ත්‍රිපිටකය
3. සුඤ්ඤතවග්ගො 3. සුඤ්ඤත වර්ගය
1. චූළසුඤ්ඤතසුත්තං 1. චූල සුඤ්ඤත සූත්‍රය
2. මහාසුඤ්ඤතසුත්තං 2. මහා සුඤ්ඤත සූත්‍රය
3. අච්ඡරියඅබ්භුතසුත්තං 3. ආශ්චර්‍ය්‍ය ධර්ම සූත්‍රය
197
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සම්බහුලානං භික්ඛූනං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං උපට්ඨානසාලායං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරාකථා උදපාදි - ‘‘අච්ඡරියං, ආවුසො, අබ්භුතං, ආවුසො, තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා, යත්‍ර හි නාම තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ ජානිස්සති (අනුස්සරිස්සති ජානිස්සති (ක.)) - ‘එවංජච්චා තෙ භගවන්තො අහෙසුං’ ඉතිපි, ‘එවංනාමා තෙ භගවන්තො අහෙසුං’ ඉතිපි, ‘එවංගොත්තා තෙ භගවන්තො අහෙසුං’ ඉතිපි, ‘එවංසීලා තෙ භගවන්තො අහෙසුං’ ඉතිපි, ‘එවංධම්මා තෙ භගවන්තො අහෙසුං’ ඉතිපි, ‘එවංපඤ්ඤා තෙ භගවන්තො අහෙසුං’ ඉතිපි, ‘එවංවිහාරී තෙ භගවන්තො අහෙසුං’ ඉතිපි, ‘එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං’ ඉතිපී’’ති! එවං වුත්තෙ, ආයස්මා ආනන්දො තෙ භික්ඛූ එතදවොච - ‘‘අච්ඡරියා චෙව, ආවුසො, තථාගතා අච්ඡරියධම්මසමන්නාගතා ච; අබ්භුතා චෙව, ආවුසො, තථාගතා අබ්භුතධම්මසමන්නාගතා චා’’ති. අයඤ්ච හිදං තෙසං භික්ඛූනං අන්තරාකථා විප්පකතා හොති.
197
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ජේතවන නම් අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල්හි සවස්වරුවෙහි පිණ්ඩපාතයෙන් වැළකුණු උපස්ථාන ශාලාවෙහි රැස්ව හුන් බොහෝ භික්ෂූන්ගේ මේ අතුරු කථාව ඇතිවිය. ‘ඇවැත්නි, තථාගතයන් වහන්සේ මහත් ඍද්ධි ඇති බව, මහත් ආනුභාව ඇති බව ආශ්චර්‍ය්‍යය, පුදුමය. අතීතයෙහි පිරිනිවියාවූ සිඳිනලද තෘෂ්ණා, මාන, දෘෂ්ටි, ප්‍රපඤ්ච ඇති, සිඳිනලද කුසලාකුසල කර්ම වෘත්ත ඇති, කෙළවර කළ කුසලාකුසල කර්මයන් ඇති, සියලු විපාක වෘත්ත සංඛ්‍යාත දුක් ඉක්මවූ බුදුවරයන් තථාගතයන් වහන්සේ දැනගත්සේක. ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ජාති ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු නම් ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ගොත්‍ර ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු සිල් ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු සමාධි ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ප්‍රඥා ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු විහරණ ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙසේ ක්ලෙශයන්ගෙන් මිදුණෝ වූහයිද කියායි.
“මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ භික්ෂූන්ට “ඇවැත්නි, තථාගතයන් වහන්සේලා ආශ්චර්‍ය්‍යයද වෙත්. ආශ්චර්‍ය්‍යය ධර්මයන්ගෙන් යුක්තද වෙත්. ඇවැත්නි, තථාගතයන් වහන්සේලා අද්භූතද වෙත්. අද්භූත ධර්මයන්ගෙන්ද යුක්ත වෙත්යයි” කීහ.
ඒ භික්ෂූන්ගේ මේ අතුරු කථාව වනාහි නොනිමියේ වෙයි.
198
අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනුපට්ඨානසාලා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි . නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා, කා ච පන වො අන්තරාකථා විප්පකතා’’ති? ‘‘ඉධ, භන්තෙ, අම්හාකං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං උපට්ඨානසාලායං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරාකථා උදපාදි - ‘අච්ඡරියං, ආවුසො, අබ්භුතං, ආවුසො, තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා, යත්‍ර හි නාම තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ ජානිස්සති - එවංජච්චා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංනාමා... එවංගොත්තා... එවංසීලා... එවංධම්මා.. එවංපඤ්ඤා... එවංවිහාරී... එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපී’ති! එවං වුත්තෙ, භන්තෙ, ආයස්මා ආනන්දො අම්හෙ එතදවොච - ‘අච්ඡරියා චෙව, ආවුසො, තථාගතා අච්ඡරියධම්මසමන්නාගතා ච, අබ්භුතා චෙව, ආවුසො, තථාගතා අබ්භුතධම්මසමන්නාගතා චා’ති. අයං ඛො නො, භන්තෙ, අන්තරාකථා විප්පකතා; අථ භගවා අනුප්පත්තො’’ති.
198
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැඟීසිටියේ උපස්ථාන ශාලාව යම් තැනකද එහි පැමිණිසේක. පැමිණ, පනවනලද අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළසේක. “මහණෙනි, මෙහි දැන් කිනම් කථාවකින් යුක්තවූවහුද? තොපගේ කවර නම් කථාවක් නොනිමියේදැ”යි ඇසූහ.
