං නප්පටිකඞ්ඛති? ඉති මෙ චක්ඛු සියා අනාගතමද්ධානං ඉති රූපාති - අප්පටිලද්ධස්ස පටිලාභාය චිත්තං නප්පණිදහති
|
283
“ඇවැත්නි, කෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කෙරේද? අනාගත කාලයෙහි මාගේ කණ මෙසේ වන්නේය. රූපයෝ මෙසේ වන්නාහුයයි නොලැබූ චක්ඛු රූපයන් ලැබීම පිණිස සිත පිහිටුවන්නේය. සිත පිහිටුවීම හේතුකොටගෙන එහි ඇලෙන්නේය. එහි ඇලෙන්නේ අනාගත පඤ්චස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේය. අනාගත කාලයෙහි මාගේ කණ මෙසේ වන්නේය. ශබ්දයෝ මෙසේ වන්නාහුයයි නොලැබූ දෙයක් ලැබීම පිණිස සිත පිහිටුවයි. සිත පිහිටුවීම හේතුකොටගෙන, එහි ඇලෙයි. එහි ඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේය.
“අනාගත කාලයෙහි මාගේ නාසය මෙසේ වන්නේය. ගන්ධයෝ මෙසේ වන්නාහුයයි නොලැබූ දෙයක් ලැබීම පිණිස සිත පිහිටුවයි. සිත පිහිටුවීම හේතුකොටගෙන, එහි ඇලෙයි. එහි ඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේය.
“අනාගත කාලයෙහි මාගේ දිව මෙසේ වන්නේය, රසයෝ මෙසේ වන්නාහුයයි නොලැබූ දෙයක් ලැබීම පිණිස සිත පිහිටුවයි. සිත පිහිටුවීම හේතුකොටගෙන, එහි ඇලෙයි. එහි ඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේය.
“අනාගත කාලයෙහි මාගේ කය මෙසේ වන්නේය, ස්පර්ශයෝ මෙසේ වන්නාහුයයි නොලැබූ දෙයක් ලැබීම පිණිස සිත පිහිටුවයි. සිත පිහිටුවීම හේතුකොටගෙන, එහි ඇලෙයි. එහි ඇලෙන්නේ අනාගත ස්කන්ධය ප්‍රාර්ථනා කරන්නේය.
“අනාගත කාලයෙහි මාගේ සිත මෙසේ වන්නේය, ධර්මයෝ මෙසේ වන්නාහුයයි නොලද්දහුගේ ලැබීම පිණිස සිත පිහිටුවන්නේය. සිත පිහිටුවීම හේතුකොට ගෙන, එහි ඇලෙන්නේය. එහි ඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේ නම් වෙයි. ඇවැත්නි, මෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේය.
“ඇවැත්නි, කෙසේ නම් අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකෙරේද? අනාගත කාලයෙහි මාගේ ඇස මෙසේ වන්නේය. රූපයෝ මෙසේ වන්නාහුයයි නොලැබූ චක්ඛු රූපයන් ලැබීම පිණිස සිත නොපිහිටුවන්නේය. සිත නොපිහිටුවීම හේතුකොටගෙන, එහි නොඇලෙයි. එහි නොඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේය.
“අනාගත කාලයෙහි මාගේ කණ මෙසේ වන්නේය. ශබ්දයෝ මෙසේ වන්නාහුයයි මෙසේ නොලැබූ සොත ශබ්දයන් ලබනු සඳහා සිත නොපිහිටුවන්නේය. සිත නොපිහිටුවීම හේතුකොටගෙන, එහි නොඇලෙන්නේය. එහි නොඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේය.
“අනාගත කාලයෙහි මාගේ නාසය මෙසේ වන්නේය. ගන්ධයෝ මෙසේ වන්නාහුයයි නොලැබූ දෙයක් ලැබීම පිණිස සිත නොපිහිටුවන්නේය. සිත නොපිහිටුවීම හේතුකොට ගෙන, එහි නොඇලෙන්නේය. එහි නොඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේය.
“අනාගත කාලයෙහි මාගේ දිව මෙසේ වන්නේය, රසයෝ මෙසේ වන්නාහුයයි නොලැබූ ජිව්හා රසයන් ලැබීම පිණිස සිත නොපිහිටුවන්නේය. සිත නොපිහිටුවීම හේතුකොට ගෙන, එහි නොඇලෙන්නේය. එහි නොඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේය.
“අනාගත කාලයෙහි මාගේ කය මෙසේ වන්නේය. ස්පර්ශයෝ මෙසේ වන්නාහුයයි නොලැබූ කාය ස්පර්ශයන් ලැබීම පිණිස සිත නොපිහිටු වන්නේය. සිත නොපිහිටුවීම හේතුකොටගෙන, එහි නොඇලෙන්නේය. එහි නොඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේය.
“අනාගත කාලයෙහි මාගේ සිත මෙසේ වන්නේය. ධර්මයෝ මෙසේ වන්නාහුයයි, නොලැබූ සිත හා ධර්මයන්ගේ ලැබීම පිණිස සිත නොපිහිටුවයි. සිත නොපිහිටුවීම හේතු කොටගෙන, එහි නොඇලෙයි. එහි නොඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේය. ඇවැත්නි, මෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේ නම් වෙයි.
|
284
‘‘කථඤ්ච, ආවුසො, පච්චුප්පන්නෙසු ධම්මෙසු සංහීරති? යඤ්චාවුසො, චක්ඛු යෙ ච රූපා
‘‘කථඤ්ච
|
284
“ඇවැත්නි, කෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇදගනීද? ඇවැත්නි, යම්බඳු චක්ෂු ප්‍රසාදයක් වේද, යම්බඳු රූපායතනයෝ වෙත්ද, මේ දෙකම වර්තමාන වන්නේය. ඒ වර්තමාන චක්ඛු රූප දෙක්හි ඡන්දරාගය හා යෙදුණු විඤ්ඤාණය වෙයි. ඡන්දරාගය හා යෙදුනු බැවින් එහි ඇලෙන්නේය. එහි ඇලෙන්නේ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇදගන්නේය.
“ඇවැත්නි, යම්බඳුවූ සෝතායතනයක් වේද, යම්බඳුවූ ශබ්දායතනයෝ වෙත්ද, මේ දෙක වර්තමාන වෙයි. ඒ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි විඤ්ඤාණය ඡන්දරාගය යෙදුනේ වෙයි. ඡන්දරාගය හා යෙදුන බැවින් එහි ඇලෙන්නේය. එහි ඇලුනේ වර්තමාන ස්කන්ධයන්හි තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් ඇදගැනීම කෙරේ.
“ඇවැත්නි, යම්බඳුවූ ඝානායතනයක් වේද, යම්බඳුවූ ගන්ධායතනයෝ වෙත්ද, මේ දෙක වර්තමාන වෙයි. ඒ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි විඤ්ඤාණය ඡන්දරාගය යෙදුනේ වෙයි. ඡන්දරාගය හා යෙදුන බැවින් එහි ඇලෙන්නේය. එහි ඇලුනේ වර්තමාන ස්කන්ධයන්හි තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් ඇදගැනීම කෙරේ.
“ඇවැත්නි, යම්බඳුවූ ජිව්හායතනයෙක් වේද, යම්බඳුවූ රසායතනයෝ වෙත්ද, මේ දෙක වර්තමාන වෙයි. ඒ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුන බැවින් එහි ඇලෙන්නේය. එහි ඇලුනේ වර්තමාන ස්කන්ධයන්හි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඇදගැනීම කෙරේ.
“ඇවැත්නි, යම්බඳුවූ කායායතනයෙක් වේද, යම්බඳුවූ ස්පර්ශයතනයෝ වෙත්ද, මේ දෙක වර්තමාන වෙයි. ඒ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුන බැවින් එහි ඇලෙන්නේය. එහි ඇලුනේ වර්තමාන ස්කන්ධයන්හි තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් ඇදගැනීම කෙරේ.
“ඇවැත්නි, යම්බඳුවූ මනායතනයෙක් වේද, යම්බඳුවූ ධර්මායතනයෝ වෙත්ද, මේ දෙකම වර්තමාන වන්නේය. ඒ වර්තමාන මනායතන ධර්මායතනයෙහි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනු බැවින් එහි ඇලෙන්නේය. එහි ඇලෙන්නේ වර්තමාන ස්කන්ධයන්හි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඇදගැනීම කෙරේ. ඇවැත්නි, මෙසේ වනාහි වර්තමාන ධර්මයන් කෙරෙහි ඇද ගැනීම කෙරේ.
“ඇවැත්නි, කෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණාදෘෂ්ටීන්ගේ වශයෙන් ඇදීම නොකෙරේද,
ඇවැත්නි, යම්බඳුවූ චක්ඛායතනයක් වේද, යම්බඳුවූ රූපායතනයෝ වෙත්ද, මේ දෙකම වර්තමාන වන්නේය. ඒ වර්තමාන චක්ඛායතන රූපායතනයන්හි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ නොවේද, විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදීම හේතුකොටගෙන එහි නොඇලෙන්නේය. එහි නොඇලෙන්නේ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටින්ගෙන් ඇදීම නොකෙරේ.
“ඇවැත්නි, යම්බඳුවූ සොතායතනයක් වේද, යම්බඳු ශබ්දායතනයෝ වෙත්ද, මේ දෙක වර්තමාන වෙයි. ඒ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනු බැවින් එහි නොඇලෙයි. එහි නොඇලෙන්නේ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇදගැනීම නොකෙරේ.
“ඇවැත්නි, යම්බඳුවූ ඝානායතනයක් වේද, යම්බඳුවූ ගන්ධායතනයෝ වෙත්ද, මේ දෙක වර්තමාන වෙයි. ඒ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනු බැවින් එහි නොඇලෙයි. එහි නොඇලෙන්නේ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇදගැනීම නොකෙරේ.
“ඇවැත්නි, යම්බඳුවූ ජිව්හායතනයෙක් වේද, යම්බඳුවූ රසායතනයෝ වෙත්ද, මේ දෙක වර්තමානයයි. ඒ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනු බැවින් එහි නොඇලෙයි. එහි නොඇලෙන්නේ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇදගැනීම නොකෙරේ.
“ඇවැත්නි, යම්බඳුවූ කායායතනයෙක් වේද, යම්බඳුවූ ස්පර්ශායතනයෝ වෙත්ද, මේ දෙක වර්තමානයයි. ඒ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනු බැවින් එහි නොඇලෙයි. එහි නොඇලෙන්නේ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇදගැනීම නොකෙරේ.
“ඇවැත්නි, යම්බඳුවූ මනායතනයෙක් වේද, යම්බඳුවූ ධර්මායතනයෝ වෙත්ද, මේ දෙකම වර්තමාන වන්නේය. ඒ වර්තමාන මනායතන ධර්මායතනයන්හි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ නොවේද, විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදීම හේතුකොටගෙන එහි නොඇලෙන්නේය. එහි නොඇලෙන්නේ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇදගැනීම නොකෙරේ. ඇවැත්නි, මෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන් කෙරෙහි ඇදීම නොකෙරේ.
|
285
‘‘යං ඛො නො, ආවුසො, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො -
‘‘අතීතං නාන්වාගමෙය්ය...පෙ....
තං වෙ භද්දෙකරත්තොති, සන්තො ආචික්ඛතෙ මුනී’’ති.
‘‘ඉමස්ස ඛො අහං, ආවුසො, භගවතා සංඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි. ආකඞ්ඛමානා ච පන තුම්හෙ ආයස්මන්තො භගවන්තංයෙව උපසඞ්කමිත්වා එතමත්ථං පටිපුච්ඡෙය්යාථ, යථා වො භගවා බ්යාකරොති තථා නං ධාරෙය්යාථා’’ති.
අථ
‘‘අතීතං නාන්වාගමෙය්ය...පෙ....
තං වෙ භද්දෙකරත්තොති, සන්තො ආචික්ඛතෙ මුනී’’ති.
තෙසං නො, භන්තෙ, අම්හාකං, අචිරපක්කන්තස්ස භගවතො, එතදහොසි - ‘‘ඉදං ඛො නො, ආවුසො, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො -
‘‘අතීතං
යදතීතං පහීනං තං, අප්පත්තඤ්ච අනාගතං.
‘‘පච්චුප්පන්නඤ්ච
අසංහීරං අසංකුප්පං, තං විද්වා මනුබ්රූහයෙ.
‘‘අජ්ජෙව කිච්චමාතප්පං, කො ජඤ්ඤා මරණං සුවෙ;
න හි නො සඞ්ගරං තෙන, මහාසෙනෙන මච්චුනා.
‘‘එවං විහාරිං ආතාපිං, අහොරත්තමතන්දිතං;
තං වෙ භද්දෙකරත්තොති, සන්තො ආචික්ඛතෙ මුනී’’ති.
‘‘‘කො
‘‘පණ්ඩිතො, භික්ඛවෙ, මහාකච්චානො; මහාපඤ්ඤො, භික්ඛවෙ මහාකච්චානො. මං චෙපි තුම්හෙ, භික්ඛවෙ, එතමත්ථං පටිපුච්ඡෙය්යාථ, අහම්පි තං එවමෙවං බ්යාකරෙය්යං යථා තං මහාකච්චානෙන බ්යාකතං. එසො, චෙවෙතස්ස අත්ථො. එවඤ්ච නං ධාරෙථා’’ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
|
285
[1] “ඇවැත්නි, ඉකුත් පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණාදෘෂ්ටීන්ගේ වශයෙන් අනුව නොයන්නේය. නොපැමිණියාවූ පඤ්චස්කන්ධයෙහි තෘෂ්ණා වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්ම ගියේද, එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.
[2] “වර්තමානවූ, යම් ස්කන්ධයක් වේද, එය ඒ උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනා වශයෙන් විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට, කුපිත නොකොට, පණ්ඩිත භික්ෂු තෙමේ වඩන්නේය.
[3] “අදම කෙළෙස් තවන වීර්‍ය්‍යය කළයුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති, ඒ මාරයා සමග ගිවිසුම් කොට, නැවතීමක් නොවන්නේමය.
[4] “මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, රෑ දාවල් දෙක්හි අනලස්වූ, ඒ පුද්ගලයා ඒකාන්තයෙන් යහපත් රාත්‍රියක් ඇති තැනැත්තේයයි ශාන්තවූ බුද්ධමුනි තෙමේ වදාළේයයි යම් ධර්මයක් භාග්‍යවතුන් වහන්සේ සංක්ෂෙප වශයෙන් වදාරා විස්තර වශයෙන් අර්ථවිභාග නොකොට හුනස්නෙන් නැඟිට විහාරයට වැඩමවූ සේක්ද,
“ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙප වශයෙන් වදාළාවූ විස්තර වශයෙන් අර්ථ විභාග නොකළාවූ මේ ධර්මයාගේ අර්ථ විස්තර වශයෙන් මෙසේ දැනගණිමි. ආයුෂ්මත්නි, නුඹ වහන්සේලා කැමති වන්නාහු නම් භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණ මේ කාරණය නැවත විචාරනු මැනවි. භාග්‍යවතුන් වහන්සේ අපට යම්සේ ප්‍රකාශ කෙරෙද්ද, එය එසේ දරාගත මැනවයි (කීහ.) එකල්හි වනාහි ඒ භික්ෂූහු ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන්ගේ දේශනාවට විශේෂයෙන් සතුටුව අනුමෝදන්ව හුනස්නෙන් නැගිටියාහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට ගියාහුය. ගොස් භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසක හුන්නාහුය. එකත්පසක හුන්නාවූ ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැලකළාහුය ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අපට යම් ධර්මයක් සංක්ෂෙපයෙන් වදාරා විස්තර වශයෙන් අර්ථ විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක්ද.
[1] ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව නොයන්නේය. නොපැමිණියාවූ පඤ්චස්කන්ධයෙහි තෘෂ්ණා වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්ම ගියේද, එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.
[2] වර්තමානවූ යම් ස්කන්ධයක් වේද එය උපන් උපන් තන්හි අනිත්යානුපස්සනාදි වශයෙන් විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට, කුපිත නොකොට, පණ්ඩිත භික්ෂුතෙම වඩන්නේය.
[3] අදම කෙළෙස් තවන වීර්‍ය්‍ය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති ඒ මාරයා සමග ගිවිසුම්කොට, නැවතීමක් නොවන්නේමය.
[4] මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, රෑ දාවල් දෙක්හි අනලස්වූ, ඒ පුද්ගලයා ඒකාන්තයෙන් යහපත් එක් රැයක් ඇත්තේයයි ශාන්තවූ බුද්ධ මුනිතෙමේ වදාළේය (යනුය)
“ස්වාමීනි, ඒ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩමවා නොබෝ වේලාවකින් මෙබඳු සිතෙක් වී. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට මේ ධර්මය වනාහි සංක්ෂෙප වශයෙන් වදාරා විස්තර වශයෙන් අර්ථ විභාග නොකොට හුනස්නෙන් නැඟිට විහාරයට වැඩමවූසේක.
[1] “ඉකුත් පඤ්චස්කන්ධය අනුව නොයන්නේය. අනාගත පඤ්චස්කන්ධය ගැන තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් නොපතන්නේය. යම් ස්කන්ධයක් ඉක්මගියේද, එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.
[2] වර්තමානවූ යම් ස්කන්ධයක් වේද එය උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට, කුපිත නොකොට, පණ්ඩිත භික්ෂුතෙම වඩන්නේය.
[3] අදම කෙළෙස් තවන වීර්‍ය්‍ය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති ඒ මාරයා සමග ගිවිසුම්කොට, නැවතීමක් නොවන්නේමය.
[4] මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, රෑ දාවල් දෙක්හි අනලස්වූ, ඒ පුද්ගලයා ඒකාන්තයෙන් යහපත් එක් රැයක් ඇත්තේ යයි, ශාන්තවූ බුද්ධ මුනි තෙමේ වදාළේය.
“භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාළවූ විස්තර වශයෙන් අර්ථ විභාග නොකළාවූ මේ ධර්මයාගේ අර්ථ කවරෙක් වනාහි විස්තර වශයෙන් විභාග කරන්නේද යනුයි. ස්වාමීනි, ඒ අපට වනාහි මෙබඳු සිතෙක්වී. ඇවැත්නි, මේ මහා කාත්‍යායන ස්ථවිරතෙමේ වනාහි ශාස්තෲන් වහන්සේ විසින්ද වර්ණනා කරණ ලද්දේය. නුවණැති සබ්‍රහ්මචාරීන් විසින්ද, ගරු කරණ ලද්දේවේ. ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාරණ ලද විස්තර වශයෙන් අර්ථ විභාග නොකළ මේ ධර්මයාගේ අර්ථ විස්තර වශයෙන් විභාග කිරීමට සමර්ථ වන්නේය. අපි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ යම් තැනෙක් හිද එහි යන්නෙමු. ගොස් ආයුෂ්මත් මහාකත්‍යායන ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය විචාරන්නෙමු නම් යෙහෙකැයි කියායි.
“ස්වාමීනි, එකල්හි වනාහි අපි ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද, එතැනට ගියෙමු. ගොස් ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ ගෙන් මේ කාරණය ඇසීමු. ස්වාමීනි, ඒ අපට ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන්වහන්සේ විසින් මේ ආකාරයන්ගෙන් මේ පදයන්ගෙන් මේ ව්‍යඤ්ජනයන්ගෙන් අර්ථ විභාගකොට ප්‍රකාශකරණ ලද්දේයයි සැලකළාහුය.”
“මහණෙනි, මහා කාත්යායනතෙමේ පණ්ඩිතයෙකි. මහණෙනි, මහාකත්යායනතෙමේ මහත් ප්‍රඥා ඇත්තෙකි. මහණෙනි, තෙපි මා අතින්ද මේ කාරණය විචාළාහු නම් මමද එය මහාකාත්යයනයන් විසින් යම් පරිද්දෙකින් ප්‍රකාශකරණ ලද්දේ නම් ඒ ආකාරයෙන්ම ප්‍රකාශ කරමි. ඒ අර්ථය එසේමය. එසේම එය දරා ගනිව්යයි වදාළේය.”
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය. සතුටු සිත් ඇති එහි භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තාහුය.
|
4. ලොමසකඞ්ගියභද්දෙකරත්තසුත්තං | 4. ලොමසකඩ්ගිය භද්දෙකරත්ත සූත්‍රය |
286
එවං
‘‘අතීතං නාන්වාගමෙය්ය, නප්පටිකඞ්ඛෙ අනාගතං;
යදතීතං පහීනං තං, අප්පත්තඤ්ච අනාගතං.
‘‘පච්චුප්පන්නඤ්ච යො ධම්මං, තත්ථ තත්ථ විපස්සති;
අසංහීරං අසංකුප්පං, තං විද්වා මනුබ්රූහයෙ.
‘‘අජ්ජෙව කිච්චමාතප්පං, කො ජඤ්ඤා මරණං සුවෙ;
න හි නො සඞ්ගරං තෙන, මහාසෙනෙන මච්චුනා.
‘‘එවං
තං වෙ භද්දෙකරත්තොති, සන්තො ආචික්ඛතෙ මුනී’’ති.
‘‘එවං ඛො අහං, භික්ඛු, ධාරෙමි භද්දෙකරත්තියො ගාථා. උග්ගණ්හාහි ත්වං, භික්ඛු, භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච; පරියාපුණාහි ත්වං
|
286
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
එකල්හි වනාහි ආයුෂ්මත් “ලොමසකඩ්ගිය” ස්ථවිරතෙම ශාක්‍ය ජනපදයන්හි කපිලවස්තු පුරයෙහිවූ නිග්‍රොධාරාමයෙහි වාසය කෙරෙයි. එකල්හි චන්දන නම් දිව්‍යපුත්‍ර තෙම මධ්‍යම රාත්‍රියෙහි බබළන ශරීර වර්ණයෙන් යුක්තව සියලු නිග්රොධරාමය ආලෝක කොට ආයුෂ්මත් ලොමසකඩ්ගිය ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, එක් පසෙක සිටියේය. එක් පසෙක සිටියාවූ චන්දන දිව්‍යපුත්‍ර තෙම ආයුෂ්මත් ලොමසකඩ්ගිය ස්ථවිරයන්ට මෙසේ කීයේය.
“භික්ෂූන් වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත නම්, ධර්මයාගේ උදෙසීමද (මාතෘකාවද) විභාගයද (විස්තරයද) දරන්නෙහිද?” යනුය.
“ඇවැත්නි, මම භද්දෙකරත්ත නම් ධර්මයාගේ මාතෘකාවද විස්තරයද නොදරමි. ඇවැත්නි, නුඹ වනාහි භද්දෙකරත්ත නම් ධර්මයාගේ මාතෘකාවද විස්තරයද දරන්නෙහිද?
“භික්ෂූන්වහන්ස, මමද භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද නොදරමි. භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ වනාහි භද්දෙකරත්ත නම් ගාථා දරන්නෙහිද?
“ඇවැත්නි, මම වනාහි භද්දෙකරත්ත නම් ගාථා නොදරමි. ඇවැත්නි, නුඹ වනාහි භද්දෙකරත්ත නම් ගාථා දරන්නෙහිද?”
“භික්ෂූන්වහන්ස, මම වනාහි භද්දෙකරත්ත නම් ගාථා දරමියි කීය. ඇවැත්නි, නුඹ වනාහි කෙසේ නම් භද්දෙකරත්ත ගාථා දරන්නෙහිදැ?”යි ඇසී.
“භික්ෂූන්වහන්ස, එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ තව්තිසා දෙවියන් අතර පරසතු ගසමුල පඬැ’ඹුල් සලස්නෙහි (පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි) වැඩ වාසය කරණසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ තව්තිසා වැසි දෙවියන්ට භද්දෙකරත්ත නම් ධර්මයාගේ මාතෘකාවද විස්තරයද වදාළසේක.
[1] “ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය. අනාගතවූ පඤ්චස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටීන්ගේවශයෙන් නොපතන්නේය. යම් ස්කන්ධයක් ඉක්මගියේද, එය ප්‍රහීණ විය. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.
[2] “ප්රත්යුත්පන්නවූ යම් ස්කන්ධයක් වේද, එය ඒ උපන් උපන් තන්හි අනිත්‍යාදි වශයෙන් බලන්නේය. නුවණැති පුද්ගල තෙමේ නොවිසිරෙන්නාවූ නොකිපෙන්නාවූ ඒ විදර්ශනා ඥානය වඩන්නේය.
[3] “කෙලෙස් තවන වීර්‍ය්‍යය වැඩිය යුතුයි මරණය අද හෙටම පැමිණේදැයි කවරෙක් දන්නේද? ඒ මහා සේනාවක් ඇති මරුවා සමග අපගේ ගිවිසුමක් නැත්තේය.
[4] රෑ දාවල් අනලස්ව වීර්‍ය්‍ය ඇතිව මෙසේ වාසය කරන්නාවූ ඔහු ඒකාන්තයෙන් ශාන්තවූ සර්වඥ මුනිතෙම භද්දෙකරත්තයයි කියන්නේය” (යනුවෙනි.)
“භික්ෂූන් වහන්ස, මම වනාහි මෙසේ භද්දෙකරත්ත ගාථාවන් දරමි. භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද, විස්තරයද, ඉගෙණගනු මැනවි. භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද පුරුදු කරනු මැනවි. භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද දරණු මැනවි. භික්ෂූන් වහන්ස, භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද අර්ථයෙන් යුක්තය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවේ ආදිය වන්නේයයි” මෙසේ චන්දන නම් දිව්‍යපුත්‍ර තෙම කීයේය. මෙසේ කියා එහිම අතුරුදහන්වූයේය.
|
287
අථ ඛො ආයස්මා ලොමසකඞ්ගියො තස්සා රත්තියා අච්චයෙන සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය යෙන සාවත්ථි තෙන
‘‘එකමිදාහං, භන්තෙ, සමයං සක්කෙසු විහරාමි කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො, භන්තෙ, අඤ්ඤතරො දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං නිග්රොධාරාමං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො, භන්තෙ, සො දෙවපුත්තො මං එතදවොච - ‘ධාරෙසි ත්වං, භික්ඛු, භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්චා’ති? එවං වුත්තෙ අහං, භන්තෙ, තං දෙවපුත්තං එතදවොචං - ‘න ඛො අහං, ආවුසො, ධාරෙමි භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච. ත්වං පනාවුසො, ධාරෙසි භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්චා’ති? ‘අහම්පි ඛො, භික්ඛු, න ධාරෙමි භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච. ධාරෙසි පන ත්වං, භික්ඛු, භද්දෙකරත්තියො ගාථා’ති? ‘න ඛො අහං, ආවුසො, ධාරෙමි භද්දෙකරත්තියො ගාථා. ත්වං පනාවුසො, ධාරෙසි භද්දෙකරත්තියො ගාථා’ති? ‘ධාරෙමි ඛො අහං, භික්ඛු, භද්දෙකරත්තියො ගාථා’ති. ‘යථා කථං පන ත්වං, ආවුසො, ධාරෙසි භද්දෙකරත්තියො ගාථා’ති? එකමිදං, භික්ඛු, සමයං භගවා දෙවෙසු තාවතිංසෙසු විහරති පාරිච්ඡත්තකමූලෙ පණ්ඩුකම්බලසිලායං
‘‘අතීතං නාන්වාගමෙය්ය...පෙ....
තං වෙ භද්දෙකරත්තොති, සන්තො ආචික්ඛතෙ මුනී’’ති.
‘‘එවං
|
287
“ඉක්බිති ආයුෂ්මත් ලොමසකඩ්ගිය ස්ථවිරතෙම ඒ රාත්‍රියගේ ඇවෑමෙන් සේනාසනය තැන්පත්කොට පාත්‍රසිව්රු ගෙණ සැවැත් නුවර යම් තැනකද, එතැන්හි චාරිකා පිණිස ගියේය. පිළිවෙළින් ගමන් කරන්නේ සැවැත් නුවර යම් තැනකද, ජේතවනය යම් තැනකද, අනේපිඩු මහ සිටුහුගේ ආරාමය යම් තැනකද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසක හුන්නේය. එක් පසක හුන්නාවූ ආයුෂ්මත් ලොමසකඩ්ගිය ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, මම එක් කලෙක්හි ශාක්‍ය ජනපදයන්හි කිඹුල්වත්පුර නිග්‍රොධාරාමයෙහි වාසය කරමි. ස්වාමීනි, එකල්හි එක්තරා දිව්‍යපුත්‍රයෙක් මධ්‍යම රාත්‍රියෙහි බබළන වර්ණයෙන් යුක්තව නිග්‍රොධාරාමය හාත්පස බබුළුවා මම යම් යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, එක්පසක සිටියේය. ස්වාමීනි, එක් පසක සිටියාවූ ඒ දිව්‍යපුත්‍ර තෙම මට මෙසේ කීයේය. ‘භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද දරන්නෙහිද? යනුයි. මෙසේ කී කල්හි, ස්වාමීනි, මම ඒ දිව්‍යපුත්‍රයාට, ‘ඇවැත්නි, මම වනාහි භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද නොදරමියි, කියෙමි. ‘ඇවැත්නි, නුඹ වනාහි භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද දරන්නෙහි දැයි, මම ඇසීමි. ‘භික්ෂූන්වහන්ස, මමද භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද නොදරමියි, කීය. භික්ෂූන් වහන්ස, නුඹවහන්සේ වනාහි භද්දෙකරත්ත නම් ගාථාවන් දරන්නෙහිදැයි, දිව්‍යපුත්‍ර තෙම ඇසීය.
“ඇවැත්නි, මම වනාහි භද්දෙකරත්ත නම් ගාථාවන් නොදරමියි, කීයෙමි. ‘ඇවැත්නි, නුඹ වනාහි භද්දෙකරත්ත නම් ගාථාවන් දරන්නෙහිදැයි, ඇසීමි. ‘භික්ෂූන්වහන්ස, මම වනාහි භද්දෙකරත්ත නම් ගාථාවන් දරමියි කීය. ‘ඇවැත්නි, නුඹ වනාහි කෙසේ නම්, භද්දෙකරත්ත නම් ගාථාවන් දරන්නෙහිදැයි, ඇසීමි.
‘භික්ෂූන් වහන්ස, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ තව්තිසා වැසි දෙවියන් අතර පරසතු ගසමුල පඬැ’ඹුල් සලස්නෙහි වාසය කරණසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ තව්තිසා වැසි දෙවියන්ට භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද වදාළසේක.
[1] “ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව ගමන් නොකරන්නේය. නොපැමිණියාවූ පඤ්චස්කන්ධයෙහි තෘෂ්ණා වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්මගියේද, එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.
[2] “වර්තමානවූ යම් ස්කන්ධයක්වේද, එය ඒ උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට, කුපිත නොකොට, පණ්ඩිත භික්ෂුතෙමේ වඩන්නේය.
[3] “අදම කෙළෙස් තවන වීර්‍ය්‍යය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනා ඇති, ඒ මාරයා සමග ගිවිසුම්කොට, නැවතීමක් නොවන්නේමය.
[4] මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, රෑ දාවල් දෙක්හි අනලස්වූ, ඒ ඒකාන්තයෙන් භද්දෙකරත්තයයි ශාන්තවූ සර්වඥ මුනි තෙම ප්‍රකාශ කෙරේය යනුවෙනි.
භික්ෂූන් වහන්ස, මෙසේ වනාහි මම භද්දෙකරත්ත ගාථාවන් දරමි. භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද උගනු මැනව. භික්ෂූන් වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද පුරුදු කරනු මැනව. භික්ෂූන් වහන්ස, නුඹ වහන්සේ භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද දරණු මැනව. භික්ෂූන්වහන්ස, භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද අර්ථයෙන් යුක්තය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වේයයි කීය. ස්වාමීනි, ඒ දිව්‍යපුත්‍රතෙම මෙසේ කියා එහිම අතුරුදහන් වූයේය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද දේශනා කරන්නේ නම් මැනවැයි” කීය.
|
288
‘‘ජානාසි පන ත්වං, භික්ඛු, තං දෙවපුත්ත’’න්ති? ‘‘න ඛො අහං, භන්තෙ, ජානාමි තං දෙවපුත්ත’’න්ති. ‘‘චන්දනො නාම සො, භික්ඛු, දෙවපුත්තො. චන්දනො, භික්ඛු, දෙවපුත්තො අට්ඨිං කත්වා
(අට්ඨිකත්වා (සී. ස්‍යා. කං. පී.)) මනසිකත්වා සබ්බචෙතසා
(සබ්බං චෙතසො (සී. ස්‍යා. කං. පී.), සබ්බං චෙතසා (ක.)) සමන්නාහරිත්වා ඔහිතසොතො ධම්මං සුණාති. තෙන හි, භික්ඛු, සුණාහි, සාධුකං මනසි කරොහි; භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා ලොමසකඞ්ගියො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච -
‘‘අතීතං
යදතීතං පහීනං තං, අප්පත්තඤ්ච අනාගතං.
‘‘පච්චුප්පන්නඤ්ච යො ධම්මං, තත්ථ තත්ථ විපස්සති;
අසංහීරං අසංකුප්පං, තං විද්වා මනුබ්රූහයෙ.
‘‘අජ්ජෙව කිච්චමාතප්පං, කො ජඤ්ඤා මරණං සුවෙ;
න
‘‘එවං විහාරිං ආතාපිං, අහොරත්තමතන්දිතං;
තං වෙ භද්දෙකරත්තොති, සන්තො ආචික්ඛතෙ මුනි’’.
‘‘කථඤ්ච, භික්ඛු, අතීතං අන්වාගමෙති...පෙ.... එවං ඛො, භික්ඛු, අතීතං අන්වාගමෙති. කථඤ්ච
‘‘අතීතං
යදතීතං පහීනං තං, අප්පත්තඤ්ච අනාගතං.
‘‘පච්චුප්පන්නඤ්ච
අසංහීරං අසංකුප්පං, තං විද්වා මනුබ්රූහයෙ.
‘‘අජ්ජෙව
න හි නො සඞ්ගරං තෙන, මහාසෙනෙන මච්චුනා.
‘‘එවං විහාරිං ආතාපිං, අහොරත්තමතන්දිතං;
තං වෙ භද්දෙකරත්තොති, සන්තො ආචික්ඛතෙ මුනී’’ති.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ලොමසකඞ්ගියො භගවතො භාසිතං අභිනන්දීති.
|
288
“මහණ, නුඹ ඒ දිව්‍යපුත්‍රයා කවරෙක්දැයි දන්නෙහිදැයි, ඇසුහ. “ස්වාමීනි, මම ඒ දිව්‍යපුත්‍රයා නොදනිමියි” කීය. “මහණ, මේ චන්දන නම් දිව්යපුත්රයාවෙයි. මහණ, චන්දන දිවපුත්ර තෙම කැමැත්ත ඇතුව සිත්හි කොට සියල්ල සිතට එලවා යොමුකරණලද කන් ඇතිව ධර්මය අසයි. මහණ, එසේවී නම් අසව. යහපත්කොට මෙනෙහි කරව, කියන්නෙමියි” වදාළේය. “එසේය, ස්වාමීන් වහන්සැයි,” ආයුෂ්මත් ලොමසකඩ්ගිය ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
[1] “ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව ගමන් නොකරන්නේය. අනාගතවූ පඤ්චස්කන්ධය නොපතන්නේය. යම් ස්කන්ධයක් ඉක්මගියේද, එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.
[2] “වර්තමානවූ යම් ස්කන්ධයක් වේද, එය ඒ උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට, පණ්ඩිත භික්ෂුතෙමේ වඩන්නේය.
[3] “අදම කෙළෙස් තවන වීර්‍ය්‍යය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති, ඒ මාරයා සමග ගිවිසුම්කොට නැවතීමක් නොවන්නේමය.
[4] “මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, රෑ දාවල් දෙක්හි අනලස්වූ, ඔහු ඒකාන්තයෙන් යහපත්වූ රාත්‍රියක් ඇති භික්ෂුවයයි ශාන්තවූ සර්වඥ මුනි තෙම ප්‍රකාශ කෙරේ.
“මහණ, කෙසේ නම් ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව යේද, ඉකුත් කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වීමියි, එය අනුව තෘෂ්ණාව පවත්වයි. මෙබඳු වේදනා ඇත්තෙක් වීමියි එය අනුව තෘෂ්ණාව පවත්වයි. මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි එය අනුව තෘෂ්ණාව පවත්වයි. මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි එය අනුව තෘෂ්ණාව පවත්වයි. ඉකුත් කාලයෙහි මෙබඳු විඥානය ඇත්තෙක් වීමියි, එය අනුව තෘෂ්ණාව පවත්වයි, මහණ, මෙසේ වනාහි අතීත පඤ්චස්කන්ධය අනුව යයි.
“මහණ, කෙසේ නම් අතීතවූ පඤ්චස්කන්ධය අනුව නොයාද? ඉකුත්වූ කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වීමියි එය අනුව තෘෂ්ණාව නොපවත්වයි. මෙබඳු වේදනා ඇත්තෙක් වීමියි එය අනුව තෘෂ්ණාව නොපවත්වයි. මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි එය අනුව තෘෂ්ණාව නොපවත්වයි. මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි එය අනුව තෘෂ්ණාව නොපවත්වයි. ඉකුත්වූ කාලයෙහි මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වීමියි එය අනුව තෘෂ්ණාව නොපවත්වයි. මහණ, මෙසේ වනාහි අතීත පඤ්චස්කන්ධය අනුව නොයයි.
“මහණ, කෙසේ නම් අනාගතවූ පඤ්චස්කන්ධය ප්‍රාර්ථනා කෙරේද, අනාගත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වයි. මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙමියි, එහි තෘෂ්ණාව පවත්වයි. මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වයි. මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වයි. අනාගත කාලයෙහි මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වයි. මහණ, මෙසේ වනාහි අනාගත පඤ්චස්කන්ධය තෘෂ්ණාවෙන් බලාපොරොත්තු වන්නේය.
“මහණ, කෙසේ නම් අනාගත පඤ්චස්කන්ධය බලාපොරොත්තු නොවේද, අනාගත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව නොපවත්වයි. මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව නොපවත්වයි. මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව නොපවත්වයි. මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව නොපවත්වයි. අනාගත කාලයෙහි මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව නොපවත්වයි. මහණ මෙසේ වනාහි අනාගත පඤ්චස්කන්ධය බලාපොරොත්තු නොවෙයි.
“මහණ, කෙසේ නම් ප්‍රත්‍යුත්පන්න ස්කන්ධයන්හි (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) ඇදගැණීම වේද, මහණ, මේ ශාසනයෙහි අශ්රැතවත්වූ පෘථග්ජන තෙම ආර්‍ය්‍යයන් නොදක්නේ, ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂ නොවූයේ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුනේ සත්පුරුෂයන් නොදක්නේ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූයේ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනේ රූපය තමා වශයෙන් දකී. තමා රූපය ඇත්තෙකැයි කියා හෝ දකියි. රූපය තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකියි. රූපය කෙරෙහි තමා ඇත්තේයයි කියා හෝ දකියි. වේදනාව තමා වශයෙන් දකියි. තමා වේදනාව ඇත්තෙකැයි කියා හෝ දකියි. වේදනාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකියි. තමා වේදනාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකියි. සංඥාව තමා වශයෙන් දකියි. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝ දකියි. සංඥාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකියි. තමා සංඥාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකියි. සංස්කාරයන් තමා වශයෙන් දකියි. තමා සංස්කාර ඇත්තෙකැයි කියා හෝ දකියි. සංස්කාර තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකියි. විඤ්ඤාණය තමා වශයෙන් දකියි. තමා විඤ්ඤාණය ඇත්තෙකැයි කියා හෝ දකියි. තමා කෙරෙහි විඤ්ඤාණය ඇත්තේයයි කියා හෝ දකියි. විඤ්ඤාණය කෙරෙහි තමා ඇත්තේයයි කියා හෝ දකියි. මහණ, මෙසේ වනාහි ප්‍රත්‍යුත්පන්න ස්කන්ධයන්හි ඇදගැනීම වේ.
“මහණ, කෙසේ නම් ප්‍රත්‍යුත්පන්න ස්කන්ධයන්හි ඇදගැනීම නොවේද, මහණ, මේ ශාසනයෙහි ශ්‍රැතවත්වූ ආර්‍ය්‍යයන් දක්නාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහිද දක්ෂවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි හික්මුනාවූ, සත්පුරුෂයන් දක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ, ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම රූපය තමා වශයෙන් නොදකියි. තමා රූපය ඇත්තෙකැයි හෝ (නොදකියි.) තමා කෙරෙහි රූපය ඇත්තේයයි කියා හෝ නොදකියි. රූපය කෙරෙහි තමා ඇත්තේයයි කියා හෝ නොදකියි. වේදනාව තමා වශයෙන් නොදකියි. තමා වේදනාව ඇත්තෙකැයි කියා හෝ නොදකියි. වේදනාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකියි. තමා වේදනාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකියි. සංඥාව තමා වශයෙන් නොදකියි. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝ නොදකියි සංඥාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකියි. තමා සංඥාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකියි. සංස්කාරයන් තමා වශයෙන් නොදකියි. තමා සංස්කාර ඇත්තෙකැයි කියා හෝ නොදකියි. සංස්කාර තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකියි. තමා සංස්කාර කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකියි. විඤ්ඤාණය තමා වශයෙන් නොදකියි. තමා විඤ්ඤාණය ඇත්තෙකැයි කියා හෝ නොදකියි. තමා කෙරෙහි විඤ්ඤාණය ඇත්තේයයි කියා හෝ නොදකියි. විඤ්ඤාණය කෙරෙහි තමා ඇත්තේයයි කියා නොදකියි. මහණ, මෙසේ වනාහි ප්‍රත්‍යුත්පන්න ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇදගැණීම නොකෙරේ.
[1] “ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව ගමන් නොකරන්නේය. එහි තෘෂ්ණාව නොපවත්නේය. නොපැමිණියාවූ පඤ්චස්කන්ධයෙහි තෘෂ්ණා වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්මගියේද එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.
[2] “වර්තමානවූ යම් ස්කන්ධයක් වේද, එය ඒ උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට, පණ්ඩිත භික්ෂු තෙමේ වඩන්නේය.
[3] “අදම කෙළෙස් තවන වීර්‍ය්‍යය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති, ඒ මාරයා සමග ගිවිසුම්කොට, නැවතීමක් නොවන්නේමය.
[4] “මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, රෑ දාවල් දෙක්හි අනලස්වූ, ඔහු ඒකාන්තයෙන් භද්දෙකරත්තයයි, ශාන්තවූ සර්වඥ මුනි තෙම ප්‍රකාශ කෙරේයයි, භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
සතුටු සිත් ඇත්තාවූ ආයුෂ්මත් ලොමසකඩ්ගිය ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේයි.
|
5. චූළකම්මවිභඞ්ගසුත්තං (සුභසුත්තන්තිපි වුච්චති) | 5. චූලකම්ම විභංග සූත්‍රය |
289
එවං
‘‘කො නු ඛො, භො ගොතම, හෙතු කො පච්චයො යෙන මනුස්සානංයෙව සතං මනුස්සභූතානං දිස්සන්ති හීනප්පණීතතා? දිස්සන්ති හි, භො ගොතම, මනුස්සා අප්පායුකා, දිස්සන්ති දීඝායුකා; දිස්සන්ති බව්හාබාධා
(බහ්වාබාධා (ස්‍යා. කං. ක.)), දිස්සන්ති අප්පාබාධා; දිස්සන්ති දුබ්බණ්ණා, දිස්සන්ති වණ්ණවන්තො; දිස්සන්ති අප්පෙසක්ඛා, දිස්සන්ති මහෙසක්ඛා; දිස්සන්ති අප්පභොගා, දිස්සන්ති මහාභොගා; දිස්සන්ති නීචකුලීනා, දිස්සන්ති උච්චාකුලීනා; දිස්සන්ති දුප්පඤ්ඤා, දිස්සන්ති පඤ්ඤවන්තො
(පඤ්ඤාවන්තො (සී. පී.))
‘‘කම්මස්සකා
|
289
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි තොදෙය්‍ය බ්‍රහ්මණයාගේ පුත්‍රවූ සුභ නම් මානවක තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටුවිය යුතුවූ සිහිකටයුතුවූ කථා කොට නිමවා, එක් පසක හුන්නේය. එක් පසක හුන්නාවූම තොදෙය්‍ය පුත්‍රවූ සුභ නම් මානවක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.
“භවත් ගෞතමයන් වහන්ස, යම්හෙයකින් මිනිස්ව උපන්නාවූ මනුෂ්‍යයන්ගේම උස් පහත් කම් දක්නා ලැබෙත්ද, එයට හේතු කවරේද? එයට කරුණු කවරේද? භවත් ගෞතමයන් වහන්ස, ස්වල්ප ආයුෂ ඇත්තාවූ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. දීර්ඝායුෂ ඇත්තාවූ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. බොහෝ රෝගාබාධ ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. ස්වල්ප රෝගාබාධ ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. අවලක්ෂණ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. ලක්ෂණ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. ස්වල්ප පිරිස් ඇත්තාවූ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. බොහෝ පිරිස් ඇත්තාවූ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. ස්වල්ප සම්පත් ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. බොහෝ සම්පත් ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. පහත් කුල ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. උසස් කුල ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. නුවණැති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. නුවණ නැති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. භවත් ගෞතමයන් වහන්ස, යම්හෙයකින් මිනිස්ව උපන්නාවූ මනුෂ්‍යයන්ගේම මෙසේ උස් පහත් කම් බැව් දක්නා ලැබෙත්ද, ඊට හේතු කවරේද, කරුණු කවරේද” යනුයි.
“මානවකය, සත්වයෝ කර්මයම තමා අයත් දෙය කොට ඇත්තාහ. කර්මය දායාදය (වස්තුව) කොට ඇත්තාහ. කර්මයම කාරණය කොට ඇත්තාහ. කර්මයම නෑයන් කොට ඇත්තාහ. කර්මය පිළිසරණ කොට ඇත්තාහ. කර්මය ඒ මේ උස් පහත් බැව් පිණිස සත්වයන් බෙදන්නේය.”
