ත්‍රිපිටකය
3. සුඤ්ඤතවග්ගො 3. සුඤ්ඤත වර්ගය
1. චූළසුඤ්ඤතසුත්තං 1. චූළසුඤ්ඤත සූත්‍රය
176
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. අථ ඛො ආයස්මා ආනන්දො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘එකමිදං, භන්තෙ, සමයං භගවා සක්කෙසු විහරති නගරකං නාම සක්‍යානං නිගමො. තත්ථ මෙ, භන්තෙ, භගවතො සම්මුඛා සුතං, සම්මුඛා පටිග්ගහිතං - ‘සුඤ්ඤතාවිහාරෙනාහං, ආනන්ද, එතරහි බහුලං විහරාමී’ති. කච්චි මෙතං, භන්තෙ, සුස්සුතං සුග්ගහිතං සුමනසිකතං සූපධාරිත’’න්ති? ‘‘තග්ඝ තෙ එතං, ආනන්ද, සුස්සුතං සුග්ගහිතං සුමනසිකතං සූපධාරිතං. පුබ්බෙපාහං (පුබ්බෙචාහං (සී. ස්‍යා. කං. පී.)), ආනන්ද, එතරහිපි (එතරහි ච (සබ්බත්ථ)) සුඤ්ඤතාවිහාරෙන බහුලං විහරාමි. සෙය්‍යථාපි, ආනන්ද, අයං මිගාරමාතුපාසාදො සුඤ්ඤො හත්ථිගවස්සවළවෙන, සුඤ්ඤො ජාතරූපරජතෙන, සුඤ්ඤො ඉත්ථිපුරිසසන්නිපාතෙන අත්ථි චෙවිදං අසුඤ්ඤතං යදිදං - භික්ඛුසඞ්ඝං පටිච්ච එකත්තං; එවමෙව ඛො, ආනන්ද, භික්ඛු අමනසිකරිත්වා ගාමසඤ්ඤං, අමනසිකරිත්වා මනුස්සසඤ්ඤං, අරඤ්ඤසඤ්ඤං පටිච්ච මනසි කරොති එකත්තං . තස්ස අරඤ්ඤසඤ්ඤාය චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති. සො එවං පජානාති - ‘යෙ අස්සු දරථා ගාමසඤ්ඤං පටිච්ච තෙධ න සන්ති, යෙ අස්සු දරථා මනුස්සසඤ්ඤං පටිච්ච තෙධ න සන්ති, අත්ථි චෙවායං දරථමත්තා යදිදං - අරඤ්ඤසඤ්ඤං පටිච්ච එකත්ත’න්ති. සො ‘සුඤ්ඤමිදං සඤ්ඤාගතං ගාමසඤ්ඤායා’ති පජානාති, ‘සුඤ්ඤමිදං සඤ්ඤාගතං මනුස්සසඤ්ඤායා’ති පජානාති, ‘අත්ථි චෙවිදං අසුඤ්ඤතං යදිදං - අරඤ්ඤසඤ්ඤං පටිච්ච එකත්ත’න්ති. ඉති යඤ්හි ඛො තත්ථ න හොති තෙන තං සුඤ්ඤං සමනුපස්සති, යං පන තත්ථ අවසිට්ඨං හොති තං ‘සන්තමිදං අත්ථී’’’ති පජානාති. එවම්පිස්ස එසා, ආනන්ද, යථාභුච්චා අවිපල්ලත්ථා පරිසුද්ධා සුඤ්ඤතාවක්කන්ති භවති.
176
මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල මිගාරමාතු පාසාද නම් ලත් පූර්වාරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි ඵලසමවතින් නැඟී සිටියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසක හුන්නේය. එකත් පසක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය.
“භාග්‍යවතුන් වහන්ස, එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි නාගරක නම් ශාක්‍යයන්ගේ නියම්ගම යම් තැනෙක්හිද එහි වැඩ වාසය කරණසේක. ස්වාමීනි, එහිදී මවිසින් භාග්‍යවතුන් වහන්සේගෙන් ‘ආනන්දය මම දැන් වනාහි සූන්‍යතා විහරණයෙන් බහුලව වාසය කරමි’ යන මෙය අසන ලදී. පිළිගන්නා ලදී. කිමෙක්ද ස්වාමීනි, එය මා විසින් මනා කොට අසන ලද්දක්ද? මනාකොට ඉගෙන ගන්නා ලද්දක්ද? මනාකොට මෙනෙහි කරන ලද්දක්ද? මනාකොට දරණ ලද්දක්ද?
