ත්‍රිපිටකය
2. අනුපදවග්ගො 2. අනුපද වර්ගය
1. අනුපදසුත්තං 1. අනුපද සූත්‍රය
2. ඡබ්බිසොධනසුත්තං 2. ඡබ්බ සොධන සූත්‍රය
3. සප්පුරිසසුත්තං 3. සප්පුරිස සූත්‍රය
4. සෙවිතබ්බාසෙවිතබ්බසුත්තං 4. සෙවිතබ්බාසෙවිතබ්බ සූත්‍රය
5. බහුධාතුකසුත්තං 5. බහුධාතුක සූත්‍රය
124
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘යානි කානිචි, භික්ඛවෙ, භයානි උප්පජ්ජන්ති සබ්බානි තානි බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො; යෙ කෙචි උපද්දවා උප්පජ්ජන්ති සබ්බෙ තෙ බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො; යෙ කෙචි උපසග්ගා උප්පජ්ජන්ති සබ්බෙ තෙ බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො. සෙය්‍යථාපි, භික්ඛවෙ , නළාගාරා වා තිණාගාරා වා අග්ගි මුත්තො (අග්ගිමුක්කො (සී. පී.)) කූටාගාරානිපි දහති උල්ලිත්තාවලිත්තානි නිවාතානි ඵුසිතග්ගළානි පිහිතවාතපානානි; එවමෙව ඛො, භික්ඛවෙ, යානි කානිචි භයානි උප්පජ්ජන්ති සබ්බානි තානි බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො; යෙ කෙචි උපද්දවා උප්පජ්ජන්ති සබ්බෙ තෙ බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො; යෙ කෙචි උපසග්ගා උප්පජ්ජන්ති සබ්බෙ තෙ බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො. ඉති ඛො, භික්ඛවෙ, සප්පටිභයො බාලො, අප්පටිභයො පණ්ඩිතො; සඋපද්දවො බාලො, අනුපද්දවො පණ්ඩිතො; සඋපසග්ගො බාලො, අනුපසග්ගො පණ්ඩිතො. නත්ථි, භික්ඛවෙ, පණ්ඩිතතො භයං, නත්ථි පණ්ඩිතතො උපද්දවො, නත්ථි පණ්ඩිතතො උපසග්ගො. තස්මාතිහ, භික්ඛවෙ, ‘පණ්ඩිතා භවිස්සාම වීමංසකා’ති - එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බ’’න්ති.
එවං වුත්තෙ, ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘කිත්තාවතා නු ඛො, භන්තෙ, පණ්ඩිතො භික්ඛු ‘වීමංසකො’ති අලං වචනායා’’ති? ‘‘යතො ඛො, ආනන්ද, භික්ඛු ධාතුකුසලො ච හොති, ආයතනකුසලො ච හොති, පටිච්චසමුප්පාදකුසලො ච හොති, ඨානාඨානකුසලො ච හොති - එත්තාවතා ඛො, ආනන්ද, පණ්ඩිතො භික්ඛු ‘වීමංසකො’ති අලං වචනායා’’ති.
124
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි, කියා භික්ෂූන්ට කථා කළහ. ‘ස්වාමීනි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම්කිසි බියක් උපදීනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී. පණ්ඩිතයා කෙරෙන් නූඋපදී. යම් කිසි උවදුරක් උපදීනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී, පණ්ඩිතයා කෙරෙන් නූපදී. යම්කිසි විපත්තියක් වේනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී, පණ්ඩිතයා කෙරෙන් නූපදී.
“මහණෙනි, යම්කිසි බටකොළ සෙවිලි කළ ගෙයක් හෝ තණකොළ සෙවිලි කළ ගෙයක් හෝ ගිනි ඇවිලුනේ යම්සේ ගේමුදුන් දවාද, සුනු පිරියම් කළ වෙසෙන තැන්ද අගුළු ගැසූ දොරවල්ද, වසනලද වාතකවුළුද යන සියල්ල අළු කෙරේද, එසේම මහණෙනි, යම්කිසි බියක් උපදීනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී, පණ්ඩිතයා කෙරෙන් නූපදී. යම්කිසි උපද්‍රවයක් උපදීනම්, ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී. පණ්ඩිතයා කෙරෙන් නූපදී. යම්කිසි විපත්තියක් වේනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී. පණ්ඩිතයා කෙරෙන් නූපදී.
“මහණෙනි, මෙසේ බාලතෙම බිය සහිතවේ. පණ්ඩීත තෙමේ බිය රහිතවේ. බාලතෙමේ උවදුරු සහිතවේ. පණ්ඩිත තෙමේ උවදුරු රහිතවේ. බාලතෙමේ විපත්ති සහිතවේ. පණ්ඩිත තෙමේ විපත්ති රහිත වේ.
“මහණෙනි, පණ්ඩිතයා කෙරෙන් (ඇතිවන) බියක් නැත. පණ්ඩිතයා කෙරෙන් (ඇතිවන) උවදුරක් නැත. පණ්ඩිතයා කෙරෙන් (ඇතිවන) විපතක් නැත. මහණෙනි, එහෙයින් මෙහිදී විමසා කටයුතු කරන පණ්ඩිතයෝ වෙමුයයි මහණෙනි, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුය”යි වදාළසේක.