“ස්වාමීනි, මෙහි සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණු උපස්ථාන ශාලාවෙහි රැස්වූ අපගේ මේ අතුරු කථාව විය. එනම්: ‘ඇවැත්නි, තථාගතයන් වහන්සේගේ මහත් ඍද්ධි ඇති බව, මහත් ආනුභාව ඇති බව, ආශ්චර්‍ය්‍යය, අද්භූතය. අතීතයේදී පිරිනිවියාවූ, සිඳිනලද තෘෂ්ණා, මාන, දෘෂ්ටි, ප්‍රපඤ්ච ඇත්තාවූ, කෙළවර කළ කුශලාකුශල කර්ම වෘත්ත ඇත්තාවූ, විපාක වෘත්ත සංඛ්‍යාත සියලු දුක් ඉක්මවූ, බුදුවරයෝ වෙත්ද, උන්වහන්සේලා අප තථාගතයන් වහන්සේ දැනගත් සේක. (කෙසේද?) ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ජාති ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු නම් ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ගොත්‍ර ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු සිල් ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු සාමධි ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ප්‍රඥා ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු විහරණ ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙසේ ක්ලෙශයන්ගෙන් මිදුණෝ වූහයිද කියායි. ස්වාමීනි, මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අපට “ඇවැත්නි, තථාගතවරයෝ ආශ්චර්‍ය්‍යය. ආශ්චර්‍ය්‍යය ධර්මයන්ගෙන් යුක්තද වෙත්. ඇවැත්නි, තථාගතයෝ අද්භූතය, අද්භූත ධර්මයන්ගෙන්ද යුක්ත වෙත්යයි’ කීහ, “ස්වාමීනි, අපගේ මේ අතුරු කථාව නොනිමියේය. එවිට භාග්‍යවතුන් වහන්සේ වැඩිසේකැයි” කීහ.
199
අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි - ‘‘තස්මාතිහ තං, ආනන්ද, භිය්‍යොසොමත්තාය පටිභන්තු තථාගතස්ස අච්ඡරියා අබ්භුතධම්මා’’ති (අබ්භුතා ධම්මාති (?)).
‘‘සම්මුඛා මෙතං, භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං - ‘සතො සම්පජානො, ආනන්ද, බොධිසත්තො තුසිතං කායං උපපජ්ජී’ති. යම්පි, භන්තෙ, සතො සම්පජානො බොධිසත්තො තුසිතං කායං උපපජ්ජි ඉදංපාහං , භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
‘‘සම්මුඛා මෙතං, භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං - ‘සතො සම්පජානො, ආනන්ද, බොධිසත්තො තුසිතෙ කායෙ අට්ඨාසී’ති. යම්පි, භන්තෙ, සතො සම්පජානො බොධිසත්තො තුසිතෙ කායෙ අට්ඨාසි ඉදංපාහං (ඉදංපහං (සී. ස්‍යා. කං. පී.)), භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
199
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් ඇමතූසේක.
“එසේනම් ආනන්දය, නුඹට මෙහිදී තථාගතයන් වහන්සේගේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්මයෝ බෙහෙවින් වැටහෙත්වා.”
“භාග්‍යවතුන් වහන්ස, ‘ආනන්දය, බොධිසත්ව තෙමේ සිහි නුවණින් යෙදී තුසිත දෙවියන් කෙරෙහි උපන්නේය’ යන මෙය භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසනලදී. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පිළිගන්නාලදී.
“ස්වාමීනි, සිහිනුවණ දෙකින් යුක්තව බෝසත් තෙම තුසිත දෙව්ලොව උපන්නේය යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්මයකැයි මම දරමි.”
200
‘‘සම්මුඛා මෙතං, භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං - ‘යාවතායුකං, ආනන්ද, බොධිසත්තො තුසිතෙ කායෙ අට්ඨාසී’ති. යම්පි, භන්තෙ, යාවතායුකං බොධිසත්තො තුසිතෙ කායෙ අට්ඨාසි ඉදංපාහං, භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
‘‘සම්මුඛා මෙතං, භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං - ‘සතො සම්පජානො, ආනන්ද, බොධිසත්තො තුසිතා, කායා චවිත්වා මාතුකුච්ඡිං ඔක්කමී’ති. යම්පි, භන්තෙ , සතො සම්පජානො බොධිසත්තො තුසිතා කායා චවිත්වා මාතුකුච්ඡිං ඔක්කමි ඉදංපාහං, භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
200
“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසන ලදි. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් පිළිගන්නා ලදී.
“ආනන්දය, බෝසත් තෙම ආයු ඇතිතාක් තුසිත ලෝකයෙහි සිටියේය”යි කියායි.
“ස්වාමීනි, බෝසත්තෙම ආයු ඇතිතාක් තුසිත ලෝකයෙහි සිටියේය යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”
“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේගෙන් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා පිළිගන්නා ලදී. “ආනන්දය, සිහිනුවණ දෙකින් යුක්තව බෝසත්තෙම තුසිත ලෝකයෙන් චුතව මව්කුස පිළිසිඳ ගත්තේය” යනුයි.
“ස්වාමීනි, සිහිනුවණ දෙකින් යුක්තව බෝසත්තෙම තුසිත ලෝකයෙන් චුතව මව්කුස පිළිසිඳ ගත්තේය යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි,”
201
‘‘සම්මුඛා මෙතං, භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං - ‘යදා, ආනන්ද, බොධිසත්තො තුසිතා කායා චවිත්වා මාතුකුච්ඡිං ඔක්කමති, අථ සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අප්පමාණො උළාරො ඔභාසො ලොකෙ පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යාපි තා ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා, යත්ථපිමෙ චන්දිමසූරියා එවංමහිද්ධිකා එවංමහානුභාවා ආභාය නානුභොන්ති තත්ථපි අප්පමාණො උළාරො ඔභාසො ලොකෙ පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යෙපි තත්ථ සත්තා උපපන්නා තෙපි තෙනොභාසෙන අඤ්ඤමඤ්ඤං සඤ්ජානන්ති - අඤ්ඤෙපි කිර, භො, සන්ති සත්තා ඉධූපපන්නාති. අයඤ්ච දසසහස්සී ලොකධාතු සඞ්කම්පති සම්පකම්පති සම්පවෙධති අප්පමාණො ච උළාරො ඔභාසො ලොකෙ පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාව’න්ති. යම්පි, භන්තෙ...පෙ.... ඉදංපාහං, භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
201
“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා පිළිගන්නා ලදී.