“මම, භවත් ගෞතමයන් වහන්සේ විසින් කොටින් කියන ලද විස්තර වශයෙන් අර්ථ බෙදා නොදක්වන ලද මේ ධර්මයාගේ අර්ථය විස්තර වශයෙන් නොදනිමි. යම්සේ මම භවත් ගෞතමයන් වහන්සේ විසින් කොටින් කියන ලද විස්තර වශයෙන් අර්ථ බෙදා නොදක්වන ලද ධර්මයාගේ, අර්ථය විස්තර වශයෙන් දැන ගන්නෙම්ද, එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ මට දේශනා කළහොත් මැනවැයි” කීය.
|
290
‘‘තෙන හි, මාණව, සුණාහි, සාධුකං මනසි කරොහි; භාසිස්සාමී’’ති. ‘‘එවං, භො’’ති ඛො සුභො මාණවො තොදෙය්යපුත්තො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච -
‘‘ඉධ, මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා පාණාතිපාතී හොති ලුද්දො ලොහිතපාණි හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො පාණභූතෙසු
(සබ්බපාණභූතෙසු (සී. ක.)). සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන
(සමාදිණ්ණෙන (පී. ක.)) කායස්ස
‘‘ඉධ පන, මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති නිහිතදණ්ඩො නිහිතසත්ථො, ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති
|
290
“මානවකය, එසේ වීනම් අසව, යහපත්කොට මෙනෙහි කරව, කියන්නෙමියි” (වදාළේය.) “එසේය, පින්වතුන් වහන්සැයි” කියා, තොදෙය්‍ය පුත්‍රවූ සුභ නම් මානවක තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“මානවකය, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ රෞද්‍රවූයේ ලේ තැවරුණු අත් ඇත්තේ නැසීමෙහි වැනසීමෙහි යෙදුනේ, සියලු ප්‍රාණීන් කෙරෙහි කරුණා නැති බවට පැමිණියේ සතුන් මරන්නේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ මෙසේ සමාදන්වූ, ඒ මේ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි නූපදීද, ඉදින් මිනිසත් බවට පැමිණේද, යම් යම් තැනක පසුව උපදීද, ස්වල්ප ආයුෂ ඇත්තෙක් වෙයි. මානවකය, රෞද්‍රවූයේ ලේ තැවරුණු අත් ඇත්තේ සතුන් නැසීමෙහි වැනසීමෙහි යෙදුනේ සියලු ප්‍රාණීන් කෙරෙහි කරුණාවක් නැති බවට පැමිණියේ සතුන් මරන්නේ වේනම්, මේ පැවැත්ම අල්පායුෂ බව පිණිස පවත්නේ වෙයි.
“මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැළකුනේ වේද, බහා තබන ලද දඬු මුගුරු ඇත්තේ බහා තබන ලද ආයුධ ඇත්තේ, ලජ්ජා ඇත්තේ, කරුණාවට පැමිණියේ, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ වාසය කෙරේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කරණ ලද මෙසේ සමාදන් වන ලද ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති සැපයෙන් යුක්තවූ දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියවූ දිව්‍යලෝකයෙහි නූපදීද, ඉදින් මිනිසත් බවට පැමිණේද, යම් යම් තැනෙක්හි පසුව උපදීද, දීර්ඝායුෂ ඇත්තේ වේ. මානවකය, ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැළකුනේ බහා තබනලද දඬු ඇත්තේ බහා තබනලද ආයුධ ඇත්තේ ලජ්ජා ඇත්තේ දයාවට පැමිණියේ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කෙරේ නම් මේ පැවැත්ම දීර්ඝායුෂ පිණිස පවත්නේ වෙයි.
|
291
‘‘ඉධ
‘‘ඉධ පන, මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා සත්තානං අවිහෙඨකජාතිකො හොති පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති අප්පාබාධො හොති. අප්පාබාධසංවත්තනිකා එසා, මාණව, පටිපදා යදිදං
|
291
“මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අතින් හෝ කැටකින් හෝ දණ්ඩෙන් හෝ ආයුධයෙන් හෝ සතුන්ට හිංසා කරණ ස්වභාව ඇත්තේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කරණ ලද මෙසේ සමාදන්වන ලද ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුකෙන් යුක්තවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුකින් යුක්තවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, බොහෝ රෝග ඇත්තේ වෙයි. මානවකය, සත්වයන්ට අතින් හෝ කැටින් හෝ දඬුයෙන් හෝ ආයුධයෙන් හෝ හිංසා කරණ ස්වභාව ඇත්තේ වෙයි නම්, මේ පැවැත්ම බොහෝ රෝග සහිත වීම පිණිස පවත්නේය.
“මානවකය, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සතුන්ට අතින් හෝ කැටකින් හෝ දණ්ඩෙන් හෝ ආයුධයෙන් හෝ හිංසා නොකරණ ස්වභාව ඇත්තේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ මෙසේ සමාදන්වූ ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදීනම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, ස්වල්ප රෝග ඇත්තේ වේ. මානවකය, සතුන්ට අතින් හෝ කැටයෙන් හෝ දණ්ඩෙන් හෝ ශස්ත්‍රයෙන් හෝ හිංසා නොකරණ ස්වභාව ඇත්තේ නම් මේ පැවැත්ම අඩු රෝග ඇති බව පිණිස පවත්නේය.
|
292
‘‘ඉධ, මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා කොධනො හොති උපායාසබහුලො. අප්පම්පි
‘‘ඉධ පන, මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා අක්කොධනො හොති අනුපායාසබහුලො; බහුම්පි වුත්තො සමානො නාභිසජ්ජති න කුප්පති න බ්යාපජ්ජති න පතිට්ඨීයති න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරං මරණා
|
292
“මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ද්වේෂය බහුලකොට ඇත්තේ කිපෙන සුළු වේද, සුලු දෙයක් කියන ලදුවත් ගැටේද, කිපේද, විරුද්ධ බවට පැමිණේද, කෝපයත් ද්වේෂයත් නොසතුටු බවත් පහළ කෙරේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ, දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ, නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ, නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම්, යම් යම් තැනක පසුව උපදීද, ඒ කර්මය හේතුකොටගෙන අවලක්ෂණ වූවෙක් වේ. මානවකය, කිපෙන සුළුවූයේ ද්වේෂය බහුල කොට ඇත්තේ වේද, ස්වල්ප දෙයක් කියනලදුවත් ගැටේද, කිපේද, විරුද්ධ බවට පැමිණේද, නොසතුටු වේද, කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් ප්‍රකාශ කෙරේ නම් මේ පැවැත්ම අවලක්ෂණවීම පිණිස පවත්නේය.
“මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ද්වේෂය බහුලකොට නැත්තේ, නොකිපෙන ස්වභාව ඇත්තේ වේද, බොහෝ දෙයක් කියන ලදුවද නොගැටේද, නොකිපේද, විරුද්ධ බවට නොපැමිණේද, නොසතුටට නොපැමිණේද, කෝපයත් ද්වේෂයත් නොසතුටු බවත් පහළ නොකෙරේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ මෙසේ සමාදන්වූ ඒ කර්මය හේතුකොට ගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, ප්‍රසාදය එළවන ලක්ෂණ වූවෙක් වෙයි. මානවකය, නොකිපෙන ස්වභාව ඇත්තේ ද්වේෂය බහුල කොට නැත්තේ වේද, බොහෝ කොට කියන ලදුවත් නොගැටේද, නොකිපේද විරුද්ධ බවට නොපැමිණේද, නොසතුටට නොපැමිණේද, කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ නොකෙරේ නම් මේ පැවැත්ම ලක්ෂණ වීම පිණිස පවත්නේය.
|
293
‘‘ඉධ, මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා ඉස්සාමනකො හොති; පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු ඉස්සති උපදුස්සති ඉස්සං බන්ධති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති අප්පෙසක්ඛො හොති. අප්පෙසක්ඛසංවත්තනිකා එසා, මාණව, පටිපදා යදිදං - ඉස්සාමනකො හොති; පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු ඉස්සති උපදුස්සති ඉස්සං බන්ධති.
‘‘ඉධ
|
293
“මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ඊෂ්‍යා සහගත සිත් ඇත්තේ වේද, අනුන්ගේ ලැබීමය, සත්කාරය, ගරුකිරීමය, බුහුමන් කිරීමය, වැඳීමය, පිදීමය යන මොවුන් කෙරෙහි ඊෂ්‍යා කෙරේද, ඊෂ්‍යාවෙන් කිපෙයිද, ඊෂ්‍යාව බැඳගනීද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතු කොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ, දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම්, යම් යම් තැනක පසුව උපදීද, අල්පෙශාක්‍ය (මද පිරිවර ඇත්තේ) වෙයි. මානවකය, ඊෂ්‍යා සහගත සිත් ඇත්තේද, අනුන්ගේ ලාභයෙහි, සත්කාරයෙහි, ගරුකාරයෙහි, බුහුමන් කිරීමෙහි, වැඳීමෙහි සහ පිදීමෙහි, ඊෂ්‍යා නොකෙරේද, ඊෂ්‍යාවෙන් ක්‍රොධ නොකෙරේද, ඊෂ්‍යාව බැඳගනියි නම්, මේ පැවැත්ම අල්පෙශාක්‍ය වීම පිණිස පවත්නේය.
“මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ඊෂ්‍යා සහගත සිත් ඇත්තේ නොවේද, අනුන්ගේ ලාභය, සත්කාරය, ගෞරව කිරීමය, බුහුමන් කිරීමය, වැඳීමය, පිදීමය යන මොවුන් කෙරෙහි ඊෂ්‍යා නොකෙරේද, ඊෂ්‍යාවෙන් නොකිපේද, ඊෂ්‍යාව නොබැඳ ගනීද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ, මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, මහෙශාක්‍ය වේ. (බොහෝ පිරිවර ඇත්තේ) වේ. මානවකය, ඊෂ්‍යා සහගත සිත් ඇත්තේ නොවෙයි නම්, අනුන්ගේ ලාභය, සත්කාරය, ගරු කිරීමය, බුහුමන් කිරීමය, වැඳීමය, පිදීමය යන මොවුන් කෙරෙහි ඊෂ්‍යා නොකෙරේ නම්, ඊෂ්‍යාවෙන් නොකිපේ නම්, ඊෂ්‍යාව නොබැඳ ගනියි නම් මේ පැවැත්ම මහෙශාක්‍ය වීම පිණිස පවත්නේය.
|
294
‘‘ඉධ, මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා න දාතා හොති සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති අප්පභොගො හොති. අප්පභොගසංවත්තනිකා එසා, මාණව, පටිපදා යදිදං
‘‘ඉධ පන, මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා දාතා හොති සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති මහාභොගො හොති. මහාභොගසංවත්තනිකා එසා, මාණව, පටිපදා යදිදං - දාතා හොති සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං
|
294
“මානවකය, මේ ලෝකයෙහි වනාහි, ඇතැම් ස්ත්‍රීයක් හෝ පුරුෂයෙක් හෝ ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට හෝ ආහාරය, පානවර්ගය, වස්ත්‍රය, යානය, මල්ගඳ විලවුන්ය, සයනය, ආවාසය, පහන්ය යන මෙය, නොදෙන්නේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ, මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ, දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම්, යම් යම් තැනක පසුව උපදීද, ස්වල්ප සම්පත් ඇත්තේ වේ. මානවකය, ශ්‍රමණයකුට හෝ බ්රාහ්මණයෙකුට හෝ ආහාරය, පානය, වස්ත්‍රය, යානය මල්ගඳ විලවුන්ය, සයනය, ආවාසය, පහන්ය යන මෙය නොදෙන්නේ නම් මේ පැවැත්ම ස්වල්ප සම්පත් ඇතිවීම පිණිස පවත්නේය.
“මානවකය, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට හෝ ආහාරය, පානය, වස්ත්‍රය, යානය, මල්ගඳවිලවුන්ය, සයනය, ආවාසය, පහන්ය, යන මෙය දෙන්නේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ, මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතු කොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණෙත් නම් යම් යම් තැනක පසුව උපදීද, මහත් සම්පත් ඇත්තේ වේ. මානවකය, ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට හෝ ආහාරය, පානය, වස්ත්‍රය, යානය, මල්ගඳවිලවුන්ය, සයනය, ආවාසය, පහන්ය යන මෙය, දෙන්නේ වේ නම් මේ පැවැත්ම බොහෝ සම්පත් ඇතිවීම පිණිස පවත්නේය.
|
295
‘‘ඉධ, මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා ථද්ධො හොති අතිමානී - අභිවාදෙතබ්බං න අභිවාදෙති, පච්චුට්ඨාතබ්බං න පච්චුට්ඨෙති, ආසනාරහස්ස න ආසනං දෙති, මග්ගාරහස්ස න මග්ගං දෙති, සක්කාතබ්බං න සක්කරොති, ගරුකාතබ්බං න ගරුකරොති, මානෙතබ්බං න මානෙති, පූජෙතබ්බං න පූජෙති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති නීචකුලීනො හොති. නීචකුලීනසංවත්තනිකා එසා, මාණව, පටිපදා යදිදං - ථද්ධො හොති අතිමානී; අභිවාදෙතබ්බං න අභිවාදෙති, පච්චුට්ඨාතබ්බං න පච්චුට්ඨෙති, ආසනාරහස්ස න ආසනං දෙති, මග්ගාරහස්ස න මග්ගං දෙති, සක්කාතබ්බං න සක්කරොති, ගරුකාතබ්බං න ගරුකරොති, මානෙතබ්බං න මානෙති, පූජෙතබ්බං න පූජෙති.
‘‘ඉධ
|
295
“මානවකය, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තදවූයේ අධික මානය ඇත්තේ වේද, වැඳිය යුත්තාට නොවඳීද, දැක හුනස්නෙන් නැඟිටිය යුත්තාට නොනැගිටියිද, ආසනය දියයුත්තාට ආසනය නොදේද, මාර්ගය දියයුත්තාට මාර්ගය නොදේද, සත්කාර කළයුත්තාට සත්කාර නොකෙරේද, ගෞරව කළ යුත්තාට ගෞරව නොකෙරේද, බුහුමන් කළ යුත්තාට බුහුමන් නොකෙරේද, පිදිය යුත්තාට නොපුදාද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ, මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපනැත්තාවූ, දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ, නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම්, යම් යම් තැනක පසුව උපදීද. හීනකුල ඇත්තෙක් වේ.
“මානවකය, තදසිත් ඇත්තේ අධික මාන ඇත්තේ වැඳිය යුත්තාට නොවඳියි නම් දැක හුනස්නෙන් නැගිටිය යුත්තාට නොනැගිටියි නම්, ආසනය දිය යුත්තාට ආසනය නොදෙයි නම්, මාර්ගය දියයුත්තාට මාර්ගය නොදෙයි නම්, සත්කාර කළයුත්තාට සත්කාර නොකරයි නම්, ගෞරව කළ යුත්තාට ගෞරව නොකරයි නම්, බුහුමන් කළ යුත්තාට බුහුමන් නොකරයි නම්, පිදිය යුත්තාට නොපුදයි නම්, මේ පැවැත්ම හීන කුල ඇති බව පිණිස පවත්නේ වෙයි.
“මානවකය මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තද සිත් නැත්තේ අධික මාන නැත්තේ වේද, වැඳිය යුත්තාට වඳීද, දැක හුනස්නෙන් නැගිටිය යුත්තාට නැගිටීද, ආසනය දියයුත්තාට ආසනය දෙයිද, මාර්ගය දිය යුත්තාට මාර්ගය දේද, සත්කාර කළ යුත්තාට සත්කාර කෙරේද, ගෞරව කළ යුත්තාට ගෞරව කෙරේද, බුහුමන් කළ යුත්තාට බුහුමන් කෙරේද, පිදිය යුත්තාට පුදාද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදීනම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, උසස් කුල ඇත්තෙක්වේ.
මානවකය, තද සිත් නැත්තේ අධික මානය නැත්තේ වැඳිය යුත්තාට වඳියි නම් දැක හුනස්නෙන් නැගිටිය යුත්තාට නැගිටීයි නම් ආසනය දිය යුත්තාට ආසනය දෙයි නම්, මාර්ගය දියයුත්තාට මාර්ගය දෙයි නම්, සත්කාර කළ යුත්තාට සත්කාර කරයි නම්, ගෞරව කළ යුත්තාට ගෞරව කරයි නම්, බුහුමන් කළ යුත්තාට බුහුමන් කරයි නම්, පිදිය යුත්තාට පුදායයි නම්, මේ පැවැත්ම උසස් කුල ඇති බව පිණිස පවත්නේය.
|
296
‘‘ඉධ, මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා සමණං වා බ්රාහ්මණං වා උපසඞ්කමිත්වා න පරිපුච්ඡිතා හොති - ‘කිං, භන්තෙ, කුසලං, කිං අකුසලං; කිං සාවජ්ජං, කිං අනවජ්ජං; කිං සෙවිතබ්බං, කිං න සෙවිතබ්බං; කිං මෙ කරීයමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය හොති, කිං වා පන මෙ කරීයමානං දීඝරත්තං හිතාය සුඛාය හොතී’ති? සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති දුප්පඤ්ඤො හොති. දුප්පඤ්ඤසංවත්තනිකා එසා, මාණව, පටිපදා යදිදං - සමණං වා බ්රාහ්මණං වා උපසඞ්කමිත්වා න පරිපුච්ඡිතා හොති - ‘කිං, භන්තෙ, කුසලං, කිං අකුසලං; කිං සාවජ්ජං, කිං අනවජ්ජං; කිං සෙවිතබ්බං, කිං න සෙවිතබ්බං
‘‘ඉධ
|
296
“මානවකය, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වෙත පැමිණ, ‘ස්වාමීනි, කුසල් කවරේද, අකුසල් කවරේද, වරද සහිත දෙය කවරේද, වරද රහිත දෙය කවරේද, සේවනය කටයුත්ත කවරේද, සේවනය නොකටයුත්ත කවරේද, කරනු ලබන්නාවූ කවර දෙයක් මට බොහෝ කලක් අවැඩ පිණිස දුක් පිණිස වේද, කරනු ලබන්නාවූ කිනම් දෙයක් මට බොහෝ කලක් වැඩ පිණිස සැප පිණිස වේදැ’ යි නොඅසන්නේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ, මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතු කොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ, දුකට ස්ථානවූ, නොකැමැත්තෙත් වැටෙන්නාවූ, නිරයෙහි උපදියි. ඉදින් ශරීරයගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ, නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම්, යම් යම් තැනක පසුව උපදීද, අඥානයෙක් වෙයි.
මානවකය, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වෙත පැමිණ, ස්වාමීනි, කුසල් කවරක්ද? අකුසල් කවරක්ද? වරද සහිත දෙය කවරක්ද? වරද රහිත දෙය කවරක්ද? සේවනය කළයුත්ත කවරක්ද? සේවනය නොකළයුත්ත කවරක්ද? කරනු ලබන්නාවූ කවර දෙයක් මට බොහෝ කලක් අවැඩ පිණිස, දුක් පිණිස වේද? කරනු ලබන්නාවූ කවර නම් දෙයක් හෝ මට බොහෝ කලක් වැඩ පිණිස, සැප පිණිස වේදැයි නොඅසන්නේ වේනම්, මේ පැවැත්ම අඥානවීම පිණිස පවත්නේය.
“මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වෙත එළඹ, ‘ස්වාමීනි, කුසලය කවරක්ද? අකුසලය කවරක්ද? වරද සහිත දෙය කවරක්ද? වරද රහිත දෙය කවරක්ද? සේවය කළ යුත්ත කවරක්ද? සේවය නොකළ යුත්ත කවරක්ද? කරනු ලබන්නාවූ කවරක් මට බොහෝ කලක් අවැඩ පිණිස, දුක් පිණිස වේද? කරනු ලබන්නාවූ කවර දෙයක් මට බොහෝ කලක් වැඩ පිණිස, සැප පිණිස වේදැයි අසන්නේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ, මෙසේ සමාදන්වූ ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි නූපදීනම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, ඥානවන්තයෙකු වෙයි (මහත් නුවණැති).
මානවකය, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වෙතට පැමිණ, ‘ස්වාමීනි, කුසල කවරක්ද? අකුසල් කවරක්ද? වරද සහිත දෙය කවරක්ද? වරද රහිත දෙය කවරක්ද? සේවනය කළ යුත්ත කවරක්ද? සේවනය නොකළ යුත්ත කවරක්ද? කරනු ලබන්නාවූ කවරක් මට බොහෝ කලක් අවැඩ පිණිස, දුක් පිණිස වේද? කරනු ලබන්නාවූ කවර දෙයක් හෝ මට බොහෝ කලක් වැඩ පිණිස, සැප පිණිස වේදැයි අසන්නේ වේනම් මේ පැවැත්ම මහත් නුවණැති බව පිණිස පවත්නේය.
|
297
‘‘ඉති ඛො, මාණව, අප්පායුකසංවත්තනිකා පටිපදා අප්පායුකත්තං උපනෙති, දීඝායුකසංවත්තනිකා පටිපදා දීඝායුකත්තං උපනෙති; බව්හාබාධසංවත්තනිකා පටිපදා බව්හාබාධත්තං උපනෙති, අප්පාබාධසංවත්තනිකා පටිපදා අප්පාබාධත්තං උපනෙති; දුබ්බණ්ණසංවත්තනිකා පටිපදා
එවං වුත්තෙ, සුභො මාණවො තොදෙය්යපුත්තො භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භො ගොතම, අභික්කන්තං, භො ගොතම! සෙය්යථාපි, භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය - ‘චක්ඛුමන්තො රූපානි දක්ඛන්තී’ති; එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති.
|
297
“මහණෙනි, මේ ලෝකයෙහි ස්වල්ප ආයුෂ පිණිස පවත්නාවූ ප්‍රතිපදාව ස්වල්ප ආයුෂ ඇති බවට පමුණුවයි. දීර්ඝායුෂ පිණිස පවත්නාවූ ප්‍රතිපදාව දීර්ඝායුෂ ඇති බවට පමුණුවයි බොහෝ ආබාධ ඇතිවීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව, බොහෝ ආබාධ ඇති බවට පමුණුවයි. ස්වල්පවූ ආබාධ ඇතිවීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව ස්වල්පවූ ආබාධ ඇති බවට පමුණුවයි. අවලක්ෂණවීම පිණිස පවත්නා ප්‍රතිපදාව අවලක්ෂණවීම පමුණුවයි. ලක්ෂණවීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව ලක්ෂණ ඇති බවට පමුණුවයි. අල්පෙශාක්‍ය බව පිණිස පවත්නාවූ ප්‍රතිපදාව අල්පෙශාක්‍ය බවට පමුණුවයි. මහෙශාක්‍ය බව පිණිස පවත්නාවූ ප්‍රතිපදාව මහෙශාක්‍ය බවට පමුණුවයි. ස්වල්ප සම්පත් ඇතිවීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව ස්වල්පවූ සම්පත් ඇති බවට පමුණුවයි. මහත්වූ සම්පත් ඇතිවීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව මහත් සම්පත් ඇති බවට පමුණුවයි. පහත් කුලවල ඉපදීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව පහත් කුල ඇති බවට පමුණුවයි. උසස් කුලවල ඉපදීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව උසස් කුල ඇති බවට පමුණුවයි. අඥානභාවය පිණිස පවත්නාවූ ප්‍රතිපදාව අඥාන බවට පමුණුවයි. මහත්වූ ප්‍රඥාව ඇතිවීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව මහත්වූ ප්‍රඥා ඇති බවට පමුණුවයි.
“මානවකය, සත්වයෝ කර්මය තමන් අයත් දෙය කොට ඇත්තාහ. කර්මය උරුමකොට ඇත්තාහ. කර්මය කාරණයකොට ඇත්තාහ. කර්මය නෑයන්කොට ඇත්තාහ. කර්මය පිහිටකොට ඇත්තාහ. කර්මයතෙම සත්වයන් උස් පහත් කොට බෙදන්නේයයි වදාළේය. මෙසේ වදාළ කල්හි තෝදෙය්යපුත්රවූ සුභ නම් මානවක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.
භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, වසා තබන ලද්දක් වැසුම් අරින්නේ හෝ වේද, මංමුළා වූවෙකුට මග කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලද්දේය. ඒ මම භාග්‍යවත්වූ ගෞතමයන් වහන්සේ සරණ කොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද (සරණ කොට යමි.)
භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිම් කොට සරණගියාවූ උපාසකයෙකැයි මා දරණසේක්වා.
|
6. මහාකම්මවිභඞ්ගසුත්තං | 6. මහාකම්ම විභංග සූත්‍රය |
298
එවං
|
298
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙම අරණ්‍ය කුටියෙක්හි වාසය කරයි. එකල්හි පොතලිපුත්ත නම් පරිව්‍රාජක තෙම ජංඝාවිහරණයෙන් (පා ගමනින්) සක්මන් කරන්නේ ගමන් කරන්නේ ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැනට එළඹියේය. එළඹ, ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන් සමග සතුටු වූයේය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේය.
එකත්පසෙක හුන්නාවූ “පොතලිපුත්ත” නම් පරිව්‍රාජක තෙම ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන්ට මෙය කීයේය. “ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයෙනි, කාය කර්මය හිස්ය. ඵල රහිතය. වාග් කර්මය හිස්ය, ඵල රහිතය. මනො කර්මයම සත්‍යය යන මෙය මා විසින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගෙන් අසනලදී. උන්වහන්සේගේ හමුවෙහි පිළිගන්නා ලදී. යම් සමාපත්තියකට පැමිණියේ කිසි වේදනාවක් නොවිඳීද, එබඳු සමාපත්තියක් ඇත්තේදැ”යි ඇසීය.
“ඇවැත් පොතලිපුත්‍රය, එසේ නොකියව, ඇවැත් පොතලිපුත්‍රය, එසේ නොකියව, භාග්‍යවතුන් වහන්සේට නින්දා නොකරව. භාග්‍යවතුන් වහන්සේට නින්දා කිරීම නොමැනවි. භාග්‍යවතුන් වහන්සේ කාය කර්මය හිස්ය, ඵල රහිතය. වචී කර්මය හිස්ය, ඵල රහිතය. මනො කර්මය සත්‍යයයි මෙසේ නොවදාරන්නේය. ඇවැත්නි, යම් සමාපත්තියකට පැමිණියේ කිසි වේදනාවක් නොවිඳීද, එබඳු සමාපත්තියක් ඇත්තේමැයි.”
“ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයෙනි, ඔබ පැවිදිව කෙතෙක් කල් වූයෙහිදැ”යි (ඇසි.)
“ඇවැත්නි, බොහෝ කල් නොවේ. තුන් අවුරුද්දකැ”යි කීය.
“යම් තැනෙක්හි (යම් සස්නෙක්හි) මෙසේ නවක භික්ෂු තෙම ශාස්තෲන් වහන්සේ ආරක්ෂා කළයුත්තෙකු කොට හඟින්නේ නම් මෙහිදී අපි ස්ථවිර භික්ෂූන් ගැන කුමක් කියන්නෙමුද?
“ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයෙනි, දැන දැන කයින්, වචනයෙන්, සිතින් කර්ම කොට ඒ පුද්ගලතෙමේ කිනම් වේදනාවක් විඳීද?”
“ඇවැත් පොතලිපුත්‍රය, දැන දැන කයින්, වචනයෙන්, සිතින් කර්ම කොට, ඒ පුද්ගල තෙමේ වේදනාව විඳින්නේය.”
ඉක්බිති පොතලිපුත්‍ර නම් පරිව්‍රාජක තෙම ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන්ගේ කීම නොපිළිගත්තේය. ප්රතික්ෂෙපද නොකෙළේය. නොසතුටුවී, ප්රතික්ෂෙපද නොකොට හුනස්නෙන් නැගිට ගියේය.
|
299
අථ ඛො ආයස්මා සමිද්ධි අචිරපක්කන්තෙ පොතලිපුත්තෙ පරිබ්බාජකෙ යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා
එවං
අථ ඛො ආයස්මා ච ආනන්දො ආයස්මා ච සමිද්ධි යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො යාවතකො අහොසි ආයස්මතො සමිද්ධිස්ස පොතලිපුත්තෙන
|
299
ඉක්බිති ආයුෂ්මත් සමිද්ධි ස්ථවිර තෙම පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයා බැහැර ගිය නොබෝ වේලාවකින් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැනට එළඹියේය. එළඹ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසක හුන්නාවූ ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙම පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයා සමගවූ කථා සල්ලාපය යම් පමණක්වීද, ඒ සියල්ල ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට කීයේය. එසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන්ට මෙය කීයේය. “ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයෙනි, මේ කථා පඬුර භාග්‍යවතුන් වහන්සේ දැකීමට ඇත්තේමය. ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයෙනි, යමු, භාග්‍යවතුන් වහන්සේ, යම් තැනෙක්හිද එතැනට එළඹෙන්නෙමු. එළඹ, මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට සැල කරන්නෙමු. යම්සේ අපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේද, එසේ එය දරන්නෙමු” යනුය. “ඇවැත්නි, එසේය,” ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට පිළිතුරු දුන්නේය.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන් වහන්සේද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට එළඹියාහුය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසක හුන්නාහුය. එකත්පසක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන් පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයා සමග කළ කතාබහ යම් පමණක් වීද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැලකෙළේය. එසේ සැලකළ කල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙසේ වදාළේය. ‘ආනන්දය, මම පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයා දුටු බවක්වත් නොදනිමි. මෙබඳු කථා බහක් කෙසේ ඇති වන්නේද? ආනන්දය, මේ සමිද්ධි නම් හිස් පුරුෂයා විසින් පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයාට බෙදා ප්‍රකාශ කටයුතුවූ ප්රශ්නය එක් අංශයකින් ප්‍රකාශ කෙළේය.”
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායී ස්ථවිරතෙම භාග්‍යවතුන්වහන්සේට “ස්වාමීනි, ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන් විසින් ‘යම්කිසි විඳීමක් වෙයි නම් එය දුකය’ යන මෙය සඳහා කියන ලද්දක් විය හැකිය” යි කීය.
|
300
අථ ඛො
(එවං වුත්තෙ (ස්‍යා. කං.)) භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි - ‘‘පස්සසි නො ත්වං, ආනන්ද, ඉමස්ස උදායිස්ස මොඝපුරිසස්ස උම්මඞ්ගං
(උම්මග්ගං (සී. ස්‍යා. කං. පී.), උමඞ්ගං (ක.))? අඤ්ඤාසිං ඛො අහං, ආනන්ද - ‘ඉදානෙවායං උදායී මොඝපුරිසො උම්මුජ්ජමානො අයොනිසො උම්මුජ්ජිස්සතී’ති. ආදිංයෙව
(ආදිසොව (සී. පී.), ආදියෙව (ක.)), ආනන්ද, පොතලිපුත්තෙන පරිබ්බාජකෙන තිස්සො වෙදනා පුච්ඡිතා. සචායං, ආනන්ද, සමිද්ධි මොඝපුරිසො පොතලිපුත‍්තස‍්ස
‘‘එතස්ස, භගවා, කාලො, එතස්ස, සුගත, කාලො යං භගවා මහාකම‍්මවිභඞ‍්ගං විභජෙය්ය
‘‘චත්තාරොමෙ, ආනන්ද, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො? ඉධානන්ද, එකච්චො පුග්ගලො ඉධ පාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසුමිච්ඡාචාරී හොති, මුසාවාදී හොති, පිසුණවාචො හොති, ඵරුසවාචො හොති, සම්ඵප්පලාපී හොති, අභිජ්ඣාලු හොති, බ්යාපන්නචිත්තො හොති, මිච්ඡාදිට්ඨි හොති. සො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
‘‘ඉධ පනානන්ද, එකච්චො පුග්ගලො ඉධ පාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසුමිච්ඡාචාරී හොති, මුසාවාදී හොති, පිසුණවාචො හොති, ඵරුසවාචො හොති, සම්ඵප්පලාපී හොති, අභිජ්ඣාලු හොති, බ්යාපන්නචිත්තො හොති, මිච්ඡාදිට්ඨි හොති. සො කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති.
‘‘ඉධානන්ද, එකච්චො
‘‘ඉධ පනානන්ද, එකච්චො පුග්ගලො ඉධ පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුණාය වාචාය
|
300
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට ආමන්ත්‍රණය කළසේක. “ආනන්දය, මේ උදායී නම් මොඝ පුරුෂයාගේ නොමඟ යාම නුඹ, බලව. ආනන්දය, මම වනාහි දැන්ම මේ උදායී නම් හිස් පුරුෂතෙම කාරණානුකූලව නොගෙන හිස ඔසවන්නේ යයි දැනගතිමි.
“ආනන්දය, මුලදීම පොතලීපුත්‍ර නම් පරිව්‍රාජකයා විසින් වේදනා තුන අසන ලද්දාහ. ආනන්දය, ඉදින් මේ සමිද්ධිනම් හිස් පුරුෂතෙම පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයාට මෙසේ අසන ලද්දේ මෙසේ ප්‍රකාශ කෙළේ නම්, (කෙසේද?) ‘ඇවැත් පොතලිපුත්‍රය, කයින්, වචනයෙන්, සිතින් දැන දැන සැප විඳිය යුතුවූ කර්මයක් කොට හෙතෙම සැප විඳියි. ඇවැත් පොතලිපුත්‍රය, කයින්, වචනයෙන්, සිතින් දැන දැන දුක් විඳිය යුතුවූ කර්මයක් කොට හෙතෙම දුක් විඳියි. ඇවැත් පොතලිපුත්‍රය කයින්, වචනයෙන්, සිතින් දැන දැන දුක්ද නොවූ සැපද නොවූ වේදනා විඳිය යුතුවූ කර්මයක් කොට හෙතෙම දුක්ද නොවූ සැපද නොවූ වේදනාව විඳියයි’ ආනන්දය, මෙසේ ප්‍රකාශ කරන්නාවූම සමිද්ධි නම් හිස් පුරුෂතෙම පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයාට මනාකොට ප්‍රකාශ කරන්නේය.
“ආනන්දය, එතකුදුවුවත් අව්‍යක්තවූ බාලවූ අන්‍ය තීර්ථක පරිව්‍රාජකයෝ කවරහුද? තථාගතයන්ගේ මහාකර්ම විභාගය කවරහු දන්නාහුද? ආනන්දය, ඉදින් තෙපි මහා කර්ම විභාගය, බෙදා දක්වන්නාවූ තථාගතයන්ගේ (ඒ ධර්මය) අසන්නහුදැයි” (ඇසූහ.)
‘භාග්‍යවතුන් වහන්සේ යම් මහා කර්ම විභංගයක් බෙදා වදාරන්නේ නම්, භාග්‍යවතුන් වහන්ස, ඊට මේ සුදුසු කාලය වේ. සුගතයන් වහන්ස, ඊට මේ සුදුසු කාලය වේ. භාග්‍යවතුන් වහන්සේගේ (සමීපයෙන්) අසා භික්ෂූහු දරන්නාහුයයි” (කීය.)
“ආනන්දය, එසේ වීනම්, අසව, යහපත් කොට මෙනෙහි කරව, කියන්නෙමියි” වදාළේය. “ස්වාමීනි, එසේයයි” කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය. “ආනන්දය, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන වන්නාහුය. කවර සතර දෙනෙක්ද යත්, ආනන්දය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මෙහි ප්‍රාණඝාත කරන්නේ වේද, සොරකම් කරන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේලාම් කියන්නේ වේද, රළු බස් කියන්නේ වේද, හිස්වූ කථා ඇත්තේ වේද, දැඩි
ලෝභය බහුලකොට ඇත්තේ වේද, ක්‍රොධ සිත් ඇත්තේ වේද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුක් සහිතවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නරකයෙහි උපදියි.
“ආනන්දය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් මෙහි සතුන් නොමරන්නේ වේද, සොරකම් නොකරන්නේ වේද, කාමයන්හී වරදවා නොහැසිරෙන්නේ වේද, බොරු නොකියන්නේ වේද, කේළාම් නොකියන්නේ වේද, රළුබස් නොකියන්නේ වේද, හිස්බස් නොකියන්නේ වේද, දැඩි ලෝභය බහුලකොට නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, මිථ්‍යාදෘෂ්ටික නොවේද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි.
“ආනන්දය, ඇතැම් පුද්ගලයෙක් මෙහි සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේළාම් කීමෙන් වැළකුනේ වේද, රළු වචන කීමෙන් වැළකුනේ වේද, හිස් කථා කීමෙන් වැළකුනේ වේද, දැඩි ලෝභය බහුලකොට නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටික වේද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති සවර්‍ගලෝකයෙහි උපදියි.
“ආනන්දය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේලාම් කීමෙන් වැළකුනේ වේද, රළු වචන කීමෙන් වැළකුනේ වේද, හිස් කථා කීමෙන් වැළකුනේ වේද, දැඩි ලෝභය බහුලකොට නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටික වේද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුක් සහිතවූ අකැමැත්තෙන් වැටෙන්නාවූ නරකයෙහි උපදියි.
|
301
‘‘ඉධානන්ද, එකච්චො සමණො වා බ්රාහ්මණො වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය
‘‘ඉධ පනානන්ද, එකච්චො සමණො වා බ්රාහ්මණො වා ආතප්පමන්වාය
‘‘ඉධානන්ද, එකච්චො සමණො වා බ්රාහ්මණො වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති යථාසමාහිතෙ චිත්තෙ දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන අමුං පුග්ගලං පස්සති - ඉධ
‘‘ඉධ පනානන්ද, එකච්චො සමණො වා බ්රාහ්මණො වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති යථාසමාහිතෙ චිත්තෙ දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන අමුං පුග්ගලං
|
301
“ආනන්දය, මේ ලෝකයෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කෙලෙස් තවන වීර්‍ය්‍යයට පැමිණ ප්‍රධාන වීර්‍ය්‍යයට පැමිණ අනුයොග වීර්‍ය්‍යයට පැමිණ අප්‍රමාද වීර්‍ය්‍යයට පැමිණ මනාකොට මෙනෙහි කිරීමට පැමිණ දිවැස පිළිබඳ සමාධියක් ලබයි. යම්සේ එකඟවූ සිත ඇතිකල්හි දිව්‍යවූ මිනි’සැස ඉක්ම පවත්නාවූ පිරිසිදුවූ ඇසින් මේ ලෝකයෙහි ප්‍රාණඝාත කළාවූද, සොරකම් කළාවූද, කාමයන්හි වරදවා හැසුරුණාවූද, බොරු කීවාවූද, කේලාම් කීවාවූද, රළු වචන කීවාවූද, හිස් බස් කීවාවූද, දැඩි ලෝභ ඇත්තාවූද, ව්‍යාපාද සිත් ඇත්තාවූද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූද, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුක් සහිතවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නරකයෙහි උපන් මේ පුද්ගලයා දකියිද, හෙතෙම මෙසේ කියයි. ‘පින්වත, ලාමකවූ කර්ම ඇත්තාහ. දුශ්චරිතයනට විපාක ඇත්තේය. මම මේ ලෝකයෙහි සතුන් මරා සොරකම් කොට, කාමයෙහි වරදවා හැසිරී, බොරු කියා කේලාම් කියා, රළු බස් කියා, හිස් බස් කියා, දැඩි ලෝභ බහුලකොට ඇත්තාහු, ව්‍යාපාද සිත් උපදවා, මිථ්‍යාදෘෂ්ටිගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුර්ගති නම්වූ, විනිපාත නම්වූ, නරකයෙහි උපන් මේ පුද්ගලයා දකිමි’ යනුයි.
“හෙතෙම මෙසේ කියයි, ‘පින්වත, යමෙක් වනාහි සතුන් මරන්නේද, සොරකම් කරන්නේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ රළුබස් කියන්නේ, හිස් බස් කියන්නේ, විෂම ලෝභය බහුලකොට ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලුදෙන ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ, දුර්ගති නම්වූ වීනිපාත නම් නරකයෙහි උපදියි. යම් කෙනෙක් මෙසේ දනිත් නම් ඔව්හු මනාකොට දනිත්. යම් කෙනෙක් අන් ප්‍රකාරයකින් දනිත්ද, ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයි.’ මෙසේ හෙතෙම යමක් ඔහු විසින් තමා විසින්ම දන්නා ලද්දක්ද, තමා විසින්ම දක්නා ලද්දක්ද, තමා විසින්ම ප්‍රකට කරණ ලද්දේද, එයම ඔහු දෘෂ්ටියෙන් තදින් අල්වා ගෙන එය ඇතුළත් කොටගෙන මෙයම සත්‍යය, මෙයින් අන්‍යය හිස්යයි ව්‍යවහාර කරයි.
“ආනන්දය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කෙළෙස් තවන වීර්‍ය්‍යයට පැමිණ ප්‍රධාන වීර්‍ය්‍යයට පැමිණ අනුයොගයට පැමිණ අප්‍රමාදයට පැමිණ මනාකොට මෙනෙහි කිරීමට පැමිණ දිවැස පිණිස පවත්නාවූ සමාධියක් ලබයි. යම්සේ එකඟවූ සිත ඇතිකල්හි පිරිසිදුවූ මිනි’සැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් මේ ලෝකයෙහි සතුන් මරා, සොරකම් කොට, කාමයන්හි වරදවා හැසිරෙන්නහු, බොරු කියන්නහු, කේළාම් කියන්නහු, රළු බස් කියන්නහු, හිස් බස් කියන්නහු, විෂම ලෝභය බහුල කොට ඇත්තහු, ව්‍යාපාද සිත් ඇත්තහු, මිථ්‍යාදෘෂ්ටි ගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපන් මේ පුද්ගලයා දකියි.
“හෙතෙම මෙසේ කියයි. ‘පින්වත, ලාමකවූ කර්ම නැත්තාහ. දුශ්චරිතයට විපාකයෙක් නැත්තේය. මම මේ ලෝකයෙහි ප්‍රාණඝාත කළ, සොරකම් කළ, කාමයන්හි වරදවා හැසුරුණු, බොරු කී, කේළාම් කී, රළු බස් කී, හිස් බස් කී, විෂම ලෝභය බහුලකොට ඇති, ව්‍යාපාද සිත් ඇති, මිසදිටු ගත් පුද්ගලයාද, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපන් මේ පුද්ගලයා දකිමි’ යනුයි. හෙතෙම මෙසේ කියයි. ‘පින්වත, යමෙක් වනාහි සතුන් මරන්නේද, සොරකම් කරන්නේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේළාම් කියන්නේ, රළුබස් කියන්නේ, හිස් බස් කියන්නේ, විෂම ලෝභය බහුලකොට ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලුදෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සුගතියවූ දිව්‍යලෝකයෙහි උපදියි. යම් කෙනෙක් මේ ආකාරයෙන් දනිත් නම් ඔව්හු මනාකොට දනිත්. යම් කෙනෙක් අන් පරිද්දෙකින් දනිත් නම් ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයි.’ මෙසේ හෙතෙම යමක් ඔහු විසින් තමන්ම දන්නා ලද්දේද, තමන්ම දක්නා ලද්දේද, තමන්ට ප්‍රකට කෙළේද, එයම දැඩි දෘෂ්ටි අල්වාගෙන ඇතුළත් කොටගෙන මෙයම සත්‍යය, අනික හිස්යයි ව්‍යවහාර කරයි.
“ආනන්දය, මේ ලෝකයෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කෙලෙස් තවන වීර්‍ය්‍යයට පැමිණ, ප්‍රධාන වීර්‍ය්‍යයට පැමිණ, භාවනා වීර්‍ය්‍යයට පැමිණ, අප්‍රමාදයට පැමිණ, මනාකොට මෙනෙහි කිරීමට පැමිණ, යම් ආකාරයකින් සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ මිනි’සැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් මේ පුද්ගලයා දකීද, එබඳු චිත්තසමාධියක් ලබයිද, හෙතෙමේ මේ ලෝකයෙහි ප්‍රාණඝාතයෙන් වැළකුනාවූ, සොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේලාම් කීමෙන් වැළකුනාවූ, රළු බස් කීමෙන් වැළකුනාවූ, හිස් බස් කීමෙන් වැළකුනාවූ, විෂම ලෝභය නැත්තාවූ, ව්‍යාපාද සිත් නැත්තාවූ, සම්‍යක් දෘෂ්ටි ඇත්තාවූ, (පුද්ගලයා) ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාත දිව්‍යලෝකයෙහි ඉපද සිටිනුයි. හෙතෙම ‘පින්වත, කුසලකර්මයෝ ඇත්තාහුමය. සුචරිතයට විපාකයෙක් ඇත්තේය. මම මේ ලෝකයෙහි සතුන් මැරීමෙන් වැළකුනාවූ, සොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේළාම් කීමෙන් වැළකුනාවූ, රළු බස් කීමෙන් වැළකුනාවූ, හිස් බස් කීමෙන් වැළකුනාවූ, විෂම ලෝභය නැත්තාවූ, ව්‍යාපාද සිත් නැත්තාවූ, සම්‍යක් දෘෂ්ටි ඇති පුද්ගලයා ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාත දිව්‍යලෝකයෙහි ඉපද සිටිනු දකිමියි’ කියයි. හෙතෙම ‘පින්වත, යමෙක් වනාහි සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේලාම් කීමෙන් වැළකුනේ වේද, රළුබස් කීමෙන් වැළකුනේ වේද, හිස් බස් කීමෙන් වැළකුනේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලු දෙන ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝකයෙහි උපදිත්යයි යම් කෙනෙක් මෙසේ දනිත්ද, ඔව්හු මනාකොට දනිත්. යම් කෙනෙක් අන් පරිද්දෙන් දනිත්ද, ඔවුන්ගේ දැනීම මිථ්යාදැනීමයි.’ මෙසේ හෙතෙම යමක්ම තමා විසින්ම දන්නා ලද්දේද, තමා විසින්ම දක්නා ලද්දේද, තමන් විසින්ම ප්‍රකට කරන ලද්දේද, එයම දෘෂ්ටියෙන් තදින් අල්වාගෙන ඇතුළත් කොටගෙන මෙයම සත්‍යයයි මෙයින් අන්‍යය සිස්යයි ව්‍යවහාර කරයි.