මෙසේ වදාළකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකෙළේය. “ස්වාමීනි, කොපමණකින් වනාහි මහණතෙමේ විමසා කටයුතු කරන පණ්ඩිතයෙකැයි කීමට සුදුසුවේද?” යනුයි.
“ආනන්දය, යම්තැනක පටන් මහණතෙමේ (අටළොස්) ධාතු දැනීමෙහි දක්ෂවේද, ආයතන දැනීමෙහි දක්ෂවේද, පටිච්චසමුප්පාදය දැනීමෙහි දක්ෂවේද, කරුණු නොකරුණු දැනීමෙහි දක්ෂවේද, ආනන්දය, මෙපමණකින් භික්ෂුතෙම විමසීමෙහි කටයුතු කරන පණ්ඩිතයෙකැයි කීමට සුදුසුවේ.”
125
‘‘කිත්තාවතා පන, භන්තෙ, ‘ධාතුකුසලො භික්ඛූ’ති අලං වචනායා’’ති? ‘‘අට්ඨාරස ඛො ඉමා, ආනන්ද, ධාතුයො - චක්ඛුධාතු, රූපධාතු, චක්ඛුවිඤ්ඤාණධාතු; සොතධාතු, සද්දධාතු, සොතවිඤ්ඤාණධාතු; ඝානධාතු, ගන්ධධාතු, ඝානවිඤ්ඤාණධාතු; ජිව්හාධාතු, රසධාතු, ජිව්හාවිඤ්ඤාණධාතු; කායධාතු, ඵොට්ඨබ්බධාතු, කායවිඤ්ඤාණධාතු; මනොධාතු, ධම්මධාතු, මනොවිඤ්ඤාණධාතු. ඉමා ඛො, ආනන්ද, අට්ඨාරස ධාතුයො යතො ජානාති පස්සති - එත්තාවතාපි ඛො, ආනන්ද, ‘ධාතුකුසලො භික්ඛූ’ති අලං වචනායා’’ති.
‘‘සියා පන, භන්තෙ, අඤ්ඤොපි පරියායො, යථා ‘ධාතුකුසලො භික්ඛූ’ති අලං වචනායා’’ති? ‘‘සියා, ආනන්ද. ඡයිමා, ආනන්ද, ධාතුයො - පථවීධාතු, ආපොධාතු, තෙජොධාතු, වායොධාතු, ආකාසධාතු, විඤ්ඤාණධාතු. ඉමා ඛො, ආනන්ද, ඡ ධාතුයො යතො ජානාති පස්සති - එත්තාවතාපි ඛො, ආනන්ද, ‘ධාතුකුසලො භික්ඛූ’ති අලං වචනායා’’ති.
‘‘සියා පන, භන්තෙ, අඤ්ඤොපි පරියායො, යථා ‘ධාතුකුසලො භික්ඛූ’ති අලං වචනායා’’ති? ‘‘සියා, ආනන්ද. ඡයිමා, ආනන්ද, ධාතුයො - සුඛධාතු , දුක්ඛධාතු, සොමනස්සධාතු, දොමනස්සධාතු, උපෙක්ඛාධාතු, අවිජ්ජාධාතු. ඉමා ඛො, ආනන්ද, ඡ ධාතුයො යතො ජානාති පස්සති - එත්තාවතාපි ඛො, ආනන්ද, ‘ධාතුකුසලො භික්ඛූ’ති අලං වචනායා’’ති.
‘‘සියා පන, භන්තෙ, අඤ්ඤොපි පරියායො, යථා ‘ධාතුකුසලො භික්ඛූ’ති අලං වචනායා’’ති? ‘‘සියා, ආනන්ද. ඡයිමා, ආනන්ද, ධාතුයො - කාමධාතු, නෙක්ඛම්මධාතු, බ්‍යාපාදධාතු, අබ්‍යාපාදධාතු, විහිංසාධාතු , අවිහිංසාධාතු. ඉමා ඛො, ආනන්ද, ඡ ධාතුයො යතො ජානාති පස්සති - එත්තාවතාපි ඛො, ආනන්ද, ‘ධාතුකුසලො භික්ඛූ’ති අලං වචනායා’’ති.
‘‘සියා පන, භන්තෙ, අඤ්ඤොපි පරියායො, යථා ‘ධාතුකුසලො භික්ඛූ’ති අලං වචනායා’’ති? ‘‘සියා, ආනන්ද. තිස්සො ඉමා, ආනන්ද, ධාතුයො - කාමධාතු, රූපධාතු, අරූපධාතු. ඉමා ඛො, ආනන්ද, තිස්සො ධාතුයො යතො ජානාති පස්සති - එත්තාවතාපි ඛො, ආනන්ද, ‘ධාතුකුසලො භික්ඛූ’ති අලං වචනායා’’ති.