“ආනන්දය, බෝසත්තෙම යම්කලෙක තුසිත ලෝකයෙන් චුතව මවුකුස පිළිසිඳ ගත්තේද එකල දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් සහිත මහණ බමුණන් සහිත ප්‍රජාව කෙරෙහි අප්‍රමාණවූ, මහත් වූ, ආලෝකයක් දෙවියන්ගේ දෙවානුභාවය ඉක්මවා පහළවෙයි. යම් තැනක මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙන ආලෝකයෙන් එලිය කරන්නට නොපොහොසත් නොවැසුනු, අඳුරු ඇති, ඝනවූ අඳුරු ඇති යම් ඒ ලෝකන්තරික නිරයක් වේද, එහිද අප්‍රමාණවූ උළාර ආලෝකයක් දෙවියන්ගේ දෙවානුභාවයත් ඉක්මවා ලෝකයෙහි පහළවෙයි. එහි යම් සත්වයෝ උපන්නාහුද, ඔව්හුද ඒ එලියෙන් ඔවුනොවුන් මෙහි උපද සිටින තවත් සත්වයෝ ඇතැයි හැඳින ගනිත්.
“මේ දස දහසක් ලොකධාතුව හාත්පසින් කම්පා වෙයි. අතිශයින් කම්පාවෙයි, වෙවුලායයි. මහත්වූ ආලෝකයක් ලෝකයෙහි දෙවියන්ගේ දෙවානුභාවයත් ඉක්මවා පහළ වෙයි” යනුයි
“ස්වාමීනි, බෝධිසත්වයන් වහන්සේ යම් කලක තූසිත දෙව්ලොවින් චුතව, මවුකුස පිළිසිඳ ගත්තේද, එකල දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි දෙවිමිනිසුන් සහිත, මහණ බමුණන් සහිත, ප්‍රජාව කෙරෙහි අප්‍රමාණ වූ, මහත්වූ, ආලෝකයක් දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා පහළ වෙයිදත නොවැසුණු අඳුරු ඇති, ඝනවූ අඳුරු ඇති, යම් ඒ ලෝකන්තරික නම් අපායක්වේද, යම් තැනක මෙසේ මහත් ඍද්ධි ඇති, මෙසේ මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙන ආලෝකයෙන් එළිය කරන්නට නොපොහොසත්ද, එහිද අප්‍රමාණවූ, උළාර ආලෝකයක් දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ලෝකයෙහි පහළවෙයිද, එහි යම් සත්වයෝ උපන්නාහුද ඔව්හුද ඒ එළියෙන් ඔවුනොවුන් හැඳින ගනිත්. මෙහි උපන් තවත් සත්වයෝ වෙත්යයි කියායි. මේ දසදහසක් ලෝකධාතුව හාත්පසින් කම්පාවෙයි. අතිශයින් කම්පාවෙයි. වෙවුලයි. මහත්වූ එළියක් දෙවියන්ගේ දේවානුභාවයන් ඉක්මවා ලෝකයෙහි පහළ වෙයි යන යමක්වේද, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”
202
‘‘සම්මුඛා මෙතං, භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං - ‘යදා, ආනන්ද, බොධිසත්තො මාතුකුච්ඡිං ඔක්කන්තො හොති, චත්තාරො දෙවපුත්තා චතුද්දිසං ආරක්ඛාය උපගච්ඡන්ති - මා නං බොධිසත්තං වා බොධිසත්තමාතරං වා මනුස්සො වා අමනුස්සො වා කොචි වා විහෙඨෙසී’ති. යම්පි, භන්තෙ...පෙ.... ඉදංපාහං, භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
202
“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා පිළිගන්නා ලදී.
“ආනන්දය, යම් කලෙක බෝසත්තෙම මවුකුසට බැස ගත්තේ වේද, එකල ඒ බෝසතුනුත් බෝසත් මවත් මිනිසෙක් හෝ අමනුෂ්‍යයෙක් හෝ කිසිවෙක් නොපෙළාවායි දෙවියන් සතර දෙනෙක් ඔහුට ආරක්ෂාව පිණිස සිව්දිග එළඹ සිටිති” යනුයි.
“ස්වාමීනි, බෝධිසත්වයන් වහන්සේ යම් කලක මවුකුසට බැසගත්තේ වේද, (එකල) ඒ බෝසතුන්ද බෝසත් මවද කිසියම් මනුෂ්‍යයෙක් හෝ අමනුෂ්‍යයෙක් හෝ නොපෙළාවායි, දෙවියන් සතර දෙනෙක් ඔහු රැකීම පිණිස සිව්දිග එළඹ සිටිති යන යමක් වේද, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භුත ධර්මයකැයි මම දරමි.”
