ත්‍රිපිටකය
3. සුඤ්ඤතවග්ගො 3. සුඤ්ඤත වර්ගය
1. චූළසුඤ්ඤතසුත්තං 1. චූල සුඤ්ඤත සූත්‍රය
2. මහාසුඤ්ඤතසුත්තං 2. මහා සුඤ්ඤත සූත්‍රය
3. අච්ඡරියඅබ්භුතසුත්තං 3. ආශ්චර්‍ය්‍ය ධර්ම සූත්‍රය
4. බාකුලසුත්තං 4. බක්කුල සූත්‍රය
5. දන්තභූමිසුත්තං 5. දන්තභූමි සූත්‍රය
6. භූමිජසුත්තං 6. භූමිජ සූත්‍රය
7. අනුරුද්ධසුත්තං 7. අනුරුද්ධ සූත්‍රය
8. උපක්කිලෙසසුත්තං 8. උපක්ලෙශ සූත්‍රය
9. බාලපණ්ඩිතසුත්තං 9. බාල පණ්ඩිත සූත්‍රය
10. දෙවදූතසුත්තං 10. දේවදූත සූත්‍රය
261
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, ද්වෙ අගාරා සද්වාරා (සන්ධිද්වාරා (ක.)), තත්ථ චක්ඛුමා පුරිසො මජ්ඣෙ ඨිතො පස්සෙය්‍ය මනුස්සෙ ගෙහං පවිසන්තෙපි නික්ඛමන්තෙපි අනුචඞ්කමන්තෙපි අනුවිචරන්තෙපි; එවමෙව ඛො අහං, භික්ඛවෙ, දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සාමි චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ, සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාමි - ‘ඉමෙ වත භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා; තෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා; තෙ කායස්ස භෙදා පරං මරණා මනුස්සෙසු උපපන්නා. ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා ; තෙ කායස්ස භෙදා පරං මරණා පෙත්තිවිසයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා; තෙ කායස්ස භෙදා පරං මරණා තිරච්ඡානයොනිං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා; තෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා’’’ති.
261
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, ජේතවන නම් අනේපිඩු සිටුහුගේ ආරාමයෙහි වැඩවාසය කරණසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි, භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට වදාළසේක. ඒ භික්ෂූහු ‘පින්වතුන් වහන්සැයි’ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම්සේ දොරවල් සහිත ගෙවල් දෙකක් වෙත්ද, එහි ඇස් ඇති පුරුෂයෙක් මැද සිටියේ ගෙට ඇතුල් වන්නාවූද, ගෙයින් පිට වන්නාවූද, හැසිරෙන්නාවූද, ඔබ මොබ යන්නාවූද, මිනිසුන් දක්නේද, මහණෙනි, එපරිද්දෙන්ම මම චුත වන්නාවූද, උපදින්නාවූද, හීනවූද, ප්‍රණීතවූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තාවූද, සුගතිවලට පැමිණියාවූද, දුගතිවලට පැමිණියාවූද, කර්මයවූ පරිදි පැමිණියාවූ සත්වයන් පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ දිවැසින් දකිමි. ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූවාහුය. වාක් සුචරිතයෙන් යුක්ත වූවාහුය. මනො සුචරිතයෙන් යුක්ත වූවාහුය. ආර්‍ය්‍යයන්ට පරිභව නොකළාහුය. සම්‍යක් දෘෂ්ටි වූවාහුය. සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වූවාහුය. ඔව්හු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු මනා ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපන්නාහුය. ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූවාහුය. වාක් සුචරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ සුචරිතයෙන් යුක්ත වූවාහුය. ආර්‍ය්‍යයන්හට පරිභව නොකරන්නාහුය. සම්‍යක් දෘෂ්ටික වූවාහුය. සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වූවාහුය. ඔව්හු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු මිනිසුන් අතර උපන්නාහුය.
“ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. ආර්‍ය්‍යයන්හට පරිභව කරන්නාහුය. මිථ්‍යා දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වූවාහුය. මිථ්‍යා දෘෂ්ටි වූවාහුය. ඔව්හු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපන්නාහුය. මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. ආර්‍ය්‍යයන්හට පරිභව කරන්නාහුය. මිථ්‍යා දෘෂ්ටික වූවාහුය. මිථ්‍යා දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වූවාහුය. ඔව්හු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති නිරයෙහි උපන්නාහුය.
262
‘‘තමෙනං, භික්ඛවෙ, නිරයපාලා නානාබාහාසු ගහෙත්වා යමස්ස රඤ්ඤො දස්සෙන්ති - ‘අයං, දෙව, පුරිසො අමත්තෙය්‍යො අපෙත්තෙය්‍යො අසාමඤ්ඤො අබ්‍රාහ්මඤ්ඤො, න කුලෙ ජෙට්ඨාපචායී. ඉමස්ස දෙවො දණ්ඩං පණෙතූ’ති. තමෙනං, භික්ඛවෙ, යමො රාජා පඨමං දෙවදූතං සමනුයුඤ්ජති සමනුගාහති සමනුභාසති - ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු පඨමං දෙවදූතං පාතුභූත’න්ති? සො එවමාහ - ‘නාද්දසං, භන්තෙ’ති.
‘‘තමෙනං, භික්ඛවෙ, යමො රාජා එවමාහ - ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු දහරං කුමාරං මන්දං උත්තානසෙය්‍යකං සකෙ මුත්තකරීසෙ පලිපන්නං සෙමාන’න්ති? සො එවමාහ - ‘අද්දසං, භන්තෙ’’’ති.
‘‘තමෙනං, භික්ඛවෙ, යමො රාජා එවමාහ - ‘අම්භො පුරිස, තස්ස තෙ විඤ්ඤුස්ස සතො මහල්ලකස්ස න එතදහොසි - අහම්පි ඛොම්හි ජාතිධම්මො, ජාතිං අනතීතො. හන්දාහං කල්‍යාණං කරොමි කායෙන වාචාය මනසා’ති? සො එවමාහ - ‘නාසක්ඛිස්සං, භන්තෙ, පමාදස්සං, භන්තෙ’’’ති.
‘‘තමෙනං , භික්ඛවෙ, යමො රාජා එවමාහ - ‘අම්භො පුරිස, පමාදවතාය න කල්‍යාණමකාසි කායෙන වාචාය මනසා. තග්ඝ ත්වං, අම්භො පුරිස, තථා කරිස්සන්ති යථා තං පමත්තං. තං ඛො පන තෙ එතං පාපකම්මං (පාපං කම්මං (සී. පී.)) නෙව මාතරා කතං න පිතරා කතං න භාතරා කතං න භගිනියා කතං න මිත්තාමච්චෙහි කතං න ඤාතිසාලොහිතෙහි කතං න සමණබ්‍රාහ්මණෙහි කතං න දෙවතාහි කතං, තයාවෙතං පාපකම්මං (පාපං කම්මං (සී. පී.)) කතං, ත්වඤ්ඤෙවෙතස්ස විපාකං පටිසංවෙදිස්සසී’’’ති.
262
“මහණෙනි, නිරය පාලයෝ ඒ මොහු නොයෙක් ලෙස අත්වලින් අල්වාගෙණ ‘දේවයන් වහන්ස, මේ පුරුෂයා මවට කළයුතු සංග්‍රහ නොකරන්නෙක. පියාට කළයුතු සංග්‍රහ නොකරන්නෙක. උතුමන් නොහඳුනන්නෙක. කුලදෙටුවන් නොපුදන්නෙක,” “ළදරුවෙකු නුදුටුවෙහිද?” “හෙතෙම ස්වාමීනි, දුටුවෙමීයි’ කියයි.