‘‘සියා පන, භන්තෙ, අඤ්ඤොපි පරියායො, යථා ‘ධාතුකුසලො භික්ඛූ’ති අලං වචනායා’’ති? ‘‘සියා, ආනන්ද. ද්වෙ ඉමා, ආනන්ද, ධාතුයො - සඞ්ඛතාධාතු, අසඞ්ඛතාධාතු. ඉමා ඛො, ආනන්ද, ද්වෙ ධාතුයො යතො ජානාති පස්සති - එත්තාවතාපි ඛො, ආනන්ද, ‘ධාතුකුසලො භික්ඛූ’ති අලං වචනායා’’ති.
125
“ස්වාමීනි, කොපමණකින් වනාහි භික්ෂූතෙමේ ධාතුන්හි දක්ෂයෙකැයි කීමට සුදුසුවේද?” “ආනන්දය, මේ ධාතූහු වනාහි මෙපමණ වෙති. චක්ඛු ධාතුය, රූප ධාතුය චක්ඛු විඤ්ඤාණ ධාතුය-සොත ධාතුය-සද්ද ධාතුය-සොත විඤ්ඤාණ ධාතුය-ඝාණ ධාතුය-ගන්ධ ධාතුය-ගන්ධ විඤ්ඤාණ ධාතුය-ජිව්හා ධාතුය රස ධාතුය-ජිව්හා විඤ්ඤාණ ධාතුය-කායධාතුය-ඵොට්ටබ්බ ධාතුය-කාය විඤ්ඤාණ ධාතුය-මනො ධාතුය-ධම්ම ධාතුය-මනො විඤ්ඤාණ ධාතුය කියායි. ආනන්දය, මේ අටළොස් ධාතූන් යම්තැනක පටන්කොට දනීද, දකීද, ආනන්දය, මෙපමණකිනුදු මහණතෙමේ ධාතූන්හි දක්ෂයෙකැයි කීමට සුදුසුය.
“ස්වාමීනි, යම්සේ ධාතූන්හි දක්ෂ භික්ෂූවකැයි කීමට සුදුසු අනික් ක්‍රමයකුදු ඇත්තේද?” “ආනන්දය, ඇත්තේය. ආනන්දය, මේ ධාතූහු සදෙනෙක් වෙති. පඨවි ධාතුය-ආපො ධාතුය-වායො ධාතුය-තෙජො ධාතුය-ආකාස ධාතුය-විඤ්ඤාණ ධාතුය කියායි.
“ආනන්දය, මේ සය වැදෑරුම් ධාතූන් යම්තැනක පටන් කොට දනීද? දකීද? මෙපමණකිනුදු ආනන්දය, ධාතූන්හි දක්ෂවූ භික්ෂූවකැයි කීමට සුදුසුවෙයි.”
“ස්වාමීනි, යම්සේ ධාතූන්හි දක්ෂවූ භික්ෂූවකැයි කීමට සුදුසු අනික් ක්‍රමයකුදු වන්නේද?” “ආනන්දය, වන්නේය. ආනන්දය, මේ ධාතුහු සය දෙනෙක් වෙති. සුඛ ධාතු-දුක්ඛ ධාතු-සොමනස්ස ධාතු, දොමනස්ස ධාතු, උපෙක්ඛා ධාතු, අවිජ්ජා ධාතු කියායි. ආනන්දය, මේ සය වැදෑරුම් ධාතූන් යම්තැනක පටන්කොට දනීද, දකීද, ආනන්දය, මෙපමණකිනුදු ධාතූන්හි දක්ෂවූ භික්ෂූවකැයි කීමට සුදුසුවෙයි.”
“ස්වාමීනි, යම්සේ ධාතූන්හි දක්ෂවූ භික්ෂුවකැයි කීමට සුදුසු අනික් ක්‍රමයකුදු ඇත්තේද?” “ඇත්තේය, ආනන්දය, මේ ධාතුහු සයදෙනෙක් වෙති. කාම ධාතු-නෙක්ඛම්ම ධාතු-ව්‍යාපාද ධාතු, අව්‍යාපාද ධාතු, විභෙසාධාතු, අවිභෙසා ධාතු කියායි. ආනන්දය, මේ ධාතූන් යම්තැනක පටන්කොට දනීද, දකීද, ආනන්දය, මෙපමණකිනුදු මහණතෙමේ ධාතූන්හි දක්ෂවූ භික්ෂුවකැයි කීමට සුදුසුවෙයි.”
“ස්වාමීනි, යම්සේ ධාතුන්හි දක්ෂවූ භික්ෂුවකැයි කීමට සුදුසු අනික් ක්‍රමයකුදු ඇත්තේද?” “ආනන්දය, ඇත්තේය. මේ තුන් වැදෑරුම් ධාතූහු වෙත්. කාම ධාතුය, රූප ධාතුය, අරූප ධාතුය කියායි. ආනන්දය, මේ තුන් වැදෑරුම් ධාතූන් යම්තැනක පටන්කොට දනීද, දකීද, ආනන්දය, මෙපමණකිනුදු මහණතෙමේ ධාතූන්හි දක්ෂවූ භික්ෂුවකැයි කීමට සුදුසුවේය” යනුයි.