“ආනන්දය, නුඹ විසින් මෙය ඒකාන්තයෙන් මනා කොට අසන ලද්දේය. මනාකොට ඉගෙන ගන්නා ලද්දේය. මනාකොට මෙනෙහි කරණ ලද්දේය. මනාකොට දරණ ලද්දේය. ආනන්දය මම පෙරද දැන් ද සූන්‍යතා විහරණයෙන් බහුලව වාසය කරමි. මේ මිගාරමාතු ප්‍රාසාදය යම්සේ ඇත් ගව අස් වෙළඹුන්ගෙන් සූන්‍යද, රන්රිදියෙන් සූන්‍යද, ස්ත්‍රී පුරුෂයන් රැස්ව සිටීමෙන් සූන්‍යද, භික්ෂු සංඝයා නිසා පවත්නා යම් මේ අසූන්‍යත්වයක් වේද, ඒ එකම අසූන්‍යත්වය ඇත්තේය. ආනන්දය, එපරිද්දෙන්ම මහණතෙම ගමය යන හැඟීම මෙනෙහි නොකොට මිනිසුන්ය යන හැඟීම මෙනෙහි නොකොට අරණ්‍යය යන එකම හැඟීම මෙනෙහි කෙරේද, ඔහුගේ සිත අරණ්‍ය යන හැඟීමෙහි බැසගනී, පහදී, මනාව පිහිටයි, ස්ථිරව පිහිටයි. හෙතෙම මෙසේ දැනගනී. ගමය යන හැඟීම නිසා ඇතිවන යම් කෙලෙස් දැවිලි වෙත්නම්, ඔව්හු මේ අරණ්‍ය යන හැඟීමෙහි නැත. මිනිසුන්ය යන හැඟීම නිසා ඇතිවන යම් කෙලෙස් දැවිලිවන්නාහුනම් ඔව්හු මේ අරණ්‍ය යන හැඟීමෙහි නැත. එකම අරණ්‍ය යන හැඟීම නිසා යම් මේ කෙලෙස් දැවිල්ලක් ඇත්නම් එපමණක්ම ඇත්තේය. හෙතෙම ගමය යන හැඟීමෙන් වන්නාවූ කෙලෙස් දැවිල්ලෙන් සූන්‍යයයි දැනගනියි. මිනිසුන්ය යන හැඟීමෙන් වන්නාවූ කෙලෙස් දැවිල්ලෙන් සූන්‍යයයි දැනගනියි. අරණ්‍ය සංඥාව නිසා පවත්නාවූ යම් එකම කෙලෙස් දැවිලි මාත්‍රයක්ම ඇත්තේයයි. දැනගනියි. මෙසේ යම්කිසි කෙලෙස් දැවිල්ලක් නැත්නම් එයින් එය සූන්‍යයයි නුවණැසින් දකී. යම්කිසි කෙලෙස් දැවිල්ලක් වේනම් ඒ ශාන්තවූ ක්ලේශ දරථයම ඇත්තේයයි දැනගනී. ආනන්දය, ඔහුට මෙසේ විද්‍යමානවූ වෙනස් නොවූ පිරිසිදුවූ මේ සූන්‍යත්වය ඇතිවෙයි.
177
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛු අමනසිකරිත්වා මනුස්සසඤ්ඤං, අමනසිකරිත්වා අරඤ්ඤසඤ්ඤං, පථවීසඤ්ඤං පටිච්ච මනසි කරොති එකත්තං. තස්ස පථවීසඤ්ඤාය චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති. සෙය්‍යථාපි, ආනන්ද, ආසභචම්මං සඞ්කුසතෙන සුවිහතං විගතවලිකං; එවමෙව ඛො, ආනන්ද, භික්ඛු යං ඉමිස්සා පථවියා උක්කූලවික්කූලං නදීවිදුග්ගං ඛාණුකණ්ටකට්ඨානං පබ්බතවිසමං තං සබ්බං (සබ්බං (ක.)) අමනසිකරිත්වා පථවීසඤ්ඤං පටිච්ච මනසි කරොති එකත්තං. තස්ස පථවීසඤ්ඤාය චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති. සො එවං පජානාති - ‘යෙ අස්සු දරථා මනුස්සසඤ්ඤං පටිච්ච තෙධ න සන්ති, යෙ අස්සු දරථා අරඤ්ඤසඤ්ඤං පටිච්ච තෙධ න සන්ති, අත්ථි චෙවායං දරථමත්තා යදිදං - පථවීසඤ්ඤං පටිච්ච එකත්ත’න්ති. සො ‘සුඤ්ඤමිදං සඤ්ඤාගතං මනුස්සසඤ්ඤායා’ති පජානාති, ‘සුඤ්ඤමිදං සඤ්ඤාගතං අරඤ්ඤසඤ්ඤායා’ති පජානාති, ‘අත්ථි චෙවිදං අසුඤ්ඤතං යදිදං - පථවීසඤ්ඤං පටිච්ච එකත්ත’න්ති. ඉති යඤ්හි ඛො තත්ථ න හොති තෙන තං සුඤ්ඤං සමනුපස්සති, යං පන තත්ථ අවසිට්ඨං හොති තං ‘සන්තමිදං අත්ථී’ති පජානාති. එවම්පිස්ස එසා, ආනන්ද, යථාභුච්චා අවිපල්ලත්ථා පරිසුද්ධා සුඤ්ඤතාවක්කන්ති භවති.