203
‘‘සම්මුඛා මෙතං, භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං - ‘යදා, ආනන්ද, බොධිසත්තො මාතුකුච්ඡිං ඔක්කන්තො හොති, පකතියා සීලවතී බොධිසත්තමාතා හොති විරතා පාණාතිපාතා විරතා අදින්නාදානා විරතා කාමෙසුමිච්ඡාචාරා විරතා මුසාවාදා විරතා සුරාමෙරයමජ්ජපමාදට්ඨානා’ති. යම්පි, භන්තෙ...පෙ.... ඉදංපාහං, භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
‘‘සම්මුඛා මෙතං, භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං - ‘යදා , ආනන්ද, බොධිසත්තො මාතුකුච්ඡිං ඔක්කන්තො හොති, න බොධිසත්තමාතු පුරිසෙසු මානසං උප්පජ්ජති කාමගුණූපසංහිතං, අනතික්කමනීයා ච බොධිසත්තමාතා හොති කෙනචි පුරිසෙන රත්තචිත්තෙනා’ති. යම්පි, භන්තෙ...පෙ.... ඉදංපාහං, භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
‘‘සම්මුඛා මෙතං, භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං - ‘යදා, ආනන්ද, බොධිසත්තො මාතුකුච්ඡිං ඔක්කන්තො හොති, ලාභිනී බොධිසත්තමාතා හොති පඤ්චන්නං කාමගුණානං. සා පඤ්චහි කාමගුණෙහි සමප්පිතා සමඞ්ගීභූතා පරිචාරෙතී’ති. යම්පි, භන්තෙ...පෙ.... ඉදංපාහං, භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
203
“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේ ගෙන් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ ගෙන් අසා පිළිගන්නා ලදී.”
“ආනන්දය, යම් කලෙක බෝසත්තෙම මව් කුසට බැසගත්තේද, (එතැන් පටන්) බෝසත් මව ස්වභාවයෙන් සිල්වත් වන්නීය. ප්‍රාණඝාතයෙන් වෙන් වන්නීය. නොදුන් දෙය ගැන්මෙන් තොර වන්නීය. වරදවා කාමයෙහි හැසිරීමෙන් තොර වන්නීය. බොරු කීමෙන් තොර වන්නීය. රහමෙර පානයෙන් තොර වන්නීය” කියායි.
“ස්වාමීනි, යම් කලෙක බෝධිසත්වයන් වහන්සේ මව් කුසට බැසගත්තේ වේද, (එකල්හි) බෝසත්මව ප්‍රකෘතියෙන් සිල්වත් වන්නීය. ප්‍රාණඝාතයෙන් වෙන් වන්නීය. නොදුන් දෙය ගැන්මෙන් වෙන් වන්නීය. කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන් වන්නීය. බොරුකීමෙන් වෙන් වන්නීය. රහමෙර පානයෙන් වෙන් වන්නීය, යන යමක් වේද, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මේද ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි මම දරමි.
“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේ ගෙන් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ ගෙන් අසා පිළිගන්නා ලදී.”
“ආනන්දය, යම් කලෙක බොසත් තෙම මව් කුසට බැසගත්තේද, (එතැන් පටන්) බෝසත් මවට පුරුෂයන් කෙරෙහි කාමයෙන් යුත් සිතක් නූපදී. රාගසිතින් කිසිවකුට බෝසත් මව වෙත එළඹිය නොහැක යනුයි.”
“ස්වාමීනි, යම් කලෙක බෝධිසත්වයන් වහන්සේ මව් කුසට බැසගත්තේ වේද, (එකල) බෝසත් මවට පුරුෂයන් කෙරෙහි කාමයෙන් යුත් සිතක් නූපදී. රාග සිතින් කිසිවෙකුට බෝසත් මව වෙත එළඹිය නොහැක, යන යමක් වේද, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මේද ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි මම දරමි.
“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසනලදී. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා පිළිගන්නාලදී.”
“ආනන්දය, යම් කලෙක බෝසත් තෙම මව් කුසට බැසගත්තේ වේද, බෝසත් මව පස්කම් ගුණ බොහෝ කොට ලබන්නියක් වෙයි. පස්කම් ගුණයෙන් යුක්තවූ සමන්විතවූ ඕ තොමෝ සතුටු වෙයි. (යනුයි)”
“ස්වාමීනි, යම් කලෙක බෝධිසත්වයන් වහන්සේ මව් කුසට බැස්සේ වේද, (එකල) බෝසත් මව පස්කම් ගුණ ලබන්නියක් වන්නීය. ඒ මව පස්කම් ගුණයෙන් යුක්ත වන්නීය. සම්පූර්ණ වන්නීය. පිරිවරන්නීය, යන යමක් වේද, ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි මම දරමි.
204
‘‘සම්මුඛා මෙතං, භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං - ‘යදා, ආනන්ද, බොධිසත්තො මාතුකුච්ඡිං ඔක්කන්තො හොති, න බොධිසත්තමාතු කොචිදෙව ආබාධො උප්පජ්ජති; සුඛිනී බොධිසත්තමාතා හොති අකිලන්තකායා; බොධිසත්තඤ්ච බොධිසත්තමාතා තිරොකුච්ඡිගතං පස්සති සබ්බඞ්ගපච්චඞ්ගං අහීනින්ද්‍රියං. සෙය්‍යථාපි, ආනන්ද, මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො. තත්‍රාස්ස සුත්තං ආවුතං නීලං වා පීතං වා ලොහිතං වා ඔදාතං වා පණ්ඩුසුත්තං වා. තමෙනං චක්ඛුමා පුරිසො හත්ථෙ කරිත්වා පච්චවෙක්ඛෙය්‍ය - අයං ඛො මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො, තත්‍රිදං සුත්තං ආවුතං නීලං වා පීතං වා ලොහිතං වා ඔදාතං වා පණ්ඩුසුත්තං වාති. එවමෙව ඛො, ආනන්ද, යදා බොධිසත්තො මාතුකුච්ඡිං ඔක්කන්තො හොති , න බොධිසත්තමාතු කොචිදෙව ආබාධො උප්පජ්ජති; සුඛිනී බොධිසත්තමාතා හොති අකිලන්තකායා; බොධිසත්තඤ්ච බොධිසත්තමාතා තිරොකුච්ඡිගතං පස්සති සබ්බඞ්ගපච්චඞ්ගං අහීනින්ද්‍රිය’න්ති. යම්පි, භන්තෙ...පෙ.... ඉදංපාහං, භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
204
“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේගෙන් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ ගෙන් අසා පිළිගන්නා ලදී.