“ස්වාමීනි, යම්සේ ධාතූන්හි දක්ෂවූ භික්ෂුවකැයි කීමට සුදුසුවූ අනික් ආකාරයකුදු ඇත්තේද?” “ආනන්දය, ඇත්තේය. ආනන්දය, මේ ධාතූහු දෙදෙනෙක් වෙති. සංකත ධාතුය, අසංකත ධාතුය කියායි. ආනන්දය, මේ ධාතූන් දෙදෙන යම්තැනක පටන්කොට දනීද, දකීද, ආනන්දය, මෙපමණ කිනුදු මහණතෙමේ ධාතූන්හි දක්ෂවූ භික්ෂුවකැයි කීමට සුදුසු වෙයි.
126
‘‘කිත්තාවතා පන, භන්තෙ, ‘ආයතනකුසලො භික්ඛූ’ති අලං වචනායා’’ති? ‘‘ඡ ඛො පනිමානි, ආනන්ද, අජ්ඣත්තිකබාහිරානි ආයතනානි - චක්ඛුචෙව රූපා ච සොතඤ්ච සද්දා ච ඝානඤ්ච ගන්ධා ච ජිව්හා ච රසා ච කායො ච ඵොට්ඨබ්බා ච මනො ච ධම්මා ච. ඉමානි ඛො, ආනන්ද, ඡ අජ්ඣත්තිකබාහිරානි ආයතනානි යතො ජානාති පස්සති - එත්තාවතා ඛො, ආනන්ද, ‘ආයතනකුසලො භික්ඛූ’ති අලං වචනායා’’ති.
‘‘කිත්තාවතා පන, භන්තෙ, ‘පටිච්චසමුප්පාදකුසලො භික්ඛූ’ති අලං වචනායා’’ති? ‘‘ඉධානන්ද, භික්ඛු එවං පජානාති - ‘ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති, යදිදං - අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො , භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සූපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො, සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො, විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො, නාමරූපනිරොධා සළායතනනිරොධො, සළායතනනිරොධා ඵස්සනිරොධො, ඵස්සනිරොධා වෙදනානිරොධො, වෙදනානිරොධා තණ්හානිරොධො, තණ්හානිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සූපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති’. එත්තාවතා ඛො, ආනන්ද, ‘පටිච්චසමුප්පාදකුසලො භික්ඛූ’ති අලං වචනායා’’ති.
126
“ස්වාමීනි, කොපමණකින් ආයතනයන්හි දක්ෂවූ භික්ෂුවකැයි කීමට සුදුසුද?” “ආනන්දය, මේ අධ්‍යාත්මික බාහිර ආයතනයෝ සදෙනෙක් වෙති. ඇසද, රූපයද, කණද, ශබ්දයද, නාසයද, ගන්ධයද, දිවද රසයද, කයද, ස්පර්ශයද, සිතද, ධර්මා රම්මණයෝද කියායී. ආනන්දය, මේ සවැදෑරුම්වූ අධ්‍යාත්මික බාහිර ආයතනයන් යම්තැනක පටන්කොට දනීද, දකීද, ආනන්දය, එපමණකින් ආයතනයන්හි දක්ෂවූ භික්ෂුවකැයි කීමට සුදුසුය.
“ස්වාමීනි, කොපමණකින් වනාහි පටිච්ච සමුප්පාදයෙහි දක්ෂවූ භික්ෂුවකැයි කීමට සුදුසුවේද?” “ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙමේ මෙසේ දැනගනීද මෙය ඇතිකල්හි මෙය වේ. මොහුගේ ඉපදීමෙන් මෙය උපදී. මෙය නැතිකල්හි මෙය නොවේ මොහුගේ නිරුද්ධවීමෙන් මෙය නිරුද්ධ වේ. එනම් අවිද්‍යාවගේ හේතුවෙන් සංස්කාරයෝ වෙති. සංස්කාර හේතුවෙන් විඤ්ඤාණයවේ. විඤ්ඤාණ හේතුවෙන් නාමරූප වේ. නාමරූප හේතුවෙන් ෂඩායතන වේ. ෂඩායතන හේතුවෙන් ස්පර්ශය වේ. ස්පර්ශ හේතුවෙන් වේදනාව වේ. වේදනා හේතුවෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණා හේතුවෙන් දැඩිකොට ගැනීම වේ. දැඩිකොට ගැනීම් හේතුවෙන් භවයවේ. භව හේතුවෙන් ජාතියවේ. ජාති හේතුවෙන් ජරා මරණද සොක පරිදෙව දුක් දොම්නස් උපායාසයෝද හටගනිත්. මෙසේ මේ තනි දුක් සමූහයාගේ ඇතිවීමවේ.
