ත්‍රිපිටකය
3. සුඤ්ඤතවග්ගො 3. සුඤ්ඤත වර්ගය
1. චූළසුඤ්ඤතසුත්තං 1. චූළසුඤ්ඤත සූත්‍රය
2. මහාසුඤ්ඤතසුත්තං 2. මහා සුඤ්ඤත සූත්‍රය
3. අච්ඡරියඅබ්භුතසුත්තං 3. අච්ඡරියබ්භුත සූත්‍රය
4. බාකුලසුත්තං 4. බක්කුල සූත්‍රය
5. දන්තභූමිසුත්තං 5. දන්තභූමි සූත්‍රය
6. භූමිජසුත්තං 6. භූමිජ සූත්‍රය
7. අනුරුද්ධසුත්තං 7. අනුරුද්ධ සූත්‍රය
8. උපක්කිලෙසසුත්තං 8. උපක්කිලේස සූත්‍රය
236
එවං මෙ සුතං - එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන කොසම්බියං භික්ඛූ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘ඉධ, භන්තෙ, කොසම්බියං භික්ඛූ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති. සාධු, භන්තෙ, භගවා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා’’ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො භගවා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච - ‘‘අලං, භික්ඛවෙ, මා භණ්ඩනං, මා කලහං, මා විග්ගහං, මා විවාද’’න්ති.
එවං වුත්තෙ, අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘ආගමෙතු, භන්තෙ! භගවා ධම්මස්සාමී; අප්පොස්සුක්කො, භන්තෙ, භගවා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තො විහරතු; මයමෙතෙන භණ්ඩනෙන කලහෙන විග්ගහෙන විවාදෙන පඤ්ඤායිස්සාමා’’ති. දුතියම්පි ඛො භගවා තෙ භික්ඛූ එතදවොච - ‘‘අලං, භික්ඛවෙ, මා භණ්ඩනං, මා කලහං, මා විග්ගහං, මා විවාද’’න්ති. දුතියම්පි ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘ආගමෙතු, භන්තෙ! භගවා ධම්මස්සාමී; අප්පොස්සුක්කො, භන්තෙ, භගවා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තො විහරතු; මයමෙතෙන භණ්ඩනෙන කලහෙන විග්ගහෙන විවාදෙන පඤ්ඤායිස්සාමා’’ති. තතියම්පි ඛො භගවා තෙ භික්ඛූ එතදවොච - ‘‘අලං, භික්ඛවෙ, මා භණ්ඩනං, මා කලහං, මා විග්ගහං, මා විවාද’’න්ති. තතියම්පි ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘ආගමෙතු, භන්තෙ, භගවා ධම්මස්සාමී; අප්පොස්සුක්කො, භන්තෙ, භගවා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තො විහරතු; මයමෙතෙන භණ්ඩනෙන කලහෙන විග්ගහෙන විවාදෙන පඤ්ඤායිස්සාමා’’ති.
අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය කොසම්බිං පිණ්ඩාය පාවිසි. කොසම්බියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය ඨිතකොව ඉමා ගාථා අභාසි -
236
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහිවූ ඝෝෂිතාරාමයෙහි වැඩවාසය කරණ සේක. එකල්හි වනාහි කොසඹෑ නුවර භික්ෂූහු දබරකර ගනිමින්, කෝලාහල කරගනිමින්, වාදකර ගනිමින්, ඔවුනොවුන් වචන නමැති හුල්වලින් ඇනගනිමින් වාසය කරති. එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේය. “ස්වාමීනි, මේ කොසඹෑ නුවර වැසි භික්ෂූහු දබරකර ගනිමින්, කෝලාහල කර ගනිමින්, වාදකර ගනිමින්, ඔවුනොවුන්, වචන නමැති හුල්වලින් ඇනගනිමින් වාසය කරති. “ස්වාමීනි, ඒ භික්ෂූහු යම් තැනකද එහි, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කොට වැඩමවන්නේ නම් මැනවි” එය භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසා වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූහු යම් තැනකද එහි වැඩිසේක. වැඩ ඒ භික්ෂූන්ට මෙය වදාළ සේක. “මහණෙනි, නුසුදුසුය, දබර නොකරව්, කලහ නොකරව්, කෝලාහල නොකරව්, විරුද්ධ වාද නොකරව්,” කියායි.
එසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේය. “ස්වාමීනි, ධර්මස්වාමීවූ භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වෙහෙස නොගනිත්වා. භාග්‍යවතුන් වහන්සේ ඵල සමාපත්ති සැප විහරණයෙහි යෙදී වාසය කරණ සේක්වා. අපි මේ දබරයෙන් කලහයෙන් කෝලාහලයෙන් විරුද්ධ වාදයෙන් පැනෙන්නෙමු” කියායි.
දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ට මෙය වදාළසේක. “මහණෙනි, නුසුදුසුය, දබර නොකරව්, කලහ නොකරව්, කෝලාහල නොකරව්, විරුද්ධ වාද නොකරව්,” කියායි. දෙවනුවත් ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. “ස්වාමීනි, ධර්මස්වාමීවූ භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වෙහෙස නොගනිත්වා. භාග්‍යවතුන් වහන්සේ ඵල සමාපත්ති සැප විහරණයෙහි යෙදී වාසය කරණ සේක්වා. අපි මේ දබරයෙන්, කලහයෙන්, කෝලාහලයෙන්, විරුද්ධ වාදයෙන්, පැණෙන්නෙමුයයි” කියායි. තෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ට මෙය වදාළසේක. “මහණෙනි, නුසුදුසුය, දබර නොකරව්, කෝලාහල නොකරව්, විරුද්ධ වාද නොකරව්” කියායි. තෙවනුවත් ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේය. “ස්වාමීනි, ධර්ම ස්වාමීවූ භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නොවෙහෙසෙන සේක්වා. භාග්‍යවතුන් වහන්සේ ඵලසමාපත්ති සැපවිහරණයෙහි යෙදී වාසය කරණ සේක්වා. අපි මේ දබරයෙන් කෝලාහලයෙන් විරුද්ධ වාදයෙන් පැණෙන්නෙමුයි.” කියායි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පාසිවුරු ගෙන කොසඹෑ නුවරට පිඬු පිණිස වැඩිසේක. කොසඹෑ නුවර පිඬු පිණිස හැසිර, බතින් පසුව, පිණ්ඩපාතයෙන් වැළකුණේ සෙනසුන තැන්පත් කොට තබා පාසිවුරු ගෙන වැඩසිටියේම මේ ගාථාවන් වදාළසේක.
237
‘‘පුථුසද්දො සමජනො, න බාලො කොචි මඤ්ඤථ;
සඞ්ඝස්මිං භිජ්ජමානස්මිං, නාඤ්ඤං භිය්‍යො අමඤ්ඤරුං.
‘‘පරිමුට්ඨා පණ්ඩිතාභාසා, වාචාගොචරභාණිනො;
යාවිච්ඡන්ති මුඛායාමං, යෙන නීතා න තං විදූ.
‘‘අක්කොච්ඡි මං අවධි මං, අජිනි මං අහාසි මෙ;
යෙ ච තං උපනය්හන්ති, වෙරං තෙසං න සම්මති.
‘‘අක්කොච්ඡි මං අවධි මං, අජිනි මං අහාසි මෙ;
යෙ ච තං නුපනය්හන්ති, වෙරං තෙසූපසම්මති.
‘‘න හි වෙරෙන වෙරානි, සම්මන්තීධ කුදාචනං;
අවෙරෙන ච සම්මන්ති, එස ධම්මො සනන්තනො.
‘‘පරෙ ච න විජානන්ති, මයමෙත්ථ යමාමසෙ;
යෙ ච තත්ථ විජානන්ති, තතො සම්මන්ති මෙධගා.
‘‘අට්ඨිච්ඡින්නා පාණහරා, ගවස්සධනහාරිනො;
රට්ඨං විලුම්පමානානං, තෙසම්පි හොති සඞ්ගති;
කස්මා තුම්හාකං නො සියා.
‘‘සචෙ ලභෙථ නිපකං සහායං,
සද්ධිං චරං සාධුවිහාරි ධීරං;
අභිභුය්‍ය සබ්බානි පරිස්සයානි,
චරෙය්‍ය තෙනත්තමනො සතීමා.
‘‘නො චෙ ලභෙථ නිපකං සහායං,
සද්ධිං චරං සාධුවිහාරි ධීරං;
රාජාව රට්ඨං විජිතං පහාය,
එකො චරෙ මාතඞ්ගරඤ්ඤෙව නාගො.
‘‘එකස්ස චරිතං සෙය්‍යො, නත්ථි බාලෙ සහායතා;
එකො චරෙ න ච පාපානි කයිරා,
අප්පොස්සුක්කො මාතඞ්ගරඤ්ඤෙව නාගො’’ති.