“ආනන්දය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කෙලෙස් තවන වීර්‍ය්‍යයට පැමිණ, ප්‍රධාන වීර්‍ය්‍යයට පැමිණ, භාවනා වීර්‍ය්‍යයට පැමිණ, අප්‍රමාදයට පැමිණ, මනාකොට මෙනෙහි කිරීමට පැමිණ, යම් ආකාරයකින් සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ ඉක්මවනලද මිනි’සැස ඇත්තාවූ දිව්‍යවූ ඇසින් මේ පුද්ගලයා දකීද, එවැනි චිත්තසමාධියක් ලබයිද, හෙතෙමේ මේ ලෝකයෙහි ප්‍රාණඝාතයෙන් වැළකුනාවූ, සොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේලාම් කීමෙන් වැළකුනාවූ, රළුබස් කීමෙන් වැළකුනාවූ, හිස් බස් කීමෙන් වැළකුනාවූ, විෂම ලෝභය නැත්තාවූ, ව්‍යාපාද සිත් නැත්තාවූ, සම්‍යක් දෘෂ්ටි ඇත්තාවූ, පුද්ගලයා ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුර්ගතියවූ විනිපාත නම් නරකයෙහි ඉපිද සිටිනු දකී. හෙතෙම පින්වත, කුසලකර්මයෝ නැත්තාහුමය. සුචරිතයට විපාකයෙක් නැත්තේය. මම මේ ලෝකයෙහි සතුන් මැරීමෙන් වැළකුනාවූ, හොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේළාම් කීමෙන් වැළකුනාවූ, රළුබස් කීමෙන් වැළකුනාවූ, හිස්බස් කීමෙන් වැළකුනාවූ, විෂමලෝභය නැත්තාවූ, ව්‍යාපාද සිත් නැත්තාවූ, සම්‍යක් දෘෂ්ටි ඇත්තාවූ පුද්ගලයා ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ දුර්ගතියවූ විනිපාත නම් නරකයෙහි ඉපද සිටිනු දකිමියි, කියයි. හෙතෙම පින්වත, යමෙක් වනාහි ප්‍රාණඝාතයෙන් වැළකුනේ වේද, නොදුන් දෙය ගැනීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේලාම් කීමෙන් වැළකුනේ වේද, රළු බස් කීමෙන් වැළකුනේ වේද, හිස්බස් කීමෙන් වැළකුනේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලුදෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුර්ගතිවූ විනිපාත නම් නරකයෙහි උපදිත්යයි’ යම් කෙනෙක් මෙසේ දනිත්ද, ඔව්හු මනාකොට දනිත්. යම් කෙනෙක් අන් පරිද්දකින් දනිත්ද ඔවුන්ගේ දැනීම මිථ්යාදැනීමයයි, මෙසේ හෙතෙම යමක්ම තමා විසින් දන්නා ලද්දේද, තමා විසින් දක්නා ලද්දේද, තමා විසින් ප්‍රකට කරන ලද්දේද, එයම එහි දෘෂ්ටියෙන් තදින් අල්වාගෙන ඇතුළත් කොටගෙන මෙයම සත්‍යයයි මෙයින් අන්‍යය සිස්යයි, ව්‍යවහාර කරයි.
|
302
‘‘තත්රානන්ද, ය්වායං සමණො වා බ්රාහ්මණො වා එවමාහ - ‘අත්ථි කිර, භො, පාපකානි කම්මානි, අත්ථි දුච්චරිතස්ස විපාකො’ති ඉදමස්ස අනුජානාමි; යම්පි සො එවමාහ - ‘අමාහං පුග්ගලං අද්දසං - ඉධ පාණාතිපාතිං අදින්නාදායිං...පෙ.... මිච්ඡාදිට්ඨිං, කායස්ස
‘‘තත්රානන්ද, ය්වායං සමණො වා බ්රාහ්මණො වා එවමාහ - ‘නත්ථි කිර, භො, පාපකානි කම්මානි, නත්ථි දුච්චරිතස්ස විපාකො’ති ඉදමස්ස
‘‘තත්රානන්ද, ය්වායං සමණො වා බ්රාහ්මණො වා එවමාහ - ‘අත්ථි කිර, භො, කල්‍යාණානි කම්මානි, අත්ථි සුචරිතස්ස විපාකො’ති ඉදමස්ස අනුජානාමි; යම්පි සො එවමාහ - ‘අමාහං පුග්ගලං අද්දසං - ඉධ පාණාතිපාතා පටිවිරතං අදින්නාදානා පටිවිරතං...පෙ.... සම්මාදිට්ඨිං, කායස්ස භෙදා පරං මරණා පස්සාමි සුගතිං සග්ගං ලොකං උපපන්න’න්ති ඉදම්පිස්ස අනුජානාමි; යඤ්ච ඛො සො එවමාහ - ‘යො කිර, භො, පාණාතිපාතා පටිවිරතො අදින්නාදානා පටිවිරතො...පෙ.... සම්මාදිට්ඨි, සබ්බො සො කායස්ස භෙදා පරං මරණා සුගතිං
‘‘තත්රානන්ද, ය්වායං සමණො වා බ්රාහ්මණො වා එවමාහ - ‘නත්ථි කිර, භො, කල්‍යාණානි කම්මානි, නත්ථි සුචරිතස්ස විපාකො’ති ඉදමස්ස නානුජානාමි; යඤ්ච ඛො සො එවමාහ - ‘අමාහං පුග්ගලං අද්දසං - ඉධ පාණාතිපාතා පටිවිරතං අදින්නාදානා පටිවිරතං...පෙ.... සම්මාදිට්ඨිං, කායස්ස භෙදා පරං මරණා පස්සාමි අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්න’න්ති ඉදමස්ස අනුජානාමි; යඤ්ච ඛො සො එවමාහ - ‘යො කිර, භො, පාණාතිපාතා පටිවිරතො අදින්නාදානා පටිවිරතො...පෙ.... සම්මාදිට්ඨි, සබ්බො සො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතී’ති ඉදමස්ස නානුජානාමි; යඤ්ච ඛො සො එවමාහ - ‘යෙ
|
302
“ආනන්දය, ඒ මහණ බමුණන් අතර යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘පින්වත, ලාමකවූ කර්මයෝ ඇත්තාහුමය. දුශ්චරිතයට විපාකයෙක් ඇත්තේයයි කියයි නම් ඔහුගේ ඒ කීම අනුදනිමි. යමෙක් වනාහි මම මේ ලෝකයෙහි සතුන් මරන්නාවූ, සොරකම් කරන්නාවූ කාමයන්හි වරදවා හැසිරෙන්නාවූ, බොරු කියන්නාවූ, කේළාම් කියන්නාවූ, රළුබස් කියන්නාවූ, හිස්බස් කියන්නාවූ, විෂම ලෝභය බහුල කොට ඇත්තාවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූ පුද්ගලයාද, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුර්ගතිවූ විනිපාත නම් නරකයෙහි ඉපද සිටිනු දකිමි’යි කියා නම් ඔහුගේ ඒ කීමද අනුදනිමි. යමෙක් වනාහි ‘පින්වත, මේ ලෝකයෙහි යමෙක් සතුන් මරන්නේ වේද, සොරකම් කරන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේලාම් කියන්නේ වේද, රළුබස් කියන්නේ වේද, හිස්බස් කියන්නේ වේද, දැඩි ලෝභය බහුලකොට ඇත්තේ වේද, ව්‍යාපාද සිත් ඇත්තේ වේද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලුදෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුර්ගතිවූ විනිපාත නම් නරකයෙහි උපදිත්ය’යි කියයි නම් ඔහුගේ ඒ කීමද නොඅනුදනිමි. යම් කෙනෙක් මෙසේ දනිත් නම් ඔව්හුම මනාකොට දනිත්. යම් කෙනෙක් අන් පරිද්දෙකින් දනිත් නම් ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයයි කියයි නම් ඔහුගේ කීමද නොඅනුදනිමි. යමෙක් තමා විසින් දන්නා ලද්දම තමන් විසින් දක්නා ලද්දක්ම තමන් විසින් ප්‍රකට කරන ලද්දම සත්‍යයි, එයින් අන්‍යය හිස්යයි දෘෂ්ටියෙන් තදින් අල්වාගෙන ඇතුළත් කොටගෙන ව්‍යවහාර කෙරේ නම් ඔහුගේ ඒ කීමද නොඅනුදනිමි. ඊට හේතු කවරේද? ආනන්දය; තථාගතයන්ගේ මහාකර්ම බෙදා දැක්වීමෙහි ඥානය අන් ආකාරයකින්ම වෙයි.
“ආනන්දය, ඔවුන් අතරෙහි යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘පින්වත, පාප කර්මයෝ නැත්තාහුමය. දුශ්චරිතයට විපාකයෙක් නැත්තේයයි’ කියයි, නම් ඔහුගේ ඒ කීම නොඅනුදනිමි. හෙතෙම ‘මම මෙහි සතුන් මරන්නාවූ, සොරකම් කරන්නාවූ, කාමයන්හි වරදවා හැසිරෙන්නාවූ, බොරු කියන්නාවූ, කේලාම් කියන්නාවූ, රළු බස් කියන්නාවූ, හිස් බස් කියන්නාවූ, විෂම ලෝභය බහුල කොට ඇත්තාවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු පුද්ගලයාද, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාත දිව්‍යලෝකයෙහි ඉපද සිටිනු දකිමි’යි යන යමක්, කියයි නම් ඔහුගේ ඒ කීම අනුදනිමි. හෙතෙම ‘පින්වත, යමෙක් වනාහි සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේළාම් කියන්නේ, රළුබස් කියන්නේ, හිස් බස් කියන්නේ, විෂමලෝභය බහුලකොට ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, මිථ්‍යාදාෂ්ටි ඇත්තේවේද, ඒ සියලුදෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාත දිව්‍යලෝකයෙහි උපදී යන යමක් කියයි නම් ඔහුගේ ඒ කීම නොඅනුදනිමි. හෙතෙම යම් කෙනෙක් මේ ආකාරයෙන් දනිත් නම් ඔව්හු මනාකොට දනිත්, යම් කෙනෙක් අන්පරිද්දෙකින් දනිත් නම් ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයයි යමෙක් කියයි නම් ඔහුගේ ඒ කීමද නොඅනුදනිමි. හෙතෙම තමන් විසින් දන්නා ලද්දම, තමන් විසින් දක්නා ලද්දම, තමන් විසින් ප්‍රකට කරන ලද්දම දෘෂ්ටියෙන් තදින් අල්වාගෙන, ඇතුළත් කොටගෙන සත්‍යයයි, එයින් අන්‍යය හිස්යයි ව්‍යවහාර කෙරේද, ඔහුගේ ඒ කීමද නොඅනුදනිමි.
“ඊට හේතු කවරේද, ආනන්දය, තථාගතයන්ගේ මහාකර්මය බෙදා දැක්වීම අන් ආකාරයකින්ම වේ. ආනන්දය, ඔවුන් අතර යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘පින්වත, කුසල කර්මයෝ ඇත්තාහුය. සුචරිතයට විපාකයෙක් ඇත්තේයයි, යමක් කියයිද, ඔහුගේ මේ කීම අනුදනිමි. හෙතෙම මම මෙහි සතුන් මැරීමෙන් වැළකුනාවූ, හොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේලාම් කීමෙන් වැළකුනාවූ, රළු බස් කීමෙන් වැළකුනාවූ, හිස් බස් කීමෙන් වැළකුනාවූ, විෂම ලෝභය නැත්තාවූ, ව්‍යාපාද සිත් නැත්තාවූ, සම්‍යක් දෘෂ්ටි ඇත්තාවූ, පුද්ගලයා ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝකයෙහි ඉපද සිටිනු දකිමි’ යන යමක් කියයිද, ඔහුගේ මේ කීමද අනුදනිමි. හෙතෙම පින්වත, යමෙක් වනාහි සතුන් මැරීමෙන් වැළකුනේ වේද, හොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේලාම් කීමෙන් වැළකුනේ වේද, රළු බස් කීමෙන් වැළකුනේ වේද, හිස් බස් කීමෙන් වැළකුනේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලුදෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාත දිව්‍යලෝකයෙහි උපදීය’ යන යමක් කියයි නම් ඔහුගේ ඒ කීම නොඅනුදනිමි. හෙතෙම යම් කෙනෙක් මේ ආකාරයෙන් දනිත් නම් ඔව්හු මනාකොට දනිත්. යම් කෙනෙක් අන් පරිද්දෙකින් දනිත් නම් ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයයි යමෙක් කියා නම් ඔහුගේ ඒ කීමද නොඅනුදනිමි. හෙතෙම යමක් තමන් විසින් දන්නා ලද්දේද, තමන් විසින් දක්නා ලද්දේද, තමා විසින් ප්‍රකට කරන ලද්දේද, එයම දෘෂ්ටියෙන් තදින් අල්වාගෙන ඇතුළත් කොට ගෙන මෙයම සත්‍යයි, මෙයින් අන්‍ය හිස්යයි ව්‍යවහාර කෙරේද, ඔහුගේ ඒ කීමද නොඅනුදනිමි. ඊට හේතු කවරේද, ආනන්දය, තථාගතයන්ගේ මහා කර්මය බෙදා දැක්වීමෙහි ඥානය අන් පරිද්දෙකින්ම වේ.
“ආනන්දය, ඔවුන් අතර යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘පින්වත, කුසල කර්මයෝ නැත්තාහුමය. සුචරිතයට විපාකයෙක් නැත්තේයයි’ යමක් කියයිද, ඔහුගේ ඒ කීම නොඅනුදනිමි. හෙතෙම ‘මම මෙහි ප්‍රාණඝාතයෙන් වැළකුනාවූ, හොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේලාම් කීමෙන් වැළකුනාවූ, රළු බස් කීමෙන් වැළකුනාවූ, හිස් බස් කීමෙන් වැළකුනාවූ, විෂම ලෝභය නැත්තාවූ, ව්‍යාපාද සිත් නැත්තාවූ, සම්‍යක් දෘෂ්ටි ඇති පුද්ගලයාද ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුර්ගතිවූ විනිපාත නම් නරකයෙහි ඉපද සිටිනු දකිමියි’ යමක් කියයිද ඔහුගේ ඒ කීමද අනුදනිමි. හෙතෙම ‘පින්වත යමෙක් වනාහි සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේලාම් කීමෙන් වැළකුනේ වේද, රළු බස් කීමෙන් වැළකුනේ වේද, හිස් බස් කීමෙන් වැළකුනේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලුදෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුර්ගතිවූ විනිපාත නම් නරකයෙහි උපදීයයි,’ යමක් කියයි නම් ඔහුගේ ඒ කීම නොඅනු දනිමි. හෙතෙම ‘යම් කෙනෙක් මේ ආකාරයෙන් දනිත් නම් ඔව්හු මනාකොට දනිත්. යම් කෙනෙක් අන් පරිද්දෙකින් දනිත් නම් ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයයි’ යමක් කියයි නම් ඔහුගේ ඒ කීමද නොඅනු දනිමි. හෙතෙම යමක් තමා විසින් දන්නා ලද්දේද, තමා විසින් දක්නා ලද්දේද, තමා විසින් ප්‍රකට කරන ලද්දේද, එයම දෘෂ්ටියෙන් තදින් අල්වා ගෙන ඇතුළත්කොට ගෙන ‘මෙයම සත්‍යයයි මෙයින් අන්‍යය සිස්යයි’ ව්‍යවහාර කෙරේ නම් ඔහුගේ ඒ කීමද නොඅනු දනිමි. ඊට හේතු කවරේද, ආනන්දය, තථාගතයන්ගේ මහා කර්ම බෙදා දැක්වීමෙහි ඥානය අන්පරිද්දකින්ම වේ.
|
303
‘‘තත්රානන්ද, ය්වායං පුග්ගලො ඉධ පාණාතිපාතී අදින්නාදායී...පෙ.... මිච්ඡාදිට්ඨි, කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, පුබ්බෙ වාස්ස තං කතං හොති පාපකම්මං දුක්ඛවෙදනීයං, පච්ඡා වාස්ස තං කතං හොති පාපකම්මං දුක්ඛවෙදනීයං, මරණකාලෙ වාස්ස හොති මිච්ඡාදිට්ඨි සමත්තා සමාදින්නා. තෙන සො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. යඤ්ච ඛො සො ඉධ පාණාතිපාතී හොති අදින්නාදායී හොති...පෙ.... මිච්ඡාදිට්ඨි හොති තස්ස දිට්ඨෙව ධම්මෙ විපාකං පටිසංවෙදෙති උපපජ්ජ වා
(උපපජ්ජං වා (සී. පී.), උපපජ්ජ වා (ස්‍යා. කං. ක.) උපපජ්ජිත්වාති සංවණ්ණනාය සංසන්දෙතබ්බා) අපරෙ වා පරියායෙ.
‘‘තත්රානන්ද, ය්වායං පුග්ගලො ඉධ පාණාතිපාතී අදින්නාදායී...පෙ.... මිච්ඡාදිට්ඨි කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, පුබ්බෙ වාස්ස තං කතං හොති කල්යාණකම්මං සුඛවෙදනීයං, පච්ඡා වාස්ස තං කතං හොති කල්යාණකම්මං සුඛවෙදනීයං, මරණකාලෙ වාස්ස හොති සම්මාදිට්ඨි
‘‘තත්රානන්ද
‘‘තත්රානන්ද
‘‘ඉති
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
|
303
“ආනන්දය, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් තෙම මේ ලෝකයෙහි සතුන් මරන්නේ, සොරකම් කරන්නේ කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, රළු බස් කියන්නේ, හිස්බස් කියන්නේ, විෂම ලෝභය බහුලකොට ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, හෙතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුර්ගතිවූ විනිපාත නම් නරකයෙහි උපදීද, ඔහුගේ දුක් විඳීම පිණිස පවත්නා ඒ පාපකර්මය ඊට පළමු කරන ලද්දක් හෝ වෙයි. ඔහුගේ දුක් විඳීම පිණිස පවත්නාවූ ඒ පාපකර්මය ඊට පසුව කරන ලද්දක් හෝ වෙයි. මොහුගේ මරණ කාලයෙහි හෝ සම්පූර්ණ කරණ ලද සමාදන්වන ලද මිථ්‍යා දෘෂ්ටිය හෝ වෙයි. හෙතෙම ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුර්ගතිවූ විනිපාත නම් නරකයෙහි උපදියි. හෙතෙම මේ ලෝකයෙහි සතුන් මරන්නේ හෝ සොරකම් කරන්නේ හෝ කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, රළු බස් කියන්නේ, හිස් බස් කියන්නේ, විෂම ලෝභය බහුලකොට ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ හෝ වෙයිද, ඒ කර්මයාගේ විපාක මේ ආත්මයෙහිම හෝ විඳියි. අනතුරු ආත්මයෙහි හෝ විඳියි. අනික් අනික් භවයන්හි හෝ විඳියි.
‘ආනන්දය, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් තෙම මෙලොව සතුන් මරන්නේ, සොරකම් කරන්නේ කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, රළුබස් කියන්නේ, හිස් බස් කියන්නේ, විෂම ලෝභය බහුලකොට ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, මිථ්‍යා දෘෂ්ටි වූයේ වේද, හෙතෙම ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදී නම්, ඔහුගේ ඒ සැපට කරුණුවූ කුසල කර්මය ඊට පළමු කරණ ලද්දක් හෝ වෙයි. ඔහුගේ ඒ සැපට කරුණුවූ කුසල කර්මය ඊට පසුව කරණ ලද්දක් හෝ වේ. ඔහුගේ මරණ කාලයෙහි සම්පූර්ණ කරන ලද සමාදන්වන ලද සම්‍යක් දෘෂ්ටිය හෝ වෙයි. ඒ කර්මයෙන් හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් වනාහි හෙතෙම මෙහි ප්‍රාණඝාත කරන්නේ සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, රළු බස් කියන්නේ, හිස් බස් කියන්නේ, විෂම ලෝභය බහුලකොට ඇත්තේ ව්‍යාපාද සිත් ඇත්තේ, මිථ්‍යාදෘෂ්ටි වූයේ හෝ වේද, ඒ කර්මයාගේ විපාක මේ ආත්මයෙහිම හෝ විඳියි. අනතුරු ආත්මයෙහි හෝ විඳියි අනික් අනික් ආත්මවල හෝ විඳියි.
“ආනන්දය, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් තෙම මෙහි සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේලාම් කීමෙන් වැළකුනේ වේද, රළු බස් කීමෙන් වැළකුනේ වේද, හිස් බස් කීමෙන් වැළකුනේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටි වූයේ වේද, හෙතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදී නම්, සැප විඳීමට හේතුවූ ඒ කුශල කර්මය ඊට පළමු කරණ ලද්දක් හෝ වෙයි. ඔහුගේ ඒ සැප විඳීමට හේතුවූ කුශල කර්මය ඊට පසුව කරණ ලද්දක් හෝ වෙයි. මරණ කාලයෙහි හෝ සම්පූර්ණ කරණ ලද සමාදන් වන ලද සම්‍යක් දෘෂ්ටිය හෝ වෙයි. ඒ කර්මයෙන් හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. හෙතෙම මෙලොව සතුන් මැරීමෙන් වැළකුනේ හෝ වෙයිද, සොරකම් කිරීමෙන් වැළකුනේ හෝ වෙයිද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි. බොරු කීමෙන් වැළකුනේ වෙයි. කේලාම් කීමෙන් වැළකුනේ වෙයි. රළුබස් කීමෙන් වැළකුනේ වෙයි. හිස් බස් කීමෙන් වැළකුනේ වෙයි. විෂම ලෝභය නැත්තේ වෙයි. ව්‍යාපාද සිත් නැත්තේ වෙයි. සම්‍යක් දෘෂ්ටි වූයේ හෝ වෙයිද, ඔහුගේ ඒ කර්මයාගේ විපාක මේ ආත්මයෙහිම හෝ විඳියි. අනතුරු ආත්මයෙහි හෝ විඳියි. අනික් අනික් ආත්මයක හෝ විඳියි.
“ආනන්දය, ඔවුන් අතුරෙන් යම් යම් පුද්ගලයෙක් තෙම මෙලොව සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේලාම් කීමෙන් වැළකුනේ වේද, රළු බස් කීමෙන් වැළකුනේ වේද, හිස් බස් කීමෙන් වැළකුනේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටි වූයේ වේද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුර්ගතිවූ විනිපාත නම් නරකයෙහි දුක් විඳීමට හේතුවූ ඒ අකුශල කර්මය ඊට පළමු කරණ ලද්දක් හෝ වෙයි. දුක් විඳීමට හේතුවූ ඒ අකුශල කර්මය ඊට පසුව කරණ ලද්දක් වෙයි. මරණ කාලයෙහි කරන ලද සමාදන් වන ලද මිථ්‍යාදෘෂ්ටිය හෝ වෙයි. ඒ කර්මයෙන් හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් තොරවූ දුක් ඇත්තාවූ විනිපාත නම් නිරයෙහි උපදියි. හෙතෙම මෙලොව සතුන් මැරීමෙන් වැළකුනේ හෝ වෙයිද, සොරකම් කිරීමෙන් වැළකුනේ හෝ වෙයිද, සම්‍යක් දෘෂ්ටි වූයේ වෙයිද, ඒ කර්මයාගේ විපාකය මේ ආත්මයෙහිම හෝ විඳියි. අනතුරු ආත්මයෙහි හෝ විඳියි. අපරපරියායෙහි හෝ විපාකය විඳියි.
“ආනන්දය, මෙසේ වනාහි අභව්‍යාකාරවූ (අකුසලයෙන් වැළකුනාවූ) අභව්‍ය කර්මයක් (අකුසල කර්මයක්) ඇත්තේය. භව්‍යාකාරවූ (කුසල කර්මයෙන් වළකන්නාවූ) අභව්‍ය (අකුසල) කර්මයක් ඇත්තේය. භව්‍යාකාරවූද (කුසලයෙන් වළකන්නාවූද) භව්යවූම (කුසල්වූම) කර්මයක් ඇත්තේය. අභව්‍යාකාරවූ (අකුසලයෙන් වළකන්නාවූ) භව්‍ය (කුසල) කර්මයක් ඇත්තේයයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තේයයි.
|
7. සළායතනවිභඞ්ගසුත්තං | 7. සළායතන විභංග සූත්‍රය |
304
එවං
‘‘‘ඡ
|
304
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඬු මහසිටුහුගේ ආරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට “මහණෙනි” කියා ආමන්ත්‍රණය කළසේක. “පින්වතුන් වහන්සැයි,” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය. “මහණෙනි, ෂඩායතනයන්ගේ විස්තර තොපට දේශනා කරන්නෙමි. එය අසව් යහපත්කොට මෙනෙහි කරව්. කියන්නෙමි” යනුයි. “එසේය ස්වාමීනියි” ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“ආධ්‍යාත්මික ආයතන සයක් (විදර්ශනා සහිත මාර්ග ඥානයෙන්) දතයුතුය. බාහිර ආයතන සයක් දතයුතුය විඤ්ඤාණ කාය සයක් දතයුතුය. ස්පර්ශ කාය සයක් දතයුතුය. මනොපවිචාර (විතර්ක විචාර) අටළොසක් දත යුතුය. සත්ව පද සතිසක් දතයුතුය. එහි මෙය නිසා මෙය දුරුකරව්. ආර්‍ය්‍යතෙම යම් සතිපට්ඨාන තුනක් සේවනය කෙරේද, යම් සතිපට්ඨාන තුනක් සේවනය කරන්නාවූ ආර්‍ය්‍යවූ ශාස්තෘතෙම සමූහයාට අනුශාසනා කරන්ට සුදුසුවෙයි. හෙතෙම දමනය කළයුත්තවුන් දමනය කරන්නවුන් අතුරෙන් නිරුත්තරවූ පුරිසදම්මසාරථි යයි කියනු ලැබේ. මෙය සළායතන විභංගයාගේ උද්දේස යයි. (මාතෘකාවයි.)
|
305
‘‘‘ඡ අජ්ඣත්තිකානි ආයතනානි වෙදිතබ්බානී’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? ‘චක්ඛායතනං සොතායතනං ඝානායතනං ජිව්හායතනං කායායතනං මනායතනං - ඡ අජ්ඣත්තිකානි ආයතනානි වෙදිතබ්බානී’ති - ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
‘‘‘ඡ බාහිරානි ආයතනානි වෙදිතබ්බානී’ති - ඉති ඛො පනෙතං වුත්තං
‘‘‘ඡ විඤ්ඤාණකායා වෙදිතබ්බා’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? ‘චක්ඛුවිඤ්ඤාණං සොතවිඤ්ඤාණං ඝානවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණං කායවිඤ්ඤාණං මනොවිඤ්ඤාණං - ඡ විඤ්ඤාණකායා වෙදිතබ්බා’ති - ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
‘‘‘ඡ
‘‘‘අට්ඨාරස මනොපවිචාරා වෙදිතබ්බා’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? ‘චක්ඛුනා රූපං දිස්වා සොමනස්සට්ඨානීයං රූපං උපවිචරති, දොමනස්සට්ඨානීයං රූපං උපවිචරති, උපෙක්ඛාට්ඨානීයං රූපං උපවිචරති. සොතෙන සද්දං සුත්වා...පෙ.... ඝානෙන ගන්ධං ඝායිත්වා... ජිව්හාය රසං සායිත්වා... කායෙන ඵොට්ඨබ්බං
|
305
“ආධ්‍යාත්මිකවූ ආයතන සයක් දතයුතුයයි, මෙසේ වනාහි මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? චක්ඛායතනය, සොතායතනය, ඝානායතනය, ජිව්හායතනය කායායතනය, මනායතනය, යන මොහුයි. ආධ්‍යාත්මිකවූ ආයතන සයක් දතයුතුයයි. මෙසේ ඒ යමක් කියන ලද නම් එය මේ සඳහා කියන ලදී. බාහිර ආයතන සයක් දත යුතුයයි, මෙසේ වනාහි මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? රූපායතනය සද්දායතනය, ගන්ධායතනය, රසායතනය, පොට්ඪබ්බායතනය, ධම්මායතනය, යන මොහුයි. බාහිරවූ ආයතන සයක් දතයුතුයයි, මෙසේ ඒ යමක් කියනලද නම් එය මේ සඳහා කියනලදී. විඤ්ඤාණ කාය සයක් දතයුතුයයි, මෙසේ වනාහි මේ කියනලදී. කුමක් සඳහා මෙය කියනලදද? චක්ඛු විඤ්ඤාණය, සොත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනො විඤ්ඤාණය, යන මොහුයි. විඤ්ඤාණ කාය සයක් දතයුතුයයි, මෙසේ ඒ යමක් කියන ලදද? එය මේ සඳහා කියනලදී.
“පොට්ඪබ්බකාය සයක් දතයුතුයයි, මෙසේ වනාහි මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියනලදද? චක්ඛුසම්ඵස්සය, සොත සම්ඵස්සය, ඝාන සම්ඵස්සය, ජිව්හා සම්ඵස්සය, කාය සම්ඵස්සය මනො සම්ඵස්සය, යන මොහුය. ඵස්ස කාය සයක් දත යුතුයයි මෙසේ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.
“මනොපවිචාර (විතර්කවිචාරයෝ) අටළොසක් දතයුතු යයි, මෙසේ වනාහි මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියනලදද? ඇසින් රූපයක් දැක සොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි. උපෙක්ෂාවට කරුණුවූ රූපය අනුව හැසිරෙයි. කණින් ශබ්දය අසා සොම්නසට කරුණුවූ, ශබ්දය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ, ශබ්දය අනුව හැසිරෙයි. මැදහත් බවට කරුණුවූ, ශබ්දය අනුව හැසිරෙයි. නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට සොම්නසට කරුණුවූ, ගන්ධය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ, ගන්ධය අනුව හැසිරෙයි. මැදහත් බවට කරුණුවූ, ගන්ධය අනුව හැසිරෙයි. දිවෙන් රසය විඳ සොම්නසට කරුණුවූ, රසය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ, රසය අනුව හැසිරෙයි. මැදහත් බවට කරුණුවූ, රසය අනුව හැසිරෙයි. කයින් ස්පර්ශ කළයුත්ත ස්පර්ශකොට සොම්නසට කරුණුවූ ධර්මාරමුණ අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ, ධර්මාරමුණ අනුව හැසිරෙයි. මැදහත් බවට කරුණුවූ ධර්මාරමුණ අනුව හැසිරෙයි. සිතින් ධර්මය දැන සොම්නසට කරුණුවූ ධර්මය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ, ධර්මය අනුව හැසිරෙයි. උපෙක්ෂාවට කරුණුවූ, ධර්මය අනුව හැසිරෙයි. මෙසේ සොමනස්සුපවිචාරයෝ සයක්ද, දොමනස්සුප විචාරයෝ සයක්ද, උපෙක්ෂොපවිචාරයෝ සයක්ද යන මනොපවිචාරයෝ අටළොසක් දතයුතුයයි. මෙසේ ඒ යමක් කියන ලද නම් එය මේ සඳහා කියනලදී.
|
306
‘‘‘ඡත්තිංස
‘‘තත්ථ කතමානි ඡ නෙක්ඛම්මසිතානි සොමනස්සානි? රූපානංත්වෙව අනිච්චතං විදිත්වා විපරිණාමවිරාගනිරොධං
(විපරිණාමං විරාගං නිරොධං (ක.)), ‘පුබ්බෙ චෙව රූපා එතරහි ච සබ්බෙ තෙ රූපා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො උප්පජ්ජති සොමනස්සං. යං
|
306
“සත්වයන්ගේ පදයෝ (වට්ටවිවට්ට වශයෙන් සත්වයන්ගේ පැවැත්මට හේතු) සතිසක් දත යුතුයයි, මෙසේ වනාහි මේ කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෙහසිතවූ (පස්කම්ගුණ ඇසුරු කළාවූ) සොමනස්සයෝ සයක් වෙත්. නෛෂ්ක්‍රම්‍ය ඇසුරුකළාවූ (විදර්ශනාව ඇසුරු කළාවූ) සොමනස්සයෝ සයක් වෙත්. ගෙහසිතවූ දොමනස්සයෝ සයක් වෙත්. නෛෂ්ක්‍රම්‍ය ඇසුරු කළාවූ දොමනස්සයෝ සයක් වෙත්. කාම ගුණයන් ඇසුරු කළාවූ උපෙක්ෂා සයක් වෙත්. නෛෂක්රම්යය ඇසුරු කළාවූ උපෙක්ෂා සයක් වෙත්. එහි කාම ගුණයන් ඇසුරු කළාවූ සොම්නස් හය කවරහුද? චක්ෂුර්විඥානයෙන් දතයුතුවූ කැමතිවූ මනාපවූ සිත සතුටු කරන්නාවූ තෘෂ්ණාවෙන් යුක්තවූ රූපයන්ගේ ලැබීම ලාභයක් වශයෙන් සලකන්නාහටද පූර්වයෙහි ලබන ලද ඉකුත්වූ නිරුද්ධවූ වෙනස්වූ (රූපය) සිහි කරන්නහුටද සොම්නසක් උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය ගෙහසිත (කාම ගුණයන් ඇසුරු කළාවූ) සොම්නසයයි කියනු ලැබේ. සොත විඥානයෙන් දතයුතුවූ කැමැති වන්නාවූ, මන වඩන්නාවූ, සතුටු වන්නාවූ, ලෝකාමිෂ සංඛ්‍යාත තෘෂ්ණාවෙන් යුක්තවූ, ශබ්දයන්ගේ ලැබීම හෝ ලැබීම් වශයෙන් දක්නහුටද පූර්වයෙහි හෝ ලබන ලද ඉකුත්වූ, නිරුද්ධවූ, වෙනස්වූ, (ශබ්දය) සිහි කරන්නහුටද සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය කාම ගුණයන් ඇසුරු කළාවූ, සොම්නසයයි කියනු ලැබේ. ඝාණවිඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්ධයන්ගේ (ගන්ධය) කැමැති වන්නාවූ, මන වඩන්නාවූ, සතුටු වන්නාවූ ලෝකාමිෂ සංඛ්‍යාත තෘෂ්ණාවෙන් යුක්තවූ, ගන්ධයන්ගේ ලැබීම හෝ ලැබීම් වශයෙන් දක්නහුටද පූර්වයෙහි හෝ ලබනලද ඉකුත්වූ, නිරුද්ධවූ, වෙනස්වූ, (ගන්ධය) සිහිකරන්නහුටද, සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය කාම ගුණයන් ඇසුරු කළාවූ, සොම්නසයයි කියනු ලැබේ. ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ, “රසයන්ගේ” (රසය) කැමති වන්නාවූ, මන වඩන්නාවූ, සතුටු වන්නාවූ, ලෝකාමිෂ සංඛ්‍යාත තෘෂ්ණාවෙන් යුක්තවූ, රසයන්ගේ ලැබීම හෝ ලැබීම් වශයෙන් දක්නහුටද පූර්වයෙහි හෝ ලබනලද ඉකුත්වූ, නිරුද්ධවූ, වෙනස්වූ, (ගන්ධය) සිහිකරන්නහුටද, සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය කාම ගුණයන් ඇසුරු කළාවූ, සොම්නසයයි කියනු ලැබේ. කාය විඥානයෙන් දතයුතුවූ, “ස්පර්ශ කළයුත්තවුන්ගේ” (ස්පර්ශ කළයුත්ත) කැමති වන්නාවූ, මන වඩන්නාවූ, සතුටු වන්නාවූ, ලෝකාමිෂ සංඛ්‍යාත තෘෂ්ණාවෙන් යුක්තවූ, ස්පර්ශයන්ගේ ලැබීම හෝ ලැබීම් වශයෙන් දක්නහුටද පූර්වයෙහි හෝ ලබනලද, ඉකුත්වූ, නිරුද්ධවූ, වෙනස්වූ, ස්පර්ශය සිහිකරන්නහුටද සොම්නස උපදියි, මෙබඳු යම් සොම්නසක් වේද, මෙය කාම ගුණයන් ඇසුරු කළාවූ, සොම්නසයයි කියනු ලැබේ. මනො විඥානයෙන් දතයුතුවූ කැමතිවූ, මන වඩන්නාවූ, සතුටු වන්නාවූ, සිත පිනවන්නාවූ, තෘෂ්ණාවන්ගෙන් යුක්තවූ, ධර්මයන්ගේ ලැබීම ලැබීම් වශයෙන් සලකන්නහුටද පූර්වයෙහි ලබනලද, ඉකුත්වූ නිරුද්ධවූ වෙනස්වූ (ධර්මාරමුණ) සිහිකරන්නහුටද සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය කාම ගුණයන් ඇසුරු කළාවූ සොම්නසයයි කියනු ලැබේ. මොහු ගේහසිත (කාම ගුණයන් ඇසුරු කළාවූ) සොම්නස් හය වෙත්.
‘එහි නෙක්ඛම්මසිත (නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ) සොම්නස් හය කවරහුදයත්? රූපයන්ගේම අනිත්‍ය බව වෙනස්වීම, නොඇල්ම, නිරුද්ධවීම, දැන පූර්වයෙහි යම් රූපයෝ වූවාහුද දැන් යම් රූපයෝ වෙත්ද, ඒ සියලු රූපයෝ අනිත්‍යයහ, දුක්යහ, විපරිනාම ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නහුට සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ සොම්නසයයි කියනු ලැබේ. ශබ්දයන්ගේම අනිත්‍යබව, වෙනස්වීම, විරාගය, නිරෝධය දැන පූර්වයෙහිවූද, මේ කාලයෙහිවූද, ශබ්දයෝ වෙත්ද, සියලු ඒ ශබ්දයෝ අනිත්‍යයහ, දුක්යහ, විපරිනාම ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නහුට සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ, සොම්නසයයි කියනු ලැබේ. ගන්ධයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, විරාගය, නිරෝධය, දැන, පූර්වයෙහිවූද, මේ කාලයෙහි වූද, ගන්ධයෝ වෙත්ද, සියලු ඒ ගන්ධයෝ අනිත්‍යයහ, දුක්යහ, විපරිනාම ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නහුටද සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ, සොම්නසයයි කියනු ලැබේ. රසයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, විරාගය, නිරෝධය දැන, පූර්වයෙහිවූද, මේ කාලයෙහිවූද, රසයෝ වෙත්ද, සියලු ඒ රසයෝ අනිත්‍යයහ, දුක්යහ, විපරිනාම ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නහුට සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ, සොම්නසයයි කියනු ලැබේ. ස්පර්ශ කටයුත්තන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, විරාගය, නිරෝධය දැන, පූර්වයෙහිවූද, මේ කාලයෙහිවූද, ස්පර්ශයෝ වෙත්ද, සියලු ඒ ස්පර්ශයෝ අනිත්‍යයහ, දුක්යහ, විපරිනාම ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නහුට සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ, සොම්නස යයි කියනු ලැබේ. ධර්මයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, විරාගය, නිරෝධය, දැන පූර්වයෙහි යම් ධර්මායතනයෝ වූවාහුද, දැන යම් ධර්මායතනයෝ වෙත්ද, ඒ සියලු ධර්මයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාව ඇත්තාහුයයි, මෙසේ තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නහුට සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය නෙක්ඛම්ම සිත (නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ) සොම්නස යයි කියනු ලැබේ. මොහු නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ සොම්නස් හය වෙත්.
|
307
‘‘තත්ථ කතමානි ඡ ගෙහසිතානි දොමනස්සානි? චක්ඛුවිඤ්ඤෙය්‍යානං රූපානං...පෙ.... සොතවිඤ්ඤෙය්‍යානං සද්දානං... ඝානවිඤ්ඤෙය්‍යානං ගන්ධානං... ජිව්හාවිඤ්ඤෙය්‍යානං රසානං... කායවිඤ්ඤෙය්‍යානං ඵොට්ඨබ්බානං... මනොවිඤ්ඤෙය්යානං ධම්මානං ඉට්ඨානං කන්තානං මනාපානං මනොරමානං ලොකාමිසපටිසංයුත්තානං අප්පටිලාභං වා අප්පටිලාභතො සමනුපස්සතො පුබ්බෙ වා අප්පටිලද්ධපුබ්බං අතීතං නිරුද්ධං විපරිණතං සමනුස්සරතො උප්පජ්ජති දොමනස්සං. යං එවරූපං දොමනස්සං
‘‘තත්ථ කතමානි ඡ නෙක්ඛම්මසිතානි දොමනස්සානි? රූපානංත්වෙව
|
307
“එහි කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නස් හය කවරහුද? චක්ෂුර්විඥානයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ මනොරම්‍යවූ ලොකාමිෂයන්ගෙන් යුක්තවූ රූපයන්ගේ නොලැබීම හෝ නොලැබීම් වශයෙන් දක්නහුට පූර්වයෙහි හෝ නොලැබූ ඉක්ම ගියාවූ නිරුද්ධවූ වෙනස්වූ (රූපය) සිහිකරන්නහුට දොම්නස උපදියි. මෙබඳු යම් දොම්නසක් වේද, මෙය කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. සොත විඥානයෙන් දතයුතුවූ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, සතුටු වන්නාවූ, තෘෂ්ණාවෙන් යුක්තවූ, ශබ්දයන්ගේ නොලැබීම හෝ නොලැබීම් වශයෙන් දක්නහුටද, පූර්වයෙහි හෝ නොලද්දාවූ, ඉක්ම ගියාවූ, නිරුද්ධවූ, වෙනස්වූ, (රූපය) සිහිකරන්නහුටද දොම්නස උපදියි. මෙබඳුවූ යම් දොම්නසක් වේද, මෙය කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. ඝ්‍රාණවිඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, සතුටු වන්නාවූ, තෘෂ්ණාවෙන් යුක්තවූ, ගන්ධයන්ගේ නොලැබීම හෝ නොලැබීම් වශයෙන් දක්නහුටද, පූර්වයෙහි හෝ නොලද්දාවූ, ඉක්ම ගියාවූ, නිරුද්ධවූ, වෙනස්වූ, (ගන්ධය) සිහිකරන්නහුටද දොම්නස උපදියි. මෙබඳුවූ යම් දොම්නසක් වේද, මෙය කාමගුණයන් ඇසුරු කළාවූ, දොම්නසයයි කියනු ලැබේ. ජිව්හා විඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, සතුටුවන්නාවූ, තෘෂ්ණාවෙන් යුක්තවූ, රසයන්ගේ නොලැබීම හෝ නොලැබීම් වශයෙන් දක්නහුටද, පූර්වයෙහි හෝ නොලද්දාවූ, ඉක්ම ගියාවූ, නිරුද්ධවූ, වෙනස්වූ, (රසය) සිහිකරන්නහුටද, දොම්නස උපදියි. මෙබඳුවූ යම් දොම්නසක් වේද, මෙය කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. කාය විඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, සතුටු වන්නාවූ, තෘෂ්ණාවෙන් යුක්තවූ, ස්පර්ශයන්ගේ නොලැබීම හෝ නොලැබීම් වශයෙන් දක්නහුටද, පූර්වයෙහි හෝ නොලද්දාවූ, ඉක්ම ගියාවූ, නිරුද්ධවූ, වෙනස්වූ, (ස්පර්ශය) සිහිකරන්නහුටද දොම්නස උපදියි. මෙබඳුවූ යම් දොම්නසක් වේද, මෙය කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. මනො විඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කැමතිවන්නාවූ, මනාපවූ, සතුටු වන්නාවූ, තෘෂ්ණාවෙන් යුක්තවූ, ධර්මායතනයන්ගේ නොලැබීම හෝ නොලැබීම් වශයෙන් දක්නහුටද, පූර්වයෙහි හෝ නොලද විරූ ඉකුත්වූ, නිරුද්ධවූ, වෙනස්වූ, (ධර්මය) දක්නහුට දොම්නස උපදියි. මෙබඳුවූ යම් දොම්නසක් වේද, මෙය කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. මොහු සදෙන කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නස් වෙත්.
“එහි නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ දොම්නස් හය කවරහුද? රූපයන්ගේම අනිත්‍ය බව වෙනස්වීම නොඇල්ම වැළැක්ම දැන, පූර්වයෙහිද මේ කාලයෙහිද, යම් රූපයෝ වෙත්ද, ඒ සියලු රූපයෝ අනිත්‍යයහ, දුක්යහ, පෙරළෙන ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දැක නිරුත්තරවූ විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව තබයි. මේ කාලයෙහි ආර්‍ය්‍යයෝ යම් රහත් බවකට පැමිණ වාසය කරත්ද, කවර කලෙක්හි නම් මම ඒ රහත් බවට පැමිණ වාසය කරන්නෙම් දැයි, මෙසේ නිරුත්තරවූ විමොක්ෂයන්හි (රහත්බැව්හි) ප්‍රාර්ථනාව පිහිටු වන්නහුට ඒ ප්‍රාර්ථනා හේතුවෙන් දොම්නස උපදියි. මෙබඳු යම් දොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍ය ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. ශබ්දයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නැතිවීම දැන, පූර්වයෙහිද, මේ කාලයෙහිද, යම් ශබ්දයෝ වෙත්ද, ඒ සියලු ශබ්දයෝ අනිත්‍යයහ, දුක්යහ, පෙරළෙන ස්වභාව ඇත්තාහයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දැක, නිරුත්තරවූ විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව තබයි. මේ කාලයෙහි ආර්‍ය්‍යයෝ යම් රහත් බවකට පැමිණ වාසය කරත්ද, කවර කලෙක්හි නම් මම ඒ රහත් බවට පැමිණ වාසය කරන්නෙම් දැයි, මෙසේ නිරුත්තරවූ විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව පිහිටුවන්නහුට ප්‍රාර්ථනා හේතුවෙන් දොම්නස උපදියි. මෙබඳු යම් දොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. ගන්ධයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නැතිවීම දැන, පූර්වයෙහිද, මේ කාලයෙහිද, යම් ගන්ධයෝ වෙත්ද, ඒ සියලු ගන්ධයෝ අනිත්‍යයහ, දුක්යහ, පෙරළෙන ස්වභාව ඇත්තාහයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දැක, නිරුත්තරවූ, විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව තබයි. මේ කාලයෙහි ආර්‍ය්‍යයෝ යම් රහත් බවකට පැමිණ වාසය කරත්ද, කවර කලෙක්හි නම් මම ඒ රහත් බවට පැමිණ වාසය කරන්නෙම් දැයි, මෙසේ නිරුත්තරවූ, විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව පිහිටුවන්නහුට ප්‍රාර්ථනාව හේතුවෙන් දොම්නස උපදියි. මෙබඳු යම් දොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. රසයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නැතිවීම දැන, පූර්වයෙහිද, මේ කාලයෙහිද, යම් රසයෝ වෙත්ද, ඒ සියලු රසයෝ අනිත්‍යයහ, දුක්යහ, පෙරළෙන ස්වභාව ඇත්තාහයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් ප්‍රඥාවෙන් දැක, නිරුත්තරවූ, විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව තබයි. මේ කාලයෙහි ආර්‍ය්‍යයෝ යම් රහත් බවකට පැමිණ වාසය කරත්ද, කවර කලෙහි නම් මම ඒ රහත් බවට පැමිණ වාසය කරන්නෙම් දැයි, මෙසේ නිරුත්තරවූ, විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව පිහිටුවන්නහුට ප්‍රාර්ථනා හේතුවෙන් දොම්නස උපදියි. මෙබඳු යම් දොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. ස්පර්ශ කළ යුත්තන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නැතිවීම දැන, පූර්වයෙහිද, මේ කාලයෙහිද, යම් ස්පර්ශයෝ වෙත්ද, ඒ සියලු ස්පර්ශයෝ අනිත්‍යයහ, දුක්යහ, පෙරළෙන ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් ප්‍රඥාවෙන් දැක, නිරුත්තරවූ, විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව තබයි. මේ කාලයෙහි ආර්‍ය්‍යයෝ යම් රහත් බවකට පැමිණ වාසය කරත්ද, කවර කලෙක්හි නම් මම ඒ රහත් බවට පැමිණ වාසය කරන්නෙම් දැයි මෙසේ නිරුත්තරවූ, විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව පිහිටු වන්නහුට ප්‍රාර්ථනා හේතුවෙන් දොම්නස උපදියි. මෙබඳු යම් දොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. ධර්මයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නැසීම, දැන පූර්වයෙහිද, මේ කාලයෙහිද, ධර්මායතනයෝ වෙත්ද, ඒ සියලු ධර්මායතනයෝ අනිත්‍යයහ, දුක්යහ, පෙරළෙන ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දැක, නිරුත්තරවූ විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව පිහිටුවයි. ආර්‍ය්‍යයෝ මේ කාලයෙහි යම් රහත් බවකට පැමිණ වාසය කෙරෙත්ද, කවර කලෙක්හි නම්, මම ඒ රහත් බවට පැමිණ වාසය කරන්නෙම් දැයි, මෙසේ නිරුත්තරවූ විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව තබන්නහුට ප්‍රාර්ථනාව නිසා දොම්නස උපදියි. මෙබඳු යම් දොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. මොහු සදෙන නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ දොම්නස් වෙත්.
|
308
‘‘තත්ථ කතමා ඡ ගෙහසිතා උපෙක්ඛා? චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති උපෙක්ඛා බාලස්ස මූළ්හස්ස ( )
((මන්දස්ස) (ක.)) පුථුජ්ජනස්ස අනොධිජිනස්ස අවිපාකජිනස්ස අනාදීනවදස්සාවිනො අස්සුතවතො පුථුජ්ජනස්ස. යා එවරූපා උපෙක්ඛා, රූපං සා නාතිවත්තති. තස්මා සා
(සායං (ක.)) උපෙක්ඛා ‘ගෙහසිතා’ති
‘‘තත්ථ කතමා ඡ නෙක්ඛම්මසිතා උපෙක්ඛා? රූපානංත්වෙව අනිච්චතං විදිත්වා විපරිණාමවිරාගනිරොධං, ‘පුබ්බෙ චෙව රූපා එතරහි ච සබ්බෙ තෙ රූපා
|
308
“එහි කාමගුණයන් ඇසුරු කළාවූ උපෙක්ෂා සය කවරහුද යත්? ඇසින් රූපය දැක බාලවූ මූඪවූ පෘථග්ජනවූ ක්ෂීණාශ්රව නොවූ, රහත් නොවූ ආදිනව නොදක්නා සුළුවූ අශ්‍රැතවත් පෘථග්ජනයාහට අඥානකම නිසා උපදනා උපෙක්ෂාව උපදියි. මෙබඳු යම් උපෙක්ෂාවක් වේද, ඕතොමෝ රූපය නොඉක්මවයි. එහෙයින් ඒ උපෙක්ෂාව කාමගුණ නිශ්රිත උපෙක්ෂායයි කියනු ලැබේ. කණින් ශබ්දය අසා බාලවූ, මූඪවූ, පෘථග්ජනවූ, ක්ෂීණාශ්රව නොවූ, රහත් නොවූ, ආදීනව නොදන්නාවූ, ඇසූපිරූතැන් නැති, පෘථග්ජනයා හට නොදැනීමෙන් උපදනා මැදහත් බව උපදියි. මෙබඳුවූ යම් උපෙක්ෂාවක් වේද, ඒ උපෙක්ෂාව ශබ්දය නොයික්මවයි. එහෙයින් ඒ උපෙක්ෂාව කාමගුණ ඇසුරු කළාවූ, උපේක්ෂාව යයි කියනු ලැබේ. නාසයෙන් ගඳ දැන බාලවූ, මූඪවූ, පෘථග්ජනවූ, ක්ෂීණාශ්රව නොවූ, රහත් නොවූ, ආදීනව නොදන්නාවූ, ඇසූපිරූ තැන් නැති, පෘථග්ජනයාහට නොදැනීමෙන් උපදනා මැදහත් බව උපදියි. මෙබඳුවූ යම් උපෙක්ෂාවක් වේද, ඒ උපෙක්ෂාව ශබ්දය නොයික්මවයි. එහෙයින් ඒ උපෙක්ෂාව කාමගුණ ඇසුරු කළාවූ, උපෙක්ෂාව යයි කියනු ලැබේ. දිවෙන් රසවිඳ බාලවූ, මූඪවූ, පෘථග්ජනවූ, ක්ෂීණාශ්රව නොවූ, රහත් නොවූ, ආදීනව නොදන්නාවූ, ඇසූපිරූතැන් නැති පෘථග්ජනයාහට නොදැනීමෙන් උපදනා මැදහත් බව උපදියි. මෙබඳුවූ යම් උපෙක්ෂාවක් වේද, ඒ උපෙක්ෂාව රසය නොයික්මවයි. එහෙයින් ඒ උපෙක්ෂාව කාමගුණ ඇසුරු කළාවූ, උපෙක්ෂාවයි කියනු ලැබේ. කයින් ස්පර්ශ කටයුත්ත ස්පර්ශකොට බාලවූ, මූඪවූ, පෘථග්ජනවූ, ක්ෂීණාශ්රව නොවූ, රහත් නොවූ, ආදීනව නොදන්නාවූ, ඇසූපිරූතැන් නැති පෘථග්ජනයාහට නොදැනීමෙන් උපදනා මැදහත් බව උපදියි. මෙබඳුවූ යම් උපෙක්ෂාවක් වේද, ඒ උපෙක්ෂාව ස්පර්ශය නොයික්මවයි. එහෙයින් ඒ උපෙක්ෂාව කාමගුණ ඇසුරු කළාවූ උපෙක්ෂාවයයි කියනු ලැබේ. සිතින් ධර්මාරම්මණය දැන බාලවූ, මූඪවූ, පෘථග්ජනවූ, ක්ෂීණාශ්රව නොවූ, රහත් නොවූ, ආදීනව නොදන්නා සුළුවූ, ඇසූපිරූතැන් නැති පෘථග්ජනයාහට අඥානකමින් හටගන්නා උපෙක්ෂාව උපදියි. මෙබඳු යම් උපෙක්ෂාවක් වේද, ඕතොමෝ ධර්මාරම්මණය නොඉක්මවයි. එහෙයින් ඕතොමෝ කාමගුණ නිශ්රිත උපෙක්ෂායයි කියනු ලැබේ. මොහු සදෙන කාමගුණ නිශ්‍රීත උපෙක්ෂාවෝ වෙත්.
