ත්‍රිපිටකය
3. සුඤ්ඤතවග්ගො 3. සුඤ්ඤත වර්ගය
1. චූළසුඤ්ඤතසුත්තං 1. චූල සුඤ්ඤත සූත්‍රය
2. මහාසුඤ්ඤතසුත්තං 2. මහා සුඤ්ඤත සූත්‍රය
3. අච්ඡරියඅබ්භුතසුත්තං 3. ආශ්චර්‍ය්‍ය ධර්ම සූත්‍රය
4. බාකුලසුත්තං 4. බක්කුල සූත්‍රය
5. දන්තභූමිසුත්තං 5. දන්තභූමි සූත්‍රය
6. භූමිජසුත්තං 6. භූමිජ සූත්‍රය
7. අනුරුද්ධසුත්තං 7. අනුරුද්ධ සූත්‍රය
8. උපක්කිලෙසසුත්තං 8. උපක්ලෙශ සූත්‍රය
9. බාලපණ්ඩිතසුත්තං 9. බාල පණ්ඩිත සූත්‍රය
246
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘තීණිමානි, භික්ඛවෙ, බාලස්ස බාලලක්ඛණානි බාලනිමිත්තානි බාලාපදානානි. කතමානි තීණි? ඉධ, භික්ඛවෙ, බාලො දුච්චින්තිතචින්තී ච හොති දුබ්භාසිතභාසී ච දුක්කටකම්මකාරී ච. නො චෙතං (නො චෙදං (සං. නි. 3.27-28)), භික්ඛවෙ, බාලො දුච්චින්තිතචින්තී ච අභවිස්ස දුබ්භාසිතභාසී ච දුක්කටකම්මකාරී ච කෙන නං (න තෙන නං (ක.), න නං (?)) පණ්ඩිතා ජානෙය්‍යුං - ‘බාලො අයං භවං අසප්පුරිසො’ති? යස්මා ච ඛො, භික්ඛවෙ, බාලො දුච්චින්තිතචින්තී ච හොති දුබ්භාසිතභාසී ච දුක්කටකම්මකාරී ච තස්මා නං පණ්ඩිතා ජානන්ති - ‘බාලො අයං භවං අසප්පුරිසො’ති. ස ඛො සො, භික්ඛවෙ, බාලො තිවිධං දිට්ඨෙව ධම්මෙ දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. සචෙ, භික්ඛවෙ, බාලො සභායං වා නිසින්නො හොති, රථිකාය (රථියාය (බහූසු)) වා නිසින්නො හොති, සිඞ්ඝාටකෙ වා නිසින්නො හොති; තත්‍ර චෙ ජනො තජ්ජං තස්සාරුප්පං කථං මන්තෙති. සචෙ, භික්ඛවෙ, බාලො පාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසුමිච්ඡාචාරී හොති, මුසාවාදී හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨායී හොති, තත්‍ර, භික්ඛවෙ, බාලස්ස එවං හොති - ‘යං ඛො ජනො තජ්ජං තස්සාරුප්පං කථං මන්තෙති, සංවිජ්ජන්තෙව තෙ (සංවිජ්ජන්තෙ තෙ ච (සී. ස්‍යා. කං. පී.)) ධම්මා මයි, අහඤ්ච තෙසු ධම්මෙසු සන්දිස්සාමී’ති. ඉදං, භික්ඛවෙ, බාලො පඨමං දිට්ඨෙව ධම්මෙ දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති.
246
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන් ඇමතූසේක. ඒ භික්ෂූහු ‘පින්වතුන් වහන්සැ’ යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. “මහණෙනි, බාලයාගේ මේ බාල ලක්ෂණ, බාලයයි හැඳිනීමට කරුණු, බාලයාගේ චරිත තුනකි. ඒ තුන කවරහුද? මහණෙනි, මේ ලෝකයෙහි බාලතෙම නපුරුකොට සිතන්නේත් වෙයි. නපුරුකොට කියන්නේත් වෙයි. නපුරුකොට කරන්නේත් වෙයි. මහණෙනි, ඉදින් බාලතෙම නපුරුකොට නොසිතන්නේ නම් නපුරුකොට නොකියන්නේ නම් නපුරුකොට නොකරන්නේ නම් කුමකින් ඔහු මේ භවත් අසත්පුරුෂයා බාලයෙකැයි පණ්ඩිතයෝ දැනගන්නාහුද? මහණෙනි, යම් හෙයකින් බාලතෙම නපුරුකොට සිතන්නේද, නපුරුකොට කියන්නේද, නපුරුකොට කරන්නේද, එහෙයින් ඔහු මේ භවත් අසත් පුරුෂයා බාලයෙකැයි පණ්ඩිතයෝ දැනගනිත්. මහණෙනි, ඒ මේ බාලයා මේ ආත්මභාවයෙහි තෙවැදෑරුම්වූ, දුක් දොම්නසක් විඳී. මහණෙනි, ඉදින් ඒ බාලයා සභාවක හෝ හුන්නේ වේද, වීථියෙක හුන්නේ වේද, සතර මංසන්ධියෙක හෝ හුන්නේවේද, එහි ජනයා ඒ වැරදිවලට සුදුසු, වැරදිවලට ගැලපෙන (පස්පවෙහි ආදීනව ආදි) කථා කරත්ද මහණෙනි, ඉදින් බාලතෙම ප්‍රාණඝාත කරන්නේ වේද, නුදුන් දෙය ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, ප්‍රමාදයට කරුණුවූ, මත්පැන් බොන්නේ වේද, මහණෙනි. එහිදී බාලයාහට මෙසේ අදහස් වෙයි ‘ජනයා යම් හෙයකින් ඒ වැරදිවලට සුදුසු, වැරදිවලට ගැලපෙන කථා කෙරෙයිද, ඒ වරද ස්වභාවයෝ මා තුළ ඇත්තාහුය. මමද ඒ ධර්මයන් දක්නා ලැබෙමි’ කියායි. මහණෙනි, බාල තෙම ඉහාත්මභාවයෙහි මේ පළමු දුක දොම්නස විඳී.
247
‘‘පුන චපරං, භික්ඛවෙ, බාලො පස්සති රාජානො චොරං ආගුචාරිං ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්තෙ - කසාහිපි තාළෙන්තෙ වෙත්තෙහිපි තාළෙන්තෙ අද්ධදණ්ඩකෙහිපි තාළෙන්තෙ හත්ථම්පි ඡින්දන්තෙ පාදම්පි ඡින්දන්තෙ හත්ථපාදම්පි ඡින්දන්තෙ කණ්ණම්පි ඡින්දන්තෙ නාසම්පි ඡින්දන්තෙ කණ්ණනාසම්පි ඡින්දන්තෙ බිලඞ්ගථාලිකම්පි කරොන්තෙ සඞ්ඛමුණ්ඩිකම්පි කරොන්තෙ රාහුමුඛම්පි කරොන්තෙ ජොතිමාලිකම්පි කරොන්තෙ හත්ථපජ්ජොතිකම්පි කරොන්තෙ එරකවත්තිකම්පි කරොන්තෙ චීරකවාසිකම්පි කරොන්තෙ එණෙය්‍යකම්පි කරොන්තෙ බළිසමංසිකම්පි කරොන්තෙ කහාපණිකම්පි කරොන්තෙ ඛාරාපතච්ඡිකම්පි (ඛාරාපටිච්ඡකම්පි (ක.)) කරොන්තෙ පලිඝපරිවත්තිකම්පි කරොන්තෙ පලාලපීඨකම්පි (පලාලපිට්ඨකම්පි (පී.)) කරොන්තෙ තත්තෙනපි තෙලෙන ඔසිඤ්චන්තෙ සුනඛෙහිපි ඛාදාපෙන්තෙ ජීවන්තම්පි සූලෙ උත්තාසෙන්තෙ අසිනාපි සීසං ඡින්දන්තෙ. තත්‍ර, භික්ඛවෙ, බාලස්ස එවං හොති - ‘යථාරූපානං ඛො පාපකානං කම්මානං හෙතු රාජානො චොරං ආගුචාරිං ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්ති - කසාහිපි තාළෙන්ති...පෙ.... අසිනාපි සීසං ඡින්දන්ති; සංවිජ්ජන්තෙව තෙ ධම්මා මයි, අහඤ්ච තෙසු ධම්මෙසු සන්දිස්සාමි. මං චෙපි රාජානො (සචෙ මම්පි (ක.)) ජානෙය්‍යුං, මම්පි රාජානො ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙය්‍යුං - කසාහිපි තාළෙය්‍යුං...පෙ.... ජීවන්තම්පි සූලෙ උත්තාසෙය්‍යුං, අසිනාපි සීසං ඡින්දෙය්‍යු’න්ති. ඉදම්පි, භික්ඛවෙ, බාලො දුතියං දිට්ඨෙව ධම්මෙ දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති.
247
“මහණෙනි, නැවතද අනෙකක් කියමි. රජුන් විසින් අපරාධකාරී සොරකු අල්වා, නන් වැදෑරුම් කම්කටුලු කරවනු බාලතෙම දකී. කසවලින් තළවනු ලබන්නවුන්ද, වේවැල් වලින් තලවනු ලබන්නවුන්ද, සතර රියන් දිග දණ්ඩෙන් අත කපනු ලබන්නවුන්ද, පා කපනු ලබන්නවුන්ද, අත් පා දෙකම කපනු ලබන්නවුන්ද, කණ කපනු ලබන්නවුන්ද, නාසය කපනු ලබන්නවුන්ද, කන් නාසා දෙකම කපනු ලබන්නවුන්ද, “බිලංගථාලික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “සඩ්ඛමුණ්ඩික” නම් කර්මය කරන්නවුන්ද, “රාහුමුඛ” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “ජෝතිමාලික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “හත්ථපජ්ජොතික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “ඒරකවත්තික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “චීරකවාසික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “ඒණෙය්‍යක” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “බලිසමංසික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “කහාපණක” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “ඛාරාපතච්ඡික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “සලිඝපරිවත්තික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “පලාලපිට්ඨික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, උණුකරනලද තෙල් ඉසිනු ලබන්නවුන්ද, බඩගින්නෙන් පීඩිත සුනඛයන් ලවා කවන්නවුන්ද, පණපිටින් හුල හිඳුවනු ලබන්නවුන්ද, කඩුවෙන් හිස සිඳිනු ලබන්නවුන්ද, දකී.
“මහණෙනි, එහිදී බාලයාහට මෙසේ අදහස් වෙයි. ‘යම්බඳු පාප කර්මයන් හේතුකොටගෙන රජවරු අපරාධකාරී සොරුන් අල්වාගෙන නන්වැදෑරුම් කම්කටුලු කරවත්ද, එනම්: කසවලින් තළවත්ද, වේවැල්වලින් තළවත්ද, මුගුරුවලින් තළවත්ද, අත කපත්ද, පා කපත්ද, අත් පා දෙකම කපත්දත කණ කපත්ද, නාසය කපත්ද, කන් නාසා දෙකම කපත්ද, බිලංගථාලික නම් කර්මය කරත්ද, සඩ්ඛමුණ්ඩික නම් කර්මය කරත්ද, රාහුමුඛ නම් කර්මය කරත්ද, ජෝතිමාලික නම් කර්මය කරත්ද, හත්ථපජ්ජෝතක නම් කර්මය කරත්ද, එරකවත්තික කර්මය කරත්ද, චීරකවාසික කර්මය කරත්ද, ඒණෙය්‍යක කර්මය කරත්ද බලිසමංසික කර්මයකරත්ද, කහාපණක කර්මය කරත්ද, ඛාරාපතච්ඡීක කර්මය කරත්ද, පලිඝපරිවත්තික කර්මය කරත්ද, පලාලපිට්ඨික කර්මය කරත්ද, රත්වූ තෙල් ඉසිත්ද, බඩසයින් පීඩිත සුනඛයන්ලවා කවත්ද, ජීවත්වසිටියදීම හුල හිඳුවත්ද, කඩුවෙන් හිස සිඳිත්ද, ඒ පාපධර්ම මා කෙරෙහිද ඇත්තාහුය. මමද ඒ ධර්මයන්හි දක්නා ලැබෙමි.
“රජවරු මාද දන්නහු නම්, රජවරු මාත් අල්වාගෙණ, නානා ප්‍රකාර කම්කටුලු කරවන්නහුය. කසවලින් තළවන්නාහුය. වේවැල්වලින් තළවන්නාහුය. මුගුරුවලින් තළවන්නාහුය. අතද කප්පවන්නාහුය. පයද කප්පවන්නාහුය. අත් පා දෙකම කප්පවන්නාහුය. කණද කප්පවන්නාහුය. නාසයද කප්පවන්නාහුය. කන් නාසා දෙකම කප්පවන්නාහුය. බිලංගථාලික කර්මය කරවන්නාහුය. සඩ්ඛමුණ්ඩික කර්මය කරවන්නාහුය. රාහුමුඛ නම් කර්මය කරවන්නාහුය. ජෝතිමාලික නම් කර්මය කරවන්නාහුය. හත්ථපජ්ජොතික නම් කර්මය කරවන්නාහුය. ඒරකවත්තික නම් කර්මය කර වන්නාහුය. ඒණෙය්‍යක නම් කර්මය කරවන්නාහුය. බලිසමංසික නම් කර්මය කරවන්නාහුය. කහාපණක නම් කර්මය කරවන්නාහුය. ඛාරාපතච්ඡික නම් කර්මය කරවන්නාහුය. පලිඝපරිවත්තික නම් කර්මය කරවන්නාහුය. රත්වූ තෙල් ඉස්වන්නාහුය. බඩසයින් පීඩිත සුනඛයින් ලවා කවන්නාහුය. ජීවත්වත්ම හුල හිඳුවන්නාහුය. කඩුවෙන් හිස කප්පවන්නාහුය.’ මහණෙනි, බාලතෙම මේ ආත්මභාවයෙහි මේ දෙවෙනි දුක් දොම්නසද විඳියි.
248
‘‘පුන චපරං, භික්ඛවෙ, බාලං පීඨසමාරූළ්හං වා මඤ්චසමාරූළ්හං වා ඡමායං (ඡමාය (සී. පී.)) වා සෙමානං, යානිස්ස පුබ්බෙ පාපකානි කම්මානි කතානි කායෙන දුච්චරිතානි වාචාය දුච්චරිතානි මනසා දුච්චරිතානි තානිස්ස තම්හි සමයෙ ඔලම්බන්ති අජ්ඣොලම්බන්ති අභිප්පලම්බන්ති. සෙය්‍යථාපි, භික්ඛවෙ, මහතං පබ්බතකූටානං ඡායා සායන්හසමයං පථවියා ඔලම්බන්ති අජ්ඣොලම්බන්ති අභිප්පලම්බන්ති; එවමෙව ඛො, භික්ඛවෙ, බාලං පීඨසමාරූළ්හං වා මඤ්චසමාරූළ්හං වා ඡමායං වා සෙමානං, යානිස්ස පුබ්බෙ පාපකානි කම්මානි කතානි කායෙන දුච්චරිතානි වාචාය දුච්චරිතානි මනසා දුච්චරිතානි තානිස්ස තම්හි සමයෙ ඔලම්බන්ති අජ්ඣොලම්බන්ති අභිප්පලම්බන්ති. තත්‍ර, භික්ඛවෙ, බාලස්ස එවං හොති - ‘අකතං වත මෙ කල්‍යාණං, අකතං කුසලං, අකතං භීරුත්තාණං; කතං පාපං, කතං ලුද්දං, කතං කිබ්බිසං. යාවතා, භො, අකතකල්‍යාණානං අකතකුසලානං අකතභීරුත්තාණානං කතපාපානං කතලුද්දානං කතකිබ්බිසානං ගති තං ගතිං පෙච්ච ගච්ඡාමී’ති. සො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජති. ඉදම්පි, භික්ඛවෙ, බාලො තතියං දිට්ඨෙව ධම්මෙ දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති.