177
“ආනන්දය, නැවතද මහණතෙම මිනිසුන් යන හැඟීම මෙනෙහි නොකොට අරණ්‍යය යන හැඟීම මෙනෙහි නොකොට පඨවී (පොළොව) යන එකම හැඟීම මෙනෙහි කෙරේද, ඔහුගේ සිත පොළොව යන හැඟීමෙහි බැසගනී, පහදී, පිහිටයි. ස්ථිරව පිහිටයි. ආනන්දය, යම්සේ, වෘෂභ හමක් (එනම් ගවයෙකුගේ හමක්) සිය ගණන් උලින් දිගහැර මොනවට රැලිරහිත කරන ලද්දේද ආනන්දය එපරිද්දෙන්ම මහණතෙම මේ පොළොවෙහි යම් උස්පහත් තැන්වේද, ගංගා කඳු හෙල් සහිතවේද, කණු කටු සහිතවේද, පර්වතයන්ගෙන් විසමද ඒ සියල්ල මෙනෙහි නොකොට එකම පොළොව යන හැඟීම මෙනෙහි කෙරේද, ඔහුගේ සිත පොළොව යන හැඟීමෙහි බැසගනී, පහදී, සිටී, ස්ථිරව පිහිටයි, හෙතෙම මෙසේ දැනගනී. මනුෂ්‍ය සංඥාව නිසාවූ යම් ක්ලේශ දැවිලි වන්නාහු නම්, ඔව්හු මේ පොළොවෙහි නැත. අරණ්‍යය යන හැඟීම නිසා පවත්නාවූ යම් ක්ලේශ දැවිල්ලක් ඇත්නම් එයද මේ පොළොවෙහි නැත. පොළොව යන හැඟීම නිසා පවත්නා එකම ක්ලේශ දරථ මාත්‍රයක්ම ඇත්තේය. හෙතෙම මේ සංඥාව මනුෂ්‍ය සංඥාවෙන් සූන්‍යයයි දැනගනී මේ සංඥාව අරණ්‍ය සංඥාවෙන් සූන්‍යයයි දැනගනී. පෘථිවි සංඥාව නිසා පවත්නාවූ යම් එකම අසූන්‍යත්වයක් වේනම් එයම ඇත්තේයයි දැනගනී. මෙසේ එහි කෙලෙස් දැවිල්ලක් නොවේ නම් එයින් එය සූන්‍යයයි දකී. යම් කිසි කෙලෙස් දැවීම් මාත්‍රයක් එහි ඉතිරි වේනම් එය ශාන්තයයි දැනගනී. ආනන්දය, ඔහුට මෙසේ විද්‍යමානවූ වෙනස් නොවූ පිරිසිදු මේ සූන්‍යතාවය ඇතිවෙයි.
178
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛු අමනසිකරිත්වා අරඤ්ඤසඤ්ඤං, අමනසිකරිත්වා පථවීසඤ්ඤං, ආකාසානඤ්චායතනසඤ්ඤං පටිච්ච මනසි කරොති එකත්තං. තස්ස ආකාසානඤ්චායතනසඤ්ඤාය චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති. සො එවං පජානාති - ‘යෙ අස්සු දරථා අරඤ්ඤසඤ්ඤං පටිච්ච තෙධ න සන්ති, යෙ අස්සු දරථා පථවීසඤ්ඤං පටිච්ච තෙධ න සන්ති, අත්ථි චෙවායං දරථමත්තා යදිදං - ආකාසානඤ්චායතනසඤ්ඤං පටිච්ච එකත්ත’න්ති. සො ‘සුඤ්ඤමිදං සඤ්ඤාගතං අරඤ්ඤසඤ්ඤායා’ති පජානාති, ‘සුඤ්ඤමිදං සඤ්ඤාගතං පථවීසඤ්ඤායා’ති පජානාති, ‘අත්ථි චෙවිදං අසුඤ්ඤතං යදිදං - ආකාසානඤ්චායතනසඤ්ඤං පටිච්ච එකත්ත’න්ති. ඉති යඤ්හි ඛො තත්ථ න හොති තෙන තං සුඤ්ඤං සමනුපස්සති, යං පන තත්ථ අවසිට්ඨං හොති තං ‘සන්තමිදං අත්ථී’ති පජානාති. එවම්පිස්ස එසා, ආනන්ද , යථාභුච්චා අවිපල්ලත්ථා පරිසුද්ධා සුඤ්ඤතාවක්කන්ති භවති.
178
“ආනන්දය, නැවතද මහණතෙම අරණ්‍ය සංඥාව මෙනෙහි නොකොට පෘථිවි සංඥාව මෙනෙහි නොකොට එකම ආකාසානඤ්චායතන සංඥාව මෙනෙහි කෙරේද, ඔහුගේ සිත ආකාසානඤ්චායතන සංඥාවෙහි බැසගනී, පහදී, පිහිටයි, ස්ථිරව පිහිටයි. හෙතෙම මෙසේ දැනගනී, අරණ්‍ය සංඥාව නිසාවූ යම් කෙලෙස් දැවිලි වන්නාහු නම් ඔව්හු ආකාසානඤ්චායතනයෙහි නැත. පෘථිවි සංඥාව නිසාවූ යම් කෙලෙස් දැවිලි වන්නාහු නම් ඔව්හු ආකාසානඤ්චායතනයෙහි නැත. එකම ආකාසානඤ්චායතන සංඥාව නිසා පවත්නාවූ යම් ක්ලේශ දැවිලි මාත්‍රයක් ඇත්තේ නම් එයම ඇත්තේය. හෙතෙම මේ සංඥාව අරණ්‍ය සංඥාවෙන් සූන්‍යයයි දැනගනී. මේ සංඥාව පෘථිවි සංඥාවෙන් සූන්‍යයයි දැනගනී. යම් මේ ආකාසානඤ්චායතනය නිසාවූ එකම අසූන්‍ය තාවයක්වේ නම් එයම ඇත්තේය. මෙසේ එහි යම් කෙලෙස් දැවීම් මාත්‍රයක් නොවේ නම් එයින් එය සූන්‍යයයි නුවණැසින් දකී. යම්කිසි දරථ මාත්‍රයක් එහි ඉතිරි වේනම් එය ශාන්තයයි දැනගනී. ආනන්දය, ඔහුට මෙසේ විද්‍යමානවූ වෙනස් නොවූ පිරිසිදුවූ සූන්‍යතාවය, ඇතිවෙයි.