“එහි නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්ෂාවෝ සදෙන කවරහුදයත්? රූපයන්ගේම අනිත්‍ය බව, වෙනස් වීම, නොඇලීම, නිරුද්ධවීම, දැන පූර්වයෙහිද, මේ කාලයෙහිද රූපයෝ වෙත්ද, ඒ සියලු රූපයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාව ඇත්තාහුයයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් බලන්නහුට උපෙක්ෂාව උපදියි. ඒ උපෙක්ෂාව රූපය ඉක්මවයි. එහෙයින් ඒ උපෙක්ෂාව නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්ෂායයි කියනු ලැබේ. ශබ්දයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නිරුද්ධවීම දැන, පූර්වයෙහිද, මේ කාලයෙහිද, ශබ්දයෝ වෙත්ද, ඒ සියලු ශබ්දයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාවය ඇත්තාහුයයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නහුට (විදර්ශනා ඥාන සම්ප්‍රයුක්තවූ) උපෙක්ෂාව උපදියි. මෙබඳු යම් උපෙක්ෂාවක් වේද, ඕතොමෝ නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්ෂාවයයි කියනු ලැබේ. ගන්ධයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නිරුද්ධවීම දැන, පූර්වයෙහිද, මේ කාලයෙහිද, ගන්ධයෝ වෙත්ද, ඒ සියලු ගන්ධයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාවය ඇත්තාහුයයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දක්නහුට (විදර්ශනා ඥාන සම්ප්‍රයුක්තවූ) උපෙක්ෂාව උපදියි. මෙබඳු යම් උපෙක්ෂාවක් වේද, ඕතොමෝ නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්ෂාවයයි කියනු ලැබේ. රසයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නිරුද්ධවීම දැන, පූර්වයෙහිද, මේ කාලයෙහිද, රසයෝ වෙත්ද, ඒ සියලු රසයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාවය ඇත්තාහුයයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දක්නහුට (විදර්ශනා ඥාන සම්ප්‍රයුක්තවූ) උපෙක්ෂාව උපදියි. මෙබඳු යම් උපෙක්ෂාවක් වේද, ඕතොමෝ නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්ෂාවයයි කියනු ලැබේ. ස්පර්ශකළ යුත්තන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නිරුද්ධවීම දැන, පූර්වයෙහිද, මේ කාලයෙහිද, ස්පර්ශයෝ වෙත්ද, ඒ සියලු ස්පර්ශයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාවය ඇත්තාහුයයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දක්නහුට (විදර්ශනා ඥාන සම්ප්‍රයුක්තවූ) උපෙක්ෂාව උපදියි. මෙබඳු යම් උපෙක්ෂාවක් වේද, ඕතොමෝ නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්ෂාවයයි කියනු ලැබේ. ධර්මාරම්මණයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නිරුද්ධවීම දැන, පූර්වයෙහිද, මේ කාලයෙහිද, ධර්මාරම්මණයෝ වෙත්ද, ඒ සියලු ධර්මාරම්මණයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාව ඇත්තාහුයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නහුට (විදර්ශනා ඥාන සම්ප්‍රයුක්තවූ) උපෙක්ෂාව උපදියි. මෙබඳු යම් උපෙක්ෂාවක් වේද, ඒ උපෙක්ෂාව ධර්මාරම්මණ ඉක්මවයි. එහෙයින් ඒ උපෙක්ෂාව නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්ෂායයි කියනු ලැබේ. මොහු සදෙන නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්ෂාවෝ වෙත්.
“සත්වයන්ගේ පදයෝ සතිස දතයුත්තාහුයයි, මෙසේ ඒ යමක් කියන ලදද, මෙය මේ සඳහා කියන ලදී.
|
309
‘‘තත්ර
‘‘තත්ර, භික්ඛවෙ, යානි ඡ නෙක්ඛම්මසිතානි දොමනස්සානි තානි නිස්සාය තානි ආගම්ම යානි ඡ ගෙහසිතානි දොමනස්සානි තානි පජහථ, තානි සමතික්කමථ. එවමෙතෙසං පහානං හොති, එවමෙතෙසං සමතික්කමො හොති.
‘‘තත්ර, භික්ඛවෙ, යා ඡ නෙක්ඛම්මසිතා උපෙක්ඛා තා නිස්සාය තා ආගම්ම යා ඡ ගෙහසිතා
‘‘තත්ර, භික්ඛවෙ, යානි ඡ නෙක්ඛම්මසිතානි සොමනස්සානි තානි නිස්සාය තානි ආගම්ම යානි ඡ නෙක්ඛම්මසිතානි දොමනස්සානි තානි පජහථ, තානි සමතික්කමථ. එවමෙතෙසං පහානං හොති, එවමෙතෙසං සමතික්කමො හොති.
‘‘තත්ර, භික්ඛවෙ, යා ඡ නෙක්ඛම්මසිතා උපෙක්ඛා තා නිස්සාය තා ආගම්ම යානි ඡ නෙක්ඛම්මසිතානි සොමනස්සානි තානි පජහථ, තානි සමතික්කමථ. එවමෙතෙසං පහානං හොති, එවමෙතෙසං සමතික්කමො හොති.
|
309
“එහි මෙය නිසා මෙය දුරුකරව් යයි මෙසේ කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද? මහණෙනි, එහි යම් නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ සොම්නස් හයක් වෙත්ද, ඔවුන් නිසා ඔවුන්ට පැමිණ, යම් කාමගුණ නිශ්රිත සොම්නස් හයක් වෙත්ද ඔවුන් දුරුකරව්. ඔවුන් ඉක්මවව්. මෙසේ මොවුන්ගේ දුරුකිරීම වේ. මෙසේ මොවුන්ගේ ඉක්මවීම වේ. මහණෙනි, එහි නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ දොම්නස් සයක් වෙත්ද, ඔවුන් නිසා ඔවුන්ට පැමිණ යම් කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නස් සයක් වෙත්ද ඔවුන් දුරුකරව්. ඔවුන් ඉක්මවව්. මෙසේ මොවුන්ගේ දුරුකිරීම වේ. මෙසේ මොවුන්ගේ ඉක්මවීම වේ. මහණෙනි, එහි නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ යම් උපෙක්ෂා සයක් වෙත්ද, ඔවුන් නිසා ඔවුන්ට පැමිණ යම් කාමගුණයන් ඇසුරු කළාවූ උපෙක්ෂා සයක් වෙත්ද, ඔවුන් දුරුකරව්. ඔවුන් ඉක්මවව්. මෙසේ මොවුන්ගේ දුරුකිරීම වේ. මෙසේ මොවුන්ගේ ඉක්මවීම වේ.
“මහණෙනි, එහි නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ යම් සොම්නස් සයක් වෙත්ද, ඔවුන් නිසා ඔවුන්ට පැමිණ නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ යම් දොම්නස් සයක් වෙත්ද, ඔවුන් දුරුකරව්, ඔවුන් ඉක්මවව්. මෙසේ මොවුන්ගේ දුරුකිරීම වේ. මෙසේ මොවුන්ගේ ඉක්මවීම වේ. මහණෙනි, එහි නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ යම් උපෙක්ෂා සයක් වෙත්ද, ඔවුන් නිසා ඔවුන්ට පැමිණ නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ යම් සොම්නස් සයක් වෙත්ද, ඔවුන් දුරු කරව්. ඔවුන් ඉක්මවව්. මෙසේ මොවුන්ගේ දුරුකිරීම වේ. මෙසේ මොවුන්ගේ ඉක්මවීම වේ.
|
310
‘‘අත්ථි
‘‘තත්ර, භික්ඛවෙ, යායං උපෙක්ඛා එකත්තා එකත්තසිතා තං නිස්සාය තං ආගම්ම යායං උපෙක්ඛා නානත්තා නානත්තසිතා තං පජහථ, තං සමතික්කමථ. එවමෙතිස්සා පහානං හොති, එවමෙතිස්සා සමතික්කමො හොති.
‘‘අතම්මයතං, භික්ඛවෙ, නිස්සාය අතම්මයතං ආගම්ම යායං උපෙක්ඛා එකත්තා එකත්තසිතා තං පජහථ, තං සමතික්කමථ. එවමෙතිස්සා පහානං හොති, එවමෙතිස්සා සමතික්කමො හොති. ‘තත්ර ඉදං
|
310
මහණෙනි, නානාත්වවූ (අනෙකප්‍රකාරවූ) නොයෙක් අරමුණු ඇසුරු කළාවූ උපෙක්ෂාවක් ඇත්තේය. එකත්වවූ එක් අරමුණක් ඇසුරු කළාවූ උපෙක්ෂාවක් ඇත්තේය. මහණෙනි, නානාත්වවූ නොයෙක් අරමුණු ඇසුරු කළාවූ උපෙක්ෂාව කවරද? මහණෙනි, රූපයන්හි උපෙක්ෂාව ඇත්තේය. ශබ්දයන්හි ඇත්තේය. ගන්ධයන්හි ඇත්තේය. රසයන්හි ඇත්තේය. ස්පර්ශයන්හි ඇත්තේය. මහණෙනි, මේ උපෙක්ෂාව නානාත්වවූ නොයෙක් අරමුණු ඇසුරු කළාවූ උපෙක්ෂාව වේ.
“මහණෙනි, ඒකත්වවූ එක අරමුණක් ඇසුරු කළාවූ උපෙක්ෂා කවරීද? මහණෙනි, ආකාසානඤ්චායතනය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් ඇත්තේය. විඤ්ඤාණඤ්චායතනය ඇසුරුකළාවූ උපෙක්ෂාවක් ඇත්තේය. ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් ඇත්තේය. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් ඇත්තේය. මහණෙනි, මේ උපෙක්ෂාව එකත්වවූ එක අරමුණක් ඇසුරු කළාවූ උපෙක්ෂාව වේ. මහණෙනි, එහි යම් මේ එකත්වවූ එක අරමුණක් ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, ඒ නිසා එයට පැමිණ යම් මේ නානාත්වවූ නොයෙක් අරමුණු ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, එය දුරුකරව්. එය ඉක්මවව්. මෙසේ මේ උපෙක්ෂාවගේ දුරුකිරීම වේ. මෙසේ මේ උපෙක්ෂාවගේ ඉක්මවීම වේ. මහණෙනි, තෘෂ්ණා රහිත බව නිසා තෘෂ්ණා රහිත බවට පැමිණ යම් මේ එකත්වවූ එක අරමුණක් ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, එය දුරු කරව්. එය ඉක්මවව්. මෙසේ මේ උපෙක්ෂාවෙන් දුරුකිරීම වේ. මෙසේ මේ උපෙක්ෂාවගේ ඉක්මවීම වේ. එහි මෙය නිසා මෙය දුරුකරව්යයි මෙසේ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.
|
311
‘‘‘තයො
‘‘පුන චපරං, භික්ඛවෙ, සත්ථා සාවකානං ධම්මං දෙසෙති අනුකම්පකො හිතෙසී අනුකම්පං උපාදාය - ‘ඉදං වො හිතාය, ඉදං වො සුඛායා’ති. තස්ස එකච්චෙ සාවකා න සුස්සූසන්ති, න සොතං ඔදහන්ති, න අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති, වොක්කම්ම ච සත්ථුසාසනා වත්තන්ති; එකච්චෙ සාවකා සුස්සූසන්ති, සොතං ඔදහන්ති, අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති, න ච වොක්කම්ම සත්ථුසාසනා වත්තන්ති
‘‘පුන චපරං, භික්ඛවෙ, සත්ථා සාවකානං ධම්මං දෙසෙති අනුකම්පකො හිතෙසී අනුකම්පං උපාදාය - ‘ඉදං වො හිතාය, ඉදං වො සුඛායා’ති. තස්ස සාවකා සුස්සූසන්ති, සොතං ඔදහන්ති, අඤ්ඤාචිත්තං
|
311
“ආර්‍ය්‍ය පුද්ගල තෙමෙ යම් සතිපට්ඨාන තුනක් සේවනය කෙරේද, ආර්‍ය්‍යවූ ශාස්තෘතෙම යම් සතිපට්ඨාන තුනක් සේවනය කරන්නේ සමූහයාට අනුශාසනා කරන්ට සුදුසු වේයයි මෙසේ වනාහි මේ කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද? මහණෙනි, මේ ශාසනයෙහි ශාස්තෘතෙම ශ්‍රාවකයන්ට අනුකම්පා ඇත්තේ වැඩ කැමැත්තේ අනුකම්පා පිණිස, මෙය තොපට වැඩ පිණිස, මෙය තොපට සැප පිණිස වේයයි ධර්මය දේශනා කරයි.
“උන්වහන්සේගේ ඒ ධර්මය ශ්‍රාවකයෝ අසනු නො කැමැති වෙත්ද, කන් නොඑලවත්ද, දැනගැණීම පිණිස සිත නොපිහිටුවත්ද, ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාවෙන් ඉක්ම පවතිත්ද, මහණෙනි, එහි තථාගත තෙම නොම සතුටු සිත් ඇත්තේ වෙයි. සතුටු සිත් ඇති බව ප්‍රකාශ නොකරයි. ද්වේෂය වෑස්සීමක් නැතිව සිහියෙන් යුක්තව නුවණින් යුක්තව වාසය කරයි. මහණෙනි, ආර්‍ය්‍යවූ සම්‍යක් සම්බුද්ධ තෙම යම් සතිපට්ඨානයක් සේවනය කරයිද, යම් සතිපට්ඨානයක් සේවනය කරන්නාවූ ආර්‍ය්‍යවූ ශාස්තෘතෙම සමූහයාට අනුශාසනා කරන්ට සුදුසුවූ මේ පළමු වැනි සතිපට්ඨානයයි කියනු ලැබේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. ශාස්තෘතෙම අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ, අනුකම්පා පිණිස මෙය තොපට වැඩ පිණිස මෙය තොපට සැප පිණිසයයි, ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කරයි. උන්වහන්සේගේ ධර්මය ඇතැම් ශ්‍රාවකයෝ අසනු කැමැති නොවෙත්. කන් නොඑලවත්. දැන ගැණීමට සිත නොපිහිටුවත්. ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාවෙන් වෙන්ව පවතිත්. ඇතැම් ශ්‍රාවකයෝ අසනු කැමැති වෙත්. කන් එලවත්. දැනගැණීම පිණිස සිත පිහිටුවත්. ශාස්තෲන් වහන්සේගේ අනුශාසනා වෙන් වෙන්ව නොපවතිත්. මහණෙනි, එහි තථාගතතෙම සතුටු සිත් ඇත්තේද නොමවේ. සතුටු සිත් ඇති බවද ප්‍රකාශ නොකරයි. නොසතුටු සිත් ඇත්තේද නොවෙයි. නොසතුටු සිත් ඇති බවද ප්‍රකාශ නොකරයි. සතුටු සිත් ඇති බවද නොසතුටු සිත් ඇති බවද යන ඒ දෙකම දුරු කොට හෙතෙම මධ්‍යස්ථවූයේ සිහියෙන් යුක්තව නුවණින් යුක්තව වාසය කරයි. මහණෙනි, ආර්‍ය්‍යතෙම යම් සතිපට්ඨානයක් සේවනය කරයිද, ආර්‍ය්‍යවූ ශාස්තෘතෙම යම් සතිපට්ඨානයක් සේවනය කරන්නේ සමූහයාට අනුශාසනා කරන්ට සුදුසුවූ මේ දෙවැනි සතිපට්ඨානයයි කියනු ලැබේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. ශාස්තෘ තෙම අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ, අනුකම්පා පිණිස මෙය තොපට හිත පිණිසය, මෙය තොපට සැප පිණිසයයි, ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කරයි. උන්වහන්සේගේ ධර්මය ශ්‍රාවකයෝ අසනු කැමැති වෙත්. කන් එලවත්. දැන ගැණීමට සිත පිහිටුවත්. ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාවෙන් බැහැරවද නොපවතිත්. මහණෙනි, එහි තථාගත තෙම සතුටු සිත් ඇත්තේද වෙයි. සතුටු සිත් ඇති බවද ප්‍රකාශ කරයි. ආශාව වෑස්සීමෙන් තොරව සිහියෙන් යුක්තව, නුවණින් යුක්තව වාසය කරයි. මහණෙනි, ආර්‍ය්‍ය තෙම යම් සතිපට්ඨානයක් සේවනය කරයිද, ආර්‍ය්‍යවූ ශාස්තෘතෙම යම් සතිපට්ඨානයක් සේවනය කරන්නේ සමූහයාට අනුශාසනා කරන්ට සුදුසු තුන්වැනි සතිපට්ඨානයයි කියනු ලැබේ.
“ආර්‍ය්‍යවූ සම්‍යක් සම්බුද්ධ තෙම යම් සතිපට්ඨාන තුනක් සේවනය කෙරේද, ආර්‍ය්‍යවූ ශාස්තෘතෙම යමක් සේවනය කරන්නේ, සමූහයාට අනුශාසනා කරන්ට සුදුසුවේයයි, මෙසේ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.
|
312
‘‘‘සො වුච්චති යොග්ගාචරියානං අනුත්තරො පුරිසදම්මසාරථී’ති - ඉති ඛො පනෙතං
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
|
312
“හෙතෙම දමනය කළ යුත්තන් දමනය කරන්නවුන් අතුරෙන් නිරුත්තරවූ පුරුෂයන් දමනය කිරීමෙහි සාර්ථ වාහකයෙකු බඳුයි කියනු ලැබේයයි, මෙසේ වනාහි මේ කියන ලදී. කුමක් සඳහා මේ කියන ලදද? මහණෙනි, ඇතුන් දමනය කරන්නෙකු විසින් දමනය කළාවූ ඇතා මෙහෙයවන ලද්දේ එකම දිසාවකට දුවයි-පූර්ව දිසාවට හෝ පශ්චිම දිසාවට හෝ උතුරු දිසාවට හෝ දකුණු දිසාවට හෝ (දුවයි). මහණෙනි, අසුන් දමනය කරන්නෙකු විසින් දමනය කළාවූ අසු මෙහෙයවන ලද්දේ, එකම දිසාවකට පූර්ව දිසාවට හෝ පශ්චිම දිසාවට හෝ උතුරු දිසාවට හෝ දකුණු දිසාවට හෝ දුවයි. මහණෙනි, ගවයන් දමනය කරන්නෙකු විසින් දමනය කළාවූ ගවයා මෙහෙයවන ලද්දේ එකම දිසාවකට පූර්වදිසාවට හෝ පශ්චිම දිසාවට හෝ උතුරු දිසාවට හෝ දකුණු දිසාවට හෝ දුවයි. මහණෙනි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් විසින් දමනය කළාවූ පුරුෂතෙම මෙහෙයවන ලද්දේ අටදිසාවන්ටම දුවයි. රූපී පුද්ගල තෙම රූපයන් දකියි. මේ පළමුවන දිසාවයි. තමා කෙරෙහි අරූප සංඥා ඇත්තේ පිටත්හි රූපයන් දකියි. මේ දෙවන දිසාවයි. සුභයයිම අදහස් ඇත්තේ වෙයි. මේ තුන් වන දිසාවයි සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝ සංඥාවන් නැසීමෙන් නානාත්ම සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ සතරවන දිසාවයි. සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ පස්වන දිසාවයි. සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැත්තේයයි, ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ සවන දිසාවයි. සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ සත්වන දිසාවයි සියලු ආකාරයෙන් නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තිය ඉක්මවා සඤ්ඤා වෙදයිත නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ අටවන දිසාවයි. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ විසින් දමනය කරණලද පුරුෂතෙම මෙහෙයවන ලද්දේ මේ අට දිසාවන්ට විශේෂයෙන් දිවීම කරයි. හෙතෙම දමනය කළයුත්තන් දමනය කරන්නවුන් අතුරෙන් නිරුත්තරවූ පුරිසදම්ම සාරථි, යි කියනු ලැබේයයි, මෙසේ ඒ යමක් කියන ලදද එය මේ සඳහා කියන ලදී.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තාහුය.
|
8. උද්දෙසවිභඞ්ගසුත්තං | 8. උද්දෙස විභංග සූත්‍රය |
313
එවං
‘‘තථා තථා, භික්ඛවෙ, භික්ඛු උපපරික්ඛෙය්ය යථා යථා
(යථා යථාස්ස (සී. ස්‍යා. කං. පී.)) උපපරික්ඛතො බහිද්ධා චස්ස විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටං, අජ්ඣත්තං අසණ්ඨිතං අනුපාදාය න පරිතස්සෙය්ය. බහිද්ධා, භික්ඛවෙ, විඤ්ඤාණෙ අවික්ඛිත්තෙ අවිසටෙ සති අජ්ඣත්තං අසණ්ඨිතෙ අනුපාදාය අපරිතස්සතො ආයතිං ජාතිජරාමරණදුක්ඛසමුදයසම්භවො න හොතී’’ති. ඉදමවොච භගවා. ඉදං වත්වාන සුගතො උට්ඨායාසනා විහාරං පාවිසි.
|
313
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි, භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට “මහණෙනි” කියා ආමන්ත්‍රණය කළ සේක. “පින්වතුන් වහන්සැයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“මහණෙනි, තොපට උද්දෙසයත් විභංගයත් (මාතෘකාවද විස්තරයද) දේශනා කරන්නෙමි. එය අසව්. යහපත්කොට මෙනෙහිකරව්. කියන්නෙමි” යනුයි. “එසේය, ස්වාමීනි,” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“මහණෙනි, භික්ෂුතෙම යම් යම් ආකාරයකින් නුවණින් පිරිසිඳ බලන්නෙකුට පිටත් අරමුණුවල සිත නොවිසිරයන්නේද ධ්‍යාන අරමුණෙහි ඇලීම් වශයෙන් නොපිහිටියේද, විඤ්ඤාණය තමායයි නොගැනීම නිසා ආශාවෙන් තැතිනොගන්නේද? ඒ ඒ ආකාරයෙන් පිරිසිඳ බලන්නේය. මහණෙනි, සිත පිටත් අරමුණුවලැ නොවිසිර ගිය කල්හි භාවනා අරමුණෙහි ඇලීම් වශයෙන් නොපිහිටි කල්හි විඤ්ඤාණය තමා වශයෙන් නොගැනීම නිසා තැති නොගන්නාහට මත්තෙහි ජාති ජරා මරණ දුක්ඛ සමුදයන්ගේ හටගැණීමෙක් නොවන්නේය.” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගිට විහාරයට ඇතුල්වූසේක.
|
314
අථ ඛො තෙසං භික්ඛූනං, අචිරපක්කන්තස්ස භගවතො, එතදහොසි - ‘‘ඉදං ඛො නො, ආවුසො, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො - ‘තථා තථා, භික්ඛවෙ
අථ
‘‘ඉදං ඛො නො, ආවුසො කච්චාන, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො - ‘තථා තථා, භික්ඛවෙ, භික්ඛු උපපරික්ඛෙය්ය යථා යථා උපපරික්ඛතො බහිද්ධා චස්ස විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටං, අජ්ඣත්තං අසණ්ඨිතං අනුපාදාය න පරිතස්සෙය්ය. බහිද්ධා, භික්ඛවෙ, විඤ්ඤාණෙ අවික්ඛිත්තෙ අවිසටෙ සති අජ්ඣත්තං අසණ්ඨිතෙ අනුපාදාය අපරිතස්සතො ආයතිං ජාතිජරාමරණදුක්ඛසමුදයසම්භවො න හොතී’ති. තෙසං නො, ආවුසො කච්චාන, අම්හාකං, අචිරපක්කන්තස්ස භගවතො, එතදහොසි - ‘ඉදං ඛො නො, ආවුසො, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො - තථා තථා, භික්ඛවෙ, භික්ඛු උපපරික්ඛෙය්ය, යථා යථා උපපරික්ඛතො බහිද්ධා චස්ස විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටං අජ්ඣත්තං අසණ්ඨිතං අනුපාදාය න පරිතස්සෙය්ය. බහිද්ධා, භික්ඛවෙ, විඤ්ඤාණෙ අවික්ඛිත්තෙ
|
314
“ඉක්බිති ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ බැහැර ගිය නොබෝ කල්හි මෙබඳු සිතක් විය. ඇවැත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ සංක්ෂෙපයෙන් මේ උද්දෙසය වදාරා විස්තර වශයෙන් අර්ථය විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට ඇතුල්වූසේක. පිරිසිඳ බලන්නහුට පිටත් අරමුණුවල සිත නොවිසිර යන්නේද, ධ්‍යාන අරමුණෙහි ඇලීම් වශයෙන් සිත නොපිහිටයිද විඤ්ඤාණය තමායයි නොගැනීම නිසා තැති නොගන්නේද, ඒ ඒ පරිද්දෙන් මහණ තෙම පිරිසිඳ බලන්නේය. මහණෙනි, පිටත් අරමුණුවල සිත විසිර නොගිය කල්හි, නොවිසිරීම ඇති කල්හි, ධ්‍යාන අරමුණෙහි ඇලීමෙන් නොපිහිටි කල්හි, විඤ්ඤාණය තමායයි නොගැනීම නිසා තැති නොගන්නා කල්හි, මත්තෙහි ජාති, ජරා, මරණ දුක්ඛයන්ගේ හටගැණීමක් නොවන්නේයයි වදාළේය. කවරෙක් නම් භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් උදෙසනලද විස්තර වශයෙන් අර්ථ විභාග නොකරනලද මේ උද්දෙසයාගේ අර්ථය විස්තර වශයෙන් විභාග කරන්නේදැයි” කියායි.
“එකල්හි ඒ භික්ෂූන්ට මෙබඳු අදහසක් විය. මේ ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙමේ වනාහි ශාස්තෲන් වහන්සේ විසින්ද මනාව වර්ණනා කරණ ලද්දේය. නුවණැති භික්ෂූන් විසින්ද ගරු කරණ ලද්දේය ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් උදෙසනලද විස්තර වශයෙන් අර්ථ විභාග නොකරණලද මේ උද්දෙසයාගේ අර්ථය විස්තර වශයෙන් විභාග කරන්ට සමර්ථ වන්නේය. අපි ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැනට යමු. ගොස්, ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන්ගෙන් මේ කාරණය විචාරන්නෙමු නම් යහපතැයි යනුයි.
“ඉක්බිති ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට ගියාහුය. ගොස්, ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන් සමග සතුටු වූවාහුය. සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එකත්පසක හුන්නාහුය. එකත්පසක හුන්නාවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන්ට මෙය කීවාහුය. “ආයුෂ්මත් කච්චායන ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපට මේ උද්දෙසය කොටින් වදාරා විස්තර වශයෙන් අර්ථ විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට ඇතුල්වූසේක.
‘මහණෙනි, යම් යම් ආකාරයකින් පිරිසිඳ බලන්නහුගේ සිත පිටත් අරමුණුවල නොවිසිර යන්නේද, ධ්‍යාන අරමුණෙහි ඇලීම් වශයෙන් නොපිහිටන්නේද, විඤ්ඤාණය තමා වශයෙන් නොගැනීම නිසා තැති නොගන්නේද, ඒ ඒ ආකාරයෙන් මහණතෙම පිරිසිඳ බලන්නේය. මහණෙනි, පිටත් අරමුණුවල නොවිසිරගිය කල්හි නොවිසිරීම ඇති කල්හි, ධ්‍යාන අරමුණෙහි ඇලීම් වශයෙන් නොපිහිටි කල්හි, විඤ්ඤාණය තමා වශයෙන් නොගැනීම නිසා තැතිගැන්මක් නැත්තහුට මත්තෙහි ජරා, ජරා, මරණය දුක්ඛයන්ගේ හටගැණීමක් නොවන්නේය යනුයි, ආයුෂ්මත්වූ කච්චායන ස්ථවිරයන් වහන්ස, ඒ අපට භාග්‍යවතුන් වහන්සේ බැහැරගිය නොබෝ කල්හි මෙබඳු සිතක් විය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට මේ උද්දෙසය වනාහි සංක්ෂෙපයෙන් උදෙසා විස්තර වශයෙන් අර්ථය විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට ඇතුල්වූසේක.
‘යම් යම් ආකාරයකින් පිරිසිඳ බලන්නෙකුට සිත පිටත් විසිර නොයන්නේද, ධ්‍යාන අරමුණෙහි ඇලීම් වශයෙන් නොපිහිටන්නේද, තමා වශයෙන් නොගැනීම නිසා තැති නොගන්නේද, ඒ ඒ ආකාරයෙන් මහණතෙම පිරිසිඳ බලන්නේය. මහණෙනි, පිටත් අරමුණුවල සිත නොවිසිර ගිය කල්හි, නොවිසිරීම ඇති කල්හි, ධ්‍යාන අරමුණෙහි ඇලීමෙන් නොපිහිටි කල්හි, තමායයි නොගැනීම නිසා තැති නොගන්නාහට මත්තෙහි ජාති, ජරා, මරණ දුක්ඛයන්ගේ හට ගැනීමක් නොවන්නේය’ යනුයි. කවරෙක් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් උදෙසනලද විස්තර වශයෙන් අර්ථ විභාග නොකරන ලද මේ උද්දෙසයාගේ විස්තර වශයෙන් අර්ථය විභාග කරන්නේදැයි කියායි.
“ආයුෂ්මත් කච්චායන ස්ථවිරයෙනි, ඒ අපට මෙබඳු සිතක් විය. මේ ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරතෙම ශාස්තෲන් වහන්සේ විසින්ද වර්ණනා කරණ ලද්දේය. නුවණැති භික්ෂූන් විසින්ද ගරු කරණ ලද්දේය ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් උදෙසනලද විස්තර වශයෙන් අර්ථය විභාග නොකරණලද මේ උද්දෙසයාගේ විස්තර වශයෙන් අර්ථය විභාග කරන්ට සමර්ථ වේ. අපි ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරතෙම යම් තැනෙක්හිද එතැනට එළඹෙන්නෙමු. එළඹ, ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන්ගෙන් මේ කරුණ අසන්නෙමු නම්, යහපතැයි කියායි. ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙමේ එය විස්තර කෙරේවා” යි කීවාහුය.
|
315
‘‘‘සෙය්යථාපි, ආවුසො, පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව මූලං
‘යං ඛො නො, ආවුසො, භගවා
|
315
“ඇවැත්නි, යම්සේ හරයෙන් ප්‍රයෝජන ඇති, හරය සොයන්නාවූ පුරුෂයෙක් තෙම හර සෙවීමෙහි හැසිරෙන්නේ පිහිටියාවූ, හර ඇත්තාවූ, මහත් ගසක්හුගේ මුල ඉක්මවා, කඳ ඉක්මවා, අතු රිකිලිවල හරය සෙවිය යුතුයයි හඟින්නේද, මෙයත් එසේය. ආයුෂ්මතුන්ලාට ශාස්තෲන් වහන්සේ සම්මුඛවූ කල්හි ඒ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා අපගෙන් මේ කරුණ ඇසිය යුතුයයි හඟින්නහුය. ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි දතයුත්ත දන්නාහ. දැක්ක යුත්ත දක්නාහ. ඇසක්ම වූයේ, ඤාණයක්ම වූයේ, ධර්මයක්ම වූයේ, ශ්‍රේෂ්ඨ වූයේ, කියන්නෙක් වූයේ, පවත්වන්නෙක් වූයේ, අර්ථයට පමුණුවන්නෙක් වූයේ, අමෘතය දෙන්නෙක් වූයේ, ධර්මස්වාමී වූයේ, තථාගතවූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේගෙන්ම මේ කාරණය ඇසිය යුත්තේය. යම්සේ අපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේද, එසේ එය දරන්නහුය. මෙය ඊට සුදුසු කාලයද වූයේයයි” කීය.
“ආයුෂ්මත් කච්චායන ස්ථවිරයන් වහන්ස, ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ දතයුත්ත දන්නේය. දැක්ක යුත්ත දක්නේය. ඇසක්ම වූයේ, ඤාණයක්ම වූයේ, ධර්මයක්ම වූයේ, ශ්‍රේෂ්ඨ වූයේ, කියන්නෙක් වූයේ, පවත්වන්නෙක් වූයේ, අර්ථයට පමුණුවන්නේ, අමෘතය දෙන්නේ, ධර්මස්වාමි වූයේ, තථාගත වූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේගෙන්ම මේ කාරණය අසන්නෙමු. යම්සේ අපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේද, එසේ එය දරන්නෙමු, යන යමක් වේද, මෙය ඊට සුදුසු කාලයද වූයේය. එතකුදු වුවත් ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙමේ ශාස්තෲන් වහන්සේ විසින්මද වර්ණනා කරණ ලද්දේය. නුවණැත්තාවූ භික්ෂූන් විසින්ද ගරු කරණ ලද්දේය ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් උදෙසනලද විස්තර වශයෙන් අර්ථය විභාග නොකරණලද මේ උද්දෙසයාගේ අර්ථය විස්තර වශයෙන් විභාගකරන්ට සමර්ථ වේ. ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙමේ මෙය බරක් වශයෙන් විස්තර කරන සේක්වා”යි කීවාහුය.
“ඇවැත්නි, එසේවී නම්, අසව්. යහපත්කොට මෙනෙහි කරව්. කියන්නෙමියි” කීය. “ඇවැත්නි, එසේයයි,” ඒ භික්ෂූහු, ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන්ට උත්තර දුන්හ. ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරතෙම මෙය ප්‍රකාශ කළේය. “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට කොටින් යම් උද්දෙසයක් උදෙසා විස්තර වශයෙන් අර්ථය විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩිසේක්ද? මහණෙනි, ‘යම් යම් ආකාරයකින් පිරිසිඳ බලන්නහුගේ සිත පිටත් අරමුණුවල නොවිසිර පවත්නේද, ධ්‍යාන අරමුණෙහි ඇලීමෙන් නොපිහිටන්නේද, විඤ්ඤාණය තමා වශයෙන් නොගැනීම නිසා තැති නොගන්නේද, ඒ ආකාරයෙන් මහණ තෙම පිරිසිඳ බලන්නේය. මහණෙනි, සිත පිටත් අරමුණුවල නොවිසිරීම ඇති කල්හි, ධ්‍යාන අරමුණෙහි ඇලී නොසිටි කල්හි, තමා වශයෙන් නොගැනීම නිසා තැති නොගන්නහුට මත්තෙහි ජාති, ජරා, මරණය දුක්ඛයන්ගේ හටගැනීමක් නොවන්නේය’ යනුයි. ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ කොටින් උදෙසන ලද විස්තර වශයෙන් අර්ථය විභාග නොකරණලද මේ උද්දෙසයාගේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දනිමි.
|
316
‘‘කථඤ්චාවුසො, බහිද්ධා විඤ්ඤාණං වික්ඛිත්තං විසටන්ති වුච්චති? ඉධාවුසො, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා රූපනිමිත්තානුසාරි විඤ්ඤාණං හොති රූපනිමිත්තස්සාදගධිතං
(...ගථිතං (සී. පී.)) රූපනිමිත්තස්සාදවිනිබන්ධං
(...විනිබන්ධං (සී. පී.)) රූපනිමිත්තස්සාදසංයොජනසංයුත්තං බහිද්ධා විඤ්ඤාණං වික්ඛිත්තං විසටන්ති වුච්චති. සොතෙන සද්දං සුත්වා...පෙ.... ඝානෙන ගන්ධං ඝායිත්වා... ජිව්හාය රසං සායිත්වා... කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා... මනසා ධම්මං විඤ්ඤාය ධම්මනිමිත්තානුසාරී විඤ්ඤාණං හොති; ධම්මනිමිත්තස්සාදගධිතං ධම්මනිමිත්තස්සාදවිනිබන්ධං ධම්මනිමිත්තස්සාදසංයොජනසංයුත්තං බහිද්ධා විඤ්ඤාණං වික්ඛිත්තං විසටන්ති වුච්චති. එවං ඛො ආවුසො, බහිද්ධා විඤ්ඤාණං වික්ඛිත්තං විසටන්ති වුච්චති.
|
316
“ඇවැත්නි, කෙසේ නම් සිත පිටත් අරමුණුවල විසිර ගියේයයි කියනු ලැබේද, ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුහුගේ සිත ඇසින් රූපය දැක ඒ රූපාරමුණට අනුව ගමන් කරන්නේ වේද, රූපාරමුණු රස විඳීමෙහි බැඳුණාවූද, රූපාරමුණු රස විඳීමෙහි වෙළුණාවූද, රූපාරමුණු රස විඳීමෙහි බැඳෙන රැහැණින් යුක්තවූද සිත පිටත් අරමුණුවල විසිර ගිය පැතිර ගියේයයි කියනු ලැබේ.
“කණින් ශබ්දය අසා සිත ශබ්ද අනුව ගමන් කරන්නේ වෙයිද, සිත ශබ්දාරමුණු රස විඳීමෙන් බැඳුණාවූ ශබ්දාරමුණු රස විඳීමෙහි වෙළුණාවූ ශබ්දාරමුණු රස විඳීමෙහි බැඳුණු රැහැණින් යුක්තවූ සිත පිටත් අරමුණුවල විසිරගිය සිතයයි කියනු ලැබේ.
“නැහැයෙන් සුවඳ ආඝ්‍රාණයකොට සිත ගන්ධ අරමුණ අනුව ගමන්කරන්නේ වෙයිද, ගන්ධාරමුණු රස විඳීමෙහි බැඳුණාවූ, ගන්ධාරමුණු රස විඳීමෙහි වෙළුණාවූ, ගන්ධාරමුණු රස විඳීමෙහි බැඳුණු රැහැණින් යුක්තවූ සිත පිටත් අරමුණුවල විසිරගිය සිතයයි කියනු ලැබේ.
“දිවෙන් රසය විඳ සිත රසාරමුණු අනුව ගමන්කරන්නේ වෙයිද, රස අරමුණ රස විඳීමෙහි බැඳුනාවූ, රස අරමුණු රස විඳීමෙහි වෙළුනාවූ, රස අරමුණු රස විඳීමෙහි බැඳුණ රැහැණින් යුක්තවූ සිත පිටත් අරමුණුවල විසිරගිය සිතයයි කියනු ලැබේ.
“කයින් ස්පර්ශයන් ස්පර්ශකොට සිත ප්‍රෂ්ටව්‍ය අරමුණ අනුව ගමන් කරන්නේ වෙයිද, ප්‍රෂ්ටව්‍ය අරමුණු රස විඳීමෙහි බැඳුණාවූ, ප්‍රෂ්ටව්‍ය අරමුණ රස විඳීමෙහි වෙළුණාවූ, ප්‍රෂ්ටව්‍ය අරමුණු රස විඳීමෙහි බැඳුණු රැහැණින් යුක්තවූ සිත පිටත්හි අරමුණුවල විසිරගිය සිතයයි කියනු ලැබේ.
“සිතින් ධර්මාරමුණු දැන සිත ධර්මාරමුණ අනුව ගමන් කරන්නේ ධර්මාරම්මණයෙහි රස විඳීමෙහි, බැඳුණාවූද, ධර්මාරම්මණ රස විඳීමෙහි වෙළුණාවූද, ධර්මාරම්මණ රස විඳීමෙහි රැහැණින් යුක්තවූද සිත පිටත් අරමුණුවල විසිර ගියේ පැතිරගියේයයි කියනු ලැබේ.
“ඇවැත්නි, මෙසේ වනාහි සිත පිටත් අරමුණුවල විසිර ගියේයයි කියනු ලැබේ.
|
317
‘‘කථඤ්චාවුසො, බහිද්ධා විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටන්ති වුච්චති
|
317
“ඇවැත්නි, කෙසේ නම් සිත පිටත් අරමුණුවල නොවිසුරුණේයයි කියනු ලැබේද? ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුහුගේ සිත ඇසින් රූපයක් දැක, රූප අරමුණ අනුව ගමන් නොකරන්නේ වේද, රූපාරමුණෙහි රස විඳීමෙහි නොබැඳුණාවූ, රූප අරමුණෙහි රස විඳීමෙහි නොවෙළුණාවූ, රූප අරමුණෙහි රස විඳීමෙහි බැඳුණු රැහැණින් යුක්ත නොවූ, සිත පිටත් අරමුණුවල නොවිසිරුණු සිතයයි කියනු ලැබේ.
“කණින් ශබ්දය අසා සිත ශබ්ද අරමුණ අනුව ගමන් නොකරන්නෙ වෙයිද, සිත අරමුණු රස විඳීමෙහි නොබැඳුණාවූ, ශබ්ද අරමුණු රස විඳීමෙහි නොවෙළුනාවූ, ශබ්ද අරමුණු රස විඳීමෙහි බැඳුණු රැහැණින් යුක්ත නොවූ සිත පිටත් අරමුණුවල නොවිසුරුණු සිතයයි කියනු ලැබේ.
“නාසයෙන් ආඝ්‍රාණයකොට සිත ගන්ධ අරමුණ අනුව ගමන් නොකරන්නේ වේද, ගන්ධාරම්මණ රස විඳීමෙහි නොබැඳුණාවූ, ගන්ධාරම්මණ රස විඳීමෙහි නොවෙළුණාවූ, ගන්ධාරම්මණ රස විඳීමෙහි බැඳුණු රැහැණින් යුක්ත නොවූ සිත පිටත් අරමුණුවල නොවිසුරුණ සිතයයි කියනු ලැබේ.
“දිවෙන් රසය විඳ සිත රසාරම්මණය අනුව ගමන් නොකරන්නේ වේද, රසාරම්මණ රස විඳීමෙහි නොබැඳුණාවූ, රසාරම්මණ රස විඳීමෙහි නොවෙළුණාවූ, රසාරම්මණ රස විඳීමෙහි නොබැඳුණ රැහැණින් යුක්ත නොවූ, සිත පිටත් අරමුණුවල නොවිසුරුණ සිතයයි කියනු ලැබේ.
“කයින් ස්පර්ශයන් ස්පර්ශකොට සිත ප්‍රෂ්ටව්‍ය අරමුණ අනුව ගමන් නොකරන්නේ වෙයිද, ප්‍රෂ්ටව්‍ය අරමුණ රස විඳීමෙහි නොබැඳුණාවූ, ප්‍රෂ්ටව්‍ය අරමුණු රස විඳීමෙහි නොවෙළුණාවූ, ප්‍රෂ්ටව්‍ය අරමුණු රස විඳීමෙහි බැඳුණු රැහැණින් යුක්ත නොවූ සිත පිටත් අරමුණුවල නොවිසුරුණු සිතයයි කියනු ලැබේ.
“සිතින් ධර්මාරමුණු දැන ධර්මාරම්මණය අනුව සිත ගමන් නොකරන්නේ වේද, ධර්මාරමුණෙහි රස විඳීමෙහි නොබැඳුණාවූ ධර්මාරමුණේ රස විඳීමෙහි නොවෙළුණාවූ, ධර්මාරමුණු රස විඳීමෙහි බැඳුණු රැහැණින් යුක්ත නොවූ සිත පිටත් අරමුණුවලට නොවිසුරුණු සිතයයි කියනු ලැබේ.