‘‘ස ඛො සො, භික්ඛවෙ, බාලො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. යං ඛො තං, භික්ඛවෙ, සම්මා වදමානො වදෙය්‍ය - ‘එකන්තං අනිට්ඨං එකන්තං අකන්තං එකන්තං අමනාප’න්ති, නිරයමෙව තං සම්මා වදමානො වදෙය්‍ය - ‘එකන්තං අනිට්ඨං එකන්තං අකන්තං එකන්තං අමනාප’න්ති. යාවඤ්චිදං, භික්ඛවෙ, උපමාපි (උපමාහිපි (සී.)) න සුකරා යාව දුක්ඛා නිරයා’’ති.
248
“මහණෙනි, නැවතද අනෙකක් කියමි. පුටුවක හිඳගත්තාවූ හෝ ඇඳක නිදාගත්තාවූ හෝ බිම නිදන්නාවූ හෝ බාලයා වෙත ඔහු විසින් පෙර කයින් නපුරුකොට කරණ ලද්දාවූද වචනයෙන් නපුරුකොට කියන ලද්දාවූද, සිතින් නපුරුකොට සිතන ලද්දාවූද, යම් ලාමක අකුසල ධර්මයෝ වෙත්ද, ඒ ලාමක අකුශල ධර්මයෝ එළඹ සිටිත්. එල්බ සිටිත්. විශේෂයෙන් එල්බ සිටිත්. මහණෙනි, යම්සේ පර්වත කූටයන්ගේ සෙවණ සවස් කාලයෙහි පොළොවෙහි පැතිර පවතීද, අධිකව පැතිර පවතීද, විශේෂයෙන් පැතිර පවතීද, මහණෙනි, එපරිද්දෙන්ම පුටුවෙහි හුන්, ඇඳෙහි සයනය කළ, බිම හෝනා, මේ බාලයා විසින් පූර්වයෙහි යම් කායික දුශ්චරිත, වාක් දුශ්චරිත, මනෝ දුශ්චරිත කරණ ලද්දාහුද, ඔහු වෙත ඒ ලාමක අකුශල ධර්මයෝ එළඹ සිටිත්. එල්බ සිටිත්. විශේෂයෙන් එල්බ සිටිත්. මහණෙනි, එහිදී බාලයාහට මෙසේ අදහස් වෙයි. ‘මා විසින් යහපතක් නොකරණලදී. කුසලයක් නොකරණලදී. භය දුරු කරන්නක් නොකරණලදී. පාපයක් කරණලදී. රෞද්‍රකම් කරණලදී. නරකක් කරණලදී. නොකරණලද හොඳ ඇති, නොකරණලද කුසල් ඇති, නොකරණලද භය දුරු කිරීමක් ඇති, කළ පව් ඇති, කළ රෞද්‍රකම් ඇති, කළ නරකකම් ඇති අයගේ යම් ගතියක් වේද, පරලොවදී ඒ ගතියට යමියි, හෙතෙම ශෝක කරයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ළෙහි අත්ගසා හඬයි. මුළාවට පැමිණෙයි. මහණෙනි, බාලයා මේ ආත්මභාවයෙහි මේ තුන්වන දුක් දොම්නස විඳියි.
“මහණෙනි, ඒ මේ බාලතෙම කයින් දුශ්චරිතකොට වචනයෙන් දුශ්චරිතකොට, සිතින් දුශ්චරිතකොට, කාය භේදයෙන්, මරණින් මතු, පහවූ සැප ඇති, නපුරු ගති ඇති, අතරක් නැතිව දුක් දෙන නරකයෙහි උපදී. මහණෙනි, ඒ යමක් ඒකාන්තයෙන් අනිෂ්ටය, ඒකාන්තයෙන් අයහපත්ය, අමනාපයයි මනාව කියන්නේ නම්, මේ නිරය මට ඒකාන්තයෙන් අනිෂ්ටය, ඒකාන්තයෙන් අයහපත්ය, ඒකාන්තයෙන් අමනාපයයි කියයුතු වන්නේය. මහණෙනි, නිරය දුක මේසා දුකයයි උපමාවකිනුදු දැක්වීමට පහසු නොවේ.”
249
එවං වුත්තෙ, අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘සක්කා පන, භන්තෙ, උපමං කාතු’’න්ති? ‘‘සක්කා භික්ඛූ’’ති භගවා අවොච. සෙය්‍යථාපි, භික්ඛු, චොරං ආගුචාරිං ගහෙත්වා රඤ්ඤො දස්සෙය්‍යුං - ‘අයං ඛො, දෙව, චොරො ආගුචාරී, ඉමස්ස යං ඉච්ඡසි තං දණ්ඩං පණෙහී’ති. තමෙනං රාජා එවං වදෙය්‍ය - ‘ගච්ඡථ, භො, ඉමං පුරිසං පුබ්බණ්හසමයං සත්තිසතෙන හනථා’ති . තමෙනං පුබ්බණ්හසමයං සත්තිසතෙන හනෙය්‍යුං. අථ රාජා මජ්ඣන්හිකසමයං (මජ්ඣන්තිකසමයං (සී. ස්‍යා. කං. ක.), මජ්ඣන්තිකං සමයං (පී.)) එවං වදෙය්‍ය - ‘අම්භො, කථං සො පුරිසො’ති? ‘‘‘තථෙව, දෙව, ජීවතී’ති. තමෙනං රාජා එවං වදෙය්‍ය - ‘ගච්ඡථ, භො, තං පුරිසං මජ්ඣන්හිකසමයං සත්තිසතෙන හනථා’ති. තමෙනං මජ්ඣන්හිකසමයං සත්තිසතෙන හනෙය්‍යුං. අථ රාජා සායන්හසමයං එවං වදෙය්‍ය - ‘අම්භො, කථං සො පුරිසො’ති? ‘තථෙව, දෙව, ජීවතී’ති. තමෙනං රාජා එවං වදෙය්‍ය - ‘ගච්ඡථ, භො, තං පුරිසං සායන්හසමයං සත්තිසතෙන හනථා’ති. තමෙනං සායන්හසමයං සත්තිසතෙන හනෙය්‍යුං. තං කිං මඤ්ඤථ , භික්ඛවෙ, අපි නු සො පුරිසො තීහි සත්තිසතෙහි හඤ්ඤමානො තතොනිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදියෙථා’’ති? ‘‘එකිස්සාපි, භන්තෙ, සත්තියා හඤ්ඤමානො සො පුරිසො තතොනිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදියෙථ, කො පන වාදො තීහි සත්තිසතෙහී’’ති?
249
“එසේ කීකල්හි එක්තරා භික්ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මට උපමාවන්ගෙන් දැක්විය හැකිදැයි” ඇසීය.
භාග්‍යවතුන් වහන්සේ “මහණ, හැකියයි” වදාළසේක. “මහණ, අපරාධකාරී සොරකු අල්වා, ‘රජුට දෙවයන්වහන්ස, මේ ඒ අපරාධකාරී හොරාය. මොහුට යමක් කැමති නම් ඒ දඬුවම පමුණුවනු මැනවැයි දක්වන්නාහුය.’ රජතෙම ඒ මොහුට ‘පින්වත, යව්. මේ පුරුෂයාට උදය කාලයෙහි අඩයටි සියයකින් අනිව්යයි කියන්නේය. ඒ මොහුට අඩයටි සියයකින් පෙරවරු කාලයෙහි අනින්නාහුය.’ ඉක්බිති රජතෙම දවල් කාලයෙහි ‘පින්වත, ඒ පුරුෂයා කෙසේදැයි අසන්නේය.’ ‘දෙවයන් වහන්ස, එසේම ජීවත් වේයයි’ කියන්නාහුය. රජතෙම ඒ මොහුට මෙසේ කියන්නේය.’ පින්වත, යව්. ඒ පුරුෂයාට දවල් කාලයෙහි අඩයටි සියයකින් අනිව්’ යයි කියන්නේය. ඒ මොහුට දවල් කාලයෙහි අඩයටි සියයකින් අනින්නාහුය. ඉක්බිති රජතෙම සවස් කාලයෙහි ‘එම්බල පුරුෂය, ඒ පුරුෂතෙම දැන් කෙසේ දැයි’ අසන්නේය. ‘දෙවයන් වහන්ස, එසේම ජීවත් වේයයි’ කියන්නාහුය. රජතෙම ඒ මොහුට ‘පින්වත, යව්. සවස් කාලයෙහි ඒ පුරුෂයාට අඩයටි සියයකින් අනිව්යයි’ කියන්නේය. ඒ මොහුට සවස් කාලයෙහි අඩයටි සියයෙන් අනින්නාහුය. මහණෙනි, ඒ කුමකැයි හඟින්නෙහිද? අඩයටි තුන්සියයකින් අනිනු ලබන්නාවූ ඒ පුරුෂතෙම ඒ හේතුවෙන් දුක් දොම්නස විඳින්නේද?”
“ස්වාමීනි, එක් අඩයටියකින් අනිනු ලබන්නාවූ පුරුෂතෙම ඒ හේතුවෙන් දුක් දොම්නස විඳින්නේය අඩයටි තුන්සියයකින් අනිනු ලබන කල්හි කියනුම කවරේද?”
250
අථ ඛො භගවා පරිත්තං පාණිමත්තං පාසාණං ගහෙත්වා භික්ඛූ ආමන්තෙසි - ‘‘තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, කතමො නු ඛො මහන්තතරො - යො චායං මයා පරිත්තො පාණිමත්තො පාසාණො ගහිතො, යො ච හිමවා පබ්බතරාජා’’ති? ‘‘අප්පමත්තකො අයං, භන්තෙ, භගවතා පරිත්තො පාණිමත්තො පාසාණො ගහිතො, හිමවන්තං පබ්බතරාජානං උපනිධාය සඞ්ඛම්පි න උපෙති, කලභාගම්පි න උපෙති, උපනිධම්පි (උපනිධිම්පි (සී. පී.)) න උපෙති’’. ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, යං සො පුරිසො තීහි සත්තිසතෙහි හඤ්ඤමානො තතොනිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති තං නිරයකස්ස දුක්ඛස්ස උපනිධාය සඞ්ඛම්පි න උපෙති, කලභාගම්පි න උපෙති, උපනිධම්පි න උපෙති’’.
‘‘තමෙනං, භික්ඛවෙ, නිරයපාලා පඤ්චවිධබන්ධනං නාම කම්මකාරණං කරොන්ති - තත්තං අයොඛිලං (අයොඛීලං (සී. ස්‍යා. කං. පී.)) හත්ථෙ ගමෙන්ති, තත්තං අයොඛිලං දුතියෙ හත්ථෙ ගමෙන්ති, තත්තං අයොඛිලං පාදෙ ගමෙන්ති, තත්තං අයොඛිලං දුතියෙ පාදෙ ගමෙන්ති, තත්තං අයොඛිලං මජ්ඣෙ උරස්මිං ගමෙන්ති. සො තත්ථ දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදෙති, න ච තාව කාලං කරොති යාව න තං පාපකම්මං බ්‍යන්තීහොති (බ්‍යන්තිහොති (පී. ක.)). තමෙනං, භික්ඛවෙ, නිරයපාලා සංවෙසෙත්වා කුඨාරීහි (කුධාරීහි (ක.)) තච්ඡන්ති. සො තත්ථ දුක්ඛා තිබ්බා...පෙ.... බ්‍යන්තීහොති. තමෙනං, භික්ඛවෙ, නිරයපාලා උද්ධංපාදං අධොසිරං ගහෙත්වා වාසීහි තච්ඡන්ති. සො තත්ථ දුක්ඛා තිබ්බා...පෙ.... බ්‍යන්තීහොති. තමෙනං, භික්ඛවෙ, නිරයපාලා රථෙ යොජෙත්වා ආදිත්තාය පථවියා සම්පජ්ජලිතාය සජොතිභූතාය (සඤ්ජොතිභූතාය (ස්‍යා. කං. පී.)) සාරෙන්තිපි පච්චාසාරෙන්තිපි . සො තත්ථ දුක්ඛා තිබ්බා...පෙ.... බ්‍යන්තීහොති. තමෙනං, භික්ඛවෙ, නිරයපාලා මහන්තං අඞ්ගාරපබ්බතං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං ආරොපෙන්තිපි ඔරොපෙන්තිපි. සො තත්ථ දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදෙති, න ච තාව කාලං කරොති යාව න තං පාපකම්මං බ්‍යන්තීහොති. තමෙනං, භික්ඛවෙ, නිරයපාලා උද්ධංපාදං අධොසිරං ගහෙත්වා තත්තාය ලොහකුම්භියා පක්ඛිපන්ති ආදිත්තාය සම්පජ්ජලිතාය සජොතිභූතාය. සො තත්ථ ඵෙණුද්දෙහකං පච්චති. සො තත්ථ ඵෙණුද්දෙහකං පච්චමානො සකිම්පි උද්ධං ගච්ඡති, සකිම්පි අධො ගච්ඡති, සකිම්පි තිරියං ගච්ඡති. සො තත්ථ දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදෙති, න ච තාව කාලඞ්කරොති යාව න තං පාපකම්මං බ්‍යන්තීහොති. තමෙනං, භික්ඛවෙ, නිරයපාලා (නිරයපාලා පුනප්පුනං (ක.)) මහානිරයෙ පක්ඛිපන්ති. සො ඛො පන, භික්ඛවෙ, මහානිරයො -
‘‘චතුක්කණ්ණො චතුද්වාරො, විභත්තො භාගසො මිතො;
අයොපාකාරපරියන්තො, අයසා පටිකුජ්ජිතො.
‘‘තස්ස අයොමයා භූමි, ජලිතා තෙජසා යුතා;
සමන්තා යොජනසතං, ඵරිත්වා තිට්ඨති සබ්බදා’’.
‘‘අනෙකපරියායෙනපි ඛො අහං, භික්ඛවෙ, නිරයකථං කථෙය්‍යං; යාවඤ්චිදං, භික්ඛවෙ, න සුකරා අක්ඛානෙන පාපුණිතුං යාව දුක්ඛා නිරයා.
250
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මිට පමණ කුඩාවූ ගලක් අතට ගෙණ භික්ෂූන් ඇමතූ සේක. “මහණෙනි, කුමක් සිතන්නහුද? මා විසින් ගන්නා ලද මිට පමණ යම් මේ ගලක් වේද, යම් හිමවත් පර්වත රාජයෙක් වේද, ඒ දෙක අතුරෙන් කවරක් ඉතා මහත්වන්නේ දැයි” ඇසූහ.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අතට ගන්නා ලද කුඩාවූ මිට පමණ මේ ගල ඉතා කුඩාය, හිමවත් පර්වතරාජයා හා සමානකොට බලනවිට ගණනකටවත් නො පැමිණෙයි. සියක් වැනි, දහස් වැනි, ලක්ෂයක් වැනි, කොටසටවත් නොපැමිණෙයි. බලන්නෙකුට සමාන කිරීමේ පමණටත් නොපැමිණෙයි. මහණෙනි, එපරිද්දෙන්ම ඒ පුරුෂතෙම අඩයටි තුන්සියයකින් අනිනු ලබන්නේ ඒ හේතුවෙන් යම් දුක් දොම්නසක් විඳීනම් එය නිරයකට සමාන කොට බලනවිට ගණනකටවත් නොපැමිණෙයි. සියක්වැනි, දහස්වැනි, ලක්ෂයක් වැනි කොටසකටත් නොපැමිණෙයි. බලන්නෙකුට සමාන කිරීමේ පමණටවත් නොපැමිණෙයි.”