‘මහණෙනි, යම රජතෙම ඔහුට මෙසේ කියන්නේය. එම්බා පුරුෂය, නුවණැත්තාවූ මහලුවූ ඒ නුඹට මේ අදහස ඇති නොවීද? මමත් ජාතිය ස්වභාවකොට ඇත්තේ වෙමි. ජාතිය නොඉක්ම වූවෙමි. එබැවින් කයින්ද වචනයෙන්ද සිතින් කුසල් කරමි. යන මේ අදහස ඇති නොවීද?’ හෙතෙම ‘ස්වාමීනි, කුසල් කරන්නට නොහැකිවීමි. වහන්ස, පමාවූයෙමියි’ කියයි. ඔහුට යම රජතෙම ‘එම්බා පුරුෂය, පමාවූ බැවින් කයින් වචනයෙන් සිතින් කුසල් නොකෙළෙහිද? එම්බා පුරුෂය, පමාවූවහුට යම්සේ කෙරේද? තට එසේ කරන්නෙමි. තාගේ ඒ මේ පාප කර්මය මව විසින් නොකරණ ලද්දේය. පියා විසින් නොකරණ ලද්දේය. සහෝදරයා විසින් නොකරණ ලද්දේය. නැඟනිය විසින් නොකරණ ලද්දේය. යහළු මිත්‍රයන් විසින් නොකරණ ලද්දේය. සහලේ නෑයන් විසින් නොකරණ ලද්දේය. මහණ බමුණන් විසින් නොකරණ ලද්දේය. දෙවියන් විසින් නොකරණ ලද්දේය. තා විසින්ම මේ පාප කර්මය කරණ ලද්දේය. මේ පාප කර්මයට විපාකය තෝම විඳින් නෙහියයි කියන්නේය.”
263
‘‘තමෙනං, භික්ඛවෙ, යමො රාජා පඨමං දෙවදූතං සමනුයුඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා දුතියං දෙවදූතං සමනුයුඤ්ජති සමනුගාහති සමනුභාසති - ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු දුතියං දෙවදූතං පාතුභූත’න්ති? සො එවමාහ - ‘නාද්දසං, භන්තෙ’’’ති.
‘‘තමෙනං, භික්ඛවෙ, යමො රාජා එවමාහ - ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු ඉත්ථිං වා පුරිසං වා ( ) ((ආසීතිකං වා නාවුතිකං වා වස්සසතිකං වා ජාතියා) (ක. සී. ස්‍යා. කං. පී.) තිකඞ්ගුත්තරෙපි) ජිණ්ණං ගොපානසිවඞ්කං භොග්ගං දණ්ඩපරායනං පවෙධමානං ගච්ඡන්තං ආතුරං ගතයොබ්බනං ඛණ්ඩදන්තං පලිතකෙසං විලූනං ඛලිතසිරං (ඛලිතංසිරො (සී.), ඛලිතංසිරං (ස්‍යා. කං. පී.)) වලිනං තිලකාහතගත්ත’න්ති? සො එවමාහ - ‘අද්දසං, භන්තෙ’’’ති.
‘‘තමෙනං , භික්ඛවෙ, යමො රාජා එවමාහ - ‘අම්භො පුරිස, තස්ස තෙ විඤ්ඤුස්ස සතො මහල්ලකස්ස න එතදහොසි - අහම්පි ඛොම්හි ජරාධම්මො, ජරං අනතීතො. හන්දාහං කල්‍යාණං කරොමි කායෙන වාචාය මනසා’ති? සො එවමාහ - ‘නාසක්ඛිස්සං, භන්තෙ, පමාදස්සං, භන්තෙ’’’ති.
‘‘තමෙනං, භික්ඛවෙ, යමො රාජා එවමාහ - ‘අම්භො පුරිස, පමාදවතාය න කල්‍යාණමකාසි කායෙන වාචාය මනසා. තග්ඝ ත්වං, අම්භො පුරිස, තථා කරිස්සන්ති යථා තං පමත්තං. තං ඛො පන තෙ එතං පාපකම්මං නෙව මාතරා කතං න පිතරා කතං න භාතරා කතං න භගිනියා කතං න මිත්තාමච්චෙහි කතං න ඤාතිසාලොහිතෙහි කතං න සමණබ්‍රාහ්මණෙහි කතං න දෙවතාහි කතං, තයාවෙතං පාපකම්මං කතං, ත්වඤ්ඤෙවෙතස්ස විපාකං පටිසංවෙදිස්සසී’’’ති.
263
“මහණෙනි, යමරජතෙම මේ පළමුවෙනි දේවදූතයා දක්වා කරුණු සහිතව පිළිගන්වා තර්ජනය කොට දෙවැනි දේවදූතයා දක්වන්නේය. පිළිගන්වන්නේය. කියන්නේය. ‘එම්බා පුරුෂය, මනුෂ්‍යයන් අතරෙහි පහළවූ දෙවෙනි දේව දූතයා තෝ නුදුටුවෙහිද?” හෙතෙම ‘ස්වාමීනි, නුදුටිමියි’ කියන්නේය. ඔහුට යමරජතෙම ‘එම්බා පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි උත්පත්තියෙන් අසූ වයස් ගියාවූ, හෝ අනූ වයස් ගියාවූ හෝ අවුරුදු සියයක් ඉක්ම ගියාවූ හෝ ජරාජීර්ණවූ ගොනැස්සක් සේ වක්වූ, මැදින් බිඳුනු සැරයටිය පිහිට කොට ඇති, වෙවුලමින් හැසිරෙන්නාවූ, ජරාවෙන් ආතුරවූ ඉක්මගිය තරුණකම් ඇති, වැටුණු දත් ඇති, පැසුණු හිසකෙහෙ ඇති, ඉගිලීගිය හිසකෙහෙ ඇති, බොහෝසේ ඉගිලීගිය හිසකෙහෙ ඇති, රැළිනැඟුණ සම ඇති, තල කැලලින් යුත් සිරුරැති, ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු හෝ නුදුටුවෙහිද?’ හෙතෙම, ‘ස්වාමීනි, දුටුවෙමියි, කියයි.’
“මහණෙනි, යම රජ තෙම ඔහුට මෙසේ කියයි. ‘එම්බා පුරුෂය, නුවණැති වැඩි වයසට පැමිණි ඒ තොපට මමත් ජරාව ස්වභාවකොට ඇත්තේ වෙමි. ජරාව නොඉක්මවූයේ වෙමි. එබැවින් මම කයින්, වචනයෙන්, සිතින් කුසල් කරන්නෙම් නම් යහපති යන අදහස ඇති නොවීද?’ හෙතෙම ස්වාමීනි, ‘කුසල් කරන්නට නොහැකිවීමි. ස්වාමීනි, පමාවීමියි’ කියන්නේය. මහණෙනි, යමරජ තෙම ඔහුට මෙසේ කියයි. ‘එම්බා පුරුෂය තෝ පමාවූ බැවින් කයින්, වචනයෙන්, සිතින් කුසල් නොකෙළෙහි නම් එම්බා පුරුෂය, යම්සේ පමාවූවහුට යම්සේද තට එසේ කරන්නාහුය. තාගේ ඒ මේ පාපකර්මය මව විසින් නොකරණලදී. පියා විසින් නොකරණලදී. සහෝදරයා විසින් නොකරණලදී. නැගණිය විසින් නොකරණ ලදී. යහළු මිත්‍රයන් විසින් නොකරණ ලදී. සහ ලේ නෑයන් විසින් නොකරණලදී. මහණ බමුණන් විසින් නොකරණලදී. දෙවියන් විසින් නොකරණලදී. මේ පාප කර්මය තා විසින්ම කරණ ලද්දේය. ඒ අකුසලයාගේ විපාකය තෝම විඳිනෙහිය.’
264
‘‘තමෙනං, භික්ඛවෙ, යමො රාජා දුතියං දෙවදූතං සමනුයුඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා තතියං දෙවදූතං සමනුයුඤ්ජති සමනුගාහති සමනුභාසති - ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු තතියං දෙවදූතං පාතුභූත’න්ති? සො එවමාහ - ‘නාද්දසං, භන්තෙ’’’ති.
‘‘තමෙනං, භික්ඛවෙ, යමො රාජා එවමාහ - ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු ඉත්ථිං වා පුරිසං වා ආබාධිකං දුක්ඛිතං බාළ්හගිලානං සකෙ මුත්තකරීසෙ පලිපන්නං සෙමානං අඤ්ඤෙහි වුට්ඨාපියමානං අඤ්ඤෙහි සංවෙසියමාන’න්ති? සො එවමාහ - ‘අද්දසං, භන්තෙ’’’ති.