“ඇවැත්නි, මෙසේ වනාහි පිටත් අරමුණුවල නොවිසිර ගිය නොපැතිරගිය සිතයයි කියනු ලැබේ.
|
318
‘‘කථඤ්චාවුසො, අජ්ඣත්තං
(අජ්ඣත්තං චිත්තං (සී. ස්‍යා. කං. පී.)) සණ්ඨිතන්ති වුච්චති? ඉධාවුසො, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස විවෙකජපීතිසුඛානුසාරි විඤ්ඤාණං හොති විවෙකජපීතිසුඛස්සාදගධිතං විවෙකජපීතිසුඛස්සාදවිනිබන්ධං
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස සමාධිජපීතිසුඛානුසාරි විඤ්ඤාණං හොති සමාධිජපීතිසුඛස්සාදගධිතං සමාධිජපීතිසුඛස්සාදවිනිබන්ධං සමාධිජපීතිසුඛස්සාදසංයොජනසංයුත්තං අජ්ඣත්තං චිත්තං සණ්ඨිතන්ති වුච්චති.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස අදුක්ඛමසුඛානුසාරි විඤ්ඤාණං හොති අදුක්ඛමසුඛස්සාදගධිතං අදුක්ඛමසුඛස්සාදවිනිබන්ධං
|
318
“ඇවැත්නි, කෙසේ නම් ධ්‍යානාරම්මණයෙහි සිත ඇලී පිහිටියේයයි කියනු ලැබේද, ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුතෙම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. ඔහුගේ සිත ඒ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය අනුව ගමන්කරන්නේ වෙයිද, විවේකයෙන් හටගත් ප්‍රීතියෙහි හා සැපයෙහි රස විඳීමෙහි බැඳුණාවූ විවේකයක් හටගත් ප්‍රීතිය හා සැපයෙහි රස විඳීමෙහි වෙළුණාවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපයෙහි රසවිඳීමෙහි බැඳුණු රැහැණින් යුක්තවූ සිත ධ්‍යානාරම්මණයෙහි ඇලීසිටින සිතයයි කියනු ලැබේ.
“ඇවැත්නි, නැවතද, භික්ෂුතෙම විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා කෙරෙහි පැහැදීම ඇත්තාවූ සිත සම්බන්ධ එකඟ බැව් ඇති, විතර්ක රහිතවූ, විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඔහුගේ සිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය අනුව ගමන්කරන්නේ වේද, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපයෙහි රස විඳීමෙහි බැඳුණාවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපයෙහි රසවිඳීමෙහි වෙළුණාවූ, සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙහි රස විඳීමෙහි රැහැණින් යුක්තවූ සිත ධ්‍යානාරම්මණයෙහි ඇලී සිටියේයයි කියනු ලැබේ.
“ඇවැත්නි, නැවතද භික්ෂුතෙම ප්‍රීතියගේද, නොඇල්මෙන් උපෙක්ෂා ඇත්තේද, සිහි නුවණ ඇත්තේද, වාසය කරයි. සැපයද කයින් විඳියි. ආර්‍ය්‍යයෝ ඒ යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ, සිහි ඇත්තේ, සැපවිහරණ ඇත්තේයයි කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඔහුගේ සිත ඒ උපෙක්ෂාව අනුව ගමන්කරන්නේ වේද, උපෙක්ෂා සැපයෙහි රස විඳීමෙහි බැඳුණු, උපෙක්ෂා සැපයෙහි රසවිඳීමෙහි වෙළුණු උපෙක්ෂා සැපයෙහි රස විඳීමෙහි රැහැණින් යුක්තවූ සිත ධ්‍යානාරම්මණයෙහි ඇලීසිටියේයයි කියනු ලැබේ.
“ඇවැත්නි, නැවතද භික්ෂුතෙම සැපයද දුරු කිරීමෙන්, දුකද දුරු කිරීමෙන් පළමුකොටම සොම්නස්, දොම්නස් දෙක නැසීමෙන් නිදුක්වූ, නොසැපවූ, උපෙක්ෂා ස්මෘතීන්ගේ පිරිසිදු බැව් ඇති චතුර්ථධ්යානයට පැමිණ වාසය කරයි. ඔහුගේ සිත දුක් නැතිවීම, සැප නැතිවීම අනුව ගමන් කරන්නේ වේද, නිදුක් නොසැපයෙහි රස විඳීමෙහි බැඳුණු, නිදුක් නොසැපයෙහි රස විඳීමෙහි වෙළුණු, නිදුක් නොසැප රස විඳීමෙහි රැහැණින් යුක්තවූ සිත ධ්‍යානාරම්මණයෙහි ඇලී සිටියේයයි කියනු ලැබේ.
“ඇවැත්නි, මෙසේ වනාහි ධ්‍යානාරම්මණයෙහි සිත ඇලී සිටියේයයි කියනු ලැබේ.
|
319
‘‘කථඤ්චාවුසො
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු විතක්කවිචාරානං වූපසමා...පෙ.... දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස න සමාධිජපීතිසුඛානුසාරි විඤ්ඤාණං හොති න සමාධිජපීතිසුඛස්සාදගධිතං න සමාධිජපීතිසුඛස්සාදවිනිබන්ධං න සමාධිජපීතිසුඛස්සාදසංයොජනසංයුත්තං අජ්ඣත්තං චිත්තං අසණ්ඨිතන්ති වුච්චති
‘‘පුන
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස න අදුක්ඛමසුඛානුසාරි විඤ්ඤාණං හොති න අදුක්ඛමසුඛස්සාදගධිතං න අදුක්ඛමසුඛස්සාදවිනිබන්ධං න අදුක්ඛමසුඛස්සාදසංයොජනසංයුත්තං අජ්ඣත්තං චිත්තං අසණ්ඨිතන්ති වුච්චති. එවං ඛො, ආවුසො, අජ්ඣත්තං
(අජ්ඣත්තං චිත්තං (සී. ස්‍යා. කං. පී.)) අසණ්ඨිතන්ති වුච්චති.
|
319
“ඇවැත්නි, කෙසේ නම් ධ්‍යානාරම්මණයෙහි සිත ඇලී නොසිටියේයයි කියනු ලැබේද, ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුතෙම කාමයන්ගෙන් වෙන්වම සියලු අකුශලයන්ගෙන් වෙන්වම, විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති, ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. ඔහුගේ සිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය අනුව ගමන් නොකරන්නේ වේද, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය පිළිබඳ රස විඳීමෙහි නොබැඳුණු විවේකයෙන් හටගත් ප්‍රීතියෙහි හා සැපය පිළිබඳ රස විඳීමෙහි නොවෙළුණු විවේකයෙන් හටගත් ප්‍රීතියෙහි හා සැපය පිළිබඳ රස විඳීමෙහි බැඳුණු රැහැණින් යුක්ත නොවූ සිත ධ්‍යානාරම්මණයෙහි ඇලී නොසිටි සිතයයි කියනු ලැබේ.
“ඇවැත්නි, නැවත භික්ෂුතෙම විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇති කරන්නාවූ, සිතේ එකඟ බව ඇතිකරන්නාවූ, විතර්ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. ඔහුගේ සිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය අනුව ගමන් නොකරන්නේ වේද, සමාධියෙන් හටගත් ප්‍රීතියෙහි හා සැපය පිළිබඳ රසවිඳීමෙහි නොබැඳුණාවූ සමාධියෙන් හටගත් ප්‍රීතියෙහි හා සැපය පිළිබඳ රසවිඳීමෙහි නොවෙළුණාවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය පිළිබඳ රස විඳීමෙහි බැඳුණු රැහැණින් යුක්ත නොවූ, සිත ධ්‍යානාරම්මණයෙහි ඇලී නොපිහිටියේයයි කියනු ලැබේ.
“ඇවැත්නි, නැවතද භික්ෂුතෙම ප්‍රීතියගේද නොඇල්මෙන් උපෙක්ෂා ඇත්තේ, වාසය කෙරෙයි. සිහියෙන් යුක්තවූයේ කයින් සැප විඳියි. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ, සිහියෙන් යුක්තවූයේ, සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. ඔහුගේ සිත උපෙක්ෂාව අනුව ගමන් නොකරන්නේ වේද, උපෙක්ෂා සැපය පිළිබඳ රස විඳීමෙහි නොබැඳුණු, උපෙක්ෂා සැපය පිළිබඳ රස විඳීමෙහි නොවෙළුණ, උපෙක්ෂා සැපය පිළිබඳ රස විඳීමෙහි බැඳුණ රැහැණින් යුක්ත නොවූ සිත ධ්‍යානාරම්මණයෙහි ඇලී නොපිහිටියේයයි කියනු ලැබේ.
ඇවැත්නි, නැවතද භික්ෂුතෙම සැපයද දුරු කිරීමෙන් දුක නැතිකිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැත්තාවූද, සැප නැත්තාවූද උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති, චතුර්ථධ්යානයට පැමිණ වාසය කරයි. ඔහුගේ සිත නිදුක් නොසැපය අනුව ගමන් නොකරයි. නිදුක් නොසැපය පිළිබඳ රසවිඳීමෙහි බැඳිමක් නැති, නිදුක් නොසැපය පිළිබඳ රස විඳීමෙහි වෙළීමක් නැති, නිදුක් නොසැප පිළිබඳ රසවිඳීමෙහි බැඳුණු, ආස්වාදනය හා සංයෝජනයෙන් රැහැණින් යුක්ත නොවූ සිත ධ්‍යානාරම්මණයෙහි ඇලී නොපිහිටියේයයි කියනු ලැබේ. ඇවැත්නි, මෙසේ වනාහි ධ්‍යානාරම්මණයෙහි සිත ඇලී නොපිහිටියේයයි කියනු ලැබේ.
|
320
‘‘කථඤ්චාවුසො, අනුපාදා පරිතස්සනා හොති? ඉධාවුසො, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස
|
320
“ඇවැත්නි, කෙසේ නම් තමායයි ගැනීමට දෙයක් නැතිවීම නිසා තැතිගැනීම වේද, ඇවැත්නි, මේ ලෝකයෙහි ඇසූපිරූ තැන් නැත්තාවූ පෘථග්ජන තෙම ආර්‍ය්‍යයන් නොදක්නේ, ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂ නුවූයේ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුනේ, සත්පුරුෂයන් නොදක්නේ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූයේ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනේ, රූපය තමා වශයෙන් දකියි. රූපය ඇත්තකු තමා වශයෙන් හෝ දකියි. තමා කෙරෙහි රූපය ඇත්තේයයි කියා හෝ දකියි. රූපය කෙරෙහි තමා ඇත්තේයයි කියා හෝ දකියි. ඔහුගේ ඒ රූපය වෙනස් වෙයි. අන් පරිද්දකින් වෙයි. රූපයාගේ වෙනස්වීමෙන් හා අන්පරිදි වීමෙන් රූපයාගේ වෙනස්වීමට අනුව ඔහුගේ සිතද වෙනස් වෙයි. රූපයන්ගේ වෙනස්වීමට අනුව වෙනස්වූ ඔහුගේ සිතින් හටගත් තෘෂ්ණා තැතිගැන්මවූ අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත විනාශ කරත්. කුසල් සිත විනාශවීමෙන් තෘෂ්ණා තැතිගැන්මෙන්ද භය තැති ගැන්මෙන්ද තැතිගැනීම් සහිත වෙයි. දුක් සහිත වෙයි. ආලය සහිත වෙයි. මමයයි ගතයුත්තක් නැති කල්හි තැතිගනියි.
“වේදනාව තමා වශයෙන් දකියි. වේදනාව ඇත්තකු තමාය කියා හෝ තමා කෙරෙහි වේදනාව ඇත්තේ යයි කියා හෝ වේදනාවෙහි තමා ඇත්තේයයි කියා හෝ තමා කෙරෙහි වේදනාව ඇත්තේයයි කියා හෝ දකියි. ඔහුගේ ඒ වේදනාව වෙනස් වෙයි. අන් පරිද්දෙකින් වෙයි. වේදනාව වෙනස් වීමෙන් හා අන්පරිදි වීමෙන් වේදනාවේ වෙනස්වීම අනුව ඔහුගේ සිතද වෙනස් වෙයි. වේදනාවන්ගේ වෙනස්වීමට අනුව වෙනස්වූ ඔහුගේ සිතින් හටගත් තෘෂ්ණා තැතිගැන්මවූ අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත විනාශ කරත්. කුසල් සිත විනාශවීමෙන් තැතිගැනීම් සහිත වෙයි. දුක් සහිත වෙයි. ආලය සහිත වෙයි. මමයයි ගතයුත්තක් නැති කල්හි තැතිගනියි.
“සංඥාව තමා වශයෙන් දකියි. සංඥාව ඇත්තෙකු තමාය කියා හෝ තමා කෙරෙහි සංඥාව ඇත්තේයයි කියා හෝ සංඥාවෙහි තමා ඇත්තේයයි කියා හෝ දකියි. ඔහුගේ ඒ සංඥාව වෙනස් වෙයි. අන් පරිද්දෙකින් වෙයි. සංඥාව වෙනස් වීමෙන් හා අන් පරිදි වීමෙන් සංඥාවේ වෙනස්වීම අනුව ඔහුගේ සිත වෙනස් වෙයි. සංඥාවන්ගේ වෙනස්වීමට අනුව වෙනස්වූ සිතින් හටගත් තෘෂ්ණා තැතිගැන්මවූ අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත විනාශ කරත්. කුසල් සිත විනාශ වීමෙන් තැතිගැනීම් සහිත වෙයි. දුක් සහිත වෙයි. ආලය සහිත වෙයි. මමයයි ගතයුත්තක් නැතිකල්හි තැති ගනියි.
“සංස්කාරයන් තමා වශයෙන් දකියි. සංස්කාර ඇත්තකු තමායයි කියා හෝ තමා කෙරෙහි සංස්කාර ඇත්තේ යයි කියා හෝ සංස්කාරයෙහි තමා ඇත්තේයයි කියා හෝ දකියි. ඔහුගේ ඒ සංස්කාර වෙනස් වෙයි. අන් පරිද්දෙකින් වෙයි. සංස්කාර වෙනස් වීමෙන් හා අන්පරිදි වීමෙන් සංස්කාරයන්ගේ වෙනස්වීම අනුව ඔහුගේ සිත වෙනස්වෙයි. සංස්කාරයන්ගේ වෙනස් වීමට අනුව වෙනස්වූ සිතින් හට ගත් තෘෂ්ණා තැතිගැන්මවූ අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත විනාශ කරත්. කුසල් සිත විනාශ වීමෙන් තැතිගැනීම් සහිත වෙයි. දුක් සහිත වෙයි. ආලය සහිත වෙයි. මම යයි ගතයුත්තක් නැතිකල්හි තැතිගනියි.
“විඤ්ඤාණය තමා වශයෙන් දකියි. විඤ්ඤාණය ඇත්තකු තමායයි කියා හෝ ගනියි. විඤ්ඤාණය කෙරෙහි තමා ඇත්තේයයි කියා හෝ දකියි. තමා කෙරෙහි විඤ්ඤාණය ඇත්තේයයි කියා හෝ දකියි. ඔහුගේ ඒ විඤ්ඤාණය වෙනස් වෙයි. අන් පරිද්දෙකින් වෙයි. ඔහුගේ විඤ්ඤාණය වෙනස් වීමෙන් හා අන්පරිදි වීමෙන් විඤ්ඤාණයාගේ වෙනස්වීම අනුව සිතද වෙනස් වේ. ඔහුගේ විඤ්ඤාණය වෙනස්වීම අනුව වෙනස්වූ සිතින් හටගත් තෘෂ්ණා තැතිගැනීම වන අකුසල ධර්මයෝ කුසල් සිත විනාශ කරත්. කුසල් සිත විනාශ වීමෙන් තැති ගැනීම් සහිත වෙයි. දුක් සහිත වෙයි. ආලය සහිත වෙයි. තමායයි ගැනීමට දෙයක් නැතිවීම නිසා තැතිගනියි. මෙසේ වනාහි තමායයි නොගැනීම නිසා තැති ගැනීම වෙයි.
|
321
‘‘කථඤ්චාවුසො, අනුපාදානා අපරිතස්සනා හොති? ඉධාවුසො, සුතවා අරියසාවකො අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ
‘‘යං ඛො නො, ආවුසො, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා
|
321
“ඇවැත්නි, කෙසේ නම් මමයයි නොගැනීම නිසා තැති නොකොට පරිත්‍රාශ ගැනීම නොවේද? ඇවැත්නි, මේ ලෝකයෙහි ඇසූපිරූතැන් ඇති ආර්‍ය්‍යයන් දක්නාවූ ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි හික්මුනාවූ සත්පුරුෂයන් දක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම රූපය තමා වශයෙන් නොදකියි. රූපය ඇත්තෙකු තමා වශයෙන් හෝ නොදකියි. තමා කෙරෙහි රූපය ඇත්තේයයි කියා හෝ නොදකියි. රූපයෙහි තමා ඇත්තේයයි කියා හෝ නොදකියි. ඔහුගේ ඒ රූපය වෙනස් වේ. අන් පරිද්දෙකින් වෙයි. ඔහුගේ රූපය වෙනස් වීමෙන් අන්පරිදි වීමෙන් රූපය වෙනස්වීම අනුව සිත වෙනස් නොවේ. ඔහුගේ රූපය වෙනස්වීම අනුව වෙනස් වන සිතින් හටගන්නා තැතිගැනීම වන අකුශල ධර්මයෝ කුසල් සිත විනාශ නොකරත්. කුසල් සිත විනාශ නොවීම නිසා තැති ගැනීම් සහිත නොවෙයි. දුක් සහිත නොවෙයි. ආලය සහිත නොවෙයි. තමායයි ගැනීමට දෙයක් නැති නිසා තැති නොගනියි. වේදනාව තමා වශයෙන් නොදකියි. වේදනාව ඇත්තෙකු තමා කියා හෝ නොදකියි. තමා කෙරෙහි වේදනාව ඇත්තේයයි කියා හෝ නොදකියි. වේදනාවෙහි තමා ඇත්තේයයි කියා නොදකියි. ඔහුගේ ඒ වේදනාව වෙනස් වෙයි. අන් පරිද්දෙකින් වෙයි. වේදනාව පෙරළීමෙන් අන් පරිදි වීමෙන් වේදනාව පෙරළීම අනුව ඔහුගේ සිත වෙනස් නොවේ. ඔහුගේ වේදනාව පෙරළීම අනුව වෙනස් වන සිතින් හට ගත් තැති ගැනීම වන අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත විනාශ නොකරත්. කුසල් සිත විනාශ නොවීම නිසා තැති ගැනීම් සහිත නොවෙයි. දුක් සහිත නොවෙයි. ආලය සහිත නොවෙයි. තමායයි නොගැනීම නිසාද තැති නොගනියි. සංඥාව ආත්මය වශයෙන් නොදකියි. සංඥාව ඇත්තෙකු තමායයි කියා හෝ නොදකියි. තමා කෙරෙහි සංඥාව ඇත්තේයයි කියා හෝ නොදකියි. සංඥාවෙහි තමා ඇත්තේයයි කියා හෝ නොදකියි. ඒ සංඥාව විපරිනාම වෙයි. අන් පරිද්දෙකින් වෙයි. ඔහු සංඥාව පෙරළීමෙන් අන් පරිදි වීමෙන් සංඥාව පෙරළීම අනුව ඔහුගේ සිත වෙනස් නොවේ. ඔහුගේ සංඥාව පෙරළීම අනුව වෙනස්වූ සිතින් හටගත් තැතිගැනීම් වන අකුශල ධර්මයෝ ඔහුගේ සිත විනාශ නොකරත්. කුසල් විනාශ නොවීම නිසා තැති ගැනීම් සහිත නොවෙයි. දුක් සහිත නොවෙයි. ආලය සහිත නොවෙයි. තමායයි ගතයුත්තක් නැති නිසා තැති නොගනියි. සංස්කාරයන් ආත්ම වශයෙන් නොදකියි. සංස්කාර ඇත්තෙකු තමාය කියා හෝ නොදකියි. තමා කෙරෙහි සංස්කාර ඇත්තේය කියා හෝ නොදකියි. සංස්කාරයෙහි තමා ඇත්තේය කියා හෝ නොදකියි. ඔහුගේ ඒ සංස්කාර වෙනස්වෙයි. අන් පරිද්දෙකින් වෙයි. ඔහුගේ සංස්කාර පෙරළීමෙන් අන් පරිදිවීමෙන් සංස්කාර පෙරළීම අනුව ඔහුගේ සිත වෙනස් නොවෙයි සංස්කාර පෙරළීම අනුව වෙනස්වූ සිතින් හටගත් තැතිගැනීම් අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත විනාශ නොකරත්. කුසල් සිත විනාශ නොවීමෙන් තැතිගැනීම් සහිත නොවෙයි දුක් සහිත නොවෙයි. ආලය සහිත නොවෙයි. තමා වශයෙන් ගතයුත්තක් නැති නිසා තැති නොගනියි. විඥානය තමා වශයෙන් නොදකියි. විඥානය ඇත්තෙකු තමා වශයෙන් හෝ නොදකියි. තමා කෙරෙහි විඥානය ඇත්තේ කියා හෝ නොදකියි. විඥානයෙහි තමා ඇත්තේය කියා හෝ නොදකියි. ඔහුගේ ඒ විඥානය වෙනස් වෙයි. අන් පරිද්දෙකින් වෙයි. ඔහුගේ විඤ්ඤාණ වෙනස්වීමට අනුව සිත වෙනස් නොවෙයි. ඔහුගේ විඤ්ඤාණය වෙනස් වීමට අනුව වෙනස්වූ සිතින් හටගත් තැතිගැනීම් තෘෂ්ණා පරිතස්සනා අකුසල ධර්ම කුසල් සිත විනාශ නොකරත්. කුසල් සිත විනාශ නොවීමෙන් තැතිගැනීමක් නොවෙයි. දුක් සහිත නෙවෙයි. ආලය සහිත නොවෙයි. තමායයි ගැනීමට දෙයක් නැති නිසා තැති නොගනියි. ඇවැත්නි, මෙසේ වනාහි තමායයි නොගැනීම නිසා තැති ගැනීම නොවන්නේය.
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට යම් උදෙසීමක් සැකෙවින් උදෙසා විස්තරයෙන් අර්ථය විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩිසේක්ද, මහණෙනි, යම් යම් පරිද්දකින් පිරිසිඳ බලන්නහුගේ සිත පිටත් අරමුණුවල නොවිසුරුනේද, ධ්‍යානාරම්මණයෙහි ඇලී නොසිටියේද, තමායයි ගැනීමට දෙයක් නැතිවීම නිසා තැති නොගන්නේද, ඒ ඒ පරිද්දෙන් මහණතෙම පිරිසිඳ බලන්නේය මහණෙනි, පිටත් අරමුණුවල සිත් නොවිසිරීම ඇති කල්හි ධ්‍යානාරම්මණයෙහි ඇලී තමායයි අල්වා නොසිටි කල්හි ගතයුත්තක් නැතිවීම නිසා තැති නොගන්නහුට මත්තෙහි ජාති ජරා මරණය දුක්ඛසමුදය හටගැණීමක් නොවේය යනුයි.
“ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තරයෙන් අර්ථය විභාග නොකරණ ලද මේ උද්දෙසයාගේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දනිමි. ආයුෂ්මත්නි, කැමති වන්නහු නම් තෙපි භාග්‍යවතුන් වහන්සේ වෙතම එළඹ මේ කාරණය අසව්. යම්සේ තොපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කෙරේද එසේ එය දරා ගනිව්ය” කීය.
|
322
අථ ඛො තෙ භික්ඛූ ආයස්මතො මහාකච්චානස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා
‘‘යං
‘‘තෙසං නො, භන්තෙ, අම්හාකං, අචිරපක්කන්තස්ස භගවතො, එතදහොසි - ‘ඉදං ඛො නො, ආවුසො, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො - තථා තථා, භික්ඛවෙ, භික්ඛු උපපරික්ඛෙය්ය, යථා යථා උපපරික්ඛතො බහිද්ධා චස්ස විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටං, අජ්ඣත්තං අසණ්ඨිතං අනුපාදාය න පරිතස්සෙය්ය. බහිද්ධා, භික්ඛවෙ, විඤ්ඤාණෙ අවික්ඛිත්තෙ අවිසටෙ සති අජ්ඣත්තං අසණ්ඨිතෙ අනුපාදාය අපරිතස්සතො ආයතිං ජාතිජරාමරණදුක්ඛසමුදයසම්භවො න හොතීති. කො නු ඛො ඉමස්ස භගවතා සංඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්යා’ති? තෙසං නො, භන්තෙ, අම්හාකං එතදහොසි - ‘අයං ඛො ආයස්මා මහාකච්චානො
‘‘අථ ඛො මයං, භන්තෙ, යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමිම්හ; උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං එතමත්ථං පටිපුච්ඡිම්හ. තෙසං නො, භන්තෙ, ආයස්මතා මහාකච්චානෙන ඉමෙහි ආකාරෙහි ඉමෙහි පදෙහි ඉමෙහි බ්යඤ්ජනෙහි අත්ථො විභත්තො’’ති.
‘‘පණ්ඩිතො, භික්ඛවෙ, මහාකච්චානො; මහාපඤ්ඤො, භික්ඛවෙ, මහාකච්චානො. මං චෙපි තුම්හෙ, භික්ඛවෙ, එතමත්ථං පටිපුච්ඡෙය්යාථ, අහම්පි එවමෙවං බ්යාකරෙය්යං
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
|
322
ඉක්බිති ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන්ගේ කීම සතුටින් පිළිගෙණ අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක් හිද එතැනට ගියාහුය. ගොස් භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව උන්හ. එකත්පස්ව උන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළාහුය. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අපට සැකෙවින් යම් උද්දේසයක් වනාහි උදෙසා විස්තර වශයෙන් අර්ථය විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට පිවිසි සේක්ද, ‘මහණෙනි, යම් යම් පරිද්දෙකින් පිරිසිඳ බලන්නහුගේ සිත පිටත් අරමුණුවල නොවිසුරුනේද ධ්‍යානාරම්මණයෙහි ඇලී නොසිටියේ තමායයි නොගැනීම නිසා තැති නොගන්නේද, ඒ ඒ පරිද්දෙන් මහණතෙම පිරිසිඳ බලන්නේය. මහණෙනි, පිටත් අරමුණුවල විඥානය වික්ෂිප්ත නොවූ කල්හි නොවිසිරීම ඇති කල්හි ධ්‍යානාරම්මණයෙහි ඇලී නොසිටි කල්හි තමා වශයෙන් නොගැනීම නිසා තැති නොගන්නහුට මත්තෙහි ජාති ජරා මරණය දුක්ඛ හටගැනීමක් නොවේය යනුයි’ ස්වාමීනි, ඒ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩිය නොබෝ කල්හි මෙබඳු අදහසක් විය.
‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට මේ උද්දෙසය වනාහි සැකෙවින් උදෙසා විස්තරයෙන් අර්ථ විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට පිවිසි සේක. මහණෙනි, යම් යම් පරිද්දෙකින් පිරිසිඳ බලන්නහුගේ සිත පිටත් අරමුණුවල වික්ෂිප්ත නොවූයේ විසිර නොගියේ වෙයිද, ධ්‍යානාරම්මණයෙහි ඇලී නොසිටියේ තමායයි නොගැනීම නිසා තැතිගැනීමක් නොවන්නේද? ඒ ඒ පරිද්දෙන් මහණතෙම පිරිසිඳ බලන්නේය. මහණෙනි, පිටත්හි අරමුණුවල සිත වික්ෂිප්ත නොවූ කල්හි නොවිසිරීම ඇති කල්හි ධ්‍යානාරම්මණයෙහි ඇලී නොසිටි කල්හි තමා වශයෙන් නොගැනීම නිසා තැති නොගන්නහුට ජාති ජරා මරණ දුක්ඛයන්ගේ හටගැනීමෙක් නොවේය’ යනුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසනලද විස්තරයෙන් අර්ථය විභාග නොකරණ ලද මේ උදේදෙසයාගේ අර්ථය කවරෙක් නම් විස්තරයෙන් විභාග කරන්නේදැයි කියායි ස්වාමීනි, ඒ මේ අපට මෙබඳු අදහසක් විය. ‘මේ ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙමේ වනාහි ශාස්තෲන් වහන්සේ විසින්ද වර්ණනා කරණ ලද්දෙක් වේ. නුවණැති භික්ෂූන් විසින්ද ගරු කරණ ලද්දෙක් වේ. ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසනලද විස්තරයෙන් අර්ථ විභාග නොකරණලද මේ උද්දෙසයාගේ අර්ථය විස්තරයෙන් විභාග කරන්ට සමර්ථද වේ. අපි ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිර තෙම යම් තැනෙක්හිද එතැනට යමු. ගොස් ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන් ගෙන් මේ කාරණය පිළිවිසින්නෙමු නම් යහපතැයි’කියායි.
“ස්වාමීනි, ඉක්බිති අපි ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියෙමු. පැමිණ ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන්ගෙන් මේ කාරණය ඇසුවෙමු. ස්වාමීනි, ඒ අපට ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන් වහන්සේ විසින් මේ අක්ෂරවලින්, මේ පදවලින් මේ ව්‍යඤ්ජනවලින් අර්ථය විභාග කරණ ලද්දේය”යි කීවාහුය.
“මහණෙනි, මහාකච්චායන තෙම පණ්ඩිත වේ. මහණෙනි, මහාකච්චායන තෙම මහත් ප්‍රඥා ඇත්තෙක් වේ. මහණෙනි, තෙපි මාගෙන්ද ඉදින් මේ කාරණය ඇසුවහු නම්, යම්සේ මහාකච්චායනයන් විසින් ප්‍රකාශ කරණ ලද්දේද මමද මෙහි මේ කාරණය එසේම ප්‍රකාශ කරන්නෙමි. අර්ථය මෙයම වේ. මෙසේම එය දරව් යයි” භාග්‍යවතුන් වහන්සේ වදාළේය. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුයි.
|
9. අරණවිභඞ්ගසුත්තං | 9. අරණ විභංග සූත්‍රය |
323
එවං
‘‘න කාමසුඛමනුයුඤ්ජෙය්‍ය හීනං ගම්මං පොථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං, න ච අත්තකිලමථානුයොගමනුයුඤ්ජෙය්ය දුක්ඛං අනරියං අනත්ථසංහිතං. එතෙ ඛො, භික්ඛවෙ
(එතෙ ඛො (සී.), එතෙ තෙ (ස්‍යා. කං. පී.)), උභො අන්තෙ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා, චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. උස්සාදනඤ්ච ජඤ්ඤා, අපසාදනඤ්ච ජඤ්ඤා; උස්සාදනඤ්ච ඤත්වා අපසාදනඤ්ච ඤත්වා නෙවුස්සාදෙය්ය, න අපසාදෙය්‍ය
(නාපසාදෙය්ය (සී.)), ධම්මමෙව දෙසෙය්ය. සුඛවිනිච්ඡයං ජඤ්ඤා; සුඛවිනිච්ඡයං ඤත්වා අජ්ඣත්තං සුඛමනුයුඤ්ජෙය්ය. රහොවාදං න භාසෙය්ය, සම්මුඛා න ඛීණං
(නාතිඛීණං (ස්‍යා. කං. ක.)) භණෙ. අතරමානොව භාසෙය්ය, නො තරමානො. ජනපදනිරුත්තිං නාභිනිවෙසෙය්‍ය, සමඤ්ඤං නාතිධාවෙය්යාති - අයමුද්දෙසො අරණවිභඞ්ගස්ස.
|
323
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනි,’ කියා ආමන්ත්‍රණය කළසේක. “පින්වතුන් වහන්සැයි,” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. “මහණෙනි, තොපට අරණ විභංගය දේශනා කරන්නෙමි. එය අසව්. යහපත් කොට මෙනෙහි කරව්, කියන්නෙමි” යනුයි. “එසේය, ස්වාමීනි” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“ලාමකවූ, ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ පිණිස පවත්නාවූ, පස්කම් සැපයෙහි නොයෙදෙන්නේය. දුක්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ පිණිස පවත්නාවූ ආත්මයට දුක් දෙන පිළිවෙතෙහි නොයෙදෙන්නේය. මේ අන්ත (කොටස්) දෙකට වනාහි නොපැමිණ, ප්‍රඥා චක්ෂුස ඇති කරන්නාවූ, නුවණ ඇති කරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරණ ලද්දාවූ, මධ්‍යම ප්‍රතිපදා තොමෝ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, අවබෝධ කිරීම පිණිස, නිර්වාණය පිණිස පවතියි. (ස්තුතිකොට) ඔසවා තැබීමද දන්නේය. (නිග්‍රහකොට) පහත් කිරීමද දන්නේය. ඔසවා තැබීමද දැන පහත් කිරීමද දැන නොමඋසස් කරන්නේය. නොම පහත් කරන්නේය. ධර්මයම දේශනා කරන්නේය. සුඛ විනිශ්චය (විනිශ්චය කරණ ලද සැපය) දන්නේය. සුඛ විනිශ්චය දැන අධ්‍යාත්මයෙහි සැපය අනුව යෙදෙන්නේය. රහසි (නැති තැන) අගුණ නොකියන්නේය. හමුවෙහිද ගුණ නසන කථා (කිලුටු වචන) නොකියන්නේය. ඉක්මනින් නොකියා හෙමිහිට කියන්නේය. ලෝක ව්‍යවහාරය දැඩි කොට අල්වා නොගන්නේය. ලෝක ව්‍යවහාරය නොඉක්ම වන්නේය. මේ අරණ විභංගයාගේ උද්දේසය වේ.
|
324
‘‘‘න
|
324
“ලාමකවූ, ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ, අනාර්‍ය්‍ය වූ, අවැඩ පිණිස පවත්නාවූ, පස්කම් සැපයෙහි නොයෙදෙන්නේය. දුක්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ පිණිස පවත්නාවූ, ශරීරයට දුක් දීමෙහි නොයෙදෙන්නේයයි, මේ වනාහි මෙසේ කියන ලදී. මෙය කුමක් සඳහා කියන ලදද? කාමාවචර ප්රතිසන්ධිය හේතුකොටගෙන කාමයෙන් යුක්තවූ සැප ඇත්තහුගේ ලාමකවූ, ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ, අනාර්‍ය්‍යවූ අවැඩ ගෙන දෙන්නාවූ, යම් සොම්නස හා යෙදීමක් වේද, මේ ධර්මය තෙම දුක් සහිත වෙයි. විනාශ සහිත වෙයි. දැඩිවූ වෙහෙස සහිත වෙයි. දැවීම් සහිත වෙයි. වරදවා පිළිපැදීම වේ. කාමාවචර ප්රතිසන්ධි ඇත්තහුගේ හීනවූ, ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ සොම්නස හා යම් නොයෙදීමක් වේද, මේ ධර්මය තෙම දුක් රහිත වේ විනාශ රහිත වේ. දැඩි වෙහෙස රහිත වේ. දැඩි වෙහෙස රහිත වේ. දැවීම් රහිත වේ. යහපත් පිළිපැදීම වේ. දුක්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ යම් ශරීරයට දුක් දීමෙහි යෙදීමක් වේද, මේ ධර්මය තෙම දුක් සහිතවූ, විනාශ සහිතවූ, වෙහෙස සහිතවූ, දැවීම් සහිතවූ, වරදවා පිළිපැදීම වේ. දුක්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ, ශරීරයට දුක් දෙන පිළිවෙතෙහි යම් නොයෙදීමක් වේද, මේ ධර්මයතෙම දුක් නැත්තාවූ, විනාශ නැත්තාවූ, වෙහෙස රහිතවූ, දැවීම් නැත්තාවූ යහපත් ප්‍රතිපදාව වේ.
“ලාමකවූ, ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ, පස්කම් සැපයෙහි නොයෙදෙන්නේය. දුක්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ, ශරීරයට දුක් දෙන පිළිවෙතෙහි නොයෙදෙන්නේයයි මෙසේ ඒ යමක් කියනලද නම් එය මේ සඳහා කියනලදී.
|
325
‘‘‘එතෙ ඛො උභො අන්තෙ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා, චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තතී’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං - සම්මාදිට්ඨි
|
325
මේ අන්ත දෙකට (කොටස් දෙකට) නොඑළඹ තථාගතයන් වහන්සේ විසින් ප්‍රඥා චක්ෂුස ඇති කරන්නාවූ, නුවණ ඇති කරන්නාවූ, මනාකොට අවබෝධ කරණ ලද්දාවූ, මධ්‍යම ප්‍රතිපදාව සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතීයයි මෙසේ කියනලදී. මෙය කුමක් සඳහා කියන ලදද? මේ ආර්‍ය්‍ය අෂ්ටාඩ්ගික මාර්ගයමවේ. එනම් සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මෙයයි. මේ අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කළාවූ ප්‍රඥා චක්ෂුස ඇති කරන්නාවූ, නුවණ ඇති කරන්නාවූ, මධ්‍යම ප්‍රතිපදා තොමෝ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, අවබෝධ කිරීම පිණිස, නිර්වාණය පිණිස පවතියි. මෙසේ යමක් කියනලද නම් එය මේ සඳහා කියනලදී.
|
326
‘‘‘උස්සාදනඤ්ච ජඤ්ඤා, අපසාදනඤ්ච ජඤ්ඤා; උස්සාදනඤ්ච ඤත්වා අපසාදනඤ්ච ඤත්වා නෙවුස්සාදෙය්ය, න අපසාදෙය්‍ය, ධම්මමෙව දෙසෙය්යා’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? කථඤ්ච, භික්ඛවෙ, උස්සාදනා ච හොති අපසාදනා ච, නො ච ධම්මදෙසනා? ‘යෙ කාමපටිසන්ධිසුඛිනො සොමනස්සානුයොගං අනුයුත්තා හීනං ගම්මං පොථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං, සබ්බෙ තෙ සදුක්ඛා සඋපඝාතා සඋපායාසා සපරිළාහා මිච්ඡාපටිපන්නා’ති - ඉති වදං
(ඉති පරං (ක.)) ඉත්ථෙකෙ අපසාදෙති.
‘‘‘යෙ
‘‘‘යෙ අත්තකිලමථානුයොගං අනුයුත්තා දුක්ඛං අනරියං අනත්ථසංහිතං, සබ්බෙ තෙ සදුක්ඛා
‘‘‘යෙ අත්තකිලමථානුයොගං අනනුයුත්තා දුක්ඛං අනරියං අනත්ථසංහිතං, සබ්බෙ තෙ අදුක්ඛා
‘‘‘යෙසං කෙසඤ්චි භවසංයොජනං අප්පහීනං, සබ්බෙ තෙ සදුක්ඛා සඋපඝාතා සඋපායාසා සපරිළාහා මිච්ඡාපටිපන්නා’ති - ඉති වදං ඉත්ථෙකෙ අපසාදෙති.
‘‘‘යෙසං කෙසඤ්චි භවසංයොජනං පහීනං, සබ්බෙ තෙ අදුක්ඛා අනුපඝාතා අනුපායාසා අපරිළාහා සම්මාපටිපන්නා’ති - ඉති වදං ඉත්ථෙකෙ උස්සාදෙති. එවං ඛො, භික්ඛවෙ, උස්සාදනා ච හොති අපසාදනා ච, නො ච ධම්මදෙසනා.
|
326
‘ඔසවාලීමද දන්නේය. පහත හෙලීමද දන්නේය. ඔසවාලීමද දැන පහත හෙලීමද දැන නොම ඔසවාලන්නේය. නොම පහත හෙලන්නේය. ධර්මයම දේශනා කරන්නේයයි, මෙසේ කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? මහණෙනි, කෙසේ නම් ඔසවාලීමත්, පහත හෙලීමත් වේද, ධර්මදේශනා කිරීමත් නොවේද, කාමාවචර ප්රතිසන්ධිය හේතුකොටගෙන කාම සැප ඇත්තහුගේ හීනවූ, ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ සොම්නසෙහි යෙදී වාසය කරන්නෝ වෙත්ද, ඒ සියල්ලෝ දුක් සහිතවූ, විනාශ සහිතවූ, වෙහෙස සහිතවූ, දැවිලි සහිතවූ වරදවා පිළිපන්නෝයයි කියත් නම්, මෙසේ කියන තැනැත්තේ මේ ආකාරයෙන් සමහරුන් පහත්කොට කථා කරයි. කාමාවචර ප්රතිසන්ධිය හේතුකොටගෙන සැප ඇත්තහුගේ කාමයෙන් යුක්තවූ, හිනවූ, ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙණදෙන්නාවූ, සොම්නසෙහි නොයෙදෙන්නෝ වෙයිද, ඒ සියල්ලෝ දුක් නැත්තාවූ, විනාශ රහිතවූ, වෙහෙස නැත්තාවූ, දැවිලි නැත්තාවූ, මනාව පිළිපන්නෝයයි කියත් නම්, මෙසේ කියන තැනැත්තේ මේ ආකාරයෙන් සමහරුන් ඔසවා කථා කරන්නේය.
“යම් කෙනෙක් දුක්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ, ශරීරයට දුක් දෙන පිළිවෙතෙහි යෙදෙන්නාහු වෙත්ද, ඒ සියල්ලෝ දුක් සහිතවූ, විනාශ සහිතවූ, වෙහෙස සහිතවූ දැවීම් සහිතවූ, වරදවා පිළිපන්නෝයයි කියයි නම්, මෙසේ කියන්නේ මේ ආකාරයෙන් සමහරුන් පහත් කොට කථා කරයි. යම් කෙනෙක් දුක්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ, ශරීරයට දුක් දෙන පිළිවෙතෙහි නොයෙදෙන්නාහුද, ඒ සියල්ලෝ දුක් නැත්තාහු, විනාශ නැත්තාහු, වෙහෙසීම් නැත්තාහු, දැවීම් නැත්තාහු, මනාව පිළිපන්නාහු යයි මෙසේ කියන්නේ මේ ආකාරයෙන් ඇතැමුන් ඔසවා කථා කරයි. යම්කිසි කෙනෙකුන්ගේත් භවසංයෝජනය (භව තෘෂ්ණාව) ප්‍රහීණ නොවූයේද, ඒ සියල්ලෝ දුක් සහිත වූවාහු, විනාශ සහිත වූවාහු, වෙහෙස සහිත වූවාහු, දැවීම් සහිත වූවාහු, වරදවා පිළිපන්නාහුයයි කියයි, නම් මෙසේ කියන්නේ මේ ආකාරයෙන් ඇතමුන් පහත හෙලා කථා කරයි. යම්කිසි කෙනෙකුන්ගේත් විභව සංයෝජනය ප්‍රහීණ වූයේද, ඒ සියල්ලෝ දුක් නැත්තාහු, විනාශ නැත්තාහු, වෙහෙස නැත්තාහු, දැවීම් නැත්තාහු, මනාව පිළිපන්නාහුයයි මෙසේ කියන්නේ මේ ආකාරයෙන් ඇතමුන් ඔසවා කථා කරයි. මහණෙනි, මෙසේ වනාහි ඔසවාලීමද, පහත හෙලීමද වෙයි. ධර්මදේශනා කිරීම නොවෙයි.
|
327
‘‘කථඤ්ච, භික්ඛවෙ, නෙවුස්සාදනා හොති න අපසාදනා, ධම්මදෙසනා ච
(ධම්මදෙසනාව (ස්‍යා. කං.))? ‘යෙ කාමපටිසන්ධිසුඛිනො සොමනස්සානුයොගං අනුයුත්තා හීනං ගම්මං පොථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං, සබ්බෙ තෙ සදුක්ඛා සඋපඝාතා සඋපායාසා සපරිළාහා මිච්ඡාපටිපන්නා’ති - න එවමාහ. ‘අනුයොගො ච ඛො, සදුක්ඛො එසො ධම්මො සඋපඝාතො සඋපායාසො සපරිළාහො; මිච්ඡාපටිපදා’ති - ඉති වදං ධම්මමෙව දෙසෙති.
‘‘‘යෙ කාමපටිසන්ධිසුඛිනො සොමනස්සානුයොගං අනනුයුත්තා හීනං ගම්මං පොථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං, සබ්බෙ තෙ අදුක්ඛා අනුපඝාතා අනුපායාසා අපරිළාහා සම්මාපටිපන්නා’ති - න එවමාහ. ‘අනනුයොගො ච ඛො, අදුක්ඛො එසො ධම්මො අනුපඝාතො අනුපායාසො අපරිළාහො; සම්මාපටිපදා’ති - ඉති වදං ධම්මමෙව දෙසෙති.
‘‘‘යෙ
‘‘‘යෙ අත්තකිලමථානුයොගං අනනුයුත්තා දුක්ඛං අනරියං අනත්ථසංහිතං, සබ්බෙ තෙ අදුක්ඛා අනුපඝාතා අනුපායාසා අපරිළාහා සම්මාපටිපන්නා’ති - න එවමාහ. ‘අනනුයොගො ච ඛො, අදුක්ඛො එසො ධම්මො අනුපඝාතො අනුපායාසො අපරිළාහො; සම්මාපටිපදා’ති - ඉති වදං ධම්මමෙව දෙසෙති.
‘‘‘යෙසං
‘‘‘යෙසං කෙසඤ්චි භවසංයොජනං පහීනං, සබ්බෙ තෙ අදුක්ඛා අනුපඝාතා අනුපායාසා අපරිළාහා සම්මාපටිපන්නා’ති - න එවමාහ. ‘භවසංයොජනෙ ච ඛො පහීනෙ භවොපි පහීනො හොතී’ති - ඉති වදං ධම්මමෙව දෙසෙති. එවං ඛො, භික්ඛවෙ, නෙවුස්සාදනා හොති න අපසාදනා, ධම්මදෙසනා ච. ‘උස්සාදනඤ්ච ජඤ්ඤා, අපසාදනඤ්ච ජඤ්ඤා; උස්සාදනඤ්ච ඤත්වා අපසාදනඤ්ච ඤත්වා නෙවුස්සාදෙය්ය, න අපසාදෙය්‍ය, ධම්මමෙව දෙසෙය්යා’ති - ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
|
327
“මහණෙනි, කෙසේ නම් ඔසවාලීමත්, පහත නොහෙලීමත් නොවේද, ධර්මදේශනා කිරීමක්වේද? කාමාවචර ප්රතිසන්ධිය නිසා සැප ඇත්තහුගේ ලාමකවූ, ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ, සොම්නසෙහි යෙදී වාසය කරන්නෝ වෙත්ද, ඒ සියල්ලෝ දුක් සහිත වූවාහු, විනාශ සහිත වූවාහු, වෙහෙස සහිත වූවාහු, දැවිලි සහිත වූවාහු, වරදවා පිළිපන්නාහුයයි මෙසේ නොකියයි. මේ කම් සැපෙහි යෙදීමම දුක් සහිත වේ. විනාශ සහිතවේ. වෙහෙස සහිත වේ. දැවීම් සහිත වේ. මිථ්‍යා ප්‍රතිපදාවයයි, මෙසේ කියන්නේ ධර්මයම දේශනා කරයි.
‘කාම ප්රතිසන්ධිය නිසා කම්සැප ඇත්තහුගේ ලාමකවූ ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ, සොම්නසෙහි යෙදී වාසය කරන්නෝ වෙත්ද. ඒ සියල්ලෝ දුක් නැත්තාහු, විනාශ නැත්තාහු වෙහෙස නැත්තාහු, දැවීම් නැත්තාහු, මනාව පිළිපන්නාහුයයි මෙසේ නොකියයි. කම් සැපෙහි නොයෙදීමම දුක් නැති, විනාශ නැති, වෙහෙස නැති, දැවීම් නැති, යහපත් ප්‍රතිපදාව යයි, මෙසේ කියන්නේ ධර්මයම දේශනා කරයි.