“මහණෙනි, නිරයපාලයෝ මොහුට පඤ්චවිධ බන්ධන නම් කම්කටුල්ලක් කරත්. (එනම්,) රත්වූ යහුලක් අතෙහි අනිත්. රත්වූ යහුලක් දෙවෙනි අතෙහිද අනිත්. රත්වූ යහුලක් පාදයෙහි අනිත්. රත්වූ යහුලක් දෙවෙනි පාදයෙහිද අනිත්. රත්වූ යහුලක් ළය මැද අනිත්. හෙතෙම එහි තියුණුවූ, දැඩිවූ දුක්ඛ වේදනාවක් විඳී. යම්තාක්කල් ඒ පාප කර්මය කෙළවර නොවේද, ඒතාක් කලුරිය නොකෙරෙයි.
“මහණෙනි, නිරයපාලයෝ ඔහු බිම බාවා කෙටේරිවලින් සසිත්. හෙතෙම එහි දුක්වූ කටුකවූ වේදනා විඳී යම්තාක් ඒ පාප කර්මය නොගෙවේද ඒතාක් හෙතෙම නොමැරෙන්නේය.
“මහණෙනි, නිරයපාලයෝ ඒ මොහු පා උඩුකුරු කොට, හිස යටිකුරුකොට තබා, වෑවලින් සසිත්. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවක් විඳි. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒ තාක්කල් කලුරිය නොකෙරෙයි.
“මහණෙනි, නිරයපාලයෝ ඒ මොහු රථයෙහි යොදා ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිලියෙන්නාවූ, ගිනිදැල් සහිතවූ පොළොවෙහි ඉදිරියටද ගමන් කරවත්. පස්සටද ගමන් කරවත්. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවක් විඳී. යම්තාක්කල් මේ පාපකර්මය කෙළවර නොවේද, ඒ තාක්කල් කළුරිය නොකෙරෙයි.
“මහණෙනි, ඒ මොහු නිරයපාලයෝ ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිලිසෙන්නාවූ, ගිනිදැල් සහිතවූ, අඟුරු පර්වතයකට නැංවීමද බැස්වීමද කරවත්. හෙතෙම එහි දුක්වූ, තියුණුවූ කටුකවූ වේදනාවන් විඳියි. යම්තාක් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒ තාක් කළුරිය නොකෙරෙයි. මහණෙනි, නිරයපාලයෝ ඒ මොහු පා උඩුකුරුකොට, හිස යටිකුරුකොට ගෙන, ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිලිසෙන්නාවූ, ගිනිදැල් සහිතවූ, තැවීම ඇති ලෝකුඹු නරකයෙහි බහාලත්. හෙතෙම එහි පෙණ නගිමින් පැසෙයි. හෙතෙම එහි පෙණ නැගීම් සහිතව පැසෙන්නේ වරක් උඩටද යෙයි. වරක් යටට යයි. වරක් සරසටද යයි. හෙතෙම එහි දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනා විඳියි. යම්තාක් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒතාක් කළුරිය නොකරයි. මහණෙනි, නිරය පාලයෝ ඒ මොහු මහා නිරයෙහි දමත්. මහණෙනි, ඒ මහා නිරය නම්,
[1] “කොන් සතරක් ඇත්තේය, දොරටු සතරක් ඇත්තේය, කොටස් වශයෙන් බෙදන ලද්දේය, කොටස් වශයෙන් ප්‍රමාණ කරන ලද්දේය, යකඩ පවුරකින් වට කරන ලද්දේය, යකඩ පියනකින් වසන ලද්දේය.”
[2] “ඒ මහා නිරයෙහි බිම යකඩයෙන්ම නිමකරන ලදී. දැල්වෙන ගින්නෙන් යුක්තය. සියලු කල්හි හාත්පස යොදුන් සියයක් ගින්න පැතිර සිටී.
“මහණෙනි, මම නොයෙක් ක්‍රමයෙන් නිරය පිළිබඳ විස්තර කථාව කියන්නෙමි. මහණෙනි, වර්ෂ සියයක් දහසක් කියන්නේ වී නමුත් ඒ කීමෙන් නිරය දුක කියා කෙළවර කරන්නට පහසු නොවේ.
251
‘‘සන්ති, භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා තිණභක්ඛා. තෙ අල්ලානිපි තිණානි සුක්ඛානිපි තිණානි දන්තුල්ලෙහකං ඛාදන්ති. කතමෙ ච, භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා තිණභක්ඛා? හත්ථී අස්සා ගොණා ගද්‍රභා අජා මිගා, යෙ වා පනඤ්ඤෙපි කෙචි තිරච්ඡානගතා පාණා තිණභක්ඛා. ස ඛො සො, භික්ඛවෙ, බාලො ඉධ පුබ්බෙ රසාදො ඉධ පාපානි කම්මානි කරිත්වා කායස්ස භෙදා පරං මරණා තෙසං සත්තානං සහබ්‍යතං උපපජ්ජති යෙ තෙ සත්තා තිණභක්ඛා.
‘‘සන්ති, භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා ගූථභක්ඛා. තෙ දූරතොව ගූථගන්ධං ඝායිත්වා ධාවන්ති - ‘එත්ථ භුඤ්ජිස්සාම, එත්ථ භුඤ්ජිස්සාමා’ති. සෙය්‍යථාපි නාම බ්‍රාහ්මණා ආහුතිගන්ධෙන ධාවන්ති - ‘එත්ථ භුඤ්ජිස්සාම, එත්ථ භුඤ්ජිස්සාමා’ති; එවමෙව ඛො, භික්ඛවෙ, සන්ති තිරච්ඡානගතා පාණා ගූථභක්ඛා, තෙ දූරතොව ගූථගන්ධං ඝායිත්වා ධාවන්ති - ‘එත්ථ භුඤ්ජිස්සාම, එත්ථ භුඤ්ජිස්සාමා’ති. කතමෙ ච, භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා ගූථභක්ඛා? කුක්කුටා සූකරා සොණා සිඞ්ගාලා, යෙ වා පනඤ්ඤෙපි කෙචි තිරච්ඡානගතා පාණා ගූථභක්ඛා. ස ඛො සො, භික්ඛවෙ, බාලො ඉධ පුබ්බෙ රසාදො ඉධ පාපානි කම්මානි කරිත්වා කායස්ස භෙදා පරං මරණා තෙසං සත්තානං සහබ්‍යතං උපපජ්ජති යෙ තෙ සත්තා ගූථභක්ඛා.
‘‘සන්ති, භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා අන්ධකාරෙ ජායන්ති අන්ධකාරෙ ජීයන්ති (ජිය්‍යන්ති (ක.)) අන්ධකාරෙ මීයන්ති (මිය්‍යන්ති (ක.)). කතමෙ ච, භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා අන්ධකාරෙ ජායන්ති අන්ධකාරෙ ජීයන්ති අන්ධකාරෙ මීයන්ති? කීටා පුළවා (පටඞ්ගා (ස්‍යා. කං. ක.)) ගණ්ඩුප්පාදා, යෙ වා පනඤ්ඤෙපි කෙචි තිරච්ඡානගතා පාණා අන්ධකාරෙ ජායන්ති අන්ධකාරෙ ජීයන්ති අන්ධකාරෙ මීයන්ති. ස ඛො සො, භික්ඛවෙ, බාලො ඉධ පුබ්බෙ රසාදො, ඉධ පාපානි කම්මානි කරිත්වා කායස්ස භෙදා පරං මරණා තෙසං සත්තානං සහබ්‍යතං උපපජ්ජති යෙ තෙ සත්තා අන්ධකාරෙ ජායන්ති අන්ධකාරෙ ජීයන්ති අන්ධකාරෙ මීයන්ති.
‘‘සන්ති, භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා උදකස්මිං ජායන්ති උදකස්මිං ජීයන්ති උදකස්මිං මීයන්ති. කතමෙ ච, භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා උදකස්මිං ජායන්ති උදකස්මිං ජීයන්ති උදකස්මිං මීයන්ති? මච්ඡා කච්ඡපා සුසුමාරා, යෙ වා පනඤ්ඤෙපි කෙචි තිරච්ඡානගතා පාණා උදකස්මිං ජායන්ති උදකස්මිං ජීයන්ති උදකස්මිං මීයන්ති. ස ඛො සො, භික්ඛවෙ, බාලො ඉධ පුබ්බෙ රසාදො ඉධ පාපානි කම්මානි කරිත්වා කායස්ස භෙදා පරං මරණා තෙසං සත්තානං සහබ්‍යතං උපපජ්ජති යෙ තෙ සත්තා උදකස්මිං ජායන්ති උදකස්මිං ජීයන්ති උදකස්මිං මීයන්ති.
‘‘සන්ති , භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා අසුචිස්මිං ජායන්ති අසුචිස්මිං ජීයන්ති අසුචිස්මිං මීයන්ති. කතමෙ ච, භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා අසුචිස්මිං ජායන්ති අසුචිස්මිං ජීයන්ති අසුචිස්මිං මීයන්ති? යෙ තෙ, භික්ඛවෙ, සත්තා පූතිමච්ඡෙ වා ජායන්ති පූතිමච්ඡෙ වා ජීයන්ති පූතිමච්ඡෙ වා මීයන්ති පූතිකුණපෙ වා...පෙ.... පූතිකුම්මාසෙ වා... චන්දනිකාය වා... ඔලිගල්ලෙ වා ජායන්ති, (යෙ වා පනඤ්ඤෙපි කෙචි තිරච්ඡානගතා පාණා අසුචිස්මිං ජායන්ති අසුචිස්මිං ජීයන්ති අසුචිස්මිං මීයන්ති.) (( ) නත්ථි සී. ස්‍යා. කං. පී. පොත්ථකෙසු) ස ඛො සො, භික්ඛවෙ, බාලො ඉධ පුබ්බෙ රසාදො ඉධ පාපානි කම්මානි කරිත්වා කායස්ස භෙදා පරං මරණා තෙසං සත්තානං සහබ්‍යතං උපපජ්ජති යෙ තෙ සත්තා අසුචිස්මිං ජායන්ති අසුචිස්මිං ජීයන්ති අසුචිස්මිං මීයන්ති.
‘‘අනෙකපරියායෙනපි ඛො අහං, භික්ඛවෙ, තිරච්ඡානයොනිකථං කථෙය්‍යං; යාවඤ්චිදං, භික්ඛවෙ, න සුකරං අක්ඛානෙන පාපුණිතුං යාව දුක්ඛා තිරච්ඡානයොනි.
251
“මහණෙනි, තණකොළ කන තිරිසන්ගත සත්වයෝ වන්නාහ. ඔව්හු තෙත්වූ තණද, වියලි තණද, දත්වලින් උළා කති. මහණෙනි, තණ කන තිරිසන්ගත සත්තු කවරහුද? අශ්වයෝද, ගොන්හුද, කොටළුවෝද, එළුවෝද, මුවෝද යන මොවුහු වෙති. එයින් අන්‍ය තණ බුදින තිරිසන්ගත සත්වයෝද වෙති. මහණෙනි, මේ ලෝකයෙහි ඒ මේ බාලතෙම රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය භේදයෙන් මරණින් මතු යම් ඒ තණ අනුභව කරන සත්වයෝ වෙත්ද, ඒ සත්වයන්ගේ සහභාවයට පැමිණෙයි.
“මහණෙනි, අසූචි අනුභවකරන තිරිසන්ගත සත්වයෝ ඇත්තාහ. ඔව්හු දුරදීම අසූචි ගන්ධය ආඝ්‍රාණයකොට දුවති. මෙහි අනුභව කරන්නෙමු, මෙහි අනුභව කරන්නෙමු කියායි. බමුණෝ යාග ගන්ධයෙන් මෙහි අනුභව කරන්නෙමු, මෙහි අනුභව කරන්නෙමුයි යම්සේ දුවත්ද, මහණෙනි, එපරිද්දෙන්ම අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ වෙති. ඔව්හු දුරදීම අසූචි ගඳ ආඝ්‍රාණයකොට දුවත්. මෙහිදී කන්නෙමු, මෙහිදී කන්නෙමු කියායි. මහණෙනි, අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ කවරහුද? කුකුලන් හා ඌරෝද, බල්ලන් හා සිවල්ලුද යන මොවුහු වෙති. එයින් අන්‍ය වූ අසූචි අනුභව කරන අන්‍ය සත්වයෝද වෙති. මහණෙනි, මේ ලෝකයෙහි ඒ බාලතෙම රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී ලාමක අකුශලකර්ම කොට කාය භේදයෙන් මරණින් මතු අසූචි අනුභව කරන යම් සත්වයෝ වෙත් නම් ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි.
“මහණෙනි, අඳුරෙහි උපදින, අඳුරෙහි දිරන, අඳුරෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ වෙති. අඳුරෙහි උපදින, අඳුරෙහි දිරණ, අඳුරෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ කවරහුද? ලොකු පණුවෝද කුඩා පණුවෝද, ගැඩවිල්ලුද වෙති. එයින් අන්‍යවූ අඳුරෙහි උපදින, අඳුරෙහි දිරණ, අඳුරෙහි මැරෙණ තිරිසන්ගත සත්තුද වෙති. මහණෙනි, ඒ මේ බාලතෙම රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය භේදයෙන් මරණින් මතු යම් මේ සත්වයෝ අඳුරෙහි උපදිත්ද, අඳුරෙහි දිරත්ද, අඳුරෙහි මැරෙත්ද, ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි.
“මහණෙනි, දියෙහි උපදින, දියෙහි දිරණ, දියෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ වෙති. දියෙහි උපදින, දියෙහි දිරණ, දියෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ කවරහුද? මත්ස්‍යයෝද, කැසුබුවෝද, කිඹුල්ලුද වෙති. එයින් අන්‍යවූ දියෙහි උපදින, දියෙහි දිරණ, දියෙහි මැරෙණ තිරිසන් ගත ප්‍රාණීහුද වෙති. මහණෙනි, යම් මේ බාලතෙම මෙලොව රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය භේදයෙන් මරණින් මතු දියෙහි උපදින, දියෙහි දිරණ, දියෙහි මැරෙණ යම් ඒ සත්වයෝ වෙත්ද, ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි.