179
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛු අමනසිකරිත්වා පථවීසඤ්ඤං, අමනසිකරිත්වා ආකාසානඤ්චායතනසඤ්ඤං, විඤ්ඤාණඤ්චායතනසඤ්ඤං පටිච්ච මනසි කරොති එකත්තං. තස්ස විඤ්ඤාණඤ්චායතනසඤ්ඤාය චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති. සො එවං පජානාති - ‘යෙ අස්සු දරථා පථවීසඤ්ඤං පටිච්ච තෙධ න සන්ති, යෙ අස්සු දරථා ආකාසානඤ්චායතනසඤ්ඤං පටිච්ච තෙධ න සන්ති, අත්ථි චෙවායං දරථමත්තා යදිදං - විඤ්ඤාණඤ්චායතනසඤ්ඤං පටිච්ච එකත්ත’න්ති. සො ‘සුඤ්ඤමිදං සඤ්ඤාගතං පථවීසඤ්ඤායා’ති පජානාති, ‘සුඤ්ඤමිදං සඤ්ඤාගතං ආකාසානඤ්චායතනසඤ්ඤායා’ති පජානාති, ‘අත්ථි චෙවිදං අසුඤ්ඤතං යදිදං - විඤ්ඤාණඤ්චායතනසඤ්ඤං පටිච්ච එකත්ත’න්ති. ඉති යඤ්හි ඛො තත්ථ න හොති තෙන තං සුඤ්ඤං සමනුපස්සති, යං පන තත්ථ අවසිට්ඨං හොති තං ‘සන්තමිදං අත්ථී’ති පජානාති. එවම්පිස්ස එසා, ආනන්ද, යථාභුච්චා අවිපල්ලත්ථා පරිසුද්ධා සුඤ්ඤතාවක්කන්ති භවති.
179
“ආනන්දය, නැවතද මහණතෙම පෘථිවි සංඥාව මෙනෙහි නොකොට ආකාසානඤ්චායතන සංඥාව මෙනෙහි නොකොට එකම විඤ්ඤාණඤ්චායතන සංඥාව මෙනෙහි කෙරේද, ඔහුගේ සිත විඤ්ඤාණඤ්චායතන සංඥාවෙහි බැස ගනී, පහදී, පිහිටයි, ස්ථිරව පිහිටයි. හෙතෙම මෙසේ දැන ගනී. කෙසේද පෘථිවි සංඥාව නිසාවූ යම්කිසි කෙලෙස් දැවිලි වන්නාහු නම් ඔව්හු මේ විඤ්ඤාණඤ්චායතනයෙහි නැත. ආකාසානඤ්චායතන සංඥාව නිසාවූ යම්කිසි කෙලෙස් දැවිලි වන්නාහු නම් ඔව්හුද මේ විඤ්ඤාණඤ්චායතනයෙහි නැත. එකම විඤ්ඤාණඤ්චායතන සංඥාව නිසා පවත්නා යම් කෙලෙස් දැවීම් මාත්‍රයක් ඇත්නම් එයම ඇත්තේය. හෙතෙම මේ සංඥාව පෘථිවි සංඥාවෙන් සූන්‍යයයි දැනගනී. මේ සංඥාව ආකාසානඤ්චායතන සංඥාවෙන් සූන්‍යයයි දැනගනී. විඤ්ඤාණඤ්චායතන සංඥාව නිසා පවත්නා යම් එකම අසූන්‍යත්වයක් වේනම් එයම ඇත්තේය. මෙසේ එහි යම් කෙලෙස් දැවිල්ලක් නොවේ නම් එයින් එය සූන්‍යයයි නුවණැසින් දකී. යම්කිසි කෙලෙස් දැවීම් මාත්‍රයක් ඉතිරි වේනම් එය ශාන්තයයි දැනගනී. ආනන්දය, ඔහුට මෙසේ විද්‍යමානවූ, වෙනස් නොවූ, පිරිසිදුවූ සූන්‍යතාවය ඇතිවෙයි.