‘‘තමෙනං, භික්ඛවෙ, යමො රාජා එවමාහ - ‘අම්භො පුරිස, තස්ස තෙ විඤ්ඤුස්ස සතො මහල්ලකස්ස න එතදහොසි - අහම්පි ඛොම්හි බ්‍යාධිධම්මො , බ්‍යාධිං අනතීතො. හන්දාහං කල්‍යාණං කරොමි කායෙන වාචාය මනසා’ති? සො එවමාහ - ‘නාසක්ඛිස්සං, භන්තෙ, පමාදස්සං, භන්තෙ’’’ති.
‘‘තමෙනං, භික්ඛවෙ, යමො රාජා එවමාහ - ‘අම්භො පුරිස, පමාදවතාය න කල්‍යාණමකාසි කායෙන වාචාය මනසා. තග්ඝ ත්වං, අම්භො පුරිස, තථා කරිස්සන්ති යථා තං පමත්තං. තං ඛො පන තෙ එතං පාපකම්මං නෙව මාතරා කතං න පිතරා කතං න භාතරා කතං න භගිනියා කතං න මිත්තාමච්චෙහි කතං න ඤාතිසාලොහිතෙහි කතං න සමණබ්‍රාහ්මණෙහි කතං න දෙවතාහි කතං, තයාවෙතං පාපකම්මං කතං, ත්වඤ්ඤෙවෙතස්ස විපාකං පටිසංවෙදිස්සසී’’’ති.
264
“මහණෙනි, යම රජ තෙම මේ දෙවෙනි දේවදූතයා දක්වා පිළිගන්වා කියා තුන්වන දේවදූතයා දක්වන්නේය. පිළිගන්වන්නේය. කියන්නේය. ‘එම්බා පුරුෂය, නුඹ මිනිසුන් අතරෙහි පහළවූ තුන්වන දෙවදූතයා නුදුටුවෙහිද?’ හෙතෙම ‘ස්වාමීනි, නුදුටිමියි’ කියායි. මහණෙනි, මොහුට යම රජ තෙම එම්බා පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි රෝග ඇත්තාවූ, දුකට පත්වූ, දැඩි ගිලන් ඇත්තාවූ, ස්වකීය මළ මුත්‍ර මතුයෙහි සයනය කරණ අනුන් විසින් නැගිටුවනු ලබන්නාවූ, අනුන් විසින් හොවනු ලබන්නාවූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු හෝ නුදුටුවෙහිදැයි’ අසන්නේය. ‘ස්වාමීනි, දුටුවෙමියි’ කියයි. මහණෙනි, ඔහුට යම රජතෙම ‘එම්බා පුරුෂය, නුවණැත්තාවූ වැඩි වයසට පැමිණියාවූ ඒ නුඹට මමත් ලෙඩවීම ස්වභාව කොට ඇත්තේ වෙමි, ලෙඩවීම නොඉක්මවූයේ වෙමි. එබැවින් මම කයින්, වචනයෙන්, සිතින් කුසලයක් කරමි කියා අදහස් නොවූයෙහිදැයි’ අසන්නේය. හෙතෙම ‘ස්වාමීනි, කුසල් කරන්නට නොහැකිවීමි. ස්වාමීනි, පමාවීමියි’ කියයි. මහණෙනි, යම රජ තෙම ඔහුට එම්බා පුරුෂය, පමාවූ බැවින් කයින්, වචනයෙන් සිතින් කුසලයක් නොකෙළෙහි නම් එම්බා පුරුෂය, පමා වූවහුට යම්සේ කෙරෙත්ද, එසේ තට කරන්නාහුය. තගේ ඒ මේ පාපකර්මය මව විසින් කරණ ලද්දක් නොවෙයි. පියා විසින් කරණ ලද්දක් නොවෙයි සහෝදරයා විසින් කරණ ලද්දක් නොවෙයි, නැගණිය විසින් කරණ ලද්දක් නොවෙයි. යහළු මිත්‍රයන් විසින් කරණ ලද්දක් නොවෙයි. සහලේ නෑයන් විසින් කරණ ලද්දක් නොවෙයි. මහණ බමුණන් විසින් කරණ ලද්දක් නොවෙයි. දෙවියන් විසින් කරණ ලද්දක් නොවෙයි. තා විසින් ඒ පාප කර්මය කරණ ලදී. ඒ පාප කර්මයාගේ විපාකය තෝම විඳිනෙහිය.’
265
‘‘තමෙනං, භික්ඛවෙ, යමො රාජා තතියං දෙවදූතං සමනුයුඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා චතුත්ථං දෙවදූතං සමනුයුඤ්ජති සමනුගාහති සමනුභාසති - ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු චතුත්ථං දෙවදූතං පාතුභූත’න්ති? සො එවමාහ - ‘නාද්දසං, භන්තෙ’’’ති.
‘‘තමෙනං, භික්ඛවෙ, යමො රාජා එවමාහ - ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු රාජානො චොරං ආගුචාරිං ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්තෙ - කසාහිපි තාළෙන්තෙ වෙත්තෙහිපි තාළෙන්තෙ අද්ධදණ්ඩකෙහිපි තාළෙන්තෙ හත්ථම්පි ඡින්දන්තෙ පාදම්පි ඡින්දන්තෙ හත්ථපාදම්පි ඡින්දන්තෙ කණ්ණම්පි ඡින්දන්තෙ නාසම්පි ඡින්දන්තෙ කණ්ණනාසම්පි ඡින්දන්තෙ බිලඞ්ගථාලිකම්පි කරොන්තෙ සඞ්ඛමුණ්ඩිකම්පි කරොන්තෙ රාහුමුඛම්පි කරොන්තෙ ජොතිමාලිකම්පි කරොන්තෙ හත්ථපජ්ජොතිකම්පි කරොන්තෙ එරකවත්තිකම්පි කරොන්තෙ චීරකවාසිකම්පි කරොන්තෙ එණෙය්‍යකම්පි කරොන්තෙ බළිසමංසිකම්පි කරොන්තෙ කහාපණිකම්පි කරොන්තෙ ඛාරාපතච්ඡිකම්පි කරොන්තෙ පලිඝපරිවත්තිකම්පි කරොන්තෙ පලාලපීඨකම්පි කරොන්තෙ තත්තෙනපි තෙලෙන ඔසිඤ්චන්තෙ සුනඛෙහිපි ඛාදාපෙන්තෙ ජීවන්තම්පි සූලෙ උත්තාසෙන්තෙ අසිනාපි සීසං ඡින්දන්තෙ’ති? සො එවමාහ - ‘අද්දසං, භන්තෙ’’’ති.
‘‘තමෙනං, භික්ඛවෙ, යමො රාජා එවමාහ - ‘අම්භො පුරිස, තස්ස තෙ විඤ්ඤුස්ස සතො මහල්ලකස්ස න එතදහොසි - යෙ කිර, භො, පාපකානි කම්මානි කරොන්ති තෙ දිට්ඨෙව ධම්මෙ එවරූපා විවිධා කම්මකාරණා කරීයන්ති, කිමඞ්ගං (කිමඞ්ග (සී. පී.)) පන පරත්ථ ! හන්දාහං කල්‍යාණං කරොමි කායෙන වාචාය මනසා’ති? සො එවමාහ - ‘නාසක්ඛිස්සං, භන්තෙ, පමාදස්සං, භන්තෙ’’’ති.
‘‘තමෙනං, භික්ඛවෙ, යමො රාජා එවමාහ - ‘අම්භො පුරිස, පමාදවතාය න කල්‍යාණමකාසි කායෙන වාචාය මනසා. තග්ඝ ත්වං, අම්භො පුරිස, තථා කරිස්සන්ති යථා තං පමත්තං. තං ඛො පන තෙ එතං පාපකම්මං නෙව මාතරා කතං න පිතරා කතං න භාතරා කතං න භගිනියා කතං න මිත්තාමච්චෙහි කතං න ඤාතිසාලොහිතෙහි කතං න සමණබ්‍රාහ්මණෙහි කතං න දෙවතාහි කතං, තයාවෙතං පාපකම්මං කතං, ත්වඤ්ඤෙවෙතස්ස විපාකං පටිසංවෙදිස්සසී’’’ති.