“මහණෙනි, අසූචියෙහි උපදින, අසූචියෙහි දිරණ, අසූචියෙහි මැරෙණ, තිරිසන්ගත ප්‍රාණීහු ඇත්තාහ. මහණෙනි, අසූචියෙහි උපදින, අසූචියෙහි දිරණ, අසූචියෙහි මැරෙණ තිරිසන්ගත ප්‍රාණීහු කවරහුද? මහණෙනි, යම් මේ සත්වයෝ කුණු මස්වල උපදිත්ද, කුණුමස්වල දිරත්ද, කුණුමස්වල මැරෙත්ද, කුණු කුණපයෙහි හෝ උපදිත්ද, කුණු කුණපයෙහි හෝ දිරත්ද, කුණු කුණපයෙහි හෝ මැරෙත්ද, කුණු පිට්ටුවල හෝ උපදිත්ද, කුණු පිට්ටුවල හෝ දිරත්ද, කුණු පිට්ටුවල හෝ මැරෙත්ද, ගවර වලෙහි හෝ උපදිත්ද, ගවර වලෙහි හෝ දිරත්ද, ගවර වලෙහි හෝ මැරෙත්ද, අපිරිසිදු දිය රැස්වන තැනක හෝ උපදිත්ද, අපිරිසිදු දිය රැස්වෙන තැනක හෝ දිරත්ද, අපිරිසිදු දිය රැස්වෙන තැනක හෝ මැරෙත්ද, එයින් අන්‍යවූ අසූචියෙහි උපදින, අසූචියෙහි දිරණ, අසූචියෙහි මැරෙණ තිරිසන්ගත ප්‍රාණීහුද වෙති. මහණෙනි, ඒ මේ බාලතෙම රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම්කොට කාය භේදයෙන් මරණින් මතු යම් ඒ සත්වයෝ අසූචියෙහි උපදිත්ද, අසූචියෙහි දිරත්ද, අසූචියෙහි මැරෙත්ද, ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි.
“මහණෙනි, මම නොයෙක් ක්‍රමයෙන් තිරිසන් යෝනියේ විස්තර කියන්නෙම්ද, මහණෙනි, තිරිසන්ගත සත්වයින්ගේ දුක මෙතෙකැයි කීමෙන් මුදුන් අවසාන කරන්නට පහසු නොවෙයි.
252
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, පුරිසො එකච්ඡිග්ගලං යුගං මහාසමුද්දෙ පක්ඛිපෙය්‍ය. තමෙනං පුරත්ථිමො වාතො පච්ඡිමෙන සංහරෙය්‍ය, පච්ඡිමො වාතො පුරත්ථිමෙන සංහරෙය්‍ය, උත්තරො වාතො දක්ඛිණෙන සංහරෙය්‍ය, දක්ඛිණො වාතො උත්තරෙන සංහරෙය්‍ය. තත්‍රාස්ස කාණො කච්ඡපො, සො වස්සසතස්ස වස්සසතස්ස (වස්සසතස්ස වස්සසහස්සස්ස වස්සසතසහස්සස්ස (සී.), වස්සසතස්ස (ස්‍යා. කං. පී.)) අච්චයෙන සකිං උම්මුජ්ජෙය්‍ය. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, අපි නු සො කාණො කච්ඡපො අමුස්මිං එකච්ඡිග්ගලෙ යුගෙ ගීවං පවෙසෙය්‍යා’’ති? (‘‘නො හෙතං, භන්තෙ’’.) (( ) නත්ථි සී. පී. පොත්ථකෙසු) ‘‘යදි පන (යදි නූන (සී. ස්‍යා. කං. පී.)), භන්තෙ, කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙනා’’ති. ‘‘ඛිප්පතරං ඛො සො, භික්ඛවෙ, කාණො කච්ඡපො අමුස්මිං එකච්ඡිග්ගලෙ යුගෙ ගීවං පවෙසෙය්‍ය, අතො දුල්ලභතරාහං, භික්ඛවෙ, මනුස්සත්තං වදාමි සකිං විනිපාතගතෙන බාලෙන. තං කිස්ස හෙතු? න හෙත්ථ, භික්ඛවෙ, අත්ථි ධම්මචරියා සමචරියා කුසලකිරියා පුඤ්ඤකිරියා. අඤ්ඤමඤ්ඤඛාදිකා එත්ථ, භික්ඛවෙ, වත්තති දුබ්බලඛාදිකා’’.
‘‘ස ඛො සො, භික්ඛවෙ, බාලො සචෙ කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන මනුස්සත්තං ආගච්ඡති, යානි තානි නීචකුලානි - චණ්ඩාලකුලං වා නෙසාදකුලං වා වෙනකුලං (වෙණකුලං (සී. පී.)) වා රථකාරකුලං වා පුක්කුසකුලං වා. තථාරූපෙ කුලෙ පච්චාජායති දලිද්දෙ අප්පන්නපානභොජනෙ කසිරවුත්තිකෙ, යත්ථ කසිරෙන ඝාසච්ඡාදො ලබ්භති. සො ච හොති දුබ්බණ්ණො දුද්දසිකො ඔකොටිමකො බව්හාබාධො (බහ්වාබාධො (ක.)) කාණො වා කුණී වා ඛුජ්ජො වා පක්ඛහතො වා න ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලෙපනස්ස සෙය්‍යාවසථපදීපෙය්‍යස්ස. සො කායෙන දුච්චරිතං චරති වාචාය දුච්චරිතං චරති මනසා දුච්චරිතං චරති. සො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, අක්ඛධුත්තො පඨමෙනෙව කලිග්ගහෙන පුත්තම්පි ජීයෙථ, දාරම්පි ජීයෙථ, සබ්බං සාපතෙය්‍යම්පි ජීයෙථ, උත්තරිපි අධිබන්ධං (අනුබන්ධං (සී. පී.), අද්ධුබන්ධං (ස්‍යා. කං.)) නිගච්ඡෙය්‍ය. අප්පමත්තකො සො, භික්ඛවෙ, කලිග්ගහො යං සො අක්ඛධුත්තො පඨමෙනෙව කලිග්ගහෙන පුත්තම්පි ජීයෙථ, දාරම්පි ජීයෙථ, සබ්බං සාපතෙය්‍යම්පි ජීයෙථ, උත්තරිපි අධිබන්ධං නිගච්ඡෙය්‍ය. අථ ඛො අයමෙව තතො මහන්තතරො කලිග්ගහො යං සො බාලො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. අයං, භික්ඛවෙ, කෙවලා පරිපූරා (කෙවලපරිපූරා (සී. පී.) ම. නි. 1.244 පාළියා සංසන්දෙතබ්බා) බාලභූමී’’ති.
252
“මහණෙනි, පුරුෂයෙක් තෙම එක සිදුරක් ඇති වියදණ්ඩක් මහමුහුදෙහි දමන්නේය. ඒ වියදණ්ඩ පෙරදිග වාතයෙන් අපරදිගට පමුණුවන්නේය. අපරදිග වාතයෙන් පෙර දිගට ගෙනයන්නේය. උතුරුදිග වාතයෙන් දකුණු දිගට ගෙනයන්නේය. දකුණුදිග වාතයෙන් උතුරු දිගට ගෙන යන්නේය. ඒ මුහුදෙහි කණ කැස්බෙක් වන්නේය. ඌ වර්ෂ සියයක්, වර්ෂ දහසක්, වර්ෂ ලක්ෂයක් ඇවෑමෙන් වරක් උඩට එන්නේය. මහණෙනි, ඒ කැස්බා මේ එක් සිදුරක් ඇති වියදණ්ඩෙහි බෙල්ල ඇතුල් කරන්නේ නම් ඒ කුමකැයි හඟින්නෙහිද?”
“ස්වාමීනි, ඉදින් ඒකාන්තයෙන් බොහෝ කාලයක් ඇවෑමෙන් කිසියම් කලෙක සිදුවන්නකි.”
“මහණෙනි, ඒ කණකැස්බා මේ එක් සිදුරක් ඇති වියදඬු සිදුරෙහි බෙල්ල ඇතුල් කරන්නේ නම් එය වහා සිදුවන්නකි. මහණෙනි, වරක් නිතර දුක් ඇති සතර අපායටවන් බාලයා විසින් වරක් මිනිසත් බව ලැබීම ඊටත් වඩා අතිශයින් දුර්ලභයයි මම කියමි. ඊට හේතු කවරේද? මහණෙනි, මෙහි ධර්මයට අනුව හැසිරීමක්, සම හැසිරීමක්, කුසල ක්‍රියාවක්, පින්කිරීමක් නැත්තේද, එහෙයිනි. මහණෙනි, මෙහි ඔවුනොවුන් අල්ලාගෙන කන්නාහු වෙති, දුර්වලයන් අල්ලාගෙන කන්නාහු වෙති. මහණෙනි, ඒ මේ බාලතෙම ඉදින් කිසියම් කලෙක බොහෝ කාලයක්හුගේ ඇවෑමෙන් මිනිසත් බවට පැමිණේද, එකල්හි සැඬොල් කුලය හෝ වැදි කුලය හෝ කුලුපොතු කුලය හෝ රථකාර කුලය හෝ රදා කුලය හෝ යන යම් මේ නීච කුලයෝ වෙත්ද, එබඳු දිළිඳු මද ආහාර පැන් බොජුන් ඇති යම් කුලයක දුකින් බඩගින්න නිවාගැනීම ලබයිද, එබඳු දුක් පැවතුම් ඇති කුලයක උපදී. හෙතෙමේද දුර්වර්ණ වෙයි. යකකුමෙන් දැකීමට දුෂ්කර වෙයි. මිටි වෙයි. බොහෝ ආබාධ ඇත්තේ වෙයි. කණෙක් හෝ කොරෙක් හෝ කුදෙක් හෝ පිලෙක් හෝ වෙයි. ආහාර පැන් රෙදි යානා මල් ගඳ විලවුන් විසීමට තැනක් සහ පහන් දල්වන උපකරන නොලබන්නෙක් වෙයි. හෙතෙම කයින් දුශ්චරිත කෙරෙයි. වචනයෙන් දුශ්චරිත කෙරෙයි. සිතින් දුශ්චරිත කෙරෙයි. හෙතෙම කයින් දුශ්චරිතකොට, වචනයෙන් දුශ්චරිත කොට, සිතින් දුශ්චරිතකොට කාය භේදයෙන් මරණින් මතු සැපයෙන් පහවූ නරක ගති ඇති, අතරක් නැති දුක් ඇති නරකයෙහි උපදී.
“මහණෙනි, සූදුකෙළින්නෙක් යම්සේ පළමු පැරදී මෙන්ම පුත්‍රයාද නැතිවන්නේද, භාර්‍ය්‍යාවද නැතිවන්නේද, සියලු වස්තුවද නැතිවන්නේද, පසුව තමාත් බන්ධනයට අසුවන්නේද, මහණෙනි, ඒ සූදුකාරයාගේ පළමු පරාජයෙන්ම පුත්‍රයාගේ නැතිවීමද, භාර්‍ය්‍යාවගේ නැතිවීමද, පසුව තමනුත් බැඳීමද යන සියලු වස්තුව නැතිවීමද, ඒ පැරදීම ස්වල්ප කාරණයකි. තවද යම්හෙයකින් ඒ බාලතෙම කයින් දුශ්චරිත කොට, වචනයෙන් දුශ්චරිත කොට, සිතින් දුශ්චරිත කොට, කාය භේදයෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරුගති ඇති අතරක් නැති, දුක් ඇති නරකයෙහි උපදී නම් මෙය ඊටත් වඩා ඉතා මහත් පැරදීමකි. මහණෙනි, මේ වනාහි සියල්ල සම්පූර්ණවූ බාලභූමිය වන්නීය.
253
‘‘තීණිමානි, භික්ඛවෙ, පණ්ඩිතස්ස පණ්ඩිතලක්ඛණානි පණ්ඩිතනිමිත්තානි පණ්ඩිතාපදානානි. කතමානි තීණි? ඉධ, භික්ඛවෙ, පණ්ඩිතො සුචින්තිතචින්තී ච හොති සුභාසිතභාසී ච සුකතකම්මකාරී ච. නො චෙතං, භික්ඛවෙ, පණ්ඩිතො සුචින්තිතචින්තී ච අභවිස්ස සුභාසිතභාසී ච සුකතකම්මකාරී ච, කෙන නං (න තෙන නං (ක.), න නං (?)) පණ්ඩිතා ජානෙය්‍යුං - ‘පණ්ඩිතො අයං භවං සප්පුරිසො’ති? යස්මා ච ඛො, භික්ඛවෙ, පණ්ඩිතො සුචින්තිතචින්තී ච හොති සුභාසිතභාසී ච සුකතකම්මකාරී ච තස්මා නං පණ්ඩිතා ජානන්ති - ‘පණ්ඩිතො අයං භවං සප්පුරිසො’ති. ස ඛො සො, භික්ඛවෙ, පණ්ඩිතො තිවිධං දිට්ඨෙව ධම්මෙ සුඛං සොමනස්සං පටිසංවෙදෙති. සචෙ, භික්ඛවෙ, පණ්ඩිතො සභායං වා නිසින්නො හොති, රථිකාය වා නිසින්නො හොති, සිඞ්ඝාටකෙ වා නිසින්නො හොති; තත්‍ර චෙ ජනො තජ්ජං තස්සාරුප්පං කථං මන්තෙති . සචෙ, භික්ඛවෙ, පණ්ඩිතො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමෙරයමජ්ජප්පමාදට්ඨානා පටිවිරතො හොති; තත්‍ර, භික්ඛවෙ, පණ්ඩිතස්ස එවං හොති - ‘යං ඛො ජනො තජ්ජං තස්සාරුප්පං කථං මන්තෙති; සංවිජ්ජන්තෙව තෙ ධම්මා මයි, අහඤ්ච තෙසු ධම්මෙසු සන්දිස්සාමී’ති. ඉදං, භික්ඛවෙ, පණ්ඩිතො පඨමං දිට්ඨෙව ධම්මෙ සුඛං සොමනස්සං පටිසංවෙදෙති.
253
“මහණෙනි, පණ්ඩිතයාගේ මේ පණ්ඩිත ලක්ෂණ, පණ්ඩිත නිමිති. පණ්ඩිත චරිත තුනක් වෙති. ඒ තුන කවරහුද? මහණෙනි, මේ ලෝකයෙහි පණ්ඩිත තෙම මනාකොට සිතන්නේත්, මනාකොට කියන්නෙත්, මනාකොට කරන්නේත් වෙයි. මහණෙනි, පණ්ඩිත තෙම මනාකොට නොසිතන්නේ වේනම්, මනාකොට නොකියන්නේ වේනම්, මනාකොට නොකරන්නේ වේනම්, කුමකින් ඔහු මේ භවත් සත්පුරුෂතෙම පණ්ඩිතයායයි පණ්ඩිතයෝ දැනගන්නාහුද? මහණෙනි, යම්හෙයකින් පණ්ඩිතතෙම මනාකොට සිතන්නේත් වේද, මනාකොට කියන්නේත් වේද, මනාකොට කරන්නේත් වේද එහෙයින් ඔහු මේ භවත් සත්පුරුෂතෙම පණ්ඩිතයායයි පණ්ඩිතයෝ දැනගනිත්. මහණෙනි, ඒ මේ පණ්ඩිතතෙම මේ ආත්මභාවයෙහිදීම තෙවැදෑරුම් සැප සහගත සොම්නසක් විඳියි. මහණෙනි, ඉදින් පණ්ඩිතතෙම සභාවෙක හෝ හුන්නේ වේද, වීථියෙක හෝ හුන්නේ වේද සතරමංසන්ධියෙක හෝ හුන්නේ වේද, එහි සිටි ජනතෙම ඒ යහපත් ක්‍රියාවන්ට අනුරූපවූ සුදුසුවූ කථාකෙරෙයි. මහණෙනි, ඉදින් පණ්ඩිත තෙම ප්‍රාණඝාතයෙන් තොරවූයේ වේද, නුදුන් දෙය ගැන්මෙන් තොරවූයේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් තොරවූයේ වේද, බොරු කීමෙන් තොරවූයේ වේද, ප්‍රමාදයට කරුණුවූ මත්පැන් පානයෙන් තොරවූයේ වේද, මහණෙනි, එහිදී පණ්ඩිතයාහට මෙබඳු අදහසක් වෙයි. ‘යම්හෙයකින් ජනතෙම ඒ යහපත් ක්‍රියාවන්ට අනුරූපවූ සුදුසුවූ කථාකරන්නේ වෙයි. ඒ ධර්ම මා කෙරෙහි නැත්තාහු වෙති. මම ඒ ධර්මයන්හි දකිනු ලබන්නෙමි’ කියායි. මහණෙනි, පණ්ඩිතතෙම මේ පළමුවෙනි සැපයවූ සොම්නස විඳියි.