237
[1] “මහත් ශබ්ද ඇති එක හා සමාන කලහකාරී ජනතෙම (මම) අඥානයයි, කිසිවෙක් නොසැලකීය. සංඝයා බිඳෙන කල්හිත් ඊට වඩා වැඩි අනිකක් නොසිතී.
[2] “මුළාවූ සිහිය ඇති වචනය පමණක් ගොචර කොට ඇති, යම්තාක් මුඛය විවෘත කිරීමට කැමති නම් ඒ තාක් මුඛය විවෘත කොට කියන්නාවූ පණ්ඩිතයෝ යම් කලහයකින් ලජ්ජා නැති බවට පමුණුවන ලද්දාහු නම් එය ආදීනව සහිතයයි නොදනිත්.
[3] “අසවලා මට බැන්නේය, ගැසුවේය, මා පැරැද්දුවේය, මා සතු දෙය පැහැරගත්තේයයි යම් කෙනෙක් ක්‍රෝධයෙන් ඔහුට වෛර කරත් නම් ඔවුන්ගේ වෛරය නොසංසිඳෙන්නේය.
[4] (අසවලා) මට බැන්නේය, ගැසුවේය, මා සතු දේ පැහැර ගත්තේයයි යමෙක ඔවුන්ට වෛර නොකරන්නේ නම් ඔවුන්ගේ වෛරය සංසිඳෙන්නේය.
[5] “මේ ලෝකයෙහි කිසිකලෙකත් වෛර කිරීමෙන් වෛර සංසිඳීමෙක් නැත. වෛර නොකිරීමෙන්ම සංසිඳෙත්. මෙය පෞරාණික උතුම් ධර්මය වේ.
[6] “නුවණැතියන්ගෙන් අන්‍යවූ අඥානයෝ අපි මරණයට පැමිණෙන්නෙමුයි නොදනිති. ඒ බව යමෙක් දනිත් නම් ඒ හේතුකොටගෙන කලහය සංසිඳෙත්.
[7] “ඇට සිඳින්නාවූ ප්‍රාණය නැති කරන්නාවූ ගව අස් ආදී ධන පැහැර ගන්නාවූ සොරු වෙත්ද, රට විනාශ කරන්නාවූ ඔවුන්ගේ පවා සමගිය ඇත. කුමක් හෙයින් තොපගේ එබන්දක් නැත්තේද?
[8] “ස්ථානොචිත ප්‍රඥාවෙන් යුක්තවූද, සමග වසන්ට නිසිවූද, යහපත් හැසුරුම් ඇති, පණ්ඩිතවූ, කල්‍යාණ මිත්‍රයකු ඉදින් ලද්දේ නම් සිහියෙන් යුක්තවූ පුද්ගලතෙමේ ඔහු හා සමග සතුටු සිත් ඇතිව වාසය කරන්නේය.
[9] “තැනට නිසි නුවණැති, එකට හැසිරීමට සුදුසුවූ, මනා හැසුරුම් හා ධාරණ ප්‍රඥා ඇති, කළ්‍යාණ මිත්‍රයෙකු ඉදින් නොලද්දේ නම් දිනාගත් රජය හැර, (හුදකලාව වනයට වැද තපස් පැවිද්දට පැමිණි මහාජනක) රජු මෙන්ද, (හස්ති සමූහයා හැරපියා මේ රක්ෂිත වනයෙහි හුදකලාව හැසිරෙන) පාරිලෙය්‍යක නම් ඇතු මෙන්ද සමූහයෙන් වෙන්ව හුදකලාව වාසය කරන්නේය.
[10] “දෙලෝ වැඩ නොදත් අඥානයා කෙරෙහි එකට විසීමක් නැතිව, තනිව විසීම උතුමි. පාරිලෙය්‍යක ඇතු මෙන් පිරිස් පාලනයෙහි උත්සාහ රහිතව හුදකලාව වසන්නේය. ස්වල්පමාත්‍රවූද පව්කම් නොකරන්නේය.”
238
අථ ඛො භගවා ඨිතකොව ඉමා ගාථා භාසිත්වා යෙන බාලකලොණකාරගාමො (බාලකලොණකගාමො (ක.), තථා විනයෙපි) තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන ආයස්මා භගු බාලකලොණකාරගාමෙ විහරති. අද්දසා ඛො ආයස්මා භගු භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන ආසනං පඤ්ඤපෙසි උදකඤ්ච පාදානං ධොවනං (උදකඤ්ච පාදානං (සී. ස්‍යා. කං. පී.)). නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ පාදෙ පක්ඛාලෙසි. ආයස්මාපි ඛො භගු භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං භගුං භගවා එතදවොච - ‘‘කච්චි, භික්ඛු, ඛමනීයං, කච්චි යාපනීයං, කච්චි පිණ්ඩකෙන න කිලමසී’’ති? ‘‘ඛමනීයං භගවා, යාපනීයං භගවා, න චාහං, භන්තෙ, පිණ්ඩකෙන කිලමාමී’’ති. අථ ඛො භගවා ආයස්මන්තං භගුං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා යෙන පාචීනවංසදායො තෙනුපසඞ්කමි.
තෙන ඛො පන සමයෙන ආයස්මා ච අනුරුද්ධො ආයස්මා ච නන්දියො (භද්දියො (ම. නි. 2.166 නළකපානෙ) ආයස්මා ච කිමිලො (කිම්බිලො (සී. ස්‍යා. කං. පී.)) පාචීනවංසදායෙ විහරන්ති. අද්දසා ඛො දායපාලො භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන භගවන්තං එතදවොච - ‘‘මා, මහාසමණ, එතං දායං පාවිසි. සන්තෙත්ථ තයො කුලපුත්තා අත්තකාමරූපා විහරන්ති. මා තෙසං අඵාසුමකාසී’’ති. අස්සොසි ඛො ආයස්මා අනුරුද්ධො දායපාලස්ස භගවතා සද්ධිං මන්තයමානස්ස. සුත්වාන දායපාලං එතදවොච - ‘‘මා, ආවුසො දායපාල, භගවන්තං වාරෙසි. සත්ථා නො භගවා අනුප්පත්තො’’ති.
238
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේම මේ ගාථාවන් වදාරා “බාලකලොණකාර” නම් ගම යම් තැනෙක්හිද එහි වැඩි සේක. එසමයෙහි ආයුෂ්මත් භගුස්ථවිර තෙම “බාලකලොණකාර” ගමෙහි වාසය කෙරෙයි. ආයුෂ්මත් භගුස්ථවිර තෙම වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක්කේය. දැක, ආසනයක් පැනවීය. පා දෝනා දිය තැබීය. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ පා සේදීය. ආයුෂ්මත් භගු ස්ථවිර තෙමේද භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් ආයුෂ්මත් භගු ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණ කිම ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? කිම පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නොවෙහිද?” “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකිවෙමි. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැක. ස්වාමීනි, ආහාරයෙන් ක්ලාන්ත නොවෙමියි” (කීය.)
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් භගු ස්ථවිරයන් දැහැමි කථාවෙන් කරුණු දක්වා (එහි) සමාදන් කරවා (ඉන්) තෙද ගන්වා, (එහි) පහදවා හුනස්නෙන් නැගිට “ප්‍රාචීන වංශදාය වනය” යම් තැනෙක්හිද එහි වැඩිසේක. එසමයෙහි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් නන්දිය ස්ථවිර තෙමේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිර තෙමේද එහි වෙසෙති. උයන්පල්ලා වඩින භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක්කේය. දැක, භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. “ශ්‍රමණය, මේ වනයට නොපිවිසෙව, මෙහි කුලපුත්‍රයෝ තිදෙනෙක් කැමති පරිදි වෙසෙති. ඔවුන්ට අපහසු නොකළ මැනව” කියායි.
ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ සමග කථාකරන වනපාලකයාගේ කථාව ඇසීය. ඒ කථාව අසා, වනපාලකයාට මෙය කීය. “ඇවැත්නි, වනපාලකය, භාග්‍යවතුන් වහන්සේ නොවලක්වව. අපගේ ශාස්තෘවූ භාග්‍යවතුන් වහන්සේ වැඩ වදාළසේක” කියායි.