265
“මහණෙනි, යම රජ ඔහුට මේ තුන්වන දේවදූතයා දක්වා පිළිගන්වා කරුණු කියා සිව්වන දේවදූතයා දක්වයි. පිළිගන්වයි. කරුණු කියයි. ‘එම්බා පුරුෂය, නුඹ මිනිසුන් අතරෙහි පහළවූ සිව්වන දේවදූතයා නුදුටුවෙහිද?’ හෙතෙම ස්වාමීනි, නොදුටිමි’ යි කියයි. ‘මහණෙනි, යම රජ තෙම ඔහුට ‘එම්බා පුරුෂය, මිනිසුන් අතරෙහි අල්වාගෙණ රජුන් විසින් නොයෙක් දඬුවම් කරවන්නාවූ අපරාධ කළ සොරුන් නුදුටුවෙහිද? එනම්: කසවලින් තැලුම් කන්නවුන්, වේවැල්වලින් තැලුම් කන්නවුන්, මුගුරුවලින් තැලුම් කන්නවුන්, අත් කප්පවන්නවුන්, පා කප්පවන්නවුන්, අත් පා කප්පවන්නවුන්, කණ කප්පවන්නවුන්, නාසය කප්පවන්නවුන්, කණ් නාසා කප්පවන්නවුන්, බිලංගථාලික නම් කර්මය කරනු ලබන්නවුන්, සඩ්ඛමුණ්ඩික නම් කර්මය කරනු ලබන්නවුන්, රාහුමුඛ නම් කර්මය කරනු ලබන්නවුන්, ජෝතිමාලික නම් කර්මය කරනු ලබන්නවුන්, හත්ථපජ්ජොතික නම් කර්මය කරනු ලබන්නවුන්, එරකවත්තික නම් කර්මය කරනු ලබන්නවුන්, චීරකවාසික නම් කර්මය කරනු ලබන්නවුන්, ඒණ්‍යෙක නම් කර්මය කරනු ලබන්නවුන්, බලිසමංසික නම් කර්මය කරනු ලබන්නවුන්, කහාපණක නම් කර්මය කරනු ලබන්නවුන්, ඛාරාපතච්ඡික නම් කර්මය කරනු ලබන්නවුන්, පලිඝපරිවත්තික නම් කර්මය කරනු ලබන්නවුන්, පලාලපිට්ඨික නම් කර්මය කරනු ලබන්නවුන්, උණු කරණලද තෙල් ඉසිනු ලබන්නවුන්, සුනඛයන් ලවා කනු ලබන්නවුන්, ජීවත්ව සිටියදීම උල තබනු ලබන්නවුන්, කඩුවෙන් හිස කපනු ලබන්නවුන් දුටුවෙහිදැ’ යි අසන්නේය. හෙතෙම ‘ස්වාමීනි, දුටුවෙමි’ යි කියයි.
“මහණෙනි, යම රජ තෙම ඔහුට ‘එම්බා පුරුෂය, නුවණැති වැඩි වයසට පැමිණි නුඹට යම් කෙනෙක් පාපකර්ම කෙරෙත් නම් ඒ සත්වයෝ මේ ආත්මභාවයෙහිම මෙබඳු කම් කටුලු කරවනු ලබත්. පරලොවදී කියනුම කිම? එබැවින් මම කයින්, වචනයෙන්, සිතින් යහපතක් කරමියි අදහස් නොවූයෙහිද, හෙතෙම ‘ස්වාමීනි, යහපතක් කරන්නට නොහැකිවීමි. ස්වාමීනි, පමාවීමි’යි කියයි. මහණෙනි, යම රජතෙම ඔහුට ‘පින්වත් පුරුෂය, තෝ පමාවූ බැවින් කයින්, වචනයෙන්, සිතින් කුසලයක් නොකෙළෙහි නම්, එම්බා පුරුෂය, පමා වූවහුට යම්සේ කෙරෙත්ද, එසේ තට වධ කරන්නාහුය. තගේ ඒ මේ පාප කර්මය මව විසින් කරන ලද්දක් නොවෙයි. පියා විසින් කරණ ලද්දක් නොවෙයි. සහෝදරයා විසින් කරණ ලද්දක් නොවෙයි. නැගණිය විසින් කරණ ලද්දක් නොවෙයි. යහළු මිත්‍රයන් විසින් කරණ ලද්දක් නොවෙයි. සහලේ නෑයන් විසින් කරණ ලද්දක් නොවෙයි. මහණ බමුණන් විසින් කරණ ලද්දක් නොවෙයි. දෙවියන් විසින් කරණ ලද්දක් නොවෙයි. තා විසින්ම ඒ පාප කර්මය කරණ ලද්දේය. ඒ පාප කර්මයාගේ විපාකය තෝම විඳිනෙහිය.
266
‘‘තමෙනං, භික්ඛවෙ, යමො රාජා චතුත්ථං දෙවදූතං සමනුයුඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා පඤ්චමං දෙවදූතං සමනුයුඤ්ජති සමනුගාහති සමනුභාසති - ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු පඤ්චමං දෙවදූතං පාතුභූත’න්ති? සො එවමාහ - ‘නාද්දසං, භන්තෙ’’’ති.
‘‘තමෙනං, භික්ඛවෙ, යමො රාජා එවමාහ - ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු ඉත්ථිං වා පුරිසං වා එකාහමතං වා ද්වීහමතං වා තීහමතං වා උද්ධුමාතකං විනීලකං විපුබ්බකජාත’න්ති? සො එවමාහ - ‘අද්දසං, භන්තෙ’’’ති.
‘‘තමෙනං , භික්ඛවෙ, යමො රාජා එවමාහ - ‘අම්භො පුරිස, තස්ස තෙ විඤ්ඤුස්ස සතො මහල්ලකස්ස න එතදහොසි - අහම්පි ඛොම්හි මරණධම්මො, මරණං අනතීතො. හන්දාහං කල්‍යාණං කරොමි කායෙන වාචාය මනසා’ති? සො එවමාහ - ‘නාසක්ඛිස්සං, භන්තෙ, පමාදස්සං, භන්තෙ’’’ති.
‘‘තමෙනං, භික්ඛවෙ, යමො රාජා එවමාහ - ‘අම්භො පුරිස, පමාදවතාය න කල්‍යාණමකාසි කායෙන වාචාය මනසා. තග්ඝ ත්වං, අම්භො පුරිස, තථා කරිස්සන්ති යථා තං පමත්තං. තං ඛො පන තෙ එතං පාපකම්මං නෙව මාතරා කතං න පිතරා කතං න භාතරා කතං න භගිනියා කතං න මිත්තාමච්චෙහි කතං න ඤාතිසාලොහිතෙහි කතං න සමණබ්‍රාහ්මණෙහි කතං න දෙවතාහි කතං, තයාවෙතං පාපකම්මං කතං, ත්වඤ්ඤෙවෙතස්ස විපාකං පටිසංවෙදිස්සසී’’’ති.
266
“මහණෙනි, යම රජතෙම, මේ සතරවැනි දේවදූතයා දක්වා පිළිගන්වා කරුණු කියාදී පස්වැනි දේවදූතයා දක්වන්නේය. පිළිගන්වන්නේය. කරුණු කියා දෙන්නේය. ‘එම්බා පුරුෂය, නුඹ මනුෂ්‍යයන් කෙරෙහි පහළවූ පස්වැනි දෙවදූතයා නුදුටුවෙහිද?’ හෙතෙම ‘ස්වාමීනි, නුදුටිමියි’ කියයි. මහණෙනි, යම රජතෙම ඔහුට ‘එම්බා පුරුෂයා, නුඹ මනුෂ්‍යයන් අතරෙහි මැරී එක දවසක් ගියාවූ හෝ මැරී දෙදවසක් ගියාවූ හෝ මැරී තුන් දවසක් ගියාවූ හෝ ඉදිමී ගියාවූ හෝ නිල්වූ හෝ ඕජාව වැහෙන්නාවූ හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයකු නුදුටුවෙහිදැ’යි අසන්නේය. ‘ස්වාමීනි, දුටිමි යි කියයි. ‘එම්බල පුරුෂය, නුවණැති වැඩිවයසට පැමිණි තට මමද මරණය ස්වභාවකොට ඇත්තෙමි. මරණය නොඉක්ම වූයෙමි. මම කයින්, වචනයෙන්, සිතින් කුසලක් කරන්නෙම් නම් යහපතැයි අදහස් නොවූයෙහිදැ’ යි අසන්නේය. හෙතෙම ‘ස්වාමීනි, නොහැකි විය. ප්‍රමාදයට පැමිණියෙමි’ යි කියයි. ‘එම්බා පුරුෂය, ප්‍රමාදය ඇතිවූ බැවින් නුඹ කයින්, වචනයෙන් සිතින් ඒකාන්තයෙන් කුසලයක් නොකෙළෙහි නම් ‘එම්බා පුරුෂය, පමා වූවහුට යම්සේ කරත් නම් තට එසේ කරන්නාහුය ඒ මේ පාප කර්මය තගේ මව විසින්ද නොකරණ ලදී. පියා විසින්ද නොකරණලදී. සොහොයුරු විසින්ද නොකරණලදී. නැගණිය විසින්ද නොකරණලදී. යහළු මිත්‍රයන් විසින්ද නොකරණ ලදී. සහලේ නෑයන් විසින්ද නොකරණලදී. මහණ බමුණන් විසින්ද නොකරණ ලදී. දෙවියන් විසින්ද නොකරණලදී. මේ පාප කර්මය තා විසින්ම කරණලදී. ඒ මේ පාප කර්මයාගේ විපාකය තෝ විඳින්නෙහිය.