180
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛු අමනසිකරිත්වා ආකාසානඤ්චායතනසඤ්ඤං, අමනසිකරිත්වා විඤ්ඤාණඤ්චායතනසඤ්ඤං, ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤං පටිච්ච මනසි කරොති එකත්තං. තස්ස ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤාය චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති. සො එවං පජානාති - ‘යෙ අස්සු දරථා ආකාසානඤ්චායතනසඤ්ඤං පටිච්ච තෙධ න සන්ති, යෙ අස්සු දරථා විඤ්ඤාණඤ්චායතනසඤ්ඤං පටිච්ච තෙධ න සන්ති, අත්ථි චෙවායං දරථමත්තා යදිදං - ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤං පටිච්ච එකත්ත’න්ති. සො ‘සුඤ්ඤමිදං සඤ්ඤාගතං ආකාසානඤ්චායතනසඤ්ඤායා’ති පජානාති, ‘සුඤ්ඤමිදං සඤ්ඤාගතං විඤ්ඤාණඤ්චායතනසඤ්ඤායා’ති පජානාති, ‘අත්ථි චෙවිදං අසුඤ්ඤතං යදිදං - ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤං පටිච්ච එකත්ත’න්ති. ඉති යඤ්හි ඛො තත්ථ න හොති තෙන තං සුඤ්ඤං සමනුපස්සති, යං පන තත්ථ අවසිට්ඨං හොති තං ‘සන්තමිදං අත්ථී’ති පජානාති. එවම්පිස්ස එසා, ආනන්ද, යථාභුච්චා අවිපල්ලත්ථා පරිසුද්ධා සුඤ්ඤතාවක්කන්ති භවති.
180
“ආනන්දය, නැවත මහණතෙම ආකාසානඤ්චායතන සංඥාව මෙනෙහි නොකොට, විඤ්ඤාණඤ්චායතන සංඥාව මෙනෙහි නොකොට එකක්වූ ආකිඤ්චඤ්ඤායතන සංඥාව මෙනෙහි කෙරේද, ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤායතන සංඥාවෙහි බැසගනී, පහදී, පිහිටයි, ස්ථිරව පිහිටයි. හෙතෙම මෙසේ දැනගනී. ආකාසානඤ්චායතන සංඥාව නිසාවූ යම් කෙලෙස් දැවිලි වන්නාහු නම් ඔව්හු මේ ආකිඤ්චඤ්ඤායතනයෙහි නැත. විඤ්ඤාණඤ්චායතන සංඥාව නිසාවූ කෙලෙස් දැවිලි වන්නාහු නම් ඔව්හු මේ ආකිඤ්චඤ්ඤායතනයෙහි නැත. එකම ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිසාවූ යම් කෙලෙස් දැවීමක් වේනම් එබඳු කෙලෙස් දැවීම් මාත්‍රයක් ඇත්තේය කියායි. හෙතෙම මේ සංඥාව ආකාසානඤ්චායතන සංඥාවෙන් සූන්‍යයයි දැනගනී. මේ සංඥාව විඤ්ඤාණඤ්චායතන සංඥාවෙන් සූන්‍යයයි දැනගනී. ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිසා පවත්නා යම් එකම අසූන්‍යත්වයක් වේ නම් ඒ අසූන්‍යතාවයම ඇත්තේයයි දැනගනී. මෙසේ එහි යම් කෙලෙස් දාහයක් නොවේ නම් එයින් එය සූන්‍යයයි නුවණැසින් දකී. යම් ක්ලේශ දාහයක් එහි ඉතිරි වේනම් එය ශාන්තයයි දැනගනී. ආනන්දය, ඔහුට මෙසේ විද්‍යමානවූ වෙනස් නොවූ පිරිසිදුවූ සූන්‍යතාවය ඇතිවෙයි.
181
‘‘පුන චපරං, ආනන්ද භික්ඛු අමනසිකරිත්වා විඤ්ඤාණඤ්චායතනසඤ්ඤං, අමනසිකරිත්වා ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤං, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤං පටිච්ච මනසි කරොති එකත්තං. තස්ස නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤාය චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති. සො එවං පජානාති - ‘යෙ අස්සු දරථා විඤ්ඤාණඤ්චායතනසඤ්ඤං පටිච්ච තෙධ න සන්ති, යෙ අස්සු දරථා ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤං පටිච්ච තෙධ න සන්ති, අත්ථි චෙවායං දරථමත්තා යදිදං - නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤං පටිච්ච එකත්ත’න්ති. සො ‘සුඤ්ඤමිදං සඤ්ඤාගතං විඤ්ඤාණඤ්චායතනසඤ්ඤායා’ති පජානාති, ‘සුඤ්ඤමිදං සඤ්ඤාගතං ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤායා’ති පජානාති, ‘අත්ථි චෙවිදං අසුඤ්ඤතං යදිදං - නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤං පටිච්ච එකත්ත’න්ති . ඉති යඤ්හි ඛො තත්ථ න හොති තෙන තං සුඤ්ඤං සමනුපස්සති, යං පන තත්ථ අවසිට්ඨං හොති තං ‘සන්තමිදං අත්ථී’ති පජානාති. එවම්පිස්ස එසා, ආනන්ද, යථාභුච්චා අවිපල්ලත්ථා පරිසුද්ධා සුඤ්ඤතාවක්කන්ති භවති.