“අවිද්‍යාව ඉතිරි නොකොට නිරුද්ධකිරීමෙන්ම සංස්කාර නිරෝධයවේ. සංස්කාර නිරෝධයෙන් විඤ්ඤාණනිරෝධයවේ. විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරෝධයවේ. නාමරූප නිරෝධයෙන් සළායතන නිරෝධයවේ. සළායතන නිරෝධයෙන් ඵස්ස නිරෝධයවේ. ඵස්සනිරෝධයෙන් වේදනා නිරෝධයවේ. වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධයවේ. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධයවේ. උපාදාන නිරෝධයෙන් භවනිරෝධයවේ. භවනිරෝධයෙන් ජාතිනිරෝධයවේ. ජාති නිරෝධයෙන් ජරා මරණ සොක පරිදේව දුක් දොම්නස් උපාදානයෝ නිරුද්ධවෙත්. මෙසේ තනි දුඃඛ සමූහයාගේම නිරෝධය වේයයි (දැනගනීද) ආනන්දය, මෙතෙකින් වනාහි පටිච්චසමුප්පාදයෙහිවූ දක්ෂ භික්ෂුවකැයි කීමට සුදුසුවෙයි.”
127
‘‘කිත්තාවතා පන, භන්තෙ, ‘ඨානාඨානකුසලො භික්ඛූ’ති අලං වචනායා’’ති? ‘‘ඉධානන්ද, භික්ඛු ‘අට්ඨානමෙතං අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි (කිඤ්චි (ස්‍යා. කං. ක.)) සඞ්ඛාරං නිච්චතො උපගච්ඡෙය්‍ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති; ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති යං පුථුජ්ජනො කඤ්චි සඞ්ඛාරං නිච්චතො උපගච්ඡෙය්‍ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති; ‘අට්ඨානමෙතං අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි සඞ්ඛාරං සුඛතො උපගච්ඡෙය්‍ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති; ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති යං පුථුජ්ජනො කඤ්චි සඞ්ඛාරං සුඛතො උපගච්ඡෙය්‍ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති. ‘අට්ඨානමෙතං අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි ධම්මං අත්තතො උපගච්ඡෙය්‍ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති, ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති යං පුථුජ්ජනො කඤ්චි ධම්මං අත්තතො උපගච්ඡෙය්‍ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
127
“ස්වාමීනි, කොපමණකින් වනාහි මහණ තෙමේ කාරණ අකාරණ දෙක්හි දක්ෂයෙකැයි කීමට සුදුසුවේද?” “ආනන්දය, මෙම ශාසනයෙහි මහණ තෙමේ යම්හෙයකින් මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගලයෙක් වේද, (හෙතෙම) කිසියම් සංස්කාරයක් නිත්‍යවශයෙන් ගන්නේ නම් ඊට කරුණු නැතැයි එසේ කීමට අවකාශයක්ද නැතැයි දන්නේද, යම් හෙයකින් පෘථග්ජනයෙක් තෙම කිසියම් සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේනම් ඊට කරුණු ඇත, අවකාශ ඇත්තේ යයි දැනගනීද,
“යම්හෙයකින් මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගලයෙක් තෙම කිසියම් සංස්කාරයක් සැප වශයෙන් ගන්නේ නම් ඊට කරුණු නැත. අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් පෘථග්ජනතෙමේ කිසියම් සංස්කාරයක් සැප වශයෙන් ගන්නේනම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගලතෙමේ කිසියම් ධර්මයක් ආත්ම වශයෙන් ගන්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් පෘථග්ජන තෙමේ කිසියම් ධර්මයක් ආත්ම වශයෙන් ගන්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
128
‘‘‘අට්ඨානමෙතං අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො මාතරං ජීවිතා වොරොපෙය්‍ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති; ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති යං පුථුජ්ජනො මාතරං ජීවිතා වොරොපෙය්‍ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති. ‘අට්ඨානමෙතං අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො පිතරං ජීවිතා වොරොපෙය්‍ය...පෙ.... අරහන්තං ජීවිතා වොරොපෙය්‍ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති; ‘අට්ඨානමෙතං අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො දුට්ඨචිත්තො තථාගතස්ස ලොහිතං උප්පාදෙය්‍ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති; ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති යං පුථුජ්ජනො දුට්ඨචිත්තො තථාගතස්ස ලොහිතං උප්පාදෙය්‍ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති. ‘අට්ඨානමෙතං අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො සඞ්ඝං භින්දෙය්‍ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති; ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති යං පුථුජ්ජනො සඞ්ඝං භින්දෙය්‍ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති. ‘අට්ඨානමෙතං අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො අඤ්ඤං සත්ථාරං උද්දිසෙය්‍ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති; ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති යං පුථුජ්ජනො අඤ්ඤං සත්ථාරං උද්දිසෙය්‍ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
128