239
අථ ඛො ආයස්මා අනුරුද්ධො යෙනායස්මා ච නන්දියො යෙනායස්මා ච කිමිලො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තඤ්ච නන්දියං ආයස්මන්තඤ්ච කිමිලං එතදවොච - ‘‘අභික්කමථායස්මන්තො, අභික්කමථායස්මන්තො, සත්ථා නො භගවා අනුප්පත්තො’’ති. අථ ඛො ආයස්මා ච අනුරුද්ධො ආයස්මා ච නන්දියො ආයස්මා ච කිමිලො භගවන්තං පච්චුග්ගන්ත්වා එකො භගවතො පත්තචීවරං පටිග්ගහෙසි, එකො ආසනං පඤ්ඤපෙසි, එකො පාදොදකං උපට්ඨපෙසි. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ පාදෙ පක්ඛාලෙසි. තෙපි ඛො ආයස්මන්තො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං අනුරුද්ධං භගවා එතදවොච - ‘‘කච්චි වො, අනුරුද්ධා, ඛමනීයං, කච්චි යාපනීයං, කච්චි පිණ්ඩකෙන න කිලමථා’’ති? ‘‘ඛමනීයං භගවා, යාපනීයං භගවා, න ච මයං, භන්තෙ, පිණ්ඩකෙන කිලමාමා’’ති. ‘‘කච්චි පන වො, අනුරුද්ධා, සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරථා’’ති? ‘‘තග්ඝ මයං, භන්තෙ, සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරාමා’’ති. ‘‘යථා කථං පන තුම්හෙ, අනුරුද්ධා, සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරථා’’ති? ‘‘ඉධ මය්හං, භන්තෙ, එවං හොති - ‘ලාභා වත මෙ, සුලද්ධං වත මෙ යොහං එවරූපෙහි සබ්‍රහ්මචාරීහි සද්ධිං විහරාමී’ති. තස්ස මය්හං, භන්තෙ, ඉමෙසු ආයස්මන්තෙසු මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං ආවි චෙව රහො ච, මෙත්තං වචීකම්මං පච්චුපට්ඨිතං ආවි චෙව රහො ච, මෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං ආවි චෙව රහො ච. තස්ස, මය්හං, භන්තෙ, එවං හොති - ‘යංනූනාහං සකං චිත්තං නික්ඛිපිත්වා ඉමෙසංයෙව ආයස්මන්තානං චිත්තස්ස වසෙන වත්තෙය්‍ය’න්ති. සො ඛො අහං, භන්තෙ, සකං චිත්තං නික්ඛිපිත්වා ඉමෙසංයෙව ආයස්මන්තානං චිත්තස්ස වසෙන වත්තාමි. නානා හි ඛො නො, භන්තෙ, කායා, එකඤ්ච පන මඤ්ඤෙ චිත්ත’’න්ති.
ආයස්මාපි ඛො නන්දියො...පෙ.... ආයස්මාපි ඛො කිමිලො භගවන්තං එතදවොච - ‘‘මය්හම්පි ඛො, භන්තෙ, එවං හොති - ‘ලාභා වත මෙ, සුලද්ධං වත මෙ යොහං එවරූපෙහි සබ්‍රහ්මචාරීහි සද්ධිං විහරාමී’ති. තස්ස මය්හං, භන්තෙ, ඉමෙසු ආයස්මන්තෙසු මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං ආවි චෙව රහො ච, මෙත්තං වචීකම්මං පච්චුපට්ඨිතං ආවි චෙව රහො ච, මෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං ආවි චෙව රහො ච. තස්ස මය්හං, භන්තෙ, එවං හොති - ‘යංනූනාහං සකං චිත්තං නික්ඛිපිත්වා ඉමෙසංයෙව ආයස්මන්තානං චිත්තස්ස වසෙන වත්තෙය්‍ය’න්ති. සො ඛො අහං, භන්තෙ, සකං චිත්තං නික්ඛිපිත්වා ඉමෙසංයෙව ආයස්මන්තානං චිත්තස්ස වසෙන වත්තාමි. නානා හි ඛො නො, භන්තෙ, කායා, එකඤ්ච පන මඤ්ඤෙ චිත්තන්ති. එවං ඛො මයං, භන්තෙ, සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරාමා’’ති.
239
ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙම, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන්ද ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන්ද යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන්ටද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන්ටද මෙය කීය. “ආයුෂ්මත්වරුනි, ඉදිරියට එව්. ආයුෂ්මත්වරුනි, ඉදිරියට එව්. අපගේ ශාස්තෘවූ භාග්‍යවතුන් වහන්සේ වැඩිසේක,” කියායි.
ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් නන්දිය ස්ථවිර තෙමේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිර තෙමේද, භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට ගොස්, එකනමක් භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරු ගත්තේය. එකනමක් අසුන් පැණවීය. එකනමක් පාදෝනා පැන් තැබීය. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද ආසනයෙහි වැඩහුන් සේක. වැඩහිඳ, පා සේදූ සේක. ඒ ආයුෂ්මත්වරුද, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නාහුය. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “අනුරුද්ධයිනි, නුඹලාට කිම ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? කිම පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නොවූවහුද?” කියායි. “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකිය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැක. ස්වාමීනි, පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නොවමු.”
“අනුරුද්ධයිනි, නුඹලා සමගිව, සතුටු සිතැතිව, විරුද්ධවාද නැතිව, කිරි හා දිය මෙන් එක්වූවාහු, ඔවුනොවුන් ප්‍රිය ඇස්වලින් බලන්නාහු, කිම වාසය කරහුද?” “ස්වාමීනි, අපි ඒකාන්තයෙන් සමගිව, සතුටු සිතැතිව, විවාද රහිතව, කිරි හා දිය මෙන් එක්සත්ව, ඔවුනොවුන් ප්‍රිය ඇස්වලින් බලමින් වාසය කරමු.”
“අනුරුද්ධයිනි, තෙපි සමගිව, සතුටු සිතැතිව, විවාද රහිතව, කිරි හා දිය මෙන් එක්සත්ව, ඔවුනොවුන් ප්‍රිය ඇස්වලින් බලමින් කෙසේ වනාහි වාසය කරව්ද?”
“ස්වාමීනි, මෙහිදී මට මෙසේ අදහස් වෙයි. ‘යම් බඳුවූ මම මෙබඳුවූ සබ්‍රහ්මචාරීන් සමග වෙසෙම්ද එය, ඒකාන්තයෙන් මට ලාභයකි. ඒකාන්තයෙන් මා විසින් ලාභයක් ලබන ලදී.’ ස්වාමීනි, ඒ මාගේ මේ ආයුෂ්මතුන් කෙරෙහි මෛත්‍රී සහගත කාය කර්මය ප්‍රකටවත්, රහසිගතවත් එළඹ සිටියේය. මෛත්‍රී සහගත වාක් කර්මය ප්‍රකටවත්, රහසි ගතවත් එළඹ සිටියේය. මෛත්‍රී සහගත මනො කර්මය ප්‍රකටවත්, රහසිගතවත් එළඹ සිටියේය. ස්වාමීනි, ඒ මට මෙසේ අදහස් වෙයි. ‘සිය සිත බහා තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් වශයෙන් මම පවතින්නෙම් නම් ඉතා හොඳය කියායි.’ ස්වාමීනි, ඒ මම සිය සිත බහා තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් වශයෙන් පවතිමි. ස්වාමීන්වහන්ස, අපේ ශරීර වෙන් වෙන්වූ නමුත් සිත එකක්මයයි හඟිමි.
ආයුෂ්මත් නන්දිය තෙමේද, ආයුෂ්මත් කිම්බිල තෙමේද, භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළාහුය. “ස්වාමීනි, මටත් මෙසේ අදහස් විය. ‘යම්බඳු මම මෙබඳු සබ්‍රහ්මචාරීන් සමග වෙසෙම්ද, එය ඒකාන්තයෙන් මට ලාභයකි. ඒකාන්තයෙන් මා විසින් ලාභයක් ලබන ලදී.’ ස්වාමීනි, ඒ මාගේ මේ ආයුෂ්මතුන් කෙරෙහි මෛත්‍රී සහගත කාය කර්මය ප්‍රකටවත්, රහසිගතවත් එළඹ සිටියේය. මෛත්‍රීසහගත වාක් කර්මය, ප්‍රකටවත්, රහසිගතවත් එළඹ සිටියේය. මෛත්‍රී සහගත මනොකර්මය ප්‍රකටවත් රහසිගතවත් එළඹ සිටියේය. ස්වාමීනි, ඒ මට මෙසේ අදහස් වෙයි. ‘සිය සිත බහාතබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් වශයෙන් මම පවතින්නෙම් නම් ඉතා යෙහෙකැයි’ කියායි. ස්වාමීනි, ඒ මම සිය සිත බහා තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් වශයෙන් පවතිමි. ස්වාමීනි, අපේ ශරීර වෙන් වෙන්වූ නමුත් සිත එකක්මයයි හඟිම්.
“ස්වාමීනි, අපි මෙසේ වනාහි සමගිව, සතුටු සිතැතිව, විවාද රහිතව, කිරි හා දිය මෙන් එක්සත්ව ඔවුනොවුන් ප්‍රිය ඇස්වලින් බලමින් වාසය කරමුයි” කීවාහුය.