267
‘‘තමෙනං, භික්ඛවෙ, යමො රාජා පඤ්චමං දෙවදූතං සමනුයුඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා තුණ්හී හොති. තමෙනං, භික්ඛවෙ, නිරයපාලා පඤ්චවිධබන්ධනං නාම කම්මකාරණං කරොන්ති - තත්තං අයොඛිලං හත්ථෙ ගමෙන්ති, තත්තං අයොඛිලං දුතියෙ හත්ථෙ ගමෙන්ති, තත්තං අයොඛිලං පාදෙ ගමෙන්ති, තත්තං අයොඛිලං දුතියෙ පාදෙ ගමෙන්ති, තත්තං අයොඛිලං මජ්ඣෙඋරස්මිං ගමෙන්ති. සො තත්ථ දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදෙති, න ච තාව කාලං කරොති යාව න තං පාපකම්මං බ්‍යන්තීහොති. තමෙනං, භික්ඛවෙ, නිරයපාලා සංවෙසෙත්වා කුඨාරීහි තච්ඡන්ති...පෙ.... තමෙනං, භික්ඛවෙ, නිරයපාලා උද්ධංපාදං අධොසිරං ගහෙත්වා වාසීහි තච්ඡන්ති...පෙ.... තමෙනං, භික්ඛවෙ, නිරයපාලා රථෙ යොජෙත්වා ආදිත්තාය පථවියා සම්පජ්ජලිතාය සජොතිභූතාය සාරෙන්තිපි, පච්චාසාරෙන්තිපි...පෙ.... තමෙනං, භික්ඛවෙ, නිරයපාලා මහන්තං අඞ්ගාරපබ්බතං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං ආරොපෙන්තිපි ඔරොපෙන්තිපි...පෙ.... තමෙනං, භික්ඛවෙ, නිරයපාලා උද්ධංපාදං අධොසිරං ගහෙත්වා තත්තාය ලොහකුම්භියා පක්ඛිපන්ති ආදිත්තාය සම්පජ්ජලිතාය සජොතිභූතාය. සො තත්ථ ඵෙණුද්දෙහකං පච්චති. සො තත්ථ ඵෙණුද්දෙහකං පච්චමානො සකිම්පි උද්ධං ගච්ඡති, සකිම්පි අධො ගච්ඡති, සකිම්පි තිරියං ගච්ඡති. සො තත්ථ දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදෙති, න ච තාව කාලඞ්කරොති යාව න තං පාපකම්මං බ්‍යන්තීහොති. තමෙනං, භික්ඛවෙ, නිරයපාලා මහානිරයෙ පක්ඛිපන්ති. සො ඛො පන, භික්ඛවෙ, මහානිරයො -
‘‘චතුක්කණ්ණො චතුද්වාරො, විභත්තො භාගසො මිතො;
අයොපාකාරපරියන්තො, අයසා පටිකුජ්ජිතො.
‘‘තස්ස අයොමයා භූමි, ජලිතා තෙජසායුතා;
සමන්තා යොජනසතං, ඵරිත්වා තිට්ඨති සබ්බදා’’ .
267
මහණෙනි, යම රජ තෙම මේ පස්වෙනි දෙවදූතයා දක්වා පිළිගන්වා කරුණු කියාදී නිශ්ශබ්දවෙයි.
“මහණෙනි, නිරය පාලයෝ ඔහුට පඤ්චවිධ බන්ධන නම් වධයක් කරත්. රත්වූ යකඩ හුලක් අතෙහි ගසත්. රත්වූ යකඩ හුලක් දෙවෙනි අතෙහි ගසත්. රත්වූ යකඩ හුලක් පයෙහි ගසත්. රත්වූ යකඩ හුලක් දෙවෙනි පයෙහි ගසත්. රත්වූ යකඩ හුලක් පපුව මැද ගසත්. හෙතෙම එහි තියුණුවූ කටුකවූ දුක් වේදනාවන් විඳී. යම්තාක් ඒ පාප කර්මය නොගෙවේද, ඒතාක් නොමැරෙයි. මහණෙනි, නිරය පාලයෝ ඔහු ගිනිගත් යකඩ පොළොවෙහි නිදිකරවා කෙටේරිවලින් සසිත් හෙතෙම එහි දුක්වූ තියුණුවූ කටුකවූ දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාප කර්මය කෙළවර නොවේද, ඒතාක් කල් කලුරිය නොකෙරෙයි. මහණෙනි, නිරය පාලයෝ ඔහු උඩුකුරුකොට හිස යටිකුරුකොට තබා වෑවලින් සසිත්. හෙතෙම එහි දුක්වූ තියුණුවූ කටුකවූ දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒතාක් කල් කලුරිය නොකෙරෙයි. මහණෙනි, ඔහු නිරයපාලයෝ රථයක බැඳ ගිනිගෙන ඇවිලෙන්නාවූ දිළිසෙන්නාවූ ගිනිදැල් සහිත යකඩ පොළොවෙහි ඉදිරියට ගමන් කරවත්. පස්සටද ගමන් කරවත්. හෙතෙම එහි දුක්වූ, තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒතාක් කල් කලුරිය නොකෙරෙයි. මහණෙනි, නිරයපාලයෝ ඔහු ගිනිගෙන ඇවිලෙන දිළිසෙන ගිනිදැල් සහිත මහත්වූ අඟුරු පර්වතයට ඇන ඇන නැංවීමද කරත්. බැස්සීමද කරත්. හෙතෙම එහි දුක්වූ තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒතාක් කල් කලුරිය නොකෙරෙයි. මහණෙනි, නිරයපාලයෝ ඔහු පා උඩුකුරු කොට හිස යටිකුරු කොටගෙන ගිනිගෙන ඇවිලෙන දිළිසෙන ගිනිදැල් සහිත රත්වූ ලෝදිය සැලියෙක දමත්. හෙතෙම එහි පෙණ නගිමින් පැසෙන්නේ වරක උඩට එයි. වරක යටට යයි. වරක සරසට යයි. හෙතෙම දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් විඳී. යම්තාක් ඒ පාප කර්මය නොගෙවේද, ඒතාක් නොමැරෙන්නේය.
“මහණෙනි, ඔහු නිරය පාලයෝ මහා නරකයෙහි බහත්. මහණෙනි, ඒ මහා නරකය වනාහි
[1] කොන් සතරක් ඇත්තේය. දොරටු සතරක් ඇත්තේය. කොටස් වශයෙන් බෙදන ලද්දේය. කොටස් වශයෙන් ප්‍රමාණ කරණ ලද්දේය. යකඩ පවුරකින් වට කරණ ලද්දේය. යකඩ පියනකින් වසන ලද්දේය.”
[2] ඒ මහා නිරයෙහි බිම යකඩයෙන්ම කරණලදී. දැල්වෙන ගින්නෙන් යුක්තය. හැමකල්හි හාත්පස යොදුන් සියයක් ගින්න පැතිර සිටී.