“යම් කෙනෙක් දුක්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙණදෙන්නාවූ තමහට දුක් දීමෙහි යෙදෙන්නෝ වෙත්ද, ඒ සියල්ලෝ දුක් සහිත වූවාහු, විනාශ සහිත වූවාහු, වෙහෙස සහිත වූවාහු, දැවීම් සහිත වූවාහු, වරදවා පිළිපදින්නෝයයි මෙසේ නොකියයි. මේ අත්තකිලමථානුයොගයෙහි යෙදීමම දුක් සහිත වේ. විනාශ සහිත වේ. වෙහෙස සහිත වේ. දැවිලි සහිත වේ. වරදවා පිළිපැදීම වේයයි, මෙසේ කියන්නේ ධර්මයම දේශනා කරයි.
“දුක්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙනදෙන්නාවූ, තමහට දුක් දෙන පිළිවෙතෙහි යෙදෙන්නෝ වෙත්ද, ඒ සියල්ලෝ දුක් නැත්තාවූ, විනාශ නැත්තාවූ, වෙහෙස නැත්තාවූ දැවිලි නැත්තාවූ, යහපත් ප්‍රතිපත්ති ඇත්තාහුයයි මෙසේ නොකියයි. එහි නොයෙදීමම දුක් නැති විනාශ නැති, වෙහෙස නැති, දැවිලි නැති, යහපත් පිළිවෙත වේයයි මෙසේ කියන්නේ ධර්මයම දේශනා කරයි.
“යම්කිසි කෙනෙකුගේ භවසංයෝජනය ප්‍රහීණ නොවූයේ නම් ඒ සියල්ලෝ දුක් සහිතවූ, විනාශ සහිතවූ, වෙහෙස සහිතවූ, දැවිලි සහිතවූ, ප්‍රතිපදා වරදවා පිළිපන්නෝයයි මෙසේ නොකියයි. භවසංයෝජනය ප්‍රහීණ නොවූ කල්හි භවය ප්‍රහීණ නොවේයයි, මෙසේ කියන්නේ ධර්මයම දේශනා කරයි.
“යම්කිසි කෙනෙකුන්ගේත් භවසංයෝජනය ප්‍රහීණ වූයේද, ඒ සියල්ලෝ දුක් නැත්තාවූ, විනාශ නැත්තාවූ, වෙහෙස නැත්තාවූ, දැවිලි නැත්තාවූ, යහපත් පිළිපැදීම ඇත්තෝයයි මෙසේ නොකියයි. භව සංයෝජනය ප්‍රහීණවූ කල්හි භවය ප්‍රහීණ වේයයි මෙසේ කියන්නේ ධර්මයම දේශනා කරයි.
“මහණෙනි, මෙසේ වනාහි ඔසවාලීමද, පහත නොහෙලීමද නොවෙයි. ධර්ම දේශනාව වෙයි.
“උසස් කිරීමද දන්නේය, පහත් කිරීමද දන්නේය, උසස් කිරීමද දැන පහත් කිරීමද දැන නොම උසස් කරන්නේය, නොම පහත් කරන්නේය. ධර්මයම දේශනා කරන්නේයයි, මෙසේ යමක් කියන ලද නම් එය මේ සඳහා කියන ලදී.
|
328
‘‘‘සුඛවිනිච්ඡයං ජඤ්ඤා; සුඛවිනිච්ඡයං ඤත්වා අජ්ඣත්තං සුඛමනුයුඤ්ජෙය්යා’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? පඤ්චිමෙ, භික්ඛවෙ, කාමගුණා. කතමෙ පඤ්ච? චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ්ඤෙය්යා
|
328
සැප විනිශ්චය දන්නේය, සැප විනිශ්චය දැන තමා ඇතුළත සැපය අනුව යෙදෙන්නේයයි, මෙසේ මෙය කියන ලදී. මෙය කුමක් සඳහා කියන ලදද? මහණෙනි, මේ කාමගුණ පසක් වෙත්. කවර පසක්ද යත්? ඇසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ, ඇල්ම කරන්නාවූ රූපයෝ වෙත්. කණින් දත යුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇළුම් කටයුතුවූ, ශබ්දයෝ වෙත්.
“නාසයෙන් දතයුතුවූ, ගන්ධයෝ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ගන්ධයෝ වෙත්.
‘දිවෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ රසයෝ වෙත්.
“කයින් දතයුතුවූ, ඉෂ්ටවූ, කැමැතිවන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතුවූ ස්පර්ශයෝ වෙත්. මහණෙනි, මොහු වනාහි පඤ්ච කාම ගුණයෝ වෙත්.
“මහණෙනි, මේ පස්කම් ගුණයන් නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ වනාහි සේවනය නොකටයුතු, නොවැඩියයුතු, බහුල නොකටයුතු කාම සැපයයිද, අසුචියක් වැනි සැපයයිද, පෘථග්ජන සැපයයිද, අනාර්‍ය්‍ය සැපයයිද කියනු ලැබේ. කම්සැපයට භයවිය යුතුයයි කියමි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන් ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයිද, විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා කෙරෙහි පැහැදීම ඇති සිත පිළිබඳ එකඟ බැව් ඇති විතර්ක රහිතවූ විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කෙරෙයි. සිහියෙන් යුක්තවූයේ, කයින් සැප විඳියි. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ, සිහියෙන් යුක්තවූයේ, සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. සැපය නැතිකිරීමෙන් දුක නැතිකිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැත්තාවූද, සැප නැත්තාවූද, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති, චතුර්ථධ්යානයට පැමිණ වාසය කරයිද, මෙය සේවනය කටයුතු, වැඩියයුතු, බහුල වශයෙන් කළයුතු, කාමයෙන් වෙන්වූ සැපයයිද, විවේක සැපයයිද, සංසිඳීම් සැපයයිද, සම්බොධි සැපයයිද කියනු ලැබේ. මේ සැපයට නොබිය විය යුතුයයි කියමි. විනිශ්චය කරණ ලද සැපය දන්නේය. විනිශ්චය කරණලද සැපය දැන තමා ඇතුළත සැපයෙහි යෙදෙන්නේයයි, මෙසේ ඒ යමක් කියන ලද නම් එය මේ සඳහා කියන ලදී.
|
329
‘‘‘රහොවාදං න භාසෙය්ය, සම්මුඛා න ඛීණං භණෙ’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? තත්ර, භික්ඛවෙ, යං ජඤ්ඤා රහොවාදං අභූතං අතච්ඡං අනත්ථසංහිතං සසක්කං
(සම්පත්තං (ක.)) තං රහොවාදං න භාසෙය්ය. යම්පි ජඤ්ඤා රහොවාදං භූතං තච්ඡං අනත්ථසංහිතං තස්සපි සික්ඛෙය්ය අවචනාය. යඤ්ච ඛො ජඤ්ඤා රහොවාදං
|
329
“රහස් නොකියන්නේය, (අනභි මුඛයෙහි අගුණ නොකියන්නේය) ඉදිරියෙහි ගුණමකා කථා නොකරන්නේයයි මෙසේ වනාහි මේ කියනලදී. එය කුමක් සඳහා කියන ලදද? මහණෙනි, යම් රහසක් නොවූවක්ය, අසත්‍යයක්ය, අවැඩ එලවන්නක්යයි දන්නේද, ඒ අසත්‍යවූ රහසද, නොකියන්නේය. යම් රහසක් වනාහි වූවක්ය, සත්‍යය, අනර්ථ එලවන්නක්යයි දන්නේද, එයද නොකීම පිණිස හික්මෙන්නේය. යම් රහසක් වූවක්ය, සත්‍යයක්ය, වැඩ ගෙන දෙන්නක්යයි දන්නේද, එයද කීමට සුදුසු කාලය දන්නෙක් වන්නේය. මහණෙනි, යම් ඉදිරියෙහි ගුණ නසා කීමක් නොවූවක්ය, අසත්‍යයක්ය, අවැඩ ගෙනදෙන්නක් යයි දන්නේද, අවැඩ සහිතවූ ඒ ඉදිරියෙහි ගුණ නසාකීම නොකියන්නේය. ඉදිරියෙහි යම් ගුණනසා කීමක් සිදුවූවක්ය, සත්‍යය, අනර්ථය ගෙන දෙන්නක්යයි දන්නේද, එයද නොකීම පිණිස හික්මෙන්නේය. ඉදිරියෙහි යම් ගුණ නසා කීමක් වූවක්ය, සත්‍යය වැඩගෙන දෙන්නක්යයි, දන්නේද, ඒ ඉදිරියෙහි ගුණමකා කීමටද සුදුසු කල් දෙන්නෙක් වන්නේය. රහස් නොකියන්නේය. ඉදිරියෙහි ගුණමකා කීම නොකියන්නේයයි මෙසේ ඒ යමක් කියන ලද නම් මේ මෙය සඳහා කියන ලදී.
|
330
‘‘‘අතරමානොව භාසෙය්ය නො තරමානො’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? තත්ර, භික්ඛවෙ, තරමානස්ස භාසතො කායොපි කිලමති, චිත්තම්පි උපහඤ්ඤති
(ඌහඤ්ඤති (සී.)), සරොපි උපහඤ්ඤති
(ඌහඤ්ඤති (සී.)), කණ්ඨොපි ආතුරීයති, අවිසට්ඨම්පි හොති අවිඤ්ඤෙය්යං තරමානස්ස භාසිතං. තත්ර, භික්ඛවෙ, අතරමානස්ස භාසතො කායොපි න කිලමති, චිත්තම්පි න උපහඤ්ඤති, සරොපි න උපහඤ්ඤති, කණ්ඨොපි න ආතුරීයති, විසට්ඨම්පි හොති විඤ්ඤෙය්යං අතරමානස්ස භාසිතං. ‘අතරමානොව භාසෙය්ය, නො තරමානො’ති - ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
|
330
“නවත්වා හෙමිහිට කියන්නේය. ඉක්මනින් නොකියන්නේය. මෙසේ වනාහි මෙය කියන ලදී. මෙය කුමක් සඳහා කියන ලදද? මහණෙනි, එහි ඉක්මනින් කියන්නහුගේ සිරුරද වෙහෙසෙයි. සිතද පීඩාවෙයි. ස්වරයද බිඳෙයි. උගුරද ලෙඩවෙයි. ඉක්මනින් කියන්නහුගේ වචනය නොපැහැදිලි වෙයි. නොදත හැකි වේ. මහණෙනි, හෙමිහිට කියන්නහුගේ කයද නොවෙහෙසෙයි, සිතද නොපෙළෙයි, ස්වරයද නොබිඳෙයි, උගුරද ලෙඩ නොවෙයි. හෙමිහිට කියන්නහුගේ වචනය පැහැදිලි වෙයි, දතහැකිද වෙයි, හෙමිහිට කියන්නේය, ඉක්මනින් නොකියන්නේයයි මෙසේ ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.
|
331
‘‘‘ජනපදනිරුත්තිං
|
331
“ලෝකයෙහි කථා ව්‍යවහාරය තදින් නොගන්නේය, ලෝක ව්‍යවහාරය නොඉක්මවන්නේයයි මෙසේ වනාහි මෙය කියන ලදී. මෙය කුමක් සඳහා කියන ලදද? මහණෙනි, කෙසේ නම් ව්‍යවහාර කථා තරයේ ගන්නේද ලෝක ව්‍යවහාර ඉක්මවන්නේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පළාත්වල තලිය යයි කියත්, ඇතැම් පළාත්වල පාත්‍රයයි කියත්. ඇතැම් පළාත්වල විත්තයයි කියත්, සරාව යයි කියත්, ඇතැම් පළාත්වල ධාරොපයයි කියත්, පොණ යයි කියත්. පිසීලයයි කියත්. මෙසේ ඒ ඒ පළාත්වල යම් යම් පරිද්දෙන් ව්‍යවහාර කරද්ද, ඒ ඒ ආකාරයෙන් තදින් අල්වාගෙන මේ වචනයම සත්‍යයි අනික සිස්යයි ව්‍යවහාර කරයි. මහණෙනි, මෙසේ වනාහි කථා ව්‍යවහාරය දැඩිකොට අල්වා ගැනීමද, ලෝක ව්‍යවහාරය ඉක්මවා යාමදවේ.
|
332
‘‘කථඤ්ච, භික්ඛවෙ, ජනපදනිරුත්තියා ච අනභිනිවෙසො හොති සමඤ්ඤාය ච අනතිසාරො? ඉධ, භික්ඛවෙ, තදෙවෙකච්චෙසු ජනපදෙසු ‘පාතී’ති සඤ්ජානන්ති, ‘පත්ත’න්ති සඤ්ජානන්ති, ‘විත්ත’න්ති සඤ්ජානන්ති, ‘සරාව’න්ති සඤ්ජානන්ති, ‘ධාරොප’න්ති සඤ්ජානන්ති, ‘පොණ’න්ති සඤ්ජානන්ති, ‘පිසීලව’න්ති සඤ්ජානන්ති. ඉති යථා යථා නං තෙසු තෙසු ජනපදෙසු සඤ්ජානන්ති ‘ඉදං කිර මෙ
(ඉදං කිර තෙ ච (ක.)) ආයස්මන්තො සන්ධාය වොහරන්තී’ති තථා තථා වොහරති අපරාමසං. එවං ඛො, භික්ඛවෙ, ජනපදනිරුත්තියා ච අනභිනිවෙසො හොති, සමඤ්ඤාය ච අනතිසාරො. ‘ජනපදනිරුත්තිං නාභිනිවෙසෙය්‍ය සමඤ්ඤං නාතිධාවෙය්යා’ති - ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
|
332
“මහණෙනි, කෙසේ නම් කථා ව්‍යවහාරය තරයේ නොගනීද? ලෝක ව්‍යවහාරය නොඉක්මවාද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පළාත්වල එයම පාතිය යයි කියත්, පත්තයයි කියත්. විත්තයයි කියත්, සරාවයයි කියත්, ධාරොපයයි කියත්, පොණයයි කියත්, පිසීලයයි කියත්. මෙසේ යම් යම් පරිද්දෙකින් එය ඒ ඒ පළාත්වල හඳුනත්ද, ආයුෂ්මත්නි, මෙය වනාහි මේ දෙය සඳහා ව්‍යවහාර කෙරෙත් යයි, ඒ ඒ පරිද්දෙන් ව්‍යවහාර කෙරේයයි අල්වා නොගනියි. මහණෙනි, මෙසේ වනාහි කථා ව්‍යවහාරය තදින් අල්වා නොගැනීමද, ලෝක ව්‍යවහාරය නොඉක්මවීමද වේ. කථා ව්‍යවහාරය තදින් අල්වා නොගන්නේය. ලෝක ව්‍යවහාරය ඉක්මවන්නේයයි මෙසේ ඒ යමක් කියන ලදද, මෙය මේ සඳහා කියන ලදී.
|
333
‘‘තත්ර, භික්ඛවෙ, යො කාමපටිසන්ධිසුඛිනො සොමනස්සානුයොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථසංහිතො, සදුක්ඛො එසො ධම්මො සඋපඝාතො සඋපායාසො සපරිළාහො; මිච්ඡාපටිපදා. තස්මා එසො
|
333
“මහණෙනි, එහි කාම ප්රතිසන්ධිය හේතුකොට ගෙන සැප ඇත්තහුගේ ලාමකවූ, ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩගෙන දෙන්නාවූ යම් සොම්නසෙහි යෙදීමක් වේද, මේ ධර්මය තෙමේ දුක් සහිතවූ, විනාශ සහිතවූ, වෙහෙසීම් සහිතවූ, දැවීම් සහිතවූ වැරදි පිළිවෙත වෙයි. එහෙයින් මේ ධර්මය තෙම කෙලෙස් සහිත වේ.
“මහණෙනි, එහි කාම ප්රතිසන්ධි ඇත්තහුගේ හීනවූ, ලාමකවූ, ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙන දෙන්නාවූ සොම්නසෙහි යම් නොයෙදීමක් වේද, මේ ධර්මය තෙම දුක් නැත්තාවූ, විනාශ නැත්තාවූ, වෙහෙස නැත්තාවූ, දැවීම් නැත්තාවූ යහපත් පිළිවෙත වේ. එහෙයින් මේ ධර්මය තෙම කෙලෙස් රහිතවේ.
|
334
‘‘තත්ර, භික්ඛවෙ, යො අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථසංහිතො, සදුක්ඛො එසො ධම්මො සඋපඝාතො සඋපායාසො
|
334
“මහණෙනි, එහි දුක්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ පිණිස පවත්නාවූ, යම් ශරීරයට දුක් දීමෙහි යෙදීමක් වේද, මේ ධර්මය තෙම දුක් සහිතවූ, විනාශ සහිතවූ, වෙහෙස සහිතවූ, දැවීම් සහිතවූ වැරදි පිළිවෙත වේ. එහෙයින් මේ ධර්මය තෙම කෙලෙස් සහිත වේ.
“මහණෙනි, එහි දුක්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙන දෙන්නාවූ, ශරීරයට දුක් දීමෙහි යම් නොයෙදීමක් වේද, මේ ධර්මයතෙම දුක් නැත්තාවූ, විනාශ නැත්තාවූ, වෙහෙස නැත්තාවූ, දැවීම් නැත්තාවූ, යහපත් පිළිවෙත වේ. එහෙයින් මේ ධර්මය තෙම කෙලෙස් රහිතවේ.
|
335
‘‘තත්ර, භික්ඛවෙ, යායං මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා, චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති, අදුක්ඛො එසො ධම්මො අනුපඝාතො අනුපායාසො අපරිළාහො; සම්මාපටිපදා
|
335
“මහණෙනි, එහි තථාගතයන් විසින් මනාකොට අවබෝධ කරණ ලද්දාවූ, ප්රඥාචක්ෂුස ඇතිකරන්නාවූ යම් මේ මධ්‍යම ප්‍රතිපදාවක් තොමෝ සංසිඳීම පිණිස, විශේෂ ඥානය පිණිස, අවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතීද, මේ ධර්මය තෙම දුක් නැත්තාවූ, විනාශ නැත්තාවූ, වෙහෙස නැත්තාවූ, දැවීම් නැත්තාවූ යහපත් පිළිවෙත වේ. එහෙයින් මේ ධර්මය තෙම කෙලෙස් රහිතවේ.
|
336
‘‘තත්ර
|
336
“මහණෙනි, එහි යම් මේ ඔසවාලීමකුත් පහත් කිරීමකුත් වේද, ධර්මදේශනා කිරීමක් නොවේ. මේ ධර්මය තෙම දුක් සහිතවූ, විනාශ සහිතවූ, වෙහෙස සහිතවූ, දැවීම් සහිතවූ වැරදි පිළිවෙතවේ. එහෙයින් මේ ධර්මය තෙම කෙලෙස් සහිතවේ. මහණෙනි, එහි යම් මේ ඔසවාලීමකුත් පහත් කිරීමකුත් නොවේද, ධර්මදේශනාවක් වේද, මේ ධර්මය තෙම දුක් නැත්තාවූ, විනාශ නැත්තාවූ, වෙහෙස නැත්තාවූ, දැවීම් නැත්තාවූ, යහපත් පිළිවෙතවේ. එහෙයින් මේ ධර්මය තෙම කෙලෙස් රහිතවේ.
|
337
‘‘තත්ර, භික්ඛවෙ, යමිදං කාමසුඛං මීළ්හසුඛං පොථුජ්ජනසුඛං අනරියසුඛං
|
337
‘මහණෙනි, එහි අපවිත්‍ර සැපයවූ පෘථග්ජන සැපයවූ අනාර්‍ය්‍ය සැපයවූ, යම් මේ කාම සැපයක් වේද, මේ ධර්මය තෙම දුක් සහිතවූ විනාශ සහිතවූ දැවීම් සහිතවූ වෙහෙස සහිතවූ වැරදි පිළිවෙතවේ. එහෙයින් මේ ධර්මයතෙම කෙලෙස් සහිතවේ. මහණෙනි, එහි විවේක සැපයවූ සංසිඳීම් සැපයවූ අවබෝධ සැපයවූ යම් මේ නෛෂ්ක්‍රම්‍ය කාමයන්ගෙන් වෙන්වීමේ සැපයක්වේද, මේ ධර්මයතෙම දුක් නැත්තාවූ විනාශ නැත්තාවූ වෙහෙස නැත්තාවූ දැවීම් නැත්තාවූ යහපත් පිළිවෙතවේ. එහෙයින් මේ ධර්මතෙම කෙලෙස් රහිතවේ.
|
338
‘‘තත්ර, භික්ඛවෙ, ය්වායං රහොවාදො අභූතො අතච්ඡො අනත්ථසංහිතො, සදුක්ඛො එසො ධම්මො සඋපඝාතො සඋපායාසො සපරිළාහො; මිච්ඡාපටිපදා. තස්මා එසො ධම්මො සරණො. තත්ර, භික්ඛවෙ, ය්වායං රහොවාදො භූතො තච්ඡො අනත්ථසංහිතො, සදුක්ඛො එසො ධම්මො සඋපඝාතො සඋපායාසො සපරිළාහො; මිච්ඡාපටිපදා. තස්මා එසො ධම්මො සරණො. තත්ර, භික්ඛවෙ, ය්වායං රහොවාදො භූතො තච්ඡො අත්ථසංහිතො, අදුක්ඛො එසො ධම්මො අනුපඝාතො අනුපායාසො අපරිළාහො; සම්මාපටිපදා. තස්මා එසො ධම්මො අරණො.
|
338
“මහණෙනි, එහි අභූතවූ අසත්‍යවූ අවැඩ ගෙණ දෙන්නාවූ යම් මේ රහස් කීමක් වේද, මේ ධර්මතෙම දුක් සහිතවූ විනාශ සහිතවූ වෙහෙස සහිතවූ දැවීම් සහිතවූ වැරදි පිළිවෙතවේ. එහෙයින් මේ ධර්මයතෙම කෙලෙස් සහිතවේ. මහණෙනි, එහි ඇතිවූ සත්‍යවූ අවැඩ ගෙණ දෙන්නාවූ යම් මේ රහස් කීමක්වේද, මේ ධර්මයතෙම දුක් සහිතවූ විනාශ සහිතවූ වෙහෙස සහිතවූ දැවීම් සහිතවූ වැරදි පිළිවෙතවේ. එහෙයින් මේ ධර්මයතෙම කෙලෙස් සහිතවේ. මහණෙනි, එහි සිදුවූ සත්‍යවූ වැඩ පිණිස පවත්නාවූ යම් රහස් කීමක් වේද, මේ ධර්මයතෙම දුක් නැත්තාවූ විනාශ නැත්තාවූ වෙහෙස නැත්තාවූ දැවීම් නැත්තාවූ යහපත් පිළිවෙතවේ. එහෙයින් මේ ධර්මය තෙම කෙලෙස් රහිතවේ.
|
339
‘‘තත්ර
|
339
මහණෙනි, එහි සිදු නොවූ අසත්‍යවූ අවැඩ පිණිස පවත්නාවූ යම් මේ ඉදිරියෙහි ගුණ නසා කීමක් වේද, මේ ධර්මයතෙම දුක් සහිතවූ විනාශ සහිතවූ වෙහෙස සහිතවූ දැවීම් සහිතවූ වැරදි පිළිවෙතවේ. එහෙයින් මේ ධර්මයතෙම කෙලෙස් සහිතවේ.
“මහණෙනි, එහි සිදුවූ සත්‍යවූ අවැඩ පිණිස පවත්නාවූ යම් මේ ඉදිරියෙහි ගුණ නසා කීමක් වේද, මේ ධර්මයතෙම දුක් සහිතවූ විනාශ සහිතවූ වෙහෙස සහිතවූ දැවීම් සහිතවූ වැරදි පිළිවෙතවේ. එහෙයින් මේ ධර්මයතෙම කෙලෙස් සහිතවේ. මහණෙනි, එහි සිදුවූ සත්‍යවූ වැඩ පිණිස පවත්නාවූ යම් මේ ඉදිරියෙහි ගුණ නසා කීමක් වේද, මේ ධර්මයතෙම දුක් නැත්තාවූ විනාශ නැත්තාවූ වෙහෙස නැත්තාවූ දැවීම් නැත්තාවූ යහපත් පිළිවෙතවේ. එහෙයින් මේ ධර්මයතෙම කෙලෙස් රහිතවේ.
|
340
‘‘තත්ර, භික්ඛවෙ, යමිදං තරමානස්ස භාසිතං, සදුක්ඛො එසො ධම්මො සඋපඝාතො සඋපායාසො සපරිළාහො; මිච්ඡාපටිපදා. තස්මා එසො ධම්මො සරණො. තත්ර, භික්ඛවෙ
|
340
මහණෙනි, එහි යම් මේ ඉක්මණින් කියන්නහුගේ යම් කීමක්වේද, මේ ධර්මයතෙම දුක් සහිතවූ විනාශ සහිතවූ වෙහෙසීම් සහිතවූ දැවීම් සහිතවූ වැරදි පිළිවෙත වේ. එහෙයින් මෙ ධර්මය තෙම කෙලෙස් සහිතවේ. මහණෙනි, එහි යම් මේ හෙමිහිට කියන්නහුගේ යම් කීමක් වේද, මේ ධර්මයතෙම දුක් නැත්තාවූ විනාශ නැත්තාවූ වෙහෙස නැත්තාවූ දැවීම් නැත්තාවූ යහපත් පිළිවෙතවේ. එහෙයින් මේ ධර්මයතෙම කෙලෙස් රහිතවේ.
|
341
‘‘තත්ර, භික්ඛවෙ, ය්වායං ජනපදනිරුත්තියා ච අභිනිවෙසො සමඤ්ඤාය ච අතිසාරො, සදුක්ඛො එසො ධම්මො සඋපඝාතො සඋපායාසො සපරිළාහො; මිච්ඡාපටිපදා. තස්මා එසො ධම්මො සරණො. තත්ර භික්ඛවෙ, ය්වායං ජනපදනිරුත්තියා ච අනභිනිවෙසො සමඤ්ඤාය ච අනතිසාරො, අදුක්ඛො එසො ධම්මො අනුපඝාතො අනුපායාසො අපරිළාහො; සම්මාපටිපදා. තස්මා එසො ධම්මො අරණො.
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘සරණඤ්ච ධම්මං ජානිස්සාම, අරණඤ්ච ධම්මං ජානිස්සාම; සරණඤ්ච ධම්මං ඤත්වා අරණඤ්ච ධම්මං ඤත්වා අරණපටිපදං පටිපජ්ජිස්සාමා’ති එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බං. සුභූති ච පන, භික්ඛවෙ, කුලපුත්තො අරණපටිපදං පටිපන්නො’’ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
|
341
“මහණෙනි, එහි යම් මේ කථා ව්‍යවහාර දැඩි කොට ගැනීමක් වේද, ලොක ව්‍යවහාරය ඉක්මවා යාමක් වේද, මේ ධර්මයතෙම දුක් සහිතවූ විනාශ සහිතවූ වෙහෙසීම් සහිතවූ දැවීම් සහිතවූ වැරදි පිළිවෙතවේ. එහෙයින් මේ ධර්මයතෙම කෙලෙස් සහිතවේ. මහණෙනි, එහි යම් මේ කථා ව්‍යවහාරයක් දැඩිකොට නොගැනීමක් වේද, ලොක ව්‍යවහාරය ඉක්මවා නොයාමක් වේද, මේ ධර්මයතෙම දුක් නැත්තාවූ විනාශ නැත්තාවූ වෙහෙස නැත්තාවූ දැවීම් නැත්තාවූ යහපත් පිළිවෙතවේ. එහෙයින් මේ මේ ධර්මයතෙම කෙලෙස් රහිතවේ.
“මහණෙනි, එහෙයින් මෙහි කෙලෙස් සහිතවූ ධර්මයද දැනගන්නෙමු. කෙලෙස් රහිතවූ ධර්මයද දැන ගන්නෙමු. කෙලෙස් සහිතවූ ධර්මයද දැන කෙලෙස් රහිතවූ ධර්මයද දැන කෙලෙස් රහිත ප්‍රතිපදාවෙහි පිළිපදින්නෙමුයි, මහණෙනි, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. මහණෙනි, සුභූති කුලපුත්‍ර තෙමේ කෙලෙස් රහිත ප්‍රතිපදාවෙහි පිළිපන්නේයයි, වදාළේය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තාහුයි.
|
10. ධාතුවිභඞ්ගසුත්තං | 10. ධාතු විභංග සූත්‍රය |
342
එවං
තෙන
අථ ඛො භගවා කුම්භකාරාවෙසනං පවිසිත්වා එකමන්තං තිණසන්ථාරකං
(තිණසන්ථරිකං (සී.), තිණසන්ථරකං (ස්‍යා. කං.)) පඤ්ඤාපෙත්වා නිසීදි පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. අථ ඛො භගවා බහුදෙව රත්තිං
අථ ඛො භගවතො එතදහොසි - ‘‘පාසාදිකං ඛො අයං කුලපුත්තො ඉරියති. යංනූනාහං පුච්ඡෙය්ය’’න්ති. අථ ඛො භගවා ආයස්මන්තං පුක්කුසාතිං එතදවොච - ‘‘කංසි ත්වං, භික්ඛු, උද්දිස්ස පබ්බජිතො? කො වා තෙ සත්ථා? කස්ස වා ත්වං ධම්මං රොචෙසී’’ති? ‘‘අත්ථාවුසො, සමණො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො. තං ඛො පන භගවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති
අථ ඛො භගවතො එතදහොසි - ‘‘මමඤ්ච ඛ්වායං
(මං ත්වායං (සී.), මමං ඛ්වායං (ස්‍යා. කං.), මං ඛ්වායං (පී.)) කුලපුත්තො උද්දිස්ස පබ්බජිතො. යංනූනස්සාහං ධම්මං දෙසෙය්ය’’න්ති. අථ ඛො භගවා ආයස්මන්තං පුක්කුසාතිං ආමන්තෙසි - ‘‘ධම්මං තෙ, භික්ඛු, දෙසෙස්සාමි. තං සුණාහි, සාධුකං මනසි කරොහි; භාසිස්සාමී’’ති. ‘‘එවමාවුසො’’ති ඛො ආයස්මා පුක්කුසාති භගවතො පච්චස්සොසි. භගවා
|
342
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ මගධ දනව්වල සැරිසරණසේක් රජගහනුවර යම් තැනෙක්හිද එතැනට වැඩිසේක. භග්ගව නම් කුම්භකාර තෙම යම්තැනෙක්හිද එතැනට එළඹිසේක එළඹ, භග්ගව නම් කුම්භකාරයාට මෙය වදාළේය. “භග්ගවය, ඉදින් තොපට බරක් නොවේ නම් කුම්භකාර ශාලාවෙහි එක් රැයක් වාසය කරමි” යනුයි. “ස්වාමීනි, මට නම් බරක් නොවේ. මෙහි පළමුකොට වාසයට එළඹියාවූ පැවිදිවූ තැනැත්තෙක්ද ඇත්තේය. ඉදින් හෙතෙම අවසර දෙයි නම් ස්වාමීනි, සැපසේ වාසය කරනු මැනවැ’ යි කීය.
“එකල්හි වනාහි පුක්කුසාති නම් කුලපුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූයේ වෙයි. හෙතෙම ඒ කුම්භකාර ශාලාවෙහි පළමු වාසයට එළඹියේ වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් පුක්කුසාති තෙමේ යම් තැනෙක්හිද එතැනට එළඹිසේක. එළඹ, ආයුෂ්මත් පුක්කුසාතිහට මෙය වදාළේය. “මහණ, ඉදින් තොපට බරක් නොවේ නම්, කුම්භකාර ශාලාවෙහි එක් රැයක් වාසය කරමි”යි “ඇවැත්නි, කුම්භකාර ශාලාව ඉඩ ඇත්තේය. ආයුෂ්මත් තෙමේ සැපසේ වාසය කෙරේවා”යි කීය.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කුම්භකාර ශාලාවට ඇතුල්ව එක්පසක තණ ඇතිරියක් පනවා පළඟ බැඳගෙණ කය ඍජුකොට පිහිටුවා සිහිය ඉදිරිපත්කොට එළවා වැඩහුන්සේක ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියෙහි වැඩිකාලයක් හිඳීමෙන් ඉක්මවූ සේක. පුස්කුසාති ආයුෂ්මත් තෙමේද රාත්‍රියෙහි වැඩි කාලයක් හිඳගැණීමෙන් ඉක්ම වූයේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු අදහසක් විය. ‘මේ කුලපුත්‍ර තෙමේ වනාහි ප්‍රසාද එලවන පරිද්දෙන්ම ඉරියව් පවත්වයි. මම අසන්නෙම් නම්, යෙහෙකැයි, කියායි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පුක්කුසාති ආයුෂ්මතුන්ට මෙය වදාළේය. “මහණ, නුඹ කවරෙකු උදෙසා පැවිදිවූයේ වෙහිද? නුඹගේ ශාස්තෘ තෙමේ හෝ කවරෙක්ද, නුඹ කවරෙකුගේ හෝ ධර්මයක් කැමැති වන්නෙහිදැ?”යි ඇසූහ.
“ඇවැත්නි, ශාක්‍යපුත්‍රවූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ ගෞතම නම් ශ්‍රමණ කෙනෙක් ඇත්තේය. ඒ භාග්‍යවත් ගෞතමයන්ගේ මෙබඳු යහපත්වූ කීර්ති ශබ්දයෙක් පැන නැංගේය. ඒ භාග්‍යවත් තෙමේ මේ කාරණයෙනුත් අර්හත්ය. සම්‍යක් සම්බුද්ධය, විද්‍යාචරණ සම්පන්නය, සුගතය, ලොකවිදූය, පුරුෂයන් දමනය කිරීමෙහි නිරුත්තරවූ සාර්ථවාහකයෙකු බඳුය, දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නෙකි, බුද්ධය, භාග්‍යවත්ය, යනුවෙනි. මම ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වූයේ වෙමි. ඒ භාග්‍යවත් තෙමේ මාගේ ශාස්තෘ වෙයි. මම ඒ භාග්‍යවත්හුගේ ධර්මය කැමති වෙමියි’යි කීය.
“මහණ, මේ කාලයෙහි ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ කොතැන්හි වාසය කරණසේක්දැ?”යි ඇසූහ. “ඇවැත්නි, උතුරු දනව්වල සැවැත් නම් නුවරක් ඇත්තේය. එහි මේ කාලයෙහි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ වාසය කරණසේකැයි” කීය.
“මහණ, තොප විසින් ඒ භාග්‍යවත් තෙමේ දක්නා ලද්දේද, දැක, දැන, හඳුනන්නෙහිදැ”යි ඇසූහ. “ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ මා විසින් නොදක්නා ලදි. මම දැක නොහඳුනන්නෙමි”යි කීය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු අදහසක් විය. ‘මේ කුලපුත්‍ර තෙමේ වනාහි මා උදෙසා පැවිදිවූයේය. මොහුට මම ධර්මය දේශනා කරන්නෙම් නම් යෙහෙකැ’යි කියායි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් පුක්කුසාති තවුසන්ට ආමන්ත්‍රණය කළසේක. “මහණ, තොපට ධර්මය දේශනා කරන්නෙමි. එය අසව. යහපත් කොට මෙනෙහි කරව. කියන්නෙමියි” වදාළේය. “ඇවැත්නි, එසේයයි” කියා භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
|
343
‘‘‘ඡධාතුරො
(ඡද්ධාතුරො (සී.)) අයං, භික්ඛු, පුරිසො ඡඵස්සායතනො අට්ඨාරසමනොපවිචාරො චතුරාධිට්ඨානො; යත්ථ ඨිතං මඤ්ඤස්සවා නප්පවත්තන්ති, මඤ්ඤස්සවෙ ඛො පන නප්පවත්තමානෙ මුනි සන්තොති වුච්චති. පඤ්ඤං නප්පමජ්ජෙය්ය, සච්චමනුරක්ඛෙය්ය, චාගමනුබ්රූහෙය්ය, සන්තිමෙව සො සික්ඛෙය්යා’ති - අයමුද්දෙසො ධාතුවිභඞ්ගස්ස
(ඡධාතුවිභඞ්ගස්ස (සී. ස්‍යා. කං. පී.)).
|
343
‘මහණ, මේ පුරුෂ තෙම ධාතු සයකින් යුක්ත වන්නේය, ස්පර්ශ ආයතන සයකින් යුක්ත වන්නේය සිතේ හැසිරීම් දහඅටකින් යුක්ත යම් තැනෙක්හි සිටියහුට වැරදි හැඟීම් නොපවතිත්ද, එවැනි පිහිටීම් සතරක් ඇත්තාහුය. වැරදි හැඟීම් නොපවත් වන්නාවූ ක්ෂිණාශ්රව මුනිතෙම සංසිඳුනේයයි කියනු ලැබේ. (අර්හත් ඵල) ප්‍රඥාවට ප්‍රමාද නොවන්නේය. වාග් සත්‍යය ආරක්ෂා කරන්නේය. කෙලෙස් දුරු කිරීම වඩන්නේය. හෙතෙම කෙලෙස් සංසිඳිමෙහිම හික්මෙන්නේය. මේ වනාහි සවැදෑරුම් ධාතු විභංගයාගේ උද්දෙසය වේ.
|
344
‘‘‘ඡධාතුරො අයං, භික්ඛු, පුරිසො’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? (ඡයිමා, භික්ඛු, ධාතුයො)
(( ) නත්ථි සී. පී. පොත්ථකෙසු) - පථවීධාතු, ආපොධාතු, තෙජොධාතු, වායොධාතු, ආකාසධාතු, විඤ්ඤාණධාතු. ‘ඡධාතුරො අයං, භික්ඛු, පුරිසො’ති - ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
|
344
“මහණ, මේ පුරුෂ තෙම ධාතු සයකින් යුක්තයයි, මෙසේ වනාහි මේ කියනලදී. මෙය කුමක් සඳහා කියන ලදද? පඨවි ධාතුය, අපො ධාතුය, තෙජො ධාතුය, වායො ධාතුය, ආකාශ ධාතුය, විඤ්ඤාණ ධාතුය, (යන සයයි). මහණ, මේ පුරුෂ තෙම ධාතු සයකින් යුක්තයයි මෙසේ යමක් කියනලද නම් එය මේ සඳහා කියනලදී.
|
345
‘‘‘ඡඵස්සායතනො අයං, භික්ඛු, පුරිසො’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? චක්ඛුසම්ඵස්සායතනං, සොතසම්ඵස්සායතනං, ඝානසම්ඵස්සායතනං, ජිව්හාසම්ඵස්සායතනං, කායසම්ඵස්සායතනං, මනොසම්ඵස්සායතනං. ‘ඡඵස්සායතනො අයං, භික්ඛු, පුරිසො’ති - ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
|
345
“මහණ, මේ පුරුෂ තෙම ස්පර්ශ ආයතන සයකින් යුක්තයයි, මෙසේ වනාහි මෙය කියන ලදී. මෙය කුමක් සඳහා කියන ලදද? චක්ඛුසම්ඵස්ස ආයතනය, සොත සම්ඵස්ස ආයතනය, ඝාණ සම්ඵස්ස ආයතනය, ජිව්හා සම්ඵස්ස ආයතනය, කාය සම්ඵස්ස ආයතනය, මනො සම්ඵස්ස ආයතනය (යන සයයි) මහණ, මේ පුරුෂ තෙම ස්පර්ශ ආයතන සයකින් යුක්තව ඇත්තේයයි, මෙසේ ඒ යමක් කියන ලදද, මෙය මේ සඳහා කියන ලදී.
|
346
‘‘‘අට්ඨාරසමනොපවිචාරො
|
346
“මහණ, මේ පුරුෂ තෙම දහඅටක්වූ සිතේ හැසිරීම්වලින් යුක්තයයි, මෙසේ වනාහි මෙය කියන ලදී. මෙය කුමක් සඳහා කියන ලදද? ඇසින් රූපය දැක සොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි. උපෙක්ෂාවට කරුණුවූ රූපය අනුව හැසිරෙයි කණින් ශබ්දය අසා සොම්නසට කරුණුවූ ශබ්දය අනුව හැසිරෙයි, දොම්නසට කරුණුවූ ශබ්දය අනුව හැසිරෙයි, උපෙක්ෂාවට කරුණුවූ ශබ්දය අනුව හැසිරෙයි. නාසයෙන් සුවඳ ආඝ්‍රාණය කොට සොම්නසට කරුණුවූ ගන්ධය අනුව හැසිරෙයි, දොම්නසට කරුණුවූ ගන්ධය අනුව හැසිරෙයි, උපෙක්ෂාවට කරුණුවූ ගන්ධය අනුව හැසිරෙයි. දිවෙන් රසය විඳ සොම්නසට කරුණුවූ රසය අනුව හැසිරෙයි, දොම්නසට කරුණුවූ රසය අනුව හැසිරෙයි, උපෙක්ෂාවට කරුණුවූ රසය අනුව හැසිරෙයි. කයින් ස්පර්ශ කළයුත්ත ස්පර්ශ කොට සොම්නසට කරුණුවූ ස්පර්ශය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි, උපෙක්ෂාවට කරුණුවූ ස්පර්ශය අනුව හැසිරෙයි. සිතින් ධර්මය දැන සොම්නසට කරුණුවූ, ධර්මය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ ධර්මය අනුව හැසිරෙයි. උපෙක්ෂාවට කරුණුවූ ධර්මය අනුව හැසිරෙයි. මෙසේ සොම්නසයෙහි හැසිරීම් සයක්ය, දොම්නසයෙහි හැසිරීම් සයක්ය, උපෙක්ෂාවෙහි හැසිරීම් සයක්යයි, (දහඅටක් වෙත්) මහණ, මේ පුරුෂ තෙම අටළොස් සිත් හැසිරීමකින් යුක්ත යයි, මෙසේ ඒ යමක් කියනලද නම් ඒ මේ සඳහා කියන ලදී.
|
347
‘‘‘චතුරාධිට්ඨානො අයං, භික්ඛු, පුරිසො’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? පඤ්ඤාධිට්ඨානො, සච්චාධිට්ඨානො, චාගාධිට්ඨානො, උපසමාධිට්ඨානො. ‘චතුරාධිට්ඨානො අයං, භික්ඛු, පුරිසො’ති - ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
|
347
“මහණ, මේ පුරුෂ තෙම පිහිටීම් සතරක් ඇත්තේ යයි, මෙසේ වනාහි කියනලදී. එය කුමක් සඳහා කියන ලදද, ප්‍රඥාව පිහිටීම කොට ඇත්තේය. සත්‍යය පිහිටීම කොට ඇත්තේය. ත්‍යාගය පිහිටීම කොට ඇත්තේය. සංසිඳීම පිහිටීම කොට ඇත්තේය. (යන සතරයි). මහණ, මේ පුරුෂ තෙම පිහිටීම් සතරක් ඇත්තේයයි, මෙසේ ඒ යමක් කියන ලදද, ඒ මෙය සඳහා කියන ලදී.
|
348
‘‘‘පඤ්ඤං නප්පමජ්ජෙය්ය, සච්චමනුරක්ඛෙය්ය, චාගමනුබ්රූහෙය්ය, සන්තිමෙව සො සික්ඛෙය්යා’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? කථඤ්ච, භික්ඛු, පඤ්ඤං නප්පමජ්ජති? ඡයිමා, භික්ඛු, ධාතුයො - පථවීධාතු, ආපොධාතු, තෙජොධාතු, වායොධාතු, ආකාසධාතු, විඤ්ඤාණධාතු.
|
348
“ප්‍රඥාව සඳහා ප්‍රමාද නොවන්නේය, සත්‍යය ආරක්ෂා කරන්නේය, ත්‍යාගය වඩන්නේය, හෙතෙම සංසිඳීමෙහිම හික්මෙන්නේ යයි, මෙසේ වනාහි මේ කියන ලදී. එය කුමක් සඳහා කියන ලදද? මහණ, කෙසේ නම් ප්‍රඥාව ප්‍රඥාව සඳහා ප්‍රමාද නොවේද, මහණ, මේ ධාතු සයක් වෙත්. පඨවි ධාතුය, ආපො ධාතුය, තෙජො ධාතුය, වායො ධාතුය, ආකාස ධාතුය, විඤ්ඤාණ ධාතුය, (යන සයයි).
|
349
‘‘කතමා ච, භික්ඛු, පථවීධාතු? පථවීධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා ච, භික්ඛු, අජ්ඣත්තිකා පථවීධාතු? යං අජ්ඣත්තං පච්චත්තං කක්ඛළං ඛරිගතං උපාදින්නං
(උපාදිණ්ණං (පී. ක.)), සෙය්යථිදං - කෙසා ලොමා නඛා දන්තා තචො මංසං න්හාරු අට්ඨි අට්ඨිමිඤ්ජං
(අට්ඨිමිඤ්ජා (සී. පී.)) වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං කක්ඛළං ඛරිගතං උපාදින්නං - අයං වුච්චති, භික්ඛු, අජ්ඣත්තිකා පථවීධාතු. යා චෙව ඛො පන අජ්ඣත්තිකා පථවීධාතු යා ච බාහිරා පථවීධාතු පථවීධාතුරෙවෙසා
|
349
“මහණ, පඨවි ධාතුව කවරීද? පඨවි ධාතුව අධ්‍යාත්මිකද වන්නීය, බාහිරද වන්නීය. මහණ, අධ්‍යාත්මිකවූ පෘථිවි ධාතුව නම් කවරීද, අධ්‍යාත්මිකවූද, තමන් තුළ පවත්නාවූද, යම් තද බවක් රළු බවක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, එනම්: කෙස්ය, ලොම්ය, නියය, දත්ය, සමය, මස්ය, නහරය, ඇටය, ඇට මිදුලුය, වකුගඩුවය, හෘදය මාංශය, අක්මාවය, දලබුවය, බඩදිවය, පපුවය, අතුනුය, අතුනු බහන්ය, නොපැසුණ ආහාරය, මළය, (යන මොහුයි).