181
“ආනන්දය, නැවතද මහණතෙම විඤ්ඤාණඤ්චායතන සංඥාව මෙනෙහි නොකොට ආකිඤ්චඤ්ඤායතන සංඥාව මෙනෙහි නොකොට එකක්වූ නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව මෙනෙහි කෙරේද, ඔහුගේ සිත නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාවෙහි බැසගනී, පහදී, පිහිටයි, ස්ථිරව පිහිටයි හෙතෙම මෙසේ දැනගනී. විඤ්ඤාණඤ්චායතන සංඥාව නිසාවූ යම් ක්ලේශ දැවිලි වන්නාහු නම් ඔව්හු නේවසඤ්ඤානාසඤ්ඤායතන යෙහි නැත. ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිසාවූ යම් ක්ලේශ දැවිලි වන්නාහු නම් ඔව්හුද මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නැත. එකක්වූ නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව නිසා පවත්නා යම් කෙලෙස් දැවිල්ලක් ඇත්නම් එයම ඇත්තේය කියායි. හෙතෙම මේ සංඥාව විඤ්ඤාණඤ්චායතන සංඥාවෙන් සූන්‍යයයි දැනගනී. මේ සංඥාව ආකිඤ්චඤ්ඤායතන සංඥාවෙන් සූන්‍යයයි දැනගනී. නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව නිසා පවත්නා යම් එකම අසූන්‍යත්වයක් වේනම් ඒ අසූන්‍යත්වය පමණක් ඇත්තේය. මෙසේ එහි යම් කෙලෙස් දැවීමක් නොවේ නම් එයින් එය සූන්‍යයයි නුවණැසින් දකී. යම් කෙලෙස් දැවීමක් එහි ඉතිරි වේ නම් එය ශාන්තයයි දැනගනී. ආනන්දය, ඔහුට මෙසේ විද්‍යමානවූ වෙනස් නොවූ පිරිසිදුවූ සූන්‍යතාවය ඇතිවෙයි.
182
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛු අමනසිකරිත්වා ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤං, අමනසිකරිත්වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤං, අනිමිත්තං චෙතොසමාධිං පටිච්ච මනසි කරොති එකත්තං. තස්ස අනිමිත්තෙ චෙතොසමාධිම්හි චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති. සො එවං පජානාති - ‘යෙ අස්සු දරථා ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤං පටිච්ච තෙධ න සන්ති, යෙ අස්සු දරථා නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤං පටිච්ච තෙධ න සන්ති, අත්ථි චෙවායං දරථමත්තා යදිදං - ඉමමෙව කායං පටිච්ච සළායතනිකං ජීවිතපච්චයා’ති . සො ‘සුඤ්ඤමිදං සඤ්ඤාගතං ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤායා’ති පජානාති, ‘සුඤ්ඤමිදං සඤ්ඤාගතං නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤායා’ති පජානාති, ‘අත්ථි චෙවිදං අසුඤ්ඤතං යදිදං - ඉමමෙව කායං පටිච්ච සළායතනිකං ජීවිතපච්චයා’ති. ඉති යඤ්හි ඛො තත්ථ න හොති තෙන තං සුඤ්ඤං සමනුපස්සති, යං පන තත්ථ අවසිට්ඨං හොති තං ‘සන්තමිදං අත්ථී’ති පජානාති. එවම්පිස්ස එසා, ආනන්ද, යථාභුච්චා අවිපල්ලත්ථා පරිසුද්ධා සුඤ්ඤතාවක්කන්ති භවති.
182
“ආනන්දය, නැවතද මහණතෙම ආකිඤ්චඤ්ඤායතන සංඥාව මෙනෙහි නොකොට නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව මෙනෙහි නොකොට එකක්වූ විදර්ශනා චිත්ත සමාධි සංඥාව මෙනෙහි කෙරේද, ඔහුගේ සිත විදර්ශනා චිත්ත සමාධියෙහි බැසගනී, පහදියි, පිහිටයි, ස්ථිරව සිටියි. හෙතෙම මෙසේ දැනගනී. ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිසාවූ යම් ක්ලේශ දාහයෝ වන්නාහු නම් ඒ ක්ලේශ දාහයෝ මේ විදර්ශනා චිත්ත සමාධියෙහි නැත. ජිවිතෙන්ද්‍රියය නිසා පවත්නා ෂඩායතනයෙන් යුක්තවූ සතරමහාභුතයන්ගෙන් හටගත් මේ කය නිසා පවත්නාවූ යම් දැවිලි වෙත් නම් එබඳු දැවීම් මාත්‍රයක්ම ඇත්තේය කියායි. හෙතෙම මේ සංඥාව ආකිඤ්චඤ්ඤායතන සංඥාවෙන් සූන්‍යයයි දැනගනී. මේ සංඥාව නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාවෙන් සූන්‍යයයි දැනගනී. යම් මේ ජීවිතෙන්ද්‍රියය නිසා පවත්නා ෂඩායතනයෙන් යුත් මේ කය නිසාවූ යම් එකම අසූන්‍යතාවයක් වේ නම් එබඳු අසූන්‍යතාවයක්ම ඇත්තේය. මෙසේ එහි යම් ක්ලේශ දැවීම් මාත්‍රයක් නොවේ නම් එයින් එය සූන්‍යයයි දකී. යම් දැවීම් මාත්‍රයක් වනාහි එහි ඉතිරි වේනම් එය ශාන්තයයි දැනගනී. ආනන්දය, ඔහුට මෙසේ විද්‍යමානවූ වෙනස් නොවූ පිරිසිදුවූ සූන්‍යතාවය ඇතිවෙයි.