268
‘‘තස්ස ඛො පන, භික්ඛවෙ, මහානිරයස්ස පුරත්ථිමාය භිත්තියා අච්චි උට්ඨහිත්වා පච්ඡිමාය භිත්තියා පටිහඤ්ඤති, පච්ඡිමාය භිත්තියා අච්චි උට්ඨහිත්වා පුරත්ථිමාය භිත්තියා පටිහඤ්ඤති, උත්තරාය භිත්තියා අච්චි උට්ඨහිත්වා දක්ඛිණාය භිත්තියා පටිහඤ්ඤති, දක්ඛිණාය භිත්තියා අච්චි උට්ඨහිත්වා උත්තරාය භිත්තියා පටිහඤ්ඤති, හෙට්ඨා අච්චි උට්ඨහිත්වා උපරි පටිහඤ්ඤති, උපරිතො අච්චි උට්ඨහිත්වා හෙට්ඨා පටිහඤ්ඤති. සො තත්ථ දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදෙති, න ච තාව කාලඞ්කරොති යාව න තං පාපකම්මං බ්‍යන්තීහොති.
‘‘හොති ඛො සො, භික්ඛවෙ, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන තස්ස මහානිරයස්ස පුරත්ථිමං ද්වාරං අපාපුරීයති (අවාපුරීයති (සී.)). සො තත්ථ සීඝෙන ජවෙන ධාවති. තස්ස සීඝෙන ජවෙන ධාවතො ඡවිම්පි ඩය්හති, චම්මම්පි ඩය්හති, මංසම්පි ඩය්හති, න්හාරුම්පි ඩය්හති, අට්ඨීනිපි සම්පධූපායන්ති, උබ්භතං තාදිසමෙව හොති. යතො ච ඛො සො, භික්ඛවෙ, බහුසම්පත්තො හොති, අථ තං ද්වාරං පිධීයති (පිථීයති (සී. ස්‍යා. කං. පී.)). සො තත්ථ දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදෙති, න ච තාව කාලඞ්කරොති යාව න තං පාපකම්මං බ්‍යන්තීහොති.
‘‘හොති ඛො සො, භික්ඛවෙ, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන තස්ස මහානිරයස්ස පච්ඡිමං ද්වාරං අපාපුරීයති...පෙ.... උත්තරං ද්වාරං අපාපුරීයති...පෙ.... දක්ඛිණං ද්වාරං අපාපුරීයති . සො තත්ථ සීඝෙන ජවෙන ධාවති. තස්ස සීඝෙන ජවෙන ධාවතො ඡවිම්පි ඩය්හති, චම්මම්පි ඩය්හති, මංසම්පි ඩය්හති, න්හාරුම්පි ඩය්හති, අට්ඨීනිපි සම්පධූපායන්ති, උබ්භතං තාදිසමෙව හොති. යතො ච ඛො සො, භික්ඛවෙ, බහුසම්පත්තො හොති, අථ තං ද්වාරං පිධීයති. සො තත්ථ දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදෙති, න ච තාව කාලඞ්කරොති යාව න තං පාපකම්මං බ්‍යන්තීහොති.
‘‘හොති ඛො සො, භික්ඛවෙ, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන තස්ස මහානිරයස්ස පුරත්ථිමං ද්වාරං අපාපුරීයති. සො තත්ථ සීඝෙන ජවෙන ධාවති. තස්ස සීඝෙන ජවෙන ධාවතො ඡවිම්පි ඩය්හති, චම්මම්පි ඩය්හති, මංසම්පි ඩය්හති, න්හාරුම්පි ඩය්හති, අට්ඨීනිපි සම්පධූපායන්ති, උබ්භතං තාදිසමෙව හොති. සො තෙන ද්වාරෙන නික්ඛමති.
268
“මහණෙනි, ඒ මහා නිරයෙහි නැගෙනහිර බිත්තියෙන් ගිනිදැල් නගී. බස්නාහිර බිත්තියෙහි හැපෙයි. බස්නාහිර බිත්තියෙන් ගිනිදැල් නැගී නැගෙණහිර බිත්තියෙහි හැපෙයි. උතුරුදිග බිත්තියෙන් ගිනිදැල් නැගී දකුණු භිත්තියෙහි හැපෙයි. දකුණු භිත්තියෙන් ගිනිදැල් නැගී උතුරු භිත්තියෙහි හැපෙයි. යටින් ගිනිදැල් නැගී මත්තෙහි හැපෙයි. උඩින් ගිනිදැල් නැගී යට හැපෙයි. හෙතෙම එහි තියුණුවූ කටුකවූ දුක් වේදනාවන් විඳියි. යම් තාක් ඒ පාප කර්මය නොගෙවේද, ඒතාක් නොමැරෙන්නේය.”
“මහණෙනි, දීර්ඝ කාලයක් ගතවීමෙන් යම්කිසි කලෙක ඒ මහා නිරයෙහි නැගෙනහිර දොරටුව විවෘතවේද, එබඳු කාලයක් වන්නේය එකල්හි හෙතෙම ඒ දොර දිශාවට ශීඝ්‍ර වේගයෙන් දුවයි. ශීඝ්‍ර වේගයෙන් දුවන්නාවූ ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස්ද දවයි. නහරද දවයි. ඇටද විශේෂයෙන් දුම් දමත්. නැගූ පියවර එසේම වෙයි. මහණෙනි, යම් හෙයකින් හෙතෙම නොයෙක් අවුරුදු දහසකින් ඒ සමීපයට පැමිණේද එකල්හි ඒ දොර වැසෙයි. හෙතෙම එහි තියුණුවූ කටුකවූ දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාප කර්මය කෙළවර වේද, ඒතාක් කල් නොමැරෙන්නේය.
“මහණෙනි, දීර්ඝ කාලයක් ගතවීමෙන් කිසිකලෙක් ඒ මහා නිරයාගේ බස්නාහිර දොරටුව විවෘතවේද, ඒ කාලය ඇත්තේමය. හෙතෙම ඒ දොර දිසාවට ශීඝ්‍රවේගයෙන් දුවයි. ශීඝ්‍රවේගයෙන් දුවන්නාවූ, ඔහුගේ සිවියද දවයි සමද දවයි. මස්ද දවයි. නහරද දවයි. ඇටද වෙසෙසින් දවයි. නැඟු පියවර එසේම වෙයි. මහණෙනි, යම්හෙයකින් හෙතෙම අනේක වර්ෂ සහශ්‍රයෙන් ගොස් සම්ප්‍රාප්ත වේද, එකල්හි ඒ දොර වැසෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳීද, යම්තාක්කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒතාක්කල් කාලක්‍රියා නොකෙරෙයි.”
“උතුරු දොරටුව විවෘතවේද, ඒ කාලය ඇත්තේමය. හෙතෙම ඒ දොර දිසාවට ශීඝ්‍රවේගයෙන් දුවයි. ශීඝ්‍රවේගයෙන් දුවන්නාවූ, ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස්ද දවයි. නහරද දවයි. ඇටද වෙසෙසින් දවයි. නැගූ පියවර එසේම වෙයි. මහණෙනි, යම්හෙයකින් හෙතෙම අනේක වර්ෂ සහශ්‍රයෙන් ගොස් සම්ප්‍රාප්ත වේද, එකල්හි ඒ දොර වැසෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳීද, යම්තාක්කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒතාක් කල් කාලක්‍රියා නොකෙරෙයි.
“දකුණු දොරටුව විවෘතවේද, හෙතෙම එහි ශීඝ්‍රවේගයෙන් දුවයි ශීඝ්‍රවේගයෙන් දුවන්නාවූ ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස්ද දවයි. නහරද දවයි. ඇටද විශේෂයෙන් දුම්දමත්. නැගූපියවර එසේම වෙයි. මහණෙනි, යම්හෙයකින් නොයෙක් අවුරුදු දහසින් ගොස් ඒ සමීපයට පැමිණෙයිද, එකල්හි ඒ දොර වැසෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. යම්තාක් ඒ පාපකර්මය නොගෙවේද, ඒතාක්කල් නොමැරෙන්නේය.
“මහණෙනි, දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් කිසියම් කලෙක ඒ මහා නිරයේ නැඟෙනහිර දොර විවෘත වෙයිද, හෙතෙම එහි ශීඝ්‍රවේගයෙන් දුවයි. ශීඝ්‍රවේගයෙන් දුවන ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස්ද දවයි. නහරද දවයි. ඇටද විශේෂයෙන් දුම් දමත්. නැගූ පියවරද එසේම වෙයි. හෙතෙම එම දොරටුවෙන් නික්මෙයි.