“යම්හෙයකින් මාර්ග දෘෂ්ටියෙන් යුක්තවූ පුද්ගල තෙමේ මව ජීවිතයෙන් තොරකරන්නේ නම් ඊට කරුණු නැත අවකාශ නැතැයි දැනගනී, යම්හෙයකින් පෘථග්ජන තෙමේ මව ජීවිතයෙන් තොරකරන්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගල තෙමේ පියා ජීවිතයෙන් තොරකරන්නේ නම් ඊට කරුණු නැත අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් පෘථග්ජන තෙමේ පියා ජීවිතයෙන් තොරකරන්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගල තෙමේ රහතුන් වහන්සේ ජීවිතයෙන් තොරකරන්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි මේ දැනගනීද, යම්හෙයකින් පෘථග්ජන තෙමේ රහතුන් වහන්සේ ජීවිතයෙන් තොර කරන්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගලයෙක් තෙම (වධක චෙතනාවෙන්) දුෂ්ටවූ සිත් ඇත්තේ තථාගත ශරීරයෙහි ලේ සොලවන්නේනම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් පෘථග්ජන තෙමේ (වධක චෙතනාවෙන්) දුෂ්ටවූයේ තථාගත ශරීරයෙහි ලේ සොලවන්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇත්තේ යයි දැනගනීද,
“යම්හෙයකින් මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගලයෙක් තෙම සංඝයා භේදකරන්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් පෘථග්ජන තෙමේ සංඝයා භේදකරන්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගල තෙමේ (තථාගතයන් හැර) අනිකෙකු (තමාගේ) ශාස්තෘවරයායි කියන්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම් හෙයකින් පෘථග්ජන තෙමේ අනිකෙකු ශාස්තෘවරයායයි කියන්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
129
‘‘‘අට්ඨානමෙතං අනවකාසො යං එකිස්සා ලොකධාතුයා ද්වෙ අරහන්තො සම්මාසම්බුද්ධා අපුබ්බං අචරිමං උප්පජ්ජෙය්‍යුං, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති; ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති යං එකිස්සා ලොකධාතුයා එකො අරහං සම්මාසම්බුද්ධො උප්පජ්ජෙය්‍ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති. ‘අට්ඨානමෙතං අනවකාසො යං එකිස්සා ලොකධාතුයා ද්වෙ රාජානො චක්කවත්තිනො අපුබ්බං අචරිමං උප්පජ්ජෙය්‍යුං, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති; ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති යං එකිස්සා ලොකධාතුයා එකො රාජා චක්කවත්තී උප්පජ්ජෙය්‍ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
129
“යම්හෙයකින් එක් ලෝකධාතුවක අර්හත්වූ සම්‍යක් සම්බුදුවරයන් වහන්සේලා දෙනමක් නොපසු නොපෙරටුව (එකවර) උපදින්නාහු නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි මේ කාරණය දැනගනීද,
“යම්යෙහකින් එක් ලෝකධාතුවක එකම අර්හත්වූ සම්‍යක් සම්බුදුවරයන් වහන්සේ නමක් උපදින්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් එක ලෝකධාතුවක සක්විති රජවරු දෙදෙනෙක් නොපසු නොපෙරටුව (එකවිට) උපදින්නාහු නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් එක් ලෝකධාතුවක එක් සක්විති රජකෙනෙක් උපදින්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
130
‘‘‘අට්ඨානමෙතං අනවකාසො යං ඉත්ථී අරහං අස්ස සම්මාසම්බුද්ධො , නෙතං ඨානං විජ්ජතී’ති පජානාති; ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති යං පුරිසො අරහං අස්ස සම්මාසම්බුද්ධො, ඨානමෙතං විජ්ජතී’ති පජානාති. ‘අට්ඨානමෙතං අනවකාසො යං ඉත්ථී රාජා අස්ස චක්කවත්තී, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති; ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති යං පුරිසො රාජා අස්ස චක්කවත්තී, ඨානමෙතං විජ්ජතී’ති පජානාති. ‘අට්ඨානමෙතං අනවකාසො යං ඉත්ථී සක්කත්තං කරෙය්‍ය ... මාරත්තං කරෙය්‍ය... බ්‍රහ්මත්තං කරෙය්‍ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති; ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති යං පුරිසො සක්කත්තං කරෙය්‍ය... මාරත්තං කරෙය්‍ය... බ්‍රහ්මත්තං කරෙය්‍ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
130
“යම්හෙයකින් ස්ත්‍රියක් තොමෝ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධ වන්නී නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් පුරුෂයෙක් තෙම අර්හත්වූ සම්‍යක් සම්බුද්ධ වන්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් ස්ත්‍රියක් තොමෝ සක්විති රජවන්නී නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් පුරුෂයෙක් තෙම සක්විතිරජ වන්නේනම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් ස්ත්‍රියක් තොමෝ ශක්‍රබව කරන්නී නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් පුරුෂයෙක් තෙම ශක්‍රබව කරන්නේ නම් ඊට කරුණු ඇත අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් ස්ත්‍රියක් තොමෝ මාර බව කරන්නී නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් පුරුෂයෙක්තෙම මාර බව කරන්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් ස්ත්‍රියක් තොමෝ බ්‍රහ්මබව කරන්නී නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් පුරුෂයෙක් තෙම බ්‍රහ්ම බව කරන්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