183
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛු අමනසිකරිත්වා ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤං, අමනසිකරිත්වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤං, අනිමිත්තං චෙතොසමාධිං පටිච්ච මනසි කරොති එකත්තං. තස්ස අනිමිත්තෙ චෙතොසමාධිම්හි චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති. සො එවං පජානාති - ‘අයම්පි ඛො අනිමිත්තො චෙතොසමාධි අභිසඞ්ඛතො අභිසඤ්චෙතයිතො’. ‘යං ඛො පන කිඤ්චි අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං තදනිච්චං නිරොධධම්ම’න්ති පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති, භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති. සො එවං පජානාති - ‘යෙ අස්සු දරථා කාමාසවං පටිච්ච තෙධ න සන්ති, යෙ අස්සු දරථා භවාසවං පටිච්ච තෙධ න සන්ති, යෙ අස්සු දරථා අවිජ්ජාසවං පටිච්ච තෙධ න සන්ති, අත්ථි චෙවායං දරථමත්තා යදිදං - ඉමමෙව කායං පටිච්ච සළායතනිකං ජීවිතපච්චයා’ති. සො ‘සුඤ්ඤමිදං සඤ්ඤාගතං කාමාසවෙනා’ති පජානාති, ‘සුඤ්ඤමිදං සඤ්ඤාගතං භවාසවෙනා’ති පජානාති, ‘සුඤ්ඤමිදං සඤ්ඤාගතං අවිජ්ජාසවෙනා’ති පජානාති, ‘අත්ථි චෙවිදං අසුඤ්ඤතං යදිදං - ඉමමෙව කායං පටිච්ච සළායතනිකං ජීවිතපච්චයා’ති. ඉති යඤ්හි ඛො තත්ථ න හොති තෙන තං සුඤ්ඤං සමනුපස්සති, යං පන තත්ථ අවසිට්ඨං හොති තං ‘සන්තමිදං අත්ථී’ති පජානාති. එවම්පිස්ස එසා, ආනන්ද, යථාභුච්චා අවිපල්ලත්ථා පරිසුද්ධා පරමානුත්තරා සුඤ්ඤතාවක්කන්ති භවති.
183
“ආනන්දය, නැවතද මහණතෙම ආකිඤ්චඤ්ඤායතන සංඥාව මෙනෙහි නොකොට නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව මෙනෙහි නොකොට එකක්වූ විදර්ශනා චිත්ත සමාධිය මෙනෙහි කෙරේද, ඔහුගේ සිත විදර්ශනා චිත්ත සමාධියෙහි බැසගනී, පහදියි, පිහිටයි, ස්ථිරව පිහිටයි. හෙතෙම මෙසේ දැනගනී. මේ විදර්ශනා චිත්ත සමාධිය ප්‍රත්‍යය කරණකොට හටගන්නා ලද්දේය. සිතින් උපදින ලද්දේය. ප්‍රත්‍යයෙන් හටගන්නාලද සිතින් උපදිනලද යම් කිසිවක් වේනම් එය අනිත්‍යය. නිරුද්ධවන ස්වභාව ඇත්තේයයි දැන ගනී. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඔහුගේ සිත කාමාශ්‍රවයෙන්ද මිදෙයි භවාශ්‍රවයෙන්ද සිත මිදෙයි. අවිද්‍යාශ්‍රවයෙන්ද සිත මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි දැනගැනීම ඇතිවෙයි. උත්පත්තිය ක්ෂයවිය. බඹසර (බ්‍රහ්මචර්‍ය්‍යාව) වැස නිමවන ලදී. කටයුතු සියල්ල නිමකරණ ලදී. මින්පසු කළයුතු කිසිවක් නැතැයි දැනගනී. හෙතෙම මෙසේ දැනගනී. කාමාශ්‍රවයන් නිසාවූ යම් ක්ලේශ දාහයෝ වන්නාහු නම් ඔව්හු මේ ආර්‍ය මාර්ගයෙහි හා ඵලයෙහි නැත. භවාශ්‍රවයන් නිසාවූ යම් ක්ලෙශ දාහයෝ වන්නාහු නම් ඔව්හුද මෙහි නැත. අවිද්‍යාශ්‍රවය නිසාවූ යම් ක්ලෙශ දාහයෝ වන්නාහු නම් ඔව්හුද මෙහි නැත. ජිවිතෙන්ද්‍රියය නිසා පවත්නා ෂඩායතනයෙන් යුත් මේ කය නිසාවූ යම් දැවීම් මාත්‍රයක් වේ නම් ඒ දැවීම් මාත්‍රයම ඇත්තේය. හෙතෙම මේ සංඥාව කාමාශ්‍රවයෙන් සූන්‍යයයිද දැනගනී. මේ සංඥාව භවාශ්‍රවයෙන් සූන්‍යයයිද දැනගනී. මේ සංඥාව අවිද්‍යාශ්‍රවයෙන් සූන්‍යයයිද දැන ගනී. ජිවිතේන්ද්‍රියය නිසා පවත්නා ෂඩායතනයෙන් යුත් මේ කය නිසාවූ යම් එකම අසූන්‍යත්වයක් වේද, ඒ අසූන්‍යත්වයම ඇත්තේයයි දැනගන මෙසේ යමක් එහි නැති නම් එයින් එය සූන්‍යයයි දකී. එහි යමක් ඉතිරි නම් එය ශාන්තයයි දැනගනී. ආනන්දය, ඔහුට මෙසේ විද්‍යමානවූ වෙනස් නොවූ පිරිසිදුවූ සියල්ලට ශ්‍රේෂ්ඨවූ සූන්‍යතාවය ඇතිවෙයි.