269
‘‘තස්ස ඛො පන, භික්ඛවෙ, මහානිරයස්ස සමනන්තරා සහිතමෙව මහන්තො ගූථනිරයො. සො තත්ථ පතති. තස්මිං ඛො පන, භික්ඛවෙ, ගූථනිරයෙ සූචිමුඛා පාණා ඡවිං ඡින්දන්ති, ඡවිං ඡෙත්වා චම්මං ඡින්දන්ති, චම්මං ඡෙත්වා මංසං ඡින්දන්ති, මංසං ඡෙත්වා න්හාරුං ඡින්දන්ති, න්හාරුං ඡෙත්වා අට්ඨිං ඡින්දන්ති, අට්ඨිං ඡෙත්වා අට්ඨිමිඤ්ජං ඛාදන්ති. සො තත්ථ දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදෙති, න ච තාව කාලඞ්කරොති යාව න තං පාපකම්මං බ්‍යන්තීහොති.
‘‘තස්ස ඛො පන, භික්ඛවෙ, ගූථනිරයස්ස සමනන්තරා සහිතමෙව මහන්තො කුක්කුලනිරයො. සො තත්ථ පතති. සො තත්ථ දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදෙති, න ච තාව කාලඞ්කරොති යාව න තං පාපකම්මං බ්‍යන්තීහොති.
‘‘තස්ස ඛො පන, භික්ඛවෙ, කුක්කුලනිරයස්ස සමනන්තරා සහිතමෙව මහන්තං සිම්බලිවනං උද්ධං (උච්චං (ස්‍යා. කං.), උබ්භතො (ක.)) යොජනමුග්ගතං සොළසඞ්ගුලකණ්ටකං (සොළසඞ්ගුලකණ්ඩකං (සී.)) ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං. තත්ථ ආරොපෙන්තිපි ඔරොපෙන්තිපි. සො තත්ථ දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදෙති, න ච තාව කාලඞ්කරොති යාව න තං පාපකම්මං බ්‍යන්තීහොති.
‘‘තස්ස ඛො පන, භික්ඛවෙ, සිම්බලිවනස්ස සමනන්තරා සහිතමෙව මහන්තං අසිපත්තවනං. සො තත්ථ පවිසති. තස්ස වාතෙරිතානි පත්තානි පතිතානි හත්ථම්පි ඡින්දන්ති, පාදම්පි ඡින්දන්ති, හත්ථපාදම්පි ඡින්දන්ති, කණ්ණම්පි ඡින්දන්ති, නාසම්පි ඡින්දන්ති, කණ්ණනාසම්පි ඡින්දන්ති. සො තත්ථ දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදෙති, න ච තාව කාලඞ්කරොති යාව න තං පාපකම්මං බ්‍යන්තීහොති.
‘‘තස්ස ඛො පන, භික්ඛවෙ, අසිපත්තවනස්ස සමනන්තරා සහිතමෙව මහතී ඛාරොදකා නදී (ඛාරොදිකා නදී (සී.)). සො තත්ථ පතති. සො තත්ථ අනුසොතම්පි වුය්හති , පටිසොතම්පි වුය්හති, අනුසොතපටිසොතම්පි වුය්හති. සො තත්ථ දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදෙති, න ච තාව කාලඞ්කරොති යාව න තං පාපකම්මං බ්‍යන්තීහොති.
269
“මහණෙනි, ඒ මහා නිරයට අනතුරුව මහත්වූ ගූථ නිරය එක්වම පිහිටියේය. හෙතෙම එහි වැටෙයි. මහණෙනි, ඒ ගූථ නිරයෙහි වනාහි ඉදිකටු තුඩ සමාන මුව ඇති පණුවෝ සිවිය සිඳිත්. සිවිය සිඳ සම සිඳිත්. සම සිඳ මස් සිඳිත්. මස් සිඳ නහර සිඳිත්. නහර සිඳ ඇට සිඳිත්. ඇට සිඳ ඇට මිදුලු කත්. හෙතෙම එහි තියුණුවූ, කටුක දුක් වේදනාවන් විඳී. ඒ පාපකර්මය යම්තාක්ද ඒතාක්කල් නොමැරෙන්නේය.
“මහණෙනි, ඒ ගූථනරකයට අනතුරුව මහත්වූ උණු අළු නිරය එක්වම පිහිටියේය. හෙතෙම එහි වැටෙයි. හෙතෙම එහිදී තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. ඒ පාපකර්මය යම්තාක් නොගෙවී පවතීද, ඒතාක් නොමැරෙන්නේය.”
“මහණෙනි, ඒ උණු අළු නිරයට අනතුරුව යොදුන් උස නැගුණු අඟල් දහසයක් දිග යකඩ කටු ඇති, ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිළිසෙන්නාවූ, ගිනිදැල් සහිතවූ, මහත්වූ කටුඉඹුල් වනය ලඟම පිහිටියේය. ඔහු එහි උඩටද නංවත්. පහතටද බස්වත් හෙතෙම එහි තියුණුවූ, කටුකවූ දුක් වේදනාවන් විඳී. යම්තාක්කල් ඒ පාපකර්මය නොගෙවී පවතීද, ඒතාක් නොමැරෙන්නේය.
“මහණෙනි, කටුඉඹුල් වනයට අනතුරුව මහත්වූ අසිපත්‍ර නම් නිරය එක්වම පිහිටියේය. හෙතෙම එහි වැටෙයි. ඒ නිරයෙහි වාතයෙන් වැටෙන කඩුපත් අතද කපත්. පාදයද කපත්. අත් පා දෙකමද කපත්. කණද කපත්. නාසයද කපත්. කන් නාසා දෙකමද කපත්. හෙතෙම එහි තියුණුවූ කටුකවූ, දුක් වේදනාවන් විඳී ඒ පාපකර්මය යම්තාක්කල් නොගෙවී පවතී නම් ඒතාක්කල් නොමැරෙන්නේය.
“මහණෙනි, ඒ අසිපත් නිරයට අනතුරුව මහත්වූ ක්ෂාර ජලයෙන් යුත් වෙතරණී නම් නරකය පිහිටියේය. හෙතෙම එහි වැටෙයි. හෙතෙම එහි යටිගං බලායන දියපහරටද ගසාගෙනයයි. උඩුගං බලායන දියපහරටද ගසාගෙනයයි. උඩුගං බලායන දියපහරට හා යටිගං බලායන දියපහරටද ගසාගෙන යයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. ඒ පාපකර්මය යම්තාක් නොගෙවේද, ඒතාක් කල් නොමැරෙන්නේය.
270
‘‘තමෙනං, භික්ඛවෙ, නිරයපාලා බලිසෙන උද්ධරිත්වා ථලෙ පතිට්ඨාපෙත්වා එවමාහංසු - ‘අම්භො පුරිස, කිං ඉච්ඡසී’ති? සො එවමාහ - ‘ජිඝච්ඡිතොස්මි, භන්තෙ’ති. තමෙනං, භික්ඛවෙ, නිරයපාලා තත්තෙන අයොසඞ්කුනා මුඛං විවරිත්වා ආදිත්තෙන සම්පජ්ජලිතෙන සජොතිභූතෙන තත්තං ලොහගුළං මුඛෙ පක්ඛිපන්ති ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං. සො තස්ස (තං තස්ස (ක.), තස්ස (සී. පී.)) ඔට්ඨම්පි දහති (ඩය්හති (සී. ස්‍යා. කං. පී.)), මුඛම්පි දහති, කණ්ඨම්පි දහති, උරම්පි (උදරම්පි (සී. ස්‍යා. කං.)) දහති, අන්තම්පි අන්තගුණම්පි ආදාය අධොභාගා නික්ඛමති. සො තත්ථ දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදෙති, න ච තාව කාලඞ්කරොති යාව න තං පාපකම්මං බ්‍යන්තීහොති.