254
‘‘පුන චපරං, භික්ඛවෙ, පණ්ඩිතො පස්සති රාජානො චොරං ආගුචාරිං ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්තෙ - කසාහිපි තාළෙන්තෙ වෙත්තෙහිපි තාළෙන්තෙ අද්ධදණ්ඩකෙහිපි තාළෙන්තෙ හත්ථම්පි ඡින්දන්තෙ පාදම්පි ඡින්දන්තෙ හත්ථපාදම්පි ඡින්දන්තෙ කණ්ණම්පි ඡින්දන්තෙ නාසම්පි ඡින්දන්තෙ කණ්ණනාසම්පි ඡින්දන්තෙ බිලඞ්ගථාලිකම්පි කරොන්තෙ සඞ්ඛමුණ්ඩිකම්පි කරොන්තෙ රාහුමුඛම්පි කරොන්තෙ ජොතිමාලිකම්පි කරොන්තෙ හත්ථපජ්ජොතිකම්පි කරොන්තෙ එරකවත්තිකම්පි කරොන්තෙ චීරකවාසිකම්පි කරොන්තෙ එණෙය්‍යකම්පි කරොන්තෙ බලිසමංසිකම්පි කරොන්තෙ කහාපණිකම්පි කරොන්තෙ ඛාරාපතච්ඡිකම්පි කරොන්තෙ පලිඝපරිවත්තිකම්පි කරොන්තෙ පලාලපීඨකම්පි කරොන්තෙ තත්තෙනපි තෙලෙන ඔසිඤ්චන්තෙ සුනඛෙහිපි ඛාදාපෙන්තෙ ජීවන්තම්පි සූලෙ උත්තාසෙන්තෙ අසිනාපි සීසං ඡින්දන්තෙ. තත්‍ර, භික්ඛවෙ, පණ්ඩිතස්ස එවං හොති - ‘යථාරූපානං ඛො පාපකානං කම්මානං හෙතු රාජානො චොරං ආගුචාරිං ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්ති කසාහිපි තාළෙන්ති, වෙත්තෙහිපි තාළෙන්ති, අද්ධදණ්ඩකෙහිපි තාළෙන්ති, හත්ථම්පි ඡින්දන්ති , පාදම්පි ඡින්දන්ති, හත්ථපාදම්පි ඡින්දන්ති, කණ්ණම්පි ඡින්දන්ති, නාසම්පි ඡින්දන්ති, කණ්ණනාසම්පි ඡින්දන්ති, බිලඞ්ගථාලිකම්පි කරොන්ති, සඞ්ඛමුණ්ඩිකම්පි කරොන්ති, රාහුමුඛම්පි කරොන්ති, ජොතිමාලිකම්පි කරොන්ති, හත්ථපජ්ජොතිකම්පි කරොන්ති, එරකවත්තිකම්පි කරොන්ති, චීරකවාසිකම්පි කරොන්ති, එණෙය්‍යකම්පි කරොන්ති, බලිසමංසිකම්පි කරොන්ති, කහාපණිකම්පි කරොන්ති, ඛාරාපතච්ඡිකම්පි කරොන්ති, පලිඝපරිවත්තිකම්පි කරොන්ති, පලාලපීඨකම්පි කරොන්ති, තත්තෙනපි තෙලෙන ඔසිඤ්චන්ති, සුනඛෙහිපි ඛාදාපෙන්ති, ජීවන්තම්පි සූලෙ උත්තාසෙන්ති, අසිනාපි සීසං ඡින්දන්ති, න තෙ ධම්මා මයි සංවිජ්ජන්ති, අහඤ්ච න තෙසු ධම්මෙසු සන්දිස්සාමී’ති. ඉදම්පි, භික්ඛවෙ, පණ්ඩිතො දුතියං දිට්ඨෙව ධම්මෙ සුඛං සොමනස්සං පටිසංවෙදෙති.
254
“මහණෙනි, නැවතද අනෙකක් කියමි. පණ්ඩිතතෙම රජවරුන් අපරාධකාරී සොරු අල්වාගෙණ නන්වැදෑරුම් කම්කටුලු කරවනු ලබන්නවුන් දකී. එනම්: කසවලින් තළනු ලබන්නවුන්, වේවැල්වලින් තළනුලබන්නවුන්, මුගුරුවලින් තළනු ලබන්නවුන්, අත කපනු ලබන්නවුන්, පා කපනු ලබන්නවුන්, අත් පා දෙකම කපනු ලබන්නවුන්, කණ කපනු ලබන්නවුන්, නාසය කපනු ලබන්නවුන්, කණ්-නාසා දෙකම කපනු ලබන්නවුන්, බිලංගථාලික නම් කර්මය කරනු ලබන්නවුන්, සඩ්ඛමුණ්ඩික නම් කර්මය කරනු ලබන්නවුන්, රාහුමුඛ නම් කර්මය කරනු ලබන්නවුන්, ජෝතිමාලික නම් කර්මය කරනු ලබන්නවුන්, හත්ථපජ්ජොතික නම් කර්මය කරනු ලබන්නවුන්, ඒරකවත්තික නම් කර්මය කරනු ලබන්නවුන්, චීරවාසික නම් කර්මය කරනු ලබන්නවුන්, ඒණෙය්‍යක නම් කර්මය කරනු ලබන්නවුන්, බලිසමංසික නම් කර්මය කරනු ලබන්නවුන්, කහාපණක නම් කර්මය කරනු ලබන්නවුන්, ඛාරාපතච්ඡික නම් කර්මය කරනු ලබන්නවුන්, පලිඝපරිපත්තික නම් කර්මය කරනු ලබන්නවුන්, පලාලපිට්ඨි නම් කර්මය කරනු ලබන්නවුන්, කකියවන ලද තෙල් ඉසිනු ලබන්නවුන්, සාදුකින් පීඩිත බල්ලන් ලවා කවනු ලබන්නවුන්, පණපිටින් හුල හිඳුවනු ලබන්නවුන් සහ කඩුවෙන් හිස සිඳිනු ලබන්නවුන්ය.
“මහණෙනි, එහිදී පණ්ඩිතයාහට මෙසේ අදහස් වෙයි. ‘යම්බඳු පාප කර්මයක් හේතුකොටගෙණ අපරාධකාරී සොරු
ගෙණ නන්වැදෑරුම් කම්කටුලු කෙරෙත්. එනම්: කසවලින්ද තළත්. වේවැල්වලින්ද තළත්. මුගුරුවලින්ද තළත්. අතද කපත්. පයද කපත්. අත් පා දෙකමද කපත්. කණද කපත්. නාසයද කපත්. කණ්-නාසා දෙකමද කපත්. බිලංගථාලික නම් කර්මයද කෙරෙත්. සඩ්ඛමුණ්ඩික නම් කර්මයද කෙරෙත්. රාහුමුඛ නම් කර්මයද කෙරෙත්. ජොතිමාලික නම් කර්මයද කෙරෙත්. හත්ථපජ්ජොතික නම් කර්මයද කෙරෙත්. ඒරකවත්ථික නම් කර්මයද කෙරෙත්. චීරකවාසික නම් කර්මයද කෙරෙත්. ඒණෙය්‍යක නම් කර්මයද කෙරෙත්. බලිසමංසික නම් කර්මයද කෙරෙත්. කහාපණක නම් කර්මයද කෙරෙත්. ඛාරාපතච්ඡිකද නම් කර්මයද කෙරෙත්. පලිඝපරිවත්තික නම් කර්මයද කෙරෙත්. පලාලපිට්ඨික නම් කර්මයද කෙරෙත්. කකියවනලද තෙල්ද ඉසිත්. සාදුකින් පීඩිත බල්ලන් ලවාද කවත්. පණපිටින් හුලද හිඳුවත්. කඩුවෙන්ද හිස සිඳිත්. ඒ ධර්මයෝ මා කෙරෙහි විද්‍යමාන නොවෙත්. මම ඒ ධර්මයන්හි පෙනී නොසිටිනු ලබන්නෙමියි කියායි.’ මහණෙනි, පණ්ඩිතතෙම මේ ආත්මභාවයෙහි මේ දෙවෙනි සැපයවූ සොම්නස විඳී.”
255
‘‘පුන චපරං, භික්ඛවෙ, පණ්ඩිතං පීඨසමාරූළ්හං වා මඤ්චසමාරූළ්හං වා ඡමායං වා සෙමානං, යානිස්ස පුබ්බෙ කල්‍යාණානි කම්මානි කතානි කායෙන සුචරිතානි වාචාය සුචරිතානි මනසා සුචරිතානි තානිස්ස තම්හි සමයෙ ඔලම්බන්ති...පෙ.... සෙය්‍යථාපි, භික්ඛවෙ, මහතං පබ්බතකූටානං ඡායා සායන්හසමයං පථවියා ඔලම්බන්ති අජ්ඣොලම්බන්ති අභිප්පලම්බන්ති; එවමෙව ඛො, භික්ඛවෙ, පණ්ඩිතං පීඨසමාරූළ්හං වා මඤ්චසමාරූළ්හං වා ඡමායං වා සෙමානං යානිස්ස පුබ්බෙ කල්‍යාණානි කම්මානි කතානි කායෙන සුචරිතානි වාචාය සුචරිතානි මනසා සුචරිතානි තානිස්ස තම්හි සමයෙ ඔලම්බන්ති අජ්ඣොලම්බන්ති අභිප්පලම්බන්ති. තත්‍ර, භික්ඛවෙ, පණ්ඩිතස්ස එවං හොති - ‘අකතං වත මෙ පාපං, අකතං ලුද්දං, අකතං කිබ්බිසං; කතං කල්‍යාණං, කතං කුසලං, කතං භීරුත්තාණං. යාවතා, භො, අකතපාපානං අකතලුද්දානං අකතකිබ්බිසානං කතකල්‍යාණානං කතකුසලානං කතභීරුත්තාණානං ගති තං ගතිං පෙච්ච ගච්ඡාමී’ති. සො න සොචති, න කිලමති, න පරිදෙවති, න උරත්තාළිං කන්දති, න සම්මොහං ආපජ්ජති. ඉදම්පි, භික්ඛවෙ, පණ්ඩිතො තතියං දිට්ඨෙව ධම්මෙ සුඛං සොමනස්සං පටිසංවෙදෙති.
‘‘ස ඛො සො, භික්ඛවෙ, පණ්ඩිතො කායෙන සුචරිතං චරිත්වා වාචාය සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. යං ඛො තං, භික්ඛවෙ, සම්මා වදමානො වදෙය්‍ය - ‘එකන්තං ඉට්ඨං එකන්තං කන්තං එකන්තං මනාප’න්ති, සග්ගමෙව තං සම්මා වදමානො වදෙය්‍ය - ‘එකන්තං ඉට්ඨං එකන්තං කන්තං එකන්තං මනාප’න්ති. යාවඤ්චිදං, භික්ඛවෙ, උපමාපි න සුකරා යාව සුඛා සග්ගා’’ති.
255
“මහණෙනි, නැවතද අනෙකක් කියමි. පුටුවෙහි හුන්න වූ හෝ, ඇඳේ හෝනාවූ හෝ, බිම හෝනාවූ හෝ පණ්ඩිතයා වෙත ඔහු විසින් පෙර කයින් යම් යහපත්වූ සුචරිත කර්ම කරනු ලැබීද, වචනයෙන් සුචරිත කර්ම කරනු ලැබීද, මනසින් සුචරිත කර්ම කරනු ලැබීද, ඔහු විසින් කරණලද ඒ කර්ම එකල්හි එල්බ සිටිත්. වැඩියෙන් එල්බ සිටිති. විශේෂයෙන් එල්බ සිටිති. මහණෙනි, යම්සේ මහත් පර්වතකූටයන්ගේ සෙවන සවස් කාලයෙහි පොළොවෙහි එල්බ සිටිත්ද, වැඩියෙන් එල්බ සිටිත්ද, විශේෂයෙන් එල්බ සිටිත්ද, මහණෙනි, එපරිද්දෙන්ම පුටුවට නැංගා වූ හෝ, ඇඳේ හෝනාවූ හෝ, පොළොවේ හෝනාවූ හෝ, පණ්ඩිතයා කරා ඔහු විසින් පෙර කයින් යහපත්වූ යම් සුචරිත කර්ම කරනු ලැබීද, වචනයෙන් යම් සුචරිත කර්ම කරනු ලැබීද, මනසින් යම් සුචරිත කර්ම කරණු ලැබීද, ඔහු විසින් කරණලද ඒ කර්ම එකල්හි එල්බ සිටිති. වැඩියත් එල්බ සිටිති. විශේෂයෙන් එල්බ සිටිති. මහණෙනි, එහිදී ඒ පණ්ඩිතයාහට මෙසේ අදහස් වෙයි. ‘මා විසින් ඒකාන්තයෙන් පව් නොකරණලදී. රෞද්‍රකම් නොකරණලදී. නරකක් නොකරණලදී. යහපතක් කරණලදී. කුසල් කරණ ලදී. භය දුරුකිරීමක් කරණලදී. නොකරණලද පාප ඇත්තන්ගේ, නොකරණලද රෞද්‍රකම් ඇත්තන්ගේ නොකරණ ලද නරකකම් ඇත්තන්ගේ යම් ගතියක් වේද, පරලොව ඒ ගතියට පැමිණෙන්නෙමියි, හෙතෙම ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොහඬයි. පපුවේ අත් ගස්සා නොගනියි. මුළාවට නොපැමිණෙයි. මහණෙනි, පණ්ඩිතතෙම මේ ආත්මයෙහි මේ තුන්වන සැපයවූ සොම්නස විඳියි.
“මහණෙනි, ඒ මේ පණ්ඩිතතෙම කයින් සුචරිතයෙහි හැසිර, වචනයෙන් සුචරිතයෙහි හැසිර, සිතින් සුචරිතයෙහි හැසිර, කාය භේදයෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි. මහණෙනි, ඒ යමක් ඒකාන්තයෙන් ඉෂ්ටය. ඒකාන්තයෙන් යහපත්ය. ඒකාන්තයෙන් මනාපයයි මනාව කියන්නේ නම්, මහණෙනි, ඒකාන්තයෙන් ඉෂ්ටය. ඒකාන්තයෙන් මනාපයයි ස්වර්ග කිය යුතුය. ස්වර්ගය සැපය දැක්වීමට උපමාවකුදු පහසු නොවේ.”
256
එවං වුත්තෙ, අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘සක්කා පන, භන්තෙ, උපමං කාතු’’න්ති? ‘‘සක්කා භික්ඛූ’’ති භගවා අවොච. ‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, රාජා චක්කවත්තී සත්තහි රතනෙහි සමන්නාගතො චතූහි ච ඉද්ධීහි තතොනිදානං සුඛං සොමනස්සං පටිසංවෙදෙති. කතමෙහි සත්තහි? ඉධ, භික්ඛවෙ, රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස තදහුපොසථෙ පන්නරසෙ සීසංන්හාතස්ස උපොසථිකස්ස උපරිපාසාදවරගතස්ස දිබ්බං චක්කරතනං පාතුභවති සහස්සාරං සනෙමිකං සනාභිකං සබ්බාකාරපරිපූරං. තං දිස්වාන රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස එවං හොති (එතදහොසි (ස්‍යා. කං. ක.)) - ‘සුතං ඛො පන මෙතං යස්ස රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස තදහුපොසථෙ පන්නරසෙ සීසංන්හාතස්ස උපොසථිකස්ස උපරිපාසාදවරගතස්ස දිබ්බං චක්කරතනං පාතුභවති සහස්සාරං සනෙමිකං සනාභිකං සබ්බාකාරපරිපූරං, සො හොති රාජා චක්කවත්තීති. අස්සං නු ඛො අහං රාජා චක්කවත්තී’’’ති?