240
‘‘සාධු, සාධු, අනුරුද්ධා! කච්චි පන වො, අනුරුද්ධා, අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරථා’’ති? ‘‘තග්ඝ මයං, භන්තෙ, අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරාමා’’ති. ‘‘යථා කථං පන තුම්හෙ, අනුරුද්ධා, අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරථා’’ති? ‘‘ඉධ, භන්තෙ, අම්හාකං යො පඨමං ගාමතො පිණ්ඩාය පටික්කමති, සො ආසනානි පඤ්ඤපෙති, පානීයං පරිභොජනීයං උපට්ඨාපෙති, අවක්කාරපාතිං උපට්ඨාපෙති. යො පච්ඡා ගාමතො පිණ්ඩාය පටික්කමති - සචෙ හොති භුත්තාවසෙසො, සචෙ ආකඞ්ඛති, භුඤ්ජති; නො චෙ ආකඞ්ඛති, අප්පහරිතෙ වා ඡඩ්ඩෙති අපාණකෙ වා උදකෙ ඔපිලාපෙති - සො ආසනානි පටිසාමෙති, පානීයං පරිභොජනීයං පටිසාමෙති, අවක්කාරපාතිං ධොවිත්වා පටිසාමෙති, භත්තග්ගං සම්මජ්ජති. යො පස්සති පානීයඝටං වා පරිභොජනීයඝටං වා වච්චඝටං වා රිත්තං තුච්ඡං සො උපට්ඨාපෙති. සචස්ස හොති අවිසය්හං, හත්ථවිකාරෙන දුතියං ආමන්තෙත්වා හත්ථවිලඞ්ඝකෙන උපට්ඨාපෙම (උපට්ඨපෙති (සී.)), න ත්වෙව මයං, භන්තෙ, තප්පච්චයා වාචං භින්දාම. පඤ්චාහිකං ඛො පන මයං, භන්තෙ, සබ්බරත්තිං ධම්මියා කථාය සන්නිසීදාම. එවං ඛො මයං, භන්තෙ, අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරාමා’’ති.
240
‘අනුරුද්ධයිනි, යහපති, යහපති. අනුරුද්ධයිනි, තෙපි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, සිවු මගට පමුණුවන ලද සිත් ඇතිව කිම වාසය කරව්ද?”
“ස්වාමීනි, අපි ඒකාන්තයෙන් අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව සිවු මගට පමුණුවන ලද සිත් ඇතිව වාසය කරමු.”
“අනුරුද්ධයිනි, තෙපි කෙසේ වනාහි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, සිව් මගට පමුණුවන ලද සිතැතිව, වාසය කරව්ද?”
“ස්වාමීනි, මෙහි අපගෙන් යමෙක් පළමුව පිඬු පිණිස ගොස් ගමින් පෙරළා එයිද, හෙතෙම අසුන් පනවයි. පියයුතු පැන් හා පරිභෝග කටයුතු පැන් ගෙනත් තබයි. ඉතුරු ආහාර දමන භාජනය සූදානම් කොට තබයි. යමෙක් පසුව පිඬු පිණිස ගොස් ගමෙන් පෙරළා එයිද, ඉදින් වළඳා ඉතිරියක් වේද, ඉඳින් කැමති නම් වළඳයි. ඉදින් අකමැති නම් තණ පැලෑටි නැති තැනක දමයි. සතුන් නැති දියෙහි හෝ පාකොට හරියි. හෙතෙම අසුන් තැන් පත් කොට තබයි. පියයුතු පැන් හා පරිභෝග කටයුතු පැන් පිළියෙළ කොට තබයි. ඉතිරි බත් දමන භාජනය සෝදා තැන්පත් කොට තබයි. දන් ශාලාව හමදී. යමෙක් පියයුතු පැන් තබන කළය හෝ පරිභෝග කටයුතුවූ ජලය තබන කළය හෝ හිස්ව තිබෙනු දකීද, හෙතෙම දිය ගෙනත් තබයි. ඉදින් මොහුට නොඉසිලිය හැකි වේ නම් අත වැනීමෙන් දෙවැන්නකු අමතා අත් විලංගුවෙන් ගෙන ගොස් තබයි. ස්වාමීනි, අපි ඒ හේතුවෙන් කථා නොකරමු. ස්වාමීනි, අපි පස්දවසකට වරක් මුලු රෑ දැහැමි කථාවෙන් යුක්තව හිඳිනෙමු. ස්වාමීනි, අපි මෙසේ වනාහි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, සිව් මගට යවන ලද සිතැතිව වාසය කරමු.”
241
‘‘සාධු, සාධු, අනුරුද්ධා! අත්ථි පන වො, අනුරුද්ධා, එවං අප්පමත්තානං ආතාපීනං පහිතත්තානං විහරතං උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරො’’ති? ‘‘ඉධ මයං, භන්තෙ, අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරන්තා ඔභාසඤ්චෙව සඤ්ජානාම දස්සනඤ්ච රූපානං. සො ඛො පන නො ඔභාසො නචිරස්සෙව අන්තරධායති දස්සනඤ්ච රූපානං; තඤ්ච නිමිත්තං නප්පටිවිජ්ඣාමා’’ති.
‘‘තං ඛො පන වො, අනුරුද්ධා, නිමිත්තං පටිවිජ්ඣිතබ්බං. අහම්පි සුදං, අනුරුද්ධා, පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධො බොධිසත්තොව සමානො ඔභාසඤ්චෙව සඤ්ජානාමි දස්සනඤ්ච රූපානං. සො ඛො පන මෙ ඔභාසො නචිරස්සෙව අන්තරධායති දස්සනඤ්ච රූපානං. තස්ස මය්හං, අනුරුද්ධා, එතදහොසි - ‘කො නු ඛො හෙතු කො පච්චයො යෙන මෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපාන’න්ති? තස්ස මය්හං, අනුරුද්ධා, එතදහොසි - ‘විචිකිච්ඡා ඛො මෙ උදපාදි, විචිකිච්ඡාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සතී’’’ති.
‘‘සො ඛො අහං, අනුරුද්ධා, අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො ඔභාසඤ්චෙව සඤ්ජානාමි දස්සනඤ්ච රූපානං. සො ඛො පන මෙ ඔභාසො නචිරස්සෙව අන්තරධායති දස්සනඤ්ච රූපානං. තස්ස මය්හං, අනුරුද්ධා, එතදහොසි - ‘කො නු ඛො හෙතු කො පච්චයො යෙන මෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපාන’න්ති? තස්ස මය්හං, අනුරුද්ධා, එතදහොසි - ‘අමනසිකාරො ඛො මෙ උදපාදි, අමනසිකාරාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරො’’’ති.
‘‘සො ඛො අහං, අනුරුද්ධා...පෙ.... තස්ස මය්හං, අනුරුද්ධා, එතදහොසි - ‘ථිනමිද්ධං ඛො මෙ උදපාදි, ථිනමිද්ධාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරො න ථිනමිද්ධ’’’න්ති.
‘‘සො ඛො අහං, අනුරුද්ධා...පෙ.... තස්ස මය්හං, අනුරුද්ධා, එතදහොසි - ‘ඡම්භිතත්තං ඛො මෙ උදපාදි, ඡම්භිතත්තාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සෙය්‍යථාපි, අනුරුද්ධා, පුරිසො අද්ධානමග්ගප්පටිපන්නො, තස්ස උභතොපස්සෙ වට්ටකා (වධකා (සී. ස්‍යා. කං. පී.)) උප්පතෙය්‍යුං, තස්ස තතොනිදානං ඡම්භිතත්තං උප්පජ්ජෙය්‍ය; එවමෙව ඛො මෙ, අනුරුද්ධා, ඡම්භිතත්තං උදපාදි, ඡම්භිතත්තාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරො න ථිනමිද්ධං න ඡම්භිතත්ත’’’න්ති.
‘‘සො ඛො අහං, අනුරුද්ධා...පෙ.... තස්ස මය්හං, අනුරුද්ධා, එතදහොසි - ‘උප්පිලං (උබ්බිල්ලං (සී. පී.), උබ්බිලං (ස්‍යා. කං.)) ඛො මෙ උදපාදි, උප්පිලාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං . සෙය්‍යථාපි, අනුරුද්ධා, පුරිසො එකං නිධිමුඛං ගවෙසන්තො සකිදෙව පඤ්චනිධිමුඛානි අධිගච්ඡෙය්‍ය, තස්ස තතොනිදානං උප්පිලං උප්පජ්ජෙය්‍ය; එවමෙව ඛො මෙ, අනුරුද්ධා, උප්පිලං උදපාදි, උප්පිලාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති, න අමනසිකාරො, න ථිනමිද්ධං, න ඡම්භිතත්තං, න උප්පිල’’’න්ති.