‘‘තමෙනං , භික්ඛවෙ, නිරයපාලා එවමාහංසු - ‘අම්භො පුරිස, කිං ඉච්ඡසී’ති? සො එවමාහ - ‘පිපාසිතොස්මි, භන්තෙ’ති. තමෙනං, භික්ඛවෙ, නිරයපාලා තත්තෙන අයොසඞ්කුනා මුඛං විවරිත්වා ආදිත්තෙන සම්පජ්ජලිතෙන සජොතිභූතෙන තත්තං තම්බලොහං මුඛෙ ආසිඤ්චන්ති ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං. තං තස්ස (එත්ථ පන පාඨභෙදො නත්ථි) ඔට්ඨම්පි දහති, මුඛම්පි දහති, කණ්ඨම්පි දහති, උරම්පි දහති, අන්තම්පි අන්තගුණම්පි ආදාය අධොභාගා නික්ඛමති. සො තත්ථ දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදෙති, න ච තාව කාලඞ්කරොති, යාව න තං පාපකම්මං බ්‍යන්තීහොති. තමෙනං, භික්ඛවෙ, නිරයපාලා පුන මහානිරයෙ පක්ඛිපන්ති.
‘‘භූතපුබ්බං, භික්ඛවෙ, යමස්ස රඤ්ඤො එතදහොසි - ‘යෙ කිර , භො, ලොකෙ පාපකානි අකුසලානි කම්මානි කරොන්ති තෙ එවරූපා විවිධා කම්මකාරණා කරීයන්ති. අහො වතාහං මනුස්සත්තං ලභෙය්‍යං. තථාගතො ච ලොකෙ උප්පජ්ජෙය්‍ය අරහං සම්මාසම්බුද්ධො. තඤ්චාහං භගවන්තං පයිරුපාසෙය්‍යං. සො ච මෙ භගවා ධම්මං දෙසෙය්‍ය. තස්ස චාහං භගවතො ධම්මං ආජානෙය්‍ය’න්ති. තං ඛො පනාහං, භික්ඛවෙ, නාඤ්ඤස්ස සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා සුත්වා වදාමි, අපි ච යදෙව සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං තදෙවාහං වදාමී’’ති.
270
“මහණෙනි, නිරයපාලයෝ ඔහු බිලිකටුවෙන් අමුනා ගොඩට ගෙන පොළොවෙහි දමා ‘එම්බා පුරුෂය, කුමක් කැමැත්තෙහිදැ’යි අසන්නාහ. හෙතෙම ‘ස්වාමීනි, බඩගිනි ඇත්තෙමැ’යි කියන්නේය. මහණෙනි, නිරයපාලයෝ ඒ මේ නිරිසතාගේ ගිනිගෙන දිලියෙන්නාවූ අඬුවෙන් කට ඇර ගිනිගෙන දිලියෙන්නාවූ රත්වූ ලොහො ගුළියක් කටෙහි දමත් ඔහුගේ තොලද දවයි, කටද දවයි, උගුරද දවයි, ළයද දවයි, බඩවැලද අතුනු බහන්ද දවාගෙන යට භාගයෙන් නික්මෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. ඒ පාපකර්මය යම්තාක් නොගෙවේද, ඒතාක් කල් නොමැරෙන්නේය.
“මහණෙනි, නිරයපාලයෝ ඔහුගෙන් ‘එම්බා පුරුෂය, කුමක් කැමැත්තෙහිදැ”යි විමසන්නාහුය. ස්වාමීනි, පිපාස ඇත්තෙමි’යි කියන්නේය. මහණෙනි, නිරයපාලයෝ ඔහුගේ කට ගිනිගෙන දිලියෙන්නාවූ, අතිශයින් දිළිසෙන්නාවූ, ගිනි දැල් සහිතවූ, රත්වූ යකඩ අඬුවෙන් අරවා ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිළිසෙන්නාවූ, ගිනිදැල් සහිතවූ, ගිනි ගෙන දිළිසෙන්නාවූ තඹපාට ලෝදිය කටේ වත්කරත්. එය ඔහුගේ තොල්ද දවයි. කටද දවයි. උගුරද දවයි. ළයද දවයි. බඩවැල්ද අතුනුබහන්ද දවාගෙන යට භාගයෙන් නික්මෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. ඒ පාපකර්මය යම්තාක් නොගෙවේද, ඒතාක් නො මැරෙන්නේය.
“මහණෙනි, නිරයපාලයෝ නැවතත් ඔහු මහා නිරයෙහි දමත්.
“මහණෙනි, පෙරවූ දෙයක් කියමි. යමරජුට මෙබඳු සිතක් විය. පින්වත්නි, ලෝකයෙහි යම් කෙනෙක් පව්කම් කෙරෙත්ද, ඔව්හු මෙබඳු නානාප්‍රකාර කම්කටුලු කරනු ලබත්. ‘මම මනුෂ්‍යාත්මයක් ලබන්නෙම් නම් අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ සර්වඥතෙම ලෝකයෙහි උපදින්නේ නම් මම ඒ භාග්‍යවතුන් වහන්සේ ආශ්‍රය කරන්නෙම් නම් ඒ භාග්‍යවතුන් වහන්සේ මට ධර්ම දේශනා කරන්නේ නම් මම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දැනගන්නෙම් නම් යහපති’ කියායි.
“මහණෙනි, මම ඒ කාරණය අන් ශ්‍රමණයකුගෙන් හෝ බමුණකුගෙන් හෝ අසා නොකියමි. වැලිදු කෙසේද යම් පමණ අටමහ නරකයෝ වෙත්ද, ඒ සියල්ල තමන් විසින්ම දැනගන්නා ලද්දේය, තමන් විසින්ම දක්නා ලද්දේය, තමන් විසින්ම ප්‍රත්‍යක්ෂ කරන ලද්දේය එයම මම කියමි.”
271
ඉදමවොච භගවා. ඉදං වත්වාන (ඉදං වත්වා (සී. පී.) එවමීදිසෙසු ඨානෙසු) සුගතො අථාපරං එතදවොච සත්ථා -
‘‘චොදිතා දෙවදූතෙහි, යෙ පමජ්ජන්ති මාණවා;
තෙ දීඝරත්තං සොචන්ති, හීනකායූපගා නරා.
‘‘යෙ ච ඛො දෙවදූතෙහි, සන්තො සප්පුරිසා ඉධ;
චොදිතා නප්පමජ්ජන්ති, අරියධම්මෙ කුදාචනං.
‘‘උපාදානෙ භයං දිස්වා, ජාතිමරණසම්භවෙ;
අනුපාදා විමුච්චන්ති, ජාතිමරණසඞ්ඛයෙ.
‘‘තෙ ඛෙමප්පත්තා සුඛිනො, දිට්ඨධම්මාභිනිබ්බුතා;
සබ්බවෙරභයාතීතා, සබ්බදුක්ඛං (සබ්බදුක්ඛා (ක.)) උපච්චගු’’න්ති.
271
භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළ සේක. සුගතයන් වහන්සේ මේ දේශනාව වදාරා නැවත ශාස්තෲන් වහන්සේ මේ ගාථා දේශනාව වදාළ සේක.
[1] “දේවදූතයන් විසින් චෝදනා කරන ලද්දාවූ, යම් මනුෂ්‍යයෝ පමා වෙත්ද, හීනකාය සංඛ්‍යාත අපායට පැමිණියාවූ ඒ මිනිස්සු බොහෝ කාලයක් මුළුල්ලේ සෝක කරන්නාහුය.”
[2] “මේ ලෝකයෙහි ශාන්තවූ යම් සත්පුරුෂ කෙනෙක් දේවදූතයන් විසින් චෝදනා කරන ලද්දාහුද, ඔව්හු ආර්‍ය්‍ය ධර්මයෙහි කිසි කලෙකත් ප්‍රමාද නොවන්නාහුය.”
[3] “ඔවුහු ජාති මරණ දෙක හටගන්නාවූ මේ උපාදාන ස්කන්ධයෙහි බය දැක, ජාති මරණ දෙක කෙළවර කරන්නාවූ නිවණ නිමිතිකොට උපාදාන රහිතව මිදෙත්.”
[4] “නිර්භය ස්ථානයට පැමිණියාවූ, සුවපත්වූ, මේ ආත්මභාවයෙහිම ඒ සත්වයෝ සියලු භය දුරුකොට සියලු දුක් ඉක්මවන්නාහුය.”