‘‘අථ ඛො, භික්ඛවෙ, රාජා ඛත්තියො මුද්ධාවසිත්තො වාමෙන හත්ථෙන භිඞ්කාරං ගහෙත්වා දක්ඛිණෙන හත්ථෙන චක්කරතනං අබ්භුක්කිරති - ‘පවත්තතු භවං චක්කරතනං, අභිවිජිනාතු භවං චක්කරතන’න්ති. අථ ඛො තං, භික්ඛවෙ, චක්කරතනං පුරත්ථිමං දිසං පවත්තති. අන්වදෙව රාජා චක්කවත්තී සද්ධිං චතුරඞ්ගිනියා සෙනාය. යස්මිං ඛො පන, භික්ඛවෙ, පදෙසෙ චක්කරතනං පතිට්ඨාති තත්ථ රාජා චක්කවත්තී වාසං උපෙති සද්ධිං චතුරඞ්ගිනියා සෙනාය. යෙ ඛො පන, භික්ඛවෙ , පුරත්ථිමාය දිසාය පටිරාජානො තෙ රාජානං චක්කවත්තිං උපසඞ්කමිත්වා එවමාහංසු - ‘එහි ඛො, මහාරාජ! ස්වාගතං තෙ, මහාරාජ (ස්වාගතං මහාරාජ (සී. ස්‍යා. කං. පී.))! සකං තෙ, මහාරාජ! අනුසාස, මහාරාජා’ති . රාජා චක්කවත්තී එවමාහ - ‘පාණො න හන්තබ්බො, අදින්නං නාදාතබ්බං, කාමෙසුමිච්ඡා න චරිතබ්බා, මුසා න භාසිතබ්බා, මජ්ජං න පාතබ්බං, යථාභුත්තඤ්ච භුඤ්ජථා’ති. යෙ ඛො පන, භික්ඛවෙ, පුරත්ථිමාය දිසාය පටිරාජානො තෙ රඤ්ඤො චක්කවත්තිස්ස අනුයන්තා (අනුයුත්තා (සී. ස්‍යා. කං. පී.)) භවන්ති (අහෙසුං (ස්‍යා. කං. ක.)).
256
එසේ වදාළකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට උපමාවක් කළ හැකිද, යන මෙය සැළකෙළේය. “මහණ, හැකියයි” වදාළ සේක.
“මහණ, සක්විති රජතෙම රත්න සතකින් හා ඍද්ධි සතරකින්ද යුක්තවූයේ ඒ හේතුවෙන් සැපක් සොම්නසක් විඳින්නේය. කවර සතකින්ද? මහණෙනි, මේ ලෝකයෙහි මුදුනෙහි අභිෂේක කරණ ලද පසළොස්වක් පොහෝදා හිස සහිතව නෑවාවූ පෙහෙවස්වූ පහ මතුවට නැඟුණු, ක්ෂත්‍රිය රජුට දහස් ගණන් අර ඇති, නේමි සහිත, නැබ සහිත, සියලු ආකාරයෙන් හාත්පසින් පිරුණු චක්‍රරත්නය පහළවේද, එය දැක මුදුනෙහි අභිෂේක කරණ ලද ක්ෂත්‍රිය රජහට මෙසේ අදහස් වෙයි. ‘මා විසින් එය අසන ලද්දේය. කුමක් මුදුනෙහි අභිෂේක කරණලද පොහෝ දින හිස සහිතව නෑවාවූ, පෙහෙවස්වූ, පහමතුවට නැඟුණාවූ, යම් ක්ෂත්‍රිය රජකුට දහස් ගණන් අර ඇති, නේමි සහිත, නැබ සහිත, සියලු ආකාරයෙන් හාත්පසින් පිරුණු චක්‍රරත්නය පහළ වේද, හෙතෙම ඒ සක්විති රජවෙයිය, මම දැන් සක්විති රජ වූයේ වෙම්දැයි” අදහස් වෙයි.
“ඉක්බිති මහණෙනි, මුදුනෙහි අභිෂේක කරණලද සක්විති රජතෙම අස්නෙන් නැගිට වමතින් කෙණ්ඩිය ගෙණ, ‘පින්වත් චක්‍රරත්නය ගමන් කෙරේවා පින්වත් චක්‍රරත්නය දිනවායි, චක්‍රරත්නයට දකුණතින්, පැන් වත්කරයි. ඉක්බිති මහණෙනි, ඒ චක්‍රරත්නය පෙරදිගට ගමන්කරයි. සක්විති රජතෙම සිව්රඟ සෙනගද සමග අනුව ගමන්කරයි. මහණෙනි, යම් පෙදෙසක චක්‍රරත්නය පිහිටාද, එපෙදෙසෙහි සිව්රඟ සෙනගත් සමග විසීමට පැමිණෙයි.
“මහණෙනි, පෙරදිග යම් විරුද්ධ රජවරු වෙත්ද, ඔව්හු සක්විති රජහු වෙත පැමිණ, ‘මහරජතුමනි, එනු මැනවි. මහරජතුමනි, යහපත් පැමිණීමකි. මහරජ තුමනි, ඔබ වහන්සේට අප අයත් වේවා. මහරජතුමනි, අපට අනුශාසනා කරනු මැනවැයි’ කීවාහුය. සක්විති රජතෙම මෙසේ කීය. ‘පරපණ නොනැසිය යුතුයි. නොදුන් දෙය නොගත යුතුයි. කාමයන්හි වරදවා නොහැසිරිය යුතුයි. බොරු නොකිය යුතුයි. මත්පැන් නොපිය යුතුයි. අනුභව කළ රාජ්‍යම අනුභව කරව්’ කියායි. මහණෙනි, පෙරදිග යම් විරුද්ධ රජවරු වෙත්ද, ඔව්හු සක්විති රජු අනුගමනය කරන්නෝ වෙත්.
257
‘‘අථ ඛො තං, භික්ඛවෙ, චක්කරතනං පුරත්ථිමං සමුද්දං අජ්ඣොගාහෙත්වා (අජ්ඣොගහෙත්වා (සී. ස්‍යා. කං. පී.)) පච්චුත්තරිත්වා දක්ඛිණං දිසං පවත්තති...පෙ.... දක්ඛිණං සමුද්දං අජ්ඣොගාහෙත්වා පච්චුත්තරිත්වා පච්ඡිමං දිසං පවත්තති... පච්ඡිමං සමුද්දං අජ්ඣොගාහෙත්වා පච්චුත්තරිත්වා උත්තරං දිසං පවත්තති අන්වදෙව රාජා චක්කවත්තී සද්ධිං චතුරඞ්ගිනියා සෙනාය. යස්මිං ඛො පන, භික්ඛවෙ, පදෙසෙ චක්කරතනං පතිට්ඨාති තත්ථ රාජා චක්කවත්තී වාසං උපෙති සද්ධිං චතුරඞ්ගිනියා සෙනාය.
‘‘යෙ ඛො පන, භික්ඛවෙ, උත්තරාය දිසාය පටිරාජානො තෙ රාජානං චක්කවත්තිං උපසඞ්කමිත්වා එවමාහංසු - ‘එහි ඛො, මහාරාජ! ස්වාගතං තෙ, මහාරාජ! සකං තෙ, මහාරාජ! අනුසාස, මහාරාජා’ති. රාජා චක්කවත්තී එවමාහ - ‘පාණො න හන්තබ්බො, අදින්නං නාදාතබ්බං, කාමෙසුමිච්ඡා න චරිතබ්බා, මුසා න භාසිතබ්බා, මජ්ජං න පාතබ්බං; යථාභුත්තඤ්ච භුඤ්ජථා’ති. යෙ ඛො පන, භික්ඛවෙ, උත්තරාය දිසාය පටිරාජානො තෙ රඤ්ඤො චක්කවත්තිස්ස අනුයන්තා භවන්ති.
‘‘අථ ඛො තං, භික්ඛවෙ, චක්කරතනං සමුද්දපරියන්තං පථවිං අභිවිජිනිත්වා තමෙව රාජධානිං පච්චාගන්ත්වා රඤ්ඤො චක්කවත්තිස්ස අන්තෙපුරද්වාරෙ අක්ඛාහතං මඤ්ඤෙ තිට්ඨති රඤ්ඤො චක්කවත්තිස්ස අන්තෙපුරද්වාරං උපසොභයමානං. රඤ්ඤො, භික්ඛවෙ, චක්කවත්තිස්ස එවරූපං චක්කරතනං පාතුභවති.
257
“ඉක්බිති මහණෙනි, ඒ චක්‍රරත්නය පෙරදිග මුහුදෙහි ගැළී මතුවී දකුණුදිගට ගමන් කරයි. සක්විති රජතෙම සිව්රඟ සෙනග සමග අනුවයයි. මහණෙනි, යම් පෙදෙසක චක්‍රරත්නය පිහිටාද එපෙදෙසෙහි සිව්රඟ සෙනගත් සමග විසීමට පැමිණෙයි. මහණෙනි, දකුණුදිග යම් විරුද්ධ රජවරුවෙත්ද, ඔව්හු සක්විති රජහු වෙත එළඹ මෙසේ කීවාහුය. ‘මහරජතුමනි, එනු මැනවි. මහරජතුමනි, (ඔබතුමාගේ පැමිණීම) යහපත් පැමිණීමකි. මහරජතුමනි, ඔබවහන්සේට (අප) අයත් වේවා. මහරජතුමනි, (අපට) අනුශාසනා කරනු මැනව’ කියායි. (එවිට) සක්විති රජතෙම මෙසේ කීයේය. ‘පරපණ නොනැසිය යුතුයි. නොදුන් දෙය නොගත යුතුයි. කාමයන්හි වරදවා නොහැසිරිය යුතුයි. බොරු නොකිය යුතුයි. මත්පැන් පානය නොකළ යුතුයි. අනුභව කළ රාජ්‍යයම අනුභව කරව්’ කියායි. මහණෙනි, දකුණුදිග යම් විරුද්ධ රජවරු වෙත්ද, ඔව්හු සක්විති රජුට අනුව යන්නෝ වෙත්.
“ඉක්බිති මහණෙනි, ඒ චක්‍ර රත්නය දකුණුදිග මුහුදෙහි ගැළී, මතුවී අපරදිග ගමන් කරයි. සක්විති රජතෙම සිව්රඟ සෙනග සමග අනුව යයි. මහණෙනි, යම් පෙදෙසක චක්‍ර රත්නය පිහිටාද එපෙදෙසෙහි සිව්රඟ සෙනගත් සමග විසීමට පැමිණෙයි. මහණෙනි, අපරදිග යම් විරුද්ධ රජවරු වෙත්ද, ඔව්හු සක්විති රජහු වෙත එළඹ මෙසේ කීවාහුය. ‘මහරජතුමනි, එනු මැනවි. මහරජතුමනි, (ඔබතුමාගේ පැමිණීම), යහපත් පැමිණීමකි. මහරජතුමනි, ඔබවහන්සේට (අප) අයත් වේවා. මහරජතුමනි, (අපට) අනුශාසනා කරනු මැනව’ කියායි. (එවිට) සක්විති රජතෙම මෙසේ කීයේය. ‘පරපණ නොනැසිය යුතුයි. නොදුන් දෙය නොගත යුතුයි. කාමයන්හි වරදවා නොහැසිරිය යුතුයි. බොරු නොකිය යුතුයි. මත්පැන් පානය නොකළ යුතුයි. අනුභව කළ රාජ්‍යයම අනුභව කරව්’ කියායි. මහණෙනි, අපරදිග යම් විරුද්ධ රජවරු වෙත්ද, ඔව්හු සක්විති රජුට අනුව යෙදුනෝ වෙත්.
“ඉක්බිති මහණෙනි, ඒ චක්‍රරත්නය අපරදිග මුහුදේ ගැළී මතුවී උතුරුදිගට ගමන් කරයි. සක්විති රජතෙම සිව්රඟ සෙනඟ සමග අනුව පවතී. මහණෙනි, යම් පෙදෙසක චක්‍රරත්නය පිහිටාද, ඒ පෙදෙසෙහි සක්විති රජතෙම සිව්රඟ සෙනඟ සමග විසීමට පැමිණෙයි. මහණෙනි උතුරුදිග යම් විරුද්ධ රජවරු වෙත්ද, ඔව්හු සක්විති රජුවෙත පැමිණ මෙසේ කීවාහුය. ‘මහරජ, එනු මැනව. මහරජ, යහපත් පැමිණීමකි. මහරජ, ඔබට අප අයත් වේවා. මහරජ, අපට අනුශාසනය කරනු මැනවැයි’ කියායි. සක්විති රජතෙම මෙසේ කීය. ‘පරපණ නොනැසිය යුතුයි. නුදුන් දෙය නොගත යුතුයි. කාමයන්හි වරදවා නොහැසිරිය යුතුයි. බොරු නොකිය යුතුයි. මත්පැන් නොපිය යුතුයි. අනුභව කළ රාජ්‍යයම අනුභව කරව්’ කියායි. මහණෙනි, උතුරුදිග යම් විරුද්ධ රජවරු වෙත්ද, ඔව්හු සක්විති රජ අනුගමනය කරන්නෝ වෙති. ඉක්බිති මහණෙනි, ඒ චක්‍රරත්නය මුහුද කෙළවරකොට ඇති පොළොව දිනා, එම රාජධානියට පැමිණ, සක්විති රජුගේ අන්තඃපුරයෙහි දොරටුව හොබවමින් සක්විති රජුගේ අන්තඃපුරය ද්වාරයෙහි කඩ ඇණය ගසන ලද්දක් මෙන් සිටී. මහණෙනි, සක්විති රජුට මෙබඳු චක්‍රරත්නයක් පහළවෙයි.
258
‘‘පුන චපරං, භික්ඛවෙ, රඤ්ඤො චක්කවත්තිස්ස හත්ථිරතනං පාතුභවති - සබ්බසෙතො සත්තප්පතිට්ඨො ඉද්ධිමා වෙහාසඞ්ගමො උපොසථො නාම නාගරාජා. තං දිස්වාන රඤ්ඤො චක්කවත්තිස්ස චිත්තං පසීදති - ‘භද්දකං වත, භො, හත්ථියානං, සචෙ දමථං උපෙය්‍යා’ති. අථ ඛො තං, භික්ඛවෙ, හත්ථිරතනං සෙය්‍යථාපි නාම භද්දො හත්ථාජානීයො දීඝරත්තං සුපරිදන්තො එවමෙව දමථං උපෙති. භූතපුබ්බං, භික්ඛවෙ, රාජා චක්කවත්තී තමෙව හත්ථිරතනං වීමංසමානො පුබ්බණ්හසමයං අභිරුහිත්වා සමුද්දපරියන්තං පථවිං අනුසංයායිත්වා තමෙව රාජධානිං පච්චාගන්ත්වා පාතරාසමකාසි. රඤ්ඤො, භික්ඛවෙ, චක්කවත්තිස්ස එවරූපං හත්ථිරතනං පාතුභවති.