“ආනන්දය, යම් කලෙක බෝසත්තෙම මවු කුසට බැසගත්තේ වේද, (එතැන්පටන්) බෝසත් මවට කිසි ආබාධයක් නොඋපදී. බෝසත් මව සැප ඇත්තියක් වන්නීය. ක්ලාන්ත නොවූ කය ඇත්තියක් වන්නීය. බෝසත් මව කුසතුළ සිටින නොපිරිහුනු ඉන්ද්‍රිය ඇති සියලු අංග ප්‍රත්‍යංගයන්ගෙන් යුත් බෝසතුන් දකී. ආනන්දය, යහපත්වූ ජාතිමත්, පැති අටක් ඇති, හොඳට පිරියම් කළ, වෛඪූර්‍ය්‍ය මාණික්‍යය යම් සේද එය නිල් පාට හෝ කහ පාට හෝ ලේපාට හෝ සුදුපාට හෝ පඬුපාට හෝ නූලකින් අවුනන ලද්දේ නම් එය ඇස් ඇති පුරුෂයෙක් අතට ගෙණ විමසා බලන්නේ මෙය වනාහි යහපත් ජාතිමත්, අටැස් ඇති, හොඳට පිරියම් කරණලද වෙරළු මිණෙකි. එහි නිල් හෝ කහ හෝ රතු හෝ සුදු හෝ පඬුවන් හෝ නූලක් අවුනන ලද්දේයයි යම්සේ දක්නේද ආනන්දය, එපරිද්දෙන්ම යම් කලෙක බෝසත් තෙම මවු කුසට බැසගත්තේ වේද, බෝසත් මවට කිසිත් ආබාධයක් නොවෙයි. බෝසත් මව ක්ලාන්ත නොව සැප ඇත්තියක් වෙයි. බෝසත් මව කුසතුළ සිටින සියලු අඟපසඟින් යුත් නොපිරිහුනු ඉඳුරන් ඇති බෝසතුන් දකී යනුය.”
“ස්වාමීනි, යම් කලක බෝධිසත්වයන් වහන්සේ මව් කුසට බැසගත්තේ වේද, (එකල) බෝසත් මවට කිසි ආබාධයක් නූපදී. බෝසත් මව සැපැත්තියක් වන්නීය. ක්ලාන්ත නොවූ කය ඇත්තියක් වන්නීය. බෝසත් මව කුසතුළසිටින නොපිරිහුණු ඉන්ද්‍රිය ඇති සියලු අඟපසඟින් යුත් බෝසත්හු දකී. ස්වාමීනි, යහපත්වූ, ජාතිමත්, පැති අටක් ඇති, හොඳට පිරියම් කළ, වෙරළුමිණයක් වේද එය නිල්පාට හෝ, කහ පාට හෝ ලේපාට හෝ සුදුපාට හෝ, පඬු පාට හෝ, නූලකින් අවුණන ලද්දේද, එය ඇස් ඇති පුරුෂයෙක් අතට ගෙන විමසා බලන්නේ යහපත්, ජාතිමත්, අටැස් ඇති හොඳට පිරියම් කරනලද එහි නිල් හෝ කහ හෝ, ලේ හෝ, සුදු හෝ, පඬුවන් හෝ, නූලක් අමුණන ලද්දේ යම්සේ දකීද, ස්වාමීනි, එපරිද්දෙන්ම යම් කලෙක බෝධිසත්වයන් වහන්සේ මවු කුසට බැසගත්තේ වේද, එකල, බෝසත් මවට කිසිත් ආබාධයක් නොවෙයි. බෝසත් මව ක්ලාන්ත නොවූ සැපැත්තියක් වන්නීය, බෝසත් මව, කුස තුළ සිටින සියලු අඟපසඟින් යුත්, නොපිරිහුනු ඉඳුරන් ඇති, බෝසත්හු දකී, යන යමක් වේද, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මෙයද ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.
205
‘‘සම්මුඛා මෙතං, භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං - ‘සත්තාහජාතෙ, ආනන්ද, බොධිසත්තෙ බොධිසත්තමාතා කාලං කරොති, තුසිතං කායං උපපජ්ජතී’ති. යම්පි, භන්තෙ...පෙ.... ඉදංපාහං, භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
‘‘සම්මුඛා මෙතං, භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං - ‘යථා ඛො පනානන්ද, අඤ්ඤා ඉත්ථිකා නව වා දස වා මාසෙ ගබ්භං කුච්ඡිනා පරිහරිත්වා විජායන්ති, න හෙවං බොධිසත්තං බොධිසත්තමාතා විජායති. දසෙව මාසානි බොධිසත්තං බොධිසත්තමාතා කුච්ඡිනා පරිහරිත්වා විජායතී’ති. යම්පි, භන්තෙ...පෙ.... ඉදංපාහං, භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
‘‘සම්මුඛා මෙතං, භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං - ‘යථා ඛො පනානන්ද, අඤ්ඤා ඉත්ථිකා නිසින්නා වා නිපන්නා වා විජායන්ති, න හෙවං බොධිසත්තං බොධිසත්තමාතා විජායති. ඨිතාව බොධිසත්තං බොධිසත්තමාතා විජායතී’ති. යම්පි, භන්තෙ...පෙ.... ඉදංපාහං, භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
‘‘සම්මුඛා මෙතං, භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං - ‘යදා , ආනන්ද, බොධිසත්තො මාතුකුච්ඡිම්හා නික්ඛමති, දෙවා නං පඨමං පටිග්ගණ්හන්ති පච්ඡා මනුස්සා’ති. යම්පි, භන්තෙ...පෙ.... ඉදංපාහං, භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
205
“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේගෙන් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා පිළිගන්නා ලදී.