131
‘‘‘අට්ඨානමෙතං අනවකාසො යං කායදුච්චරිතස්ස ඉට්ඨො කන්තො මනාපො විපාකො නිබ්බත්තෙය්‍ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති; ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති යං කායදුච්චරිතස්ස අනිට්ඨො අකන්තො අමනාපො විපාකො නිබ්බත්තෙය්‍ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති. ‘අට්ඨානමෙතං අනවකාසො යං වචීදුච්චරිතස්ස...පෙ.... යං මනොදුච්චරිතස්ස ඉට්ඨො කන්තො මනාපො විපාකො නිබ්බත්තෙය්‍ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති; ඨානඤ්ච ඛො එතං විජ්ජති යං වචීදුච්චරිතස්ස...පෙ.... යං මනොදුච්චරිතස්ස අනිට්ඨො අකන්තො අමනාපො විපාකො නිබ්බත්තෙය්‍ය, ඨානමෙතං විජ්ජතීති පජානාති. ‘අට්ඨානමෙතං අනවකාසො යං කායසුචරිතස්ස අනිට්ඨො අකන්තො අමනාපො විපාකො නිබ්බත්තෙය්‍ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති; ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති යං කායසුචරිතස්ස ඉට්ඨො කන්තො මනාපො විපාකො නිබ්බත්තෙය්‍ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති. ‘අට්ඨානමෙතං අනවකාසො යං වචීසුචරිතස්ස...පෙ.... යං මනොසුචරිතස්ස අනිට්ඨො අකන්තො අමනාපො විපාකො නිබ්බත්තෙය්‍ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති; ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති යං වචීසුචරිතස්ස...පෙ.... යං මනොසුචරිතස්ස ඉට්ඨො කන්තො මනාපො විපාකො නිබ්බත්තෙය්‍ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
‘‘‘අට්ඨානමෙතං අනවකාසො යං කායදුච්චරිතසමඞ්ගී තංනිදානා තප්පච්චයා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්‍ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති; ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති යං කායදුච්චරිතසමඞ්ගී තංනිදානා තප්පච්චයා කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්‍ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති. ‘අට්ඨානමෙතං අනවකාසො යං වචීදුච්චරිතසමඞ්ගී...පෙ.... යං මනොදුච්චරිතසමඞ්ගී තංනිදානා තප්පච්චයා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්‍ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති; ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති යං වචීදුච්චරිතසමඞ්ගී...පෙ.... යං මනොදුච්චරිතසමඞ්ගී තංනිදානා තප්පච්චයා කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්‍ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති. ‘අට්ඨානමෙතං අනවකාසො යං කායසුචරිතසමඞ්ගී තංනිදානා තප්පච්චයා කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්‍ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති; ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති යං කායසුචරිතසමඞ්ගී තංනිදානා තප්පච්චයා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්‍ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති. ‘අට්ඨානමෙතං අනවකාසො යං වචීසුචරිතසමඞ්ගී...පෙ.... යං මනොසුචරිතසමඞ්ගී තංනිදානා තප්පච්චයා කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්‍ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති; ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති යං වචීසුචරිතසමඞ්ගී...පෙ.... යං මනොසුචරිතසමඞ්ගී තංනිදානා තප්පච්චයා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්‍ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති. එත්තාවතා ඛො, ආනන්ද, ‘ඨානාඨානකුසලො භික්ඛූ’ති අලං වචනායා’’ති.
131
යම්හෙයකින් කාය දුශ්චරිතයාගේ ඉෂ්ටවූ කැමති වන්නාවූ, මනවඩන්නාවූ, විපාකයෙක් උපදින්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් කාය දුශ්චරිතයාගේ අනිෂ්ටවූ අකාන්තවූ අමනාපවූ විපාකයෙක් උපදින්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් වාග් දුශ්චරිතයාගේ ඉෂ්ටවූ, කැමැති වන්නාවූ, මනවඩන්නාවූ, විපාකයක් උපදින්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් වාග් දුශ්චරිතයාගේ අනිෂ්ටවූ නොකැමැත්තාවූ අමනාපවූ විපාකයක් උපදින්නේනම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් මනො දුශ්චරිතයාගේ ඉෂ්ටවූ කැමැති වන්නාවූ, මනාපවූ, විපාකයක් උපදින්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනී. යම්හෙයකින් මනො දුශ්චරිතයාගේ අනිෂ්ටවූ නොකැමැත්තාවූ අමනාපවූ විපාකයක් උපදින්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් කාය සුචරිතයාගේ අනිෂ්ටවූ නො කැමැත්තාවූ, අමනාපවූ, විපාකයෙක් උපදින්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනී, යම්හෙයකින් කායසුචරිතයාගේ ඉෂ්ටවූ කැමැත්තාවූ මනාපවූ විපාකයෙක් උපදින්නේනම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