‘‘සො ඛො අහං, අනුරුද්ධා...පෙ.... තස්ස මය්හං, අනුරුද්ධා, එතදහොසි - ‘දුට්ඨුල්ලං ඛො මෙ උදපාදි, දුට්ඨුල්ලාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති, න අමනසිකාරො, න ථිනමිද්ධං, න ඡම්භිතත්තං, න උප්පිලං, න දුට්ඨුල්ල’’’න්ති.
‘‘සො ඛො අහං, අනුරුද්ධා...පෙ.... තස්ස මය්හං, අනුරුද්ධා, එතදහොසි - ‘අච්චාරද්ධවීරියං ඛො මෙ උදපාදි, අච්චාරද්ධවීරියාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සෙය්‍යථාපි, අනුරුද්ධා, පුරිසො උභොහි හත්ථෙහි වට්ටකං ගාළ්හං ගණ්හෙය්‍ය, සො තත්ථෙව පතමෙය්‍ය (මතමෙය්‍ය (බහූසු) ප + තං + එය්‍ය = පතමෙය්‍ය-ඉති පදවිභාගො); එවමෙව ඛො මෙ, අනුරුද්ධා, අච්චාරද්ධවීරියං උදපාදි, අච්චාරද්ධවීරියාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති, න අමනසිකාරො, න ථිනමිද්ධං, න ඡම්භිතත්තං, න උප්පිලං, න දුට්ඨුල්ලං, න අච්චාරද්ධවීරිය’’’න්ති.
‘‘සො ඛො අහං, අනුරුද්ධා...පෙ.... තස්ස මය්හං, අනුරුද්ධා, එතදහොසි - ‘අතිලීනවීරියං ඛො මෙ උදපාදි , අතිලීනවීරියාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සෙය්‍යථාපි, අනුරුද්ධා, පුරිසො වට්ටකං සිථිලං ගණ්හෙය්‍ය, සො තස්ස හත්ථතො උප්පතෙය්‍ය; එවමෙව ඛො මෙ, අනුරුද්ධා, අතිලීනවීරියං උදපාදි, අතිලීනවීරියාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති, න අමනසිකාරො, න ථිනමිද්ධං, න ඡම්භිතත්තං, න උප්පිලං, න දුට්ඨුල්ලං, න අච්චාරද්ධවීරියං, න අතිලීනවීරිය’’’න්ති.
‘‘සො ඛො අහං, අනුරුද්ධා...පෙ.... තස්ස මය්හං, අනුරුද්ධා, එතදහොසි - ‘අභිජප්පා ඛො මෙ උදපාදි, අභිජප්පාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති, න අමනසිකාරො, න ථිනමිද්ධං, න ඡම්භිතත්තං, න උප්පිලං, න දුට්ඨුල්ලං, න අච්චාරද්ධවීරියං, න අතිලීනවීරියං, න අභිජප්පා’’’ති.
‘‘සො ඛො අහං, අනුරුද්ධා...පෙ.... තස්ස මය්හං, අනුරුද්ධා, එතදහොසි - ‘නානත්තසඤ්ඤා ඛො මෙ උදපාදි, නානත්තසඤ්ඤාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති, න අමනසිකාරො, න ථිනමිද්ධං, න ඡම්භිතත්තං, න උප්පිලං, න දුට්ඨුල්ලං, න අච්චාරද්ධවීරියං, න අතිලීනවීරියං, න අභිජප්පා, න නානත්තසඤ්ඤා’’’ති.
‘‘සො ඛො අහං, අනුරුද්ධා, අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො ඔභාසඤ්චෙව සඤ්ජානාමි දස්සනඤ්ච රූපානං. සො ඛො පන මෙ ඔභාසො නචිරස්සෙව අන්තරධායති දස්සනඤ්ච රූපානං. තස්ස මය්හං අනුරුද්ධා එතදහොසි - ‘කො නු ඛො හෙතු කො පච්චයො යෙන මෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපාන’න්ති. තස්ස මය්හං, අනුරුද්ධා, එතදහොසි - ‘අතිනිජ්ඣායිතත්තං ඛො මෙ රූපානං උදපාදි, අතිනිජ්ඣායිතත්තාධිකරණඤ්ච පන මෙ රූපානං සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති, න අමනසිකාරො, න ථිනමිද්ධං, න ඡම්භිතත්තං, න උප්පිලං, න දුට්ඨුල්ලං, න අච්චාරද්ධවීරියං, න අතිලීනවීරියං, න අභිජප්පා, න නානත්තසඤ්ඤා, න අතිනිජ්ඣායිතත්තං රූපාන’’’න්ති.
241
‘අනුරුද්ධයිනි, යහපති, යහපති. අනුරුද්ධයිනි, මෙසේ අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, සිව් මගට යවනලද සිතැතිව, වාසය කරන තොප විසින් මනුෂ්‍ය ධර්මයට වැඩි ආර්‍ය්‍යභාවය කිරීමට සුදුසු පහසු විහරණයක්වූ ඥානදර්ශන විශේෂයක් අවබෝධ කරන ලද්දේ වේද?” “ස්වාමීනි, මෙහි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, සිව් මගට යවනලද සිතැතිව, වාසය කරන අපි (පරිකර්මයන්ගේ) ආලෝකයද, දිවැසින් රූප දැක්මද, හැඳින ගනිමු. අපගේ ඒ ආලෝකයද, රූප දැකීමද, නොබෝ වේලාවකින් අතුරුදහන් වෙයි. ඊට කාරණය නොදනිමු.”
“අනුරුද්ධයිනි, ඊට කාරණය තොප විසින් දැනගත යුතුය. අනුරුද්ධයිනි, මමද සම්‍යක් සම්බොධියෙන් පෙර සම්‍යක් සම්බුද්ධ නොවූයේම, බොධිසත්ව වූයේම (පරිකර්මයන්ගේ) ආලෝකයද, දිවැසින් රූප දැකීමද දනිමි. මාගේ ඒ ආලෝකයත් රූප දැකීමත් නොබෝ වේලාවකින් අතුරුදන් වෙයි.
“අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘යම්හෙයකින් මාගේ ඒ ආලෝකයත්, දිවැසින් රූප දැකීමත්, ‘අතුරුදන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යයකවරේද?’ කියායි අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘මට සැකය ඇති විය. සැකය හේතු කොට
ගෙන මගේ සමාධිය නැතිවිය. සමාධිය නැතිවූ කල්හි ආලෝකයත් දිවැසින් රූප දැකීමත් අතුරුදහන් වෙයි. ඒ මම යම්සේ මට සැකය නූපදින්නේද එසේ කරන්නෙමි අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව්මගට යවන ලද සිතැතිව වාසය කරන්නේ ආලෝකයද, රූප දැකීමද, හඳුනමි. මාගේ ඒ ආලෝකයද, රූප දැකීමද, අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘යමකින් මාගේ ආලෝකයද, රූප දැකීමද අතුරුදහන්වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි.
“අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘මම දැන් කිසිවක් මෙනෙහි නොකරන්නෙමි. යන “අමනසිකාරය” පහළ විය. අමනසිකාරය’ හේතුකොට මාගේ සමාධිය නැතිවිය. සමාධිය නැතිව ගිය කල්හි ආලෝකයද, රූප දැකීමද අතුරුදහන් වෙයි. ඒ මම යම්සේ මට නැවත සැකය නූපදින්නේ නම් අමනසිකාරය නොවේ නම් එසේ කරන්නෙමි’ කියායි. අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මඟට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දැකීමද දැනගනිමි. මාගේ ඒ ආලෝකයද, රූප දැකීමද අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘යමකින් මාගේ ආලෝකයද, රූප දැකීමද අතුරුදහන්වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි.
“අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘මට ථීනමිද්ධය පහළවිය. ථීනමිද්ධය හේතුකොට ගෙන මාගේ සමාධිය පහළවිය. සමාධිය පහව ගිය කල්හි ආලෝකයද, රූප දැකීමද, අතුරුදහන් වෙයි ඒ මම යම්සේ මට නැවත විචිකිච්ඡාව නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථීනමිද්ධය නූපදින්නේද, එසේ කරන්නෙමි. අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මඟට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද, දැනගනිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි’ අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය ‘යමකින් මාගේ ආලෝකයද, රූප දැකීමද අතුරුදහන් වේනම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි.
“අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘මට තැතිගැනීමක් පහළවිය. තැතිගැන්ම හේතුකොට ගෙන මගේ සමාධිය පහවිය. සමාධිය පහවගිය කල්හි ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි.’ අනුරුද්ධයිනි, යම්සේ පුරුෂයෙක් දීර්ඝ මාර්ගයට පිළිපන්නේ ඔහු දෙපස වධකයෝ උපන්නාහු නම් ඔහුට දෙපස හේතුකොට ගෙන තැතිගැන්ම උපදින්නේය. අනුරුද්ධයිනි, ‘එපරිද්දෙන්ම මටත් තැතිගැන්ම පහළ විය. තැතිගැන්ම හේතුකොට, මාගේ සමාධිය පහවිය. සමාධිය පහවගිය කල්හි ආලෝකයද, රූප දර්ශනයද, අතුරුදහන් වෙයි. යම්සේ මට නැවත විචිකිච්ඡාව නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථීනමිද්ධය නූපදින්නේද, තැති ගැන්ම නූපදින්නේද, ඒ මම එසේ කරන්නෙමි’ කියායි.
“අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මඟට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද, දැනගනිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහසවිය. ‘යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වේනම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?” කියායි.
“අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘මට අධික ප්‍රීතිය පහළවිය. අධික ප්‍රීතිය හේතුකොට මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන්විය.’ අනුරුද්ධයිනි, යම්සේ පුරුෂයෙක් එක් නිදන් පළක් සොයන්නේ එක් උත්සාහයකින්ම නිදන් පොළවල් පහක් ලබන්නේද, ඔහුට ඒ හේතුකොට අධික ප්‍රීතිය උපදින්නේය. අනුරුද්ධයිනි, එපරිද්දෙන්ම මට අධික ප්‍රීතිය පහළවිය. අධික ප්‍රීතිය කරණකොට ගෙන මාගේ සමාධිය නැතිවිය. සමාධිය පහවූ කල්හි ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. ඒ මම යම්සේ නැවත මට විචිකිච්ඡාවද නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථීනමිද්ධය නූපදින්නේද, තැතිගැන්මෙක් නූපදින්නේද, බලවත් ප්‍රීතියක් නූපදින්නීද, එසේ කරන්නෙමි. අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මඟට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද, දැනගනිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වේනම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි.
“අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘මට කාය පීඩාවක් පහළවිය කියායි. කාය පීඩාව හේතුකොට ගෙන වනාහි මාගේ සමාධිය පහවිය. සමාධිය පහව ගිය කල්හි, ආලෝකයද, රූප දැකීමද අතුරුදහන් වෙයි. ඒ මම යම්සේ මට නැවත විචිකිච්ඡාව නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථීනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද අධික ප්‍රීතිය නූපදින්නේද, කායික පීඩාව නූපදින්නේද එසේ කරන්නෙමි.’
“අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මඟට යවන ලද සිතැතිව, වාසය කරන්නේ, ආලෝකයද, රූප දර්ශනයද දැනගනිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වේනම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි.
“අනුරුද්ධයිනි, ඒ මට මේ සිත විය. ‘මට අතිශයින් පටන්ගන්නා ලද වීර්‍ය්‍යය පහළ විය’ කියායි. දැඩිව කරන ලද වීර්‍ය්‍යය හේතුකොට ගෙන, මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි ආලෝකයත්, රූප දර්ශනයත්, අතුරුදහන් වෙයි. අනුරුද්ධයෙනි, යම්සේ පුරුෂයෙක් දෑතින් පෙරළිය හැකි දෙයක් දැඩිකොට ඔසවාගන්නේද, හෙතෙම එහිම මැරෙන්නේය. අනුරුද්ධයිනි, එපරිද්දෙන්ම මට දැඩිව පටන්ගන්නා ලද වීර්‍ය්‍යය පහළවිය. දැඩි වීර්‍ය්‍යය හේතුකොට ගෙන මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි, ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙයි. ඒ මම යම්සේ මට නැවත විචිකිච්ඡාව නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථීනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, බලවත් ප්‍රීතිය නූපදින්නේද, කායික පීඩාව නූපදින්නේද, අධික වීර්‍ය්‍යය නූපදින්නේද එසේ කරන්නෙමි.
“අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මගට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද දැනගනිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වේනම් ඊට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි.
“අනුරුද්ධයිනි, ඒ මට මේ සිත විය. ‘මට ඉතා ලිහිල් වීර්‍ය්‍යය පහළ විය, යනුවෙනි. ඉතා ලිහිල් වීර්‍ය්‍යය හේතු කොටගෙණ මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි.’ අනුරුද්ධයිනි, යම්සේ පුරුෂයෙක් තෙම පෙරළිය හැක්කක් ලිහිල්කොට අල්ලා ගන්නේද, එය ඔහු අතින් වැටෙන්නේය. අනුරුද්ධයිනි, එපරිද්දෙන්ම මට ඉතා ලිහිල් වීර්‍ය්‍යය උපන්නේය. ඉතා ලිහිල් වීර්‍ය්‍යය හේතුකොටගෙන මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි, ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. ඒ මම, යම්සේ මට නැවත විචිකිච්ඡාව නූපදින්නීද, අමනසිකාරය නූපදින්නේද, ථීනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, අධික ප්‍රීතිය නූපදින්නේද, කායික පීඩාව නූපදින්නේද, අධික වීර්‍ය්‍යය නූපදින්නේද, ඉතා ලිහිල් වීරිය නූපදින්නේද, එසේ කරන්නෙමි.
“අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මඟට යවනලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද දැනගනිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. මට තණ්හාව පහළවිය යනුයි. තෘෂ්ණාව හේතුකොට ගෙන මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි, ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. ඒ මම, යම්සේ මට නැවත විචිකිච්ඡාව නූපදින්නීද, අමනසිකාරය නූපදින්නේද, ථීනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, අධික ප්‍රීතිය නූපදින්නේද, කායික පීඩාව නූපදින්නේද, අධික වීර්‍ය්‍යය නූපදින්නේද, ඉතා ලිහිල් වීර්‍ය්‍යය නූපදින්නේද, තෘෂ්ණාව නූපදින්නේද, එසේ කරන්නෙමි.’
“අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව්මඟට යවනලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද දැනගනිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද, අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘මට නානත්ත සංඥාව පහළවිය යනුයි. නානත්ත සංඥාව හේතුකොට මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි, ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. යම්සේ මට නැවත විචිකිච්ඡාව නූපදින්නීද, අමනසිකාරය නූපදින්නේද, ථීනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, අධික ප්‍රීතිය නූපදින්නීද, කායික පීඩාව නූපදින්නේද, අධික වීර්‍ය්‍යය නූපදින්නේද, ඉතා ලිහිල් වීර්‍ය්‍යය නූපදින්නේද, තෘෂ්ණාව නූපදින්නේද, නානත්ත සංඥාව නූපදින්නීද එසේ කරන්නෙමි.’
“අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාද වූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මඟට යවනලද සිතැතිව, වාසය කරන්නේ, ආලෝකයද රූප දර්ශනයද දනිමි. ඒ මේ ආලෝකය වනාහි අතුරුදහන් වෙයි. රූප දර්ශනයද අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මෙසේ අදහස් වෙයි. ‘යම් හෙයකින් මාගේ ආලෝකය හා රූප දර්ශනය අතුරුදහන් වේ නම් ඊට හේතුව කුමක්ද? ප්‍රත්‍යය කුමක්ද?’ අනුරුද්ධයිනි, මට මේ අදහස ඇතිවිය. ‘මට රූපයන් පිළිබඳ අතිශයින් නැවත නැවත සිතා බලන බව පහළ විය යනුයි. රූපයන් පිළිබඳ අතිශයින් නැවත නැවත සිතා බලන බව හේතුකොටගෙන සමාධිය පහවිය. සමාධිය පහව ගිය කල්හි ආලෝකයත් රූප දර්ශනයත් අතුරුදහන් වෙයි. යම්සේ මට නැවත විචිකිච්ඡාව නූපදින්නීද, අමනසිකාරය නූපදින්නේද, ථීනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, අධික ප්‍රීතිය නූපදින්නේද, කායික පීඩාව නූපදින්නේද, අධික වීර්‍ය්‍යය නූපදින්නේද, ඉතා ලිහිල් වීර්‍ය්‍යය නූපදින්නේද, අධික තෘෂ්ණාව නූපදින්නේද, නානත්ත සංඥාව නූපදින්නීද, රූපයන් පිළිබඳ අතිශයින් නැවත නැවත සිතා බලන බව නූපදින්නේද එසේ කරන්නෙමි.’