“ආනන්දය, බෝසතුන් ඉපදී සත් දවසකදී බෝසත් මව කලුරිය කෙරෙයි. කළුරිය කොට තුසිත දිව්‍යලෝකයෙහි උපදී යනුයි.”
“ස්වාමීනි, බෝසතුන් ඉපද සත් දවසකදී, බෝසත් මව කලුරිය කරන්නීය. කළුරිය කොට තුසිත දිව්‍ය ලෝකයෙහි උපදින්නීය යන යමක් වේද, ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”
‘ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසනලදී. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා පිළිගන්නා ලදී”
“ආනන්දය, අන් ස්ත්‍රිහු නවමසක් හෝ දසමසක් දරු ගැබ කුසින් උසුලා යම්සේ වදත්ද බෝසත් මව එසේ නොවදන්නීමය. බෝසත් මව දසමසක්ම බෝසත්හු කුසින් උසුලා සිට වදන්නීය යනුයි.”
‘ස්වාමීනි, අන් ස්ත්‍රීහු නවමසක් හෝ දසමසක් හෝ දරු ගැබ කුසින් උසුලා යම්සේ වදත්ද, බෝසත් මව එසේ නොවදන්නීය, බෝසත් මව දසමසක් බෝසත්හු කුසින් උසුලා ප්‍රසූත කරන්නීය. යන යමක් වේද ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මෙයද ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි දරමි.
“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේ ගෙන් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ ගෙන් අසා පිළිගන්නා ලදී.”
“ආනන්දය, යම් කලෙක වනාහි අන් ස්ත්‍රීහු හිඳ හෝ නිදා වදත්. බෝසත් මව බෝසතුන් එසේ නොවදයි. බෝසත් මව බෝසත්හු සිටගෙනම වදයි” යනුයි.
“ස්වාමීනි, යම් කලෙක වනාහි අන් ස්ත්‍රීහු හිඳ හෝ නිදා වදත්. බෝසත් මව බෝසත්හු එසේ නොවදන්නීය. බෝසත් මව බෝසත්හු සිටගෙනම වදන්නීය යන යමක් වේද, ස්වාමීන් වහන්ස, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”
206
‘‘සම්මුඛා මෙතං, භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං - ‘යදා, ආනන්ද, බොධිසත්තො මාතුකුච්ඡිම්හා නික්ඛමති, අප්පත්තොව බොධිසත්තො පථවිං හොති, චත්තාරො නං දෙවපුත්තා පටිග්ගහෙත්වා මාතු පුරතො ඨපෙන්ති - අත්තමනා, දෙවි, හොහි; මහෙසක්ඛො තෙ පුත්තො උප්පන්නො’ති. යම්පි, භන්තෙ...පෙ.... ඉදංපාහං, භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
‘‘සම්මුඛා මෙතං, භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං - ‘යදා, ආනන්ද, බොධිසත්තො මාතුකුච්ඡිම්හා නික්ඛමති, විසදොව නික්ඛමති අමක්ඛිතො උදෙන (උද්දෙන (සී. ස්‍යා. කං. පී.)) අමක්ඛිතො සෙම්හෙන අමක්ඛිතො රුහිරෙන අමක්ඛිතො කෙනචි අසුචිනා සුද්ධො විසදො (විසුද්ධො (ස්‍යා.)). සෙය්‍යථාපි, ආනන්ද, මණිරතනං කාසිකෙ වත්ථෙ නික්ඛිත්තං නෙව මණිරතනං කාසිකං වත්ථං මක්ඛෙති නාපි කාසිකං වත්ථං මණිරතනං මක්ඛෙති. තං කිස්ස හෙතු? උභින්නං සුද්ධත්තා. එවමෙව ඛො, ආනන්ද, යදා බොධිසත්තො මාතුකුච්ඡිම්හා නික්ඛමති, විසදොව නික්ඛමති අමක්ඛිතො උදෙන අමක්ඛිතො සෙම්හෙන අමක්ඛිතො රුහිරෙන අමක්ඛිතො කෙනචි අසුචිනා සුද්ධො විසදො’ති. යම්පි, භන්තෙ...පෙ.... ඉදංපාහං, භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
‘‘සම්මුඛා මෙතං, භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං - ‘යදා, ආනන්ද, බොධිසත්තො මාතුකුච්ඡිම්හා නික්ඛමති, ද්වෙ උදකස්ස ධාරා අන්තලික්ඛා පාතුභවන්ති - එකා සීතස්ස, එකා උණ්හස්ස; යෙන බොධිසත්තස්ස උදකකිච්චං කරොන්ති මාතු චා’ති. යම්පි, භන්තෙ...පෙ.... ඉදංපාහං, භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
206
“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා පිළිගන්නා ලදී.”
“ආනන්දය, යම් කලෙක බෝසත් තෙම මව් කුසින් නික්මේද, දෙවියෝ ඔහු පළමු කොට පිළිගනිත්. පසුව මනුෂ්‍යයෝ පිළිගනිති යනුයි.”
‘ස්වාමීනි, යම් කලෙක බෝසත්තෙම මවුකුසින් නික්මේද (එකල) දෙවියෝ ඔහු පළමු කොට පිළිගනිත්. පසුව මනුෂ්‍යයෝ පිළිගනිති යන යමක් වේද, ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයෙකැයි මම දරමි.
“ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසනලදී. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා පිළිගන්නා ලදී.