“අන්‍යවූද, කිසියම් අධ්‍යාත්මිකවූ තමා පිළිබඳවූ තද බවක් රළු බවක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, මෝ තොමෝ අධ්‍යාත්මිකවූ පඨවි ධාතුයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මිකවූ පඨවි ධාතුවක් වන්නීද, යම් බාහිරවූ පඨවි ධාතුවකුත් වන්නීද, මෝ තොමෝ පඨවි ධාතුම වන්නීය. ‘එය මගේ නොවෙයි, එය මම නොවෙමි, එය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක පඨවි ධාතුව කෙරෙහි කලකිරෙයි. පඨවි ධාතුවෙහි සිත නොඅලවයි.
|
350
‘‘කතමා
|
350
“මහණ, අපොධාතුව කවරීද? ආපොධාතුව අධ්‍යාත්මිකද වන්නීය, බාහිරද වන්නීය. මහණ, අධ්‍යාත්මිකවූ ආපොධාතුව කවරීද, අධ්‍යාත්මිකව තමන් තුළ පවත්නාවූ යම් වැගිරීමක්, වැගිරීම් ගතියක් තමා වශයෙන් ගන්නාලද්දක් වේද, එනම්: පිතය, සෙමය, සැරවය, ලේය, ඩහදියය, මේද තෙලය, කඳුලුය, වුරුණු තෙලය, කෙලය, සොටුය, සඳමිදුලුය, මුත්‍රය යන මොහුද මෙයින් අන්‍යවූද යම් කිසිවක් හෝ අධ්‍යාත්මිකවූ, තමන් පිළිබඳවූ වැගිරීමක්, වැගිරෙන බවට පැමිණි දෙයක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, මෙය අධ්‍යාත්මිකවූ ආපොධාතුවයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මිකවූ ආපොධාතුවක් වන්නීද, යම් බාහිරවූ ආපෝ ධාතුවකුත් වන්නීද, එය ආපොධාතුවම වන්නීය. ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි,’ මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක, අපොධාතුව කෙරෙහි කලකිරෙයි. ආපොධාතුව කෙරෙහි සිත නොඅලවයි.
|
351
‘‘කතමා ච, භික්ඛු, තෙජොධාතු? තෙජොධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා ච, භික්ඛු, අජ්ඣත්තිකා තෙජොධාතු? යං අජ්ඣත්තං පච්චත්තං තෙජො තෙජොගතං උපාදින්නං, සෙය්යථිදං - යෙන ච සන්තප්පති, යෙන ච ජීරීයති, යෙන ච පරිඩය්හති, යෙන ච අසිතපීතඛායිතසායිතං සම්මා පරිණාමං ගච්ඡති, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං
|
351
“මහණ, තෙජොධාතුව කවරීද, තෙජො ධාතුව අධ්‍යාත්මිකද වන්නීද, බාහිරද වන්නීය. මහණ, අධ්‍යාත්මිකවූ තෙජොධාතුව කවරීද, යම් අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ උණුසුමක්, උණුසුම් බවක්, තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, එනම්, යමකින් තැවේද, යමකින් දිරණු ලැබේද, යමකින් දවනු ලැබේද, යමකින් කනලද බොනලද කඩා කන ලද, දිවගාන ලද දේ, මනාකොට පැසීමට යේද, මෙයින් අන්‍යවූද, යම්කිසි අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ, උණුසුමක්, උණුසුම් බවක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, එය අධ්‍යාත්මිකවූ තෙජොධාතුවයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මිකවූ තෙජොධාතුවකුත් වන්නීද, යම් බාහිරවූ තෙජොධාතුවකුත් වන්නීද, එය තෙජොධාතුවම වන්නීය. ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි,’ මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක, තෙජොධාතුව කෙරෙහි කලකිරෙයි. තෙජොධාතුව කෙරෙහි සිත නොඅලවයි.
|
352
‘‘කතමා ච, භික්ඛු, වායොධාතු? වායොධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා ච, භික්ඛු, අජ්ඣත්තිකා වායොධාතු? යං අජ්ඣත්තං පච්චත්තං වායො වායොගතං උපාදින්නං, සෙය්යථිදං - උද්ධඞ්ගමා වාතා අධොගමා වාතා කුච්ඡිසයා වාතා කොට්ඨාසයා
(කොට්ඨසයා (සී. ස්‍යා. කං. පී.)) වාතා අඞ්ගමඞ්ගානුසාරිනො වාතා අස්සාසො පස්සාසො ඉති, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං වායො වායොගතං උපාදින්නං - අයං වුච්චති, භික්ඛු, අජ්ඣත්තිකා වායොධාතු. යා චෙව ඛො පන අජ්ඣත්තිකා වායොධාතු යා ච බාහිරා වායොධාතු වායොධාතුරෙවෙසා. ‘තං නෙතං මම
|
352
“මහණ, වායොධාතුව කවරීද, වායොධාතුව අධ්‍යාත්මිකද වන්නීය. බාහිරද වන්නීය. මහණ, අධ්‍යාත්මිකවූ වායොධාතුව කවරීද? යම් අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ හැමීමක් වාතයක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, එනම්, උඩට ගමන් කරන්නාවූ වාතයෝය, යටට ගමන් කරන්නාවූ වාතයෝය, ආමාශය තුළ පවත්නා වාතයෝය, ආමාශයෙන් පිටත පවත්නා වාතයෝය, අවයව අනුව ගමන් කරන්නාවූ වාතයෝය, ආශ්වාස ප්‍රශ්වාස වාතය (යනුයි.) මෙයින් අන්‍යවූද, යම්කිසි අධ්‍යාත්මිකවූ තමා පිළිබඳවූ වාතයක්, හැමීම් ගතියක්, තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, එය අධ්‍යාත්මිකවූ වායොධාතුයයි කියනු ලැබේ. අධ්‍යාත්මිකවූ යම් වායොධාතුවකුත් වන්නීද, බාහිරවූ යම් වායොධාතුවකුත් වන්නීද, එය වායොධාතුවම වන්නීය. ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමියි, එය මාගේ ආත්මය නොවේයයි,’ මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක, වායොධාතුව කෙරෙහි කලකිරෙයි. වායොධාතුව කෙරෙහි සිත නොඅලවයි.
|
353
‘‘කතමා ච, භික්ඛු, ආකාසධාතු? ආකාසධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා ච, භික්ඛු, අජ්ඣත්තිකා ආකාසධාතු
|
353
“මහණ, ආකාශධාතු තොමෝ කවරීද? ආකාශ ධාතුව අධ්‍යාත්මිකද වන්නීය, බාහිරද වන්නීය. මහණ, අධ්‍යාත්මිකවූ ආකාශධාතුව කවරීද, අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ අවකාශයක්, හිස් බවක්, තමා වශයෙන් ගන්නාලද්දක් වේද, එනම්, කන් සිදුරද, නාස් සිදුරද, මුවදොරද, යමකිනුත් කනලද, බොනලද කඩා කනලද, දිවගාන ලද දෙය ගිලෙයිද, යම් තැනෙක් හිත් කනලද, බොනලද, කඩා කනලද, දිවගාන ලද දෙය දරා සිටීද, යමකිනුත් කනලද බොනලද, කඩා කන ලද, දිවගාන ලද දෙය යටභාගයෙන් නික්මේද, මෙයින් අන්‍යවූද, යම්කිසි අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ අවකාශයක් හිස්බවක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, එය අධ්‍යාත්මිකවූ ආකාශධාතුවයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මිකවූ ආකාශධාතුවකුත් වන්නීද, යම් බාහිරවූ ආකාශ ධාතුවකුත් වන්නීද, එය ආකාශධාතුව වන්නීය. ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක, ආකාශධාතුව කෙරෙහි කලකිරෙයි. ආකාශධාතුව කෙරෙහි සිත නොඅලවයි.
|
354
‘‘අථාපරං විඤ්ඤාණංයෙව අවසිස්සති පරිසුද්ධං පරියොදාතං. තෙන ච විඤ්ඤාණෙන කිං
(තෙන විඤ්ඤාණෙන කිඤ්ච (සී.)) විජානාති? ‘සුඛ’න්තිපි විජානාති, ‘දුක්ඛ’න්තිපි විජානාති, ‘අදුක්ඛමසුඛ’න්තිපි විජානාති. සුඛවෙදනියං, භික්ඛු, ඵස්සං පටිච්ච උප්පජ්ජති සුඛා වෙදනා. සො සුඛං වෙදනං වෙදයමානො ‘සුඛං වෙදනං වෙදයාමී’ති පජානාති. ‘තස්සෙව සුඛවෙදනියස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං සුඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පන්නා සුඛා වෙදනා සා නිරුජ්ඣති, සා වූපසම්මතී’ති පජානාති.
|
354
“ඉන්පසු පිරිසිදුවූ නිර්මලවූ විඤ්ඤාණයම ඉතිරිවේ. ඒ විඤ්ඤණයෙන් කිසිවක් දැනගනී. සැපයයිද දනී. දුකයයිද දනී. සැපත් නොවේය දුකත් නොවේයයි දනී. මහණ, සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා සැප වේදනාව උපදියි හෙතෙම සැප වේදනාව විඳින්නේ, සැප වේදනාව විඳිමියි දැනගනියි. ඒ සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් ඒ සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා හටගත් යම් සැප වේදනාවක් වීද එයද නිරුද්ධ වෙයි. එය සංසිඳේයයි දැනගනියි.
|
355
‘‘දුක්ඛවෙදනියං, භික්ඛු, ඵස්සං පටිච්ච උප්පජ්ජති දුක්ඛා වෙදනා. සො දුක්ඛං වෙදනං වෙදයමානො ‘දුක්ඛං වෙදනං වෙදයාමී’ති පජානාති. ‘තස්සෙව දුක්ඛවෙදනියස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං දුක්ඛවෙදනියං ඵස්සං පටිච්ච
|
355
මහණ, දුක් වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා දුක්වූ වේදනාව උපදියි. දුක් වේදනාව විඳින්නාවූ හෙතෙම දුක්වූ වේදනාව විඳිමියි දැනගනියි. ඒ දුක් වේදනාවට කරුණුවූ ස්පර්ශය නිරුද්ධවීමෙන් දුක් වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් දුක් වේදනාවක් වේද, එය නිරුද්ධ වෙයි. එය සංසිඳේයයි දැනගනියි.
|
356
‘‘අදුක්ඛමසුඛවෙදනියං, භික්ඛු, ඵස්සං පටිච්ච උප්පජ්ජති අදුක්ඛමසුඛා වෙදනා. සො අදුක්ඛමසුඛං වෙදනං වෙදයමානො ‘අදුක්ඛමසුඛං වෙදනං වෙදයාමී’ති
|
356
මහණ, දුක්ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා දුක්ද නොවූ සැපද නොවූ වේදනාව උපදියි. දුක්ද නොවූ සැපද නොවූ වේදනාව විඳින්නාවූ හෙතෙම දුක්ද නොවූ සැපද නොවූ වේදනාව විඳිමියි දැනගනියි. ඒ දුක්ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්ශය නිරුද්ධවීමෙන් ඒ දුක්ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් වේද එය නිරුද්ධ වෙයි. එය සංසිඳේයයි දැනගනියි.
|
357
‘‘සෙය්යථාපි, භික්ඛු, ද්වින්නං කට්ඨානං සඞ්ඝට්ටා
(සම්ඵස්ස (සී. පී.), සඞ්ඝටා (ස්‍යා. කං.)) සමොධානා උස්මා ජායති, තෙජො අභිනිබ්බත්තති, තෙසංයෙව ද්වින්නං කට්ඨානං නානාභාවා වික්ඛෙපා යා තජ්ජා උස්මා සා නිරුජ්ඣති, සා වූපසම්මති; එවමෙව ඛො, භික්ඛු, සුඛවෙදනියං
|
357
“මහණ, යම්සේ ලීදඬු දෙකක් එකට ගැටීමෙන් උණුසුම හටගණීද, ගින්න උපදීද, ඒ ලීදඬු දෙක වෙන්වීමෙන් වෙන්කොට තැබීමෙන් යම් එයින් හටගත් යම් උණුසුමක් වේද, නිරුද්ධ වේද, එය සංසිඳේද, මහණ මෙපරිද්දෙන්ම සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා සැප වේදනාව උපදියි. හෙතෙම සැප වේදනාව විඳින්නේ සැප වේදනාව විඳිමියි දැනගනියි. ඒ සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් ඒ සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් සැප වේදනාවක් වේද, එය නිරුද්ධ වේ. එය සංසිඳේයයි දැනගනියි.
|
358
‘‘දුක්ඛවෙදනියං, භික්ඛු, ඵස්සං පටිච්ච උප්පජ්ජති දුක්ඛා වෙදනා. සො දුක්ඛං වෙදනං වෙදයමානො ‘දුක්ඛං වෙදනං වෙදයාමී’ති පජානාති. ‘තස්සෙව දුක්ඛවෙදනියස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං දුක්ඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පන්නා දුක්ඛා වෙදනා සා නිරුජ්ඣති, සා වූපසම්මතී’ති පජානාති.
|
358
මහණ, දුක් වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා දුක් වේදනාව උපදියි. හෙතෙම දුක් වේදනාව විඳින්නේ දුක් වේදනාව විඳිමියි දැනගනියි. ඒ දුක් වේදනාවට කරුණුවූ ස්පර්ශය නිරුද්ධවීමෙන් ඒ දුක් වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් දුක් වේදනාවක් වේද එය නිරුද්ධ වේ. සංසිඳේයයි දැනගනියි.
|
359
‘‘අදුක්ඛමසුඛවෙදනියං
|
359
මහණ, නිදුක් නොසැප වේදනාවට (උපෙක්ෂා වේදනාවට) කරුණුවූ ස්පර්ය නිසා උපෙක්ෂා වේදනාව උපදියි. හෙතෙම නිදුක් නොසැප වේදනාව විඳින්නේ නිදුක් නොසැප වේදනාව විඳිමියි දැනගනියි. ඒ නිදුක් නොසැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිරුද්ධවීමෙන් ඒ නිදුක් නොසැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් නිදුක් නොසැප වේදනාවක් වේද එය නිරුද්ධ වේ. එය සංසිඳේයයි දැන ගනියි.
|
360
‘‘අථාපරං උපෙක්ඛායෙව අවසිස්සති පරිසුද්ධා පරියොදාතා මුදු ච කම්මඤ්ඤා ච පභස්සරා ච. සෙය්යථාපි, භික්ඛු, දක්ඛො සුවණ්ණකාරො වා සුවණ්ණකාරන්තෙවාසී වා උක්කං බන්ධෙය්ය, උක්කං බන්ධිත්වා උක්කාමුඛං ආලිම්පෙය්ය, උක්කාමුඛං ආලිම්පෙත්වා සණ්ඩාසෙන ජාතරූපං ගහෙත්වා උක්කාමුඛෙ පක්ඛිපෙය්ය, තමෙනං කාලෙන කාලං අභිධමෙය්ය, කාලෙන කාලං උදකෙන පරිප්ඵොසෙය්ය, කාලෙන කාලං අජ්ඣුපෙක්ඛෙය්ය, තං හොති ජාතරූපං
(ජාතරූපං ධන්තං (සී. පී.)) සුධන්තං නිද්ධන්තං නීහටං
(නිහතං (ස්‍යා. කං. ක.)) නින්නීතකසාවං
(නිහතකසාවං (ක.)) මුදු ච කම්මඤ්ඤඤ්ච පභස්සරඤ්ච, යස්සා යස්සා ච පිළන්ධනවිකතියා ආකඞ්ඛති - යදි පට්ටිකාය
(පවට්ටිකාය (සී. ස්‍යා.)) යදි
|
360
“ඉන්පසු පිරිසිදුවූ නිර්මලවූ මෘදුවූ කර්මන්‍යවූ බැබළීම් සහිතවූ උපෙක්ෂාවම ඉතිරිවේ. මහණ, යම්සේ දක්ෂවූ රන්කරුවෙක් හෝ රන්කරු අතවැස්සෙක් හෝ කඹුරු උදුනක් (කෝවක්) බඳින්නේද, උදුන බැඳ උදුන් මුවවිට ආලේප කරන්නේය. උදුන් මුවවිට ආලේප කොට අඬුවෙන් රත්රන් ගෙන, උදුන් මුඛයෙහි බහා ලන්නේය. ඊට කලින් කල ගිනි පිඹින්නේය. කලින් කල ජලයෙන් තෙමන්නේය. කලින් කල මැදහත්ව බලන්නේය. ඒ රත්රන් සුද්ධවූවක්, ඉතා පිරිසිදුවූවක්, නිර්මලවූවක් (පහවගිය මළ ඇත්තක්) පහවගිය කසට ඇත්තක්, මෘදුවූවක්, කර්මන්ය වූවක්, බැබළීම් සහිත වූවක් වෙයි. යම් යම් පළඳනා විකෘතියක් කැමැති වේද, ඉදින් පවඬිකා නම් ආභරණයක් කිරීමටද, ඉදින් කුණ්ඩලාභරණයක් කිරීමටද, ඉදින් ග්‍රීවයෙහි පළඳන ආභරණයක් කිරීමටද, ඉදින් රන් මාලයක් කිරීමටද කැමැති වෙයිද, මොහුගේ ඒ අදහස සම්පූර්ණ වන්නේය. මහණ, එපරිද්දෙන්ම ඉන්පසු පිරිසිදුවූ, නිර්මලවූ, මෘදුවූ, කර්මන්‍යවූ බැබළීම් සහිතවූ උපෙක්ෂාවම ඉතිරිවේ.
|
361
‘‘සො එවං පජානාති - ‘ඉමඤ්චෙ අහං උපෙක්ඛං එවං පරිසුද්ධං එවං පරියොදාතං ආකාසානඤ්චායතනං උපසංහරෙය්යං, තදනුධම්මඤ්ච චිත්තං භාවෙය්යං. එවං මෙ අයං උපෙක්ඛා තංනිස්සිතා
|
361
“හෙතෙම මෙසේ දැනගනියි. ඉදින් මම මෙසේ පිරිසිදු වූ මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව ආකාසානඤ්චායතනය වෙත එලවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එසේවූ කල මාගේ මේ උපෙක්ෂාව එය ඇසුරුකොට එය කරුණුකොට ඉතා බොහෝ කලක් පවත්නේය. ඉදින් මම මෙසේ පිරිසිදුවූ, මෙසේ නිර්මලවූ, මේ උපෙක්ෂාව විඤ්ඤාණඤ්චායතනය වෙත එලවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එසේවූ කල මාගේ මේ උපෙක්ෂාව එය ඇසුරු කොට, එය කරුණු කොට ඉතා දීර්ඝ කාලයක් පවතින්නේය. ඉදින් මම මෙසේ පිරිසිදුවූ මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව ආකිඤ්චඤ්ඤායතනය කරා පමුණුවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එසේවූ කල මාගේ මේ උපෙක්ෂාව එය ඇසුරුකොට, එය කරුණුකොට බොහෝ දීර්ඝ කාලයක් සිටින්නේය. ඉදින් මම මෙසේ පිරිසිදුවූ, මෙසේ නිර්මලවූ, මේ උපෙක්ෂාව නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කරා පමුණු වන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද එසේවූ කල මාගේ මේ උපෙක්ෂාව එය ඇසුරුකොට එය කරුණු කොට බොහෝ දීර්ඝ කාලයක් පවතින්නේය යනුවෙනි.
|
362
‘‘සො එවං පජානාති - ‘ඉමඤ්චෙ අහං උපෙක්ඛං එවං පරිසුද්ධං එවං පරියොදාතං ආකාසානඤ්චායතනං උපසංහරෙය්යං, තදනුධම්මඤ්ච චිත්තං භාවෙය්යං; සඞ්ඛතමෙතං. ඉමඤ්චෙ අහං උපෙක්ඛං එවං පරිසුද්ධං එවං පරියොදාතං විඤ්ඤාණඤ්චායතනං උපසංහරෙය්යං, තදනුධම්මඤ්ච චිත්තං භාවෙය්යං; සඞ්ඛතමෙතං. ඉමඤ්චෙ අහං උපෙක්ඛං එවං පරිසුද්ධං එවං පරියොදාතං ආකිඤ්චඤ්ඤායතනං උපසංහරෙය්යං, තදනුධම්මඤ්ච චිත්තං භාවෙය්යං; සඞ්ඛතමෙතං. ඉමඤ්චෙ අහං උපෙක්ඛං එවං පරිසුද්ධං එවං පරියොදාතං නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසංහරෙය්යං, තදනුධම්මඤ්ච චිත්තං භාවෙය්යං; සඞ්ඛතමෙත’’’න්ති.
‘‘සො නෙව තං අභිසඞ්ඛරොති, න අභිසඤ්චෙතයති භවාය වා විභවාය වා. සො අනභිසඞ්ඛරොන්තො අනභිසඤ්චෙතයන්තො භවාය වා විභවාය වා න කිඤ්චි
|
362
“හෙතෙම මෙසේ දැනගනියි. ඉදින් මම මෙසේ පිරිසිදු වූ මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව ආකාසානඤ්චායතනය කරා පමුණුවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, මෙය හේතුප්‍රත්‍යයෙන් ඇතිවන ලද්දකි. ඉදින් මම මෙසේ පිරිසිදුවූ මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව විඤ්ඤාණඤ්චායතනය කරා පමුණුවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එය හේතුප්‍රත්‍යයෙන් උපදින ලද්දකි. ඉදින් මම මෙසේ පිරිසිදුවූ, මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව ආකිඤ්චඤ්ඤායතනය කරා පමුණු වන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එය හේතුප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දකි. ඉදින් මම මෙසේ පිරිසිදුවූ, මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කරා පමුණුවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එය හේතුප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දකි කියායි. හෙතෙම එය රැස් නොකරන්නේය, සදාකාලික භවය පිණිස හෝ භවයේ සිඳීම පිණිස හෝ කල්පනා නොකරයි. හෙතෙම රැස් නොකරන්නේ සදාකාලික භවය පිණිස හෝ භවයේ සිඳීම පිණිස හෝ කල්පනා නොකරන්නේ, ලෝකයෙහි කිසිවක් මම යයි (අල්වා නොගනියි) මම යයි අල්වා නොගන්නේ නොඇලෙයි නොඇල්ලෙන්නේ තමාම පිරිනිවෙයි. ජාතිය ක්ෂය කරණ ලද්දීය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතර මාර්ගයෙන් කටයුතු දෙය කරණ ලද්දේය. මේ ආත්මය පිණිස අනිකක් නැතැයි දැනගනියි.
|
363
‘‘සො සුඛඤ්චෙ වෙදනං වෙදෙති, ‘සා අනිච්චා’ති පජානාති, ‘අනජ්ඣොසිතා’ති පජානාති, ‘අනභිනන්දිතා’ති පජානාති. දුක්ඛඤ්චෙ වෙදනං වෙදෙති
|
363
හෙතෙම ඉදින් සැපවූ වේදනාවක් විඳීද, එය අනිත්‍යයයි දැනගනියි. වැද්ද ගැනීමට නුසුදුසුයයි දැනගනියි. ඇලීමෙන් සතුටුවීමට සුදුසු නැතැයි දැනගනියි. ඉදින් දුක්වූ වේදනාවක් විඳීද, එය අනිත්‍යයයි දැනගනියි. නොවැදගත්යයි දැනගනියි. තණ්හාවෙන් සතුටු නොවිය යුතු යයි දැනගනියි. ඉදින් නිදුක් නොසැපවූ වේදනාවක් විඳීද, එය අනිත්‍යයයි දැනගනියි. නොවැදගන්නා ලද්දීයයි දැනගනියි. නොසතුටුවන ලද්දීයයි දැන ගනියි.
|
364
‘‘සො සුඛඤ්චෙ වෙදනං වෙදෙති, විසංයුත්තො නං වෙදෙති; දුක්ඛඤ්චෙ වෙදනං වෙදෙති, විසංයුත්තො නං වෙදෙති; අදුක්ඛමසුඛඤ්චෙ වෙදනං වෙදෙති, විසංයුත්තො නං වෙදෙති. සො කායපරියන්තිකං වෙදනං වෙදයමානො ‘කායපරියන්තිකං වෙදනං වෙදයාමී’ති පජානාති, ජීවිතපරියන්තිකං
|
364
හෙතෙම, ඉදින් සැපවූ වේදනාවක් විඳීද, කෙලෙස් ඉපදීමෙන් වෙන්වූයේ එය නොවිඳියි. හෙතෙම ඉදින් දුක්වූ වේදනාවක් විඳීද, කෙලෙස් ඉපදීමෙන් වෙන්වූයේ එය නොවිඳියි. ඉදින් නිදුක් නොසැපවූ වේදනාවක් විඳීද කෙලෙස් ඉපදීමෙන් වෙන්වූයේ එය නොවිඳියි. හෙතෙම මේ කය කෙළවර කොට ඇති වේදනාව විඳිනු ලබන්නේ කායපරියන්තික වේදනාව විඳිමියි දැනගනියි. ජීවිතය කෙළවර කොට ඇති වේදනාව විඳිනු ලබන්නේ ජීවිත පරියන්තික වේදනාව විඳිමියි දැනගනියි. ශරීරයාගේ බිඳීමෙන් ජීවිතය කෙළවර වීමෙන් මෙහි පසු විඳිනලද සතුටුවන ලද සියලු වේදනා සංසිඳෙන්නාහුයයි දැනගනියි.
|
365
‘‘සෙය්යථාපි, භික්ඛු, තෙලඤ්ච පටිච්ච වට්ටිඤ්ච පටිච්ච තෙලප්පදීපො ඣායති; තස්සෙව තෙලස්ස ච වට්ටියා ච පරියාදානා අඤ්ඤස්ස ච අනුපහාරා
(අනුපාහාරා (සී. පී.), අනුපාදානා (ක.)) අනාහාරො නිබ්බායති; එවමෙව ඛො, භික්ඛු, කායපරියන්තිකං වෙදනං වෙදයමානො ‘කායපරියන්තිකං වෙදනං වෙදයාමී’ති පජානාති, ජීවිතපරියන්තිකං වෙදනං වෙදයමානො ‘ජීවිතපරියන්තිකං වෙදනං වෙදයාමී’ති පජානාති, ‘කායස්ස භෙදා පරං මරණා උද්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ්බවෙදයිතානි
|
365
“මහණ, යම්සේ තෙලද නිසා වැටියද නිසා තෙල් පහන ඇවිලේද, ඒ තෙල්ද වැටියද කෙළවර වීමෙන් අනික් තෙල් වැටි නොඑළවීමෙන් හේතුරහිත වූයේ නිවේද මහණ, මෙපරිද්දෙන්ම මේ කය කෙළවර කොට ඇති වේදනාව විඳිනු ලබන්නේ කය කෙළවරකොට ඇති වේදනාව විඳිමියි, දැනගනියි. ජීවිතය කෙළවර කොට ඇති වේදනාව විඳිනු ලබන්නේ ජීවිතය කෙළවර කොට ඇති වේදනාව විඳිමියි දැනගනියි. ශරීරයාගේ භේදයෙන් ජීවිතයාගේ කෙළවර වීමෙන් මෙහි සතුටු වන්නාවූ සියලු වේදනා සංසිඳෙන්නාහුයයි දැනගනියි. එහෙයින් මෙයින් යුක්තවූ භික්ෂුතෙම මේ උතුම්වූ අර්හත්ඵල ප්‍රඥාව නමැති පිහිටීමෙන් යුක්තවූයේ වෙයි. මහණ, මේ වනාහි උතුම්වූ ආර්‍ය්‍ය ප්රඥාවයි. එනම්, සියලු දුක් නැති කිරීමෙහි ඤාණයවේ.
|
366
‘‘තස්ස සා විමුත්ති සච්චෙ ඨිතා අකුප්පා හොති. තඤ්හි, භික්ඛු, මුසා යං මොසධම්මං, තං සච්චං යං අමොසධම්මං නිබ්බානං. තස්මා එවං සමන්නාගතො භික්ඛු ඉමිනා පරමෙන සච්චාධිට්ඨානෙන සමන්නාගතො හොති. එතඤ්හි, භික්ඛු, පරමං අරියසච්චං යදිදං - අමොසධම්මං නිබ්බානං.
|
366
ඔහුගේ ඒ අර්හත් ඵල විමුක්තිය පරමාර්ථ සත්‍යයෙහි පිහිටියා කැළඹියනොහැකි වූවා වේ. මහණ, එයද වෙනස්වන ස්වභාවය ඇත්තේය. නැසෙන ස්වභාවය ඇත්තේය, නොනැසෙන ස්වභාවයවූ නිර්වාණයක් වේද එයම සත්‍යයි. එහෙයින් මෙයින් යුක්තවූ භික්ෂුතෙම මේ උතුම්වූ පරමාර්ථ සත්‍ය නමැති පිහිටීමෙන් යුක්තවූයේ වෙයි. මහණ, නොනැසෙන ස්වභාව ඇත්තාවූ, මේ නිවණම උතුම් ආර්‍ය්‍ය සත්‍යවේ.
|
367
‘‘තස්සෙව ඛො පන පුබ්බෙ අවිද්දසුනො උපධී හොන්ති සමත්තා සමාදින්නා. ත්යාස්ස පහීනා හොන්ති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා එවං සමන්නාගතො භික්ඛු
|
367
එය වනාහි, පෙර (පෘථග්ජන කාලයෙහි) නොදන්නාහුගේ සම්පූර්ණ කරණලද ගන්නා ලද ස්කන්ධාදී උපාධීහු (ආසා) වෙත්ද, මොහුගේ ඒ උපාධීහු ප්‍රහීණවූවාහු සිඳිනලද මුල් ඇත්තාහු කරටිය සිඳි තල්ගසක් මෙන් කරණ ලද්දාහු නැවත ඇතිවීම නැතිකරණ ලද්දාහු මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්.
“එහෙයින් මෙයින් යුක්තවූ මහණතෙම මේ උතුම්වූ ක්ලෙශ පරිත්‍යාගය නමැති පිහිටීමෙන් යුක්තවූයේ වෙයි. මහණ මේ තෙමේ වනාහි උතුම්වූ ආර්‍ය්‍යවූ ත්‍යාගය වේ. එනම්, සියලු උපාධීන්ගේ දුරලීමයි.
|
368
‘‘තස්සෙව ඛො පන පුබ්බෙ අවිද්දසුනො අභිජ්ඣා හොති ඡන්දො සාරාගො. ස්වාස්ස
|
368
ඒ නොදන්නහුගේම වනාහි පෙර (පෘථග්ජන කාලයෙහි) අභිධ්‍යාව (ආලය) රාග සහිත වීමක් වේද, මොහුගේ එය ප්‍රහීණවූයේ වෙයි. උදුරන ලද මුල් ඇත්තේ සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ නැවත ඇතිවීම නැතිකරණ ලද්දේ මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. ඒ අඥානවූ, ඔහුගේම වනාහි පෙර ක්‍රෝධයෙක් ව්‍යාපාදයෙක් ද්වේෂයක්වේද, එය මොහුගේ ප්‍රහීණවූයේ වෙයි. උදුරණ ලද මුල් ඇත්තේ සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ නැවත ඇතිවීම නැති කරණ ලද්දේ, මතු නූපදනා ස්වභාව ඇත්තේවේ. ඒ අඥානවූවහුගේම වනාහි පෙර අවිද්‍යාවක් සම්මෝහයක් ද්වේෂයක්වේද, එය මොහුගේ ප්‍රහීණවූයේ වෙයි. සිඳින ලද මුල් ඇත්තේ සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ නැවත ඇතිවීම කරණ ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. එහෙයින් මෙයින් යුක්තවූ මහණ තෙම මේ උතුම්වූ ක්ලෙශයන් සංසිඳීම නමැති පිහිටීමෙන් යුක්තවූයේ වෙයි. මහණ මෙතෙම වනාහි උතුම්වූ ආර්‍ය්‍යවූ උපසමයවේ. එනම්, රාග දොස මෝහයන්ගේ සංසිඳීමයි.
“ප්‍රඥාව සඳහා ප්‍රමාද නොවන්නේය. සත්‍යය ආරක්ෂා කරන්නේය. ත්‍යාගය වඩන්නේය, හෙතෙම සංසිඳීමෙහිම හික්මෙන්නේයයි, මෙසේ ඒ යමක් කියන ලදද එය මේ සඳහා කියන ලදී.
|
369
‘‘‘යත්ථ ඨිතං මඤ්ඤස්සවා නප්පවත්තන්ති, මඤ්ඤස්සවෙ ඛො පන නප්පවත්තමානෙ මුනි සන්තොති වුච්චතී’ති - ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? ‘අස්මී’ති, භික්ඛු, මඤ්ඤිතමෙතං, ‘අයමහමස්මී’ති මඤ්ඤිතමෙතං, ‘භවිස්ස’න්ති මඤ්ඤිතමෙතං, ‘න භවිස්ස’න්ති මඤ්ඤිතමෙතං, ‘රූපී භවිස්ස’න්ති මඤ්ඤිතමෙතං, ‘අරූපී භවිස්ස’න්ති මඤ්ඤිතමෙතං, ‘සඤ්ඤී භවිස්ස’න්ති මඤ්ඤිතමෙතං, ‘අසඤ්ඤී භවිස්ස’න්ති මඤ්ඤිතමෙතං, ‘නෙවසඤ්ඤීනාසඤ්ඤී භවිස්ස’න්ති මඤ්ඤිතමෙතං. මඤ්ඤිතං, භික්ඛු, රොගො මඤ්ඤිතං ගණ්ඩො මඤ්ඤිතං සල්ලං. සබ්බමඤ්ඤිතානං ත්වෙව, භික්ඛු, සමතික්කමා මුනි සන්තොති වුච්චති. මුනි ඛො පන, භික්ඛු, සන්තො න ජායති, න ජීයති, න මීයති, න කුප්පති, න පිහෙති. තඤ්හිස්ස, භික්ඛු, නත්ථි යෙන ජායෙථ, අජායමානො කිං ජීයිස්සති, අජීයමානො කිං මීයිස්සති, අමීයමානො කිං කුප්පිස්සති, අකුප්පමානො කිස්ස
(කිං (ක.)) පිහෙස්සති? ‘යත්ථ ඨිතං මඤ්ඤස්සවා නප්පවත්තන්ති, මඤ්ඤස්සවෙ ඛො පන නප්පවත්තමානෙ මුනි සන්තොති වුච්චතී’ති - ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං. ඉමං ඛො මෙ ත්වං, භික්ඛු, සංඛිත්තෙන ඡධාතුවිභඞ්ගං ධාරෙහී’’ති.
|
369
යම් තැනෙක්හි සිටියහුට උත්සන්නවූ හැඟීම් (තෘෂ්ණාදී ත්‍රිවිධ මඤ්ඤනාවන්ගේ උත්සන්න භාවයෝ) නොපවතිත්ද, මඤ්ඤානාවන්ගේ උත්සන්න භාවය වනාහි නොපවත්නා කල්හි මුනිතෙම සංසිඳුනේයයි කියනු ලැබේ යයි. මෙසේ වනාහි මෙය කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද? මහණ, මේ ස්කන්ධය මම වෙමියි හඟින ලදී. මෙතෙම මම වෙමියි හඟින ලදී. වන්නෙමියි හඟින ලදී. නොවන්නෙමියි, හඟින ලදී. රූප ඇත්තෙක් වන්නෙමියි හඟින ලදී. රූප නැත්තෙක් වන්නෙමියි හඟින ලදී. සංඥා ඇත්තෙක් වන්නෙමියි, හඟින ලදී. සංඥා නැත්තෙක් වන්නෙමියි හඟින ලදී. නොම සංඥා ඇත්තෙක් නොම අසංඥා ඇත්තෙක් වන්නෙමියි හඟින ලදී. මහණ, හැඟීම රොගයකි. හැඟීම ගඩකි. හැඟීම හුලකි. මහණ, සියලු හැඟීම් ඉක්ම වීමෙන් මුනිතෙම සංසිඳුනේයයි කියනු ලැබේ. මහණ, මුනිතෙම වනාහි සංසිඳුනේ නූපදියි. නොදිරයි, නොමියයි, නොකිපෙයි, නොවෙයි, මහණ, යමකින් උපදින්නේද එයද මොහුට නැත්තේය. නූපදිනු ලබන්නේ කිම දිරන්නේද? නොදිරනු ලබන්නේ කිම? මිය යන්නේද? නොමියනු ලබන්නේ කිම කිපෙන්නේද? නොකිපෙනු ලබන්නේ කුමකට කැමති වන්නේද? යම් තැනෙක්හි සිටියහුට මඤ්ඤනාවන්ගේ උත්සන්න භාවයෝ නොපවතිත්ද, මඤ්ඤනාවන්ගේ උත්සන්නවීම වනාහි නොපවත්නා කල්හි මුනිතෙම සංසිඳුනේයයි, කියනු ලැබේයයි. මෙසේ ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී. මහණ මාගේ මේ සැකෙවින් (කියන ලද) සවැදෑරුම් ධාතු විභාගය වනාහි නුඹ දරවයයි” වදාළේය.
|
370
අථ
අථ ඛො ආයස්මා පුක්කුසාති භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පත්තචීවරපරියෙසනං පක්කාමි. අථ ඛො ආයස්මන්තං පුක්කුසාතිං පත්තචීවරපරියෙසනං චරන්තං විබ්භන්තා ගාවී
(භන්තගාවී (සී. පී.), ගාවී (ස්‍යා. කං.)) ජීවිතා වොරොපෙසි. අථ ඛො සම්බහුලා
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
|
370
“ඉක්බිති ආයුෂ්මත් පුක්කුසාති කුලපුත්‍රතෙම මාගේ ශාස්තෘතෙමේ වනාහි වැඩිසේක. මාගේ සුගතයන් වහන්සේ වනාහි වැඩිසේක. මාගේ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ වනාහි වැඩිසේකැයි හුනස්නෙන් නැගිට සිව්ර ඒකංශකොට භාග්‍යවතුන් වහන්සේගේ පා ලඟ සිරසින් වැටී, භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේට ‘ඇවැත්නි,’ කියා කථා කළ යුතුයයි සිතුවෙමි. ඒ මාගේ වරද බාලයෙකු සේ අඥානයෙකු සේ අදක්ෂයෙකු සේ සලකා ඒ මාගේ වරද දුරු වේවා ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ මතු සංවරය පිණිස වරද වරද වශයෙන් පිළිගන්නා සේක්වායි යනුයි.
“එසේනම් මහණ, නුඹ මට ‘ඇවැත්නි,’ කියා කථා කළ යුතුයයි සිතුවෙහිද? මහණ, බාලයෙකුසේ අඥානයකුසේ අදක්ෂයෙකුසේ මට ඔබ ‘ඇවැත්නියි’ ව්‍යවහාර කළයුතුයයි සැලකුවෙහිද? ඒ වරද කෙළෙහිද, යම් හෙයකිනුත් නුඹ වරද වශයෙන් දැක ධර්මයවූ පරිද්දෙන් ප්‍රතිකාර කෙරෙහිද, තොපගේ ඒ වරද අපි පිළිගනිමු. මහණ, ආර්‍ය්‍ය විනයෙහි යමෙක් වරද වරද වශයෙන් දැක ධර්මයවූ පරිද්දෙන් පිළියම් කෙරේද, මත්තෙහි සංවරයට පැමිණේද, එය වැඩි දියුණුව වේයයි” වදාළේය.
“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි උපසම්පදාව ලබන්නෙමියි, (කීයේය.)
“මහණ, නුඹගේ පාත්‍ර සිව්රු සම්පූර්ණ වේදැයි?” ඇසූහ.
“ස්වාමීනි, මාගේ පාත්‍ර සිව්රු වනාහි සම්පූර්ණ නොවේයයි කීය. “මහණ, තථාගතවරයෝ සම්පූර්ණ නොවූ පාත්‍ර සිව්රු ඇත්තහු උපසම්පදා නොකෙරෙත්යයි,” (වදාළේය.) ඉක්බිති ආයුෂ්මත් පුක්කුසාති තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ප්රදක්ෂිණාකොට පාත්‍ර සිව්රු සෙවීමට ගියේය. ඉක්බිති පාත්‍ර සිව්රු සෙවීමට යන්නාවූ ආයුෂ්මත් පුක්කුසාති කුලපුත්‍රයන් කුලප්පවූ එලදෙනක් දිවියෙන් තොරකෙළේය.
එකල්හි බොහෝවූ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹුනාහුය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසක හුන්නාහුය. එකත්පසක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළාහුය. “ස්වාමීනි, යම් ඒ පුක්කුසාති නම් කුලපුත්‍රයෙක් තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපවූ අවවාදයෙන් අවවාද කරණ ලද්දේද හෙතෙම කළුරිය කළේවෙයි. ඔහුගේ ගතිය කවරීද, පරලොව (උත්පත්තිය) කවරේද?” යනුයි.
“මහණෙනි, පුක්කුසාති කුලපුත්‍ර තෙම පණ්ඩිතවේ. ධර්මයට අනුධර්මවූ ප්‍රතිපදා ඇත්තේවේ. ධර්මාවබොධය පිණිස මා නොවෙහෙසුවේය. මහණෙනි, පුක්කුසාති කුලපුත්‍ර තෙමේ ඔරම්භාගිය සංයෝජන පස නැති කිරීමෙන් ඕපපාතිකවූයේ ඒ ලෝකයෙන් පෙරළා එන ස්වභාව නැත්තේ එහි පිරිනිවන් පාන්නේයයි” වදාළේය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුයි.
|
11. සච්චවිභඞ්ගසුත්තං | 11. සච්චවිභංග සූත්‍රය |
371
එවං
‘‘තථාගතෙන, භික්ඛවෙ, අරහතා සම්මාසම්බුද්ධෙන බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පටිවත්තියං සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං, යදිදං - චතුන්නං අරියසච්චානං ආචික්ඛනා දෙසනා පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං. කතමෙසං චතුන්නං? දුක්ඛස්ස අරියසච්චස්ස ආචික්ඛනා දෙසනා පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං, දුක්ඛසමුදයස්ස අරියසච්චස්ස ආචික්ඛනා දෙසනා පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං, දුක්ඛනිරොධස්ස අරියසච්චස්ස ආචික්ඛනා දෙසනා පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්චස්ස ආචික්ඛනා දෙසනා පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං. තථාගතෙන, භික්ඛවෙ, අරහතා සම්මාසම්බුද්ධෙන බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පටිවත්තියං සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං
‘‘සෙවථ, භික්ඛවෙ, සාරිපුත්තමොග්ගල්ලානෙ; භජථ, භික්ඛවෙ, සාරිපුත්තමොග්ගල්ලානෙ. පණ්ඩිතා භික්ඛූ අනුග්ගාහකා සබ්රහ්මචාරීනං. සෙය්යථාපි, භික්ඛවෙ, ජනෙතා
(ජනෙත්ති (සී. පී.)), එවං සාරිපුත්තො; සෙය්යථාපි ජාතස්ස ආපාදෙතා, එවං මොග්ගල්ලානො. සාරිපුත්තො, භික්ඛවෙ, සොතාපත්තිඵලෙ විනෙති, මොග්ගල්ලානො උත්තමත්ථෙ. සාරිපුත්තො, භික්ඛවෙ, පහොති චත්තාරි අරියසච්චානි විත්ථාරෙන ආචික්ඛිතුං දෙසෙතුං පඤ්ඤාපෙතුං පට්ඨපෙතුං විවරිතුං විභජිතුං උත්තානීකාතු’’න්ති. ඉදමවොච භගවා. ඉදං වත්වාන සුගතො උට්ඨායාසනා විහාරං පාවිසි.
|
371
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි, භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර සමීපයෙහි මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට “මහණෙනි, කියා ආමන්ත්‍රණය කළ සේක. “පින්වතුන් වහන්සැයි,” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ විසින් බරණැස්නුවර සමීපයෙහිවූ මිගදාය නම් ඉසිපතනාරාමයෙහිදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොපැවැත්විය හැකි නිරුත්තරවූ ධර්මචක්රය පවත්වන ලදී. එනම්, චතුරාර්‍ය්‍ය සත්‍යයන්ගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය, (යනුයි.) කවර චතුරාර්‍ය්‍ය සත්‍යයන්ගේද? දුක්ඛ නම් ආර්‍ය්‍ය සත්‍යයාගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය, දුක්ඛ සමුදය නම් ආර්‍ය්‍ය සත්‍යයාගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය. දුක්ඛ නිරෝධ නම් ආර්‍ය්‍ය සත්‍යයාගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා නම් ආර්‍ය්‍ය සත්‍යයාගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය, (යන සතරයි). මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ විසින් බරණැස් සමීපයෙහිවූ මිගදාය නම් ඉසිපතනාරාමයෙහි මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලොව කිසිකෙනෙකු විසිනුත් නොපැවැත්විය හැකි නිරුත්තරවූ ධර්මචක්රය පවත්වන ලදී. එනම්, මේ සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමට, ප්‍රකට කිරීමය.
“මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලායනයන් සේවනය කරව්. මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලානයන් භජනය කරව්. පණ්ඩිතවූ (ඒ) භික්ෂූහු බඹසර ඇත්තවුන්ට අනුග්‍රහ කරන්නාහුය. මහණෙනි, වැදූ මව යම්සේද ශාරීපුත්‍ර තෙමේ එමෙනි. උපන්නහුගේ පොෂණය කරන්නාවූ මව යම්සේද, මොග්ගල්ලාන තෙමේ එවැනි වේ. මහණෙනි, ශාරීපුත්‍ර තෙමේ සෝවාන් ඵලයෙහි හික්මවයි. මොග්ගල්ලාන තෙමේ ඉහළ ඵලයන්හි හික්මවයි. මහණෙනි, ශාරීපුත්‍ර තෙම චතුරාර්‍ය්‍ය සත්‍යයන් විස්තර වශයෙන් කියන්ට දේශනා කරන්ට පනවන්ට පිහිටුවන්ට විචරණය කරන්ට විභාග කරන්ට ප්‍රකට කරන්ට සමර්ථවේයයි.” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩිසේක.
|
372
තත්ර
‘‘තථාගතෙන, ආවුසො, අරහතා සම්මාසම්බුද්ධෙන බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පටිවත්තියං සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං, යදිදං - චතුන්නං අරියසච්චානං ආචික්ඛනා දෙසනා පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං. කතමෙසං චතුන්නං? දුක්ඛස්ස අරියසච්චස්ස ආචික්ඛනා දෙසනා පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං, දුක්ඛසමුදයස්ස අරියසච්චස්ස
|
372
එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ බැහැර ගිය නොබෝ කල්හි භික්ෂූන්ට “ඇවැත් මහණෙනියි” ආමන්ත්‍රණය කළ සේක. “ඇවැත්නි,” කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිර තෙමේ මෙය ප්‍රකාශ කෙළේය. “ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ විසින් බරණැස්නුවර මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලොව කිසිවෙකු විසින් හෝ නොපැවැත්විය හැකි නිරුත්තරවූ ධර්මචක්රය පවත්වන ලදී. එනම්, මේ චතුරාර්‍ය්‍ය සත්‍යයන්ගේ කීමයි, දෙසීමයි, පැනවීමයි, පිහිටුවීමයි, ප්‍රකාශ කිරීමයි, විභාග කිරීමයි, ප්‍රකට කිරීමයි. කවර සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේද? දුක්ඛ නම් ආර්‍ය්‍ය සත්‍යයාගේ කීමය දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය, දුක්ඛ සමුදය නම් ආර්‍ය්‍ය සත්‍යයාගේ දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය. දුක්ඛ නිරෝධ නම් ආර්‍ය්‍ය සත්‍යයාගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා නම් ආර්‍ය්‍ය සත්‍යයාගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, විවරණය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය, (යනුයි).
|
373
‘‘කතමඤ්චාවුසො, දුක්ඛං අරියසච්චං? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං; සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.
‘‘කතමා චාවුසො, ජාති? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො, අයං වුච්චතාවුසො - ‘ජාති’’’.
‘‘කතමා චාවුසො, ජරා? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්ද්රියානං පරිපාකො, අයං වුච්චතාවුසො - ‘ජරා’’’.
‘‘කතමඤ්චාවුසො, මරණං? යා තෙසං තෙසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා
‘‘කතමො චාවුසො, සොකො? යො ඛො, ආවුසො, අඤ්ඤතරඤ්ඤතරෙන බ්යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස සොකො සොචනා සොචිතත්තං අන්තොසොකො අන්තොපරිසොකො, අයං වුච්චතාවුසො
‘‘කතමො
‘‘කතමඤ්චාවුසො, දුක්ඛං? යං ඛො, ආවුසො, කායිකං දුක්ඛං කායිකං අසාතං කායසම්ඵස්සජං දුක්ඛං අසාතං වෙදයිතං, ඉදං වුච්චතාවුසො - ‘දුක්ඛං’’’.