‘‘පුන චපරං, භික්ඛවෙ, රඤ්ඤො චක්කවත්තිස්ස අස්සරතනං පාතුභවති - සබ්බසෙතො කාළසීසො මුඤ්ජකෙසො ඉද්ධිමා වෙහාසඞ්ගමො වලාහකො නාම අස්සරාජා. තං දිස්වාන රඤ්ඤො චක්කවත්තිස්ස චිත්තං පසීදති - ‘භද්දකං වත, භො, අස්සයානං, සචෙ දමථං උපෙය්‍යා’ති. අථ ඛො තං, භික්ඛවෙ, අස්සරතනං සෙය්‍යථාපි නාම භද්දො අස්සාජානීයො දීඝරත්තං සුපරිදන්තො එවමෙව දමථං උපෙති. භූතපුබ්බං, භික්ඛවෙ, රාජා චක්කවත්තී තමෙව අස්සරතනං වීමංසමානො පුබ්බණ්හසමයං අභිරුහිත්වා සමුද්දපරියන්තං පථවිං අනුසංයායිත්වා තමෙව රාජධානිං පච්චාගන්ත්වා පාතරාසමකාසි. රඤ්ඤො, භික්ඛවෙ, චක්කවත්තිස්ස එවරූපං අස්සරතනං පාතුභවති.
‘‘පුන චපරං, භික්ඛවෙ, රඤ්ඤො චක්කවත්තිස්ස මණිරතනං පාතුභවති. සො හොති මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො . තස්ස ඛො පන, භික්ඛවෙ, මණිරතනස්ස ආභා සමන්තා යොජනං ඵුටා හොති. භූතපුබ්බං, භික්ඛවෙ, රාජා චක්කවත්තී තමෙව මණිරතනං වීමංසමානො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා මණිං ධජග්ගං ආරොපෙත්වා රත්තන්ධකාරතිමිසාය පායාසි. යෙ ඛො පන, භික්ඛවෙ, සමන්තා ගාමා අහෙසුං තෙ තෙනොභාසෙන කම්මන්තෙ පයොජෙසුං ‘දිවා’ති මඤ්ඤමානා. රඤ්ඤො, භික්ඛවෙ, චක්කවත්තිස්ස එවරූපං මණිරතනං පාතුභවති.
‘‘පුන චපරං, භික්ඛවෙ, රඤ්ඤො චක්කවත්තිස්ස ඉත්ථිරතනං පාතුභවති. සා අභිරූපා දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා නාතිදීඝා නාතිරස්සා නාතිකිසා නාතිථූලා නාතිකාළිකා (නාතිකාළී (සී. පී.)) නාච්චොදාතා, අතික්කන්තා මානුසං වණ්ණං, අප්පත්තා දිබ්බං වණ්ණං. තස්ස ඛො පන, භික්ඛවෙ, ඉත්ථිරතනස්ස එවරූපො කායසම්ඵස්සො හොති සෙය්‍යථාපි නාම තූලපිචුනො වා කප්පාසපිචුනො වා. තස්ස ඛො පන, භික්ඛවෙ, ඉත්ථිරතනස්ස සීතෙ උණ්හානි ගත්තානි හොන්ති, උණ්හෙ සීතානි ගත්තානි හොන්ති. තස්ස ඛො පන, භික්ඛවෙ, ඉත්ථිරතනස්ස කායතො චන්දනගන්ධො වායති, මුඛතො උප්පලගන්ධො වායති. තං ඛො පන, භික්ඛවෙ, ඉත්ථිරතනං රඤ්ඤො චක්කවත්තිස්ස පුබ්බුට්ඨායිනී හොති පච්ඡානිපාතිනී කිංකාරපටිස්සාවිනී මනාපචාරිනී පියවාදිනී. තං ඛො පන, භික්ඛවෙ, ඉත්ථිරතනං රාජානං චක්කවත්තිං මනසාපි නො අතිචරති, කුතො පන කායෙන? රඤ්ඤො, භික්ඛවෙ, චක්කවත්තිස්ස එවරූපං ඉත්ථිරතනං පාතුභවති.
‘‘පුන චපරං, භික්ඛවෙ, රඤ්ඤො චක්කවත්තිස්ස ගහපතිරතනං පාතුභවති. තස්ස කම්මවිපාකජං දිබ්බචක්ඛු පාතුභවති, යෙන නිධිං පස්සති සස්සාමිකම්පි අස්සාමිකම්පි. සො රාජානං චක්කවත්තිං උපසඞ්කමිත්වා එවමාහ - ‘අප්පොස්සුක්කො ත්වං, දෙව, හොහි. අහං තෙ ධනෙන ධනකරණීයං (ධනෙන කරණීයං (ක.)) කරිස්සාමී’ති. භූතපුබ්බං, භික්ඛවෙ, රාජා චක්කවත්තී තමෙව ගහපතිරතනං වීමංසමානො නාවං අභිරුහිත්වා මජ්ඣෙ ගඞ්ගාය නදියා සොතං ඔගාහිත්වා (ඔගහෙත්වා (සී. පී.)) ගහපතිරතනං එතදවොච - ‘අත්ථො මෙ, ගහපති, හිරඤ්ඤසුවණ්ණෙනා’ති. ‘තෙන හි, මහාරාජ, එකං තීරං නාවා උපෙතූ’ති. ‘ඉධෙව මෙ, ගහපති, අත්ථො හිරඤ්ඤසුවණ්ණෙනා’ති. අථ ඛො තං, භික්ඛවෙ, ගහපතිරතනං උභොහි හත්ථෙහි උදකෙ ඔමසිත්වා පූරං හිරඤ්ඤසුවණ්ණස්ස කුම්භිං උද්ධරිත්වා රාජානං චක්කවත්තිං එතදවොච - ‘අලමෙත්තාවතා, මහාරාජ! කතමෙත්තාවතා, මහාරාජ! පූජිතමෙත්තාවතා, මහාරාජා’ති. රාජා චක්කවත්තී එවමාහ - ‘අලමෙත්තාවතා, ගහපති! කතමෙත්තාවතා, ගහපති! පූජිතමෙත්තාවතා, ගහපතී’ති . රඤ්ඤො, භික්ඛවෙ, චක්කවත්තිස්ස එවරූපං ගහපතිරතනං පාතුභවති.
‘‘පුන චපරං, භික්ඛවෙ, රඤ්ඤො චක්කවත්තිස්ස පරිණායකරතනං පාතුභවති - පණ්ඩිතො බ්‍යත්තො මෙධාවී පටිබලො රාජානං චක්කවත්තිං උපයාපෙතබ්බං උපයාපෙතුං (උපට්ඨපෙතබ්බං උපට්ඨපෙතුං (සී. ස්‍යා. කං. පී.)) අපයාපෙතබ්බං අපයාපෙතුං ඨපෙතබ්බං ඨපෙතුං. සො රාජානං චක්කවත්තිං උපසඞ්කමිත්වා එවමාහ - ‘අප්පොස්සුක්කො ත්වං , දෙව, හොහි. අහමනුසාසිස්සාමී’ති. රඤ්ඤො, භික්ඛවෙ, චක්කවත්තිස්ස එවරූපං පරිණායකරතනං පාතුභවති. රාජා, භික්ඛවෙ, චක්කවත්තී ඉමෙහි සත්තහි රතනෙහි සමන්නාගතො හොති.
258
“මහණෙනි, නැවතද අනෙකක් කියමි. සක්විති රජුට හස්ති රත්නය පහළ වෙයි. සියල්ල සුදු සත් තැනක් බිම පිහිටි, ඍද්ධි ඇති, අහසින් යන, උපෝසථ නම් ඇත් රජෙකි. ඔහු දැක සක්විති රජුගේ සිත පහදී. පින්වත්නි, මේ ඇත් යානය ඉදින් හික්මුණු බවට පැමිණෙන්නේ නම් ඒකාන්තයෙන් යහපත්ය. මහණෙනි, එකල්හි ඒ හස්ති රත්නය බොහෝ කලක් හික්මවන ලද යහපත් ආජානීය හස්තිරාජයෙක් යම්සේද එමෙන්ම හික්මී පැමිණෙයි. මහණෙනි, පෙර වූ දෙයක් නම් සක්විති රජතෙම ඒ හස්ති රත්නය විමසනු පිණිස පෙරවරු ඇතු පිට නැගී, මුහුද කෙළවරකොට ඇති, පොළොවෙහි හැසිර එම රාජධානියට අවුත් උදය ආහාර ගත්තේය. මහණෙනි, සක්විති රජුට මෙබඳු හස්ති රත්නයක් පහළවෙයි.
“මහණෙනි, නැවතද අනෙකක් කියමි. සක්විති රජුට අශ්ව රත්නයක් පහළවෙයි. කෙබඳු අශ්ව රත්නයක්ද සියල්ල සුදු, කවුඩෙක් මෙන් කලුපැහැ හිසක් ඇති, ‘මුඤ්ජ” නම් තෘණ විශේෂය වැනි කෙහෙ ඇති, ඍද්ධි ඇති, අහසින් යන, වළාහක නම් අස් රජෙකි. ඌ දැක සක්විති රජුගේ සිත පහදී. පින්වත්නි, ඉදින් මේ අශ්වයානය හික්මුණු බවට පැමිණෙන්නේ නම් ඒකාන්තයෙන් යහපත්ය, මහණෙනි, එකල්හි ඒ අශ්වරත්නය බොහෝ කල් හික්මවන ලද යහපත් ආජානීය අශ්වයෙක් යම්සේද එමෙන්ම හික්මුණු බවට පැමිණෙයි. මහණෙනි, පෙර වූ දෙයක් නම් සක්විති රජතෙම ඒ, අශ්වරත්නය විමසීම සඳහා පෙරවරු කාලයෙහි අසුපිට නැගී මුහුද කෙළවර කොට ඇති පොළොවෙහි හැසිර එම රාජධානියට පැමිණ උදය ආහාර කෘත්‍ය කෙළේය. මහණෙනි, සක්විති රජුට මෙබඳු අශ්ව රත්නයක් පහළවෙයි.
“මහණෙනි, නැවතද අනෙකක් කියමි. සක්විති රජුට මාණික්‍ය රත්නයක් පහළවෙයි. එය යහපත්වූ, ජාතිමත්වූ, අටහුලස් ඇති, මොනවට පිරියම් කරණලද, වෛඪූර්‍ය්‍ය මාණික්‍යයෙක් වෙයි. මහණෙනි, ඒ මාණික්‍යයාගේ ආලෝකය හාත්පස යොදුනක් පැතිර පවතී. මහණෙනි, පෙර වූ දෙයක් නම් සක්විති රජතෙම ඒ මැණික විමසීම සඳහා සිවුරඟ සෙනඟ සන්නද්ධ කොට, මැණික කොඩි මුදුනට නංවා රාත්‍රි අඳුරෙහි ගියේය. මහණෙනි, හාත්පස යම් ගම් වූවාහුද ඒ ගම් මැණික් එලියෙන් දවල්යයි හඟිමින් කර්මාන්ත කළහ. මහණෙනි, සක්විති රජුට මෙබඳු මිණි රුවනෙක් පහළ වෙයි.
“මහණෙනි, නැවතද අනෙකක් කියමි. සක්විති රජුට ස්ත්‍රී රත්නයක් පහළ වෙයි. ඒ ස්ත්‍රී රත්නය විශිෂ්ට රූ ඇත්තේය. දැකුම් කලුය, ප්‍රසාද ජනකය, උතුම් වර්ණ සෞන්දර්‍යයෙන් යුක්තය, ඉතා දිග නොවෙයි, ඉතා කොටත් නොවෙයි, ඉතා කෙට්ටුත් නොවෙයි, ඉතා මහතත් නොවෙයි, ඉතා කලුත් නොවෙයි, ඉතා සුදුත් නොවෙයි, මිනිස් වර්ණය ඉක්මවූවා වෙයි, දිව්‍ය වර්ණයට නොපැමිණියාය. මහණෙනි, ඒ ස්ත්‍රී රත්නයාගේ මෙබඳු කාය ස්පර්ශයක් වෙයි, කපු පුලුන්වල ස්පර්ශය මෙනි, මහණෙනි, ඒ ස්ත්‍රී රත්නයේ ශරීරය සීත කාලයෙහි උෂ්ණවේ, උෂ්ණ කාලයෙහි සීතවේ, මහණෙනි, ඒ ස්ත්‍රී රත්නයාගේ කයින් සඳුන් සුවඳ හමයි, මුවෙන් උපුල් මල් සුවඳ හමයි, මහණෙනි, සක්විති රජුගේ ඒ ස්ත්‍රී රත්නය වනාහී හැමට කලින් පුබුදින්නී වෙයි, පසුව නිදන්නී වෙයි කීකරුකම දක්වන්නීය, මනාපසේ හැසිරෙන්නීය, ප්‍රිය තෙපුල් කියන්නීය, මහණෙනි, ඒ ස්ත්‍රී රත්නය වනාහි සක්විති රජ සිතින්වත්, ඉක්මවා නොහැසිරෙයි, කයින් කොයින් ඉක්මවයිද, මහණෙනි, සක්විති රජුට මෙබඳු ස්ත්‍රී රත්නයක් පහළවෙයි.
“මහණෙනි, නැවතද අනෙකක් කියමි. සක්විති රජුට ගෘහපති රත්නයක් පහළවෙයි. යම් හෙයකින් සස්වාමිකවූ හෝ අස්වාමික නිධාන දකීද, එබඳු කර්ම විපාකයෙන් උපන් දිව්‍ය චක්ෂුසක් ඔහුට පහළවෙයි, හෙතෙම සක්විති රජුවෙත එළඹ මෙසේ කීය. ‘දෙවයන් වහන්ස, ඔබ වහන්සේ මන්දොත්සාහි වනුමැනවි, මම ඔබ වහන්සේට ධනයෙන් කටයුතුදෙය ධනයෙන් කරන්නෙමි, කියායි. මහණෙනි, පෙර සක්විති රජතෙම එම ගෘහපති රත්නය විමසන්නේ නැව් නැග ගඟ මැද ගඟේ සැඩ පහරට බැසගෙණ ගෘහපති රත්නයට මෙය කීය. ‘ගෘහපතිය, මට හිරණ්‍ය ස්වර්ණයෙන් ප්‍රයෝජනය.’ ‘මහරජ එසේ වීනම් නැව එක ඉවුරකට පැමිණේවා’ ‘ගෘහපතිය, මට මෙහිදී හිරණ්‍ය ස්වර්ණයෙන් ප්‍රයෝජනය. ‘මහණෙනි, එකල්හි ඒ ගෘහපති රත්නය දෑතින් ජලය මැඩ, හිරණ්‍ය ස්වර්ණයෙන් පිරුණු නිදන් සැළියක් උඩට ගෙන සක්විති රජුට මෙසේ කීය. ‘මහරජතුමනි, මෙපමණකින් ප්‍රමාණද? මහරජතුමනි, මෙපමණකින් කරණ ලදද? මහරජතුමනි, මෙපමණකින් පුදන ලදද? ‘සක්විති රජතෙම මෙසේ කීය.’ ගෘහපතිය, මෙපමණකින් ප්‍රමාණය. මෙපමණකින් කරණලදී. ගෘහපතිය, මෙපමණකින් පුදන ලදී.’ මහණෙනි, සක්විති රජුට මෙබඳු ගෘහපති රත්නයක් පහළවෙයි.