“ආනන්දය, යම් කලෙක බෝසත් තෙම මව් කුසින් නික්මේද, බෝසත් තෙම බිමට පැමිණීමට පළමුව දිව්‍ය පුත්‍රයන් සතර දෙනෙක් ඔහු පිළිගෙණ ‘දේවියනි, සතුටු වුව මැනව. ඔබට මහේශාක්‍ය පුතෙක් උපන්නේයයි’ මව ඉදිරියෙහි තබත් යනුයි.”
ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”
“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසනලදී. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා පිළිගන්නා ලදී.”
“ආනන්දය, යම් කලෙක බෝසත්තෙම මවුකුසින් නික්මේද, (එකල) ජලධාරා දෙකක් අහසින් පහළවෙයි. එකක් සීත ජලයය, එකක් උණුදියය. යමකින් බෝසතුන්ට හා බෝසත් මවට වතුරෙන් කළයුත්තක් කෙරේද, එබඳු උදක ධාරා දෙකකි යනුයි.”
“ස්වාමීනි, යම් කලෙක බෝසත්තෙම මව්කුසින් නික්මේද (එකල) ජලධාරා දෙකක් අහසින් පහළවෙයි. එකක් සීත ජලය, එකක් උෂ්ණ ජලය, යමකින් බෝසතුන්ට හා බෝසත් මවට දිය කිස කෙරෙත්ද, එබඳුවූ ජලධාරා දෙකකි යන යමක් වේද, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මෙයද ආශ්චර්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”
207
‘‘සම්මුඛා මෙතං, භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං - ‘සම්පතිජාතො, ආනන්ද, බොධිසත්තො සමෙහි පාදෙහි පථවියං පතිට්ඨහිත්වා උත්තරාභිමුඛො සත්තපදවීතිහාරෙන ගච්ඡති, සෙතම්හි ඡත්තෙ අනුධාරියමානෙ, සබ්බා ච දිසා විලොකෙති, ආසභිඤ්ච වාචං භාසති - අග්ගොහමස්මි ලොකස්ස, ජෙට්ඨොහමස්මි ලොකස්ස, සෙට්ඨොහමස්මි ලොකස්ස. අයමන්තිමා ජාති , නත්ථි දානි පුනබ්භවො’ති. යම්පි, භන්තෙ...පෙ.... ඉදංපාහං, භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
‘‘සම්මුඛා මෙතං, භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං - ‘යදා, ආනන්ද, බොධිසත්තො මාතුකුච්ඡිම්හා නික්ඛමති, අථ සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අප්පමාණො උළාරො ඔභාසො ලොකෙ පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යාපි තා ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා යත්ථපිමෙ චන්දිමසූරියා එවංමහිද්ධිකා එවංමහානුභාවා ආභාය නානුභොන්ති තත්ථපි අප්පමාණො උළාරො ඔභාසො ලොකෙ පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යෙපි තත්ථ සත්තා උපපන්නා තෙපි තෙනොභාසෙන අඤ්ඤමඤ්ඤං සඤ්ජානන්ති - අඤ්ඤෙපි කිර, භො, සන්ති සත්තා ඉධූපපන්නාති. අයඤ්ච දසසහස්සී ලොකධාතු සඞ්කම්පති සම්පකම්පති සම්පවෙධති, අප්පමාණො ච උළාරො ඔභාසො ලොකෙ පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාව’න්ති. යම්පි, භන්තෙ...පෙ.... ඉදංපාහං, භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමී’’ති.
207
“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේගෙන් අසනලදී. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා පිළිගන්නාලදී.”
“ආනන්දය, උපන් කෙණෙහි බෝසත්තෙම සමවූ පාදයෙන් පොළොවෙහි පිහිටා සේසත දරන කල්හි උතුරුදිගට මුහුණලා සත් පියවරක් යයි. සියලු දිශාවන් බලයි. ලෝකයාට මම අග්‍ර වෙමි. ලෝකයාට මම ශ්‍රේෂ්ඨ වෙමි. ලෝකයාට මම ජ්‍යෙෂ්ඨ වෙමි. මේ මගේ අන්තිම ඉපදීමයි. නැවත උත්පත්තියක් නැත යන වචනය කියන්නේය යනුයි.”
“ස්වාමීනි, උපන් කෙණෙහි බෝසත්තෙම සම පයින් පොළොවෙහි පිහිටා උතුරුදිග බලා සත් පියවරක් යයි (දිව්‍ය) සේසත දරණ කල්හි සියලු දිශාවන් බලයි. ලෝකයාට මම අග්‍ර වෙමි. ලෝකයාට මම ශ්‍රේෂ්ඨ වෙමි. ලෝකයාට මම ජ්‍යෙෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම උත්පත්තියයි. නැවත උත්පත්තියක් නැත යන නිර්භීත වචනය කියන්නේය යන යමක් වේද, ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.
“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසනලදී. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා පිළිගන්නා ලදී.”
“ආනන්දය, යම් කලෙක බෝසත් තෙම මවුකුසින් නික්මේද, එකල්හි දෙවියන් සහිත, මරුන් සහිත, බ්‍රහ්මයන් සහිත, ලෝකයෙහි දෙවිමිනිසුන් සහිත, මහණ බමුණන් සහිත ප්‍රජාව කෙරෙහි දෙවියන්ගේ දෙවානුභාවය ඉක්මවා ලෝකයෙහි අප්‍රමාණවූ, මහත්වූ, ආලෝකයක් පහළවෙයි. නිතර විවෘතවූ, නොවැසුනු අඳුරු ඇති, ඝනවූ අඳුරු ඇති, යම් ඒ ලොකන්තරික නිරයක් වේද, යම් තැනක මෙසේ මහත් ඍද්ධි ඇති, මෙසේ මහත් ආනුභාව ඇති, මේ සඳ හිරු දෙදෙන ආලෝකයෙන් එලිය කරන්නට නොපොහොසත්ද, එහිද අප්‍රමාණ උළාර ආලෝකයක් දෙවියන්ගේ දෙවානුභාවයත් ඉක්මවා ලෝකයෙහි පහළවෙයි. එහි යම් සත්වයෝ උපන්නාහුද ඔව්හුද ඒ ආලෝකයෙන් ඔවුනොවුන් මෙහි උපන් අන්‍ය සත්වයෝත් ඇතැයි හැඳිනගනිත්. මේ දසදහසක් ලොකධාතුව හාත්පසින් කම්පා වෙයි, අතිශයින් කම්පාවෙයි වෙවුලායයි, මහත්වූ එලියක් දෙවියන්ගේ දෙවානුභාවය ඉක්මවා පහළවෙයි යනුයි.”