184
‘‘යෙපි හි කෙචි, ආනන්ද, අතීතමද්ධානං සමණා වා බ්‍රාහ්මණා වා පරිසුද්ධං පරමානුත්තරං සුඤ්ඤතං උපසම්පජ්ජ විහරිංසු, සබ්බෙ තෙ ඉමංයෙව පරිසුද්ධං පරමානුත්තරං සුඤ්ඤතං උපසම්පජ්ජ විහරිංසු. යෙපි (යෙ (සී. පී.)) හි කෙචි, ආනන්ද, අනාගතමද්ධානං සමණා වා බ්‍රාහ්මණා වා පරිසුද්ධං පරමානුත්තරං සුඤ්ඤතං උපසම්පජ්ජ විහරිස්සන්ති, සබ්බෙ තෙ ඉමංයෙව පරිසුද්ධං පරමානුත්තරං සුඤ්ඤතං උපසම්පජ්ජ විහරිස්සන්ති. යෙපි (යෙ (සී. පී.)) හි කෙචි, ආනන්ද, එතරහි සමණා වා බ්‍රාහ්මණා වා පරිසුද්ධං පරමානුත්තරං සුඤ්ඤතං උපසම්පජ්ජ විහරන්ති, සබ්බෙ තෙ ඉමංයෙව පරිසුද්ධං පරමානුත්තරං සුඤ්ඤතං උපසම්පජ්ජ විහරන්ති. තස්මාතිහ, ආනන්ද, ‘පරිසුද්ධං පරමානුත්තරං සුඤ්ඤතං උපසම්පජ්ජ විහරිස්සාමා’ති (විහරිස්සාමීති (පී. ක.)) - එවඤ්හි වො (තෙ (ක.)), ආනන්ද, සික්ඛිතබ්බ’’න්ති.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
184
“ආනන්දය, ඉකුත් කාලයෙහි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ පිරිසිදුවූ සියල්ලට ශ්‍රේෂ්ඨවූ, ඵලසමාපත්තියට පැමිණ වාසය කළාහු නම් ඒ සියල්ලෝ මේ පිරිසිදු ඉතා උතුම් ඵලසමාපත්තියට පැමිණ වාසය කළාහුය. ආනන්දය, මතු කාලයෙහි යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ පිරිසිදුවූ, ඉතා උතුම්වූ පල සමවතට පැමිණ වාසය කරන්නාහු නම් ඒ සියල්ලෝම පිරිසිදුවූ, ඉතා උතුම්වූ, මේ ඵල සමවතට පැමිණ වාසය කරන්නාහුය. ආනන්දය, දැන් මේ කාලයෙහි යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ පිරිසිදු, අතිඋතුම් ඵලසමවතට පැමිණ වාසය කරත්නම් ඒ සියල්ලෝම මේ පිරිසිදු ඉතා උතුම් ඵලසමවතට පැමිණ වාසය කරති. ආනන්දය, එහෙයින් මෙහිදී පිරිසිදුවූ, ඉතා උතුම් පලසමවතට පැමිණ වාසය කරන්නෙමුයි. ආනන්දය, මෙසේ තොප විසින් හික්මිය යුතුයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිතැති ආනන්ද ස්ථවිරයන් වහන්සේ දේශනාව සතුටින් පිළිගත්තෝය.
2. මහාසුඤ්ඤතසුත්තං 2. මහා සුඤ්ඤත සූත්‍රය
3. අච්ඡරියඅබ්භුතසුත්තං 3. අච්ඡරියබ්භුත සූත්‍රය
4. බාකුලසුත්තං 4. බක්කුල සූත්‍රය
5. දන්තභූමිසුත්තං 5. දන්තභූමි සූත්‍රය
6. භූමිජසුත්තං 6. භූමිජ සූත්‍රය
7. අනුරුද්ධසුත්තං 7. අනුරුද්ධ සූත්‍රය
8. උපක්කිලෙසසුත්තං 8. උපක්කිලේස සූත්‍රය
9. බාලපණ්ඩිතසුත්තං 9. බාල පණ්ඩිත සූත්‍රය
10. දෙවදූතසුත්තං 10. දේවදූත සූත්‍රය