“මහණෙනි, නැවතද අනෙකක් කියමි. සක්විති රජුට පුත්‍රරත්නයක් පහළවෙයි. කෙබඳු පුත්‍රරත්නයක්ද, පණ්ඩිතවූ, ව්‍යක්තවූ, බුද්ධි ඇති, උපස්ථාන කටයුතු, සක්විති රජුට උපස්ථාන කරවන්නට, අස්කළයුත්තන් අස්කරන්නට, ඒ ඒ තනතුරෙහි තබන්නට, සුදුස්සන් තබවන්නට, ශක්තිමත් පුත්‍රරත්නයකි. හෙතෙම සක්විති රජු වෙත එළඹ මෙසේ කීය. ‘දෙවයිනි, ඔබවහන්සේ මන්දොත්සාහී වනු මැනවි. මම අනුශාසනය කරන්නෙමි. මහණෙනි, සක්විති රජුට මෙබඳු පුත්‍රරත්නයක් පහළවෙයි.
“මහණෙනි, සක්විති රජතෙම මේ සප්ත රත්නයෙන් යුක්තවූයේ වෙයි. ඍද්ධි සතරකින්ද යුක්තවූයේ වෙයි.
259
‘‘කතමාහි චතූහි ඉද්ධීහි? ඉධ, භික්ඛවෙ, රාජා චක්කවත්තී අභිරූපො හොති දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො අතිවිය අඤ්ඤෙහි මනුස්සෙහි. රාජා, භික්ඛවෙ, චක්කවත්තී ඉමාය පඨමාය ඉද්ධියා සමන්නාගතො හොති.
‘‘පුන චපරං, භික්ඛවෙ, රාජා චක්කවත්තී දීඝායුකො හොති චිරට්ඨිතිකො අතිවිය අඤ්ඤෙහි මනුස්සෙහි. රාජා, භික්ඛවෙ, චක්කවත්තී ඉමාය දුතියාය ඉද්ධියා සමන්නාගතො හොති.
‘‘පුන චපරං, භික්ඛවෙ, රාජා චක්කවත්තී අප්පාබාධො හොති අප්පාතඞ්කො සමවෙපාකිනියා ගහණියා සමන්නාගතො නාතිසීතාය නාච්චුණ්හාය අතිවිය අඤ්ඤෙහි මනුස්සෙහි. රාජා, භික්ඛවෙ, චක්කවත්තී ඉමාය තතියාය ඉද්ධියා සමන්නාගතො හොති.
‘‘පුන චපරං, භික්ඛවෙ, රාජා චක්කවත්තී බ්‍රාහ්මණගහපතිකානං පියො හොති මනාපො. සෙය්‍යථාපි, භික්ඛවෙ, පිතා පුත්තානං පියො හොති මනාපො, එවමෙව ඛො, භික්ඛවෙ, රාජා චක්කවත්තී බ්‍රාහ්මණගහපතිකානං පියො හොති මනාපො. රඤ්ඤොපි, භික්ඛවෙ, චක්කවත්තිස්ස බ්‍රාහ්මණගහපතිකා පියා හොන්ති මනාපා. සෙය්‍යථාපි, භික්ඛවෙ, පිතු පුත්තා පියා හොන්ති මනාපා, එවමෙව ඛො, භික්ඛවෙ, රඤ්ඤොපි චක්කවත්තිස්ස බ්‍රාහ්මණගහපතිකා පියා හොන්ති මනාපා.
‘‘භූතපුබ්බං , භික්ඛවෙ, රාජා චක්කවත්තී චතුරඞ්ගිනියා සෙනාය උය්‍යානභූමිං නිය්‍යාසි. අථ ඛො, භික්ඛවෙ, බ්‍රාහ්මණගහපතිකා රාජානං චක්කවත්තිං උපසඞ්කමිත්වා එවමාහංසු - ‘අතරමානො, දෙව, යාහි යථා තං මයං චිරතරං පස්සෙය්‍යාමා’ති. රාජාපි, භික්ඛවෙ, චක්කවත්තී සාරථිං ආමන්තෙසි - ‘අතරමානො , සාරථි, පෙසෙහි යථා මං බ්‍රාහ්මණගහපතිකා චිරතරං පස්සෙය්‍යු’න්ති. රාජා, භික්ඛවෙ, චක්කවත්තී ඉමාය චතුත්ථාය ඉද්ධියා සමන්නාගතො හොති. රාජා, භික්ඛවෙ, චක්කවත්තී ඉමාහි චතූහි ඉද්ධීහි සමන්නාගතො හොති.
‘‘තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, අපි නු ඛො රාජා චක්කවත්තී ඉමෙහි සත්තහි රතනෙහි සමන්නාගතො ඉමාහි චතූහි ච ඉද්ධීහි තතොනිදානං සුඛං සොමනස්සං පටිසංවෙදියෙථා’’ති? ‘‘එකමෙකෙනපි, භන්තෙ, රතනෙන (තෙන රතනෙන (සී.)) සමන්නාගතො රාජා චක්කවත්තී තතොනිදානං සුඛං සොමනස්සං පටිසංවෙදියෙථ, කො පන වාදො සත්තහි රතනෙහි චතූහි ච ඉද්ධීහී’’ති?
259
කවර ඍද්ධි සතරකින්ද යත්?
“මහණෙනි, මේ ලෝකයෙහි සක්විති රජතෙම විශිෂ්ට රූ ඇත්තේය. දැකුම්කලුය. ප්‍රසාද ජනකය. අන් මිනිසුන්හට වඩා අතිශයින්ම උතුම් වර්ණ සෞන්දර්‍ය්‍යයෙන් යුක්තය. මහණෙනි, සක්විති රජතෙම මේ පළමුවෙනි ඍද්ධියෙන් යුක්තය.
“මහණෙනි, නැවතද අනෙකක් කියමි. සක්විති රජ තෙම දීර්ඝායුෂ ඇත්තේ වෙයි. අන් මිනිසුන්හට වඩා බොහෝ කල් ජීවත්ව සිටින්නේය. මහණෙනි, සක්විති රජ තෙම මේ දෙවෙනි ඍද්ධියෙන් යුක්තය.
“මහණෙනි, නැවතද අනෙකක් කියමි. සක්විති රජ තෙම පීඩා නැත්තේය. රෝග නැත්තේය. අන් මිනිසුන්ට වඩා අතිශයින් ඉතා සිහිල් නොවූ, ඉතා උෂ්ණ නොවූ, සමව ආහාර පැසෙන ගින්නෙන් යුක්තය. මහණෙනි, සක්විති රජතෙම මේ තුන්වෙනි ඍද්ධියෙන් යුක්තය.
“මහණෙනි, නැවතද අනෙකක් කියමි. සක්විති රජතෙම බමුණු ගෘහපතියනට ප්‍රිය මනාපය, මහණෙනි, පුතුන්හට පියෙකු මෙන් ප්‍රියය, මනාපය, මහණෙනි, එපරිද්දෙන්ම සක්විති රජතෙම බමුණු ගෘහපතියනට ප්‍රියය, මනාපය, මහණෙනි, සක්විති රජුට බමුණු ගෘහපතියෝද ප්‍රිය වෙත්. මනාප වෙත්. මහණෙනි, පියාහට පුතුන්මෙන් ප්‍රියය. මනාපය. මහණෙනි, එපරිද්දෙන්ම සක්විති රජුට බමුණු ගෘහ පතියෝ ප්‍රියය, මනාපය. මහණෙනි, පෙර වූවක් කියමි. සිව්රඟ සෙනඟ විසින් සක්විති රජතෙම උයන් බිමට පමුණුවනු ලැබීය. මහණෙනි, එකල්හි බමුණු ගැහැවියෝ සක්විති රජුවෙත එළඹ මෙසේ කීවාහුය. ‘දෙවයන් වහන්ස, අපි, ඔබවහන්සේ යම්සේ බොහෝකල් දක්නෙමුද, හෙමිහිට යනු මැනව. ‘මහණෙනි, සක්විති රජතෙම රියැදුරු ඇමතීය. ‘රියැදුර, යම්සේ බමුණු ගෘහපතියෝ බෝකල් මා දකින්නාහුද, එසේ හෙමිහිට රිය ගමන් කරව,’ කියායි. මහණෙනි, සක්විති රජතෙම මේ සතරවැනි ඍද්ධියෙන් යුක්තය. මහණෙනි, සක්විති රජතෙම මේ ඍද්ධි සතරින් යුක්තය. මහණෙනි, තවද සක්විති රජතෙම මේ සත් වැදෑරුම් රත්නයෙන් හා සතර ඍද්ධියෙන් යුක්තවූයේ ඒ හේතුවෙන් සැප සොම්නස විඳින්නේ නම් ඒ කුමකැයි හඟින්නෙහිද?”
“ස්වාමීන්වහන්ස, එකම රත්නයෙන් යුක්තවූ සක්විති රජතෙම ඒ හේතුවෙන් සැප සොම්නස විඳින්නේය. සප්ත රත්නයෙනුත් චතුර්විධ ඍද්ධියෙනුත් යුක්තවූයේ කියනුම කවරේද?”
260
අථ ඛො භගවා පරිත්තං පාණිමත්තං පාසාණං ගහෙත්වා භික්ඛූ ආමන්තෙසි - ‘‘තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, කතමො නු ඛො මහන්තතරො - යො චායං මයා පරිත්තො පාණිමත්තො පාසාණො ගහිතො යො ච හිමවා පබ්බතරාජා’’ති? ‘‘අප්පමත්තකො අයං, භන්තෙ, භගවතා පරිත්තො පාණිමත්තො පාසාණො ගහිතො; හිමවන්තං පබ්බතරාජානං උපනිධාය සඞ්ඛම්පි න උපෙති; කලභාගම්පි න උපෙති; උපනිධම්පි න උපෙතී’’ති. ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, යං රාජා චක්කවත්තී සත්තහි රතනෙහි සමන්නාගතො චතූහි ච ඉද්ධීහි තතොනිදානං සුඛං සොමනස්සං පටිසංවෙදෙති තං දිබ්බස්ස සුඛස්ස උපනිධාය සඞ්ඛම්පි න උපෙති; කලභාගම්පි න උපෙති; උපනිධම්පි න උපෙති’’.
‘‘ස ඛො සො, භික්ඛවෙ, පණ්ඩිතො සචෙ කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන මනුස්සත්තං ආගච්ඡති, යානි තානි උච්චාකුලානි - ඛත්තියමහාසාලකුලං වා බ්‍රාහ්මණමහාසාලකුලං වා ගහපතිමහාසාලකුලං වා තථාරූපෙ කුලෙ පච්චාජායති අඩ්ඪෙ මහද්ධනෙ මහාභොගෙ පහූතජාතරූපරජතෙ පහූතවිත්තූපකරණෙ පහූතධනධඤ්ඤෙ. සො ච හොති අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො, ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලෙපනස්ස සෙය්‍යාවසථපදීපෙය්‍යස්ස. සො කායෙන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති. සො කායෙන සුචරිතං චරිත්වා, වාචාය සුචරිතං චරිත්වා, මනසා සුචරිතං චරිත්වා, කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. සෙය්‍යථාපි, භික්ඛවෙ, අක්ඛධුත්තො පඨමෙනෙව කටග්ගහෙන මහන්තං භොගක්ඛන්ධං අධිගච්ඡෙය්‍ය; අප්පමත්තකො සො, භික්ඛවෙ, කටග්ගහො යං සො අක්ඛධුත්තො පඨමෙනෙව කටග්ගහෙන මහන්තං භොගක්ඛන්ධං අධිගච්ඡෙය්‍ය. අථ ඛො අයමෙව තතො මහන්තතරො කටග්ගහො යං සො පණ්ඩිතො කායෙන සුචරිතං චරිත්වා, වාචාය සුචරිතං චරිත්වා, මනසා සුචරිතං චරිත්වා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. අයං, භික්ඛවෙ, කෙවලා පරිපූරා පණ්ඩිතභූමී’’ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
260
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මිටක් පමණ ගලක් ගෙණ භික්ෂූන් අමතා වදාළසේක. “මහණෙනි, මා විසින් ගන්නාලද ස්වල්ප මාත්‍ර මිටක් පමණ යම් මේ ගලක් වේද, යම් මේ හිමවත් පර්වතරාජයෙක් වේද, කවරක් ඉතා මහත්යයි හඟනෙහිද?”
“ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ගන්නා ලද ස්වල්ප මාත්‍ර මිටක් පමණ ගල හිමවත් පර්වතරාජයාහට සමකොට බලනවිට ඉතා ස්වල්පය. ගණනකටද නොපැමිණෙයි. කලභාගයකටවත් නොපැමිණෙයි. සමානත්වයටද නොපැමිණෙයි.”
“මහණෙනි, එපරිද්දෙන්ම සක්විති රජතෙම සප්තවිධ රත්නයෙන්ද, සතර ඍද්ධියෙන්ද යුක්තවූයේ ඒ හේතුවෙන් යම් සැපවූ සොම්නසක් විඳීද, ඒ සැපය දිව්‍ය සැපයට සමකොට බලනවිට ගණනකටද නොපැමිණෙයි. කලභාගයකටද නොපැමිණෙයි. සමානත්වයටද නොපැමිණෙයි. මහණෙනි, ඒ මේ පණ්ඩිත තෙම ඉදින් කිසියම් කලෙක දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් මිනිසත් බවට පැමිණේද, ක්ෂත්‍රිය මහාසාර කුලයක් හෝ බ්‍රාහ්මණ මහාසාර කුලයක් හෝ ගෘහපති මහාසාර කුලයක් හෝ යන යම් උසස් කුලයෝ වෙත්ද, එබඳු පිරුණු මහත් ධන ඇති, බොහෝ රන් රිදී ඇති, බොහෝ වස්තු ඇති, බොහෝ ධන ධාන්‍ය ඇති කුලයක උපදී. හෙතෙමේද විශිෂ්ට රූ ඇත්තේය, දැකුම්කලු වූයේ, ප්‍රසාදජනක වූයේ, උතුම් වර්ණ සෞන්දර්‍ය්‍යයෙන් යුක්තවූයේ වෙයි. අහර, පැන්, වස්ත්‍ර, යාන, මල් ගඳ විලවුන්, සයන, වාසභූමි, පහන් ලබන්නෙක් වෙයි. හෙතෙම කයින් සුචරිත කරයි. වචනයෙන් සුචරිත කෙරෙයි. සිතින් සුචරිත කෙරෙයි. හෙතෙම කයින් සුචරිතකොට, වචනයෙන් සුචරිත කොට, සිතින් සුචරිතකොට, කාය භේදයෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයට පැමිණෙයි. මහණෙනි, සූදුකාරයෙක් පළමු දිනීමෙන් මහත් වස්තු රාශියක් යම්සේ ලබන්නේද, ඒ සූදුකාරයා යම් හෙයකින් පළමු ජයගැනීමෙන්ම මහත් වස්තු රාශියක් ලබන්නේ නම් ඒ දිනීම ස්වල්ප මාත්‍ර වූවකි. ඉක්බිති ඒ පණ්ඩිතතෙම යම් හෙයකින් කයින් සුචරිතකොට, වචනයෙන් සුචරිතකොට, සිතින් සුචරිතකොට කාය භේදයෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදී නම්, ඒ ජයගැනීම ඊට වඩා ඉතා මහත්ය. මහණෙනි, මෙය සියල්ලෙන් පිරුණු පණ්ඩිත භූමියයි.”
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. සතුටුවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තාහුය.
10. දෙවදූතසුත්තං 10. දේවදූත සූත්‍රය