“ස්වාමීනි, යම් කලක බෝසත්තෙම මව්කුසින් නික්මේද එකල්හි දෙවියන් සහිත, මරුන් සහිත, බ්‍රහ්මයා සහිත ලෝකයෙහි දෙවිමිනිසුන් සහිත, මහණ බමුණන් සහිත, ප්‍රජාව කෙරෙහි දෙවියන්ගේ දෙවානුභාවය ඉක්මවා ලෝකයෙහි අප්‍රමාණවූ, මහත්වූ, ආලෝකයක් පහළවෙයි. නිතර විවෘතවූ, නොවැසුනු අඳුරු ඇති, ඝනවූ අඳුරු ඇති, යම් ඒ ලොකන්තරික නම් නිරයක්වේද, යම් තැනක මෙසේ මහත් ඍද්ධි ඇති, මෙසේ මහත් ආනුභාව ඇති, මේ සඳ හිරු දෙදෙන ආලෝකයෙන් එළිය කරන්නට අපොහොසත්ද, එහිද අප්‍රමාණවූ, උළාරවූ එළියක් දෙවියන්ගේ දෙවානුභාවය ඉක්මවා ලෝකයෙහි පහළ වෙයි. එහි යම් සත්වයෝ උපන්නාහුද, ඔව්හුද ඒ ආලෝකයෙන් මෙහි උපන් අන්‍ය සත්වයෝත් ඇතැයි ඔවුනොවුන් හැඳිනගනිති. මේ දසදහසක් ලෝකධාතුව හාත්පසින් කම්පාවෙයි, වෙවුලයි. මහත්වූ එළියක් දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා පහළවෙයි යන යමක් වේද, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මෙයද ආශ්චර්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”
208
‘‘තස්මාතිහ ත්වං, ආනන්ද, ඉදම්පි තථාගතස්ස අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙහි. ඉධානන්ද, තථාගතස්ස විදිතා වෙදනා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති; විදිතා සඤ්ඤා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති; විදිතා විතක්කා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. ඉදම්පි ඛො, ත්වං, ආනන්ද, තථාගතස්ස අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙහී’’ති. ‘‘යම්පි, භන්තෙ, භගවතො විදිතා වෙදනා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති; විදිතා සඤ්ඤා... විදිතා විතක්කා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. ඉදංපාහං, භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමී’’ති.
ඉදමවොච ආයස්මා ආනන්දො. සමනුඤ්ඤො සත්ථා අහොසි; අත්තමනා ච තෙ භික්ඛූ ආයස්මතො ආනන්දස්ස භාසිතං අභිනන්දුන්ති.
අච්ඡරියඅබ්භුතසුත්තං නිට්ඨිතං තතියං.
208
“ආනන්දය, එහෙයින් නුඹ මෙහිදී තථාගතයන් වහන්සේගේ මේ ආශ්චර්‍ය අද්භූත ධර්මයද දරාගනුව. ආනන්දය, මෙහි තථාගතයන් වහන්සේට දැනුවත්වම වේදනා උපදිත්. දැනුවත්වම දරා පවතිත්. දැනුවත්වම විනාශයට යත්. දැනුවත්වම සංඥාවෝ උපදිත්. දැනුවත්වම විතර්කයෝ උපදිත්. දැනුවත්වම දරා පවතිත්. දැනුවත්වම විනාශයට යත්. ආනන්දය, නුඹ මෙයද තථාගතයන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි දරව.”
“ස්වාමීනි, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේට දැනුවත්වම වේදනා උපදිත්ද, දැනුවත්වම දරා පවතිත්ද, දැනුවත්මව විනාශයට යත්ද, දැනුවත්වම සංඥා උපදිත්ද දැනුවත්වම විතර්ක උපදිත්ද, දැනුවත්වම දරා පවතිත්ද, දැනුවත්වම විනාශයට යත්ද, ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය අද්භූත ධර්මයෙකැයි දරමි.”
“ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මෙය ප්‍රකාශ කළේය. ශාස්තෘන් වහන්සේ (එය) අනුදන්නා ලද්දේ විය. සතුටුවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්වහන්සේගේ ඒ දෙශනය සතුටින් පිළිගත්හ.
තෙවන ආශ්චර්‍ය්‍ය ධර්ම සූත්‍රය නිමි (3-3)
4. බාකුලසුත්තං 4. බක්කුල සූත්‍රය
5. දන්තභූමිසුත්තං 5. දන්තභූමි සූත්‍රය
6. භූමිජසුත්තං 6. භූමිජ සූත්‍රය
7. අනුරුද්ධසුත්තං 7. අනුරුද්ධ සූත්‍රය
8. උපක්කිලෙසසුත්තං 8. උපක්ලෙශ සූත්‍රය
9. බාලපණ්ඩිතසුත්තං 9. බාල පණ්ඩිත සූත්‍රය
10. දෙවදූතසුත්තං 10. දේවදූත සූත්‍රය