242
‘‘සො ඛො අහං, අනුරුද්ධා, ‘විචිකිච්ඡා චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා විචිකිච්ඡං චිත්තස්ස උපක්කිලෙසං පජහිං, ‘අමනසිකාරො චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා අමනසිකාරං චිත්තස්ස උපක්කිලෙසං පජහිං, ‘ථිනමිද්ධං චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා ථිනමිද්ධං චිත්තස්ස උපක්කිලෙසං පජහිං, ‘ඡම්භිතත්තං චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා ඡම්භිතත්තං චිත්තස්ස උපක්කිලෙසං පජහිං, ‘උප්පිලං චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා උප්පිලං චිත්තස්ස උපක්කිලෙසං පජහිං, ‘දුට්ඨුල්ලං චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා දුට්ඨුල්ලං චිත්තස්ස උපක්කිලෙසං පජහිං, ‘අච්චාරද්ධවීරියං චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා අච්චාරද්ධවීරියං චිත්තස්ස උපක්කිලෙසං පජහිං, ‘අතිලීනවීරියං චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා අතිලීනවීරියං චිත්තස්ස උපක්කිලෙසං පජහිං, ‘අභිජප්පා චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා අභිජප්පං චිත්තස්ස උපක්කිලෙසං පජහිං, ‘නානත්තසඤ්ඤා චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා නානත්තසඤ්ඤං චිත්තස්ස උපක්කිලෙසං පජහිං, ‘අතිනිජ්ඣායිතත්තං රූපානං චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා අතිනිජ්ඣායිතත්තං රූපානං චිත්තස්ස උපක්කිලෙසං පජහිං.
242
“අනුරුද්ධයිනි, ඒ මම විචිකිච්ඡාව සිත කෙලෙසන ධර්මයක්යයි මෙසේ දැන, සිත කෙළෙසන්නාවූ විචිකිච්ඡාව දුරු කෙළෙමි. අමනසිකාරය සිත කෙළෙසන ධර්මයක්යයි මෙසේ දැන, සිත කෙළෙසන්නාවූ අමනසිකාරය දුරු කෙළෙමි. ථීනමිද්ධය සිත කෙළසන ධර්මයක්යයි මෙසේ දැන, ථීනමිද්ධය දුරු කෙළෙමි. තැතිගැන්ම චිත්තොපක්ලෙශයක්යයි මෙසේ දැන, චිත්තොපක්ලෙශයවූ, තැතිගැන්ම දුරු කෙළෙමි. අධික ප්‍රීතිය චිත්තොපක්ලෙශයක් යයි මෙසේ දැන, චිත්තොපක්ලේශයවූ, අධික ප්‍රීතිය දුරු කෙළෙමි. කායික පීඩාව චිත්තොපක්ලෙශයක්යයි මෙසේ දැන, චිත්තොපක්ලෙශයවූ කායික පීඩාව දුරු කෙළෙමි. දැඩිව පටන්ගන්නාලද වීර්‍ය්‍යය චිත්තොපක්ලෙශයක්යයි මෙසේ දැන, චිත්තොපක්ලෙශයවූ, අධික වීර්‍ය්‍යය දුරු කෙළෙමි. ඉතා ලිහිල් වීර්‍ය්‍යය චිත්තොපක්ලෙශයක්යයි මෙසේ දැන, විත්තොපක්ලෙශයක්වූ, ඉතා ලිහිල් වීර්‍ය්‍යය දුරු කෙළෙමි. තෘෂ්ණාව චිත්තොපක්ලේශයක්යයි මෙසේ දැන, චිත්තොපක්ලේශයක්වූ අධික තෘෂ්ණාව දුරු කෙළෙමි. නානත්ත සංඥාව චිත්තොපක්ලේශයක්යයි මෙසේ දැන, චිත්තොපක්ලේශයක්වූ නානත්ත සංඥාව දුරු කෙළෙමි. රූපයන් අතිශයින් නැවත නැවත සිතා බලන බව චිත්තොපක්ලේශයක්යයි මෙසේ දැන, චිත්තොපක්ලේශයක්වූ රූපයන් අතිශයින් නැවත නැවත සිතා බලන බව දුරු කෙළෙමි.
243
‘‘සො ඛො අහං, අනුරුද්ධා, අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො ඔභාසඤ්හි ඛො සඤ්ජානාමි, න ච රූපානි පස්සාමි; රූපානි හි ඛො පස්සාමි, න ච ඔභාසං සඤ්ජානාමි - ‘කෙවලම්පි රත්තිං, කෙවලම්පි දිවං (දිවසං (සී. ස්‍යා. කං. පී.)), කෙවලම්පි රත්තින්දිවං’ (රත්තිදිවං (ක.)). තස්ස මය්හං, අනුරුද්ධා, එතදහොසි - ‘කො නු ඛො හෙතු කො පච්චයො ය්වාහං ඔභාසඤ්හි ඛො සඤ්ජානාමි න ච රූපානි පස්සාමි; රූපානි හි ඛො (ඛො තස්මිං සමයෙ (සී. ක.)) පස්සාමි න ච ඔභාසං සඤ්ජානාමි - කෙවලම්පි රත්තිං, කෙවලම්පි දිවං, කෙවලම්පි රත්තින්දිව’න්ති. තස්ස මය්හං, අනුරුද්ධා, එතදහොසි - ‘යස්මිඤ්හි ඛො අහං සමයෙ රූපනිමිත්තං අමනසිකරිත්වා ඔභාසනිමිත්තං මනසි කරොමි, ඔභාසඤ්හි ඛො තස්මිං සමයෙ සඤ්ජානාමි, න ච රූපානි පස්සාමි. යස්මිං පනාහං සමයෙ ඔභාසනිමිත්තං අමනසිකරිත්වා රූපනිමිත්තං මනසි කරොමි, රූපානි හි ඛො තස්මිං සමයෙ පස්සාමි න ච ඔභාසං සඤ්ජානාමි - කෙවලම්පි රත්තිං, කෙවලම්පි දිවං, කෙවලම්පි රත්තින්දිව’’’න්ති.
‘‘සො ඛො අහං, අනුරුද්ධා, අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො පරිත්තඤ්චෙව ඔභාසං සඤ්ජානාමි, පරිත්තානි ච රූපානි පස්සාමි; අප්පමාණඤ්චෙව ඔභාසං සඤ්ජානාමි, අප්පමාණානි ච රූපානි පස්සාමි - කෙවලම්පි රත්තිං, කෙවලම්පි දිවං, කෙවලම්පි රත්තින්දිවං. තස්ස මය්හං, අනුරුද්ධා, එතදහොසි - ‘කො නු ඛො හෙතු කො පච්චයො ය්වාහං පරිත්තඤ්චෙව ඔභාසං සඤ්ජානාමි, පරිත්තානි ච රූපානි පස්සාමි ; අප්පමාණඤ්චෙව ඔභාසං සඤ්ජානාමි, අප්පමාණානි ච රූපානි පස්සාමි - කෙවලම්පි රත්තිං, කෙවලම්පි දිවං, කෙවලම්පි රත්තින්දිව’න්ති. තස්ස මය්හං, අනුරුද්ධා, එතදහොසි - ‘යස්මිං ඛො මෙ සමයෙ පරිත්තො සමාධි හොති, පරිත්තං මෙ තස්මිං සමයෙ චක්ඛු හොති. සොහං පරිත්තෙන චක්ඛුනා පරිත්තඤ්චෙව ඔභාසං සඤ්ජානාමි, පරිත්තානි ච රූපානි පස්සාමි. යස්මිං පන මෙ සමයෙ අප්පමාණො සමාධි හොති, අප්පමාණං මෙ තස්මිං සමයෙ චක්ඛු හොති. සොහං අප්පමාණෙන චක්ඛුනා අප්පමාණඤ්චෙව ඔභාසං සඤ්ජානාමි, අප්පමාණානි ච රූපානි පස්සාමි - කෙවලම්පි රත්තිං, කෙවලම්පි දිවං, කෙවලම්පි රත්තින්දිව’’’න්ති.
243
“අනුරුද්ධයිනි, ඒ මම පමා නොවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව්මඟට යවනලද සිතැතිව වාසය කරමින් ආලෝකය දැනගනිමි. රූප නොදකිමි. යම්හෙයකින් රූප දකිම්ද, හුදෙක් රාත්‍රියද, හුදෙක් දාවලද, හුදෙක් රෑ දාවල්ද, ආලෝකය නොහඳුනමි. අනුරුද්ධයිනි, ඒ මට මෙය අදහස් විය. ඒ මම ආලෝකය හඳුනම්ද, රූප නොදක්නෙම්ද, ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද? ඒ කාලයෙහි රූප දකිමි. හුදෙක් රෑද, හුදෙක් දාවල්ද, හුදෙක් රෑ දාවල් දෙක්හිද ආලෝකය නොහඳුනමි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස ඇතිවිය. ‘මම යම් සමයෙක්හි රූප විෂය මෙනෙහි නොකොට, ආලෝක විෂය මෙනෙහි කෙරෙම්ද, ඒ කාලයෙහි ආලෝකය හඳුනමි. රූප නොදකිමි. යම් කලක ආලෝක විෂය මෙනෙහි නොකොට, රූප විෂය මෙනෙහි කෙරෙම්ද, එකල රූප දකිමි. හුදෙක් රෑද, හුදෙක් දාවල්ද, හුදෙක් රෑ දාවල්ද ආලෝකය නොහඳුනමි.’