යම්හෙයකින් වාග් සුචරිතයාගේ අනිෂ්ටවූ නො කැමැත්තාවූ අමනාපවූ, විපාකයක් උපදින්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් වාග් සුචරිතයාගේ ඉෂ්ටවූ, කැමැත්තාවූ මනාපවූ, විපාකයක් උපදින්නේනම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් මනො සුචරිතයාගේ අනිෂ්ටවූ නො කැමැත්තාවූ අමනාපවූ විපාකයෙක් උපදින්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනී. යම් හෙයකින් මනො සුචරිතයාගේ ඉෂ්ටවූ කැමැත්තාවූ මනාපවූ විපාකයෙක් උපදින්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් කාය දුශ්චරිතයෙන් යුත් තැනැත්තේ ඒ හේතුවෙන් ශරීරය බිඳීමෙන් මරණින් මතු සුගතියයි කියනලද ස්වර්ගලෝකයෙහි උපදින්නේනම් ඊට කරුණුනැත, අවකාශ නැතැයි දැනගනී. යම් හෙයකින් කාය දුශ්චරිතයෙන් යුත් තැනැත්තේ ඒ හේතුවෙන් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු අපායය, දුගතියය, විනිපාතයයි කියන ලද නිරයෙහි උපදින්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
යම්හෙයකින් වාග් දුශ්චරිතයෙන් යුක්තවූයේ ඒ හේතුවෙන් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියයි කියන ලද ස්වර්ගලෝකයෙහි උපදින්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් වාග් දුශ්චරිතයෙන් යුත් තැනැත්තේ ඒ හේතුවෙන් කය බිඳීමෙන් මරණින් මතු අපාය, දුගතිය, විනිපාතයයි කියන ලද නිරයෙහි උපදින්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් මනො දුශ්චරිතයෙන් යුක්තවූයේ ඒ හේතුවෙන් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියයි කියන ලද ස්වර්ගලෝකයෙහි උපදින්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් මනො දුශ්චරිතයෙන් යුත් තැනැත්තේ ඒ හේතුවෙන් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු අපායය, දුගතියය, විනිපාතයයි කියන ලද නිරයෙහි උපදින්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් කාය සුචරිතයෙන් යුත් තැනැත්තේ ඒ හේතුවෙන් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු අපායය, දුගතියය, විනිපාතයයි කියන ලද නිරයෙහි උපදින්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනී, යම් හෙයකින් කාය සුචරිතයෙන් යුත් තැනැත්තේ ඒ හේතුවෙන් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියයි කියන ලද ස්වර්ගලෝකයෙහි උපදින්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනී,
“යම්හෙයකින් වාග් සුචරිතයෙන් යුත් තැනැත්තේ ඒ හේතුවෙන් කය බිඳීමෙන් මරණින් මතු අපාය, දුගතිය, විනිපාතයයි කියන ලද නිරයෙහි උපදින්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් වාග් සුචරිතයෙන් යුත් තැනැත්තේ ඒ හේතුවෙන් කය බිඳීමෙන් මරණින් මතු සුගතියයි කියන ලද ස්වර්ගලෝකයෙහි උපදින්නේ නම් ඊට හේතු ඇත, අවකාශ ඇතැයි දැනගනීද, යම්හෙයකින් මනො සුචරිතයෙන් යුත් තැනැත්තේ ඒ හේතුවෙන් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු අපායය, දුගතියය, විනිපාතයයි කියනලද නිරයෙහි උපදින්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද,
“යම්හෙයකින් මනො සුචරිතයෙන් යුත් තැනැත්තේ ඒ හේතුවෙන් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියයි කියන ලද ස්වර්ගලෝකයෙහි උපදින්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද, ආනන්දය, මෙපමණකින් වනාහි මහණතෙමේ කරුණු නොකරුණු දෙක්හි දක්ෂයෙකැයි කීමට සුදුසුවේ.”
132
එවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙ! කොනාමො අයං, භන්තෙ, ධම්මපරියායො’’ති? ‘‘තස්මාතිහ ත්වං, ආනන්ද, ඉමං ධම්මපරියායං ‘බහුධාතුකො’තිපි නං ධාරෙහි, ‘චතුපරිවට්ටො’තිපි නං ධාරෙහි, ‘ධම්මාදාසො’තිපි නං ධාරෙහි, ‘අමතදුන්දුභී’තිපි (දුද්‍රභීතිපි (ක.)) නං ධාරෙහි, ‘අනුත්තරො සඞ්ගාමවිජයො’තිපි නං ධාරෙහී’’ති.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
132
මෙසේ වදාළකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. “ස්වාමීනි, ආශ්චර්‍ය්‍යයකි. ස්වාමීනි, අද්භූතයකි. ස්වාමීනි, මේ ධර්මක්‍රමය කුමක්ද?
“ආනන්දය, එසේ නම් ඔබ මේ ධර්මක්‍රමය බහුධාතුක ධර්මක්‍රමයයිද (සිත්හිලා) දරාගනුව. ‘චතුපරිවට්ට’ ධර්මක්‍රමයයිද, දරව. ධම්මාදාස ධර්මක්‍රමයයිද (ධර්මය නමැති කණ්ණාඩිය) දරව. ‘අමතදුන්දුභි ධර්මක්‍රමය (අමෘතය නමැති බෙරය) යයිද දරව. ‘අනුත්තර සංග්‍රාම විජය ධර්මක්‍රමය (උසස්ම යුද්ධයෙන් ජය ගැනීම) යයි’ ද දරව.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුවිය.
6. ඉසිගිලිසුත්තං 6. ඉසිගිලි සූත්‍රය
7. මහාචත්තාරීසකසුත්තං 7. මහා චත්තාරීසක සූත්‍රය
8. ආනාපානස්සතිසුත්තං 8. ආනාපාන සති සූත්‍රය
9. කායගතාසතිසුත්තං 9. කායගතා සති සූත්‍රය
10. සඞ්ඛාරුපපත්තිසුත්තං 10. සංඛාරුප්පත්ති සූත්‍රය