‘‘කතමඤ්චාවුසො, දොමනස්සං? යං ඛො, ආවුසො, චෙතසිකං දුක්ඛං චෙතසිකං අසාතං මනොසම්ඵස්සජං දුක්ඛං අසාතං වෙදයිතං, ඉදං වුච්චතාවුසො - ‘දොමනස්සං’’’.
‘‘කතමො චාවුසො, උපායාසො? යො ඛො, ආවුසො, අඤ්ඤතරඤ්ඤතරෙන බ්යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස ආයාසො උපායාසො ආයාසිතත්තං උපායාසිතත්තං, අයං වුච්චතාවුසො - ‘උපායාසො’’’.
‘‘කතමඤ්චාවුසො, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං? ජාතිධම්මානං, ආවුසො, සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති - ‘අහො වත, මයං න ජාතිධම්මා අස්සාම; න ච, වත, නො ජාති ආගච්ඡෙය්‍යා’ති. න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි - ‘යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං’. ජරාධම්මානං, ආවුසො, සත්තානං...පෙ.... බ්යාධිධම්මානං, ආවුසො, සත්තානං... මරණධම්මානං, ආවුසො, සත්තානං... සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මානං, ආවුසො, සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති - ‘අහො වත, මයං න සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මා අස්සාම
‘‘කතමෙ චාවුසො, සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා? සෙය්යථිදං - රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරුපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො. ඉමෙ වුච්චන්තාවුසො - ‘සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා’. ඉදං වුච්චතාවුසො - ‘දුක්ඛං අරියසච්චං’’’.
|
373
“ඇවැත්නි, දුක්ඛ නම් ආර්‍ය්‍ය සත්‍යය කවරේද? ඉපදීමද දුක්වේ. දිරීමද දුක්වේ. මැරීමද දුක්වේ. සොක කිරීමය, වැලපීමය, කායික දුකය, දොම්නසය, දැඩි වෙහෙසය යන මොහුද දුක් වෙත්. කැමැති වන්නාවූ යමක් නොලැබේද, එයද දුක් වේ. කොටින්, පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයෝ දුක් වෙත්.
“ඇවැත්නි, ඉපදීම නම් කවරීද, ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයෙහි යම් ඉපදීමක්, හටගැනීමක්, පිළිසිඳීමක්, පහළවීමක්, ස්කන්ධයන්ගේ පහළවීමක්, ආයතනයන්ගේ ප්‍රතිලාභයක් වේද, ඇවැත්නි, මෙය ජාතියයි කියනු ලැබේ. (ඉපදීමයයි කියනු ලැබේ).
“ඇවැත්නි, ජරාව කවරීද? ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයෙහි යම් ජරාවක්, දිරණ බවක්, කැඩෙන බවක්, පැසෙන බවක්, රැලි වැටුනු සිවිය ඇති බවක්, ආයුෂයාගේ පිරිහීමක්, ඉන්ද්‍රියන්ගේ මේරීමක් වේද, ඇවැත්නි, මෙය ජරාවයයි කියනු ලැබේ.
“ඇවැත්නි, මරණය කවරේද? ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයෙන් යම් චුතවීමක්, චුතවන බවක්, බිඳීමක්, අතුරුදන්වීමක්, මරණයක්, කළුරිය කිරීමක්, ස්කන්ධයන්ගේ බිඳීමක්, ශරීරයාගේ බහාතැබීමක් වේද, ඇවැත්නි, මේ මරණයයි කියනු ලැබේ.
“ඇවැත්නි, ශෝක කිරීම නම් කවරේද? ඇවැත්නි, එක්තරා එක්තරා විනාශයකින් යුක්තවූවහුට එක්තරා එක්තරා දුක් ස්වභාවයක් පැමිණියහුට යම් ශෝකයක්, තැවීමක්, තැවීම් ඇතිබවක්, ඇතුළත තැවීමක්, ඇතුළත අතිශයින් තැවීමක් වේද, ඇවැත්නි, මේ ශෝකයයි කියනු ලැබේ.
“ඇවැත්නි, වැළපීම කවරේද, ඇවැත්නි, එක්තරා එක්තරා විනාශයකින් යුක්තවූවහුගේ එක්තරා එක්තරා දුක් ස්වභාවයක් පැමිණියහුගේ යම් ආදෙවයක්, පරිදෙවයක්, හැඬීමක්, වැළපීමක්, හැඬීම ඇතිබවක්, වැළපෙන ස්වභාවයක් වේද, ඇවැත්නි, මේ වැළපීමයයි කියනු ලැබේ.
“ඇවැත්නි, දුක නම් කවරේද? ඇවැත්නි, යම් කයෙහි හටගන්නාවූ දුකක්, කයෙහි හටගන්නාවූ නොසැපයක්, කයේ වැදීමෙන් හටගන්නාවූ දුකක් නොසැපයක්, විඳ ගැනීමක් වේද, ඇවැත්නි, මේ දුකයයි කියනු ලැබේ.
“ඇවැත්නි, දොම්නස කවරේද? ඇවැත්නි, යම් සිතෙහි හටගන්නාවූ දුකක් වේද, සිතෙහි හටගන්නාවූ නොසැපවූ විඳ ගැනීමක් වේද, මනො සම්ඵස්සයෙන් හට ගන්නාවූ දුකක් නොසැපවූවක් විඳගැනීමක් වේද, ඇවැත්නි, මෙය දොම්නසයයි කියනු ලැබේ.
“ඇවැත්නි, දැඩිවූ වෙහෙස කවරේද? ඇවැත්නි, එක්තරා එක්තරා විනාශයකින් යුක්තවූවහුට එක්තරා එක්තරා දුක් ස්වභාවයක් පැමිණියාහුට යම් වෙහෙසක්, දැඩිවූ ශෝකයක්, වෙහෙසට පැමිණි බවක්, දැඩිවූ ශොක ඇති බවක් වේද, ඇවැත්නි, මෙය උපායාසයයි කියනු ලැබේ.
“ඇවැත්නි, කැමතිවූ යමක් නොලබාද එයද දුක් වේ, යනු කවරේද? ඇවැත්නි, ඉපදීම ස්වභාවකොට ඇත්තාවූ සත්වයන්ට මෙබඳු කැමැත්තක් පහළවේ. ‘අපි ඉපදීම ස්වභාව කොට ඇත්තාහු නොවන්නෙමු නම්, ඒකාන්තයෙන් අපට ඉපදීම නොපැමිණෙන්නේ නම් යහපතැයි’ කියායි. මේ වනාහි කැමැත්තෙන් නොපැමිණිය යුත්තකි. මෙයද කැමති යමක් නොලබා නම්, එයද දුක්වේ. ඇවැත්නි, දිරීම ස්වභාව කොට ඇති සත්වයන්ට මෙබඳු කැමැත්තක් පහළවේ. ‘අපි දිරීම ස්වභාවකොට ඇත්තාහු නොවන්නෙමු නම්, ඒකාන්තයෙන් අපට දිරීම නොපැමිණෙන්නේ නම් ඉතා හොඳය’ කියායි. මේ වනාහි කැමැත්තෙන් නොපැමිණිය යුත්තකි මෙයද කැමති යමක් නොලබා නම් එයද දුක්වේ. ඇවැත්නි, ව්‍යාධිය ස්වභාවකොට ඇති සත්වයන්ට මෙබඳු කැමැත්තක් පහළවේ. ‘අපි ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාහු නොවන්නෙමු නම්, ඒකාන්තයෙන් අපට ව්‍යාධිය නොපැමිණෙන්නේ නම්, ඉතා හොඳයයි’ කියායි. මේ වනාහි කැමැත්තෙන් නොපැමිණිය යුත්තකි. මෙයද, කැමති යමක් නොලබානම් එයද දුක් වේ.
“ඇවැත්නි, මරණය ස්වභාවකොට ඇති සත්වයන්ට මෙබඳු කැමැත්තක් පහළවේ. ‘අපි මරණය ස්වභාවකොට ඇත්තාහු නොවන්නෙමු නම්, ඒකාන්තයෙන් අපට මරණය නොපැමිණෙන්නේ නම් ඉතා හොඳය’ කියායි. මේ වනාහි කැමැත්තෙන් නොපැමිණිය යුත්තකි මෙයද කැමති යමක් නොලබා නම් එයද දුක් වේ.
“ඇවැත්නි, ඇතුළත තැවීමය, වැළපීමය, කායික දුකය, චෛතසික දුකය, දැඩිවූ ආයාසය යන මොවුන් ස්වභාව කොට ඇති සත්වයන්ට මෙබඳු කැමැත්තක් උපදියි. ‘අපි ඇතුළත තැවීමය, විලාප කීමය, කායික දුකය, චෛතසික දුකය, දැඩිවූ ආයාසය යන මොවුන් ස්වභාව කොට ඇත්තෝ නොවන්නෙමු නම්, අපට ඒකාන්තයෙන් ශොක, පරිදෙව, දුක්, දොම්නස් යන මොහු නොපැමිණෙන්නාහු නම් යහපති, කියායි. මෙය වනාහි කැමැත්තෙන් නොපැමිණිය යුතුයි. මෙයද කැමැති යමක් නොලබයිද, එයද දුක් වේ.
“ඇවැත්නි, සැකෙවින් පඤ්ච උපාදාන ස්කන්ධයෝ දුක් වෙති, යනු කවරහුද, එනම් රූපොපාදාන ස්කන්ධය වේදනොපාදාන ස්කන්ධය, සංඥොපාදාන ස්කන්ධය, සංස්කාරොපාදාන ස්කන්ධය, විඥානොපාදන ස්කන්ධය යන මොහුයි. ඇවැත්නි, මොව්හු සැකෙවින් පඤ්චොපාදාන ස්කන්ධයෝ දුක් වෙත්යයි කියනු ලැබෙත්.
“ඇවැත්නි, මේ දුඃඛාර්‍ය්‍යසත්‍යයයි කියනු ලැබේ.
|
374
‘‘කතමඤ්චාවුසො, දුක්ඛසමුදයං
(දුක්ඛසමුදයො (ස්‍යා. කං.)) අරියසච්චං? යායං තණ්හා පොනොබ්භවිකා
(පොනොභවිකා (සී. පී.)) නන්දීරාගසහගතා
(නන්දිරාගසහගතා (සී. ස්‍යා. කං. පී.)) තත්රතත්රාභිනන්දිනී, සෙය්යථිදං - කාමතණ්හා
‘‘කතමඤ්චාවුසො, දුක්ඛනිරොධං
(දුක්ඛනිරොධො (ස්‍යා. කං.)) අරියසච්චං? යො තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො, ඉදං වුච්චතාවුසො - ‘දුක්ඛනිරොධං
(දුක්ඛනිරොධො (ස්‍යා. කං.)) අරියසච්චං’’’.
|
374
“ඇවැත්නි, දුක්ඛසමුදය නම් ආර්‍ය්‍යසත්‍යය කවරේද? නැවත භවය ගෙණදෙන්නාවූ සතුටුවීමයයි කියනලද ඇල්මෙන් යුක්තවූ ඒ ඒ තන්හි ඇළුම් කරන්නාවූ යම් මේ තෘෂ්ණාවක් වේද, එනම්, කාම තෘෂ්ණාවය, භව තෘෂ්ණාවය, විභව තෘෂ්ණාවය යන මොහුයි. ඇවැත්නි, මේ දුක්ඛසමුදය නම් ආර්‍ය්‍යසත්‍යයයි කියනු ලැබේ.
“ඇවැත්නි, දුක්ඛ නිරෝධ නම් ආර්‍ය්‍යසත්‍යය කවරේද? ඒ තෘෂ්ණාවගේම ශෙෂ රහිතව (ඉතිරිවීමක් නැතිව) නොඇලීමෙන් යම් නිරෝධයක්, ත්‍යාගයක්, දුරලීමක්, මිදීමක්, ඇළුම් රහිත බවක් වේද, ඇවැත්නි, මෙය දුක්ඛනිරෝධ නම් ආර්‍ය්‍යසත්‍යයයි කියනු ලැබේ.
|
375
‘‘කතමඤ්චාවුසො, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං - සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මාසති, සම්මාසමාධි.
‘‘කතමාචාවුසො, සම්මාදිට්ඨි? යං ඛො, ආවුසො, දුක්ඛෙ ඤාණං, දුක්ඛසමුදයෙ ඤාණං, දුක්ඛනිරොධෙ ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං, අයං වුච්චතාවුසො - ‘සම්මාදිට්ඨි’’’.
‘‘කතමො චාවුසො, සම්මාසඞ්කප්පො? නෙක්ඛම්මසඞ්කප්පො, අබ්යාපාදසඞ්කප්පො
‘‘කතමා චාවුසො, සම්මාවාචා? මුසාවාදා වෙරමණී, පිසුණාය වාචාය වෙරමණී, ඵරුසාය වාචාය වෙරමණී, සම්ඵප්පලාපා වෙරමණී, අයං වුච්චතාවුසො - ‘සම්මාවාචා’’’.
‘‘කතමො
‘‘කතමො චාවුසො, සම්මාආජීවො? ඉධාවුසො, අරියසාවකො මිච්ඡාආජීවං පහාය සම්මාආජීවෙන ජීවිකං කප්පෙති, අයං වුච්චතාවුසො - ‘සම්මාආජීවො’’’.
‘‘කතමො චාවුසො, සම්මාවායාමො? ඉධාවුසො, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, අනුප්පන්නානං කුසලානං ධම්මානං
‘‘කතමා චාවුසො, සම්මාසති? ඉධාවුසො, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු වෙදනානුපස්සී විහරති...පෙ.... චිත්තෙ චිත්තානුපස්සී විහරති... ධම්මෙසු ධම්මානුපස්සී
‘‘කතමො චාවුසො, සම්මාසමාධි? ඉධාවුසො, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති, පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති...පෙ.... තතියං ඣානං...
‘‘තථාගතෙනාවුසො, අරහතා සම්මාසම්බුද්ධෙන බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පටිවත්තියං සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං, යදිදං - ඉමෙසං චතුන්නං අරියසච්චානං ආචික්ඛනා දෙසනා පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්ම’’න්ති.
ඉදමවොච ආයස්මා සාරිපුත්තො. අත්තමනා තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දුන්ති.
සච්චවිභඞ්ගසුත්තං නිට්ඨිතං එකාදසමං.
|
375
“ඇවැත්නි, දුක් නිරුද්ධකිරීම පිණිස ගමන් කරන්නාවූ ප්‍රතිපදාව නම් ආර්‍ය්‍යසත්‍යය කවරේද? මේ ආර්‍ය්‍ය අෂ්ටාඩ්ගික මාර්ගය මැයි. එනම්, සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යනු මොහුයි.
“ඇවැත්නි, සම්‍යක් දෘෂ්ටිය කවරීද? ඇවැත්නි, දුක්ඛ සත්‍යයෙහි යම් දැනීමක් වේද, දුක්ඛ සමුදය සත්‍යයෙහි යම් දැනීමක් වේද, දුක්ඛ නිරෝධ සත්‍යයෙහි යම් දැනීමක් වේද, දුක් නිරුද්ධ කිරීම පිණිස පිළිපදින්නාවූ මාර්ග සත්‍යයෙහි යම් දැනීමක් වේද, ඇවැත්නි, මෙය සම්‍යක් දෘෂ්ටියයි කියනු ලැබේ.
“ඇවැත්නි, සම්‍යක් සංකල්පය නම් කවරීද? කාමයන්ගෙන් සිත බැහැර කිරීමෙහි සංකල්පනාවය. ක්‍රොධ නොකිරීම පිළිබඳ සංකල්පනාවය, හිංසා නොකිරීම පිළිබඳ සංකල්පනාවය යන මොහුයි. ඇවැත්නි, මේ සම්‍යක් සංකල්පයයි කියනු ලැබේ.
“ඇවැත්නි, සම්‍යක් වචනය කවරේද? බොරු කීමෙන් වැළකීමය, කේලාම් කීමෙන් වැළකීමය, රළුවචන කීමෙන් වැළකීමය, හිස් කථාවෙන් වැළකීමය යන මොහුයි ඇවැත්නි, මේ සම්‍යක් වචනයයි කියනු ලැබේ.
“ඇවැත්නි, සම්‍යක් කර්මාන්තය නම් කවරේද? සතුන් මැරීමෙන් වැළකීමය, සොරකම් කිරීමෙන් වැළකීමය, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීමය යන මොහුයි. ඇවැත්නි, මේ සම්‍යක් කර්මාන්තයයි කියනු ලැබේ
“ඇවැත්නි, සම්‍යක් ආජීවය නම් කවරේද? ඇවැත්නි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම වැරදිවූ ජීවිකාව හැර යහපත්වූ ජීවිකාවෙන් දිවි පැවැත්ම කෙරේද, ඇවැත්නි, මේ සම්‍යක් ආජීවයයි කියනු ලැබේ.
“ඇවැත්නි, සම්‍යක් ව්‍යායාමය නම් කවරේද? ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුතෙම නූපන්නාවූ ලාමකවූ අකුශල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයි. ව්‍යායාම කරයි. වීර්‍ය්‍ය පටන්ගනියි. සිත දැඩිකර ගණියි, උත්සාහ කරයි. උපන්නාවූ ලාමකවූ අකුසල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන්ගනියි. සිත දැඩිකර ගනියි. උත්සාහ කරයි. නූපන්නාවූ කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන්ගනියි. සිත දැඩිකර ගනියි. උත්සාහ කරයි. උපන්නාවූ කුසල කර්මයන්ගේ පැවැත්ම පිණිස, මුළා නොවීම පිණිස, වැඩිවීම පිණිස, මහත්වීම පිණිස, භාවනාවෙන් සම්පූර්ණ කිරීම පිණිස ආලය උපදවයි වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන්ගනියි. සිත දැඩිකර ගනියි. උත්සාහ කරයි. ඇවැත්නි, මේ සම්‍යක් ව්‍යායාමයයි කියනු ලැබේ.
“ඇවැත්නි, සම්‍යක් ස්මෘතිය නම් කවරේද? ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුතෙම කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, මනා දැනුම් ඇත්තේ, සිහි ඇත්තේ, ලෝකයෙහි ලෝභය හා දෝෂය දුරුකොට කයෙහි කය අනුව බලමින් වාසය කරයි. වේදනාවන්හි වේදනාවන් අනුව බලන්නේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, මනා දැනුම් ඇත්තේ, සිහි ඇත්තේ, ස්කන්ධ ලෝකයෙහි ලෝභය හා දෝෂය දුරු කොට වාසය කරයි. සිතෙහි සිත අනුව බලන්නේ කෙළෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, මනා දැනුම් ඇත්තේ, සිහි ඇත්තේ, ලෝකයෙහි ලෝභය හා දෝෂය දුරුකොට වාසය කරයි. කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, මනා දැනුම් ඇත්තේ, සිහි ඇත්තේ, ලෝකයෙහි ලෝභය හා දෝෂය දුරුකොට ධර්මයන්හි ධර්මය අනුව දකිමින් වාසය කරයි. ඇවැත්නි, මෙය සම්‍යක් ස්මෘතියයි කියනු ලැබේ.
“ඇවැත්නි, සම්‍යක් සමාධිය නම් කවරේද? ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුතෙම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති සිත පිළිබඳ එකඟ බැව් ඇත්තාවූ, විතර්ක සහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කෙරෙයි. සිහියෙන් යුක්තවූයේ, කයින් සැප විඳියි. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ, සිහියෙන් යුක්තවූයේ, සැප විහරණය ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. සැපය නැතිකිරීමෙන් දුක් නැති කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැත්තාවූද, සැප නැත්තාවූද උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති චතුර්ථධ්යානයට පැමිණ වාසය කරයි. ඇවැත්නි, මේ සම්‍යක් සමාධියයි කියනු ලැබේ. ඇවැත්නි, මේ දුක් නිරුද්ධකිරීම පිණිස ගමන් කරන්නාවූ මාර්ගය නම්, ආර්‍ය්‍යසත්‍යයයි කියනු ලැබේ.
“ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ විසින් බරණැස් නුවර මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරුවෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලෝ කිසිවෙකු විසිනුත් නොපැවැත්විය හැකි නිරුත්තරවූ ධර්මචක්රය පවත්වනලදී. එනම්, මේ සිව්වැදෑරුම්වූ ආර්‍ය්‍ය සත්‍යයන්ගෙන් කීම, දෙසීම, පැනවීම, පිහිටුවීම, විවරණය, විභජනය, ප්රකටකිරීම යනුයි.
ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරතෙමේ මෙය ප්‍රකාශ කෙළේය. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ගේ වචනය සතුටින් පිළිගත්තාහුයි.
එකළොස් වැනිවූ සච්චවිභංග සූත්‍රය නිමි. (4-11)
|
12. දක්ඛිණාවිභඞ්ගසුත්තං | 12. දක්ඛිණවිභංග සූත්‍රය |
376
එවං
|
376
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි, භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයන්හි කිඹුල්වත් පුරයෙහිවූ නිග්‍රොධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ අළුත්වූ වස්ත්‍ර දෙකක් ගෙණ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියාය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසක හුන්නීය. එකත්පසක හුන්නාවූ මහාප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළාය.
“ස්වාමීනි, මාගේ මේ අළුත්වූ වස්ත්‍ර යුවළ භාග්‍යවතුන් වහන්සේ උදෙසා තමන් විසින්ම කටින ලදී. තමන් විසින්ම වියන ලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ වස්ත්‍ර යුවළ අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා” යනුයි. මෙසේ කීකල්හි භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමියට මෙය වදාළේය. “ගෞතමිය, සංඝයාට දෙව. තී විසින් සංඝයාට දුන් කල්හි, මමද පුදනලද්දේ වන්නෙමි, සංඝයාද (පුදනලද්දේ) වන්නේය යනුයි. දෙවනුවද මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළාය. “ස්වාමීනි, මාගේ මේ අළුත් වස්ත්‍ර යුවළ භාග්‍යවතුන් වහන්සේ උදෙසා තමන් විසින්ම කටිනලදී. තමන් විසින්ම වියනලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ මේ වස්ත්‍ර යුග්මය, අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා” යනුයි. දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමියට මෙය වදාළේය. “ගෞතමිය, සංඝයාට දෙව, තී විසින් සංඝයාට දුන් කල්හි, මමද පුදනලද්දේ වන්නෙමියි, සංඝ තෙමේද පුදනලද්දේ වන්නේය” යනුයි. තුන්වෙනුවද මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළාය. “ස්වාමීනි, මාගේ මේ අළුත්වූ වස්ත්‍ර යුවළ භාග්‍යවතුන් වහන්සේ උදෙසා තමන් විසින්ම කටින ලදී. තමන් විසින්ම වියනලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ මේ වස්ත්‍ර යුග්මය, අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා” යනුයි. තුන්වෙනුවද භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපතී ගෞතමියට මෙය වදාළේය. “ගෞතමිය, සංඝයාට දෙව, තී විසින් සංඝයාට දුන් කල්හි මමද පුදනලද්දේ වන්නෙමි, සංඝ තෙමේද පුදන ලද්දේ වන්නේයයි.”
|
377
එවං වුත්තෙ, ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘පටිග්ගණ්හාතු, භන්තෙ, භගවා මහාපජාපතියා ගොතමියා නවං දුස්සයුගං. බහූපකාරා
(බහුකාරා (ස්‍යා. කං.)), භන්තෙ, මහාපජාපති ගොතමී භගවතො මාතුච්ඡා ආපාදිකා පොසිකා ඛීරස්ස දායිකා; භගවන්තං ජනෙත්තියා කාලඞ්කතාය ථඤ්ඤං පායෙසි. භගවාපි, භන්තෙ, බහූපකාරො මහාපජාපතියා ගොතමියා. භගවන්තං, භන්තෙ, ආගම්ම මහාපජාපති ගොතමී බුද්ධං සරණං ගතා, ධම්මං සරණං ගතා, සඞ්ඝං සරණං ගතා. භගවන්තං, භන්තෙ, ආගම්ම මහාපජාපති ගොතමී පාණාතිපාතා පටිවිරතා අදින්නාදානා පටිවිරතා කාමෙසුමිච්ඡාචාරා පටිවිරතා මුසාවාදා පටිවිරතා සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා. භගවන්තං, භන්තෙ, ආගම්ම මහාපජාපති ගොතමී බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා
|
377
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමියගේ අළුත්වූ වස්ත්‍ර යුවළ පිළිගන්නා සේක්වා. ස්වාමීනි, මහාප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාර ඇත්තීය. මවගේ සහෝදරිය. අත් පා වැඩූ තැනැත්තීය, පොෂණය කළ තැනැත්තීය, කිරි දුන් තැනැත්තීය. භාග්‍යවතුන් වහන්සේට වැදූ මව කළුරිය කල කල්හි කිරි පෙව්වාය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේද මහාප්‍රජාපතී ගෞතමියට බොහෝ උපකාර ඇත්තේ වේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මහාප්‍රජාපතී ගෞතමී තොමෝ බුදුන් සරණ කොට ගියාය. ධර්මය සරණ කොට ගියාය. සංඝයා සරණ කොට ගියාය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ සතුන් මැරීමෙන් වැළකුනීය, සොරකම් කිරීමෙන් වැළකුනීය, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනීය, බොරු කීමෙන් වැළකුනීය, රහමෙර පානය කිරීමෙන් වැළකුනීය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මහාප්‍රජාපතී ගෞතමී තොමෝ බුදුන් කෙරෙහි අචලවූ ප්‍රසාදයෙන් යුක්තවූවාය. ධර්මය කෙරෙහි අචලවූ ප්‍රසාදයෙන් යුක්තවූවාය. සංඝයා කෙරෙහි අචලවූ ප්‍රසාදයෙන් යුක්ත වූවාය. ආර්‍ය්‍යයන් කැමැතිවූ සීලයෙන් යුක්තවූවාය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මහාප්‍රජාපතී ගෞතමී තොමෝ දුක්ඛ සත්‍යයෙහි සැක නැති වූවාය. දුක්ඛ සමුදය සත්‍යයෙහි සැකනැති වූවාය. දුක්ඛ නිරෝධ සත්‍යයෙහි සැක නැති වූවාය. දුක් නිරුද්ධ කිරීමට පිළිපදින්නාවූ මාර්ග සත්‍යයෙහි සැක නැති වූවාය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේද මහා ප්‍රජාපතී ගෞතමියට බොහෝ උපකාර ඇති සේකැයි,” (සැලකෙළේය.)
|
378
‘‘එවමෙතං
‘‘යං හානන්ද, පුග්ගලො පුග්ගලං ආගම්ම පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති, ඉමස්සානන්ද, පුග්ගලස්ස ඉමිනා පුග්ගලෙන න සුප්පතිකාරං වදාමි, යදිදං - අභිවාදන-පච්චුට්ඨාන-අඤ්ජලිකම්ම-සාමීචිකම්මචීවරපිණ්ඩපාතසෙනාසනගිලා- නප්පච්චයභෙසජ්ජපරික්ඛාරානුප්පදානෙන.
‘‘යං හානන්ද, පුග්ගලො පුග්ගලං ආගම්ම බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති, ධම්මෙ... සඞ්ඝෙ... අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති, ඉමස්සානන්ද, පුග්ගලස්ස ඉමිනා පුග්ගලෙන න සුප්පතිකාරං වදාමි, යදිදං - අභිවාදන-පච්චුට්ඨාන-අඤ්ජලිකම්ම-සාමීචිකම්මචීවරපිණ්ඩපාතසෙනාසනගිලා- නප්පච්චයභෙසජ්ජපරික්ඛාරානුප්පදානෙන.
‘‘යං හානන්ද, පුග්ගලො පුග්ගලං ආගම්ම දුක්ඛෙ නික්කඞ්ඛො හොති, දුක්ඛසමුදයෙ නික්කඞ්ඛො හොති, දුක්ඛනිරොධෙ නික්කඞ්ඛො හොති, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය නික්කඞ්ඛො හොති, ඉමස්සානන්ද, පුග්ගලස්ස ඉමිනා පුග්ගලෙන න සුප්පතිකාරං වදාමි, යදිදං - අභිවාදන-පච්චුට්ඨානඅඤ්ජලිකම්ම-සාමීචිකම්ම-චීවරපිණ්ඩපාතසෙනාසනගිලා- නප්පච්චයභෙසජ්ජපරික්ඛාරානුප්පදානෙන.
|
378
“ආනන්දය, එය එසේය, ආනන්දය, එය එසේය. ආනන්දය, යම් පුද්ගලයකු නිසා පුද්ගලයෙක් තෙම බුදුන් සරණ කොට ගියේ වේද, ධර්මය සරණ කොට ගියේ වේද, සංඝයා සරණ කොට ගියේ වේද, ආනන්දය, මේ ආචාර්‍ය්‍යවූ පුද්ගලයාහට මේ අතවැසිවූ පුද්ගලයා විසින් ප්‍රතිඋපකාර කළ නොහැක්කේයයි, කියමි. එනම්, වැඳීමය, දැක හුනස්නෙන් නැගිටීමය, ඇඳිලි කිරීමය, ගරු බුහුමන් කිරීමය, සිව්රුය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය, යන මොවුන් දීමෙනි. ආනන්දය, යම් පුද්ගලයකු නිසා පුද්ගලයෙක් තෙම සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය කිරීමෙන් වැළකුනේ වේද, ආනන්දය, මේ ආර්‍ය්‍යවූ පුද්ගලයාහට මේ අතවැසිවූ පුද්ගලයා විසින් ප්‍රත්‍යුපකාර (උපකාරයට උපකාර) කළ නොහැකියයි කියමි.
“එනම්, වැඳීමය, දැක හුනස්නෙන් නැගිටීමය, ඇඳිලි කිරීමය, ගරුබුහුමන් කිරීමය, සිවුරුය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස, බෙහෙත්, පිරිකර දීමෙනි. ආනන්දය, යම් පුද්ගලයෙකු නිසා පුද්ගලයෙක් තෙම බුදුන් කෙරෙහි, අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වේද, ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වේද, සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වේද, ආර්‍ය්‍යයන් කැමැතිවූ සීලයෙන් යුක්තවූයේ වේද, ආනන්දය, මේ ආචාර්‍ය්‍යවූ පුද්ගලයාහට මේ අතවැසිවූ පුද්ගලයා විසින් ප්‍රත්‍යුපකාර කළ නොහැකි යයි කියමි. එනම්, වැඳීමය, දැක හුනස්නෙන් නැගිටීමය, ඇඳිලි කිරීමය, ගරුබුහුමන් කිරීමය, සිවුරුය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකර දීමෙනි. ආනන්දය, යම් පුද්ගලයකු නිසා පුද්ගලයෙක් තෙම දුක්ඛ සත්‍යයෙහි සැක නැත්තේ වේද, දුක්ඛ සමුදය සත්‍යයෙහි සැක නැත්තේ වේද, දුක්ඛ නිරෝධ සත්‍යයෙහි සැක නැත්තේ වේද, දුක් නිරුද්ධ කිරීමට පිළිපදින්නාවූ මාර්ග සත්‍යයෙහි සැක නැත්තේ වේද, ආනන්දය, මේ ආචාර්‍ය්‍යවූ පුද්ගලයාහට මේ අතවැසිවූ පුද්ගලයා විසින් ප්‍රත්‍යුපකාර කළ නොහැකියයි කියමි. එනම්, වැඳීම, දැක හුනස්නෙන් නැගිටීම, ඇඳිලි කිරීම, ගරුබුහුමන් කිරීම, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර දීම යන මෙයිනි.
|
379
‘‘චුද්දස ඛො පනිමානන්ද, පාටිපුග්ගලිකා දක්ඛිණා. කතමා චුද්දස? තථාගතෙ
‘‘තත්රානන්ද, තිරච්ඡානගතෙ දානං දත්වා සතගුණා දක්ඛිණා පාටිකඞ්ඛිතබ්බා, පුථුජ්ජනදුස්සීලෙ දානං දත්වා සහස්සගුණා දක්ඛිණා පාටිකඞ්ඛිතබ්බා, පුථුජ්ජනසීලවන්තෙ දානං දත්වා සතසහස්සගුණා දක්ඛිණා
|
379
“ආනන්දය, පුද්ගලික දාන මේ දහතරක් වෙත්. අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ කෙරෙහි දානය දේද, මේ පළමුවන පුද්ගලික දානයයි. පසේ බුදුන් කෙරෙහි දානය දේද, මේ දෙවන පුද්ගලික දානයයි. තථාගත ශ්‍රාවකවූ රහතන් වහන්සේ කෙරෙහි දානය දේද, මේ තුන් වන පුද්ගලික දානයයි. අර්හත් ඵලය ප්රත්යක්ෂ කිරීම පිණිස පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ සතරවන පුද්ගලික දානයයි. අනාගාමි පුද්ගලයෙකුට දානය දේද, මේ පස්වන පුද්ගලික දානයයි. අනාගාමි ඵලය ප්රත්යක්ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ සවන පුද්ගලික දානයයි. සකෘදාගාමි පුද්ගලයෙකුට දානය දේද, මේ සත්වන පුද්ගලික දානයයි. සකෘදාගාමි ඵලය ප්රත්යක්ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ අටවන පුද්ගලික දානයයි. සෝවාන් පුද්ගලයෙකු කෙරෙහි දානය දේද, මේ නවවන පුද්ගලික දානයයි. සෝවාන් ඵලය ප්රත්යක්ෂ කිරීමට පිළිපන්නකු කෙරෙහි දානය දේද, මේ දසවන පුද්ගලික දානයයි. සස්නෙන් බැහැරවූ කාමයන්හි පහවූ රාග ඇත්තකු කෙරෙහි දානය දේද, මේ එකොළොස්වන පුද්ගලික දානයයි. පෘථග්ජන සීලවන්තයකු කෙරෙහි දානය දේද, මේ දොළොස්වන පුද්ගලික දානයයි. පෘථග්ජන දුශ්ශීලයෙකු කෙරෙහි දානය දේද, මේ දහතුන්වන පුද්ගලික දානයයි. තිරිසන් ගතවූවකු කෙරෙහි දානය දේද, මේ දහහතර වන පුද්ගලික දානයයි.
“ආනන්දය, ඔවුන් අතුරෙන් තිරිසන් ගතවූවකු කෙරෙහි දානයදී සියයක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය. පෘථග්ජන දුශ්ශීලයකු කෙරෙහි දානය දී, දහසක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය. පෘථග්ජන සීලවන්තයෙකු කෙරෙහි දානය දී ලක්ෂයක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය. ශාසනයෙන් පිටත්හිවූ කාමයන්හි පහවූ රාගය ඇත්තකු කෙරෙහි දානය දී කෝටිලක්ෂයක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය. සෝවාන්ඵලය ප්රත්යක්ෂකිරීම පිණිස පිළිපන්නකු කෙරෙහි දානය දී සංඛ්‍යාවක් නැත්තාවූ, ප්‍රමාණයක් නැත්තාවූ අනුසස් ඇති දානය කැමැති විය යුත්තේය. සෝවාන් පුද්ගලයෙකු කෙරෙහි කියනුම කවරේද? සකෘදාගාමි ඵලය ප්රත්යක්ෂ කිරීමට පිළිපන්නකු කෙරෙහි කියනුම කවරේද? සකෘදාගාමි පුද්ගලයෙකුට කියනුම කවරේද? අනාගාමිඵලය ප්‍රත්‍යක්ෂකිරීමට පිළිපන්නකු කෙරෙහි කියනුම කවරේද? අර්හත් ඵලය ප්රත්යක්ෂ කිරීමට පිළිපන්නකු කෙරෙහි කියනුම කවරේද? තථාගත ශ්‍රාවකවූ රහතන් වහන්සේ කෙරෙහි කියනුම කවරේද? පසේබුදුන් කෙරෙහි කියනුම කවරේද? අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ කෙරෙහි (දුන් දනෙහි අනුසස්) කියනුම කවරේද?
|
380
‘‘සත්ත ඛො පනිමානන්ද, සඞ්ඝගතා දක්ඛිණා. කතමා සත්ත? බුද්ධප්පමුඛෙ උභතොසඞ්ඝෙ දානං දෙති - අයං පඨමා සඞ්ඝගතා දක්ඛිණා. තථාගතෙ පරිනිබ්බුතෙ උභතොසඞ්ඝෙ දානං දෙති - අයං දුතියා සඞ්ඝගතා දක්ඛිණා. භික්ඛුසඞ්ඝෙ දානං දෙති - අයං තතියා සඞ්ඝගතා දක්ඛිණා. භික්ඛුනිසඞ්ඝෙ දානං දෙති - අයං චතුත්ථී සඞ්ඝගතා දක්ඛිණා. ‘එත්තකා මෙ භික්ඛූ ච භික්ඛුනියො ච
‘‘භවිස්සන්ති
|
380
“ආනන්දය, මේ සංඝික දාන සතක් වෙත්. කවර සතක්දයත්? බුදුන් ප්‍රධාන (භික්ෂු භික්ෂුණී යන) උභතො සංඝයා විෂයෙහි දානය දේද, මෙය පළමුවන සංඝික දානයයි. තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි උභතො සංඝයා විෂයෙහි දානය දේද, මෙය දෙවන සංඝික දානයයි. භික්ෂු සංඝයා විෂයෙහි දානය දේද, මේ තුන්වන සංඝික දානයයි. භික්ෂුණී සංඝයා විෂයෙහි දානය දේද, මේ සතරවන සංඝික දානයයි. මෙතෙක් භික්ෂුහුද භික්ෂුණීහුද මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය පස්වන සංඝික දානයයි. මෙතෙක් භික්ෂූහු මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය සයවෙනි සංඝික දානයයි. මෙපමණ භික්ෂුණීහු මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය සත්වෙනි සංඝික දානයයි. ආනන්දය, මතු කාලයෙහි ශ්‍රමණ ගොත්‍රය පමණක් ඇත්තාවූ, ලාමක ස්වභාව ඇත්තාවූ, කාසාවකණ්ඨ නම් දුශ්ශීලයෝ වන්නාහුමය. ඒ දුශ්ශීලයන් කෙරෙහි සංඝයා උදෙසා දානය දෙන්නාහුය. ආනන්දය, එකල්හිද මම සංඝගත දානය සංඛ්‍යාවක් නැති, ප්‍රමාණයක් නැති අනුසස් ඇත්තකැයි කියමි. ආනන්දය, කිසියම් ආකාරයකින් සංඝික දානයට වඩා පුද්ගලික දානය අතිශයින් මහත්ඵල ඇත්තේයයි නොමකියමි.
|
381
‘‘චතස්සො ඛො ඉමා, ආනන්ද, දක්ඛිණා විසුද්ධියො. කතමා චතස්සො? අත්ථානන්ද, දක්ඛිණා දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො. අත්ථානන්ද, දක්ඛිණා පටිග්ගාහකතො විසුජ්ඣති නො දායකතො. අත්ථානන්ද, දක්ඛිණා නෙව දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො. අත්ථානන්ද, දක්ඛිණා දායකතො චෙව විසුජ්ඣති පටිග්ගාහකතො ච.
‘‘කථඤ්චානන්ද, දක්ඛිණා දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො? ඉධානන්ද, දායකො හොති සීලවා කල්යාණධම්මො, පටිග්ගාහකා හොන්ති දුස්සීලා පාපධම්මා - එවං ඛො, ආනන්ද, දක්ඛිණා දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො.
‘‘කථඤ්චානන්ද, දක්ඛිණා පටිග්ගාහකතො විසුජ්ඣති නො දායකතො? ඉධානන්ද, දායකො හොති දුස්සීලො පාපධම්මො, පටිග්ගාහකා හොන්ති සීලවන්තො
(සීලවන්තා (සී.)) කල්යාණධම්මා - එවං ඛො, ආනන්ද, දක්ඛිණා පටිග්ගාහකතො විසුජ්ඣති නො දායකතො.
‘‘කථඤ්චානන්ද, දක්ඛිණා නෙව දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො? ඉධානන්ද, දායකො ච හොති දුස්සීලො පාපධම්මො, පටිග්ගාහකා
‘‘කථඤ්චානන්ද, දක්ඛිණා දායකතො චෙව විසුජ්ඣති පටිග්ගාහකතො ච? ඉධානන්ද, දායකො ච හොති සීලවා කල්යාණධම්මො, පටිග්ගාහකා ච හොන්ති සීලවන්තො කල්යාණධම්මා
ඉදමවොච භගවා. ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා -
|
381
“ආනන්දය, මේ දාන විසුද්ධිහු සතරක් වෙත්. කවර සතරක්දයත්? ආනන්දය, දායකයා කෙරෙන් පිරිසිදු වේද, (මහත්ඵල වේද) ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු නොවේද, එබඳු දානයක් ඇත්තේය. ආනන්දය, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු වේද, දායකයා කෙරෙන් පිරිසිදු නොවේද, එබඳු දානයක් ඇත්තේය. ආනන්දය, දායකයා කෙරෙන් පිරිසිදු නොවේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු නොවේද, එබඳු දානයක් ඇත්තේය. ආනන්දය, දායකයා කෙරෙනුත් පිරිසිදු වේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසිදු වේද, එබඳු දානයක් ඇත්තේය.
“ආනන්දය, කෙසේ නම් දානය දායකයා කෙරෙන් පිරිසිදු වේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු නොවේද, ආනන්දය, මේ ශාසනයෙහි දායකතෙම සිල්වත්වූ යහපත් ස්වභාව ඇත්තෙක් වේද, ප්‍රතිග්‍රාහකයෝ දුශ්ශීලවූ ලාමක ස්වභාව ඇත්තෝ වෙත්ද, ආනන්දය, මෙසේ වනාහි දානය දායකයා කෙරෙන් පිරිසිදු වේ. ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු නොවේ.
“ආනන්දය, කෙසේ නම් දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු වේද, දායකයා කෙරෙන් පිරිසිදු නොවේද, ආනන්දය, මේ ශාසනයෙහි දායකතෙම දුශ්ශීලවූ ලාමක ස්වභාව ඇත්තෙක් වේද, ප්‍රතිග්‍රාහකයෝ සිල්වත්වූ යහපත් ස්වභාව ඇත්තාහු වෙත්ද, ආනන්දය, මෙසේ වනාහි දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු වේ. දායකයා කෙරෙන් පිරිසිදු නොවේ.
“ආනන්දය, කෙසේ නම් දානය දායකයා කෙරෙනුත් පිරිසිදු නොවේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසිදු නොවේද? ආනන්දය, මේ ශාසනයෙහි දායක තෙමේද? දුශ්ශීලවූ ලාමකවූ ස්වභාව ඇත්තෙක්වේ. ප්‍රතිග්‍රාහකයෝද දුශ්ශීලවූ ලාමක ස්වභාව ඇත්තාහු වෙත්. ආනන්දය, මෙසේ වනාහි දානය දායකයා කෙරෙහිද පිරිසිදු නොවේ. ප්‍රතිග්‍රාහකයා කෙරෙන්ද පිරිසිදු නොවේ.
“ආනන්දය, කෙසේ නම්, දානය දායකයා කෙරෙනුත් පිරිසිදු වේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසිදු වේද? ආනන්දය, මේ ශාසනයෙහි දායක තෙමේත් සිල්වත් යහපත් ස්වභාව ඇත්තෙක් වේද, ප්‍රතිග්‍රාහකයෝත් සිල්වත්වූ යහපත් ස්වභාව ඇත්තාහු වෙත්ද, ආනන්දය, මෙසේ වනාහි දානය දායකයා කෙරෙනුත් පිරිසිදු වේ. හෙවත් මහත්ඵල වේ. ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසිදු වේ.
“ආනන්දය, මොහු වනාහි දාන විසුද්ධිහු සතර වෙත්යයි” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සුගතයන් වහන්සේ මෙය වදාරා, ශාස්තෲන් වහන්සේ නැවතද මෙසේ වදාළේය.
|
382
‘‘යො
ධම්මෙන ලද්ධං
(ලද්ධා (සී. පී.)) සුපසන්නචිත්තො;
අභිසද්දහං කම්මඵලං උළාරං,
සා දක්ඛිණා දායකතො විසුජ්ඣති.
‘‘යො දුස්සීලො සීලවන්තෙසු දදාති දානං,
අධම්මෙන ලද්ධං අප්පසන්නචිත්තො;
අනභිසද්දහං කම්මඵලං උළාරං,
සා දක්ඛිණා පටිග්ගාහකතො විසුජ්ඣති.
‘‘යො දුස්සීලො දුස්සීලෙසු දදාති දානං,
අධම්මෙන ලද්ධං අප්පසන්නචිත්තො;
අනභිසද්දහං
න තං දානං විපුලප්ඵලන්ති බ්රූමි.
‘‘යො සීලවා සීලවන්තෙසු දදාති දානං,
ධම්මෙන ලද්ධං සුපසන්නචිත්තො;
අභිසද්දහං කම්මඵලං උළාරං,
තං වෙ දානං විපුලප්ඵලන්ති බ්රූමි
(සා දක්ඛිණා නෙවුභතො විසුජ්ඣති (සී. පී.)).
‘‘යො වීතරාගො වීතරාගෙසු දදාති දානං,
ධම්මෙන ලද්ධං සුපසන්නචිත්තො;
අභිසද්දහං
තං වෙ දානං ආමිසදානානමග්ග’’
(තං වෙ දානං විපුලන්ති බ්රූමි (සී.)) න්ති.
|
382
[1] “සිල්වත්වූ යමෙක් දැහැමින් ලද දෙයින් මනා පහන් සිත් ඇත්තේ, මහත්වූ කර්මඵලය අදහමින් දුශ්ශීලයන් කෙරෙහි දානය දේද, ඒ දානය දායකයා කෙරෙන් පිරිසිදු වේ.
[2] “යම් දුශ්ශීලයෙක් අධර්මයෙක් ලද දෙයින් ප්‍රසන්නවූ සිත් නැත්තේ මහත්වූ කර්මඵලය නොඅදහමින් සීලවන්තයන් කෙරෙහි දානය දේද, ඒ දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු වේ.
[3] “යම් දුශ්ශීලයෙක් තෙම අධර්මයෙන් ලදදෙයින් අප්‍රසන්න සිත් ඇත්තේ, මහත්වූ කර්මඵලය නොඅදහමින් දුස්සීලයන් කෙරෙහි දානය දේද, ඒ දානය දෙපසින්ම පිරිසිදු නොවේ.
[4] “යම් සීලවන්තයෙක් තෙම දැහැමින් ලද දෙයින් ප්‍රසන්නවූ සිත් ඇත්තේ මහත්වූ කර්මඵලය අදහමින් සීලවන්තයන් කෙරෙහි දානය දේද, ඒකාන්තයෙන් ඒ දානය මහත්වූ විපාක ඇත්තේයයි කියමි.
[5] “යම් පහවූ රාග ඇති පුද්ගලයෙක් දැහැමින් ලදදෙයින් යහපත් ප්‍රසන්නවූ සිත් ඇත්තේ මහත්වූ කර්මඵලය අදහමින් රහතුන් විෂයෙහි දානය දේද, ඒකාන්තයෙන් ඒ දානය ආමිෂ දාන අතුරෙන් අග්‍රයයි” කියමි.
|