“අනුරුද්ධයිනි, ඒ මම අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, සිව්මගට යවනලද සිතැතිව, වාසය කරන්නේ සුළු කර්මස්ථානයෙහිවූ ආලෝකය හඳුනමි. සුළු කර්මස්ථානයෙහිවූ රූප දක්නෙමි. අප්‍රමාණ කර්මස්ථානයෙහිවූ, ආලෝකය හඳුනමි. හුදෙක් රෑද, හුදෙක් දවල්ද, හුදෙක් රෑ දාවල්ද, අප්‍රමාණ කර්මස්ථානයෙහිවූ රූපයන් දක්නෙමි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස ඇතිවිය. ‘ඒ මම සුළු කර්මස්ථානයෙහිවූ ආලෝකය හඳුනම්ද, සුළු කර්මස්ථානයෙහිවූ රූපයන් දක්නෙම්ද, අප්‍රමාණ කර්මස්ථානයෙහිවූ ආලෝකය හඳුනම්ද, හුදෙක් රෑද, හුදෙක් දවල්ද, හුදෙක් රෑ දාවල්ද අප්‍රමාණ කර්ම ස්ථානයෙහිවූ රූපයන් දක්නෙම්ද, ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘යම් කලෙක සමාධිය කුඩාද? එසමයෙහි මගේ දිවැසද කුඩාය. ඒ මම ස්වල්ප මාත්‍රවූ, දිවැසින් ස්වල්ප මාත්‍රවූද ආලෝකය හඳුනමි. ස්වල්පමාත්‍රවූ රූපයන්ද දකිමි. යම් කලෙක සමාධිය අප්‍රමාණද එකල මගේ දිවැසද අප්‍රමාණය. ඒ මම අප්‍රමාණවූ දිවැසින් අප්‍රමාණවූ ආලෝකයද හඳුනමි. හුදෙක් රෑද, හුදෙක් දවල්ද, හුදෙක් රෑ දාවල්ද, අප්‍රමාණවූ රූපයන් දක්නෙමි.’
244
යතො ඛො මෙ , අනුරුද්ධා, ‘විචිකිච්ඡා චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා විචිකිච්ඡා චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි, ‘අමනසිකාරො චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා අමනසිකාරො චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි, ‘ථිනමිද්ධං චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා ථිනමිද්ධං චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි, ‘ඡම්භිතත්තං චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා ඡම්භිතත්තං චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි, ‘උප්පිලං චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා උප්පිලං චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි, ‘දුට්ඨුල්ලං චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා දුට්ඨුල්ලං චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි, ‘අච්චාරද්ධවීරියං චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා අච්චාරද්ධවීරියං චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි, ‘අතිලීනවීරියං චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා අතිලීනවීරියං චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි, ‘අභිජප්පා චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා අභිජප්පා චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි, ‘නානත්තසඤ්ඤා චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා නානත්තසඤ්ඤා චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි, ‘අතිනිජ්ඣායිතත්තං රූපානං චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා අතිනිජ්ඣායිතත්තං රූපානං චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි.
244
“අනුරුද්ධයිනි, යම් හෙයකින් විචිකිච්ඡාව චිත්තොප ක්ලෙශයයි මෙසේ දැන, විචිකිච්ඡා චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද, අමනසිකාරය චිත්තොපක්ලෙශයයි මෙසේ දැන, අමනසිකාර චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද, ථීනමිද්ධය චිත්තොපක්ලෙශයයි මෙසේ දැන, ථීනමිද්ධ චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද, තැතිගැන්ම චිත්තොපක්ලෙශයයි මෙසේ දැන, චිත්තොපක්ලෙශයවූ තැතිගැන්ම ප්‍රහීණවීද අධික ප්‍රීති චිත්තොපක්ලෙශයයි මෙසේ දැන, අධික ප්‍රීති චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද, කායික පීඩාව චිත්තයාගේ උප ක්ලෙශයයි මෙසේ දැන, කායික පීඩා චිත්තොප ක්ලෙශය ප්‍රහීණවීද, අධික වීර්‍ය්‍යය, චිත්තොපක්ලෙශයයි මෙසේ දැන, අධික වීර්‍ය්‍ය චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද, ඉතා ලිහිල් වීර්‍ය්‍යය චිත්තයාගේ උප ක්ලෙශයයි මෙසේ දැන, ඉතා ලිහිල් වීර්‍ය්‍ය චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද, තෘෂ්ණාව චිත්තොප ක්ලෙශයයි මෙසේ දැන, අධික තෘෂ්ණා චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද, නානත්ත සංඥාව චිත්තොපක්ලෙශයයි මෙසේ දැන, නානත්ත සංඥා චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද, රූපයන් පිළිබඳව අතිශයින් නැවත නැවත සිතා බලන බව චිත්තොපක්ලෙශයයි මෙසේ දැන, රූපයන් පිළිබඳව අතිශයින් නැවත නැවත සිතා බලන චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද
245
‘‘තස්ස මය්හං, අනුරුද්ධා, එතදහොසි - ‘යෙ ඛො මෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ මෙ පහීනා. හන්ද, දානාහං තිවිධෙන සමාධිං භාවෙමී’ති (භාවෙසින්ති (සී. ස්‍යා. කං.)). සො ඛො අහං, අනුරුද්ධා, සවිතක්කම්පි සවිචාරං සමාධිං භාවෙසිං (භාවෙමි (ක.)), අවිතක්කම්පි විචාරමත්තං සමාධිං භාවෙසිං, අවිතක්කම්පි අවිචාරං සමාධිං භාවෙසිං, සප්පීතිකම්පි සමාධිං භාවෙසිං, නිප්පීතිකම්පි සමාධිං භාවෙසිං, සාතසහගතම්පි සමාධිං භාවෙසිං, උපෙක්ඛාසහගතම්පි සමාධිං භාවෙසිං. යතො ඛො මෙ, අනුරුද්ධා, සවිතක්කොපි සවිචාරො සමාධි භාවිතො අහොසි, අවිතක්කොපි විචාරමත්තො සමාධි භාවිතො අහොසි, අවිතක්කොපි අවිචාරො සමාධි භාවිතො අහොසි, සප්පීතිකොපි සමාධි භාවිතො අහොසි, නිප්පීතිකොපි සමාධි භාවිතො අහොසි, සාතසහගතොපි සමාධි භාවිතො අහොසි, උපෙක්ඛාසහගතොපි සමාධි භාවිතො අහොසි. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි, අකුප්පා මෙ චෙතොවිමුත්ති. අයමන්තිමා ජාති, නත්ථි දානි පුනබ්භවො’’ති.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා අනුරුද්ධො භගවතො භාසිතං අභිනන්දීති.
245
අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. මාගේ සිතට යම් උපක්ලෙශයෝ වෙත්ද, ඔව්හු මට ප්‍රහීණය. එබැවින් මම දැන් විධි තුනකින් යුත් සමාධිය වඩමි’ කියායි.
“අනුරුද්ධයිනි, ඒ මම විතර්ක සහිත, විචාර සහිත සමාධිය වැඩුවෙමි. විතර්ක රහිත විචාරය පමණක් ඇති සමාධිය වැඩුවෙමි. විතර්ක රහිත විචාර රහිත සමාධිය වැඩුවෙමි. ප්‍රීති සහිත සමාධිය වැඩුවෙමි. ප්‍රීති රහිත සමාධිය වැඩුවෙමි. සුඛ සහගත සමාධිය වැඩුවෙමි. උපෙක්ෂා සහගත සමාධිය වැඩුවෙමි. අනුරුද්ධයිනි, යම් හෙයකින් මා විසින් විතර්ක සහිත, විචාර සහිත, සමාධිය වඩන ලද්දේද, විතර්ක රහිත විචාරය පමණක් ඇති සමාධිය වඩන ලද්දේද, විතර්ක රහිත විචාර සමාධිය වඩන ලදද, ප්‍රීති සහිත සමාධිය වඩන ලදද, ප්‍රීති රහිත සමාධිය වඩන ලදද, සුඛ සහගත සමාධිය වඩන ලදද, උපෙක්ෂා සහගත සමාධිය වඩන ලදද ඒ මට ඥාන දර්ශනයද පහළවිය. මාගේ චිත්ත විමුක්තියද කෝප නොවීය. මේ අන්තිම උපැත්මය. දැන් පුනරුත්පත්තියක් නැත.”
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. සතුටු සිතැති අනුරුද්ධායුෂ්මත් තෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය.
9. බාලපණ්ඩිතසුත්තං 9. බාල පණ්ඩිත සූත්‍රය
10. දෙවදූතසුත්තං 10. දේවදූත සූත්‍රය